Back
/ 38
Chapter 17

දහ හත්වන ස්වරය ♥

තත් 🔞

"නංගීහ්හ්හ්හ්............කෝ බන්..."

"ඕ ඉන්න එන ගමන්...මේ අයියේ...දිග හෝස් එකද ඕන...".

"ඔව් ඔව්..දිග එක එලියෙ ටැප් එකට ගහලා රෙඩි කරලා තියන්න..."

"හරේ...මේ අයියේ...අර බකට් වලට නිල් දාන්නද..."

"හරි...ස්ලැබ් එක උඩ තියෙන බකට් වලට නිල් දාලා අයිනෙන් තියන්න...එතකොට කවුරුහරි අපිව නාවන්න එද්දි අපිට උඩ ඉඳලා උන්ගෙ ඔලුවට පෙරලන්න පුලුවන්නෙ..."

මායි නංගියි මල්ලියි ඉදිරියේ එන්න නියමිත  සතුරන්ට  විරුද්ධව චතුරාංගනී සේනාව රැස් කරනවා...හැබැයි ඒ ඇත් අස් රිය පාබල නම් නෙවෙයි...හෝස් , බකට් , පනිට්ටු , වතුර තුවක්කු..හිකිස්...

"මොකද අනේ මේ ඔයත් පොඩි බබෙක් වගේ...දෙයියනේ යුද්ධෙකට යන්න වගේනේ...ඇයි ශුඩ්ඩො මේ...බලන්නකො අම්මා කාමරේට ගිහින් දොර වගහන්නවා කිව්වා...නංගියි මල්ලියි බකට් පුරවනවා...ඔයා හෝස් ගහගෙන ලෑස්ති කරනවා...ගරිල්ලා ඇටෑක් එකකට වගේනෙ..."

"අනේ මේ බබා...මෙහෙම රෙඩි නොවුනොත් උන් අපිව නාවලා යනකල් අපිට බලන් ඉන්න තමා වෙන්නේ...නැකත තියෙන්නෙ 10.19 ට ....10.30 වෙද්දි මුලු ගමම පාරට බහිනවා....ගෙවල් ඇතුලෙ ඉන්න අයවත් එලියට ඇදලා අරන් නාවනවා...තවුසෙ බයනම් මගෙ ඇඳයට ඉන්න...ඔයාට නුහුරුයිනෙ මේවා.

මල්ලීහ්හ්හ්හ්......කෝ මේකා....මල්ලීහ්හ්හ්හ්හ්ජ්.."

"ඕ කියන්ඩෝ...මම මේ වතුර තුවක්කු වලට ශැම්පු දාන්න හදන්නෙ..."

"පිස්සුඩ උලමෝ...ශැම්පු ගනන්...උන්ට ලාබෙට ශැම්පු ගාලා නාන්න දෙන්න ඕන නෑ...ඔන්න ඕකට අර ෆ්‍රිජ් එකෙන් බිත්තරයක් කඩලා දාලා කලවම් කරන්න..එකක් දාපන්...ඊලඟට අම්මගෙන් ගුටිකන්න වෙනවා....හැබැයි ඕකෙන් අර පිටිපස්සෙ ගෙදර ලතා ආච්චිට එහෙම විදින්නෙපා...සේරටම නිර්මාංශ වීමේ වටිනාකම ගැන බනක් අහගන්න පුලුවන්...."

"කව්ද අනේ ලතා ආච්චි කියන්නේ...අර පිටිපස්සෙ ගෙදර ඉන්න ආච්චිද...අර හැමදාම හවසට පන්සල් යන්නේ..."

"ඔව් ඔව් එයා තමා...විශාකා මහෝපාසිකාව ලයිට් වර්ශන්...🤣"

"එයා බිත්තර එහෙම කන්නෙ නෑද..."

"නෑ නෑ  ....බිත්තර කන්නෙ නෑ....චිකන් , මාලු එහෙම කටේ තියන්නෙ නෑ...හැබැයි කෑලි විතරයි නොකන්නෙ...හොදි කනවා..."

"ඒක මරු සීලයක්නෙ අනේ...අම්මෝහ්හ්.."

"ඔව්...හැබැයි බුදුන් කවදාවත් නිර්මාංශ වෙන්න ඕන කිව්වෙ නෑ...දේවදත්ත තෙරුන්ගෙ පංචවරයෙ තම ඒවා තිබ්බෙ...මේ මිනිස්සු බුදුන්ගෙ නෙවෙයි දෙව්දත්ගෙ ඉගැන්වීම් පස්සෙ යන්නෙ බැලුවොත් හරියට....අහන්නකො රස කතාවක් කියන්න...මම දවසක් කොහොඹ ටිකක් ඉල්ලගන්න එහෙ යද්දි මේ මනුස්සයා වඳිනවා...මම ඉතින් කරදර නොකර පොඩ්ඩක් හිටියා වැඳලා ඉවරවෙනකල්....ඔන්න ඉතින් පන්සිල් ගනිද්දි පාණාතිපාතා වේරමනී සික්ඛාපදං සමාදියාමි.....චස්....දුන්නා මදුරුවෙකුට පාර...දීලා නිකන් හිටියෙ නෑ...ඇඹරුවත් එක්ක....ඒක බලන් ඉඳලා හිනාව පිට උගුරෙ ගිහින් මට අකාලයේ යටියන්තොට යන්න වෙනවා තව ටිකෙන්..."

"අම්මෝහ්හ්හ්හ්...මරු සීලයක්නෙ ඒක...මේ ඒයි මටත් දෙනෝකො ඔය මොනාහරි ඉතින්..."

"අපේ අම්මගෙන් ඉල්ලගන්න පොඩි බකට් එකක්..."

"ඉල්ලගෙන.... ??"

"එන්න මා එක්ක...මම අර අවුරුදු ගානක් ඉස් නොකරපු ලිඳෙන් වතුර එකක් ඇදලා දෙන්නම්...ඔයාව නාවන්න එන එකාට දමලා අරින්න තියෙන්නෙ..."

"ඊයා...පව්නේ අප්පා..."

"එහෙම නෑ අනේ...අපි එහෙම කරනවා...අවුරුද්දට සැරේනෙ...මේ ඔක්කොම ඉවරවුනාම අපි කොහොමත් නානවා ඩෙටෝල් ගාලා..."

"සුදු මහත්තයා...නෙතූ පුතේ...සුදු නෝනා...චූටිබබා...කෝ එන්න 10.15 යි වෙලාව..."

"එනවෝහ්හ්හ්................"

"ආ කෝ කට්ටියම හිටගන්න පේලියට මේ නුග කොල උඩින්...කෝ නෙතූ පුතේ ඔය කොහොඹ කොල එල්ලලා තියන තැන යටට එන්න..."

"අම්මා නානු කොහෙන්ද...කව්ද දුන්නෙ මේ පාර..."

"චූටි අක්කා ගෙනත් දුන්නේ...එයාලා අපිටත් එක්ක පන්සලෙන් ඉල්ලන් ඇවිත්...."

"ආ...අම්මා තව විනාඩියයි..."

"හරී....කෝ ඔන්න එහෙනම් බුදුසරනයි කියලා වැඳගන්න පුතේ..."

ඩෝං පටෝං ඩෝං ඩෝං ඩෝං.....💣💣💣💣💣💣

"බුදුසරනයි දෙවිපිහිටයි තුනු රුවන්ගෙ තුන් සරනයි මගෙ පැටවුන්ට..".

අම්මා නැකතට අපි හැමෝගෙම ඔලුවල කොහොඹ ඉත්තකින් නානු පොඩ්ඩක් ගාගෙන ගියා...මාත් ඉක්මනින් අම්මා අතින් ඒක අරගෙන අම්මගෙ ඔලුවෙත් ගෑවා...නැකතට නිසා තමා පොඩ්ඩක් ගාන්නෙ...ආයෙ ගානවා පස්සෙ...අපි ගොඩ දෙනෙක් ඉන්නවනෙ.

දැන් ඉතින් අම්මා පිලිවෙලින් අපි හැමෝගෙම ඔලුවල හොඳහැටි අර නානු ගානවා...

මේ නානු ගැන කියනවනම් මේවා අපිට නම් ගමේ පන්සලෙන් තමා ග්ලැබෙන්නෙ...සමහර වයසක අය ගෙදරත් හදාගන්නවා...

ආයුර්වේදීය ශාක ගනනාවක යුශ තමා මේවයෙ තියෙන්නෙ..

"එකසිය විස්සට දෙසිය විස්සක් ආවඩා ආයුබෝ වේවා...භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා...සබ්බ බුද්දානු භාවේන ...සබ්බ ධම්මානු භාවේන සබ්බ සඝානුභාවේන ...සදා සොත්ති භවන්තු තේ...බුදු සරනයි..."

"සාදු සාදු...."

.........................................................................................................................

"නංගී ...තමුසෙ එලියට යන්න එපා...ඔය මල්ලිව යවනවා පොඩ්ඩක් ඉස්සරහට.. "

"මල්ලී...පොඩ්ඩක් මෙතන අස්සෙන් ගිහින් බලනවා...කව්ද ඉන්නේ කියලා..."

"ආ මම බලන් එන්නම්...අක්කේ....අර මගෙ තුවක්කුව එලියෙන් තියන්න...මම ඒකට බිත්තර වතුර දාලා තියෙන්නෙ..."

"හා හා...පරිස්සමින්...ඔය වැට අස්සෙන් එබිලා බලන්න..."

කොයිතරම් වයසින් වැඩුනත් අපි හැමෝම පොඩි උන් වෙන්න හදන්නෙ...මම අපේ පොඩි එකාව , මල්ලිව යැව්වා පොඩ්ඩක් ඉස්සරහට...මොකද අපි ගියොත් අහුවෙන්වා ...හැබැයි මට වැරදුනා...විනාඩියක් යන්න ඇති වැඩිම වුනිත්....

"අයියේහ්හ්හ් අක්කේහ්හ්හ්....අනෙහ්හ්....ඔහෙලා නිසා තමා මට මෙහෙම වුනේ..."

දෙයියනේ...පොඩි එකාව නාවලා...උගෙ කොන්ඩෙ දිගේ වතුර බේරෙනවා...මොනා වුනත් මට හිනාගියා...කොල්ලව හොඳ වතුර පාටකට අහුවෙලා...කොල්ලා ඇඳෙගෙන ඉන්න ටීශර්ට් එක ඇඟටම ඇලිලා...මූ දියබරියා වගේ.

"අම්මෝහ්හ් චූටි....හහ් හා....මොකක්ද වුනේ...කව්ද වතුර ගැහුවෙ...."

"මම වැට අයින දිගේ ගිහින් එබෙන්න හැදුවා විතරයි...එහා පැත්තෙ ඉඳන් සාංචි අක්කා බකට් එකම හැලුවා...ඔලුවෙ ඉඳන්...."

"ආ එහෙමද...හිටාන්කෝ...නංගී මම හෝස් එක ටැප් එකට ගහලා එන්නම්...ඕක අරගෙන ඉස්සරහට යන්න..නෙතූ එන්න මන් එක්ක්...උබව නාවාවි නැත්නම්..."

මම මගෙ ගෝත කරුමෙත් ඇදගෙන ටැප් එක ළඟට ගිහින් හෝස් එක ප්ලග් කරන්න හැදුවේ...අපේ ටැප් එක තියෙන්නෙ අඩි පහේ තාප්පයක් අයිනෙමයි...එහා පැත්තෙ අර ලතා ආච්චිලයි ගෙදර...මම ඉතින් කොට ටැප් එක ළඟ ඉඳගෙන හෝස් එක ප්ලග් කර කර හිටියෙ.

"ශෙරෝඕඕඕඔහ්...ඔන්න බලාගෙන..."

නෙතූ ඔහොම කෑගහනවා විතරයි මතක...සීතල වතුර පාරකින් ඔලුවෙ ඉඳන් නෑවිලා ගියා...වෙච්ච දේ තේරුම් ගන්න මට විනාඩි අරික්කාලක් විතර ගියා...හැබැයි..

"ආ සුදු පුතා...ගිය පාර මාව කාමරෙන් ඇදගෙන ඇවිත් නාවලා ඔලුවෙ සබනුත් ඇතිල්ලුවානෙ...ඔන්න මේ පාර උබව මුලින්ම නෑව්වෙ මම...."

"අපෝ...තනුජා ඇන්ටි...ඉන්නවකො මම එනකල්...දැන් ඉතින් කොහොමත් තෙමුනනෙ...දැන් කෝකත් එකයි..."

තනුජා ඇන්ටි...ලතා ආච්චිගෙ ලේලි...හරිම ශෝශල්...මන් එක්ක එහෙම හරි ෆිට්...මට වඩා අවුරුදු දෙකක් බාල දරුවෙකුත් ඉන්නව...ගිය පාර මම තමා ඇන්ටිව ගෙයින් ඇදන් ඇවිත් නෑව්වෙ...මේ පාර බලන් ඉඳලා තාප්පෙට උඩින් වතුර බකට් එකක්ම හලලා...

"නෙතූ තවුසෙ ගෙට යනවා...අපේ අම්මා දැන් එකෙක් මැරුනා කිව්වත් දොරනම් අරින්නෙ නෑ...තමුසෙ මගෙ කාමරේට ගිහින් ඇඳයටට රිඟනවා...."

"බෑ අනේ...මේක ජොලි...මාත් එන්නම්..."

"හා හා එනවකො...හැබයි තරහ ගන්න බෑ හොඳේ මොනා වුනත් ..මේවා විනෝදෙට කරන දේවල්..."

"හරී...මට අර වතුර පනිට්ටුව පුරවලා දෙන්න එහෙමනම්..."

"අයියේ අයියේ...මේ...අන්න සහන් අයියයි නිසල අයියයි එනවා...මොකෝ කරන්නෙ..."

"උන් උබව නාවන්නෙ නෑ...උබ කෙල්ලෙක්නෙ...ඔය එන්නෙ මාව නාවන්න...එන්න දියන්කො..නෙතූ ඔයා ගෙට යන්න..."

මගෙ යාලුවො දෙන්නෙක්...වතුර බකට් අතේ...හිටපන්කො දෙන්නම් උබලට...මම ස්ලැබ් එක උඩට නැගලා අලිගැටපේර අතු වලට වහන් වෙලා බලන් හිටියා තව ලන්වෙනකල්.....සහන්ට අසහනේ හදවලා නිසල සසල කරලා යවන්නෙ අද මම

"ශෙරෝන්....ශෙරෝන්න්න්න්න්න්...කෝ උබ ...බයේ හැංගි.....හ්හ්හ්....හුත්....තෝහ්හ්හ්හ්හ්හ්හ්............"

"ඇත්ද තොපිට...නාපන් හොඳට...මාව නාවන්නනෙ ආවෙ තොපි..."

කිට්ටු වෙනකල් ඉඳලා පෙරලුවා ඔලුවටම බකට් එක...දෙන්නාම නෑවිලා ගියා...උන් දෙන්නා ෆුල් කන්ෆියුස්...ඇයි ඉතින් මම ගුවන් ප්‍රහාරයක්නෙ එල්ල කලේ...

""ආ ඉඳපන්කො කැරියා තෝ...එලියට බහින්න එපැයි උබ...හිටාන් සගෝ ...අදනම් උබට ගොම ගාලා නාවන්නෙ..."

"අනේ...පව් මයෙ අම්මිලා දෙන්නා...පල පල..."

"මේ පව් අප්පා...ශුඩු මහත්තයා...උන් දෙන්නා බයවුනා මුලින්...හහ්" හා 🤣"

"මේ ඒක නෙවෙයි...පොඩ්ඩක් ළඟට එනවකො මැනිකෙ..."

මම ඉතින් අතිනුත් ඉඟි කරලා මේකට ළඟට කතා කලා...මේකාත් ඉතින් ගොනා වගේ ආවා...පව් පොඩියෙකා...මන් ගැන විස්වාස කරන තරම්...ඒත් උබේ මිනිහා ඒ තරම් හොඳ එකෙක් නෙවෙයි..

"ඒයිහ්හ්හ්හ්හ්හ්...මොකක්ද මිනියෝහ් ඒ කලේහ්හ්හ්හ්..."

""දැන් එලියට බැස්සොත් තවුසෙව කෝමත් නාවනවා...ඉතින් මට ඉරිසියයි ඔයාව මුලින්ම වෙන එකෙක් නෑව්වොත්...ඉතින් මම ම නෑව්වා...මයි කා මයි පෙට්‍රල්.

"මයිකා නෙවෙයි ලයිකා...ඉඳා තොට...බූරු මිනිහාහ්හ්හ්..."

"නවත්තපන් බබා...දාන් බැහැලා පෙරට යමු...දැන් කෝමත් තෙමිලනෙ..දැන් තියෙන්නෙ ගෙවල් අස්සෙ ඉන්න ටික එලියට ඇදලා අරන් නාවන්න...යමු...අර දෝනි අක්කව තමා ඉස්සෙල්ලම අල්ලගන්න ඕන...ඕකි ගිය පාරත් කාමරේට ගිහින් ලොක් කරගත්තා...මේ පාර කලින්ම මම ඒකිගෙම මල්ලිට කියලා යතුර හැංගුවා..."

පව් ඉතින් මගෙ කොල්ලා...මට බලන් ඉන්න බෑනෙ මෙයා ඔයාව වෙන කෙනෙක් නාවනකල්..ඉතින් මම ම නෑව්වා...උඩ තිබුනු වතුර බකට් එක එහෙමම ඒ ඔලුවෙ හැරෙව්වා...හැබැයි මේකා ගත් අතටම ඒකාගෙ අතේ තිබ්බ වතුර බකට් එකෙන් මාව නෑව්වා...ඒකටනම් කමක් නෑ...සංස්කෘතිකයි එකඟයි...කොහොමත් නෑවානෙ මම කලින්ම...කේස් එක මූ හිස් බකට් එකෙන් පිටට දීලා ඇදපු එක...සංස්කෘතියට පටහැනී..

කෝමහරි අපි පල්ලෙහාට බහිද්දි අපේ නංගිව නාවලා තිබ්බා සාංචී අක්කා...අම්මානම් එකෙක් මලා කිව්වත් දොර අරින්නෙ නැහැනෙ දැන්...සාංචි අක්කත් නාවලා..සාංචි අම්කගෙ දිග කොන්ඩෙ දිගේ වතුර බේරෙනවා දිය ඇල්ල වගේ.

කෝමහරි පැය දෙකක් විතර ගෙවිලා යද්දි පාරෙ හැමතැනකම වතුර...අපේ වත්තත් ඌරු වලක් වගේ...අපේ අම්මව එලියට ඇදගන්න තනුජා ඇන්ටියි සාංචි අක්කලයි අම්මයි හෙන ගේමක් දුන්නා...ඒ වුනාට එයා නෙවෙයි දොර ඇරියේ...තාත්තාව හොයාගෙනත් හෙන සෙට් එකක් ආවා...ඒ වුනාට එයා අද හිටියෙ නැති නිසා ඒ වතුර වලින් අපිට ගහලා උන් ගියා....තාත්තා බිස්නස් වැඩජට ගිහින් හිටි නිසා බේරුනා...

කෝමහරි අදනම් හොඳටම විනෝද වුනා..හිනාවුනා...දෝනි අක්කව ඇදගෙන එන්න ගියේ අපේ නංගි...කෙල්ලොන්ගෙ කාමර වට යන්න බෑනෙ අපිව...අනේ උන් අපි ඉන්නේ සහෝදරයිඔ වගේ...හැබැයි හැම ගමකම ඉන්නවනෙ සහෝදරකමට ගමේ කමට කතා කරාම ජෝඩු කරලා පද හදන ගෑනු.

ඒකි හැමපාරම හැංගෙන නිසා ඔලුවෙ බිත්තරේකුත් අතුල්ලලාම නෑව්වා.

ලතා ආච්චිට වතුර ගහලා දිව්වා...බාල මහලු බේදයක් නැතුව හැමෝම විනෝද වුනා.

"අනේ ශෝක් අප්පා...මරුනේ..මම නම් හොඳට එන්ජෝයි කලා."

"ඒක තමා කිව්වෙ මෙහෙ අවුරුදු සමරන විදිහ ටිකක් වෙනස් කියලා...මේ වතුර ගහගන්න එකත් මාතර හැම තැනම නෑ...සමහර තැන්වල විතරයි තියෙන්නෙ...හැමදාම නෑ හැමතැනම නෑ......"

..........................................................................................................................

"ඔයා මේ මාලු කනවද ?"

"මමනම් ඕන මාලුවක් කනවා...මොනාද මේ මාලු."

"ඔයනම් බලමාලු...මම කන්නෙ නම් බලමාලු විතරනෙ කුට්ටි මාලු වලින්."

"ම්ම්ම්...ඌශ්නයි හැබැයි..".

"ම්ම්ම්ම්ම්...ඔව්...මටනම් බල මාලු තරම් සෙට් වෙන මාලුවක් නෑ තව.

ඔයා අහලා තියෙනවද අර සින්දුවක් තියෙන්නෙ

"මා ප්‍රිය හිමියනි රැය නිදි නොලබා

පහන් කලෙමි ඔබෙ රුව දකිනා තුරු

සයුරෙහි දළ රළ වෙරළට පෙරලී

මා හද වෙලුවා සිතුවිලි බියකරු

නැගෙන කුනාටුව සීතල වැහිපොද

නොතකා දියඹට ඔරුව ගෙනාවේ

මා පොඩි පුතු සහ ඔබ රැකගන්නයි

දෑතේ සවිබල හබලට යෙදුවේ "

"මම අහලා නෑනෙ අනේ..."

"ආ මේක ටිකක් පරන ලස්සන සින්දුවක්...මේකෙ කියන විදිහට මේ මාලු අපේ බත් පතට එවන්නෙ එයාලා කොයිතරම් නම් ගින්නක් උහුලලාද."

"ඔව් ඒක හරි...ඒත් මාලුවා පැත්තෙන් බැලුවොත් ඌත් පව් නේද."

"ඒකනම් එහෙම තමා...ඔය සින්දුවෙ මම ආසම තබ්ලා එකට...මාරම පවර්ෆුල් විදිහට තබ්ලා එක යූස් කරලා තියෙනව."

"ආ ඇති ඇති...මෙතන දැන් සංගීත පාඩමක් නොකර ඔන්න ඔය පපඩමක් එවන්න අනේ මෙහාට."

අපි දෙන්නා ඉන්නෙ කෑම මේසේ...අද හවස එයා යනවනෙ...අද 17...හෙට එයා යන්න ඕනි ක්ලිනිකල්ස්...උදේට බල මාලු ඇඹුල්තියල් , හාල්මැස්සො තෙල්දාපුවා එක්ක කිරිබත්..

"නෙතූ පුතේහ්....."

"ඕ නැන්දේ...".

"කීයටද පුතේ ට්‍රේන් එක..."

"1.40 නැන්දේ...සියනෑ කුමාරි...කැන්ඩි ට්‍රේන් එක."

"ආ හරි පුතේ...දවල්ට එහෙනම් මම බලමාලු තෙල් විනාකිරක් එක්ක ගෝවා කොළ තෙල් දාලා කලවැන්නෝ බැදලා බත් එකක් හරිගස්සලා දෙන්නම් පුතේ."

"අනේ කරදර වෙන්න එපා නැන්දේ...මම ගිහින් සොයිසාපුර සිල්වර් ස්පූන් එකෙන් බත් එකක් ගන්නම්."

"ඒ මොකටද...අනික මොන කරදරයක්ද...මම කොහොමත් දවල්ට උයන්න එපැයි."

"එහෙනම් බත් පොඩ්ඩක් ලෑස්ති කරලා දෙන්න නැන්දේ...වැඩිය එපා.."

"හරි පුතා...මේ සුදූ කාලා ඉවරවෙලා කිරි තියෙනවා හට්ටි දෙකක් කුස්සියෙ මේසෙ උඩ...දෙන්නා එක්ක කන්න."

"අම්මෝහ්...කිරි හට්ටියක් කන්නෙ කොහොමද..."

"අනේ පුතෙ...අපි ඉතින් කිරි කනවානෙ නිතරම...අපේ ගෙදර කිරි ගෙනෙද්දි මාමා කිරි හට්ටි තුනක් ගේනවා පස් දෙනාට...මායි මාමයි එකක් කනවා , නංගියි මල්ලියි එකක් කනවා...ශෙරෝන් සම්පූර්නම එකක් කනවා...මදිවෙලා ආයෙ අපේ ඒවයිනුත් කනවා..."

"දෙවියනේ....ඇත්තද මේ කියන්නෙ.."

"ඔව් ඉතින්...මම ආසම කෑමක් කිරි කියන්නෙ...අනික මෙහෙ ඕනි තරම් කිරි තියෙනවනෙ...ඉතින් කැවෙනවා ..රුහුනු මී කිරි."

....................................................................................................................

"මැනිකෙ.....පරිස්සමින් හොඳද."

"ඔයත් සුදු මහත්තයා...මම ලොකේශන් දාලා තියන්නම්."

"ම්ම්...හරි...ගිය ගමන් බත් එක කන්න ගන්න.."

අපි දෙන්නා හිටියෙ අපේ කාමරේ තුරුලු වෙලා නළලට නලල හේත්තු කරගෙන...අනේ අද එයා ආයෙම කොලඹ යනවනෙ...පාලුයි...ඒත් මම මොනා කරන්නද....එයාට වැඩනෙ...මම ඒ තොල් උඩ ලාවට මගෙ තොල් තිබ්බා...දුකයි...

"නෙතූපුතේ...සුදු නහත්තයා...කෝ මේ කොල්ලො දෙන්නා...අඳිනවද...මම ඇතුලට එන්නද පුතේ."

"එන්න අම්මා..."

අපි දෙන්නා ඈත් වුනා...අම්මා ඇවිත්...

"පුතාගෙ කෑම එක මම කෙහෙල් කොලේට බෙදුවා...තව අඹයි අලිගැටපේරයිත් තියෙනවා."

"අනේ නැන්දේ මම උස්සගෙන යන්නෙ කෝමද ඕවා."

"ආ...මහ ගොඩක් නෑ පුතේ...ඔයා මොරටුවෙන් බැහැලා නේද යන්නෙ රත්මලානට."

"ඔව් නැන්දේ..."

"ආයෙම එන්න පුතේ...පරිස්සමින් තෙරුවන් සරනින් ගිහින් එන්න...බුදුසරණයි".

"හරි නැන්දේ...නැන්දලත් පරිස්සමින්...කෝ පොඩි මෑනුයි නංගියි."

"ඉන්න බලන්න...සුදුනෝනා...චූටිබබා..".

"ඕ ඇයීඊඊඊඊ..."

"මේ නෙතූ අයියා යනවලු..."

"ආ ඉන්න එනවා.."

පොඩි උන් දෙන්නා එයාට වැන්දා ...හැමෝම ගියාට පස්සෙ මාව පුදුම කරලා එයා මගෙ කකුල් දෙක අල්ලලා වැන්දා...මට ඒවෙලාවෙ දැනුනු හැඟීම...අනේ මන්දා මම කොහොමද විස්තර කරන්නෙ...මම එයාගෙ ඔලුව අතගාලා නලල කිස්කලා...

"පරිස්සමින් වස්තුව...මම ආදරෙයිනෙ ඔයාට."

"මාත් ආදරෙයි 🥺♥"

.......................................................................................................................

ඇහි පිය ගහන තප්පරේට දවස් ගෙවිලා ගියා...එයා මටත් මම එයාටත් තියන ආදරේ එන්න එන්නම වැඩිවුනා...ඒත් මන්දා දැන් ටික ටික එයාගෙ වෙස් පෙරලෙනවා....එයා පොඩි දේටත් කේන්ති ගන්නවා...මට කෑගහනවා...එයා එක්ක ඉන්න බැරිනම් එයාව අතාරින්න කියනවා..

මම කිව්වනේ මම හුඟාක් නපුරු කේන්ති යන කෙනෙක් කියලා..ඒත් මොකක්දා මන්දා පුදුමෙකට එයා ළඟදි මම ඉවසුවා...හැබැයි එයා ඒකෙ අනිත් පැත්ත...අපෙ අෆයාර් එකට මාස එක හමාරක් වගේ වෙද්දි කන කොක්කු එහෙ මෙහෙ ඉගිල්ලෙන්න ගත්තෙ මගෙ ඔලුවට නිවනක් නැතිකරලා...

රන්ඩු රන්ඩු රන්ඩු....පොඩි දේටත් රන්ඩු...

මේ තරම් කල් තැනිතලාවම ගලාගෙන ආව අපේ ආදර ගඟ දැන් දැන් කඳු හෙල් ගල් මුල් වල හැපෙන්න පටන් අරන්.

.........................................................................................................................

මතු සම්බන්ධයි ♥

දැන් දැන් පොඩ්ඩ පොඩ්ඩ කතාව සීරියස් වෙනවා...ලොකු පොකු ප්‍රශ්න ගොඩාන් ඒවි ඉස්සරහට...අපි බලන් ඉමු.

මම ශෙරෝන් ♥

Share This Chapter