Back
/ 38
Chapter 19

දහ නවවන ස්වරය ♥

තත් 🔞

ආදරේ...love...කාදල්...ප්‍යාර්...මොහබ්බත්...amor...සරංග්...ලීබේ...අශ්ක්...ඉශ්ක්....

ඔය මොන නමින් කිව්වත් මේ හැඟීමට පුලුවන් මිනිහෙක්ව ජීවත් කරවන්න වගේම මරලා දාන්නත්...ආදරෙ හරි පුදුමයි...ආදරේ හරි විශමයි...ආදරේ හරි පූජනීයයි...ආදරේ හරි අනතුරුදායකයි...

කියන්නටනම් දහක් දේ ඇත.

නමුත් කියනට තරම් හිත නැත.

කියනූ රිසි දේ ලවන් සිරකොට .

පිටට පැමිනෙන මග වසා ඇත.

දෑත අත පය අහිමි වුවමුත්

දිවිය රැකගනු හැකිය යම්විට

නමුත් සිත බිඳි කැබලි ගුලිකොට

කෙලෙස බලමිද දිවියෙ පෙරමග.

නොරිසි දේටත් රිසිව බැරිවිය.

කලකිරුනු සිත ගිලන් වී ඇත.

අහිමි කරගනු නොහැකි බව දැන

කිසිත් නොකියමි ; දෙතොල ගොලුවිය

- ශෙරෝන් -

📲📲📲ට්‍රීං ට්‍රීං ට්‍රීං.......📲📲📲

හයිවේ බස් එකේ වීදුරුවට ඔලුව ගහගෙන ඈතින් පේන කටුපොල් වතු දිහා බලන් උන්න මගේ සමාධිය බිඳලා දැම්මෙ ෆෝන් එක.

මේ කටු පොල් ගසුත් එක අතකට මේ සමාජය වගේ...කටුපොල් ගහක් හිටෙව්වම ඒක හරි ලස්සනට පොලොවෙ තියෙන සේරම සාරය උරා ගන්නව...

සමාජෙත් එහෙමයි...අවුරුදු තුන හතරෙ දරුවා කියන්නෙම පෙරාපු රත්තරම් වගේ අතිශය පවිත්‍ර හිතක් තියෙන අය...ඒත් මේ සමාජෙ ඒ දරුවගෙ හිතට වෛරය , ක්‍රෝධය , ඊර්ශ්‍යාව , මාන්නය පොඩ්ඩ පොඩ්ඩ දාන ගමන්...අර ලමා හිතේ තිබුනු ආදරය , කරුනාව , සමානාත්මතාවය වගේ සාරයන් උරාගන්නවා...අන්තිමට පිලිකාකාරක ෆාම් ඔයිල් වගේම අනෙකාට අපහාස කරන , මිනීම්ව්‍රන , හොර්ව්කම් කරන , අම්මා තාත්තට ගහන සක්කිලි හැත්තක් එලිබහිනව.

මම දැකපු වැදගත්ම දෙයක් කියන්නම්.

ලන්කාවෙ දරුවෙක්ගෙ පිටකොන්ද මුලින්ම කඩන වධකාගාරෙ තමා පාසල...පෞරුශයට පහර ගහන පලවෙනිම තැන පාසල...කොන්ඩ , රැවුල් , කලිසම් කකුල් , නියපොතු , සුදු ගවුම් මෙකී නොකී දාහක් හේතු හදන් දරුවව මානසිකව වට්ටනවා.

මම ස්කූල් යන කාලෙ මට මතකයි මම මාරම බයෙන් තමා ස්කූල් එකට අඩිය තියන්නෙ...පුලුවන් උපරිමෙන් හොඳම විදිහට රෙඩි වෙලා යන්නෙ...ඒත් බයයි...මොන හේතුවට කොන්ඩෙ කපාවිද , කලිසම් කකුල බ්කේඩ් එකෙන් පලාවිද දන්නෙ නෑ...

මම ප්‍රයිමරි ස්කූල් ගිය පාසල මගෙ කොන්ද කැඩුවෙ නෑ...ඒත් මම සකන්ඩරි ගිය පාසල මගෙ පිටකොන්ද කැඩුවා...පාසලම නෙවෙයි විනයභාර කියාගත්ත පරබල්ලො...

මොන හේතුවමටද දන්නෙ නෑ පාසලක විනයභාරකම දෙන්නේ ම ලමයිනට උඹ , බං ,බොලං කියන...කන් අඩි කුඩුවෙන්න නෙලන...ලමයිනට සත්තුන්ට වගේ සලකන කිසිම විනයක් නැති උන්ට....සේරටම කලින් උන්ට උගන්වන්න ඕන කතා කරන හැටි.

මම කියන්නෙ මේකයි...අදටත් පාරෙදි ස්කූල් එකේ ගුරුවරු හම්බෙනවා...සමහර ගුරුවරුන්ට පාර කියලා නොබලා දන ගහලා වැඳලා තියෙනවා...සමහර ගුරුවරු දැක්කම මම නම් අහක බලාගන්නව...අන්න ඒකයි කියන්නෙ වයස , තරාතිරම නොබලා හැමෝටම ගරුකරන්න කියලා...ගරුකරන්නෙ නැතුව ආපිට ගරුකිරීමක් ලබාගන්න බෑ...අනික බයකරලා ලබාගන්න ගුරු ගෞරවෙන් වැඩකුත් නෑ...ඒ ගෞරවය එන්න ඕන හිත පතුලෙන්...බලෙන් වන්දගෙන වැඩක් නෑ , ලමයිට මහ පාර නොබලා දන ගහලා වඳින්න හිතෙනව කියන්නෙ ඒ නියම ගුරුවරයෙක්.

කොන්ඩෙ , රැව්ල තිබුනා කියලා ලමයෙක් මැරෙන්නෙ නෑ...ඌට ඒක පිලිවෙලට පීරන්න , ලස්සනට ඉන්න කියලා දෙනවා මිසක් උදේ පාන්දර ආසාවෙන් ඉස්කෝලෙට එන ලමයගෙ කොන්ඩෙ ගේට් එක ගාවදිම කපලා දාන එක නෙවෙයි වෙන්න ඕන.

මට මතකයි ඕලෙවල් කාලෙ එක්සෑම් එකක් දවසක මගේ කොන්ඩෙ කැපුවා...මම පුලුවන් තරම් පිලිවෙකට කොන්ඩෙ කපලා හිටියෙත්.  එඑත් ඔලුව මැදින්ම කානුවක් කැපුවා...රිපෝර්ට් එකේ ඒ විශය ඇර අනිත් විශයන් සේරටම අනූ ගනන්...ඒකට 27 යි...ඌ මගෙ දවසම කෑවා එදා.

විනය කියන්නෙම ෆිසිකලි මනින්න පුලුවන් දෙයක් නෙවේනෙ...මම ඕනතරම් දැකලා තියෙනවා...කොන්ඩ රැවුල් කපලා ෆෝමල් ඇඳලා ටයි දාපු මෑන්ස්ලා මහපාරට අයිස්ක්‍රීම් කොල , ටොෆිකොල , ශොපින් බෑග්ස් විසිකරනවා...මහ දවල් ට්‍රේන් එකේ බස් එකේ කෙල්ලොන්ට ජැක් ගහනවා...කෝ අර ස්කූල් වලින් මැරීගෙන හදපු විනය...විනය කියන්නෙ භාහිර රූපෙන් මනින්න බැරි දෙයක්...ලකේ පන්කාවෙ මිනිස්සු කවදා ඔය ටික තේරුම් ගනීද මන්දා ඉතින්.

හරි ඒක වැඩක් නෑ...මේ ගස්ලබ්බා ඇයි මේ කෝල් කරන්නෙ මට...මූ දැන් බස් එකට නැගපු වෙලේ ඉඳන් කෝල් කීයක් ගැහුවද...මූ මගෙයි විශාක්‍යගෙයි දෙන්නගෙම යාලුවෙක්...හැබැයි අතේ දුරින් ආශ්‍රය කරන්න ඕන කෙනෙක්.

"හෙලෝ."

"හෙලෝ...හෙලෝ...අම්මෝහ්..උබලව අල්ලගන්න තියෙනව අමාරුව දැන්."

"අනේ සහන්...මගෙ රැවුල ගිනි අරන් ඉන්න වෙලේ සුරුට්ටු පත්තු කරන්න එන්නෙපා බන්...මම අව්ලක ඉන්නෙ...."

"ආ කමක් නෑ...අහපනකො....මට මේකට උත්තරේ කියපන්...."

මෙන්න දවසකටවත් යාලුවො...යාලුවො නෙවෙයි මුන් තනිකර අවස්ථාවාදියො...මම මේ තරම් අව්ලෙන් ඉන්න වෙලෙත් මූට ඕන බෙල්ල මිරිකලා හරි උගෙ වැඩේ කරගන්න...බෙල්ල නෙවෙයි වල්ල මිරිකුවත් මම නම් අද උබගෙ ඔය වැඩේ කරලා දෙන්නෙ නැ...මොකද බැරිකමකට නෙවෙයි...අව්ලක ඉද්දි කියද්දිත් වදදෙනවට.

"මොකක්ද බන්..."

"මට කියපන් ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් 0.1 සාන්ද්‍රනය තියන බෝතලේකට හයිපොක්ලෝරස් ඇසිඩ් එක දැම්මොත් ජල අනු මවුල අටක් පිටවෙනවා නම් හයිපොක්ලෝරස් ඇසිඩ් එකේ සාන්ද්‍රනය මොකක්ද."

"සහන්...මේ අහපන්...ඕක ගානක්නෙ...මන් පෛතගරස් නෙවෙයි බන් මනෝමයෙක් ඕවා හදලා උත්තර කියන්න..."

"එහෙනම් මට ක්ශනිකව මේක හදලා කියපන්...ඔය නෝට්පෑඩ් එකේ හදපන්."

මචන්ලා පේනවා නේද...මේක මගෙම වැරද්ද...අපේ අම්මා මට පොඩි කාලේ ඉඳන් මට ගුනධර්ම ඉගැන්නුවේ....ආච්චි අම්මා මට ඉගැන්නුවේ නෑ...එයා මට පේන්න ඒ දේවල් කලා...මම ඒවයින් ඉගෙනගත්තා...

මට අද වගේ මතකයි අම්මා මෙහෙම කියනවා.

"පුතේ...කොයිම වෙලාවකවත් තව කෙනෙක් බලාඉද්දි තනියම කන්න එපා...ගත්තා හෝ නොගත්තා එයාටත් දෙන්න...අනික තව කෙනෙක් බඩිගින්නෙ ඉන්න තැන උබ කාලා බඩපුරවගන්නවට වඩා ඒ බඩගින්න නිවලා උබ බඩගින්දරේ ඉන්න එක නම්බුයි පුතේ....

අනික කෙනෙක් ඉගෙනගන්න දෙයක් ඇහුවොත් හංගන්න එපා...දන්න දේ ඒ විදිහටම කියලා දෙන්න...එතකොට තමා ඉගෙනගන්න දේ වුනත් මතක හිටින්නෙ...අඳින්න පලඳින්න අඩුපාඩු තියෙන කෙනෙක්ව මීට් වෙන්න යද්දි හොඳට ඇඳපැලඳගෙන යන්න එපා...මනුස්සයෙක්ගෙ හිත රිද්දල සතුටු වෙන්න එපා...

තමන්ට කවුරු හරි වරදක් කලොත් ඒ කෙනා එක්ක රන්ඩුවට යන්න එපා...තවත් හොඳින් එයාට සලකන්න...එතකොට එයාටම හිතෙනවා මම මොනා කලත් මූ මට මෙහෙමනෙ සලකන්නේ කියලා...අන්න ඒ පසුතැවීම ම තමා ලොකුම දඬුවම....."

අපේ පුන්චි කාලෙදි මට මතකයි මගෙ සමහර යාලුවන්ගෙ අම්මලා අපිට හංග හංග ක්ලාස් යැව්වා...ක්ලාස් එකක් ගැන ඇහුවොත් ඒකෙ ඉඩ නෑ , සර් තව ලමයි ගන්නෙ නෑ කියලා මගෑරියා...ඒත් මගෙ අම්මා හැමදාම කිව්වෙ

"කාටවුනත් ක්ලාස් ගැන ඇහුවොත් කියන්න...නෝට් එකක් ඉල්ලුවොත් දෙන්න...ඒ දෙද්දි කියන්න ආයෙම පරිස්සම් කරලා මට ගෙනත් දෙන්න කියලා...අපි වපුරන දේ අපිට ලැබෙයි...එයාලා වපුරන දේ එයාලා ගෙනියයි...මගෙ පුතයි දුවයි එහෙම වෙන්න ඕන නෑ...හැම කෙනෙකුටම උදව් කරන්න...කරුනාවන්ත වෙන්න....."

ඒ මගෙ අම්මගෙ වචන...මල්ලි ගොඩාක් පොඩියිනෙ...ඉතින් මටයි නංගිටයි ඔහොම කියනවා මට අදවගේ මතකයි.

ඒත් මේ සමාජෙ ජීවත් වෙද්දි අපේ අම්මා තරම් ම සුදු චරිතයක් වුනොත් අමාරුයි කියලා මට පස්සෙ කාලෙක තේරුම් ගියා...මගෙ අම්මටත් ජීවිතේ හුඟාක්  ප්‍රශ්න ඇවිත් තියෙන්නෙ එයා හැමෝටම හොඳ විතරක් කරන කෙනෙක් නිසා...හොඳම උදාහරනේ ලයිව් බලාගන්න මේ සහන් කාරයා....ඉතින් මම සුදුත් නැති කලුත් නැති අලු චරිතයක්.

මම මූට හැමදේටම උදව් කරනවා...මොනා ඇහුවත් කියලා දෙනවා...දැන් මූ හිතන් ඉන්නේ ඌට එහෙම කියලා දෙන එක මගේ වගකීමක් කියලා...මම ඌට බැඳිලා ඉන්නවා කියලා...මම කියන්නෙ මචන්ලා උදව්වක් ගනිද්දි ඒ ගන්න උදව්වට ගරුත්වයක් දියන්.

"උබට පිස්සුද බන්...මම බස් එකේ ඉන්නේ...අනික උබ මට තුලිත  ප්‍රතික්‍රියාවවත් නොකියා මගෙන් උත්තරේ අහන්නෙ උබ හිතුවද මට දිව්‍ය ඥානය තියෙනව කියලා...මම පස්සෙ ගන්නම්...එහෙම නැත්නම් උබ සර්ට කෝල් එකක් අරන් බලපන්....."

ඌ මොනාහරි කියන්න කලින්ම මම කට් කලා...මම ප්‍රශ්නෙක ඉද්දි මට ගනන් හදන්න තරම් සියුම් වැඩක් කරන්න කියන්න තරම් ඌ මොන ගොනෙක්ද...අනික

"උබට මේක කරලා දෙන්න පුලුවන්ද...අනේ බන් ලොකු උදව්වක්.."

ඔය මොකුත් වචන නෑ...කෙලින්ම කරලා දියන්...මම ඌට බැඳිලා ඉන්නවා වගෙ...මට ඔය වෙලාවට තමා මූව මරලා හංගලා අඬ අඬ හොයන්න හිතෙන්නෙ...බේසිකයා.

..........................................................................................................................

කෝමහරි මම ගැලනිගමින් එක්සිට් වෙලා පානදුරට ඇවිත් එතනින් කොටුව බස් එකක ඇවිත් බොරුපන හන්දියෙන් බැස්සා....එදා අපි දෙන්නා ඇස් වකින් මුමුන මුමුන පහුකරපු තැන් අද එයා නැතුව මම තනියම පහුකරනවා..ඒ දුක උන උනා ඇස් අගට එකතු වෙද්දි මම නෙත් වාන් දොරටු තද තදින් වහලා දැම්මේ පිරිමියෙක් විදිහට අඬලා විහිලුවක් නොවෙන්න ඕන නිසා...මොකද පිරිමි කියන්නෙ යකඩනේ.

මට නොතේරෙන මොකක්දෝ බයකින්  හිත පිරිලා ගිහින්...කව්දෝ දෙන්නෙක් මාව දෙපැත්තට අදිනවා.

"අනේ දෙවියනේ...අද එයා බෝඩිමෙ නැත්නම්..."

"නෑ නෑ...එහෙම වෙන්න බෑ..අද ඉරිදානෙ...එයා අනිවාරෙන් ඇති..."

"ඒත් එයා කිව්ව දේවල් එක්ක එයා වෙන කෙනෙක් එක්ක කොහෙහරි ගිහින් නම්......."

"ඔය තරම් නෙගටිව් වෙන්න එපා බේසිකයො...ඌ ගෙදර ඇති."

"හිටියා කියමුකෝ...මම ගිය ගමන් උබ මොකටද ආවෙ අහලා මාව එලෙව්වොත්...එලියට දාලා දොර වැහුවොත්...."

"නෑ නෑ...ඌට එහෙම කරන්න බෑ...ඌ උබට ආදරේ කලා...ඒක උබට දැනුනා...ඒ ආදරේ කොතැනකවත් බොරුවක් තිබුනෙ නැහැ...ඒ නිසා ඔහොම හිතන්න එපා...තරහට කෑගැහුවට ආදරේ කරන කෙනාව එලවගන්න තරම් තද හිතක් එයාට නැහැ....."

"මමත් හිතනවා එහෙම නොවේවි කියලා...මොකද එහෙම දෙයක් නම් මට දරාගන්න බැරිවෙයි...මේ තරම් දුර ඇවිල්ලත් එයා මාව එලවගත්තොත් මට මොනා වෙයිද මමවත් දන්නෙ නෑ."

ආදරෙත් හරි පුදුමයි හිනාවුනොත් හිනාවුනා , කතා කලොත් කතා කලා තියරි එකේ උන්නු මම එයා වෙනුවෙන් මේ තරම් ම නැහෙන හැටි...කොහොමහරි එයා ඉන්න බෝඩිමේ ගෙදරට ඇවිත් මම ගේට් එකෙන් ඇතුලට ආවා...එකපාර ඇතුලට යන්න බෑනෙ...ආ අර ඉන්නෙ බෝඩිමේ ඇන්ටි...එයා මෙයාට වෙන්න ඇති සුබා නැන්දා කියන්නේ..නැන්දා කිව්වට ආච්චි කෙනෙක්නෙ..

"ඇන්ටි...ඇන්ටි..."

හෑ...ආහ්හ්...කව්ද මේ...මොකටද ආවෙ.

යකෝ මේකි මාර ගෑනියෙක්නෙ...ගෙදරට ආව මිනිහෙකුට මෙහෙමද කතා කරන්නෙ...කලින් මෙහෙ ඇවිත් තිබුනට මේ ඇන්ටි මාව දැකලා නෑ ඉතින්....මේ ගෑනි ගහයිද දන්නෙ නෑ ඉදලෙන් අප්ප්ට හැමින්නිලා යන්න....එච්චරයි අඩු මට දැන්.

"නැන්දේ...මම අර...නෙතුකගෙ......යාලුවා..අර කලින් දවසක ආවෙ..."

"අනේ සොරි පුතා...මම බයවුනා..."

"ඒකට කමක් නෑ නැන්දේ...නෙතුක ඉන්නවද."

"ඔව් ඔව්...කාමරේ ලයිට් දාලා තිබුනා අද උදෙත් ."

"හරි නැන්දේ...මම එහෙනම් උඩට යන්නද."

"හරි ලමයෝ...ඔය ඔතන පඩිපෙලින් යන්න පුලුවන්..."

"තෑන්ක්ස් ඇන්ටි."

අම්මෝ ඇති යන්තම් මිදුල අතුගාන ගමන් සින්දුවක්ද කොහෙද මුමුන මුමුන උන්නු ගෑනි මාව දැකලා බිරාන්ත වුනා...තව ටිකක් එහෙ මෙහෙ වුනානම් ඉදල් පාර තමා...එහෙමනම් හෙට පත්තරේ යයි...පෙම්වතුන්ගේ විරසකය , බෝඩිමේ ඇන්ටිගේ ඉදල් පාරින් කෙලවර වෙයි කියා...මොනා වුනත් අම්මට කියලා තියන්න ඕන මන් මැරුනොත් මට මගෙ සුදුපාට හයිනෙක් ටීශර්ට් එකට කලු ඩෙනිම අන්දලා...සිල්වර් බෙල්ට් එකයි , සිල්වර් වොච් එකයි , සිල්වර් මාලෙයි දාන්න කියලා...කොන්ඩෙයි රැවුලයිනම් කපන්න එපා කියන්න ඕන...එහෙම වුනොත් මම  මිරිකනවා හොම්මනක් වෙලා ඇවිත් බාබර්ගෙ...............බෙල්ල.

උඩු හිත කොයි තරම් ආතල් එකේ උන්නත් යටි හිත තියන අඩියක් ගානෙම , පහුකරන පඩියක් ගානෙම බයවෙනවා ගැස්සෙනවා...ව්නේ බන් ශෙරෝන් උබ යකෙක් වගේ උන්නු එකෙක් නේද.

අනේ මට මාවත් අහිමි වෙන දෙයක්නම් එයාගෙ අතින් සිද්ධ වෙන්න එපා කියලා මම නොවිඳිනා වැඳුම් වැන්දා.

ඒත් ඒ දොර ළඟට කිට්ටු වෙද්දි දුක සහ බය කොහෙදෝ ගිහින් මාව මහා කේන්තියකින් වහගන්න පටනරන් තිබුනා...එයාගෙ වචන මගෙ කනට ආයෙ ආයෙම කවුදෝ ගෙනත් දැම්මා..මන් හිතන්නෙ සුලං කුරුල්ලෝ වෙන්න ඇති...සුලං කුරුල්ලෝ සෙමින් ඉගිල්ලී කියලා ඇන්ජලීන් ගුනතිලකත් කිව්වේ.

"මම ගයනිට කැමති වෙනවා...මම ගයනිට කැමති වෙනවා...මම ගයනිට කැමති වෙනවා...මම ගයනිට කැමති වෙනවා..."

ගයනිට කැමති වෙන්න...උබලගෙ ගැලපෙන එකම දේ පොල් දත් විතරයි...ඒකිට බෝනස් එකට මහා බොල්ලෑවකුත් තියෙන්නෙ...මම ඔය බොල්ල කුසුමව බාවනවා...මගෙ කොල්ලට ඇහැ දාගෙන එන්න හැදුවොත්.

තෝත් ගයනිට කැමති වෙනවා කිව්වනෙ...කැමති වෙලා බලපන්කො...මම ඒ තරම් ලේසියෙන් උබට යන්න දෙන්නෙ නෑ...ආදරේ පටන්ගත්තෙ දෙන්නනම් ඉවරකරන එක විතරක් උබේ තනි කැමත්තට කරන්න දෙන්න බෑනෙ.

කෝමහරි ගැහෙන පපුව එක අතකින් තෙරපගෙන මම  ඒ දොරට තට්ටු කලා.

ඇතුලෙන් ලාවට ගීතිකාවක් ඇහෙනවා.

"නිල් මහ සයුරේ රලපෙල ගානට

පයගැසු පොලොවේ වැලිකැට ගානට

නොනිවී දැල්වෙන විශ්වාසයේ පහන් සිල

කුරුස පල්ලියේ හාස්කම් ගොඩයි

දේව මහිමෙ ලොවට කියන කුරුස යාගයයි...."

මම දොරට තට්ටු කලත් දොර ඇරුනෙනම් නෑ...ගීතිකාවෙ සද්දෙට ඇහෙන්නෙ නැතුව ඇති...මම දනන්වා එයා ගොඩාක් වෙලාවට දොර ලොක් කරන්නෙ නෑ...ඒකමයි මම දොර තල්ලු කරගෙන එකපාරට කාමරේ ඇතුලට ගියේ....බය වුනු පාර ඇඳට වැටුනු ෆෝන් එකේ ගීතිකාවත් නතරවුනා....

"සු...දු......මහ..ත්ත......."

"ඔව්...ඇයි...සුදුමහත්තයා තමයි..."

"ඔයා කෝමද ...ආවෙ."

මගෙ එකා මේසෙට වෙලා මොනාද කරන ගමන් උන්නේ...දොර ඇරෙන සද්දෙට ඒ ඇස් මුලින්ම බයෙන් පිරුනත් මාව දැක්ක ගමන් ඒ ඇස් පුදුමයෙන් පිරිලා ගියා....සාතන් වගේ මම...මගෙ ඇස් ගිනිගහනවා...

"ඇයි...මට එන්න බැරිද..."

"ඇයි...ඇයි ආවෙ."

"ඇයි ආවෙ අහන්නෙ...මම ආවෙ උබේ අන්තිම උත්තරේ දැනගන්න...කලින් උත්තරේමනම් උබට පුලුවන් මාව මේ දැන්ම කාමරෙන් එලියට දාලා දොර වහන්න....."

"නෑ...මම එහෙම කරන්නෙ නෑ..."

"ඇයි බැරි...උබ ඊයෙ කිව්වේ...ගයනිට කැමති වෙනවා කියලා...ආ...බල්ලෝ...කියපන්..."

"දෙවියනේ...අනේ කෑගහන්න එපා..."

"ඇයි මොකද...මම බොරු නෙවෙයිනෙ කියන්නෙ...උත්තර දීපන්...ඔලුව උස්සපන්."

"මට සමාවෙන්න...මට තරහ ගියා...මොකද මම හෙව්වෙ අයියා කෙනෙක්නෙ...ඒක මගෙ හිතේ නිතරම තිබුනු නිසා වෙන්න ඇති මට ඊයෙ ඒ තරම් තරහ ගියේ..."

"ආ....එහෙනම් උබ මට කැමති වුනෙ ඇයි...ආ"

"අනේ...මන් ඊයෙ තරහටයි කෑගැහුවෙ...ඇත්තටම මන් ඊයෙ රෑ ඉඳලම බයේ හිටියෙ ඔයා මොනවත් කරදරයක් කරගනී කියලා..මට ඔයාව ගොඩාක් මතක් වුනා...ඒත් මම මැසෙජ් එකක්වත් නොදැම්මෙ ඔයාගෙම හොඳට..."

ඩාංංංංං.....

"දෙවියනේ...මොනාද කරන්නෙ අප්පා..."

මම දොර වහපු පාරට මුලු කාමරේම දෙදරලා ගියා...මගෙ එකා දන්නවා මට තරහ ගියාම මම මොනවගේ එකෙක්ද කියලා...උගෙ බයෙන් බිරාන්ත වුනු ඇස් ඒ ගැන ඕනවටත් වඩා කිව්වා මට.

මම ගහන්නෙ නෑ...ඌ මාව අතාරිනවා කිව්වම මම ඌට ගහනවනම් මගෙ ආදරේ පුස්සක්නෙ...ඒත් මට කේන්තියි...මූ අර බොල්ලෑවිට කැමත්ත දෙනවා කිව්වා.

"උබ උබ උබ....උබ අර බැල්ලිට කැමැත්ත දුන්නද ඉතින්..."

"අනේ......අන්...නේ....මම ඒක...එවෙලෙ කේන්තියට කිව්වෙ...අනික මම ගර්ස්ලාට කැමති නෑ..."

"ආ එහෙමද...එතකොට මම අද මේ ගමන නාවානම් මොකද වෙන්නෙ."

"එහෙමනම් මේක අදින් ඉවරවෙන්න තිබුනා...."

"මොකක්ද බල්ලො උබ කියන්නෙ...උබ හිතන් ඉන්නෙ මම සෙල්ලම් බඩුවක් කියලද...ආ..."

$මම මේ සේරම කරන්නෙ ඔයාගෙම හොඳට..."

"මොකක්ද පරයො තෝ මාව අතාරින එකෙන් මට වෙන හොඳේ...ආ ????"

"ඔයාට තේරෙනවනෙ...මේ ටික දවසට මම ඔයාට කොයිතරම් රිද්දුවද...ඉතින් මට තරහ ගියාම කියන දේවල් මමවත් දන්නෙ නෑ...අනික ඔයා කොයිතරම් නපුරු වුනත් මන් සම්බන්ධ දේවල් වලදි ඔයා හරි සංවේදියි...ඒනිසා ඔයා මන් එක්ක හිටියොත් හැනතිස්සෙම හිත රිද්දවගනිවි...ඒකයි මම මගෙ තරහ නිවිලා ඔයාව ඕනි වුනත්...කෝල් නොකලෙ.."

"ඉතින් පකෝ තෝ රිද්දන්නෙ නැතුව හිටියනම් ඉවරනෙ...අනික තමයි මම රිදවීම් දරාගන්නම්...ඕනතරමක් බැනපන්...හැබැයි මාව අතාරිනවා , බ්‍රේකප් වෙමු , නවත්තමු කියන එක ඇර...ඇයි බන් උබට නොතේරෙන්නෙ උබ මගෙන් ඈත්වෙන එකයි මට තියෙන ලොකුම රිදීම කියා...ඔය පොඩි පොඩි රිදීම් වලින් මාව බේරන්න කියලා තියන ලොකුම වේදනාව දුන්නම හරිද මට...."

මන් හිතන්නෙ එතනින් එහාට මට කතාකරගන්න බැරිවුනා...හැමදේම පිහිතුඩු වගේ ඇවිත් පපුවේ ඇමිනෙද්දි මාව එතනම ඇඳේ ඉන්දවුනා..

"අනේ මට සමාවෙයන් දෙයියෝ..."

එයා සමාව ඉල්ලනවා...ඒත් මගෙ හිත...ඒක උඩින්ම කැමතියි සමාව දෙන්න..ඌ ඉල්ලන සමාව දීලමයි මම මේ ගමන ආවේ කියලා කියන්න ඕනිවුනත් මට කටේ වචන නැතිවුනා.

"අනේ මන් ඉවසන්න පුරුදු වෙන්නම්...මට ඔයාට වගේ කේන්ති යන්නෙ නෑ ...ඒත් මම මගෙ පාට්නර්ට ගොඩාක් නපුරුයි...ඊයෙ රෑම මට ඔයාව මතක් වුනා..."

"ම්ම්ම්...හරි හරි...දැන් ඒක ඉවරයි...හැබැයි උබ දන්නවද උබ අද මට වැරදිලා හරි යන්න කිව්වනම් මාව වැල්ලවත්ත බීච් එකෙන් එහෙම හම්බෙන්න තිබුනා ..."

"දෙවියනේ...මට බෑ එහෙම කරන්න...ආදරේ කරන කෙනාව එලවගන බෑ මට කවදාවත්...හැබැයි ඔයාව දැක්කම මට චූ බර හැදුනා...මන් හිතුවෙ මන් ඉවරයි කියලා...."

"ඇයි උබට මම මීට කලිනුත් ගහලා තියද...."

"නෑ ඒත්...ඔයා කොයිතරම් නපුරුද කියලා අම්මලා නංගිලා මට කිව්වනේ...ඔයාට තරහ ගියාම තාත්තටවත් කන්ට්‍රෝල් නෑ කිව්වා...එක දවසක් අර කුඩම්මා ගෑනි අම්මට ගහන්න ඇවිත් එදා ඔයාට කේන්ති ගිහින් ඔයාව මෙල්ල කරගන්න අන්කල්ලා තුන් දෙනෙකුටත් බැරිවුනා කිව්වා...ඒ මිනිස්සු කොන්දෙ තෙල් ගෑවා කිව්වා ඔයාව මෙල්ල කරන්න ගිහින්..."

"ම්ම්ම්...ඒ එදා මට කේන්ති ගියා නෙවෙයි...මට කේන්ති ගියාම ඒ තරම් අව්ල් නෑ...එදා මගෙ අවුරුදු 18 ක වෛරෙ එලියට ආවෙ...නිකමට හිතන්න මතක දා ඉඳන් තමන්ගෙ අම්මට කෙනෙහිලිකම් කරලා , ගහලා , බැනලා ඉන්න ගෑනියෙක් ගැන ලමයෙකුගෙ හිතේ මොනවගේ වෛරයක් තියෙන්න ඇතිද කියලා...."

"ම්ම්ම්ම්....මන් හිතුවෙම මගෙ කන පලයි කියලා...."

""උබ ලඟදි මොනාදෝ හේතුවකට මම කන්ට්‍රෝල් වෙනව....හැබැයි තෝ ආයෙ මේම දෙයක් කලොත් මම තෝව හුම්කලා මරනවා..."

"මේ අහන්නකො...අද ක්ලාස්නෙ"

"ක්ලාස් ගියා...ඉවරවෙලැ එහෙමම ආවෙ."

"

"ම්ම්ම්...කෑවද මොනාහරි."

"ඊයෙ රෑ ඉඳන්ම කාලා නෑ...කන්නෙ කොහෙද ඕයි...තමුසෙ ගිනි තියලනෙ ගියේ."

"හරි ඒයි..ම්හුක්...දැන් බැන්නා ඇතිනෙ."

"බැන්නා ඇති නෙවෙයි...මම තෝව හමගහනවා දැනගන් ආයෙ ඔහොම කලොත්නම්....රන්ඩු වෙයන් , බැනපන්...ඕනනම් ගහපන්...ඒ වුනාට දාලා යන්න හදන්න එපා...."

"ම්ම්ම්...මම උදේට සෝයාමීට් හදලා ගාලික් රයිස් හැදුවා..."

"කවපන් එහෙනම්..."

"මොකක්ද අනේ කතා කරන විදිහ ...හරියට කතාකරන්නකො ආදරෙන්...."

"ආදරෙන් කවන්නකො පැටියෝහ්හ්හ්..."

"අනේ මේ...ඔයාට හුරතල් සීන් සෙට්වෙන්නෙ නෑ ශෙරෝ.."

"අනේ මට කියලා හුකාගන්නෙ නැතුව බෙදලා කවපන් බබා...මට තාම කේන්තියි...බ්ලොක් කරපන් අර ගයනි බැල්ලිව...."

"හරි හරි අපො...දැන් ඇති...අනික මම තමුසෙට කියලා හුම්කාගන්නෙ නාතුව අල්ලපු ගෙදර එකාට කියල හුම්කාගන්නද...ඇයි වදේ...."

"දෙන්නෙ උබේ පොල් දත් දෙක බඩේ හිටින්න..."

අපි දෙන්නත් අර අන්දරේලා ස්ටේජ් ඩ්‍රාමා එකේ අන්දරේවතීයි රජ බිසවයි වගේ...එකෙකුට එකෙක් දෙවෙනි නෑ කියවන්න ගියාම...අන්දරේවතී ගැමි ජීවිතේ දුක ගැන කියද්දි රජ බිසව එයාගෙ සුඛෝපභෝගී ජීවිතේ ගැන කියනවා...අන්දරේවතීට ඉන්නෙ රත්නා ලාලිනී මැඩම්...රජ බිසවට ඉන්නෙ නිල්මිනි කෝට්ටගොඩ මැඩම්...මට අද වගේ මතකයි ඒ දෙන්නා මුලු ප්‍රේක්ශකාගාරෙම සිනා සාගරේ ගිල්ලුව හැටි...හුම්ම ගල්ලත් බැලිවුනා අන්තිමේදි...හුම්

රජ බිසව :-

මධුරාපුර රජ ගෙයක උපන්නේ

නොකලා සැප සම්පත් වළඳින්නේ

පවරාඅග මෙහෙසිය වී ඉන්නේ

මෙපුරා මං ගැන කව්ද නොදන්නෙ

අන්දරේවතී :-

හද්දා පිටිසර පැලක උපන්නේ

වේලක් ඇර වේලක් බඩගින්නේ

කරදර විතරයි තනියට ඉන්නෙ

ඉපදුනු කරුමෙට ජීවත් වන්නේ.

රජ බිසව :-

සත් මහලින් සැදි මැදුරක වාසේ.

අතට පයට දැසි දස්සන් බෝසේ

දුකක් ලතැවුලක් කිසිවිට නෑසේ

අපට ජීවිතේ මිහිරියි මී සේ "

අන්දරේවති:-

දොරකඩ ගහකින් පොළොස් කඩාගෙන

කමතෙන් මැල්ලුම් මිටක් හොයාගෙන

රසට උයා පොඩි එකත් වඩාගෙන

ඉන්නවා හිමි එන අයුරු බලාගෙන.

ඔය මතක කවි කීපයක්...වේදිකා නාට්‍යකින් ලැබෙන රසය ෆිල්ම් එකකින් ගන්න බෑ...ෆිල්ම් එකකින් ලැබෙන රසය වේදිකා නාට්‍යකින් ගන්න...ඒ රස දෙක එකිනෙකට වෙනස්....අනික මේ නිළියන් දෙදෙනගෙ රංගනය...වාහ්හ්හ්හ්හ්.

කෝමහරි ඒ ප්‍රශ්නෙ විසඳුනා...රන්ඩුව නිසාම අපේ ආදරෙත් පොඩ්ඩක් වැඩිවුනාද මන්දා.අර සින්දුවකුත් තියෙන්නෙ...

"පෑව සෙනේ අමනාපෙ නිසා

මෝදු වෙලා තිබුනාට වඩා

සිත සැනසුම් සාදනා

ඔබෙ හසරැල් මට වාසනා..."

..මාව තුරුලු කරගනම හිටියා ඇඳට වෙලා...එහෙන් මෙහෙන් ටච් එකනම් දෙනවා...තරහටම මම නොදැනුනු ගානට හිටියා....මගෙ ජුන්ඩාව යන්තමට මිරිකනවා...ohh fuck ....මම ඌටත් සිග්නල් එක දුන්නා නගින්නෙ එහෙම නෑ කියලා...අන්තිමට එයාටම එපා වෙලා එයාව වැඩේ අතෑරලා දැම්මා...

ඩිඟි ඩිගි ඩිඟාරේ

ජුන්ඩා පුතා මේ එන්නේ..

"මේ ඒයි...ම්හුක්"

"මොකද බොල මායම් වෙන්නෙ ඇඟ උඩ ඉඳන්..."

"මට කිස් එකක් දෙනෝකො අනේ..."

"නෑ නෑ....ගයනිගෙන් ඉල්ලගනින්..."

"අයියෝ දැන් ඇති අප්පා...මේ ඒක නෙවෙයි දැන් 10.40 යිනෙ වෙලාව...යමුද කොහෙහරි...."

"කොහෙ යන්නද අනේ...අව්වයිනෙ අනික....මට උබ එක්ක යන්න තියෙන්නෙ අපායට තමා..."

"අනේ මේ...මට යන්න ඕන කොහෙහරි...අපි යමු.........ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්...........තේවත්ත පල්ලි."

"මන් ආයෙ යන්නත් ඕනි...වෙලාව මදිවෙයිද..."

"ඇතිවෙයි...දැන්ම යමු එහෙනම්...ඔයාට අන්තිම ට්‍රේන් එකේ ගියාම ඇති නේද..."

"ම්ම්ම්...බෑ...ඒක මාතරට යද්දි එකොලහ වෙනවා...කඩවතින් හයිවේ බස් එකක් ගමු..."

"ආ ඒම කරමු එහෙනම්...කෝ අපි කොටුවට ගිහින්...කොටුවෙන් රාගමට ට්‍රේන් එකක් ගමු...."

කිලෝමීටර් 152 ක් ගෙවාගෙන ඇවිල්ලත් මු මාව තව ඇවිද්දවනවා...අනේ අම්මපා මටත් සෙට් වුනානෙ මේ වගේ දඟර වලිග ලප වානර කෙනෙක්.

ඉතින් අපි දෙන්නා ගොලුමඩම හන්දියෙන් 430 ක් අල්ලගෙන  කොටුවට ආවා...

දෙවන වේදිකාවෙ නවතා ඇති දුම්‍රිය දැන් අනුරාධපුරය බලා පිටත් වේ...එම දුම්‍රිය පොල්ගහවෙල දක්වා ඇති සෑම දුම්‍රිය ස්තානයකම නවත්වනවා ඇත...එතැන් සිට නවත්වන්නේ....රඹුක්කන , මහනුවර , කුරුනෑගල , මහව , ගල්ගමුව සහ....අනුරාධපුරය.....📢📢📢📢📢📢📢📢📢

යකඩ කටා මහා හයියෙන් බෙරිහන් දෙද්දි මේකා මාවත් ඇදගෙන ට්‍රේන් එකට ගොඩවුනා...අපි දෙන්නා ටිකට්ස් ගත්තෙ රාගමට...

හූ හඬ තුනකට පස්සෙ ට්‍රේන් එක ගැස්සි ගැස්සි රේල් පීලි දිගේ ඉස්සරහට ඇදෙන්න පටන්ගත්තා....ට්‍රේන් එකේ තාලෙට මමත් ඉතින් පොඩ්ඩක් ජැක ගැහුවා...මගෙනෙ...මයිකා මයි ප්‍රෙට්‍රල්...එහා පැත්තෙ ආච්චි කෙනෙක් මගෙ මූන බලලා රැව්වෙ මම ඒ ගෑනිට ජැක ගැහුවා වගේ...අනේ ආච්චියේ උනු උනු චොක්ලට් කේක් තියෙද්දි දෙකට නවපු පරන කරවුනු බිත්තර ආප්පෙකින් මම හාල් ගරන්නද.

අපි දෙන්නා උන්නෙ හිටගෙන...මගෙ ඇටයා ඉතින් උස නැති නිසා මම බාර් එකේ එල්ලුනාම ඌ මගෙ අතේ එල්ලුනා...

ට්‍රේන් එක නැලවෙනවා...බේරෙ වැව අයිනෙන් ෆ්ලෝටින්ග් මාකට් එක පහුකරගෙන නැලවි නැලවි මරදානට යනවා...ඈතින් තව්තිසාව පේනව...දැන්නම් තව්තිසාවෙ ලයිට් නිවලා...මන් හිතන්නෙ දෙයියො බිල ගෙවල නැතුව ලයිට් කපලාද කොහෙද...මට මාර ආසාවක් තියෙනවා...අර රටේ අප්පච්චිව ගෙනත් ඕක උඩ වාඩිකරන්න...එතකොට ඌ කෑගහයි...

"ආහ්හ්හ්හ්...ලඟඳි ලූනු එහෙම කෑවද...දැන්නම් සැපායි....ගැඹුරටම බහිනවාහ්හ්හ්හ්හ්හ්....අපේ කාලෙ මෙහෙම වුනේ නෑ අපේ හාන්දුරුවනේහ්හ්හ්හ්හ්...."

කියලා.

නැලවි නැලවි ආව ට්‍රේන් එක මරදානෙ නතරකලා...මරදානෙන් තව සෙනග නග්ගගෙන ආයෙම නැලවෙනවා...පිලිවෙලින් දෙමටගොඩ , කැලනිය , වනවාසල , වග , හුනුපිටිය , එඩේරමුල්ල පහුකරන් ඇවිත් හොරපේ ස්ටේශන් එකේ දි එයා නැවතිලා හතිඇරිලා...මන් හිතන්නෙ ට්‍රේන් එකට ක්ශය රෝගය....හැබැයි එයා පිටකරපු හුස්ම නම් කලුම කලුයි...

මට ඒ අස්සෙ බයොලොජිත් මතක් වෙනව...mycobacterium tuberculosis තමා ක්ශය රෝගය හදන බැක්ටීරියා එක...එයා හදන්නෙ සයිටොටොක්සින් එකක්...

"දොර ගාවට කිට්ටු වෙන්න ඒයි...ඊළඟ එක රාගම...."

"ආ...එතන ඉඳන් ගොඩාම් දුරයිද අනේ...."

"ටිකක් යන්න ඕන...ස්ටේශන් එක ලඟ බස් තියෙනවා තේවත්ත පල්ලියට යන."

"ආ එහෙමනම් කමක් නෑ ඉතින්."

මේ රාගම දුම්‍රිය ස්තානයයි...පලමුවන වේදිකාවට පැමිනි දුම්‍රිය මහනුවර සහ අනුරාධපුරය බලා පිටත්වෙයි.....දුම්‍රිය නවත්වනු ලබන්නෙ..................📢📢📢

රාගම ස්ටේශන් එකේ අක්කි මොන මොනවදෝ කියනවා ඇහෙද්දි අපි දෙන්නා ස්ටේශන් එකෙන් එලියට ඇවිත් බස් එකට ගොඩවුනා...කියන්න සතුටුයි මිත්‍රවරුනි මේ බස් එක යකඩ වලට විකිනුවත් ගන්නෙ නෑ...බස් එකක් නෙවෙයි...මේක වෑන් එකක්...යද්දි කෑලි හැලෙයි කියලා මට පැහැදිලි සැකයක් ආවා...ඒ තරම් ම පරනයි.

මන් හිතන්නෙ මේ බස් එක ලන්කාවට ගේන කාලෙ ලන්කාව පාලනේ කරන්න ඇත්තෙ මැතිනි වෙන්න ඇති...දැන් මැතිනිගෙ ලමයිත් පැටව් ගහල උන්ටත් ලමයි ඉන්නව 🤣

ඉතින් රාගම ඉඳන් මේ බස් එකෙත් කොට කොට ආව කියහන්කෝ...ඇවිල්ලා බැස්සේ  නිවන් දකින්න යනවා වගේ..

"ම්ම්...මේ තම ඒයි පල්ලිය...අර ඈතට පේන්නෙ පල්ලිය...මේ වතු යායම පල්ලියට තමා අයිති...."

"ම්ම්ම්...යමු එහෙනම්.."

"යන්...අද සෙනගනම් ටිකක් ඉන්නවා...ආ මංගල්ලෙ ළඟයිනෙ...ඒකයි..."

"ම්ම්ම්ම්"

"...මේක තමා ලන්කාවෙ ලොකුම සහ ප්‍රධානම කතෝලික පල්ලිය..."

"අම්මෝ දෙවියනේ මේකෙ ලොකු...අර අල්තාරෙ විසාල බලන්නකො..."

මාරම ලස්සනයි....පල්ලියෙ ආගාරේ ගොඩාක් ලොකුයි...අල්තාරෙ ලඟට යන්නත් ගිඩක් ඇවිදින්න තියෙනව වගේම අල්තාරෙ උඩ තරු පිරුනු නිල් පාට අහසක් සිත්තම් කරලා...ඒ අහස් ගඟ මැද සුදෝ සුදු පාට දේව මෑනියො ජේසු බබා වඩාගෙනම අපි දිහා හරි කරුනාබර විදිහට බලා ඉන්නවා..

අපි ඉස්සරහම බන්කු පේලියේ ඉඳගත්තා...ඉඳගත්තා කිව්වට එයානම් දනගහගත්තා...මම ඉඳගෙන හිටියා...තොල් යන්තමින්වත් නොසෙල්වීම මගෙ හිත දේව මෑනියන් එක්ක දොඩමලු වෙමින් තිබුනා..

"මම දන්නෙ නෑ මෑනියනි යාඤ්ඤා කරන්නෙ කොහොමද කියලා...මම ඉල්ලන්නෙ මෙච්චරයි...මම උපතින් බෞද්ධ...මම බුදුන් සරන යන කෙනෙක්...ඒත් මම හිතනවා හැමෝටම කරුනාව පෙන්වන ඔබතුමී මටත් ඇහුම්කන් දේවි කියලා...ඉතින් අම්මේ මම ඉල්ලන්නෙ මෙච්චරයි අපි දෙන්නව වෙන් කරන්න එපා...අපි දෙන්නව එකතු කරලා තියාගන්න අම්මේ...අනිත් දේ තමා මොන දේ කොහොම දරාගත්තත් සමහර තැන්වලදි එයා මට කලින් වෙන අය අතින් ඉඳුල් වුනු කුසුමක් කියන දේ මගෙ හිතට එබි එබී ඔච්චම් කරනවා...ඒ දේ මගේ මනසින් අතුගාලා දාන්න අම්මේ...මට උදව් වෙන්න අම්මේ..."

ආදරේට කොයින්ද ආගමක්...ආදරෙට කියින්ද වයස් බේදයක්...ආදරේට කොයින්ද  ලිංග භේදයක්...ඉතින් බුදුන් ලඟ දොහොත් මුදුන් දෙන මම මහා ආදරේකින් මෑනියන්ගෙ ඒ නිවුනු ඇස් දිහා බලාගෙන ප්‍රාර්ථනා කලා හදවතින්ම.

"බබා...දේව මෑනියො අපි දෙයක් ඉල්ලුවම ඒ දේ දෙනවා නේද්."

"නෑ...දේව මෑනිගන්ට ප්‍රාතිහාර්‍ය පාන්න බෑ...ඈට පුලුවන් මැදිහත් වෙන්න විතරයි..."

"ඒත් මටනම් ජීසස්ටත් වඩා දේව මෑනියන් ගැන මහා භක්තියක් , ආදරයක් දැනෙනවානෙ."

"එහෙම තමයි...අපි ගෙදරකදි වුනත් තාත්තා කොයිතරම් අපි වෙනුවෙන් මහන්සි වුනත් වැඩිපුරම සමීප , දුකේදි දුවගෙන යන්නෙ අම්මා ලඟටනෙ...අන්න ඒ වගේ තමා.."

"ම්ම්ම්ම්...අර එහා පැත්තෙ වීදුරු පෙට්ටියේ තිබුනු සුරුවමනම් මාරම ජීවමානයි බබා...මං දිහාම බලන් ඉන්නවා වගෙයි මට දැනුනෙ."

" මරිය රැජිනියේ මා දයාබර මවේ.

දුබල අපට සෑමදා සරන වන මවේ "

"එන්නකො අපි අර පල්ලෙහාට යමු...".

"තව කොයි යන්නද..."

"එන්නකො ලූර්දු පල්ලියට යමු අපි."

"ඒ කොහෙද...."

"දේව මෑනියො සැනින් සැරේ මිනිස්සුන්ට දර්ශනය වුනානේ...ඔය ඉන්දියාවේ වේලන්ක්කන්නි , ෆාතිමා නුවර , ලූර්දු නුවර එහෙම...ඉතින් ඔන්න ඔහොම ලූර්දු නුවර ගොපලු දරුවන් තුන්දෙනෙකුට දේවමෑනියො දර්ශනය වෙනවා...ඒකයි ඒ ස්වරූපෙට ලූර්දු මෑනියො කියන්නේ...අර ඔයාලගෙ පත්තිනි මෑනියන්ටත් ස්වරූප හතක් , දොලහක් තියෙන්නෙ...අන්නෙ එහෙම...ඒ මෑනියො තමා අර ඉන්නේ...ලා නිල් පාට සලුවක් පැළඳගෙන ඉන්නෙ ලූර්දු මෑනියො....."

"දෙවියනේ...මේක ඩිස්නිලන්ඩ් වගේන්."

"ඔව්ව්...හරිම ලස්ස්නයි නේද අනේ."

"ඒකනේ...පුදුම ලස්සනයිනේ."

ගස් අතරින් පේන පල්ලිය...පල්ලියක් කියලා හිතාගන්න බෑ...සුරංගනා කතාවක මාලිගාවක් වගේ....ඒ තරම්ම ලස්සනයි...

කෝමහරි වැඳපුදාගෙන අපි එලියට එද්දි හවස තුනයි...එතන ඉඳන් කඩවතට ආව අපි දෙන්නා කඩවතදි වෙන්වුනේ තිබ්බටත් වඩා අපේ බැඳීම ශක්තිමත් කරන්...

"පරිස්සමින් යන්න හොඳද .."

"ගිහින් කියන්න මට...බස් එකේ එහෙම යද්දි පරිස්සමින් ...."

"හරි මැනික...කල්පනාවෙන් ඔයත්."..

"ආදරෙයිනේ මන්."

"මාත් ආදරෙනෙයිනෙ මගෙ බට්ටෝ..."

ඉතින් ආදරෙට පුලුවන් හිතන් නිවන්න වගේම...තුවාල වහලා දාන්න...ඉතින් අදත් එහෙම දවසක්.

........................................................................................................................

මතු සම්බන්ධයි ♥

කතාව එන්න එන්න සීරියස් වෙනවා...මුල් පාට්වල තරම් ජෝක්ස් එහෙම නැත්තෙ ඒකයි...මේ ගඟක්...තැන්නේ ගලා ආවට දැන් කඳු හෙල් ළඟයි...මොනදේ කොහොම වුනත් ශෙරෝ ඇන්ඩ් නෙතූ එකට රැඳේවි.

මම ශෙරෝන් ♥

Share This Chapter