Back
/ 38
Chapter 38

තිස් අටවන ස්වරය ❤️

තත් 🔞

"සුදූ..පුතා"

"ම්ම්ම්."

"කන්න එන්න දරුවො."

"හරි. "

"අයියෙ."

"ඕ..ඇයි."

"කන්න එන්න දැන්."

"හ්ම්."

එක දිගටම එක පෙලටම අකුරු අකුරු අකුරු...ඉලක්කම් ඉලක්කම් ඉලක්කම්...මගෙ එක්සෑම් එකටත් දැන් ගොඩාක් ලඟයි...මිනතරම් හිත එක්කාසු කරගෙන පාඩම් කරන්න හැදුවත් හිත එකඟ වෙනවට වඩා ඉක්මනින් අයාලෙ යනව...ෆිසික්ස්වල , කෙමෙස්ට්‍රිවල වැඩ බොහෝදුරට ඉවරයි...ඒත් බයෝ...තව ගොඩාක් ඉතුරුයි...දෙව්නි අක්කාගෙ බෙහෙත් නිසා මට සැලකිය යුතු මානසික සුවයක් දැනුනත් මට පාඩම් කරද්දි ටික ව්එලාවකින් මගෙ ඇස් ඉස්සරහා අපේ ලස්සන දවස්වල මතක ඇඳෙද්දි කෑගහලා අඬන්න හිතෙනවා.

ඇත්තටම එදා පිලදුව පාලම උඩදි ඒ තීරනේ අරගෙන අදට දවස් තිහක්...මාසයක්...හ්ම්...ඇත්තටම මට කියන්න බෑ මුකුත් වෙනස් නොවුනු බව...ඇත්තටම මොනවද වෙනස් නොවුනෙ...

අපේ එදා රංඩුවෙන් පස්සෙ එයා දිගටම මට කතාකරන්න උත්සාහ කලත් මම පුලුවන් හැමවෙලාවක මගෑරියා...මොකද මට ඕනි වුනේ නෑ තවදුරටත් එයාගෙ ජීවිතේ නාස්ති කරන්න...ඇත්තටම මම මොකෙක්ද...මම තවම ඒලෙවල්ස් කරන පොඩි කොල්ලෙක්...මට වගකීම්වල ලොකු බරක් තව නෑ...ඒත් එයා ෆයිනල් ඉයර් එක පේන මානෙ ඉන්න මෙඩ්ඩෙක්...එයා තව අවුරුදු එකහමාරකින් වගේ ඩොක්ටර් කෙනෙක්...එයාගෙ ජීවිතේ වගකීම්වල බර එයා දැන් දරනවා...මං වෙනුවෙන් එයා මග නතරවෙන්න ඕනි නෑ කියන දේ හැමවෙලේම මගෙ ඔලුව රැව්දුන්න නිසා මම එයාව මගෑරියා...එයා කෝල් කරන හැමවෙලාවකම එයාට බලාපොරොත්තු නොදී ඉන්න මම පුලුවන් උපරිම තරම් උත්සාහ කලා...කොටින්ම සාමාන්‍ය යාලුවෙක් වගෙයි මම කතාකලේ...එයාට මාව එපාවෙයි කියලා මම බොරුවට එයාට බැන්නා , කෑගැහුවා...ඇත්තටම ඒ වැඩෙන් එයාටත් වඩා රිදුනෙ මට.

හැමදාම ගුඩ්මෝනින් මැසෙජ් එක එන්නෙ එයාගෙන්...ඒක අදත් එහෙමයි එදත් එහෙමයි...හෙට ගැන මම කියන්න දන්නෙ නැ...එයා දවසකට ගොඩාක් කෝල් කරනව...මම ඉඳහිට එකක් දෙකක් අඅන්ස්වර් කරනව...එයා ගොඩාක් ඇවටිලි කරනවා...මාව ඕනි කියනවා...අඬනව...එතකොට මට කෑගහලා කියන්න හිතෙනව උඹට විතරක් නෙවෙයි මැනිකෙ මටත් උඹ නැතුව ඉන්න බෑ කියලා...මට ඌව හොයාගෙන හිහින් බදාගෙන අඬන්න හිතෙනවා...

ඒත් මම හිත ගල්කරගෙන එයාගෙ ඇවටිලි මගෑරලා කෑවද බිව්වද ස්ටඩීස් කොහොමද අම්මට නංගිට කොහොමද කියලා අහනව...එයාට කේන්ති ගිහින් බැනලා කට් කරනව...ආයෙ ටිකකින් ආයෙ එයාගෙ නමින් කෝල් එකක් එනවා...ඔය චක්‍රෙ තමා දිගටම ගියෙ....එයාටම කේන්ති ගිහින් කතා නොකරම ඉන්න දවස් තියෙනව...ඒත් එයා එදාට අහස් අයියලාට කතාකරලා අඬනවලු...ඒක මගෙ හිතට පුදුම තරම් දුකක්.

ඒත් ඔය හැමෝටම නොපෙනුන පැත්තක් තිබ්බා...ඔය හැම කෝල් එකක්ම අවසානෙ කොට්ට තෙත් වෙනකල් කඳුලු වගුරන මම...එයාගෙයි මගෙයි ෆොටෝස් බල බල මහ රෑටත් ඇස්වල කඳුලු පුරෝගෙන හූල්ලන මම...එයාගෙ නම්බර් එක දවසට සියපාරක් විතර ඩයල් කර කර ආයෙම රින්ග් වෙන්න කලින් කට් කරන මම...මැසෙජස් දාහක් ටයිප් කරනව සෙන්ඩ් නොකර මකලා දාන මම.

කොයි තරම් හිත තදකරගෙන එයාගෙන් ඈත්වෙනව කියලා හිතුවත් මට ඒක කොයිතරම් අමාරුද කියලා විස්තර කරගන්න වචන මා ගාව නෑ අදටත්.

මිනිස්සු ආදරේට හරි ලෝබයි...ඒ ආදරේ හිතට වැදිලා නම් ඒ ආදරේ අමතක කරන එක ගොඩාක් අමාරුයි...සැරින් සැරේට එන කෝල්ස් , මැසෙජ්ස් වලින් ආයෙ ආයෙම ඒ ආදරේ මතක් වෙනවනම් කීයටවත් ඒ ආදරේ අමතක කරන්න බෑ අපිට.

මම දැනගෙන උන්නා මට මේ දැනෙන දුක , වේදනාව එයාටත් මේ විදිහටම දැනෙන බව...මොකද එයා අහස් අයියට කෝල් කර කර අඬලා තිබ්බා දිගටම...අහස් අයියලාට වුනත් දෙන්න උත්තරයක් මට තිබුනෙ නෑ...අහස් අයියා කලින් කෝල් කල වෙලේ මම උත්තර නැතුවම ගොලුවුනා.

"මල්ලි."

"ම්ම්ම්...ඕ අයියෙ කියන්න."

"නෙතූ අයියා කතාකලා."

"හ්ම්ම්..."

"මොකද බන්...උඹලට මොනාද වෙලා තියෙන්නෙ.."

"ඇයි බන් අයියෙ."

"හරියට කතා කරපන්කො...අරූ එහෙන් හූල්ලනවා...මූ මෙහෙන් හූල්ලනව."

"එයා ඇයි හූල්ලන්නෙ."

"ඒක මගෙන් අහල හරියනවද බූරුවො".

"හ්ම්ම්."

"මල්ලො...මට කියනවකො මොකක්ද ප්‍රශ්නෙ."

"නෙතූ කියන්න ඇතිනෙ අයියෙ."

"නෙතූ අයියා කිව්වෙ ඔයා එයාව මගාරිනවා , එයාව එපාවෙලා කියලා විතරයි..."

"එහෙම මොකුත් නෑ අයියෙ...අපි ගැලපෙන්නෙ නෑ."

"මොනාද බන් කියවන්නෙ...උඹල දෙන්නා තමා මම දැකපු ගැලපෙනම ජෝඩුව."

"හ්ම්ම්..."

"මල්ලි , නෙතූ අයියා ඇඬුවා හොඳටම."

"ම්ම්ම්..."

"උඹ ඇයි බන් මෙහෙම හැසිරෙන්නෙ."

"......"

"මල්ලි."

"....."

"ශෙරෝන්...කතාකරපන්කො."

"....."

"ඕයි ශෙරෝන් , මල්ලි."

"අයියෙ මගෙ ඔලුව කැක්කුමයි...මම ඔයාට පස්සෙ වෙලාවක ගන්නම්...ඔයා පුලුවන් විදිහට නෙතූගෙ හිත හදන්න...එයාට අඬන්න දෙන්න එපා.."

"මල්ලි."

"බායි...මම පස්සෙ ගන්නම්.."

"ශෙරෝන්...ඉන්න්න්......."

බීප් බීප් බීප්

මට දෙන්න ඕන උත්තරේ මොකක්ද කියලා හිතාගන්න බැරුව මම ගොඩක් අසරන වුනා...ඊටත් වඩා තව මොනාහරි කතාකලානම් මට ඇඬෙන්න තිබ්බා...ඒකමයි මම කෝල් එක කට්කරලා දැම්මේ.

ජීවිතෙත් අපි එක්ක මහ පුදුම සෙල්ලම් තමා කරන්නෙ...ආපස්සට හැරිලා බැලුවම මගෙ ජීවිතේ මම දිනපු තැනක් පේන තෙක් මානෙක නෑ...මම පැරදිලා විතරයි.

මගෙ පලවෙනි අෆයාර් එක විහඟි කියලා නංගි කෙනෙක් එක්ක...ඒක තිබ්බෙ මාසයක් වගේ...නිශ්චිතවම හේතුවක් කියන්න බැරි වුනත් ඒක පොඩි පොඩි හේතු නිසා කැඩිලා ගියා...එතකොට මම අවුරුදු 13 ක් වගේ...ඒක ඉවරවෙලා කෙටි කාලෙකින්ම මම කට වඩා අවුරුදු දෙකක් වැඩිමල් කෙනෙක් එක්ක යාලුවුනා...එයා කැනඩා ඉපදිලා ලංකාවට ආව කෙනෙක් නිසා එයා කැනේඩියන් කල්චර් එකට හුරු වෙලා තිබුනේ...ඒ නිසාමද මන්දා අපි යාලුවෙලා කෙටි කාලෙකින් මම එයාගෙ ගෙදර එයාගෙ ඇඳේම මගෙ ෆ්අස්ට් සෙක්ශුවල් එක්පීරියන්ස් එක ලැබුවා...එතකොට මට අවුරුදු 14යි.

ඊටපස්සෙ තව ගර්ල්ස්ලා දෙන්නෙක් එක්ක මගෙ අෆයාර්ස් තිබ්බා...හැබැයි මට බෝයිස්ලා ගැනත් ෆීලින්ග්ස් තිබ්බ...ඒත් මම හිතුවේ ඒක පාපයක් , මහා විනාසයක් කියල...ඒ නිසා මම පුලුවන් තරම් නෝමල් විදිහට ජීවත් වුනා.

ඒත් මේ සේරම උඩුයටිකුරු වුනේ මම අවුරුදු 16 දි අහම්බෙන් හම්බුන කෙනෙක්ගෙන්...එයා හිටියෙ ෆේක් අකවුන්ට් එකකින්...එයා පෝස්ට් එකක් දාලා තිබ්බා කොල්ලෙක් තවත් කොල්ලෙකුට ආදරේ කිරීම වරදක්ද කියලා...

ඇත්තටම මම ඒකට හරි කැත විදිහට කමෙන්ට් කරලා එයාට බැන්නා...මොකද ඔය ප්‍රශ්නෙ මගෙ හිතෙත් තිබ්බා...මට ඒ කොල්ලා වගේ විවෘත වෙන්න පුලුවන් වුනේ නෑ...අනික මගෙ අනන්‍යතාවය හංගන්න ලොකු උවමනාවක් මට තිබ්බා.

කොහොමත්  හෝමොෆෝබික් කියලා පෙනවන ගොඩක් අය හෝමොසෙක්ශුවල්...ඒක තියරි එකක්.

තමන්ගෙ ඇත්ත අනන්‍යතාවය වහගන්න හෝමොෆෝබික් වගේ හැසිරෙනව.

ඉතින් එදා මට ඒ කොල්ලා ඉන්බොක්ස් කතාකලා...ඌ මට කිව්වා බ්ලොග් එකක නමක්...ඒක කියවලා තේරුම් ගනන් කිව්වා ආදරේට සීමා මායිම් තියෙනවද කියලා...මට අද වගේ මතකයි ඒ නම.

"හන්තාන සිහිනය"

ශෙනාල්ගෙයි සංකර්ශගෙයි ආදරේ සරලව ඉදිරිපත් කරලා තිබ්බා...ඒ ආදර කතාව මගෙ ජීවිතේ ඇත්තම අනන්‍යතාව්‍යා හොයාගෙන යන්න මට ලොකු බලපෑමක් කලා...මටත් ඒ වගේ ආදරයක අවශ්‍යතාවය තදින්ම දැනෙන්න පටන්ගත්තා...කෙල්ලො එක්ක සෙක්ස් කලාට එතනින් එහාට කෙල්ලෙකුට ආදරේ කරන්න්න් බැරිබව මට දැනිලයි තිබ්බෙ...ඉතින් ඔය කාලෙ අහම්බෙන් මට මගේ ෆස්ට් ගේ ලව් එක හම්බුනා...මාසයයි...ඒ මාසෙට හරියන්න අවුරුද්දකටත් වඩා කාලයක් මම උගෙ වංචාවෙන් දුක්වින්දා...

එදා මම ඩිසයිඩ් කලා ආයෙ කවදාවත් සිරා ලව් කරන්නෙ නෑ කියලා...සෙක්ස් කලා...ඒත් ලව් එකකට ගියෙ නෑ...ආදරේ නාමෙන් මිනිස්සුන්ව ලඟට අරගෙන එයාලගෙන් ප්‍රයෝජන අරන් අතෑරලා දැම්මා....මං එක්ක සෙක්ස් කරපු අය ආදරේ ඉල්ලගෙන පස්සෙන් වැටීගෙන එද්දිත් හරිම කැත විදිහට එයාලව අතෑරලා දැම්මා...

ඒත් අවුරුදු දහ අටේදි මට මගෙ නෙතූව හම්බුනා...එදා ඒ අහඹු හමුවීම තමා අදතාක් මාව මේ තැනට ගෙනත් තියෙන්නෙ.

ට්‍රීං....ට්‍රීං....

මගෙ අතීතාවර්ජනය බිඳිලා ගියේ ෆෝන් එක වයිබ්‍රේට් වෙද්දි...මම හිතුවෙ අහස් අයියා ආයෙම කතා කරනව කියලා වුනත් ස්ක්‍රීන් එකේ සටහන් වෙලා තිබ්බෙ unknown number කියලා.

මම ටිකක් වෙලා කල්පනා කරලා ආන්ස්වර් කලා.

"හෙලෝ."

"හලෝ..."

හරිම ගැඹුරු කටහඬක්...මට ගහන්න වගේ කතාව...කලින් මේ කටහඬ අහලා නැතිබව මට ශුවර්...ඒ කටහඬ හරියට පරන තාලෙ ප්‍රින්සිපල් කෙනෙක්ගෙ වගේ...කියන්න නොතේරෙන මහ පුදුමාකාර කේන්තියක් ඒ කටහඬේ ගැබ්වෙලා තිබ්බ බව මට දැනුන.

"කව්ද මේ කතාකරන්නෙ."

මම එහෙම ඇහුවෙ තප්පර කීපයක ඒ නිහැඬියාව මට දරාගන්න අමාරුවුන නිසා.

"මම කව්ද කියන එක කියන්න කලින්...මට කියනවකො මේ කතාකරන්නෙ ශෙරෝන් කියලා කෙනෙක්ද කියල."

මේ මොන විකාරයක්ද...ඇයි මෙහෙම disrespectful විදිහට කතා කරන්නෙ...කටහඬේ හැටියටනම් අනිවාරෙන් මටවඩා වැඩිමල් කෙනෙක් වෙන්න ඕන...ඒත් මේ තරම් නොවැදගත් විදිහට කතාකරන්නෙ ඇයි...කෝල් එකක් අරගෙන මෙහෙම ඇඟට කඩාපනින සිරිතක් තියද...ඒ නිසාමයි මම අඅයෙම එයාගෙන් එයා කව්ද කියලා ඇහුවෙ.

"කරුනාකරලා කියනවද මේ කව්ද කියලා...අනික ඔබතුමා කොහොමද අඳුනන්නෙවත් නැති කෙනෙකුට ඔහොම කතාකරන්නෙ."

"මම තමුන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවනෙ...ඒකට උත්තර දෙනවකො..."

"ඔව් මම ශෙරෝන් තමා...කියන්න බලන්න උබතුමා කව්ද කියලා...මාව අඳුනන්නෙ කොහොමද."

"මම නම් තමුසෙව අඳුනන්නෙ නෑ...ඒත් මගේ එකෙක් තමුසෙව හොඳටම අඳුනනව."

මේ මොන මගුලක්ද යකෝ මේ...මේ මිනිහට පිස්සුද...මට කෝල් කරලා මං කව්ද අහනවා...ආයෙම මාව අඳුනන්නෙත් නෑලු...ගංජා ගහලද කුඩු ගහලද.

"මේ මිස්ටර්...කරුනාකරල කියනවද කව්ද මේ කතාකරන්නෙ කියලා...අනික මනුස්සයෙකුට කතාකරන්න ඉගෙනගන්නවා මුලින්...කතාකරන්න දන්නෙ නැත්නම් මට කතාකරන්න එපා...මගුල...මගෙ රැව්ල ගිනි අරන් තියෙන වෙලේ සුරිට්ටු පත්තු කරන්න එන්නෙ නැතුව තියනව අයිසෙ ෆෝන් එක...."

මම කේන්තියෙන් ෆෝන් එක කට්කරන්නයි ගියේ...ඒත් මට ඒ සැනින් ඇහුන වචන ටිකට මගෙ කකුල් එක තැන ගල්වෙලා පිට දිගේ සීතලට හිරියක් ගලාගෙන ගියා...මේ තරම් වචන ගලාගෙන ආව තොලකට වේලිලා ගියා...කොටින්ම මම ලත් තැනම ලොප් වුනා.ප්

"තෝ එනවද පකයො මට උගන්වන්න...මම තොගෙ මහලොකු ආදරවන්තයගෙ තාත්තා...කෝ කතාකරපන් ඉතින්."

"මො...ක..ක්ද...මට...තේ..රුනෙ නෑ."

"මම නෙතුකගෙ තාත්තා..."

"අන්කල්..ල්.."

"අන්කල් වුනෙ කොහොමද බල්ලො මම උඹට...මිස්ටර් ෆොන්සේකා කියපන්..."

"මිස්..ට...ර්"

"තටමන්න දෙයක් නෑ...මං කියන දේ අහගනින් පොන්නයා...මම උඹටයි අපේ පොන්නයටයි දෙන්නටම කියන්නෙ තොපේ ඔය තියෙන සක්කිලි පිලිකුල් තිරිසන් සම්බන්ධෙ වහාම නතර කරගනින්...එහෙම නොවුනොත් මම තොපි දෙන්නව නැත්තටම නැතිකරනව..."

ඒ මනුස්සයා මේ ටික කිව්වෙ මහ හඬින් කෑගහලා නෙවෙයි...ගොඩාක් තද ගැඹුරු කටහඬකින් කේන්තියට දත්කූරු කනගමන්.

"අ...නෙ.."

"අනේ පනේ නෙවෙයි...තොපි මොක්කුද..ශික්...රටේ ලෝකෙ කෙල්ලො නැතුවද තොපි කොල්ලො එක්ක යාලුවෙන්නෙ...මම උඹට මේ කියන්නෙ පලවෙනි සහ අවසාන පාරට...වහාම තොපේ මේ හිරිකිත සම්බන්ධෙ නතරකරපන් මාව නරකා මිනිහා කරගන්නෙ නැතුව...මම උඹට මේ ටික කියන්නයි ගත්තෙ...අපේ එකාට මම හොඳට සලකලා තියෙන්නෙ..."

"අනේ...එයාට  ගහන්න...එපා"

"උඹ කව්ද පොන්නයො මට උගන්වන්න...ඌව ජාතක කලේ මම...ඌව ජාතක කලා වගේම මට ඕනනම් මරලා දාන්නත් පුලුවන්...තෝ එනවද මට කියල දෙන්න...පර බල්ලා."

අනේ මේ මොකක්ද දෙවියනේ වුනේ...මගෙ කොල්ලා ගුටි කන්න ඇති...ඔය මනුස්ස්‍යාඅ යකෙක් වගේ කෙනෙක්ලු...අයියෝ මේ මෝඩය කොහොමද ගෙදරට මාට්ටු වුනේ.

ඔය අතරෙ මට ඇහුනා කව්දෝ ගෑනු කෙනෙක් ෆෝන් එක උදුරගන්නව....එයාලගෙ ගෙදර ඉන්නෙ නංගියි අම්මයිනෙ...ඒ දෙන්නගෙන් කෙනෙක් වෙන්න ඕනි.

"හෙලෝ."

"හෙ...ලෝ..ව්"

මගෙ කටහඬ වෙව්ලනව හොඳටම...කොයි තරම් පොර ටෝක් දුන්නත් මේ අනපේක්ශිත හෙන ගෙඩිය නිසා මම හිටියෙ හොඳටම තිගැස්සිලා...කියන්නෙ මොකක්ද කරන්නෙ මොකක්ද කියලා හිතාගන්න බැරුව මම ගල්වෙලා.

"මොකක්ද දරුවො මේ වැඩේ තේරුම...ඔය ලමයා යමක් කමක් තේරෙන උගත් ලමයෙක් නේද ?"

කලින් තරම් සැරෙන් නෙවෙයි...ඒත් ඒ ගෑනු කටහඬෙත් යම්තාක් දුරකට කේන්තියක් මුහුවෙලා තිබ්බ බව දැනුනා...එයා හරිම ආයාසයෙන් කේන්තිය හංගගෙන කතාකලා.

"ම..ං..."

"ලැජ්ජා නැද්ද...අනික නෙතුක දැන් දොස්තර කෙනෙක් වෙන්න ඉන්න කෙනෙක්...ඔයාට ඕන එයාගෙ නමට කැලලක් එකතුකරන්නද...නෙතුකගෙ තාත්තට හොඳටම කේන්ති ගිහින් ඉන්නෙ...නෙතුකටත් හොඳටම ගහලා කාමරේට දාලා ලොක් කලා...කරුනාකරලා මේ විකාර සම්බන්ධෙ නතර කරන්න පුතා...මම අම්මෙක් විදිහට කියන්නෙ ඔය දරුවටත් අම්මෙක් ඉන්නවනෙ...මේ වගේ දෙයක් අම්මෙක්ට දැනෙන්නෙ කොහොමද කියලා අද මම දන්නව...ඒ නිසා මේක නතරකරපන් පුතේ."

"දේවිකා..දේවිකා...ඔය පොන්න බල්ලොන්ට ඔහොම කතාකරලා වැඩක් නෑ...පුතා පුතා ගාන්නෙ මුන් මොක්කුද...පොන්න හැත්ත...තෝ තමයි මේවට වගකියන්න ඕන...මම තොට කිව්වා හාමදාම...තෝ තමයි මම කෑගහද්දිත් අර බල්ලාගෙ පැත්ත අරන් ඌව කෑවෙ..."

මට ඇහුනා එයාගෙ තාත්තා අම්මටත් කෑගහනව...ඒත් මම හිටියෙ හ්ම්ම්ම් කියාගන්නවත් බැරුව ගල්ගැහිලා...දෙවියනේ මේ මොකක්ද වුනේ....එකපාරට හෙන ගැහුවා වගේ වැඩක්නෙ වුනේ...

මට ඇහුනා එයාගෙ අම්මා ඉකි ගහද්දි තාත්තා ෆෝන් එක උදුරගන්නව.

"මං තොට කිව්වනෙ වෙන්න ඕන දේ...එහෙම නොවුනොත් මම අපේ එකාව බාවනවා...මම කිව්වොත් කිව්වා...මම තොගෙත් ගෙදරටම ඇවුත් අම්මා අප්පටත් එක්ක කියලා දීලා යන්නෙ එදාට...තුක් විතරක් මානසික ලෙඩ්ඩු...පොන්න හැත්ත...මාව නරක මිනිහෙක් කරගන්න එපා...මේ මම අන්තිම පාරට කියන්නෙ..".

බීප් බීප් බීප්....

කෝල් එක කට්වුනා...මට තාමත් හිතාගන්න බෑ ඒ මොකක්ද ඒ වුනේ කියලා...ඇත්තටම මට තාම ශුවර් නෑ මම මේ ඉන්නෙ හීනෙකද හැබෑවකද කියලා...ඒත් විනාඩි දෙක තුනක් යද්දි මම ආයෙම හොඳ සිහියට ආවෙ මට මහා හයියෙන් ඉකි ගැහෙද්දි...ඇත්තටම මට දුක මං නිසා මගෙ කොල්ලා ගුටි කනවට..

දෙවියනේ ඌ වයසින් වැඩුනට ඇඟපතින් පුංචි එකෙක් වගේ...ඌ කොහොමද ඔය වගේ පාරවල් දරාගන්නෙ...අයියෝ මේ මොකක්ද දෙවියනේ වුනේ...මම දැන් මොකක්ද කරන්නෙ...

මගෙ ඇස් දෙකෙන් හෝ ගාලා කඳුලු ගලනවා...අයියෝ මම මොනාද දෙවියනේ කරන්නෙ...මට කිසිම දෙයක් හිතාගන්න බැරුව ගල්වෙලා...අඩුම මං ඉන්නෙ කොහෙද කරන්නෙ මොනාද කියලාවත් මට සිහිකල්පනාවක් තිබ්බෙ නෑ..

"අයියෙ....මේ එන්නෙ නෑද්ද...ඈහ්...මේ මොකෝ..."

මම උඩ ගියේ නංගිගෙ කටහඬට...දෙවියනේ මම කාමරේ ඉන්නෙ දොරත් ඇරල දාලා...නංගි බයවෙලා වගේ ඉන්නව මං දිහා බලාගෙන.

"ආ ඔව් ඔව්...ආ කන්න නේ...හරි මං එන්නම්...තමුසෙ යනවකො."

මම දඩ බඩ ගාලා බිමින් නැගිට්ටේ අත් දෙකින්ම කඳුලු පිහදාන ගමන්...ඒත් කරුම වෙලාවට මෝල් ගහත් ඇවිලෙනවලුනෙ...ඇඳ විට්ටමේ සරම පැටලිලා ආයෙම ඇඳගෙන වැටුනේ ගිඩිං සද්දෙට ඔලුවත් ඇඳ විට්ටමේ වැදෙද්දි.

නංගිත් බයවුනු පාර මම ලඟට දුවන් ආවත් මගෙ මූන දිහා බලන් ඉන්නව.

"මොන රෙද්දක්ද යකෝ බලන් ඉන්නෙ...ගිහින් අයිස් කැටයක් අරන් වරෙන්...තොපි ඔක්කොම ඇවිත් තියෙන්නෙ මාව කන්න...කාපිය මාව..."

නංගි මං දිහා බලන් හිටියෙ හොඳටම බයවෙලා...කටත් ඇරිලා ඇස් දෙකත් ලොකුවෙලා...මං හිතන්නෙ මේ වුන දේවල් ඒකිගෙ මොලේට තාම ප්‍රොසෙස් වෙනවා.

හිතේ තිබ්බ පීඩනයයි , නෙතූ ගුටිකන දුකයි...ඔලුව වැදුනු එකේ වේදනාවයි තුනම කේන්තියක් විදිහට නංගිගෙ පිටින් ගියා..

අනිතිමට ඒකිට වෙච්ච කෙරිච්ච දේ ප්‍රොසෙස් වෙද්දි ඒකි මගෙ ඔලුව අල්ලන්නත් ගිහින් අඅයෙම අත ඇදලා අරගෙන කඩාගෙන බිඳගෙන කාමරෙන් එලියට දිව්වේ බෙල්ල මිරිකපු පූසෙක් වගේ අම්මට බෙරිහන් දීගෙන...

"අම්මේහ්හ්හ්හ්.......අම්මේහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්"

මතු සම්බන්ධයි ❤️

ලමයි මම මේ පාර තමයි වැඩිම කාලයක් ගත්තෙ කතාව දෙන්න...ඒකට සමාවෙන්න...මුලින්ම මම ට්‍රිප් එකක් ගියා , ඒකෙ වැඩ නිසා බිසී වුනා...පස්සෙ ෆෝන් එක කැඩුනා...ඊලඟට ජොබ් එකකට සෙට්වුනා යුනි පටන්ගන්නකල්...ඉතින් ජොබ් එකේ වැඩයි සේරම එක්ක හොඳටම බිසී වුනා...කොහොම වුනත් ඔයාලා කතාව ගැන අහලා තියෙනව දැක්කම හරි සතුටුයි...කතාව කියවන්න ඔයාලා බලන් ඉන්න නිසා අද කොහොමහරි එලියට යන්න වෙලාව වෙන් නොකර එක දිගටම ටයිප් කලා...ආයෙම ඊලඟ එපියෙන් එන්නම් ලමයි...ඉක්මනින් කියන්නෙ නෑ...පුලුවන් ඉක්මනින් එන්නම්...

ආදරෙයි.

ශෙරෝන් ❤️

Previous
Last

Share This Chapter