Back
/ 38
Chapter 37

තිස් හත්වන ස්වරය ❤️

තත් 🔞

"උඹ මගෙ පන පුතේ , උඹ නිසා තමා මම ජීවත්වුනේ...මැරෙන්න දහස් වාරයක් හිතුනත් මගෙ දරුවට අම්මා නැතිකරන්න බැරිනිසයි මම ජීවත්වුනේ...මේ අම්මව ජීවත් කලේ උඹ "

"කවදහරි...හික්....මගෙ...හික්...පව්ල ගොඩගන්නෙ...හික්...ලොකු..හික්...එකා තමයි...තාත්තාව රජෙක්...හික් කරන්නෙ...ඌ තමයි...හික්"

"සුදුමහත්තයා හොඳට ඉගෙනගන්න පුතේ...මගෙ ලොකු පුතා ඔයානෙ...මගෙ පුතා පුංචි කියන දේ අහනව නේද...මට ආඩම්බරෙන් කියන්න පුලුවන්නෙ නංගිලාට මල්ලිලාට සුදු අයියා වගේ හැදෙන්න කියලා "

"මගෙ පුතා ලොකු මහත්තයෙක් වෙද්දි මේ ආච්චි ඉඳීවිත දන්නෙ නෑ...ඒත් පුතා හොඳට ඉගෙනගන්න...අම්මයි තාත්තයි කොච්චර අමාරුවෙන්ද ඔයාලට උගන්වන්නෙ...මම දන්නව පුතා හොඳට ඉගෙනගන්නව කියලා"

"අයියෙ ඔයා ජොබ් එකක් කරන කාලෙක මට හැම මාසෙම ඇඳුම්ගන්න , ජුවලරි , ශූස් ගන්න සල්ලි දෙනවා නේද හලෝ...ඒ අයියෙ කියනවකො...එක ම නංගිනෙ මම "

"ඒ අයියෙ මට fz එකක් අරගෙන දෙනෝ හොඳද ජොබ් එකක් කරද්දි "

"අපේ පව්ලෙ ලොකු කොල්ලානෙ උඹ...පුතේ චූටිමාමට ලොකුවට සල්ලි නෑ තමා...ඒත් පුතාට ඕන වෙලාවක චූටි මාමට කතාකරන්න...කොහොමහරි මම පුතා එක්ක ඉන්නව...මගෙ අක්කගෙ ලමයි , මගෙ ලමයි කියලා වෙනසක් නෑ...උඹලා මගෙනෙ "

"පුතා කැම්පස් යන කාලෙක පුංචි හැම වියදමක්ම බලාගන්නම්...පුතා හොඳට ඉගෙනගන්නකො "

"අනේ සුදුමහත්තයා අම්මගෙ ආසාව ඉශ්ට කරනව නේද...මට සින්දු කියන දොස්තර මහත්තයෙක් ඕන"

"ශෙරෝ ඔයා තමා මම දැකපු අහංකාර ම සහ නපුරු ම මනුස්සයා...ඒ වගේම ආදරනීයම මනුස්සයා "

දාහක් සිතුවිලි , දාහක් කටහඬවල්...දරන්නම බැරි පීඩනේට ලී පාලමේ අත්වැටට බරදීලා කොන්ඩෙ අත්දෙකෙන්ම ඇදගත්නේ ඉවසන්නම බැරිතැන...යාන්තමට ඇඟට දැනුන දෙදරුමට බෙල්ල හරවලා බැලුවම දැක්කෙ ඈත වංගුවෙන් මතුවෙලා එන ට්‍රේන් එක...මට අඩියක දුරින් තියෙන රේල්වේ එක...එතනම අයිනෙ ලෑලි පාලම උඩ මම.

ජීවිතේ නැතිකරගන්න කෙනෙකුට චාන්ස් දෙකක් එක තැන...ඒත් මට ඒ තරම් ලේසියෙන් පැනලා යන්න පුලුවන්ද ?...මට මගෙ ජීවිතේ ගැන තනි තීරනයක් ගන්න පුලුවන්ද ?

මම එක විනාඩියක් කල්පනාවට වැටෙන්න ඇති...ඒ එක්කම කන ලඟින් ඇහුන හූ හඬට මාව හෙල්ලිලා ගියා...මට අඩියක දුරින් ට්‍රේන් එක මහසද්දෙට පාලම එක්ක මාවත් දෙදරවාගෙන තත්තර ගානක් මාව තිගස්සලා තියලා මාව පහුකරගෙන ගියේ මගෙ නිවට හිතට හූ කියාගෙන.

කියාගන්න බැරි පීඩනයට ඇස් දෙක තෙත්වෙද්දි පහලින් ගලන තද කොල පාටට හුරු කලු පාට මහා වතුර කඳට හැඟීම් බින්දු කීපයක් එකතුවෙන්න ඇති...

පාලමට නැමුන කිරල ගහක කිරල ගැට ටිකක් කඩාගෙන වතුරට දමලා ගහලා කෑගැහුවෙ හිතට දැනුන අසරනකමට...දැනිලා තියෙනවනම් ජීවත් වෙන්නත් බැරි මැරෙන්නත් බැරි තැනක අසරන වුනාම දැනෙන හැඟීම....ඒක වචනයෙන් විස්තර කරන්න පුලුවන් දෙයක් නෙවෙයි.

මගෙ ම කටහඬ ආයෙ ආයෙම හිස් අවකාදෙ දෝංකාර දිදී ගඟට උඩින් කීපසැරයක්ම එහාමෙහා යන්න ඇති...අන්තිමට ඉතුරුවුනේ කිරල ගහක අතු ගඟේ ඇතිල්ලෙන සද්දෙත් හුලඟේ සද්දෙත් ඉඳහිටක සතෙක් වතුරට පනිනකොට ඇහෙන සද්දෙත් මගේ සුසුම් සද්දෙත් විතරයි.

මම...මම ශෙරෝන්...ඒත් මම ශෙරෝන් විතරමද....මම ශෙරෝන් විතරක් වුනානම් අද මට මේ වතුර කඳ දිහා බලාගෙන කල්පනා කරන්න තරම් දෙයක් ඉතුරුවෙන්නෙ නෑ...මේ ගඟේ ඉඳන් කොරල බැඳුනු ඇස් කීයක්නම් මං දිහා බලාගෙන ඇතිද...ඒ උල්දත් මගෙ එක පියවරක් වෙනුවෙන් කොයිතරම් ඉවසීමෙන් බලාඉන්නව ඇතිද...ඒත් මම තාම කල්පනා කරනව...මම කව්ද.

මම මගේ අම්මගෙ පන...මගෙ අම්මගෙ අනාගතේ...අම්මගෙ සතුට...අම්මගෙ අධිශ්ටානය...අම්මගෙ අභිමානය....ඔව් මම තමයි මගෙ අම්මගෙ හයිය.

මම මගෙ තාත්තගෙ බලාපොරොත්තුව...තාත්තගෙ හීනය...ඔව් මම තමයි තාත්තගෙ අරමුන.

මම මගෙ පුංචිගෙ , චූටි මාමගෙ අහින්සක බලාපොරොත්තුව...එයාලගෙ තෘප්තිය...එයාලගෙ ආදරනීය ම සුදුමහත්තයා මම.

මම මගෙ ආච්චිගෙ ලෝකෙ...ආච්චිගෙ ආදරේ ප්‍රතිබිම්බය මම...ආච්චිගෙ අහින්සක බලාපොරොත්තුවෙ පොහොට්ටුව මම.

මගෙ නංගිගෙ මල්ලිගෙ හීනලෝකවල වීරයා මම...උන්ගෙ අනාගතේ ලස්සන කරන්න ඉන්න ආරක්ශකයා මම.

ඉතින් මට මං විතරක් වෙන්න පුලුවන්ද...මට මං ගැන විතරක් හිතලා ආත්මාර්ථකාමී වෙන්න පුලුවන්ද...අද මම මේ දිය කඳට බිලිවුනොත් හෙට ????

මගේ අම්මා ජීවත්වෙයිද...අනිත් දෙන්නා වෙනුවෙන් ජීවත් වුනත් එයා සතුටින් ජීවත් වෙයිද...එයා විඳපු කෝටියක් දුක් කරදර වලට ඵලක් තියේවිද...අම්මගෙ අධිශ්ටානය ගඟට කපපු ඉනි ව්අගේ වේවි නේද...හැමදාම රෑට ඒ ඇස් මාව මතක් වෙලා තෙත්වුනොත් මට ඒ පව ගෙවාගන්න පුලුවන් වේවිද. ?

මගෙ තාත්තාගෙ හයියට මොනා වේවිද...එයාගෙ හීන පූදින්නත් ඉස්සර පරවෙලා යාවි...මට ඒ පව් ගෙවන්න පුලුවන් වේවිද.

මගෙ පුංචිට , චූටි මාමට හැමදාම ඕනවුනේ එයාලගෙ දරුවන්ට මගෙ දිහා බලාගෙන මම වගේ හැදෙන්න කියන්න...ඒත් අද මම මේ වතුරට බිලිවුනොත් එයාලා කොහොමද එයාලගෙ දරුවන්ට ජීවිතෙන් පැනල ගිය නිවට මාව පෙන්නලා මං වගේ හැදෙන්න කියන්නෙ.

මගෙ නංගිව පරිස්සම් කරන්නෙ කව්ද...එයා ලස්සන වෙනවා එන්න එන්නම...මම නැතුව ඒකිගෙ පස්සෙන් ඉඳන් ඒකිව පරිස්සම් කරන්නෙ කව්ද.

මල්ලි ඉන්නෙ නොමග යන වයසෙ...ඌගෙ කන පැලෙන්න පාරක් දීලා හරි හදාගන්න ඉන්නෙ කව්ද...

මගෙ ආච්චිගෙ අහින්සක බලාපොරොත්තුවට මොනාවෙයිද...මම දන්න්න්ව එයා මං දිහා බලාගෙන ඉන්න බව...ඉතින් මම අද මේ දියකඳට බිලිවුනොත් මගෙ ආච්චිගෙ දෙවෙනි මරනය ඒක නොවේවිද ???

මගෙ ආදරේ , මගෙ නෙතූගෙ ජීවිතේ ම පසුතැවීමක් ඉතුරු වෙයි නේද ? මගෙ මරනෙට හේතුව එයා කියන රහස සැරින් සැරේරේ එයාගෙ කනට කවුරුහරි කොඳුරාවි නේද...එයා මේ හැමදේකම වරද එයා පිට පටවගෙන හැමරෑකම දුක්විඳීවි නේද...අන්තිමේ එයත් ජීවිතේ ඇතෑරියොත්...........

නෑ නෑ නෑ...මම එහෙම වෙන්න දෙන්න බෑ...මට මං වෙනුවෙන් ආත්මාර්ථකාමී වෙන්න බෑ...මම තනි මනුස්සයෙක් නෙවේ...මම බැඳීම් ජාලයක මැද ඉන්න කෙනෙක්...මම නැතිවුනොත් ඒ බැඳීම් ජාලයම විනාස වෙනවා...ඒ හැමෝගෙම ජීවිතවල සතුට විනාස වෙනවා..ඒ නිසා මට බෑ...බෑ බෑ බෑ....මට මේ දේ කරන්න බෑ....

දැනුන අසරන හැඟීමට පාලමේ බිම වාඩුවෙලා කෑගහලා ඇඬුවෙ වෙන කරන්නම දෙයක් නැතිතැන...අනේ ඇයි දෙවියනේ මට මෙහෙම කරන්නෙ....ඇයි මාව මෙහෙම පරීක්ශා කරන්නෙ...

මාව ගැස්සිලා ගියේ ෆෝන් එක වයිබ්‍රේට් වුන නිසා

"අයියෙ...කොහෙද හලෝ ඉන්නෙ...අම්මා හොයනව..."

මම හැඟීම් විරහිතව ඒ මැසෙජ් එක දිහා බලාගෙන හිටියා...මම මොකක්ද දෙන උත්තරේ...ආයෙ එන්නෙ නෑ කියන්නද ?

මම මොකක්ද දැන් කරන්න ඕන...මට මගෙ ජීවිතේ ඉදිරියක් පේන්නෙ නැත්තෙ ඇයි දෙවියනෙ.

"මම එන්නම්"

වෙව්ලන ඇඟිලිවලින් නංගිට රිප්ලයි එකක් දැම්මේ මහා කාලකන්නිකමකින් හිත පුරවගෙන.

හිතට ආව ක්ශනික සිතුවිල්ලට මම අද මේ වතුරට බිලිවුනානම් අද මගෙ අම්මා පොලොවෙ පස් කාවි...තාත්තා මානසිකව වැටෙන්න පුලුවන් උපරිමේටම වැටේවි...නංගි , මල්ලිගෙ ජීවිතවලට ලොකු අඩුවක් ඉතුරුවේවි...ඉතින් මං කොහොමද ආත්මාර්ථකාමී වෙන්නෙ.

මම ඉක්මනින්ම ඩයල් කරලා පෝන් එක කනේ තියාගත්තා.

"pickup the phone , pickup..plz..plz...plz..."

පලවෙනි කෝල් එක රින්ග් වෙලා කට්වෙලා යද්දි දෙවෙනි පාරටත් මම කෝල් කලා...එහාපැත්තෙන් හීනි ගෑනුලමයෙක්ගෙ කටහඬක් ඇහුනා.

"hello..."

"hello...can i talk to ms.dewli."

"yup...dewli here."

"hi doctor...i'm sheron...nethuka's bf."

"ohh...malli..."

"can i call u "akki" ? ."

"why not."

"අක්කි...අනේ සොරි ඩිස්ටර්බ් කලානම්..."

"අයියෝ නෑ මල්ලි...කියන්නකො."

"මට පොඩි ප්‍රශ්නයක් තියෙනව ඒ ගැන කතාකරන්න ඕනි"

"කියන්න මල්ලි."

"අක්කි ඔයා දන්නවනෙ මමයි නෙතුකයි දැන් අවුරුදු දෙකකට කිට්ටුවෙන්න අෆයාර් එකක ඉන්නෙ..."

"ඔව් මට නෙතුක කියල තියෙනව."

"මොනාහරි ගැටලුවක් නම් ඔයාට කතාකරන්න කියලා එයායි මට නම්බර් එක දීලා තිබ්බෙ."

"ඔව් ඔව්...මට නෙතුක කිව්වා ඔයා ගැන...මමයි කිව්වෙ ඔයාව අඳුනගන්නත් අඅසයි කියල."

"අක්කි දැන් දවස් කීපෙක ඉඳන් අපි දෙන්නා අතර පොඩි ප්‍රශ්න ටිකක් තියෙනව."

"ඔයාට පුලුවන්නම් කියන්න මල්ලි...මම අහගෙන ඉන්නම්".

"මෙහෙමයි අක්කි...දැන් දවස් කීපෙක ඉඳලා එයයි මායි අතට හිත්‍රිදුම් කීපයක් තිබුනා...ඒ වෙලාවක වුනු බහින්බස්වීමක් නිසා දෙන්නා දෙපැත්තක ඉන්නෙ"

"ඔව් ...ඉතින්"

"මට සූසයිඩ් කරගන්න හිතෙනවනෙ අක්කි"

"ම්ම්ම්...තව"

"කන්න බොනන්වත් ඕනවෙන්නෙ නෑ...ඕන එකම දේ කාමරේ ජනෙල් දොරවල් ඔක්කොම වහගෙන තනියම ඉන්න එක...කවුරුහරි කතාකලත් කේන්ති යනවා...කිසිම දෙයක් කරන්න හිතෙන්නෙ නෑ."

"ම්ම්ම්...තව."

"පොඩි දේටත් සූසයිඩ් කරගන්න හිතෙනව...සූසයිඩ් කියන දේ විතරමයි ඔප්ශන් එකක් විදිහට පේන්නෙ."

"ම්ම්ම්...මල්ලි මට විනාඩියක් දෙන්න...පේශන් කෙනෙක්"

"හරි අක්කි.."

..........

"මල්ලි"

"ඔව් අක්කි."

"මෙහෙමයි...ඔයා දැන් මොනාද පැටියො කරන්නෙ."

"මම ඒලෙවල්ස් කරනව මේ අවුරුද්දෙ."

"ආ එහෙනම් ලොකු අව්ලක් නේද."

"ම්ම්ම්.."

"මෙහෙමයි මල්ලි...අපි සාමාන්‍යයෙන් ඩ්‍රග්ස් වලට යන්න කලින් තෙරපි තමා කරන්"නෙ.

"ඔව්."

"හැබැයි ඔයාට තෙරපි කරකර ඉන්න තරම් වෙලාවක් නෑ...මොකද ඔයා එක්සෑම් එකට එකට ඉක්මනින් රෙඩිවෙන්න ඕනනෙ."

"ඔව් අක්කි."

"එතකොට..."

"අක්කි ඔයා ඩයග්නෝස් කරන්නෙ ????"

"ඔයාට ඩිප්‍රෙශන් මල්ලි...සූසයිඩ් දක්වා ඇවිත් කියන්නෙ පොඩ්ඩක් උඩ ලෙවල් එකක ඉන්නෙ දැන්."

"අනේ මට පිස්සු වගේ...මට කවුරුවත් ඕන නෑ කියලා හිතෙනව...තනියම ජීවත් වෙන්න තිබ්බනම්...කාගෙවත් කටහඬක්වත් නෑහෙන පැත්තක ගිහින් ජීවත් වෙන්න හිතෙනව."

"ම්ම්ම්...ඔව් මට තේරෙනව පැටියො."

"අඩුම මට නෙතූ ගැනවත් එහෙම ලොකු අදහසක් නෑ...අම්මා තාත්තා ගැන වුනත්."

"ම්ම්ම්...අපි මෙහෙම කරමු...අපි ප්‍රයිමරි ඩ්‍රග් එකකට යමු."

"ම්ම්ම්..."

"ඔයා උගත් බයෝ කරන කෙනෙක්නෙ...නෙතූ කියල තියෙනව ඔයා හොඳ දැනුමක් තියෙන බ්‍රයිටෙක් කියල...ඉතින් මල්ලි ඔයාට තේරෙනවනෙ..කායිකව ඇතිවන ලෙඩවලට බෙහෙත් කරන එක ලේසියි."

"ඔව් අක්කි."

"හැබැයි මානසිකව ඇතිවන ලෙඩවලට බෙහෙත් කරන්න ලේසි නෑ...ඒවට ඉක්මන් ප්‍රතිකාරවලට තියෙන ඵලදායීතාවය අඩුයි මල්ලි..."

"ඔව් මට තේරෙනව අක්කි."

"ඒත් දැන් ඔයා ඉන්න තත්ත්වෙත් එක්ක...අපිට කරන්න තියෙන හොඳම දේ ඉක්මන් වගේම වඩා ආරක්ශිත ක්‍රමේකට යන එකයි."

"ඒ කිව්වෙ."

"මම ඔයාට ප්‍රයිමරි ඩ්‍රග් එකක් ප්‍රිස්ක්‍රයිබ් කරන්නම් පැටියො."

"හරි අක්කි."

"ඔයා බෙහෙත් බොන්න අකමැතිද."

"එහෙමනම් නෑ අක්කි."

"මෙහෙමයි...තෙරපි තමා හරිනම් අපි මුලින් කරන්නෙ...ඒත් ඒකට ලොකු කාලයක් යනවනෙ..."

"ම්ම්ම්.!

"අපි ඔයාගෙ එක්සෑම් ගැනත් හිතන්න ඕනනෙ මල්ලි...ඔයා ඉක්මනින් රිකවර් වෙලා එක්සෑම් වැඩ වලට ෆෝකස් කරන්නත් ඕනනෙ."

"ඔව් අක්කි."

"එහෙනම් මෙහෙම කරමු මල්ලි...මම දෙන ඩ්‍රග් එක දවස් දාහතරක් බොමු...ඒක ප්‍රයිමරි ඩ්‍රග් එකක්...ඒ වගේම සයිඩ් ඉෆෙක්ට්ස් ගොඩාක් ම අඩුයි.!

"මොකක්ද අක්කා ඩ්‍රග් එක."

"sertraline."

"ආ හරි අක්කි."

"එහෙනම් මල්ලි...ඔයාට ඕනිම වෙලාවක මේ නම්බර් එකට කතාකරන්න හොඳද...ඕනිම ප්‍රශ්නයක් මට කියන්න."

"අනේ තෑන්ක්ස් අක්කි...ගොඩාක් ස්තූතියි."

"අනේ ඒක මොකක්ද පැටියො...පරිස්සමින් ඉන්න...නෙතුකට ඔයා නැතුව බෑ අනේ...එයා කතාකරාවි ඉක්මනින්ම.!

"හරි අක්කි."

"බායි මල්ලි එහෙනම්."

"බායි අක්කි...බුදුසරණයි ."

කෝල් එක කට්වෙද්දි මගෙ හිත ටිකක් නිවිලා තිබුනත් දැනුන කාලකන්නි හැඟීමෙනම් අඩුවක් තිබුනෙ නැහැ...අපි නොහිතුවට මානසිකව ලෙඩවෙන වෙලාවට අනිවාරෙන්ම ප්‍රතිකාරයක් ගන්නම ඕන...

දෙව්ලි අක්කා කියන්නෙ නෙතූට සීනියර් ඩොක්ටර් කෙනෙක්...නෙතූ එක්ක හරි ම එකතුයි එයා...ඒ වගේම එයා අපි දෙන්නා ගැනත් දන්නව...එයා සයිකෑට්‍රික් වෝඩ් එකේ වැඩකරන නිසා අපි දෙන්නගෙ මෙන්ටලි අව්ල් යන තැන්වකදි අපිට පිහිටට ඉන්නෙ එයා.

වැඩිවෙලා කල්පනාවෙ ඉන්න නූනෙ මගෙ ෆෝන් එක රින්ග් වෙන්න ගත්ත නිසා.

කෙලියයි...මාතා රාණි.

"හෙලෝව්..."

"හෙලෝ නෙවෙයි සුදූ කීයටද ගියෙ..".

"හරි හරි අනේ."

"හරි නෙවෙයි දත කටවත් නොමැද එලියට බැහැලා ගියා...ඕන මගුලක යනව එක්සෑම් ඉවරවුනාම...දැන් ඉන්න තැනකින් ගෙදර එනව ලමයො."

"හා හා ඉන්න එන්නම් මම."

කෝල් එක කට් වෙද්දි මම අඅයෙම සැරයක් හැරිලා බැලුවෙ මට අඩි කීපයක් පහලින් ගලාගෙන යන තද කොල පාට වතුර කඳ දිහා...සමහර විට මගෙ එක වැරදි තීරනයක් නිසා මම මේකෙ මේ වෙද්දි පාවෙවී කිඹුල්ලුන්ට කෑමක් වෙන්නත් තිබුනා...මටත් නොදැනිම තදට බර සුසුමක් පිටවුනා.

...............................

මම ගෙදර පේන මානෙට එද්දිම මම දැක්කෙ අපේ ගෙදර මහරැජින ඉස්සරහ කාපෝච් එකට වෙලා වාඩිවෙලා ඉන්න හැටි...දැන් මොනාහරි ගොන්පාට් එකක් නොදැම්මොත් ඔය බන දේශනාව තව පැයකටවත් ඉවරනොවෙන බව මගෙ චූටි මොලේට ක්ලික් වුනේ එයාගෙ මූනෙ තිබ්බ යක්ශාරූඪ පෙනුම නිසා.

"ආ මදර්...මොනවද අනේ ඔයා අද හදපු කෑම."

"උයල තියෙන්නෙ."

"ඉතින් ඒක තමා මැනිකෙ ඇහුවෙ මොනවද කියල."

"ඇයි...උයලා  සේරමත් කරලා තව බෙදලත් ඕනද...බෙදාගෙන කන එකයි ඇත්තෙ."

"හා හා ඉතින්...චන්ඩි රැජින මගෙ."

"ඔයඔය...රිදෙනවා ලමයො...ඔයාගෙ ආදරෙත් දරාගන්න බෑ ලමයො...මගෙ කම්මුලත් එක්ක රිදුනා."

අම්මා මොන මොනාදෝ කියල බනිනව ඇහෙද්දි මම ඉක්මනින් ගෙට ආවේ එයාගෙ කම්මුලක් තද කරලා ඉඹලා දාලාමයි.

මට හිතුන එක ම දේ නම් ,

මම එයාලා වෙනුවෙන් කොහොමහරි ජීවත්වෙන්න ඕන...

මතු සම්බන්ධයි ❤️

Share This Chapter