Back
/ 38
Chapter 36

තිස් හයවන ස්වරය ❤️

තත් 🔞

"සුදූ...නැගිටිනවා ලමයෝ"

"ඇයි දෙයියනේ ඇයි...නිදාගන්නවත් දෙන්නෙ නැද්ද පාඩුවේ...ආ ???"

"දෙවියනේ දරුවෝ..."

"අනේ යන්න අම්මා...මගෙ හිස කැක්කුමයි."

අම්මව ගැස්සුනා මගෙ සද්දෙට...දැන් දවස් තුන හතරක් තිස්සෙ ඒ මනුස්සයගෙ හිත මේ තරම් රිද්දනවට මටනම් හොඳක් වෙන්නෙ නෑ...ඒත් මට එන කේන්තියට නිමක් නෑ...ඒක පාලනය කරගන්න මටනම් කොහෙත්ම බෑ..

මම කවදත් ඉක්මනින්ම කේන්ති යන නපුරු මනුස්සයෙක්...මම ආදරනීය වුනේම මට ලඟම අයට විතරයි...ඒකත් ඉතාම අල්පව...ඒත් මේ ලඟකදි ඉඳන් ඒ අංශුමාත්‍ර ආදරනීය ශෙරෝන් මැරිලා ගිහින් තිබුනා.

අම්මා පව්...එයා තේක මේසය උඩින් තියලා මගෙ ඔලුවත් අතගාගෙන එලියට යද්දි එයා අතෑරපු බරම බර සුසුමක දෙදරුමට මගෙ ඇස් කොන් වලින් අමුණු බැඳලා නතර කරපු හැඟීම් බින්දු බින්දු හරි රස්නෙට කම්මුල් දිගේ ගලාගෙන ගියා...

මට දැනුනේ මහ පුදුම කාලකන්නි හැඟීමක්...මට දැනුනේ ලොකු දුකක් මගේ අම්මා ගැන...එයා හැමදාම දුක්විඳින්නෙ මහන්සි වෙනෙ අපි වෙනුවෙන්...එහෙව් අම්මාට මම කෑගහලා ඒ මනුස්සයගෙ හිත හැමදාම රුද්දනවා...මගෙ අම්මා මට සසරක්...ඉතින් මට බෑ එයාව රිද්දන්න...ඒත් මට කේන්ති ගියාම මට උන්හිටි තැන් පවා අමතකයි...කොටින්ම මට මාරාවේශ වෙනවා.

ඉතින් මට තියෙන්නෙ තෝරාගැනීම් දෙකයි...

එක මම අම්මට , නෙතූට , නංගිට මල්ලිට , යාලුවන්ට හැමෝට්ව්ම වදයක් වෙවී ජීවත් වෙන්න ඕන

එහෙම නැත්නම්

දෙක , මම මේ හැමදේම මෙතනින්ම කෙලවර කරලා මැරිලා යන්න ඕන.

ඉතින් ආයෙම කිසිම තර්කයක් නැතුවම මට හැමදේම පැහැදියිනෙ...මට ගන්න තියන හොඳම සහ එකම තීරනය අංක දෙක.

හිතට දැනුනු මහ මූසල හැඟීමට හිත යටින් සාප කරන ගමන් මම බැලුවෙ මගෙ කාමරේ දිහා...මම පිලිවෙලට ඉන්නවනම් අසීමිතව පිරිසිදු මනුස්සයෙක්...ඒත් දවසක් අපිලිවෙලට උන්නොත් ආයෙ දිගටම අපිලිවෙලටම ඉන්න කෙනෙක්...

ඉතින් මගේ කාමරේ තැනින් තැන ගලවලා දාපු ඇඳුම්වලින් තද දාඩිය ගඳක් දැනුනත් අද මගෙ මොලේ ඒවට ප්‍රතිචාර දක්වන්න මහන්සි ගන්නෙ නෑ...වෙනදටනම් අම්මා ඒවා එකතුකරගෙන යනව වුනත් අද මගෙ සද්දෙ නිසා ඇතිවුනු කලබලේ එක්ක අම්මට ඒක අමතක වෙලා තිබුනා.

ඇඳුම් අල්මාරියේ හොඳ නොහොඳ ඇඳපු නොඇඳපු සෝදපු කිලිටි බේදයක් නැතුව ඇඳුම් ඔබලා තිබුනා...ඒ ඇඳුම් අස්සටම බෙහෙත් කාඩ් , සල්ලි , ශැම්පු හරිම අපිලිවෙලට එහෙන් මෙහෙන් ඔබලා තිබුනා.

කෙනෙක් ඇස් දෙක බැඳලා එක්ක ආවොත් වැල්ලට එක්ක ආවාදෝ හිතන ගානටම කාමරේ බිම වැලි පිරිලා තිබුනා...වෙනදට ඇඳ රෙදි කොට්ට උර දවස් දෙකෙන් දෙකට මාරුවෙන මගේ ඇඳ දාඩිය ගඳ , පුස් ගඳ එක්ක තෙත රෙදි වලින් එන අපුල ගඳ ගහන ඇඳ රෙදි කොට්ට උර හරි අමාරුවෙන් උහුලගෙන උන්නා...

ෆෑන් තටු වල බැඳිනු දූවිලි තට්ටුව නිසා හමන හුලඟේ තිබුනේ තද දූවිලි ගඳක්...දවස් තුනහතරකින් ඇරිලා නැති ජනෙල් පියන්වල පාමුල වේයන් හැලූ සුදු පාට කුඩා බිත්තර වගේ කුඩු ගොඩවල් තැනින් තැන තිබුනා...දවස් තුනහතරකින් ඉර එලියක් නොදැකපු වතුර පොදක් නොවැටුනු මගෙ කාමරේ හැදුනු indoor plants සේරම කොල පහතට හෙලාගෙන ඔහේ මන් දිහා හරි දුකෙන් බලාගෙන උන්නා.

ඉර එලිය ඇවිත් කොලපාට ගහකොල උඩට වැටිලා ලා නිල් පාට අහස එක්ක හැඩවෙච්ච උදේක මගෙ කාමරේ තාමත් අඩ අඳුරේ ගිලිලා තිබුනා වගේම තද ඌශ්න සුලඟක් කාමරේ ඇතුලෙ හිරවෙලා හෙමි හෙමින් ජනෙල් පියන් වලට තඩිබබා උන්නා.

ආයෙම මගෙ අත ගියේ ඇඳ උඩ චාජරේට ගහල තියෙන මගෙ ෆෝන් එකට...ආයෙම පරන චැට් එක පුරාම ඇස් එහෙ මෙහේ දිව්වෙ මටම කරකියාගන්න දෙයක් නැතිතැන...

three days ago -

good morning

good morning

khmd ?

hodai

gn

good night

two days ago -

good morning

gm

mk

mknh

(missed voice call)

(missed voice call)

(missed voice call)

hm

hm

gn

gn

one day ago -

gm

(missed video call)

gm

one hour ago -

gm

අන්තිමට එයා මට gm කියලා මැසෙජ් එකක් දාලා තිබ්බේ දැන් පැයකට කලින්...එයා කීපසැරයක්ම ඔන්ලයින් සහ ඕෆ්ලයින් දෙවිදියටම මට කෝල් කලත් මම ඒ එකක්වත් පිකප් නොකලේ මම එයාට රිද්දුව දඬුවම මට ලැබෙන්න ඕන නිසා...මොකද මම තීරනය කරලා ඉවරයි ඒ තරමට එයාට රිද්දුව මට එයාගෙ ජීවිතේ තැනක් දෙන්න වටින්නෙ නෑකියලා.

ඉතින් පව්කාර ශෙරෝන්...උඹට නෙතූව අහිමිවෙන්නම ඕන..............................................................................සදහටම. !!!!!!

කට කොනට ආවෙ සරදම් හිනාවක්...මම හිනාවුනත් සයිකෝ කිලර් ලුක් එකක් තියෙනවලුනෙ...ඉතින් ඒකත් කුරිරුවට පේන්න ඉඩකඩ වැඩියි...ඒත් රහසක් කියන්නම්...ඒ හිනාවෙ ආත්මානුකම්පාව ඇර වෙන මොකුත්ම තිබුනෙ නෑ.

"තේක බිව්වද සුදූ."

"බොන්නම්."

අම්මා කුස්සියෙ ඉඳන් කෑගහනව ඇහුනු නිසා ඒ මනුස්සයාගෙ ආදරේ කලවම් වුන කිරි එක තනි හුස්මට උගුරෙන් පල්ලෙහාට තල්ලු කරපු මම ඇඳෙන් බිමට අඩිය තිබ්බා විතරයි.

"ට්‍රීං ට්‍රීං...........පැටී ❤️ is calling "

ඒ එයා...ඒත් ඒ කෝල්ස් ආන්ස්වර් කරන්න තරම් හයියක් මට නැති නිසා නිවෙන දැල්වෙන ස්ක්‍රීන් එක දිහා ඔහේ බලාගෙන ඉඳියේ කෝල් එක කට්වෙලා යනකල්.

ඒ එක්කම

"only seen ?"

ආ මට එයාට ආපිට ගුඩ්මෝනින් කියන්න බැරිවුනානෙ...ඒත් ඇයි එයා මගෙන් ඒක බලපොරොත්තුවෙන්නෙ...මම එයාගෙ ජීවිතේට අවාසනවා ගේන එකෙක් මිසක් දේවදූතයෙක් නෙවෙයිනෙ...හිත එක්ක කල්පනාවක උන්න මට ආයෙම මේ ලෝකෙට එන්න වුනේ තව මැසෙජ් එකක් ආව සද්දෙට

koo

gm

mk

mknh.

hm..

hmmmm

mn hosptl ynn kiyl

hri...parissamen.

බර හුසමක් පාත වැටුනේ ෆෝන් එක තනි අතට කිටිකිටියේ තද වෙද්දි....උඹ මැරියන් ශෙරෝන්...ඔව් උඹ මැරියන්. !!!!!

හිතට ආව ක්ශනික සිතුවිල්ලට විශාක්‍යට කෝල් එකක් ගත්තෙ ඌට කතාකරන්න ඕනි කියල හිතුන නිසා.

ට්‍රීං ට්‍රීං...ට්‍රීං ට්‍රීං...

"හෙල්..ලෝව්..."

"හ්ම්."

"හ්ම් හ්ම් ගාන්නෙ මොක..ක්ද බන්...."

"නිදිද උඹ."

"ඇයි උඹ හිතුවද උදේ අටට මම දහාටසන්නිය නටනව කියල."

"එහෙනම් මම තියන්නම්."

"ඉඳපන් ඉඳපන්...ඕකනෙ ඉතින් උඹටත් පොඩ්ඩ ඇත්නම් නගිනවනෙ."

"විශාක්‍ය..."

"ඕ කියපන්."

"මට අඬන්න ඕන."

"හ්ම්..."

එහා පැත්තෙන් බර හුස්මක් පාත වැටෙනව ඇහුනා...ඒත් සද්දයක් නැතිතැන ආයෙම මගෙ කටහඬ අවදිවුනා.

"ඒත් ඇඬෙන්නෙ නෑනෙ බන්.."

"අනේ බන්...."

"මට කෑගහලා අඬන්න ඕන...ඒත් කඳුලු එන්නෙ නෑනෙ ."

"අයියෝහ්...තාම අර ප්‍රශ්නෙමද...මම කතකරලා බලන්නද.!

"එපා."

"එපා එපා ගාන්නෙ මොකක්ද් බන්...මොකක්ද දැන් උඹට වෙන්න ඕන".

"මට මැරෙන්න ඕන ."

"මොකක්...හුත්...තෝහ් !!! තොට පෛත්තියන්ද"

"වෙන්නැති."

"අනේ බන් මේ අහපන්කො...උඹට අපි ඉන්නවනෙ බන්."

"මම එයාට එච්චරටම රිද්දලාද බන්.."

"අනේ කොල්ලෝ...අහපන්කො කියන දේ."

"මම හරි ම පව්කාරයෙක් නේද බන්.."

"අනේ...අහපන්කො..."

"මට මැරෙන්න ඕනනෙ බන්."

"මට මැලෙන්න ඕන මැලෙන්න ඕන...අනේ හුත්තෝ ඉස්සෙලා කියන දේ අහගෙන හිටු...ලඟක හිටියනම් ගහනව පකයගෙ කන කුඩුවෙන්න...විසඳුමක් හොයන්නෙ නෑ...ඒ වෙනුවට මැරෙන්න...මගෙ ප්‍රෙශර් නග්ගන්න එපා බල්ලො."

"මාත් පව්."

"අනේ ශෙරෝන් මේ...මගෙන් කුනුහර්ප ගන්න එපා...ප්ලීස්."

"මම තියන්නම්."

"එපා එපා ඉඳපන්"

"මොකටද."

"මොකටද අහන්නෙ...මේ අහපන් බන් එයා ආයෙ යාලුවේවි බන්...බයනොවී ඉඳහන්කො...මම ඉන්නවනෙ උඹට ඕන මල ඉලව්වකට."

"මට ආයෙ යාලුවෙන්න නෙවෙයි ඕන."

"දැන්නම් ශුවර් තොගෙ ෆියුස් එක ගිහින්."

"හ්ම්."

"මොකද බන් මේ."

"මම තියන්නම්."

"තියපන්කො...හැබැයි හවස හතර වෙද්දි මම මාතර පල්ලිය ලඟට එනවා...වරෙන්."

"හ්ම්."

"පරිස්සමින් ඉඳප්න්...විසඳුම් නැති ප්‍රශ්න නෑ බොසා..."

"හ්ම්..පරිස්සමින් ."

වෙනදට විශාක්‍යට කෝල් කලම හිතට දැනෙන සැනසීම එක බිඳක් අද නෑ...කෙල්ලෙක් සෙට්වෙලා ඉන්න ඌට මෙහෙම වද දෙන එක වැරදියි නේද කියලත් හිතෙනව...ඌ වෙනදා උන්න විශාක්‍ය නෙවෙයි...ඌ මට සලකන්නෙ තවත් එක යාලුවෙක් ගානට දාලා...උගෙ ජීවිතෙත් මම විශේශත්වයක් ඇති කෙනෙක් නෙවෙයි...නිකන්ම නිකන් එකෙක්...කොටින්ම මේ ලෝකෙ හැමෝටම මාව වැදගත් නෑ...මම මැරුනොත් අද නැත්නම් හෙට එයාලා හිත් හදාගනීවි...මතකයක් විදිහටවත් රැදුනොත් රැඳෙන්නේ අම්මා තාත්තගෙ සහොදරයන්ගෙ හිත්වලයි නෙතූගෙ හිතේයි විතරයි.

"කොහෙ යන්නද සුදූ උදෙන්ම."

"පොඩ්ඩක් එලියට.."

"දතකටවත් නොමැද. ????"

"ම්ම්ම්."

"ඇත්ත කියපන් සුදු...මොකක්ද දරුවො මේ අම්මට දෙන ගින්දර...දත කට නොමැද වතුර උගුරක්වත් නොබොන ඔයා කොහෙද මේ යන්නෙ ?? මේ අම්මට මේ තරම් ගින්දර දෙන්න එපා සුදූ."

"හරි...හැමදේම ඉක්මනින්ම විසඳේවී...ඉක්මනින්ම...!!!!  "

අම්මා තව මොන මොනවදෝ කියන්න කට හැදුවත් මම ඉක්මනින් එලියට බැහලා බර අඩි තියාගෙන පාරට ගොඩවුනා.

ලාවට පින්න...ගොඩක්ම දුරට පින්න ඉර එලියට බිඳිල ගිහින්...ඒත් පරිසරය සීතලයි...

මාතර කියන්නෙ කොහොමත් සීතල සහ උනුසුම දෙකම සමබරවෙන පලාතක්....අවුරුද්දේ වැඩිහරිය වහිනව...අඩුම දවසට වැහිපොදක් හරි යනවා...ඒත් ඒ අතර මැද දවසක් දෙකක් වේලෙන ගානට අව්ව වැටෙනවා...ඒ නිසා වැස්ස දාට දැනෙන අදික තෙතබරිත සීතකත් අව්ව දාට දාඩිය බිංදු උනවන උනුහුමත් අපිට අරුම නෙවෙයි.

ඉතින් අද උදේ ගිය ලා පොදක ලකුනු තිබ්බත් පාරවල් දැන්ටම වේලිලා ගිහින්...

ඒ සීතල හුලඟ , හන්දියෙ බුදුපිලිමෙ දලා තියෙන පිරිත් වල හීන්හඬ , එහෙමෙහෙ ඉගිලෙන කුරුල්ලෝ , වැඩට දුවන මිනිස්සු මැදින් මම හෙමීට අඩි තිබ්බා..

සැලකිය යුතු දුරක්...පිලදුව පාලමට කිලෝමීටරයකට වැඩි දුරක් මම යන්න ඕන...තව ටික වෙලාවකින් මගෙ සිම් එක නැති ෆෝන් එක නිල්වලා ගඟේ ගැඹුරුම තැනක ගිලිලා යාවි...දිරන්න හුඟක් කල් යාවි එතකල් ඒක ගං පතුලෙම හැඟිලා තියේවි...ඒත් මම දැනගෙන හිටියා පිලදුව පාලම උඩින් ගඟට වැටෙන මගෙ සිරුරේ අන්තිම ප්‍රාණ බින්දුවත් මිනිත්තු කීපෙකින් අහවර වෙන වග...අන්තිමට ඇඟමස අඩි දහයට දොලහට වැඩි විසාල කිඹුල්ලුන්ගෙ දත් වලට සිදුරු වෙන වග....අන්තිම ම රොඩ්ඩ ගඟේ මාලුන්ට කෑම වෙන වග...

ඉතින් අවසරයි.....නික්මෙන්නට...පුලුවන් නම් නම් සමාව දෙන්න මට...💔

"මා ඉතින් යන්න යනවා

මට අරන් යන්න ඇත්තේ

ඒ මතකය විතරයි"

මතු සම්බන්ධයි ❤️

Share This Chapter