Back
/ 22
Chapter 8

6th Chapter

ආරාධනා දෑස් 💕

නිවාඩු කාලෙ එන්න එන්නම ඉවර වේගෙන යනවා. දැන් ඉතින් ස්කූල් යන්න ලෑස්ති වෙන්න එපැයි. මේ මාසේ පුරාම ආතල් එකේ එහෙ ඇවිදලා විනෝදෙන් හිටියා.

ඒ වගේම ඉතිං class ගියා. පාඩම් එහෙම කලා. ( හැබැයි ටිකයි. 😁)

School Bag එක ලෑස්ති කරගත්තා. දැන් ඉතින් අහුමුළු වල දූවිලි වැදිලා තියෙන සපත්තු හෝදලා වේලලා ගන්නත් එපැයි. හෙට ස්කූල් යන්න ඕන. මේ මාසේම ඉතින් රෑ වෙනකල් ෆෝන් ඔබලා උදේ නැගිටිද්දි දහයයි , එකොලහයි. දැන් හෙට එහෙම බෑනේ. හිතට අමුතු සතුටක් එක්ක කම්මැලිකමකුත් දැනෙනවා.

...........☀️☀️☀️☀️☀️☀️.........

අද නම් උදේම ඇහැරුනා. මොකද ස්කූල් නිසා. දැන් නම් ටිකක් විතර දුකක් දැනෙනවා. මොකද මේ අපේ ස්කූල් යන අවසාන කාලේනේ.

එක එක දේවල් හිත හිත වොෂ් එකක් දාගත්ත මන් breakfast එකත් අරගෙන මම ස්කූල් ගියා.

" නුඹ දැක මා නිවුනා....

ඒ.... "

මම සිංදු කෑල්ලක් මුමුණ මුමුණ class එකට ගියා. එතකොටත් දේශාන් ඇවිල්ලා හිටියා. එයා මා එක්ක හිනාවෙන්න උත්සහ කළා. ඒත් එයාව දැක්ක ගමන් මට මතක් වුනේ exam. මට හිනාවෙන්න ඕනවුනත් මගේ හිත ඒකට එච්චර කැමති වුනේ නැහැ. මම බෑග් එක තියලා class එකෙන් එළියට ගිහින් අරුන් දෙන්නා එනකං ස්කෝලෙ වටේ ඇවිද්දා.

හතයි විසිපහයි වෙලාව. අර ඔට්ටපාලුවෝ දෙන්නට මාසයක් නිවාඩු හම්බෙලත් මුන් දෙන්නාට වෙලාවට ස්කූල් එන්න බැහැ. දුලාංජයි , මිනෝලුයි රණ්ඩු වෙවි එනවා.

" මොකද තොපි දෙන්නා ගෑනියි, මිනිහයි වලි දාගන්නේ?? "

... " බලපං බං මූ දැනුත් පැණි හල හලා ඉන්නවා. "

දුලාංජ ට හොඳටම මල පැනලා.

" ඇයි?? "

" මූට තව කෑල්ලක් සෙට් වෙලා. ඒක බලන්න උදේ ඉදලා අර හංදිය ට වෙලා හිටියා බං."

ම්ම්. මිනෝලයා හැදෙන්නේ නැහැ ජිවිතේට.

" මේ ඕවා වැඩක් නැහැ. යමන් class එකට. "

" යමං යමං "

දුලාංජ කීවේය.

අපි තුන් දෙනාම class එකට ගියා. එතකොට දේශාන් හිටියේ නැහැ. ලොකු දෙයක්. මම දුලාංජ එක්ක මගේ තැන මාරු කලා. දැන් දේශන් ගේ එහා පැත්තේ ඉන්නේ දුලාංජ. ඇත්තටම දේශාන් මට කිසි වරදක් කළේ නැහැ. ඒත් මට හිතාගන්න බැහැ ඇයි මම එයාට අකමැති කියලා.

1st period එක පටන්ගන්න කලින් දේශාන් ආවා. එයාගේ ඇස් රතුවෙලා තිබුනා. මට ඒකට නම් දුක හිතුනා. මම එයාගේ ඇස් දිහා බැලුවා. තනිකම , අසරණකම, අහිමිවීම ඒ ඇස් වල ලියවිලා තිබුනා. හරියට කිසිම පෞද්ගලික විස්තරයක් දන්නේ නැති එයාට මම ලංවුණා වැඩිද මන්ද? එයා අපි එක්ක ඉදගත්තට වැඩිය එයා එක්ක කතා කළේ නැහැ.

අද එයා ඉන්ටවල් එකෙදි එළියට ගියා. අපි එයාව නැවැත්තුවේ නැහැ. දුලාංජ නම් කියන්නේ අපි කරන්නේ බලු වැඩක් කියලා. අච්චර කල් එකට ඉදලා , එයා අපිට වඩා හොඳ වුනා කියලා අපි එයාව රිද්දන්නවා කියලා. දුලාංජ කියන්නේ ඇත්ත. මට ඕන වුනා එයා එක්ක එදා වගේ හොඳින් ඉන්න. ඒත් මගේ තියන ලොකු කම ඔකකොටම වඩා හපන්.

..... " උඹට දෙයක් අද පෙන්නන්න තියෙනවා. උඹ හවස අපේ ගෙවල් පැත්තෙ වරෙන්කො. "

දුලාංජට මොනවද මට පෙන්නන්න තියෙන්නේ?

" හා හා. මම පහට වගේ එන්නම්. "

මම ගෙදර ගිහින් rest කරලා දුලාංජ ගේ ගෙදර ගියා. අපේ ගෙවල් ඉදලා පොඩි දුරක් ගියාම දුලාංජ ගේ ගෙවල් තිබුන නිසා මම ගියේ Foot cycle එකේ.

" දුලාංජ , බල්ලෝ මම ආවෝ? "

" ඉදපාං... "

මම ගේට්ටුව ඇරලා ගේ ඇතුලට ගිහින් දුලාංජට කතා කළා. ඌ ගමනට ලෑස්ති වෙලා ආවා.

" යමං"

" කොහෙද බං අපි යන්නේ?? "

මම දුලාංජ ගෙන් ඇහුවේ සැටියේ ඉදගන්න ගමන්.

" දෙයක් පෙන්නන්න තියෙනවා. වරෙං. උඹ දැක්කාම පුදුම වෙයි. "

උ සප්‍රායිස් දෙන සීන් එකක් තියෙන්නේ. ගිහින්ම බලනවා.

ඌ මාව එක්කන් ගියේ කෑම කඩයකට. ටිකක් හොඳ , ටිකක් අවුල් එකකට. දුලාංජ මට කිව්වා මාස්ක් එක දාගෙන අත හෝදන්න යමං කියලා. ඇත්තම කතාව යාළුවනේ මම මේ වගේ තැන් වලින් කන්න කැමති නැහැ. ආතල් එකට කනවා. ඒත් බඩගිනි හැදුන වෙලාවට නම් යන්නෑ. මම දුලාංජ කිව්ව විදියට හොටෙල් එක කෙරවලේ තිබුන සින්ක් එක ළඟට ගියා. ඒ එක්කම තිබුණේ kitchen. එතන නම් පිරිසිදු පාටයි. ලස්සනට බැබලි බැබලි තිබුනා. මම අත හෝදගත්තා. හැබැයි මම ආයේ kitchen එක දිහා බලද්දි නම් පුදුම වුනා.

මම ඉක්මනටම දුලාංජ ළඟට ගියා.

ඌයි, මායි ඉක්මනට හොටෙල් එකෙන් එළියට ආවා.

" අඩෝ ඒ මොකද්ද බං මම ඒ දැක්කේ?? "

මම දුලාංජ ගෙන් ඇහුවේ මම දැක්ක දේ තාම හීනයක් කියලා මට හිතෙන නිසා.

" ම්ම්. මම ඒකයි උඹට හැමවෙලේම බැන්නේ. "

" අඩෝ. අයි බං එයා එතන ඉන්නේ?? "

" ඒක තමා එයා ජිවත්වෙන විදිහ. "

මම ඇත්තටම දැක්කේ දේශාන් ව. එයා.ඒ kitchen එකේ හිටියා. පිඟන් හෝදනවා. මට ඒක ඇත්තටම පුදුමයක්. එයා job එකක් කරන ගමන් ස්කූල් එන්නේ.  අනේ දෙවියනේ මම කොච්චර ලොකු වරදක් ද කළේ? එච්චර මහන්සි වෙලා ඉගෙනගෙන ගොඩ යන කෙනෙක් ගේ හිත රිද්දුවා. එයා පව්.

.... " උඹට දැන්වත් තේරෙනවද ඒ කොල්ලා කොච්චර මහන්සි වෙනවද කියලා? "

දුලාංජ හැමවෙලේම ඌගේ පැත්ත ගත්තේ ඒකයි.

" උඹ කොහොමද එයා ඔතන වැඩ කරනවා කියලා දැනගත්තේ?? "

" නිවාඩුවට කලින් මම මෙහෙය ආවා කොත්තුවක් ගන්න. මම මහන්සි නිසා ටිකක් මූණ හෝදගන්න කියලා සින්ක් එක ළඟට ගියා. එතකොට එයාව මම දැක්කා. එයා මට කිව්වා දැක්ක දේ කාටත් කියන්න එපා කියලා. ඒ නිසා මම ඒක හංගගෙන හිටියේ. "

" ඇත්තටම මම මොකද්ද කළේ බං? "

මගේ ඔලුව හොඳටම අවුල් වුනා.

" වෙනියා කියද්දී මාවත් අවුල් වුනා. ඒත් දේශාන් පළවෙනියා වෙද්දී මට සතුටක් දැනුණා. "

" මම මොනවද දැන් කරන්නේ බං. "

" අපි ආයේ එයා එක්ක හොඳින් ඉමු. "

" ම්ම්. "

මම ගෙදර ගියේ මාර අවුලෙන්. මගෙයි, එයාගෙයි ජීවිතේ ගත්තාම මම මාර ලස්සන ජීවිතයක් ගත කරනවා. ඒත් එයා. එයාට මහන්සි ඇති. එයා අද දවල්ට කෑවෙත් නැහැ. උදේට කෑවද දන්නේ නැහැ. එයාට මහන්සිය , නිදිමත දැනෙන්නේ නැද්ද?

මම නිදාගත්තත් මගේ යටි හිත එයා ගැනම කියනවා. මට තවදුරටත් එයාව තනි කරන්න බැහැ.

............ බඳදා හමුවෙමු.......

Share This Chapter