Back
/ 6
Chapter 5

Chapter 5

අහසක් යට මුහුදක් | BL SINHALA NOVEL | ✔

Sayura POV

✨️

"ඒ මොකක්ද දැන් වුනේ මනුර?

මේ කොල්ලා මොකක්ද ඒ කළේ?"

අර මන්දාකිණියක් ගිහිල්ලා විනාඩියක් ගත වෙන්න කලින් මේකලා අම්මා කුණාටුවක් පටන් අරගෙන තිබුණා.

"වෙන්න තිබුණ දේ වුණා."

"මොකක්ද වෙන්න තිබිච්ච දේ.."

කුණාටුවේ හඬ වැඩිවෙනකොට අහස එක පාරටම නැගිට්ටා.

"අම්මා.. මට ඔයත් එක්ක දෙයක් කතා කරන්න ඕනි.."

අහස එහෙම කියලා මේකලා අම්මා ගාවට ගිහින් ඒ අතකින් අල්ලගත්තා.

ඒත් එක්කම ආපහු හැරිලා මගේ දිහා බැලුවා.

මෙයාට මොකද මේ වෙලා තියෙන්නේ.

"සයුර.. යන්න උඩට.."

මං.. ?

ඇයි මාව ළඟ තියාගෙන කියන්න බැරි කතාවක්ද ඔය කරන්න හදන්නේ..?

"ඒ මොකටද ඒ කොල්ලා උඩට යන්නේ..?

චූටි පුතා කොහෙවත් යන්නෙ නෑ."

"සයුර..."

ආයෙමත් එයාගේ කටහඬ ඇහෙනකොට මං අම්මා ළඟට ආවා.

"අම්මා.. ඔයා කතා කරන්නකෝ හොඳේ.. මම යන්නම් උඩට. ඔයා මට පස්සේ රහසෙන් කියන්න මෙයා මොනවද කිව්වෙ කියලා.."

මම හිනාවෙවී විහිලු කලත් මගේ හිත හිටියේ දුක් වෙන ගමන්.

එයාට වෙනදට මගෙන් හංගන්න දේවල් තිබ්බේ නෑ.

✨️

Ahas POV

"ඔයාට මොනාද ඔච්චරටම අර දරුවත් යවලා කතා කරන්න ඕනි වුණේ..?

තමුන් දන්නවා මේ පොඩි දේන් වුනත් ඒ කොල්ලගේ හිත කැඩෙනවා කියලා සුදු පුතා.."

අම්මා කියන දේ ඇත්ත.

මෙළහකට බැල්කනි එක කොනකට වෙලා කල්පනා කරනවා ඇති එයාගෙන් වෙච්චි වැරැද්ද මොකක්ද කියලා.

"අම්මා.. අප්පච්චි.. මට දෙයක් කියන්න තියෙනවා.

මම හිතනවා ඔයාලා මගේ පැත්තෙන් මේක ගැන හිතලා තීරණයක් ගනීවි කියලා.."

"මාත් බලන් හිටියේ ඕක ගැන කියනකන් තමයි.."

අප්පච්චි මොනවදෝ කිව්වත් මම හිටියේ වචන එකතු කරගන්න ගමන්.

"මොකක්ද සුදු පුතා.."

"මම සයුරට ආදරෙයි.. දැන් අවුරුදු දහයකට ළඟයි.."

"මනුර.."

අම්මා අප්පච්චිගේ අතකුත් අල්ලගෙනම සෝෆා එකට කඩන් වැටුණා.

"ඒත් මම ආදරේ වුනාට තාම එයාට කිව්වේ නෑ ඒක.

මං කැමතියි ඔයාලගේ බ්ලෙසින් එකත් එක්කම එයාගෙන් ආස්කවුට් කරන්න.."

"මං කැමති නෑ.."

"අම්මා.."

මම දැනගෙන හිටියා මෙහෙම වෙනවා කියලා. ඒත් මට එයාව අතාරින්න බෑ අම්මා.

"මං කිව්වනේ කැමති නෑ කියලා.."

"අප්පච්චී.."

"මොකද අප්පච්චී ගාන්නේ.. මමයි කැමති නෑ කිව්වේ.."

"අහන්නකෝ මේකලා.. ඒ දරුවෝ එයාලට කැමතියි නම්.."

"අනේ මේ මනුර.. මං නං හිතුවෙ නෑ අපේ එකා මේ තරං බූරුවෙක් කියලා.."

අම්මා සෝෆා එකෙන් නැගිටලා අප්පච්චි පැත්තට හැරිලා කෑ ගහනකොට මමත් අඩියක් පස්සට තිබ්බා.

අප්පච්චී මමයි මොනවට නැතත් ඒ කටට බයයි.

"මේකලා.. චූටි පුතා නරක ළමයෙක් නෙමෙයිනේ.. ඒක ඔයාම දන්නවනේ.."

"දන්න නිසා තමයි ඒ අහිංසක කොල්ලව මේ බූරු පුතාට නොදී ඉන්නේ..

ආ පුතේ.. අවුරුදු දහයක් වෙනකන් අහවල් එකක් කලාද?

අඩුම ගානේ ඒ ලෙවෙල්ස් වලින් පස්සෙවත් ආස්කවුට් කරලා සෙට් කරගත්තා නං මේ වෙනකොට කසාදත් බැඳලා දෙයියනේ..

මේ මනුර.. මේකා නං අපේ පුතෙක් වෙන්න බෑ..

ඔයාට ශුවර්ද හොස්පිට්ල් එකේදි මාරු වුනේ නෑ කියලා.."

අම්මා අප්පච්චිගේ අත අල්ලගෙන මගේ පැත්තට හැරෙන ගමන් කියනකොට මම තාමත් මොකක්ද මේ වුණේ කියලා කල්පනා කරන ගමන් හිටියා.

"අම්මා........................."

මේක වෙන්න පුළුවන් දෙයක්ද? අප්පච්චි කැමති වුනත් අම්මාගෙන් මෙහෙම උත්තරයක් මම බලාපොරොත්තු වුනේ නෑ.

මොකද එයා කාලයක් තිස්සේම මන්දාකිණියක් පස්සේ එල්ලිලානේ හිටියේ.

පුදුමයි. සමහරවිට මන්දාකිණි පවුල එන්නේ සල්ලි පස්සෙන් කියලා උවමනාවටත් වඩා එයාට තේරෙන්න ඇති.

✨️

Sayura POV

මාස ගානකට පස්සේ කැම්පස් එකට අඩිය තියනකොට හුරුපුරුදු වටපිටාව දකිනකොට පපුවෙ කොනක් කොනිති ගහනවා දැනුණා.

අවුරුදු ගානක් ගෙවිලා අද දවසට එන හැම කෙනෙක්ටම මේ වේදනාව දැනෙනවා ඇති.

මම එල්ලගෙන හිටපු මගේ පුරුදු බැක්පැක් එකේ පටිය තව ටිකක් තද කරලා අල්ලගත්තා.

අම්මාත් අප්පච්චීත් මගේ පිටිපස්සෙන් එනකොට මම ඒ දෙන්නව හරි තැනක වාඩිකරවන වැඩේ ජූනියර් කෙනෙක් ට භාර දුන්නා.

මොකද අද ග්‍රැජුවේට් වෙන අපිට තවමත් මේන් හෝල් එකට යන්න අවසර නැති නිසා.

සමහරවිට මගේ අම්මා අප්පච්චිත් අද මගේ ළඟටම වෙලා බලාගෙන ඇති මං දිහා.

මේකලා අම්මත් ගිය සති දෙකේම කොළඹ ගෙදර රැඳුනේ ඒ අඩුව නොදැනෙන්න කියලා මම දන්නවා. අහස වුනත් ඔෆිස් එකේ වැඩ සෙට්ල් කරගත්තු ගමන්ම දුවගෙන ආවේ ඇයි කියලා මම දන්නවා. ඒ දෙන්නත් එක්කම එන්න බැරි වුනත් මෙච්චර වැඩ කන්දරාවක් පැත්තකට දාලා අප්පච්චිත් දවස් දෙක තුනකට කලින් කොළඹ දුවගෙන ආවෙ මං නිසාම කියලා මම දන්නවා.

මේ පහුගිය සති දෙකේම අපි හිටියේ කොළඹ අපේ ගෙදර වෙනකොට, අද උදේ පාන්දරම හැදිච්ච කඩි කුලප්පුවක් එක්ක අහස එලියට ගිහින් තිබුණේ කැම්පස් එකට එනවා කියලා පොරොන්දු දීලා.

ඒ කෙසේ වෙතත් මම අනිත් ළමයි එක්ක පෝලිම් ගැහිලා මේන් හෝල් එකට යනකොටත් ඔය කියන පොරොන්දුව ඉෂ්ඨ වෙලා නම් තිබුණේ නෑ.

බැට්න් එක ගන්න ස්ටේජ් එකට පඩි නගින තත්ත්පරෙත් මගේ ඇස් එහා මෙහා ගියා එයාව හොයන්න.

හැම දෙයක්ම ඉවර වෙන්න තවත් පැය දෙකක් තුනක් ගියා.

මම හෝල් එකෙන් එලියට ගිහිල්ලා මගේ දිහා හිනාවෙවී බලන් හිටපු අප්පච්චීගේත් අම්මගේත් අත් අතරට පැන්නා.

"යමු එලියට."

අම්මා කියනකොටත් මම වටපිට බැලුවා

මහ ලොකුවට සතියක ඉඳන් ග්‍රැජුවේශන් එකට ලෑස්ති වෙලත්, ඇවිත් නැද්දෝ කොහෙදෝ.

වරෙන්කෝ නම් ගම් කියාගෙන.. කොහොමත් අර දවසක් අම්මත් එක්ක කතා කරන්න ඕනි කියලා මාව උඩට යවපු කෝන්තරයත් මගේ හිතේ තියෙනවා.

ඔය ඔක්කොම මම එකට අල්ලගන්නේ.

තරහා අස්සෙනුත් මගේ කඳුළු නාලිකා වැඩ කරන්න පටන් අරගෙන තිබුණා.

මම මේ තරම් වෙලා අප්පච්චි ලග තිබුණු මගේ බැක්පැක් එක අරගෙන කරට දාගත්තා.

"අන්න ඔයාගේ අහස එලියට ගියා.."

අම්මා කියනකොට යන්තමට මගේ කට ඇරුණා.

ආහ්.. ඒ කියන්නේ ඇවිත්ද මේකා.

දුෂ්ඨ අහස. පොඩ්ඩක් පේන්න ඉන්න බැරිද?

අම්මයි අප්පච්චියි මාවත් දෙපැත්තෙන් අල්ලගෙන පඩි බැහැලා ඇවිත් හෝල් එක ඉස්සරහම නතර වුනා.

"චූටි පුතා.. ඔයාට පුළුවන් අර කොල්ලගේ මූනට දෙකක් ඇනලම වැඩ පටන් ගන්නත්.."

ඈ.. මොන කොල්ලගෙද?

මං ඒක අහන්න අම්මාගේ දිහා බලනකොට එයා හිනාව නවත්තගන්නදෝ යටිතොල හපාගෙන අප්පච්චිගේ අතක් අල්ලගෙන මාව අතෑරලා පැත්තකට වුණා.

"ඇස් කියවන්න හැමෝටම පුළුවන් චූටිපුතා.."

අප්පච්චී අම්මගේ උරහිස වටේට අත යවන ගමන් අඩිය තියනකොට මගේ ඇස් දෙක ලොකු වුනා.

"තව කවුද ඇස් කියවලා තියෙන්නේ.."

"සයුර.."

මගේ පිටිපස්සෙන් අහසෙ හඬ ඇහෙනකොට මම ඉක්මනින් ඒ පැත්ත හැරුණේ ඔය සයුර කියන නම ඒ කටට නම් හුරු නැති නමක් නිසා.

"සමාවෙන්න මම මෝඩයෙක් වගේ ඔයාගෙ හිත මීට කලින් අඳුනගන්න බැරි වුනාට.

මට සමාව දෙන්න මීට අවුරුදු දහයකට කලින් කියන්න ඕනි දේ කියන්න මෙච්චර කල් ගත්තට..

ගිය පාර පේරාදෙණියේ ගිහිල්ලා මේ බොක්ස් එක අතට ගන්නකන්ම මම හිතන් හිටියේ මට ඇස් කියවන්න බැහැ කියලා.

මම ඔයාගේ ඇස් වලින් දැකපු දේ වැරදියි කියලා."

මට මේ හැම දේම ප්‍රොසෙස් කරගන්න තව තත්ත්පර කීපයක් ඕනි. මොකක්ද මෙතන සිද්ධ වෙන්නේ?

මගේ ඉස්සරහා ඉන්න අහස්ගේ අතේ තිබුණේ අපි දෙන්නා අර පේරාදෙණියේ රෝස කැලේ හංගපු පොඩි පෙට්ටිය.

හරියටම කියනවා නම් මගේ ලියුම දාපු පෙට්ටිය.

මොකද පෙට්ටිය යට මම හූරපු එස් අකුර තවමත් පේන්න තිබුණා.

එතකොට මං ගාව තියෙන්නේ මොකක්ද?

මම බය වෙලා වගේ අහස් දිහා බැලුවා.

"මම ගියේ මගේ බොක්ස් එක එළියට ගන්න.

ඒත් ඉතුරු වෙලා තිබ්බෙත් එක බොක්ස් එකක් විතරයි.

ඔයා හදිසියට මගේ බොක්ස් එක අරගෙන තියෙන්නේ සයුර.."

මම ඉක්මනින් බැක් පැක් එක ඉස්සරහට අරගෙන බෑග් එකේ කොනක තිබුණ බොක්ස් එක අතට ගත්තා.

"සයුර..

මට මේ දේ කියන්න ඕනි වුනේ අවුරුදු දහයකට කලින්.

සයුර මං.. ඔයාට ආදරෙයි..

ඒ දවස් වල නම් මට අහන්න ඕනි වුනා "Will you be my boyfriend? කියලා.

ඒත්.. මට අද අහන්න ඕනි

Will you marry me සයුර..

ඔයාව අවුරුදු ගානක් අඬවපු මේ මෝඩයාව මැරි කරන්න ඔයා කැමතියිද?

ඇස් කියවන්න පුළුවන් අනිත් කෙනා අප්පච්චිගෙම පුතා.

ඒත් මං ඉක්මනින් බැලුවේ මේකලා අම්මා දිහා.

එයා අප්පච්චිගේ අතේ එල්ලිලා කඳුළු පුරවගෙන මගේ දිහා හිනාවෙවී බලන් ඉන්නකොට අපේ කතාවේ කුණාටුව මේකලා අම්මා කියලා මම හිතුවෙවත් කොහොමද කියලා මට හිතුනා.

දැන් මට තේරෙනවා ඉස්සෙල්ලා මේකලා අම්මා කියපු කොල්ලා කවුද කියලත්, ඇයි එයාගෙ මූනට දෙකක් අනින්න ඕනි කියලත්.

මං ඇස් දෙකත් හීනි කරගෙන උස තාප්පයක් වගේ ඉස්සරහා හිටගෙන මගේ දිහා බලාගෙන ඉන්න එයාට රැව්වා.

මූනට අනින්න නෙමේ මේකගේ හරිනං.

මේකා හරි කාලේ ආස්කවුට් කලා නම් අද අපි ග්‍රැජුවේශන් එකට යන්නේ අතින් කටින් එල්ලගෙන.

"අනේ බබා හා කියන්නකෝ ඉතින්..

බලන්න ඔය බොක්ස් එක ඇරලා. ඒකේ තියෙනවා මං ඒ දවස්වල ඔයාට ගත්තු ගිෆ්ට් එකකුත්.."

මං ඒ පොඩි බොක්ස් එක අරිනකොට කහ පාට වෙච්ච ලියුම් කවරයක් උඩ තිබුනේ ලොකට් එකක්.

දෙයියනේ..

මගේ මූන සොෆ්ට් වේගෙන එනකොට මට ආයෙමත් මතක් වුණා මේකා අවුරුදු දහයක්ම නාස්තිකලා නේද කියලා.

"මට බෑ.."

"මොකක්..?

"මට තමුසෙ වගේ මෝඩ මිනිහෙක් එපා.."

"ඉතින් බබා මම බය වුනානේ ඔයා.."

"ඇයි බය වෙන්න මං යකෙක්ද?

"ජල රකුසෙක් නෙමෙයි මම මේ කිව්වේ බබා ඉතින් හා කියන්නකෝ.."

"බෑ.."

මම අම්මයි අප්පච්චියි ළඟට ගිහින් ඒ දෙන්නව බදාගත්තේ අහසක් ආඩපාලි කිය කියා මුහුදක් පස්සේ ඇදෙනකොට.

"යමු චූටි පුතා.. මම ඔයාට හොඳ හැන්ඩ්සම් මොළේ තියෙන කොල්ලෙක්ව හොයලා දෙන්නං.."

"අනේ අම්මා..."

"අම්මා කියන්නෙපා.. ඔයා නම් මගේ ළමේක් නෙමේ.. නර්ස් අතින් මාරු වෙලා.. "

අම්මා මාව බදාගෙන ඉස්සරහට ඇදෙනකොට, අහසක් බලු පැටියෙක්ගෙ වෙස් අරගෙන අපේ පස්සෙන් ඇදුණා.

-End-

✨️

✨️

✨️

Share This Chapter