Back
/ 6
Chapter 4

Chapter 4

අහසක් යට මුහුදක් | BL SINHALA NOVEL | ✔

✨️

Ahas Pov

°°°°°°°°°°

මට මතක ඇති කාලේ ඉඳලම රෝසපාට බෝලයක් හිටියා මගේ අත අල්ලගෙන.

අහස් ගගනෝදරගේ ජීවිතය හැඩගැහුනේ අම්මා අප්පච්චී වගේම මේ රෝස බෝලේ වටේට.

ඉස් ඉස්සෙල්ලාම කතා කරන්න හුරු වෙන කටින් 'අයි අයි' ගගා හිටියට මොකද සම්පූර්ණයෙන්ම අයියා කියන්න කලින්ම පොඩි එකා 'ආස' කියලා කතා කලා.

ඉතින් ඔය 'ආස' කියපු කාලේ ඉඳලා මේ වෙනකන්ම ඔය පොඩි ඇටයගෙ කටේ තිබුණෙම අහස කියන වචනේ. අයියා කියලා කතා කරන්න ඕකගේ දිව නැමුනේ නෑ.

ඉතින් මට අහස අහස ගාන පොඩි එකාට මමත් නමක් දැම්මා.

'මුහුද..'

මම මේ කියන්නේ හරිම කාම්ලි තියෙන මුහුදක් ගැන නෙමෙයි. අර කුණාටු දවස් වලට තියෙන මුහුදක් ගැන.

මොකද රෝස පාට අහිංසක මූනක් තිබුනට ඔය පුත්‍රයා කලේම මොකක් හරි පණ්ඩිත අලුගුත්තේරු වැඩක්.

හැමදාම මොකක් හරි දෙයක් ඔලුවෙ පටලන් එන පොඩි එකාට අන්තිමට මාලාවි ආන්ටි සැර කරනකොට, ඇස් බෝල කරගෙන අඬන්න පටන් ගන්නවා.

සැර කරනවා කිව්වට මාලාවේ ආන්ටි එහෙමත් සැර නැහැ.

ඒත් පොඩ්ඩක් කට හැදුවත් මේ පොඩි එකා හිතන්නේ සැර කරනවා කියලා.

ඉතින් ඔහේ අඬනවා.

ඒ ඇඬිල්ල චූටි කාලෙත් එහෙමමයි; අන්තිම පාර දකිනකොට, ඒ කියන්නේ එයා  ග්‍රේඩ් 7 වලදි දකිනකොටත් එහෙමමයි.

රතු වෙලා අඬන කොල්ලා එක්කෝ අන්කල් එනකන්ම නවත්තන්නෙ නැතුව ටික ටික අඬනවා. නැත්තම් මම හිටියොත්, මගේ ළඟට දුවගෙන ඇවිත් මාලාවි ආන්ටි බනින එකට ගතු කිය කියා අඬනවා.

අඬන ගමන් මගේ දකුණු කලිසම් සාක්කුව අතගානවා.

ඉතින් මේ පුංචි හොර මුහුදට මගේ කලිසම් සාක්කුවේ තිබිලා පොඩි ගැලැක්සි බාර් එකක් ලැබෙනවා.

එතකොට ඇඬිල්ල නැතිවෙනවා.

ඒ තරම් වෙලා අකුණු ගහන කුණාටුවකට පැටලිලා තිබුණු රළු මුහුද සෞම්‍ය වෙනවා.

මාලාවේ ආන්ටි පොඩි එකාව නලවන්න එයා ආස දේවල් හදාගෙන ළඟට එනකොට චොක්ලට් වල බලෙන් මුහුද නිවිලා තියෙනවා.

🌸

මට හිතුනා අප්පච්චි තව ටිකක් වේගෙන් ඩ්‍රයිව් කරනවා නම් හොඳයි කියලා.

යන පාරක් හරියට දැනගෙන වුන්නේ නැති වුනාට, අප්පච්චිලා එක්ක දැනට අවුරුදු එකහමාරකට දෙකකට කලින් ආපු යන්තම් මතකෙට පින්සිද්ධ වෙන්න, මට තේරුණා අපි දැන් ළඟටම ඇවිත් ඉන්නේ කියලා.

කොළඹ කැම්පස් එක ඇස් වලට පේනකොට මට යන්තම් හිනාවක් ගියා.

ට්‍රැෆික් වලට අහු වුනේ නැත්තං මෙතන ඉඳන් තව විනාඩි දොළහක් උපරිම යාවි.

මං අතේ තිබුණු පොඩි පෙට්ටිය ඕපන් කලා.

ඔයාල දැකල තියෙනවද වැන්ගොග් ගේ Starry night පේන්ටින් එක.

ඒ පේන්ටින් එකට, එක එක අය තේරුම් ගොඩාක් දුන්නත් අදටත් මම ඒ පේන්ටින් එක දිහා බලනකොට පේන්නේ අහසයි මුහුදයි එකතු වෙලා වගේ.

මට ඕනි වුනා ගොඩ කාලෙකින් දකින මගේ රෝස බෝලෙට ගිෆ්ට් එකක් දෙන්න.

ඒකට මට අප්පච්චි දීලා තියෙන කාඩ් එකෙන් සල්ලි ගන්න පුළුවන් වුනත්, මම මාස දෙක තුනක මගේ පොකට් මනී එකතු කලා.

මට ඕනි වුනා හැමදාම මතක හිටින දෙයක් එයාට දෙන්න.

අන්තිමේ නුවර පුරාම ඇවිදලා මම පියෝ ගෝල්ඩ් වලින් හදපු ලොකට් එකකුයි සිල්වර් වලින් හදපු ලොකට් එකකුයි ගත්තා.

ඒ ලොකට් දෙකේම එකම විදියට Starry Night ඩිසයින් එකක් ගිහින් තිබ්බා.

අහසකුයි මුහුදකුයි එකට එකතු වෙලා තිබුණා.

මම බොක්ස් එකේ තිබුනු ලොකට් දෙක අතට අරගෙන ඒ දිහා බලාගෙන හිටියා.

Simple but rare.

ලොකු කලුපාට ගේට් එකෙන් ඇතුලට වාහනය දානකොට මම බොක්ස් එක වහලා සාක්කුවට ඔබාගත්තා.

ආන්ටියි අන්ක්ල් දෙන්නම ඇවිත් අම්මවයි අප්පච්චිවයි වැළඳගන්නකොට මම රෝස පාට බෝලයක් හොය හොයා හතර අතේ ඇස් දෙක අරගෙන ගියා.

"ලොකු පුතා මේ අවුරුද්දේ ඕලෙවෙල්ස් නේද?

"ඔව් ආන්ටි.."

මාලාවි ආන්ටි අහනකොට මම යන්තම් හිනාවෙලා ඔලුව වැනුවා.

අර රෝස පාට මුහුදත් මේ වෙනකොට ග්‍රේඩ් 9 වල ඉන්නේ.

කාලෙකින් හම්බ වුනේ නැති වුනාට ඔය කච කච මුහුද සතියකට දෙතුන් පාරක් මට කතා කරනවා.

ඒ කතා කරලත් මට මිස් වෙච්ච හැම දෙයක්ම අස්සක් මුල්ලක් නෑරම කියනවා.

ඉතින් කතාව දිග...ට ඇදිලා යනවා.

විනාඩි පහෙන් දහයෙන් ඉවර කරන්න ඕනි කියල පටන් ගන්න ඒ කතාවල් පැය ගානක් දිගට ඇදෙනවා.

ගිය සතියේ කෝල් කලාම මම කිව්වා අද එන්නේ නෑ කියලා.

ඉතින් මුහුදේ හෝ ගාන සද්දේ පොඩ්ඩක් අඩු වෙලා ගිහින් තිබුනා..,  මොකද මුහුද අහසත් එක්ක තරහ වෙලා හිටපු නිසා.

"අපේ එක්කෙනා අන්න රූම් එකේ ඉන්නවා.

මං මනුර අන්ක්ල් ආවා කියලා ඩෝ එකට නොක් කරනකොටත් සද්ද බද්ද නැතුව බෙඩ් එකට වෙලා හිටියා..

මොකද.. දෙන්නා රණ්ඩුවක් වත් වුනාද?

මාලාවි ආන්ටි අහනකොට මම ආයෙමත් හිනාවුනා.

මමත් ඉන්න බැරුව පොඩි එකාව අවුස්සගෙන.

තත්ත්වෙ බරපතලයි වගේ පුතේ.

රූම් එකෙන් එලියට ආවෙ නෑ කියන්නේ හොඳටම තරහා ගිහින්ද කොහෙදෝ.

මාත් පණ්ඩිතයා වගේ ඊයේ රෑ 'එන්නෙ නැද්ද' කියලා අහලා එවපු මෙසේජ් එකටවත් රිප්ලයි කලේ නෑ.

"ඔයා රූම් එකට යන්න පුතා..

තරහ වෙලා තියෙන හැටියට නං ඔය කොල්ලා අද පහලට එන්නේ නැති පාටයි.."

මම ආයෙමත් ඔලුව වනලා ගෙදර ඇතුලට ඇවිත් දෙවෙනි තට්ටුවට යන පඩිපෙළ නගින්න පටන් ගත්තා.

නොක් කරන්න ඕනි නෑ.. මම දොර හිමිහිට ඇරගෙන එයාගෙ රූම් එක ඇතුලට ගියා.

මුහුදට අයිති ලා නිල් පාට මුහුදක් වගේ රූම් එක මැද තිබුනු බෙඩ් එක උඩ ලා දම් පාට ශෝට් එකකට සුදු පාට ටී ෂර්ට් එකක් ඇඳගෙන හිටපු රෝස බෝලයක් මුනින් අතට නිදාන වුන්නා.

අන්තිම පාරට දකිනකොට පොඩියට හිටපු කොල්ලා උස ගිහින්..

මම ඇඳ ගාවට ලං වෙලා ඒ උරහිසට තට්ටු කලා.

"අනේ අම්මී.. මට එන්න බෑ පහලට.. අර දුෂ්ඨ අහසත් ඇවිත් නෑ අද.. මට නම් කේන්ති ගිහින් ඉන්නේ හොඳද?

හයියෙන් යන්න ආපු හිනාව මම තොල හපාගෙන නවත්තගත්තා.

එක සාක්කුවක තියෙන ලොකට්ස් දාපු බොක්ස් එක, එක අතකින් අල්ලගන්න ගමන්ම මම ආපහු ඒ උරහිසකට තට්ටු දැම්මා.

"ඇයි අනේ මේ ව.."

හරි හදිසියෙන් ඇඳෙන් නැගිටින ගමන්ම කියවන එයාගෙ කට මාව දැකලා ලොක් වෙනකොට, කාලෙකින් එයාව දැකපු මගේ ඇසුත් ලොකු වුනා.

නිල් පාට අහසක් ඇස් වලින් මුහුදට ඉර එළිය වත් කරනකොට, රත්තරන් පාට ඉර එළිය මුහුදට වැටිලා දිලිසෙන්න පටන් ගත්තා.

ඉර එළිය අස්සෙන් කවදාවත් නැතුව අහසේ හරි සද්දෙට අකුණු ගහනකොට, අහසෙ සිද්ධ වෙන මේ විපර්‍යාසේ අහස තේරුම් ගන්න උත්සාහා කලා.

අන්තිම වතාවට දකිනකොට හිටපු රෝස පාට මුහුද උස ගිහින් තිබුණා. ඒ හැම දේටමත් වඩා කියාගන්න නොතේරෙන ආකර්ෂණීය ලස්සනක් කඩවසම් කමක් ඒ මූනෙන් වෑස්සෙමින් තිබුණා.

ඉතින් රෝස බෝලයක් බලන්න ආපු අහසක් කඩවසම් මුහුදකට ලෝභ කරන්න පටන් අරගනිමින් වුන්නා.

"අහස ඇවිල්ලා..."

උණුහුම් රළ පෙලක් අහසම වහගන්නකොට දැනුණු උණුසුමත් එක්කම, අහසට හරි හයියෙන් හුස්ම වැටෙන්න පටන් ගත්තා.

✨️

"දැන් එතකොට අහස.. අපි කවදද මේ පෙට්ටිය ගොඩ ගන්නේ..?

ඉටිකොල ගොඩක ඔතපු පොඩි ලී පෙට්ටිය එයා පොඩි වල ඇතුලට දාලා ඒ උඩින් පස් පුරවනකොට මමත් එහා පැත්තේ තිබුණු මගේ පෙට්ටිය උඩට පස් දාන්න පටන් ගත්තා.

"ඔයා කැම්පස් එකේ ෆයිනල්ස් ඉවර වෙලා ආවම.. එන පළවෙනි අගෝස්තු මාසේ පළවෙනි ඉරිදා.."

"ඈ.. එච්චර කල්..

කඩවසම් මුහුදක් දැකලා අහසෙ අකුණු කොටන්න පටන් ගත්තට පස්සේ කාලයක්ම ගත වෙලා තිබුණා.

එයා ඕලෙවෙල්ස් වලට ලෑස්ති වෙන ගමන් ඉන්නකොට මම ඒලෙවෙල්ස් ලියන්න ලෑස්ති වෙන ගමන් වුන්නා.

ඒ ඔක්කොටමත් වඩා කාලෙකට කලින් මගේ හිතට දැනුණු නමක් දෙන්න පුළුවන් වුනත් කට ඇරලා කියන්න බැරි වුණ හැඟීම හැම තත්ත්පරයක් ගානෙම හිතට වද දෙමින් වුන්නා.

දවස් ගානකට හම්බ වුන නිවාඩුවකට මුහුදක් නුවර ඇවිත් ඉන්නකොට,

තව අවුරුදු ගානකින් මට කියන්න තියෙන දෙයක් ලියලා බොක්ස් එකකට දාලා ටයිම් කැප්සියුල් එකක් හදමු කියලා අපි කතා කරගත්තා.

අපි කියලා කිව්වට වැඩිම උවමනාව තිබ්බේ මට.

අවුරුදු ගානක් හිතේ තිබුන දෙයක් කොලේක ලියලාවත් හිත නිදහස් කරගන්න මට ඕනි වුණා.

මට මේ දේ සයුරගෙ මූනට කියන්න බැරිකම නෙමෙයි.

ඒත් අපි තාම ඉගෙනගන්න ළමයි.

සමහරවිට මං හිතන කාලේ අපේ හොඳම කාලය වේවි.

✨️

මම මගේ ජීවිතේ වැඩිපුරම දුක් වෙච්ච දවස තමයි රෝස ඇස් වල නොනවත්වා කඳුළු ගලන්න පටන් ගත්තු දවස.

සයුරගේ ඒලෙවෙල් එක්සෑම් එකේ අන්තිම පේපර් එක ලියලා අපි හැමෝම සෙලිබ්‍රේට් කරන්න හිටියේ.

මම වාහනේ අරගෙන ස්කූල් එක ළඟ බලන් හිටියා සුදු පාට යුනිෆෝම් එක නිල් කරගෙන හිනා කටක් පුරවගෙන ඇවිදන් එන මුහුදක් දිහා.

"අහස ඇවිල්ලා..."

අර ඉස්සර දවසක "ආස.." ගාගෙන මගේ ඇඟේ එල්ලිච්ච පොඩි එකා තාම නොවෙනස්ව දුවගෙන ඇවිත් මගේ තුරුලට පනිනකොට, මමත් අත් දෙකෙන්ම එයාව බදාගත්තා.

"කෝ.."

"මොනාද.."

අත් දික් කරන ගමන් අහනකොට මම එහෙම උත්තර දුන්නත් මම දන්නවා තව ටිකකින් මුහුද රළ සැර වැඩි වෙලා ගොඩ ගලන්න පටන් ගන්නවා.

"මගේ ගැලැක්සි එක දෙනවා දුෂ්ඨ අහස..

දෙනවා මගේ චොක්ලට් එක.."

මගේ එක අතක් තදට බදාගෙන හොල්ලනකොට මම අනික් අතින් සාක්කුවේ තියාගෙන හිටපු පොඩි ගැලැක්සි එක එලියට ගත්තා.

"ම්ම්.."

අඳුරු වෙලා තිබ්බ මුහුද දිස්න දෙන්න ගන්නකොට මම එයාගෙ ස්කූල් බෑග් එක අරගෙන කා එකේ පිටිපස්සට දැම්මා.

"යමු.. අපේ අම්මි අප්පච්චි රෙස්ට්‍රෝරන්ට් එක ළඟ කිව්වා. මාලාවි ආන්ටීට කෝල් එකක් දෙන්න ඕනි.. මම ඉස්සෙල්ලා කෝල්ස් ගත්තා වැඩ කලේ නෑ.."

මම මේ පෙරේත මුහුදව වාහනේ ඇතුලෙන් වාඩි කරවලා සීට් බෙල්ට් දාලා මාත් අනික් පැත්තෙන් ඩ්‍රයිවින් සීට් එකට ආවා.

"මම අම්මිට කෝල් කරන්නං.."

මුහුද යුනිෆෝම් කලිසමේ සාක්කුවක තිබුන ෆෝන් එක එලියට ගත්තා.

ඒත් එක්කම මගේ ෆෝන් එකත් රින් වුනා.

මුහුද ෆෝන් එක ආන්ස කරන අතරේම මමත් අම්මිගෙන් ආපු කෝල් එක ආන්ස කලා.

"පුතා.. මාලාවි ආන්ටිලා ඇක්සිඩන්ට් වෙලා..

පොඩි එකාව හොස්පිට්ල් එකට අරන් එන්න ඉක්මනට. අපි මේ හොස්පිට්ල් එකේ ඉන්නේ.."

එහෙමම ෆෝන් එක කට් වෙලා ගියා.

මම තත්ත්පරයකට බැලුවා හිනාවෙවී ෆෝන් එක ඔබන කොලු පැටියා දිහාව.

"අම්මි ෆෝන් එක ආන්ස්ව කරන්නෙ නෑනේ අහස. වෙනදට එහෙම නෑනේ. රින්ග්ස් දෙකයි ෆෝන් එක ගන්නවා.."

එයා ඔහේ කියවනවා. මම මොකුත් නොකියා ඉස්සරහා බලාගෙනම ඩ්‍රයිව් කලා.

"අපේ සෙට් එක ලබන මාසේ මුල ට්‍රිප් එකක් දාගත්තා. ඔයා ඩෙෆි එන්න ඕනි හොඳේ.."

ෆෝන් එක පැත්තකට දාලා මගේ අතේ එල්ලෙනකොට මම හූමිටි තිබ්බා.

"හැබැයි පස්සේ බෑ කියන්න බෑ හොඳේ.

මං ඔයාව හපලා දානවා.."

"යමු.. මම එන්නම්.."

මම වාහනේ වේගෙ තව ටිකක් වැඩි කලා.

මොකද අපේ අම්මිගේ කටහඬේ අසාමාන්‍ය අමුත්තක් මට දැනුණා. මගේ හිත කිව්වා මොකක් හරි දෙයක් වැරදී කියලා.

හිනාවෙවී ෆෝන් එකේ ගිලිලා හිටපු මුහුදක් ඔලුව ඉස්සුවේ මම වාහනේ පාකින් එකට දාලා නවත්තනකොට.

"ඇයි මේ හොස්පිට්ල්.."

මම ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්නේ නැතුවම වාහනෙන් බැහැලා එයාගෙ පැත්තෙ දොර ඇරලා ඒ අතක් අල්ලගත්තා.

"යමු.."

මගේ දිහා පුදුමෙන් බලන් හිටපු එයත් ඒ එක්කම බැහැලා ආවා.

"ඇයි කියන්නකෝ.. කවුද හොස්පිට්ල් ඉන්නේ.. අපි ඇයි මෙහෙ ආවේ.. ඒ මෝඩයෝ.. කියන්නකෝ අප්පා.."

"පුතා..."

"මනුර අන්ක්ල්.. ඔයාත් මෙහේද? ඒ කියන්නෙ අම්මිලාත් මෙහෙද? "

අප්පච්චි මගේ දිහාවට හැරිලා පොඩි එකා මුකුත් දන්නෙ නැද්ද අහන්න ඉඟි කරනකොට, මම නෑ කියන්න ඔලුව හෙලෙව්වා.

"එන්නකෝ චූටි පුතා මාත් එක්ක.."

සයුර මගේ දිහාත් බලලා අප්පච්චි පස්සේ යනකොට මම ගිහින් ඒ නිදහස් අතින් අල්ලගත්තා.

මම දැනගෙන හිටියේ නෑ මාස ගානක් යනකන්ම සයුරගේ හිනාව දැකපු අන්තිම දවස එදා වේවි කියලා.

අපි ICU එකට යනකොටත් මාලාවී ආන්ටියි අශෝක අන්කලුයි අන්තිම හුස්ම හෙලන ගමන් හිටියා.

✨️

"ම්ම්.."

මම ගැලැක්සි චොක්ලට් එකක් මුහුදට දික් කලා..

එයා ඒක අරගෙන ලියන මේසේ උඩ තිබ්බා.

ඒලෙවෙල්ස් රිසාල්ට්ස් එනකොට මුහුද ඉහලින්ම පාස් වෙලා තිබුණා. ඉතින් මේ උදේ ඉඳලම කැම්පස් ඇප්ලිකේශන් ෆෝම් ටික තියාගෙන අහසක් මුහුදක් එක්ක ආගිව් කරන ගමන් හිටියා.

"චොක්ලට් දුන්නට වැඩක් නෑ.. මම යන්නේ ජපුර.."

"මං තමුන්ට කිව්වා නුවර ඉමු කියලා.."

"නුවර බැහැ. මම ඉන්නෙ මෙහේ.."

"තමුසෙට ඕනි මට කියලා කකුල් දෙක කඩාගන්නද?"

"ඔව් මං බලන් ඉන්නවා තමුසෙ මගේ කකුල් කඩනකන්.."

"සයුර!!!

මම දන්නවා කේන්ති ගන්න හොඳ නෑ කියලා.

කාම් ඩවුන් අහස්..

ඒත් මේ පණ්ඩිත කොල්ලා මාව කේන්ති ගස්සනවා.

ප්‍රයිවට් කැම්පස් යමු කිව්වට බෑ කිව්වා. හරි කමක් නෑ මෙච්චර හොඳට ඒලෙවෙල් පාස් වෙලා ප්‍රයිවට් ඕනි නෑ ගවර්මන්ට් ගියා කියමුකෝ.

ඒත් මේ පණ්ඩිත එකාට ඕනි තට්ට තනියම ඉඳගෙන කොළඹ කැම්පස් එකකට යන්න.

අච්චර අර ගේ ළඟම කැම්පස් එක තියාගෙන මොන මගුලක්ද මෙයා නටන්න හදන්නේ.

කේන්ති යන්නැද්ද මං අහන්නෙ.

"ඕනි මගුලක් කරගන්නවා.."

මං ගෙදරින් එළියට ඇවිත් කා එකට නැග්ගා.

කොළඹ සයුරලගෙ මේ ගෙදර සර්වන්ට්ස්ලා ඉන්න බව ඇත්ත. සයුරව පොඩි කාලේ ඉඳලා බලාගත්තු ආයා අම්මා ඉන්න බව ඇත්ත.

ඒත් දෙයියනේ මට මේ කොල්ලව මෙහේ දාලා යන්න පුළුවන් ද?

මම මගෙන්ම ඇහුවත් මට ඇත්තටම කොල්ලව නුවර එන්න කැමති කරවගන්න බැරි වුනා.

✨️

සයුර කැම්පස් ගිහින් ගතවෙන දෙවෙනි අවුරුද්ද.

මගේ ෆයිනල් ඉයර් එකේ එක්සෑම් පටන් ගන්න ලං වෙලා තිබුණේ.

මේ අවුරුදු දෙකටම මුහුදක් නුවර ආවා පස් හය වතාවක්ම.

ඒකත් අම්මයි අප්පච්චිගෙයි උවමනාවටත් එයාට අපේ අම්මිගෙ අප්පච්චිගේ තුරුල්ලේ ඉන්න ඕනි උවමනාවටත් නිසා.

ඒ ඇර මම දාන මෙසේජ් වලට රිප්ලයි කලේත් කලාතුරකින් වුනා.

මාත් එක්ක කතා කලෙත් කළාතුරකින් වුනා.

කැම්පස් එකෙන් රිලීස් වෙලා මං එයාව බලන්න එහේ දුවන සමහර දවස් ඒ මූන දකින්නෙ නැතුව එන්න වෙලා තිබුණා.

මාත් කලේ ඔය ඩිග්‍රී එකම වෙනකොට ෆයිනල් ඉයර් හිටපු මටවත් නැති වැඩ ගොඩක් එයාට වැටිලා තිබුනා... කියලා එයා කිව්වා.

ගැලැක්සි චොක්ලට් දවස ගානෙ ගෙනත් කාමරේ ගොඩගැහිලා තිබුණා. ඒත් ඒවාට ලෝභ කරන්න මුහුදක් නැති වෙලා තිබුණා.

මට තේරුණා.. ඉස්සර මගේ ඇඟේ දැවටිච්ච පොඩි කොල්ලා අතුරුදහන් වෙලා තිබුණා.

ඒ දිලිසෙන ඇස්, හිනාවෙන් පිරිච්ච මූන, ඒ පණ්ඩිත කතා ඔක්කොම නැති වෙලා තිබුණා.

මට තේරුණා. ඒ පපුවේ තිබුණේ එසේ මෙසේ දුකක් නෙමෙයි.

ඒත් ඒ දුකට අඬන්නවත් ඔලුව උරහිසට තියාගන්නවත් නොවටින කෙනෙක් බවට මේ අහස පත් වෙලා තිබුණා.

මගේ දවස ගෙවුනේ පොඩි කාලේ ඉඳලම එයාට අයිති වෙලා තිබුණු පේරාදෙණියේ අපේ ගෙදර මගේ රූම් එක ළඟම තිබුණු රූම් එක ඇතුළේ.

මම දවසම පාඩම් කලෙත් එතන. එයා ගැන කල්පනා කලෙත් එතන. අපේ අනාගතේ ගැන හිතුවෙත් එතන.

මම තනියෙන් එයාට ආදරේ කලෙත් එතන.

ආදරේ හිතේ තියාගෙන එයාව ඈත් කරගන්නවද කියලා මට හිතුනා.

මම මෝඩ වුනාද?

මට ඒ දවස් වලම එයාට මේක කියන්න තිබුනද?

ඒත් එතකොට එයා පොඩි ළමයෙක්.

ආදරයක් එයාට බර වැඩියි.

මම එයාගේ ඇඳ උඩ හාන්සි වුනා.

යන්තමට එයාගේ සුවඳ එනවා.

ඉතින් මම රෝස පාට මුහුදක් මතක් කරන ගමන් සනීපෙට නිදා ගන්නවා.

✨️

"අහස.. මම අනිද්දා පේරා එනවා.."

අවුරුදු දෙකකට පස්සේ දවසක එයාගෙ කටහඬ ඇහෙනකොට මගේ මූන පුරා හිනාවක් ඇඳෙන්න ඇති.

අවුරුදු ගානකට පස්සේ එයා මට අර පුරුදු නමින් කතා කරනවා.

ඉතින් මම එයා එනකන් බලන් හිටියේ නොඉවසිල්ලෙන්.

ඉතින් එයා ආවා.

අහසගේ මුහුද කැම්පස් එකේ වැකේශන් වලට පේරා ආවා.

හැමදේම පරණ විදියට තිබුණා.

මම එයාගේ අහස වුණා.

ගැලැක්සි එකෙන් එක අතුරුදහන් වෙලා ගියා.

ඒත් මට තේරෙන්නෙ නැති මොකක්දෝ නොදන්න බැම්මක් එයා වටේට බැඳිලා තිබුණා.

✨️

To be continued...

✨️

Share This Chapter