Back
/ 6
Chapter 3

Chapter 3

අහසක් යට මුහුදක් | BL SINHALA NOVEL | ✔

🌸

උදේ ඉඳලා තාලෙකට වැස්ස වැටෙනවා.

ඔය හැමෝම චුරු චුරු වැස්ස කිව්වට මට නම් ඇහෙන්නේ මගේ ඔලුව අත ගගා කවුරු හරි 'තව පොඩ්ඩක් නිදාගනින්' කියනවා වගේ.

මම හෙමිහිට ඇඳ පුරා අතපත ගාලා ඇඳ මුල්ලක හැංඟිලා ඉඳපු ෆෝන් එක හොයාගෙන එක ඇහැක් ඇරලා වෙලාව බැලුවා.

උදේ හතයි විනාඩි දහතුනයි.

ඉරිදාවක් නිසා මං දන්න තරමට අර මෝඩ අහසත් අට වෙනකන් වත් නිදියනවා.

අම්මයි අප්පච්චී නම් ලෙඩකටවත් නිදන්නැති එකේ මෙළහකට නැගිටලා එයාලගේ සුපුරුදු ආදර කයිය ගහන ගමන් උණු උණු තේ බොනවා ඇති. ඊටත් පස්සේ මේකලා අම්මා මනුර අප්පච්චිවත් ඇදගෙන ගාඩ්න් එකේ ඇවිදිනවා වෙන්න ඇති. ආ.. ගාඩ්න් එකේ ඇවිදින්න බෑනේ.. වහිනවනේ..

එහෙනම් ගාඩ්න් එක පේන මානෙක නැවතිලා අප්පච්චි එක්ක මොන මොනවා හරි මුණු මුණු ගගා කියවනවා ඇති.

සමහරවිට අර මණ්දාකිණියක් ගැන කතා කරනවත් ඇති.

මගේ මූණේ තිබුණු ආදර හිනාව නැති වෙලා යනකොට ඉබේම හුස්මක් පහතට වැටුනා.

මෙච්චර වෙලා නැලවිලි ගීයක් වගේ ඇහුණු වැස්සත්, දැන් දැන් චුරු චුරු සද්දයක් වෙන තරමටම මට වද දෙනවා.

එක පුංචි සිතුවිල්ලක් නිසා මගේ මූඩ් එකම වෙනස් වෙච්ච අපූරුව මම විඳිනවා.

හිත බරයි.

ඊයෙත් ඔය ආවේ නිකන් වෙන්න බෑ කියලා මට හිතෙනවා.

මන්දාකිණිය ගොඩක් ලස්සනයි කියලා මට යන්තමට මතකයි.

කොළපාට ඇස් දෙකක් තියෙනවා මට මතකයක් තියෙනවා. ඒ ඇස් කවදාහරි අහසක් අස්සේ අතුරුදහන් වේවිය කියලා හිතුනහම මගේ පපුවෙත් විදුලියක් කොටාගෙන යනවා.

මේවා මෙහෙම වෙනකොට මට ඉවසගන්න පුළුවන් වේවිද කියලා මට ආයෙමත් හිතන්න හිතෙනවා.

මට ඈත දුරකට යන්න හිතෙනවා. එක්කෝ හොයා ගන්න බැරි වෙන්න හැංගෙන්න හිතෙනවා.

"උඹට මහන්සි දැනේවි.."

මයුර අප්පච්චිගේ හඬ හීන් සද්දෙන් කන් දෙක පුරා දෝංකාර දෙනවා.

"කමක් නෑ.. මහන්සියට ඇදන් වැටෙනකන්ම මම ආදරේ කරන්නම්.."

මං උත්තරයක් විදියට දුන්නු පණ්ඩිත කතාවත් හීන් සද්දෙට ඔලුව පුරා එහෙ මෙහෙ යනවා මට දැනෙනවා.

ඒත් මං දැනටමත් හති වැටිලා නෙවෙයිද - මට හිතෙනවා.

මම ඇදෙන් නැගිටලා විශාල ජනේලෙ ළඟට ඇවිත් ඒ උඩින් දාලා තිබුණු කර්ට්න් එක එහා මෙහා කලා. තාමත් වැස්ස වැටෙනවා. ගාඩ්න් එකේ ළඟම හරිය විතරක් යන්තමට බොඳ වෙලා පේනවා.

තව තියෙන්නේ මට ඇදන් වැටෙන්න විතරක් නෙමෙයිද මම මගෙන්ම අහනවා.

✨️

වැහි සීතලේම නාගෙන ආවම හැදෙන ලොකු බඩගින්නත් එක්කම මම පඩි බැස්සා.

තාම උදේ අටහමාරටවත් නැතුව ඇති. සමහරවිට අර අහස නිදිත් ඇති. එක්කෝ නැතුවත් ඇති.

පොඩ්ඩක් ගිහින් බලමුද?

මං මගෙන්ම අහන ගමන් ආයෙමත් හැරුණා.

බැහැගෙන ආපු පඩිපෙල් නැගලා කළුපාට තීන්ත ගාලා තිබුණූ විශාල දොරේ හැන්ඩ්ල් එකට අත තියලා මං තත්ත්පරයක් කල්පනා කලා කොහොමද කතාව පටන් ගන්නෙ කියලා.

කොහොමත් බැනුමක් අහගන්න වෙනවා. මොකද ඔය දුෂ්ඨ අහසට හැම පොඩි දෙයක්ම මතකයි. ඊයේ රෑ කේන්තියේ අංශුමාත්‍රාවක් හරි මතකෙ තියාගෙන ඉන්නවා ඇති.

මම හැන්ඩ්ල් එක පහතට කරලා දොර අරින්න හැදුවා.

එකපාරක් දෙපාරක් තුන්පාරක් හැන්ඩ්ල් එක උඩ පහල කලා.

දොර ලොක් කරලා.

මගේ ඇස් ලොකු වුණා.

ජීවිතේට දොර ලොක් නොකරන මනුස්සයා මොකද මේ දොර ලොක් කරගෙන.

සාක්කුවට අතදාලා ෆෝන් එක අරගෙන මෝඩ අහස කියලා සුදු පාට හාට් එකකුත් එක්ක සේව් කරලා තියෙන නම්බ එක ඩයල් කලා.

කාමරේ පැත්තෙන් කිසිම සද්දයක් නොඇහෙනකොට, මම එහෙමම හැරිලා පඩිපෙල බහින්න ගත්තා.

රින්ග්ස් දෙකක් තුනක් හතරක් ගියා.. ෆෝන් එක කට් වෙන්න ඔන්න මෙන්න තියෙනකොට නපුරු කටහඬක් ඇහුණා.

"මොකද?

"කොහෙද ඉන්නේ?

"ඔෆිස්.."

"අද ඉරිදනේ.."

"ඉතින්..?

"ඉරිදට ඔෆිස් වහන්නේ නැද්ද?

"ඇයි කතා කළේ?

"ඇයි මාව දාලා ගියේ?

"..........."

"මං හිතුවේ වෙනදා වගේ ඉරිදට අපි දෙන්නා ලන්ච් රෙඩි කරාවි කියලා.

"..........."

"අනික කීයටද ගියේ? තාම අටාමාරටවත් නෑනේ?

"..........."

"මොකද මිනිහෝ කතා නොකරන්නේ..?

"කවුරු..?

මෙච්චර වෙලා කියපු දේවල් වලින් එක වචනයක් විතරක් අහනකොට මං නිදහස් අතෙන් ඔලුවට ගහගත්තා.

"මොකුත් නෑ"

"තමුසේ පිළිගත්තනේ.."

"පිළිගත්තා..? මොකක්ද..?

"මොකුත් නෑ.. හිතන්න එපා.. ඔය කූඹි මොලේට ඕවා තේරෙන්නෑ..

මං තව පැය බාගෙකින් ගෙදර එනවා. අපි දෙන්නා ලන්ච් රෙඩි කරමු.."

ටීක්.. ටීක්.. ටීක්..

ඈ...

මං තවත් තත්ත්පර දෙක තුනක්ම ෆෝන් එක දිහා බලන් වුන්නා.

✨️

"ආ.. දෙන්නා උයන්න පටන් ගත්තද?

මේ ටික කපලා දෙන්නද චූටි පුතා.."

"අද අපේ උයන දවස... කෝ කෝ ඔයා ගිහින් වාඩි වෙලා ඉන්න.."

මම අම්මව කුස්සියෙන් එලවනකොට අම්මා අප්පච්චි ඉඳගෙන හිටපු තැනටම හිනාවේගෙන ගිහින් වාඩිවුණා.

අර මෝඩ අහස කිව්වත් වගෙ පැය බාගයක් යන්න කලින් ගෙදර ආවා.

මේකා ඔෆිස් ගියා කිව්වට ඔෆිස් නෙමේද මන්දා ගිහින් තියෙන්නේ.

නෑ මං කියන්නේ ඉතින් ටී ෂර්ට්ස් ඇඳගෙන ඔෆිස් යනවායැ.

එකතු වෙලා උයනවා කිව්වට වැඩි හරියක් දේවල් කරන්නේ එයා.

මම එලවලු අරවා මෙව්වා ජාති කපලා කොටලා දෙනවා. එයා තමයි කුක්.

වෙනදටනම් මෙහෙම ඉන්න ගමන් ඒ කනට නිවනක් නැති වෙන්න මම කියවනවා. ඒත් අද මොකක්දෝ මන්දා හේතුවකට මගේ කට වැහිලා තියෙනවා මට දැනෙනවා.

වෙනදට මාත් එක්ක හරි හරියට කියවන සක්කරවට්ටං අහස වුනත් සද්දයක් බද්දයක් නැතුව අද වැඩ.

"අද දෙන්නා තරහා වෙලා වගේ මයුර..

කටවල් දෙකම වැහිලා.

අනේ හොඳයි.. අපිට නිදහසේ කන් දෙක තියාගෙන ඉන්න පුළුවන්.."

මේකලා අම්මගේ කටහඬ ඇහෙනකොට් මම තොලකුත් හපාගෙන මගේ වැලමිටෙන් අර දුෂ්ඨ අහසගේ ඉනට ඇන්නා.

ඔය ඇත්තා ජිම් ගිහින් සරීරේ විසාල කරගෙන බවලතා වගේ හිටියට, උන්දැට බඩ වටේට කිචි.

ඉතින් උන්දෑ උඩ පැනගෙන එහාට වෙලා මටත් රවලා මගෙ අතටත් රවලා ලිපටත් රවලා ලිපේ තිබ්බ හොද්දටත් රවලා පැත්තක තිබිච්ච හැන්දටත් රවලා රවපු හැන්දෙන්ම හොද්ද කලවම් කරලා ලිප ඕෆ් කලා.

"පුතා.. අද අර දරුවා එනවා හවසට. අදවත් කොහෙවත් දුවන්නේ නැතුව ගෙදර ඉන්න හොඳේ.."

"මොන දරුවද?

"මන්දාකිණි දූ.."

මම පිහිය අරන් කපලා තිබුණු කැරට් ටික, තව ටිකක් හීනි කරන්න ගත්තා.

"අම්මා..... "

"බලන්නකෝ ඔයත් එක්ක තිබ්බම දෙන්නගේ ලස්සන. මට නම් ලෝබකමේ බෑ.."

"කොහොමත් මට එයත් එක්ක කතා කරන්න දෙයක් තියෙනවා.."

පිහිය වටේ තිබුණු ඇඟිලි තවත් තද වෙනකොට, මම යටිතොලේ කොනක් හෙමිහිට හපාගත්තා.

මට මතක් වුනා එයා ප්‍රපෝස් කරන්න යනවා කියපු කතාව. ගුඩ් ෆො දෙම්. රයිට්.

අන්තිමේදී අහස මුහුදෙන් වෙන්වෙලා මන්දාකිණිය දිහාවට ඇදෙන්නයි යන්නේ.

'an intense feeling of deep affection'

ආදරය තේරුම් කරලා තියෙන්නේ එහෙම.

ඒත් මට හිතෙනවා ඒ වචන වලින් වත් ආදරේ ගැන ඇත්තම තේරුම දීලා නෑ කියලා. මොකද සමහර හැඟීම් තියෙනවා අපිට කිසිම භාෂාවකින් නිර්වචනය කරන්න බැරි.

හරියට ආදරයයි ප්‍රේමයයි අතර තියෙන වෙනස වගේ.

හරියට උගුරේ හිරවෙන ඉකියක දුක ඔයාට වචන වලට පෙරලන්න බෑ වගේ.

මමත් මේ මොහොතේ හිරවෙලා ඉන්නේ ඒ වගේ හැඟීමක.

මේ ලෝකේ නරකම හැඟීම තමයි ඔයාගේ ජීවිතේට හිමිවෙන්නෙ නැති කෙනෙක්ට, හිමිවේවි කියලා බලාපොරොත්තුවක් වත් තියාගන්න බැරි කෙනෙක්ට ආදරේ කරන එක.

ඉතින් තනිවෙච්ච මුහුදක් ලස්සන රළ ඇතුලේ හැංඟිලා ඒ හැඟීම ඕනිවටත් වඩා වැඩියෙන් විඳිනවා.

🌸

අහසෙන් බැනුම් අහන්න බයට මුහුදක් පඩි බහිනකොටම එළියේ වාහනයක් නවත්තන සද්දේ ඇහුණා.

වෙනදටනම් ලස්සනට ඉර බහිනවා බලන්න පුළුවන් වුනාට වැහි අඳුර ඇවිත් ඒ ලස්සන අරගෙන ගිහින් තිබුණා.

මම හිමිහිට ගිහින් ලිවින් එකට යනකොට අහසක් ඇවිත් මගේ ළඟම හිටගත්තා.

"තමුසේ මෙතනින් එක අඩියක් තියලා තිබුණොත් කකුල් කඩනවා මං.."

"මට කියන්නේ සාලෙ මැද හිටන් ඉන්න කියලද?

මගෙත් කට හොඳ නෑනේ

රැවිල්ලට බය නෑනේ

මම හිමිහිට සාලේ ගාඩ්න් එක පැත්තේ ජනේලත් එක්ක තියෙන සෝෆා එකක වාඩි වුණා.

මෙයා මොකද මගෙ පස්සෙන්

ඇවිත් මගෙ ළඟින් ඉඳන්

"එන්න ශෙරීල්.. වාඩිවෙන්න..

දූ.. එන්නකෝ.. මෙහෙන් වාඩිවෙන්න.."

කලින් දැකලා මූණ හුරුවක් නොතිබුණාට මන්දාකිණිට තිබුණේ අමුතු ලස්සනක්.

ලස්සනයි කියලා පිළිගන්න පුළුවන් ලස්සනක් ඒක.

කහ පාට දිග ගවුමක් ඇඳලා උරහිස ගාවට තිබුණු කොන්ඩය කඩලා දාලා තිබුණා.

ඇවිද්දේ පාවෙලා යනවා වගේ.

හරි ඉතින් කොල්ලෙක්ට ඔය ලාලිත්‍යයට ඇවිදින ගමන් ගැලපෙන්නේ නෑ තමයි. අර කියන්නේ කොල්ලෙක් වුනාම සිංහයෙක් වගේ උදාරව ඇවිදින්න ඕනි කියලා.

ඒත් මම හිතන්නේ මගේ මොලේ සිංහයා විදියට දකින්නේ ගෙම්බෙක්ද කොහෙදෝ..

මොකද අර දුෂ්ඨ අහසත් මට කියලා තියෙනවා

'උඹ ඇවිදිනවා නෙමෙයි.. ගෙම්බෙක් වගේ පැන පැන යනවා..' කියලා.

මන්දාකිණියගේ අම්මා නං කොට අත් නැති ගවුමක් ඇඳගෙන ටොකොස් ටොකොස් හීල් එකක් දාගෙන ඇවිත් වාඩිවුණා.

මයුර අප්පච්චී තට්ට ඔලුවක් තියෙන මන්දාකිණියගේ තාත්තත් එක්කම ඇවිදගෙන ඇවිත් වාඩිවෙනකොට, අහසත් නැගිටලා ගිහින් මන්දාකිණිය ළඟින් වාඩිවුණා.

ඉතින් මේ ලස්සන පවුල බලන්නද මට පහලට එන්න කියලා තියෙන්නේ.

අද දවසෙම වැස්ස නිසා කොහොමත් සීතල පේරාදෙණියේ සීතල වැඩි වෙලා

සීතල නිසා වෙව්ලන මගේ අත් වල ඇගිලි එකට ගුලි කරගත්තා.

සීතල නිසා කෙවෙන ඇස් වලින් ගලන්න හදන කඳුලු තදකරගත්තා.

හෙම්බිරිස්සාව හැදෙන්න එන නහය උඩට ඇදගත්තා.

"අබේරත්නලාගේ සන් නේද මේ..?

"ඔව් ආන්ටී.. මේ ඉන්නේ අබේරත්න ෆැමිලි එකේ ඔන්ලි සන්.."

ඒ පාර මොකද අහසේ කාළගුණය වෙනස් වෙලා.

අම්මා උත්තර දෙන්නත් කලින් පැනලා උත්තර දෙන ගමන් අමුතු හිනාවක් මූනට අරගෙන මගේ දිහා බැලුවා.

මට ඔය හිනාව නම් අල්ලන්නේ නෑ...

මම යන්තමට හිනාවෙලා එයාලා දිහා බැලුවා.

"කොහොමත් තව ටික දවසකින් එයා මෙහේ දිගටම ඉඳීවි.."

හැමෝගෙම ඇස් මුහුද දිහාවටත් අහස දිහාවටත් යනකොට මගේ ඇස් අහස ළඟට පා වුණා.

"මං හිතුවේ අබේරත්නලාගේ ගෙවල් තියෙන්නේ කොළබ කියලා.."

ආයෙමත් මන්දාකිණි මෑණියන්ගේ කටහඬ ඇහෙනකොට අහස අකුණු ගැහුවා.

"කොළඹ තියෙන්නේ තට්ටු හතරක පොඩි ගෙයක්නේ ආන්ටී..

සයුරට නුවර නවතින්න වෙනවා බිස්නස් බාරගන්න.."

"අබේරත්නලගේ චේන් එක තිබුණේ කොළඹ නේද?

"ඇයි ආන්ටි SS එක.."

"ඒක මයුර අයියගෙනේ.. ඔයා නේද පුතා ඒක දැන් හැන්ඩ්ල් කරන්නේ?

"සයුර එනකන් විතරයි ආන්ටි. ඊට පස්සේ මට තියෙන්නේ එයා යටතේ වැඩ කරන්න.."

මගේ ලොකු වෙච්ච ඇස් දෙක සාලේ වටේට යනකොට, තොල් හපාගෙන හිනාව නවත්තගන්න හදන අප්පච්චිගේ මූනත් පුදුම වෙච්ච මූණකින් අහස දිහා බලාගෙන ඉන්න කුණාටුවකුත් අහුවුණා.

🌸

🌸

To be Continued...

🌸

Share This Chapter