Chapter 23 of 31

Part 23 ❀

RED EYES 🐺🔞 ( hyunlix ) ✅1,331 words~7 min read

ගොඩක් ඉක්මනින් කාලෙ ගෙවිල ගියා..competition එකත් ඉවර උනා best perform එක කොහොම හරි අපි දෙන්නගේ..කලින් සිද්දියෙන් පස්සෙ ඊතන්ලගෙ මූණවත් මං බැලුවෙ නෑ..දේශිනම් හැම වෙලේම එයලා ගැන කිය කිය බැන බැන හිටියෙ මට..හරි ඉතින් යම්කිසි වරදක් උනා තමා..මතක් කර කර බනින එක අසාධාරණයි නෙ ඒත් ඉතින්..

අපි ඉන්නෙ එයාපෝර්ට් එකේ..පවිත්‍ර එනව කිව්වා අපිව එක්කන් යන්න..මොන හේතුවකටද මංදා දේශි තාම අයියලා එක්ක කතා කරේ නෑ..

" දේශීයෝ..."

" ම්ම්ම්ම්.."

" අයියලාට කතා කරන් නැද්ද.."

" දැන් ගිහින්ම කතා කරන්නම්.."

" ඉතින් ඇයි මෙච්චර දවස් කෝල් ආන්ස්වර් කරේ නැත්තේ.."

" එයාලට කියන්න ඕනි වෙලා තිබ්බ දේ මං කොහොමත් දැනන් හිටියේ.."

" ඒ මොකක්ද.."

" මුකුත් නෑ..අන්න පවිත්‍ර.."

පවිත්‍ර විතරක් නෙවෙයි නෙහස් දනුකයත් ඇවිල්ලා හිටියා..මං දූවන ගිහින් පවිත්‍රට කිස් එකක් දීලා නෙහස්ගෙ කරේ එල්ලුනා..

" අඩෝ...මගෙ වැඩ්ඩො දෙන්නා.."

" අපි කොහොමත් වැඩ්ඩො තමා හලෝ.."

" congratulation දෙන්නටම.."

" thanks මචං.."

" අහ් මගෙ එකා.."

දේශි මෙතෙන්ට එද්දි නෙහස් මාව බිමට අතෑරලා දේශිගෙ කරේ එල්ලුනා..ම්හුක් පස්සත් ඇනුනා..පව්ව් මගෙ පස්ස මේ දවස් ටිකේ සෑහෙන්න දුක් වින්දා..

" කෝ එන්න.."

පස්සත් අත ග ගා බිම හිටිය මාව දේශි අතින් අල්ලලා නැගිට්ටව්වා..

"  මොකද මේ දනුකයා මූණ එල්ලන් ඕයී.."

" අඩෝ දේශ්...මට සතුටුයි බං..."

මේ මොකද මේ දනුකයා දේශිව බදාන හයියෙන් අඩන්න ගත්තා..

" දේශ්....උ__ උබලා ගැ ම් ඉහික්...මක් තමා බං..ඉහික්..."

" ආ..අඩන් නැතුව ඉදාන්කො දැන්..ඕයී..."

" ආදරෙයි බල්ලෝ..ඉහික්.."

දනුක දේශිව බදාන ඉකි ගගහා අඩනවා..බොරුවට නෙවෙයි එයා සීරියස් අඩන්නේ..සතුටු ඇති එයාට..සතුටු නැතුවයැ ඉතින්..රටවල් ගානක කට්ටිය ගොඩාක් අතරින් අපි දෙන්නගෙ perform එකම best perform එක උනාම..college එකට ඒක කොච්චර ආඩම්බරද..

" හා හා ඇති බදාන ඇඩුවා එහාට වෙන්න එයා මගේ.."

මං දනුකව දේශිගෙන් ඈත් කරලා දේශිව බදා ගත්තා..

" ආ මේ උබෙ වෙන්න කලින් මූ අපෙ උනේ.."

" නැද්ද පුතේ උබල හැදුනෙ අපෙ මේ අත් වල..උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා..."

මාව ආයෙත් පැත්තට තල්ලු කරලා නෙහස් දේශිට උම්මා එක්කුත් දුන්නා..

" මේ හලෝ දැන්වත් යන්ද.."

" අම්මට පවිත්‍රයා උබට විතරයි යන්න මතක් උනේ යන් යන්..."

නෙහස් දනුක එක්ක යන්න යද්දි මායි දේශී පවිත්‍රගෙ කාර් එකේ ගෙදර යන ගමන්..

" දේශී.."

" ඇයි පන.."

" අයියලා එක්ක ඔයාට මොනවගේ ප්‍රශ්නයක් තියනවද කියලා දන්නෙ නෑ මං..මොනා උනත් රණ්ඩු නොකර ඉන්න ඕනි හොදද.."

" හ්ම්ම්ම්.."

" කෝ මගෙ ඇල්ෆා කොල්ලා හිනා වෙන්න ටිකක්.."

" බෑ.."

" අනේ මේ හිනා වෙනවා.."

මං දේශිගෙ කට දෙපැත්තට ඇද්දා..හිනා වෙන්න බෑ කිව්වට එතකොටනම් හිනා ගියා එයාට නිකන්ම..

" විවේන්..දේශාන්ව ගේ ලගින් දා ගෙනම ඔයාලා ගෙදර යන් නේ.."

" අහ් ඔව් ඒම කරමූ.."

" ආයෙ එහෙ යන්න ඕන් නෑ ඉස්සරහින් නවත්තන්න මං වීල් එකක් අරන් යන්නම්.."

" නෑ නෑ ඔයාල ගෙදරම ගිහින් යන්..මට අයියලාට කතා කරන්න ඕනි.."

" එපා.."

" අනේ.."

" කියන දේ අහන්න විවේන්.."

" ඉතින් ඇයි කියන්නකෝ.."

" ඔයා මේ වෙලාවෙ අයියලා එක්ක කතා කරන්න ඕනි නෑ.."

" හ්ම්ම්ම්.."

මං දේශිගෙ උරහිසෙන් ඔලුව තියා ගත්තා..

" දේශී.."

" ම්ම්ම්ම්.."

දේශිගෙ තොල්වලට මං බර උනා..මං දන් නෑ මට ඒක දැන්ම කරන්න ඕනි උනා..පවිත්‍රත් බලන් ඇති ඒත් මට එයාගෙ තොල් අතාරින්න ඕනි උනේ නෑ..විනාඩියක් විතර මං දේශිගෙ තොල්වලින් ලේ එන්නම හැපුවා..

" විවේන්..ඇයි මැණික.."

" මුකුත් නෑ.."

" ම්ම්ම්..මං බහින්නම් ඉස්සරහින්..පරිස්සමින් ගෙදර යන්න.."

" හ්ම්ම්ම්.."

එයා මගෙ ඔලුව අත ගාලා කම්මුලට කිස් එකක් දීලා කාර් එකෙන් බැස්සා..

අනේ යන්න දෙන්න බෑ මට..මාත් කාර් එකෙන් බැහැලා දේශිගෙ කරේ එල්ලුනා..ඒත් එක්කම එයා මගෙ ඉනෙන් අල්ලලා තදින් බදා ගත්තා..

" උබ තාමත් කියන්නෙ මට කියන්න දෙයක් නෑ කියලමද.."

" තියනවා දැන් ඒකට වෙලාව නෙවෙයි..ඊලග පාර අපි ආයෙ හම්බෙද්දි වෙනස් විදිහට හම්බෙමු.."

මං එයාගෙ නලලට කිස් එකක් දීලා කාර් එකට නැන්ගා..

දේශි ගෙදර යන්න ඇති..පවිත්‍ර මාවත් ගේ ලගින් දාලා ගියා..හදිස්සි වැඩක් කියලා..න්

" අත්තම්මියෝ............"

" අනේ මගෙ කොල්ලා..."

" මං ආවෝ...."

මං අත්තම්මිව ගිහින් බදා ගත්තා..සතියක්ම ඉතින් ගෙදර හිටියෙ නෑ නේ..මෙයා තනියම මං නැතුව පාලුවෙන් ඉන්න ඇති..

" කොහොමද ගමන.."

" ගමන කියන්නෙ ඉතින්..අපි කොහොමහරි best performance එක..දේශි මායි වැඩ්ඩො නෙ ඉතින්.."

" ඕවා නෙවෙයි බං..ඒ කොල්ල ගැන කියන්න.."

මං අත්තම්මගෙන් ඈත් උනා..දෙයියනේ මං කොහොමද මෙයාට එයා ගැන කියන්නේ..

" අමතක කරන්න එපා විවේන් ඔයාගෙ අරමුණ.."

" අත්තම්ම මං.."

" ආදරේට අන්ද වෙන්න ලෑස්ති වෙන්න එපා.."

" අත්තම්මා එයා.."

" ඒ එයාද.."

මං මුකුත් නොකිය බිම බලා ගත්තා..

" මං දැනන් හිටියා..ඒ කාලෙ කොල්ල ගොඩක් පොඩී උබ වගේමයි ඒත් උබට වඩා ශක්තිමත් වගේම බලවත්..ඒකයි ඌට එහෙම කරන්න පුලුවන් උනේ..ඒත් දැන්..ඌට වඩා උබ ශක්තිමත්.."

" අත්තම්මි මං කොහොමද එයාව__"

" විවේන් ඔයා එයාට ලන් උනේ හේතුවක් ඇතුව ඇයි දැන් ඒක වෙනස් වෙලාද අහ්.."

" නෑ.."

හැගීම් විරහිතව මං කියද්දි අත්තම්මගෙ මූණෙ නපුරු හිනාවක් ඇදුනා..

" තවත් කල් ගන්න එපා දැන්ම පටන් ගන්න.."

" හ්ම්ම්ම්ම්.."

කාමරේට ඇවිලා මං ඇදේ පෙරලුනා..

දෙයියනේ මං කොහොමද දේශිව..

___________________________________________

" දේශ්...."

" ......... "

" මොකද උබට කතා කරන්න බැරිද අහ්.."

" අයියා මට මගෙ පාඩුවේ ඉන්න දීලා යන්න.."

" උබට කෝල් ආන්ස්වර් කරන්න බැරි ඇයි.."

ගෙදර එද්දිම අයිය කෑ ගහන්න ගත්තා..මං බෑග් ටික බිමට විසික් කරලා සෝෆා එකෙන් වාඩි වෙද්දි සුදු අයියත් බය වෙලා වගේ මං ලගින් ඇවිල්ල වාඩි උනා..

" උබ දන්නව ඒක.."

" දන්නවා.."

" විවේන් ඔයා ගැන දන්නවද දේශ් බබා.."

" හ්ම්ම්ම්.."

" අම්මට #&$*$&-$*& "

" කෑ ගහන්න එපා.."

මෙච්චර දවස් මුණෙ තිබ්බ බොරු හිනාව බොරු සතුට නැති වෙලා ගියා..මට තේරෙන් නෑ මං දැන් කරන්න ඕනි දේ..

" ඇයි දැන දැන එයාට ඇත්ත කිව්වේ.."

" මට ඕනි නිසා.."

" දේශ් තොට ඌ අතින් මැරෙන්නද ඕනි.."

" දේශ් බබා අයියා මේ කියන කතාව ඇත්තද පොඩ්ඩයා එයා__"

" ඇත්ත.."

" ඌ මෙච්චර දවස් උබට ආදරේ නිසා නෙවෙයි තෝ එක්ක ඉදල තියෙන්නෙ.."

" අනින් වෙන්න මට යන්න.."

" දේශ් උබ__ "

" නවත්ත ගන්නවා..මගෙ ජීවිතේ තීරණ ගන්නෙ මං..අනික මං කව්ද කියන එක අමතක කරන්න එපා..එක පාරකුත් කිව්ව මං..ඔයාලට බෑ මාව පාලනේ කරන්න.."

රතු උන ඇස්වලින් අයිය දිහා බලාන මං කියද්දි..හැමදාම වගේ එයා මුකුත් නොකිය නිහඩ උනා..

ලග තිබ්බ මල් වාස් එක්කටත් කුඩු වෙලා යන්න පාරක් දීල මං කාමරේට ආව..

ට්‍රීන්...ට්‍රීන්...

Angel 🧚‍♂️

කෝල් එක විවේන්ගෙන්..ගන්නවද නැද්ද කියලා දෙතුන් පාරක්ම හිතල මං ආන්ස්වර් කරා..

" hello.."

" දෙශියෝ.."

" ම්ම්ම්.."

" නිකන් ඉතින් ඔයා නැතුව පාලුයි අයියෝ.."

" ඒමද.."

" ඔව් නේ..මේ මොකෝ අයියලා කියන්නේ.."

" මුකුත් නෑ පන.."

" ඈ ඒමද එතකොට ඇයි අච්චර කෝල් අරන් තිබ්බේ.."

" නිකන්.."

" ඒකත් එහෙමද.."

" හ්ම්ම්.."

" මේ.."

" ඇයි මැණික.."

" අද රෑට ගමනක් යන්ද.."

" කොහෙද.."

" location  එවන්නම් එනවද.."

" කොහෙද ඉතින්.."

" location  එවන්නම් කිව්වනේ ඔයා එනවද කියන්නකෝ..ඔයා නැතුව පට්ට පාලුයි අප්පා.."

" එන්නම් චූටි මැණික.."

" හා උම්ම්ම්මා...."

" මං තියන්නම් ඒනම් ඈ රැ වෙලා එන්නෝ.."

" හ්ම්ම්ම්.."

" බායී........"

" බායි පන.."

ටීක්...ටීක්..

හදිස්සි වැඩි නැද්ද මැණික ඒකට..

දන්නවා ඒ හිතේ මෙච්චර කල් පොඩි හරි ආදරයක් තිබ්බෙ නෑ කියලා..මගෙන් පලි ගන්න විවේන් මට ලන් උනේ..ඒක දැන දැනත් මැරෙන්න තරම් මං එයාට ආදරෙයි..

" දේශ් බබා.."

" කියන්න.."

" දොර අරින්නකෝ කෑම කමු අපි..ඔයාට මහන්සි නේ.."

" මට එපා.."

" හිතුවක්කාර වෙන්න එපා මේක අරින්නකෝ මේ මං කෑම ගෙනාවා..කාල ඉන්නකො ඔක්කොටම කලින්.."

මං ගිහින් දොර අරිද්දි සුදු අයියා කෑමත් අරන් කාමරේට ආවා..

" කෝ එන්නකො.."

ඇදේ ඉදගෙන එයා මට ලගට කතා කරද්දි මං ගිහින් ඒ ඔඩොක්කුවෙන් ඔලුව තියා ගත්තා..

" රදී ඔයාට කෑ ගහන්නෙ ආදරේට දේශ්.."

" වෙන්න ඇති.."

" එයා සෑගෙන බයෙක් හිටියෙ පහුගිය ටිකේ.."

" හ්ම්ම්ම්.."

" මට තම හිතා ගන්න බෑ පොඩ්ඩා අනේ එයා..දේශ් ඒක බොරු නේද.."

" නෑ ඇත්ත.."

" අඩන්න එපා බොරුවට..ඔලුව අත ගාන්නකෝ.."

සුදු අයියගෙ චූටි ඇගිලි මගෙ කොණ්ඩෙ එහා මෙහා යද්දි මං ඇස් පියා ගත්තා..

පැය පහ හයක් අයියගෙ ඔඩොක්කුවෙන් මට හොදට නින්ද ගියා..එයාටත් එහෙම්ම නින්ද ගිහින්..

ට්‍රීං.....ට්‍රීං.....

" කියන්න පන.."

" location එව්ව දේශී එනවද ඔයා.."

" එන්නම්.."

මං කෝල් එක කට් කරා..බාත්රූම් එකට ගිහින් ඉක්මනට වොශ් එකක් දාන් ලෑස්ති වෙලා කාල ඒම බයික් එකේ මං location  එකට එන්න පිටත් උනා..

පාලු පාරක්..පාලු තැනක්..ගගක් ලග..ඇයි විවේන් මෙච්චර පාලු තැනකට එන්න කිව්වේ..

මං බයික් එකෙන් බැහැලා විවේන් හිටිය තැනට ලන් උනා..

" දේශියෝ.."

" ම්හුක් ඔයාව මතක් උනා ගොඩාක්.."

" මේ පැය කීපෙට.."

" ඔව් ඉතින්..ගොඩ දවසක් එකටම ඉදලා ඈත් උනාම පාලුයි.."

" එහෙනම් මීට පස්සෙ හැමදාම පාලු දැනෙයිද.."

" ඇයි ඒම අහන්නේ.."

" මුකුත් නෑ.."

" මට කියන් නැද්ද ඒක.."

" මොකක්ද.."

" මේ මුද්ද ගැන.."

මං විවේන්ගෙ අතින් අල්ලන් කවදාවත් එයාගෙ ඇගිල්ලෙන් නොගැලවෙන මුද්ද පෙන්නද්දි එයා පුදුම උනා..

" දේශි.."

" මාව මරන්නද එන්න කිව්වේ.."

" මොනාද දේශි මේ කියන්නේ.."

" පෙන්නන්න ඔයාගෙ ඇත්ත රූපේ..තවත් හන්ගන්න එපා තේරුමක් නෑ.."

*****

😪👍

ඊලග එකෙන් බලමු විවේන්ගෙ ඇත්ත මොකක්ද කියලා..

vote 👇

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!