Back
/ 31
Chapter 24

Part 24 ❀

RED EYES 🐺🔞 ( hyunlix ) ✅

" විවේන්..මේ මුද්ද කාටද අයිති කියල දන්නවද ඔයා.."

" දේශි ඒක ම්_මගෙ__"

" සීයගෙ කියලද කියන්නෙ ම්ම්ම්.."

මං විවේන්ගෙ මූණ අත් දෙකෙන්ම අල්ල ගත්තා..ඇස්වල කදුලු පිරිලා ඇයි ඒ මොන හේතුවටද ඔය ඇස්වලට කදුලු උනන්නෙ විවේන්..

" ඕක ඔයාගෙ සීයගෙ වෙන්න කලින් මගෙ තාත්තගෙ..ඕකෙන් වෙන්නෙ අපේ බලේ හංගන එක අපිව කාටවත් අදුර ගන්න බෑ..ඕක දා ගන්න කෙනාව කාට උනත් පේන්නෙ සාමාන්‍ය විදිහට.."

" මට ඔයාව බලන්න ඕනී..තවත් හන්ගන්න එපා චූටි මැණික.."

" ඔයාට බය නැද්ද දේශී.."

" ඇයි ඉතින් බය වෙන්නේ.."

" මං ඔයාට වෛර කරනවා.."

" මං ඔයාට ආදරේ කරනවා.."

" දේශී...."

" කිව්ව දේ කරන්න.."

විවේන් මගෙන් ඈත් උනා..මං ඔයාගෙ රූපෙ දැකල නැති උනත් හැමදාම මං ඒක දැනන් හිටියා..දැන දැන ආදරේ කරා..

මගෙන් ඈත් උන විවේන් ඇගිල්ලෙන් මුදුව ගලවලා ඇස් දෙක පියාන තප්පර ගානකින් ඇස් ඇරියා..

මං දැනන් හිටියා..ඔයත් මං වගේ නෑ..මට වඩා බලවත්..

" දේශී මං__ "

" ලගට එන්න.."

විවේන් මට ලං වෙද්දි මං එයාව තුරුල් කර ගත්තා..ආයෙ මගෙ තුරුලට ඔයාව ගන්න මට බැරි වෙයි නේද..

" ලස්සනයි.."

" මොනාද.."

" ඔයාගෙ ඇස්..ඒව ලස්සනයි ගොඩක්.."

" ඒත් වෛරය විතරයි.."

" නෑ මං ඊට වඩා දේවල් දකිනවා.."

" මොනාද.."

" ඔයාට දවසක තේරුන් යයි මැණික.."

" ඇයි දේශි ඒහෙම කරේ.."

" මට ඒ වෙලාවෙ කරන්න තිබ්බ එකම දේ මං කරේ.."

" ඔයා නිසා මං අත්තම්ම එක්ක පොඩි කාලෙ ඉදන් දුක් වින්දා..මගෙ අම්මා තාත්තා සීයා ඔයා ඔක්කොම මට නැති කරා.."

විවේන්ව මගෙ පපුවට මං තවත් තද කර ගත්තා..

" ඇයි මගෙන් එයාලව උදුර ගත්තෙ දේශී ඇයි එහෙම කරේ.."

" මට සමාවෙන්න.."

" බෑ මං තමුසෙට සමාව දෙන්නෙ නෑ.."

විවේන් මාව තල්ලු කරලා එයාගෙ කොණ්ඩෙ අත් දෙකෙන්ම ඇද ගත්තා..ඒ රතු උන ඇස්වලින් කදුලු වැටෙනවා..මං වෙනුවෙන් නෙවෙයි ඒත්.. මගෙ අතින් මැරිල ගිය එයාගෙ පවුලෙ අය වෙනුවෙන්..

බෙල්ල පිටි පස්සෙන් අල්ලලා ලගට අරන් මං විවේන්ගෙ තොල්වල මගෙ තොල් තද කරා..

එයාගෙ ඇස්වලින් වැටෙන කදුලු මගෙ කම්මුල් දිගේ ගිහින් බිමට වැටෙනවා..විවේන් මට විරුද්ද උනේ නෑ..මගෙ ශර්ට් එක තදින් මිරිකන් එයත් මට හව්ල් උනා..හාදුවේ ගැඹුරටම යද්දි මගෙ අත් හැගීම්වලට වහල් වෙලා සැරින් සැරේ විවේන්ගෙ ටී ශර්ට් එක අස්සෙන් ගිහින් ඒ සිනිදු පිට පුරාම යනවා..

විනාඩි ගානක් අපි දෙන්නා වේදනාව පිරුන හාදුවක ගැඹුරටම ගියා..

" දේශී.."

" ඇයි මැණික.."

" දැන දැනත් ඇයි මට ආදරේ කරේ රත්තරං..මගෙ අතිවලින්ම ඔයාට මැරෙන්න වෙයි කියලා බය හිතුන් නැද්ද..ඇයි දේශි එහෙම කරේ උබ මාව අසරණ කරා දේශී.."

විවේන් මගෙ පපුවට අත්මිටි මොලවලා ගහන ගහන ගියා..

" මට සමාවෙන්න.."

" එහාට වෙනවා මාව අල්ලන්න එපා මං තමුසෙට වෛර කරනවා දේශි..මට උබව පේන්න බෑ.."

" විවේන්..චූටි මැණික මං කියන දේ අහන්නකෝ.."

" ඕනි නෑ..එහාට වෙනවා.."

මං ආයෙත් විවේන්ව පිටිපස්සෙන් තද කරලා බදා ගත්තා එයාට හෙල්ලෙන්නවත් ඉඩ නොදී..

" සුවදයී.."

" චූටි මැණික දන්නවද මේ සුවදෙ තේරුම ම්ම්.."

" මෙහෙම වෙනස් සුවදක් එන්නෙ රියල් ඇල්ෆ කෙනෙක් ලගින් විතරයි..ඉතින් ඔය සුවද මුලින්ම දැනුන දවසෙ තමා මං උබව අදුර ගත්තේ.."

" උබ මට වඩා බලවත් ශක්තිමත්..ඒත් දැනුමක් නෑ..ඒක උබෙ වැරැද්දම් නෙවෙයි..විවේන් ඔයාගෙ අත්තම්ම ඔයාගෙන් ගොඩක් දේවල් හන්ගනවා..මතකද මං කිව්වා ඔයාගෙ පපුව ගැහෙන සද්දෙ මට ගොඩක් දේවල් කියනවා කියලා..ඔයා බොරු කියද්දි පපුව වේගෙන් ගැහෙනවා..අත්තම්ම ඒව කියල දුන් නෑ නේද.."

" ම්හුක්.."

" පුදුමයක් නෑ..ඕක ගැන ඔයා දැන ගත්තොත් එයාට බොරු කියන්න බෑ නේ.."

" මොකක්ද ඒ කතාවෙ තේරුම.."

" මුකුත් නෑ..කෝ මෙහෙ බලන්න.."

" මාව මරන්නද ඕනී.."

" ඔව් නේද..එතකොට ඔයාටයි අත්තම්මටයි සැනසීමක් දැනෙයිද.."

" දේශී.."

" ම්ම්ම් ගන්න මේක.."

එයා ඉනේ ගහන් හිටිය ගන් එක අරන් ලෝඩ් කරලා මං එයාගෙම අතට ඒක දුන්නා..ඒකෙ තියෙන්නෙ සිල්ව බුලට්..නිකන් බුලට් වලට බෑ අපිව මරන්න..සිල්වර් වලට විතරයි පුලුවන්..

" වෙඩි තියන්න මට.."

ලෝක් කරපු ගන් එක එයාගෙ අතින්ම මගෙ පපුව උඩ තියද්දි විවේන්ගෙ ඇස් ගැස්සුනා..

" මාව මරල දාලා සතුටින් ඉන්න පුලුවන්නම් දැන්ම ඉවරයක් කරලා දාපන් විවේන්.."

" විවේන්......"

අයියා..එයා අපි ඉන්න පැත්තට වේගෙන් ඇවිල්ලා විවේන්ව තල්ලු කරලා දැම්මා..

" උබට මං ඉන්නකන් මගෙ මල්ලිව මරන්න වෙන්නෙ නෑ.."

" රදී අයියෙ මං___"

" විශ්වාස කරා අපි හැමෝම උබව විශ්වාස කරා විවේන්..මගෙ කොල්ලගෙ ජීවිතේ එක්ක උබ ඔය සෙල්ලන් කරන්නෙ මං ඉන්නකන් මූට මං මුකුත් වෙන්න දෙන්නෙ නෑ.."

" අයියා ඔයා මෙතනින් යන්න.."

" උබට මූ අතින් මැරෙන්නද ඕනි දේශ්.."

" ඒක මගෙ තීරනයක්..ඔයා යන්න කරුණාකරලා.."

" අයියා ඕක නවත්තපන්.."

අයියා විවේන්ගෙ බෙල්ලෙන් අල්ලලා එක අතින් උඩට ඉස්සුවෙ විවේන් අයියගෙ අත අල්ලන් ගැලවෙන්න උත්සාහ කරද්දි..

" ඇතෑරපන් එයාව.."

නෑ අයියා මං කියන කිසි දෙයක් ඇහුවෙ නෑ විවේන්ව උස්සලා ඈතට විසික් කරද්දි එයා ගහක වැදිල එහෙම්ම බිමට වැටුනා..

" බල්ලො මං තොට කිව්ව එයාට අතවත් තියන්න එපා කියලා.."

මං අයියගෙ කොලර් එකෙන් අල්ලලා එයාට කියද්දි වෙනද වගේ මගෙ ඇස් ඉස්සරහ එයා බිම බලා ගත්තෙ නෑ ඒ ඇස්වල තිබ්බේ තනිකරම ලොකු තරහක්..

" මං උබට එක පාරකුත් කිව්වා ඌට සීරීමක්වත් උනොත් මට උබ මගෙ අයිය කියන එක අමතක වෙයි කියලා.."

" ආදරේට අන්ද වෙන්න එපා හරකෝ ඌ තෝව මරන්න යන්නේ.."

" ඉතින් මොකද..අහ්..මං මැරුනත් නැතත් උබලට මොකද.."

" තෝ මගෙ මල්ලි..මට මෙච්චර කාලෙකට හිටියෙ උබ විතරයි..විවේන් අතින් තෝ බොරුවට මැරෙනව බලන් ඉන්නද මට කියන්න හු#තො උබ.."

" එහාට පලයන්.."

මං අයියව පැත්තකට තල්ලු කරලා දුවන් ගියෙ විවේන් ලගට..

" මැණික ඔයා හො__"

" එහාට පලයන් දේශී.."

" විවේන්...."

" පලයන්..මං උබට වෛර කරනවා මට උබව මරල දාලා මේකෙන් නිදහස් වෙන්න ඕනි.."

විවේන් මාව තල්ලු කරලා ඈතට විසි උන ගන් එක ඇරන් එක සැනින් පගෙ පපුවට තියල තද කරා..එයා වේගවත් මතත් වඩා ගොඩක් වේගවත්..

" මැරියන් දේශී..උබ මගෙ ජීවිතේ විනාස කරා.."

ඩෝං..

" අයියා..."

විවේන්ගෙ ගන් එකෙන් උන්ඩයක් මගෙ පපුව හරහ යන්න ඔන්න මෙන්න තියෙද්දි අයියා ඇවිල්ලා විවේන්ට විසික් වෙන්න පාරක් දුන්න නිසා ඒ උන්ඩෙ මගෙ පපුව හරහා නොයා පිට ගියා..

මං පන වගේ ආදරේ කරන කොල්ලා මාව මරන්න ගියේ..හිතා ගන්න පුලුවන්ද මට දැනෙන්නෙ කොහොමද කියලා..මෙච්චර කල් මං ඌට මැරීගෙන ආදරේ කරද්දි ඌ මාව මරන්න ලෑස්ති උනා..හැම දේම ගොඩක් ඉක්මනින් හිතුවෙවත් නැති විදිහට වෙනවා..මගෙ හිතේ පුංචි හරි බලාපොරොත්තුවක් තිබ්බා..ඒ අත්වලින් මාව මරන් නැති වෙයි කියලා මොකද ඒ ඇස්වල වෛරය වගේම ආදරේ මං දැක්කා..ඒත් ආදරේට වඩා එයාගෙ වෛරය ගොඩක් වැඩී..

" විවේන්..."

" අත්තම්මා..."

අඩුවට හිටියේ නාකි ඇල්ෆගෙ ලූනා විතරයි..එයත් ආවා.. තනියම නෙවෙයි ශනිල්කත් එක්ක..ඌ සම්පූර්ණයෙන් වෙනස් වෙලා හිටියේ..ඒ කියන්නේ ශනිල්ක ඉන්නෙ විවේන්ගෙ අත්තම්මගෙ පාලනේ..

" උබට මූව මරා ගන්න බැරිද කොල්ලෝ..උබෙ අම්මවයි තාත්තවයි..මගෙ මිනිහවයි මැරුව තිරිසනාව මරා ගන්න බැයිද.."

" අහ්..මූද එතකොට තිරිසනා..ඔබතුමීට අමතක වෙලාද ඒ දවස්වල වෙච්ච දේවල්..අමතකනම් මං කියලා දෙන්නද..විවේන්ව පාවි___"

" කට වහනවා..."

අයියට තවත් කතා කරන්න ඉඩ නොදී විවේන්ගෙ අත්තම්මා ශනිල්කව අයියා ලගට එව්වා..

" ශනිල්ක ඔහොම නැවතියන්.."

අයිය කොච්චර කිව්වත් ශනිල්ක දැන් ඉන්නේ ලූනගෙ control එකේ..අයියට හිතන්නවත් ඉඩ නොදී ශනිල්ක අයියට විසික් වෙලා යන්න පාරක් දුන්නා..

මේ හැම දේම වෙනකන් මං විවේන්ගෙ ඇස් දිහා හැගීම් විරහිතව බලාන හිටියා..ගොඩක් උත්සාහ කරා ඒ රතු ඇස්වල හැන්ගිලා තියන හැගීම් කියව ගන්න ඒත් එයා ඒකට මට ඉඩ දෙන්නෙ නෑ..

එක පැත්තකින් අයියා ශනිල්ක එක්ක පොර අල්ලනවා..අයියට අමාරුයි ශනිල්ක එක්ක කොහොමත් හැප්පෙන්න..අනිත් පැත්තෙන්..විවේන්ගෙයි මගෙයි ඇස් එකට යා වෙලා..එයා අඩියෙන් අඩිය මං ලගට එනවා මගෙ ඇස් දිහා කෙලින් බලාගෙන..මං දන්නවා එයාගෙ ගන් එකේ තව එක උන්ඩයයි තියෙන්නෙ..ඒ මගෙ අවසානය..

" දේශි මට සමාවෙන්න.."

" මං ආදරෙයි ඔයාට.."

ඩෝං.....

*****

😪👍

ඉවරයි ඉවරයි එක උන්ඩෙන් ඔක්කොම මලා..

vote 👇

Share This Chapter