Back
/ 31
Chapter 27

Part 27 ❀

RED EYES 🐺🔞 ( hyunlix ) ✅

අද දවසත් එහෙම්ම ගෙවිලා ගියා..සර්ගෙ දුවගෙන් මට ඊට එහා දෙයක්නම් දැන ගන්න බැරි උනා පිස්සුවෙන් වගේ ප්‍රශ්න අහන් අහන් යද්දි එයාට ඒවට උත්තර දෙන්නවත් වෙලාවක් මං ඉතුරු කරේ නෑ..සර් ඇවිල්ලා බනින්න ගත්ත නිසා මට එතනින් එන්න උනා..කමන් නෑ දේශි කොහේ හරි හොදින් ඉන්නවා කියලා දැන ගත්ත එක මගෙ හිතට සැනසීමක් ගෙනාවා..ඒත් ඉවසිල්ලක් නෑ ආයෙත් ඒ පපුවට තුරුල් වෙනකන්.. මට ඒක කරන්න පුලුවන් වෙයිද ආයෙ..

පාන්දර වෙනකන් වැඩ කරලා ගෙදර ඇවිත් මං ඇදේ පෙරලුනා..පරණ මතක එකින් එක ආයෙ මතකෙට එනවා..චූටි මැණික ග ගා කතා කරන එයාගෙ කටහඩ දෝන් කාර දෙනව වගේ..එක අතකට මහා කාලකණ්ණිකමක් දැනෙනවා..

දේශි ගැන හිත හිත හිටිය මගෙ ඇස් නොදැනීම පිය වෙලා ගියා..

පහුවදා උදේ ඇහැරෙද්දි වෙලා ගිහින් හය වෙද්දි රෙස්ටුරන්ට් එකේ ඉන්න කිව්වා දැනටමත් වෙලාව පහයි පනහයි..තව ඉතුරු විනාඩි දහයයි නිසා මං කලබලෙන් මූණ කට හෝදගෙන ඇදුමක් දා ගත්තා..පහලට ඇවිල්ලා පාන් පෙත්තක බටර් ටිකක් දාන් ඒකත් ඉක්මනට කාලා ලෝකෙට හොරෙන් මගෙ පවර්ස් වලින් වේගෙන් දුවන් කොහොම හරි වෙලාවටම රෙස්ටුරන්ට් එකට ආවා..

" ආව නේ වෙලාවට.."

" හ්ම්ම්.."

" වෙලා ගියානම් උබට කනක් ඇහිලා ඉන්න නැති වෙයි.."

" ඔව් ඈ.."

" college යන්නත් නෑ නේ අද.."

" හ්ම්ම්..ඒක අව්ලක් නෑ ඉතින්.."

" අනේ මංදා බං..හ්ම්ම් හ්ම්ම් ඉක්මනට ලෑස්ති වෙලා එනවකෝ.."

" තාම ඇරියෙ නෑ නේද.."

" නෑ බං..ඉස්සරහා වීදුරු ටික පිහලා දාන්න කියලා කියන්න කිව්වා උබ ආවම.."

" අහ් හරි හරි..."

සුරේෂ් අයියා එක්ක කතා කරන ගමන් මං ඉක්මනට ලෑස්ති වෙලා රෙදි කෑලකුයි වතුර එක්කුයි අරන් රෙස්ටුරන්ට් එකේ ඉස්සරහ පැත්තට ගියේ වීදුරුව පිහදලා දාන්න..රෙස්ටුරන්ට් එක අරින්නේ හතට ලන් වෙලා තව වෙලා තියන නිසා සුරේෂ් අයියයි අනිත් අයයි කෑම බීම හදන අතරේ මං රෙස්ටුරන්ට් එක අස්පස් කරලා දැම්මා..

⏳⏳⏳⏳⏳

අදත් සෙනග වැඩී ටිකක් හොදට බිස්නස් තිබ්බා ඒ වගේම මහන්සිය..

" විවේන් උබට මහන්සි නේ..කෝ ඕක දියන් මං කරන්නම්..උබ පොඩ්ඩල් ඉදගෙන් හිටපන්.."

" ඕන් නෑ අයියා අව්ලක් නෑ.."

" පන්ඩිත නැතුව ඉදගනින් බං.."

සුරේෂ් අයියා මාව කිචන් එකේ තිබ්බ පුටුවක බලෙන්ම ඉන්දුවා..

" ආ මේක බොන්න.."

" පිස්සුද එපා සර්ගෙන් බැනුම් අහන්න වෙයි.."

එයාමට මිල්ක් ශේක් එකක් දික් කරද්දි මං ඒක ප්‍රතික්ෂේප කරා..

" පණ්ඩිතයි විවේන් ඔයා..මෙන්න මේක බොන්න දරුවෝ මං ගානෙ ඔයාට ඕක.. සර්ට අදාල නෑ ඒවා.."

අයියා බලෙන්ම මගෙ අතට ඒක දීලා ඔලුව අත ගාද්දී මං මිල්ක් ශේක් එක අතට ගත්තේ එයාගෙ හිත රිදේවි කියලා හිතලා..

" හෙට college යන්න ඕනි හොදද..ඉගෙන ගෙන හොදට..exam පාස් උනාම මීට වඩා ගොඩාක් හොද ජොබ් එකක් කරන්න පුලුවන් නේ..එතකන් අල්ලන් ඉන්න.."

" හ්ම්ම්ම්.."

එයා හැමදාම මගෙ හිත හැදෙක එක වචනයක් හරි කියනවා..ඒකත් වෙලාවකට ලොකූ හයියක්..

" උබ හරි හොද කෙනෙක් මල්ලී..උබට වරදින් නෑ.."

" නෑ මං නරකයි.."

" ඇයි.."

" මුකුත් නෑ.."

කොහොම කියන්නද ඉතින් මට පන වගේ ආදරේ කරපු කොල්ලව මරන්න ගිය තිරිසනෙක් කියලා මම..

" ඉවරද බීලා..කෝ දෙන්න..තව ටිකක් වෙලා ඔහොම්ම ඉන්න.."

" අව්ලක් නෑ අයියා දැන්.."

" ම්ම්ම්.."

පෙරවදනක් වී මගේ කතාවට

පටුන ලියන්නට හීන එවා

පිටුවෙන් පිටුවට ගෙතූ කතාවට

හිස් පිටුවක් ඉඩ තබා ගියා...

හදිස්සියේම ඇහුන කටහඩ නිසා මගෙ බඩ පපුව දාලා ගියා..

ඔව් ඒ එයා ඒ සුවද ඒ කටහඩ..

මං ඉක්මනට නැගිටලා කිචන් එකෙන් එලියට දුවන් ගියා..

දේශී දෙයියනේ මගෙ හුස්ම නතර උනා වගේ..

අරුත බිඳී ගිය අන්දරයක රස

කිමැයි කියා නොදැනෙන හින්දා

තවත් තියෙනවා හිතේ පොතේ ඉඩ

මෙතෙක් ලියූ කිවිඳියම පතා...

ගිටාර් එකත් ප්ලේ කරන ගමන් එයා එයාගෙ ලස්සන කටහඩ අවදි කරලා..කාලෙකින් ඒ කටහඩින් ඒ රූපෙන් ඒ සුවදින් මගෙ මුලු ආත්මෙම පිරිලා ගියා..

එයා මාව තාම දැක්කෙ නැද්ද එයාට දැනුන් නැද්ද මාව..

දේශි මං මෙහෙ මං දිහා බලන්නකෝ..

පැතූ කතාවේ නිමක් දකින්නට

උපන්බවේ පින මදි හින්දා

බලා ඉඳිමි මතු භවයක හෝ

පසු වදන ලියන්නට එතැයි කියා...

එයා සින්දුවේ ඉතුරු පද පේලි ටිකත් සම්පූර්ණ කරා..ඒ ඇස් තාම මාව දැක්කෙ නෑ..ඒත් මට මගෙ ඇස් එයාගෙන් අහකට ගන්න බෑ..

" උබ මොකද මෙතන බලන් කරන්නේ වැඩ කරපන් ගිහින්.."

" ස්__සොරි සර්.."

හදිස්සියේම සර් ආව නිසා මට මගෙ ඇස් එයාගෙන් අහකට ගන්න උනා..

" ආර්හ්හා.."

අසිහියෙන් වගේ එතනින් මං යන්න හැදුවත් කකුල මේසෙක ගොඩක් රිදෙන්නම වැදුන නිසා මට කෑ ගැස්සුනා..

ඒ නිසා දේශි මාව දැක්කා..සින්දුවේ මියුසික් එක යද්දි එයාගෙ අවදානේ තිබුනෙ මං ලග..ඒ බැල්ම දෙයියනේ දේශි මං දිහා බලාන ඉන්න විදිහට මාව පනපිටින් පිච්චිලා ගියා වගේ..

එයා වෙනස් වෙලා..ගොඩාක් වෙනස් වෙලා..

" මොකද උබෙ ඇස් පේන් නැද්ද.."

" අහ්ම්..සොරි සර්.."

මං කකුලත් අල්ලන් හෙමීට කිචන් එක පැත්තට යද්දි දේශි මං දිහා බලානම සින්දුවේ ඉතුරු පද ටිකත් සම්පූර්ණ කරා..

" වාව් දේශ්..මාරම ලස්සනයි..තව සින්දුවක් ඕනිද අපෙ දේශ්ගෙන්.."

සර්ගෙ දුව එයා දේශි ලගට ගිහින් කරටත් අත දාන හිටියේ..ඒත් දේශිගෙ මූණෙනම් කිසිම හැගීමක් නෑ..

දැන් ඉන්නේ ඒ කෙල්ලගෙ යාලුවෝ ටිකක්ද කොහෙද..අහ් ඔව් රෙස්ටුරන්ට් එක වහලා එයාගෙ යාලුවෝ ටිකක් එකතු වෙලා ඉන්නෙ අද..මට මෙච්චර වෙලා ඒක ගානක් ගියෙ නෑ..

" මෙයාලා ඔක්කොම මූඩ් ගහලා මනෝ ලෝකවල හිර වෙලා ඉන්නේ..දේශ්..තව ලස්සන සින්දුවක් කියමුද හැමෝටම තමන්ගෙ ලෝකවල අතරමන් වෙන්න.."

කෙල්ලට ලාවට හිනාවක් දුන්න දේශි ආයෙත් ගිටාර් එක අතට ගත්තා..

කිචන් එකේ දොර් ලග හැන්ගිලා මං එයා දිහා බලාන හිටියා..සර්ට මාව පේන් නෑ..ඒත් දේශිට හොදට පේනවා..

නුඹ නොඑනවා නම් - මට කියනවා නම්

විඳි වේදනා හමුවේ නොසැළී හිඳින්නම්

හිත රිදෙනවා නම් - විමසන්නෙ නෑ මං

නුඹ කීව කාරණාවන් මා ඉවස ගන්නම්

කඳුළක් වූ මගේ මතකේ

යලි පාරන්නෙ ඇයි ළං වී

මා වින්ද ආදරේ මියැදී ගිහින්

එදා වගේම ඒ කටහඩ අදත් ලස්සනයි..දේශි හරි ලස්සනට සින්දුවේ පද ගැලපුවා..එයාගෙ ඇස් මගෙන් අහකට ගියෙ නෑ..හරියට ඒ සින්දුව කියන්නෙ මට වගේ..

නුඹෙ හිත පිහාටුවක් සේ පාවී ඈතට

මගෙන් මිදී දුර යාවී වෙනතක

බලා හිඳිනු හැර කුමක් කරන්නද මා

මෙපමණ කලක් පුරා මා නුඹගේ පසුපස

හඹා ඇවිත් බෝ වෙහෙසයි දැන් මට

ඉතින් සමු අරන් වෙන් වී ඉන්නම් මා

මොනාද කියන්නේ නෑ එපා..ඇයි වෙන් වෙලා ඉන්නේ මගෙ හිත කොහෙවත් ගියෙ නෑ දේශී ඒක හැමදාම ඔයා ලග..

මගෙ කම්මුල් දිගේ කදුලු පල්ලම් බහිනවා..අඩලා අඩලා හෙම්බත් වෙලා හිටිය මට පහුගිය ටිකේ අඩන්න කදුලු ඉතුරු වෙලා තිබුන් නෑ..ඒත් අද ආයේ ඒ කදුලු අලුත් වෙලා..

සීරුවෙන් බලාන හිඳ, ගනිමි විරාමයක්

රෝස කටු මතින් මා ඇවිද සෙවූ ආලයත්

තේරුමක් නැතැයි වැටහෙන්න ගියපු කාලයක්!

මලට බර නොදී බැස ගන්න නුඹ පමා වෙයන්

අඳුරුයි මා ගෙවූ අතීතේ

යලි පාරනු එපා ළං වී

මා වින්ද ආදරේ මියැදී ගිහින්

මට ඔයාව බදා ගන්න් ඕනි දේශි..කෑ ගහලා කියන්න ඕනි මට සමාවෙන්න කියලා..මට කෑ ගහන්න ඕනි ඔයාට ආදරෙයි කියලා ඉස්සරටත් වඩා ආදරෙයි කියලා මට ඔයාව ඕනී ඔයා නැතුව ඉන්න බෑ දේශි මට..ඒත් මං කොහොමද ආයෙත් ඔයාට ලන් වෙන්නේ..

නුඹෙ හිත පිහාටුවක් සේ පාවී ඈතට

මගෙන් මිදී දුර යාවී වෙනතක

බලා හිඳිනු හැර කුමක් කරන්නද මා

මෙපමණ කලක් පුරා මා නුඹගේ පසුපස

හඹා ඇවිත් බෝ වෙහෙසයි දැන් මට

ඉතින් සමු අරන් වෙන් වී ඉන්නම් මා

එයා ඒ සින්දුවේ අන්තිම පද ටිකත් කියලා ඉවර කරා..තාමත් ඒ ඇස් මං ලග නතර වෙලා..

" මට සමාවෙන්න දේශී..මං ආදරෙයි.."

මං හෙමින් මිමිනුවා..එයාට ඒක ඇහුනා එයා මට ඇහුන්කන් දුන්නා..මං ඒක කියද්දි එයාගෙ මූණ වෙනස් උනා..ගිටාර් එක පැත්තකින් තියලා දේශි නැගිට්ටා..

" දේශ් කොහෙද යන්නේ දෙ_"

සර්ගෙ දුව කතා කරත් එයා ඇහෙන් නෑ වගේ ආවා..

දේශි එළියට යන්න යන්නේ..

" දේශී.."

මං එයාගෙ පස්සෙන්ම ගියා..

" දේශි ම්__"

එයා ලගටම ගිහින් උරහිසෙන් මගෙ අත තිබ්බා..ඒත් එයා එක පාරට මං දිහා බැලුවේ කව්ද මේ මං අදුරන් නෑ වගේ..

" දේශී.."

මං ආයෙත් කතා කරා එයාට ඒත් එයා මගෙ ඇස් දිහා බැලුවෙ ලොකු වෛරයකින්..ඔව් මං ඒක ඒ ඇස්වලින් දැක්කා..ඇත්ත වෛර කරන්න එපැයි එච්චර මට ආදරේ කරලා අන්තිමට මං ද්‍රෝහී උනාම..

මගෙ පපුව පිච්විලා ගියා..මුලු ඇගම පන නැතුව ගියා..

දේශි එයාගෙ බයික් එකට නැගලා ඉක්මනට යන්න ගියා..

තවත් එළියට වෙලා බලන් ඉදලා තේරුමක් නැති නිසා මං පපුවත් අල්ලන් ඇතුලට ආවා..සර්ගෙ දුවත් බලාන ඉන්නවා..

" විවේන් මොකද මේ.."

" අයියේ..ම්___"

මගෙ හදවත නවතින්න වගේ..මං හයියෙන් පපුවට ගහ ගත්තා..

" මොකද දරුවෝ මේ ඕක නවත්තන්න විවේන්.."

" අයි___"

මං ගොලු උනා..කතා කර ගන්න බෑ මට..මගෙ ඇගම පන නැති වෙලා වැටෙද්දි සුරේෂ් අයියා මාව අල්ලගෙන එයාගෙ පපුවට තුරුල් කර ගත්තා..වටේම අදුරු වෙලා ගිහින් මගේ ඇස් පිය උනා..

*****

😪👍

vote 👇

Share This Chapter