Back
/ 31
Chapter 28

Part 28 ❀

RED EYES 🐺🔞 ( hyunlix ) ✅

ඔලුව පැලෙන්න වගේ දැනුන කැක්කුමත් එක්ක නලලත් රැලි කරන් මං හෙමීට ඇස් ඇරියා..

ඒත් මගෙ ඇස් එක්ක හිතුවෙවත් නැති කෙනෙක්ගෙ ඇස් පැටලුනා..

" දේශී.."

මං ඉන්නෙ එයාගෙ කාමරේ..ඇදේ මට එහා පැත්තෙන් නිදාන හිටිය දේශිව දැකිද්දි මගෙ පපුව වේගෙන් ගැහෙන්න ගත්තා..

" මොකද දැන්.."

එයාට උත්තර දෙනව වෙනුවට මං කරේ දේශිගෙ ඇග උඩට නැගලා එයාව බදා ගත්ත එක..මං එයාව ගොඩාක් තදිත් බදා ගත්තා..දේශි මගෙ අත් අස්සෙ හිර වෙලා හුස්ම ගන්නත් අමාරු තරමට..ඒත් ඉස්සර නිතරම මගෙ ඉන වටේ එතුන අත් අද එහෙම උනේ නෑ..

" දේශි ඔයා කො__කොහෙද හිටියේ..අනේ මං හැම තැනම හෙව්වා.."

" මට පාලුයි ඔයා නැතුව..දේශි ම්__මං ඔයාට ආදරෙයි ගොඩාක්..මට ඔයා නැතුව ඉන්න බෑ දේශී අනේ..මට ඔයාව ඕනි මං ආදරෙයි නේ.."

" මට සමාවෙන්න වෙන්න දේශි..මට සමාවෙන්න මං රැවටිලා හිටියේ අනේ..මං ඔයාට වෛර කරන් නෑ මං ආදරෙයි..මාව දාලා යන්න එපා දේශි ආනේ මට මේ ලෝකෙ කව්රුත් නෑ.."

මට වචනත් පැටලෙනවා කියන්න දාහක් දේ තිබ්බත් මේ වෙලාවෙ මට වචන කර ගන්න පුලුවන් උනේ ඒ ටික විතරයි..දේශිව බදාන මං එයාගෙ මූන ඉබගෙන ඉබගෙන ගියෙ පිස්සුවෙන් වගේ..මෙච්චර කාලයක් මං ඒ උණුහුම නැතුව කොච්චර තනි වෙලා හිටියද..

මං කොච්චර එයාව ඉම්බත් කොච්චර දේවල් කිව්වත් එයා..

" එහාට වෙන්න.."

දේශි මාව එයාගෙ ඇගෙන් එහාට කරලා ඇදෙන් නැගිට්ටා..

" දෙ__"

" ම්ම්ම්..මේක කාලා මේකත් බීලා ගෙදර යන්න දැන් අමාරුවක් නෑ නේ.."

කෑම වගේකුයි පැනඩෝල් පෙති දෙක්කුයි වතුර එකක් එක්ක ඇද උඩින් තියලා දේශි මං දිහා ආයෙ බලන්නෙවත් නැතුව කාමරෙන් එළියට ගියා..

මට කන්න බොන්න ඔන් නෑ දෙයියනේ මට ඕනි එයාව..

ඇදෙන් නැගිටලා කාමරෙන් එළියට දුවන් යන්න ගියත් මං දොර ලග නතර උනා..

එයා මට සමාව දෙන එකක් නැති වෙයි..

කාලෙකට කලින් උන හැම දේම එකවැර මතක් වෙද්දී ආයෙත් වට පිටාව අදුරු වෙලා යනව වගේ දැනෙද්දි ඔලුව අත් දෙකෙන්ම බදාන දොර දිගේ රූටලා මං බිම ඉද ගත්තා..

" ආර්හ්හා.."

මට කෑ ගැහුනා ඔලුවෙ කැක්කුම එන්න එන්න වැඩි වෙද්දි මට දරා ගන්න අමාරු වෙද්දි මං බිම එහෙට මෙහෙට පෙරලුනා..

" ද්__ දේ ශි..ආර්හ්හා.."

රිදෙනවා..ඔලුව විකාට වෙලා වගේ..බිම දිගේ එහෙට මෙහෙට පෙරලෙද්දී දේශි කලබලෙන් මගේ පැත්තට දුවන් ආවා..

" ඇයි මේ..මොකද උනේ විවේන්.."

මං ලග දණ ගහගෙන මාව එයාගෙ පපුවට තුරුල් කර ගත්තා..

" දේ__ශී....රි_රිදෙනව ම ට..දාලා යන්න එපා.."

" ම්ම්ම්..දාලා යන් නෑ මැණික මං ඉන්නවා නේ කෝ අඩන්න නැතුව ඉන්න.."

එයා මගෙ නලලෙන් හාදුවක් තියද්දි මං එයාගෙ ශර්ට් එක අත් දෙකටම මිරික ගත්තා..

" දේශී...."

" මං ඉන්නවා චූටි මැණික..කලබල වෙන් නැතුව ඉන්න.."

" සමාවෙන්න මට.."

" මං ආදරෙයි ඔයාට.."

" හරි මැණික..අඩන්න එපා ඔලුව කැක්කුම වැඩි වෙයි තවත්..කෝ එන්න.."

දේශි බිම හිටිය මාව අත් දෙකට හරහට වඩා ගෙන පරිස්සමින් ඇදෙන් තිබ්බා..එයත් මගෙ ලග නිදාගෙන මාව පපුවට තුරුල් කර ගත්තා..දේශි මගෙ ඔලුව අත ගානවා..ඒත් කක්කුම ටිකක්වත් අඩු උනේ නෑ මගෙ හිතයි මනසයි දෙකම කලබල වෙලා..

" දේශී..දේශි මාව මරන්න දේශී මං වැරදී අනේ මං ඔයාව මරන්න ගියා..මට බෑ ජීවත් වෙන්න.."

" විවේන් මොකද මේ සන්සුන් වෙන්න විවේන්.."

මං කලබල උනා නැගිටලා ඇදේ ඉද ගත්ත මං ඔලුවට හයියෙන් ගහගෙන කොණ්ඩෙ අත් දෙකෙන්ම ඇද ගත්තා..

" මට යන්න දෙන්න..අතාරින්න..මැරෙන්න දෙන්න මට ඔයා හොදින් ඉන්නව නේ දැන් හරි මං ජීවත් වෙලා වැඩක් නෑ..දේශි මට කරපුවට දඩුවම් ලැබෙන්න ඕනි..මට මැරෙන්න දෙන්න දේශී.."

" දගලන්න එපා චූටි මැණික මොකද මේ..මං සමාව දෙන්නම් විවේන්.."

" ඒත් මං ඔයාව මරන්න ගියා..මට පන වගේ ආදරේ කරත්  ඔයාව මං මරන්න ගියා දේශි..එහාට වෙන්න මට මැ___ම්ම්ම්ම්හ්.."

විකාර කියව කියව දගලන මගෙ තොල් එයා එයාගෙ තොල් අතරෙ හිර කර ගත්තා..මගෙ අත් දෙකේම වලලුකර ලගින් තදින් අල්ලගෙන..මගෙ තොල් දේශි කලබලෙන් උරවන්න ගත්තා..ටිකකින් රැලි වෙලා තිබ්බ නලලා ලිහිල් වෙලා මගෙ ඇස් පිය වෙලා යද්දි මාව ටික ටික සන්සුන් උනා..

දේශි මගෙ අත් අතෑරලා එයාගෙ ඔඩොක්කුවට මාව ගත්තා..එයාගෙ අත් මගෙ පිට පුරාම ගියා කාලෙකින් දැනෙන පිස්සු හැදෙන පහසට නතු උන මාත් හදිස්සියේම දේශිට හව්ල් උනා..

මාව සන්සුන් කරපු එයා දැන් හැගීම් එක්ක නොසන්සුන් වෙලා මගෙ ටී ශර්ට් එක අස්සෙන් එහෙට මෙහෙට අත් යවන ගමන් හාදුවේ ගැබුරටම ගියා..

කටට ලේ රහ දැනීගෙන එද්දි දේශි මාව ඇදේ හාන්සි කරවලා මගෙ ඇග උඩට ආවා..එකිනෙක පැටලුන තොල්වලින් එයා ඈත් වෙලා මගෙ බෙල්ල පාමුල දිවෙන් තෙත් කරගෙන ගිහින් තොල් තද කරා..

" ම්ම්ම්හ්හ්.."

ඒ පහසින් මාව පිස්සු වට්ටද්දි හීන් කෙදිරිලි වලින් කාමරේ පිරිලා ගියා..

" සුවදයි.."

නහය බෙල්ල ලග අතුල්ලද්දි එයා කතා කරා..පිස්සුවෙන් වගේ මගෙ ඇග හැමතැනම එයාගෙ අත් යනවා..නියපොතුවලට මාව සීරෙනවා..

" අර්හ්හා.."

දේශි මාගෙ බෙල්ල හයියෙන් හැපුවා..

" සොරී හිතලා කරේ නෑ.."

බෙල්ලෙ දත් වදිද්දි දැනුන වේදනාවට මං කෑ ගහද්දි පියවි සිහියෙන් පිට හිටිය දේශි සිහියට ඇවිත් සොරි කියන ගමන් මගෙන් ඈත් උනා..

පිය උන ඇස් හෙමින් ඇරෙද්දි මං දැක්කෙ දේශිගෙ ඇස්..එ ඒවා..

" දේශි ඔයාගෙ.."

එයා ඉක්මනට ඇස් මගෙන් හංග ගත්තා..

"  දේශි මට කියන්න ඒවා කොහොමද එහෙම උනේ.."

" ඔහොම ඉන්න දේශි.."

එයා ඇදෙන් නැගිටලා යන්න ගියත් මං එයාව අල්ල ගත්තා..

" ඒක කොහොමද වෙන්නේ.."

" උබට දැන ගන්න ඕනිද.."

" ඔව් දේශි මට කියන්න.."

" ම්ම්..එනව යන්න.."

මාවත් ඇදත් එයා කාමරෙන් එළියට ගියා..

" කොහෙද යන්නෙ දේශි.."

" කට වහන් එනවා.."

මගෙ අත ගොඩක් තදින් එයාගෙ අතට අහු වෙලා..පොඩි වේදනාවකුත් දැනුනා..

මාවත් ඇදන් දේශි ආවෙ එයාලා ගේ පිටිපස්සෙ තියන කැලෑවට..

" ඇයි මෙහෙ ආවෙ.."

" දැන් උබට දැන ගන්න ඕනි උනා නේද විවේන් මහෙ ඇස් මෙහෙම උනේ ඇයි කියලා.."

" ඉත්__"

" බලනවා.."

එයා මට පෙන්නුවේ සොහොන් කොතක්..

" දේශි ඒක.."

" ඒක මගෙ අයියගෙ විවේන්..මගෙ එකම අයියගේ..උබෙ රදී අයියගේ.."

දේශි කෑ ගහලා කිව්ව දේත් එක්ක මගෙ හුස්මත් නැවතුනා වගේ..රදී අයියගෙ සොහොන් කොත ඒ කියන්නෙ එයා..

" මොනාද ඔයා මේ කියන්නේ..දේශි විහිලු කරනවද මට.."

" විහිලු..ඔව් උබට හැමදේම විහිලුවක් උන නිසා තමා මගෙ අයියට මෙහෙම උනේ..ඌ මැරිලා ගියා යකෝ මට පන දීලා තෝ නිසා ඌ මැරිලා ගියා.."

කියන්න ඕනි මොනාද කරන්න ඕනි මොනාද කියලා මුකුත් නොතේරෙද්දි මං එහෙම්ම බිම ඉන්ද උනා..

" මගෙ ඇස්වලට මෙහෙම වෙන්න හේතුව ඕක තමා.."

උනේ මොකක්ද කියන්න ටිකෙන් ටික මට තේරෙන්න ගත්තා..ඇල්ෆා කෙනෙක් උන දේශිට තිබ්බේ රතු පාට ඇස් ඒත් දැන් ඒවා නිල් පාට වෙලා ඒකට හේතුව අයියා..

" ඌ උගෙ පන මට දුන්නා විවේන්..මාව ජීවත් කරවලා ඌ මැරිලා ගියා මාව තනි කරලා ගියා..මං වෙනුවෙන් පන උනත් දෙනව කිව්වට මං හිතුවෙ නෑ ඌ ඒක කරයි කියලා ඒත් එයා ඒක කරා මගෙ අයියා මට පන දීලා යන්නම ගියා.."

දේශි අඩනවා ඒ ආගන්තුක නිල් ඇස්වලින් හෝ ගාලා කදුලි කැට කඩන් වැටෙනවා..

" උබ නිසා තමා ඔක්කොම.."

මං ලග දණ ගැහුව දේශි මගෙ බෙල්ලෙන් අල්ල ගත්තා..

" දෙශී.."

" කට වහනවා..උබ මට මගෙ අයියව නැති කරා.."

ඒ අත එන්න එන්නම මගෙ බෙල්ලට තද උනේ හුස්ම ගන්න අමාරු කරන ගමන්..

" මට සමාවෙන්න.."

අමාරුවෙන් වචන ගලපන ගමන් මගෙ අත් දෙකෙන් ඒ කම්මුල් දෙකම අල්ල ගත්තා..

" විවේන්..මට මගෙ අයියා නැති උනා..මට උගෙ පන දීලා යන්න යද්දි මට  ඌව බේර ගන්න බැරි උනා.."

බෙල්ලෙන් දේශිගෙ අත හෙමීට ලිහිල් වෙද්දි මං එයාව තදින් බදා ගත්තා..

" අඩන්න එපා..මට සමාව දෙන්න දේශී.."

එයා අඩනවා..මට තුරුල් වෙලා මහ හයියෙන් අඩන්න ගත්තේ ගොඩාක් කල් ඉදන් හිර කරන් හිටිය දුකක් එළියට දානව වගේ..

රදී අයියා..මට හැමදාම හිතින් ආදරේ කරපු මාව හොදින් බලා ගත්ත ඒ ආදරණීය මනුස්සයා අද පොලවට පස් වෙලා..

මට වාවන් නෑ..ආයෙත් හිත කලබල වීගෙන එද්දි දේශි නිසා මං ඒක අමාරුවෙන් පාලනේ කර ගත්තා..

" දේශී.."

පැයකටත් කිට්ටුව ගෙවිලා යන්න ඇති..ඉකි ග ගා ඇඩුව දේශිගෙ ඇඩිල්ල හෙමීට අඩු වෙද්දි මං එයාට කතා කරා..

" ම්ම්ම්.."

" මට සමාවෙන්න..කොච්චර සමාව ගත්තත් මං කරේ ලොකු වැරැද්දක්..මං රැවටුනා..එදා මං ඔයාව මරන්න නෙවෙයි ගියේ මට ඒක කීයටවත් කරන්න ඕනි කමක් තිබ්බෙ නෑ..මොකද ඒ වෙද්දිත් මං ඔයාට සෑහෙන්න ආදරේ කරන්න අරන්..ඒත් අත්තම්මා..අනේ මට සමාවෙන්න දේශී..මට ඕනි ආයෙත් මේ දේවල් හරි ගස්සන්න..මට අයියට ආයෙ පන දෙන්න බැරි වෙයි...ඒත් මං ආයෙ ඔයාට පන දෙනවා..කොහොම හරි කරලා ආයෙත් ඔයාව හිටපු කෙනාම කරනවා..මට සමාව දෙනවද.."

දේශි මට උත්තර දෙනව වෙනුවට මගෙ තොල්වලට බර උනා..

*****

😪❤️

vote 👇

Share This Chapter