Back
/ 35
Chapter 1

Part 1

සීමාවෙන් එහා

කතාව පටන් ගන්න කලින් කියන්න ඕන, මගෙ අතින් පොඩි මිස්ටේක් එකක් වෙලා කැරැක්ටර් ඉන්ට්‍රො එක ඩිලීට් වුණා. ඒක ආයෙම අප්ලෝඩ් කරලා ඇති පාට් 18 ඇන්ඩ් පාට් 19 අතරෙ "Charachter Introduction" කියන නමින්. ඒ නිසා අලුතෙන් කියවනවනම් ඒ පාර්ට් එක බලලා එන්න කියලා මෝඩ ඕතරී ඉල්ලන්න කැමති 🥲

-------------------------------------

"ටිනාශා!! විදුර්!! පොඩ්ඩක් ඔහොම ඉන්ඩෝ...!!"

මිණිගෙඩියක් වගේ පිටිපස්සෙන් ඇහුණ සද්දෙට අපි දේන්නම නැවතුනා. කොහොමත් අපි සිනෙලිව හොය හොය තමා හිටියෙ හෝල් එකෙන් එළියට ආපු වෙලේ ඉඳන්.

මොකද කෝල් කරාට ලේසියෙන් ආන්ස්වර් වෙන ෆෝන් එකක් එහෙම නෙවෙයි සිනෙලිට තියෙන්නෙ...එක්කො ඩේටා නෑ, එක්කො ක්‍රෙඩිට් නෑ, ඔය දෙකම තිබ්බොත් බැට්‍රි නෑ. හොයාගන්න ඕන වුණාම ගල් යුගේ වගේ දුම් ගහලා තමා හොයන්න වෙන්නේ.

ඉතින් එන වෙලාවක එයිනෙ කියලා ටිනාශයි මායි එයා එනකන් දොර ගාව හිටියා. ඉඳලා බැරිම තැන සිටිහෝල් එකේ ගේට් එක ළඟට යන්න ගිහාම තමා පිටිපස්සෙන් බෙරිහන් දෙනවා ඇහුණේ.

"තොපිනම්- හම්මාහ් හුස්ම...තොපිනම් කැම්රිම යාලුවො තමා ඈ...බලහන්- මාව දාලා යන්න නේ ගියේ."

ඕන් බලහන්කො ඉතින්... මෙච්චර වෙලා විනාඩි ගාණක් තැප තැප හිටියා දොර ගාව ඒවා කියන්නෑ.

"තෝ බොරුවට බෙරිහන් දෙන්න කලින් බලහන් කෝල් කීයක් ගත්තද කියලා..."

"හම්මට..කෝල් කරාද?? ෆෝන් එක සයිලන්ට් දාලා තිබ්බෙ පනේ~~"

අර මං බොරුද කිව්වෙ. අනිත් ඔක්කොම තිබ්බත් අඩු ගානෙ සවුන්ඩ් හරි නැතිවෙනවා.

"ඔය ෆෝන් එක තියන් ඉන්නවට වඩා හොඳයි ඔබාගනින්-"

ටිනාශා කියන්න ගිය එක මගෙ දිහා බලලා නවත්තගත්තා. හිච්චි කාලෙ ඉඳන් බොක්කෙ ෆිට් තමා ඒත් බවුන්ඩරි එකක් කියලා තියෙන්න එපැයි.

මුන් දෙන්නව මට සෙට් වෙන්නෙ නමය වසරෙ ඉඳන්. නුවර සුවහසක් ගර්ල්ස් ඇන්ඩ් බෝයිස් ස්කූල්ස් අස්සෙ මට වාසනාව තිබ්බා මික්ස්ඩ් එක්කට යන්න. ඒකත් ලොකු ඉස්කෝලයක් තමයි. අපි තුන්දෙනාම ආවෙ ශිෂ්‍යත්ව විභාගෙන්. හැබැයි මුල් කාලෙ මම ටිනාශයි සිනෙලියි දන්නෙ නෑ.

6-8 අපි හිටියෙ වෙන ක්ලාසස් වල. ඒ කාලෙ හිටියෙ වෙනස් යාලුවො, වැඩිපුරම කොල්ලො. ඒත් මොකක්හරි හේතුවකට...8 වසරෙ විතර මට දැනුණා මාව ටිකක් කොන් වෙනවා කියලා. ඒත් දැනෙන්න නෙවෙයි, නොදැනෙන්න.

අපි එකට කෑවා බිව්වා, ඉස්කෝලේ ඉවෙන්ට් වලට ගියා, ට්‍රිප් ගියා තමා. ඒත් මට දැනුණා අමුත්තක්. මම දන්නෑ ඇයි මාව එහෙම ටික ටික මඟෑරුනේ කියලා. කොහොමත් 8 වසර එහෙම කියන්නෙ හෝර්මෝන් එහෙමත් වෙනස් වෙන කාලෙනෙ. මොකක්හරි හේතුවක් තියෙන්න ඇති.

9 වසරෙදි ක්ලාසස් මාරු කරාට පස්සෙ තමා අපි තුන්දෙනා එක ක්ලාස් එකට වැටුණෙ. ඒ කාලෙ ඉඳන් අද වෙනකන්ම අපි එකටමයි. කල් යද්දි අපෙ පවුල් වල අයත් සෑහෙන්න ෆිට් වෙන තරමට අපෙ යාලුකම ගොඩනැගුණා.

ඒ ලෙවල් කරන්න අපි තෝරගත්තෙ ස්ට්‍රීම් තුනක්. මම ආර්ට්ස්, සිනෙලි කොමර්ස්, ටිනාශා මැත්ස්. ඉතින් අපි ක්ලාස් යන්නවත් සෙට් වුණේ නෑ. ඒත් අපෙ යාලුකම පොඩ්ඩක්වත් වෙනස් වෙන්නැතුව එහෙම්ම තිබ්බා. ඉඩක් හම්බුණු ගමන් අපි සෙට් වෙලා ඇවිදින්න ගියා.

ඉස්කෝලෙ වුණත් සෙක්ශන් තුනක හිටියට අපි නිතර සෙට් වුණා ඉන්ටර්වල් එකේ එහෙම. සිනෙලිගෙයි මගෙයි සෙක්ශන් තිබ්බෙ එක ළඟ. ටිනාශගෙ සෙක්ශන් එක තිබ්බෙ සෑහෙන ඈත. උන් ඉතින් සයන්ස්කාරයොනෙ. බලෙන්ම කොන් වෙලා ඉන්නෙ. ඒ පැත්තට පය ගහන්නවත් දෙන්නෑ ලේසියකට, අහුවුණොත් සෙක්ශනල් හෙඩ්ගෙ ඉඳන් මැඩම්ලා හේතු අහන්න ගන්නවා ඇයි සයන්ස් එකට ආවෙ කියලා.

ඒ නිසා අපිනම් ඔය පැත්තෙ වැඩිය යන්නෑ. හැබැයි ටිනාශා ආවා නිතර අපිව හම්බෙන්න. ඒකිටත් ඉන්න බෑ අපෙ ආස්සරේ නැතුව කොහොමත්. අනික අපෙ ගෙවල්වල මොනවාහරි හැදුවොත් අනිවාර්යයෙන් උස්සන් එනවා ඉස්කෝලෙට. ඒ ගැන පෙර දැනුම් දීමක් දුන්නම ඉතින් මොන දීපංකරේ ඉඳන් හරි අනිත් සෝමාලියන්කාරයො දෙන්නා එනවා ඒක ගිලින්න.

කොහොම කොහොම හරි ඒ අවුරුදු ගාන ඇතුළත අපි අතරෙ බිඳින්න බැරි තරම් ලොකු යාලුකමක් හැදුනා. ඒත් මං ඒ දෙන්නට ගොඩක්ම ගරු කරන හේතුව ඔය මුකුත් නෙවෙයි.

ඒ ලෙවල් කරන කාලෙ...මම කැමති පිරිමි ළමයින්ට කියලා කිව්වම ඒ දෙන්නා ඒක පිළිගත්ත විදිහ. මේ රටේ හැටි දන්නවනෙ සාමාන්‍යයෙන් එහෙම දෙයක් කිව්වම. ඒත් ඒ දෙන්නා මාව පිළිකුල් කරේවත් මාව කොන් කරේවත් කිසි වෙනසක් පෙන්නුවෙවත් නෑ.

"අපිනම් කලින්ම දැනන් හිටියා නෙහ්..."

ටිනාශා සිනෙලිට වැලමිටෙන් ඇනලා කියද්දි සිනෙලි මට ඇහැක් ගැහුවා.

"ම්ම්..."

"උ-උඹලා දැනන් හිටියා?? මටත් කලින්?"

"ඔව් ඉතින්...උඹම ඕක කවදාහරි තේරුම් ගන්නකම් තමා අපිත් බලන් හිටියෙ."

ඒ වෙලාවෙ ආපු සතුටට මම ඒ දෙන්නව තද කරලා බදාගත්තා. මට හිතුණා...සමහරවිට මම පොඩි කාලෙ ටික ටික කොන් වුණේ ඒක අනිත් අයට තේරුණ නිසාද කියලා. පුදුමයි ඒක මම තේරුම් ගන්නත් කලින් උන්ට තේරුණ එක. බැරිවෙලා හරි මම එයාලා ඇතුළෙ ඉන්න ගේ පුද්ගලයගෙ හැඟීම් ඇවිස්සුවද දන්නෑ නේ...හෙහ් ඕන එකක්. මගෙ උන් දෙන්නා ඒක පිළිගත්ත එක මට මදැයි. මට වැඩක් නෑ වෙන එක පගෙක්.

ඒ ලෙවල් රිසල්ට් ආවට පස්සෙ අපි තුන්දෙනාටම කොහොමත් ඕන වුණා හයර් ස්ටඩීස් කරන්න. ඊළඟට ආවෙ කැම්පස් තෝරන ගේම. ටිනාශනම් කලින්ම තීරණය කරලා තිබ්බෙ ප්‍රයිවට් කැම්පස් යනවා කියලා සොෆ්ට්වෙයාර් ඉන්ජිනියරින් කරන්න.

මම ආසා වුණේ පේරා යන්න. ඒත් පේරා ආර්ට්ස් යන්න මට රිසල්ට් මදි වුණා. මට ආවෙ රුහුණු කැම්පස් එක. ඒත් නුවර දාලා යන්න මම කැමති වුණේ නෑ. මේ වැව රවුමට, නුවරම විතරක් දැනෙන සීතල හුළඟට, මාර්තු අප්‍රේල් කාලෙ වෙනකොට රොබරෝසියා වලින් වැහිලා යන ටවුන් එකට මම පුදුම ආදරෙයි. ඒ නිසා මමත් තීරණය කරා ටිනාශගෙ ප්‍රයිවට් කැම්පස් එකේම ආට් මේජර් ඇප්ලයි කරන්න.

අපි දෙන්නම එකම කැම්පස් යද්දි අනිත් එකී වෙන කොහෙවත් යයිද?? ඒ නිසා සිනෙලිත් ඒකෙම මැනේජ්මන්ට් කරන්න හිතුවා. අද තමා ඔරියන්ටේශන් පටන් ගත්තේ.

අද මුල්ම දවස නිසා නිකන් ඉන්ට්‍රො එකක් තිබ්බෙ. මේවගෙ බැච් එකම දෙසිය ගාණක් වගේනෙ. ඒ නිසා වැව රවුමෙ සිටිහෝල් එකේ තමා ෆන්ක්ශක් එක තිබ්බෙ. ඉවර වෙද්දි තුන හමාරයි.

ලාවට ඉර අව්ව අඩු වෙලා ටික ටික හැන්දෑ වෙන්න ගන්න වෙලාව. වැව රවුම ගොඩක්ම ලස්සනයි මේ වෙලාවට. කොහොමත් අර හොල්මන එනකනුත් ටිකක් වෙලා ඉන්න වුණානෙ දැන් හතරටත් කිට්ටුයි ඒක නිසා.

"මොකෝ කියන්නෙ...වෙලා තියන එකේ අයිස් ක්‍රීම් එකක් කාලම යන්ද?"

ටිනාශා ඇහුවා. අයිස් ක්‍රීම් වලට බෑ කියන මනුශ්‍ය ප්‍රාණ ඉන්නවද මේ ලෝකෙ...නෑනෙ? අපි දෙන්නත් එක පයින් කැමති වුණා ඒකට.

"අද මං ගානෙ ඈ..."

මම කිව්වෙ වොලට් එක අදින ගමන්.

"අමෝ අමෝ මේන් සල්ලිකාරයා...මොකෝ ටිප් එකක්වත් හම්බුණාත?"

සිනෙලි ඇහුවෙ අතේ දබර ඇඟිලි දෙක එකට වද්ද වද්ද.

"ම්ම්..."

මම ඇහැක් ගහලා හිනාවෙලා කියද්දි කෙල්ලො දෙන්නම අමුතුවට හිනාවෙලා විසිල් එකක් ගැහුවා.

"එහෙනම් අරන් වරෙන්..."

"මැදට චොක්ලට් දාපු චොක්ලට් එකයි, මැදට වැනිලා දාපු චොක්ලට් එකයි, කැපචිනෝ කෝන් එකයිනෙ?"

"ඕක අහ අහ ඉන්නත් දෙයක්ද බොල?? පලයන්..."

ඔව් ඉතින් අහ අහ ඉන්න දෙයක්නම් නෙවෙයි තමා...අපෙ තුන් කට්ටුව හැමදාම ඕව තමා කන්නෙ. ඒක කොච්චර පුරුදු වෙලාද කියනවනම් දැන් අපි පවුලෙ අය එක්ක ගමනක් යද්දි වුණත් එයාලා අහ අහ ඉන්නෑ කෙලින්ම ඔය තුන උස්සන් එනවා.

මම අයිස් ක්‍රීම් වෑන් එක ගාවට ගිහින් සෙනඟ අඩු වෙනකම් හිටියා. හැන්දෑ වරුවෙ වැව රවුමෙ ඉඳන් අයිස් ක්‍රීම් කන එකත් වෙනම වයිබ් එකක්. පහුගිය සෙනසුරාදා මට ටිකක් වැඩියෙන් ටිප් එකක් හම්බුණ නිසා අද මං හිතුවා කෙල්ලො දෙන්නටත් ට්‍රීට් කරන්න.

ටිප් එක කියන්නෙ...මම පාර්ට් ටයිම් ජොබ් එකක් විදිහට හවස් වරුවෙ කැෆේ එකක සින්ග් කරනවා වීක් එන්ඩ් එකේ. වීක් එන්ඩ් කිව්වට සෙනසුරාදා විතරයි.

ඕක මම පටන් ගත්තෙ කොවිඩ් ඉවර වේගෙන ආපු කාලෙ වගේ. අර වැක්සීන් එහෙම දෙන්න පටන් අරගෙන කොරන්ටීන් නීති එහෙම ටික ටික අයින් කරපු කාලෙ. මාස ගණන් ගෙවල් වලට වෙලා ඉඳලා නිදහස සීමා වෙලා මිනිස්සු ඒ කාලෙ හිටියෙ මාරම ස්ට්‍රෙස් එකක.

ඒ හැඟීම නැති කරගන්න සිකුරාදා සෙනසුරාදා හවස් වරුවෙ මිනිස්සු කොහොමත් මේ වගේ වයිබ් එකක් තියන කැෆේ වලට යනවා. මම වැඩ කරන එක තියෙන්නෙ ටවුන් එකෙන් ටිකක් උඩට වෙන්න මුලු නුවරම පේන විදිහට. ටවුන් එකේ තියන එක්තරා ප්‍රසිද්ධ ගර්ල්ස් ස්කූල් එකක් ගාවින් උඩට තියන පාරෙ ටික දුරක් ගිහාම හම්බෙන්නෙ.

ඒක ටවුන් එකෙන් ඈතට වෙන්න තියන නිසාම මිනිස්සු එනවා වැඩි. හවස් වරුවෙ වැඩිපුරත් එක්ක ලස්සනයි එතන. මුල් කාලෙ මම සින්ග් කරන්න පටන් ගත්තෙ ආසාවට...ඒ කාලෙ මම වුණත් ඒ ලෙවල් එක්ක තිබ්බ ස්ට්‍රෙස් එක නැති කරගත්තෙ කැෆේ එකේ සින්ග් කරලා.

අවුරුද්දක් විතර යද්දි කැෆේ එකට මාව නැතුවම බැරි වුණා. සෙනසුරාදා මියුසික් අයිටම් එකයි විදුර් රවීෂ කියන නමයි වෙන් කරන්න බැරි තරම් එකට බැඳිලා තිබ්බා. ලොකුකමට කියනවා නෙවෙයි...මගෙ අයිටම් එක බලන්නම සෙනසුරාදා කැෆේ එන අයත් ඕන තරම් හිටියා.අන්තිමට මොකක්හරි වැඩක් වැටිලා සෙනසුරාදා එන්න බැරිවුණත් කැෆේ එකේ අය නොයෙක් වන්දනාමාන කරලා මාව ගෙන්නගන්න තරමටම මට ඕඩියන්ස් එකක් හැදුණා.

මම මේ නුවර මහා ප්‍රසිද්ධ චරිතයක් කියලා නෙවෙයි මම කියන්නෙ. ඒ කැෆේ එකට එන වෙනම පිරිසක් ඉන්නවා...ඒ කාම්,මැචුවර්ඩ් වයිබ් එකට සෙට් වෙන. ඉතින් වීක් එන්ඩ් එකේ එන අය අතර මම ප්‍රසිද්ධයි.

මුලදි කැෆේ එකෙන් දවසකට මට දුන්නෙ රුපියල් පන්දාහක් වගේ. ඒත් ඩිමාන්ඩ් එකත් එක්ක ඒක 10-15 ගාණට විතර වැඩිවුණා. ඊට අමතරව ඉතින් ඕඩියන්ස් එකෙනුත් ටිප්ස් හම්බෙනවා මට.

කොහොමත් එතෙන්ට එන්නෙ ක්‍රීපි මිනිස්සු නෙවෙයි...ඇත්තටම ජීවිතේ සැහැල්ලුවක් හොයන මියුසික් විඳින්න දන්න මිනිස්සු. ඒ නිසා එයාලගෙ ටිපස් මම බාරගන්නෙ හරි සතුටින්...ඒක මගෙ දක්ශතාවෙට ලැබෙන ඇගයීමක් වගේ.

අනික ඉතින් දෙයියො දීපු පෙනුමකුත් තියනවනෙ. මොකද අපි ඔය කොච්චර කිව්වත්...ඇත්තම කතාව මොන තැනක වුණත් ගරුත්වයක් හම්බෙන්න පෙනුම බලපානවා. මට ඉන්නෙ මගෙ පෙනුමට හැදුණු ඕඩියන්ස් එකක් නෙවෙයි...හැබැයි පෙනුමත් එක පොඩි හේතුවක් මගෙ පොපියුලරිටි එකට.

සමහර වෙලාවට ඉතින් පෙනුම නිසා හම්බෙන ටිප් එක ඩබල් වෙනවා. පෙරේදා ආවනෙ ඇමැති දුවෙක් අපෙ කැෆේ එකට...ඉතින් මට මාසෙටම හම්බෙන ටිප් එකේ ගාණ හම්බුණා එක දවසින්. සමරන්න එපැයි නෙහ්...

මම අයිස් ක්‍රීම් තුනත් අරගෙන ආයෙම කෙල්ලො ගාවට ගියා. ඔතන චොක්ලට් දාපු චොක්ලට් එක කන්නෙ මම, කෝන් එක සිනෙලිට, අනික ටිනාශට.

"මෙහ්...උඹලා ගෙදර යනවද මෙහෙම්ම?? මම ගුණසේන යනවා ඈ මේක කාලා ඉවර වෙලා."

"අන්න මං කිව්වෙ...කෝ දීපන් මෙහෙට රුපියල් දෙසීයක්."

ටිනාශා සිනෙලි දිහාට අත දික් කරලා රුපියල් දෙසීයක් ඉල්ලද්දි මම ඇස් දෙකත් ලොකු කරන් ඒ ඩබල දිහා බලන් හිටියා. මේ මොකද වෙන්නෙ?

ඒක අහපු ගමන් සිනෙලිගෙ අයිස් ක්‍රීම් එක උඩට ලිස්සලා ගිහින් ඒකෙන් ටිකක් නහයෙත් ගෑවුණා. මෙහෙම දෙයක් බලාපොරොත්තු වෙලා නෑ මං හිතන්නෙ.

"මොකක්?!? අඩෝ මේකා මේ හැන්දෑවෙ යයි කියලා මං හිතුවෙ නෑ ඉතින්-"

"එව්වා අදාල නෑ...ඔට්ටුවනම් ඔට්ටුව. දීපන් මෙහෙට සල්ලි."

ටිනාශා බලහත්කාරකම් කරන්න ගත්තා.

"තොපි මොන හරුපයක්ද මේ කියන්නෙ??"

"මේකයි බ්‍රෝ...ටිප් එක ගැන කිව්වම මම මේකිට කිව්වා අදනම් මූ ගුණසේන එකට යනවමයි ඔන්න බලපන් කියලා. මේකි කිව්වා ඤැහ් අද හවස් වෙලානෙ ඕකා ගෙදර යනවා කියලා. මං ඔට්ටුවක් ඇල්ලුවා ඉතින්."

ඉදකින් බේසික කෙල්ලො දෙන්නා. හරි මම ගුණසේන එකේ පැලපදියම් වෙලා තමා ඉන්නෙ එහෙමයි කියලා මුන්ට වටින්නෑනෙ ඔට්ටු අල්ලන්න. ටිනාශා කොලර් එකත් උස්සලා මගෙ දිහා බලද්දි මම රැව්වා.

"තොපි දෙන්නට ඒක ඔට්ටු අල්ලන්න තරම් ආතල් එකක් වුණාද ඒ පාර??"

"අපිට ඉතින් කෝකත් ආතල්නෙ ප්‍රෙන්..."

සිනෙලි අයිස් ක්‍රීම් එකත් කන ගමන් කියද්දි මම ඒකිටත් රැව්වා.

"ආතල්ද? එහෙනම් දීපන් රුපියල් දෙසීය දැන්."

"ඉදකින් තෝ පාප මිත්‍රයා...තෝ නිසා තමා දෙසීයක් පාඩු වෙන්නෙ මට."

"මමද දැන් උඹට කිව්වෙ ඔට්ටු අල්ලන්න කියලා?"

සිනෙලි ඒකට රවලා වැව දිහා බලාගෙන අයිස් ක්‍රීම් එක කන්න ගත්තා. වැඩි වෙලා මෙතන ඉන්න බෑ...හතර හමාරටත් කිට්ටුයි.

"මෙහ් මම යනවා ඈ...උඹලා හෝල්ට් එකට යනවද? දෙන්නම ඉන්නවනේ?"

උන් දෙන්නා යන්නෙ ක්ලොක් ටවර් හෝල්ට් එකට. ඒකත් ගාණට අපි තුන්දෙනා ඉන්නෙ තුන් පැත්තක. ටිනාශා ඉන්නෙ කටුගස්තොට A9 රෝඩ් එක කිට්ටුව, සිනෙලි දිගන, මම හිඳගල, පේරා කැම්පස් එක පාස් කරලා යන්න ඕන. අපි ගාණට තුන් සිංහලේට බෙදිලා ඉන්නෙ.

ඔය නොදන්න දරුවො ඉන්නවනම් තුන් සිංහලේ බෙදෙන්නෙ කටුගස්තොට බුදු පිළිමෙ ගාව තුන්මං හන්දියෙන්. නුවර පැත්තෙන් යද්දි කෙලින්ම පාර යන්නෙ වත්තේගම පැත්තෙන් මාතලේට, වමට හැරෙන පාර A9 රෝඩ් එකෙන් මාතලේට,අනිත් පැත්ත නුවර  පේරාදෙණිය පැත්ත. මං ඉන්නෙ ඔන්න ඔය පැත්තෙ.

"අපි සහස් උයනට යනවා අච්චාරු කන්න...එනවත?"

අන්න ඉතින් ටිනාශා මම අසරණ වෙන ප්‍රශ්නයක් ඇහුවා. මම ටොප් අච්චාරු පෙරේතයෙක්...අනික සහස් උයනෙ අච්චාරු. හම්මේහ් අන්න අච්චාරු. එහෙමයි කියලා ප්ලෑන් කරන් හිටපු විදිහට පොත් ගන්න යන්න වෙන්නෙත් නෑ. පොත්ද අච්චාරුද? අච්චාරුද පොත්ද?

"අන්න මූ කොර වෙන තැන. මහ ලොකු පාඨකයා අච්චාරු කිව්ව ගමන් දැක්කනෙ..."

සිනෙලි නෝන්ඩියට හිනාවෙලා කිව්වා.

"අනේ මේ පලයන්...මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් මගෙ ලෝයලිටි පොයින්ට්ස් ටික ඉවර කරගන්න ඕනෙ. ඒ නිසා මම යනවා පොත් ගන්න."

"පුහ්..."

"ඔහෝ...ඕකේ."

මම ඒක කිව්ව ගමන් ආයෙම නෝන්ඩි සවුන්ඩ්ස් දෙකක් ඇහුණා. අනේ මමනම් ගණන් ගනී ඕවා. ටිකක් වෙලා කියව කියව ඉඳලා කෙල්ලො දෙන්නා සහස් උයන පැත්තට ගියාට පස්සෙ මම ගුණසේන පැත්තට ඒන්න ආවා. දැන්නම් කොහොමත් ඉර අව්ව බැහැලා ගිහින් හැන්දෑ කලුවර වැටෙන්න පටන් අරන් තිබ්බෙ.

පුරුදු විදිහටම උඩ තට්ටුවට ගිහින් මම පොත් තෝරන්න ගත්තා. මම ගොඩක් වෙලාවට බුක්ස්ටග්‍රැම් එකේ රෙකමන්ඩ් කරන පොත් ගන්නවා. ඒත් දැනටමත් මම ඒ ගොඩක් කියවලා තියනවනෙ. ම්ම්...මොකක්ද ගන්නෙ?

මම ටිකක් ඇවිදලා Alison Greenwoodගෙ පොත් තියන තැන නැවතුනා. මම මෙයා ගැන අහලනම් තියනවා...ඒත් කියවලා නෑනෙ. හොඳද දන්නෑ. අහලා තියන විදිහටනම් එයාගෙ එක ලස්සන සීරීස් එකක් තියනවා. එයා ලන්ඩන් වල කෙනෙක් නිසා සීරීස් එකත් ලන්ඩන් බේස්ඩ්.

මට හිතුණා ඒකෙන් එකක් අරන් බලන්න. London Skies තමා සීරීස් එකේ නම. මම අහලා තියන විදිහට ඒක ලන්ඩන් යුනිවසිටි වල එක එක්කනාගෙ ලයිෆ් බේස් වුණ සීරීස් එකක්. දැනට පොත් පහක් අවුට් වෙලා තියනවා. තව එයි ඉස්සරහට.

මොකද ඒක ඒ තරම් පොපියුලර් වුණා. ඇත්තම කිව්වොත් මාත් ආසයි ඒ වයිබ් එකට. ලන්ඩන් යුනිවසිටි වල තියනවනෙ අමුතුම ගතියක්. ඒ යුනිවසිටි බිල්ඩින් වුණත් බලන්නකො...මම මාරම ආසයි. කොහොමත් පොතක් කියවද්දි ඉබේම අපිට ඒ එන්වයමන්ට් එක මැවෙනවනෙ. මම එහෙම කතාවක් කියවද්දි මටත් ඒ ලෝකෙ ඇතුළෙ ඉන්නවා වගේ මට දැනෙන්නෙ.

මේ සීරීස් එක පොපියුලර් වුණේ ළඟදි. ඒ වෙද්දි මම වෙන සීරීස් එකක් කියව කියව හිටියෙ. ඒ නිසා මේක මිස් වුණා. ඇති වෙනකන් සල්ලිත් හම්බුණු එකේ ඊළඟට මේ සීරීස් එක ගන්නවා.

ම්ම්...කොහොමද හොඳ?? එකක් අරන් කියවලා බලලා අනිත් ටික ගන්නවද ඔක්කොම එකවැර ගන්නවද? මම කෝකටත් පළවෙනි පොත අරන් ඩිස්ක්‍රිප්ශන් එක බැලුවා.

පළවෙනි පොතේ නම Love in the Autumn. ඇත්තම කියන්න...ඒ නමට මට ආසා හිතුණා. මම ආසම සීසන් එක තමා ඕටම්න්. ලංකාවෙ ඉතින් සීසන් නෑ තමා ඒත් වෙන රටවල ඕටම්න් සීසන් එක දකිද්දි මට මාරම කාම් ගතියක් දැනෙනවා. ෆෝලන් ලීව්ස්, හැලොවින් සීසන් එකට මම ගොඩක් ආසයි. මම ඒ සීසන් එකට ඉන්ස්ටා පැත්තෙ යන්නෙත් මාරම ආසාවෙන්. කවදාහරි ඒ අත්දැකීම ඇත්තටම ගන්න ලැබෙන්න කියලා මම අනන්තවත් විශ් කරලා ඇති.

නම ඉතින් Love in the Autumn කිව්වම...ඒ කාලෙ ආදර කතාවක් වෙන්න ඇතිනෙ. අනික ලන්ඩන් වල...වෝහ්. ඩිස්ක්‍රිප්ශන් එකේ තියන විදිහට මේන් කැරැක්ටර් එක යුනිවසිටි එකක ඉන්ග්ලිශ් ප්‍රොෆෙසර් කෙනෙක් ගැන. හෑ...නාකි ලව් ස්ටෝරි එකක්ද?? නැත්තම් ප්‍රොෆෙස‍ර් තරුණ ඇති. එහෙම වෙන්නත් පුලුවන්නෙ.

මම පොත හරව හරව බලලා ඇතුළෙ යන්තම් බලන්න යද්දිම එක පාරට ගැස්සුනේ ළඟින් ඇහුණ කටහඬට.

"ඔයා මෙයාගෙ පොත් වලට ආසද...?"

ඒ හඬ ආවෙ මම කවදාවත් අහලා නැති තරම් ගැඹුරු කටහඬකින්.

"හහ්...?"

මම කටහඬ ආපු දිහාවට හැරෙද්දිම...ඇත්තටම- ඇත්තටම මම දන්නෑ. මම ෆ්‍රීස් වුණා කිව්වොත් හරි. ඒ ඇස් දෙක...ඒවා අලු පාටයි. ඕන තරම් කතා කියවලා තියනවා...කළු ඇස්, දුඹුරු ඇස්, හේසල් ඇස්, ලා නිල් ඇස්, කොළ ඇස් ඔය ඕන තරම් පාට ඇස් තියන අය ගැන මම කියවලා තියනවා. ඒත් අලු පාට ඇස්...මම මීට කලින් දැකලාවත් තිබුණෙ නෑ.

ඒ ඇස් දෙකේ අමුතු බැල්මට මම ටිකක් වෙලා යනකන් එහෙම්ම ඒ ඇස් දෙක දිහා බලාගෙන හිටියා.

"අම්...ඔයා හොඳින්ද?"

මගෙ ඉස්සරහ අතක් පාවෙනවා පාවෙනවා වගේ දකිද්දි මම ගැස්සිලා හරි සිහියට ආවා. හපොයි දෙයියනේ කන්න වගේ බලන් හිටියා නේද?? මේ මොන විලි ලැජ්ජාවක්ද?

"අහ්...ආ..ඔව්- ප්-ප්‍රශ්නයක් නෑ...එක පාරට පොඩ්ඩක් ගැස්සුණා."

මම එහෙම කියද්දි එයා පොඩ්ඩක් හිනාවුණා. එතකොට තමා මම හරියටම එයා දිහා බැලුවෙ. වෝහ්...එයා කවුරු වුණත් මාරම හැන්ඩ්සම්. මම ලංකාවෙ එච්චර ලස්සන කොල්ලෙක් දැකලම නෑ ඇත්තම කිව්වොත්. හැබැයි ලංකන් ලුක් එකකුත් තියනවා. මට වඩා පොඩ්ඩක් උසයි, ඒ නිසා යන්තම් පහතට නැමිලා හිටියෙ මට කතා කරද්දි.

"සොරි...මම බය කරානම්. ඔයා මේ ඕතර්ගෙ පොතක් අතේ තියන් ඉන්න නිසා ඇහුවෙ. මම ගොඩක් ආසයි එයාට."

"ඕහ්...නෑ ඒකට කමක් නෑ. මම මීට කලින්නම් කියවලා නෑ එයාගෙ පොත්. ඔයා ගොඩක් කියවලා තියනවද?"

"ම්ම්...ඒ සීරීස් එකම ලස්සනයි."

බැලූ බැල්මට මෙයත් පොත් කියවන කෙනෙක් වගේ...රෙකම්න්ඩේශන් එක හොඳයි කියලා කියපු නිසා ගන්න තියන ආසාව වැඩි වෙනවා දැන්.

"එහෙනම් මම මේක ගන්නම්කො...කොහොමත් ඊළඟට මේ සීරීස් එක පටන් ගන්නම් කියලා බැලුවෙ."

"You won't regret..."

එයා හිනාවෙලා කියද්දි මම ආයෙත් පොඩ්ඩක් ගැස්සුණා. ඒ ඇස් දෙක හරි අමුතුයි අප්පා...අලු පාට ඇස් දෙකක එච්චර ඕරා එකක්??

"මේ...ඔය ඔයාගෙ සාමාන්‍ය පාටද?"

එයා එක පාරට අහද්දි මම ආයෙමත් පුදුමෙන් වගේ එයා දිහා බැලුවා.

"ඇහ්...මො-මොකද්ද?"

"ඔයා- ලා රෝස පාටයිනෙ..."

හත් දෙයියනේ මේ මොන විලි ලැජ්ජාවක්ද අප්පා...මේ ටිකට රෝස පාටත් වෙලාද?? හරි ඉතින් පොඩ්ඩක් ගතත් එක්ක හිතත් ගැස්සුණා තමා එහෙමයි කියලා ඒවා ප්‍රදර්ශනේ කරන එක හරිද??

"ආ මේ...නෑ-"

"ඕහ්...අමතක වුණානෙ. මම ලවන්...ලවන් චාතුර්ය."

මං හිතන්නෙ මම දෙන්න උත්තරයක් නැතුව එහෙ මෙහෙ ඇඹරෙනවා කියලා තේරුන නිසාද කොහෙද එයා කතාව වෙනස් කරා.

"මම විදුර් රවීෂ..."

මම අත දික් කරලා කියද්දි එයා හිනාවෙලා මගෙ අත අල්ලලා පොඩ්ඩක් තද කරා.

"ඔයා යුනිවසිටි ස්ටුඩන්ට් කෙනෙක්ද නැත්තම්...?"

ලවන් ඇහුවෙ මගෙ ඇඳුම දිහා බලන ගමන්. මම ඇඳන් හිටියෙ සාමාන්‍යයෙන් පළවෙනි දවසෙ අඳින සුදු ශර්ට් ඒකයි කලු කලිසමයිනෙ. ඕක ඉතින් ගොඩක් දේවල් වලට ජාතික ඇඳුමක්නෙ ඒ නිසා අහන්න ඇති.

"ඔව්...අද තමා අපිට පටන්ගත්තෙ."

"එහෙමද...? මොකක්ද කැම්පස් එක?"

"මම IFEC එකේ...ආර්ට් මේජර් කරන්න ඉන්නෙ."

මම එහෙම කියද්දි ලවන් ටිකක් වෙලා මගෙ දිහා බලාගෙන හිටියා. එයාගෙ ඇස් මගෙ ගාව තිබ්බත් හිත පොඩි කල්පනාවකට වැටුණා වගේ. ඒ ඇයි කියන්න මම දන්නෑ.

"ඔයා- දන්නවද ඒක?"

"ආහ් ඔව්...අර වැව රවුමෙ තියන කැම්පස් එකනෙ?"

"අන්න රයිට්..."

මම කියද්දි ලවන් ආයෙම හිනාවුණා. අපි දෙන්නගෙ ඇස් තප්පර ගානකට මුණ ගැහුණා. මම කියන්න දන්නෑ...එයා හරි අමුතුයි. ඒ ඇස් දෙක නිසාද? නෑ...මට දැනෙනවා වෙනසක් ඒත් මට ඒක තේරුම් ගන්න බෑ. මම එයා දිහා බලන් ඉඳලා එක පාරට ඇස් අහකට ගත්තෙ අපි ඉන්න පැත්තට කවුරුහරි ළං වෙනවා වගේ ඡායාවක් දැකපු නිසා.

"ඔහ්...මෙයානම් ආපු ගමන් යාලුවෙක් හොයාගෙන වගේ."

ඒ ආවෙ කවුරු වුණත් ඒක කිව්වෙ හරි නෝන්ඩි විදිහට. මම දන්නෑ ඒ ඇයි කියලා...අපි දෙන්නා දිහා බලන් හිටියත් අපි යන්තම් කතා කරා විතරනෙ.

"සිතුම්ය...!"

ලවන් එයා දිහා බලලා ඇස් වලින් වෝර්න් කරා.

"ඇයි ඉතින්...? හරි හරි කවුද මේ ඔයා දන්න කෙනෙක්ද?"

එයාගෙ සැර බාල වුණත් නෝන්ඩි කතාවනම් පොඩ්ඩක්වත් වෙනස් වුණේ නෑ. එයා එහෙම ඇහුවෙ කට කොනකින් හිනාවෙලා මගෙ දිහා බලන ගමන්.

"මේ විදුර්...මට පොත් තෝරද්දි හම්බුණේ. විදුර් මේ සිතුම්ය. මගෙ රූම්මේට්."

එක පාරට මගෙ ඔලුවට ආවෙ ලවන් ඇයි මේ වගේ රූම්මේට් කෙනෙක් එක්ක ඉන්නෙ කියන එක. මොකද මේ විනාඩි ගානට වුණත් ලවන් කතා කරපු විදිහ හරි රෙස්පෙක්ටබ්ල්. ඒකට මේ සිතුම්ය කියන එකා.

"නයිස් ටු මීට් යූ..."

මම බොරු හිනාවක් දාගෙන කියද්දි සිතුම්ය මගෙ දිහාට ඕනවට එපාවට අත දික් කරා.

"සේම්..."

සුපුරුදු නෝන්ඩිකමින්ම කියපු සිතුම්ය ආයෙ ලවන් ගාවට ගියා. එයත් හිටියෙ ගොඩක් අන්කම්ෆටබ්ල් වෙලා කියලා මට තේරුණා.

"මොකද්ද- ආපු ගමන් කිව්වෙ?"

මම ඇහුවෙ මට ආපු කුතුහලෙත් එක්ක.

"ඕ...මෙයා ඒක කිව්වෙ නැද්ද?"

සිතුම්ය කිව්වෙ ලවන්ගෙ බඩට පාරක් ගහන ගමන්. මම ඒ ගමන ලවන් දිහා බැලුවා.

"මෙයා කියන්නෙ විදුර්...අපි මෙහෙට ආවෙ මේ ළඟදි. අපි දෙන්නම හිටියෙ UK වල."

"Wait what??"

මට එක පාරට ආපු ගැම්මට ඇහුවා. ඒක තමා එහෙනම් දෙන්නගෙම පොඩි ෆොරින් ලුක් එකක් තියෙන්නෙ. අනික දැන් මම බල බල හිටියෙත් ලන්ඩන් බේස්ඩ් පොත් සීරීස් එකක්නෙ. එතකොට එයා එහෙ ඉඳන් ආවා කිව්වම...එක පාරට මොකද්දෝ දැනුණා.

මගෙ රිඇක්ශන් එකටනම් හැබැයි ලවන් විතරක් නෙවෙයි සිතුම්යත් බය වුණා මං හිතන්නෙ. යකෝ ඌ කිව්වෙ UK වලින් ආවා කියලා...පිටසක්වලින් ආවා කියලා නෙවෙයි.

"එහෙනම් උඹ පහළට වරෙන්...මම ආවෙ පොත් ගන්න නෙවෙයි උඹ කොහෙද බලන්න."

ලවන්ගෙ පිටට තට්ටුවක් දාපු සිතුම්ය ආපහු හැරිලා පහළට ගියා.  මට ලොකු අමුත්තක් දැනුණා ආයෙමත්. මේ විනාඩි ගාණට අමුත්තෙක් හම්බුණා...ඒක හරි, සාමාන්‍ය දෙයක්. පොත් තෝරද්දි මීට කලිනුත් ඕන තරම් අය කතා කරන්න සෙට් වෙලා තියනවා. ඒත් ඇයි එයාගෙ යාලුවා මට ඒ විදිහට කතා කරේ?

"අම්..මමත් යන්නම් ලවන්. හවස් වෙනවනෙ."

මම එහෙම කියලා ඉක්මනට එතනින් එන්න හැදුවා. ඒත් ලවන් ඉක්මනට මගෙ වැලමිටෙන් අල්ලලා නතර කරගත්තා. ඒ ගමන්ම එයා අත අහකට ගත්තෙ අවසරයක් නැතුව මාව අල්ලපු එක ගැන කලබලෙන් වගේ.

"ඔහ්...සොරි."

ලවන් අත් දෙක අයින් කරගත්ත ගමන් මම ඒකට කමක් නෑ කියන්න හිනාවුණා.

"නෝ සීරියස්ලි...එයා පොඩ්ඩක් ඕවර් ප්‍රොටෙක්ටිව්. මට වඩා වැඩිමල්නෙ. හැමෝම එක්ක ඔහොමයි. අනේ රියලි සොරි මම ඔයා එක්ක කතා කරන්න ආපු නිසා ඔයත් අන්කම්ෆටබ්ල් වුණා..."

"ඒක හිතන්න එපා ලවන්...මට ප්‍රශ්නයක් නෑ. මේ...මම දෙයක් අහන්නද?"

"අහන්න..."

"ඔයා UK වල ඉන්නෙ ගොඩක් කල් ඉඳන්ද?"

මම බිම බලාගෙන වගේ අහද්දි එයා නොපෙන්නුවත් ටිකක් පුදුම වුණා කියලා මට තේරුණා.

"ඔව්...මම ඉපදුනෙත් එහෙ."

ලවන් කියද්දි මම ආයෙත් ඇස් දෙක ලොකු කරලා එයා දිහා බැලුවා. මරුනෙ...පොතත් පපුවට තුරුල් කරන් මම හිටියෙ මගෙ හිත ඇතුළෙන් දැනෙන සතුට හංගගන්න ට්‍රයි කරන ගමන්.

නෑ මේකනෙ ඉතින්...පොතක් ගත්තම අමාරුම වැඩේ චරිත මවාගන්න එක. මම දැන් ගත්ත පොත ලන්ඩන් යුනිවසිටි එකක ප්‍රොෆෙසර් කෙනෙක්ගෙ ස්ටෝරි එකක්නෙ...ඉතින් අමාරු වෙන එකක් නෑ ඒ චරිතෙ මවාගන්න.

ලවන් එක ඇහැක් උස්සලා මගෙන් ඇයි කියලා අහන්න වගේ බැල්මක් දුන්නෙ එක පාරට මට ආපු චූන් එක මොකක්ද කියලා බලන්න වෙන්න ඕන.

"න්-නෑ නිකන්...දැන්නම් ඇත්තටම යන්න ඕනෙ හොඳේ. Hope we will meet again."

මම ලවන්ට අතත් වනලා එන්න ලෑස්ති වුණා.

"We definitely will..."

"Huh?!?"

"What?"

අපි දෙන්නම එතන ඇස් දෙකත් ලොකු කරන් මූණෙන් මූණ බලන් හිටියා. මේ අලු පාට ඇස් දෙකනම් වැඩි වෙලා බලන් ඉන්න හොඳ දෙයක් නෙවෙයි වගේ. මම ආයෙම කලබලෙන් වගේ ලවන් දිහා බලලා පහළ තට්ටුවට ආවා. මම පඩිපෙළ ගාවට එනකන්ම මම දැක්කා ලවන් මගෙ දිහා බලාගෙන ඉන්නවා කියලා.

බුක්ෂොප් එකෙන් එළියට ආපු මම තප්පරයක් දෙකක් දොර ඉස්සරහ නැවතිලා හති දාන්න ගත්තා. ඒ මොකක්ද අප්පා වුණේ. මට දැනෙන්නෙ නිකන් එක පාරටම මාව වෙන ලෝකෙකට අරන් ගිහින් ආයෙ මෙහෙන් අතෑරියා වගේ.

ඇත්තටම මීට කලින් ඕන තරම් පොත් ගද්දි මිනිස්සු කතා කරලා තියනවා, සමහර මගෙ පෆෝමන්ස් බලන්න එන අයම මාව අඳුරගෙන කතා කරලා තියනවා. ඒත් මෙහෙම දැනිලා නෑනෙ.

ඔලුව පොඩ්ඩක් දෙපැත්තට ගසලා ආයෙ හරි සිහියට ආපු මම පාරත් ක්‍රොස් කරලා පැණිදෙණිය බස් හෝල්ට් එක පැත්තට යන්න ගත්තා. හවස හයටත් කිට්ටුයි දැන්නම්. කලුවර වෙන්න අරන් තිබ්බෙ ටික ටික.

ටොරින්ටන් එක පහු කරද්දිම...හෝව් පොඩ්ඩක් ඉන්න. මම ඒ හරිය පාස් කරන්න ගිහිල්ලත් රිවස් එකට ඇවිත් පාක් එක දිහා බැලුවා. යකෝ මුන් දෙන්නා...කලුවර වැටෙන්නත් ළඟයි ඒවා වගේ වගක් නෑ දමාගෙන අච්චාරු ගිලිනවා. මේ වෙලාවෙ කෙල්ලො දෙන්නෙක් ඔහොම තැනක ඉන්න එක හරිද මං අහන්නෙ...ඔය පාක් එකට ගිහින් තියන අය දන්නවා ඒකෙ රඟේ.

මම අඩියට දෙකට පඩිපෙළ නැගලා ටිනාශයි සිනෙලියි ඉන්න තැනට ගියා. මාව දැක්ක ගමන් පොඩ්ඩක් ගැස්සුණත් ආයෙ ගාණක් නැතුව අච්චාරු කන්න ගත්තා.

"මොකද ඕයි බය කරන්නෙ...මම හිතුවා අසහනකාරයෙක් ආවා කියලා."

"ඔව් මම නැතුව එහෙම එකෙක් ආවනම් තමා තොපි තේරුම් ගන්නේ...ගෙවල් වලට පලයන් දැන්. රෑ වෙන්නත් එනවා."

"අච්චාරු ඕනෙද...?"

මම කියන එක කනකට ගන්නැතුව සිනෙලි ඇහුවා. තරහ ගන්නත් බෑනෙ ඉතින් අච්චාරු දික් කරාම. මම ශේප් එකේ එබිලා බැලුවා මොන අච්චාරුද කියලා. එතකොට කෙල්ලො දෙන්නා මූණෙන් මූණ බලන් හිනාව තද කරගන්නවා මම දැක්කා.

"හරි හරි අච්චාරු වලට සටන පාවා දෙනවා තමා...මොන අච්චාරුද?"

"උඹට වෙනම එකක් ගත්තා හිටහන්..."

ටිනාශා බෑග් එක අදිද්දි මම යන්තම් හිනාවුණා. පොඩ්ඩක් රණ්ඩු වුණාට අපි ආදරෙයිනෙ ඉතින්.

උන් දෙන්නා මට අරන් තිබ්බෙ ලොවි අච්චාරු එකක්. මම ආසම ඒවට කියන්න එයාලා දන්නවා. මමත් ඉන්න එකේ අපි හය හමාර විතර වෙනකන් එතන ඉඳලා බස් එකට ආවා. මම ඒ දෙන්නව ක්ලොක් ටවර් එක ළඟටම දාලා ආවෙ. කලුවර වැටුණම ඔය උමඟෙන් පාර මාරු වෙන්නත් බයයි කෙල්ලෙක්ට...ඒ තරම් අසහනකාරයො ඉන්නෙ.

මහකන්දෙ බස් එකක ඉඳගත්ත මම ඉයර්ෆෝන් දෙකත් ගහන් කොන්වන්ට් එක හරියට විතර එනකන් ජනේලෙන් එළිය බලන් ආවා. මහකන්දෙ බස් වල වේගෙ ගැන ආය අමුතුවෙන් කියන්න ඕන්නෑනෙ. ඉබ්බො හොඳයි. මට එක පාරට ගත්ත පොත මතක් වුණා.

මම අලුත් පොත එළියට ඇදලා ගත්තෙ යනකන් ඒක කියවන්න හිතාගෙන. මුලින් කතාව ගැන පොඩි ඉන්ට්‍රො එකක් එහෙම තියනවනෙ. අහන්න දෙයක් නෑ ඉතින් ප්‍රොෆෙසර්ටනම් ආය අමුතුවෙන් කෙනෙක් මවාගන්න ඕනෙ නෑ. මම කලින්ම ඒක තීරණය කරලනෙ තිබ්බෙ.

කතාව ඉන්ට්‍රස්ටින් වගේ...මම පිටු තුන හතරක්ම කියෙව්වා එක හුස්මට. ඒත් මගෙ ඇස් එක තැනක නැවතුණා. ප්‍රොෆෙසර්ව විස්තර කරලා තියන විදිහට.

අලු පාට ඇස්...

***********

Third person's pov

එයාගෙ සුපුරුදු ලක්ශරි අපාට්මන්ට් එකට ආපු ලවන් ස්නැක්ස් ටිකකුත් ළඟ තියාගෙන ඉඳගත්තෙ ෆිල්ම් එකක් බලන්න කියලා. ඒත් ෆිල්ම් එකටනම් එයාගෙ හිතයන පාටක් නෑ. ෆිල්ම් එක ටීවී එකේ ප්ලේ වුණාට එයාගෙ හිත තිබ්බෙ වෙන තැනක.

ටික වෙලාවකට කලින් සිතුම්යත් එයාගෙ කාමරේට ආවා කියලා ලවන්ට ඇහුණා. තව ටික වෙලාවකින් දේශනයක් අහගන්න බැරිවෙන එකක් නෑ.

හිතුවා වගේම ටිකකින් සිතුම්ය පහළ සාලෙට එද්දි ලවන් මුකුත් නොවුණ ගාණට චිප්ස් පැකට් එකක් කකා හිටියෙ.

"රෑට මොනවද කන්නෙ?"

වෙන මුකුත් නැතුව එක පාරට කන දේවල් ගැන අහද්දි ලවන් හිතුවෙ සිතුම්යට බුක්ෂොප් එකේ වුණ දේවල් අමතක ඇති කියලා.

"පීසා හොඳද?"

"ම්ම්..."

සිතුම්ය ලොකු පීසා දෙකක් අරන් ඇවිත් ඒවා ස්ටූල් එක උඩින් තියලා ලවන් හිටපු සෝෆා එකේම එහා පැත්තෙන් ඉඳගත්තා.

"හිටහන් මම කෝක් දෙකකුත් අරන් එන්නම්..."

"නෑ නෑ...ඔහොම ඉඳගනින්කො."

කලින් හිතපු එක වැරදි කියලා ලවන්ට ඒ වෙලාවෙම තේරුණා.

"ලවන්...මම හොඳින් අහන්නෙ? උඹ මොකක්ද කරන්න හදන්නෙ?"

"ඒ-ඒ කිව්වෙ? මට තේරුන්නෑ."

"මට බොරු කරන්න එපා බං. උඹ හොඳටම දන්නවා..."

"උඹ ඔය හිතන් ඉන්න විදිහෙ දෙයක් නෑ..."

"උඹ ආයෙත් මට බොරු කියනවනෙ."

සිතුම්ය මේ සැරේ කිව්වෙ ලවන්ගෙ ඇස් දෙක දිහා කෙලින්ම බලාගෙන. කොහොමත් ඒ බැල්මත් එක්ක ඔට්ටු වෙන්න ලවන්ට හයියක් නෑ...දන්න කාලෙක ඉඳන් හැමදේම බෙදාගත්ත සිතුම්යගෙන් දෙයක් හංගන්නෙ කොහොමද?

"උඹ කොහොමද ඔච්චර විශ්වාසෙන් කියන්නෙ?"

ඒ ප්‍රශ්නෙට යන්තම් කට කොනකින් හිනාවුණ සිතුම්ය ලොකු හුස්මක් පහළ දැම්මා.

"අලු පාට කියන්නෙ හරි හිස් පාටක් බං...ඒ පාට අස්සෙ හැඟීම් හොයන්න හරි අමාරුයි."

"......"

"ඒත් අද...මං උඹෙ අලු පාට ඇස් දෙකේ පාට පාට හැඟීම් ගොඩක් පිරිලා තියනවා දැක්කා. උඹ මට කියන්නෙ ඒක බොරු කියලද?"

ලවන් ඒකට තර්ක කරන්න ගියෙ නෑ. මොකද සිතුම්ය කියන දේ වරදක් නැති නිසා. එයාටත් ආගන්තුක අමුතු හැඟීමක් දැනෙන්න පටන් අරන් තිබ්බෙ.

"එහෙම මුකුත් වෙන්නෙ නෑ...මීට කලිනුත් මම එළියට ගිහින් තියනවනෙ-"

"මීට කලින් එළියට ගිය කිසිම දවසක උඹෙ ඇස් එච්චර ලස්සනට පාට වුණේ නෑ..."

ලවන් තවමත් ඔහේ ප්ලේ වෙන ටීවි ස්ක්‍රීන් එක දිහා බලන් හිටියෙ සිතුම්යගෙ ඇස් දෙකට මූණ දෙන්න බැරිකමට. මෙච්චර කල් කිසිම අමාරුවක් නැතුව පාලනය කරගත්ත හිත එක තැනක ගැස්සුණ විදිහ සිතුම්යගෙන් හංගන්න බැරිවුණ එකට.

ඒක තේරුම්ගත්ත සිතුම්ය ලවන්ට ටිකක් ළංවුණා.

"ලවන්...හැමවෙලේම මතක තියාගනින් අපි ඉන්නෙ සීමාවක් ඇතුළෙ කියලා. උඹට හිතුණ හිතුණ වෙලාවට ඒකෙන් එහාට යන්න බෑ."

"මම දන්නවා..."

"මට වුණ දේ උඹටත් වෙනවා බලන්න මම කැමති නෑ..."

-------------------

ඕන් ආවා එහෙනම් 🙂

මුලින්ම දේවල් ටිකක් කියන්න ඕනෙ. අර මම දාලා තියන ඕතර්...එහෙම ඕතර් කෙනෙක් නෑ. එහෙම සීරීස් එක්කුත් නෑ. ඒක මේ පොතට දැම්මෙ. එහෙම අය ඉන්නවද දන්නෙත් නෑ ඉතින් හොඳේ.

කාරණා අංක දෙක. කැම්පස් එකේ නමත් මට හිතුණට එකතු කරපු අකුරු හතරකින් දාපු එකක්. ඔව්වා සර්ච් කරලා තේරුම් හොයන්න යන්න එහෙම එපා ඒ නිසා.

අනික...එහෙම හැම ඩිග්‍රි ජාතියම කරන්න පුලුවන් ප්‍රයිවට් කැම්පස් තියනවද කියලා මම දන්නෑ. තියනවයි කියලා හිතාගන්න එහෙම නැත්තම් 🫢

කොහොමහරි...කතාව ගැන දැනට හිතෙන දේ කියන් යන්න. කන්සෙප්ට් එක ගැන මොකද හිතෙන්නෙ? එහෙන් මෙහෙන් දීලා තියන හින්ට්ස් තේරෙනවා ඇති කියලා හිතෙනවා. 😁

ඊළඟ එක ඉක්මනට දෙයිද කියන්න බෑ...🥲 වීක්ඩේස් ආර් හෙල්. ඒත් ඉක්මනට ලියන්න බලන්නම්.

First
Next

Share This Chapter