Back
/ 35
Chapter 2

Part 2

සීමාවෙන් එහා

මම හිටියෙ මහකන්දෙ බස් එකක නුවර එන ගමන්. අද තමා කැම්පස් එකට යන පළවෙනි දවස...ඊයෙ ගියේ සිටිහෝල් එකටනෙ. උදේට ඉතින් හෙනට ට්‍රැෆික් දන්නවනෙ. ඒ වුණාට කමක් නෑ තව වෙලා තියනවා. කේසීසී ගාවින් බැහැලා වැව රවුමෙ පයින් යන්න පුලුවන්...ටික දුරයි. උදේට එහෙම වැව රවුමෙ සින්දුවකුත් අහන ගමන් යන එකත් වෙනම ආතල් එකක් හැබැයි.

තව විනාඩි පහළවක්වත් යයි නුවරට යන්න. ඉයර්ෆෝන්ස් වල සින්දුවක් ප්ලේ වෙද්දි මම ශටර් එකට ඔලුව ගහන් කල්පනා කරන්න ගත්තා. ඒක...ඒක හරි අමුතුයි.

මම ඊයෙ අර ප්‍රොෆෙසර්ට ලවන්ව මවාගන්නවා කියලා හිතුවෙ දෙන්නා ආපු දිහාවල තියන සමානකම් නිසා. ඒත් කියවගෙන යද්දි...ඒ විස්තර කරලා තියන පෙනුම ලවන් වගේමයි. ඒක අහම්බයක් වෙන්න ඇති ඒත් හරි අමුතුයි කියලා මට හිතුණා.

පෙනුම, උස, ගැඹුරු කටහඬ, ඒ ඔක්කොටමත් වඩා අලු පාට ඇස්... ඒ හැම දෙයක්ම මට ලවන්ව මතක් කරා. අනික නම...ප්‍රොෆෙසර්ගෙ නම තිබ්බෙ ලෙවින් ක්‍රිස්ටෝෆ් කියලා. ඒ නම් දෙකෙත් මම ලොකු සමානකනමක් දැක්කා.

එහෙම වෙන්න පුලුවන්ද...? මම පොත අතට ගත්ත වෙලාවෙම මට හම්බුණ කෙනෙක්ව අකුරක් නෑර පොතේ විස්තර කරන චරිතෙ වගේම වෙන්න??

පුලුවන් ඇති ඉතින්...ඔය පොත්වල විස්තර කරන මිනිස්සු වගේම අය ඉන්න බැයිද මේ ලෝකෙ නෙහ්? මම ඊයෙ ගිය වෙලාවෙ ඉඳන් එක හුස්මට චැප්ටර් එකක්ම ඉවර කරා. දෙවනි චැප්ටර් එකේ ඉඳන් එයාගෙ ලව් ඉන්ට්‍රස්ට් එක විස්තර කරන්න ගත්ත නිසා කොහේන්දෝ ආපු ඉරිසියාවකට මම පොත වහලා දාලා නිදාගත්තා.

මොන මඟුලක්ද මට මේ වෙලා තියෙන්නෙ? ලවන්ව හම්බුණෙත් විනාඩි ගාණකට...ආයෙ ජීවිතේට හම්බෙන එක්කුත් නෑ. කවුද දන්නෙ ආයෙ UK ගියොත් එහෙම. මම මේ ඊයේ රෑ ඉඳන් ඕන්නැති වල්පල් හිත හිත ඉන්නවා. කමක් නෑ ඉතින් මීට කලින් මෙහෙම අමුතු ෆීලින් එකක් දැනිලම නැති එකේ දැනුණ පළවෙනි වතාවෙ එහෙම හිතුවට කමක් නෑනෙ.

මම කිව්ව විදිහටම හෝල්ට් එකෙන් බැහැලා ඇවිදන් යන්න ගත්තා. වැව රවුමෙ වංගු දෙකක් විතර ගිහාම හම්බෙන ටිකක් අන්ධකාර හරියෙ තමා කැම්පස් එක තියෙන්නෙ. ඇත්තටම ඒ වයිබ් එකට මම මාර ආසයි. මම කැමති හැන්දෑ වරුවක,නැත්තම් රෑ වෙලා ස්ට්‍රීට් ලයිට් එළිය මැද්දෙන් මේ හරියෙ ඇවිදන් යන්න. ඒත් කොහෙද...කෙල්ලෙක්ට තියා කොල්ලෙක්ටවත් ඒ වෙලාවෙ තනියම යන්න පුලුවන් පැත්තක් නෙවෙයි මේ.

මම කැම්පස් එකට ඇවිත් එළියට වෙලා හිටියා ටිනාශා එනකන්. පළවෙනි මාසෙ තියෙන්නෙ ඉන්ග්ලිශ් ඇන්ඩ් බේසික් අයිටී කෝසස් දෙකනෙ. ඊට පස්සෙ තමා සබ්ජෙක්ට් පටන් ගන්නෙ. අපිට සබ්ජෙක්ට්ස් ඇප්ලයි කරන්න තියෙන්නෙත් සති දෙකකට විතර පස්සෙ. ඉන්ග්ලිශ් කෝසස් වලට මුලු බැච් එකම රැන්ඩම්ලි ක්ලාසස් වලට බෙදලා තිබ්බා, එකකට 20-25 වගේ වැටෙන විදිහට.

මොකක්හරි ලක් එක්කට මමයි ටිනාශයි එකකට වැටුණත් සිනෙලි වැටිලා තිබ්බෙ වෙන එකකට. ඊයේ පොඩ්ඩක් නහයෙන් ඇඬුවා ඒත් ඒකිට පුලුවන් ඉක්මනට යාලුවො හදාගන්න.  අයිටී එකටනම් එක ගෲප් එකකට පනහක් වගේ එන විදිහට දාලා තිබ්බා. ඒක ඉතින් ලැබ්ස් වල කම්පියුටර්ස් තියන විදිහට තමා. ඒකෙනම් අපි තුන්දෙනාටම පුලුවන් වුණා එක ගෲප් එකේ ඉන්න.

"අඩෝ උඹ ගොඩක් වෙලාද ඇවිත්?"

ටිනාශා හති දදා ඇවිත් ඇහුවා. තාම 8.05යි ක්ලාස් එක පටන් ගන්නෙ 8.30ට. මේකි මොකද මෙච්චර හති දාන් දුවන් ආවෙ?

"නෑ දැන් විනාඩි පහක් වගේ...යමන් ක්ලාස් එක හොයාගන්නත් එපැයි."

"සිනූ ආවද...?"

"තාම මඟ කියලා මැසේජ් එකක් තිබ්බා. ඒකිටනම් අවුලක් නෑ බස් එක යන්නෙත් මේ පාරෙමනෙ. ඉක්මනට එයි."

ටිනාශගෙ හැටි තමා ඔය. ඒකිට කාට කතා කරන්නත් නික් නේම් එකක් ඕනෙ. සිනෙලිට සිනූ, මට විදූ, වෙන මොකෙක් හම්බුණත් නම පොඩි කරලා හරි මොකක්හරි කරලා නික්නේම් එකක් හදාගන්නවා.

අපි දෙන්නා මැප් එකේ දාලා තිබ්බ විදිහට ක්ලාස් එක හොයන් ඇවිත් වාඩි වුණා. ළමයි 10ක් විතර ඇවිල්ලා හිටියෙ ඒ වෙද්දිත්. වෙලාව 8.20ට වගේ...තව වෙලා තියනවනෙ කොහොමත්. ඒ හම්බුණු විනාඩි දහයෙ ටිනාශයි මායි ෆෝන් දෙක එළියට අරන් අපෙ උදෑසන ස්ක්‍රෝලින් සෙශන් එක පටන්ගත්තා. ඒ අතරෙ සෙල්ෆි දෙක තුනක් ගන්නත් අමතක කරේ නෑ. #firstday කියලා දාන්න්න එපැයි ඕවා. අනිත් එකිත් එක්ක පස්සෙ ගන්නවා.

8.30 වෙද්දිනම් හැමෝම වගේ ඇවිත් හිටියෙ. මොකද මන්දා අමුතු නර්වස් ගතියක් දැනෙන්න ගත්තා මට. පළවෙනි දවස නිසා වෙන්න ඇති.

"විදූ මෙහ්... මට බයයි වගේනෙ බං..."

මම හිත හිත හිටපු දේ ටිනාශා වචන කරා. ඒකනෙ මම කිව්වෙ...පළවෙනි දවසෙ මේක නෝර්මල් දෙයක්.

"මටත් පොඩි බඩ දඟලන සීන් එකක් ආවා...කමක් නෑ ඕක හරියයි හුරුවෙද්දි."

"ම්ම් සර් ආවමවත් හරියයිද බලමු..."

"සර්? උඹ කොහොමද හරියටම සර් කෙනෙක් කියලා කියන්නෙ?"

"ඇයි බොල මේල් එක හරියට බැලුවෙ නැද්ද?? ක්ලාසස් වල ලෙක්චරස්ලගෙ නම් දාලා තිබ්බා. අපෙ එකට සර් කෙනෙක් තමා හිටියෙ මට හරියට මතක නෑ නම...ම්ම්...ඉඳපන් බලමු."

ටිනාශා ෆෝන් එක ගන්න යද්දිම ක්ලාස් එක එක පාරට සයිලන්ට් වුණ නිසා අපි දෙන්නම ඔලුව උස්සලා බැලුවා. දොර ගාව කවුරුහරි ඉන්නවා අපිට පේනවා...ටිනාශා කිව්වා හරි සර් කෙනෙක්නම් තමා. ඒත් වැඩිය මුකුත් පේන්නෑ එයා දොරට පිටුපාලා කවුරුහරි එක්ක කතා කර කර ඉන්නෙ.

සර් කතා කර කර හිටපු කෙනා එක්ක කතාව ඉවර කරලා ක්ලාස් එක ඇතුළට ආවම...දෙයියනේ!! මගෙ කට ඇරුණෙ මැස්සෙකුට යන්න විතරක් නෙවෙයි මී මැස්සො සෙට් එක්කටම ගිහින් වදයක් බඳින්න පුලුවන් වෙන සයිස් එකට.

ලවන්...???

ඒ කියන්නෙ එයාද අපෙ ඉන්ග්ලිශ් සර්?? අපි අනිවාර්යයෙන් ආයෙ හම්බෙයි කිව්වෙ ඒකයි එහෙනම්. පොඩ්ඩක් ඉන්න...එයත් එතකොට ඉන්ග්ලිශ්...? ලවන්ව දැකලා පුදුම වුණ පමාවට ආයෙම මගෙ ඔලුව අවුල් ජාලයක් වුණේ සමානකම් මතක් වෙලා. මේකනම් ඇත්තටම පුදුම විදිහෙ අහම්බයක්.

ලවන් ක්ලාස් එකට ආපු ගමන් කෙල්ලො කීප දෙනෙක්ම කිචි බිචි ගානවා මම දැක්කා. මොකක්ද දන්නෑ දැන් මේ අම්මණ්ඩිලට තියන අමාරුව. ඇයි දැන් මේ මට කේන්ති ගිහින්?? මට තියන මොන අයිතියටද?

"Good morning students...I'm the English Lecturer of this class. Lavan Chathurya."

ලවන් ලස්සනට හිනා වෙලා කියද්දි අපි ඔක්කොමත් ගුඩ් මෝනින් කියලා අනිත් පැත්තට කිව්වා.

"So as you all know..."

ලවන් ඔරියන්ටේශන් එක ගැන, ඉන්ග්ලිශ් කෝස් එක ගැන විස්තරයක් දෙන්න පටන් ගත්තා. එයා කතා කරන අතරෙ ඇස් දෙක මගෙ ළඟ දෙතුන් පාරක් විතරම නවතිනවා මම දැක්කා. ඒ කිසිම වෙලාවක මම එයාගෙ ඇස් මඟෑරියෙ නෑ. ඒ හැම වතාවකම...මම දන්නෑ...එයාගෙ අලු පාට ඇස් දෙක හරියට දියමන්ති දෙකක් වගේ වෙනවා. නිකන්ම තියන දියමන්තියක් ඔපදාලා ගන්නවා වගේ.

ඒක මගෙ හිතළුවක්ද කියන්න මම දන්නෑ...ඒත් එකම දේ ආයෙ ආයෙ වෙනකොට ඒක හිතළුවක් වෙන්න බෑනෙ.

"So let's go around and introduce one by one right? Let's start with...this side."

ලවන් ඉස්සරහ පෝළිමට අත දික් කරලා කිව්වා. මම හිටියෙ දෙවනි පෝළිමේ. මම ඉන්ට්‍රඩියුස් කරද්දි එයාගෙ ඇස් දෙක ආයෙමත් කලින් වගේ මෘදු වෙනවා මම හොඳටම දැක්කා. නෑ...ඒක හිතළුවක් නෙවෙයි. හැබැයි එයා ටිනාශා දිහා බැලුවෙනම් ඊට සම්පූර්ණෙන් වෙනස් විදිහට.

ක්ලාස් එකේ ලෙක්චරර් විදිහට එයා ඒක කොච්චර හංගන්න හැදුවත් මම දැක්කා ඒ අළු පාට ඇස් දෙක යන්තම් ඇවිලෙනවා. ඇයි ඒ...? ටිනාශා ආපු ගමන් මාත් එක්ක තමා හිටියෙ, ඒත් ඒක ලවන්ට ප්‍රශ්නයක් වෙන්න කිසිම හේතුවක් නෑනෙ.

ඔය හැමදේම ඉවර වෙද්දි උදේ නවය විතර වුණා. ඉතුරු පැය තුන යනවා අපිට දැනුණෙවත් නෑ. උදේ වරුව තිබ්බෙ උගන්නන්න. තාම තියෙන්නෙ බේසික් ඉන්ග්ලිශ්.

ප්‍රයිවට් කැම්පස් කියලා නෑ...ගවර්මන්ට් කැම්පස් වලට වගේම මේවටත් එනවා ඉන්ග්ලිශ් ලොකුවට භාවිතා නොවුණ ළමයි. මේ වගේ බේසික් ඉන්ග්ලිශ් කෝස් එකක් කරන්නෙ ඒ නිසා.

කැම්පස් එකෙන් ආයෙ ප්ලෑන් කරලා තිබ්බෙ මේ මාසෙ අන්තිමට ටැලන්ට් ශෝ එකක් කරන්න. ඒනම් ළමයින්ට අඳුරගන්න, එකට වැඩ කරන්න චාන්ස් එකක් දෙන්න කියලා එයාලා කිව්වෙ. ඒකත් ප්‍රැක්ටිස් කරන්න ඉන් චාර්ජ් ඉන්නෙ ඉන්ග්ලිශ් යුනිට් එකම තමයි. ඒ නිසා අපිට උදේ වරුව ඉන්ග්ලිශ් කෝස් එක, සතියට දවස් තුනක් හවස් වරුව ශෝ එකේ ප්‍රැක්ටිස්, ඉතුරු දවස් දෙකේ හවස් වරුව අයිටී කෝස් එක. ඔහොම තමා අපෙ පළවෙනි මාසෙ ගෙවෙන්න තිබ්බෙ.

"හරි ළමයි...දැන් ලන්ච් බ්‍රේක් එකනෙ. ඔයාලා බ්‍රේක් එක ඉවර වෙලා ආයෙම මෙතෙන්ට එන්න. අපි මොනවද මේ ක්ලාස් එකෙන් කරන්න පුලුවන් අයිටම්ස් කියලා කතා කරමු."

ලවන් සිංහලෙන්ම කිව්වා. කොහොමත් ශෝ එක ඉන්ග්ලිශ් යුනිට් එකෙන් කරාට ඒක ඉන්ග්ලිශ් කෝස් එකට අදාළ දෙයක් නෙවෙයිනෙ. එයාලා ඉන් චාර්ජ් විතරයි. ඒ නිසා සිංහලෙන් ශෝ එක ගැන කතා කරාට අවුලක් නෑ.

කොහොමහරි ලවන් ඕක කිව්වා විතරයි ක්ලාස් එකම ආලෝකෙ වේගෙන් නැගිට්ටා. ඇත්තටම එකොළහ හමාරෙ විතර ඉඳන් පුදුම බඩගින්නක් තිබුණෙ. එකෙක් දෙන්නෙක්ගෙ බඩ කෑගහනවත් ඇහුණා.

එළියට යන්න බෑග් එක දාගෙනත් මම දොර ගාව පොඩ්ඩක් නැවතුනා. මේ ක්ලාසස් වල දොරවල් දෙකක් තියනවා. එකක් පිටිපස්සෙන් තියෙන්නෙ ළමයින්ට පාවිච්චි කරන්න. ඉස්සරහින් තියන දොර ලෙක්චරර්ස්ලට පාවිච්චි කරන්න. මම නැවතුනේ පිටිපස්ස දොර හරියෙ.

"මේ ටිනාශා...අහපන්කො. උඹ ගිහින් සිනෙලිව හොයාගනින්. මම- පොඩ්ඩක් සර්ව හම්බෙලා එන්නද?"

ඒක අහපු පමාවට ටිනාශා ඇහිබැම අකුලන් මං දිහා බැලුවා. මුන්ගෙ රේඩාර් වලින් හැංගෙන්න හරි අමාරුයි ඇත්තම කිව්වොත්.

"උඹ මොකටද සර්ව හම්බෙන්න යන්නෙ...අනික මේ පළවෙනි දවසෙ?? මොකො උඹට උගන්නපු ටෙන්සස් තේරුන්නැහ්?"

ටිනාශා සැකෙන් වගේ අහද්දි මම බිම බලාගත්තා. යකෝ උසාවියකවත් මෙහෙම ටෙන්ශන් එකක් නැතුවැති.

"හරි මම උඹට ඇවිත් කියන්නම්. දැන් පලයන් අරකි තනියම හොයනවා ඇති."

ටිනාශගෙ කට කොනකට හිනාවක්‍ යන්න ඇවිත් ඒක අමාරුවෙන් නවත්තගත්තා.

"හ්ම් හ්ම්...මම සිනූට කියන්නම්කො උඹ එයා ගැන හරී...යට වොරි වෙනවා ඒ නිසා පුලුවන් ඉක්මනට උඹ මාව එයාව හොයාගන්න එව්වා කියලා ඇහ්?"

ටිනාශා ඇහැකුත් ගහගෙන ක්ලාස් එකෙන් එළියට ගියා. සැක්...මම පොඩ්ඩක් නෝන්ඩි වුණාද මන්දා. කමක් නෑ අපි අපිනෙ. ඒ වෙද්දිනම් ක්ලාස් එකේ හැමෝම වගේ එළියට ගිහින් හිටියෙ. අන්තිම දෙතුන් දෙනත් යනකන් ඉඳලා මම ලවන් ගාවට ගියා.

ලවන් මාව බලාපොරොත්තුවෙන් හිටියා වගේ එයා අතේ තියන් හිටිය ෆයිල් එක පැත්තකින් තියලා මේසෙට හේත්තු වුණා.

"මේ...මට පොඩි ප්‍රශ්නයක් තියනවා."

මම බෑග් එකේ පටිය ඇඟිල්ලක ඔතාගෙන කියද්දි ලවන් එක ඇහිබැමක් උස්සලා මගෙ දිහා බැලුවා.

"මොකද්ද පළවෙනි දවසෙම විදුර්ට තියන ප්‍රශ්නෙ...?"

ලවන් ඇහුවෙ අත් දෙකත් බැඳගෙන තව ටිකක් මේසෙට බරවෙන ගමන්.

"මම දැන් ඔයාට සර් කියන්න ඕනෙද?"

මම අහද්දි ලවන්ට හිනා යන්න ඇවිත් අමාරුවෙන් ඒක නවත්තගන්නවා මම දැක්කා. මම ඒ නිසා බිම බලාගත්තා.

"ඇයි ඔයාලා ටීචර්ස්ලට ලෙක්චරර්ස්ලට සර් කියලා නෙවෙයිද කතා කරන්නෙ...?"

"එයාලටනම් එහෙම තමා..."

"ඉතින්...?"

"ඒත් ලෙක්චරර් කියලා දැනගන්න කලින් ඉඳන්ම අඳුරනවනම් සර් කියන්නම ඕනෙ නෑනෙ නෙහ්...?"

"ඉතින් අපි ඊට කලින් ඉඳන් අඳුරනවද?"

ලවන් ඒ හැම දෙයක්ම ඇහුවෙ හරි දඟකාර විදිහට. මං ඔය අහපු එකක්වත් ඇහුවෙ ඇයි කියන්න මම දන්නෑ...ඒත් එයාගෙ හිනාවයි කතාවයි ඒකට අනුබල දෙද්දි මමත් දිගටම ඒ විදිහට කතා කරගෙන ගියා.

"ඔව්නෙ නෙහ්...අපි අඳුරගත්තෙ ඊයෙනෙ."

මම මගෙ දඟකාර හිනාව එයාට හොඳට පේන්නම අහද්දි එයාටත් එයාගෙ හිනාව හංගන් ඉන්න බැරිවුණා.

"ඔයාට කැමති වෙලාවට කැමති එකක් කියලා කතා කරන්නකො එහෙනම්..."

ඒ කියන්නෙ එයා ඕකේ එක දුන්නා!! ක්ලාස් එක වෙලාවට විතරක් සර් කිව්වම හොඳටම ඇති. ඇයි ඒ...? මං දන්නෑ මගෙන් අහන්නත් එපා.

"ලවන්...කියලා කියන්නම් එහෙනම් නේ?"

මම අහද්දි එයාගෙ කම්මුල් ලාවට රෝස පාට වුණා. අනේ හරි හුරතල් පාටයි අප්පා එතකොට. මට තමා ඊයෙ අනම් මනම් කිව්වෙ ලා රෝස පාටයි කියලා...දැන් මෙයත් එහෙම වෙලානෙ හහ්.

"ඔය ඔයාගෙ සාමාන්‍ය පාටද...?"

මම හිනාවෙලා අහද්දි ලවන් ගැස්සිලා අහක බලාගත්තා. මතක ඇතිනෙ ඊයෙ මගෙන් අහපුවා...ඔහොම වෙන්න ඕන.

"විදුර් මේ...මටත් ප්‍රශ්නයක් තියනවා අහන්න."

ලවන් ගාණට කතාව වෙනස් කරා.

"මොකද්ද...?"

"අර ඔයා ළඟ හිටියෙ...ටිනාශා නේද? එයා ඔයාගෙ යාලුවෙක්ද?"

ලවන් සීරියස් විදිහට ඒ ප්‍රශ්නෙ අහද්දි මමත් හිනාව නවත්තගෙන එයා දිහා බැලුවා.

"ඔව්...එයා මගෙ හොඳම යාලුවා. මට හොඳම යාලුවො දෙන්නෙක් ඉන්නවා. එක්කනෙක් වෙන ක්ලාස් එකක."

"ඕහ්...ඕකේ."

ලවන් ඒක පිළිගත්තා. වෙලාවට...නැත්තම් සර් කියලා බලන්නැතුව ටිනාශට රවන්න ගත්තොත් එහෙම. ඒත්...ඇයි එයා එහෙම කරන්නෙ?

විදුර් උඹ මෙතන මෝඩයා වෙන්න හදන්න එපා. දෙන්නගෙ බිල්ඩ් අප් වෙන ටෙන්ශන් එක උඹට තේරෙනවනෙ?? මගෙ මොලේ ඇතුළෙ ඉන්න මොකාහරි එකා කෑගහලා කියද්දි මගෙ ප්‍රශ්නෙට උත්තරේ හම්බුණා.

"ඔයා UK ඉඳන් ආව ගමන් මෙහෙ වැඩට ආවද...?"

"ම්ම්..."

"එතකොට...දිගටම මෙහෙ ඉන්නවද?"

"It depends..."

"Depends?? Depends on what...?"

"අහ්...නෑ- ඒක ශුවර් නෑ විදුර්. කොහොමත් මෙහෙ දිගටම ඉන්න එකක් නෑ."

"ඕහ් එහෙමද...?"

ලවන් කියපු එකට කොහෙන්දෝ ආපු දුකක් එක්ක මම බිම බලාගත්තා.

"ඔයා- පොත කියවන්න ගත්තද? කොච්චර විතර කියෙව්වද?"

ලවන් ආයෙම කතාව වෙනස් කරා. මට එක පාරට දුක හිතුනා කියලා එයාට තේරුනාද??

"ආ ඔව්...මම පළවෙනි චැප්ට්ටර් එක කියෙව්වා. මාරයි ලවන්...ඒකෙ ප්‍රොෆෙසර්ට මට ඔයාවමයි මතක් වෙන්නෙ."

මම ඒක කියද්දි ලවන් ගැස්සුණා. මම ඒක හොඳටම දැක්කා. ඒක මම හොඳටම දැක්කත් මම ඒ ගැන නොහිතා ඉන්න ට්‍රයි කරා. ඒත් මම උදේ කල්පනා කරපු දේවල් එක්ක...ලවන් තප්පරේකට හරි එහෙම රිඇක්ට් කරපු එකේ අමුත්තක් මම දැක්කා. මම ඇයි කියලා අහන්න වගේ මූණක් හදාගේන එයා දිහා බලද්දි එයා යන්තම් හිනාවුණා.

"ඔයාට එහෙම හිතෙනවද...? ඇයි ඒ?"

"දන්නෑ...ඒ පෙනුම ඔයාගෙ වගේමනෙ. විශේෂෙන් ඇස් දෙක-"

"ඇස් දෙක...?"

"ම්ම්...අලු පාට. මම මීට කලින් දැකලම නෑ...අලු පාට ඇස් තියන කවුරුත්."

"ඔයා ඒ පාටට කැමතිද...?"

"අලු පාටට? නෑ...ඒත් ඔයාගෙ ඇස් දෙකට කැමති."

මම කියද්දි ලවන්ගෙ ඇස් ආයෙමත් මම කලින් කිව්වා වගේ...දියමන්තියක් වගේ දිලිසෙන්න ගත්තා. ඒ ඇස් දෙක ඇතුළෙ බලාපොරොත්තු ගොඩකුත්, ඒත් එක්ක තියන අමුතු දුකකුත් මම දැක්කා. ඒ හැඟීම් සමහරක් මට තේරුනත් සමහර දේවල් තේරුම් ගන්න පුලුවන් වුණේ නෑ. සමහරවිට...මට පුලුවන් වෙයි ඒ හැමදෙයක්ම ඉස්සරහට තේරුම් ගන්න.

අපි දෙන්නා විනාඩියක් විතර මූණෙන් මූණ බලන් ඉන්න ඇති. අපි දෙන්නටම ඒ ගැන ගාණක් තිබ්බෙ නෑ. ටික වෙලාවකින්...ලවන් හිමීට අත උඩට අරගෙන මගෙ කම්මුල ළඟට අරන් එනවා මම දැක්කා. මම මුකුත් නොකරම එයා දිහා බලන් හිටියා.

ලවන් එයාගෙ අත මගෙ කම්මුලේ ගෑවෙන නොගෑවෙන ගාණට අරන් ඇවිත් එක පාරට ගැස්සිලා වගේ අත අහකට අරන් බිම බලාගත්තා. මමත් එක පාරට හරි සිහියට ඇවිත් වගේ පොඩ්ඩක් පිටිපස්සට වුණා. ඇත්ත...අපි දෙන්නා අතරෙ වෙන්නෙ මොන දෙයක් වුණත් මේ ඒකට හරි තැනවත් හරි වෙලාවවත් නෙවෙයි.

"විදුර් ඔයා- මේ ලන්ච් අවර් එකනෙ. කාලා එන්න...දැනටම විනාඩි පහළවක් ඉවරයි."

"ම්ම් ඔව්...මම යන්නම්. ඔයා කෑම ගෙනාවද?"

"මම ස්ටාෆ් කැන්ටින් එකෙන් කනවා..."

"ම්ම්. මේ...ලවන්. මෙහෙ කැන්ටින් වල කෑම ගැන ඔයා ඔච්චර ශුවර් කරන්න එපා. ඔයාට හෙටම ආයෙ UK යන්න හිතෙයි."

මම ඒක කියද්දි ලවන්ට හිනා ගියා. ඇත්තනෙ ඉතින්...කැම්පස් වල කැන්ටින් කෑම ගැන අමුතුවෙන් කියන්න ඕනෙද?? නෑනෙ...

"ඇයි ඒ...?"

"නෑ නෑ...අදට කන්නකො. මම හෙට ඉඳන් ඔයාටත් කෑම එකක් ගේන්නම්."

මම එහෙම කියලා ලවන් උත්තරයක් දෙන්නත් කලින්ම ක්ලාස් එකෙන් එළියට ආවා. උත්තරයක් දෙනකන් හිටියනම් එපා කියනවනෙ. නෑ මේකයි ඉතින්...සිතුම්ය රූම්මේට් කියන්නෙ ලවන් ඉන්නෙ අපාට්මන්ට් එක්ක වෙන්න ඇතිනෙ. දවල්ට කෑම එකක් ගෙනත් දෙන එක මහ දෙයක් නෙවෙයි මට...අපෙ ගෙදර උයන එකනෙ කොහොමත්.

මම කැන්ටින් එකට ඇවිත් අරුන් දෙන්නව හෙව්වා. ආ...අර ඉන්නෙ කොනක් අල්ලගෙන. මම ටක් ගාලා ගිහින් ඒ ටේබල් එකෙන් ඉඳගත්තා. පවු උන් දෙන්නා බඩගින්නෙ ඉන්න ඇත්තෙ මම නිසා...මම ගියානෙ මෙතන වෙන විකාරයක් කරන්න.

ආපු ගමන්ම ඉතින් කරේ කාලා හිටපු එක. උදේ ඉඳන් මුකුත් නෑනෙ. ඒ අතරෙ සිනෙලි ඒකිගෙ අඳෝනාව කියන්න ගත්තා. අපි නැතුව පාලුයිලු, ඉස්කෝලෙ කෙල්ලො දෙන්නෙක් සෙට් වුණ නිසා ලොකු අවුලන් නෑලු. කොහොමත් ඉතින් අපි සබ්ජෙක්ට් වලට බෙදුනම වෙන වෙන කෝසස් වලටනෙ යන්න වෙන්නෙ. ඒ නිසා ඔන්න ඔහෙ පුරුදු වෙන එකත් හොඳයි දැන්මම.

කාලා ඉවර වුණ ගමන් තමා ඩබල මාව අල්ලගත්තෙ, කොහොමත් ඉතින් මම ලාවට මෙහෙම එකක් බලාපොරොත්තු වුණා.

"ම්ම් දැන් ඉතින් විදුර් පුතා කියමුකො බලන්න මේ විපර්යාසෙ මොකක්ද කියලා..."

"මොන විපර්යාසෙද?"

මමත් පුලුවන් තරමක් ගොනා සේ ඉන්න ට්‍රයි කරා.

"අනේ මේ උඹ බබා වෙලා උඹෙ කාලෙයි අපෙ කාලෙයි දෙකම නාස්ති නොකර හිටහන්. ඔය මූණම ජම්බු පාට වෙන්න හේතුව අපි අහන්නෙ."

සිනෙලි කට කොනකින් හිනාවෙලා ඇහුවා. සැක්...අදත් රෝස පාට වෙලාද? අර මනුස්සයත් දකින්න ඇති එහෙනම්. ඒක මගෙ සාමාන්‍ය පාට හහ්...ඇයි අප්පා??

"ඇයි මීට කලින් ඒක වෙනම පාටක්ද?"

"ඔව්නෙ...මීට කලින් ඒක සුදු පාටයි. හැබැයි ඊයෙයි අදයි...නෙහ් සිනූ?"

"ම්ම්..."

ඊයෙ?? ඒ කියන්නෙ මුන්ට ඊයෙත් නෝට් වෙලාද?

"මෙහෙමයි විදූ හරිද?"

ටිනාශා ඒ පාර පොඩ්ඩක් ජෝක් මූඩ් එක අයින් කරලා ලාවට සීරියස් වුණා.

"ඊයෙ අපි පාක් එකේ ඉද්දි උඹ ආපු වෙලේ පොඩි වෙනසක් තිබ්බා. ඒත් ශුවර් නැති නිසා මම අහන්න ගියෙ නෑ මුකුත්. අනික මහ රෑ ඒක රෝස පාටමද කියලා පේන්නෑනෙ. හැබැයි අද...ඒක පොඩ්ඩක් කන්ෆර්ම් වුණා. විශේෂෙන් ලවන් සර් ක්ලාස් එකට ආවට පස්සෙ."

ලවන්ගෙ නම කියද්දි මගෙ හිත පොඩ්ඩක් ගැස්සුනත් මම ඒක නොපෙන්නා හිටියා. අනික විශේෂෙන් ටිනාශා එයාට සර් කියද්දි.

"උඹට කම්ෆටබ්ල් නැත්තම් මුකුත් කියන්න ඕනෙ නෑ...අපි මේ කිව්වෙ අපිට තේරුණ දේ."

ඒ පාර කතා කරේ සිනෙලි. කොහොමත් ඕක මුන් දෙන්නගෙන් හංගන්න බෑ. මෙච්චර කල් අපි එහෙම දේවල් හංගලත් නෑ. උන් දෙන්නා ගැන කිසිම සැකයක් තියාගන්න ඕනෙ නෑ කියලත් මම දන්නවා.

"එහෙම දෙයක් නෑ බං... මට ලවන්ව හම්බුණෙත් ඊයෙ මුලින්ම."

"ඕහ්...ලව-"

සිනෙලි බෙරිහන් දෙන්න යද්දිම ටිනාශා ඒකිගෙ කට වැහුවා.

"තෝ ආපු දවසෙම සස්පෙන්ඩ් වෙන්නද යන්නෙ??"

"නෑ ඉතින්...දැන්මම සර් කෑල්ල හැලිලා. එහෙම දෙයක් ඤැහ් ගාන ලස්සන."

සිනෙලි ඒ ගමන රහසින් වගේ කියද්දි මම ලාවට හිනාවුණා.

"හරි හරි...එහෙම කියන්න තරම් දෙයක් නෑ. හරි මම කියන්නම්. පොඩ්ඩක් ඉඳින් මම බොන්න මොනවාහරි අරන් එනකම්."

කාලා වෙලා තියන එකේ පොඩ්ඩක් බඩ බහින්නත් එක්ක මොනවහරි බිව්වම මක් වෙනවද නේ? මම ක්‍රීම් සෝඩා තුනක් අරන් ආවා අපි තුන්දෙනාට.

ඇත්තටම ඉතින් කියන්න තරම් දෙයක් වුණේ නෑනෙ. මම ඊයෙ අහම්බෙන් බුක්ෂොප් එකේදි ලවන්ව හම්බුණු විදිහ කිව්වා. අද එයාව අපෙ ලෙක්චරර් කියලා දැකලා ශොක් වුණ හැටි, ක්ලාස් එක ඉවර වෙලත් ටිකක් කතා කරපු හැටි මම එයාලට කිව්වා. සම්පූර්ණ දේවල් ඇන්ඩ් කතා කරපු හැමදෙයක්ම කිව්වෙ නෑ...ප්‍රයිවසි එකක් කියලා තියෙන්න එපැයි. උන් දෙන්නා දැනන් ඉන්න ඕන ටික කිව්වා ඉතින්. අර ප්‍රොෆෙසර්ට ලවන් මවාගන්න කතා එහෙම කිව්වෙත් නෑ මට පිස්සු කියලා හිතයි.

"ඉදකින් මොකාද යකෝ මේ සිතුම්ය කියන එකා?? උගෙ ගෑස්..."

"දැන් උඹ මේ මුලු කතාවෙන්ම අහුලගත්තෙ එච්චරද?"

ක්‍රීම් සෝඩා එකේ බටේකුත් කටේ ගහන් ඔරවන් ඉන්න සිනෙලිගෙන් මම ඇහුවා.

"නෑ ඉතින්...ඇත්තනෙ. එයා ඇයි විදුර්ට එහෙම කතා කරන්නෙ හරියට දන්නෙත් නැතුව??"

"දන්නෑ බං...අනික ඉතින් ඒකා මට අදාලත් නෑනෙ."

"කොහොමහරි...උඹට හොඳයි කියලා හිතෙන දේ කරපන්. උඹට මීට කලින් මෙහෙම එක්ස්පීරියන්ස් එකක් නෑනෙ."

ටිනාශා මගෙ අතින් අල්ලලා කියද්දි සිනෙලිත් ඔව් කියන්න ඔලුව වැනුවා.

"අපි ඉන්නවා උඹට ඕන දේකට."

"මම දන්නවා..."

"එහෙනම් ඔන්න ෆස්ට් මෙව්වා එකට ගුඩ් ලක් ඈ. ඒක කොව්වා එකක්ද සිනූ ෆස්ට් ලව් නෙවේනෙ තාම, ෆස්ට් ක්‍රශ්ද?? නෑ මුට ක්‍රශ්නම් ඉඳලා තියනවනෙ."

ටිනාශා අහද්දි මට හයියෙන් හිනාගියා. ඇත්ත...මට මීට කලින් රිලේශන්ශිප් එකක් තිබිලා නෑ. සිනෙලිටනම් එකක් තිබ්බා ඒ ලෙවල් කාලෙ. අපෙ ඉස්කෝලෙ ගාවම තියන බෝයිස් ස්කූල් එකක කොල්ලෙක්. අපි දෙන්නම කට කැඩෙනකන් කිව්වා ඕකා හරියන්නෑ කියලා, කොහෙද ආදරේ අන්ධයි කියනවනෙ. අන්තිමට ඒ ලෙවල් කිට්ටු වෙලා ඒකා බූට් එක තිබ්බා. පව් ඒ කාලෙ සිනෙලි සෑහෙන්න විඳෙව්වා. අපි බයේ හිටියෙ ඒ ලෙවල් ඇනගනී කියලා.

ඉමෝශනලි සපෝට් කරත් ඇකඩමිකලි අපිට සපෝට් කරන්න බෑනෙ...අපි ස්ට්‍රීම් තුනකනෙ. අපි පුලුවන් විදිහට ඒකි එක්ක හිටියා. ටිනාශා ගෙදර ගිහින් නැවතිලා එහෙමත් හිටියා පාඩම් කරන්න. කොහොමහරි ඉතින් කැම්පස් යන්න තරම් රිසල්ට් එකක් සිනෙලිට ආවනෙ.

ටිනාශටත් පොඩි සිටුවේශන්ශිප් එකක් තිබ්බා. ඒක මාස දෙක තුනක් හම්බුණා, ඩේට්ස් එහෙමත් දෙකක් විතර ගියා. ඒත් ඒක හරියන්නෑ කියලා දෙන්නම කතා කරලා නැවැත්තුවා. මම තමා කෝඩුකාරයා මේවට.

එක වෙන්නත් කලින්ම ටිනාශයි මායි ක්ලාස් එකට ආවා. අපි ඉඳගත්තෙ කලින් ඉඳන් හිටපු දෙවනි පෝළිමේමයි. ඔක්කොම ළමයි ඇවිත් විනාඩි පහක් විතර ගියාට පස්සෙ ලවන් ක්ලාස් එකට ආවා.

දැන් ඉතින් තියෙන්නෙ ටැලන්ට් ශෝ එක ගැන කතා කරන්නනෙ. අද පළවෙනි දවස නිසා කරන අයිටම් මොනවද කියලා කතාකරගෙන ඒවට ළමයි බෙදන්න තියෙන්නෙ. මන්නම් ඉතින් ආයෙ අහන්න දෙයක් නෑනෙ...සිගින් අයිටම් එකක්නම් උඩින්ම යනවා.

"අපි මුලින්ම හැමෝගෙම අයිඩියාස් අහමුකො...ඔයාලා මොනවගේ අයිටම්ස් කරන්නද කැමති?"

"සර් එක්ස්කියුස් මී..."

ඉස්සරහ පෝලිමේ හිටපු ගර්ල් කෙනෙක් මුලින්ම කතා කරා. එයාගෙ නම තිමාෂි කියලා කිව්වා වගේ මට මතක. ලවන්ට කතා කරත් තිමාෂි එක පාරට හැරුනෙ මගෙ දිහාට.

"ඔයා විදුර් රවීෂ කියලනෙ කිව්වෙ...ඔයා නේද කැෆේ හෙවන්වුඩ් එකේ සින්ග් කරන්නෙ?"

තිමාෂි ඒක අහද්දි ලවන් ඇස් දෙකත් ලොකු කරලා මගෙ දිහා බලපු විදිහට මට හිනාගියා. එයා එහෙම එකක් දැනන් හිටියෙ නෑනෙ කලින්.

"ඔව්...මම තමයි."

"ඔහ් විදුර් ප්‍රොෆෙශනල් සින්ගර් කෙනෙක්ද ඒ කියන්නෙ...?"

ලවන් මගෙ දිහා බලලා අහද්දි මම හිනාවෙලා බිම බලාගත්තා.

"එයා සින්ග් කරනවා මාරම ලස්සනයි සර්...එයාට සිගින් පැත්තෙන් මොනවාහරි කරන්න පුලුවන් වෙයි අයිටම් එකක් විදිහට."

තිමාෂි ආයෙම කියද්දි මම එයාට තෑන්ක් කරා. ඇත්තටම මම දන්නෙවත් නැති කෙනෙක් එහෙම කියද්දි නිහතමානී ආඩම්බරයක් දැනෙන්නෙ. ටිනාශත් පුදුම ආඩම්බරේකින් මගෙ දිහා බලලා මගෙ අත යන්තම් මිරිකුවා.

"එයාට සෝලෝ අයිටම් එකක් දෙන්න පුලුවන්නම් එහෙම කරමු සර්...එයා ලස්සනට ඒක කරයි. මමත් එයාගෙ පෆෝමන්ස් බලලා තියනවා."

ඒ පාර කතාකරේ අපෙ පෝළිමේ හිටපු කොල්ලෙක්. මට එයාව මතකයි, අපෙ ඉස්කෝලෙම කොල්ලෙක්.

"ම්ම්...ඒ කියන්නෙ විදුර්ගෙ පෆෝමන්ස් බලලා තියන අය ගොඩක් ඉන්නවනේ? කෝ බලන්න කී දෙනෙක් විතර අහලා තියනවද එයා සින්ග් කරනවා."

ලවන් කියද්දි ටිනාශත් එක්ක දහ දෙනෙක් විතර අත ඉස්සුවා. මට ආයෙම ආඩම්බරයක් එක්ක ලැජ්ජාවක් ආවා. මගෙ කම්මුල් රතුවෙලා කියලා මට දැනෙනවා.

"සෝලෝ පෆෝමන්ස් එකක් දෙන එක කිසිම ප්‍රශ්නයක් නෑ...සෝලෝ, ඩුඅට්ස්, ගෲප් අයිටම් ඔය හැම එකක්ම තියෙන්න ඕනෙ. ඒත් ඉතින් මම තාම දැකලා නෑනෙ විදුර් සින්ග් කරනවා..."

ලවන් දඟකාර විදිහට මගෙ දිහා බලලා කියද්දි ටිනාශටත් හිනා යන්න ඇවිත් බිම බලාගත්තා. මෙයාට මේ මගෙ පෆෝමන්ස් එකක් බලාගන්න ඕන වෙලා...වෙන මුකුත් නෙවෙයි.

කීප දෙනෙක්ම කුටු කුටු ගාලා මට සින්ග් කරන්න කියද්දි පිටිපස්ස පෝළිමෙන් පොඩි තල්ලුවක් ඇවිත් මාව ඉබේම නැගිට්ටුනා.

"විදුර්...ප්‍රශ්නයක් නෑනෙ? ඔයා කැමතිද?"

ලවන් ඇහුවෙ මම අන්කම්ෆටබ්ල්නම් නොකර හිටියට කමක් නෑ වගේ ටෝන් එකකින්.

මටනම් ඇත්තටම ප්‍රශ්නයක් නෑ...පුරුදු වෙන්න කරන දේවල්යැහ්. එක ප්‍රශ්නයක් තියනවා හැබැයි.

"ප්‍රශ්නයක් නෑ...අහ් මේ සර්. ඒත් මට ගිටාර් එකක්වත් නෑනෙ මේ වෙලාවෙ-"

"මං ගාව තියනෝ...!"

කලින් මාව සෝලෝ පෆෝමන්ස් එකකට සජෙස්ට් කරපු ළමයා එක පාරට කෑගැහුවා.

"අද ඉඳන් ප්‍රැක්ටිස් කියපු නිසා මම කෝකටත් ගෙනාවා...ඔයාට ගන්න පුලුවන්."

මම ඉතින් එයාගෙ ගිටාර් එකත් අරගෙන ඉස්සරහට ගිහාම මුල් පේළියේ ළමයෙක් මට පුටුවක් ගෙනත් දුන්නා. ගිටාර් එක ටියුන් කරන ගමන් මම කියන්න හොඳ සින්දුවක් මතක් කරා. මම සාමාන්‍යයෙන් සිංහල, ඉන්ග්ලිශ්, හින්දි තමා කියන්නෙ. ආහ්.. හරි මතක් වුණා.

"විදුර් ලෑස්තිද...?"

"ඔව් සර්..."

"හරි එහෙනම් පටන් ගමු."

මම හොඳ හුස්මක් අරගෙන ගිටාර් එක ප්ලේ කරන ගමන්ම සින්ග් කරන්න පටන් ගත්තා. පෆෝමන්ස් බලන්නනෙ ඕනෙ...දෙන්නම් මම.

I love my hometown as much as Motown, I love SoCal

And you know I love Springsteen, faded blue jeans, Tennessee whiskey

But something happened, I heard him laughing

I saw the dimples first and then I heard the accent

They say home is where the heart is

But that's not where mine lives

මම කෝරස් එක කියන්න කලින් ඇහැ කොනකින් ලවන් දිහා බැලුවා. එයා පුදුමෙන් වගේ ඇස් දෙකයි කටයි ලොකු කරන් මගෙ දිහා බලන් ඉන්නවා...ඇස් දෙක දිලිසෙන ගතියකුත් තියනවා වගේ. ඔහොම බලන් ඉන්න එපා මනුස්සයෝ ක්ලාස් එක ඉස්සරහ ඉන්නෙ මේ.

You know I love a London boy

I enjoy walking Camden Market in the afternoon

He likes my American smile

Like a child when our eyes meet, darling, I fancy you

Took me back to Highgate, met all of his best mates

So I guess all the rumors are true

You know I love a London boy

Boy, I fancy you (ooh)

මම ආයෙම ලවන් දිහා බලද්දි එයා හිටියෙ බිම බලාගෙන. මේ මොකත මේ...මම පෆෝම් කරනවා බලන්න ඕනෙ කිව්වනම් මගෙ දිහා බලන් ඉන්න ඕනෙ.

And now I love high tea, stories from uni, and the West End

You can find me in the pub, we are watching rugby with his school friends

Show me a gray sky, a rainy cab ride

Babe, don't threaten me with a good time

They say home is where the heart is

But God, I love the English

මම සකන්ඩ් වර්ස් එක ඉවර කරවත් එක්කම ලවන් ශේප් එකේ ක්ලාස් එක පිටිපස්සට ගියා. පවු අප්පා ආයෙම කලින් වගේ රෝස පාට වෙලාද කොහෙද. ක්ලාස් එක ඉස්සරහ ඉන්න බැරි නිසා තමා පිටිපස්සට ගියේ...

You know I love a London boy

I enjoy nights in Brixton, Shoreditch in the afternoon

He likes my American smile

Like a child when our eyes meet, darling, I fancy you

Took me back to Highgate, met all of his best mates

So I guess all the rumors are true

You know I love a London boy

Boy, I fancy you

So please show me Hackney

Doesn't have to be Louis V up on Bond Street

Just wanna be with you

Wanna be with you

Stick with me, I'm your queen

Like a Tennessee Stella McCartney on the Heath

Just wanna be with you (wanna be with you)

Wanna be with you (oh)

මම ඒ ටික ඇස් දෙක පියාගෙන කියලා ඇස් ඇරලා බලද්දි ලවන් ක්ලාස් එක පිටිපස්සට වෙලා මගෙ දිහා බලන් හිටියා...හරි අමුතු හැඟීම් ගොඩක් එක්ක. ආයෙමත් දියමන්ති වගේ ඇස්...මාත් රෝසපාට වේගෙන එනවා දැනුණ නිසා මම එක පාරට බිම බලාගත්තත් ඉතුරු ටික ලවන් දිහාම බලාගෙන කියන්න හිතුවා.

You know I love a London boy

I enjoy walking Soho, drinking in the afternoon (yeah)

He likes my American smile

Like a child when our eyes meet, darling, I fancy you (you)

Took me back to Highgate, met all of his best mates

So I guess all the rumors are true (yeah)

You know I love a London boy (oh)

Boy (oh), I fancy you (I fancy you, ooh)

So please show me Hackney

Doesn't have to be Louis V up on Bond Street

Just wanna be with you

I, I, I fancy you, oh

Stick with me, I'm your queen

Like a Tennessee Stella McCartney on the Heath

Just wanna be with you (ooh)

Wanna be with you

I fancy you (yeah), fancy you

Oh, ah

(London Boy - Taylor Swift)

මම සෝන්ග් එක ඉවර කරලා ඔලුව නමනවත් එක්කම ක්ලාස් එකම හයියෙන් චියර් කරා...එහෙන් මෙහෙම විසිල් සද්ද දෙක තුනකුත් ඇහුණා.

ළමයි ටික චියර් කරලා ඉවරවෙනකන් හිටපු ලවන් ක්ලැප් කරන ගමන්ම ක්ලාස් එක ඉස්සරහට ආවා. අමාරුවෙන් රෝස පාට ටික යවාගෙන වගේ.

"Wow amazing performance Vidur!! Everyone agrees right??"

ලවන් අහද්දි ආයෙම ක්ලාස් එක පොඩි ක්ලැප් එකක් දුන්නා.

"Any particular reason you sang this song?"

ලවන් ආයෙම පුරුදු දඟකාර හිනාවෙන් අහද්දි මම ඒ ඇස් මඟාරින්න හැදුවත් ක්ලාස් එක ඉස්සරහ කෝලම් කරන්න බෑනෙ.

"No sir, I just love Taylor Swift songs."

"Oh I see...beautiful performance and beautiful voice."

"Thank you so much...L-sir."

මම අවංකවම හිනාවෙලා කිව්වම ලවන් කලින් වගේම ලස්සනට හිනාවෙලා මට ආයෙම සීට් එකට යන්න අත දික් කරා.

මම ගිටාර් එකත් ආපහු දීලා ඇවිත් ඉඳගත්ත ගමන්ම ටිනාශා හයියෙන් මගෙ අත අල්ලලා කෙනිත්තුවා.

ආව් බං...මොන මඟුලක්ද??"

"බේසිකයා...උඹට වෙන කියන්න සින්දුවක් තිබ්බෙම නැද්ද? පව් අර අහිංසකයා සෑහෙන්න අසරණ වුණා."

ටිනාශා හිනාව නවත්තගන්න ට්‍රයි කරන ගමන් කියද්දි මමත් කට කොනකින් හිනාවුණා.

"This is just the beginning ඒයි..."

"මං හිතන්නෙ.. විදුර්ට සෝලෝ පෆෝමන්ස් එකක් දෙන්න පුලුවන්. කවුරුහරි ඒකට අකමැති කෙනෙක් ඉන්නවද?"

ලවන් අහද්දි කවුරුත් විරුද්ධ වුණේනම් නෑ. කොහොමත් දැනටම බාගයක් විතර මාව දන්නවනෙ.

"Ok then...Vidur you're ok with it right?"

"Yes sir..."

"හරි එහෙනම්...එක අයිටම් එකක් සෙට්ල්ඩ්. අපිට අයිටම්ස් තුනක් ඕනෙ."

ලවන් ආයෙම සාමාන්‍ය විදිහට අනිත් අයිටම්ස් ගැන කතා කරන්න පටන් ගත්තා.

"මේ ක්ලාස් එකේ විසි දෙකක් ඉන්නවනෙ...හැමෝම එක අයිටම් එකකට හරි සම්බන්ධ වෙන්න ඕන. එක්කනෙකුට දෙකක ඉන්න පුලුවන් කිසිම ප්‍රශ්නයක් නෑ. හැබැයි කාටවත් බෑ එකකටවත් සම්බන්ධ නොවී ඉන්න. තේරුණාද...?"

ලවන් අහද්දි හැමෝම ඔව් කියන්න ඔලුව වැනුවා.

"අනිත් අයිටම්ස් ඩාන්ස් එකක්, ඩ්‍රාමා එකක්, ගෲප් සෝන්ග් එකක් නැත්තම් ඔයාලා කැමති වෙන ඕනම එකක් වෙන්න පුලුවන්. දැන් එහෙනම් පොඩ්ඩක් ගෲප්ස් විදිහට හැදිලා ඒ ගැන කතා කරගන්න පුලුවන්. විදුර්...ඔයා කැමතිනම් වෙන එකකට ජොයින් වෙන්නත් පුලුවන්. නැත්තම් මේ වෙලාවෙ අයිටම් එකට සෝන්ග්ස් තෝරන්නත් පුලුවන්."

ලවන් අන්තිම ටික මම දිහා බලලා කියද්දි මම ඔව් කියන්න ඔලුව වැනුවා.

"හරි එහෙනම්...ඔයාලා පටන් ගන්නකො."

ලවන් කියපු ගමන් ළමයි නැගිටලා පුටු එහා මෙහා කරලා ගෲප් එකක් වගේ හදන්න පටන් ගත්තා. මම පුටුවක් ගන්න ඉස්සරහට ගිහාම ලවන් මං ගාවින් ඇවිත් හිටගන්නවා දැනුණෙ නිසා මම හෙල්ලෙන්නැතුව හිටියා.

"Beautiful...seriously."

ලවන් මට රහසින් වගේ කියද්දි ආයෙමත් මම බ්ලශ් වෙනවා කියලා මට දැනුණා.

"T-thanks..."

මට ඒ වෙලාවෙ එයා දිහා බලන්න ලැජ්ජා හිතුණ නිසා පුටුව උස්සන් එන්න ආවත් ආපහු හැරිලා බලද්දි එයා ලස්සනට හිනාවෙලා මගෙ දිහා බලන් හිටියා.

මගෙ එක පෆෝමන්ස් එකක් බලලා ඔයා ඔච්චර සතුටු වෙනවනම්...මට පුලුවන් තව ඕන තරම් පෆෝම් කරන්න...ඔයා වෙනුවෙන් විතරක්ම.

--------------------

අද පොඩි නිවාඩුවක් දාපු නිසා තව චැපියක් ලියාගන්න පුලුවන් වුණා 😮‍💨

ඊයෙ පොඩි වැඩක් වුණා හැබැයි. මම ශවර් ප්ලේලිස්ට් එක ශෆ්ල් වෙන්න දාලා නාන ගමන් මේ චැප්ටරේ ලියන එක ගැන හිත හිත හිටියා. කොහොමත් මම London Boy තමා මේ චැප්ටර් එකට දාන්න හිටියෙ. ඒ සින්ග් කරන පාර්ට් එක හිත හිත ඉද්දිම මෙන්න ශෆ්ල් එකෙත් London Boy ප්ලේ වෙන්න ගත්තා.

ඒක එච්චර මාර නැතුවැති හැබැයි මට මාරයි 😁 එනිවේ කියවලා බලන්නකො මේක.

Share This Chapter