Back
/ 35
Chapter 18

Part 18

සීමාවෙන් එහා

"උඹ මොකෝ විදුර් දැන් කරන්නෙ...ගෙදර යනවද?"

ලෙක්චර් හෝල් එකෙන් එළියට ඇවිත් පඩිපෙළ බහින ගමන් සසිඳු ඇහුවා.

"ඒක තමා කරන්න වෙන්නෙ ඉතින්...වෙන කරන්න දේකුත් නෑනෙ."

"ඉරිසියයි ඈ...උඹට කලින් ගෙදර යන්න පුලුවන්."

ඒ ගමන කිව්වෙ මිහිඳු. ඉරිසියා හිතෙන එකනම් සාධාරණයි. තාම උදේ එකොළහයි වෙලාව.

"ඉතින් තොපි දෙන්නා ජර්මන් කරන්න තෝරගත්ත එකට මං පළිද? දැන් ඉඳලා වරෙන් හවස් වෙනකන්."

මේකනෙ කේස් එක. කැම්පස් එකක ටයිම් ටේබල් හදනවා කියන එක අමාරු වැඩක් ඉතින්. ඉන්න ලෙක්චරර්ස්ලා ටික දෙනා ෆස්ට් ඉයර් ඉඳන් ෆෝත් ඉයර් යනකන්ම අයට උගන්නන්න ඕන. ඒ ළමයිනුත් ඉතින් එක එක කම්බිනේශන් කරනවනෙ. එතකොට ලෙක්චර්ස් ක්ලෑශ් වෙන්න තියන අවස්ථා වැඩි.

කැම්පස් එකේ ලෙක්චර්ස් තියෙන්නෙත් ඉස්කෝලෙ වගේ සබ්ජෙක්ට් විදිහට නෙවෙයි කෝසස් විදිහට. එතකොට ආර්ට් කිව්වොත් ඒ සබ්ජෙක්ට් එක ඇතුළෙ කෝසස් පහක් විතර තියනවා. ඉතින් කම්බිනේශන් ඔක්කොමත් කන්සිඩර් කරලා අවුරුදු හතරටම ටයිම් ටේබල් හදන්න අමාරුයි.

අපිට ඇකඩමික් පටන් අරන් දැන් මාසෙකට කිට්ටු වුණත් ෆෝත් ඉයර් අයගෙ පටන් ගත්තෙ ඊයෙ පෙරේදා. ඔන්න එතකොට තමා ක්ලෑශ් වෙන ප්‍රශ්නයක් ආවෙ.

ජර්මන් උගන්නන ලෙක්චරර් කෙනෙක්ට ෆෝත් ඉයර් ලෙක්චර් එකකුයි ෆස්ට් ඉයර් ලෙක්චර් එකකුයි එක වෙලාවෙ වැටිලා. කොහොමත් එයාලා ෆෝත් ඉයර් අයටනෙ මුල් තැන දෙන්නෙ. ෆස්ට් ඉයර් ලෙක්චර් එක කරන්න සර්ට වෙලාව තියෙන්නෙ බ්‍රහස්පතින්දා 2-3 විතරලු. බ්‍රහස්පතින්දා ඒ වෙලාවට අපිට ලිට්‍රිචර් ලෙක්චර් එකක් තියනවා.

අනික ජර්මන්, ලිට්‍රිචර් දෙකම කරන ළමයිත් ඉන්නවනෙ. ඒ නිසා පොඩි ප්‍රශ්නයක් ආවා. ලිට්‍රිචර් ලෙක්චරර් එයාගෙ ලෙක්චර් එක චේන්ජ් කරන්න පුලුවන්ද කියලත් බැලුවා. ඒත් සර්ට පුලුවන් වෙලාවට අපිට ලෙක්චර්ස්, අපි ෆ්‍රී වෙලාවට සර් ෆ්‍රී නෑ.

අන්තිමට අපෙ ලිට්‍රිචර් ලෙක්චරර් කිව්වා ඒ කෝස් එක එච්චර අමාරු නෑ එක්සෑම් ළං වෙලා ඔන්ලයින් කරමු එතකන් නෝට්ස් ටික බලාගන්න කියලා. ඒ කියන්නෙ බ්‍රහස්පතින්දා හවස ලිට්‍රිචර් ලෙක්චර් එක කැන්සල්.

මට බ්‍රහස්පතින්දා ලෙක්චර්ස් තියෙන්නෙ 9-11, 2-3 විදිහට. දැන් ඉතින් 2-3 නැති නිසා 11ට ලෙක්චර්ස් ඉවරයි. ඒත් මිහිඳුයි සසිඳුයි ජර්මන් කරන නිසා හවස ඉන්න වෙනවා. ඒක තමා දැන් ටිකකට කලින් නහයෙන් ඇඬුවෙ.

කතාවෙන් කතාව අපි තුන්දෙනා කැෆටේරියා එකටම ආවා. ලෙක්චර්ස් ඉවරයි කියලා නොකා යන්න පුලුවන්ද?? බෑනෙ...බත් ගෙඩියකුත් ගෙනාපු එකේ කාලම ගෙදර යනවා.

"උඹ කාලා නේද යන්නෙ...?"

ට්වින් ඩබලගෙන් කවුද මන්දා ඇහුවත් ඒ කවුද කියලා හොයනවට වඩා ඒ වෙලේ මම හිටියෙ ලොකු වැඩක. මගෙ ඇස් යොමුවෙලා තිබ්බෙ කැෆටේරියා එකේ කෙළවරක ඉඳගෙන හිටපු කෙනෙක් දිහාවට.

එයාලා තේ බොන්න ඇවිත් හිටියෙ. ඇත්ත ඉතින්...අපි එකොළහයි කාල වෙද්දි තකහනියක් කන්න ආවට සාමාන්‍යයෙන් ලන්ච් අවර් පටන් ගන්නෙ දවල් එකටනෙ. එයාලා කන්නෙ ඒ වෙලාවට.

ඒ ඇසුත් තප්පර දෙකකට විතර මං දිහා බලලා ඉක්මනට අහක බලාගත්තා. අපි මේ ඉන්න තැන අනුව ඒක හොඳයි...අනික එයා හිටියෙත් රජිත සරුයි දිව්‍යා මිසුයි එක්ක. පවර්ස් තිබ්බට මෙච්චර දුර ඉද්දි මම ඉන්න විදිහට බලපෑමක් කරන්න එයාට බෑ. ඒ නිසා වැඩිය මගෙ දිහා බලන්න යන්න නැතුවැති. ඔක්කොම හිතලා එයා අහක බලාගත්තට මොකද මමනම් තාම එයා දිහා බලන් හිටියෙ.

ඇයි අප්පා මට පාලුයිනෙ...ගිය සති දෙකටම ලවන්ව මට හම්බුණේ දෙපාරයි. හරියටම කිව්වොත් අර මං එයාලගෙ අපාට්මන්ට් එකේ ඉඳලා ගිය දවසට පස්සෙ ආයෙ හම්බුණේ දවස් ගාණකින්. එදා හම්බුණේ මගෙ ආර්ට් එක බාරදෙන්න. මම පරිස්සමට ඒක අල්ලන් යද්දි ලවන් තමා ඩ්‍රයිව් කරේ.

ඒ සතියෙම සෙනසුරාදා එයා කැෆේ එකට ආවා. ඊට පස්සෙ සතියෙ එයාට කැෆේ එන්නත් බැරිවුණා සිතුම්ය අසනීප වුණා කියලා. එදා මූණ ඤොරොක් කරන් තමා මං සින්ග් කරෙත්. වීඩියෝස් වලත් ඉන්නවා කරත්තෙට අහුවුණු කජු ලෙල්ල වගේ. ලවන් හිනාවුණා ඒවා බලලා එයා නැතුව ඉස්සර සින්ග් කරානම් දැන් බැරි මොකෝ කියලා. ඒ ඉස්සරනෙ...දැන් වෙනස්නෙ.

"අඩෝ...කාලා නේද යන්නෙ??"

ඒ පාර දඩාං ගාලා පිටට වැදුණු පාරකුත් එක්කම කලින් පැනය යොමු වෙද්දි තමා මං පියවි සිහියට ආවෙ.

"ඈ? ඔ-ඕ කාලා යන්නෙ..."

මම බලන් හිටපු දිහායින් ඉක්මනට ඇස් ගලවගෙන බත් එක අදින ගමන් කිව්වා.

"කොහෙද තෝ කන්න වගේ බලන් හිටියෙ...තොගෙ සම්පූර්ණ එක දැනගත්තොත් උඹ මේකෙ එවුන්ටත් පැණි හලනවා කියලා සෑහෙන්ඩ ප්‍රශ්න ඇතිවෙයි ඈ."

අනේ පගෝ ඒ සම්පූර්ණ එක දිහා තමා බලන් හිටියෙ. හෝව් පොඩ්ඩක් ඉන්න...ඇයි එහෙම එකක් කිව්වෙ? මගෙ මූණෙ එච්චර සබ්ටයිට්ල්ස් පෙනිලද? මම උන් දෙන්නට මෝඩ හිනාවක් දාලා බත් එක දිගෑරියා.

"එහ්...උඹෙ යාලුවා නේ අර?"

සසිඳුට කියලා ඉවර කරන්න හම්බුණේ නෑ තවත් දැවැන්ත පහරක් මගෙ පිට මැද්දට එල්ල වුණා. මේක හරි වැඩක් වුණානෙ යකෝ.

"අඩේ විදූ...උඹව දැක්ක කල් යකෝ!!"

"ටිනාශා...උඹට ලෙක්චර්ස් ඉවරද?"

"නෑ බං...දොළහට තව එකක් තියනවා. ඊට කලින් කාලා යන්න ආවෙ."

කෙල්ල කිව්වෙ හෙන මහන්සි පාටකින්. පව්...මං හිතන්නෙ කැම්පස් එකෙන්ම වැඩියෙන්ම නහින්නෙ සොෆ්ට්වෙයාර් ඉන්ජිනියරින් අයද කොහෙද. මාර වැඩ තොගයක් තියෙන්නෙ. ටිනාශව දකින්න තියා මැසේජ් කරලා අල්ලගන්නත් අමාරුයි. ඒකට අනිත් එකී...කැම්පස් එන්නෙත් යලට මහට. එන්නෑ කියන්නෙ උන්ට එහෙම එන්න තරම් ලෙක්චර්ස් නෑ. අන්න කරනවනම් ඩිග්‍රි.

ටිනාශට ඒ පැත්තෙ එහෙම ලොකුවට සෙට් වෙච්ච යාලුවොත් නෑ. ඒකි කොහොමත් යාලුවො ළං කරගන්නෙත් හොඳට හිතලා බලලා. ගැලපෙන එකෙක්වත් නැත්තම් තනියම ඉන්න ටිනාශා පොඩ්ඩක්වත් බය නෑ. ගොඩක් වෙලාවට කන්නෙත් තනියම. සිනෙලිනම් කොහෙ ගියත් ඉක්මනට යාලුවො සෙට් කරගන්නවා. දැනටමත් ගැන්ග් එකක්ම ඉන්නවා ඒකිට.

ටිනාශටත් යාලුවො සෙට් කරගන්න බැරුව නෙවෙයි එහෙම. ඒත් ඒකිගෙ හිතට හොඳටම අල්ලලා යන්න ඕනෙ යාලුවෙක් වෙන්නනම්. මම ඔය දෙකේම අතරමැදියෙක්. කවුරුත්ම නැත්තම් තනියම ඉන්න එක මට ගාණක් නෑ. ආර්ට් ලෙක්චර්ස් වලදි එහෙම මම ඉන්නෙ තනියමනෙ. ඒත් හැම වෙලේම ටිනාශා වගේ තනියම ඉන්න තරම් ගටකුත් මට නෑ. වෙලාවට ඉතින් මට මේ ට්වින් ඩබල සෙට් වුණානෙ ලෙක්චර්ස් යන්න. ඒ නිසා පාලුවක් නෑ.

"උඹ ආපු එකේ අපිත් එක්කම කමු..."

මම තවත් පුටුවක් අපි තුන්දෙනාගෙ පුටු ගාවට ළං කරගද්දි ටිනාශා මිහිඳුයි සසිඳුයි දිහා බැලුවා. ආවට අවුලක් නැද්ද වගේ ලුක් එකක් ඒක. ඇත්ත ඉතින්...එක බැච් එකේ අය විදිහට අඳුරනවා වුණාට එයාලා එකට මූව් වෙලා නෑනෙ වැඩිය.

කොහොමත් කැම්පස් වල ඕවා නෑ...ඉන්නෙ මොකාද ඌත් එක්ක බත් එක දිගෑරන් කනවා. ඒත් ටිනාශගෙ හැටියට එක පාරට එයාට එහෙම හිතෙන එක සාධාරණයි.

"උඹලට අවුලක් නෑනෙ...?"

මෙතන අතරමැදියා විදිහට මම ඇහුවා.

"අපෝ පිස්සුද බං...සහෝදරී එන්න අද අපිත් එක්ක කමු."

මිහිඳු කියද්දි ටිනාශා හිනාවෙලා මම අරන් තියපු පුටුවෙන් ඉඳගත්තා. මිහිඳු ඕකේ කියන්නෙ ඉතින් සසිඳුත් ඕකේ තමා. උගෙ වචන පිටවෙන්නෑ හැබැයි...මම කලිනුත් කිව්වෙ ඌ කතා කරන්නෙ වුවමනාවට විතරයි කියලා.

"මේ මගෙ අද බිරියානි එකක් තියෙන්නෙ...මල්ලිගෙ බර්ත්ඩේ එක නිසා අම්මා හැදුවා උදේම."

"අඩේ දෙයියා...වෙලාවට උඹව කන්න සෙට් කරගත්තෙ අද."

මම ටිනාශගෙ කම්මුලකින් ඇදලා සයිඩ් හග් එකක් දෙද්දි අරුන් දෙන්නගෙ මූණෙත් පොඩි හිනාවක් ඇඳෙනවා මං දැක්කා. ඇත්තනෙ ඉතින්...මේ වගේ වෙලාවට බිරියානි එකක් හම්බෙනවා කියන්නෙ.

"අඩෙහ්...මල්ලිට හැපි බර්ත්ඩේ කිව්වා කියන්න ඈ. මේක අන්තිමට කමු."

මිහිඳු බිරියානි එක අරන් පැත්තකින් තිබ්බා. කොහොමත් ඒ වගේ රස ඒවා කන්නෙ අන්තිමටනෙ නේ...ඒකනෙ සාමාන්‍ය තියරිය.

"මල්ලිට විශ් කරා කියන්න මමත්..."

සසිඳු කියද්දි ටිනාශා ඔලුව වැනුවෙ ඕකේ කියන්න. මටනම් කොහොමත් මෙතන කියන්න දෙයක් නෑ...මං උට උදේම ෆේස්බුක් මැසේජ් එකක් දාලා ආවෙ විශ් කරලා.

මගෙ බත් එක බාගෙට දිගෑරලා තිබ්බ නිසා අපි මුලින්ම ඒක කන්න පටන් ගත්තා. වෙනදනම් කෑමක් ඇහැට දැකලා නැති උන් වගේ ගහ මරාගෙන කෑවත් අද කෙල්ලෙකුත් ඉන්න නිසා අපි පොඩ්ඩක් සංයමයෙන් කන්න ගත්තා. අනේ ඉතින් ඒ කෙල්ලගෙ සංයමයත් දන්නෙ මමනෙ...බොරුව මුන් ඔක්කොගෙම.

කොහොමහරි මගෙ බත් එකත් කාලා අනිත් උන් දෙන්නගෙ බත් එකත් දිගෑරගත්තා. උන්ගෙ අම්මා උන් දෙන්නටම එක තඩි බත් එකක් බැඳලා එවන්නෙ දෙන්නටම ඇතිවෙන්න. ඇත්තනෙ...ඩබලම එකටනෙ ඉන්නෙ කොයි වෙලෙත්. ආයෙ මොකටද ලන්ච් ශීට් දෙකක් නාස්ති කරන්නෙ. ඔන්න ඕක බාගෙට කාගෙන එද්දි තමා මිහිඳුගෙ ප්‍රශ්න පත්තරේ ඉදිරිපත් වුණේ.

"මෙහ්...එතකොට උඹලා ඉස්කෝලෙ කාලෙ ඉඳන් හොඳම යාලුවොද?"

"ඔව්...අට, නමයෙ වගේ ඉඳන්...නේ බං? ඕ ඒ කාලෙ වගේ ඉඳන්."

"උඹලා එක සබ්ජෙක්ට්සුත් නෙවේ නේ ඒ ලෙවල් වලට කරේ...ඒ මාරයිනෙ තාම එකට ඉන්නවා කියන එක."

"ඔව් ඉතින්...මුන් දෙන්නා වගේ කවුරුත් මට මෙච්චර කාලෙකට සෙට් වුණේ නෑ. ඉතින් තාම ඒ ඩබල එක්ක තමා."

"ඔව්...අලුත් යාලුවොනම් හම්බෙනවා ඒත් සිනුයි විදුයි වගේ ළං කරගන්න තරම් මට ෆීල් වෙන කවුරුත් හම්බෙලා නෑ තාම."

"ඒ උඹට අපිව ෆීල් වෙන්නෙත් නැද්ද බං ඒ කියන්නෙ...?"

මිහිඳු මගෙ දිහා හෙන සිරා පිට බලලා අහද්දි මට හිනා යන්න ආවත් අමාරුවෙන් නවත්තගත්තා.

"එහෙම නෙවේ බං...කැම්පස් එකේ ගත්තොත් අනිත් ගොඩක් අයට වඩා උඹලා දෙන්නා මට ෆිට්. ඒත් උඹට තේරෙනවනෙ...සිනෙලියි ටිනාශයි මායි පොඩි කාලෙ ඉඳන්ම හිටියෙ එකටනෙ."

"මූ ඔය අහන ඒවා වැඩිය ගණන් ගන්න එපා විදුර්...පොඩි කාලෙ ඉඳන් හැමදේටම අපි දෙන්නා හිටියෙ එකටනෙ. එතකොට වෙන යාලුවො හදාගන්න එක ගැන අපිට එච්චර ගාණක් තිබ්බෙ නෑ. ඒ කියන්නෙ මේ උඹ වගේ ඉස්කෝලෙත් අපිට වෙන යාලුවො හිටියා. ඒත් එහෙම නැතත් ප්‍රශ්නයක් නෑනෙ...අපි දෙන්නගෙ හැම ප්‍රශ්නෙකදිම අපි දෙන්නට දෙන්නා හිටියනෙ. ඒ නිසා වෙන යාලුවො එක්ක ලොකු සම්බන්ධයක් තිබ්බෙ නෑ. යාලුවෙක් ළං කරගන්න තරම් ෆීල් වෙනවා කියන්නෙ මොකද්ද කියලවත් මේකා දන්නෑ."

"අනේ පලයං බං අයියෙ...උඹ ඔක්කොම දන්න එකා."

ටිනාශයි මායි දෙන්නම ඒකට යන්තම් හිනාවෙලා කන්න පටන් ගත්තා. ඒකත් වෙන්න පුලුවන් ඉතින්...අපි වගේ අලුත් යාලුවො හදාගන්න ට්‍රයි කරන්න ඕනෙ නෑනෙ එයාලට කොහෙ ගියත්. මෙහෙ වුණත් මම දන්න තරමින් මම ඇරෙන්න මුන් දෙන්නට යාලුවො නෑ.

අපොයි උන් දෙන්නා එක්ක යාලු වෙන්නනම් ඕනතරම් කස්ටිය බලන් ඉන්නවා හැබැයි. මම මේ කිව්වෙ.. කැහ්...දන්නවනෙ. සමහර කෙල්ලො ඕපන්ලිම ඉන්ට්‍රස්ට් එක පෙන්නනවා. ඇත්තම කතාව ඉතින් උන් දෙන්නා හෙන ගති. හැන්ඩි ට්වින්ස්ලනෙ...බලන බලන තැන එකටම ඉද්දි කෙල්ලොන්ගෙ හිත යනවා ඇති.

මිහිඳු වුණත් අපි එක්ක පිස්සු කෙළියට අනිත් වෙලාවට ගැම්මෙන් ඉන්නෙ. දෙන්නා උදේට කාර් එකෙන් ඇවිත් බහිද්දි සමහර කෙල්ලො කෙල හලාගෙන බලන් ඉන්නවා මම ඇස් දෙකට දැකලා තියනවා. කෙල්ලො විතරක් නෙවෙයි මුන්ට කැමති කොල්ලොත් ඉන්නවා ආරංචි විදිහට.

ඔව් ඉතින් තව මං වගේ උන් ඇතිනෙ. මං සම්බන්ධවනම් ඉතින් කොරන්න දෙයක් නෑ මගෙ හිතනම් වෙන කෙනෙක්ට අයිති වෙලා ඉවරයි ප්‍රෙන්...ස්වොරි. එක පාරට ඒ අයිතිකාරයා මතක් වෙලා මං එයා හිටපු ටේබල් එක දිහා බැලුවත් පේන්න හිටියෙ නෑ. එයාලා යන්න ඇති.

"එතකොට ඔයාලා මුගෙ කෙල්ල ගැන එහෙමත් දන්නවා ඇතිනෙ...?"

අනේ පුතේ දැන්නම් කට වහගනින්...පීස්. මම ස්මයිල් ඉන් පේන් හිනාවක් දාලා ටිනාශා දිහා බලද්දි ඒකිත් කන්ෆියුස් වෙලා මගෙ දිහා බැලුවා. නෑ නෑ මුන් දෙන්නා මුකුත් දන්නෑ...ඉන්නවා කියලා විතරයි දන්නෙ. මුකුත් කියන්න්නම් එපා පුතේ. මං ඒක ඇස් වලින් කිව්වත් ටිනාශට තේරුණාද දන්නෑ. හපොයි...හැබැයි ඉතින් කෙල්ල කියලා නේ කිව්වෙ? ඒ නිසා සම්පූර්ණෙන් කියලා නෑ කියලා ඒකිට තේරෙනවා ඇති.

"අ-ආහ්...? ඔව්...එහෙම ලොකුවට දන්නෑ අපිත්."

"ලොකුවට දන්නෑ කියන්නෙ...මූ ඔයාලට පෙන්නලාවත් නැද්ද?"

මිහිඳු ඇහුවෙ ආතල් එකට වුණත් මටනම් පොඩ්ඩක් බය හිතුණා. කමක් නෑ ටිනාශා ශේප් කරයි ගාණට.

"මෙහෙමයි...මූ ඕක පටන් අරන් වැඩිකල් නෑ. ඉතින් අපිටත් වැඩිය හම්බෙන්න චාන්ස් එකක් ඇවිත් නෑ. මේ...ලස්සන කෙල්ල හැබැයි."

ටිනාශා මගෙ දිහා බලලා නෝන්ඩි හිනාවක් දාලා කියද්දි මම පාඩුවේ බත් එක දිහා බලන් ඒක කන්න ගත්තා. ඔය සම්බන්ධව ඉදිරියේ මට දෙන්නම ඉස්සරහා බයිට් වෙන්න පුලුවන් කියලා මට ඉවෙන් වගේ තේරුණා. ඊට පස්සෙ ඉතින් ඒ බත් එකත් ඉවර වෙලා බිරියානි එක කන්න ගත්ත නිසා කස්ටියගෙම කටවල් වැහුණා. තනි අවධානෙ යොමු වුණේ ඒකට.

කාලා ටිනාශා දොළහ ලෙක්චර්ස් වලට ගියාට පස්සෙ මම ට්වින් ඩබලත් එක්ක ටිකක් වෙලා කියව කියව හිටියා. උන් දෙන්නටත් ආයෙ තියෙන්නෙ දෙකටනෙ. ගෙදර යනවා කිව්වට මෙච්චර කලින් එහෙම යන්න හිතකුත් නෑ ඉතින්. ඒ නිසා මම එකට විතර ලයිබ්‍රි එකට ආවා.

දැන් ඉතින් අර ලිට්‍රිචර් කෝස් එක උගන්නනෙත් නැති එකේ එක්සෑම් කට උඩට එනකන් ඉන්නැතුව පොතක්වත් අරන් බලාගන්න ඕනෙ. එතකොට සර් ඔන්ලයින් ලෙක්චර්ස් කරද්දි තියෙන්නෙ රිවිශන් එකක් කරන්න විතරනෙ.

මම ලිට්‍රිචර් පොත් තියන හරියෙන් ඉද්දි එක පාරට ඇස් කොනින් දැක්කා හුරු පුරුදු ෆිගර් එකක් මම හිටපු රාක්කෙ පාස් කරන් යනවා. හෑ...මේ ලන්ච් අවර්නෙ. මෙයා කන්නැද්ද? මම කෝකටත් ගත්ත පොත ආයෙම රාක්කෙන් තියලා පොඩ්ඩක් මෙහාට ඇවිත් එබිකම් කරලා බැලුවා.

කොහොමත් දැන් සතියක දෙකක ඉඳන් මම ලවන්ට කෑම ගේන්නෙත් නෑ. ඒ වැඩේ ටිකක් අමාරුයි කියලා අපි දෙන්නටම තේරුණා. මොකද ඉස්සරනම් අපි දෙන්නා එක ක්ලාස් එකේනෙ. ළමයි එන්න කලින් කෑම එක දෙන්න පුලුවන්. ඒත් ඇකඩමික් පටන් ගත්තට පස්සෙ අපි වෙනම ඒකට හම්බෙන්න ඕන.

මෙහෙමයි...ලවන්ට පවර්ස් තියනවා තමයි. ඒත් මහා ලොකු දේවල් කරන්න නෙවෙයිනෙ. එක්කො එයාට පුලුවන් අපි දෙන්නම පේන්නැති කරන්න. උදේ වරුවක ඒක තාත්වික නෑනෙ. හිතන්න, අපි දෙන්නම එක පැත්තකට යනවා කවුරුහරි දකිනවා. ඒත් ඒ කෙනා ඇවිත් බලද්දි අපි දෙන්නම එතන නෑ. ඒක ප්‍රශ්නයක් වෙනවනෙ එතකොට කෙනෙක්ට. ඕක හැමදාම වෙන්න ගියොත් කොහොමත් සැක හිතෙනවා.

පේන්නැති වෙලාම ඇවිදින්න කොහොමත් බෑනෙ ඉතින්. ඊට පස්සෙ එක එකා ඇවිත් ඇඟෙ වදින්න ගත්තම මල හුයන්නක් වෙන්නෙ. කැම්පස් එකේ භූතයො කියලා හිතයි. කරන්න පුලුවන් එකම දේ අපි දෙන්නගෙ හැසිරීම වෙනස් කරලා අනිත් අයට පෙන්නන එක විතරයි.

කැම්පස් එකේ ඉතින් මොනවා කියලා වෙනස් කරන්න්ද...අපි කැම්පස් ඇවිත් බෝයිෆ්‍රෙන්ඩ්ලා විදිහට හැසිරෙන්නෑනෙ. වෙනස් කරලා පෙන්නන්න පුලුවන් එකම දේ මම කෑම එක දෙන එක විතරයි. ඒත් අපි දෙන්නා හැමදාම උදේට හම්බෙන එක ඕන කෙනෙක් දකින්න පුලුවන්. ඒක හරි නෑනෙ. දැන් අපි දෙන්නා එක ක්ලාස් එකෙත් නොවෙනකොට ඒක කොහොමත් අවුල්.

අනිත් එක මම ලවන් එක්ක සින්ග් කරපු පළවෙනි සෝන්ග් එක පොඩ්ඩක් විතර වයිරල් වුණානෙ. මම හිතන්නෑ ඕක කැම්පස් එකේ කතා වෙන්න තරම් දෙයක් වුණා කියලා. මොකද කැම්පස් එකේ මාව දන්න අය හිටියට මගෙ ලොකු ෆෑන්ස්ලා නෑ. මම දන්න විදිහට මගෙ සෝන්ග්ස් ගොඩක්ම අහන ඕඩියන්ස් එකේ කවුරුත් මෙහෙ නෑ. ඒත් බලපු අය එක්කනෙක් දෙන්නෙක් හරි ඉන්න පුලුවන්නෙ. එහෙම සින්ග් කරපු එකේනම් අවුලක් නෑ ඉතින්...එහෙම දේවල් වෙන්න පුලුවන්නෙ. ඒත් එහෙම දේකුත් වෙලා හැමදාම කතා කර කර ඉන්නවත් කවුරුහරි දැක්කොත් පොඩ්ඩක් අවුල්.

ඒ නිසා අපි දෙන්නම හිතුවා කෑම ගේන එක නතර කරන්න. මට දුකයි ඉතින්...වෙන කොහෙන් කෑවත් ගෙදර උයන බත් එක වගේ නෑනෙ. ඒත් එයාගෙත් යාලුවො දෙන්නා ඉන්න නිසා අවුලක් නෑ.

මම ඊළඟට තියන රාක්ක ටික පාස් කරන් ලවන්ව හොයද්දි ඒ එක රාක්කයක් ගාව එයාව දැකලා නැවතුනා. එයත් ලිට්‍රිචර් පොතක් බල බල හිටියෙ. ඉගැන්නුවෙ නැති වුණාට ලවන් ආසයි ඒ සබ්ජෙක්ට් එකට. මෙහෙම තැනක අපි දෙන්නව කවුරු දැක්කත් අවුලක් නෑ ඉතින්...ලයිබ්‍රි එකනෙ.

"ලවන්..."

මම ළඟට ගිහින් පුලුවන් තරම් හිමින් කියද්දි එයා ටිකක ගැස්සුණා. ඈ යකෝ...මෙච්චර වෙලා දැක්කෙ නැද්ද ඒ කියන්නෙ.

"ඔහ්...ඔයා ගෙදර ගියා කියලා හිතුවෙ. මැසේජ් කරලා තිබ්බෙ එහෙමනෙ."

ඈ...මං එහෙම මැසේජ් කරාද?? ආ ඔව්නෙ. ලෙක්චර්ස් කැන්සල් කියලා දැනගත්ත ගමන් පස්වනක් ප්‍රීතියෙන් පිනා ගිහින් මැසේජ් කරා තමා කාලා ගෙදර යනවා කියලා.

"යන්න තමා හිටියෙ...ඒත් මෙච්චර කලින් යන්නත් කම්මැලි. ඔයා මොකද කරන්නෙ."

"මටත් හවස ලෙක්චර්ස් නෑ...පොතක් අරන් ගෙදර යන්න කියලා බැලුවෙ."

ලවන් එහෙම කියලා මම මොනවාහරි කියනකම් වගේ අමුතු හිනාවකින් බලන් හිටියා. මමද ඕක කියන්න ඕනෙ...අමුත්තා එපැයි ඉන්වයිට් කරන්න-

"යමුද මාත් එක්ක...හවස ගිහින් දාන්නම්."

ආහ් ඔය ඇහුවෙ...ලවන් අහද්දි මටත් ඉබේම මනමාල හිනාවක් ආවා. මොකද මම අකමැති වෙන්නෙ??

"යමු...මේ ඔයා කෑවෙ නැද්ද? දැන් ලන්ච් අවර්නෙ."

"නෑ විදුර්...ගිහින්ම කනවා. කෑම එකක් අරන් යමු."

"ම්ම්..."

අපි දෙන්නා එතන වැඩි වෙලා හිටියෙ නෑ...ලන්ච් අවර් නිසා ළමයි අඩු වුණත් සැලකිය යුතු පිරිසක් හිටියා. කලින් කන මම වගේ අය ඉන්නවනෙ.

ලවන් මට ලිට්‍රිචර් කෝස් එකට වුවමනා පොතක් හොයාගන්න උදව් කරා. අමාරු තැනක් තියනවනම් අහන්න කිව්වා ඊට පස්සේ. මොකද ලවන් ස්පෙශලයිස් වුණේ ඉන්ග්ලිශ් ලැන්වේජ් වලින් වුණාට කැම්පස් එකේදි ලිට්‍රිචර්ත් කරලා තියනවා. අපි කරන සබ්ජෙක්ට්ම කැම්පස් එකේදි කරපු බෝයිපෙන් කෙනෙක් හම්බෙන්නත් පින තියෙන්න ඕනෙ හුම්ම්...

දවල් දෙක වෙන්නත් කලින් අපි දෙන්නා ලවන්ගෙ අපාට්මන්ට් එකට යන්න ආවා. අපි දෙන්නා කිව්වට ගේට් එකෙන් එළියට එද්දි වෙන වෙනම ආවෙ. මම මුලින් ඇවිත් අතුරු පාරෙ ටික දුරක් ගිහින් ලවන් එනකම් නැවතිලා හිටියා. ලවන් ආපු ගමන් මම ගිහින් එයාගෙ වැලමිට ගාවින් බදාගෙන අතේ එල්ලුනා.

මම ගොඩක් ආසයි එහෙම අත අල්ලගන්න. ඇඟිලි පටලගන්න ෆීලින් එකටත් ආසයි තමයි...ඒත් මෙහෙම අත බදාගද්දි ඊට වඩා අමුතුම ෆීලින් එකක් දැනෙන්නෙ. ලවන් මට වඩා පොඩ්ඩක් උසයිනෙ. මම එයාගෙ කන ගාවට වගේ ඉන්නෙ. එතකොට එහෙම අත අල්ලන් එයා මාව ටවර් කරද්දි මම මාරම ආසයි.

ළඟම තියන කඩේකින් කෑම එකකුත් අරන් අපි දෙන්නා ඔහේ කියව කියව ගෙදරට ආවා. එහෙම ලොකුවට කියවන්න තරම් දුරකුත් නෑනෙ එතෙන්ට. ඒ නිසා අද දවසේ දේවල් විතරයි කියන්න් පුලුවන් වුණේ...ඒකත් බාගෙට.

ලවන්ගෙ අපාට්මන්ට් එකට යන පාරෙ පොඩි කන්දක් තියනවා. මේ අව්වෙ ඕකත් නැගලා ආපු මහන්සියටම මම සාලෙට ගිය ගමන් සෝෆා එක උඩට පතබෑවුණා. ලවන් කෑම කාමරේට ගිහින් කෑම එක තියලා අපි දෙන්නටම බොන්න ඔරේන්ජ් ජූස් එකක් අරන් ආවා. ම්ම්...වෙලාවෙ හැටියට කියාපු පානය.

ජූස් එක බීලා ටික වෙලාවකින් ලවන් කන්න ගිය නිසා මාත් ඒ පස්සෙන්ම කෑම කාමරේට ගියා. මමනම් ඉතින් මල පෙරේතයා වගේ ගිලලනෙ ආවෙ. හැබැයි ලවන් මටත් කටවල් දෙක තුනක් කැව්වා ආදරේට. ඒකෙ කොස් මාලුව රහට පෙනුන නිසා මාත් කිසි මෙව්වා එකක් නැතුව කෑවා.

ලවන් කාලා ඉවර වෙනකන් මම ෆ්‍රිජ් එකේ තිබ්බ ග්‍රීන් ඇපල් ගෙඩියක් කකා කියව කියව හිටියා. කොහොමත් ඉතින් සෑහෙන කාලෙකින්නෙ හම්බුණේ...කොච්චර දේවල් තියනවද කියවන්න. මම විතරක් කියෙව්වා කියලද හිතන්නෙ? මොන පිස්සුද...අනිත් එක්කනත් කන ගමන් කියලා නෑ මේ සති දෙකට වෙච්ච ඔක්කොම කියෙව්වා.

පැයකට විතර පස්සෙ අපි දෙන්නා කාලා ආයෙම සාලෙට එද්දි වැස්සකුත් පටන් අරන් තිබ්බෙ. ඈ යකෝ...දැන් ටිකකට කලින් ගිනි අව්ව නේද?? එක අතකට පුදුම වෙන්න දේකුත් නෑ ඉතින්. මේ ලංකාවනෙ...කාලගුණේ ඉඳන් අජපල්.

මට තියන තව පොඩි ආසාවක් තමා ලවන් එක්ක පොඩ්ඩක් වැස්සෙ තෙමෙන ගමන් පොඩි ෆන් එකක් ගන්න. Dancing in the rain කියන්නෙ...අන්න එහෙම. ඒත් ඉතින් බෑනෙ, මේ මනුස්සයට හෙම්බිරිස්සාවක්වත් හැදුනොත් එහෙම.

ලවන්ට පොඩි එහෙම ගතියක් තියනවා. ඒකනෙ අර දවස් වල රෑ නාලා ලෙඩක් හදාගත්තෙ. මම හිතුවෙ ක්ලයිමෙට් එක වෙනස් වුණ නිසා කියලනෙ. එහෙම නෙවෙයි...සීතල වුණොත් පොඩි හචින් යන ගතියක් තියනවා. ඒ නිසා ඒ ආසාව මම අමාරුවෙන් මැඬගත්තා.

ලවන් මට එයාගෙ රූම් එකෙන් වොශ් කරගන්න කියලා එයා සිතුම්යගෙ රූම් එකට ගියා. මම වොශ් කරගන්න යන්න කලින් අම්මට මැසේජ් එකක් දැම්මා එන්න පරක්කු වෙයි කියලා. එදා හොඳ දේශනාවක් අහගත්තනෙ කියන්න අමතක වෙලා. කොහොමත් අවුලක් වෙන එකක් නෑ ඉතින්...දවස් කීයකින්ද බෝයිපෙන්ව හම්බෙන්නෙ.

මම මැසේජ් එක දාලා ෆෝන් එක පැත්තකින් තියලා ටවල් එකයි මගෙ ඇඳුමයි අරගත්තා. එදා මට ඇවිත් අඳින්න සයිස් ඇඳුමක් නැතිවුණ නිසා ලවන් පහුවදාම මට හරියන විදිහෙ ස්වෙට් පෑන්ට් එකයි ශෝර්ට් එකයි ටී ශර්ට් ද්කකුයි ගෙනත් තිබුණා. මට පව් හිතුණා එයා එහෙම කියද්දිත්...කොච්චර හිතනවද එයා ඒ හැම දෙයක් ගැනම.

සීතල නිසා මම නාගත්තෙ උණු වතුරෙන්. නාලා රූම් එකට එනකොටම ලවන් කලින්ම ඇවිත් හිටියා. එයාගෙ රූම් එකේ ග්ලාස් වෝල් එක පැත්තට වෙන්න තියනවා පොඩි සෝෆා සෙට් එකක්. එයා ඉඳගෙන හිටියෙ ඒකෙ නිසා මාත් එයා පැත්තට ගිහින් වාඩි වුණා.

"වෝහ්...ඔයා කොෆී හැදුවද??"

"ඔව්...සීතලටත් එක්ක හොඳයිනෙ."

ලවන් එක කප් එකක් මගෙ පැත්තෙන් තියන ගමන් කිව්වා.

"එතකොට මේ කේක් පීස් එක...?"

"ගෙදර තිබ්බා. දෙන්නටම ඇතිවෙන්න එකක් ගෙනාවා...කමක් නෑනෙ?"

ලවන් මනමාල හිනාවක් දාලා අහද්දි මම නළලත් රැලි කරලා එයා දිහා බැලුවා.

"කමක් නැද්ද කියලා මගෙන් අහන්නෙ...?"

"එහෙම එකක් විතරක් තියෙද්දි බාල බෝයිෆ්‍රෙන්ඩ් වැඩිමල් එක්කනාට කවන්න ඕන..."

"ඇත්තට...කොහෙද දන්නෑ එහෙම කියලා තියෙන්නෙ."

"පුරාණ පඬිවරයෙක් කියලා තියෙන්නෙ..."

මම ඇස් දෙක රෝල් කරලා කේක් පීස් එක අතට ගත්තා. මල කෝලම් මෙයාගෙ. ලවන් මාව කරට අත ළං කරගෙන ඉද්දි මම එයාටත් කේක් පීස් එකෙන් කවන ගමන් මමත් කෑවා. ඒක මම ආසම ජාතියේ චොක්ලට් චිප් කේක් එකක්. ඒකක්ම ගාණට ගෙදර තිබ්බ එකත් පුදුමයි.

අපි ඉක්මනට කාලා ඉවර වෙලා කොෆී එක බොන්න ගත්තා. නිවුණොත් එහෙම...අපි දෙන්නම කොෆී එක බිව්වට පස්සෙ මම එහෙමම ලවන්ට තුරුල් වුණා. කොෆී නෙවෙයි ඔය මොකෙන්වත් ගන්න බෑ එයාට තුරුල් වෙද්දි දැනෙන උණුහුම. අනිත් එක මේ සීතලේ ඒක වැඩියෙනුත් එක්ක දැනෙනවා.

"මොකෝ මේ...?"

"සීතලයි අනෙහ්..."

මම ලවන්ට තව ටිකක් ගුලි වෙලා කියද්දි එයා හිනාවෙලා මාව උස්සලා උකුල උඩට ගත්තා.

"ඔයාව ඔහොම තුරුල් කරන් ඉද්දි සීතල පොඩ්ඩක්වත් දැනෙන්නෑ මටත්..."

ලවන් මගෙ නළලට කිස් එකක් දෙන ගමන් කියද්දි මම ඒකට යන්තම් හිනාවුණා.

"ආදරේ කරද්දි එහෙම වෙන්න ඇති නේ..."

මම ලවන්ගෙ පපුවෙන් නිකට තියාගෙන එයාගෙ ඇස් දිහා බලලා කියද්දි එයා ආදරේ හිතෙන විදිහට මගෙ දිහා බලන් හිටියා.

"ම්ම්..."

ලවන් එහෙමම පාත් වෙලා හිමින් මගෙ තොල් එයාගෙ තොල් වලට මැදි කරගත්තා. වෙනදා වගේම මත් වෙලා වගේ ඒ තොල් වලට මම ඇබ්බැහි වෙද්දි...වටෙන්ම දැනෙන සීතලත් එක්ක මට ඒ හැඟීම වැඩියෙන් දැනුණා.

ලවන් හිමින් මගෙ ශර්ට් එක යන්තම් එහාට කරලා මගෙ ඉන දෙපැත්තනෙ අතගාද්දි මගෙ ඇඟ තවත් හිරිවැටුණා. කිස් එක අතරින්ම මම ලවන්ගෙ ශර්ට් එකේ කොනක් අල්ලගෙන උඩට අරන් එද්දි එයා පරිස්සමට කිස් එක බ්‍රේක් කරලා මගෙ කම්මුලින් අල්ලගත්තා.

"විදුර්...?"

හාද්ද නිසාම තවමත් මත් වුණ ඇස්වලින් ලවන් කිව්වා.

"අයින් කරන්නකො..."

ඒ වෙද්දිත් මම බාගෙට උස්සලා තිබ්බ ශර්ට් එක දිහා බලලා කියද්දි එයා නළලත් රැලි කරලා මගෙ දිහා බැලුවෙ ඇයි අහන්න වගේ. ඒත් එයාගෙ ඇස් වලනම් කිසිම අකමැත්තක් තිබ්බෙ නෑ.

"Come on ඒයි...මට එක පාරට ස්ට්‍රෝබෙරි මිල්ක් ක්‍රේවින් එකක් ආවා."

මම කියද්දි ලවන්ට එක පාරට හිනාගියා.

"ස්ට්‍රෝබෙරි මිල්ක්...? අනේ ඇත්තට විදුර් ඔයත්."

"ඇයි ඉතින්...සෝස පාට ඒවට එහෙම තමා කියන්නෙ."

මම කියද්දි ලවන් හිනාවෙලා ශර්ට් එක අයින් කරා. එයා එහෙම හිනාවෙද්දි ලස්සනයි. ඒත් එක්ක එයාගෙ ඇඩම්ස් ඇපල් එක එහාට මෙහාට වෙන විදිහට මගෙ හැඟීම් තවත් ඇවිස්සුනා.

මම සීරුවට මගෙ ඇඟිලි තුඩු ලවන්ගෙ උරහිසේ ඉඳන් පහළට අරන් ගියා. මගෙ එක ඇඟිල්ලක් එයාගෙ නිප්ල් එක ගාව නවතිද්දිම ලොකු හුස්මක් ගත්ත ලවන් සෝෆා එකේ පිටිපස්සට හේත්තු වෙලා ඇස් දෙක පියාගත්තා.

මට පොඩි හදිස්සියක්වත් තිබ්බෙ නෑ. ඉවසීමෙන් ආට් එකක් දිහා බලන්න මට හොඳ පුරුද්දක් තිබ්බා. හිමින් ලවන්ගෙ පපුවෙ එහාමෙහා අරන් ගිය ඇඟිලි තුඩු වලට පස්සෙ මුලු අතම එකතු වෙද්දි එයා තවත් වේගෙන් හුස්ම ගන්න ගමන් පුලුවන් තරම් හැඟීම් කන්ට්‍රෝල් කරගන්නවා කියලා මට තේරුණා.

"විදුර්...ම්හ්."

ලවන්ගෙ ඒ සෙඩක්ටිව් වොයිස් එකත් එක්ක මට තවත් ඉවසන්න ඕන වුණේ නෑ. මම ඉස්සරහට වෙලා ලවන්ගෙ බෙල්ලෙන් තොල් තියද්දි එයා මගෙ ඉනෙන් තද කරලා අල්ලගත්තා. ලවන්ගෙ තොල් වගේම ස්කින් එකේ ටච් එක තොල් වලට දැනෙද්දිත් මට දැනුනෙ මත් වෙන ෆීලින් එකක්.

මම හිමින් මගෙ තොල් පහළට අරන් ආවෙ සැරින් සැරේ මගෙ තොල් වල මූව්මන්ට්ස් වලට දිවත් හවුල් කරගන්න ගමන්. මගෙ තොල් එයාගෙ නිප්ල්ස් උඩින් තියනවත් එක්කම ලවන්ගෙන් පිටවුණ කෙඳිරිය...මම හිතන්නෑ මම මීට කලින් ලවන්ගෙන් ඒ වගේ මෝන් එකක් අහලා තියනවා කියලා.

මම එක පාරට නවත්තලා ලවන්ගෙ මූණ දිහා බැලුවෙ ඒ හඬත් එක්කම මගෙ ඇඟම හිරිවට්ටන ගමන් ඇඟ ඇතුලෙන්ම එකතු වුණ හැඟීම දරාගන්න බැරුව. එයාගෙ කඳුලු පිරුණ ඇස් දෙක මත් වෙලා වගේ මගෙ දිහා බලාගෙන හිටියා.

මෙච්චර වෙලා මගෙ මූමන්ට්ස් ස්ලෝ වුණත් ඒ ඇස් දෙකත් එක්ක තවත් මත් වුණ මම ආයෙම එයාගෙ නිප්ල්ස් වලින් තොල් තිබ්බෙ ටිකක් ඇග්‍රෙසිව් විදිහට. මම එහෙම කරනවත් එක්කම ලොකු හුස්මක් ගත්ත ලවන් මගෙ කෙස් අහුරක් තද කරලා අල්ලගත්තා.

"ඔහ් ගෝඩ්...විදුර්- ජස්ට්-"

එයා මොනවා කිව්වත් මම පොඩ්ඩක්වත් නැවැත්තුවෙ නෑ. මගෙ තොල් එයාගෙ පපුව දිගේ එහා මෙහා ගියේ ගොඩක් වේගෙන්. විනාඩි පහක් විතරම මම සෑහීමට පත් වෙනකන්ම මගෙ තොල් ඒ විදිහට මහන්සි වුණා.

මෙච්චර වෙලා මම ඩොමිනන්ට් වෙලා හිටියත් එක පාරට ඒක වෙනස් වුණේ ලවන් මගෙ ඉන දෙපැත්තෙන් අල්ලලා මාව සෝෆා එක උඩට අතාරිනවත් එක්කම. මම කිසි දෙයක් හිතන්නත් කලින් ලවන් මගෙ ඇඟ උඩට ඇවිත් මගෙ බෙල්ලෙන් තොල් තිබ්බා.

ඇඟම හිරිවැටෙද්දි මම ඇස් දෙක තද කරලා පියාගත්තෙ ලවන්ගෙ උරහිසින් තදින් අල්ලගන්න ගමන්. ලවන් මගෙ බෙල්ල පුරාම වගේම ශර්ට් එක ටිකක් එහාට කරලා පපුවෙ උඩ හරියෙනුත් වේගෙන් එයාගෙ තොල් එහෙ මෙහෙ යැව්වා.

නොදැනිම මගෙන් කෙඳිරුමක් පිට වෙද්දි ලවන් ආයෙම මගෙ තොල් කිස් කරන්න ගත්තෙ සැරින් සැරේ ඒවා එයාගෙ දත් අතරටත් මැදි කරගන්න ගමන්. වටපිටාව කොච්චර සීතල වුණත් මගෙ ඇඟ රත් වේගෙන එනවා මට දැනුණා.

ඒක තේරුණ නිසාමද කොහෙද ලවන් කිස් එක ටික ටික ස්ලෝ කරේ මට හුස්ම ගන්න පොඩි හරි චාන්ස් එකක් දෙන ගමන්. මගෙ කම්මුලින් අත තියලා පරිස්සමට කිස් එක බ්‍රේක් කරපු ලවන් මගෙ තොල් වලින් පෙක් එකක් තියලා එහාට වුණා.

සාමාන්‍යය තත්වෙට එනකම් එහෙමම වැතිරිලා හිටපු මම නැගිටලා ආයෙම ලවන්ගෙ උකුල උඩට යද්දි එයා මගෙ ඉන දෙපැත්තෙන් අල්ලගත්තා. එයාගෙ බෙල්ලෙ තැනින් තැන රතු පාට පැල්ලම් දකිද්දි- බෑනෙ ඉතින්...මම ආයෙම එයාගෙ බෙල්ලට පහත් වෙන්න යද්දි ලවන් මගෙ පපුවෙන් අත තියලා නැවැත්තුවා.

"විදුර්...නිදිමතක් වගේ එන්නැද්ද?"

ලවන් අහද්දි මම බාගෙට රවාගෙන එයා දිහා බැලුවා.

"එක පාරට නිදිමතක් ආවෙ...ඔයාට කන්ටිනිව් කරන්න ඕන්නැද්ද?"

"කන්ටිනිව් කරොත් මම මොනවා කරලා නවතීද කියලා ශුවර් නැති නිසා තමා නිදාගමු කියන්නෙ...specially with this weather."

ලවන් මගෙ ඇස් දෙක දිහාම බලාගෙන කියද්දි මම එක පාරට බිම බලාගත්තා. මම කොච්චර ෆෝවර්ඩ් වුණත් එයාගෙ මේ ඩොමිනන්ට් ගතිය මට තාම දරාගන්න බෑ. ඒ බැල්මටත් මගෙ ඇඟම පණ නැති වෙනවා වගේ. මගෙ රිඇක්ශන් එක දැක්ක ලවන් යන්තම් හිනාවෙලා මාව පපුවට තුරුල් කරගත්තා.

"You're still not ready Vidur...at least your body isn't. Right...?"

"Mm..."

"මට ඔයාව අන්කම්ෆටබ්ල් කරන්න ඕනෙ නෑ..."

"එහෙම නෑ..."

"මම දන්නවා...ඒත් ඔයා කම්ප්ලීට්ලි රෙඩි වෙනකන් මම කිසිම දේකට ෆෝස් කරන්නෙ නෑ. Everything has its time."

ලවන් ගැන තවත් වැඩියෙන් ආදරේ හිතෙද්දි මම ඉස්සිලා එයාගෙ කම්මුලින් හාද්දක් තිබ්බා. ලවන් මම හිටපු විදිහටම මාව උස්සගෙන ඇවිත් ඇඳෙන් තියලා එයා මගෙ එහා පැත්තෙන් හාන්සි වුණා.

මටනම් එහෙම නිදිමතක් නෑ ඇත්තටම. ඒත් ලවන්ටනම් පොඩි මහන්සි පාටක් තියනවා...ඊයෙ පේපර්ස් වගයක් බලන්න පාන්දර වෙනකන් එයා ඇහැරලා හිටියා. අදත් උදේ නැගිට්ටනෙ. ඒ නිසා වෙන්න ඇති.

ලවන්ට යන්තම් නින්ද යාගෙන එද්දි මගෙ ටිකිරි මොළේට එක පාරට අදහසක් පහළ වුණ නිසා මම ඉක්මනට නැගිටලා මගෙ බෑග් එක ගාවට දිව්වා. මම නැගිට්ට පාරට ලවනුත් ගැස්සිලා වගේ මගෙ දිහා බැලුවා.

"විදුර්...ඇයි?"

"ඔයා අනිත් පැත්ත හැරිලා නිදාගන්නකො...පොඩි වැඩක් කරන්න යන්නෙ."

"මො-මොකද්ද...?"

ලවන් ඇස් දෙකත් ලොකු කරලා බයවෙලා වගේ ඇහුවා. මගෙ අතේ තියන තීන්ත ටියුබ් ටිකයි පින්සල් ටිකයි දැක්කම කරන්න යන දේ තේරුණා මං හිතන්නෙ. අද උදේ ආට් ප්‍රැක්ටිකල් කෝස් එකක් තිබුණ නිසා ඒ ටික මගෙ බෑග් එකේ තිබ්බා.

"ඔයා හිතන දේ තමා...අනේ අනිත් පැත්ත හැරෙන්නකො. ලවන්~~"

මම අමාරුවෙන් එයාව මුනින් අතට හරවලා පිට උඩට නැගගත්තා. ම්ම්...දැන් හැරෙන්න බෑ.

"කැන්වස් එකක් තරම් සොෆ්ට් ස්කින් එකක් තියෙද්දි පේන්ට් කරන්නම තමා හිතෙන්නෙ..."

මම හිමින් එයාගෙ පිට දිගේ ඇඟිලිතුඩු ගෙනියන ගමන් කියද්දි ලවන්ට හිනාගියා.

"ඔයා ඕන එකක් කරගන්නකො එහෙනම්...මම නිදි හොඳේ."

අන්න එහෙම...කිව්වත් වගේ ලවන්ට ඉක්මනට නින්ද ගියා. මම ආයෙම නැගිටලා ගිහින් කබඩ් එකේ තිබ්බ කෝප්පෙකට වතුර ටිකක් දාලා ඒකත් ඇඳ ගාවින් තියාගත්තා.

මම පින්සල වතුරෙ ටිකක් කලත්තලා ලවන්ගෙ පිටෙන් තියෙද්දිම එයා ටිකක් ගැස්සුනත් මම ඒක දිගින් දිගටම කරද්දි කිසිම රිඇක්ශන් එකක් තිබුණෙ නෑ. එයාගෙ ස්කින් එක ඒකට හුරුවෙන්න ඇති.

ටිකක් වෙලා කල්පනා කරද්දි අඳින්නෙ මොකද්ද කියලා ඔලුවට එද්දිම මම නිල් පාට තීන්ත ටියුබ් එක ඕපන් කරලා ප්ලේට් එකට එයින් ටිකක් දාගත්තා.

ලවන් ඇහැරුණේ මම පේන්ටින් එක ඉවර කරන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි. ඒ කියන්නෙ හවස හයටත් කිට්ටුව. එක පාරට වෙන්නෙ මොකද්ද කියලා අමතක වෙලා වගේ ලවන් දඟලද්දි මම එයාගෙ අත් දෙක තද කරලා අල්ලගත්තා.

"පොඩ්ඩක් ඉන්න...තව ටිකයි."

"ඉක්මනට අනේ...ඇඟම හිරිවැටිලා වගේ එක විදිහට ඉඳලා."

"හරි හරි~ තව තරු ටිකක් අඳින්න විතරයි තියෙන්නෙ."

"තරු...? තරු පෙනිලා ඉන්නෙ දැන්."

ලවන් හිනාවෙන ගමන් කියද්දි මම එයාගෙ අතට කිස් ගාලා පාරක් ගැහුවා. පිටටම දෙන්න තිබ්බනම් හොඳයි...ඒත් බෑනෙ. මම මහන්සි වෙලා ඇඳපු චිත්‍රෙ මෙව්වා වෙනවනෙ.

ලවන් එහෙමම ඉද්දි මම සුදු, ලානිල් මික්ස් වුණ තරු දෙක තුනක් තියලා ආර්ට් එක කම්ප්ලීට් කරා. ඒක ලස්සනට පේනවා...මම ඇන්ඳෙ රෑ වෙලාවක බීච් එකේ ඉඳගෙන ඉන්න කපල් එකක්. කපල් එකක් කියන්නෙ අපි දෙන්නා තමා ඉතින්.

අපි දෙන්නා බීච් එකේ ඉඳගෙන අහස දිහා බලාගෙන හිටියෙ. මම ආසම විදිහට එයාගෙ වැලමිට ගාවින් බදාගෙන උරහිසට හේත්තු වෙලා හිටියා. අපි දෙන්නව පෙනුනෙ හුඟක් පොඩියට. ගොඩක්ම හයිලයිට් වුණේ අහසයි මුහුදයි.

අහස පුරාම තරු පිරිලා තිබුණා. ඒ නිසාම මුහුදත් දිලිසෙන ගතියක් තිබුණා. මුලු චිත්‍රෙම තද නිල් පාට වයිබ් එකක් තිබුණෙ. මම ෆෝන් එක අරන් ඒකෙ ෆොටෝ එකක් ගත්තා. මොකද කොයි වෙලේ හරි ලවන් මේක හෝදලා දාන්න එපැයි.

මම ආර්ට් එකට මුකුත් වෙන්නැතිවෙන්න පරිස්සමට ලවන්ගෙ ඇඟ උඩින් අයින් වෙලා එයාට එහා පැත්තෙ ඉඳගත්තා. මගෙ ඇඟෙත් පොඩ්ඩක් තීන්ත පැල්ලම් තිබ්බා. ලවන් මුකුත් කියන්නැතිවෙයි නේද...මොකද එයා පොඩ්ඩක්වත් කැමති නෑ මෙහෙම මෙයාගෙ දේවල් අපිරිසිදු වෙනවට.

මම ආර්ට් එක බලන්න ලවන්ට ෆෝන් එක දෙද්දි එයාගෙ ඇස් දෙකම එළිය වුණා. ෆෝන් ස්ක්‍රීන් එකේ තිබුණ තද නිල්පාට එයාගෙ අලු පාට ඇස් දෙකට වැටිලා ඒවා දිලිසුනේ ක්‍රිස්ටල් පාටින්. මම ආසාවෙන් ඒ දිහා බලන් හිටියා.

"වෝහ්...විදුර්! මේක මාරම ලස්සනයිනෙ."

"ඔයා කැමතිද...?"

"ඔව්...මට ඒක අයින් කරන්නත් ලෝබයි වගේ."

මම ඒකට යන්තම් හිනාවුණා.

"මම ඕක කැන්වස් එකක ඇඳලා දෙන්නම්කො ඔයාට තියාගන්න..."

"ම්ම්...ඒක හොඳයි."

ලවන් ආයෙම මට ෆෝන් එක දෙන ගමන් කිව්වා. එයා තාමත් හිටියෙ කලින් වගේ මුනින් අතට වැතිරිලා...හරියට චිත්‍රෙට මුකුත් වෙයි කියලා වගේ.

"ඔයා ඒ වගේ අත්දැකීමකටත් ආසද විදුර්...?"

ලවන් ඇහුවෙ හරි සන්සුන්ව මගෙ දිහා බලාගෙන.

"ඔව්...කවදාහරි ඔයා එක්ක. අපි දවසක යමු හොඳද?"

මම එහෙම කියද්දි ලවන්ගෙ මූණ ටිකක් වෙනස් වුණා. මම දන්නෑ ඇයි කියලා...ඒත් මට ඒ වෙනස හොඳටම දැනෙන්න කලින් ලවන් එයාගෙ අත දික් කරලා මගෙ ඇඟිලි එක්ක පටලගත්තා.

"අපි යමු..."

එයා ඇස් වලින් හිනාවෙලා කියද්දි මමත් ඒත් එක්ක හිනාවුණා. මමත් එයාට එහා පැත්තෙන් වැතිරෙද්දි ලවන් මගෙ කන ගාවින් තිබුණ කෙස් ගස් දිගේ හිමින් එයාගෙ ඇඟිලි තුඩු ගෙනිච්චා.

"ඔයා ගොඩක් ටැලන්ටඩ් ආර්ටිස්ට් කෙනෙක් විදුර්...ඔයාගෙ ආර්ට් දිහා දවසම වුණත් බලන් ඉන්න පුලුවන්. දිගටම අඳින්න හොඳද?"

"ම්ම්...කොහොමත් මාව හීල් කරන්න පුලුවන් දේවල් වලින් උඩින්ම තියන දෙයක් ඒක. ඔයා දන්නවනෙ."

"ම්ම්..."

ලවන් තවමත් මගෙ කෙස්ගස් අතරෙ ඇඟිලි ගෙනියන ගමන් මගෙ ඇස් දිහා බලාගෙන හිටියා. ඒ ඇස් මගෙ ඇස් වලින් ගැලවිලා හිමින් මගෙ මූණ පුරාම යනවා කියලා මට දැනුණා...ඒත් කලබලෙන් නෙවෙයි. හරි හෙමින්. ඒවා ආයෙත් මගෙ ඇස් එක්ක සමාන්තර වෙද්දි තිබුණෙ කලින්ට වඩා ගොඩක් වෙනස් විදිහට. කලින් තිබුණ සන්සුන් ගතිය වෙනුවට දැන් තිබුණෙ මත් වුණ පෙනුමක්.

මම මුකුත් ප්‍රොසෙස් කරගන්න කලින් ලවන් මගෙ අත් දෙක ඇඳට තියලා තද කරලා මගෙ ඇඟ උඩට ආවා. මම ඇස් දෙකත් ලොකු කරලා ලවන් දිහා බලන් ඉද්දි එයා කට කොනකින් හිනාවුණා.

"ආර්ට් කොච්චර දැකලා තිබ්බත් විදුර්...මම තාම ආර්ටිස්ට්ව දැකලා නෑනෙ."

"අහ්...?"

මට උත්තරයක් නොදීම ලවන් මගෙ බෙල්ලෙන් තොල් තියද්දි මම ඇස් දෙක තද කරලා පියාගත්තා. ලවන් හිමින් මගෙ ඉන ගාවින් උඩට ඇඟිලි තුඩු ගෙනියද්දි ශර්ට් එකත් ඒ එක්කම උඩට එනවා මට දැනුණා. ශර්ට් එක පපුව ගාවට විතර එද්දි මගෙ මුලු ඇඟම හිරිවැටුණෙ වටේ තියන සීතලටද නැත්තම් මට ඒ වෙලේ දැනුණ හැඟීම් වලටද කියන්න මම දන්නෑ...

මගෙ බෙල්ලෙ තොල් එහා මෙහා ගෙනියන ගමන්ම ලවන්ගෙ අත් මගෙ ශර්ට් එක යටින් පපුව පුරාම යනවා මට දැනෙන්න ගත්තා. ඒ අත නැවතිලා ඇඟිලි දෙකකින් මගෙ නිප්ල්ස් ටීස් කරද්දි මම හිටියෙ පොඩ්ඩක්වත් ඉවසන්න පුලුවන් තැනක නෙවෙයි.

"ලවන්...අහ්හ්."

මම යන්තම් ඉනෙන් ඉස්සුණත් ලවන් පරිස්සමට මගෙ ඉනෙන් අල්ලලා ආයෙම මාව පහළට කරා.

"Baby...be patient."

යන්තම් ඉස්සිලා මගෙ ඇස් දෙක දිහා බලපු ලවන් ඒවගෙ අකමැත්තක් නෑ කියලා තේරිලා වගේ යන්තම් හිනාවුණා. මගෙ තොල් වලට පහත් වෙලා ඒවා කිස් කරන ගමන් ලවන් මගෙ ශර්ට් එක පපුව ගාවිනුත් උඩට ඉස්සුවා. ඒ වෙනකන් මගෙ අත ඇඳට තියලා තද කරන් හිටපු ලවන්ගෙ එකම අතත් එතනින් ගැලවිලා මගෙ ඉනෙන් අල්ලගද්දි මගෙ අත් දෙකම ලවන්ගෙ පිටේ නැවතුනා.

පේන්ට් එක මගෙ අත පුරාම ගෑවෙනවා මට දැනුණත් ඒ ගැන හිත හිත ඉන්න තරම් මට සිහියක් තිබුණෙ නෑ. මගෙ හිත තිබ්බෙම ලවන්ගෙ තොල් වලින් මගෙ ඇඟට දැනෙන ෆීලින් එක ගැන විතරයි.

ඊළඟ තප්පරේදි මගෙ ශර්ට් එක ගැලවිලා අයින් වෙද්දි වටේ තියන සීතල වැඩියෙනුත් මගෙ ඇඟට දැනෙන්න ගත්තා. ලවන්ගෙ ඇස් මඟාරින්න හැදුවත් එයා මගෙ නිකටින් අල්ලලා ආයෙම මාව එයා පැත්තට හරවගත්තා.

මම එයාගෙ ඇස් දිහාම බලන් ඉද්දි මගෙ තොල් වලින් පෙක් එකක් තිබ්බ ලවන් මගෙන් ටිකක් ඈත් වෙලා මගෙ පපුව පුරාම එයාගෙ ඇස් දෙක අරන් ගියා. පොඩි ලැජ්ජාවක් එක්ක මම ඇස් දෙක පියාගත්තෙ ලවන්ගෙ සීතල ඇඟිලි මගෙ පපුව මැද්දෙන් දැනෙද්දි.

"ගෝඩ් විදුර්...you're so so beautiful."

ලවන් කියද්දි මම ආයෙම ඇස් ඇරලා එයා දිහා බැලුවා.

"Damn I'm the luckiest..."

ගොඩක් එක්සයිට් වෙලා මගෙ තොල් වලින් පෙක් එකක් තියපු ලවන් ආයෙම මගෙ බෙල්ලට පහත් වුණා. එයා ටිකින් ටික තොල් එතනින් පහළට ගෙනියද්දි මගෙ අත් එයාගෙ පිට දිගේ, උරහිසේ, කෙස්ගස් වල නැවතුනා විතරක් නෙවෙයි සමහර වෙලාවට ඒවා බෙඩ්ශීට් එක තද කරලා අල්ලගත්තා. මම ඇස් ඇරලා නොබැලුවත් දැනටම පේන්ටින් එක නැත්තට නැතිවෙලා ඒ තීන්ත හැමතැනම විසිරිලා ඇති කියන එක තේරුණා.

ලවන් අර වෙලාවෙ ඒ වගේ හයියෙන් මෝන් කරේ ඇයි කියලා මට තේරුණේ ලවන්ගෙ තොල් මගෙ නිප්ල්ස් අල්ල්ගද්දි. ඒ හැඟීම හරි අමුතුයි...මෙච්චර වෙලාම මගෙ ඇඟට දැනුණ හිරිවැටෙන හැඟීම දෙගුණ වෙලා මට දැනුණා.

"ලවන්...අනෙහ්හ්."

"ම්ම්...?"

මගෙ නිප්ල්ස් වල තොල් තියාගෙනම ලවන් මුමුණද්දි ඒ දැනුණ වයිබ්‍රේට් එකට මම තවත් ඇවිස්සුණා. මම කොට්ටෙට ඔලුව තද කරලා තියාගද්දි ඇස් උඩ අතට ඇරුනෙ ඒ හැඟීම දරාගන්න බැරුව.

මගෙ පපුව පුරාම තොල් ගෙනියපු ලවන් ආයෙම මගෙ තොල් කිස් කරන ගමන් එයාගෙ අත් දෙක මගෙ ස්වෙට්පෑන්ට් එකේ බෑන්ඩ් එක හිමින් පිරිමදිනවා මට දැනුණා. එයා ඔලුව උස්සලා මගෙ දිහා බැලුවෙ හොඳටම මත් වුණ ඇස් දෙකකින්.

"Can I...?"

"Mhmm...yeah."

මම කියනවත් එක්කම ලවන් හිමින් මගෙ ස්වෙට්පෑන්ට් එක ගලවලා ඒක අයින් කරා. සීතල හොඳටම වැඩිවෙලා මට දැනෙන්න ගත්තෙ ඒ වෙලාවෙ. මගෙ ඇඟ කවර් කරන්න තිබුණෙ බොක්සර් එකක් විතරයි. ලවන් මගෙ දිහා හොඳට බලන් ඉන්නවා කියලා තේරුණ නිසා මම ආයෙම ඇස් දෙක පියාගත්තා.

මගෙ එක කකුලක් උස්සලා කලවා වලින් යන්තම් තොල් තියපු ලවන් ආයෙම මගෙ තොල් කිස් කරද්දි ටිකකට කලින් මට දැනුණ සීතල නැත්තට නැතිවෙලා ගියා. එයා ආයෙමත් මගෙ පපුව පුරාම තොල් අරන් යද්දි ඒක දරාගන්නම බැරුව කෙඳිරියක් පිට කරපු මම ලවන්ගෙ කෙස් අහුරක්ම තද කරලා අල්ලගත්තෙ අනිත් අතේ නියපොතු ලවන්ගෙ පිට පුරාම ගෙනියන ගමන්.

ඊට පස්සෙ මොනවා වුණාද කියලවත් මට හරියට මතක නෑ...ලවන්ගෙ තොල් මගෙ තොල් වල, බෙල්ලෙ, පපුව පුරාම විතරක් නෙවෙයි සැරින් සැරේ කලවා වලිනුත් දැනෙද්දි ඉවසගන්න බැරි කෙඳිරුම් ගාණක් මගෙන් පිටවුණා. සමහට වෙලාවට මම ඩොමිනන්ට් වෙලා මගෙ තොල් වලට ලවන්ගෙ ස්කින් එකේ ටච් එක දැනෙන්න දුන්නා. ඒ වෙලාවල ස්කින් එක විතරක් නෙවෙයි අපි දෙන්නගෙම තැනින් තැන ගෑවුණ තීන්ත පැල්ලමුත් මගෙ තොල් වලට අහු වුණත් මට ඒ ගැන කල්පනා කරන්න වෙලාවක් තිබුණෙ නෑ.

"ලවන්...!! ලවන් උඹ ඉන්නවද??"

අපි දෙන්නම එක පාරට ගැස්සුණේ කාමරේ එළියෙන් ආපු සද්දෙට. සිතුම්ය?? එයා කොයි වෙලාවෙද ආවෙ? වෙනදා එයා මෙච්චර කලින් එන්නෙ නෑනෙ. අපි දෙන්නා එක පාරට බයවෙලා වගේ මූණෙන් මූණ බලාගත්තා.

"ඔහ් ශිට්..."

ලවන් එක පාරට නැගිටින්න ගියත් ආයෙම කකුල පැටලිලා මගෙ ඇඟ උඩට වැටුණා.

"ආව්හ්හ්හ්...!"

"සොරි...අනේ සොරි. රිදුනද?"

"න්-නෑ අවුලක් නෑ."

"ලවන්...යකෝ උඹ ඉන්නවා නේද?? කතා කරපන්!"

ලවන් ආයෙම බයවෙලා කරන්න දෙයක් හිතාගන්න බැරුව මගෙ දිහා බලද්දි මමත් ඇඳෙන් ඉඳගත්තා. හපොයි...මේ තියන විදිහට සිතුම්ය කාමරේට ආවොත් ඉවරයි පුතේ. අපි දෙන්නගෙ ඇඟ හැමතැනම විතරක් නෙවෙයි බෙඩ්ශීට් එක,කොට්ට පුරාම තීන්ත.

"යන්නකො...ඇතුළට එන්න කලින් යන්න~"

මම ලවන්ගෙ උරහිසින් තල්ලු කරන ගමන් කිව්වා.

"මෙහෙම?? බෑ-"

ලවන් කියලා ඉවර කරන්නත් කලින් දොරේ හැඬ්ල් එක කැරකුනා. ලවන් ඉක්මනට එයා පොරවන ශීට් එක අරන් මගෙ දිහාට විසිකරද්දි මම ඒක දිගෑරලා ඇඟ වැහෙන්නම දාගෙන ආයෙම ඇඳේ දිගාවුණා. ලවන් නැගිටිනවත් එක්කම සිතුම්ය දොරෙන් ඇතුළට ආවා.

ඔය හැමදේම වුණේ තප්පරයක් වගේ ඇතුළත හරිම ඉක්මනට. මම ශීට් එකෙන් ඔලුවත් එක්කම වැහෙන්න පොරවගත්තත් යන්තම් එක ඇහැක් එළියට දාගත්තෙ මොකද වෙන්නෙ බලාගන්න.

සිතුම්ය එක පාරට ඇතුළට ආවත් එයා ඉස්සරහ තිබ්බ දේ දැකලා එහෙමම නැවතුනා. එයා කටත් ඇරන් ඇහිපිල්ලම් ගහන්නෙත් නැතුව ඇඳ හැමතැනම ඇස් අරන් යද්දි මම ආයෙම ශීට් එක අස්සට ඔලුව දාගත්තා.

අනේ කිස් කර කර විතරක් ඉද්දි දැක්ක්නම් එකක්...කොහොමත් අපි බෝයිෆ්‍රෙන්ඩ්ලනෙ. ඒත් දෙයියනේ මෙහෙම තීන්ත නාගෙන?? ඇඳම යකා නටලා වගේ...මේ මොන නවනිංගිරාවක්ද??

සිතුම්ය ටිකක් වෙලා වෙන කොහෙදෝ බලන් ඉඳලා ඔලුව ගසලා හරි සිහියට ආවා.

"අහ්ර්ම්...සිතුම්ය? ඇ-ඇයි...?"

ලවන් පුලුවන් තරම් අමාරුවෙන් වචන ගලපන් අහද්දි මට හිනා යන්නත් ආවා.

"ඈ යකෝ...මේ සීතලේ උඹට තියන අමාරුවට මේ කොල්ලව ගෙනත් දාගත්තද කාමරේට?"

"ඉතින් යකෝ උඹ මට කියන්නෙ මගෙ කොල්ලව කාමරේ තියාගන්නැතුව අර නිධානෙ ඉන්න බහිරවයා ගෙනත් තියාගන්න කියලද...?!"

"බහිරවයා බැයිනම් ඕන එකක්...බලහන් උඹෙන් අහන්න ආපු එකත් අමතක වුණා."

"ඊළඟ පාර කාමර වලට යන්න කලින් දොරට තට්ටු කරලා පලයන්...එතකොට ඔහොම අමතක වෙන්නෑ."

"අනේ පලයන් &%#%&#..."

මේ දෙන්නගෙ වලිය මම හිනාවෙන්නැතුව අහන් හිටියෙ බොහොම අමාරුවෙන්. සිතුම්ය තාම ඔලුවෙ අත ගහගෙන කල්පනා කරනවා මොකද්ද අහන්න ආවෙ කියලා. මතක් වෙන්නෑ වගේ.

"උඹ ඕක මතක් කරගෙන ඇවිත් පස්සෙ අහපන්...දැන් පලයන්."

ලවන් දොර ගාවට ගිහින් සිතුම්යව එළියට තල්ලු කරා. සිතුම්යත් එළියට තල්ලු වෙලා ගිහින් ආයෙම ඇතුළට ආවා.

"මේ බං..."

"ඇයි...?"

සිතුම්ය හෙන සිරා පිට නිකටත් අත ගගා බිම බලන් කියද්දි ලවනුත් සිරා මූණක් හදාගෙන ඇයි කියලා ඇහුවා. මම හිතුවෙ කියන්න ආපු එක මතක් වුණා කියලා.

"තොට මගෙ අතින් යන්තම් තේ බිංදුවක් ඔය බෙඩ්ශීට් එකේ හැලුනොත් තමා නේ යකා ආවේස වෙන්නෙ?!? දැන් ඔය යස අගේට බෙඩ්ශීට් එකේ විතරක් නෙවෙයි ඇඟ පුරාමත් තීන්ත නාගෙන ඉන්නෙ-"

"අනේ &*$$-# පලයන් එළියට...!"

ලවන් සිතුම්යට පයින් පාරකුත් දීලා කියද්දි සිතුම්ය හිනාවෙවී එළියට ගියා.

"මේ කෑම ගෙනත් තියෙන්නෙ...කන්න එන්ඩෑ!!"

ලවන් දොර වැහුවට පස්සෙ සිතුම්ය එළියෙ ඉඳන් කෑගහනවා ඇහුණා. ඒකට යන්තම් හිනාවුණ මම ආයෙම ඇඳේ ඉඳගෙන ශීට් එකෙන් පපුව ගාවට වහගත්තා. ඒ වෙලේ ඇඳුම් ගලවලා අයින් කරන්න ඉඩ දුන්නට දැන් නිකන් ලැජ්ජයි ලැජ්ජයි වගේ. ලවන් කිස් කරද්දි නොදැනුන සීතල ආයෙමත් මගෙ ඇඟ පුරාම දැනෙන්න ගත්තා.

ලවන් ඔලුව කහ කහ ඇවිත් ඇඳෙන් ඉඳගද්දි මම එයාට මෝඩ හිනාවක් දැම්මා. ලවනුත් යන්තම් මගෙ දිහා බලලා මගෙ ඇස් මඟෑරලා බිම බලාගත්තා.

"සැක්...වස චාටර් අප්පා."

"මෙහ්...ඇත්තටම ඔයා බෙඩ්ශීට් එකේ කුණු ගෑවෙද්දි කැමති නැද්ද?"

මම ලවන්ගෙ උරහිසට ඇඟිල්ලකින් ඇනලා ඇහුවා.

"ම්ම්..."

"ඒ කියන්නෙ දැනුත් අර සිතුම්ය කිව්ව යකා ආවේස වෙලාද ඉන්නෙ...?"

මම අහද්දි ලවන් හයියෙන් හිනාවෙලා මගෙ තොල් අගින් කිස් එකක් තිබ්බා.

"ඔයා එක්ක ඉද්දි ඒ යකා එන්නෙ නෑ...මේ වොශ් එකක් දාලා යමු කන්න."

"ම්ම්..."

මම කියද්දි ලවන් නැගිටලා එයාගෙ ටවල් එක අරගත්තා. මේ තීන්ත යවන එකනම් ලේසි වෙන්නෑ හැබැයි...මමනෙ දන්නෙ ඒවගෙ රඟේ.

"ඔයාගෙ අනිත් ඇඳුමයි ටවල් එකයි කබඩ් එකේ ඇති...ගන්නවද? මම දැන් අරන් දෙන්න ගියොත් තීන්ත ගෑවෙයි ඒකෙත්."

"හරි මම ගන්නම්..."

මම කියද්දි ලවන් මගෙ කොණ්ඩෙ අවුස්සලා කාමරෙන් එළියට ගියා. මම කබඩ් එක ගාවට ගිහින් ටවල් එක ගත්තා. ඇඳුම පස්සෙ ගන්න බැරියැ. වෙලාවට ලවන් වෙන ඇඳුමක් ගෙනත් තිබ්බෙ. නැත්තම් අදත් අර බාච්චුව ඇඳන් තමා ඉන්න වෙන්නෙ. එක්කො ලවන් මෙහෙම දෙයක් වෙයි කියලමද දන්නෑ දෙකක් ගත්තේ...හොරගෙඩියා.

මම වොශ් එකක් දාලා පහලට කාමරේට එද්දිත් ලවන් ඇවිත් හිටියෙ නෑ. ඔව් ඉතින්...පිට පුරාම තීන්තනෙ. ඔව්වා යවන්න පැයක්වත් යයි. මම එයා එනකන් ඉන්නැතුව පහළට ගිහින් කුස්සියට යද්දි සිතුම්ය කෝපි එකක් හදනවා. මම කුස්සියට යනවත් එක්කම සිතුම්ය මගෙ දිහා බලද්දි මම ගොන් පහේ හිනාවක් දැම්මා. මූණ බලන්නත් ලැජ්ජයි වගේ දැන්.

මම හිනාවුණාට මොකද සිතුම්ය ඇස් දෙක රෝල් කරලා අහක බලාගත්තා. ඉරිසියාව...වෙන මොකද්ද? මම කබඩ් එකෙන් කප් එකක් අරන් උණු වතුර ටිකක් ගන්න යද්දි එයා ආයෙම මගෙ දිහා බැලුවා.

"ඉවරද උඹලගෙ සෙශන් එක...?"

"අනේ මේ...එහෙම මුකුත් වුණේ නෑ."

"එහෙම මුකුත් වුණේ නැතත් කොච්චරනම් දේවල් තියනවද නේ කරන්න...අනේ මේ වැස්සෙ තනිකඩ අපි දිහා දෙයියොම බලන්න ඕන."

ලවන් උඩ බලාගෙන කියද්දි මම වතුර එකත් අරන් මේසෙට හේත්තු වුණා.

"ඇයි...දෙයියො තනිකඩ අයට ස්පෙශල් හෝර්නි පැකේජ් එකක්වත් දෙනවද?"

"අනේ මේ මල්ලෙ..."

සිතුම්ය මටත් රවාගෙන කෝපි එක මේසෙ උඩින් තියලා ෆ්‍රිජ් එකේ දොර ඇරියා. කේක් කෑල්ලක් ගන්න මම හිතන්නෙ...දොර ඇරලා එයා ඒකට මුවා වුණාම එතන කවුරුත් ඉන්න්වා කියලා පොඩ්ඩක්වත් පේන්නෑ.

*චටාස්*

මම එක පාරට ගැස්සිලා ගියේ මගෙ පිටිපස්සට වැදුන පාරට. ආව්ව්ව්...ඒකනම් රිදුණා.

"Bouncy..."

ලවන් මනමාල හිනාවක් දාගෙන කියද්දි මම පුලුවන් තරම් සිතුම්ය ඉන්න දිහා ඇස් වලින් පෙන්නන්න ට්‍රයි කරත් මේ මෝඩයට ඒක තේරුන්නෑ. අන්තිමට එයත් ගැස්සිලා ගියේ ෆ්‍රිජ් එකේ දොර වැහෙද්දි.

සිතුම්ය හෙනම ඩිසපොයින්ටඩ් විදිහට ලවන් දිහා බලලා හොඳ~ හුස්මක් අරගෙන එයා ගාවට ආවා. සැක්...අදනම් නෝන්ඩි වෙන්නම දවසක්ද කොහෙද.

"මෙහ්...උඹ FRIENDS බලන්න ආසයි නෙහ්?"

"ඔ-ඕ..."

එක පාරට මෙතෙන්ට ඒ කතාව ඇදිලා ආපු විදිහ ගැන කන්ෆියුස් වෙලා වගේ ලවන් උත්තර දුන්නා.

"උඹට මතකද ඒකෙ Ross කියනවා...when you come to a room, do a quick scan..."

ඒක රොස් කියපු විදිහටම සිතුම්ය කියද්දි මටයි ලවන්ටයි දෙන්නටම හිනාගියා. සිතුම්ය අපි හිනාවෙන දිහා බලන් ඉඳලා එයාටත් හිනාවක් යන්න ඇවිත් ලවන්ට පාරකුත් ගහගෙන කුස්සියෙන් එළියට ගියා.

ලවන් ඇවිත් තියෙන්නෙත් උණු වතුර බොන්න. නාපු ගමන් සීතලට ඇඟ රත් වෙන්නත් එක්ක ඒක හොඳයි. මේ වැස්සෙ කොච්චර උණු වතුර නෑවත් නාලා ආපු ගමන් සීතලයි.

ලවන් මගෙ වතුර එකම බීලා කෝප්පෙ පැත්තකින් තියලා මගෙ තොල් වලින් පෙක් එකක් තිබ්බා. මට දැනුනෙ ඒ වෙලාවෙ...එයාගෙ ඇඟම රස්නෙයිනෙ. ඔහ්...අද දෙපාරක්ම නෑවනෙ.

මම කිව්වෙ එයාට පොඩි පීනස ගතියක් තියනවා කියලා. මේ වැස්සෙ දෙපාරක් නෑවා මදිවට දෙවනි පාර පැයකට වඩා සීතල වුණානෙ. පව්...මං නිසානෙ දෙවනි පාර සීතල වෙන්න වුණෙත්.

"ලවන්...ඔයාට උණද?"

මම ලවන්ගෙ නළලිනුයි බෙල්ලෙනුයි අත තියන ගමන් කිව්වා.

"අවුලක් නෑ විදුර්...පිරිටන් එකක් බිව්වම හරියයි."

"අනේ...මම මොනවාහරි හදන්නද? කොත්තමල්ලි තියනවද ගෙදර?"

"අනේ එපා විදුර්...කාලා බෙහෙත් බිව්වම අඩුවෙයි."

එහෙම අඩුවෙයි කියලනම් මාත් දන්නවා. අපෙ අම්මටත් ඕක ලාවට තියනවනෙ. පීනස තියන අය කොයි වෙලෙත් හචිං ඇර ඇර හිටියට සාමාන්‍ය කෙනෙක්ට සීතලට උණ ගත්තම අමාරු වෙනවා වගේ එයාලට අමාරු වෙන්නෙ නෑ. ඒත් අනේ මට දුකයිනෙ.

"එහෙනම් එන්නකො කාලා ඉන්න..."

මම කෑම කාමරේට ගිහින් කෑම එක දිගෑරියා. මම ඉන්නවා කියලා නොදැන වුණත් සිතුම්ය ලොකු බිරියානි එකක් ගෙනත් තිබ්බා. අපි දෙන්නටම ඇතිවුණා ඒ නිසා. අමාරුවක් පෙන්නුවෙ නැතත් ලවන්ගෙ ඇස් දෙකේ යන්තම් උණ අමාරුව පේන්න තිබ්බා. ඒ නිසා මමමයි අනලා එයාට කැව්වෙත්.

කාලා කාමරේට ඇවිත් මම ලවන්ට පැනඩෝල් දෙකයි පිරිටන් පෙත්තකුයි විටමින් සී පෙත්තකුයි දුන්නා. ලවන් ඇඳේ ඉඳගෙන ඒක බොද්දි මම එතනම හිටගෙන හිමින් එයාගෙ ඔලුව දිගේ ඇඟිලි අරන් ගියා.

"මම අද ඉන්නද ලවන්...?"

මම අහද්දි ලවන් ඇස් දෙකත් ලොකු කරලා මගෙ දිහා බැලුවා.

"ඔයාට හෙට ලෙක්චර්ස්නෙ..."

"හෙට තියෙන්නෙ හවසනෙ...උදේ ගිහින් පොත් ටික ගමු."

මම කියද්දි ලවන් ආදරේ හිතෙන විදිහට මගෙ දිහා බලන් හිටියා.

"ඉන්න පුලුවන්ද එහෙනම්...?"

ලවන් මගෙ අතත් අල්ලන් බබෙක් වගේ අහද්දි මම යන්තම් හිනාවුණා. මිනිස්සු කොහොම අය වුණත්, කොච්චර ඩොමිනන්ට් වුණත්, කොයි තරම් සීතල චරිතයක් වගේ එළියට පෙන්නුවත් මේ වගේ වෙලාවකදි පොඩි ළමයෙක් වගේ ආදරේ බලාපොරොත්තු වෙනවා.

"ඉන්නම්...මම අම්මට කියලා එන්නම්."

"ම්ම්..."

මම ෆෝන් එකත් අරන් බැල්කනි එකට ආවා. තාම එළියෙ වහින නිසා මම ඇවිත් ග්ලාස් ඩෝ එක වහලා දැම්මා. ලවන්ට සීතලයි නැත්තම්.

ලවන්ට සනීප නෑ කියලා කිව්වට පස්සෙ මම නවතින එක ගැන අම්මා මුකුත් කිව්වෙ නෑ. අප්පච්චිටත් කියලා මම ඇඳට ආපු ගමන් ලවන් මාව බදාගෙන මගෙ පපුව උඩින් ඔලුව තියාගත්තා.

"අමාරුවක් නෑ නේද...?"

"නෑ...වෙනදා වගේ ඔලුවෙ කැක්කුමක් විතරයි."

එහෙම කිව්වට මොකද ලවන්ගෙ ඇඟ තාම රස්නෙයි. මම එයාගෙ ඔලුව අතගාද්දි අපි දෙන්නම ආයෙ ඔහේ කියවන්න ගත්තා.

ඒත් වැඩිවෙලා නෙවෙයි...ඔලුව අතගාපු සනීපෙටයි බීපු පිරිටන් පෙත්තටයි ලවන්ට ඉක්මනට නින්ද ගියා. එයාට නින්ද ගිහිනුත් ටික වෙලාවක් යනකන් ඔලුව අතගාපු මම ලවන්ගෙ නළලින් දිග කිස් එකක් තියලා මගෙ පපුව උඩින් තියන එයාගෙ ඔලුවට මගෙ ඔලුව හේත්තු කරගද්දි මගෙ ඇස් දෙකත් බර වෙනවා මට දැනුණා.

---------------------

කෝමත ළමයි...යහතින් ඉන්නවා නේ?

මේ මහ වැස්සෙ තනිකඩ මගෙ අතින් ලියවෙන හෝර්නි චැප්ටර්ස් වලට කමා කරන්ට හොඳේ. 😮‍💨

මේක තව කතාව ඇදෙනවා හොඳේ. ඔයාලට බෝරින් නෑ නේද? 🙂

වෙන කියන්න දෙයක් නෑ 😐 අනිකෙන් හම්බෙමු ඈ.

Share This Chapter