Back
/ 35
Chapter 17

Part 17

සීමාවෙන් එහා

"විදුර්...අර බලන්නකො."

"කෝ...මොකද්ද?"

"අර...මගෙ අත කෙලින් බලන්නකො."

මම ලවන්ට තව පොඩ්ඩක් ළං වෙලා එයා ඇඟිල්ල දික් කරන් ඉන්න දිහා බැලුවා. අපි හිටියෙ මීට කලින් දවසකත් අපි දෙන්නා ආපු ක්ලිෆ් එක ගාව. ලවන් මට ආදරෙයි කිව්වට පස්සෙ, අපි දෙන්නා තව ආදරණීය කිස් එකකුත් ශෙයා කරගත්තටත් පස්සෙ ලවන්ට ඕන වුණා මෙතෙන්ට එන්න.

එයා ගොඩක් ආසයිලු මෙතන ඉන්න...අපි මුලින් ඇවිල්ලා ගිය දවසට පස්සෙත් එයා සෑහෙන්න ඒ මොහොත ගැන මතක් කරාලු. මමත් එහෙම තමයි ඉතින්...මම කොච්චර ආසද මේ වගේ තැන් වල ඉන්න.

අපි දෙන්නම හිටියෙ බොනට් එක උඩ නිදාගෙන අහස බලාගෙන. ඒක නිදාගෙනම කියන්නත් බෑ ඉතින්. හේත්තුවක් දාගෙන වගේ. ඒත් හොඳට අහස පේනවා. ඇත්තම කතාව ඉතින් ෆිල්ම්ස් වල පෙන්නනවා වගේ මෙහෙම ඉන්න එක රොමෑන්ටික් නෑ. කොන්ද රිදෙනවා...මොකෝ සැප කොට්ට මෙට්ට තියනවා කියලයෑ. වීදුරුවටනෙ හේත්තු වෙන්නෙ. ඒත් ලවන් එක්ක ඉද්දි ඒකෙ ගාණක් නෑ. අපි දෙන්නා මෙච්චර වෙලා තරු දිහා බලාගෙන හිටියෙ.

මම කවදාහරි ආදරේ කරන කෙනා එක්ක කරන්න ආසාවෙන්ම හිටපු දේවල් ලවන් එක්ක ඉද්දි හැබෑ වෙනවා කියලා මට දැනෙනවා. මේ මොහොතත් ඒ වගේ එකක්. Stargazing...ආදරේ කරන කෙනාට තුරුල් වෙලා ඒ වගේ මොහොතක් විඳින්න මම ගොඩක් ආසාවෙන් හිටියෙ. අද වගේ තරු පිරිච්ච අහසක් දිහා බලාගෙන...ලවන් මට මුලින්ම ආදරෙයි කියපු දවසෙම ඒ අත්දැකීම විඳින්න තරම් මම කොච්චර වාසනාවන්තද.

"ඕහ්...පාවෙන තරුවක්!!"

මම ලවන්ගෙ අත කෙලින්ම බලලා එක පාරට කෑගහද්දි එයා යන්තම් හිනාවුණා.

"ම්ම්..."

මම තරුව දිහා බලන් ඉද්දි ලවන් යන්තම් හැරිලා මගෙ දිහා බලන් ඉන්නවා කියලා මට තේරෙනවා. මට ආයෙමත් ගොඩක් සතුටු හිතුණා. පාවෙන තරුවක් කියන්නෙ...සැටලයිට් එකක් තමා. ඒත් අනේ තරු දිහා බලන් එක එක රටා අඳුන ගත්ත අතීතයක් තියන අපි ඇයි නිකන් ඒක සැටලයිට් එකක් කියලා මතක් කරගෙන අපි ගන්න ආතල් එක නැති කරගන්නේ.

ඒක සැටලයිට් එකක් තමා...ඒත් රෑ අහසෙ ලස්සන බල බල ඒක විඳිද්දි ඒ වචනෙ මෙතෙන්ට ගැලපෙන්නෑ. ඔය ටික තේරෙන්නැති මෙලෝ රහක් නැති මිනිස්සුත් ඕන තරම් ඉන්නවා.

එක පාරක් ඉස්කෝලෙ ට්‍රිප් එකක් ගිහින් ඔහොම තරුවක් දැකලා මම එකෙක්ට අන්න පාවෙන තරුවක් කියලා පෙන්නුවම ඌ කියපි ආ ඒ චන්ද්‍රිකාවක්නෙ කියලා. අනේ පගෝ ඒක මාත් දන්නවා. මම ලොකු...හුස්මක් අරන් පහළ දාලා එතනින් එන්න ආවා. ඒ අතින් ලවනුත් මම වගේම මේ වගේ පොඩි පොඩි දේවල් වලට එක්සයිට් වෙන එක කොච්චර දෙයක්ද. මට වැඩක් තියනවැයි අනිත් අයගෙන්.

"මේ...ඕවට විශ් එකක් කරාමත් හරියනවද?"

ලවන් ඒක අහද්දිනම් ඒ සැටලයිට් එකක් කියන එක මටත් සුලු මොහොතකට මතක් වුණා.

"අනේ බූරුවො...ඒ මූවින් ස්ටාර්ස් නෙවේ ශූටින් ස්ටාර්ස් වලට."

"ඔහ්...ඔව්නෙ. දන්නැද්ද පොඩ්ඩක්- මොකද්ද විදුර් ඔයා එදා කිව්වෙ?"

"ඩාම් වෙනවා ඩූම් වෙනවද...?"

"අන්න හරි..."

මම ඇස් දෙකත් රෝල් කරලා අහක බලාගත්තෙ හිනාවකුත් එක්ක. ඔය වචන සෙට් එක ලවන් කියද්දිත් අමුතු ආතල් එකක් තියෙන්නෙ හැබැයි. ලවන් ඒ වෙලේ නිදාගෙන හිටපු පෝස් එකෙන් නැගිටලා බොනට් එක උඩ ඉඳගත්ත නිසා මාත් නැගිටලා තව පොඩ්ඩක් එයා ගාවට ළං වුණා.

"හරි දැන් ඔයා විශ් එකක් කරා කියමුකො...මොකද්ද කරන්නෙ?"

මම අතත් නිකටින් තියාගෙන හෙන රොමෑන්ටික් විදිහට ඇහුවා.

"මේ වෙලාවෙනම්...චීස් බර්ගර් එකක් තිබ්බනම් මරු නේ?"

සැක් විතරක්...මදැයි මාත් රොමෑන්ටික් උත්තරයක් බලාපොරොත්තු වුණා. චීස් බර්ගර් නෙවෙයි දෙන්න වටින්නෙ. මම ලවන්ට රවලා පොඩ්ඩක් එහාට වුණා.

"තවුසෙට මට වඩා චීස් බර්ගර් එක ලොකු වුණානේ...?"

"නෑනෙ...ඔයා ලොකුයිනෙ. චීස් බර්ගර් එක ඇවිත්... මේන් මෙච්චරක් විතර පොඩිනෙ- ආව්හ්හ්හ්!"

මම එයාගෙ අත හයියෙන් කොනිත්තලා තව ටිකක් රවලා අහක බලන් ඉද්දි ලවන් මගෙ අතකට එයාගෙ ඇඟිල්ලෙන් ඇන්නා. මම ආයෙම අත ගසලා දාලා අහක බලාගෙනම හිටියා.

"මේ...ඔයාට මොකක්හරි පවර් එකක් තියනවද මම දෙන මලේ පාටම වෙන්න? වෙනදා ලා රෝස පාට වුණාට දැන් හොඳටම රතු පාටයිනෙ."

ඒ මිනිහෝ කේන්තියට.. ආදරේට රෝස පාට වුණාට කේන්තියට වෙන්නෙ රතු. ඒක මේ ස්ට්‍රීට් ලයිට් එළියෙන් පෙනුණ එකනෙ වැඩේ.

"ඔව් තියනවා...ඔයාට පවර්ස් තියනවනම් මට තියෙන්න බැයිද හහ්."

"එහෙනම් ඊළඟ පාර නිල් පාට එකක් ගෙනත් දෙන්න ඕනෙ...නිල් වෙන හැටි බලන්න."

"එහෙනම් මල් බොකේ එකත් එක්කම අත දිගෑරලා හොඳ කනේ පාරකුත් දෙන්න..."

මම ඒක කියපු විදිහටනම් ලවන්ටත් හිනාගියා.

"ඒම කරනවද අනේ මම මගෙ මණිකට..."

ලවන් මගෙ කම්මුල් දෙක මිරිකලා අමුතු වොයිස් එකකින් කියද්දි මම මූණ අහකට ගත්තා. මේ මොන කෝලමක්ද?

"ගහනවටනම් මගෙ අකමැත්තක් නෑ ඉතින්..."

මම අත් දෙක පිටිපස්සට තියලා ඒ පැත්තට වාරු වෙලා මුකුත් දන්නැති බබා වගේ අහස දිහා බලන් කිව්වා.

"ආහ්...ඒ ඇයි? ඔයාට ගහන්න ඕනෙ නෑ මට. මොනවද කියන්නෙ?"

ඔය ඉතින් ඕකනෙ බැරි. ලැන්වේජ් බැරියර්ස් තියන් ආදරේ කරන්න ගිහාම ඔහොම තමා. ඩබල් මීනින් මෙලෝ දෙයක් තේරෙන්නෑ. මම ලවන්ට ගොන් පහේ හිනාවක් දාලා ආයෙම අහස දිහා බලාගත්තා.

"මුකුත් නෑ...කෝ දැන් අර තරුව- ඒ ඒක නෑනෙ."

"ඔව් ඉතින් ඒවා එක තැන තියෙන්නෑනෙ...ඔයා මෙතන කෝලම් කර කර ඉද්දි ඒක යන්න ඇති."

"කවුද දැන් මමද කෝලම් කරේ...??"

"නෑ මම මම...හරිනෙ."

ලවන් එච්චර ඉක්මනට සටන පාවා දුන්න එකට මට හිනාගියා. මට එච්චර බය හිතෙනවද අප්පා...මොන පිස්සුද කොච්චර අහිංසක චරිතයක්ද මං.

මම එයාගෙ අත බදාගෙන ආපහු අහස දිහා බැලුවෙ ඒ මූවින් ස්ටාර් එක හොයාගන්න පුලුවන්ද බලන්න. ඒත් පේන්න තිබුණෙ නෑ.

"ඒක ටවුන් එක පැත්තට යන්න ඇතිනේ...?"

"එව්ව් විදුර්...එහෙම කියනවද ඒකට?"

ලවන් අර බ්‍රතර් එව්ව් ගානවා වගේ කියපු විදිහට මම ඇස් හීනි කරලා එයා දිහා බැලුවා. මූවින් ස්ටාර්ස් දකිද්දි එක්සයිට් වුණාට ඒ ගැන කතා කරද්දි එව්ව් ගාන කෙනෙක්ද මෙයා.

"ඇයි මොකද...?"

"ලිට්‍රිචර් ස්ටුඩන්ට් කෙනෙක් නේද...තරුවක් දැක්කම ඒක ටවුන් එක පැත්තට ගියා කියන්නද ඉගෙන ගන්නෙ?"

ඔහ්...එහෙම. මෙයාට ඕනෙ ඒකට ඊට වඩා විචාර ලියන්නද.

"නැත්තම්...ඔයාට කොහොමද කියන්න ඕනෙ?"

මම අහද්දි ලවන් යන්තම් හිනාවෙලා ආයෙම එතනින් හාන්සි වුණා. ඒත් මම කලින් විදිහටම එයා දිහා බලන් ඉද්දි ලවන්ගෙ ඇස් රැඳිලා තිබුණෙ ඈත අහසට.

"හිතන්න...අනිත් තරු හැම එකක්ම පුරුදු විදිහට ඉද්දි එයා විතරක් එහෙ මෙහෙ යන්න හේතුවක් ඇතිනෙ."

"හරියට...එයාටම මවපු තරුව හොයන්න වගේ?"

මම අහද්දි ලවන් සන්සුන් හිනාවක් එක්ක මගෙ දිහා බලන් ඉඳලා ආයෙම අහස දිහා බලාගත්තා. මමත් එයාගෙ එහා පැත්තෙන් හාන්සි වුණේ එයා කියන කතාව අහගන්න.

"නෑ විදුර්...තරුවක් නෙවෙයි."

"එහෙනම්...?"

"තරු අතරෙ එයාගෙම තරුව හොයාගන්න අමාරු නෑ...ඔයාට හිතෙනවා ඇති ඒක තමයි අමාරුම කියලා. ඒත් මේ ඔක්කොම තරු එකම අහසෙ හැමදාම පායලා තියෙද්දි, ඒ තරු අතරින් තමන්ගෙ තරුව හොයාගන්න අමාරු නෑ විදුර්. ඒකට ඔහොම කලබලෙන් අනිත් තරු මැද්දෙන් ඇවිද ඇවිද මහන්සි වෙන්න ඕනෙ නෑ."

"එතකොට ඔයා කියන්නෙ...එයා හොයන්නෙ තරුවක් නෙවෙයි?"

"නෑ...හිතන්න. හැමදාම රෑ අහසෙ නැත්තෙ මොකද්ද?"

"හඳ...ඔයා කියන්නෙ එයා ආදරේ කරන්නෙ හඳට කියලද?"

එයා මෙච්චර වෙලා කියපු එක තේරුණ නිසා වගේ මගෙ දිහා හැරිලා ලස්සනට හිනාවුණ ලවන් ආයෙම තරු අතර ඇස් රඳවගත්තා. ඒත් මම බලාගෙන හිටියෙ ඒ දිලිසෙන ඇස් දිහාමයි.

"ඔව්...ඔයා දැකලා තියනවද හොඳට හඳ පායපු දවසක ඔහොම තරුවක්?"

"නෑනෙ...ඇත්තටම නෑ."

"ඒකනෙ..."

"සමහරවිට...එයා ඒ දවස් ගාණට හඳත් එක්ක ඉන්නවා ඇති. ආයෙත් හඳ යන්න ගිහාම, ආපහු අහසෙ හඳ පායනකන්ම එයා තරු අතරෙ එයාගෙ ආදරේ හොයනවා ඇති. එහෙම නේද?"

මම අහද්දි ලවන් අහස දිහා බලාගෙනම හිනාවෙලා මගෙ අත එයාගෙ අතේ පටලගත්තා.

"ඔව්...ඒකත් හිතාගන්න බැරි කැපකිරීමක් විදුර්. එයා වගේ අනිත් හැම තරුවක්ම ඒ විදිහටම කිසි දුකක් නැතුව ඉද්දි, ඒ  තරු අතරින්ම ආදරේ හොයාගද්දි, හඳට ආදරේ කරන්න තෝරගත්ත මෙයාගෙ කතාව සෑහෙන්න අමාරු එකක්."

"ඒත් හඳත් එයාට නොසෑහෙන්න ආදරෙයිනම්...ඒ වගේ පොඩි කැපකිරීමක් එයාට පොඩ්ඩක්වත් අමාරු නැතුවැති ලවන්."

මම කියද්දි ලවන් හැරිලා මගෙ දිහා බැලුවා. සමහරවිට අපි දෙන්නා තව දුරටත් කතා කරන්නෙ හඳයි තරුවයි ගැන නොවෙන්න පුලුවන්. එයා මගෙ දිහා බැලුවෙ ඒක තේරුණ ගාණට.

"ඇයි ඔයා එහෙම කියන්නෙ...?"

"ඔය තරු දාස් ගාණම එකතු කරත් ඊට වඩා හඳ කොච්චර එළියද ලවන්...? අනිත් අය වගේම ඉන්න ඕනෙ නිසා, කිසි දුකක් නැතුව ආදරේ කරන්න ඕන නිසා තරුවක්ම තෝරගන්නැතුව හඳට ආදරේ කරන්න තෝරගත්ත ඒ තරුව ගැන මටනම් තියෙන්නෙ රෙස්පෙක්ට් එකක්."

"එතකොට...හඳට සැරින් සැරේ මේ අහසින් යන්න වෙන එක? ඔයා හිතන්නෙ ඒ තරුවට ඒක දරාගන්න පුලුවන් කියලද?"

"එහෙම යන්න වෙන එක හඳේ වැරැද්දක් නෙවෙයිනෙ...he just have to. Right? නැතුව තරුවට ආදරේ නැතුව නෙවෙයි. හඳ අහසට ආපු ගමන්ම ඒ තරුව එයා ළඟට ගන්නෙ ඒකයි."

"ම්ම්...ඒත් හඳට බය හිතෙන්න පුලුවන්නෙ."

"ඒ ඇයි...?"

"ඔයා හිතන්න විදුර්...එච්චර කාලෙකට පස්සෙ අහසට එද්දි එයා ගොඩක්ම ආදරේ තරුව වෙන තරුවක් අයිති කරගෙන තිබුණොත්? මෙච්චර තරු පිරුණු අහසෙ ඒක වෙන්න පුලුවන්නෙ. නැත්තම්...ඒ තරම් දුක් විඳින එක ඒ තරුවටම එපා වෙලා තිබුණොත්?"

"මේ අහන්න ලවන්...හඳට ආදරේ කරපු, එක දවසක් හරි හඳේ ආදරේ ලබපු තරුවක් වෙන කිසිම තරුවක් ළඟ නවතින්නෙ නෑ. කවදාවත් එපා වෙන්නෙත් නෑ."

"ඔයාට විශ්වාසද...?"

ලවන් අහද්දි මම හිනාවෙලා එක අතකින් එයාගෙ අත බදාගෙන එයාට ළං වෙලා උරහිසට හේත්තු වුණා. ලවනුත් එයාගෙ ඔලුව පැත්තකට කරලා මගෙ ඔලුවට හේත්තු කරගත්තා.

"මට ඕනවටත් වඩා විශ්වාසයි...ඒ තරුව ආදරේ කරන්නෙ හඳටම විතරයි."

මම කියද්දි ලවන් සැනසීමෙන් වගේ ලොකු හුස්මක් පහළ දානවා මට ඇහුණා. මම එයාට තවත් ටිකක් ළං වෙද්දි ලවන් මගෙ අත අතෑරලා මගෙ උරහිස වටේ අත දාලා මාව ළං කරගද්දි මං එයාගෙ පපුවට හේත්තු වුණා.

"මං ආදරෙයි ලවන්..."

මම ලවන්ට පුලුවන් උපරිමෙන් තුරුල් වෙලා කියද්දි එයා මගෙ නළලින් කිස් එකක් තිබ්බා.

"මාත් මගෙ චූටි තරුවට ආදරෙයි ගොඩක්..."

ඒ පාර අලුත් නික්නේම් එකක්ද...මම ඒකට යන්තම් හිනාවෙලා එයාගෙන් පොඩ්ඩක් එහාට වෙලා අහස දිහා බලන් හිටියා. දැන්නම් අහස ගොඩක් සන්සුන්...තරුව එයාගෙ ආදරේ හොයාගෙන ඈතට යන්න ඇති. මම අත් දෙකම මගෙ ඔලුවට යටින් තියාගෙන ටිකක් වෙලා ඒ දිහා බලන් ඉද්දි ඉබේම මම ආසම සින්දුවක වචන ටිකක් මිමිණුනා.

"නුඹ ලඟ මගෙ පාලු මැකේවී

මගෙ අඳුරට නුඹ සඳ වේවී..."

මම තරු දිහා බලාගෙන කියද්දි ලවන් මගෙ පැත්තට හැරෙනවා මට දැනුණා. මම එයා දිහා බලද්දි එයාගෙ මූණෙ තිබ්බෙ ලස්සන හිනාවක්. එයා මගෙ ඇඟිලි යන්තම් එයාගෙ ඇඟිලි වල පටලගද්දි සින්දුවේ ඉතුරු ටිකත් මට මතක් වුණා.

"නුඹ වෙත මගෙ රහස ඇසේවී

සඳ අද මගෙ අහසෙ දිලේවී..."

ලවන් වැලමිට කාර් එකට තියලා අත උඩින් ඔලුව තියාගෙන මගෙ දිහා බලන් ඉද්දි මට හිනාවක් එක්කම ඇස් දෙක පියවුණේ ඒ බැල්ම දරාගන්න බැරුව. ආදරෙයි විශ්වාසෙයි දෙකම පිරුණු බර බැල්මක් එයාගෙ ඇස් වල තිබුණත් මූණෙනම් කලින් වගේම ලස්සන හිනාවක් තිබුණා.

"නුඹ හා හමුවී මොහොතක් තිබුනී නොදැනීම ගෙවෙනා

අද මා මෙහි වී මොහොතාක් රැඳුනී සිතුවිලි මැවෙනා..."

ලවන් මගෙ කම්මුලින් අත තියලා හිමින් පිරිමදින ගමන් සින්දුවේ ඉතිරි පද පේළි ටික කියද්දි මම ආයෙම ඇස් ඇරලා එයා දිහා බැලුවා.

"ඔය නෙතු හමුවන තුරු පාර දිහා

බලමින් තව වෙහෙසයි දෑසට මා

කිමදෝ පමා වූ ඒ කාරණා..."

මගෙ කම්මුලේ තියන ලවන්ගෙ අත අල්ලන් මම කියද්දි එයා පහත් වෙලා මගෙ නළලට නළල තියාගත්තෙ ඉතිරි පද පේළි ටික මට විතරක් ඇහෙන්න මුමුණන ගමන්.

"මගෙ සතුටකදී නුඹ පාන සිනා

ඔබ ලඟ රැඳුනේ ඔය ස්නේහෙට මා

සිතුවිලි මැද කිමිද මා භාවනා..."

මියුසික් එකක්වත් නැතුව ඔහේ කටට ආවට කියපු සින්දුව කියලා ඉවර වෙද්දි අපි දෙන්නටම හිනාගියා. හිනාව ඉවර වෙන්නත් කලින්ම ලවන් මගෙ තොල් වලට පහත් වෙද්දි මම එයාගෙ කෙස් මගෙ අතට ගුලි කරලා අල්ලගත්තා.

එයාගෙ තොල් මගෙ තොල් අතර එහා මෙහා යද්දි දැනෙන ෆීලින් එකටත් වඩා මම ගොඩක් කැමති එයාගෙ දිවෙන් මගෙ තොල් වලට දැනෙන ටච් එකට. ඒක හරි අමුතුයි...ලවන් කීප වතාවක්ම එහෙම කරද්දි මත් වෙලා වගේ එයාට අවසර දීපු මම ටික වෙලාවකින් එයාට ඉඩ හදලා දුන්නෙ හිතේ හැටියට එයාගෙ දිවෙන් වැඩ ගන්න. ලවන්ගෙ දිව මගෙ දිවත් තෙත් කරද්දි ඒ හැඟීම දරාගන්න බැරිවෙද්දි ලවන්ගෙ කොණ්ඩෙ තිබුණ මගෙ ග්‍රිප් එක තවත් තද වුණා.

ටික වෙලාවකින් මගෙන් එහාට වෙලා ලවන් ආයෙම හාන්සි වෙද්දි මම හිටියෙ හුස්ම අල්ලන්න ට්‍රයි කරන ගමන්. ලවනුත් එහෙමයි...ඒත් අපි දෙන්නගෙම මූණෙ ලස්සන හිනාවක් තිබුණා. මම එයාට තුරුල් වෙන්න ළං වෙනවත් එක්කම එයත් මාව ඇදලා අරගෙන තදින් පපුවට තුරුල් කරගත්තා.

ඒ දැනෙන හැඟීමට මම කොච්චර ආසද.. ඒ සනීප උණුහුම මගෙ විතරයි කියලා මතක් වෙද්දි දැනෙන අමුතු ආඩම්බරකමත් එක්ක මම එයාට තවත් තුරුල් වුණා. විනාඩි ගාණකට පස්සෙ ලවන් මගෙ නළලින් කිස් එකක් තියද්දි මම යන්තම් එහාට වෙලා එයා දිහා බැලුවා.

වචනෙන් නොකිව්වත් හැමදාම වගේ අපි දෙන්නගෙ ඇස් වලින් ආදරේ හුවමාරු වුණා. ලවන් තවත් කිස් එකක් මගෙ නළලින් තියද්දි මම හිමින් මගෙ ඇඟිලි එයාගෙ අත දිගේ උඩට අරන් ආවෙ ඒ වෙලාවෙ මගෙ පපුව හිරිවැටෙන හැඟීම දරාගන්න බැරුව.

"ආහ්..."

ලවන් එක පාරට වේදනාවෙන් වගේ කියද්දි මම ඉක්මනට එහාට වුණා.

"ලවන් ඇයි...?"

"න්-නෑ මුකුත් නෑ මේ- අවුලක් නෑ..."

ලවන් කිසි ගාණක් නෑ වගේ කිව්වත් එක පාරට ටී ශර්ට් එකේ අත් පහළට කරද්දි තමා මට මොකක්‍හරි තේරුණේ. එයා අත අහකට ගන්න හැදුවත් මම එක පාරට අත ඇදලා අරන් ශර්ට් එකේ අත උඩට කරේ මම කලින් එතන අල්ලන වෙලාවෙ මොකද්ද ඒ දැනුණ වේදනාව බලාගන්න.

ඔහ්...මම- මම එච්චර හයියෙන් ගැහුවද? ලවන්ගෙ අතේ වැලමිට ගාවට යනකන්ම රතු පාට පොඩි පොඩි පැල්ලම් තිබුණා. ඒ අතේ විතරක් නෙවෙයි මම අනිත් අත බලද්දි ඒකෙත් තිබුණා. ඒ වෙලාවෙ කේන්තියටම ගහගෙන ගහගෙන ගියාට මොකද මෙච්චර දෙයක් මම හිතුවෙ නෑනෙ...

"අනෙ- මම-"

"අයියෝ ඒක රිදෙන්නෑ විදුර්...ඔයා අවුල් ගන්න එපා දැන්."

මගෙ මූණ දැකලමද කොහෙද ලවන් අත ඇදලා ආපහු ශර්ට් එකේ අත පහළට දාගන්න ගියත් මම ඉක්මනට අත අල්ලගත්තා.

"රිදෙන්නෑ කියන්නෙ...දැන් රිදෙන හින්දනෙ මම අල්ලද්දි වේදනාවක් දැනුණෙ."

"නෑ නෑ...ඒ නිකන්- එක පාරට ටච් එකක් දැනුණ නිසා වෙන්නැති. මට අමතකත් වෙලා තිබ්බෙ ඒක."

ලවන් සන්සුන්ව හිනාවෙලා කියද්දි මම එයා දිහාම බලාගෙන හිටියා. මට දැනෙනවා මගෙ ඇස් වල කඳුලු පිරෙනවා කියලා. ඒක දකිද්දිම ලවන් එක පාරට කලබල වෙලා මගෙ කම්මුලින් අල්ලගත්තා.

"අනේ විදුර්...ඕකනෙ බැරි ඉතින්."

එයා කොච්චර නෝර්මල් විදිහට කියලා මාව කාම් ඩවුන් කරන්න හැදුවත් ඒ පැල්ලම් දකින ගාණට මට දුක හිතුණා. මම ඒ වෙලේ එතනින් ඉඳගද්දි ලවනුත් නැගිටලා මට ළං වෙලා වාඩි වුණා.

'ඒත්- ඔයාට රිද්දන්න හිතුවෙ නෑනෙ මම."

"මම දන්නවා ළමයො...ඒක රිදෙන්නෙ නෑ. අනික- I deserve it so-"

"ඒ කියන්නෙ...? හරි මට තරහක් තිබ්බා තමා ඒත් ඔයාට තුවාල කරන්න ඕනෙ වුණේ නෑ ලවන්-"

"මේක තුවාලයක්ද අනේ...පොඩි පැල්ලම් ටිකක්නෙ. හෙට උදේ වෙද්දි හරියනවා ඕක බලන්නකො.

"ඒත්-"

"Look...this is nothing compared to what I put you through. And like I said...ඒක රිදෙන්නෙ නෑ. කෝ ඔය කඳුළු පිහදාගන්න. මට රිදෙන්නෙම අන්න ඒකනෙ."

ලවන් ඒක කියපු විදිහටනම් මට කඳුලු එක්කම යන්තම් හිනාගියා. මම හිනාවුණ නිසාමද කොහෙද ලොකු හුස්මක් පහළ දාපු ලවන් අත් දෙකින්ම මගෙ කම්මුල් අල්ලලා කඳුලු පිහදැම්මා.

"ආයෙ අඬන්න බෑ හොඳේ..."

"හරි එහෙනම්...anything I can do to make it up for you? I mean- you corrected what you did so let me do that too."

"ම්ම්...එහෙනම් අපි සින්දුවක් කියමුද?"

"සින්දුවක්? ඇයි දැන් ටිකකට කලින් කිව්වෙ..."

"එහෙම නෙවෙයි අනේ...අපි කලින් දවසෙ ඇවිත් කිව්වා වගේ. මම- මම ආසයි එහෙම පොඩි පොඩි මතක එකතු කරගන්න."

ලවන් කියද්දි මම යන්තම් හිනාවුණා. එයා ඇත්තටම ඒ වගේ පොඩි දේවල් වලට ආදරෙයි තමා...මම වගේම.

"මම ගිටාර් එක අරන් එන්නද...?"

ලවන් අහද්දි මම හිටියෙ මගෙ ෆෝන් එක අදින ගමන්.

"ගිටාර් එක ඇයි...මේ ඕන තරම් කැරොකෙ වීඩියෝස් තියෙන්නෙ."

මම ඒක කිව්වෙ ලවන් දිහා බලන්නැතුව යූ ටියුබ් එකේ වීඩියෝස් සර්ච් කරන ගමන්. ඒත් ටික වෙලාවක් යනකන් සද්දයක් නැති තැන මම ඔලුව උස්සලා එයා දිහා බැලුවා. මේ මොකද මේ රවාගෙන ඉන්නෙ??

"ඇයි...ගිටාර් ප්ලේ කරන්න බැරිද දැන්?"

"බැරි නෑ මං කිව්වෙ- ලේසිනෙ-"

"ඔයත් විදුර්...මං එක්ක ඉද්දි තමා ගිටාර් ප්ලේ කරන්න බැරි. අර හැමෝම ඉස්සරහ ප්ලේ කරන්න පුලුවන්. කැෆේ එකේ කෙල්ලො කොල්ලොයි, ඔයාලගෙ ගෙවල් පැත්තෙ වයසක අංකල්ලයි ඔක්කොම කට ඇරන් බලන් ඉද්දි ප්ලේ කරන්න පුලුවන්."

"...."

"එහෙනම් ඊළඟ දවසෙ එයාලටත් යූ ටියුබ් එකේ කැරොකෙ වීඩියෝස් දාලා කරන්නකො ගිටාර් එක උස්සන් යන්නැතුව. ඒක ලේසිනෙ...නේ? ඔව් ඉතින් ඒවගෙ ඉන්නවන් ඕහ් මයි ගෝඩ් අයි ලව් යූ විදුර් ගාන්න කට්ටිය. එයාලව පිස්සු වට්ටන්නත් එක්ක ගිටාර් ප්ලේ කරන්න එපැයි. මෙතන මම කිව්වම තමා ඔයාට රටේම තියන හේතු මතක් වෙන්නේ."

ලවන් කියලා ඉවර වෙනකන්ම මම ඇහි පිල්ලම් ගහන්නෙත් නැතුව කටත් ඇරන් ඒ දිහා බලන් හිටියා. ඈ යකෝ...මම නේද මෙතන බොටම්?? මෙයා මොකද මගෙ ස්ක්‍රිප්ට් එකේ ලයින්ස් කියන්නෙ. මම ටිකක් ඔලුව ගසලා හරි සිහියට ආවෙ මැට්‍රික්ස් එකේ ග්ලිච් එකක්වත් වෙන්න ඇති කියලා හිතාගෙන.

"හරි- හරි ගේන්නකො ඒක."

කියපු පමාවට ලවන් බොනට් එකෙන් බැහැලා පිටිපස්සට යනවා මම බලාගෙන හිටියා. සිරාවට මේ මනුස්සයා මට වඩා අවුරුදු තුන හතරක් වැඩිමල් කියලත් අමතක වෙනවා වෙලාවකට හුරතල් වෙන්න එන විදිහට. බබ්බු හොඳයි...ක්ලාසස් වල ළමයි දන්නවනම් මේවා.

ලවන් ගිටාර් එක කේස් එකෙන් අයින් කරලම මට දෙද්දි මම එයා දිහාම බලන් හිටියෙ අමුතු හිනාවකින්. ලවනුත් ඉන්නෙ හිනාව කන්ට්‍රෝල් කරන් කියලා මට තේරෙනවා. අපි දෙන්නගෙ ඇස් හම්බුණ පළවෙනි පාරම දෙන්නටම හයියෙන් හිනාගියා.

"තවුසෙ මගෙ ලයින්ස් කියන්න ගත්තෙ මොකෝ ඒ පාර...?"

"ඔයා එහෙම ඇක්ට් කරන හැම වෙලේම ඕන දේ හම්බෙනවනෙ ඉතින්...මටත් හිතුණා ට්‍රයි කරලා බලන්න."

"ඇත්තද...?"

"ම්ම්...ඔව්."

මම ඇස් රෝල් කරලා අහක බලාගත්තා.

"මල කෝලම්..."

"That's what I deal with everyday."

"Huh?!?"

"What?"

"What did you say...?"

"මුකුත් නෑ අනේ...කෝ සින්ග් කරන්නකො දැන්."

මම ඇස් හීනි කරන් ලවන් දිහා බලන් හිටියා. ලාවට ඇහුණා මට කියපු එක...මම කෝලම කියලනෙ කිව්වෙ. අල්ලගන්නම් ඒකට වෙන වෙලාවක.

මම ෆෝන් එක අරන් හොඳ සින්දුවක ලිරික්ස් සර්ච් කරා. ම්ම්...මේ තියෙන්නෙ ගැලපෙනම එකක්. මම ෆෝන් එක අපි දෙන්නා මැද්දෙන් තියලා ගිටාර් එක ප්ලේ කරන්න පටන් ගත්තා.

"මාරුතේ හමනා මේ තුරු සිහිලෙන් වස්සානේ

ජීවිතේ දැනෙනා මේ හැගුමන් නිල් වරුසාවේ..."

මම සින්දුව පටන් ගන්නකොටම හිනාවුණ ලවන් ඉතුරු ටික කියන්න ගත්තා.

"නීල දෑස බලලා

හීනේ දෑත පටලා

මාගේ වෙන්න පතලා

ආදරෙන් වෙලා..."

මට නිල් ඇස්නම් නෑ තමා...ඒත් ලවන් ඒක මගෙ ඇස් දෙක දිහාම බලන් කියද්දි ගොඩක් ආදරේ හිතුණා. මමත් ඉතිරි ටික කිව්වෙ ලවන්ගෙ අලු පාට ඇස් අතරෙ අතරමං වෙන ගමන්.

"රහසින් මා පෙම් කරනා

නෙත් හොරැහින් ඉගි මරනා

මොහොතින් මොහොතක් ගෙවෙනා

කාලෙට හිමිකම් කියනා..."

ලවන් ඉතිරි ටික කියන්න කලින් ටිකක් වෙලා කල්පනා කරා. මට හිතාගන්න අමාරු නෑ මොකක් ගැනද කියලා...එයා දැන් ටිකකට කලින් කතා කරපු විදිහට මේ පද පේළිය ගොඩක් සමානයි.

"රෑ තුන් යාමේ මැවෙනා

රුව තරුවක් වී දිලෙනා

තවමත් නුහුරුයි කියලා

හැගුමෙන් මා වෙලුනා..."

"ලෙංගතු වී ලා මා හා

නෙතගින් බස් කොදුරාවී

මල් මදහාසෙන් සරසා ලූ

ඈ පෙම් අගනාවී..."

"සදවත ආදරෙයි කියා කියන් මට

නීල ආකාසේ

පේන මානයේ රැදී පෙම් හීන ගංගාවේ

මේ භවේ පුරා පතාම ආ ආලේ..."

ඒ අන්තිම පද පේළි ටික මම කියද්දි ලවන් යන්තම් ඉස්සරහට වෙලා මගෙ කම්මුලින් හාද්දක් තිබ්බා. ඒ එයා ආදරෙයි කියන විදිහ...මම කලින් කිව්වා වගේම හඳේ ආදරේ ලබපු තරුවක් කීයටවත් වෙන තරුවක ආදරේ ප්‍රාර්ථනා කරන්නෙ නෑ. ලවන්ගෙ ඇස් දෙක දිහා බලන් ඉද්දි ඒ විශ්වාසෙ තවත් වැඩිවෙනවා විතරයි.

ඉතිරි පද පේළි ටික කියන්න මාත් එක්ක ලවනුත් හවුල් වුණා. ඇත්තටම අපි දෙන්නගෙ හඬවල් එකතු වුණාම මාර ලස්සනයි...ඒක යන්තම් හරි ඝෝෂාව තියන කැෆේ එකට වඩා මෙතන හොඳට දැනෙනවා.

"රහසින් මා පෙම් කරනා

නෙත් හොරැහින් ඉගි මරනා

මොහොතින් මහොතක් ගෙවෙනා

කාලෙට හිමිකම් කියනා..."

"රෑ තුන් යාමේ මැවෙනා

රුව තරුවක් වී දිලෙනා

තවමත් නුහුරුයි කියලා

හැගුමෙන් මා වෙලුනා..."

සින්දුවේ අන්තිම පද පේළි ටික කිව්වෙ ලවන්. ගිටාර් එක අතේ තියාගෙනම මම එයාට ළං වෙද්දි ලවන් මාව තද කරලා බදාගෙන මගෙ නළලින් කිස් එකක් තිබ්බා. ගිටාර් එක පරිස්සමට පැත්තකින් තියපු මම තවත් ලවන්ට තුරුල් වෙලා එයාගෙ ඇස් දෙක දිහාම බලන් හිටියා.

ඒ අවසරේ තේරුම් ගත්ත ලවන් මගෙ නිකටින් යන්තම් උස්සලා මගෙ තොල් උඩින් එයාගෙ තොල් තිබ්බා. වෙනදා වගේම ඒ මත්වෙන ෆීලින් එකට ඇබ්බැහි වෙලා වගේ මම එයාගෙ රොමෑන්ටික් කිස් එකට හවුල් වුණා.

එක පාරටම අපෙ කිස් එක නැවතුනේ මගෙ ෆෝන් එක වයිබ්‍රේට් වුණ නිසා. කවුද මේ වෙලේ...අම්මා?? හපොයි දෙයියනේ...වෙලා යනවා කියලා කියන්න අමතක වුණානෙ. පව් බයවෙලා ඇති. මම ලවන් දිහත් වැරැද්දක් කරපු ගාණට බලලා ෆෝන් එක ආන්ස්වර් කරා.

"අ-අම්මෙ...?"

"චූටි පුතා කොහෙද ඉන්නෙ...?? දැන් හොඳටම පරක්කු වෙලානෙ ළමයො"

"අම්මෙ මේ...අනේ සොරි කියන්න අමතක වුණානෙ. මම ලවන් එක්ක ඉන්නෙ-"

"අමතක වුණා?? මාර අමතකවිල්ලක්නෙ ඒක. අප්පච්චියි මායි හොඳටම බයවෙලා හිටියෙ මෙහෙ."

මම නියපොත්තකුත් හපාගෙන අම්මා කියන දේ අහගෙන හිටියා. ඇත්තටම ඉතින් වැරැද්ද මගෙනෙ. කොහෙද ඉතින් මෙයා රොමෑන්ටික් සින්දුවක් කියලා ආදරෙයි කියලා මාව පිස්සෙක් කරානෙ. එයාගෙ තමා වැරැද්ද එතකොට...ඕ...මගෙ නෙවේ. මම කියන්න දෙයක් නැතුව ඉද්දි ලවන් මගෙන් ෆෝන් එක ඉල්ලගත්තා.

"අම්මෙ...විදුර් මාත් එක්ක හිටියෙ. අනේ සොරි මටත් අමතක වුණානෙ ගෙදරට කිව්වද අහන්න."

අම්මා කියපු දේනම් මට ඇහුණෙ නෑ. හැබැයි සිරික්කිය දාගෙන කතා කරන හැටියට ශේප් ඇති කියලා මට හිතුණා. මේකා වශී ගුරෙක්ද කොහෙද. විනාඩියක් දෙකක් කතා කරලා ලවන් මට ෆෝන් එක දුන්නෙ ඔක්කොම හරි කියන්න වගේ යන්තම් ඔලුව වනන ගමන්.

"අම්මෙ...අනේ ස්-"

"හරි හරි...මීට පස්සෙ ඔහොම වැඩ වෙන්න බෑ තේරුණාද? දැන් එන්න පරිස්සමට ගෙදර."

"අම්මෙ මේ...මං අද ලවන්ගෙ අපාට්මන්ට් එකේ ඉන්නද?"

මම අහිංසකයා වගේ අහද්දි ලවනුත් ඇස් දෙක ලොකු කරලා මගෙ දිහා බැලුවා. ඔව් ඉතින් එයත් කලින් දැනන් හිටියෙ නෑනෙ. මට හදිසියේ හිතුණ දෙයක් මේක.

"ලවන්ගෙ අපාට්මන්ට් එකේ...? ඒ මොකෝ එක පාරට?"

"එක පාරටමත් නෙමේ ඉතින් අම්මෙ...අනේ~ අදට විතරක්. මම හෙට උදේම එන්නම්."

"මටනම් ප්‍රශ්නයක් නෑ අප්පච්චි මොනවා කියයිද දන්නෑ හැබැයි..."

"අප්පච්චි අවුලක් නෑ...අම්මා කියන්නකො. අනේ~~"

මම ටිකක් පෙරැත්ත කරලා කොහොමහරි අම්මව කැමති කරවගත්තා. මම අම්මට තෑන්ක් කරලා ෆ්ලයින් කිස් එකකුත් යවලා කෝල් එක කට් කරද්දිත් ලවන් මගෙ දිහා පුදුමෙන් වගේ බලන් ඉද්දි මම එයාගෙ කම්මුලින් අල්ලලා මිරිකුවා.

"මොකෝ මේ...?"

"මොකද එක පාරට මං එක්ක ඉන්න හිතුණේ...?"

"හිතුණා ඉතින්...ඔයාට තුරුල් වෙලා දොයියන්න ආසයි."

මම කියද්දි ලවන් හිනාවෙලා මගෙ නහය මිරිකුවා. ඔය නොකිව්වට මෙයත් ආසා ඇතිනෙ. ඇත්තටම ඉතින් ඒකට තමා...නැතුව වෙන දේවල් කරන්න නෙවෙයි. එච්චර දේවල් කරන්න තාම කල් වැඩි කියලා මං දන්නවා. ඒ කියන්නෙ මේ පොඩි පොඩි දේවල් කරන්න නෙවෙයි...ලොකු අඩියක් ඉස්සරහට තියන්න තාම කලින් වැඩි.

සමහරවිට ලවන්ට එදා අර වගේ දෙයක් කියවෙන්න ඇත්තෙත් ඒක වෙන්න ඇති. අපි දෙන්නම එදා පොඩ්ඩක් ලිමිට්ස් ක්‍රොස් කරා. මට ලවන්ව විශ්වාස නැතුව නෙවෙයි. ඒත් මම එයාට කොච්චර ආදරේ වුණත්, කොච්චර කම්ෆටබල් වුණත් ඒ වගේ දේකට යන්න මීට වඩා මෙන්ටලි වගේම ෆිසිකලිත් ලෑස්ති වෙන්න ඕනෙ.

කොහොමත් ලවන් මාව ෆෝස් කරන්නෙ නෑ කියලත් මම දන්නවා. එච්චර චාන්ස් එක තිබිලත් වෙලාව එනකන් එයා මට පළවෙනි කිස් එකවත් දුන්නෙ නෑනෙ. ඒවට වෙලාවක් එයි...කොහොමත් අපි දෙන්නා මෙච්චර කල් රේස් ගියෙ නෑනෙ.

"තුරුල් කරන් දොයියන්නනම් මාත් ආසයි ඉතින්..."

ලවන් බොනට් එකෙන් බැහැලා මං ගාවට ඇවිත් තොල් අගින් කිස් එකක් තියන ගමන් කිව්වා. අපි දෙන්නා රෑ එකොළහ විතර වෙනකන්ම එතන ඉඳලා ලවන්ගෙ අපාට්මන්ට් එකට ආවා.

මගෙ බයික් එක කැෆේ එකේ වැඩ කරන ඒ ළඟම ඉන්න අයියා කෙනෙක්ගෙ ගෙදර දාලා ආවෙ. හෙට උදේ ගන්න පුලුවන්නෙ. අපි ගෙදර යනකොටත් සිතුම්ය නිදි. අපි දෙන්නා ඉතින් පාඩුවේ ගිහින් බිස්කට් අනම් මනම් ටිකක් කාලා කෝපි එකක් බිව්වා. රෑට ඉතින් කොහොමත් කැෆේ එකෙන් කාලනෙ එන්නෙ.

මම එදා තමා මුලින්ම ලවන්ගෙ රූම් එකට ගියේ. එයා කිව්වා වගේම වැව රවුමෙ වීව් එක ලස්සනට පේන තැනක්. මගෙ රූම් එකේ වගේම එයාගෙත් ඒ වීව් එක පේන පැත්තෙ තියෙන්නෙ ග්ලාස් වෝල් එකක්. ඕනෙ වෙලාවට කර්ටන් එක අරින්න පුලුවන්.

ලවන්නම් කිව්වෙ එයා මාත් එක්ක කෝල් කරන වෙලාවට ඔය බැල්කනි එකට වෙලා ඉඳලා රෑට රෑ වෙලාලු කර්ටන් එක වහන්නෙ. මාත් එහෙමනෙ ඉතින්...බලන්න ඒකෙත් හැටි නේ.

එයාගෙ රූම් එකත් මාර ලස්සනයි. යෙලෝ ලයිට්ස් වයිබ් එකක් තියෙන්නෙ. එයා ඒක ලස්සනට පිළිවෙලට තියන් ඉන්නවා. ලවන් වොශ් එකක් දාන් එනකන් මම පාඩුවේ ඇඳට වෙලා ෆෝන් එක ඔබ ඔබ හිටියා.

මම කලින්ම වොශ් එකක් දාගත්තා. අඳින්න ඉතින් මගෙ සයිස් එකට ඇඳුම් එයා ගාව නෑනෙ. පරණ එකක් කියලා මට යන්තම් ෆිට් වෙන ශෝර්ට් එකක් දුන්නා. ටී ශර්ට් එකනම් ඉතින් එයාගෙ ඕවර්සයිස්ඩ් එකක් හම්බුණේ.

ඒකටනම් මාර ආසා හිතුණා හැබැයි මට. ලවන්ගෙ ඇඳුමක් ඇඳන් ඉද්දි මට අමුතු සනීපයක් දැනෙනවා. සමහරවිට එයාගෙ සුවඳ ඒකෙ තියන නිසා වෙන්න ඇති. මම වොශ් දාලා බාත් රූම් එකෙන් එළියට ආවෙ කණ්ණාඩිය ඉස්සරහට වෙලා ලවන්ගෙ ඇඳුමත් ඇඳන් වටයක් දෙකක් කැරකිලා බැලුවට පස්සෙ.

ලවන් වොශ් රූම් ගිහින් පැයකට විතර පස්සෙ එළියට එනකනුත් මම ෆෝන් එක ඔබ ඔබ හිටියෙ. එයා ටවල් එක රැක් එකෙන් දාලා කණ්ණාඩි මේසෙ ඉස්සරහට ගිහින් එක එක සුවඳ ජාති උලන හැටි මම බලාගෙන හිටියා.

එයා හිටියෙ ශර්ට්ලස්. ඒකනම් මොකක්හරි කියමුකො. ඇඳන් හිටියෙ ග්‍රේ ස්වෙට්පෑන්ට් එකක්. වෙන පාටක් තිබ්බෙම නැද්ද හැබෑට අඳින්න?? ග්‍රේ ස්වෙට්පෑන්ට් ඉතින්...අහ්ර්ම්...යූ ක්නෝනෙ. අනික ඉතින් ඕක දැකලා නැතුවට ෆීල් වෙලා හරි තියන නිසා මගෙත් හැඟීම් ටිකක් ඇවිස්සුණා.

මම කෙළ හලන් බලන් ඉන්නවා කියලා තේරුණ නිසාමද කොහෙද ලවන් කණ්ණාඩියෙන් මගෙ දිහා බැලුවා. මමත් අහක බැලුවෙ නෑ ඉතින්. මම වැලමිට දනිස් දෙක උඩින් තියාගෙන අත් දෙක නිකටින් තියලා එයා දිහා බලන් හිටියා. ඇත්තටම ඉතින් ආර්ට් එකක් වගේනෙ. අනික මගේනෙ...නොබලා කොහොමද?

එක පාරට ලවන් මට කණ්ණාඩියෙන් බලාගේනම ඇහැක් ගැහුවා. අනේ මනුස්සයො...දැනටම සෙමි හාර්ඩ් වෙලා ඉන්න මාව තව අවුස්සන්නද හදන්නෙ? එයා ඒත් එක්කම කට කොනකින් හිනාවෙද්දි මම ගැස්සිලා වගේ අහක බලාගත්තා.

අනේ ඇත්තට විදුර් තෝනම්...ගැහුවට අකමැත්තක් නෑ යැයි යැයි ගගා කතාව ඒත් ඇහැක් ගහන එකවත් දරාගන්න බෑ. මම මටම කියාගත්තා.

ටික වෙලාවකින් ලවන් ඇඳට ඇවිත් මගෙ එහා පැත්තෙන් ඇඳ වියලට හේත්තු වෙනවත් එක්කම මම එයාගෙ උකුල උඩට ගිහින් කකුල් දෙක දෙපැත්තට හිටින්න ඉඳගත්තා.

එයත් ඒක බලාපොරොත්තු වුණා වගේ මගෙ ඉනෙන් අල්ලගත්තා. ටික වෙලාවක් එතන පිරිමදින ගමන් ලවන් මගෙ දිහා බලාගෙන හිටියා.

"Can I kiss you...?"

වෙනදට අවසර ගත්තෙ නැතත් ලවන් අද එහෙම ඇහුවෙ අපි දෙන්නා ඉන්න තත්වෙ නිසා වෙන්න ඕන. අපි දෙන්නා විතරක් එකම කාමරේක තනියම...ඒත් එදා වුණ දේත් එක්ක මම හිතන්නෑ අපි කවුරුත් ලිමිට් එක ක්‍රොස් කරයි කියලා. මම යන්තම් හිනාවෙලා එයාට අවසර දෙනවත් එක්කම එයා මගෙ තොල් අල්ල්ගත්තා.

ඒ කිස් එක ගොඩක් ලස්ට්ෆුල්. ලවන්ගෙ අත් මගෙ ශර්ට් එක යටින් එහෙ මෙහෙ යද්දි මම ඒ දැනෙන ෆීලින් එක දරාගන්න බැරුව ලවන්ගෙ උරහිස් තද කරලා අල්ලගත්තා. ඒත් එක්කම ලවන් හිමින් මගෙ බෙල්ල පුරා තොල් ගෙනියද්දි, ආයෙම තොල් හිමින් මගෙ තොල් වලටම අරන් එද්දි මට පොඩ්ඩක්වත් දරාගන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ. මම නොසන්සුන් වෙනවා කියලා තේරුණ නිසාද කොහෙද ලවන් පොඩ්ඩක් කිස් එක ස්ලෝ කරා.

"ලවන්...ම්හ්."

"You want me to do something...?"

"Yes...please."

"You sure...?"

"Yes...just-"

මම ඇස් දෙක පියාගෙනම නොසන්සුන්ව වචන එකතු කරන්න ට්‍රයි කරද්දි ලවන් යන්ත්ම් හිනාවෙනවා මට ඇහුණා. එයා මගෙ තොල් වලින් පෙක් එකක් තියනවත් එක්කම මම ඇස් ඇරලා එයා දිහා බැලුවා.

ලවන් ආයෙම ලස්සනට මාත් එක්ක හිනාවෙලා මගෙ බෙල්ලෙ තිබ්බ එයාගෙ අතක් හිමින් මගෙ තොල් ගාවට අරන් ආවා. එයා හිමින් මගෙ තොල් උඩ ඇඟිලි ගෙනියද්දි මීන් කරන දේ තේරුම් ගත්ත මම ඇඟිලි දෙකම මගෙ තොල් ගාවින් ඇතුළට ගත්තා.

ලවන්ගෙ ඇඟිලි මම තදින් උරද්දි, සැරින් සැරේ දිව ඒ මැදින් ගෙනිහින් තෙත් කරද්දි එයත් ටිකක් නොසන්සුන් වෙනවා කියලා මට තේරුණා. ඒත් ලවන් පොඩ්ඩක්වත් ඇග්‍රෙසිව් වුණේ නෑ. මම ඇඟිලි ඇති තරම් තෙත් කරලා ඉවර වෙනකන්ම එයා පරිස්සමට මාව අල්ලගෙන හිටියා.

ලවන් ඇඟිලි දෙක ආයෙම එළියට ගන්න්වත් එක්කම එයාගෙ අනිත් අත මම ඇඳන් හිටපු ශෝර්ට් එකේ පිටිපස්සෙ බෑන්ඩ් එක ගාව නැවතුණා. මගෙ ඇස් දෙකේ අකමැත්තක් නෑ කියලා දැනෙද්දි ලවන් හිමින් ඒක පහත් කරා.

සම්පූර්ණෙන් නෙවෙයි...පිටිපස්සෙන් විතරයි. තවමත් ලවන්ට පේන හැමදෙයක්ම ක්වර් වෙලා වුණත් මට එක පාරට දැනුණ ලැජ්ජාවක් එක්ක බිම බලාගත්තා. මම මීට කලින් කවුරුත් එක්ක මෙහෙම ඉඳලා නෑ. ඉතින් පොඩි ලැජ්ජාවක් දැනෙන එක සාධාරණයිනෙ.

ඒක තේරුණ නිසා වගේ ලවන් ඉස්සරහට වෙලා මගෙ තොල් අගින් හාද්දක් තිබ්බා.

"Relax...I won't see anything."

"No not that...it's just-"

"It's ok...tell me when you're ready mm?"

ලවන් හිමින් එයාගෙ තොල් මගෙ බෙල්ල දිහාට ගෙනියන ගමන් කිව්වා. කොහොමත් මට තවත් ඉවසන්න පුලුවන්කමක් තිබ්බෙ නෑ.

"I'm ok..."

මම කියනවත් එක්කම මට එක පාරට වේදනාවක් දැනුණත් ඒක නැතිවුණේ ලවන් මගෙ තොල් වල, මූණෙ, බෙල්ලෙ පොඩි පොඩි හාදු තියද්දි. එයාගෙ රොමෑන්ටික් වචන වලට මගෙ වේදනාව නිකන්ම අමතක වෙලා ගියා.

මුලින්ම තනි ඇඟිල්ලක් වුණත් පස්සෙ ඇඟිලි දෙකම එකතු වෙද්දි ඒකට හුරුවෙන්න මට ටිකක් වෙලා ගියත් ඒත් එක්කම වගේ මට දැනෙන්න ගත්ත ඇඟම හිරිවට්ටන ෆීලින් එකට මට අනිත් හැමදේම අමතක වෙලා ගියා.

මගෙන් පිටවෙන කෙඳිරිලි නවත්තන්න මට කොහොමටවත් ඕනෙ වුණේ නෑ. ඒවට ලවනුත් ඇවිස්සුනා කියන්න මම දන්නවා. මගෙ ශර්ට් එක අස්සෙ තියන අත එහෙ මෙහෙ යන විදිහෙනුත් මට දෙන කිසස් ටික ටික ඇග්‍රෙසිව් වෙන විදිහෙනුත් මට ඒක තේරෙනවා.

"ඔහ් මයි ගෝඩ් ලවන්..."

කෑගැස්සෙනවත් එක්කම මම ටිකක් ඉස්සුණේ කලින්ට වඩා මගෙ ඇඟට දැනුණ අමුතුම තෘප්තියට. ඒකට ලවන්ට යන්තම් හිනාගියා.

"Here...?"

"Yes...ahh!"

මම ලවන්ගෙ නළලට මගෙ නළල හේත්තු කරගන්න ගමන් කියද්දි එයාගෙ මූමන්ට්ස් වල වේගෙ වැඩිවුණා. ඊට පස්සෙ ගතවුණ විනාඩි ගාණම මම හිටියෙ මත්වෙලා වගේ. වෙන කිසිම දෙයක් මට මතක නෑ. ලවන් දිගින් දිගටම මට හාදු දුන්නා මතකයි, මීට කලින් කවදාවත් දැනිලා නැති අමුතු ෆීලින් එකක් ඇඟ පුරාම දැනෙනවත් මතකයි. අන්තිමට මට මතක තිබ්බෙ ඇඟම පණ නැති වෙලා ලවන්ගෙ උරහිසට කඩන් වැටෙනවා විතරයි.

මගෙ හුස්ම වල වේගෙ නැවතිලා සාමාන්‍ය වෙනකන්ම ලවන් හිමීට මගෙ පිට දිගට අතගෑවා. මම සන්සුන් වුණා කියලා තේරුණාට පස්සෙ ලවන් මගෙ නළල පැත්තකින් කිස් එකක් තිබ්බා.

"Are you ok...?"

"Y-yeah..."

මම කියද්දි ලවන් මාව එහාට කරලා මගෙ දිහා බලනවත් එක්කම මම බිම බලාගත්තා. තාම එහෙම කෙලින් බලන්න තරම් මෙව්වා එකක් නෑ ඉතින්.

"Oh my god you're pink...! I can-"

"Uhh...?"

ලවන් කියන්න ගිය එක සම්පූර්ණ කරන්නත් කලින් මම අහද්දි එයා එක පාරට ඔලුව වැනුවා.

"න්-නෑ නෑ..."

ලවන් ආයෙම ඉස්සරහට වෙලා මගෙ තොල් වලින් රොමෑන්ටික් කිස් එකක් තිබ්බා.

"ඔයා ගොඩක් ලස්සනයි විදුර්...specially when you moan. Those sounds drives me crazy."

ලවන් කියද්දි මම තොලක් හපාගෙන අහක බලාගත්තා. ආයෙම ශෝර්ට් එක හරියට හදාගත්ත මම එයාගෙ උකුලින් අයින් වෙන්න හදනවත් එක්කම ඉස්සුණේ පහළින් දැනුන ටච් එකට.

"ඔහ්...you still have to- uhh..."

මම සම්පූර්ණ කරගන්න බැරුව එයා දිහා බලද්දි ලවන් හිනාවෙලා මගෙ තොල් වලින් පෙක් එකක් තිබ්බා. ඇත්ත ඉතින්...මට විතරද ෆීලින්ග්ස් තියෙන්නෙ. නෑනෙ.

"It's ok...ඔයා ක්ලීන් කරගන්නකො."

ලවන් පරිස්සමට මාව ඇඳෙන් ඉන්දන ගමන් කිව්වා.

"Should I-"

"නෑ...I'll take care of it. ඉන්න මම ටවල් එකක් ගෙනත් දෙන්නම්."

ලවන් නැගිටලා වොශ් රූම් එකට යන හැටි මම බලාගෙන හිටියා. එයාගෙ හැඟීම් උපරිමේට ඇවිත් තිබුණත් මම තාම සීයට සීයක් රෙඩි නෑ කියන එක එයාට තේරෙනවා ඇති. මට එයා ගැන තවත් ආදරේ හිතෙද්දි මම මගෙ කම්මුල් දෙක තදින් අල්ලගත්තෙ දැනෙණ හැඟීම් කන්ට්‍රෝල් කරගන්න. ඒවා අනිවාර්යයෙන් රෝස පාට වෙල ඇති.

ටික වෙලාවකින් ලවන් මට වෙට් ටවල් එකකුයි වෙන ශෝර්ට් එකකුයි ගෙනත් දුන්නා. ඒකනම් මම වගේ දෙන්නෙක් විතර බස්සන්න පුලුවන් ශෝර්ට් එකක් හැබැයි. ඇත්ත ඉතින්...ඔහොම පරණ ශෝර්ට් තියෙයිද එයා ගාව. එක්කො මුලින් ඒක අඳින්න තිබ්බෙ.

"ඔයා චේන්ජ් කරගන්න...මම එන්නම්."

"Can I watch...?"

"Huh?! No...not yet."

ලවන් කිව්වෙ යන්තම් රවාගෙන වුණත් මගෙ තොල් අගින් පොඩි කිස් එකක් තියලා ආයෙම වොශ් රූම් එකට ගියා. මම ඒක විහිලුවට ඇහුවෙ...බලන් ඉන්න නෙවෙයි එයා වොශ් රූම් එක ඇතුලෙ දැන් කරන දේ ගැන හිතන්නවත් මට ඕන වුණේ නෑ. හිතන්න ගියොත් ආයෙම විසඳගත්ත ප්‍රශ්න උද්ගත වෙන්න ඉඩ තියන නිසා මම පාඩුවෙ ක්ලීන් කරගෙන ශෝර්ට් එක මාරු කරගත්තා.

ලවන් ටික වෙලාවකින් එළියට එද්දි මම හිටියෙ ඇඳේ වැතිරිලා එයා එනකන් බලාගෙන. ලවන් ලයිට්ස් ඕෆ් කරලා ඇඳට එනවත් එක්කම මම එයාගෙ අත් අස්සට රිංගගත්තා. සනීපයි...

ලවන් යන්තම් මගෙ ඔලුව අවුස්සලා නළලින් කිස් එකක් තියද්දි මමත් ඉස්සිලා එයාගෙ කම්මුලින් හාද්දක් තිබ්බා.

"ලවන්..."

"මම ආදරෙයි විදුර්..."

මම සම්පූර්ණ කරන්න කලින්ම එයා කියපු එකට මට පොඩි හිනාවක් ගියා.

"මමත් ආදරෙයි..."

මම හිමින් මුමුණද්දි ලවන් මගෙ තොල් උඩින් එයාගෙ තොල් තිබ්බා. ඒක හරි සන්සුන් කිස් එකක්. කිස් එක බ්‍රේක් වෙනවා මට යන්තමින් මතක තිබ්බත් මම ඒ වෙද්දි හිටියෙ හොඳටම නිදිමතේ. ලවන් මාව තවත් තද කරලා තුරුල් කරගද්දි ඒ අත් අස්සෙ සනීපෙට ගුලි වෙනවා මට මතකයි. හීනෙන් වගේ ලවන් අන්තිමට මුමුණපු වචන ටිකත් යන්තමින් ඇහෙනවා මට මතකයි.

"Good night...my love."

------------

හායි 🙂 කාලෙකින්.

මේ චැපිය ලියන්නෙ සතියක් තිස්සෙ. කොහෙද වෙලාවක් නෑනෙ. නැගිටිනවා වැඩට යනවා එනවා කනවා නිදියනවා ආයෙ වැඩට යනවා විතරයි මතක. #coorporatesucks

එනිවේ අද සික් ලීව් දාපු නිසා යන්තම් මෙහෙම ඉවර කරගත්තෙ. ඖලක් නෑ නේත?

මුල් ටික cringe වගේද? කොරන්න දෙයක් නෑ ලියවෙන විදිහ තමා ඔය.

Chatgpt දස්සයා 😁

Share This Chapter