Back
/ 35
Chapter 16

Part 16

සීමාවෙන් එහා

මම දැන් පැයක් විතර කණ්ණාඩිය ඉස්සරහ ඉඳගෙන කල්පනා කරන්නෙ මොකක්ද කරන්නෙ කියලා. ඊයෙ රෑ අඬපු පාරට මගෙ ඇස් හොඳටම ඉදිමිලා රතු වෙලා තිබ්බෙ. ඒත් අද දවල් ලෙක්චර්ස් යන්න එපැයි. මාව දැක්කම ඕන කෙනෙක්ට තේරෙනවා මම අඬලා කියලා.

අම්මලා එන්නනම් රෑ වෙනවනෙ. ඒ වෙද්දි හරියයි. ඒත් ලෙක්චර්ස් යන වෙලාවට...? අඩු ගානෙ ඉදිමුමවත් බැස්සොත් හොඳයි.

මම උදේ ඇහැරුණේ හිසරදේටයි ඇස් දෙකෙන් ආපු දැවිල්ලටයි. කොහොමත් මහ රෑ අඬලා නිදාගත්තම ඔහොම තමයි. අද ලෙක්චර්ස් පටන් ගන්නෙ එකට. එහෙම දවසටනම් මම නැගිටින්නෙ ටිකක් පරක්කු වෙලා. ඒත් මම අර කියපු හේතුවට අද උදේ හතට විතර ඉබේම ඇහැරුණා.

දත් මදිනකනුත් මගෙ ඇස් බාගෙට පියවිලා තිබ්බ නිසා එච්චර ගාණක් ගියෙ නෑ. ඒත් උදේට පාන් ටෝස්ට් කරලා කාලා කිරි එකකුත් බීලා පැනඩෝල් පෙත්තක් ගන්න කණ්ණාඩි මේසෙ ගාවට ආවම තමා මමත් හරියටම මගෙ ඇස් දෙක දැක්කෙ. මම මූණ හෝදගත්තටවත් ඒක අඩු වුණේ නෑ. මං මේ හිත හිත ඉන්නෙ පුලුවන් තරම් දවල් වෙද්දි ඉදිමුම හරි බහින්න කියලා. තව පැය ගාණක් තියනවනෙ.

දැන් ටිකකට කලින් සිතුම්යත් කෝල් කරා කෑවද බිව්වද අහන්න. වෙන දෙයක්නම් කිව්වෙ නෑ...ඒත් මම මගෙ තත්වෙ ගැන එයාට කිව්වා. කියන්නැතෑ එයාගෙ නල්ල මලේ යාලුවට. දැනගන්න ඕනෙ ඕවා එයත්.

කොහොමත් ආයෙ ලවන් මට කෝල් එකක්වත් ගත්තෙ නෑ. කෝල් මැසේජ් වලින් හරිගස්සන්න පුලුවන් දෙයක් නෙවෙයි එයා කිව්වෙ. එක පාරට එයාව මතක් වුණ මට වේදනාව අතරින්ම පොඩි හිනාවක් ආවා.

මේ මාස එක හමාරට ලවන් මං වෙනුවෙන් කොච්චර දේවල් කරාද? මට එයා ගැන කියන්න තිබ්බෙ හොඳ දේවල්ම විතරයි. එයා මං ගැන කෙයාර් කරපු විදිහට, මාව සතුටු කරපු විදිහට, හැම පොඩි දේකටම මං ගොඩක් ආදරේ කරා. ලවන් අතින් මිස් වුණේ පොඩි දෙයයි...පොඩි වචන දෙක තුනක් විතරයි. ඒත් එයා කරපු අනිත් හැමදේටම වඩා මට මේ වෙලාවෙ මතක තියෙන්න ඒ වචන ටික විතරයි.

ඇත්තටම ඒකත් හරි අමුතුයි...දාහක් හොඳ දේවල් අතරෙ එක පොඩි වැරැද්දක් ප්‍රබල වෙන්න? ඒත් අපි මිනිස්සුනෙ. ඒ මනුස්ස හිතේ හැටි වෙන්න ඇති. ලවන්ට තව චාන්ස් එකක් දෙන්න ඕනද නැද්ද කියන්න මම දන්නෑ...තව චාන්ස් එකක් දෙන්න මට තියෙන්නෙ එක හේතුවයි. එයාගෙ ඇස් දෙක. ඔව්...මට ඒවා විශ්වාසයි.

මේ කාලෙ පුරාවට විතරක් නෙවෙයි...ඊයෙත්, එයා ඒ වචන ටික කියපු වෙලාවෙත් ඒ ඇස් වල තිබ්බෙ ආදරේ විතරයි. එයා වචන වලින් කියන දේ නෙවෙයි ඇස් වල තියෙන්නෙ. ඒ දේ කිව්වට පස්සෙත් එයාගෙ ඇස් වල තිබ්බෙ දුකකටත් වඩා අසරණකමක්.

එයා ඒ තරම් අසරණ වෙන්න තරම් මොකක්ද හේතුව? මට එච්චර හිත රිදෙන දෙයක් කියන්න තරම් බය හිතෙන ප්‍රශ්නයක්ද ඒක? මට ඒකට කරන්න කිසිම දෙයක් නැද්ද? අඩු ගානෙ එයාගෙ එහා පැත්තෙන් ඉඳන් හයියක් වෙන්නවත් බැරි තරම් දෙයක්ද ඒක?

කොහොම වුණත් මට ලවන් ගැන පොඩි කේන්තියක්වත් නෑ. කොහොමද මම එහෙම කරන්නෙ...මම තවමත් ආදරෙයිනෙ. මම ගොඩක් ආදරෙයි. එයාවත් හිතන්නැතුව කියවුණ දේකට මගෙ හිතේ තියන හැඟීම් ඔක්කොම දියවෙලා නැතිවෙලා යන්න තරම් ගල් හිතක් මට නෑ.

හිත රිදෙනවා තමා...තවමත් පිහියෙන් අනිනවා වගේ වේදනාවක් දැනෙනවා. ඒත් වීදුරුවක් වගේ හිත කෑලි කෑලි වලට බිඳිලා යන්න තරම් දෙයක් එයා කරේ නෑනෙ. එක පාර වචනෙන් දෙකෙන් හරිගස්සන්න බැරි දෙයක් වුණත් මට එයා ගැන තියන ආදරේ අඩුවෙන්න තරම් දෙයක් ලවන් කරේ නෑ.

අනික එයාට ප්‍රශ්න ගොඩක් තියනවා කියලා යන්තම් හරි මට කියලා තියෙද්දිත්, තව ඊයෙ සිතුම්ය කියපු දේවල් එක්ක...කොහොමද මම එයා ගැන තරහක් හිතෙන්නෙ. ඔයාම ඇවිත් මේක හරිගස්සනකම් මම බලන් ඉන්නවා ලවන්...මම තවමත් ආදරෙයි.

මම එක පාරටම ඔලුව උඩට හරවලා ඇස් දෙකට පිරුණු කඳුලු වේලගන්න ට්‍රයි කරා. ආයෙනම් අඬන්නෙ නෑ...මේ මූණට වෙලා තියන ඇබැද්දිය හොඳටම ඇති. ආයෙ නිදාගන්නත් හිතෙනවා ඒත් එතකොට ඇස් දෙක ඉදිමෙයි තවත්. උයන්න තරම් වෙලා තිබ්බත් උයන්න හිතකුත් නෑ දැන්. මට දවල්ට කන්න විතරනෙ. පොත කියවන්නත් බෑ ඇස් දෙක රිදෙනවා.

වෙන කරන්න දෙයක් නැති තැන මම ගේ පොඩ්ඩක් අස් කරලා අතුගාලා හොඳට නාගත්තා. යන්න ලෑස්ති වෙන්නත් තව ගොඩක් වෙලා තියනවනෙ. දවල්ට ලෙක්චර්ස් තියන දවසට මම යන්නෙ බයික් එකේ. මම උදේට තියෙද්දි බස් එකේ යන්නෙ ඒ වෙලාවට වැව රවුමෙ පයින් යන්න ආසා නිසා. ඒත් මේ මහ දවල් අව්වෙ කර වෙවී අර ට්‍රැෆික් එකේ දුමයි හෝන් සද්දයි අස්සෙ පයින් යන්න තරම් අහවල් එකේ අමාරුවක් මට නෑ.

මට දවල් ලෙක්චර්ස් තියෙන්නෙ බදාදයි සිකුරාදයි විතරයි. අද ඇවිල්ලා සිකුරාදා. සඳුදයි බ්‍රහස්පතින්දයි උදේම තියනවා. උදේම කියන්නෙ 9ට. ඒ දවස් දෙක හවස තුන වෙනකන් වගේ තිබ්බට අවුලක් නෑ එච්චර මහන්සි වෙන විදිහට නෑ. අඟහරුවාදා තමා මට එපාම කරපු දවස. උදේ නවයෙ ඉඳන් හවස පහ වෙනකන්ම තියනවා. ලන්ච් අවර් බ්‍රේක් එක විතරයි තියෙන්න. අදනම් 1-4 ලෙක්චර්ස් තුනක් තියෙන්නෙ.

දවල් කාලා යන්න මම උයාගත්තෙත් නෑනෙ. ටිනාශා කෑම එකක් ගේනවා කිව්වත් මම කිව්වා කෑම එකක් මෙහෙන් හම්බෙනවා ගේන්න එපා කියලා. මෙහෙන් හම්බෙන කෑම එකක් නෑ. මම එපා කිව්වෙ කෑම එක ගන්න ටිනාශව හම්බෙන්න යන්න වෙන නිසා. මම දැන් මේ ඉන්න විදිහට උන් දෙන්නගෙන් එක්කනෙක් හරි මාව දැක්කොත් ආයෙ ලවන්ට මගෙ ගාවටවත් එන්න නෙවෙයි. ටිකක් කලින් ගිහින් හෙළ බොජුන් එකෙන් කාලා යන්න මම හිතන් ඉන්නෙ.

කොහොමත් ඇකඩමික් පටන් ගත්තට පස්සෙ අපි තුන්දෙනා වැඩිය සෙට් වෙන්නෙ නෑ කැම්පස් එක ඇතුළෙ. කෙලින්ම ස්ට්‍රීම් තුනක්නෙ. මම කැම්පස් එකේදි ලෙක්චර්ස් යන්නෙ, කන්නෙ ගොඩක් වෙලාවට මිහිඳුයි සසිඳුයි එක්ක. උන් දෙන්නම ලිට්‍රිචර්, ෆ්‍රෙන්ච් කරනවා. ආර්ට් කරේ නැතත් අපෙ ලෙක්චර්ස් ගොඩක් වෙලාවට තියෙන්නෙ එකට නිසා ඒ ඩබල එක්ක තමා වැඩිපුර ඉඳෙන්නෙ.

ආර්ට් වලනම් එහෙම විශේෂ යාලුවෙක් නෑ මට, ඒකෙ අවුලකුත් නෑ. මොකක්ද ආර්ට් කියන්නෙ මම ආසම වගේම පුලුවන්ම සබ්ජෙක්ට් එක. ඒකෙ කවුරුත් හිටියත් නැතත් මට වෙලාව යනවා දැනෙන්නෑ, මොකද මම ඒ හැම ලෙක්චර් එකකටම යන්නෙ ගොඩක් ආසාවෙන්. ලිට්‍රිචර් නම් පුතේ ගිය වෙලේ ඉඳන් නිදි ඉතින්. වෙලාවට අර ඩබල ඉන්නෙ ලෙක්චර් එක මැද කයියක්වත් ගහන්න.

හිතුවා වගේම දවල් වෙද්දි ඉදිමුම බැහැලා ගියත් ඇස් රතු වෙලා තිබ්බ එකනම් අඩු වුණේ නෑ. කමක් නෑ ඒකටනම් බොරුවක් කියාගන්න පුලුවන්නෙ කාටහරි. මම දවල්ට කන්න හෙළ බොජුන් යන්න හිතුවත් පස්සෙ ෆුඩ් සිටි එකට ටිකක් එහාට වෙන්න තියන කඩෙන් කෑම එකක් අරන් ආවා කාලම යන්න.

මේ ඉතින් පේරා කැම්පස් එක කිට්ටුවනෙ. අපෙ ගෙවල් පැත්තෙ වැඩි හරියක්ම තියෙන්න බෝඩින්. ඕවගෙ ළමයි නිතර ඇවිත් කෑම ගන්න නිසා ළඟ පාත කෑම කඩ තුන හතරක්ම තියනවා. මම අර කලින් කියපු එකේ කෑම මාරම රසයි. මම ඉතින් චිකන් කෑම එකක්ම අරන් ඇවිත් කාලා ආයෙ පොඩ්ඩක් මූණ හෝදගෙන යන්න ලෑස්ති වුණා.

ගෙදරින් දොළහට වගේ මම පිටත් වුණේ. දොළහ හමාරට විතර ගියත් ඇති. විනාඩි පහළවක් වගේනෙ බයික් එකේ යද්දි යන්නෙ. ඒත් ඉතින් ලෙක්චර්ස් පටන් ගන්න ඔන්න මෙන්න තියලා යන පුරුද්දක් මගෙ නෑ. කොහෙ ගියත් පොඩ්ඩක් කලින් යන්න ඕන.

මම කෙලින්ම ගියේ කැෆටේරියා එකට තිබහට මොනවාහරි බොන්නත් එක්ක. මම යද්දි දැක්කා මිහිඳුයි සසිඳුයි ඉන්නවා. උන්ට අද උදේ ලෙක්චර්ස් තියනවා කොහොමත්. උන් මාව දැක්ක ගමන් අත වැනුව නිසා මුකුත් බොන්න ගන්නෙත් නැතුවම උන් දෙන්නට පහක් ගහගෙන එතනින්ම වාඩි වුණා.

"උඹට අද හවස් වරුව විතරයි නේ ලෙක්චර්ස්...?"

"ඕ බං..."

ඊට පස්සෙ විශේෂ කතාවක් නැති වුණත් දෙන්නා මාව හොඳට ස්කෑන් කරනවා කියලා තේරුණ නිසා මම බිම බලාගෙනම හිටියා. අනේ නෝට් වෙන්නනම් එපා-

"විදුර්...උඹ මොකක්හරි අවුලකින්ද?"

හරිනෙ ඉතින්...සසිඳු අහද්දි මම යන්තම් ඔලුව උස්සලා ඌ දිහා බැලුවා. ඔතනින් පොඩ්ඩක් කට වැඩි එකා තමා මිහිඳු. සසිඳු හෙනම කාම් වුවමනාවට විතරක් කතා කරන එකෙක්. ඉතින් ඌම එහෙම අහද්දි මට ටිකක් ඒක වැඩියෙන් දැනුණා.

"මම...? නෑ බං පිස්සුද?"

"නැත්තෙ නෑ...උඹෙ ඇස් දෙකත් රතු වෙලා. අඬලනෙ ඔය."

ඒ ගමන් කිව්වෙ මිහිඳු. මම දෙන්නටම ගොන් පහේ හිනාවක් දැම්මා.

"ආහ්...ඒනම් මේ- මම ඊයෙ රෑ ෆිල්ම් බලනවා බැලුවනෙ. දුක හිතෙන එකක්-"

මම කියලා ඉවර වෙන්නත් කලින් මිහිඳු ලොකු හුස්මක් පහළ දාලා පුටුවට හේත්තු වෙලා නෝන්ඩි හිනාවකින් මගෙ දිහා බලන් හිටියා. මගෙ දෙකයි පනහෙ බොරුව තේරෙන්න ඇති ඉතින් වෙන මොකක්ද.

"මේ අහපන් විදුර්...අපි දෙන්නා එක එක්කනාගෙ ෆීලින්ග්ස් ගැන තේරුම් ගත්තෙ, වෙන කෙනෙක් එක්ක ඒ දේවල් බෙදාගත්තෙ අම්මගෙ බඩේ ඉන්න කාලෙමයි. අනිත් උන්ගෙ හැඟීම් අපිට හොඳට තේරුම් ගන්න පුලුවන්. අපිට බොරු කියන්න එපා ඒ නිසා..."

සසිඳු මගෙ දිහාම බලාගෙන කියද්දි මම යන්තම් හිනාවෙලා බිම බලාගත්තා.

"එ- එහෙම ලොකු දෙයක් නෙවේ බං...දන්නැද්ද ඉතින්."

"කෑල්ල- ආ නෑ උඹෙ සම්පූර්ණ එක එක්ක රණ්ඩු වුණාවත්ද?"

මිහිඳු ඒක අහපු විදිහටනම් මට එක පාරට හිනාවක් ආවා. ඒක දැකලා උන් දෙන්නත් හිනාවෙලා මගෙ පිටට තට්ටුවක් දැම්මා. කොහොමත් ඉතින් මම උත්තරයක් නොදුන්න නිසා උන් දෙන්නට තේරෙන්න ඇති.

"ඕවා ඔහොම තමා බං... ඔය කෙල්ලො කියන ජාතිය ඔහොම්මයි. ඇවිලෙන්නමයි බලන්නේ."

මිහිඳු පුටුවට තව ටිකක් හේත්තුවක් දාන් කිව්වා. මටනම් ඉතින් ඒ ජාතිය ඇවිලුණත් එකයි නිවුණත් එකයි. කොහොමද මේවා තේරුම් කරන්නෙ?

"උඹ එච්චර හොඳට දන්නවද ඒ කියන්නෙ ඒ ජාතිය ගැන...?"

මම අහද්දි සසිඳු නෝන්ඩි හිනාවක් දැම්මා.

"දන්නවදත් අහනවා...හොඳටම දන්නවා. දාර බූටක් කාලා ඉන්නෙ-"

සසිඳුට ඒක කියලා ඉවර කරන්නත් කලින් දඩෝං ගාලා පාරක් පිට මැද්දට වැදුණා.

"අඩෝ බං අයියෙ...මොකක්ද ඕයි?"

"ඇයි ඉතින්...මූත් ඕවා දැනගත්තා කියලා හෙන ගහනවැයි."

"තෝව අල්ලගන්නම් මං ගෙදර ගිහාම. මෙහ් ඒක නෙවේ තිබහක් එනවා නේ...නේ? තිබහයි නේ විදුර්? ඉඳහන් මං බොන්න මොනවාහරි ගේන්නම්."

"පෙනේද ලිස්සලා ගිය හැටි...ගල් ආඳා."

මිහිඳු ගිය දිහා බලාගෙන සසිඳු කියද්දි මට හිනාගියා. ආතල් ඩබල හැබැයි. ටික වෙලාවකට පස්සෙ සසිඳු පොඩ්ඩක් සීරියස් මූණක් හදාගෙන මගෙ දිහා බැලුවා.

"මේ විදුර්...උඹට මොකක්හරි අවුලක්නම් කියපන් හරිද? අපි ඉන්නවා උඹට ඕන වෙලාවක."

"මං දන්නවා බං...එහෙම ලොකු දෙයක් නෑ."

"එහෙනම් කමක් නෑ...අපිට නැතත් උඹෙ හොඳම යාලුවො දෙන්නට හරි."

"ම්ම්..."

මම පොඩ්ඩක් නෝර්මල් වුණා කියලා තේරුණ නිසාද කොහෙද සසිඳු හිනාවෙලා මගෙ පිටට තට්ටුවක් දැම්මා. ටික වෙලාවකින් මිහිඳු ජින්ජර් බියර් බෝතල් තුනක් උස්සන් ආපු නිසා අපි ලෙක්චර්ස් පටන් ගන්න වෙලාව වෙනකන්ම වගේ ඒක බිබී හිටියා.

ඇත්තටම මම පොඩ්ඩක් නෝර්මල් වුණා කැම්පස් එකට ආවට පස්සෙ. ඊයෙ දවසම තනියම ඉද්දි දැනුණ වේදනාව, ඒ වචන සැරින් සැරේ මතක් වෙද්දි පපුව රිදෙන්න ගත්ත එක දැන් දැනෙන්නෙ නෑ. ඒක පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා වුණ මිස්ටේක් එකක් කියන එක මට මේ වෙද්දි හොඳටම තේරිලා තිබ්බෙ.

ලවන්ම කතා කරලා ඒක හරි ගස්සනවා බලන්න මට ඕන වෙලා තිබ්බෙ. එහෙමයි කියලා එයා කතා කරපු ගමන් බැක් ටු නෝර්මල් වෙන මූඩ් එකක් මට තිබ්බෙත් නෑ. මොකද නොහිතා හරි එයා ඒ වචන ටික කිව්වා. බලමු ඉස්සරහට. Anyway...he'll have to put some effort.

අද ලෙක්චර්ස් තුනම අපි තුන්දෙනාටම තිබ්බ නිසා ඉවර වෙනකන්ම එකට හිටියෙ. ඒත් ඒ දෙන්නට හවස බැඩ්මින්ටන් ප්‍රැක්ටිස් තියනවා කියලා ජිම් එක පැත්තට ගියා. මමත් වොශ් රූම් එහෙම ගිහින් ළමයි පොඩ්ඩක් අඩු වෙනකන් එහෙම ඉඳලා තමා පාකින් එක පැත්තට ගියේ බයික් එක ගන්න. මම යද්දි ඒ ළඟ පාත වෙන කිසිම කෙනෙක් හිටියෙ නෑ.

මම ඉතින් හිමීට ඒ පැත්තට ගිහින් පොත් ටිකත් බයික් එකෙන් තියලා හෙල්මට් එකත් එළියට අරන් දාගන්න ලෑස්ති වෙනකොටම මට දැනුණා මං ගාව කවුරුහරි ඉන්නවා වගේ. මං එද්දි කවුරුත් හිටියෙ නෑනෙ මෙතන. මම බයවෙලා වගේ පිටිපස්ස බලද්දි- ඔහ්...මෙයා කොයි වෙලේද මෙතෙන්ට ආවෙ? ආහ්...පවර්ස් තියනවනෙ ඉතින් නොපෙනී ඉන්න.

"විදුර්..."

එයාගෙ අසරණ වුණ කටහඬට මට පොඩි දුකක් දැනුණත් මං ඒක පෙන්නන්න ගියෙ නෑ. එච්චර ලේසි නෑ මේ විදුර්.

"කියන්න සර්..."

මම අහිංසක විදිහට හිනාවෙලා ඇහි පිල්ලම් දෙකකුත් ගහලා කියද්දි ලවන්ගෙ මූණ සෑහෙන්න කන්ෆියුස්ඩ් විදිහට වෙනස් වුණා. ඒ මූණ තමයි බලන්න වටින්නෙ හැබැයි. පව් කියලත් හිතුණා. මට එක පාරට හිනායන්න ආවත් ඒක අමාරුවෙන් පාලනේ කරගෙන සාමාන්‍ය විදිහටම හිටියා.

"විදුර්...ඇ-ඇයි මට ඔය විදිහට කතා කරන්නෙ?"

"ඇයි සර්...මම කතා කරන විදිහෙ මොකක්හරි අවුලක් තියනවද?"

මම ඇස් දෙකත් බෝල කරලා බබා වගේ ඇහුවා.

"අනේ ප්ලීස් විදුර්...මට වෙනදා වගේ කතා කරන්නකො. ඔයා වෙනස් වෙන්න එපා."

ලවන් කිව්වෙ හෙනම දුක හිතෙන විදිහට. ඒවට එච්චර හිත උණු වෙන්නෙත් නෑ ඉතින්...ඒත් නැත්තෙමත් නෑ හැබැයි.

"ඉතින් වෙනදත් මං සර් කියලනෙ ක්ලාස් එකේදි කතා කරේ..."

මම කිසි ගාණක් නැතුව කියද්දි ලවන් ලොකු හුස්මක් පහළ දැම්මා.

"හරි ඔයා- මට තේරෙනවා විදුර්. ඔයා ඉන්න තැන මට තේරෙනවා. මට- මට එක පාරක් ඔයා එක්ක කතා කරන්න දෙන්නකො...ප්ලීස්."

"මට පරක්කු වෙනවා ලවන්...මම යනවා."

විහිලු කරන එක පොඩ්ඩක් නවත්තලා මම ආයෙම නම කියලා කතා කරපු එකට පොඩි සැනසීමක් එයාගෙ ඇස් දෙකේ ඇඳුනත් ඉක්මනට ඒක නැතිවෙලා ගියේ මම කියපු දේත් එක්ක.

"අනේ විදුර්...මට- මට ඔයාව නැතිකරගන්න බෑ මැණික."

"ඔයා ඕවා හිතන්න තිබ්බෙ ආවට ගියාට වචන විසිකරන්න කලින්..."

මම බයිකර් ජැකට් එක ඇඳලා ඒක හරිගස්සගන්න ගමන් කියද්දි ලවන්ගෙ ඇස් දෙක සෑහෙන්න වෙනස් වුණා. හරියට...එයාගෙ හිතේ තිබ්බ පුංචිම බලාපොරොත්තුවත් නැති වුණා වගේ. අනේ එයා එහෙම වෙන්න ඕනෙ නෑ. ඒත් මේක හරි වෙලාව නෙවෙයි ලවන්...මට තව කල් ඕන.

මම හෙල්මට් එක ගන්න යද්දි ලවන් මගෙ අතින් අල්ලගත්තා. මට ඒක අහකට කරන්න ඕන වුණත් මම එහෙම නොකර බලන් හිටියෙ එයා ඊළඟට මොකක්ද කරන්නෙ බලන්න. එයාගෙ ඇස් දෙකේ දැනටම තියෙන්නෙ හරි පරාජිත පෙනුමක්. ඒත් මට කියන්න ඕන දේවල් දාහක් ඒ ඇස් වල හැංගිලා තියනවා කියලත් මම දන්නවා.

"හරි- ඔයාට යන්න ඕන්නම්...ඔයා යන්න එහෙනම්. පරිස්සමට යන්න හොඳද? ආහ් පොඩ්ඩක් ඉන්න-"

ලවන් අන්තිම ටික කිව්වෙ එයාගෙ ජැකට් එකේ සාක්කුව ඇතුළට අත දාන ගමන්.

"මේක- ඔයාට ගත්තෙ..."

එයා මට දුන්නෙ මම ආසම චොක්ලට් එක වුණත් ඒ වෙලාවෙ ඒක දැක්කම මට කට කොනකින් හිනාගියා.

"චොක්ලට් එකක් දීලා හරිගස්සන්න පුලුවන් දෙයක්ද ඔයා කරේ...?"

"අනෙ-අනේ මම එහෙම හිතලා නෙවෙයි ගෙනාවෙ. ඔයා ආසා නිසා..."

ලවන්ගෙ කටහඬ එන්න එන්න අසරණ වෙද්දි මට ඒක දරාගන්න තරම් හයියක් තිබ්බෙ නෑ. එයාගෙ ඇස් වල තිබ්බෙ ඊටත් වඩා අසරණ කමක්. ඒත්...එයාට ටිකක් හරි ඒ වේදනාව දැනෙන්න ඕනෙ. ආදරේ කරන කෙනා හිතලා හරි නොහිතා හරි පිහි තුඩකින් අයිනවා වගේ වචන කියද්දි ඒවා කොච්චර රිදෙනවද කියලා දැනෙන්න ඕනෙ.

"මට එපා ලවන්...ඔයා තියාගන්න. මම දැන් චොක්ලට් වලට ආසා නෑ."

"ආහ්...??ආසා නෑ කිව්වෙ?"

"මට එක පාරට චොක්ලට් ගැන තියන ෆීලින්ග්ස් ඔක්කොම නැතිවෙලා ගියානෙ...බලන්නකො මාර වැඩේ නේ?"

මම කියද්දි ලවන් ලොකු හුස්මක් අරන් එක පාරට අහක බලාගත්තා. ඔව් ඉතින් කියපුවා මතක් වෙන්න ඇතිනෙ. ඔය වචනෙන් ඉතින් ආයෙ ගැලවිල්ලක් නෑ පුතේ...

"So- that's how you're gonna punish me...?"

"මට කාටවත් පනිශ් කරන්න ඕන්නෑ ලවන්...මට ඒවට වෙලාවකුත් නෑ. මම යනවා."

මම ඒක කිව්වෙ මෙච්චර වෙලා තිබ්බ පොඩ්ඩක් ඇක්ටින් වයිබ් එක අයින් කරලා සීරියස් පිට. මගෙ ටෝන් එකට ලවනුත් පොඩ්ඩක් ගැස්සුණා. කොහොමත් මම තව ටිකක් ඔතන හිටියොත් මට ලවන්ගෙ කටහඬ දරාගන්න බැරිවෙනවා. අනිත් එක එයාගෙ ඇස් දෙකේ හිමීට කඳුලු පිරෙද්දි... එහෙමයි කියලා මෙච්චර ඉක්මනට එයා කියන දේවල් පිළිගන්න මට ඕන වුණෙත් නෑ. ඒ නිසා ඉක්මනට යන එක කෝකටත් හොඳයි.

මම බයික් එකට නගිද්දිත් ලවන් මගෙ දිහාම බලන් හිටියා. එයා මාව නවත්තන්න හැදුවෙ නෑ. ඒත් ඒ බලන් හිටපු විදිහ...මගෙ පපුව රිදෙන්න ගත්තා. මට ඇත්තටම ඕනෙ එයා ගාවට දුවගෙන යන්න. වෙච්ච හැමදේම මට තේරෙනවා කියන්න. ඇස් වල පිරුණු කඳුලු පිහදාන්න. හැමදාම මාව නිවපු ඒ අත් අස්සෙ හැංගෙන්න.

ඒත් මම පිටිපස්ස හැරිලා බලන්නෙවත් නැතුව බයික් එක ගේට් එක ගාවටම දැම්මා. සයිඩ් මිරර් එකෙන් මට එයාව පේනවා. ඒ බලන් ඉන්න විදිහට මට ගොඩක් දුක හිතුණා...මම ඒ කියපු එකක්වත් කිව්වෙ හිතාමතා නෙවෙයි. එහෙම වුණත් ලවන්ට කියපු ඒ වචන වලට මගෙ හිත රිදෙනවා. ඊයෙ කියපු වචන ගැන ලවන්ටත් ඒ වගේම දැනෙනවා ඇති නේද කියලා මට හිතුණා.

කොච්චර දුක හිතුණත් ආයෙ අඬන්න තරම්නම් කඳුලු ඉතුරු වෙලා තිබ්බෙ නෑ මට. ඔහොම පොඩි දේවල් වලට අඬ අඬ ඉඳලා හරියනවද යකෝ කොල්ලෙක් වුණාම. මම හවස යන ගමන් ටවුන් එකේ කඩේකින් වඩයක් කාලා නෙස්කැෆේ එකක් බීලම ගෙදර ගියා. කැන්ටින් එකෙන් ගත්තෙ නැත්තෙ ඇයි අහන්න එපා...වෙලාවකට එහෙම යන ගමන් කොහෙහරි කඩේකට ගොඩ වෙලා කන එකත් ආතල්.

මම ගෙදර යද්දි අම්මයි අප්පච්චියි ඇවිල්ලා හිටියා. එයාලා මම ලෙක්චර්ස් ගිහින් ටික වෙලාවකට පස්සෙ ඇවිත් තිබුණෙ. වෙලාවට මගෙ ඇස් දෙක යතා තත්වෙට ඇවිත් තිබ්බත් මූණෙ තියන එළියක් නැති ගතිය හංගන්න පුලුවන්ද එයාලගෙන්? ඒ දෙන්නා පොඩ්ඩක් ඇහුවා ඉතින් මොකද කියලා.

අන්තිමට ලවන් එක්ක පොඩි රණ්ඩුවක් කියලා මගෙ කටින්ම අල්ලගත්තට පස්සෙ සද්ද නැතුව හිටියා. කොහොමත් ඉතින් යාලු වෙලා ඉන්න කාලෙ පොඩි පොඩි රණ්ඩු වෙනවනෙ...ඒ දෙන්නා කිව්වෙ එහෙම. මම රෑට කාලා අම්මයි අප්පච්චියි ගෙනත් තිබ්බ මස්කට්, පැණිකජු අනම් මනම් ටිකටත් වග කියලා කලින්ම නිදාගන්න ගියා.

අද මහන්සි...ඊයෙ වෙච්ච දේමත් නෙවෙයි. මේ සතියම මහන්සි වගේ මට දැනුණෙ. ඊයෙ අඬලා අඬලා ඔලුවට අමුතු මහන්සියක් ඇවිත් තිබ්බෙ. අද ලෙක්චර්සුත් ඔහේ අහන් හිටියා විතරයි. කොහොමත් සිකුරාදා වෙද්දි ඔහොම දැනෙනවනෙ. මම නිදාගන්න ගියේ රෑ නවයට විතර.

රෑ දහය විතර වෙද්දි මට ලවන්ගෙන් කෝල් එකක් ආවා. අද යන්තම් හරි කතා කරපු නිසා එයාට ගන්න හිතෙන්න ඇති. ඒත් මම ඒ වෙලේ සැප නින්දක හිටියෙ. යන්තම් ෆෝන් එක උස්සලා බලලා නම දැකලා ආයෙම අනිත් පැත්ත හැරිලා නිදාගත්තා. හෙට උදේ කොහෙවත් යන්නත් නෑනෙ...සැපට නිදාගන්න ඕනෙ.

කිව්වා වගේම පහුවදා පුපට එළිය වැටෙනකන්ම නිදාගත්තා. නැගිටිද්දි උදේ දහයයි. දන්නවනෙ ඉතින් අම්මලා සාමාන්‍යයෙන් ගෙදර අස් පස් කරන්නෙ සෙනසුරාදාටනෙ. ඒකත් සෙනසුරාදා විතරක්නම් කමක් නෑ...කුකුළොත් නිදියන මහ පාන්දරනෙ ඔය අස් කෙරිල්ල පටන් ගන්නෙ. ඊට පස්සෙ ඉතින් ගෙදර බලු කුක්කගෙ ඉඳන් ඔක්කොම බැනුම් අහනවා කවුරුත් උදව් කරන්නෙ නෑ කියලා.

ඔන්න ඔය සුමිහිරි නාදෙට තමා මම අවදි වුණේ. ඒකට කිව්වෙ ඊට කලිනුත් අතුගාද්දි කොස්ස දඩෝං ගාලා පුටු වලයි මේස වලයි හිතලම වද්ද වද්ද අතුගාන එකට බාගෙට ඇහැරිලා හිටියෙ. ඒත් අර කන්කලු කූජනේට හොඳටම ඇහැරුණා.

මම ඇහැරිලා තඩි ඈනුමකුත් ඇරගෙන කපුටු කූඩෙ වගේ කොණ්ඩෙකුත් එක්ක ඇස් පොඩි කර කර එළියට යද්දි අම්මා ඉන්නවා කොස්සත් අතේ තියාගෙන. ඔන්න කිව්වා...එකයි, දෙකයි, තුන-

"ආ හාමු මහත්තයා නැගිට්ටද...නිවාඩු දවසටවත් උදේ නැගිටලා මට උදව්වක් එහෙම කරන්න එපා."

"අනේ අම්මෙ...තේ එකක්වත් බොනකන් ඉන්නකො අප්පා."

මම තවත් ඈනුමක් අරින ගමන් කියද්දි අම්මට තව ටිකක් මල පැන්නා. මේක තමයි මහත්තයො මට තියන එකම සතුට.

"තේ...? තේ තමා දෙන්න වටින්නෙ. දවස් දෙකයි ගෙදර හිටියෙ නැත්තෙ හරියට අතුගාලවත් නෑ."

ඕන් බලහන්කො ඉතින්...දවස් දෙකට කී පාරක් අතුගෑවද මං. හරි ඉතින් අම්මට වගේ බිම බැලුවම ඒකෙන් මූණ පේන ටයිප් එකට අතුගාන්න බෑ තමා ඒත් කතා කරන්නෙ නිකන් මම කොස්සක් අතින් ඇල්ලුවෙ නෑ වගේනෙ. හරි අසාධාරණ ලෝකයක් අප්පා මේක. මම ඉතින් කෝකටත් කියලා මෑණියන්ව ශේප් කරගන්න පිටිපස්සෙන් බදාගෙන කම්මුලට කිස් එකකුත් දීලා පහළට ආවෙ තේ එකක් බොන්න.

"මල කෝලම්..."

මම පඩිපෙළ බහිද්දි අම්මා කියනවා ඇහුණා. මල කෝලම්ද අම්මෙ...මල කෝලම් තියෙන්නෙ දැන් නෙවෙයි. තියෙයි අද රෑට. කොහොමත් ඉතින් අද රෑට එනවා කියලා මම දන්නවා...ඕක අහන්නත් දෙයක්ද. මොකද්ද දන්නෑ කියන්න ඉන්න නිදහසට කාරණාව.

මම අද කැෆේ එකට ගියේ හය හමාරට විතර. වෙනදනම් මම කලින් එනවා. අද එක්තරා පුද්ගලයෙක් මගාරින්න වුවමනාවට පරක්කු වෙලා ආවෙ. මම බයික් එක පාක් කරලා කෝකටත් කියලා වටපිට බැලුවෙ නිල් පාට අවුඩියක් තියනවද බලන්න. කෝ බලමු...ම්ම්...ආහ් අර තියෙන්නෙ. මම හිතුවා හරි. එක පාරට පොඩි කික් එකක් ආවත් මම ඒක පොඩ්ඩක් ඉග්නෝර් කරලා අනිත් පැත්ත හැරුණා.

මම කලින් කියලා තියනවනෙ අපෙ කැෆේ එක තියෙන්නෙ බහිරව කන්ද පාරෙ කියලා. එතකොට අපෙ පාකින් එක තියෙන්නෙ ඔන්න ඔය පාරෙ අයිනකට වෙන්න. කැෆේ එකට පේන මුලු ටවුන් එකේම වීව් එක මෙතෙන්ටත් ලස්සනට පේනවා. කැෆේ එකෙයි පහළ රෙස්ටොරන්ට් එකෙයි දෙකම පාකින් එක එකක්.

මම එතන ටිකක් වෙලා ඉඳලා අලු පාටින් තැඹිලි පාටට හැරෙන අහස දිහා බලාගෙන හිටියා. මෙතෙන්ට සන්සෙට් එක ලස්සනට පේනවා. රෑ වෙන්නත් ඇවිත් අහස හඳට බාරදෙන්න ඕන වෙලාව වුණාට මොකද තවමත් වලාකුළු අතරින් ලා ඉර එළියක් සැරින් සැරේ මතුවෙන්නෙ අකීකරු විදියට. ඒත් තැඹිලි පාටට අමතරව ඒ වලාකුළු අතරින් තව ලා රතු පාටක්, ලා දම් පාටක් මතුවෙලා අහස තවත් ලස්සනට පේන්නෙ ඒ අකීකරුකම නිසාමයි. සමහර වෙලාවට...අකීකරු හිත් වලටත් පුළුවන් ලස්සන දේවල් මවන්න. හැන්දෑ අහස දිහා බලන් ඉද්දි මට හිතුනෙ එහෙම.

මේ වෙලාවෙ හේත්තු වෙන්න උරහිසක් තිබුණනම්...වෙන කාගෙවත් උරහිසක් නෙවෙයි, එයා හිටියනම්...මම සැහැල්ලු හුස්මක් අරගෙන ඇස් දෙක පියාගත්තෙ ඒ උණුහුම හිතින් මවාගෙන. හැමදේම හරියයි...මොකද මේ වගේ පොඩි මොහොතකවත් මට එයා ඇරෙන්න වෙන කෙනෙක් ගැන හිතන්න බැයින්නම් මම කොහොමද ජීවිතේ ඉස්සරහට වෙන කෙනෙක් ගැන හිතන්නෙ.

පෆෝමන්ස් එක පටන් ගන්න් තියෙන්න් ටික වෙලාවයි. ඒත් විනාඩි ගාණක්ම මගෙ ඇස් රැඳිලා තිබ්බෙ සන්සෙට් එකට. ටිකින් ටික ලස්සන පාටවල් නැතිවෙලා ගිහින් කලුවර වෙද්දි, පාකින් එකේ ලයිට් එළිය ටිකක් සැරට දැනෙද්දි තමයි මගෙ හිත ආයෙම මේ ලෝකෙට ආවෙ.

ගිටාර් එක ගන්න බයික් එක පැත්තට හැරෙද්දි මට යන්තම් පිටිපස්ස බැලුනෙ ඇයි කියන්න මම දන්නෙ නෑ. ඒත් ඒ හැරෙද්දිම මට ඒ ඇස් දෙක හම්බුණා. ඇත්තම කිව්වොත් ඒ ඇස් තිබ්බෙනම් මගෙ දිහාවට හැරිලා නෙවෙයි...එයත් හිටියෙ අහස දිහා බලාගෙන. මේ මුලු වෙලාවම මාත් එක්ක සන්සෙට් එක බලාගෙන ඉන්න ඇති සමහරවිට. මම එයාගෙ උරහිසට හේත්තු වෙලා එයාගෙ උණුහුම හිතින් විඳගද්දි එයත් සමහරවිට හිතින් මාව තුරුල් කරගන්න ඇති.

ලවන් හිටියෙ මට අඩි ගාණක් පිටිපස්සෙ, එයාගෙ කාර් එක ගාව වුණත් මට ඒ ඇස් දෙක ඈතට පෙනුණා. තාමත් සම්පූර්ණෙන් බැහැලා ගිහින් නැති අකීකරු තැඹිලි පාට ඉර එළිය එයාගෙ අලු පාට ඇස් දෙකට වැටුණම ඒ ඇස් දෙකේ තිබුණෙ අමුතුම ලස්සනක්. යන්තම් ලා රතු පාටකුත් ඒ ඇස් කොනක රැඳිලා තිබුණා. අකීකරු ඉර එළිය ඒ සන්සුන් ඇස් වලට වැටුණම...මට පෙනුණෙ රික්තයක්. හැඟීම් මුකුත්ම නැති රික්තයක්.

ඒත් ඒ ඇස් ආයෙම හැඟීම් දාහකින් පිරිලා ගියේ ඒවා හැන්දෑ අහසෙන් ගැලවිලා මගෙ ඇස් දෙකත් එක්ක සමාන්තර වෙද්දි.  ඒත් එයා මං ගාවට එන්න ට්‍රයි කරේ නෑ. හිටපු තැන ඒ විදිහටම ඉඳන් මගෙ දිහා බලාගෙන හිටපු ලවන් මට දුන්නෙ සන්සුන් හිනාවක්. හැඟීම් පිරිලා තිබුණත් ඒ ඇස් වල බලාපොරොත්තුවක් තිබුණෙ නෑ...ඊයෙ වගේම. එයාගෙ මූණෙ තිබුණ හෝප්ලස් හැඟීම දකිනවත් එක්කම මට එක පාරට පොඩි බයක් දැනුණා. එයා මෙච්චර ඉක්මනටම කිසි දෙයක් අතෑරලා නෑ නේද??

අනිත් හැමදෙයක්ම ටිකකට අමතක කරපු මමත් එයාගෙ ඇස් දිහාම, ඒ ඇස් වල තිබුණ අමුතුම අසරණකම දිහාම බලාගෙන හිටියා. මම දන්නෑ අපි දෙන්නා කිසි කතාවක් නැතුව, අඩු ගානෙ හිටපු තැනින් හෙල්ලෙන්නෙවත් නැතුව් කොච්චර වෙලා අපෙ ඇස් අස්සෙ අතරමං වෙලා හිටියද කියලා. එක පාරට මගෙ ෆෝන් එකට ආපු කෝල් එක නිසා මම ගැස්සිලා හරි සිහියට ආවා.

මට කෝල් එක ආවෙ කැෆේ එකෙන්. වෙලාව හතට පහයි...මට ඒ ගැන ගාණක්ම ගියෙ නැති හැටි. අදනම් ඩ්‍රෙසින් රූම් යන්න වෙලාවක් නෑ. කමක් නෑ අමුතුවෙන් ලෑස්ති වෙන්න දෙයක් නෑනෙ. මම යන්තම් පොකට් පර්ෆියුම් එකෙන් ටිකක් හලාගෙන ගිටාර් එකයි අනිත් අනම් මනම් ටිකයි අරගෙන ඉක්මනට උඩ තට්ටුවට ගියේ ආයෙ පිටිපස්ස හැරිලා බලන්නෙත් නැතුව. හැබැයි මම උඩට යනකන්ම ලවන් මගෙ දිගා බලාගෙන හිටියා කියන එක මට දැනුණා.

මම ස්ටේජ් එකට නගින්න කලින් ඕඩියන්ස් එක දිහා බලද්දි ලවන් අද පුරුදු තැන නැතුව ටිකක් කොනකට වෙන්න ටේබල් එකක ඉඳගෙන ඉන්නවා මම දැක්කා. ඔහ්...සිතුම්යත් ඉන්නෙ. මම එයාට විතරක් ලස්සනට හිනාවෙලා පොඩ්ඩක් අත වනද්දි එයත් හිනාවෙලා මට තම්බ්ස් අප් එකක් දුන්නා. අනිත් කෙනාගෙ රිඇක්ශන් එක කොහොම වුණාද දන්නෑ...ඒක කොහොමද බලන්න මං එයා දිහා බැලුවෙත් නෑ ඉතින්.

පුරුදු විදිහට ඉතින් ඕඩියන්ස් එකට ඕන සින්දු ටිකක් කියලා මම ප්‍රැක්ටිස් කරපු ටිකකුත් කියලා අන්තිමට අට හමාර විතර වුණා. වෙනදනම් මම නවය විතර වෙනකන් කරනවනෙ...අද මට හිතුණා මේ ඇති කියලා. මේක අන්තිම සින්දුව කියද්දි ඕඩියන්ස් එකෙන් පොඩි කණු කුණුවක් ආවත් මම කියන්න යන සෝන්ග් එක කියද්දි එයාලා ගොඩක් එක්සයිට් වෙලා කම්ප්ලේන් කරන එක නැවැත්තුවා.

"Any special reason Vidur...?"

"Ahhh no. I love that song..."

මම ඕඩියන්ස් එකේ හිටපු බෝයි කෙනෙකුට උත්තර දෙද්දි එයා හිනාවුණා. ටිකක් පරණ සින්දුවක් වුණත් මේ දවස් වල වයිරල් නිසා ඒක හැමෝම වගේ දන්නවා. අනික හැමෝම වගේ ඒකට ආසයි.

සින්දුව පටන් ගද්දිනම් මම හිටියෙ ඇස් දෙක පියාගෙන. කොහොමත්...දැන්ම ඇස් මුණ ගැහෙන්නෙ නැති තරමට හොඳයි.

"He said, "Let's get out of this town

Drive out of the city, away from the crowds"

I thought Heaven can't help me now

Nothing lasts forever

But this is gonna take me down"

ඉතිරි ටික කියන්න ඇස් දෙක ඇරියත් මම තාම බලන් හිටියෙ ඕඩියන්ස් එක ඉස්සරහ. ඒ ටික කියද්දිම ඒ ඇස් දිහා බලන්න තරම් හයියක් මට නෑ.

"He's so tall and handsome as hell

He's so bad, but he does it so well

I can see the end as it begins

My one condition is"

මම හරියටම ඒ ඇස් දිහා බැලුවෙ ඊට පස්සෙ. මේක ගුඩ්බායි සෝන්ග් එකක් නෙවෙයි...මට එහෙම කරන්න ඕනෙ නෑ. මම මේ සින්දුවම තෝරගත්තෙ ඇයි කියන්න මම දන්නෙත් නෑ. මට දැනුණෙ...කේන්ති ගන්න ඕන වුණත් කේන්ති නොගෙන ආදරණීය විදිහට සමු දෙන සින්දුවක් විදිහට. මගෙ හිතේ තියන දේ හරියටම කියන සින්දුවක් විදිහට.

"Say you'll remember me

Standing in a nice dress

Staring at the sunset, babe

Red lips and rosy cheeks

Say you'll see me again

Even if it's just in your wildest dreams, ah-ah, ha

Wildest dreams, ah-ah, ha"

මම ඒ ඇස් දිහාම බලන් කියද්දි එයා හිනාවුණා. වෙනදා වගේ ඇස් වලින් නෙවෙයි...කලින් සන්සෙට් එක බලද්දි හිනාවුණා වගේ හරි සන්සුන් හිනාවක්. ඒත් ඇස් දෙකේ තාම බලාපොරොත්තුවක් නැති එකට මම ගොඩක් බය හිතුණා. මම තෝරගත්තෙ හරිම සින්දුව නෙවෙයිද?

"I said, "No one has to know what we do"

His hands are in my hair, his clothes are in my room

And his voice is a familiar sound

Nothing lasts forever

But this is getting good now"

මම ආයෙම අහක බලාගත්තෙ ඊයෙ දවස මතක් වුණ නිසා. සමහරවිට...ඒ පද පේළිය නිසා වෙන්න ඇති.

"He's so tall and handsome as hell

He's so bad, but he does it so well

And when we've had our very last kiss

My last request is"

මම ඒ ටික කිව්වෙනම් ඇස් දෙක දිහාම බලාගෙන. මම මුලු සින්දුවම කිව්වෙ කිසිම තරහකින් නෙවෙයි, ගොඩක් සන්සුන්ව. ඒත් අනිත් පැත්තට ලවනුත් ඒ වගේම සන්සුන් වෙද්දි මගෙ පපුව ගැහෙන්න ගත්තා. හේතුවක් මම දන්නෑ...එයා මම කියන හැම දෙයක්ම සන්සුන්ව දරාගද්දි එයාම මේ වෙද්දි අවසානෙ තීරණය කරලදෝ කියලා මට හිතුණා.

"Say you'll remember me

Standing in a nice dress

Staring at the sunset, babe

Red lips and rosy cheeks

Say you'll see me again

Even if it's just in your wildest dreams, ah-ah

Wildest dreams, ah-ah, ha"

මම අන්තිම ටික කියද්දි ලවන් ඒ හිනාවෙන්ම බිම බලාගද්දි සිතුම්යත් ටිකක් බයෙන් වගේ ලවන් දිහා බැලුවා. ඒ දෙන්නම හිතන් ඉන්නෙ මම මේ ගුඩ්බායි කියනවා කියලද?? මට ඒ බූරුවා නැතුව ඉන්න බෑ බූරු පැටව්නේ.

"You'll see me in hindsight

Tangled up with you all night

Burning it down

Someday when you leave me

I bet these memories

Follow you around

You'll see me in hindsight

Tangled up with you all night

Burning (burning) it (it) down (down)

Someday when you leave me

I bet these memories

Follow you around

Say you'll remember me

Standing in a nice dress

Staring at the sunset, babe

Red lips and rosy cheeks

Say you'll see me again

Even if it's just pretend"

මම ඒ පාර්ට් එකේ අන්තිමට තියන ස්ලෝ ලයින්ස් ටික කිව්වෙ ඇස් දෙක පියාගෙන. ඒ ටික සින්ග් කරලා ඉවර වෙලා ඇස් දෙක ලවන්ව හොයන්න ඒ පැත්තට ගියත් එයා එතන හිටියෙ නෑ. එක පාරට මගෙ හිත කලබල වුණත් ඒක ඕඩියන්ස් එකට නොපෙන්නා මම පුලුවන් තරම් ඇස් දෙක වටේටම යවලා එයාවෙ හෙව්වා. ඒත් එයා කොහෙවත් නෑනෙ...සිතුම්ය දිහා බලද්දි එයා බය වෙන්න එපා කියන්න වගේ ලුක් එකක් දුන්න නිසා මම ටිකක් සන්සුන් වුණා.

"Say you'll remember me

Standing in a nice dress

Staring at the sunset, babe

Red lips and rosy cheeks

Say you'll see me again

Even if it's just (pretend, just pretend) in your wildest dreams, ah-ah, ha (ah)

In your wildest dreams, ah-ah, ha

Even if it's just stayed in your wildest dreams, ah-ah, ha

In your wildest dreams, ah-ah, ha"

මම සින්දුව ඉවර කරලා වෙනදා වගේම ටිප්ස් හම්බුණු සල්ලි ටිකත් එකතු කරන් චියර්ස් මැද්දෙ ස්ටේජ් එක කොනකට ආවත් මගෙ හිත ගොඩක් බයවෙලා හිටියෙ. එයා කලින් කිසිම බලාපොරොත්තුවක් නැතුව බලාගෙන හිටපු විදිහ මතක් වෙද්දි...එච්චර ඉක්මනට මේ හැමදේම අතෑරියද?? වැරැද්ද හරිගස්සන්නත් කලින්? ඊයෙ ඉඳන් වේලිලා තිබ්බ කඳුලු ආයෙම ඇස් අග නළියනවා මට දැනුණා.

මම හිටියෙ ස්ටේජ් එකේ කොනක වුණත් තාම ඕඩියන්ස් එක පේනවා. වැටෙන්න යන කඳුලු කාටවත් පේන්නැතිවෙන්න ස්ටේජ් එකෙන් බැහැගන්න ගියත් මම එක පාරට දෙයක් මීටර් වෙලා ආයෙම ස්ටේජ් එක දිහා බැලුවා. වෙනදට බෑන්ඩ් එකත් මාත් එක්කම එනවනෙ...අද-

මම තවත් හිතන්න කලින් බෑන්ඩ් ලීඩර් ස්ටේජ් එක මැද තියලා තියන මයික් එක ගාවට ආවා.

"Ladies and gentlemen...we have one more performance."

මොකක්...අනේ ආයෙනම් පෆෝම් කරන්න බෑ පුතේ. ඇඬෙන්න ඔන්න මෙන්න වගේ තියෙද්දි පෆෝම් කරන්න පුලුවන්ද??

"And we have a special guest too..."

යකෝ...මුන් මට කියන්නෙත් නැතුව ස්පෙශල් ගෙස්ට්ලා ගෙනල්ලද? හරි මංගල්ලයක් වුණානෙ. හැබැයි මාව අයින් කරොත්නම් ඇත්තමයි දානවා නඩු.

"Well...you all know him. And he wanted to give us a surprise visit."

ආහ්? සෙලිබ්‍රිටි කෙනෙක්වත්ද?? හෝව්ව්ව්ව්...මම හිතන කෙනාද? එක පාරට යමක් මීටර් වෙලා මම ස්ටේජ් එකේ එහා කොන බලද්දි- මම හිතුවා හරි. ලවන්...එයා මයික් එකත් අරන් ඕඩියන්ස් එකට හිනාවෙලා ස්ටේජ් එකට නගිද්දි මම කිසිම දෙයක් ප්‍රොසෙස් කරගන්න බැරුව පුදුමෙන් වගේ එයා දිහා බලන් හිටියා. එයා මොනවා කරයි කියලා හිතුවත්...මේ වගේ දෙයක් කරයි කියලා මම හිතුවෙ නෑ.

එයා ස්ටේජ් එකට නගිද්දි ආපු චියර්ස් වලටනම් මට අවංකවම සතුටක් දැනුණා. දැන් එයාවත් මේ හැමෝම දන්නවා. ස්ටේජ් එකට නැගලනම් ලවන් මගෙ දිහා බැලුවෙ නැතත් මම හිටියෙ එයා දිහාම බලාගෙන. මට තවමත් හිතාගන්න බෑ.

"Good evening everyone..."

ලවන් යන්තම් ග්‍රීට් කරා විතරයි ඕඩියන්ස් එක තව හයියෙන් චියර් කරා. ඒකටනම් පොඩ්ඩක් ඉරිසියා හිතුණා හොඳේ...ඒ කියන්නෙ මේ එයාගෙ පොපියුලරිටි එක ගැන නෙවෙයි එයාව අනිත් හැමෝටම මෙහෙම බලන්න හරි පුලුවන් එක ගැන. කමක් නෑ ඉතින්...කවුරු බැලුවත් අයිතිකාරයො ඉන්නෙ එක්කනයිනෙ.

"I hope uhh- I hope you don't mind me taking the stage..."

"Oh come on...now we love you too just like we love Vidur."

යැයි යැයි තමා...අනේ අක්කෙ මේ පාඩුවේ ඉන්නවද? එයාට ලව් කරන්න කට්ටිය ඉන්නවා. ඕහ් වෙයිට්...ඕඩියන්ස් එකට මෙහෙම කියන එක හරි නෑනේ? ඉල්ලා අස් කරගන්නවා හොඳේ.

"Oh...and Vidur too. I hope he doesn't mind me taking his stage."

ලවන් ලස්සනට හිනාවෙලා මගෙ දිහා බලලා කිව්වා. එක පාරට මගෙ නම කියද්දි මම ටිකක් ගැස්සුණා. මම කිසි දෙයක් නොකිව්වත් මගෙ ඇස් දෙකේ එයා වෙනුවෙන් තිබ්බෙ සොෆ්ට් බැල්මක් කියන්න මම දන්නවා. මම එයා දිහා බලන් හිටපු විදිහට යන්තම් ඒ ඇස් දෙක සැනසීමෙන් පිරෙද්දි ආයෙම එයා කතා කරන්න ගත්තා.

"Well...before start singing have to tell you something."

ලවන් කියද්දි මම විතරක් නෙවෙයි...ඕඩියන්ස් එකත් කුතුහලෙන් බලන් හිටියෙ එයා මොනවද කියන්න් බලන්න.

"Uhh...around one and a half month ago, I met the most amazing, most beautiful, kindest,cutest person I have ever met."

ලවන් මගෙ දිහා යන්තම් ඇස් කොනින් බලලා කිව්වා. බොරු කියන්න ඕනෙ නෑනෙ...ඇත්තටම ඒ වචන ටිකට මගෙ පපුව වේගෙන් ගැහෙන්න ගත්තා. ලවන් මගෙ ගැන හිතන විදිහ එයාම ඒ විදිහට කියද්දි...

මම එයාගෙ ඇස් මඟාරින්න කියලා පොඩ්ඩක් ඕඩියන්ස් එක දිහා බලද්දි දැක්කා දෙතුන්දෙනෙක්ගෙ මූණු නාලු වෙනවා. හොඳ වැඩේ...ආවා මෙතන මගෙ එකාට පැණි හලන්න.

"But uhh...few days ago I messed up a bit. Alot actually. I- I want to make it up cuz...I can't imagine my life without that person."

"Oh...that's wholesome."

"How lucky she is..."

She නෙවෙයි අයියෙ he...කමක් නෑ ඉතින් මේ කවුරුත් දන්නෑනෙ ඒවා.

"Do you guys think my special person would forgive me if I sing one of their favorite songs here...?"

"Of course she would...ස්ටේජ් එකේම එයාට සින්දුවක් ඩෙඩිකේට් කරනවා කියන්නෙ. ඒක මාර රොමෑන්ටික්නෙ."

"ඔව්...මිස්ටේක් වෙනවා තමානෙ ඉතින්. ඒත් මේ විදිහට ඔයා ඒක හරි ගස්සනවා කියන්නෙ...If I were her I would have forgiven immediately."

ඕඩියන්ස් එකේ අය කියද්දි මම බිම බලාගත්තා...ඒක රොමෑන්ටික්නම් තමයි. Well...let's see.

සින්දුවේ මියුසික් පටන් ගන්නවත් එක්කම මම එක පාරට ඔලුව උස්සලා ලවන් දිහා බැලුවා. එයා තාමත් ලස්සන හිනාවක් එක්ක මගෙ දිහා බලන් හිටියා. එදා...මියුසික් එකත් එක්ක මට ඒ ලස්සන මොහොත මතක් වුණා.

"Maybe it's the way you say my name

Maybe it's the way you play your game

But it's so good, I've never known anybody like you

But it's so good, I've never dreamed of nobody like you"

මගෙ අත ඉබේම මගෙ නෙක්ලස් එකට ගියේ මමත් නොදැනිමයි. ලවන් මට ඒ නෙක්ලස් එක දීපු විදිහ, එයා ප්‍රොමිස් වුණ විදිහ, අපි දෙන්නා ගොඩක් වෙලා කිස් කරපු විදිහ මට මතක් වුණා. මම නෙක්ලස් එක අල්ලනවත් එක්කම ලවන් යන්තම් හිනාවෙනවා මම දැක්කා.

"And I've heard of a love that comes once in a lifetime

And I'm pretty sure that you are that love of mine

'Cause I'm in a field of dandelions

Wishing on every one that you'd be mine, mine

And I see forever in your eyes

I feel okay when I see you smile, smile"

එයා අන්තිම ලයින් එක කියද්දි මම අවංකවම හිනාවුණා. Well...I hope you're ok then.

"Wishing on dandelions all of the time

Praying to God that one day you'll be mine

Wishing on dandelions all of the time, all of the time"

මම ඒ සින්දුවේ ආසම කොටස තමයි ඔය. ලවන්ම ඒ කොටස මං වෙනුවෙන්ම කියද්දි මගෙ පපුවට දැනෙන හැඟීම් දරාගන්න බැරුව මම බිම බලාගත්තා. ඇත්තම කිව්වොත් බැලුවෙ මගෙ අතට ගුලිවෙලා තිබුණ නෙක්ලස් එක දිහා. ඇස් අග නළියපු කඳුලු බිංදුවක් ගලාගෙන ගිහින් ඩයමන්ඩ් එක උඩට වැටෙනවා මම බලාගෙන් හිටියා.

ආයෙමත් සැරයක් නෙක්ලස් එක උඩ තිබුණෙ සතුටු කඳුලු බිංදුවක්...පළවෙනි දවසෙ වගේම. මේ වෙද්දි මගෙ පෑරුණ තුවාල ඔක්කොම සනීප වෙලා තිබුණා.

"I think that you are the one for me

'Cause it gets so hard to breathe

When you're looking at me, I've never felt so alive and free

When you're looking at me, I've never felt so happy"

ලවන් ඒ ටික මගෙ ඇස් දිහාම බලාගෙන කිව්වෙ ගොඩක් ආදරේ හිතෙන විදිහට. මේ වෙද්දි එයාගෙ ඇස් දෙක ආයෙමත් බලාපොරොත්තු වලින් පිරිලා තියනවා දකිද්දි මට දැනුණෙ කියන්න බැරි තරම් සතුටක්.

"And I've heard of a love that comes once in a lifetime

And I'm pretty sure that you are that love of mine

'Cause I'm in a field of dandelions

Wishing on every one that you'd be mine, mine

And I see forever in your eyes

I feel okay when I see you smile, smile

Wishing on dandelions all of the time

Praying to God that one day you'll be mine

Wishing on dandelions all of the time, all of the time"

ලවන් සින්දුව කියන ගමන්ම මගෙ දිහාට එද්දි මම ටිකක් කලබල වුණා. මොකද තවමත් එයාගෙ ඇස් දෙක දිහා එච්චර ළඟින් බලන්න තරම් හයියක් නෑ.

"Dandelion, into the wind you go

Won't you let my darling know?

Dandelion, into the wind you go

Won't you let my darling know that?"

ලවන් ඒ ටික කිව්වෙ මගෙ නෙක්ලස් එක ලාවට ඇඟිලි තුඩු වලින් අල්ලන ගමන්. ඒ එක්ක එයාගෙ ඇඟිලි යන්තමට මගෙ අත ටච් වෙද්දි මගෙ ඇඟම හිරිවැටිලා ගියා...හරියට එයා මාව අල්ලපු පළවෙනි වතාවෙ වගේ. මමත් එයා කරන කිසි දේකට පොඩ්ඩවත් විරුද්ධ වුණේ නෑ. එයාගෙ ඇස් දිහා බැලුවෙ නැතත් මගෙ මූණෙ යන්තම් තියන හිනාව එයා දකින්න ඇති. නැතත් ඉතුන් කම්මුල්...ඒවා ගැන ආයෙ අමුතුවෙන් කියන්න ඕනෙද.

"I'm in a field of dandelions

Wishing on every one that you'd be mine, mine

And I see forever in your eyes

I feel okay when I see you smile, smile

Wishing on dandelions all of the time

Praying to God that one day you'll be mine

Wishing on dandelions all of the time, all of the time"

එයා අන්තිම ටික සින්ග් කරන්න ආයෙම ස්ටේජ් එක මැදට ගියා. දැන්නම් එයා හිටියෙ ගොඩක් සතුටින්. මම නොකියා කියපු ගොඩක් දේවල් එයාට තේරෙන්න ඇති.

"I'm in a field of dandelions

Wishing on every one that you'd be mine, mine"

සින්දුව පටන් ගත්තට වඩා ලවන් සින්දුව ඉවර කරේ ගොඩක් විශ්වාසෙන්. හැබැයි එයා සින්දුව ඉවර වෙනවත් එක්කම වගේ මම ස්ටේජ් එකෙන් බැහැලා ආවා. කොහොමත් මෙතන මොනවා කරන්නද? හරි ඉතින් අනිත් අයට නොපෙනී මොනවහරි කරන්න පුලුවන් වුණාට මට එහෙම ඕනෙ වුණේ නෑ. මම ඉක්මනට කැෆේ එකෙන් එළියට ආවා.

එහෙම ආපු එකට මොනවා හිතයිද දන්නෑ දැන්. කමක් නෑ එහෙම අවුස්සන එකෙත් පොඩි ආතල් එකක් තියනවා හැබැයි...මම සල්ලි ගන්නෙත් නැතුව අනිත් ඔක්කොම අරන් මගෙ බයික් එක ගාවට ආවා. මම හිටියෙ කලින් සන්සෙට් එක බලාගෙන හිටපු තැනමයි.

එතෙන්ට ළං වෙන්න කලින්ම හැබැයි මට ලවන්ගෙ කටහඬ ඇහුණා.

"විදුර්...ඔහොම පොඩ්ඩක් ඉන්න!! අනේ පොඩ්ඩක් ඉන්නකො..."

මම හිනාව නවත්තගෙන දිගටම බයික් එක ගාවටම ඇවිදන් ආවා.

"විදුර්...අනේ පොඩ්ඩක්-"

මම ගිටාර් එක බයික් එක උඩින් තියලා හැරෙද්දිම ලවන් හිටියෙ මගෙ ඉස්සරහම වගේ. මම හිනාවක් දාලා බක් ගාලා අනිත් පැත්ත හැරෙද්දිම ලවන් කියන්න ගිය එක නවත්තගත්තා.

"මට- ඔ-ඔහොම පොඩ්ඩක් ඉන්නහ්-"

දුවගෙනනෙ ආවෙ...තවම හති. පවු කියලත් හිතුණා ඉතින්. ඒ වුණාට තාම බදාගෙන සනසන ලෙවල් එක ආවෙ නෑ. ලවන් නෝර්මල් වුණාට පස්සෙ එයා ආයෙම කතා කරා.

"විදුර්...මට පොඩ්ඩක් කතා කරන්න ඕනෙ ඔයත් එක්ක."

"ම්ම්...කියන්න."

ඊයෙ වගේ නැතුව මම එයත් එක්ක කතා කරන්න කැමති වුණ එකට සෑහෙන ලොකු සතුටක් ලවන්ගෙ ඇස් දෙකේ ඇඳුණා. එයා මගෙ අත හරි පරිස්සමට එයාගෙ අත් දෙක මැද්දට ගත්තා...හරියට බිඳෙන දෙයක් අල්ලනවා වගේ, මම අකමැති වෙයි කියලා බයෙන් වගේ.

"විදුර්...මුලින්ම, අනිත් හැමදේටම කලින් මට ඔයාගෙන් සමාව ගන්න ඕනෙ. Hurting you was the last thing I wanted to do. ඒත්...මගෙ අතින් ඒක වුණා. මම ඔයාව ගොඩක් ඇඬෙව්වා...මට සමාවෙන්න ඒකට."

"...."

"මම ඒ වැරැද්ද පිළිගන්නවා. ඒත් මට ඔයාට කියන්න ඕන...මම ඔයාට කවදාවත් බොරුවක් කරලා නෑ විදුර්. හම්බුණ දවසෙ ඉඳන්ම ඔයා වෙනුවෙන් දැනුණු කිසිම හැඟීමක් ගැන, ඔයාට දැනෙන්න දුන්න හැඟීම ගැන මම බොරුවක් කරලා නෑ. මම කියපු එකම බොරුව එදා ඒ කියපු වචන ටික විතරයි..."

ලවන් ආයෙම ඒ වචන ගැන මතක් කරද්දි මම බිම බලාගත්තා. සමාව ගන්න ඒ මොහොත මතක් කරන්න ඕන තමයි...ඒත් මට ආයෙම ඒක මතක් වෙද්දි දුකක් දැනුණා. ඒක තේරුණ නිසාමද කොහෙද ලවන් මගෙ අත තව ටිකක් තදින් අල්ලගෙන මට ළං වුණා.

"මම- මම ඒකට නිදහසට හේතු කියන්නෙ නෑ විදුර්. මට ඒ වෙලාවෙ...මම දන්නෙ නෑ-"

"අපි ඒ ගැන කතා නොකර ඉමු..."

ලවන් හැමදේම පුලුවන් උපරිමේට හරිගස්සන්න හද්ද්දි මට ආයෙත් ඒ මොහොත මතක් කරන්න ඕනෙ වුණේ නෑ. කොහොමත් ලවන් ඊට පස්සෙ කරපු දේවල් එක්ක මට ඒ මොහොතෙ දැනුණ වේදනාව අමතකම වෙලා ගිහින් තිබ්බෙ. වුණ දේ වෙලා ඉවරයි...අපි ඉස්සරහට යන්න ඕන.

මම ඒ දේ කියනවත් එක්කම ලවන්ගෙ ඇස් දෙකේ ලොකු සැනසීමක් ඇඳුනා. එයා හිනාවෙලා බිම බලාගත්තෙ දැනෙන සතුට කන්ට්‍රෝල් කරගෙන.

මම ලවන් එක්ක පුරුදු විදිහටම එයා එක්ක හිනාවෙද්දි එයා එක අතකින් මගෙ අත අල්ලගෙනම අනිත් අතින් එයාගෙ ජැකට් එකේ සාක්කුවට අත දැම්මා. එයා එළියට ගත්තෙ...රතු රෝස මලක්. වෙනදා වගේ ලා රෝස පාට නෙවෙයි, වෙනදා වගේ බොකේ එකකුත් නෙවෙයි. මගෙ මූණෙ හිනාව එහෙමම තිබ්බත් ටිකක් පුදුමෙන් වගේ ඇස් ලොකු කරලා බලද්දි ලවනුත් යන්තම් හිනාවුණා. ටිකක් නොසන්සුන්ව වගේ ලොකු හුස්මක් පහළ දාපු ලවන් රෝස මල මගෙ අතට දෙද්දි මම පරිස්සමට ඇඟිලිතුඩු දෙකකින් ඒක අල්ලගත්තා. මම මල අතට ගද්දි ලස්සනට හිනාවුණ ලවන් ආයෙම මගෙ අත එයාගෙ අත් දෙකින්ම අල්ලගත්තා.

"මට- මට ඔයාට කියන්න ඕනෙ විදුර්...මම ඔයාට ආදරෙයි. ගොඩක් ආදරෙයි... සමහරවිට- මට එහෙම හිතෙන්න ඇත්තෙ ඔයාව දැකපු පළවෙනි වතාවෙම වෙන්න ඇති. නැත්තම්...ඔයා එක්ක මුලින්ම කතා කරපු වෙලාවෙ වෙන්න ඇති...එහෙමත් නැත්තම් ඔයා මම ආසම විදිහෙ දේවල් කියද්දි වෙන්න් ඇති...මම- මම දන්නෑ විදුර්. මම දන්න එකම දේ මම ඔයාට ගොඩක් ආදරෙයි කියලා විතරයි."

මම දන්නෑ මට ඒ වෙලාවෙ දැනුණ හැඟීම් කියාගන්න මේ ලෝකෙ තියන වචන ඇතිවෙයි කියලා. ලවන් පළවෙනි වතාවට මට ආදරෙයි කියලා කියද්දි...මගෙ ඇස් දෙක දිහා බලාගෙනම ඒ වචන කියද්දි මට කරන්න පුලුවන් වුණ එකම දේ කඳුලු පිරුණු ඇස් දෙකකින් එයා දිහා බලන් ඉන්න එක විතරයි. මගෙ පපුවෙ පැත්තක් හිරිවැටිලා වගේ. තමන් ආදරේ කරන කෙනාම මම ඔයාට ආදරෙයි කියද්දි දැනෙන හැඟීම කොච්චර ලස්සනද...මම පළවෙනි පාරට ඒක විඳින ගමන් හිටියා.

"මම වෙනදා වගේ මල් බොකේ එකක් නැතුව අද ඔයාට එක මලක් දුන්නෙත් ඒකයි...cuz I wanted you to know that I have only one person. You're my one and only Vidur...it has always been you, it's still you and it will forever be you. මට මීට කලින් කිසිම කෙනෙක් ගැන ආදරේ හිතිලා නෑ...මට විශ්වාසයි අවුරුදු දාහක් ගියත් මට ඔයාට වගේ වෙන කෙනෙකුට ආදරේ කරන්න බෑ."

ලවන් මගෙ අත හිමින් උඩට අරන් මගෙ අත උඩින් හාද්දක් තියද්දිත් මම ඇස් අග නලියන කඳුලු එක්ක එයා දිහා බලන් හිටියා.

"ඔයා මට තව චාන්ස් එකක් දෙයිද කියන්න මම දන්නෙ නෑ...ඔයා එහෙම නොදුන්නත් ඒ ඇයි කියන්න මට තේරෙනවා. එහෙම වුණොත් මම මේ ලෝකෙ අවාසනාවන්තම මනුස්සයා කියලා හිත හදාගන්නම්...ඔයාව මං ගාවටම ඇවිල්ලත් ඔයාව නැතිකරගන්න වුණ එක ගැන අමාරුවෙන් හරි හිත හදාගන්නම්. ඒත් මට ඔයාට මේක කියන්න ඕනෙ වුණා විදුර්...මම- මම ඔයාට ගොඩක් ආදරෙයි."

එයාගෙ ඇස් දෙකත් කඳුලු වලින් පිරිලා තියෙද්දි මගෙ ඇස් දිහාම බලාගෙන ලවන් කිව්වා. මම දන්නෑ ඒ සතුටු කඳුලුද,නැත්තම් මාව නැතිවෙයි කියලා බයට දැනුන කඳුලුද කියලා. ඒ කොහොම වුණත් ඒ දියමන්ති වගේ ඇස් අස්සෙ හැඟීම් මහ ගොඩක් මම දැක්කා.

"ආයෙ කියන්න..."

මම ලවන්ට විතරක් ඇහෙන්න හිමින් මුමුණද්දි එයා පුදුමෙන් වගේ ඇස් ලොකු කරලා මගෙ දිහා බැලුවා. සමහරවිට එයා මගෙන් එහෙම රිඇක්ශන් එකක් බලාපොරොත්තු වෙන්න නැතුව ඇති.

"ආහ්...?"

"ඔයා කියපු එක...ආයෙ කියන්න."

මම ලවන් දීපු රෝස මලේ නටුව දිගේ මගෙ ඇඟිලි හිමින් ගෙනියන ගමන් කිව්වා. නටුව දිගේ අරන් ගියේද? නටුවෙ කටූ තියනවද බලන්න. කටූනම් නෑ...හැබැයි පොඩි කාලෙ අම්මා ගහපු වේවැල වගේ හයියට තියනවා. ම්ම්...නයිස්.

"මම ඔයාට-"

ලවන් කියන්න ගිය එක නවත්තලා බලාගෙන හිටියෙ මම රෝස මලේ නටුව සීරුවට උඩ පැත්තට හරවලා ගත්ත හැටි දිහා. එක පාරට මම මොකද්ද කරන්නෙ කියලා එයත් කන්ෆියුස් වෙලා වගේ බලන් හිටියත් මම හිමින් නටුවෙන් මගෙ අල්ලට තට්ටු කරද්දි එයාටත් මම කරන්න යන දේ තේරිලා වගේ බයවෙලා මගෙ දිහා බැලුවා.

"තවුසෙ- තවුසෙ ආදරෙයි කියන එකට කියන්නෙ- ෆීලින්ග්ස් නෑ කියලද එතකොට- ආහ්?? මහලොකුවට- කිව්වෙ එහෙම-"

මම නටුවෙන් එයාට ගහගෙන ගහගෙන යද්දි ලවන් අත් දෙකෙන් එයාව ශීල්ඩ් කරගත්තා.

"ආව්...අනේ- ආව්හ්!! ඕකෙන් ගහන්න එපා- ආව් රිදෙනවා...!"

ඒ පාරවල් කිස් කිස් ගාලා වදින විදිහට රිදෙනවා ඇති කියලනම් මටත් තේරෙනවා. ලවන් ටී ශර්ට් එකේ අතුත් නමාගෙනනෙ හිටියෙ. කමක් නෑ හහ්...

"රිදෙන්න- තමයි- ගහන්නෙ...මට ෆීලින්ග්ස් නෑ යැයි යැයි ගෑවෙ- ඇත්තමයි- මට- එන- කේන්තිය-"

"අනේ විදුර්...ආව්හ්හ්!! ඕකෙන් ගහන්න එපා-"

ලවන් කෑගහද්දි මම රෝස මල අරන් බයික් එක උඩින් තිබ්බා. එක අතකට අපරාදෙ ඒකෙ පෙති තැලුනොත් එහෙම. මම ඒක තියලා ශර්ට් එකේ අත් දෙක නමාගත්තා. ඒකෙන්නෙ ගහන්න එපා කිව්වෙ.

"ආයෙ- කියනවද ඔය වගේ- ගොන් කතා- ආහ්?? කියනවද- ඇත්තමයි- ආයෙ කිව්වොත්-"

"අනේ හරි...ආයෙ කියන්නෑ- එපා විදුර්..."

කෝට්ටෙන් වගේ රිදෙන්නැද්ද ආව් කියන්නැත්තෙ. එහෙමයි කියලා මම ගහන එක නැවැත්තුවෙ නෑ ඉතින්. ඒත් එක පාරට මම ගහන එක නැවතුනේ ලවන් මාව අල්ලගත්ත විදිහට.

කොහොමහරි මම ගහන එකෙන් බේරුන ලවන්ගෙ අත ඇවිත් නැවතුනේ මගෙ බෙල්ලෙන්...එයා මගෙ නිකටට යටින් අත තියලා බෙල්ල අල්ලගත්ත විදිහට මට මුකුත් ප්‍රොසෙස් කරගන්න බැරුව එක පාරට නැවතුනා.

මම හිතන්නත් කලින් මාව ඒ විදිහටම එයා දිහාවට ඇදලා ගත්ත ලවන් එයාගෙ තොල් මගෙ තොල් උඩින් තිබ්බා...හරියටම කිව්වොත් ක්‍රෑශ් කරා. විනාඩියක් විතර යනකන්ම මම හිටියෙ ෆ්‍රීස් වෙලා වගේ. මම ඒ වගේ වයලන්ට් ටයිප් ඇක්ට් වලට කැමති.

වයලන්ට් දේවල් වලට මම කැමති කියලා නෙවෙයි මේ කියන්නෙ. ආදරේ කරන කෙනා ඒ වගේ පොඩ්ඩක් වයලන්ට් නැත්තම් ඩොමිනන්ට් දේවල් කරද්දි මම කැමති...ඒක මගෙ කින්ක් එකක් වගේ.

ලවන් එක පාරට එහෙම දෙයක් කරද්දි මුලින් මට ප්‍රොසෙස් කරගන්න බැරිවුණත් ටික වෙලාවකින් ඉබේම මගෙ අත් එයාගෙ බෙල්ල වටේ එතුනා. මමත් එයාගෙ හාද්දට හවුල් වෙලා එයාගෙ තොල් මගෙ තොල් මැද්දට අරන් උරද්දි ලවන් කිස් එක මැදින්ම හිනාවුණා.

සමහරවිට එයා මෙහෙම දෙයක් හිතන්න නැතුව ඇති...මම නැතුව ඉන්න හිත හදාගන්න ඇති. ඒත් මමත් පුරුදු විදිහටම එයාව කිස් කරද්දි තවත් උද්යෝගෙන් මාව කිස් කරපු ලවන් මගෙ ඉන දෙපැත්තෙන් අත් තියලා මාව ළං කරගත්තා. අපි දෙන්නම කිස් එක බ්‍රේක් කරලා දෙපැත්තට වෙද්දි හිටියෙ හුස්ම ගන්නවත් බැරුව.

"මම ආදරෙයි කියලා කිව්වෙ..."

ලවන් හුස්ම අල්ලන්න ට්‍රයි කරන අතරෙම කියද්දි මට යන්තම් හිනාගියා.

"මමත් ආදරෙයි..."

මම ලවන්ගෙ ඇස් දෙක දිහාම බලන් හිමින් කිව්ව පමාවට එයා මාව බදාගත්තා. මමත් ඉවසිල්ලක් නැතුවම ඒ අත් අස්සෙ හැංගුනේ මට මිස් වුණ ඒ හැඟීම, ඒ සුවඳ විදගන්න. මමත් දැන් ඔයාට ඇබ්බැහි වෙලානෙ...කොහොමද මම ඒ සුවඳ නැතුව ඉන්නෙ?

ලවන් හග් එක අතරෙම සැරින් සැරේ මාව තදින් බදාගද්දි, පිට දිගේ අරන් ආපු එයාගෙ අත මගෙ ඔලුව පිටිපස්සෙන් තියලා තවත් මාව ළං කරගද්දි මමත් එයාගෙ උරහිස ගාවින් මූණ තියලා එයාව තද කරලම බදාගත්තා. අපි දෙන්නම විනාඩි ගාණක් ඒ විදිහටම අපි දෙන්නගෙ සුවඳ අස්සෙ හැංගිලා හිටියා.

හග් එක බ්‍රේක් කරලා මගෙ කම්මුල සීරුවට අතගාපු ලවන් මගෙ නළලින් දිග කිස් එකක් තියද්දි මම ආයෙම ඇස් පියාගත්තා. මට විශ්වාසයි...මෙච්චර කාලෙකට ඒ ඇස් වැඩියෙන්ම පාට වෙනවා මම දැක්කෙ අද. ලවන් ආයෙම මගෙ කම්මුල් දෙක පරිස්සමට අල්ලගෙන මගෙ ඇස් දෙක දිහා බැලුවා.

"Will never loose you...EVER."

-------------------

හායි...ඡන්දෙ එහෙම දැම්මත 😮‍💨 ප්‍රතිඵල බලන ගමන් ලිව්වෙ.

ලවන් එක්ක තරහ නෑනෙ 🥲 විදුර්වත් තරහා නැති එකේ ඔයාලා තරහ වෙන්න එපා හොඳේ...

චැප්ටරේ මොකෝ හොඳයිද?

එනිවේ මේ දෙන්නත් බලාගන්නකො ඉතින් 😁

Share This Chapter