Back
/ 35
Chapter 15

Part 15

සීමාවෙන් එහා

"ලවන්...ඔයා එන ගමන්ද?"

තනි අතින්ම කුස්සියේ බඩු ටික අස් කරන ගමන් මම අනිත් අතින් ෆෝන් එකත් කනේ ගහන් ඇහුවා.

"අනේ මම තාම ගෙදරනෙ...බලන්නකො මට එලාර්ම් තියන්න අමතක වෙලා උදේ. ඔයා බලන් හිටියද?"

"නෑ...මමත් දැන් උයලා ඉවර වුණේ. ඔයා කෑම හදලා නැත්තම් කෙලින්ම එන්න අපිට කාලම පටන් ගන්න පුලුවන්නෙ."

"කෑමනම් හදලා තියෙන්න විදුර්...ඔයා මටත් එක්ක හැදුවෙ නෑනෙ නේද උදේට?"

"මම කොහොමත් වැඩිපුර හැදුවා ලවන්...අද රෑටත් තියාගන්න ඕනෙ නිසා. හරි ඔයා කාලා හිමීට එන්න අවුලක් නෑ. පරිස්සමින් එන්න..."

"හරි විදුර්...මම එනකම් පරිස්සමින් ඉන්න ඔයත්. බුදුසරණයි."

"බුදුසරණයි..."

මම කියලම පුරුද්දට දැන් ලවනුත් කෝල් එක කට් කරන්න කලින් බුදුසරණයි කියලා කියනවා. එයා කොහොමත් කැතලික් නිසා එහෙම කලින් පුරුද්දක් තිබිලා නෑ එයාට. ලංකාවෙත් නෙවෙයිනෙ හිටියෙ. ඒ නිසා ලවන් එහෙම කියද්දි මම හරි ආසයි.

මම කෝල් එක කට් කරලා භාජන ටිකත් හෝදලා කුස්සිය අතුගාලා දැම්මා. ආයෙ හෙට වෙනකන් උයන්න ඕනෙ නෑනෙ කොහොමත්. ලවන් දැන්ම එන එකක් නැති නිසා මම හිතුවා ගේත් අතුගාලම වොශ් එකක් දාගන්න.

ඊයෙ අම්මයි අප්පච්චියි අනුරාධපුරේ ගියා වන්දනාවෙ. කොහොමත් මේ පැත්තෙ වයසක සෙට් එක ඉඳලා හිටලා ඔහොම ගමනක් දාගන්නවා. ඊයෙ දවල් වෙන්න එයාලා ගියේ. රෑට රුවන්වැලි සෑය වන්දනා කරන්න ගිහින් තිබ්බා. කොහොමත් ඒ හරිය ඇත්තටම රෑට මාරම ලස්සනයි. මමත් ගිහින් තියනවා එක පාරක්.

අද අටමස්ථානෙ වන්දනා කරලා හෙටම එන්න තමා ප්ලෑන් කරන් ඉන්නේ. කොහොමත් මම තනියම ඉන්න එක ගැන එයාලට ගාණක් නෑ. මේ වටේටම ගෙවල් තියනවනෙ හදිසියක් වුණොත්. අනික යන්නෙත් මේ ළඟ ළඟ කට්ටිය නිසා යන කට්ටියගෙ ළමයි නිතර අනිත් අය ගැන හොයලා බලනවා ඒ දවස් වලට.

ඊයෙ රෑටත් මට කෑම එක හම්බුණේ ඉස්සරහ ගෙදර අක්කගෙන්. එයාගෙ අම්මත් ගියා වන්දනාවෙ. මහත්තයයි බබයි ඉන්න නිසා අක්කා අනිවාර්යෙන් රෑට උයනවා. මම ලෙක්චර්ස් ඉවර වෙලා එද්දි මටත් කෑම එකක් ලෑස්ති කරලා තිබ්බා එයා.

අද මම උදේම උයාගත්තා රෑටත් එක්කම. ෆ්‍රිජ් එකේ දාලා තියන්න පුලුවන්නෙ අදට. දවල්ට ලවනුත් ඉන්න නිසා එයාටත් එක්කම ඉව්වා. හෙට දවල්ට ටිනාශා කෑම එකක් ගේන්නම් කිව්වා. කෑමෙන්නම් අවුලක් නෑ කොහොමත්.

මගෙ ආර්ට් කම්පිටිශන් එකේ ඩෙඩ්ලයින් ලබන සතියේ. ඒකයි මම අද ලවන්ට එන්න කිව්වෙ ඒක ඇඳලා ඉවර කරන්න. මට හිතෙන හැටියටනම් දවසම යයි වගේ. මෙයා තාම ඇවිල්ලවත් නෑනෙ.

අදම එන්න කිව්වෙද? අහ්ර්ම්...මේකනෙ. තීම් එක ගෝඩ්ස් ඇන්ඩ් ඒන්ජල්ස් කියලා මම කිව්වනෙ. තීම් එක දකිද්දිම මගෙ ඔලුවට ආවෙ ග්‍රීක් ගෝඩ් ටයිප් ආර්ට් එකක්. ඒ ආර්ට් ගැන ඔයාලා දන්නවනෙ ඉතින්. පොඩ්ඩක් නේකඩ්, හාෆ් නේකඩ් වයිබ්ස් වැඩියිනෙ. ඒ ළඟින් යන එකක් තමා මගෙත් ඔලුවෙ තිබ්බෙ. ඉතින් ඕක අම්මයි අප්පච්චියි ඉන්න දවසක අඳින්න බෑනෙ.

ඒකයි අද ලෙක්චර්සුත් කට් කරන් ගෙදර හිටියෙ. කොහොමත් අද මට තියෙන්නෙ ලෙක්චර්ස් දෙකයි. ලවන්ටත් අද හවස පැයක එකක් තියනවා කිව්වෙ. ඒක ඩෙමොන්ස්ට්‍රේටර් කෙනෙකුට දෙනවා කියලා කිව්වා.

ලවන්ට මම කලින්ම කිව්වා අඳින්න හිතාගෙන ඉන්නෙ මෙහෙම එකක් කියලා. එයාගෙ අවුලක් නෑ...කොහොමත් මේක ආර්ට් එකක්නෙ. හියුමන් බොඩි කියන්නෙත් ආර්ට් එකක් තමයි. ආර්ට් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට මට ඒ ගැන එක්ස්පීරියන්ස් එකක් තියනවා. හියුමන් බොඩි එකේ සියුම් තැන් ගොඩක් තියනවා. ආර්ටිස්ට් කෙනෙක් විදිහට අපි ඒ හැමදේම හරියට අඳින්න දැනගෙන ඉන්න ඕනෙ.

සමහරවිට ෆයිනල් ඉයර් එකේදි අපිට හාෆ් නේකඩ් ඔර් නේකඩ් ගර්ල් කෙනෙකුයි බෝයි කෙනෙකුයි බලාගෙන අඳින්න තියෙන්න පුලුවන්. සාමාන්‍යයෙන් ෆොරින් රටවල් වලනම් අනිවාර්යෙන් නේකඩ් අයව තමා අඳින්න දෙන්නෙ. ඒවටම ඉදිරිපත් වෙන්න වෙනම මොඩ්ල්ස්ලා පවා එහෙ ඉන්නවා. ඒත් අපෙ රටේ හැටි දන්නවනෙ ඉතින්...දෙදාස් පන්සීයෙ ප්‍රෞඩ ඉතිහාසෙට කෙල වුණොත් එහෙම. ඒ නිසා හාෆ් නේකඩ් අයව දෙයි.

කොහොමත් ඕවා අඳින වෙලාවෙ වෙන මඟුල් ඔලුවට එන්නෙ නෑ. මොකද අපෙ ඔලුවෙ තියෙන්නෙ හරියට චිත්‍රෙ ඇඳලා කම්පිටිශන් එක දිනන එක, නැත්තම් එක්සෑම් එකක්නම් වැඩි ලකුණු ගන්න එක. අනික වෙලාවට ඉවර කරන්නත් එපැයි.

මම අවුරුද්දකට විතර කලින් ගිය කම්පිටිශන් එකක හිටියා හාෆ් නේකඩ් දෙන්නෙක් අඳින්න. ඕවට ගන්නෙත් ලස්සනයි කියලා අපි හදාගත්ත බියුටි ස්ටෑන්ඩර්ඩ්ස් වලට ෆිට් වෙන කට්ටියනේ. හරිනම් ඉතින් ඒ කොල්ලව දැකලා මට ඒ වෙලේ නගින්න එපැයි. එහෙම කිසි ෆීලින් එකක් ආවෙ නෑ. මූණෙ ඉඳන් කකුල් දෙක වෙනකන් රේඛා වල ඉඳන් කලර්ස් වලට වෙනකම් හරියට ගන්න සෑහෙන්න අමාරු වුණා. උගෙ නිප්ල් එක දිහා බලන් මම වරුවක් විතර ඔට්ටු වුණා මට මතකයි ඒ තියන පොඩි පොඩි ඩීටේල්ස් හරියට ගන්න.

මට ඕකම තව අයියා කෙනෙක් කිව්වා. අපෙ අප්පච්චිගෙ බැච් එකේම අංකල් කෙනෙක්ගෙ පුතෙක්. එයාලා අප්පච්චි කරපු කාලෙම PhD කරලා ආයෙ ඇවිත් නෑ USA වලම නැවතිලා. ඒ අයියත් ආර්ට් කරන්නෙ. එහෙ කොහොමත් දෙන්නෙ නේකඩ් මොඩ්ල්ස්ලනෙ. මම ඔය ගැන දවසක් ඒ අයියගෙන් ඇහුවා.

"අනේ බං ඒ වෙලාවට වනචරකං මුකුත් හිතෙන්නෑ...ඒ කෙල්ලගෙ කර්ව්ස් හරියට ගන්න මම ඔට්ටු වුණ තරමක්. අන්තිම වෙද්දි දාඩියත් දාලා තිබ්බෙ මට."

එයා කියන හැටි හිනාවෙවී අහන් හිටියා මට මතකයි. මටත් ඒක එහෙමයි කියලා ඔප්පු වුණා මම අර කලින් කියපු කම්පිටිශන් එකට ගිහාම. ලවන් වුණත් ඕවා ගැන දන්නවා. මම ඉදිරිපත් වෙන තීම් එක ගැනත් එයා දන්නවා. ඒ නිසා කිසිම අවුලක් නෑ එයාගෙ.

මෙහෙමයි ඉතින්...රැන්ඩම් මනුස්සයෙක් අඳිද්දි කොහොම වුණත් ලවන්ව අඳිද්දි මගෙ හිත කොච්චර සන්සුන් වෙයිද කියන්න මම දන්නෙ නෑ. එක්කො අවුලක් වෙන එකක් නෑ. මගෙ ප්‍රොෆෙශනල් ස්කිල්ස් හදාගන්නත් එක්ක මේ එක්ස්පීරියන්ස් එක හොඳයි. ඔය ජැක් අයියත් යස අගේට රෝස් අක්කව ඇන්ඳෙ. අනික මම අඳින්න යන්නෙ ෆුල් නේකඩ් එකකුත් නෙවෙයිනෙ. ශේප්...

මම අතුගාලා වොශ් එකක් දාන් ඇවිත් අඩුපාඩු මොනවද බැලුවා. දවල් කෑම හදලා ඉවරනෙ. ඊයෙ අම්මා අරන් යන්න හදපු වැලිතලපයි අලුවයි තියනවා තේ මේසෙට. ලවන් කිව්වා කේක් එකකුයි අයිස් ක්‍රීමුයි ගේනවා කියලා. අද උයන එකේ ඉඳන් ඔක්කොම තනියම කරන්නෙ මම නිසා එයාට දුකයිලු. ඒ නිසා වෙන ඒවට මහන්සි වෙන්න එපාලු. අර කියපුවයි ස්නැක්සුයි එයා අරන් එන්නම් කිව්වා ඒ නිසා. කලින්ම කිව්වෙ මම ඒවා ගෙනත් තියයි කියලලු. මට ආදරේ හිතුණා එහෙම කියද්දි. ලවන් ඒ කෙයාර් කරන විදිහට මම කොහොමත් ආදරෙයි ඉතින්.

ම්ම් එහෙනම් ඒවත් හරි. දැන් අඩු කෙසෙල් ඇවරියක් විතරයි. මම ටක් ගාලා උඩ තට්ටුවට දිව්වෙ වොලට් එක ගේන්න. ෆුඩ් සිටි එක තියෙන්නෙ අඩි දෙක තුනේ දුරින්නෙ...ලවන් එන්න කලින් අරන් එන්න පුලුවන්. ඇහුවොත් කියනවා ගෙදර තිබ්බා කියලා.

මම ෆුඩ් සිටි ගිහිල්ලත් පැය බාගෙකට විතර පස්සෙ ලවන් ආවා. මම ගේට් එක ඇරලා එයා කාර් එක ඇතුළට දානකම් ඉඳලා ආයෙම ගේට් එක වැහුවා. එයාට දැන්නම් ටිකක් හුරුයි කොහොමත් මෙතනින් හරවගන්න. එදා ආවට පස්සෙ මෙයා ජනවාරි පළවෙනිදත් අපෙ ගෙදර ආවනෙ. උදේ කැම්පස් තිබ්බ නිසා අම්මා එයාලට ඩිනර් එකට ඉන්වයිට් කරලා තිබ්බෙ. එයාලා කියන්නෙ ඉතින් සිතුම්යත් එක්කම.

ක්‍රිස්මස් දවසෙත් එයාලා හිටියෙ තනියම. පවුනෙ අලුත් අවුරුදු දවසෙත් දෙන්නා විතරක් තනියම ඉන්න ගියොත්. ඒ නිසා අම්මයි අප්පච්චියිම තමා යෝජනාව දැම්මෙ. එදා එයාලා හතට විතර ඇවිත් මහ රෑ වෙනකන්ම අපෙ ගෙදර හිටියා.

ලවන් දැන් ගොඩක්ම කම්ෆටබ්ල් අම්මයි අප්පච්චියි එක්ක. සිතුම්යවත් ඒ දෙන්නට ඉක්මනට හිතට ඇල්ලුවා. ලවන් මම එක්ක ඉන්න අතරෙ අප්පච්චි සිතුම්ය එක්කත් ගොඩක් වෙලා කතා කරනවා මම දැක්කා.

ඉතින් අද ලවන් ආවෙ තුන්වෙනි පාරටනෙ. දැන් එච්චර අවුලක් නෑ ඒ නිසා හරවන්න. මම ගේට් එක වහලා ලවන්ගෙ කාර් එක ගාවට ගිහාම එයා පුරුදු ලස්සන හිනාවෙන්ම කාර් එකෙන් එළියට බැස්සා.

මාව දැක්ක ගමන්ම මගෙ තොල් වලින් පෙක් එකක් තියපු ලවන් ඉන වටේ අත දාලා මාව ළං කරගත්තා.

"කොහොමද ඉතින්...තනි නෑනෙ ගෙදර ඉන්න?"

"නෑ...අද ඉතින් කොහොමත් ඔයා රෑ වෙනකන් ඉන්නවනෙ. හෙට අම්මලා එනවා."

"ම්ම්...එහෙනම් කමක් නෑ. ආ මේක ඔයාට..."

ලවන් සාක්කුවෙන් අරන් මට දුන්නෙ ඩයරි මිල්ක් චොක්ලට් එකක්. මම චොක්ලට් කන්න හෙන පෙරේතයා කියන්න එයා දන්නවා. මල් හිනාවක් එක්ක චොක්ලට් එක අරගත්ත මම ඉස්සිලා ලවන්ගෙ කම්මුලින් හාද්දක් තිබ්බා.

"හප්පේ ඉතින්...චොක්ලට් එකක් දුන්නොත් ඇති මූණ එළිය වැටෙන්න."

"එහෙම තමා...චොක්ලට් කියන්නෙ ආගමක්. මෙහ් යමු ඇතුළට."

මම කියලා ඉස්සර වෙද්දි ලවන් කාර් එකේ පිටිපස්සෙ දොර ඇරලා එයා ගෙනාපු බඩු ටික අරන් මාත් එක්ක ආවා. ලවන් ඒ ටික සාලෙ ස්ටූල් එක උඩින් තියලා එතනින් ඉඳගද්දි මාත් එයා ගාවට ගිහින් අතේ වැලමිට ගාවින් බදාගෙන උරහිසට හේත්තුවක් දාගත්තා.

"පාලුයි මේ ටිකේ..."

මම තොල් දෙකත් උල් කරන් කියද්දි ලවන් යන්තම් හිනාවෙලා මගෙ හිස් මුදුනට හාද්දක් දුන්නා. පාලුයි කියන්නෙ...දැන් ඇකඩමික් පටන් අරන් නිසා අපි දෙන්නට වැඩිය හම්බෙන්න වෙන්නෑනෙ. සමහර දවස් වලට දකින්නෙම නෑ. රෑට කෝල් කරන එකක් විතරයි.

ලවන් ගිය සතියෙ කැෆේ එකට ආවම විතරයි නිදහසේ හම්බුණේ. මීට කලින් ඉතින් අපි හැමදාම හම්බුණානෙ. අපි ලෙක්චර්ස් වෙලාවෙ විකාර කරන්න ගියෙ නැතත් එයා ළඟින් හරි හිටියනෙ. එහෙම ඉඳලා මේ විදිහට පුරුදු වෙන්න අමාරුයි එක පාරට.

"මටත්...ඔයාව මතක් වෙනවා ගොඩක්."

"හැම ක්ලාස් එක්කම නිකන් මාව පේනවා පේනවා වගේද...?"

"ම්ම්..."

මම ඒක ඇහුවෙ විහිලුවට වගේ වුණාට ලවන් ඔව් කියපු විදිහට මම කෙලින් වෙලා ඇස් දෙකත් ලොකු කරන් එයා දිහා බැලුවා.

"සිරාවට...?!?"

මම පොඩි හිනාවකුත් එක්ක අහපු විදිහට ලවන් කිසි ගාණක් නෑ වගේ මගෙ ඇස් මගෑරලා අහක බලාගත්තා. මම ආයෙම නිකටෙන් අල්ලලා ලවන්ගෙ මගෙ පැත්ත හරවගත්තා.

"කියන්නකො...ඇත්තටම ඔයාට මාව එච්චර මිස් වෙනවද?"

"තේ එකක් බොමුකො බබා...බඩගිනි."

ලවන් මගෙ නහයෙන් අල්ලලා මිරිකලා දෙපැත්තට වනන ගමන් කිව්වා. පෙනේද කතාව වෙනස් කරපු හැටි. ලැජ්ජාවනෙ ඉතින් මම නැතුව එච්චර පාලුයි කියලා පිළිගන්න.

"බෑ...හදලා දෙන්නකො මටත් එක්ක."

"ම්ම්...යමුකො එහෙනම්. අලුවා තියනවා නේ කන්න. අම්මා ඊයෙ කිව්වා මට."

මේ සති දෙකට අපෙ ගෙදර එයාගෙ ගෙදර වෙලා වගේ කියන හැටි විතරක්. අම්මා කොහොමත් දැන් හරි හිතවත් ලවන් එක්ක. ඊයෙ යන්න කලින් කතා කරා...ඔය ගැනත් කියන්න ඇති. ලවන් මගෙ මූණ දැකලා හිනාවෙලා නැගිටින්න ගිහිල්ලත් ආයෙම ස්ටූල් එක උඩ තිබ්බ දේ දැකලා නැවතුනා.

"ඔහ්...ඔයා පොත කියෙව්වද?"

ලවන් ඇහුවෙ මම පොත මැදට පොඩ්ඩක් මෙහාට වෙන්න දාලා තිබ්බ බුක්මාක් එක ගාවින් පෙරළලා හිමින් පොතේ පිටු අතගාන ගමන්.

"ඔව්...උදේම ගෙදර වැඩ ටික ඉවර වුණා. ඔයා එනකන් කරන්න වෙන වැඩක් තිබ්බෙත් නෑනෙ."

"May be I should have woken up sooner..."

"Huh?!"

"Nothing~~යමු මම තේ හදන්නම්."

ලවන් වෙනදා වගේ ඇස් දෙකෙන් හිනාවුණේ නැතත් යන්තම් මාත් එක්ක හිනාවෙලා මගෙ කොණ්ඩෙ අවුස්සලා නැගිට්ටා.

"ඒයි...මම විහිලුවට කිව්වෙ. මම හදන්නම් ඉන්න."

"නෑ නෑ ඔයා උදේ ඉඳන් වැඩ කරානෙ...මම මේ සිතුම්ය හදලා ගිය එකක් කාලා ආවෙ කිසි වැඩක් කරේ නෑ. මම හදන්නම් ඔයාටත් එක්ක."

"ම්ම්...හාකො එහෙනම්."

ලවන් ඉලෙක්ට්‍රික් කෙට්ල් එකට වතුර පුරවලා ඒක ප්ලග් කරද්දි මම කුස්සියේ මේසෙ උඩින් ඉඳගෙන කකුල් දෙකත් පද්ද පද්ද එයා දිහා බලන් හිටියා. මම කොහොමත් තේ මේසෙ කලින්ම ලෑස්ති කරලා තිබ්බෙ. ඒ නිසා තේ හදන් අරන් යන්න විතරයි තියෙන්නෙ.

ලවන් එහෙම වැඩ කරනවා බලන් ඉන්නත් ආසා හිතෙනවා. හරි ඩොමෙස්ටික් බෝයිෆ්‍රෙන්ඩ් වයිබ් එකක් තියෙන්නෙ. මම මනමාල හිනාවකුත් දාගෙන එයා දිහා බලන් ඉද්දි ලවනුත් ඒක තේරිලා වගේ මගෙ දිහා බලලා හිනාවුණා.

"මොකෝ...?"

"මුකුත් නෑ...ඔයා මාර හොට් ඒයි."

මම ගාණක් නැතුව කියද්දි ලවන් කට කොනකින් හිනාවෙලා තේ එක මගෙ අතට දුන්නා.

"ඕකත් හොට් ඈ...බලාගෙන අල්ලගන්න මගෙ දිහා බලන් ඉන්නැතුව."

"අපෝ තවුසෙනම්..."

මම ලවන්ට රවාගෙන එයාගෙ කකුලට පාරක් ගහගෙනම මේසෙන් බැහැලා කෑම කාමරේට ගියා. එයා ඉස්සර වෙලා ගිහින් කෑම මේසෙ තිබ්බ කූඩෙත් එයාම අයින් කරලා අලුවා කෑල්ලක් ගත්තා.

මේන් වැඩක්...බොරුවනෙ ඉතින් පළවෙනි දවසෙ ඇවිත් අම්මයි අප්පච්චියි ඉස්සරහ හොඳ එක්කනා වෙන්න හදන්නෙ. දැන් බලන්නකො. දෙනකන් ඉන්නෙත් නෑ එයාම අරන් කනවා. අනේ ඇත්තට...

"ආ..."

මමත් මේසෙ ගාවට යනකොටම ලවන් එයා ගත්ත අලුවා කෑල්ල මගෙ කට ගාවට ළං කරා.

"ම්ම්...?"

"කටක් කන්න..."

ආ...මට දෙන්නත් එක්කද අරන් තියෙන්නෙ. මෙච්චර අලුවා පිඟානක්ම තියෙද්දි ඉතින් එයා ගත්ත එකෙන්ම කටක් කන්න කියන්නෙ ආදරේටනෙ. හෙහෙ...ඉස්සරලා කියපුවා ඉල්ලා අස් කරගන්නවා හොඳේ.

"එපා ඔයා කන්න ඕක...මේ ඕන තරම් තියෙන්නෙ තව."

"ඕන තරම් තිබ්බට ඉතින් ඒවා කවන්නෙ මම නෙවෙයිනෙ...කන්නකො."

මම ලවන් දිහා අමුතු හිනාවක් එක්ක බලන් ඉඳලා අලුවා කෑල්ලෙන් කටක් කෑවා. මල කෝලම් මෙයාගෙ...ලවන් මේසෙන් ඉඳගද්දි මමත් එයා ගාවින්ම වාඩි වුණා. වෙලාව දහයටත් කිට්ටුයි. ඉක්මනට අඳින්න පටන් ගන්න ඕන. පැය ගාණක් යනවනෙ ඔය වැඩේට.

ඒත් ඉතින් එහෙම ලොකු හදිසියක් තිබ්බෙත් නෑ. අපි දෙන්නා මෙහෙම හම්බුණේ දවස් ගාණකින්. ඒ නිසා පොඩ්ඩක් කියවන්න බැරි වුණ පච ටික එහෙම කියවන ගමන් අපි හිමීට තේ එක බිව්වා. ඒ ගමන් තේ මේසෙ තිබ්බ සෑහෙන කෑම ප්‍රමාණෙකටත් වග කිව්වා. ඒකත් හොඳයි...ආයෙ දැන්ම බඩගිනි එන එකක් නෑනෙ. එක දිගට ටික වෙලාවක් අඳින්න පුලුවන් වෙයි.

අපි දෙන්නම තේ බීලා අස් කරලා උඩට ගියේ ආර්ට් එක පටන් ගන්න. මම අඳින්න ඕන ඒවත් ඔක්කොම ලෑස්ති කරලා තිබ්බෙ. මුලදි සන්සුන්ව හිටියත් දැන් මගෙ පපුව වේගෙන් ගැහෙනවා වගේ. පුලුවන් තරම් ප්‍රොෆෙශනල් වෙන්න ඕනෙ තමා. මේක කම්පිටිශන් එකක්. ඒත් මේ ලවන්...මම කලින් එයාව මේ විදිහට දැකලම නෑ. අඩුම තරමෙ ශර්ට්ලස් වත් දැකලා නෑ. මට එක පාරට දරාගන්න පුලුවන් වෙයිද??

මම අඳින්න හිටියෙ මෙහෙම එකක්. මගෙ තීම් එකට අනුව ඒන්ජලික් වයිබ් තියන පුටුවක ඉඳගෙන සයිඩ් එකක් බලාගෙන ඉන්න කෙනෙක්. ආර්ට් එකේ කෙනානම් ෆුල් නේකඩ් තමයි. උරහිස හරියෙ විතර ඉඳන් රැඳුණු සුදු රෙද්දකට එක පැත්තකින් ඇඟ වැහිලා තියනවා. ඒක පහළටම ඇවිත් එක කකුලක කලවා සම්පූර්ණෙන් වැහෙන විදිහටත් අනිත් කකුලෙ කලවා උඩින් යන්තම් යන විදිහටත් තියෙන්නෙ.

හැබැයි ඇඟේ අනිත් පැත්තම ඕපන්. ඒ කියන්නෙ උරහිස, පපුවෙ ඉඳන් හිප්ස් වලට එනකන්ම. ඕපන් වුණ පැත්තෙ කලවා වල මැද හරිය මම කලින් කියපු සුදු රෙද්දෙන් කවර් වෙනකන්ම ඇඟේ ඒ පැත්තම ඕපන්. ඒ කියන්නෙ මේ වෙන අවයව මුකුත් පේන්නෙ නෑ ක්ලෝත් එක ගාණට ඒවා වැහෙන්න තියනවා හැබැයි ඒ හරිය ගත්තත් වී ලයින් එකට වගේ එනකම් එක පැත්තක් ඕපන්. ඒත් මම ලවන්ට කිව්වා බොක්සර් එකක් අඳින්න කියලා.

මම හිතන්නෑ මගෙ කොල්ලා මම කියපු විදිහට මම ඉස්සරහ ඉද්දි මට කන්ට්‍රෝල් වෙන්න පුලුවන් වෙයි කියලා. ඒ නිසා එයා හාෆ් නේකඩ් විතරක් වෙන එක අපි දෙන්නටම හොඳයි.

"මම ක්ලොත් එක කාමරෙන් තිබ්බා ලවන්...ඔයා-"

"හරි...මම අන්ඩ්‍රෙස් කරන් එන්නම්."

මොකක්?! මෙයාට කියන්න වෙන වචනයක් තිබ්බෙම නැද්ද?? ලවනුත් දැන දැනම මාව ටීස් කරනවද කොහෙද. එයා යන්තම් හිනාවක් දාලා මගෙ කාමරේට යන හැටි මම කටත් ඇරන් බලාගෙන හිටියා. ඔලුව ගසලා හරි සිහියට ආපු මම ආර්ට් රූම් එකට ගිහින් බඩු ටික ලෑස්ති කරා. ලෑස්ති කරලා තියෙන්නෙ. මම මේ බොරුවක් කරන්නේ කාම් ඩවුන් වෙන්න.

මට ඇහුණා ලවන් ඇවිත් මම ලෑස්ති කරලා තිබ්බ පුටුවෙන් ඉඳගන්නවා. මම ඒත් තාම හැරිලා බැලුවෙ නෑ. ඔහොමනම් ආර්ටිස්ට් කෙනෙක් වෙන්න බෑ පුතේ...

"විදුර්..."

"ම්ම්...?"

"මේක ඔයාට ඕන විදිහට හදන්න...මම දන්නෑනෙ ඔයා එක්ස්පෙක්ට් කරන විදිහ."

ලවන් කියන්නෙ ක්ලෝත් එක ගැන වෙන්න ඕන. ඒක හොඳටම දුහුල් එකක්. එයා ඇඟ වහගෙන ඉද්දි වුණත් රේඛා එහෙම හොඳට පේන්න මම ඒක තෝරගත්තෙ. එතකොට ආර්ට් එක අඳින්න ලේසි වුණත් අනිත් පැත්තෙන් මට තවත් වැඩේ අමාරු වෙනවා කියන්න මම දන්නවා.

"විදුර්...?"

"හරි- හරි මම එනවා..."

මම වැඩිය ඔලුව උස්සන්නැතුව ලවන් ගාවට ගියා.මගෙ ඇස් දෙකට පේන පරාසෙ තියෙන්නෙ එයාගෙ කකුල් දෙක විතරයි. ඒකෙනුත් වැඩි කොටසක් එයා වහගෙන හිටියෙ. ඒත් ඉන වෙනකන්ම සම්පූර්ණෙන් නිරාවරණය වෙලා කියන්න මම දන්නවා. මම හිමීට ඇස් දෙක එයාගෙ ඇඟ දිගේ උඩට අරන් ගියේ පළවෙනි වතාවට එයාව මගෙ ඇස් දෙකෙන් හරියටම බලාගන්න.

ලවන්...එයා ඇත්තටම ගොඩක් ලස්සනයි. තීම් එකට මීට වඩා මැච් වෙන කෙනෙක් මට හිතාගන්න බෑ. මම එයාගෙ උරහිස උඩින් යන්තම් ඇඟිලි තුඩු තියලා අපර් බොඩි එකම ඔබ්සර්ව් කරද්දි ලවන් මගෙ දිහාම බලාගෙන ඉන්නවා කියලා මට දැනුණා. මම පොඩ්ඩක්වත් එයාගෙ ඇස් දෙක දිහා බැලුවෙ නෑ. බලන්න තරම් මට සිහියක් තිබ්බෙත් නෑ.

අනිත් හැමදේම විනාඩියකට අමතක කරපු මම ලවන් කකුල් දෙක උඩින් දාගෙන හිටපු ක්ලෝත් එකම අයින් කරද්දි ලවනුත් යන්තම් හිනාවෙලා ඉන වටේ අත දාලා මාව ළං කරගත්තා. තප්පර ගාණකට අපි දෙන්නගෙ ඇස් හම්බුණත් මම ආයෙත් මගෙ ඇස් පහළට අරන් ගියේ අඳින්න පටන් ගන්න කලින්ම ඒ ආර්ට් එක ඇස් දෙකෙන් විඳගන්න.

ලවන් මාව ළං කරගද්දි මගෙ අත් දෙක ඉබේම එයාගෙ උරහිස් උඩින් රැඳුණා. එක අතක් ඒ විදිහටම තියන් හිටපු මම අනිත් අත හිමින් පහළට අරන් ගියේ මගෙ ඇසුත් ඒ එක්කම ගෙනියන ගමන්. මගෙ ඇඟිලි තුඩු ලවන්ගෙ පපුව පුරාම සීරුවට ගිහින් එයාගෙ ඇබ්ස් වල නැවතුනා. මේ මොහොත පුරාම මම හිටියෙ හුස්ම අල්ලන් ගොඩක් මගෙ හිත කන්ට්‍රෝල් කරගෙන.

මගෙ ඇඟිලි එයාගෙ අපර් බොඩි එකේ රස්තියාදු වෙද්දි ලවන්ගෙන් හම්බුණු එකම රිඇක්ශන් එක මගෙ ඉනේ තිබ්බ එයාගෙ අතේ ග්‍රිප් එක තදවුණ එක විතරයි. එයාටත් කන්ට්‍රෝල් වෙන්න ගොඩක් අමාරු ඇති. ඒත් මගෙ ටච් එකට ලවන් කිසිම ඇග්‍රෙසිව් රිඇක්ශන් එකක් දුන්නෙ නෑ. ටච් එක සෙන්සිටිව් වුණ සමහර වෙලාවට එයා තදින් ඇස් දෙක පියාගන්නවා මම දැක්කා.

මම ආයෙත් සීරුවට මගෙ ඇඟිලි උඩට අරන් එද්දි ලවන් ඇස් ඇරලා මගෙ දිහා බැලුවා. මගෙ ඇඟිලි එයාගෙ නිප්ල්ස් හරියෙන් නැවතිලා මගෙ දබර ඇඟිල්ල ඒ වටේ හිමින් ගෙනියද්දි ලවන් පොඩි කෙඳිරියක් විදිහට පිටවුණු හුස්මකුත් එක්ක ආයෙම ඇස් දෙක පියාගත්තා. නිප්ල් එක ටීස් කරපු දබර ඇඟිල්ලට මගෙ තව ඇඟිලි දෙක තුනක් එකතු වෙලා තවත් එයාව අවුස්සද්දි ඒ දිහාම බලන් හිටපු මට ඉබේම පොඩි හිනාවක් ආවා.

මම හිනාවුණ විදිහට ලවන් මගෙ දිහා බැලුවෙ ප්‍රශ්නාර්ථයක් එක්ක.

"ඇයි...?"

"You're...pink?"

මම කිව්වෙ ලවන්ගෙ ඇස් එක්ක මගෙ ඇස් සමාන්තර කරන ගමන්. මම තවමත් කලින් වගේම අමුතු විදිහට හිනාවෙලා හිටියත් මගෙ බැල්ම ඒ වෙලාවෙ උපරිම සෙඩක්ටිව් කියන එක මම දන්නවා. මගෙ මූණ දිහා ටිකක් වෙලා බලන් හිටපු ලවනුත් කට කොනකින් හිනාවුණා.

"You like it...?"

"I do..."

මම කියද්දි ඉබේම මගෙ දිව තොල් දෙක මැද්දට ඇවිත් ඒවා තෙත් කරපු විදිහටත් මම තොලක් හපාගත්ත විදිහටත් ලවන්ගෙ තිබ්බ අමුතු හිනාව තවත් වැඩිවුණා.

"Well right now...you're pink too."

ලවන් කියන්නෙ මගෙ කම්මුල් ගැන. අනිවාර්යයෙන් මේ වගේ වෙලාවක ඒවා රෝස පාට වෙලා ඇති.

"ඇමරිකාවෙ ඉපදුනාට මම ශ්‍රී ලන්කන් ලවන්...I'm NOT pink."

"Well...everyone talks about chocolate and vanilla mixture but nobody talks about chocolate and strawberry mixture. Must be good too."

ලවන් එක පාරටම ගොඩක්ම ලස්ට්ෆුල් වොයිස් එකකින් කියද්දි මම ඇස් දෙක ලොකු කරලා පුදුමෙන් එයා දිහා බැලුවෙ ඒ කියපු එක ප්‍රොසෙස් කරගන්න මට ටික වෙලාවක් ගිය නිසා. ඒ ගමන්ම දැනුණ අමුතු හැඟීමට මම ආයෙම මගෙ තොල් දෙක තෙත් කරගද්දි ලවන් තව ටිකක් මාව එයා පැත්තට ඇදගත්තා.

ටික වෙලාවක් මගෙ කම්මුල් දිගේ හිමින් ඇඟිලි අරන් ගියපු ලවන් මගෙ තොල් උඩින් එයාගෙ තොල් තිබ්බෙ ගොඩක් පරිස්සමට. ටික වෙලාවක් මගෙ උඩු තොල ඉරුව ලවන් යටි තොලට මාරු වුණේ ගොඩක් සෙන්ශුවල් විදිහට. මගෙ අත් වලට දැනෙන එයාගෙ බෙයා ස්කින් එකේ ටච් එකට වගේම මාරුවෙන් මාරුවට මගෙ තොල් තෙත් කරන එයාගෙ තොල් වලිනුත් පිස්සු වැටුණ මම හිටියෙ මත් වෙලා වගේ. මගෙ ශර්ට් එක යන්තම් උඩට වෙලා ලවන්ගෙ බෙයා ටච් එක මගෙ හිප්ස් වලින් දැනෙද්දි මගෙ ඇඟම හිරිවැටුණ හැඟීම තව තවත් වැඩි වුණා.

අපි දෙන්නා කොච්චර වෙලාවක් කිස් කරාද කියන්න මම දන්නෑ. මේ තරම් දුරට ඉන්ටිමේට් වුණේ පළවෙනි වතාවට වුණත් අපි දෙන්නගෙන් කවුරුත් හදිස්සි වුණේ නෑ. ඒ කිස් එක සෙන්ශුවල් යෙට් කාම්. වෙනදා වගේම කිස් එක ඉවර වෙද්දි මගෙ ඇස් අග නලියපු කඳුලු ලවන් ඇඟිලි තුඩකින් පිහදැම්මා.

"Shouln't we- uhhh get to work...?"

ලවන් අහද්දි මට යන්තම් හිනාගියා. ඇත්ත හැබැයි...දැන්ම අඳින්න පටන් ගත්තෙ නැත්තම් මට කම්පිටිශන් එකට ඉදිරිපත් වෙන්නත් බැරිවෙන සීන් එකක් තියෙන්නෙ. මමම බිමට දාපු සුදු පාට රෙද්ද අහුලලා ගත්ත මම මගෙ ඔලුවෙ තිබුණ චිත්‍රෙ විදිහට ඒකෙන් ලවන්ගෙ බොඩි පාට්ස් කවර් කරා. මම අර කලින් විස්තර කරපු විදිහටම තමා.

ආර්ට් එකේ බෙල්ල ගාවට විතර ඇඳලා ඉවර වෙනකන්ම ලවන් හිටියෙ සයිඩ් එකක් බලාගෙන. මම අඳින්නෙ එයාගෙම මූණ නොවුනත් සයිඩ් ප්‍රොෆයිල් එක නිසා ලොකුවට හොයන්න බෑ. ඒ නිසා මම ලාවට වගේ සමාන වෙන්න තමා ඇන්ඳෙ. ඒත් ලොකුවට සමාන කරේ නෑ. බැරිවෙලා හරි අපෙ කැම්පස් එකෙන් කෙනෙක් ඉදිරිපත් වුණොත් හරි බලන්න ගියොත් හරි කියලා.

බෙල්ල ගාවින් පහළට අඳින්න ගද්දිනම් ලවන් ගොඩක්ම හිටියෙ මගෙ දිහා බලාගෙන. සැරින් සැරේ අපි පොඩ්ඩක් අඳින එක නවත්තලා ස්නැක්ස් මොනවාහරි අරගෙන ලවන් ගෙනත් තිබ්බ එනර්ජි ඩ්‍රින්ක්ස් වලින් ටිකක් බිව්වා. ඇත්තම කතාව මෙහෙම වෙලාවකදි අමාරුම චිත්‍රෙ අඳින මට නෙවෙයි මියුස්ට.

මොකද මම අඳින එකත් එක්ක බිසී නිසා වෙලාව යනවා දැනෙන්නෙ නෑ. සම්පූර්ණ අවධානෙ දෙන්නෙ ඒකටනෙ. ඒත් මියුස් එහෙම නෙවෙයිනෙ. කොච්චර වෙලානම් එක විදිහට ඉන්නද. ලවන්ට එක දිගට ඉද්දි අමාරුයි වගේ දැනුණ හැම සැරේම මම ළඟට ගිහින් කම්මුලින් චූටි කිස් එකක් තියලා ආවා. එතකොට අර මහන්සි ගතිය ගිහින් මූණට එළියක් එනවා ඉතින්.

ඒ ඇරෙන්න ඉතින් අඳින වෙලාවෙනම් අපි අතරෙ වෙන ගනුදෙනුවක් වුණේ නෑ. දැන් මගෙ ඉස්සරහ ඉන්නෙ ලවන් කියලා වෙනසක් නෑ...අඳින්න පටන් ගන්න කලින් ටර්න් ඔන් වුණාට අඳින්න පටන් ගත්තට පස්සෙ මම ෆෝකස් කරේ ඒකට විතරයි. මෙච්චර කල් සහභාගි වුණ හැම කම්පිටිශන් එකකම මට පළවෙනි ප්ලේස් තුනෙන් එකක් අනිවාර්යෙන් තියනවා. ඉතින් ඒ මෝටිවේශන් එකම මදිද මට මේ පාරත් හොඳට අඳින්න ඕන කියන එකටම ෆෝකස් කරන්න.

අපර් බොඩි එක ඇඳලා කලර් කරලත් ඉවර කරලා තමා මම ලෝවර් බොඩි එකට යන්න හිටියෙ. ඒක ඉතින් මගෙ විදිහනෙ...එහෙම ලේසි. ඔය ටික ඔක්කොම කරලා ඉවර වෙද්දි දවල් කෑම වෙලාවත් පහුවෙලා තිබ්බෙ. ඒත් අපිට බඩගින්නක්නම් තිබ්බෙ නෑ. උදෙත් කාලා සැරින් සැරේත් එක එක ඒවා කෑවනෙ. හැබැයි දැන් කෑවෙ නැත්තම් ආයෙ වෙලාවක් නැතිවෙයි. මොකද ඉතුරු ටික අඳින්න පටන් ගත්තම එක දිගට ෆෝකස් කරන්න ඕනෙ.

කොහොමත් දැන් හවස තේ බොන වෙලාවත් කිට්ටු කරලා තිබ්බෙ. කන්න ඕන. මම ලවන්ටත් කියලා පින්සල් බඩු ටික අස් කරද්දි එයත් ඉඳගෙන හිටපු තැනින් නැගිටලා රෙද්ද ඉන වටේ ඔතාගත්තා.

"ඔයා ඔය විදිහට ලස්සනයි විදුර්..."

"ඒ කිව්වෙ...?"

"ආර්ටිස්ට් කෙනෙක් විදිහට ඉද්දි...මෙහෙම තැන් තැන් වල තීන්ත පැල්ලම් ගෑවිලා තියෙද්දි."

ලවන් මගෙ අත අල්ලගෙන මැණික් කටුව ගාවට වෙන්න තිබ්බ තීන්ත පැල්ලමක් යන්තම් පිරිමැද්දා.

"ඔයා අඳින එකටම ෆෝකස් කරනකොට, ඔයාගෙ ඇස් කැන්වස් එක පුරාම එහෙ මෙහෙ යනකොට, එක පැන්සලක් දත් අතර රඳවගෙන අනිත් පැන්සලෙන් අඳිනකොට, ටියුබ්ස් එකින් එක කලවම් කරලා ඔයාට ඕන පාට හදාගන්නකන්ම උත්සාහ කරනකොට, ඒ පාට ආවම ඔයාගෙ ඇස් දිලිසෙනකොට, සැරින් සැරේ අඳින එක නවත්තලා පිට අල්ලෙන්ම දාඩිය පිහදාලා ආයෙ අඳින එකටම ෆෝකස් කරනකොට...ඔයා ගොඩක් ලස්සනයි විදුර්. ඔයා ඒ දේවල් කරන්නෙ කොච්චර සතුටින්ද කියන එක හොඳටම පේන්න තියනවා."

"ඔයා- ඔයා එච්චර දේවල් බලන් හිටියද ලවන්...?"

"ඔව් ඉතින්...ඔයා ආර්ට් එක දිහා බලන් ඉද්දි මම බලන් හිටියෙ ආර්ටිස්ට් දිහානෙ."

ලවන් මගෙ ඉන වටේ අත දාලා මාව එයාට ළං කරන් කිව්වා. එයා ඒ කිව්ව වචනයක් ගානෙම මගෙ පපුව හිරිවැටුණා. ඒ තරම් පොඩි දේවල් ඔබ්සර්ව් කරන්න...එහෙම කරන්න පුලුවන් ආදරේටම විතරයි.

මම එයා දිහා ගොඩක් ආදරෙන් බලන් ඉඳලා තොල් ගාවින් කිස් එකක් තියද්දි එයාගෙ ඇස් දෙක වෙනදා වගේම ලස්සනට හැඟීම් වලින් පිරුණා.

"අපි යමු...මම අයියගෙ ඇඳුමක් තිබ්බා ඔයාට දැනට ඇඳගන්න. ඔයාගෙ එක දැන්ම අඳින්න එපා ඒකෙත් තීන්ත ගෑවෙයි."

මම සැරින් සැරේ කිස් කරලයි ළං කරන් ඉඳලයි ලවන්ගෙත් පොඩ්ඩක් තීන්ත ගෑවිලා තිබ්බෙ. දැන්ම එයාගෙ ඇඳුම ඇන්දොත් ඒකත් කිලිටි වෙයිනෙ. ඒ නිසා මම කලින්ම ලෑස්ති කරලා තිබ්බා ඇඳුමක් දවල්ට එහෙම අඳින්න.

"ම්ම්...මම එන්නම්."

ලවන් හිනාවෙලා මගෙ නළලින් කිස් එකක් තියන ගමන් කිව්වා. එයා ලෑස්ති වෙලා එනකන් මම මෙච්චර වෙලා කාපු බීපුවා අස් කරලා ඩස්ට්බින් දැම්මා. අනිත් ටිකනම් දැන්ම අස් කරන්න ඕන්නෑනෙ ඉතින්. අපි ආයෙ එනවනෙ.

"මෙහ් විදුර්...මොනවද කන්න තියෙන්නෙ."

ලවන් ඇහුවෙ පඩිපෙළ බහින ගමන්.

"මොනවා තිබ්බම මොකෝ...මම මොනවා හැදුවත් කන්න පුරුදු වෙන්න ඕන."

මම මහ පගයා වගේ කියද්දි ලවන්ට හිනාගියා.

"හරි ඉතින්...මම දැන් බෑ කිව්වද? මොනවද තියෙන්නෙ කියලනෙ ඇහුවෙ හහ් ."

"යන්කො...මහ ලොකු දේවල්නම් නෑ හොඳේ."

"ඔයා මොනවා හැදුවත් රසට ඇති...අම්මත් කිව්වා ඔයා රසට උයනවා කියලා."

ලවන් පඩිපෙළ බැහැලා ඉවරවෙලා මගෙ කර වටේ අතක් දාගන්න ගමන් කිව්වා. රසට උයන්නනම් පුලුවන් ඉතින්. ඒ වුණාට අම්මා අප්පච්චි උයන තරම් රසට බෑ මට. අනික මහ ලොකු දෙයක් හැදුවෙත් නෑ.

මම උදේ බීටුයි පරිප්පුයි උයලා බිත්තර තැම්බුවා. මට පොඩි උණක් තියනවා බිත්තර කද්දි නිකන්ම කන්නැතුව මොකක්හරි ගැජමැටික් එකක් කරලා කන්න. ඒක තැම්බුවත් බැද්දත් එහෙමයි. එක්කො කරි එකක් හදාගන්නවා වෙනම. එක්කො එකවැරම කරි එකට දාලා බැදලා ගන්නවා. නැත්තම් තම්බපු බිත්තරේ නිකන්ම ෆ්‍රයි කරගන්නවා. ඔය මුකුත්ම නැත්තම් බිත්තරේ දෙකට කපලා ලුණුයි ගම්මිරිසුයි ටිකක් හරි දාගන්නවා. අද සැලඩ් එකක් වගේ හැදුවා.

ලූණු, තක්කාලි, මාලු මිරිස්, පිපිඤ්ඤා කපලා ලුණුයි ගම්මිරිසුයි දාලා මැයොනීස් ටිකක් දාලා මික්ස් කරලා තම්බපු බිත්තර ටික දෙකට කපලා සැලඩ් එකට දාලා මික්ස් කරා. රසයි එහෙම කද්දිත්. මම චිකන්, මාළු කරි එහෙම හදන්න ගියෙ නෑ. ඒවා හදන්න පුලුවන් වුණාට තනියම හදන්න ගිහාම පොඩ්ඩක් චොර වෙනවා. බැරි වැඩ කරන්න ගිහිල්ලා ලවන්ට පළවෙනි කෑම වේලම එපා කරන්න ඕනෙ නෑනෙ නේ...?

ඊට අමතරව ඉතින් අම්මා දවස් ගාණකට කලින් හදපු සිංහල අච්චාරු එකක් තියනවා. අම්මා ඒක හැදුවෙ අරන් යන්නයි මම තනියම ඉද්දි කන්නයි දෙකටම කියලා. තුන් වේලම එකම මාලු පිණි එක්ක වුණත් කෑවැකි අච්චාරුවක් තියනවනම්. ඔච්චර තමා තියෙන්න...ෆයිව් ස්ටාර් කෑම නෑ.

ඒ කොහොම වුණත් ලවන්නම් ඒවා කෑවෙ ආසාවෙන්. එයා කෑම මේසෙට අරින්න දුන්නෙත් නෑ අපි දෙන්නා විතරනෙ කියලා කෙලින්ම පිඟානට බෙදාගෙන කෑවා. ඇත්ත ඉතින්...අපි දෙන්නා විතරනෙ. මොකටද තව භාජන සෝදන්නෙ.

කන ගමන් ලවන් දෙතුන් පාරක්ම කිව්වා කෑම රසයි කියලා. ඒක එයා කියන්නෙ නිකන් මගෙ හිත හදන්න නෙවෙයි ඇත්තටම කියලා මට තේරෙනවා. සිරාවට අප්පච්චිගෙ ජාන වලින්ද කොහෙද මනුස්සයෙක්ගෙ ඇස් දෙක දැක්කම කරන්නෙ ඇත්තක්ද බොරුවක්ද කියලා මටත් හිතාගන්න පුලුවන්. ලවන් මම හදපු කෑම වේලක් මුලින්ම කෑවෙ අදනෙ. එයා ඒක අවංකවම එන්ජෝයි කරපු එක ගැන මට පොඩි ආඩම්බරයක් ආවා ඉතින්. වෙලාවක කාලා බලන්න ඕනෙ එයැයිගෙ කෑමත්. බත් මාලුනම් උයන්න බැරුවැති ලොවෙත්.

අපි කාලා අස් කරලා ඉතුරු කෑම ෆ්‍රිජ් එකට දැම්මා. මම රෑට කන්න එපැයි...කිරි දාපු මාලු රෑ වෙද්දි නරක් වෙන නිසා ඒ ටික ඔක්කොම ෆ්‍රිජ් දාලා ඊළඟට පටන් ගත්තෙ ඩෙසර්ට් එකට වග කියන්න. ලවන් කිව්වා වගේම අයිස්ක්‍රීම් එකක් ගෙනාවා. ලවන් එන්න ටිකක් වෙලා ගිය නිසා ඒ වෙලාවෙ මම ජෙලි එකක් හදලා දැම්මා. ඒකත් කන ගාණට ඇවිත් තිබ්බ නිසා අපි දෙක කලවම් කරගෙනම කෑවා.

කන්නත් අපි පොඩ්ඩක් වෙලා ගත්තා. මටත් එක දිගට ඇඳලා පොඩි මහන්සියක් තිබ්බට මට ගොඩක්ම පව් හිතුනෙ ලවන් ගැන. එයාට ඉන්න තිබ්බ විදිහට හේත්තු වෙන්නවත් බෑ. පැය ගාණක් එහෙම ඉන්න ගිහාම...අනික ඔක්කොම මම නිසානෙ. ලවන් මට අමාරුයි කියලා කිව්වෙත් නෑ. ඒත් ආර්ටිස්ට් කෙනෙක් විදිහට මට තේරෙන්න එපැයි. අපි ඒ නිසා පැයක් විතරම බ්‍රේක් එකක් ගත්තා.

ආයෙම ගිහින් අඳින්න තිබ්බෙ ලෝවර් බොඩි එක. බෙලි බට්න් එකෙන් පහළ ටික වගේ. ඒ ටික ඉතින් එච්චරම අමාරු නෑ. ක්ලෝත් එකෙන් වැහුණ ටිකත් එනවනෙ. අමාරු ටික තමා කලින් ඇඳලා ඉවර කරේ.

මම කලින් කිව්වා වගේ චිත්‍රෙ හැටියට වී ලයින් එක ඇන්ඩ් ඊට ටිකක් පහළ ඕපන් වෙනවා. ඒත් ලවන් දිගටම හිටියෙ බොක්සර් එකක් ඇඳලා. එතකොට ඉතින් මම අර කියපු ටික පේන්නෑනෙ. මම අනුමානෙට එහෙන් මෙහෙන් ඉරි කෑලි ගහලා ඒ ටික අඳින්න ට්‍රයි කරා.

ඒත් ඒ වැඩේ අමාරුයි...මෙච්චර වෙලා ඔක්කොම ඩීටේල්ස් බලාගෙන ඇඳලා ඒ ටික විතරක් හිතුමතේට අඳින්න ගිහාම මට සෑහෙන්න වැරදුනා. මම තුන් හතර වතාවක්ම මක මක අඳිද්දි තමා ලවන්ටත් මොකක්හරි අවුලක් කියලා තේරුණේ.

"විදුර් ඇයි...මොකක්හරි ප්‍රශ්නයක්ද?"

"න්-නෑ අවුලක් නෑ..."

මම මහන්සි පාට හිනාවක් දාලා ආයෙම දෙපාරක් විතර අඳින්න ට්‍රයි කරා. ඒත් මට සැටිස් වෙන්නෙම නෑ. දැන් කරන්න තියෙන්න එක දෙයයි. ඒත්...කොහොමද දෙයියනේ ඒක කරන්නෙ. ලවන් මේ තරම් හරි නේකඩ් වුණ එක දරාගත්තෙත් පුදුම අමාරුවෙන්.

ඒත් මම මේ වෙලාවෙ හිතන්න ඕනෙ කම්පිටිශන් එක ගැනනෙ. ඇයි මම විසඳුමක් තියෙද්දිත් මෙච්චර අමාරුවෙන් මේ දේ කරන්නෙ? ඒත් ලවන් කැමති නොවුණොත්...? ඔය වගේ දාහක් දේවල් මගෙ හිතට ආවා.

කොහොමටත් මේ වෙලාවෙ වෙන කරන්න දෙයක් නෑ...අනික- අනික මට බලාගන්න ඕනෙ චිත්‍රෙට ඕන ටික විතරනෙ. ලොකු හුස්මක් අරන් හිත කන්ට්‍රෝල් කරගත්ත මම පැන්සල එතනින් තියලා ලවන් ගාවට ගියා. මම අඳින්නෙ කොයි වගේ එකක්ද කියන එකේ පොඩි ඩීටේල් එක පවා එයා කලින්ම දන්නවා කොහොමත්.

"ලවන්..."

"ඇයි විදුර්...ඔයා දැන් ටික වෙලාවක ඉඳන් අවුලෙන් වගේනෙ."

ලවන්ට ඒකට උත්තරයක් නොදුන්න මම වෙව්ලන අත් වලින් ලවන්ගෙ බොක්සර් එකේ බෑන්ඩ් එක මගෙ ඇඟිලි දෙකකින් ඇල්ලුවා.

"ලවන් මට- හිතලා හරියට අඳින්න බෑනෙ. මම පොඩ්ඩක්-"

"මම මේක අයින් කරන්නද...?"

ලවන් ඇහුවෙ ගොඩක් සන්සුන්ව වුණත් එයා ඒක අහපු ගමන් මම ඇස් දෙකත් ලොකු කරන් අඩියක් පස්සට වුණා.

"එහෙම ඕනෙ නෑ ලවන්...මට-"

මම සම්පූර්ණ කරන්නත් කලින් ලවන් මගෙ එක අතක් අල්ලගත්තා. එයාගෙ සන්සුන් ඇස් දෙක මගෙ ඇස් එක්කම සමාන්තර වෙලා තියෙද්දි ඉබේම මගෙත් කලබල ගතිය පොඩ්ඩක් අඩු වුණා.

"විදුර්...ඔයා ඔහොම කියන්නෙ මම අන්කම්ෆටබ්ල් වෙයි කියලනම් එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ. Just think about your art right now..."

"එ-එහෙමත් නෙවෙයි..."

මම බිම බලාගෙන කියද්දි ලවන් මගෙ අත එයාගෙ අත් දෙකටම මැදි කරගත්තා.

"මේ අහන්න විදුර්...මම ඔයාගෙ බෝයිෆ්‍රෙන්ඩ් කියන එක ටිකකට අමතක කරන්න."

"...."

"ඉස්සරලම රිලැක්ස් වෙන්නකො...මේ වෙලාවෙ ඔයා කම්පිටිශන් එක දිනන්න ඕන එක ගැන ඇරෙන්න වෙන මුකුත් ගැන හිතන්න එපා. ඒ වගේ පොඩි ඩීටේල් එකක් හරි එහෙ මෙහෙ වෙලා සෙකන්ඩ් වෙන්න ඕනෙ නෑනෙ ඔයාට?"

ලවන් අහද්දි මම නෑ කියන්න ඔලුව වැනුවෙ තවමත් එයා දිහා බලන්නෙ නැතුව.

"ම්ම්...එහෙනම් දැන් අතෙන්ට යන්නකො. මම මේක අයින් කරන්නම්."

ලවන් කියන එක ගැන මම ආයෙම හිතුවා. ඇත්ත...මේ වෙලාවෙ හිතන්න ඕනෙ ආර්ට් එක ගැන විතරමයි. එහෙම හිතාගෙන මම ආපහු පුරුදු තැනට ගියාට මොකද ආයෙම හැරිලා ලවන් දිහා බලද්දි ලොකු හුස්මක් උඩට ගැණුනෙ ඉබේටමයි.

ලවන් හිටියෙ බොක්සර් එක අයින් කරලා කලින් විදිහටම ක්ලෝත් එක හදාගෙන. ඒ විදිහෙන් වී ලයින් එකෙන් පහළ මට ඕන ටික පේනවා. ඒ විතරක් නෙවෙයි...ලවන්ගෙ ඇඟේ වම් පැත්තම ඕපන්. ඒ කිව්වෙ සුදු රෙද්දෙන් වැහුන කලවා වල කොටසක් ඇරෙන්න ඒ පැත්තම.

ඇස් දෙක පියාගෙන ආයෙමත් ලොකු හුස්මක් පහළ දාපු මම පැන්සල අතට ගත්තා. ලවන් වුණත් මේ වෙලාවෙ මාව ටීස් කරන්න හැදුවෙ නෑ...එයා මාව සන්සුන් කරන්න හැදුවා විතරයි. ලවන්ගෙ ඇස් දිහා තව එක පාරක් බලලා යන්තම් හිනාවුණ මම ආපහු අඳින එකට ෆෝකස් කරා.

බලාගෙන අඳින්නනම් පොඩ්ඩක්වත් වෙලා ගියේ නෑ. මමත් ලවන් කිව්වා වගේම අනිත් හැමදේම අමතක කරලා ආර්ට් එකට විතරක්ම ෆෝකස් කරා. තව පැයක් විතර යද්දි ඒ ටිකත් ඇඳලා කලර් කරගන්න මට පුලුවන් වුණා.

මම පොඩ්ඩක් ඈත් වෙලා චිත්‍රෙ දිහා බැලුවා. ඒක ගොඩක් ලස්සනයි...මම හිතපු විදිහට ඇවිත් තිබුණා වගේම තීම් එකට ලස්සනට මැච් වුණා. අනික ඒ තරම් ලස්සනට ඉන්නෙ මගෙ බෝයිෆ්‍රෙන්ඩ් කියලා හිතද්දි මට දැනුණෙ පුදුම ආඩම්බරයක්. තාම ඉවරටම ඉවර නෑ. වටින් පිටින් පොඩි ඒන්ජල්ස්ලා ටිකක් දාලා ෆයිනල් ටචප් එක දෙන්න ඕන. ඒත් ලවන් ඉද්දි කරන්න ඕන ටික ඉවරනෙ. ඒ නිසා ඉතුරු ටික හෙට කරනවා...අද මහන්සි.

"ඉවරද විදුර්...?"

ලවන් ඇහුවෙ මම ඇඳලා ඉවරයි කියලා තේරුණ නිසාම වගේ ක්ලෝත් එක තව පොඩ්ඩක් ලෝවර් බොඩි එකම වැහෙන්න හරිගස්සගන්න ගමන්.

"ඔව්...ඔයාව ඇඳලා ඉවරයි. බලන්නකො."

මම ඒක කිව්වෙ ලොකු සතුටකින් වගේම එක්සයිට්මන්ට් එකකින් කියන්න මටම තේරුණා. කොහොමත් ආර්ට් එකක් කරලා ඉවර වුණාම ලොකු ආත්ම තෘප්තියක් දැනෙනවා. මොකක්හරි හේතුවකට අද මට ඒක වෙනදටත් වඩා දැනුණා.

ලවන් හිටපු විදිහත් එක්ක එයාට නැගිටින්න පුලුවන් කමක් තිබ්බෙ නැති නිසා මම චිත්‍රෙ හරවලා එයාට පෙන්නද්දි මගෙ වගේම එයාගෙ ඇසුත් සතුටින් එළිය වෙනවා මම දැක්කා.

"වාව්...ලස්සනයි විදුර්. ඇත්තටම ගොඩක් ලස්සනයි."

ලවන් කිව්වෙ මට එයා ගාවට එන්න කියලා යන්තම් අත දික් කරන ගමන්. පොඩ්ඩක්වත් පරක්කු වෙන්නැතුව එයා ගාවට ගිය මම උරහිස වටේ අත් දෙක ඔතාගද්දි ලවන් මගෙ ඉන දෙපැත්තෙන් අල්ලගත්තා.

"විදුර්...කවදාවත් කවුරුත් මාව එච්චර ලස්සනට පෝට්‍රේට් කරලා නෑ. මට- මට ගොඩක් සතුටු හිතුණා ඒක දැක්කම."

ලවන් ඒක කියද්දි එයාගෙ ඇස් දිලිසුනා. එයා ඇත්තටම ඉන්නෙ ගොඩක් සතුටින්. තමන් ආදරේ කරන කෙනා එච්චර ලස්සනට තමන්ව ඇන්ඳම එහෙම දැනෙනවා ඇති. මම හිනාවෙලා ලවන්ගෙ කම්මුලින් හාද්දක් තියද්දි එයා ඉන වටේ අත දාලා මාව ළං කරගත්තා.

මම ඒ වෙලාවෙ හිටියෙ හොඳටම ලවන්ගෙ ඇඟට හිරවෙලා. එක පාරටම අපි දෙන්නටම ඒ ඇක්ශන් එක ගාණක් නැතිවුණත් මම ලවන්ගෙ ඇඟට හිරවෙනවත් එක්කම මට ලවන්ව හොඳටම ෆීල් වුණා. ලවන්ගෙ ලෝවර් බොඩි එක කවර් වෙලා තිබ්බෙ දුහුල් රෙද්දකින් විතරයි. ඒ නිසා උපරිමේටම ආපු ලවන්ගෙ හැඟීම් මට හොඳටම දැනුණා.

පළවෙනි වතාවට එයා මං ගාව ඉද්දි එහෙම දෙයක් ෆීල් වෙනකොට මම ටිකක් ගැස්සුණත් එයාගෙ හැඟීම් මගෙ ලෝවර් බොඩි එකත් ටච් කරද්දි මටත් තව ඉවසන් ඉන්න පුලුවන්කමක් තිබ්බෙ නෑ. මම ලවන් දිහා නොඉවසිල්ලෙන් බලද්දි එයත් මත්වුණු ඇස් දෙකකින් මගෙ දිහා බලන් හිටියා.

මේ තරම් වෙලා මගෙ ඉන ගාව තිබ්බ ලවන්ගෙ එක අතක් හෙමින් මගෙ ඇඟ දිගේ උඩට ඇවිත් මගෙ පපුව පුරා එහෙ මෙහෙ යන්න ගත්තා. එයා එහෙම කරේ හරි හිමින් වුණත් ඒ ටච් එකට නොසන්සුන් වුණ මම ලොකු හුස්මක් ගත්තෙ මාවම කන්ට්‍රෝල් කරගන්න. ඒ අත හෙමින් පහළට ඇවිත් ආයෙම පිට දිගේ උඩට යද්දිත් ලවන් හිටියෙ කලින් වගේම මගෙ දිහා බලාගෙන. එයාගෙ හැඟීම් තවත් තියෙන්නෙ උපරිමේටම කියන්න මට පහළින් දැනෙන ටච් එකෙන් විතරක් නෙවෙයි එයාගෙ බොඩිහීට් එකෙනුත් මට තේරෙනවා.

ලවන් එයාගෙ අත මගෙ පිට දිගේ හිමින් පහළට අරන් ඇවිත් ඉන ගාවිනුත් පහළට ගෙනිහින් එතන ටිකක් තදින් මිරිකලා අල්ලද්දි මම ඉබේම ටිකක් ඉස්සිලා තවත් ටිකක් එයා පැත්තට තල්ලු වුණා. ඒ එක්කම මගෙන් පිටවුණු කෙඳිරියත් එක්ක ලවන්ට තවත් ඉවසන්න බැරි බව මට තේරුණා.

වෙනදා වගේ අවසරයක් නැතුවම ලවන් මගෙ තොල් උඩින් එයාගෙ තොල් තියද්දි මමත් ඒකට හවුල් වුණේ ගොඩක් නොඉවසිල්ලෙන්. වෙනදට වඩා අපි දෙන්නගෙ කිස් එක ටිකක් ඇග්‍රෙසිව්. ඒකට මම පොඩ්ඩක්වත් අකමැති වුණේ නෑ. ලවන්ගෙ අත් මගෙ පිට දිගේ තවමත් එහෙ මෙහෙ යද්දි මගෙ නියපොතු පාරවල් ලවන්ගෙ පපුව උඩ නැවතුණා. මම සැරින් සැරේ ලවන්ගෙ නිප්ල්ස් ටීස් කරද්දි එයාගෙන් පිටවුණු කෙඳිරියට මම තවත් මත් වුණා.

තව විනාඩි ගාණක්ම අපි දෙන්නා ඒ විදිහට කිස් කරා. ටික වෙලාවක් යද්දි ලවන් කිස් එක අතරෙම ටිකක් සන්සුන් වෙනවත් එයාගෙ අත් දෙක මගෙ ඉන ගාවින් විතරක් නවතිනවා මට දැනුණත් මේ තරම් වෙලාවක් දැනුණ ෆීලින් එක ආපහු හරවන්න මට වුවමනාවක් තිබුණෙ නෑ. මම කලින් විදිහටම එයාව කිස් කරත් කලින් වගේ ඇග්‍රෙසිව් විදිහෙ සපෝට් එකක් මට ලවන්ගෙන් හම්බුණේ නෑ.

ලවන්ගෙ තොල් මම මගෙ දත් අතරට ගන්න හද්ද්දිම ගැස්සුණු එයා එක පාරටම කිස් එක නවත්තලා මගෙ පපුව ගාවින් අත තිබ්බා. එක පාරට මම පුදුම වුණත් අපි දෙන්නා තවමත් හිටියෙ හුස්ම අල්ලන්න ට්‍රයි කරන ගමන් නිසා මම එයාගෙ නළලින් මගෙ නළල හේත්තු කරගත්තා. අපි දෙන්නම සන්සුන් වෙනකන් විනාඩි ගාණක්ම අපි ඒ විදිහට හිටියා.

මම ටිකක් සන්සුන් වුණාට පස්සෙ ඇස් ඇරලා බලද්දි ලවන් හිටියෙ මගෙ දිහා බලාගෙන. ඒත් එයාගෙ ඇස් වල තිබුණෙ කලින් වගේ ෆීලින් එකක් නෙවෙයි. මට කියන්න තේරෙන්නෑ...බයක්, නැත්තම් රිග්‍රෙට්? ඒත් එහෙම වෙන්න හේතුවක් නෑනෙ. එයා ඉනීශිඒට් කරත් ඒ කිසිම දේකට මගෙ අකමැත්තක් තිබ්බෙ නෑනෙ.

"විදුර්...අහන්න. අපි- අපි මේක නවත්තමු."

ලවන් මගෙ ඇස් දෙක දිහා බලලා කලබලෙන් වගේ කියද්දි මම පුදුමෙන් වගේ එයා දිහා බැලුවා.

"ලවන්...ඇයි මේ එක පාරටම? මොකක්හරි ප්‍රශ්නයක්ද?"

මම අහද්දි ලවන් ටිකක් සන්සුන් වෙලා මගෙ අත් දෙකින් අල්ලගත්තා.

"අහන්න...මට එක පාරට බය හිතුණා විදුර්. What if everything goes wrong? What if I-"

"ලවන්...ඔයා මොකක් ගැනද කියන්නෙ? මට තේරෙන්නෑ."

"හරි- අපි මේක නවත්තමු විදුර්... What if we went further?"

"If we went further it's fine...none of us were forcing each other."

"නැහැ විදුර්...ඔයාට තේරෙන්නෙ නෑ. මම කියන්නෙ-"

ලවන් කියන්න ගිය එක නවත්තලා මගෙ දිහා බලාගෙන හිටියා. එයා ඉන්නෙ ලොකු ප්‍රෙශර් එකක වගේ. එක පාරට එහෙම දෙයක් වෙන්න තරම් මොකක්ද එයාට මතක් වුණේ.

"Let's- let's stop whatever is going on between us..."

ඒ වචන ටික ඇහෙද්දි මගෙ ඇඟ ඇතුළෙන් අකුණක් කොටනවා වගේ දැනුණත් ලවන් ඉන්න සිටුවේශන් එක දැක්කම මම ටිකක් සන්සුන් වුණා. එයා කියන්නෙ එයාට කියන්න ඕන දේ නෙවෙයි...මට ඒක හොඳටම තේරෙනවා. ඒත් එයාට එච්චර බයවෙන්න තරම්, නවත්තමු කියන්න තරම් මොකක්ද තියන හේතුව. අනික දැන් ටිකකට කලින් හොඳට හිටියනෙ.

මම ටිකක් ඉස්සරහට වෙලා ලවන්ගෙ උරහිසින් අත් දෙක තියාගත්තා. එයා තවත් මගෙ දිහා බලන් හිටියෙ ටිකක් බයෙන් වුණත් ඒ ඇස් වල ආදරේ තිබුණා. ඉතින් ඇයි ඔයා අපි මේක නවත්තමු කියන්නෙ?

"අනේ ලවන්...එක පාරට ඔයාට මොකද වුණේ? ඇයි එහෙම කියන්නෙ?"

"මට- මට තේරෙන්නෑ විදුර්. හැමදෙයක්ම වැරදුණොත්-"

"හැමදෙයක්ම කියන්නෙ...ඔයාට බය මම ස්ටුඩන්ට් කෙනෙක් වුණ එක ගැනද? ඒක ප්‍රශ්නයක් නෑනෙ. අපි හැමදාම ඒ කැම්පස් එකේ ඉන්නෙ නෑනෙ."

"නැහැ විදුර්...just-"

"එහෙනම් ඇයි...ඔයා ඇයි එහෙම කියන්නෙ එක පාරටම?"

"මොකද මට ඔයා ගැන ෆීලින්ග්ස් නැති නිසා..."

මම එක පාරටම අඩියක් පස්සට තිබ්බෙ මට ඇහුණ දේ හරිද කියලා ප්‍රොසෙස් කරගන්න ගමන්. නෑ...මට වැරදියට ඇහෙන්න ඇති. පපුවට පිහියෙන් අනිනවා තරම් වේදනාවක් මට දැනුණා. මම පුදුමෙන් වගේ ඇස් දෙකත් ලොකු කරන් ලවන් දිහා බලන් ඉද්දි එයත් එක පාරටම කලබල වුණා මම දැක්කා. එයා එක පාරට මගෙ අතින් අල්ලන්න හැදුවත් මම අත ගසලා එහාට ගද්දි එයා තවත් බය වුණා.

"අනෙ- විදුර් අහන්න. මම හිතලා නෙවෙයි ඒක කිව්වෙ."

ලවන් තවමත් හොඳටම බයවෙලා වගේ බලන් ඉද්දි මම තාමත් හිටපු විදිහටම එයා දිහා බලන් හිටියා. එයා ඒක කිව්වෙ හිතලා නෙවෙයි තමා. මම ඒක දන්නවා. ඒ ඇස් දෙකේ තිබ්බ හැඟීම් මම කියෙව්වෙ හරියටමයි. කවදාවත් ඒ ඇස් වල බොරුවක් තිබ්බෙ නෑ. මං ගාවදි විතරක් පාට වුණ ඒ අලු පාට ඇස් කවදාවත් මට බොරුවක් කරේ නෑ. අදත්, මේ දැන් වුණත් එයාගෙ ඇස් වල තියන හැඟීම් මම දන්නවා. ඒත් මේ වගේ එකපාරට වෙනස් වෙන්න එයාට මොකක්හරි හේතුවක් තියනවා. මෙච්චර කල් කොහොමත් එයා මොකක්හරි දෙයක් හිතේ තියන් හිටියා කියන්න මම දන්නවා. ඒත් ඒක මට කියන්න බැරි තරම් දෙයක්ද?

හරි...මට කියන්න ඕනෙ නෑ. බොරුවට හරි මේ වගේ දෙයක් කියන්න තරම් දෙයක්ද ඒක? ලවන් එහෙම කියද්දි මට කොච්චර රිදුණද කියන්න එයා දන්නවද? එයා කොච්චර හරිගස්සන්න ට්‍රයි කරත් දැන් ඒක කියලා ඉවරයි. එයා එහෙම කිව්වෙ හිතලා නෙවෙයි වුණත් ඒකෙන් මට කොච්චර වේදනාවක් දැනුණද කියන එක එයා තේරුම් ගන්න ඕන.

"මො-මොකද්ද ඔයා කියන්නෙ...? මං ගැන ෆීලින්ග්ස් නෑ කියලද? ඒ කියන්නෙ මෙච්චර කල් ඔයා කරේ බොරුවක්ද?"

"නෑ...අනේ විදුර් නෑ. මං කියන දේ අහන්නකො-"

"එහෙනම් ඔයාට ඒක මතක් වුණේ දැන්ද ලවන්?? අපි මේ තරම් දුර ආවට පස්සෙද ඔයාට මං ගැන ෆීලින්ග්ස් නෑ කියලා මතක් වුණේ?? ඔයා මං වෙනුවෙන් අච්චර දේවල් කරාට පස්සෙ, ඒ තරම් කෙයාර් කරාට පස්සෙ, අම්මටයි අප්පච්චිටයිත් කිව්වට පස්සෙ, ඒ හැමදේටම පස්සෙද ඔයාට ඒක මතක් වුණේ?"

මම එක දිගට කියාගෙන යද්දි මමවත් නොදන්න කඳුලු බිංදුවක් මගෙ කම්මුල දිගේ ගලාගෙන යනවා මට දැනුණා. මට ඒ ඇඬුනෙ දුකට නෙවෙයි...ඒ වෙලේ ආපු ආවේගෙට. මම හිතන්නවත් කලින් මගෙ ඇස් වලින් කඳුලු පැන්නෙ ඒකයි.

මම ඒ පමාවට කඳුලු පිහගත්තත් ඒක දැකපු ලවන් හොඳටම කලබල වුණා. එයා එක පාරට නැගිටින්න හදලා ආයෙ ඉඳගන්නවත් එක්කම මම අනිත් පැත්ත හැරුණා. ඒ ඉන්න විදිහට එයාට නැගිටින්න බෑ. මේ වෙනකන් එයා හිටියෙ ක්ලෝත් එකෙන් විතරක් කවර් කරගෙන. මම අනිත් පැත්ත හැරිලා ඉද්දි ආර්ට් රූම් එකේ දොර ඇරෙනවා මට ඇහුණා. ලවන් චේන්ජ් කරන්න යන්න ඇති.

මම ඒ තනිවුණු විනාඩි ගාණට කඳුලු වැස්සක්ම මගෙ ඇස් වලින් වැටුණත් මම පිස්සුවෙන් වගේ ඒ හැම එකක්ම පිහදැම්මා. මට අඬන්න ඕනෙ නෑ...ලවන් ඒක කිව්වෙ ඇත්තටම නෙවෙයි. ඒත් ඒ වෙලාවෙ ඉඳන් මගෙ පපුව රිදෙන්න ගත්ත එක තාමත් එහෙම්මයි.

ආයෙමත් හරියට ඇඳගෙන මං ගාවට ආපු ලවන් මගෙ වැලමිට ගාවින් අල්ලලා මාව එයා පැත්තට හරවගත්තා. මම එයා දිහා නොබැලුවත් ලවන් දිගටම මාව ඒ විදිහට අල්ලගෙන හිටියා.

"මගෙ මැණික මේ අහන්න...අනේ අඬන්න එපා. එක පාරක් අහන්න-"

"දැන් ඔයා යන්න."

"අ-ආහ්...?"

"ඔයා ආපු වැඩේ ඉවරයිනෙ ලවන්...දැන් යන්න."

"අනේ එහෙම කතා කරන්න එපා-"

"නැත්තම් මට කොහොමද කතා කරන්න කියන්නෙ...මං ගැන ෆීලින්ග්ස් නැති කෙනෙක්ට කතා කරන්න වෙන විදිහක් මම දන්නෑ."

"මම එහෙම දෙයක් මීන් කරේ නෑ විදුර්...මගෙ දිහා බලන්නකො."

"ලවන් ප්ලීස්...දැන් යන්න. ඇයි ඔයා තවත් ඉන්නෙ?? මම සාමාන්‍යයෙන්නම් මියුස්ට සල්ලි දෙනවා. ඔයාටත් ඕනෙද? ඒකද තාමත් මෙතන ඉන්නෙ-"

"විදුර්...!"

එක පාරට ලවන් ටිකක් සැරෙන් කියද්දි මම පොඩ්ඩක් පස්සට වුණා. මෙච්චර වෙලා ලවන් කතා කරනකන්ම වේලිලා තිබ්බ කඳුලු ආයෙම මගෙ කම්මුල් දිගේ ගලාගෙන යන්න ගත්තා. මම කියපු දේත් වැරදි තමා...එයාට ඒකට රිදෙන්න ඇති. ඒත් මට කොච්චර රිදුණද එයා කියපු එකට.

ලවන් එක පාරට කෑගහපු විදිහට එයත් බය වුණා. එයා ආයෙ කිසිම දෙයක් කිව්වෙ නෑ. කොහොමත් මේ වෙලාවෙ කිසිම දෙයක් කතා කරලා හරිගස්සන්න බෑ. ලවන්ගෙත් මූණ රතු වෙලා ඇස් දෙකේ කඳුලු පිරෙනවා මම දැක්කත් මම අහක බලාගත්තෙ ඒ කිසිම දෙයක් නොදැක්ක ගාණට. ටිකක් වෙලා කලබලෙන් වගේ ඒ මේ අත බලලා කරන්න දෙයක් කල්පනා කරපු ලවන් එක පාරට ආර්ට් රූම් එකෙන් එළියට ගියා.

මම දන්නෑ එයා කොහෙද ගියේ කියලා. මට දැනගන්න ඕන වුණෙත් නෑ. තවත් ආර්ට් රූම් එකේ ඉන්න බැරි තැන මම මගෙ රූම් එකට ආවා. තවමත් රූම් එකේ ලවන්ගෙ සුවඳ තියනවා. එයා ගිය සතියෙ කැෆේ ආවම දීපු මල් බොකේ එකත් තාම වාස් එකේ තියනවා. මට ඒ දේවල් දැනෙද්දි තවත් රිදෙන්න ගන්න නිසා මම බැල්කනි එකට ගියා.

එතකොටම මම දැක්කා ගේට් එක ඇරෙනවා. ලවන් යන්නද යන්නෙ? කොහොමත් දැන් එයා යන එක හොඳයි. එයාට මේ දේවල් හරිගස්සන්න වෙයි ඒත් දැන් ඒකට වෙලාව නෙවෙයි. අපි දෙන්නම මේ වෙලාවෙ ඉන්න සිටුවේශන් එක ඒකට විදිහ නෙවෙයි. ලවන්ගෙ කාර් එක ගේට් එකෙන් එළියට යන හැටි මම කිසිම හැඟීමක් නැතුව බලන් හිටියා.

ඒත් ලවන්ගෙ කාර් එක පාරෙ නොපෙනී යනවත් එක්කම මට දැනුණ අමුතු තනිකමට, ඒත් එක්කම වෙච්ච හැම දෙයක්ම මතක් වෙනකොට ආයෙම කඳුලු බිංදු ගොඩක් මගෙ ඇස් වලින් එළියට ගලාගෙන ආවා. මම ඒවා නවත්තන්න හැදුවෙ නෑ...ඒ එක්ක පිටවෙන ඉකි නවත්තන්න හැදුවෙත් නෑ.

ඉකි ගැහිලා ඇඬෙද්දි මම මගෙ නෙක්ලස් එක ටී ශර්ට් කරෙන් එළියට ඒ දිහා බලන් හිටියා. පළවෙනි දවසෙ ඒකට වැටුණ සතුටු කඳුලු බිංදුවට වඩා දැන් වැටෙන කඳුලු ගොඩක් වෙනස්. ඒ කඳුලු බිංදුත් එක්කම නෙක්ලස් එක අතට පොඩි කරගෙන එතනම බිම වාඩිවුණ මම මට දැනෙන හැඟීම් ඔක්කොම කඳුලු එක්ක දිය කරලා දැම්මා.

-------------------------------

Third person's pov

"සිතුම්ය...උඹ කොහෙද බං?? සිතුම්ය...!"

රෑ හතටත් කිට්ටු වෙන්න ආපු මේ වෙලාවෙ තමන්ගෙ යාලුවා කෑගහනවා ඇහුන සිතුම්ය අඩියට දෙකට පඩිපෙළ බැහැලා ගියේ හුඟක් කලබලෙන්.

"ලවන්...? ඇයි මේ?!? මොකද වුණේ? උඹ අඬලද?"

සිතුම්ය ඇහුවෙ ලවන්ගෙ රතුම රතු වුණ ඇස් දෙක දිහා බලාගෙන. ලවන් අද ගියේ කොහෙද මොකටද කියන්න සිතුම්ය දන්නවා. ඒත් ලවන් මේ විදිහට ගෙදර එයි කියලා සිතුම්ය කීයටවත් බලාපොරොත්තු වුණේ නෑ. ලවන්ගෙ කෑගැහිල්ලට බයවෙලා පහළට ආපු සිතුම්ය එයාගෙ කන්ඩිශන් එක දැකලා තවත් බය වුණා.

"අනේ සිතුම්ය...විදුර්- එයා-"

"ඇයි විදුර්ට මොකද...එයාට කරදරයක්ද?"

සිතුම්ය ඇහුවෙ හුඟක් බයෙන්. ලවන් කලබල වෙලා ඉන්න විදිහට සිතුම්යට අනුමාන කරන්න පුලුවන් වුණේ එච්චරයි.

"අනේ එයාට කතාකරන්නකො...මම එහෙම කිව්වෙ හිතලා නෙවෙයි කියන්නකො. මට- මට තේරෙන්නෑ මොකක්ද කරන්නෙ කියලා."

ඇස් දෙකෙන් කඳුලු වැටෙද්දි ඒ ගැන නිකන්වත් මායිම් නොකරපු ලවන් සිතුම්යගෙ අත් දෙක අල්ලන් කියද්දි විදුර්ට කරදරයක් වෙලා නෑ කියන එකනම් එයාට තේරුණා. ඒත් තාම හරියටම මොකද වුණේ කියන්න සිතුම්යට පැහැදිලි නෑ.

"ඉස්සරලා රිලැක්ස් වෙයන්...මෙතනින් ඉඳගනින්කො. අන්න එහෙම. දැන් මට කියපන් මොකද වුණේ කියලා."

"අනේ මම දන්නෑ බං මම එහෙම කිව්වෙ ඇයි කියලා...මට-මට වෙන කියන්න දෙයක් මතක් වුණේ නැති තැන-"

"මට මුල ඉඳන් හැමදේම කියපන්...මොකද වුණේ අද? උඹ ඔහොම බාගෙට කියද්දි මම කොහොමද දෙයක් හිතාගන්නෙ?"

අලුත් කඳුලු බිංදු දෙකක් කම්මුල් දිගේ ගලාගෙන යන්න ඇරපු ලවන් ලොකු හුස්මක් ගත්තෙ හවස් වරුවෙ වුණ හැමදේම කියන්න. ඇත්තටම ඒ වෙලාවෙ වුණේ මොකක්ද කියන්න ලවන්වත් හරියට දන්නෙ නෑ.

විදුර් ගැන හැඟීම් උපරිමේටම දැනුණා එයාට මතකයි. විදුර්ටත් එහෙම වුණා කියන්න ලවන් දන්නවා. ඒත්...ටිකක් වෙලා දෙන්නා ඉන්ටිමේට් වෙද්දි, ටිකින් ටික දෙන්නම දුර යද්දි ලවන්ගෙ ඔලුවට දාහක් නරක දේවල් හිතෙන්න ගත්තා.

ලවන්ට ඒ වෙලාවෙ එයාගෙ සීමා හැමදෙයක්ම ඔලුවට ආවා කිව්වොත් හරි. එයාට මේ දේවල් හරිගස්සන්න බැරිවුණොත්, ආයෙ එන්න බැරිවුණොත්, විදුර්ව හැමදාටම එයා ළඟ තියාගන්න බැරිවුණොත්? මේ හැමදේම එයාට හිතෙන්න ගත්තා. මේ තරම් සම්බන්ධෙ දුර අරන් ගිහින් අන්තිමට එහෙම දෙයක් වුණොත් විදුර් ඒක කොහොම දරාගයිද?

ඒ දෙන්නගෙ සම්බන්ධෙ තව අඩියක් ඉස්සරහට තියන්න ඔන්න මෙන්න තියෙද්දි ලවන්ට හිතුනෙ ඔය දේවල්. එන්න එන්න ලවන්ගෙ හාද්දෙ සැර බාල වුණේ ඒකයි. ඒත් ඒ කිසි දෙයක් නොදන්න විදුර් දිගින් දිගටම එයාව පුරුදු විදිහටම කිස් කරද්දි ලවන්ට මේවගෙ බරපතලකම තවත් ලොකුවට දැනුණා.

විදුර්ව පරිස්සමින් එහාට කරත්, මේ දේ නවත්තමු කිව්වත් එයාට කොහොමද ඇත්ත කියන්නෙ?? එක පාරක් ඇත්ත කියන්න ගිහින් විදුර් එයාට කියපු දේ තාමත් ලවන්ට මතකයි. ඒ නිසා මේ කීයටවත් ඇත්ත කියන්න වෙලාව නෙවෙයි. ඒ නිසා විදුර් දිගින් දිගටම ප්‍රශ්න අහන එක නවත්තන්න ලවන් කිව්වෙ එයාට එක පාරට කටට ආපු දේ.

වෙන කිසි දෙයක් නොකියා එහෙම දෙයක්ම කිව්වෙ ඇයි කියන්න ලවන් තාමත් දන්නෙ නෑ. ඒ වෙලාවෙ එයාට දැනුණ පීඩනෙත් එක්ක වෙන්නෙ ඇති. කොහොමින් හරි වුණ දේ වෙලා ඉවරයි. ඒ දේ හරිගස්සන්න ලේසි වෙන එකක් නෑ...ඒත් විදුර් පොඩ්ඩක් හරි තේරුම් ගනී කියලා ලවන්ගෙ බලාපොරොත්තුවක් තියනවා.

හැමදේම කියලා ඉවරවුණාට පස්සෙ සිතුම්ය මුකුත් නොකියා ටික වෙලාවක් බලන් හිටපු විදිහ දරාගන්න බැරුව ලවන් බිම බලාගත්තා.

"ඇත්තමයි බං උඹ මගෙම සහෝදරයා වගේ නිසා ඉවසන්නෙ...නැත්තම් උඹට කන පැලෙන්න එකක් දෙන්න හිතයි මට."

"...."

"හරි උඹට ඒ වෙලාවෙ හිතුණ දේවල් මට තේරෙනවා. ඒ වුණාට උඹට වෙන කියන්න එකක් තිබ්බෙම නැද්ද? පස්සෙ කියන්නම් කියන්න තිබ්බනෙ, නැත්තම් පොඩ්ඩක් කල් දෙන්න කියන්න තිබ්බනෙ. යකෝ ඔහොම දෙයක් කිව්වම අර කොල්ලට මොනවා හිතේන්න ඇද්ද...??"

"මට තේරෙනවා බං...හැමදාම මගෙ ඉස්සරහ සතුටු කඳුලු විතරක් පිරුණු ඒ ඇස් දෙකේ අද වේදනාවෙන් කඳුලු ගලාගෙන යද්දි මම දරාගත්තෙ කොහොමද කියලා උඹට හිතාගන්න පුලුවන්ද?? මට- මට ආපහු ඒ කියපු වචන ඇදලා ගන්න පුලුවන්නම් මම ඒක කරනවා බං. විදුර් අඬනවා දකිද්දි මගෙ පපුව රිදෙන්න ගත්ත විදිහ මතක් වෙද්දි-"

ලවන් කියන්න ගිය එක නවත්තගත්තෙ සිතුම්ය එයාගෙ අත තද කරලා අල්ලගත්ත නිසා. සිතුම්ය එක්ක හැමදේම කිව්වට පස්සෙ ලවන්ගෙ හිතට පොඩි නිදහසක් දැනුණා.

"අපි බලමු විදුර් මේක කොහොම බාරගයිද කියලා...මේ වෙලාවෙ කොහොම වුණත් ඉස්සරහට හරි. හැබැයි මං උඹට එකක් කියන්නම්. You messed up bro."

"ඇයි- ඇයි උඹ එහෙම කියන්නෙ?"

"මම විදුර් ගැන උඹ තරම් දන්නෙ නෑ. ඒත් මට තේරෙන විදිහට...විදුර් උඹට හරි යාලුවෙකුට හරි, අඩුම ගානෙ සතෙකුට වුණත් ආදරේ කරද්දි උපරිමෙන් ආදරේ කරනවා. හැබැයි එයාගෙ හිත පොඩ්ඩක් හරි වෙනස් වුණොත් ආයෙ ලේසියකට නම්මගන්න වෙන්නෑ."

"උඹ මාව තව බය කරනවනෙ බං..."

"මං බය කරනවා නෙවෙයි...මං කියන්නෙ ඇත්ත. හරි දැන් එච්චර ඒවා හිතන්න යන්න එපා. උඹ හෙට දිහාට විදුර්ට කතා කරපන්. දැන් නාගෙන වරෙන්කො කෑම කන්න."

සිතුම්ය කිව්වෙ ලවන්ගෙ පිටට තට්ටුවක් දාලා එහාට වෙන ගමන්.

"මට කන්න බෑ බං-"

"කුණුහරප නාහා ගිහින් නාලා වරෙන්...!! මම කෑම ලෑස්ති කරන්නම්."

කන්න තරම් වුවමනාවක් නොතිබ්බත් මේ වෙලාවෙ සිතුම්ය එක්ක ආගිව් කරන්න තරම් පණක් නැති නිසා මුකුත් නොකියපු ලවන් නැගිටලා උඩ තට්ටුවට ගියා. යාලුවා උඩ තට්ටුවට යනකන්ම බලාගෙන හිටපු සිතුම්ය බැල්කනි එකට ආවෙ ෆෝන් එකත් අරගෙනම. දවසක් හදිසියකට කියලා මේ නම්බර් එක සේව් කරගත්ත එක ගැන සිතුම්යට දැනුණෙ සතුටක්. දෙතුන් පාරක් රින්ග් වෙද්දි ෆෝන් එක ආන්ස්වර් වුණා.

"හෙලෝ...?"

කටහඬ අහපු ගමන්ම සිතුම්යගෙ පපුව එක පාරට වේදනාවෙන් පිරිලා යනවා එයාට දැනුණා. මේ පොඩි එකා කොච්චර අඬලද කටහඬ මේ තරම් ගොරහැඬි වෙන්න. ෆෝන් එක පැත්තකින් තියලා උඩ ඉන්න එකාට ඇත්තටම කනේ පාරක් ගහලා එන්න සිතුම්යට හිතුණා.

"විදුර්...මම සිතුම්ය."

නම කියද්දිම එහා පැත්තෙන් ඇහුනෙ සමච්චල් හිනාවක්. කොහොමත් සිතුම්ය ඒ වගේ දෙයක් බලාපොරොත්තු වුණා.

"ඇයි අරයා ඔයාට කිව්වද මාව යාලු කරලා දෙන්න කියලා...?"

"නෑ නෑ...ඌ එහෙම මුකුත් කිව්වෙ නෑ. හැබැයි මං දන්නවා මොකද වුණේ කියලා."

"...."

"විදුර්...මම මගෙ එකාව සුද්ද කරන්න යනවා නෙවෙයි. ඒත් ඌ එහෙම එකක් කිව්වෙ හිතලා නෙවෙයි-"

"මම දන්නවා..."

"ආහ්...?"

"එයා එහෙම කිව්වෙ හිතලා නෙවෙයි කියන්න මම දන්නවා සිතුම්ය...ඒත් ඇයි එයා මට ඇත්ත කියන්නැත්තෙ. අපි දෙන්නා ගැන එයාට එච්චර බයවෙන්න තරම් මොකක්ද එයාට තියන ප්‍රශ්නෙ??"

"මේ අහපන්...ඌ එහෙම දෙයක් කිව්වට පස්සෙ උඹ ඉන්න තත්වෙ මට තේරෙනවා. ඌ හිටපු තැනම කලින් හිටපු කෙනෙක් විදිහට ලවන්ට දැනෙන දේවලුත් මට තේරෙනවා. ඒ කොහොම වුණත් උඹලා දෙන්නගෙ කතාව මැද්දට ඇවිත් ඒවා වෙනස් කරන්න මට ඕනෙ නෑ."

"...."

"හැබැයි...මං මෙහෙම කියන්නම්කො. ලවන් උඹට ඕවා කියලා තියනවා විදුර්. ඒ නිසා පොඩ්ඩක් මතක් කරලා බලපන්. උඹට නොතේරෙන ගොඩක් දේවල් තේරෙයි."

"මො-මොකද්ද...? ලවන් මට එහෙම කිසිම දෙයක් කියලා නෑ සිතුම්ය. අඩු ගානෙ එයාට තියන ප්‍රශ්න ගැන මා එක්ක කතා කරලවත් නෑ. මම එයාට බල කරනවා නෙවෙයි ඒත්- ඔයාට තේරෙනවනෙ."

"කෙලින්ම කියලා නැතුවැති...ඒත් ඌ කියන්න ට්‍රයි කරලා හරි තියනවා. මම මේක දන්නෙ ඌම මට කියපු නිසා."

"මට තේරෙන්නෑ සිතුම්ය...මට එහෙම දෙයක් මතක නෑ."

විදුර් ඇත්තටම අසරණව කියපු විදිහට සිතුම්යට දුක හිතුණා. ඒ කියන්නෙ ලවන් කියන්න ගියපු එක ගැන විදුර්ට මතකවත් නෑ. සිතුම්ය ඒ ගැන වැරද්දක් කියන්නෑ කොහොමත්. ඒත් තව මේ දේ ගැන කියලා දැනටත් දුකින් ඉන්න කොල්ලව මහන්සි කරන එක තේරුමක් නෑ කියලා සිතුම්යට දැනුණා.

"හරි- හරි ඒක අමතක කරන්නකො. උඹ පුලුවන්නම් පොඩ්ඩක් මතක් කරලා බලපන්...උඹලම මේවා කතා කරගන්න එක තමා කොහොමත් හොඳ."

"අනේ එයා එක්ක ආයෙ කතාවක් නෑ මට..."

විදුර් කියපු විදිහට සිතුම්යට යන්තම් හිනාගියා. ලවන්ට ලේසි වෙන එකක්නම් නෑ. එක අතකට හොඳ වැඩේ.

"හරි හරි...ඒවා මට අදාල නෑ. උඹ කාලද ඉන්නෙ?"

"නෑ තාම..."

"මේ...එක එක ඒවා වුණාට කමක් නෑ රෑට කාලා නිදාගනින් හරිද? මම මේ වැඩිමනත් ගත්තෙ ඒකයි. උඹ අද තනියෙන් නිසා."

"...."

"ඇහුනද...?"

"ම්ම්..."

"අන්න එහෙම..."

"මේ...ලවන්- එයා කාලද?"

සිතුම්ය ෆෝන් එක පොඩ්ඩක් කනෙන් එහාට කරලා ඒ දිහා අමුතුවට බලන් ඉඳලා ආයෙම කනේ තියාගත්තා. කෝල් කරන එකා කෑවද අහන්නෙත් නැතුව දැන් ආයෙ කතාවක් නෑ කියපු එකා කෑවද අහන ලස්සන.

"ඔහෙ නෑ...අන්න උඩට ගියා කෑම කන්න බෑ කියලා."

"එයාට කන්න කියන්න...අපි දවල්ට කාලා ගොඩක් වෙලා. බඩගිනි ඇති."

විදුර් අහිංසක විදිහට කියද්දි සිතුම්යට හිනාගියා. පොඩ්ඩක් වලි දාගත්තට මොකද සිතුම්ය දන්නැද්ද දෙන්නගෙ ලව් එක ගැන.

"මම ඌට බඩගින්නෙ ඉන්න දෙන්නෑ කොහොමත්...උඹ කාපන් හරිද? රෑට දොරවල් එහෙම ලොක් කරලද බලලා නිදාගනින්. පරිස්සමින්... මම තියන්නම්"

"ම්ම්..."

සිතුම්ය කෝල් එක කට් කරන ගමන් ආයෙම සාලෙට ගියා. ලේසි වෙන එකක්නම් නෑ තමා...හැබැයි ලොකු අමාරුවක් වෙන එක්කුත් නෑ. ෆෝන් එක එහෙම්ම සෝෆා එකට විසිකරපු සිතුම්ය උඩ තට්ටුවට ගියා.

"ලවන්...ඇවිත් කාපන්. විදුර් කිව්වා උඹට කන්න කියලා."

-------------

ඉමෝසනල් රෝලර් කෝස්ටර් චැපියක් නේ 🙂 මටත් ඒක තේරුණේ ආයෙ කියවද්දි.

එනිවේ විශේෂෙන් කියන්ටෝනෙ මම ආර්ට් ගැන දන්න ලබ්බක් නෑ හොඳේ. ඕ ලෙවල් කාලෙකවත් කරලා නෑ. වැස්සකටවත් ආර්ට් රූම් එකට ගොඩවෙලත් නෑ. ඒ නිසා මම මේ ඔහේ හිතට එන ඒවා ලියන්නෙ. හිනාවෙන්න එපා හොඳේ වැරදි තියනවනම් 😮‍💨

ආහ්...ආයෙ ලවන්ට බනින්න එපා මට ජුක හිතෙනවනෙ 🙂 ශේප් කරගන්න හැටි ඉදිරියට බලමු. ඉක්කනට එන්නම්. 🫢

Share This Chapter