Back
/ 35
Chapter 14

Part 14

සීමාවෙන් එහා

මම ලවන් එක්ක කොච්චර වෙලා බැල්කනි එකට වෙලා කතා කර හිටියද කියන්න මම දන්නෑ. මම එයාගෙ අතේ එල්ලිලාම එක එක දේවල් ගැන කතා කරන්න ඇති. ඒ අතරෙම මම සැරින් සැරේ නෙක්ලස් එකේ පෙන්ඩන්ට් එක අතට අරන් බලද්දි ලවන් යන්තම් හිනාවෙනවා මම දැක්කා.

"ඔයා ඕකට ඔය තරම් ආසා වෙයි කියලා මම හිතුවෙ නෑනෙ විදුර්..."

"Like I said...I love everything you give me. අනික මේකෙ තියන ඉන්ෆිනිටි සයින් එකට මම ආසයි."

"මම ඒක හිතලමයි ගත්තෙ...'cause we will be together that long."

ලවන් විශ්වාසෙන් මගෙ ඇස් දෙක දිහා බලන් කියද්දි මට මතක ගොඩක් ආදරේ පිරුණු හැඟීමකින් එයාගෙ තොල් උඩින් මගෙ තොල් තියනවා විතරයි. අපි දෙන්නගෙ තොල් මුණ ගැහෙන හැම වෙලාවකම එයා මාව වෙනම ලෝකෙකට අරන් යනවා වගේ. මම තප්පරෙන් තප්පරේ ඒ ෆීලින් එක විඳිනවා, ඒකට ඇබ්බැහි වෙනවා.

ලවන් මාව කිස් කරද්දි පරිස්සමට මාව අල්ලගෙන විදිහට, එයාගෙ අත මගෙ පිට දිගේ, උරහිස දිගේ ගෙනියන විදිහට, වෙලාවකට ඒ අත් මගෙ කම්මුල් වලින් නැවතිලා ඒවා කප් කරන විදිහට...මේ හැමදේම මට දැන් ඇබ්බැහියක්.

අන්තිමට අපි දෙන්නා ඇතුළට ආවෙ දවල් වෙන්න වෙන්න බැල්කනි එකේ අව්ව සැර වෙද්දි. එතකොට ඉන්න අමාරුයි එතන. ඇතුළට ඇවිල්ලත් ලවන් මගෙ පොත් රාක්කෙ එහෙම බල බල හිටියා. ඒකෙ මම කියවපු පොතුයි tbr පොතුයි වෙන් කරලා තියෙන්නෙ. දැන් කියවන එකත් ඔහේ දමලා තියනවා. මේ මනුස්සයා ෆස්ට් කිස් එක දීලා මාව පිස්සු වැට්ටුවත් හරි ඒක කියවන්න වුණේම නෑ. කියවන්න ඕනෙ ඒකත් ඉක්මනට.

කොහෙද ඉතින් නිවාඩුවක් හම්බුණා කියලත් වැඩිය ගෙදර ඉන්න වුණේ නෑනෙ. කොන්සට් එක තිබ්බා, ක්‍රිස්මස් පාටි ගියා, දපලා නිදියව්වා, ඩේට් ගියා, ලවන් එන එකට ලෑස්ති වුණා, ඒ අස්සෙ අම්මා අපි දෙන්නටම නිවාඩු එකේ අත්තම්මා බලලා එමු කියලා අපි තුන්දෙනාම ගියා අත්තම්මා බලන්න. අත්තම්මා ඉන්නෙ අම්මලගෙ පැණිදෙණියෙ මහගෙදර. එහෙ ඉන්නෙ අත්තම්මයි වැඩට ඉන්න ගෑණු කෙනයි විතරයි.

අම්මලගෙ පවුලෙ පස්දෙනයි. අම්මා තමා මද්දුමයා. අම්මට අක්කලා දෙන්නයි. දෙන්නම දැන් ඉන්නෙ ලංකාවෙ නෙවෙයි. එක්කනෙක් හස්බන්ඩ් එක්ක ඔස්ට්‍රේලියාවට ගියා. අනිත් එක්කනා PhD කරන්න තරුණ කාලෙම ගිය ගමන ආයෙ ආවෙ නෑ. ආයෙ පුංචිත් ටීචර් කෙනෙක්. එයා බැන්ඳෙත් පැණිදෙණියටම නිසා තාම ඉන්නෙ එහෙ.

කෙල්ලොම හතරක් ඉන්න පවුලෙ එකම කොල්ලා තමා චූටි මාමා. අම්මගෙයි මාමගෙයි ගැප් එක අවුරුදු 14ක් විතර. ඒ කාලෙ එහෙමයි ඉතින් දන්නවනෙ. ඉතින් මම හිච්චි කාලෙත් මාමා ගොඩක් තරුණයි. ඒ කාලෙ මාව වඩාගෙන හුරතල් කරනවා එහෙම මට හොඳට මතකයි. කොහොමත් ලොකු අම්මලා දෙන්නට වඩා මට පොඩි කාලෙ මතක ගොඩක් තියෙන්නෙ පුංචියි මාමයි එක්ක. ඒ දෙන්නම හිටියෙ පැණිදෙණියෙ නිසා.

මාමත් මගෙන් ටිකක් ඈත් වුණේ PhD කරන්න ගියාට පස්සෙ. හැබැයි එයා ආයෙම ආවා. ඊට පස්සෙ මහගෙදර ගාවින්ම අලුත් පන්නෙට ගෙයක් හැදුවා. දැන් එයයි එයාගෙ වයිෆුයි ඉන්නෙ එහෙ. එයාලට ළමයි නැති නිසා අක්කලගෙ ළමයින්ට තමා තමන්ගෙ ළමයින්ට වගේ සලකන්නෙ. ලොකු අම්මලගෙ ළමයිනම් ඉතින් මෙහෙ එන්නෙම නැති තරම්නෙ. ඒ නිසා වැඩි වාසිය පුංචිගෙ මල්ලිටයි නංගිටයි මටයි අපෙ අයියටයි තමා. දැන් අයියත් නැති නිසා අපි තුන්දෙනාට සැලකිලි වැඩි.

චූටි මාමා ගේ හැදුවට පස්සෙ අත්තම්මටත් එහෙට එන්න කිව්වත් අත්තම්මා කැමති වුණේ නෑ මහ ගෙදර පාලුවට යවන්න. දන්න්වනෙ ඉතින් ඔය වයසක මිනිස්සුන්ගෙ හැටි. සීයා නැතිවුණාට පස්සෙ අත්තම්මා කොහොමටත් එහෙන් යන්න කැමති වුණේ නෑ. ඒ නිසා උදව්වට ගෑණු කෙනෙක් නැවැත්තුවා. කොහොමත් මාමා ඉන්නෙ අල්ලපු වැටේ නිසා බයක් නෑ.

අනික අත්තම්මා රිටයර් වුණ නර්ස් කෙනෙක්, සීයා ඩොක්ටර් කෙනෙක්. ඒ නිසා සල්ලි ප්‍රශ්නෙකුත් නෑ, ලෙඩ ගැන බයවෙන්න දේකුත් නෑ. සිම්ප්ටම්ස් ආපු ගමන් ලෙඩේ මොකක්ද කියන්න අත්තම්මා දන්නවා. දැන් ඉතින් කොහොමත් අත්තම්මා වයසයි...අවුරුදු 80ටත් එහා. පොඩි පොඩි ලෙඩ තිබ්බට තාම ඇවිදලා කරලා ඉන්න හයිය හත්තිය තියනවා. සිල් ගන්න එහෙමත් යනවා වෙලාවකට. ගිය සතියෙ ගිහිල්ලා බලලා එද්දිත් අත්තම්මා හොඳට හිටියා. ආයෙ වෙලාවක ලවන් එක්කත් යන්න ඕනෙ.

දැන් කොහෙන්ද නැවැත්තුවෙ...ආ ඔන්න ඔය වැඩ නිසා ඉතින් පොත කියවන්න වුණේ නෑ. හම්බුණු පොඩි වෙලාවෙත් ලවන් එක්ක ෆෝන් එකේනෙ එල්ලිලා හිටියෙ. කොහොමත් සඳුදා ඉඳන් අපෙ ඇකඩමික් පටන් ගන්නවනෙ. එතකොට කොහොමත් බිසී වෙනවා.

ලවන්  අදනම් එයාම රෙකමන්ඩ් කරපු පොත ඇල්ලුවෙවත් නෑ. අනිත් ඒවා බල බල එයා කියවලා තියන ඒවා එහෙම පෙන්න පෙන්න හිටියා. ඔහොම කතා කර කර ඉද්දි තමා මට වැදගත්ම දේ මතක් වුණේ.

"ඒයි...මේ මං ඔයාට ආට් රූම් එක පෙන්නලා නෑ නේද??"

"නෑනෙ...එදා ආවමත් ඔයා ඇවිදගන්න පුලුවන් තත්වෙක නෙවේනෙ හිටියෙ."

"යන්ද...?"

"ම්ම්...මම ආසාවෙන් හිටියෙ බලන්න. ඉන්ස්ටා වල ඔයා දාලා තියන ඒවා බැලුවා ඒත් ඇත්තටම බලන්න ඕනෙ."

ලවන් එයා අතේ තියන් හිටපු පොත ආයෙම රාක්කෙන් තියන ගමන් කිව්වා. මම ලාච්චුව ඇරලා කී ආට් රූම් එකේ කී එක හොයාගත්තා. ඕක මම කොහොමත් ලොක් කරලා තියෙන්නෙ.

ඇයි අප්පා අම්මා හරි අප්පච්චි හරි මම නැති වෙලාවට සුද්ද කරන්න කියලා ඇවිත් ඕන ඒවත් එක්ක විසි කරනවා වෙලාවකට. එක්කො කටු කොළනෙ කියලා විසි කරලා තියෙන්නෙ එක පාරට ඔලුවට ආවම මම ඇඳපු ස්කෙචස්. එක්කො මම තීන්ත පිහින්න කියලා තියාගෙන ඉන්න රෙදි කෑල්ලක්. සමහර ඒවා ගොඩක් පාවිච්චි වෙලා තිබුණා වුණත් ඒ මැටීරියල් පහසු නිසා මම තියන් ඉන්නවා. මෙන්න පහුවදා බලද්දි ඒක අරන් වළං අල්ලන්න.

ඒ නිසා කෝකටත් කියලා ඕක ලොක් කරලා මමම සුද්ද කරගන්නවා. ඒ වුණාට අම්මයි අප්පච්චියි වෙලාවකට කී එක අරන් දොර ඇරලා මගෙ ආට් එහෙම බලලා එනවා. ඒත් ලොක් කරන එක කෝකටත් හොඳයි. ගෙදර ඉන්න ඩබල කෙසේ වෙතත් දැන් අල්ලපු ගෙදර පොඩි ඩබලක් ඉන්නවා නිතර මෙහෙට එන. නිකන්වත් දොර ඇරන් ගියොත්...බුදු අම්මේ මට හිතන්නවත් ඕන්නෑ.

මම මගෙ කාමරෙන් එළියට යද්දි ලවනුත් මගෙ පිටිපස්සෙන් ආවා. මම කිව්වා වගේම ආට් රූම් එක තියෙන්නෙ උඩ තට්ටුවේ අනිත් පැත්තෙ. මම දොර අරින්නත් ගිහින් ආයෙ හැරිලා පිටිපස්ස බැලුවෙ යමක් මතක් වෙලා. ලවන් කැමතිම නෑ අපිළිවෙල තැන් වලට. මගෙ රූම් එක පිළිවෙළ වුණත් මේක එහෙම නෑ ඉතින්. තැන් තැන් වල කොළ කෑලි, රෙදි කෑලි, බාගෙට ඇඳපු චිත්‍ර, ටියුබ් ඕවා තැන් තැන් වල.

මම ඕවා ලොකුවට අස් කරන්නෙත් නෑ. මොකද මට හිතෙන්නෙම චිත්‍රයක් කම්ප්ලීට් කරනකන්ම ඕවා අස් නොකර ඒ විදිහටම තියන එක වෙනම ඊස්තෙටික් එකක් විදිහට. කොහොමත් ඉතින් මගෙ චිත්‍ර ඇඳිල්ලෙ ඉවරයක් නෑනෙ. වෙලාවකටනම් පළාතෙ යන්නැතුව ඉන්නවා සති දෙක තුනක් විතර. නැත්තම් මම සාමාන්‍යයෙන් එකක් ඉවර වුණාම තව එකක් පටන් ගන්නවා. ඒ නිසා නිතරම ආට් රූම් එක පොඩ්ඩක් අවුල් වෙලා තමා තියෙන්නෙ.

"ලවන් මේ...මෙතනනම් පොඩ්ඩක් අපිළිවෙළයි හොඳේ. ඔයා දන්නවනෙ චිත්‍ර අඳින්න ගිහාම."

"ආ ඒක අවුලක් නෑ විදුර්. You know when we create an art and admire an art...it gets a little messy."

"ම්ම්..."

මම දොර අරින්න ආයෙ හැරෙන්න ගිහින් එක පාරට කල්පනාවක් ඇවිත් ආයෙම නළලත් රැළි කරන් ලවන් දිහා බැලුවා.

"Create an art I understand but...while admiring an art?? Messy?"

මම අහද්දි ලවන් උරහිස් දෙක උස්සලා මුකුත් දන්නැති ගාණට හිනාවුණා. දැන් මුකුත් දන්නැති බබා වගේ හැසිරෙන්නෙ. එයාමනෙ කිව්වෙ. මම ආයෙම ඒ මොකක්ද කියලා කල්පනාවට වැටෙද්දි ලවන් කට කොනකින් හිනාවෙලා මගෙ මූණ දිහා බලන් හිටියා. එයා ඊට පස්සෙ හිමින් එයාගෙ ඇස් දෙක මගෙ මූණෙන් පහළට අරන් ගිහින් ආයෙම ඒවා උඩට අරන් ඇවිත් මගෙ ඇස් එක්ක සමාන්තර කරද්දි තමා මගෙ ඔලුවෙ බල්බ් එකක් පත්තු වුණේ.

"ඕහ්..."

කියපු එක තේරුණත් එක්කම මට කියාගන්න පුලුවන් වුණේ එච්චරයි. එක පාරට ආපු ලැජ්ජාවක් වගේ එකක් එක්ක මම බිම බලාගද්දි මට තේරුණා අනිවාර්යෙන් මගෙ කම්මුල් දෙක රෝස පාට වෙලා කියලා. මම බිම බලාගෙනම හිටියත් ලවන් මගෙ දිහා බලන් ඉඳලා හිනාවුණා.

"You look cute when you blush..."

"So-so you think I'm an art...?"

කට පියන් ඉන්න බැරුවට මම අහද්දි ලවන් එයාගෙ හිනාව එහෙම්ම තියාගෙන එක අතක් මට එහා පැත්තෙන් දොරෙන් තියලා මගෙ මූණට එබුණා. මම දවසක් කිව්වා වගේම ලවන් ඩොමිනන්ට් වෙද්දි මට දරාගන්න බෑ...ඒත් ඒ දැනෙන ෆීලින් එකට මම ආසයි.

"Of course you are...I can't wait to admire the most beautiful art I've ever seen."

ලවන් කිව්වෙ මගෙ ඇස් දෙක දිහාම බලාගෙන. මේවට අනිත් පැත්තට උත්තර දෙන්න පුරුදු වෙන්න වෙයි...මොකද දැන්නම් මට කතා කරන්න තියා කෙලින් හිටගෙන ඉන්නවත් බෑ වගේ. ලවන්ගෙ සෙඩක්ටිව් බැල්ම ඒ තරම් පවර්ෆුල්.

"එහාට වෙන්න අනේ...අම්මවත් ආවොත් එහෙම."

මම ලවන්ගෙ පපුව හරියෙන් අල්ලලා හිමින් තල්ලු කරන්න හදද්දි එයාට හිනාගියා.

"බොරු කරන්න එපා බබා ඉතින්...ඔයා රූම් එකේදි ලස්සනට මාව කිස් කර කර හිටියෙ. අම්මා එයි කියලා එතකොට බය වුණේ නෑනෙ ම්ම්...?"

"අම්මා කාමරේට එද්දි කතා කරලා එන්නෙ...දැන් එහෙම නෑනෙ. එහාට වෙන්න මට දොර අරින්න."

තවත් එයාගෙ බැල්මයි කතාවයි දරාගන්න බැරිවුණ තැන මම බොරු සද්දයක් දාලා ලවන්ව එහාට කරා. ඇත්තටම ඉතින් අම්මා කාමරේට වුණත් දොර ඇරලා තියෙද්දි කතා කරලා එන්නෑ. ඒත් ඒක නෙවෙයිනෙ මෙතන සීන් එක...මෙයාට තේරෙන්නෑනෙ.

මම රූම් එක ඇතුළට යද්දිම මගෙ දෙලුම් ස්ප්‍රේ එකේ සුවඳ තීන්ත වල සුවඳත් එක්ක මික්ස් වෙලා අමුතුම සුවඳක් ආවා. මම සුවඳට ඉන්න කැමති වගේම තමා වටේ පිටේ සුවඳට තියාගන්නත් මම කැමති. ඒ නිසා චිත්‍ර වලට හානියක් නොවෙන්න දෙලුම් ස්ප්‍රේ එකක් ස්ප්‍රේ කරනවා මම. ඇතුළට ආපු ගමන්ම ලවන්ටත් ඒ සුවඳ දැනිලා ආසා හිතුණා කියන එක මට තේරුණා.

"වෝහ්...මෙතන අමුතුම වයිබ් එකක්නෙ තියෙන්නෙ."

ලවන් එහෙම කියන ගමන් මම දැන් කම්ප්ලීට් කර කර ඉන්න චිත්‍රෙ ගාවට ගියා.  ඒක තණතිල්ලක ඉඳගෙන පොතක් කියවන ගර්ල් කෙනෙක්ගෙ චිත්‍රයක්. එයාගෙ මූණ මේ ඈන්ගල් එකට පේන්නෙ නෑ...කොණ්ඩෙ හාෆ් ටේල් දාලා අර ලෝරාගෙ පොත් වල විස්තර කරන විදිහෙ ගවුමක් ඇඳන් ඉන්නෙ. ඔය පරන යුරෝප් කතන්දර වල එහෙම ගෑණු ළමයි අඳින සාමාන්‍ය ගවුම් තියෙන්නෙ රෝස පාට අන්න එහෙම ගවුමක්.

ඒක මම ඇඳලා ඉවරයි බාගෙට කලර් කරලා තිබ්බෙ. ලවන් ඒක් දිහා ටිකක් වෙලා බලන් හිටියා. මගෙ දිහා බලද්දි ඒ ඇස් එළිය වෙනවා වගේම මගෙ චිත්‍ර බලද්දිත් එයාගෙ ඇස් එළිය වෙනවද? නැත්තම් ඒ මට පෙනුණ හැටිද?

ඒක දිහා ටිකක් වෙලා බලන් ඉඳපු ලවන් පිටිපස්සට ගියේ මම ළඟදි කම්ප්ලීට් කරපු අනිත් චිත්‍ර ටික බලන්න. එතන පහක් වගේ තිබ්බා. කොහොමත් මම කම්ප්ලීට් කරන චිත්‍ර වැඩිකල් ඔතන රැඳෙන්නෙ නෑ. මම ඒවා ෆ්‍රේම් කරලා එක්කො මේ රූම් එකේම එල්ලනවා. නැත්තම් ගෙදර කොහෙහරි එල්ලනවා. සමහර ඒවනම් චූටි මාමත් උස්සන් යනවා එහෙ එල්ලන්න.

ඉස්සරනම් මම සමහර ඒවා විකිණුවා. ඒත් අප්පච්චි පොඩ්ඩක්වත් ඒකට කැමති නෑ. දැන් අප්පච්චි කාමරේට ආවම මම විකුණයි කියලා හිතෙන ටයිප් එකක් තිබ්බොත් අප්පච්චි ඒක අරන් ගිහින් ෆ්‍රේම් කරලා එයා ගාව තියාගන්නවා.

"ඔයා ගොඩක් ටැලන්ටඩ් විදුර්...මේවා මාරම ලස්සනයි."

ලවන් මගෙ කම්ප්ලීට් කරපු චිත්‍ර දිහා බලන් කියද්දි මම එයාගෙ අතේ එල්ලිලා යන්තම් කම්මුලින් හාද්දක් තිබ්බෙ ස්තූතියක් විදිහට.

"මේක මොකක්ද...?"

ලවන් ඇහුවෙ මම දැන් සතියකට විතර කලින් ඇඳපු චිත්‍රෙ පෙන්නලා. ඒකෙ හිටියෙ ඈත පේන අයිෆල් කුලුණ දිහා බලන් ඉන්න කපල් එකක්. කපල් එකක් කිව්වෙ කොල්ලො දෙන්නෙක් තමා ඉතින්...මගෙ විදිහට අඳින්න එපැයි මම. ඒකෙ එක්කනෙක් ටිකක් උසයි. අනිත් එක්කනාගෙ ඔලුව උස එක්කනාගෙ උරහිසේ නැවතිලා තිබුණා.

"කපල් එකක් අනේ..."

"කපල් එකක් කියලා මටත් පේනවා..."

"එයාලා ඉන්නෙ පැරිස් ගිහින්..."

මම හොඳටම පේන්න තියන දේවල් ගැනම උත්තර දෙද්දි ලවන්ට හිනාගියා. ඔව් ඉතින්...පිටිපස්සෙන් පේන විදිහට ඇඳලා තිබ්බත් ඒ කවුද කියලා හොයාගන්න බැරිකමක් නෑ. විශේෂෙන් එයාට කොහොමටවත් ඒක බැරි වෙන්න විදිහක් නෑ.

"You sure they're JUST a couple...?"

"ම්ම්...ඇයි?"

"ඒ අපි දෙන්නා නෙවෙයි කියලා හොඳටම විශ්වාසද...?"

හපොයි...තේරුම් ගත්තට ඕක ඔහොම මූණට අහයි කියලා මං හිතුවෙ නෑ ඉතින්.

"අම්...හෙහෙ එහෙමම හිතලා නෙවෙයි ඇන්ඳෙ ඉතින්. එහෙම ඇඳෙන්න ඇති."

"ම්ම්...හාකො."

ලවන් මනමාල හිනාවක් දාලා තව ටිකක් වෙලා ඒක දිහා බලන් හිටියා. මමත් ඉතින් පච වෙන එකේ සීමාවක් නෑ. හරක් ටයිප් කතා කියන නිසා තමා ඔක්කොම.

ඊට පස්සෙ ලවන්ගෙ ඇහැ ගියේ රූම් එකේ බිත්ති දිහාවට. මම කිව්වා වගේම මගෙ පේන්ටින්ග්ස් ගොඩක් ෆ්‍රේම් කරලා මෙතන එල්ලලා තිබුණා.

"මේවා ඔයා ළඟදි ඇඳපු ඒවද...?"

"එහෙම විශේෂයක් නෑ ලවන්...ඔතන මාසෙකට විතර කලින් ඇඳපුවත් තියනවා. ගොඩක් පරණ ඒවත් තියනවා. අර අරක තමයි මම මුලින්ම ඇඳපු චිත්‍රෙ."

මම අත දික් කරලා අනිත් චිත්‍ර වලට වඩා ටිකක් උඩින් එල්ලලා තියන චිත්‍රයක් ලවන්ට පෙන්නුවා.

"වාව්...මේක පළවෙනි එක?"

"පළවෙනි එක කියන්නෙ අර කුරුටුබලි යුගේ අයින් කරාම හරිහමන් විදිහට ඇන්ඳ පළවෙනි එක."

"ඒක ලස්සනයි...අවුරුදු කීයෙදි වගේද?"

"හතරෙදි වගේ..."

මම ඒක කියද්දිම ලවන් ඇස් දෙකත් ලොකු කරලා පුදුමෙන් වගේ මගෙ දිහා බැලුවා.

"Seriously?? හතරෙදි...??"

"ඔව්..."

"වාව් විදුර්...ඔයාට ඒ තරම් පොඩි කාලෙදි මෙච්චර ටැලන්ට් එකක් තිබ්බද?? ඒක හරියට අවුරුදු හත අටක ළමයෙක් ඇඳපු එකක් වගේ. You're so so talented."

ලවන් අවංකවම කියද්දි මගෙ කම්මුල් රෝස වේගෙන එනවා කියලා දැනුණ නිසා මම බිම බලාගත්තා. මට ඒ ටැලන්ට් එක තියනවා තමා...මම කිසිම තැනක ඒක රිජෙක්ට් කරන්නෙ නෑ. ඒත් ලවන් ඒක කියද්දි දැනෙන්නෙ වෙනස්ම ෆීලින් එකක්.

මම බිම බලාගෙනම ඉද්දි ලවන් මං ගාවට ඇවිත් මගෙ උරහිස වටේ අත දාලා මාව ළං කරගත්තා.

"I'm so proud of you..."

"It means alot to me..."

"ඕහ්...මට හිතුණා පුතාලා මෙතන ඇති කියලා."

අපි දෙන්නම පොඩ්ඩක් ගැස්සුනේ දොර ගාවින් ඇහුණ අම්මගෙ කටහඬට. ගැස්සුණාට අපි දෙන්නගෙන් කවුරුත් දෙපැත්තට වුණේ නෑ...එහෙම වෙන්න තරම් දෙයක් කර කර හිටියෙ නෑනෙ අපි. ලවන් මගෙ කර වටේ අත දාගෙන හිටපු විදිහටම හිටියා.

"ඔව් අම්මෙ...විදුර් එයාගෙ පේන්ටින්ග්ස් පෙන්නුවා මට. එයා මාර ටැලන්ටඩ්නෙ. අර පළවෙනියටම ඇන්ඳ චිත්‍රෙ එහෙම හිතාගන්නවත් බෑ."

"ඒකනම් එයා ඇත්තටම උපතින් අරන් ආපු ටැලන්ට් එකක් පුතා...විදුර් ඕක ඇන්ඳෙ මම එයාට බත් කවන ගමන් කියපු කතන්දරයක් අහගෙන ඉඳලා. මම අදින්න කිව්වෙවත්, බලාගෙන අඳින්න එකක්වත් තිබ්බෙ නෑ. එයාමයි හිතලා ඇන්ඳෙ. ඒ වයසට එච්චර දෙයක් කරනකොට අපිත් එයාගෙ ටැලන්ට් එක ගැන තේරුම් ගත්තා."

"ම්ම්...ඒකනෙ. ඇත්තටම එයා ඒ පැත්තෙන් ඉස්සරහට ගිය එක ගොඩක් වටිනවා."

ලවන් මගෙ කරට අත දාගෙනම මගෙ දිහා බලලා ලස්සනට හිනාවෙන ගමන් කිව්වා.

"අපෝ ඔව් පොඩි කාලෙ ඉඳන් ඕකයි සින්දු කියන එකයි තමා කරේ. තරඟ වලට ගිහින් තියනවා ඇති වෙන්න. පුතා මෙයාට ඒවා පෙන්නුවෙ නැද්ද...?"

"අනේ අම්මෙ..."

මම යන්තම් කුනු කුනු ගෑවෙ දැන් ඔය මගෙ ත්‍රොෆීස් ටික පෙන්නන්න යනවා කියලා තේරුණ නිසා. අවුලක් නෑ ඉතින්...ඒ වුණාට ලවන්ට ඒවා පෙන්නන්න මොකක්ද මොකක්ද වගේනෙ. මොන මඟුලක්ද මේ??

"නෑනෙ අම්මෙ..."

ලවන් මම කියන එක ගණන් ගන්නැතුව අම්මට කිව්වා.

"යන්කො පෙන්නන්න...මෙයා ඒවා පෙන්නන්නෑ කාටවත් ලේසියකට."

ඔව් ඉතින් මං පෙන්නන්නෑ අම්මනෙ එන එන කෙනාට පෙන්නන්නෙ...මම ඒක වැරැද්දක් විදිහට කියනවා නෙවෙයි. අම්මලා කොහොමත් ආඩම්බරයිනෙ තමන්ගෙ ළමයි සාර්ථක වෙනකොට.

මම අර කලින් කිව්ව පොඩි සාලෙ වගේ කෑල්ලෙ ලොකු කබඩ් දෙකක් තියනවා මූණට මූණ. ඒ දෙකේ අයියගෙයි මගෙයි පොඩි කාලෙ ඉඳන් සහතික, ත්‍රොෆීස් තියලා තියනවා. අයියා ටෙනිස් ප්ලේයර් කෙනෙක්. එහෙන් මෙහෙන් ජූඩොත් ප්ලේ කරලා තියනවා.  එයාගෙ කබඩ් එකේ තියෙන්නෙම ඒවගෙන් හම්බුණ දේවල් තමා...විශේෂෙන් ටෙනිස්.

මගෙනම් ස්පෝට්ස් කියලා නාමෙක දෙයක් ඔතන නෑ. තියනවනම් ඇති ස්පෝර්ට් මීට් වල හිටපු බෝලෙ පාස් කරනවා වගේ හිච්චි තරඟ වලට. ඒ කාලෙ ඉඳන් ස්පෝට්ස් අරහං මට. ඊට පස්සෙ නවය වසරෙ ඉඳන් වෙස්ටන් බෑන්ඩ් එකට ප්ලේ කරපු නිසා කොහොමත් ස්පෝට්ස් මීට් එකේ වෙන දෙයක් කරේ නෑ. අවුට් වෙනකන්ම බෑන්ඩ් එක විතරයි.

ඔක්කොම තියෙන්නෙ සිගින් ආර්ට් තමා. ඔතන පොඩි කාලෙ දහම් පාසල් තරඟ වලින් ගත්ත සහතික පවා තියනවා. ඉස්සර මට මතකයි පොඩි කාලෙ දහම් පාසල් තරඟ වල මම පද්‍ය ගායනා වලටයි චිත්‍ර වලටයි දෙකටම තේරෙනවා. මුලින්ම යන්නෙ පද්‍ය ගායනා වලට. ඒකෙ සින්දු කියන්න ගන්නෙ අංක අනුවනෙ. ඒත් තරඟ දෙක්කට ඉන්න අය ඉන්නවනම් ඉක්මනට කියලා යවනවා. මම ඉතින් හැම අවුරුද්දෙම ඉක්මනට සින්දුව කියලා පිම්මෙ දුවනවා චිත්‍ර තියන තැනට. මාත් එක්ක සර් කෙනෙක් හිටියා ඉතින් හැමදාම ඉක්මනට එක්කන් යන්න.

කොට්ඨාස තරඟ වලින් මම දෙකම දිනනවා අනිවාර්යෙන්. දිස්ත්‍රික් තරඟ වලනම් සිගින් වලට වෙන වැඩ්ඩෙක් හිටියා. එයා තමා හැමදාම පළවෙනි. මම දෙක. ආර්ට්නම් හැමදාම සමස්ත ලංකා යනවා. දිනලත් තියනවා...දෙක තුන වෙලත් තියනවා. සමස්ත ලංකා එන්නෙ කොහොමත් හොඳම අයනෙ.

මට එහෙට මෙහෙට දුවන්න වෙනවා කියලා දැන දැනත් හාමුදුරුවෝ වෙන කවුරුත් දැම්මෙ නෑ අනිත් තරඟ වලට. මුල ඉඳන් තෝරලා ගත්තත් වෙන දාන්න කෙනෙක් නෑ කියලා හාමුදුරුවෝ කිව්වෙ. ආයෙ ඉතින් සිංහල, ඉන්ග්ලිශ් ඩේ වල ගත්තුවයි මම බාහිරව සහභාගි වෙලා දිනපු හැම තරඟෙකමයි ඒවා ඔතන තියනවා.

"වාව්...මෙයා හිතුවට වඩා වැඩ්ඩෙක්නෙ."

"ඔව් ඔව් පුතා...තව කල් තියනවත්නෙ අනික. ඔතන ඉඩ මදිවෙයිද මන්දා."

"වෙන්න පුලුවන්...ළඟදි තව කම්පිටිශන් එක්කට ඇප්ලයි කරනවා කිව්වනේ? අනික යුනිවසිටි ලයිෆ් එක තව එහෙමම."

මම අම්මයි ලවනුයි කතා කරද්දි පැත්තකට වෙලා බලාගෙන හිටියා. ඇත්තටම තමන් කොයි දේ කරත් ඒ ආසා දේට සපෝට් කරන පාර්ට්නර් කෙනෙක් ඉන්නවා කියන්නෙ...ඒක පුදුම සැනසීමක්.

"මේ බලන්නකො පුතා...මේක තමා මෙයා ආර්ට් වලින් මුලින්ම කම්පිටිශන් එකකට ඉදිරිපත් වෙලා වින් කරපු ෆොටෝ එක."

අම්මා කබඩ් එක ඇරලා මම අවුරුදු පහේ විතර කාලෙ ස්ටේජ් එකට නැගලා තෑගි ගන්න එකක් පෙන්නුවා. ඒ ලංකා බැංකුවෙන් තිබ්බ කම්පිටිශන් එකක් මට මතක විදිහට. උසත් නෑ...ඇමතිගෙ ඉන ගාවටවත් නැතුව මම බටු ඇටේ වගේ සහතිකේ ගන්නවා.

"අනේ...හුරතල්නෙ ඒ කාලෙ?"

ඇයි හත්වලාමෙ ඒ කාලෙ විතරද හුරතල්?? දැන් ඉතින් ඕක අහන්න් බෑනෙ...පස්සෙ අල්ලගන්නම් මං.

"ම්ම්...ඊට පස්සෙ හම්බුණු ලොකුම ඒවගෙ ෆොටෝසුත් ඇති."

අම්මා කියද්දි ලවන් තව ටිකක් කිට්ටු වෙලා ෆොටෝස් විතරක් නෙවෙයි මගෙ ත්‍රොෆීස් එහෙමත් බලන්න ගත්තා.

"පුතාලා...මම මේ ආවෙ දවල් කෑම ලෑස්ති කියන්න. කතාවෙන් ඒකත් අමතක වුණා. පුතාට බඩගිනි ඇති නේ?"

"අනේ නෑ අම්මෙ...උදෙත් අම්මලා සෑහෙන්න මහන්සි වෙලා තිබ්බනේ."

"අපි එන්නම් අම්මෙ...එයාට නැති වුණාට මට බඩගිනි."

"එහෙම අමුත්තට කන්න නොදී ඔයාට දෙන්නෙ නෑ...පුතාට බඩගිනි වුණාම එක්කන් එන්න පහළට. මං එහෙනම් පහළට යනවා පුතේ. චූටි එහෙනම් එන්න දෙන්නම ආ."

පුහ්...පුතාලු ඒ මදිවට. අනික ඔය හොඳ එක්කනා වගේ රඟපෑවට එයාටත් බඩගිනි ඇති. බොරුවනෙ ඉතින් ඔක්කොගෙම...අම්මා මාව නෝන්ඩි කරපු එකට ලවන් තොල් දෙක තද කරන් හිනායන එක නවත්තගෙන ත්‍රොෆීස් බලනවා මට පේනවා.

අම්මා පහළට යනකම් ඉඳලා මම ලවන්ගෙ අතේ කෑල්ලක් නියපොතු වලට අල්ලලා හයියෙන් මිරිකුවා.

"ආ..ව්ව්!! මොකද මේ කොටි පැටියෙක් වගේ??"

"හිනාවෙන්නෙ මට??"

"කවුද හිනාවුණේ...?"

"තවුසෙ තමා...බූරුවා."

මම මූණත් රතු කරන් රවන්න රවන්න ලවන් තව් හිනාවුණා. ඒත් ඉතින් එයා මගෙ ත්‍රොෆී එකක් අතේ තියන් හිටපු නිසා මම ආයෙ මුකුත් කරේ නෑ. වෙන මුකුත් නෙවෙයි...ත්‍රොෆී එක අතෑරියොත් එහෙම. ඒකයි හුම්.

ලවන් බල බල හිටපු එක ආයෙම කබඩ් එකෙන් පරිස්සමට තියලා හැරුණෙ කබඩ් දෙක මැදින් බිම පෝළිමට තියලා තියන ෆොටෝස් දිහාවට. එතන තියෙන්නෙ අප්පච්චිගෙයි, අම්මගෙයි, අයියගෙයි ගැජුඒශන් ෆොටෝස්. කවදාහරි මගෙ එකත් ඔතෙන්ට එකතු වෙයි. ඒකෙත් University of Peradeniya කියලා එන්නැති එක ගැන පොඩි දුකක් තියනවා. ඒත් කමක් නෑ...මමත් කොහොමහරි උපාධියක් කරනවනෙ.

"ඔයාගෙ එකටද මේ ඉඩ තියලා තියෙන්නෙ...?"

ලවන් මගෙ කරට අත දාලා මාව ළං කරන් ඇහුවා.

"ම්ම්...දැන් මට තියන ලොකුම හීනෙ තමා මේ ෆොටෝස් පෝළිමේ කම්ප්ලීට් කරන එක."

මම ෆොටෝස් දිහාම බලාගෙන කියද්දි ලවන් මගෙ දිහා බලාගෙන ඉන්නවා කියලා මට දැනුණා. එයාගෙ ඇස් දෙකේ තියෙන්නෙ කොයි වගේ හැඟීමක්ද බලන්න මම එයා දිහා බැලුවෙ නෑ. ඒත් එයාගෙ ඇස් තප්පර ගාණක් මගෙ දිහාවට රැඳිලා තිබුණා.

එහෙම බලාගෙන හිටපු ලවන් හිමින් මගෙ දිහාට ළං වෙලා නළල පැත්තකින් හාද්දක් තිබ්බා. එයාගෙ තොල් ටිකක් වැඩි වෙලා එතන රැඳිලා තියනවා කියලා තේරුම් ගත්ත මම ඉබේම ඇස් දෙක පියාගත්තා.

"ඔයාට පුලුවන්..."

ලවන් කිස් එක බ්‍රේක් කරලා කියද්දි මම එයා එක්ක හිනාවුණා.

"ම්ම්..."

ඔය අතරෙ අපි දෙන්නගෙ රොමෑන්ටික් මූමන්ට් එකට බාධා කරේ කවුද දන්න්නවද? වෙන මුකුත් නෙවෙයි...මගෙ බඩ. බඩගින්නෙ හිටපු මගෙ බඩ යන්තම් කෑගහන්න ගද්දි මම ලවන්ගෙ ඇස් මගෑරලා බිම බලාගත්තා.

"උදේ කාලා කාලා ඒ මදිවට කට්ලට් පිඟානක්ම ගිලලා... දැන් ආයෙ බඩගිනිද ආ?"

ලවන් ඇහුවෙ මගෙ බඩ මැදින් කොනිත්තන ගමන්.

"අනේ මේ...ඇයි ඔයාට බඩගිනි නැද්ද?"

"පොඩි එකක් තියනවා ඉතින්..."

"ඒකනෙ...මෙන්න මෙහෙ එන්න යන්න."

මම ලවන්ගෙ අතිනුත් ඇදගෙන පඩිපෙළ බැහැලා කෑම කාමරේ පැත්තට ගියා. හම්මේ සුවඳ...කෑම ඇරලා වගේ මේසෙට. දවල් කෑමටත් ඉතින් එකී මෙකී නොකී හැමදේම තිබ්බා. ටික වෙලාවකින් අපි හතරදෙනාම හිටියෙ කෑම මේසේ වාඩිවෙලා කෑම කන ගමන්. ලවන් හිටියෙ මගෙ එහා පැත්තෙමයි. කද්දිනම් අපෙ වැඩි කතාවක් තිබ්බෙ නෑ.

කොහොමත් ඔය තේ බොන වෙලාවට ආගිය තොරතුරු කතා කරාට බත් කන වෙලාවට කතා කරන්න අප්පච්චි කැමති නෑ. ඒ නිසා එහෙන් මෙහෙන් වුණ පොඩි කතාවක් ඇරෙන්න, කරි දීසියක් එහෙට මෙහෙට පාස් වුණා ඇරෙන්න වැඩි කතාවක් තිබ්බෙ නෑ.

"කෑම රසයි අම්මෙ...අම්මයි අප්පච්චියි දෙන්නමද ඉව්වෙ?"

ලවන් බත් එක කාලා ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙද්දි කිව්වා.

"ඔව්...මෙයත් ඔය එහෙන් මෙහෙන් උදව් කරා ඉතින්. ඔය හිටියට විදුර්ටත් රහට උයන්න පුලුවන්."

හම්මේ ඇති යන්තම් හොඳක් කිව්වා...මම ලවන් දිහා බලලා මෝඩ හිනාවක් දෙද්දි එයත් මාත් එක්ක හිනාවුණා.

"ඒක තමා එහෙනම්...ගොඩක් රසයි."

"කලින් කාලා නෑ වගේ කියන හැටි...නේ මාලි?"

අප්පච්චි පාඩුවේ බත් එක අනන ගමන් කියපු එකට අම්මත් මනමාල හිනාවක් දෙද්දි ලවන් බාගෙට රතු වෙලා බිම බලාගත්තා. මමද?? මමත් ඒකම තමා කරේ...වෙන මොනවා කරන්නද. කොහොමත් මේ ඩබලට ළඟදි මාව බයිට් කරන්න සෙට් වුණේ නෑ. අද හරි ඉතින්.

"ඒකනෙ...අපිනම් ඉතින් කලින්ම කිව්වා නේද රවී ඕවා?"

"හුම්ම්..."

"මො-මොකද්ද කලින් කිව්වෙ...?"

මේ මනුස්සයටත් කට පියන් ඉන්න බැරි හැටියක්...ඕන්නැති එව්වනෙ අහන්න යන්නෙ. හැටි දන්නෑ තාම.

"ඔය දවස ගානෙ බත් අරන් යන්න තරම් කරුණාවක් පහළ වුණේ මොකටද කියලා...කොහෙද ඉතින් නෑමයි කිව්වනෙ."

"ඒ කාලෙ එහෙම නෑ තමා ඉතින්..."

මම මහ පගයා වගේ කියද්දි අම්මයි අප්පච්චියි විතරක් නෙවෙයි ලවනුත් පුදුමෙන් වගේ මගෙ දිහා හැරිලා බැලුවා. හරියටම "are you sure??" බැල්මවල් තුනක් මට එල්ල වෙලා තිබ්බෙ.

"ඇත්තටම නෑනෙ ඉතින්...නේ ලවන්? කියන්නකො."

මම මේසෙ යටින් ලවන්ගෙ කකුලට ඇනලා කිව්වා.

"ම්ම්...ඔව් මො-මොකුත් තිබ්බෙ නෑ අම්මෙ."

ලවන් අමාරුවෙන් හිනාව නවත්තන් කියද්දි අම්මටයි අප්පච්චිටයි හයියෙන් හිනාගියා. යකෝ...කවුරුත් මගෙ පැත්තෙ නැද්ද දැන් එතකොට?? මම ඔය කවුරුත් දිහා බලන්නැතුව මූණත් රතු කරන් පාඩුවේ බත් කන්න ගත්තා.

බත් කාලා ඉවරවෙලා මම පොඩ්ඩක් මේසෙ අස් කරන්නත් උදව් කරා. අම්මා ඉතුරු ටිකත් අස් කරන්න කුස්සියේ නවතිද්දි අප්පච්චි අයිස් ක්‍රීම් එක ගේන්න ගිහාම මේසෙ ඉතුරු වුණේ ලවනුයි මායි විතරයි.

"මෙහ්...විදුර්."

"ම්ම්..."

"අර ලන්ඩන් බෝයි කියපු දවසෙත් එහෙම මුකුත් තිබ්බෙ නෑ කියලද කියන්නෙ...?"

ලවන් තොල් දෙක තද කරලා හිනාව නවත්තන් අහද්දි මට තව ටිකක් මල පැන්නා.

"නෑ...!"

"ම්ම්...හා ඉතින්."

ලවන් යන්තම් මගෙ අතින් මිරිකලා හිනාවෙලා කියද්දි මම අත් දෙක බැඳගෙන ඉස්සරහ බලාගෙන හිටියා.

"මොකද මේ මෙයාට වෙලා තියෙන්නෙ...?"

අම්මා අයිස් ක්‍රීම් කප් ටික මේසෙත් තියන ගමන් අහද්දි අප්පච්චිත් ඒ එක්කම අයිස් ක්‍රීම් එක අරන් ආවා.

"අනේ මන්දා අම්මෙ..."

ලවනුත් හොඳ එක්කනා වගේ උරහිස් දෙකත් අකුලලා කිව්වා.

"ස්ට්‍රෝබෙරි ගෙඩියක් වගේ..."

අප්පච්චි කියද්දි අනිත් අයට විතරක් නෙවෙයි මටත් යන්තම් හිනාගියා. අපි අයිස් ක්‍රීම් කන්න ගත්තෙ මම ආයෙ බැක් ටු නෝර්මල් වුණාට පස්සෙ. අපි විනාඩි ගාණක් අයිස් ක්‍රීම් දිය වෙනකන්ම කන ගමන් කියව කියව හිටියා. ලවන් අම්මයි අප්පච්චියි එක්ක ගොඩක් කම්ෆටබ්ල් වුණා ඒ වෙලාවෙ.

අන්තිමට කාලා හවස බීමත් බීලා අපි දෙන්නා එන්න ආවෙ හවස් වෙලා. අපි දෙන්නා කියන්නෙ ඉතින්...අද සෙනසුරාදනෙ. මම කැෆේ යන්න එපැයි. මම හවස වොශ් දාලා පෆෝම් කරන ඇඳුමට චේන්ජ් වුණා. ලවන්ටත් වොශ් දාලා අඳින්න අයියගෙ ඇඳුමක් අවුස්සලා දුන්නා. ආයෙ ගෙනත් තියන්න බැරියැ අහුවෙන්න කලින්.

අපි දෙන්න නාලා කියලා ෆ්‍රෙශ් පිට තමා ගෙදරින් එළියට බැස්සෙ. ලවන් කලින්ම අම්මටයි අප්පච්චිටයි වැඳලා වාහනේට ගියා. ගේට් එකෙන් කාර් එක එළියට දාගන්න එපැයි. මම සාමාන්‍යයෙන් අම්මටයි අප්පච්චිටයි වඳිද්දි ඒ දෙන්නා මට නළලට කිස් එක ගානේ දෙනවා. ඒක පොඩි කාලෙ ඉඳන්ම පුරුදු වෙලා දැන් මං ඒ දෙන්නට වඩා උස වුණාට පස්සෙත් ඒ පුරුද්ද එහෙම්මයි.

අද අප්පච්චිට වැඳලා මම කිස් එක ගන්න ඔලුව පාත් කරත් ඒ වෙනුවට අප්පච්චි කරේ මාව එක අතකින් උරහිස වටේ අත දාලා බදාගත්ත එක. මීට කලින් කවදාවත් අප්පච්චි මෙහෙම මාව බදාගෙන නෑ. එහෙම බදාගෙන තියනවා ඒත් වඳිද්දි...මට එක පාරට පුදුම හිතුණත් අප්පච්චි හග් එක බ්‍රේක් කරනකන් එහෙම්ම හිටියා.

අප්පච්චි මගෙ දිහා ටිකක් වෙලා බලන් ඉඳලා හිනාවෙලා උරහිසට තට්ටුවක් දැම්මා. අප්පච්චිගෙ ඇස් වල හැඟීම් කියවගන්න මට ටිකක් අමාරුයි තමයි. ඒත් දැන්...අප්පච්චිගෙ ඇස් වල තියෙන්නෙ විශ්වාසෙ කියන එක මම හොඳටම දැක්කා. ඒ කියන්නෙ මම ලවන් එක්ක යාලු වුණ එකට අප්පච්චිගෙ ප්‍රශ්නයක් නෑ කියන එකද??

මට පිම්මට උඩ පනින්න තරම් සතුටක් දැනුණා. ඒත් අප්පච්චිගෙ සන්සුන් හිනාව දැක්කම මමත් අනිත් පැත්තට අප්පච්චිට දුන්නෙ ඒ වගේම හිනාවක්. වෙනදා මට කිස් එක දෙන්නෙ අප්පච්චිනෙ...අද ඒ වෙනුවට මම අප්පච්චිගෙ කම්මුලින් කිස් එකක් තිබ්බා. තෑන්කින් කිස් එකක්...? ඔව් එහෙම කියන්න පුලුවන්.

මම අම්මටත් වැඳලා කාර් එක ගාවට එද්දි ලවන් දොර ගාවට වෙලා හිටගෙන හිටියා. කොහොමත් එයා ගොඩක් වෙලාවට මට කාර් එකට නගින්න දොර අරිනවා. මම කාර් එකට නැගලා වාඩිවෙලා ගිටාර් එක පිටිපස්සෙන් තියද්දි ලවනුත් ඩ්‍රයිවින් සීට් එකෙන් ඇවිත් වාඩි වුණා. අපි දෙන්නා හිමීට නුවරට එද්දි පහ හමාරට විතර ඇති. කොහොමත් හදිසියක් නෑනෙ.

"විදුර්..."

"ම්ම්..."

"ඔයාට තව වෙලා තියනවා නේද...?"

"ඔව්...ඇයි?"

"මේ...අච්චාරු කාලා යන්කො."

ලවන් කියද්දි මම වැලමිට ශටර් එකට තියලා ඇස් දෙකත් හීනි කරන් එයා දිහා බලන් හිටියා. මේ අලි බබා බලහන්කො...පුදුම අච්චාරු පෙරේතයෙක් වෙලා ඉන්නෙ දැන්.

"අච්චාරු ගිලින්න පුරුදු වෙලා නේ ඒ පාර...?"

"ඔයාගෙ හපන්කම් තමා බබා...මොකෝ මම කලින් දැනන් හිටියද ඔතන?"

"ම්ම් ඒකත් හරි...හා යමු. කාර් එක පාකින් එකටම දාන්න වෙයි හැබැයි."

"කමක් නෑ...අච්චාරු වෙනුවෙන් ඕන දෙයක්."

ලවන් හෙනම හැඟීම්බර විදිහට කියද්දි මට හයියෙන් හිනාගියා. යකෝ මට පස්සෙ මේ මනුස්සයා ඔහොම කියලා තියෙන්නෙ අච්චාරු ගැන විතරද කොහෙද.

කොහොමහරි අපි දෙන්නා කාර් එකත් පාක් කරලා එළියට එද්දි ලවන් මගෙ අතින් අල්ලගත්තා. එයා හිටියෙ සෑහෙන සතුටකින්. කාර් එකේදි යන්තම් තේරුණත් මගෙ අත තද කරලා අල්ලගත්ත විදිහෙන් මට ඒක හොඳටම දැනුණා.

"ලවන්..."

අපි දෙන්නා පාකින් එක පාස් කරලා සහස් උයනට යන්න උඩට ඇවිදගෙන යද්දි මම එයාට කතා කරා.

"ඇයි..."

"ඔයා...මාර සතුටකින් වගේනෙ ඉන්නෙ. මොකද එක පාරට?"

මම අහද්දිම ලවන් මගෙ අර වටේ අත දාලා මාව හොඳටම ළං කරගත්තා.

"සතුටින් තමයි මං..."

"අම්මටයි අප්පච්චිටයි කතා කරපු නිසාද...?"

"කතා කරපු නිසාමත් නෙවෙයි..."

"එහෙනම්..."

"මම බයෙන්ම හිටියෙ අප්පච්චි ගැන විදුර්...එයා හැම පොඩි දේ ගැනම තේරෙන, මිනිස්සු ගැන හොඳ දැනුමක් තියන කෙනෙක්."

"ඔව්...ඒක ඇත්ත."

"එහෙම කෙනෙක් තමන්ගෙ පුතා වෙනුවෙන් බලාපොරොත්තු වෙන්නෙ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. ඉතින්...බැරිවෙලාහරි මම ඒ අප්පච්චි බලාපොරොත්තු වෙන විදිහෙ කෙනෙක් නෙවෙයි කියලා මට පොඩි බයක් දැනුණා. ඒත් අප්පච්චිත් කැමති වුණාම-"

"ඒ කිව්වෙ...අප්පච්චි ඔයාට එහෙම කිව්වද?? අපි දෙන්නට කැමති කියලා?"

මම අතරමඟ නැවතිලාම පුදුමෙන් වගේ ලවන්ගෙන් අහද්දි එයා සන්සුන් විදිහට හිනාවුණා. මට වුණත් අප්පච්චිගෙ ඇස් දෙක උත්තර දුන්නට වචනෙන් උත්තර දුන්නෙ නෑනෙ. අප්පච්චි ලවන්ට ඒක කෙලින්ම කියලද?

"ඔව්...අප්පච්චි එහෙම කිව්වා."

"ඔහ් මයි ගෝඩ්..."

වෙන කියන්න කිසිම දෙයක් මතක් නොවුණ මම පැනපු ගමන් ලවන්ගෙ කර වටේ අත දාලා බදාගද්දි එයා මාවත් අල්ලන් බැලන්ස් වුණා. ලවන් මෙච්චර සතුටින් ඉන්න එක අහන්න දෙයක් නෙවෙයි. මට මෙච්චර සතුටක් දැනෙනවනම් ලවන්ටත් ඒක ඒ විදිහටම දැනෙනවා ඇති.

මම හග් එක බ්‍රේක් කරලා එහාට වෙන්න කලින් ලවන් මගෙ තොල් වලින් පෙක් එකක් තිබ්බා.

"දැන් ඉතින් මේ රෝස මල ඔෆීශියලිම මගේ..."

ලවන් මගෙ නහය මිරිකන ගමන් කියලා ආයෙම කරට අත දාලා මාව ළං කරගත්තා.

"ආ මේ...ඔෆීශියලි ඔයාගෙ වුණේ නෑ තාම හහ්..."

"ඔෆීශියලි මගේ කරගන්න මොනවද කරන්න ඕනෙ...?"

"අනේ මේ...අච්චාරු කන්න ආවනම් ඒවා කන්න. කෝලම් කරන්නැතුව මෙතන."

මම ඉතින් ලැජ්ජාවෙන් රෝස පාට වුණ මූණ හංගගන්න එයාගෙ අතත් ගසලා දාලා අච්චාරු තියන තැනට ගියා. මේ හවස් වරුවනෙ. සෙනඟත් අඩුයි. අපි දෙන්නා පාඩුවේ එතෙන්ට වෙලා ඉඳගෙන පැය බාගයක් විතර අච්චාරු දෙක තුනක්ම කෑවා. ඒ කිව්වෙ දෙන්නම එකට හොඳේ...එක්කනෙක් අච්චාරු දෙක තුනක් කෑවොත් සෝක් එකට තියෙයි. සින්ග් කරන්න නෙවෙයි වෙන්නෙ මට.

අපි දෙන්නා වෙලාවටත් කලින්ම කැෆේ එකට ආවා. පුරුදු විදිහටම මම ආපු ගමන්ම ඩ්‍රෙසින් රූම් එකට ගියා. සින්ග් කරන්න ස්ටේජ් එකට නගිද්දි මිනිස්සු එක්ක ඉන්ට්‍රැක්ට් වුණාට අනිත් වෙලාවට මම එච්චර මිනිස්සු අස්සෙ ගැවසෙන්න කැමති නෑ.

වෙලාවට ඉතින් ලවනුත් එහෙමයි. මම ඩ්‍රෙසින් රූම් එකට ආවෙ එයාවත් එක්කමයි. අද ඉතින් අමුතුවෙන් ලෑස්ති වෙන්න දෙයක් නෑනෙ. පොඩ්ඩක් පවුඩර් ටිකක් ගානෙන සූඳ ගහන්න විතරයි තියෙන්නෙ. ඒ නිසා ඩ්‍රෙසින් රූම් ඇවිල්ලත් මම පැය බාගයක් විතර ඔහේ හිටියා. මම සින්ග් කරන්න පොඩ්ඩක් වෝර්ම් අප් වෙද්දි ලවනුත් මගෙ එහා පැත්තට වෙලා ෆෝන් එක ඔබ ඔබ හිටියා.

පෆෝම් කරන්න ළං වෙද්දි මම කණ්ණාඩිය ගාවට ගිහින් ලෑස්ති වෙලා පොඩ්ඩක් එහෙ මෙහෙ හැරිලා ලස්සන බලද්දි ලවන් මගෙ ගාවට ආවා. මම කණ්ණාඩියෙන් පේන ලවන් දිහා බලන් ඉද්දි එයා හිනාවෙලා මගෙ ඉන වටේ අත දාලා මාව බැක් හග් කරා.

"ඔයා ගොඩක් ලස්සනයි විදුර්...සින්ග් කරන වෙලාවට ගොඩක්ම ලස්සනයි. සමහරවිට ඔයා ආසම දේ කරන නිසා වෙන්නැති."

ලවන් කණ්ණාඩියෙන් මගෙ දිහා බලාගෙන කිව්වා.

"සමහරවිට ආසා දේ කරන නිසා වෙන්න ඇති...නැත්තම් ආසම කෙනා ළඟ ඉන්න නිසා වෙන්න ඇති."

මම පොඩ්ඩක් ලවන් දිහාවට හැරිලා කියද්දි එයා එයාගෙ කම්මුල මගෙ කම්මුලට හේත්තු කරගත්තා.

"ඔය විදිහට සතුටින්ම ඉන්න විදුර්..."

"එහෙනම් හැමදාම මාත් එක්ක ඉන්න...හොඳද?"

"මම ඉන්නවා..."

ලවන් කියද්දි මම එයාගෙ දිහාවට හැරිලා කර වටින් අත දාගත්තා. ලවන් මගෙ ඉන දෙපැත්තෙන් අල්ලලා ළං කරගෙන මගෙ තොල් උඩින් එයාගෙ තොල් තිබ්බා. වෙනදා වගේම එයා මාව පරිස්සමට ඒත් පැශනේට් විදිහට කිස් කරද්දි මම පුරුදු විදිහටම ඒයාගෙ තොල් වලට ඇබ්බැහි වුණා.

දැන් මට එයාගෙ තොල් කලින්ට වඩා ගොඩක් හුරුයි. ලවන්ගෙ තොල් හිමින් මගෙ බෙල්ල ගාවින් පහළට යද්දිත්, මගෙ ශර්ට් එක පොඩ්ඩක් කරෙන් එහාට වෙලා එතන ලවන්ගෙ තොල් වැඩි වෙලාවක් දැනෙද්දිත් මම හිටියෙ එයාගෙ කොණ්ඩෙ අහුරක්ම අතට අල්ලගෙන වේගෙන් හුස්ම ගන්න ගමන්.

විනාඩියක් විතරම මගෙ බෙල්ල පුරාම තොල් එහා මෙහා ගෙනියපු ලවන් ආයෙම මගෙ තොල් වලින් ස්වීට් කිස් එකක් තියලා එහාට වෙද්දි මම තවමත් වේගෙන් හුස්ම ගන්න ගමන් හිටියා.

"හොඳට පෆෝම් කරන්න ඕනෙ හොඳද...?"

"මෝඩයා...මට හුස්ම ගන්න බැරි කරලා දැන්- හොඳට සින්ග් කරන්නලු."

"Oh come on you do breathing exercises...this is just a normal kiss."

ලවන් හිනාවෙලා කියද්දි මම එයාගෙ උරහිසට පොඩි පන්ච් එකක් දුන්නා. බ්‍රීතින් එක්සර්සයිස් යැයි යැයි තමා. කිව්වා වගේම ඉතින් හොඳට සින්ග් කරන්න එපැයි. මම ලවන්ගෙ කම්මුලින් හාද්දක් තියද්දි එයත් මගෙ නළලෙන් දිග හාද්දක් තිබ්බා. ඔන්න ඒකට පොඩ්ඩක් පිස්සු ගතිය අඩුවෙලා මම නෝර්මල් වුණා.

මම සින්ග් කරන්න ස්ටේජ් එකට නගිද්දි එයා එයාගෙ පුරුදු තැන වුණ පිටිපස්සෙ ටේබල් එකේ වාඩිවෙනවා මම දැක්කා. සින්දු ගාණක් කියනකන්ම මගෙ ඇස් ගොඩක්ම රැඳුණෙ ලවන් ගාව. මම අද හැම එකක්ම කිව්වෙ රොමෑන්ටික් සෝන්ග්ස්. මම ලවන් දිහා බලන හැම සැරේම එයා ආදරේ පිරුණු හැඟීමකින් මගෙ දිහා බලන් හිටියා. ඒ හැම මොහොතකම මගෙ හිතම පිරිලා යනවා. ඒක පුදුම විදිහට ඇබ්බැහි වෙන ෆීලින් එකක්.

"Guys we've come to the end of today's performance. අන්තිම සෝන්ග් එක විදිහට මොකක්හරි රික්වෙස්ට් එකක් තියනවද ඔයාලට...?"

"විදුර්...තව සිංහල සෝන්ග් එකක් සින්ග් කරමුද?"

ඉස්සරහම හිටපු ගර්ල් කෙනෙක් මගෙන් ඇහුවා. එයා නිතරම වගේ මගෙ පෆෝමන්ස් බලන්න එන කෙනෙක්. මට ටිප්ස් එහෙමත් දීලා තියනවා.

"ම්ම්...ඕකේ. මොකක්හරි ස්පෙශල් සෝන්ග් එකක් තියනවද නැත්තම්...?"

මම අහද්දි මැදට වෙන්න හිටපු ගර්ල් කෙනෙක් යන්තම් අත ඉස්සුවෙ මගෙ අවධානෙ ගන්න.

"විදුර්...මට රික්වෙස්ට් එකක්නම් තියනවා. හැබැයි සෝන්ග් එකක් නෙවෙයි."

"එහෙනම්...?"

"ඔයාගෙ යාලුවා අදත් ඇවිත් ඉන්නවා මම දැක්කා...අනේ අදත් ඩුවට් එකක් කියන්නකො. ඔය දෙන්නගෙ වොයිස් ලස්සනට මැච් වෙනවා."

ඒ ගර්ල් එහෙම කියද්දිම එක පාරට ඕඩියන්ස් එකේ සද්දෙ වැඩිවුණේ හැමෝම ඒකට කැමති කියලා පෙන්නන්න. ඒ එක්ක කීපදෙනෙක්ගෙ ඔලු ලවන් දිහාට හැරෙනවත් මම දැක්කා. මම කට කොනකින් හිනාවෙලා ලවන් දිහා බලද්දි එයා ඇස් දෙකත් ලොකු කරන් මගෙ දිහා බලන් ඉන්නවා.

කොහොමත් ඒ ඕඩියන්ස් එක දැන් ලවන්ව දන්නවා. අපි දෙන්නගෙ කලින් පෆෝමන්ස් එක පොඩ්ඩක් වයිරල් වුණා. වයිරල් කියන්නෙ මේ රට වටේ වයිරල් වුණා නෙවෙයි. හැමදාම මගෙ පෆෝමන්ස් බලන්න එන ඕඩියන්ස් එක, මගෙ ඉන්ස්ටා ෆේස්බුක් දෙකේම ඉන්න 10k විතර ෆලොවර්ස්ලා, යූටියුබ් එකෙන් මගෙ පෆෝමන්ස් බලන අය එහෙම. පෝඩ්ඩක් විතර ඒ ඕඩියන්ස් එකෙන් එළියටත් ගිහින් තිබ්බා.

"All right then...Lavan would you like to join?"

මම අහද්දි හැමෝම ලවන් දිහා බලලා චියර් කරන්න ගත්තා. එක පාරට ලවන් ගැස්සුණත් ටික වෙලාවකින් එයා ලස්සනට හිනාවෙලා ස්ටේජ් එකට ආවා. එදා වගේ කජු ලෙලි මූණක්නම් අද නෑ. සමහරවිට මේ හම්බෙන ආදරේට එයත් කැමති ඇති.

ලවන් මයික් එක අරන් එනකන් මම ස්ටාෆ් එකේ කෙනෙක්ට කිව්වා මගෙ මයික් එකත් ලවන් ගාවින් ස්ටෑන්ඩ් කරන්න කියලා. මම ගිටාර් එක අරන් ලවන් ගාවට යනවත් එක්කම එයා මුලින්ම කරේ ඉක්මනට මගෙ කම්මුලින් කිස් එකක් තියපු එක. කමක් නෑ ඉතින් කාටවත් පේන්නෑනෙ. මමත් රෝස පාට වෙලා ගිහින් මයික් එක ගාවින් හිටගත්තා.

"You ready...?"

ලවන් මට ඕකේ එක දෙද්දි මම බෑන්ඩ් එකට මියුසික් පටන් ගන්න සයින් එක දුන්නා.

හැන්දෑවේ මන්දාරම් වැහි දිහා

නෙක මල් පාරේ නුබ එක්කන් යන්නම් කියා

ලවන් මගෙ දිහාම බලාගෙන සින්ග් කරන්න පටන් ගද්දි මමත් සින්දුව පටන් ගත්තෙ ඒ ඇස් අස්සෙම අතරමං වෙලා.

ම්ම්ම් කොහේ හෝ මා.. සොයා ඒවී මෙදා

මන්දාරම්… හැන්දෑවේ… පාවෙලා...

මම ඊළඟ ගිටාර් පාර්ට් එක ප්ලේ කරන්න පොඩ්ඩක් මයික් එකෙන් එහාට වෙද්දි ඕඩියන්ස් එක දිහා බැලුවා. එයාලා ඔක්කොම වශී වෙලා වගේ අහගෙන ඉන්නවා. ඇත්තටම අපි දෙන්නගෙ වොයිස් එක ඒ තරම් මැච් වෙනවද?

ලවන් ඊළඟ පාර්ට් එක කියන්න කලින් මයික් එක ගලවලා අරන් මගෙ ගාවට ආවා.

ඕ මුමුණලා… හද මුමුණලා..

නුබ මා දිහා බලනා…

දැවෙනවා.. ඕ හිත දැවෙනවා

නුබ මා ලගින් නැතිදා..

ලවන් ඒක කිව්වෙ සින්දුවක පදපේළි විදිහටම නෙවෙයි.. එයාගෙ හිතේ තියන දේ. මට ඒක එයාගෙ ඇස් දෙක බැලුවම හොඳට තේරුණා. ඒත්...අපිට බයවෙන්න දෙයක් නෑ. මට විශ්වාසයි ඒක.

ම්ම්ම් කොහේ හෝ මා සොයා ඒවී මෙදා

මන්දාරම් ..හැන්දෑවේ… පාවෙලා...

මම ටිකකට ගිටාර් ප්ලේ කරන එක නවත්තලා ලවන්ගෙ අත අල්ලගෙන කිව්වා. එයාගෙ ටිකක් දුක පිරුණු...ඒත් ඒ තරමටම සැනසීම පිරුණු ඇස් දෙක පියාගත්ත ලවන් හිමින් ඉස්සරහට වෙලා මගෙ කම්මුලින් දැනෙන නොදැනෙන ගානට හාද්දක් තිබ්බා.

මම ඒ හැඟීමට ආදරෙයි...මම ලවන්ට ආදරෙයි. ඒ ආදරේ තරමටම මට එයාව විශ්වාසයි. සින්දුවේ අන්තිම ටික කියන්න කලින් මම මගෙ නෙක්ලස් එක එළියට අරගෙන ලවන්ට පේන විදිහටම ඒක මගෙ ඇඟිලි තුඩු වලින් පරිස්සමට අතගෑවා.

හැන්දෑවේ මන්දාරම් වැහි දිහා

නෙක මල් පාරේ නුබ එක්කන් යන්නම් කියා….

-----------------

Ok let me explain.

මේ දවස් වල අපෙ බොසා රට ගිහින් හොඳේ. ඒ නිසා අපි ඉන්නෙ නිදහස් කුරුල්ලො වගේ. ඉතින් අපි පැයක් විතර වැඩ කරලා පැය දෙකක විතර පොඩි බ්‍රේක් එකක් ගන්නවා. ඒ ලැබෙන සුලු කාලෙදි මේ චැප්ටර් එක ලියාගන්න පුලුවන් වුණා 😁

හොඳද දන්නෑ ඈ 😐

එනිවේ...ලවන් එක්ක සූ...ට්ටක් කේන්ති ගන්න ලෑස්ති වෙලා ඉන්න. වැඩිය නෙවේ මෙන්න මෙච්චරක් විතර 🤏

Share This Chapter