Back
/ 35
Chapter 13

Part 13

සීමාවෙන් එහා

"චූටි...ඔයා පහළට එන්නැද්ද? අර ළමයා දැන් එනවත් ඇති!!"

අපෝ ඉතින් ඒ ළමයා එනවා කියපු දවසෙ ඉඳන් ගෙදර මේ ළමයට තැනක් නෑ. ඒ ළමයව තමා ලොකු කරන් ඉන්නෙ දෙන්නම. පවුලෙ බාලයා විදිහට මෙහෙම අවධානෙ පිට යන එකනම් දරාගන්න බෑ ඇත්තමයි.

"එනවා අම්මේ...තව ටිකයි!"

මම මගෙ පර්ෆියුම් අනම් මනම් ටික ගහලා හෑන්ඩ් ක්‍රීම් එක අතේ උලාගන්න ගමන් කිව්වා. අර ළමයා මේ ළමයා ඔය කොයි ළමයා ආවත් මේ විදුර්ගෙ සුවඳ ගහන රූටින් එක වෙනස් වෙන්නෙ නෑ...ඒක ඇවිල්ලා නියතයක්.

අර ළමයා කියන්නෙ ඉතින් අද ලවන් එනවා කිව්වා අපෙ ගෙදර. අපි ඔය තීරණේ ගත්තෙ මම එදා ලවන්ගෙ අපාට්මන්ට් එකට ගිය දවසෙ. ඊට පස්සෙ අම්මලා එක්කත් කතා කරලා ඒ සතියෙම සෙනසුරාදා දාගත්තා ලවන්ට අපෙ ගෙදර එන්න.

ඇත්තටම ඉතින් අම්මයි අප්පච්චියි කිසිම අවුලක් නැතිවෙද්දි මට තවත් ඕක ගෙදරට නොකියා ඉන්න හිතුන්නෑ. මම මෙච්චර කල් හරි පස්ස ගැහුවෙ ලවන් මගෙ ක්ලාස් එකේම ලෙක්චරර් නිසා. ඒත් දැන් එහෙම නෙවෙයිනෙ. තව මාස ගාණකින් අලුත් බැච් එකක් ගන්නකන් එයාලට ආයෙ කැම්පස් ළමයින්ගෙ වගකීමක් නෑ. ඒ කාලෙ එයාලට තියෙන්න කැම්පස් එකෙන් පිට බාහිර ළමයි අපෙ කැම්පස් එකෙන් කරන ඉන්ග්ලිශ් කෝස් එක කරන එක.

ඒ කිව්වෙ...ඕ ලෙවල් ඉවර වුණ ළමයි, ජොබ් එකක් බලාපොරොත්තුවෙන් ඉන්න ළමයි ඉන්ග්ලිශ් කෝස් කරනවනෙ එක එක ආයතන වලින්. අපෙ කැම්පස් එකෙනුත් එහෙම අයට බේසික් ඉන්ග්ලිශ් කෝස් එකක් ඔෆර් කරනවා. මේන්ලි ඒක තමා ආයෙ ලවන්ලට බලන්න තියෙන්නෙ.

ඒ අතරෙ මම අර කලින් කියපු අපෙ ඉන්ග්ලිශ් කෝස් එකත් කන්ටිනිවු වෙනවා. ලවන්ටත් අපෙ බැච් එකේ සමහර ක්ලාසස් තියනවා ඒත් මට එයාගෙ ක්ලාස් එකක් නෑ. මම ආට් මේජර් විදිහට ඒ සයිඩ් එකේ ලෙක්චරර්ස්ලගෙන් තමා මට ආයෙ ඉන්ග්ලිශ් කෝස් එක කරන්න වෙන්නෙ.

මොකද කොච්චර වුණත් මගෙ ලෙක්චරර් විදිහට ලවන්ව අම්මටයි අප්පච්චිටයි අඳුන්වලා දෙන්න මට හිත දුන්නෙ නෑ. එයාව මට හම්බුණේ මගෙ ලෙක්චරර් එයා කියලා දැනගන්න කලින්. ඒ නිසා මම ලවන් මගෙ ලෙක්චරර් කියලා දැනගන්නකොටත් මගෙ හිතේ එයා ගැන අමුතු හැඟීමක් ඇති වෙලා ඉවරයි.

ලවන් වුණත් කලින් දැනන් ඉඳලා නෑ මම එයාගෙ ක්ලාස් එකටම වැටෙයි කියලා. එයාලටත් ක්ලාස් එකේ ළමයින්ගෙ ලිස්ට් එක ඇවිත් තියෙන්නෙ එදා අපි හම්බුණු දවසෙ රෑ. 'ඔයාට ශුවර් නැත්තම් මම පෙන්නන්නද විදුර්' කියලා දවසක් ලවන් මම එපා කියද්දි එයාට ආපු මේල් එක පෙන්නුවා. මේල් එක කිව්වෙ එයාලගෙ ක්ලාස් එකේ ඉන්න ළමයි ගැන ඉන්ෆෝර්ම් කරලා ආපු මේල් එක. ඇත්තටම ඒක ඇවිත් තියෙන්නෙ රෑ නවයට විතර. ඒ වෙද්දි ලවන් වුණත් හැඟීම් වලින්  ටික දුරක් ගිහින් ඉවරයි...එයත් කිව්වනෙ මම දැක්ක පළවෙනි වතාවෙමයි එයාගෙ හිතට අමුතු හැඟීමක් දැනුණෙ කියලා.

ඉතින් එහෙම බැලුවම අපි දෙන්නගෙ සම්බන්ධෙ ලෙක්චරර්-ස්ටුඩන්ට් කැටගරි එකට දාන්න බෑ. මොකද එයා ලෙක්චරර් මම ස්ටුඩන්ට් විදිහට ඉද්දි ඒක දැන දැනම අපි සම්බන්ධෙ පටන් ගත්තා නෙවෙයිනෙ. අපි දෙන්නට දෙන්නා ගැන කැමැත්තක් ඇතිවුණාට පස්සෙ තමා අපි දෙන්නා ලෙක්චරර්-ස්ටුඩන්ට් කියලා අපි දෙන්නත් දැනගත්තෙ. ඇත්තම කිව්වොත් ලවන් ලෙක්චරර් කියලා මුලින් දැනගත්තනම් මගෙ වුණත් හිත ගැස්සෙන්නැතුව තියෙන්න තිබ්බා.

සමහරවිට පළවෙනි වතාවෙ වුණා වගේම එයාගෙ ඇස් දෙකට වශී වෙයි. එයාගෙ කතාව හිනාව ලස්සනයි කියලා හිතයි...ඒත් හැඟීම් වලින් දුර යන එකක් නෑ. මොනවා වුණත් ඒ රෙස්පෙක්ට් එක අපෙ හිතේ තියනවනෙ. කොහොම කොහොම හරි ඉතින් දේවල් වුණේ මේ විදිහටනෙ. අපි දෙන්නා මුලින් හම්බුණු එකෙන් හැම දෙයක්ම වෙනස් වුණා.

ඒත් ඔය කතාව නොදන්න කෙනෙක්ට ඕක කිව්වට පිළිගන්නෑනෙ...එක පාරට ලෙක්චරර් ස්ටුඩන්ට් එක්ක යාලු වෙලා වගේ අයිඩියා එකක් තමා ඔලුවට එන්නෙ. ඒක ඉතින් අපෙ ගෙදර මිනිස්සුන්ටත් පොදුයි. ඒකයි මං මේ තරම් කාලයක් හරි ඉවසුවෙ ලවන් ගැන සම්පූර්ණෙන් ගෙදරට කියන්න.

ඇත්තම කියන්න ඉතින් මුලදි පොඩි චුරු චුරුවක් තිබ්බා කැම්පස් එකේම ලෙක්චරර් කෙනෙක් එක්ක යාලු වුණ එක ගැන. වැඩියෙන්ම අකමැති වුණේ අප්පච්චියි අයියයි. ඒ දෙන්නා එයාලගෙ කැම්පස් වල ලෙක්චරර්ස්ලා විදිහට දැකලා තියන දේවල් එක්ක මම ඒකට වැරැද්දක් කියන්නෑ. කොච්චරනම් ලෙක්චරර්ස්ලා ඉන්නවද පොඩි ළමයින්ව රවට්ටන. වැඩිය ඕන්නෑ ඉතින් අප්පච්චිලට සමකාලීන එහෙම අය පේරා කැම්පස් එකේම හිටියා.

අයියත් ඉතින් ටීචින් ඇසිස්ටන්ට් විදිහට ඕන තරම් ඔහොම දේවල් දකිනවා ඇති. ඒ නිසා ඒ දෙන්නගෙනම් අකමැත්තක් විතරමයි තිබ්බෙ. අම්මා මුකුත් කිව්වෙ නැතත් අකමැත්තක් පෙන්නුවෙ නෑ. සමහරවිට අම්මට කලින් ලවන්ව හම්බුණු නිසා වෙන්න ඇති. සමහරවිට අම්මට එදාම ඕක තේරෙන්නත් ඇති නොකියා හිටියට. කොහොමහරි අම්මා දිගටම අප්පච්චි එක්ක කිව්වෙ මුලින් කතා කරලා බලලා ඉමු කියලා.

අන්තිමට අප්පච්චි පොඩ්ඩක් හරි ශේප් වුණේ ලවන් ඒක්ක ෆෝන් එකෙන් කතා කරාට පස්සෙ. අනේ මන්දා මෙයාලට මොකක්හරි පවර් එකක් තියනවද කියලා කෙනෙක් එක්ක කතා කරපු ගමන් එයාලගෙ හොඳ නරක තේරුම් ගන්න. ඒත් ඒ දෙන්නා පැයක් විතර කතා කරාට පස්සෙ ඇවිත් කිව්වා 'හ්ම් එහෙනම් එන්න කියන්නකො කතා කරලා බලමු' කියලා.

අයියගෙනම් තාම කැමැත්තක් නෑ...කමක් නෑ ඉතින් හැමෝම එක පාර කැමති කරවගන්න බෑනෙ. අයියා ඇමරිකාවෙ ඉද්දි ඕනවටත් වඩා නරක දේවල් දකිනවා ඇති ඔය සම්බන්ධව. අම්මයි අප්පච්චියි කැමතිනම් අයියව පස්සෙ ශේප් කරගන්න පුලුවන්. එයා කොහොමත් ලවන් එක්ක වචනයක්වත් කතා කරලා නැති එකේ මම එයා එහෙම හිතන එක ගැන වැරැද්දක් කියන්නෙ නෑ. කොහොමත් ඔය තුන්දෙනාම හිත යටින් දන්නවා මම එහෙම කෙනෙක්ට ගිහින් අහුවෙන්න තරම් මොළේ නැති කෙනෙක් නෙවෙයි කියලා.

කොහොමින් කොහොම හරි ඉතින් අද උදේ ඉඳන් දෙන්නා ගජරාමෙට ලෑස්ති වෙනවා අනාගත බෑණව පිළිගන්න. මට ඇත්තටම හිත යටින් ලොකු සතුටක් දැනුණා එයාලා එහෙම සපෝටිව් වෙද්දි...තවමත් පොඩි පොඩි ප්‍රශ්න තිබුණත්.

"චූටි පුතා මේ ප්ලේට් එක මේසෙන් ගිහින් තියන්නකො..."

මම කුස්සියට යද්දිම අම්මා මගෙ අතට තඩි ප්ලේට් එකක් දුන්නා. ආව්ස්...කට්ලට්. මං දැක්කා අම්මා උදේ කට්ලට් හදනවා. අම්මා හදන කට්ලට් නම් ප්ලේට් එකම තනියෙන් කෑවැකි මට. ඒ තරම් රසයි.

මම ඒක කෑම මේසෙ ගාවට අරන් ගිහින් ඒක වැහෙන්න දාලා තිබ්බ රෙද්ද අයින් කරා. බුදු අම්මේ...!! කෑම ගොඩ. මෙහෙම කන්න දුන්නොත් පුතේ අර ළමයා ගෙදර නවතිනවා. කට්ලට්, රෝල්ස්, සමෝසා වගේ ඒවා විතරක් නෙවෙයි උඳුවැල්, කේක්, මාස්මෙලෝස්, බිස්කට්, කැවුම්...ඈ?!? කැවුම්?? කැවුම් කොයි වෙලේද හැදුවෙ? මම දන්නෙත් නෑ. ඒ මදිවට තඩි ඇම්බන් කෙසෙල් ඇවරියක්ම.

"අම්මෙ...අම්මා කැවුම් හැදුවද? මම දැක්කෙ නෑනෙ."

"නෑ චූටි...මට හදන්න වෙලාවක් තිබ්බෙ නෑ පුංචිට කිව්වා හදලා දෙන්න කියලා. අද උදේ එවලා තිබ්බා."

"පුංචි?? එයාලත් දන්නවද ලවන් ගැන...?"

"නෑ නෑ එච්චර දේවල් කියනවද දැන්ම? මම කිව්වෙ චූටිට කැවුම් කන්න ආසයි කියනවා මට හදාගන්න විදිහක් නෑ අතේ අමාරුව නිසා කියලා."

අර ඉතින්...ඒකටත් මාව පාවලා දීලා තියෙන්නෙ. කමක් නෑ ඉතින් මගෙ වැඩක්නෙ. අනික ඉතින් ඒ පවුලෙ හැමෝම මට ආදරෙයි. ඉල්ලපු පමාවට දෙයක් හදලා එවන්නෙ ඒකනෙ.

"මාලි...දවල්ට උයන ඒවා ලෑස්තිද?"

"ඔව්...ඔක්කොම කපලා තියෙන්නෙ. උයලා ගන්න විතරයි තියෙන්න ඉක්මනට."

"ම්ම්..."

අප්පච්චි අම්මත් එක්ක කතා කරලා මාව දැක්කෙ නෑ වගේ මාව පාස් කරලා කුස්සියේ දොර ගාවට ගියා. ලවන් ගැන කිව්ව වෙලේ ඉඳන් අප්පච්චි වැඩි කතාවක් නෑ මාත් එක්ක. මමත් අමුතුවෙන් කතා කරන්න ගියෙත් නෑ. අපි දෙන්නම අපි දෙන්නගෙ පැත්තෙන් ගත්තම හරි. මම අප්පච්චිට පොඩි වැරැද්දක්වත් කියන්නෙ නෑ. මම මේ ප්‍රේ කර කර ඉන්නෙ ලවන්ව හම්බුණාම ඔය තියන සැක ඔක්කොම නැතිවෙන්න කියලා.

කොහොමත් ඉතින් අකමැත්තක් නෑ...අකමැතිනම් ඔච්චර උනන්දුවෙන් කව්වන්න හදන්නෑනෙ. මම දැක්ක විදිහට අම්මා හැදුවෙ කට්ලටුයි කේකුයි විතරයි. අනිත් ඔක්කොම අප්පච්චි තමා උදේ කඩේට ගිහින් ගෙනාවෙ. මම උඩ තට්ටුවේ ඉද්දි දැක්කා උදේ කාර් එක එළියට දානවා. දැන් අම්මගෙන් දවල්ට හදන ඒවා ලෑස්තිද අහනවා. මම දැක්කා ලීටර් හතරෙ අයිස් ක්‍රීම් එක්කුත් ෆ්‍රිජ් එකේ තියනවා.

හැමදේම හරියයි...මම දොරට හේත්තු වෙලා ඉන්න අප්පච්චි දිහා බලාගෙන හිතද්දි අම්මත් මං දිහා බලලා හිනාවුණා. හරියට මම හිතපු දේ හරි කියන්න වගේ.

"මේ...අප්පච්චි තේ බොනවද? මම හදන්න යන්නෙ."

මම අප්පච්චිව යන්තම් හරි කතාවට අල්ලගන්න හිතන් ඇහුවා.

"දැන් ඔය ලෑස්ති වෙලා නේද ඉන්නෙ? කුස්සියෙ මක් කරනවද?? මාලි ඔයාටත් පිස්සුනෙ ලෑස්ති වෙලා ඉවර වුණාට පස්සෙ මේ ළමයගෙන් වැඩ ගන්න...අරෙහෙන් ඉන්න."

"අවුලක් නෑ අප්-"

"අර ළමයා ඉස්සරහට හඩ්ඩෙක් වගේ යන්නද යන්නෙ...පාඩුවේ ඉන්න අරෙහෙට ගිහින්. තේ ඕන්නම් අම්මා හදලා දෙයි. යන්න දැන්!"

අන්තිම ටික පොඩ්ඩක් සැරෙන් කිව්ව නිසා මම උපාසකයා වගේ කුස්සියෙන් එළියට ඇවිත් සාලෙට ආවා. බැන්නට මොකද මට පුදුමාකාර සතුටක් දැනුණෙ. ඒ කියපු එකක්වත් තරහට කියපුවා නෙවෙයි ආදරේට කියපුවනෙ. මම ලස්සන හිනාවකුත් එක්ක පාඩුවේ පුටුවකින් වාඩි වෙද්දිම ලවන්ගෙන් කෝල් එකක් ආවා.

"ලවන්...දැන් කොහෙද ඉන්නෙ?"

"දැන්නම් මඟ...මේ...මං- මං මේ ගත්තෙ-"

"ඇයි...මොකක්හරි අවුලක්ද?"

මම එක පාරට බයවෙලා වගේ ඇහුවා. කවදාවත් නැතුව මෙයා ගොත ගහද්දි...

"නෑ නෑ...මට නිකං බයයි බයයි වගේනෙ විදුර්."

යසයි...ඒකද මේ මහලොකු ලෙක්චරර් තකහනියක් කෝල් කරලා තියෙන්නෙ. අනේ ඇත්තට අපෙ අම්මයි අප්පච්චියි දන්නවනම් එහෙම...මම හිනා යන්න ආපු එක කන්ට්‍රෝල් කරන් අමාරුවෙන් කතා කරා.

"ඒ මොකටද බය...?"

"දන්නෑ...මොකක්ද ඒකට ඔයාලා කියන්නෙ- ආහ් මේ චකිතයක් වගේ තියනවනෙ."

"හද මැවුණා අඳුරේ ගිලුණා~~ද?"

"මොකක්??"

"ආහ් නෑ...සින්දුවක් කිව්වෙ."

"අනේ විදුර්...විහිලු කරන්න තියාගත්තද?"

"හිනා යනවනෙ අප්පා ඔයා කියන ඒවට...ඇයි ඉතින් දැන් බය?"

"දන්නෑ...ඔයාලගෙ අප්පච්චි එදා කතා කරපු විදිහට බය හිතුණනෙ."

මම ඇස් දෙකත් හීනි කරලා නැගිටලා ගෙයින් එළියට ගියා. එදා අප්පච්චි ලවන් එක්ක කතා කරාට මම අහන් හිටියෙ නෑ මොනවද කතා කරේ කියලා. බැරිවෙලා හරි බැන්නවත්ද?

"ඇයි...අප්පච්චි බැන්නද?"

"නෑ නෑ...ඒත් සැරෙන් වගේ කතාකරේ."

"අනේ මනුස්සයො...අවුරුදු ගාණක් සීනියර් ලෙක්චරර් කෙනෙක් වෙලා හිටපු කෙනෙක්ගෙන් මොන විදිහෙ කතාවක්ද බලාපොරොත්තු වෙන්නෙ?? අනික මේ පුතා යාලු වෙලා ඉන්නවයි කියන් කෙනා එක්ක කතා කරද්දි කොහොමත් පොඩ්ඩක් සැර වෙනවා."

"ආ...හහ්- ඒ නිසාද ඒ?"

ලවන් මෝඩ පහේ හිනාවක් දාලා අහද්දි මට ආයෙම හිනාගියා. පුදුම විදිහට බබා වෙන්න හදන්නෙ වෙලාවකට.

"ඒ නිසා තමා. දැන් කොහෙද ඔයා ඉන්නෙ?"

"ෆුඩ් සිටි එක ගාව..."

ලවන් ඉන්නෙ කොහෙද කියද්දිම මගෙ ඇස් ඉබේම ලොකු වුණා. ෆුඩ් සිටි එක කියන්නෙ මේ අපෙ ගෙදර ඉඳන් පයින් යන දුරනෙ...ඇයි ඉතින් එන්නැත්තෙ?

"ඒ කියන්නෙ...ඔයා ඇවිත්නෙ ඉන්නෙ. දැන් ගොඩක් වෙලාද?"

"ඔව් දැන්- අම්...දැන් විනාඩි දහයක් වගේ වෙනවා ඇවිත්. මම මෙතෙන්ට වෙලා හිටියා ඉතින්."

ලවන් කියද්දි මට යන්තම් හිනාගියා. පවු ඉතින්...මම කොච්චර කිව්වත් විහිලු කරත් එයාට ඒක දැනෙනවා ඇති. මොනවා වුණත් මාව බලන්න එන පළවෙනි පාරනෙ. හැමදේම හොඳට වෙන්න ඕන කියන එක හිතේ ඇති. පොඩ්ඩක් හරි එහෙ මෙහෙ වුණොත් අම්මලා අකමැති වෙන්න චාන්ස් එකක් තියනවනෙ.

අනික ඉතින් මම දන්න විදිහට වෙස්ටර්න් රටවල් වල අම්මලා අප්පච්චිලා එක්ක අපි වගේ මෙහෙම සම්බන්ධයක් නෑ. ඕක අම්මයි අප්පච්චියි අයියයි තුන්දෙනාම මට කියලා තියනවා. ඒ ළමයි අවුරුදු 18 වෙද්දි ගෙදරින් අයින් වෙලා තනියම ජීවිත් වෙන්න ගන්නවා. ඊට පස්සෙ ඉතින් එයාලව බලන්න යන්නෙත් නිවාඩුවක් වගේ හම්බුණාම තමා.

අවුරුදු 18 ඉඳන්ම දෙමවුපියො අමුත්තො වෙනවා එයාලට. එතකොට ඉතින් අපි වගේ මෙහෙම හැම එකම අම්මලගෙන් අහ අහ ඉන්නෙ, යාලු වුණාම අම්මලගෙ කැමැත්ත ගන්න ඕන වගේ එකක් නෑ. අප්පච්චි කියලා තියනවා සමහර අය යාලු වෙලා එන්ගේජ් වෙලා වෙඩින් කාඩ් එක යවද්දිලු දෙමවුපියො දැනගන්නෙ ළමයා බඳිනවා කියලා. ඒක හොඳයි...සමහර අය කෙලින්ම වෙඩින් එකත් ගත්තට පස්සෙලු එක්කන් ගිහින් පෙන්නන්නෙ මේ මගෙ හස්බන්ඩ්/වයිෆ් කියලා.

ඒ වගේ අවුරුදු 18 ඉඳන් ඒ ළමයි හම්බ කරන එකේ ඉඳන්, තීරණ ගන්න එකේ ඉඳන් ස්වාධීනයි. ඕකෙ හොඳ නරක දෙපැත්තම තියනවා ඉතින්...මට තේරෙන විදිහට. ඒත් දැන් ඒ කල්චර් එක ගැන කතා කරන්න යන්න ඕනෙ නෑ.

ලවන් වුණත් එයාගෙ අම්මා තාත්තා ගැන මට ලොකුවට කියලා නෑ. ඒ දෙන්නා ඉන්නෙ එහෙ කියලා මම දන්නවා. ලවන් අන්තිමට එයාලව හම්බුණෙත් මාස ගාණකට කලින් කියලා කිව්වෙ. එහෙම හැමදාම කතා කරන්නෙත් නැල්ලු. ඒක ඇවිල්ලා එයාලගෙ කල්චර් එකනෙ. මම ඒකට මුකුත් කියන්නෙ නෑ.

එහෙම කෙනෙක්ට ඉතින් මේ එක පාරට ඇවිත් මගෙ අම්මයි අප්පච්චියි එක්ක කතා කරන්න කිව්වම ඔහොම පොඩ්ඩක් බය හිතෙන එක සාධාරණයි. කොහොම කතා කරන්න ඕනෙද කියන එකවත් අයිඩියා එකක් නැතුව ඇතිනෙ.

මොකද ඇත්තම කතාව ඔය කපල් එයාලා ගැන ගෙදරට කියලා මුලින්ම ගෙවල් වලින් හම්බෙන දවස් වල මාර රඟපෑමක්නෙ කරන්නෙ...නැද්ද? මගෙ මනුස්සයට ඉතින් ඔය මුකුත් ගැන අයිඩියා එකක් නෑනේ.

"මේ...එහෙම අවුලක් නෑ අනේ. අප්පච්චි මේ ඔයාටම කෑම තොගේකුත් උස්සන් ඇවිත් එනකන් බලාගෙන ඉන්නෙ. මටත් දැන් සැර කරා කුස්සියේ ඉඳන් ඇඳුම් කිලිටි කරගන්නැතුව යන්න අර ළමයා ඉස්සරහට හඩ්ඩෙක් වගේ යන්නැතුව කියලා."

"ඔ-ඕහ්...එහෙමද?"

"ඔව් අනේ...මේ උදේ ඉඳන් ලෑස්ති වෙන්නෙ. දැන් ඔතෙන්ට වෙලා තැප තැප ඉන්නැතුව එන්න."

"ම්ම්...මං එන්නම්."

"හරි...පරිස්සමින්. මං තියන්නම්."

ඒ ටික එන්න පරිස්සමින් කියන්න ඕනෙත් නෑ ඉතින්...අඩි දෙකක් විතර ඇවිත් අතුරු පාරෙන් ඇතුළට දාන්න තියෙන්නෙ. ඒත් පුරුද්දට කියවෙනවා ඉතින් මට. මම කෝල් එක කට් කරද්දිම අම්මත් මිදුලට ආවා.

"චූටි කෝ එයා එනවලුද...?"

"ඔව් මේ ළඟලු අම්මා...මම ගේට් එක අරින්නම්."

මම ගේට් එක අරින්න යද්දි මම දැක්කා අප්පච්චිත් මිදුලට එනවා. මම ගේට් එක අරිනවත් එක්කම වගේ ලවන්ගෙ කාර් එක වංගුවෙන් මතු වුණා. අපෙ ගෙදර තියෙන්නෙ ලොකු වංගුවක් එක්කමයි...වංගුව අතරමැදි කියන්නත් පුලුවන්. ඒ වංගුව එක්කම පොඩි කන්දක් වගෙත් තියනවා...ඒ කියන්නෙ වංගුව හැරෙන්නෙ කන්දකුත් එක්ක. ඔය වංගුවයි කන්දයි දෙකම ඉවර වෙන්න කලින් අපෙ ගේ පැත්තට කාර් එක හරවන්න ඕන.

ඔය වැඩේ ඇත්තටම ටිකක් අමාරුයි. මටයි අප්පච්චිටයි අම්මටයිනම් පුරුදුයි දැන් ඩ්‍රයිව් කරලම. ඒත් ලවන්ට ටිකක් අමාරු වුණා හරවගන්න. එයා ආපු පළවෙනි පාරනෙ. කලින් පාර සිනෙලියි ටිනාශයි එක්ක ආපු දවසෙ ටැක්සි එකක ඇවිත් තියෙන්නෙ. අන්තිමට අප්පච්චි තමා ඉස්සරහට ගිහිල්ලා හරවන්න ඕන පැත්තයි විදිහයි ගැන උපදෙස් දීලා කාර් එක ඇතුළට දාගත්තේ. මම පොඩි හිනාවකුත් එක්ක අප්පච්චි ලවන්ට උදව් කරන හැටි බලන් හිටියා.

ලවන් කාර් එක ඇතුළෙන් නතර කරලා එළියට ආවා. වෝහ්...එයා ඇඳලා හිටියෙ තද නිල් පාට ශර්ට් එකක්. ඒකෙ අත් දෙක වැලමිට ගාවට නවලා ක්‍රීම් කලර් ට්‍රවුසර් එකක් ඇඳලා හිටියෙ. මාරම හොට් පාටයි එතකොට. එයාගෙ ඇඳුම මං ඇඳන් හිටපු ලා නිල් පාට ශර්ට් එකට ගාණට මැච් වුණා.

අපි දෙන්නා නිල් පාට ශර්ට් ඇන්ඳෙ කතා වෙලා නෙවෙයි. මට අනිත් හැම පාටටම වඩා නිල් පාට මැච් වෙනවා කියලා හැමෝම කියනවා. අද වගේ දවසක මම ඒ පාට තෝරගත්තෙ ඒකයි. මං හිතන්නෙ ලවන්ටත් ලස්සනම නිල් පාටයි කලු පාටයි. එයා එහෙම හිතලා නිල් පාට අඳින්න ඇති.

"ආ පුතා...අනේ මෙතනින් ටිකක් අමාරුයි වාහන ඇතුළට ගන්න. ඔහොම තමා මුලින් එන හැමෝටම."

"අනේ කමක් නෑ අම්මෙ...මාත් මීට කලින් ඇවිත් නෑනෙ."

"යමුකො ඇතුළට එහෙනම්..."

"අම්...පොඩ්ඩක් ඉන්න."

අපෙ අම්මා දත් තිස්දෙකම පෙන්නලා හිනාවෙලා ලවන්ව ඇතුළට යන්න ගියත් ලවන්ගෙ පොඩ්ඩක් ඉන්න කියපු පාර ආයෙ නැවතුනා. මොකද මේ සිරාවට?

මමත් මොකද කියලා බලන් ඉද්දි ලවන් කාර් එකේ පිටිපස්සෙ දොර ඇරලා ඇතුළට එබුණා.ටිකක් ඩාර්ක් වගේ නිසා මට පේන්නෙත් නෑ ඇතුළෙ මොනවද තියෙන්න කියලා.

"අම්මෙ...මේක ගෙනාවෙ අම්මට."

ලවන් අම්මට දුන්නෙ කානේශන් මල් පොකුරක්. ඇත්තටම ඒක දැක්ක වෙලාවෙ මගෙත් ඇස් දෙක පුදුමෙන් ලොකු වුණා. එයා ඒ තරම් ඒ දේවල් ගැන හිතන එක. කානේශන් මල් ගොඩක් මදර්ස් ඩේ එකට අම්මලට දෙන මල් පොකුරක් කියලා මම අහලා තියනවා. මගෙ අම්මා ගැන එයා ඒ තරම් තෝට්ෆුල් දෙයක් කරපු එක...

"අනේ...මට?"

අම්මගෙ ඇස් දෙකේ තප්පරේට කඳුලු පිරෙද්දි ලවන්ගෙන් ඇහුවා. ලවන් හිනාවෙලා ඔලුව වනලා අම්මට මල් බොකේ එක දෙද්දි අම්මා අත් දෙකෙන්ම පරිස්සමට ඒක අල්ලගත්තා. මම ඇත්තටම ඒ දිහා බලන් හිටියෙ ගොඩක් ආදරෙන්.

මම හිතන්නත් කලින් ලවන් ආයෙම කාර් එක පැත්තට හැරිලා ලිලී මල් පොකුරක් එළියට ගත්තා.

"මේක අප්පච්චිට..."

"ම-මට...? මට මොකටද පුතේ මල්?"

"Men deserve flowers too අප්පච්චි..."

ලවන් එයාගෙ පුරුදු ලස්සන හිනාවෙන්ම අප්පච්චිට කියද්දි මම දැක්කා එයාගෙ මූණ සෑහෙන්න වෙනස් වෙනවා. ඇත්තටම අප්පච්චිට රිටයර් වුණ දවසෙ හම්බුණාට පස්සෙ මෙහෙම මල් බොකේ එකක් හම්බෙලාම නැතුව ඇති. මම වුණත් ඒ ගැන එච්චර හිතලා නෑ. අප්පච්චිගෙ මූණෙ එක පාරට ලොකු සතුටක් ආපු විදිහ දිහා මම ආදරෙන් බලන් හිටියා. මම අහලා තියන විදිහට ලිලී මල් වලින් සිම්බලයිස් වෙන්නෙ ලව් විත් රෙස්පෙක්ට්. ලවන් ඒ තරම් පොඩි ඩීටේල්ස් ගැන පවා සැලකිලිමත් වෙලා.

ලවන් මට හැමදාම එයාට කලින්ටත් වඩා ආදරේ කරන්න හේතු හදලා දෙනවා. මේ වෙලාවෙත්...මට එයා ගැන ගොඩක් ආදරේ හිතුණා. මගෙ අම්මටයි අප්පච්චිටයි මේ තරම් ආදරේ කරන්න, මේ තරම් තෝට්ෆුල් වෙන්න. මෙච්චර කල් පොඩි දේ ගැන ඉඳන් මං ගැන කෙයා කරා වගේම අම්මයි අප්පච්චියි ගැනත් මේ විදිහට හිතන්න...

අප්පච්චි පුදුමාකාර සතුටක් එක්ක වෙව්ලන අත් වලින් පරිස්සමට මල් පොකුර අල්ලගද්දි මගෙ පපුව හිරිවැටිලා ගියා මට දැනුණා. ඒ අප්පච්චිගෙ මූණෙ තිබ්බ සතුට දැකලද නැත්තම් ඒ තරම් සතුටක් අප්පච්චිට දීපු ලවන් ගැන ආදරේ හිතිලද කියන්න මම දන්නෑ. ඒ කොහොම වුණත් මම තෝරගත්තෙ හරිම කෙනා කියන එක ආයෙමත් මට මතක් කරන්න ඒ ෆීලින් එකට පුලුවන් වුණා.

"And this...is for you."

කල්පනා කර කර හිටපු මම එක පාරට ගැස්සුනේ ලවන් මගෙ ඉස්සරහ හිටගත්තම. ලා රෝස පාට රිබන් එකක් ගැටහහපු, ලා දම් පාට පේපර් එකකින් ව්‍රැප් කරපු පුරුදු මල් පොකුරම ලවන් මගෙ අතින් තිබ්බෙ ලස්සන හිනාවක් එක්ක. ලවන් මට කොච්චර මල් බොකේ ගෙනත් දුන්නත් මට ඒක දැනෙන්නෙ පළවෙනි වතාව වගේ.

ඒ හැම වෙලාවකම මගෙ පපුව වේගෙන් ගැහෙන්න ගන්නවා. අද...මේ වෙලාවෙ මට ඒ හැඟීම වැඩියෙන් දැනුණා. ලවන්ගෙ ඇස් දෙක දිහා බලන්න තරම්වත් හයියෙන් නැතුව මම බිම බලාගෙන මල් පොකුර අත් දෙකින්ම අල්ලගත්තා.

ලවන් තවමත් මගෙ දිහා බලන් ඉන්නෙ කියලා මට තේරෙනවා. එයා හැමදාම කියන්නෙ...මල් බොකේ එක දීපු ගමන් මගෙ කම්මුල් ඒ මල් වල පාටම වෙනවා බලන්න එයා ගොඩක් ආසයි කියලා. කොච්චර දරාගන්න බැරි වුණත් ලවන් ඒ ආසා දේ එයාට දෙන්න මම හිමින් ඔලුව උස්සලා එයා දිහා බැලුවා. එයා තවමත් මගෙ දිහා කලින් විදිහටම බලන් හිටියා. ඒ ඇස්වල පොඩි බැල්මෙන් වුණත් මට ආදරේ දැනෙනවා. අලු පාට අස්සෙ මෙච්චර හැඟීම් හංගන්න පුලුවන් කියලා මම දැනන් හිටියෙ නෑ...

"කැහ් කැහ්...අහර්ම්."

ලවනුයි මායි දෙන්නම ගැස්සිලා දෙපැත්තට වුණේ අපි දෙන්නට එහා පැත්තෙන් ආපු සද්දෙට. අනේ ඉතින් ඉරිසියාව මේ ජෝඩුවගෙ...හහ්. මම බිම බලාගද්දි ලවන් අම්මටයි අප්පච්චිටයි මෝඩ පහේ හිනාවක් දුන්නා. මොනවා වුණත් ඒ දෙන්නා ඉන්නෙ ගොඩක් සතුටින් කියන එක මට තේරෙනවා.

"මල් බොකේ එකක් හම්බුණු කාලයක් මතක නෑ පුතේ...පුතාට පින්. වයසට ගියාට අපිත් ආසයි මේ හැඟීමට."

අම්මා ලවන් ගාවට ඇවිත් යන්තම් උරහිස අතගාලා කියද්දි එයා හිනාවුණා.

"යමු යමු ඇතුළට...මේ ළමයා ආපු වෙලේ ඉඳන් එළියෙනෙ."

අප්පච්චි ඇහෙන නෑහෙන ගානට හිමින් කියලා ගේ ඇතුළට යන්න හැරුණා. මට හිතාගන්න බැරි නෑ මොකද මේ කියලා. අප්පච්චි ගොඩක් සුදුයි, ඉතින් පාට වෙනස් වුණාම හොඳට පේනවා. ලවන් මල් බොකේ එක දීපු වෙලේ ඉඳන් මූණ රතුම රතු වෙනවා මම දැක්කා හොඳටම. දැන් ඔය තකහනියක් ගියේ අපිට පේන්නැතිවෙන්න කඳුලු පිහහන්න.

මමත් ඒ පැත්තට යන්න හැරෙද්දි ලවන් ආයෙම කාර් එකේ දොර ඇරපු නිසා මම පොඩ්ඩක් නැවතුනා. ඒ පාර එයා පිටිපස්සෙන් සීට් එකෙන් එළියට ගත්තෙ එක එක බෑග් තොගයක්. අනේ මනුස්සයො...මෙච්චර දේවල්?? ලවන්ට ඒ ඔක්කොම උස්සන් ඉන්න බර වැඩි කියලා තේරුණ නිසා මම එයාගෙ එක අතක තිබ්බ බෑග් දෙක තුනක් ගත්තා.

"අනෙ අප්පේ පුතේ මෙච්චර මොනවද...සෑහෙන්න කරදර වෙලානෙ."

"මොන කරදරයක්ද අම්මෙ...කොහොමත් පළවෙනි පාර යනකොට අත් දෙක වන වන යන්න බෑනෙ."

"පළවෙනි පාරනම් නෙවෙයි ඉතින් නේ...?"

අම්මා මනමාල හිනාවක් දාලා කියද්දි මම පටාර් ගාලා දොර දිහා බැලුවෙ අප්පච්චි ළඟ පාත ඉන්නවද බලන්න. අප්පච්චි තාම දන්නෑ ලවන් කලින් ගෙදර ආවා කියලා. වෙලාවට අප්පච්චි ඇතුළට ගිහින්. මම අම්මා දිහා ඇස් දෙකත් ලොකු කරලා මේ මොනවද කියන්නෙ වගේ ලුක් එකකින් බලද්දි ලවන් අහිංසක හිනාවක් දාලා බිම බලාගත්තා.

"හ්ම් හ්ම්...දැන්වත් යමු ඉතින් ඇතුළට."

අම්මා එහෙම කියලා ගේ ඇතුළට යනවත් එක්කම ලවන් මගෙ අතේ තිබ්බ බෑග් ටිකත් ආයෙ එයාගෙ අතට ගත්තා. එයා කොහොමත් මට ඔය වගේ වැඩ කරන්න දෙන්නෑ. මම මල් පොකුරත් එක අතකින් බදාගෙන අනිත් අත එයාගෙ අතක වැලමිට ගාවින් පටලගත්තා. මම ආසයි එහෙම අතේ එල්ලෙන්න. ප්‍රොටෙක්ටිව් ෆීලින් එකක් දැනෙනවා එතකොට.

අම්මයි අප්පච්චියි ගේ ඇතුළට ගියා කියලා හරියටම තහවුරු කරගත්තට පස්සෙ මම ටක් ගාලා ලවන්ගෙ කම්මුලින් හාද්දක් තිබ්බා.

"ඒක මල් පොකුටර..."

"ඒ කියන්නෙ...අනිත් හැම එකටමත් එක ගානෙ දෙනවද?"

ලවන් මනමාල හිනාවක් එක්ක අහද්දි මම එයාගෙ ඇඟෙන් කෑල්ලක් අල්ලලා මිරිකුවා. යන්කො ඇතුළට දෙන්න එක ගානෙ. ලවන් මාත් එක්කම ඇතුළට ඇවිත් ගෙනාපු බෑග් තොගේම ස්ටූල් එක උඩින් තියලා ඒක මදිවෙලා දෙකක් පුටුව උඩිනුත් තිබ්බා.

"ඉඳගන්න පුතා..."

අප්පච්චිත් පුටුවකින් ඉඳගන්න ගමන් ලවන්ට කිව්වා. අප්පච්චි ආයෙම සාමාන්‍ය තත්වෙට ඇවිත් වගේ. ලවන් සෝෆා එකෙන් ඉඳගද්දි මමත් ළඟම තිබ්බ පොඩි සෝෆා එකේ ඉඳගත්තා.

"ඉතින් පුතා...ගොඩක් වෙලාද ගෙදරින් ඇවිත්?"

"නෑ අප්පච්චි...පැයක්වත් නෑ. එච්චර දුර නෑනෙ."

ලවන් උත්තර දෙද්දි මට හිනායන්න ආවත් මම අමාරුවෙන් නවත්තගත්තා. අර මෙතන ඇවිත් චකිතයෙන් නවත්තන් හිටපු විනාඩි ගාණත් එකතු කරලද දන්නෑ පැයක්වත් නෑ කිව්වෙ. එතකොටම අම්මත් ඇවිත් ලවන්ට වතුර එකක් දීලා අප්පච්චි ගාවින්ම ඉඳගත්තා.

"බලන්නකො නේ පුතා දෙසැම්බර් වෙලත් පායන පෑවිල්ල..."

ඊළඟට ඔන්න ඔහොම වැස්සෙන් පටන් ගත්ත සාමාන්‍ය ශ්‍රී ලාංකික සාකච්ඡාව විවිධාකාර මාතෘකා ආවරණය කරමින් පැය බාගයක් විතර පැවතුණා. ඇත්තටම මටවත් මතක නෑ මොන මොන දේවල් කතා කරාද කියලා. මං එච්චර වුවමනාවෙන් අහන් හිටියෙත් නෑ. මගෙ හිත තිබ්බෙම මේසෙ උඩ තියන කට්ලට් ප්ලේට් එක ගාව.

"පුතා බඩගිනිත් ඇතිනෙ...තේ එකක් බීලම ඉමු."

සෑහෙන වෙලාවකට පස්සෙ අම්මා ඔන්න ඔය වචන ටික කියද්දි තමා මම හරි සිහියට ආවෙ. මුලින්නම් ලවන් කෑම මේසෙ දැකලා මැරෙන්න හැදුවා ඇයි මෙච්චර කියලා. බොරුවනෙ ඉතින් එයාගෙත්...මං දන්නැද්ද කන හැටි. ඔය ලස්සන ෆිගර් එකක් මේන්ටේන් කරාට මොකද පුලුවන්නම් ඔය කෑම ටික ඔක්කොම කාලා මේසෙත් කයි.

කෑම මේසෙත් තිබ්බෙ ඉතින් ඔය පොඩි පොඩි සාකච්ඡා තමා. ලවන්ගෙ පොඩි කාලෙ ගැන, එහෙ ජීවිතේ ගැන, අම්මලා තාත්තලා ගැන, සිතුම්ය හම්බුණු විදිහ ගැන ඕවා මේවා තමා.

"පුතා මීට කලින් ලංකාවට ඇවිත් තියනවද...?"

"ඔව් අම්මෙ...එක පාරක් ආවා."

"ආ...ඒ කොයි කාලෙද?"

"දැන් අවුරුදු දෙකක් වගේ? එතකොටනම් නුවරඑළි හිටියෙ..."

"ඒ කියන්නෙ පුතාලට එහෙත් ගෙදරක් තියනවද...?"

ඒක අහද්දිනම් ලවන්ගෙ ඇස් දෙක ලොකුවුණා මම හොඳටම දැක්කා. හරියට...කියන්න ඕනෙ නැති දෙයක් කියවුණා වගේ. එයා කොහොමත් වෙලාවකට ඔහොම අමුතු විදිහට හැසිරෙනවා. වැරදි විදිහට නෙවෙයි...මට කියන්න තේරෙන්නෑ. වෙලාවකට හරි අමුතුයි.

"අම්...නෑ අම්මෙ. සිතුම්ය එහෙනෙ...ඒකයි."

සිතුම්ය නුවරඑළියෙද? මමත් ඒක දන්නෙ අද. කොහොමත් මෙයාලා ජීවිතේ වැඩි කාලයක් ඉඳලා තියෙන්නෙ UK නෙ. මෙහෙ ඉන්නෙ කොහෙද කියන එක අදාලත් නැතුවැති.

"එතකොට පොඩි කාලෙවත් ඇවිත් නැද්ද...?"

"නෑ අප්පච්චි...පොඩි කාලෙ ගැන මට ලොකුවට මතකෙකුත් නෑ."

"මතක නෑ කිව්වෙ...?"

අප්පච්චි අමුතු බැල්මකින් ලවන් දිහා බලාගෙන ඇහුවා. ඒ කියන්නෙ...ඇස් එක එල්ලෙ ලවන් දිහාට යොමුවෙලා තිබ්බා. අනේ දෙයියනේ මේ මොකද...අප්පච්චිගෙ ඔය බැල්ම මම හොඳට දන්නවා. ඕක ඔච්චර තදින් අහන්න දෙයක්ද...මනුස්සයෙකුට පොඩි කාලෙ අමතක වෙන්න පුලුවන්නෙ.

"ඒ කිව්වෙ අප්පච්චි මේ...එහෙම විශේෂ මතකයක් නෑ ඉතින් ඒ කාලෙ ගැන. කොහොමහරි කලින් ලංකාවට ඇවිල්ලනම් නෑ."

"ම්ම්...නෑ මං නිකන් ඇහුවෙ. මටත් ඉස්සර යාලුවෙක් හිටියා ඔහොම. උට මේ අවුරුදු 11,12 වගේ කාලෙ වෙච්ච සමහර දේවලුත් මතක නෑ."

අප්පච්චි එහෙම කියලා හයියෙන් හිනාවෙද්දි ලවනුත් යන්තම් හිනාවෙලා එයාගෙ තේ එක බොන්න ගත්තා. එයා ඉන්නෙ ටිකක් ටෙන්ස් වෙලා වගේ...සමහරවිට මම ඕනවට වඩා හිතනවා ඇති. එන්න කලින්ම අප්පච්චිට බයවෙලා හිටපු එක්කනාට අර වගේ බැල්මක් හම්බුණාම කොහොමත් බය හිතෙනවනෙ.

කොහොමහරි වෙලාවට එතනින් ඔය එයාගෙ පොඩි කාලෙ කතායි පහුගිය දේවලුයි අහන එක පොඩ්ඩක් නැවතුනා. ඒ නිසා ආයෙත් කතාව ගලන් ගියේ සාමාන්‍ය විදිහට. අපි ඔක්කොම ඇතිවෙන්න කාලා තේ බීලා හිටපු විදිහට මන්නම් හිතන්නෑ දැන්ම දවල්ට කන්නවත් ඕන වෙයි කියලා.

"චූටි...මට උදව් කරනවද මේසෙ අස් කරන්න?"

හැමෝම තේ බීලා ඉවර වුණාට පස්සෙ අම්මා මේසෙන් නැගිටින ගමන් කිව්වා.

"එහෙනම් අපිත් යන් පුතා සාලෙට...එයාලා අස් කරයි."

අප්පච්චි කියද්දි ලවන් යන්තම් හිනාවෙලා ඔලුව වැනුවා. අප්පච්චිට ඕනෙ ලවන් එක්ක ටිකක් තනියම කතා කරන්න කියලා මට ආයෙ අමුතුවෙන් තේරුම් කරවන්න ඕනෙ නෑ. මම නැගිටින්න කලින් එයාගෙ කකුල උඩ තිබ්බ අත තද කරලා මිරිකුවෙ ප්‍රශ්නයක් වෙන්නෙ නෑ කියන්න.

මමත් මේසෙන් නැගිටිද්දි අප්පච්චියි ලවනුයි සාලෙට ගියා. මට එයාලා කතා වෙන කිසිම දෙයක් ඇහුනෙ නෑ...අහන්න ඕනකමක් තිබ්බෙත් නෑ. අප්පච්චිටත් මම ළඟ නැතුව අහන්න ඕන තරම් දේවල් ඇතිනෙ. අනික අප්පච්චි මනුස්සයෙක් ගැන ගත්ත තීරණයක් කවදාවත් එයාට වැරදිලා නෑ. එයාට ඒ තරම් මිනිස්සු එක්ක අත්දැකීම් තියනවා. ලවන් එක්ක මෙහෙම ඉඳගෙන පැයක් කතා කරත් ඇති අප්පච්චිට එයා කවුද කියන එක තේරුම් ගන්න.

මම අම්මට මේසෙ අස් කරන්න උදව් කරලා ඉතුරු වුණ කට්ලට් ටිකටත් වග කියලා උයන්නත් පොඩ්ඩක් උදව් කරන්න ගියා. අම්මා ඒකටනම් වැඩිය කැමති වුණේ නෑ. එයා දන්නවනෙ මම සුවඳට ඉන්න එක ගැන කොච්චර හිතනවද කියලා. මොකද අපි උයද්දි අනිවාර්යයෙන් අපි ළඟ කරි, තුනපහ ස්මෙල් එකක් එන්න ගන්නවා.

දැන් ඉතින් අප්පච්චි කතා කරලා ඉවර වුණාට පස්සෙ මම ලවන් එක්ක ඉන්න එපැයි. ඒ නිසා අම්මා මගෙන් ලොකු වැඩ ගත්තෙ නෑ මම පොඩි පොඩි වැඩ කරා. අප්පච්චි ලවන් එක්ක පැය එක හමාරක් විතරම කතා කර කර ඉඳලා කුස්සියට ආවෙ. අප්පච්චි ආවත් එක්කම මම ඉඳගෙන හිටපු තැනින් නැගිට්ටා. මූණෙ අවුලක්නම් නෑ...හරිම සාමාන්‍යයි. ඒ කියන්නෙ පොඩි හරි අකමැත්තක් තිබ්බනම් ඒකත් නැති වෙලාද?

"අන්න අර ළමයා සාලෙ තනියම...ගිහින් කතා කරන්න."

අප්පච්චි සන්සුන් කටහඬකින් මට කියද්දි මම ලොකු හිනාවක් එක්ක පිම්මට කුස්සියෙන් එළියට ගියා. ඒ කියන්නෙ ප්‍රශ්නයක් නැතුවැති නේද?? ඔය කොච්චර වුණත් අප්පච්චිගෙ මූණෙ හැඟීම් මට කියවගන්න බෑ.

මම සාලෙට යද්දිම මාව දැකලා ලවන් ලස්සනට හිනාවුණා. එයා මාව දකිද්දි මූණෙන් හිනාවෙන්න කලින් එයාගෙ ඇස් දෙක හිනාවෙනවා...ඒක හරි අමුතු කතාවක් වෙන්න ඇති. ඒත් මම හොඳට දැකලා තියනවා මම දකින හැම වෙලාවකම ලවන්ගෙ ඇස් දෙක එළිය වැටෙනවා. අර අලු පාට ඇස් දෙකම පාට පාට හැඟීම් ගොඩකින් පිරෙනවා. දැනුත් මම හොඳටම ඒක දැක්කා. ඒ කියන්නෙ එයා ඉන්නෙ සතුටින්නෙ...අවුලක් නෑ වගේ.

මම ලවන් ගාවින්ම ගිහින් ඉඳගද්දි එයා මගෙ අතකින් අල්ලගත්තා.

"මොනවද අප්පච්චි කිව්වෙ...?"

"විශේෂ දේවල් නෙවෙයි විදුර්...තමන්ගෙ ළමයත් එක්ක යාලු වෙන කොල්ලගෙන් අප්පච්චි කෙනෙක් සාමාන්‍යයෙන් අහන දේවල් තමයි."

ලවන් සන්සුන් විදිහට කිව්වා. කොහොමත් ඒක ඒ දෙන්නගෙ පෞද්ගලික කතාවක්නෙ. මට වචනෙන් වචනෙ දැනගන්න ඕනෙ වුණේ නෑ. ලවන් ඒක කියපු විදිහෙන් අවුලක් නෑ කියලා තේරුණ නිසා මම ආයෙ අහන්න ගියෙත් නෑ ඒ ගැන.

"අපි උඩට යමුද...?"

"උඩට...අවුලක් නැද්ද එහෙම? අම්මලා මෙහෙනෙ."

"අවුලක් නෑ...කොහොමත් උඩ නිදහස් මීට වඩා. අපි යමු."

මම ලවන්ගෙ අතින් ඇදලා නැගිට්ටවද්දි එයා නැගිටලා මගෙ පස්සෙන් ආවා. කොහොමත් උඩ තට්ටුවේ ඉන්නෙ අයියයි මමයි විතරනෙ...ඒක අපි දෙන්නගෙ වාසභවන. දැන් අයියා නැති නිසා මගෙ විතරයි. ඇත්තටම නිදහස්.

උඩ තට්ටුවට ගිහින් දකුණු පැත්තට හැරෙද්දි ඒ පැත්තෙ එක කෙළවරක තමා මගෙ රූම් එක තියෙන්න. ඊට ඉස්සරහින් අයියගෙ රූම් එක. වම් පැත්තට හැරෙද්දි මුලින් සාලයක් වගේ පොඩි කොටසක් තියනවා. ඒ පැත්තෙ කෙළවරේ තියෙන්නෙ මගෙ ආට් රූම් එක. ඕකෙ ඉතින් මගෙ පේන්ටින්ස්, පින්සල්, වෝටර් කලර්ස් එකී මෙකී නොකී හැමදේම තියනවා. වෙලාවකට පිස්සන් කොටුවක් වගේ ඉතින්...ඇයි හැමතැනම තීන්ත පැල්ලම්. එහෙම තමා ඉතින් සිත්තරෙක් ගෙදර හිටියම. ඔය පැත්තෙම තමා අපි දෙන්නගෙ වොශ් රූම් එක තියෙන්නෙත්. ඉතින් උඩ තට්ටුව ඇවිල්ලා අපි දෙන්නට වෙනම ගේ කෑල්ලක් වගේ තමා.

මම ලවන්ව එක්කන් මගෙ කාමරේට ගියා. එයා කලින් ඇවිත් තියන්වනෙ කොහොමත්. ආපු ගමන් මුලින්ම එයාගෙ ඇහැ ගියේ මම මේසෙ උඩ තියන් හිටපු මල් බොකේ එකට. ඒකෙ එයා කොන්සට් එක දවසෙ දීපු එකයි ඊට පස්සෙ ඩේට් එක දවසේ දීපු එකයි දෙකම තියනවා. වතුර ටිකක් ඉහලා පරිස්සම් කරාම කොහොමත් සතියක් විතර තියාගන්න පුලුවන්. මල් පරවුණාම අයින් කරත් මම ව්‍රැපින් පේපර් එකයි රිබන් එකයි පරිස්සමට අරන් තියාගන්නවා.

"ඔයා හැම මල් බොකේ එකම මෙහෙම තියාගන්නවද...?"

ලවන් දිලිසෙන ඇස් වලින් මල් දිහා බලාගෙන ඇහුවා.

"ඔව්...ගිය සතියෙ දීපු එකනම් දැන් පරවෙන්න අරන් තියෙන්නෙ. ඒ වෙනුවට මේක තියන්න ඕන."

මම ලවන් අද දීපු මල් පොකුර මේසෙ උඩින් තියන ගමන් කිව්වා.

"I do all these just to cherish you...but when I see the way YOU cherish my gifts it's a different kind of pleasure."

මම හිනාවෙලා ලවන් ගාවට ගිහින් එයාගෙ ඉන ගාවින් අත දාලා බදාගත්තා.

"It's not just about the gift Lavan...it's about your effort. Of course I would cherish your efforts for me. Let it be the most expensive flower bouquet in the world or just some wild flowers you picked on your way. I would cherish both the same way 'cause they're from YOU...for ME."

මම කියන වචනයක් ගානෙම ලවන්ගෙ ඇස් දෙකේ ආදරේ පිරෙන හැටි මම බලාගෙන හිටියා. එයා මුකුත්ම නොකියා මගෙ අත් දෙකම එයාගෙ අත් දෙකට මැදි කරගෙන ඒ උඩින් කිස් එකක් තිබ්බා.

"මම ඔයාට කැමති වුණ එක ගැන පොඩ්ඩක්වත් පසුතැවෙන්නෑ විදුර්...you're like everything I wanna see, everything I wanna hear."

මම ලවන්ගෙ කම්මුලින් පොඩි කිස් එකක් තියලා එයාගෙ පපුවට හේත්තු වුණා. ලවන් ටිකක් වෙලා යනකන්ම මගෙ කෙස් අතරින් හිමීට එයාගෙ ඇඟිලි අරන් යනවා මට දැනුණා. ටික වෙලාවකට පස්සෙ ලවන් හග් එක බ්‍රේක් කරලා මගෙ දිහා බලනවත් එක්කම යන්තම් මගෙ උරහිසට උඩින් පිටිපස්ස බැලුවා.

"වෝහ් විදුර්...මම එදා මේක දැක්කෙ නෑනෙ. ඔයා කර්ට්න් දාලද තිබ්බෙ?"

ලවන් එක පාරට පුදුමෙන් ඇස් ලොකු කරන් මගෙ කාමරේ ග්ලාස් වෝල් එක ගාවට යද්දි මට යන්තම් හිනාගියා. අයියගෙයි මගෙයි රූම් දෙකේම බැල්කනි තියෙන්නෙ එකම පැත්තට. ඒ වීව් එක ඇවිල්ලා මහවැලි ගඟෙන් එහා පැත්තෙ වීව් එක.

ඒ කියන්නෙ මෙහෙමයි...මහවැලි ගඟ පේරා කැම්පස් එක මැදිනුත් යනවා. කැම්පස් එකෙන් ගොඩක්ම තියෙන්නෙ ගඟෙන් මෙහා පැත්තෙ. ගඟෙන් එහා පැත්තෙ තමා ඉන්ජිනියරින් ෆැකල්ටි එක තියෙන්නෙ. කැම්පස් එකේ ළමයිනම් අක්බාර් පාලමෙන් තමා එහා මෙහා යන්නෙ. ඒක ළඟයි. බස් එකේ යනවනම් හෙන වටයක් හැබැයි.

අපි ඉන්න පැත්තෙ උස් තැනකට ගියොත් ගඟෙන් එහා පැත්තෙ ඉන්ජිනියරින් ෆැකල්ටි එක, ගෙවල් ලස්සනට පේනවා. විශේෂෙන් රෑට. මේ ඉතින් නුවරනෙ...හැමතැනම කඳුනෙ. ඉතින් ඒ ගෙවල් පේන්නේත් කන්දක් විදිහට තමා. ඒ වීව් එක මාරම ලස්සනයි. දවල්ට ඒ වීව් එක කොළ පාට යායක්.. රෑට පොඩි පොඩි එළි මතුවුණ තරු යායක් වගේ.

මගෙ බැල්කනි එකට පේන්නෙත් ඉතින් ඔය වීව් එක තමා. මම ඉස්සර ඉඳන් පාඩම් කරලා මහන්සි වුණාම, අවුලක් හිතුනම එහෙම බලන් ඉන්නවා. හිතට ගොඩක් නිදහස් එතකොට. දැන්නම් ගොඩක් ලවන් එක්ක කෝල් කරන්නෙත් ඔතෙන්ට ගිහින් තමා.

දවල් අව්ව සැර වෙද්දි එහෙම මම කර්ට්න් එක දාලා වෝල් එක වහනවා. එදා ලවන් ආපු දවසෙත් එහෙම කරලා තිබුණ නිසා ලවන් වීව් එක දැක්කෙ නෑ. අද තමා එයා මුලින්ම දැක්කෙ. එයා කොහොමත් ඔහොම වීව් එක්කට ආසයි කියන්න මම දන්නවා. අපාට්මන්ට් එකෙත් වැඩි හරියක් ඉන්නෙ වැව රවුම එහෙම හොඳට පේන තැනනෙ.

ලවන් ඈත බලාගෙනම වෝල් එක ගාවට යද්දි මම එයාට එළියට යන්න දොර ඇරලා දුන්නා. ඒක වෝල් එකත් එක්කම තියන ග්ලාස් ඩෝ එකක්. අයියගෙ රූම් එක තියෙන්නෙ මගෙ රූම් එකට එහා පැත්තෙනෙ. එතකොට එයාගෙ බැල්කනි එක තියෙන්නෙ මගෙ බැල්කනි එකට එහා පැත්තෙ. ඉස්සර වෙලාවකට අපි දෙන්නම එක වෙලාවට බැල්කනි දෙකට ආවොත් එක යුද්ධයයි. කොළ ගුලි ගහගන්නවා, වෝටර් ගන් වලින් විදිනවා...ඒ අතරෙ බරපතළ සාකච්ඡා එහෙමත් වෙලා තියනවා ඉතින්.

"වාව් ඔයානම් මාර ලකී මේ වගේ වීව් එකක් කාමරේට පේන්න..."

"ඉතින් ඔයාගෙත් එහෙමනෙ අනේ...කාමරේට ගිහාම නුවරින් බාගයක් විතරම පේනවා කිව්වා නේද?"

මම ලවන්ගෙ රූම් එකට ගිහින් නෑ තාම. ඒත් එයා දවසක් ඔහොම කතාවක් කිව්වා මට මතකයි.

"ඔව්...ඒත් මේ පැත්ත ටවුන් එකෙන් ඈත නිසා ටිකක් නිදහස්නෙ."

"ම්ම්..."

"රෑට තවත් ලස්සන ඇති නේ...?"

"අම්මෝ ඔව්...ඔය ගෙවල් ඔක්කොම පේන්නෙ තරු වගේ. අන්න අර තියන ගෙදර ග්ලාස් වෝල් එකෙන් මට එයාලගෙ ටීවි එකත් පේනවා. ඔයාට කියන්න ඒයි මම දන්නවා එයාලා හැමදාම රෑට සල්ලි පොකුරු බලනවා කියලත්-"

මට කියලා ඉවර කරන්න හම්බුණෙත් නෑ ලවන් මගෙ ඔලුවට ටොක්කක් අතෑරියා.

"මොකද්ද විදුර්...ස්ටෝක් කරන්නත් පටන් ගත්තද ඒ පාර."

"ස්ටෝක් නෙවෙයි අනේ...ඒක පේනවා ඉතින් හොඳට හහ්. ඕන්නම් දවසක් රෑ ඇවිත් බලන් ඉන්නකො පෙනෙයි."

"ඔයා ඒක විහිලුවට කිව්වට මටනම් ඇත්තටම ආසයි රෑක ඇවිත් මේ වීව් එක බලන්න..."

"එන්න ඉතින්...අම්මලත් අවුලක් නෑනෙ. අනික අයියගෙ රූම් එක තියනවනෙ ඔයාට ලෑස්ති කරලා දෙයි."

මම බැල්කනි එකට පිටිපස්ස හරවලා හේත්තුවක් දාන් කිව්වා. මම එහෙම කියද්දි ලවන් යන්තම් හිනාවෙලා බිම බලාගත්තා.

"අයියා මට තාම කැමතිවත් නෑ නේද...එයාගෙ රූම් එකේ ඉන්නවට කොහොම අකමැති වෙයි?"

"අනේ මේ නටාගන්න කියන්න එයාට. එන්නෙත් අවුරුද්දට සැරයයි...එයා එනකොට ඕකෙ කවුරුත් හිටපු නැති ගාණට අස් කරලා තියන්න පුලුවන්."

මම මගෙ සුපිරියි කියලා හිතාගෙන ඉන්න ප්ලෑන් එක කියද්දි ලවන් ඇස් හීනි කරන් මගෙ දිහා බලන් හිටියා.

"හොර වැඩ පුරුදු වෙලා නේ දැන් හොඳටම..."

"අනේ යන්න..!"

මම ලවන්ගෙ කකුලට මගෙ කකුලෙන් පොඩි පාරක් දීලා කියද්දි එයා හිනාවෙලා මගෙ කොණ්ඩෙ ඇවිස්සුවා. මම ආයෙම වීව් එක පැත්ත හැරිලා පැත්තකින් ලවන්ගෙ වැලමිට ගාවින් අත පටලගෙන එයාගෙ උරහිසට හේත්තු වෙද්දි ලවන් මගෙ හිස් මුදුනට හාද්දක් තියනවා මට දැනුණා.

"Anyway...this is a perfect view for my other plan."

ලවන් මාව පොඩ්ඩක් එහාට කරලා කියද්දි මම පුදුමෙන් වගේ එයා දිහා බැලුවා. මොන ප්ලෑන්ද ආයෙ?

"මම මේක වෙන වෙලාවක දෙන්න හිටියෙ...ඒත් මේ වගේ ලස්සන මූමන්ට් එකක නැතුව වෙන වෙලාවක් මට හිතාගන්න බෑ."

"ඒ කිව්වෙ...?"

ලවන් එයාගෙ ජැකට් එක අස්සට අත දාලා පොඩි ටියුලිප් බෑග් එකක් එළියට ගද්දි මගෙ ඇස් ආයෙම ලොකුවුණා. මල් බොකේ එකක් උස්සන් ආවා, තව බෑග් ගොඩකුත් පහළ තියනවා. ඒ මදිවට ආයෙ මොනවද?

"ලවන්...ඔයා ඕනවටත් වඩා දේවල් කරනවනෙ."

මම එයා ටියුලිප් බෑග් එකේ තිබ්බ දේ එළියට ගන්නත් කලින් එයාගෙ අත අල්ලන් කිව්වෙ ඇත්තටම වද වුණ කටහඬකින්.

"මම ඔයාට කලිනුත් කිව්වනෙ...this is just bear minimum."

ලවන් ලස්සනට හිනාවෙලා කියලා බෑග් එක ඇතුළෙන් එළියට ගත්තෙ පුංචි බොක්ස් එකක්. මම තවමත් විශ්වාස කරන්න බැරුව පුදුමෙන් වගේ ලවන් දිහායි බොක්ස් එක දිහායි බලද්දි ඒයා හිමින් ඒක ඕපන් කරා.

ඒකෙ තිබුණෙ...ඉන්ෆිනිටි සයින් එක තිබුණ නෙක්ලස් එකක්. මැදට නිල් පාටින් ලස්සන ඩයමන්ඩ් දෙකක් අල්ලලා තිබුණා. මම විශ්වාස කරන්නත් බැරුව ඒ දිහා බලාගෙන ඉද්දි ලවන් හිමින් ඒක බොක්ස් එකෙන් අයින් කරලා මගෙ අතින් අල්ලගත්තා.

"It's a promise necklace..."

"...."

"This is to promise that...I would always be by your side. I would always come back to you even if we have to be apart for a while. To promise that I will always be yours...to the infinity and even beyond."

ලවන් මගෙ ඇස් දෙක දිහා බලන් කියද්දි මගෙ ඉස්සරහ තිබ්බ හැමදේම බොඳවෙනවා මට දැනුණා. එයා කරන එක පොඩි දේකින් මේ තරම් ආදරේ දැනෙන්න...මම කොච්චර වාසනාවන්තද.

"You- you like it...?"

ලවන් අහද්දි මම කඳුලු පිරුණු ඇස් දෙකින් ඔලුව වැනුවෙ ඔව් කියන්න. මගෙ රිඇක්ශන් එකත් එක්කම ලොකු සතුටක් ලවන්ගෙ මූණෙ ඇඳුණා මම දැක්කා. එයා නෙක්ලස් එක අරගෙන මට හුඟක් ළං වෙලා මගෙ කර වටේ අත දාගත්තා. ලවන් නෙක්ලස් එක දානකන්ම මම එයාගෙ උරහිසට හේත්තු වෙලා හිටියා. මට ඇත්තටම කියාගන්න දෙයක්වත් හිතාගන්න පුලුවන් වුණේ නෑ.

ලවන් නෙක්ලස් එක දාලා ඉවර වුණාම මම පෙන්ඩන්ට් එක මගෙ අතට ගනිද්දි ලවනුත් මගෙ අත යටින් එයාගෙ අත තිබ්බා. එතකොටම මටවත් නොදැනී වැටුණ කඳුලු බිංදුවක් ඩයමන්ඩ් එකක් උඩට වැටිලා ඒක දිලිසෙන්න ගත්තා.

"ඔහ්...අනේ විදුර්."

මගෙ කඳුලු බිංදුව දැකපු ලවන් කලබලෙන් වගේ මගෙ මූණ එයාගෙ අත් දෙකට මැදි කරගත්තා.

"අනේ අඬන්න එපා...මේ බලන්නකො."

"මම අඬන්නෙ දුකට නෙවෙයි ලවන්...මට- ඇඬෙනවා."

මම අමාරුවෙන් වචන ගලපන් කියද්දි ලවන් හිනාවෙලා මගෙ නළලින් හාද්දක් තිබ්බා.

"මම දන්නවා...but I don't wanna see you cry."

ලවන් එයාගෙ මහපට ඇඟිලි වලින් මගෙ කඳුලු පිහදාද්දි මම එයාගෙ අත් දෙකම මගෙ අත් දෙකට මැදි කරගත්තා.

"Then I will also promise..."

"Mm..."

"I promise to wait for you no matter how long it takes. I also will be yours...till the infinity and beyond."

මම දැක්කා ලවන්ගෙ ඇස් දෙක ආයෙම හැඟීම් ගොඩකින් පිරෙනවා. එයා ආයෙම මගෙ කම්මුල් කප් කරලා මගෙ තොල් උඩින් ස්වීට් කිස් එකක් තිබ්බා. ඒ කිස් එකේ වෙන හැමදාටම වඩා ආදරේ දැනුණදෝ කියලත් මට හිතුණා. අපි දෙන්නම කිස් එක මැදින් හිනාවුණේ ඒ දැනුණ හැඟීමට වෙන්න ඇති.

ලවන් කිස් එක බ්‍රේක් කරලා මගෙ උරහිස වටේ දාලා ළං කරගද්දි මමත් එයාට හේත්තු වෙලා උරහිස උඩින් ඔලුව තියාගත්තා.

"Have you heard about love that comes once in a lifetime Vidur...?"

"Mm...and I'm pretty sure that you're that love of mine..."

"Yea- wait did you just quote Dandelions...?"

ලවන් අහද්දි මට හිනාගියා. තේරිලා ඒ කියන්නෙ.

"ම්ම්...ඔව්."

"ඇත්තටම...මට මේ වෙලාවෙ දැනෙන්නෙ ඒ සින්දුව අහද්දි දැනෙන ෆීලින් එකමයි."

"මටත්..."

මම ඇස් දෙක පියාගෙන කියලා තව ටිකක් ලවන්ට තුරුල් වුණා. ඒක මම ගොඩක් ආසා සින්දුවක්...මෙච්චර කල් අහලා තිබුණට, කියලා තිබුණට කවදාවත් ඒක මේ තරම් ෆීල් වෙලා නෑ. ආදරේ කරද්දි මෙච්චර කල් නොතේරුන සින්දු එක පාරට ෆීල් වෙන්න ගන්නවා කියන කතාව ඇත්ත වෙන්න ඇති.

ලවන් දෙන සොෆ්ට් කිසස් වලට තව තව මගෙ හිත ආදරෙන් පිරෙද්දි මම පද පේළි දෙකක් හිමින් අපි දෙන්නට විතරක් ඇහෙන්න මිමිණුවා.

Wishing on dandelions all of the time

Praying to God that one day you'll be mine

Wishing on dandelions all of the time, all of the time...

-----------------

අද වෙනකන්ම හිටියෙ ගෙදර නිසා යන්තම් තව චැප්ටර් එකක් ලියාගන්න පුලුවන් වුණා. හෙට ඉඳන් ඉතින් වැඩට යන්නයි පාඩම් කරන්නයි දෙකම තියන නිසා සුවර් නෑ හොඳේ. කොහොමත් මම බස් එකේ හරි වැඩ කරද්දි හරි ෆ්‍රී ටයිම් එකක් හම්බුණු ගමන් කරන්නෙ මේක ලියන එක තමා. ඒත් චැප්ටර් එකක්ම ලියාගන්න පුලුවන් වෙයිද කියලා ශුවර් නෑ ටික කාලෙකට.

මම ඔය විස්තර කරපු විදුර්ගෙ රූම් එකේ වීව් එක තමා මම හිටපු බෝඩිමේ වීව් එක. බෝඩිමේ ලයිෆ් එකේ මිස් වෙන ලොකුම දේ මොකක්ද ඇහුවොත් මම දෙපාරක් නොහිතා කියන්නෙ මම හැමදාම රෑට එළියට ගිහින් බලන් ඉඳපු ඒ ලස්සන වීව් එක කියලා.

ආහ්...තව දෙයක්. මම මේ කතාවෙ සමහර තැන් වල එක එක්කනා ලව්වා කියවන දේවල් එච්චර වැදගත් නෑ කියලා හිතෙන්න පුලුවන්. ඒත් ඒ හැම ඩීටේල් එක්කටම අවධානෙ දෙන්න හොඳේ 🫢 ඉස්සරහට ඒවා එහෙම කිව්වෙ ඇයි කියලා ඔයාලට තේරුම් ගන්න පුලුවන් එතකොට.

එනිවේ ආයෙත් අහන්නෙ....බෝරින් නෑ නේද? 🥲

Share This Chapter