Back
/ 35
Chapter 12

Part 12

සීමාවෙන් එහා

වොශ් රූම් එකේ හිටපු මම ටවල් එකත් පටලන් ඉක්මනට රූම් එකට ආවෙ ෆෝන් එක රින්ග් වෙන සද්දෙ ඇහුණ නිසා. මම දන්නවා ඉතින් කවුද කියලා...ඒකම තමා හිටු කියලා දුවගෙන ආවෙ. පොඩ්ඩක් එහෙ මෙහෙ වුණානම් ඉතුරු කකුලත් පෙරළගන්න තිබ්බා.

"ලවන්...කියන්න."

"මම දැන් එන්න යන්නෙ...ඔයා ලෑස්තිද අහ- මොකද ඔය හති දාන්නෙ?"

"හහ්?!? මම?? නෑහ්- නෑ මේ...මම කෝල් එක ඇහිලා දුවගෙන ආවා කවුද දන්නෑනෙ-"

"...."

"නෑ මම කිව්වෙ...ඔයා කියලා හිතුණා ඒත්- කියන්න බෑනෙ. මට අනන්තවත් වැදගත් කෝල් මිස් වෙනවා අප්පා ෆෝන් එක ළඟ නැතුව."

"...."

"ඔයා ඉතින් මම ඩෙස්පරේට් කියලා හිතන්න එහෙම එපා හරිද...කියන්න බෑනෙ වෙලාවකට සිගින් අයිටම් වලට එහෙම කෝල් එනවා දන්නැද්ද? ඒකයි දුවගෙන ආවෙ..."

"...."

"හරි හරි ඔයා කියලා ගෙස් කරලා තමා දුවගෙන ආවෙ..."

"මරිසිනෙ විදුර් ඔයාගෙත්..."

"අනේ මෙ- ඈ!! ඔයා කොහෙන්ද ඒ වචනෙ ඉගෙන ගත්තෙ??"

"ඇයි...ඔයාම කී පාරක් කියලා තියනවද මාත් එක්ක? මම ඒක කිව්වා හරිනෙ?"

ලවන් කියද්දි මම හිනාවෙලා ඇඳෙන් ඉඳගත්තා. කොච්චර වුණත් එයාගෙ අමුතු ඇක්සන්ට් එකත් එක්ක ඔය වගේ වචන කියද්දි හිනා යනවා.

"ම්ම්...හරි හරි."

"මේ ඒක නෙවෙයි...ඔහොම දුවන්න තියාගන්න එපා හරි? ඔයා කෝල් එක ආන්ස්වර් කරේ නැත්තම් මම ආයෙ ගන්නවනෙ. සිහියෙන් ඉන්න... ඊළඟට කකුළ පෙරලගත්තොත් මං එහෙම එන්නෑ ආයෙ ලෙඩ බලන්න."

"එන්නෙම නෑද...?"

"නෑ..."

"අනේ~~රෝස මලක් අරන් එන්නකො."

"ම්ම්...පෙරළගන්නකො එහෙනම් කකුළ."

"ඔන්න පෙරළගන්නවා ඈ..."

"හා...(අනේ යකෝ මගෙ බොන්සායි පැළේ!! ඕකට අත තියන්නෑ අහකට වෙයන්.)"

ලවන්ගෙ කටහඬටත් වඩා සද්දෙට ඇහුණ සිතුම්යගෙ කටහඬින් මට කන්ට්‍රෝල් නැතුවම හිනාගියා. සාමාන්‍ය මිනිස්සු කඩන්නෙ මල්නෙ...මෙයා අර අහිංසකයගෙ බොන්සායි පැළ ටික වනසන්න තියාගත්තද?

"(මොකද බං...)

(මොකද බං නෙවෙයි එහාට පලයන්...අන්න එහෙම. ඈතට පලයන්. උඹ ආයෙ මගෙ බොන්සායි පැළ මායිමට ඇවිත් තිබ්බොත් මරනවා දැනගනින්...!)"

හප්පා සිතුම්යගෙ සැර. ඒ වුණාට මටනම් නවත්තගන්න බැරුව හිනායනවා. ලවන් මක් කරලද?? මට ගෙස් කරන්න පුලුවන් ඒත් ඇත්තටම මොකද දන්නෑ එයාගෙ පැළ ටිකට කරේ.

"මොකද ලවන්...?"

මම හිනාවෙන ගමන්ම ඇහුවෙ එතන වෙන දේ හරියටම දැනගන්න. මට ඒ ගමන්ම ඇහුනා ෆෝන් එක උඩින් යනවා වගේ සද්දයක්.

"අනේ විදුර්...දෙයියනේ කියලා අයෙ මෙන්න මූ කතා කරපු ගමන් අහන්න කොහෙද ඉන්නෙ කියලා. ඉන්නෙ මගෙ බොන්සායි පැළ ටික ගාවනම් පුලුවන් තරම් ඈතට යවන්න...පින් සිද්ධ වෙයි.

(ඕක දීපන් යකෝ මෙහෙට-)

(අහකට පලයන්!!)"

මට ඇත්තමයි තවමත් හිනාව නවත්තගන්න බැරුව හිටියෙ. මෙහෙමත් නාකි කෝලම් ඇත්තට.

"ඇයි සිතුම්ය මොකද වෙලා තියෙන්නෙ...?"

"මම පහළට එද්දි මූ දමාගෙන මගෙ බොන්සායි පැළේ කොළ ගලවනවා...වෙලාවට මම ආවෙ. ඔයා කතා කරාම ඔක්කොම අමතකයි මුට- (අනේ යකෝ ඕක දීපන්!!)"

මට ඒ වෙලාවෙ පැළ ටික ගැන විතරක් නෙවෙයි අසරණ ෆෝන් එක ගැනත් සාධාරණ දුකක් දැනුණා.

"අම්...විදුර්?"

"මම සිතුම්යට හා කිව්වා කියන්න..."

මම යන්තම් හිනාව කන්ට්‍රෝල් කරන් කිව්වා.

"මෙන්න උඹට හා කිව්වා කියන්නලු- ඈ පොඩ්ඩක් ඉන්න. මොකටද හා කියන්නෙ?"

"එයාගෙ ආදරණීය බොන්සායි පැළ ටිකේ වගකීම මටත් දුන්නනෙ...මම බලාගන්නම් කිව්වා කියන්න."

"අනේ මේ විදුර්..."

"බොරුවනෙ ලවන් ඔයාගෙත්...දැන් මෙතන මට උපදෙස් කෝටියක් විතර දුන්නා සිහියෙන් ඉන්න අරකයි මේකයි... බලන් ගිහාම මෙයා මට හපන්. අර අහිංසකයගෙ පැළ ටිකත් ඉවරයි."

"විදුර්...මේ දවස් දෙකට ගාණට වැඩි ආ."

ලවන් යන්තම් හිනාවෙලා කියද්දි මටත් හිනාගියා.

"එහෙම තමයි ඒයි...මේ දවස් දෙකේ මම සතුටින්නෙ ඉන්නෙ."

මම එහෙම කියන ගමන් වටයක් කැරකිලා බොහ් ගාලා ඇඳට කඩන් වැටුණා. ඒ එක්කම මගෙ ටවල් එකෙනුත් පැත්තක් ගැලවිලා තව ටිකෙන් ඒකත් බිම. අවුලක් නෑ ඉතින් එදා අර මගෙ ෆොටෝ එකක් වටේ ගියාට පස්සෙ මම අනිවාර්යයෙන් කෝල් කරන්න කලින් දොර පිළිබඳ සැලකිලිමත්.

දවස් දෙකේ කිව්වෙ...ලවන් මගෙ ෆස්ට් කිස් එක ඉල්ලගත්තෙ දැන් දවස් දෙකකට කලින්. එදා දවසෙනම් කිස් එකෙන් පස්සෙනම් මම හරියට මූණවත් බැලුවෙ නෑ එයාගෙ. ඇයි අප්පා ලැජ්ජයි...

මම කියලත් කීයක් දේවල් කරාද? තව ටිකෙන් වැව රවුමෙම අර මනුස්සයගෙ ශර්ට් එක ගලවලා අයින් කරනවා...වෙලාවට ලවන් මාව නැවැත්තුවෙ. අනික ලවන් තියපු හිකී එකක් මගෙ කොලර් බෝන් එක ගාව තිබුණා.

කොහොමහරි ලවන් මාව ඩ්‍රොප් කරන්න ගේ ගාවට එනකන්ම අපි දෙන්නා අතර වැඩි කතාවක් තිබ්බෙ නෑ...කොහොම වුණත් මම වගේම එයත් හිටියෙ ගොඩක් සතුටින් කියන එක විතරක් මට තේරුණා. අන්තිමට මම බහින්න කලින් එයා ආයෙම මට උණුහුම් හාදුවක් දෙද්දි මගෙ ලැජ්ජා බය ඉතින් ආයෙම නැතිවුණා.

ඊට පස්සෙ දවසෙ ක්‍රිස්මස්නෙ. එදා මම ගියා ටිනාශගෙ ගෙදර පාටි එකට. ටිනාශා ඇවිල්ලා සිංහල කැතලික්. අපි ගොඩක් දන්නෙ සිංහල බෞද්ධ, නැත්තම් ක්‍රිස්තියානි කැතලික්නෙ...ටිනාශා සිංහල ජාතික ඒත් ආගම කැතලික්.

ඒකත් මරු හැබැයි...ඒකි සිංහල අයට තියන සිංහල අවුරුද්ද එහෙම සමරනවා. ඒත් නොනගතේ වෙලාවට පන්සල් යන්නෙ එහෙම නෑ ඉතින් ආගම වෙනස්නෙ. ඒත් නැකත් එහෙම කරනවා. ක්‍රිස්මස් එකත් සමරනවා. එයාලගෙ ගෙදර හැම අවුරුද්දකම තියන ක්‍රිස්මස් පාටි එකට අපි යනවා, අපි කිව්වෙ ගෙදර හැමෝම.

ලවනුත් ඊයෙ සිතුම්ය එක්ක චර්ච් එකට ගියා. මෙහෙ ඉතින් UK වගේ ලොකුවට ක්‍රිස්මස් සමරන්නෑනෙ...එයාටත් ඒ වෙනස දැනුණා කිව්වා. මටත් ලවන් එක්ක යන්න තිබ්බනම් ආසයි. ඒ අපාට්මන්ට් එකේ ඒ දෙන්නා විතරනෙ රෑ වෙද්දි...පාලු ඇති.

ලවන් කිව්වා හවස් වෙද්දි පාලුයි මෙහෙ එහෙ වගේ ලොකුවට සමරන්නෙත් නෑනෙ ඔයාවත් ළඟ හිටියනම් කියලා. ඒත් මම ටිනාශට කලින් එන්නම් කියලා තිබ්බ එකනෙ. මම විතරක් යන ගමනක්නම් අවුලක් නෑ...ඒකි තේරුම් ගන්නවා කොහොමත්.

ඒත් අම්මා අප්පච්චි අහද්දි මට එක පාරට ලවන් හම්බෙන්න යනවා කියන්න බෑනෙ. අපි දෙන්නා තාම ඒ තරම් දුර ඇවිත් කියලා මම හිතන්නෑ. වෙනදා පාටි එකට ගිහාමත් සිනෙලියි ටිනාශයි මායි ශේප් එකේ ටිනාශගෙ කාමරේට රිංගලා පැයක් හමාරක් ඉන්නවා. අපි තුන්දෙනාට අපි තරම් සෙට් නෑ වෙන කවුරුත්. ඒ නිසා පාටි එක අස්සෙම පොඩ්ඩක් පාඩුවේ ඉන්නවා එහෙම කොනට වෙලා.

ඊයෙනම් ඒ වෙලාවෙන් වැඩි හරියක් මම කරේ ලවන් එක්ක ෆෝන් එකේ එල්ලිලා හිටපු එක. අරුන් දෙන්නා ඉතින් ඔය පොඩ්ඩක් පොඩ්ඩක් විහිලු කරාට තේරුම් ගත්තා...හරිහමන් විදිහට යමක් පටන් ගත්තා විතරනෙ.

හොඳම ආතල් එක වුණේ මම ෆස්ට් කිස් එක ගැන කියන්න යද්දි. මම බාගෙට කියන් යද්දිම මුන් දෙන්නා මහා හයියෙන් කෑගහලා පහක් ගහලා බදාගත්තා.

"අඩේ...මං කිව්වෙ නැද්ද උඹට??"

"ඇයි මාත් කිව්වෙ යකෝ...හම්මේ දැන් මට නිදහසේ මැරෙන්න පුලුවන්."

මං උන් දෙන්නා දිහාම කන්ෆියුස්ඩ් උන්ගා බුන්ගා වගේ බලන් හිටියෙ මොකක්ද මේ කිව්වෙ කියලා දැනගන්න.

"මොකද්ද උඹලා කියන්නෙ...?"

"නෑ බං...ඊයෙ උඹෙ ලස්සන. අපි දෙන්නා කලින්ම කිව්වා අදනම් සර් ඉවසන එකක් නෑ කියලා. කොහෙද උඹව ඊයෙ හම්බුන්නෑනෙ නැත්තම් උඹට කලින්ම වෝර්න් කරනවා අපි."

ටිනාශා මගෙ අත් දෙකත් අල්ලන් කියද්දි මට හිනාගියා. එච්චර ලස්සනට ඉඳලද?

"ඔව් යකෝ...අනික ඊයෙ ලවන් සර්ගෙත් ලස්සන. ඊයෙත් ඉවසුවානම් උඹලා මිනිස්සු වෙන්න බෑ."

"තොපි ලවන්ගෙ ලස්සනත් බැලුවද-"

"අන්න අන්න ඉතින්...ඇයි යකෝ මස්සිනාගෙ ලස්සන බැලුවම මක් වෙනවද?"

"හරි හරි විහිලුවක් ඕයි කරේ..."

මම කිව්වෙ මගෙ කට කොනකට එන හිනාව කන්ට්‍රෝල් කරගෙන. ඔය කිව්වට වෙන කවුරුහරි ලවන් හැන්ඩ්සම් කියද්දි මට ආඩම්බරයි ඉතින්...විශේෂෙන් මගෙ උන් දෙන්නා කියද්දි.

ලවන්ට හිතුණ විදිහනම් මම දන්නෑ...ඒත් ඇත්තටම එදත් එයා දිහා බලන් ඉවසුවනම් මට හැඟීම් දැනීම් නැති වෙන්න ඕන. ඒ තරම් එයා හැන්ඩ්සම්.

කොහොමහරි මේ සතියම අපිට නිවාඩු නිසා අපි දෙන්නා හිතුවා බ්‍රහස්පතින්දා ටිකක් ඇවිදින්න යන්න. බදාදා යන්න බැරිවුණේද...? රෑට පාලුයිනෙ ක්‍රිස්මස් පාටි එකක් දාමු කියලා ලවනුයි එයාගෙ නල්ල මලේ යාලුවයි කරලා තිබ්බ හපන්කම් නිසා. උදේ නැගිටගන්නවත් බෑ දෙන්නට. මට ගිහින් දෙහි බෑයක් හදලා දීලා එන්න හිතුණා. කොහොමත් ඕක කලින්ම හිතිලා තමා මම බ්‍රහස්පතින්දාට ගමන දාගමු කිව්වෙ.

මම වැඩිය ඇල්කොහොල් ගත්තෙ නැති වුණාට මටත් ටිනාශගෙ ගෙදර පාටි එකට ගිහින් පොඩි ඇඟට මෙව්වා එකක් තිබ්බනෙ. එහෙම මොකටද ඇවිදින්න යන්නෙ නේ.

කිව්වා වගේම උදේ දහය විතර වෙද්දි ලවන් ආවා මාව පික් කරන්න. මම අම්මටයි අප්පච්චි වැඳලා පාර ගාවට ආවා. දැන් දෙන්නා මට වැඩිය විහිලු කරන්නෑ...කෝකෙත් සීමාවක් තියෙන්න එපැයි නේ. මමත් එහෙන් මෙහෙන් විස්තර ටිකකුත් කියලා තිබ්බෙ.

ලවන් අපෙ ගෙදරට හැරෙන අතුරු පාර ගාව කාර් එක නවත්තන් හිටියෙ. මම දුවගෙන ගිහින් කාර් එකට නැගලා ඉඳගන්නවත් එක්කම අපි දෙන්නම ඉස්සරහට වෙලා පොඩි කිස් එකක් ශෙයාර් කරගත්තා. ඒක වුණේ අපි දෙන්නම හිතන්නවත් කලින්.

කිස් එකෙන් පස්සෙ මම එහාට නොවී හිනාවක් එක්ක ලවන් දිහා බලන් ඉද්දි එයා යන්තම් මගෙ ඔලුවෙ පැත්තකින් අල්ලලා තොල් අගිනුයි කම්මුලිනුයි හාදු තිබ්බා.

"ඔයා ලස්සනයි විදුර්..."

"ඔයත්..."

මම ලවන් ඇඳන් හිටපු තද නිල් පාට අත් දිග ශර්ට් එකයි කලු ට්‍රවුසර් එකයි දිහා බලලා කිව්වා. ඒ ටී ශර්ට් එකට විවිධාකාර දේවල් ඉස්මතු වෙලා පේනවදත් මන්දා...විරංග එදා අහපු කතාව හරි. හොඳට තියනවා තමා.

මම යන්තම් ගැස්සිලා ගියේ ලවන් සීට් බෙල්ට් එක ගලවලා පිටිපස්සෙ සීට් එක පැත්තට හැරෙද්දි. ආයෙමත්...?? එයා මට දුන්නෙ පොඩි රෝස මල් පොකුරක්. වෙනදා වගේ ලොකු එකක් නෙවෙයි...අවස්ථාවෙ හැටියට මල් බොකේ එක තෝරන්න එයා හොඳට දන්නවා. සයිස් එක වෙනස් වුණාට මලේ පාටනම් වෙනස් වෙන්නෙ නෑ ඉතින්.

"ලවන්~~"

"ඇයි...?"

"නෑ ඉතින්...එදා දීපු මල් බොකේ එකත් තාම තියනවා."

"ඉතින්...?"

"මුකුත් නෑ...අම්මා එදත් ඇහුවා යාලු වෙලා ඉන්නේ රෝස මල් වත්තක අයිතිකාරයෙක් එක්කද කියලා."

මම කියද්දි ලවන්ටයි මටයි දෙන්නටම හිනාගියා.

"එදා කිව්වා නේද හැමදාම රෝස මල් ගෙනත් දෙන්න කියලා..."

"ඒ විහිලුවට අනේ~"

"හරි ඉතින් මට විහිලුවක් නෙවෙයිනෙ ඒක..."

"ඒ වුණාට-"

මම කියන්න ගිය එක සම්පූර්ණ කරන්නත් කලින් ලවන් සීට් එකේ ටිකක් ඉස්සරහට වෙලා මගෙ කම්මුලක් අල්ලගත්තා. මම ඇස් දෙකත් ලොකු කරන් එයා දිහා බලන් හිටියා.

"විදුර්...I just wanna cherish you."

"...."

"බලන්නකො ඔයාගෙ මූණ...ඔයා ඉන්නෙ සතුටින්නෙ?"

"ම්ම්..."

"මට ඕනෙ එච්චරයි...මට ඉන්නෙ ඔයා විතරනෙ. ඔයා සතුටින් ඉන්නවා බලන්න මට ඕන දෙයක් කරන්න පුලුවන්."

වෙනදා වගේම ඇස් වල කඳුලු පිරෙනවා කියලා තේරෙද්දි මම බිම බලාගන්න ගියත් ලවන් ඉක්මනට මගෙ නිකටින් අත තියලා ඉස්සුවා. ලවන් තවත් ටිකක් ඉස්සරහට වෙලා මගෙ තොල් වලින් පෙක් එකක් තියද්දි මමත් එයාගෙ කම්මුලින් හාද්දක් තිබ්බා.

මම එහෙම දේවල් කියද්දි හැමදාම එයාගෙ ඇස් දිලිසෙනවා...දියමන්ති වගේ ලස්සනයි එතකොට.

"යමුද..."

"ම්ම්..."

අපි ටික වෙලාවකින් හිටියෙ සංඝමිත්තා එක ගාව. හිඳගල පැත්තෙන් යද්දි පේරා කැම්පස් ඒරියා එක පටන් ගන්නෙ සංඝමිත්තා හොස්ටල් එක හරියෙන්.

"ලවන්...අපි වලට ගිහින් යමුද?"

"ම්ම්? ඔයා අර කිව්ව ඩ්‍රාමා පෙන්නන තැනද...?"

"ඔව්..."

අපි ඒ වෙද්දි කොහොමත් වල පේන මානෙට ඇවිත් තිබ්බෙ. මම කිව්ව නිසාම ලවන් කාර් එක වල ගාවින් ඇතුළට දාලා නැවැත්තුවා.

"එහෙම ගියාට අවුලක් නැද්ද...මේක කැම්පස් ප්‍රොපටි එකක්නෙ?"

ලවන් අහද්දි මම යන්තම් හිනාවෙලා නෑ කියන්න ඔලුව වැනුවා. මෙහෙමයි ඉතින්...පේරා කැම්පස් එක ගේට්ටු තාප්ප දාලා වට කරලා නෑනෙ. මිනිස්සු යන්නෙ, බස් යන පාර තියෙන්නෙත් කැම්පස් එක මැදින්. ෆැකල්ටි මැදින් නෙවෙයි, කැම්පස් එක මැදින්. ඉතින් ඕන තරම් පිට මිනිස්සු දවස ගානෙ කැම්පස් ප්‍රමිසස් එකේ එහා මෙහා යනවා.

එහෙමයි කියලා කවුරුත් ෆැකල්ටි අස්සෙ ලෙක්චර් හෝල් අස්සෙ රිංගන්න යන්නෙ නෑ. කොහොමත් තමන්ගෙ වුවමනා වලට කැම්පස් ප්‍රමිසස් එකට එන අය වුණත් ඒ කැම්පස් ලයිෆ් එකට බාධාවක් වෙන විදිහට හැසිරෙන්නෙ නෑ. මල් පිපෙන කාලෙට එහෙම කොච්චර මිනිස්සු එනවද මල් බලන්න. ඒත් මම දැකලා නෑ ඒ කවුරුත් ඉගෙනගන්න ළමයින්ට බාධාවක් වෙන විදිහට හැසිරෙනවා.

පේරා වල කල්චර් එක වෙනම එකක්...මම පේරා නොගියත් ගෙදර තුන්දෙනාම ගියේ පේරා නිසා මටත් ඒ කල්චර් එක ගොඩක් ළඟයි. සාමාන්‍යයෙන් වලට එන්නෙ කැම්පස් කපල් තමයි. ඒත් ගොඩක් වෙලාවට හවස් වරුවෙ. මම දැකලා තියන ගොඩක් වෙලාවට හවස් වෙද්දි කපල් අඩුම පහ හයක්වත් වලට එනවා නිදහසේ කතා කර කර ඉන්න.

කොහොමත් මේනම් ලෙක්චර්ස් වෙලාවනෙ කැම්පස් ළමයිනම් නැතුවැති. අපිටත් ඉතින් කැම්පස් පෙනුමක්නෙ තියෙන්නෙ...අනික අපි කොල්ලො දෙන්නෙක් නිසා කපල් එකක් කියලා කවුරුත් හිතන්නෑනෙ. ඒ නිසා විනාඩි පහළවක් විස්සක් ඔතන ඉඳන් ඉඳලා ගියාට අවුලක් නෑ.

"එහෙම අවුලක් නෑ යමු...කොහොමත් ඔයාට පවර්ස් තියනවනෙ අපිව පේන්නැති කරන්න."

"පවර්ස් තිබ්බා කියලා හොර වැඩ කරන්න බෑනෙ..."

ලවන් හිනාවෙලා කියද්දි මම එයාගෙ නළලට පොඩි තට්ටුවක් දැම්මා.

"අනේ හොර වැඩක් නෙවෙයි මෝඩයො...අවුලක් නෑ. පොඩ්ඩක් ඉඳලා යමු."

"ම්ම්...ඔයා කියනවනම් හා ඉතින්."

අන්තිමට කොහොමහරි ලවන්ව කැමති කරවගත්තා මම ටිකක් වෙලා ඉඳලා යන්න. කොහොමත් මෙයා ඉතින් මට කාර් එකේ දොර ඇරන් බහින්න දෙන්නෑනෙ. ලවන් පැසෙන්ජර් සීට් එක පැත්තට එනකන් මම මල් පොකුර පරිස්සමට පිටිපස්ස සීට් එකෙන් තිබ්බා.

ලවන් ඇවිත් දොර ඇරියට පස්සෙ මම බැහැපු ගමන් ලවන්ගෙ අත අල්ලගත්තා. ලවන් මට වඩා උස නිසා ලේසියෙන්ම එයාගෙ අතේ එල්ලෙන්න පුලුවන්...මම ආසයි ඒ ෆීලින් එකට. මම එයාවත් එක්කන් ඇතුළට ඇවිත් වලේ වම් පැත්තට වෙන්න තියන උඩම පඩියකින් ඉඳගත්තා.

"වෝහ්...මෙතන ඉඳන් ඩ්‍රාමා එකක් බලනවා කියන්නෙ වෙනම ෆීලින් එකක් වෙන්න ඇති."

"ඔව්...අපි එමු වෙලාවක."

"එහෙම එන්න පුලුවන්ද...?"

"ඔව්...ඉස්සර අයියා කැම්පස් ඉන්න කාලෙ අපිටත් එක්ක ටිකට් ගන්නවා. අප්පච්චිනම් කොහොමත් එනවා සයන්ස් ෆැකල්ටි එකෙන් ඕගනයිස් කරන ඩ්‍රාමා එකක් තිබ්බොත් ඩීන් විදිහට. ඒ නැතත් අපි තුන්දෙනා එනවා වෙලාවකට. ඒක අනිවාර්යෙන් ගන්න ඕන එක්ස්පීරියන්ස් එකක් ලවන්..."

"ම්ම්...මටත් ආසා හිතෙනවා ඔයා කියද්දි."

"ඔයාට කියන්න ලවන්...මට එහෙම එන දවස්වලට ඩ්‍රාමා බලන්න එන කපල්ස් දකිද්දි ආසයි. එයාලා අර රෑ තුරුල් වෙලා ඩ්‍රාමා එක බලද්දි එයාලට ඩිස්ටර්බ් කරන්න කවුරුත් නෑ...මමත් හිතලා තියනවා මටත් එහෙම එන්න තිබ්බනම් කියලා."

මම එහෙම කියලා ලවන්ගෙ අත බදාගෙන එයාට තවත් ටිකක් තුරුල් වෙද්දි එයා මගෙ එක අතක ඇඟිලි වලින් අල්ලගත්තා.

"ඒත් ඒ ගමන්ම මට හිතෙනවා ඒක කවදාවත් හැබෑ වෙන හීනයක් නෙවෙයිනෙ කියලා...අඩු ගානෙ අපි දෙන්නා මේ දැන් ඉන්න විදිහටවත් නිදහසේ ඉන්න පුලුවන් වෙයි කියලා මම හිතුවෙ නෑ."

"ඇයි ඒ...?"

"Well you know why..."

එයාට නොතේරෙන්න විදිහක් නෑනෙ. අපි මේ ඉන්නෙ අපි වගේ අයට නිදහසේ ආදරේ කරන්න පුලුවන් රටක නෙවෙයි. මම එහෙම කියනවත් එක්කම ලවන් සන්සුන් විදිහට හිනාවෙලා මගෙ හිස් මුදුනින් හාද්දක් තිබ්බා.

"ඔයාට බයවෙන්න දෙයක් නෑනෙ දැන්...you can kiss & hug me all you want. No one's gonna see us."

"ම්ම්...I feel soooo lucky to have you."

මම ලවන්ගෙ අත අතෑරලා එයාගෙ ඇඟම බදාගද්දි අපි දෙන්නම වැටෙන්න ගිය නිසා මම ආයෙම පොඩ්ඩක් කෙලින් වෙලා අපිව බැලන්ස් කරගත්තා.

"මම බොරුද කිව්වෙ...මේ දවස් දෙකට විසේ වැඩිවෙලා තියන තරමක්."

"කවුරු නිසාද ඉතින්...?"

"අනේ මම නිසානම් නෙවෙයි..."

පෙනේද ලිස්සලා යන හැටි...මාව මෙච්චර පිස්සු වට්ටලා අඤේ මමඥං නෙවෙයිලු. මම ආපු කේන්තියට ලවන්ගෙ උරහිසින් කෑල්ලක්ම හයියෙන් හැපුවා. කේන්ති කිව්වට එහෙමට කේන්තියක් නෑ ඉතින්. ඒ වුණාට මේ මතුවෙලා තියන ඒවා හපන්න හේතුවක් එපැයි.

හයියෙන් හැපුවට ඉතින් ලවන්‍ටනම් ඒක ගාණක්වත් තිබ්බා කියලා මං හිතන්නෑ. මං හපාගෙනම ඔලුව උස්සලා එයා දිහා බලද්දි ලවන් කට කොනකින් හිනාවෙලා මගෙ දිහා බලන් හිටියා.

"රිදෙන්නැද්ද...?"

"නැත්තෙමත් නෑ ඉතින්..."

"එහෙනම් හිනාවෙන්නෙ මොකෝ...?"

මම ඇහිබැමත් රැළි කරන් සිරා මූඩ් එකෙන් අහද්දි ලවන් මගෙ දිහාට හැරිලා මගෙ කම්මුලකින් අල්ලගත්තා.

"So you like to bite huh...?"

ලවන් මගෙ ඇස් දෙක දිහා කෙලින්ම බලාගෙන අමුතු හිනාවක් දාන් අහද්දි මට දැනුණෙ මගෙ ඇඟම හිරිවැටිලා ගියා වගේ. සමහරවිට ඒ වොයිස් එකට වෙන්න ඇති...අනේ මන්දා ඒක හරි අමුතුයි.

"Well you'll see..."

මම ඇහැක් ගහලා කියද්දි ලවන් ආයෙම හිනාවෙලා මගෙ ගාවට තව ටිකක් ළං වුණා.

"එදා කිස් කරාට ඔයාගෙ මූණවත් හරියට බලාගන්න බැරිවුණානෙ..."

මම ඔය ලොකුකමට ඉන්න ගියාට ලවන් ඩොමිනන්ට් වෙද්දි මටම ඒක දරාගන්න බෑ. හරියට මගෙ කකුල් දෙක පණ නැති වෙලා යනවා වගේ...එයාගෙ ඇස් දිහා කෙලින් බලන්න තරම්වත් හයියක් නෑ.

එදා ඇත්තටම යන්තම් ස්ට්‍රීට් ලයිට් එළිය විතරයි තිබ්බෙ. ඒ නිසා මටත් එයාව හරියටම පෙනුන්නෑ. මටත් මුලින් අපරාදෙ කියලා හිතුණත් පස්සෙ හිතුණා එහෙම හොඳයි කියලා...ලැජ්ජයි වගේ නැත්තම්.

මම මුකුත් නොකියා ලවන් දිහා බලන් ඉද්දි එයා හිමින් මගෙ යටිතොල මහපට ඇඟිල්ලෙන් පිරිමැද්දා. මම ඒ ටච් එකට ඇස් දෙක පියාගත්තා.

මම එයාගෙ ටච් එකට අවනත වෙනවත් එක්කම ලවන් ඉස්සරහට වෙලා මගෙ තොල් උඩින් එයාගෙ තොල් තිබ්බා. ඒක හරිම සෙන්ශුවල් කිස් එකක්. විනාඩි ගාණක්ම ගනුදෙනුව තිබ්බෙ අපෙ තොල් අතර විතරයි.

ලවන් එයාගෙ එක අතක් මගෙ උරහිස වටේ දාලා අනිත් අතින් මගෙ අත අල්ලන් හිටියෙ. මගෙ නිදහස් අතට ලවන්ගෙ ශර්ට් එකේ කොනක් ගුලි වෙලා තිබුණා. අපි දෙන්නට කිසිම කලබලයක් තිබුණෙ නෑ හාද්ද ඉවර කරන්න.

එයා හෙමින් මගෙ පිට දිගේ එයාගෙ අත ගෙනියන ගමන් මගෙ තොල් මාරුවෙන් මාරුවට පරිස්සමට එයාගෙ තොල් වලට මැදිකරගත්තා. විනාඩි පහකට විතර පස්සෙ ලවන් කිස් එක බ්‍රේක් කරලා මගෙ කම්මුලකින් අල්ලගත්තා. මම තවමත් හිටියෙ ඇස් දෙක පියාගෙන.

අපි දෙන්නා පොඩ්ඩක්වත් අවුල් වෙලා හිටියෙ නෑ...ඒ කිස් එක ගොඩක් සන්සුන්. ලවන් මාව කිස් කරන හැම විදිහකටම මම ඉබේම ඇබ්බැහි වෙනවා වගේ. මම හිමින් ඇස් අරිද්දි මට දැනුණා මගෙ ඇස් වල කඳුලු පිරිලා තියනවා.

"ඕහ්...ඔයා ගොඩක් සෙන්සිටිව්නෙ. That was just a simple kiss."

"When it's from you...it's not simple."

මම කියද්දි ලවන් යන්තම් හිනාවෙලා මගෙ ඇස් අග නලියපු කඳුලු පිහදැම්මා. ඒ කඳුලු ආවෙ දුකක් සතුටක් වගේ හැඟීමක් එක්ක නෙවෙයි...එයාගෙ කිස් එකත් එක්ක මට දැනුණ ෆීලින්ග්ස් වලට. මට ඒක කියන්න තේරෙන්නෑ.

අපි දෙන්නගෙ ෆස්ට් කිස් එක සොෆ්ට් විදිහට පටන් අරන් එන්න එන්න ඇග්‍රෙසිව් වුණ එකක්. අපි දෙන්නම ඉවසන් හිටපු හැඟීම් එළියට දාපු එකක්. ඊයෙ රෑ දීපු කිස් එක ඊට වඩා ගොඩක් නිවුණ එකක්. අද උදේ දීපු එක ඕනම කපල් එකක් හායි කියද්දි  ගුඩ්බායි කියද්දි දෙන විදිහෙ එකක්. දැන් කිස් එක සොෆ්ට් ඒත් හැඟීම් ඇවිස්සෙන විදිහෙ එකක්.

මම ඒ හැමදේටම ඇබ්බැහි වෙනවා. මෙච්චර කල් මම ලවන්ගෙ කතාවට, එයා මාව බලාගත්ත විදිහට, ඇක්ට් ඔෆ් සර්විස් වලට ඇබ්බැහි වුණා වගේම දැන් මං එයාගෙ ෆිසිකල් ටච් එකටත් ඇබ්බැහි වෙනවා. මම හැමදාම කිව්වා වගේ අපි දෙන්නගෙ රිලේශන්ශිප් එක ගලාගෙන යන විදිහට මම ගොඩක් කැමති. ලවන් ගැන මම හැමදේම දැන ගන්නෙ ටිකින් ටික...හරිම හෙමින්.

"අපි කොහෙද යන්නෙ...?"

ලවන් මාව උරහිස වටේ අත දාලා ළං කරගෙන ඇහුවා.

"ම්ම්...කන්න යමුද?"

"දැන්ම...??"

"එහෙනම්...ඔයාට වෙන මොකක්හරි ප්ලෑන් එකක් තියනවද?"

"එහෙමත් නෑ...එහෙනම් කාලම ඇවිදින්න යමුද අපි?"

"ම්ම් එහෙම කරමු..."

මම ලවන්ගෙ තොල් ගාවින් කිස් එකක් තියන ගමන් කිව්වා. අපි දෙන්නා තව පොඩ්ඩක් වෙලා එතන ඉඳලා ෆොටෝස් දෙක තුනක් ගහලා එන්න ආවා. අපි කෑවෙත් ඒ පැත්තෙම තියන රෙස්ටොරන්ට් එකකින්. මහවැලි ගඟ අයිනටම වෙන්න තියන ලස්සන රෙස්ටොරන්ට් එකක්. අපිට ඒක හම්බුණෙත් හොඳ තැනක් සර්ච් කර කර ඉද්දි අහම්බෙන්.

කාලා වැව රවුමෙ ටිකක් ඇවිදලා අපි ලවන්ගෙ අපාට්මන්ට් එකට ආවා. වෙන කොහෙහරි ඇවිදින්න යමු කියලා තමා දෙන්නම ආවෙනම්. ඒත් අපි දෙන්නම කැමති නෑ වැඩිය මිනිස්සු ඉන්න තැන්වල ඉන්න. ඒක ලෙඩක් වෙන්න ඇති...ඒත් ඔලු ගෙඩි ඔලු ගෙඩි හැමතැනම පේන්න තියෙද්දි මටනම් අමාරුයි. මේ වීක් ඩේ එකක් වුණත් ඉස්කෝලේ නිවාඩු නිසා සැලකිය යුතු සෙනඟක් හිටියා. ඒ නිසා අපි දෙන්නම හිතුවා අපාට්මන්ට් එකට යන එක නිදහස් කියලා.

"මේකද ඔයා ගලව ගලව හිටපු බොන්සායි පැළේ ලවන්..."

මම එක අත්තක බාගෙට කොළ ගැලවිච්ච සිතුම්යගෙ බොන්සායි පැළයක් පරිස්සමට අතගාන ගමන් ඇහුවා.

"විදුර්...ගුටි කන්නැතුව එන්න මෙහෙට."

"ඇයි...ලවන් සර්ට දැන් ලැජ්ජයිද ඒවා මතක් කරද්දි?"

"විදුර්...!"

මෙච්චර වෙලා පාඩුවේ ෆෝන් එක ඔබ ඔබ හිටපු ලවන් එක පාරට ෆෝන් එක පැත්තක දාලා මගෙ දිහාට දුවගෙන එද්දි මම පිම්මට සෝෆා එකේ අනිත් පැත්තට ගියා. මම සෝෆා එකට ඉස්සරහින් එහාට මෙහාට පැන පැන ඉද්දි ලවන් සෝෆා එක උඩින් නැගලා මගෙ පැත්තට ආවා.

"ඒයි ඒයි ඒ ඉලීගල් මූව්ස් ඔට්ටු නෑ හොඳේ...!"

මම අනිත් සෝෆා එක පිටිපස්සට පැනගන්න ගමන් කෑගැහුවත් ලවන් ඒක කනකට ගත්තෙ නෑ. මම ආයෙම කොහොමහරි කලින් සෝෆා එක ගාවට යද්දිම ලවන් මාව පිටිපස්සෙන් ඇවිත් බදාගන්න ගියා. ඒත් ඒ වෙනකොටත් මම ලවන් පැත්තට හැරිලා ඉවරයි. ලවන් මාව බදාගෙනම අපි දෙන්නා සෝෆා එක උඩට ඇදගෙන වැටුණා.

මුලදි අපි දෙන්නටම හිනා ගියා ඒකට. දුවපු නිසා අපි දෙන්නටම හති. එයයි මායි දෙන්නම හුස්ම අල්ලගන්න ට්‍රයි කරන ගමන් හිටියෙ. ඒත් ටික ටික මට දැනුණා ලවන් මගෙ දිහා බලන් ඉන්න බැල්ම සොෆ්ට් වෙනවා.

මටත් එක පාරට මතක් වුණේ ඒ වෙලාවෙ. මම මීට කලින් මෙහෙම ඉඳලම නෑ...මම මෙහෙම වැතිරිලා ඉද්දි ලවන් මගෙ ඇඟ උඩින්...මම හිතන්නෙ ලවන්ටත් ඒක ඒ විදිහටම දැනුණා. එයා හුස්ම අල්ලන්න ට්‍රයි කරන ගමන්ම අමුතු බැල්මකින් මගෙ දිහා බලන් ඉද්දි මමත් ඇස් දෙකත් ලොකු කරන් එයා දිහා බලන් හිටියා.

"Beautiful..."

ලවන් ටිකක් වෙලා මගෙ දිහා ඒ විදිහටම බලන් ඉඳලා කිව්වා. එයා පොඩ්ඩක් ඉස්සරහට වෙලා මගෙ තොල් වලින් පෙක් එකක් තියලා ඇඟ උඩින් අයින් වෙන්න යද්දි මම ආයෙම එයාගෙ අතින් ඇදලා ඇඟ උඩට වට්ටගත්තා.

"මොකද හදිස්සි...?"

මම දඟකාර හිනාවක් එක්ක අහද්දි එයත් ඒ විදිහෙම හිනාවකින් ඇස් දෙක හීනි කරලා මගෙ දිහා බලන් හිටියා. ඊට පස්සෙ මම හිතන්නත් කලින් ඉස්සරහට වෙලා ප්ලේෆුල් විදිහට මගෙ තොල් අල්ලගත්තා. මට හිතන්නවත් වෙලාවක් තිබ්බේ නෑ.

මගෙ එක කකුලක් අරන් එයාගෙ ඉන වටේ දාගත්ත ලවන් තවත් ටිකක් මගෙ ඇඟට හිරවෙලා දිගටම මාව කිස් කරා. මම පපුවෙන් අල්ලලා එයාව එහාට කරන්න හැදුවත් එයා එහාට වුණේ නෑ. අන්තිමට කිස් එකට අවනත වුණ මම එයාගෙ ශර්ට් එක අතකට ගුලි කරගත්තා.

විනාඩි දෙකකට විතර පස්සෙ ලවන්ම එහාට වෙද්දි මම හිටියෙ හුස්ම ගන්නවත් බැරුව. එයා තාමත් මගෙ ඇඟ උඩම ඉඳන් කට කොනකින් හිනාවෙලා මගෙ දිහා බලන් හිටියා.

"Better...?"

"එ-එහාට වෙන්නකො..."

"එහාට වෙන්න තමා ගියේ ඉතින්...ඔයානෙ ඇහුවෙ මොකද හදිස්සි කියලා."

"අනේ යන්නකො...දැන් ඇති."

මම යන්තම් හුස්ම අල්ලගෙන අහිංසකයා වගේ කියද්දි ලවන් ආයෙම හිනාවෙලා මගෙ තොල් වලින් පෙක් එකක් තියලා ඇඟ උඩින් නැගිට්ටා. කට පරිස්සම් කරගෙන ඉඳපන් විදුර්...තාම අර සතා ඇහැරවගන්න කලින් වැඩි. මම ආයෙම සෝෆා එකේ ඉඳගෙන කුශන් එකකුත් පපුවට තියලා බදාගෙන වටපිට බැලුවා. කෝ මේ මනුස්පයා...

මම පිටිපස්ස හැරිලා බලද්දි ලවන් මොනවාහරි අතේ තියන් මං ගාවින් ඉඳගත්තා. ආහ්...අපි එන ගමන් අරන් ආපු අච්චාරු. මං හින්දම දැන් ලවනුත් සහස් උයනෙ අච්චාරු පෙරේතයෙක් වෙලා ඉන්නෙ. වෙනදා මම ගන්නෙ ලොවි අච්චාරු වුණත් අද අපි දෙන්නම අඹ අච්චාරු ගත්තා.

එතන කොහොමත් ගන්න කලින් කාලා බලලා ට්‍රයි කරන්න පුලුවන්නෙ. අපි දෙන්නම එතන තියන හෙන තොගයක් කාලා අන්තිමට අඹ එක ගත්තෙ. ඒක මාරම රසයි.

"ආයෙ මේක දිහා බලන් ඉවසන්න බෑ...දැන් කමු."

ලවන් මගෙ අච්චාරු එකයි ටූත්පික් එකයි දෙන ගමන් කිව්වා. මම ඒක ගත්ත ගමන්ම පෙරේතයා වගේ කෑලි දෙක තුනක්ම කටේ ඔබාගත්තා. ලවනුත් මගෙ එහා පැත්තෙ වාඩි වෙලා එයාගෙ එක කන්න පටන්ගත්තා.

"මෙහ්..."

අච්චාරු කාලා ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙද්දි මම ලවන්ට තට්ටුවක් දැම්මා.

"ම්ම්..."

"මං අර ඔයාට කිව්වෙ ආට් කම්පිටිශන් එකක් ගැන..."

"මො- ආ ඔව්...ඉතින්?"

"මේ...ඒකෙ මියුස්ට එන්නකො."

මම අහිංසකයා වගේ අච්චාරු කෑල්ලක් කටේ ඔබාගන්න ගමන් කිව්වා. මට මෙච්චර දවසක් ඕක අහන්න ඕන වෙලා තිබ්බෙ...ඒත් මොකද්ද හේතුවකට මට බෑ බෑ වගේ හිතුණා. ඒ නිසා කම්පිටිශන් එක ගැන විතරක් කියලා නිකන් හිටියා. දැන් ඉතින් ළඟම ඉන්න එකේ මට හිතුණා අහන්න. ලවන් පුදුමෙන් වගේ කන්න ගත්ත අඹ කෑල්ල එහෙමම කටේ ගහගෙන මගෙ දිහා බැලුවා.

"මොකද්ද...?"

"මගෙ මියුස්ට එන්න කියලා කිව්වෙ..."

"ම්-මේ මම...?"

"ඔව්...අනේ බෑ කියන්න එපා ප්ලීස්~~ එන්න හොඳේ."

"තීම් එක ගෝඩ්ස් ඇන්ඩ් ඒන්ජල්ස් කියලා නේද කිව්වෙ...?"

"ඕ...ඇයි?"

"ඉතින්...මාව?"

ලවන් එයාවම පොයින්ට් කරන් අහද්දි මම කටත් ඇරන් එයා දිහා බලන් හිටියා. අනේ ඇත්තට තමන්ව ඩවුට් කරගන්න හැටි...මෙයා මෙච්චර ලස්සන වෙලත්.

"I can't think of a better choice...you're the most handsome man I've ever seen."

මම කියද්දි ලවන්ගෙ කම්මුල් දෙක රතු වෙලා ගියා. අනේ...හරි කියුට් අප්පා එතකොට. ලවන් එයාගෙ අච්චාරු එක කාලා ඉවර නිසා එයාගෙ කප් එකයි මගෙ කප් එකයි දෙකම ස්ටූල් එක උඩින් තියලා ආයෙම මගෙ පැත්තට හැරිලා ඉඳගත්තා.

"You sure...?"

"ඔව්...මට තීම් එක දැක්ක ගමන්ම මතක් වුණේ ඔයාව."

මම ගොඩක් විශ්වාසෙන් කියද්දි ලවන් හිනාවෙලා මගෙ අතින් අල්ලගත්තා.

"හරි...මට තියන ඊළඟ ප්‍රශ්නෙ."

"ඉදිරිපත් කරන්න..."

මම සිරා මූඩ් එකකින් කියද්දි ලවන් මගෙ දිහා ඇස් හීනි කරලා බලලා හිනාවුණා. එහෙම තමා ඉතින් මෙයා මෙතන මේ මියුස්ට එන්න කිව්වම නටන නාඩගම් දැක්කම.

"මේකයි...දැන් ඔයා මාව ඇන්ඳම ඒ මං කියලා අඳුරගන්න පුලුවන්නෙ. ඒක අවුලක් වෙන එකක් නැද්ද? මං කියන්නෙ- you know what I mean."

"නෑ නෑ...අපි මූණ මොකක්හරි කරගමු. මට ඇඟ විතරයි ඕනෙ."

මම ඒක කියනවත් එක්කම ලවන් ඇස් දෙකත් ලොකු කරන් මගෙ දිහා බැලුවා. හත්තික්කේ ඒ මොකක්ද කිව්වෙ?? ලවන් පුදුමෙන් වගේ මගෙ දිහා බලන් ඉද්දි මම කලබලෙන් වගේ තව ටිකක් ලවන් පැත්තට හැරිලා ඉඳගත්තා.

"නෑ මම කිව්වෙ- shit that came out wrong. මම කියන්නෙ...මූණ අඳුරගන්න බැරිවෙන්න වෙනස් කරලා මොකක්හරි කරන්න පුලුවන්. Trust me-"

"...."

"මට හරියටම බලාගෙන අඳින්න- මේ...මූණ නැතුව ඉතුරු ටික විතරක් තිබ්බම ඇති."

මම ඒක කියන්න වෙන විදිහක් හිතාගන්න බැරුව ඇඹරි ඇඹරි කියද්දි ලවන් ආයෙම හිනාවෙලා මගෙ දිහා බැලුවා.

"ඉතින් ඒකෙන් අඳුරගන්න බැරිවෙයි කියලා ශුවර්ද...?"

"ඇයි මේ මුලු නුවරම ඔයාගෙ ඇඟ දැකලා තියනවද මූණ නැතුව ඇඟ විතරක් දැක්ක ගමන් අඳුරගන්න...??"

මම අහද්දි ලවන් ආයෙත් ඇස් දෙක ලොකු කරලා පුදුමෙන් වගේ මගෙ දිහා බැලුවා. සැක්...කටට බ්‍රේක් එකක්වත් හයි කරගනින් මෝඩ රවීෂයා. හැබැයි ඉතින් කිව්ව කතාවෙ ඇත්තකුත් තියනවනෙ හහ්...මොකටද ඔය හැටි බයවෙන්නෙ.

"හරි...මම එන්නම්."

"Really...?!?"

"ම්ම්..."

"ඕහ් මයි ගෝඩ් ෆයිනලි...තැන්ක් යූ තැන්ක් යූ සෝ...මච්!!"

මම ලවන්ව පැත්තකින් බදාගෙන කිව්වා. එයා හිනාවෙලා මගෙ උරහිස වටේ අත දාලා මාව ළං කරගත්තා.

"ඔයාට ඇත්තටම අවුලක් නෑනෙ..."

"නෑ...මම ගොඩක් කැමති විදුර්."

"ම්ම්..."

"ඔයා අහලා තියනවද මෙහෙම එකක්. Fall in love with a writer or an artist, they will make you immortal කියලා? I kinda feel like that right now."

ලවන් කියද්දි මම එයාගෙ පපුවට නිකට තියන් එයාගෙ ඇස් දෙක දිහා බලන් හිටියා. මට දැනුණා මගෙ පපුවෙ පැත්තක් හිරිවැටිලා යනවා වගේ. අපි දෙන්නා තවමත් වචනෙන් ආදරෙයි කියලා නෑ...ඒත් එහෙම කියන්නම ඕනද? ලවන්ගෙ හැම වචනයක්, බැල්මක් ගානෙම මට ආදරේ දැනුණා.

මේ විදිහට හරි එයා මුලින්ම මං ඉස්සරහ ආදරේ කියන වචනෙ කිව්වෙ අද...තමන් ආදරේ කරන කෙනා තමන් ගැනම ඒ වචනෙ කියද්දි ඒක කොච්චර බර හැඟීමක්ද කියලා මට දැනුණා. මම හැඟීම් ගොඩක් එක්ක ලවන් දිහා බලන් ඉද්දි එයා යන්තම් හිනාවෙලා මගෙ නළලින් දිග හාද්දක් තිබ්බා.

"You're the closest fictional thing I have in this harsh reality Lavan..."

මම මෙච්චර කල් මගෙ හිතේ තිබ්බ ඒත් එයාට කියාගන්න බැරිවුණ දෙයක් කිව්වා.

"ආහ්...?"

ලවන් පුදුමෙන් වගේ අහද්දි මම කකුල් දෙක දෙපැත්තට දාලා එයාගෙ උකුල උඩින් ඉඳගත්තා.

"මම කියන්නෙ...මම ඔයාට කියලා තියෙන්නෙ මම කැමති ෆික්ෂනල් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක්ට කියලා. එහෙම කෙනෙක් එක්ක...මවාගත්ත ෆික්ෂනල් ලෝකෙක ජීවත් වෙන්න මම ගොඩක් කැමති. ඒත් සැරින් සැරේ මම මේ ඉන්නෙ මම අකමැතිම රියැලිටියෙ කියන එක මට සැරින් සැරේ මතක් වෙනවා."

"...."

"ඒත් ඔයා...you're just like a fictional character. මට ඒක එක්ස්ප්ලේන් කරන්න තේරෙන්නෑ...ඒත් ඔයා එක්ක ඉද්දි මට ඒ රියැලිටියෙ හැමදේම අමතක වෙනවා. මම ආසම non-existent ෆික්ෂනල් ලෝකෙ ජීවත් වෙනවා වගේ මට දැනෙන්නෙ. You're- you're my fantasy."

"May be because I AM fictional..."

"Huh...?!"

මම පුදුමෙන් වගේ අහද්දි ලවන් යන්තම් හිනාවෙලා මගෙ දිහා බලන් හිටියා. එයා ආයෙම කතා කරන්න කලින් ගොඩක් හිතනවා කියලා මට දැනුණා. හරියට එයාගෙම හිතත් එක්ක ලොකු කතාවක් වගේ.

"You FEEL I'm fictional...that's because I really am fictional. ඔයාට මතකද ඔයා දවසක් කිව්වා මම ඔයා කියවන පොතේ ප්‍රොෆෙසර් වගේ කියලා...? What if I am-"

"අනේ මේ ලවන්..."

මම විහිලුවෙන් වගේ හිනාවෙලා එයාගෙ උකුල උඩින් අයින් වෙලා ඉඳගත්තා.

"ඇයි...?"

"ඔයා මගෙ දෙලූලු වලට සපෝට් කරාට කමක් නෑ...ඒත් ඕනෙවට වඩා එපා. මට එතකොට බය හිතෙනවා."

"W-what...?"

ලවන් කිසිම දෙයක් හිතාගන්න බැරුව මගෙන් අහද්දි මම යන්තම් හිනාවෙලා නැගිටලා ග්ලාස් වෝල් එක ගාවට ගියා. ලවනුත් නැගිටලා මගෙ පස්සෙන්ම ආවා.

"ලවන්...මම ගොඩක් කැමති පිටු අතරෙ තියන ෆැන්ටසියට. මේ රියැලිටියෙ හැමදේම දමලා ගහලා ගිහින් ඒ ෆැන්ටසියෙ ජීවත් වෙන්න මම ඕන තරම් හීන දැකලා ඇති. But the truth is...it doesn't exist."

"But Vidur... what if I tell you it does-"

"ලවන්..."

මම ලවන්ගෙ තොල් උඩින් ඇඟිල්ලක් තියලා කියද්දි එයා කියන්න ගිය එක නවත්තගත්තා. මට එයාගෙ ඇස් දෙකේ තියන හැඟීම් කියවගන්න බෑ...එයා ඉන්නෙ දුකින්ද?? ඒත්...මම එයාට දුක් වෙන්න තරම් දෙයක් කිව්වෙ නෑනෙ. එයා මං වෙනුවෙන් මේ කරන දේවල් ඕනවටත් වඩා වැඩි. එයා මම මවාගත්ත පිස්සු වලටත් සපෝට් කරන්න ඕනෙ නෑ.

ලවන්ගෙ බැල්ම දරාගන්න බැරිවුණ තැන මම එයාගෙ පපුවට හේත්තු වෙලා එයාව බදාගත්තා. තප්පරයක් යන්න කලින් ලවන්ගෙ අත් මගෙ වටේ එතුණා.

"ඔයා කරන හැම දේටම මම ගොඩක් කැමති ලවන්...ඔයා එක්ක ඉද්දි මුලු රියැලිටියම අමතක වෙන එකට මම කැමති. ඒත්...ඔයා ඕනවට වඩා ඒවට සපෝට් කරන්න ගියොත් මම ෆැන්ටසියයි රියැලිටියයි අතර කොහෙටවත් නැති තැනක මම අතරමං වෙයි කියලා මට බයයි. මොකද මම කොච්චර අකමැති වුණත්...මම මේ රියැලිටියෙ ජීවිත් වෙන්න ඕන. What if I get lost-"

"එහෙම වෙන්නෙ නෑ විදුර්..."

"එහෙම වෙන්න දෙන්නත් එපා..."

මම ඉන්න විදිහටම ඔලුව උස්සලා ලවන් දිහා බලලා කියද්දි එයා යන්තම් හිනාවෙලා මගෙ කෙස් අතරින් ඇඟිලි අරන් ගියා.

"Be my fantasy...but- make sure I survive in this reality."

මම කියද්දි ලවන් ආයෙම මාව පපුවට තුරුල් කරගත්තා.

"I-I'm sorry..."

"ඔයා සොරි කියන්න ඕන නෑ...මෙතන පිස්සු නටන්නෙ මමනෙ."

ලවන්ට යන්තම් හිනාගියා ඒකට. එයා ඒ හිනාවෙන්ම මගෙ හිස් මුදුනට පොඩි කිස් එකක් දුන්නා.

"ඔයා පිස්සු නටන්නෑ ළමයො...එහෙම හිතන්න එපා."

"මම මේ මවාගෙන ඉන්න විකාර ඔයා පිස්සුවක් නෙවෙයි කියලා හිතන එකම ලොකු දෙයක්...මම හිතුවෙ නෑ මට එහෙම කෙනෙක් හම්බෙයි කියලා. But- just...make sure I don't get lost."

"I'll make sure you're HAPPY...doesn't matter whether it's fantasy or reality."

ලවන් මගෙ නළලට දිග හාද්දක් දීලා කියද්දි මම අවංකවම හිනාවුණා. මට ලවන්ව හම්බෙන්න මම කොච්චර වාසනාවන්තද කියලා ආයෙ ආයෙත් හිතෙද්දි මම තව ටිකක් එයාගෙ අත් අස්සට තුරුල් වුණා.

"But... I'm just asking. If there is a fictional world, will you come with me?"

"Oh...without a doubt."

******************

විදුර්ව ආයෙම ගිහින් දාලා අපාට්මන්ට් එකට ඇවිත් වොශ් එකක් දාගත්ත ලවන් එයාගෙ පුරුදු නෙස්කැෆේ එකත් අරන් බැල්කනි එකට ආවා. එයා ඉන්නෙ දුකින් නෙවෙයි...පොඩ්ඩක්වත් දුකින් නෙවෙයි. ඒත් කියාගන්න බැරි මොකද්දෝ හැඟීමක් එයාගෙ හිතට වද දෙනවා. එයා මෙච්චර ඉක්මනට විදුර්ට ඇත්ත කියන්න ගිය එක වැරැද්දක්ද?? ලවන්ට ඒක හිතාගන්න බෑ.

"ඔහ්...උඹ මෙතන. විදුර් කීයට විතරද ගියේ?"

ලවන් ගැස්සිලා හරි සිහියට ආවෙ එයාගෙත් නෙස්කැෆේ එක අරන් බැල්කනි එකට ආපු සිතුම්යගෙ කටහඬට. ඇත්තටම මේ වෙලාවෙ ලවන් සිතුම්යව බලාපොරොත්තු වුණා. තවමත් ආධුනික ලවන්ට සිතුම්යගෙ එක වචනයක් ඇති හිත හැදෙන්න.

"හතරට විතර..."

"ම්ම්..."

සිතුම්ය එයාගෙ කෝපි එක රස විඳින ගමන් ඈත බලාගෙන කිව්වා. එයාට ලවන්ගෙ හැසිරීම තේරුම් ගන්න බෑ. ලවන් ඉන්නෙ දුකින් නෙවෙයි කියන එක සිතුම්යට විශ්වාසයි. ඒත් විදුර්ගෙ පළවෙනි කිස් එක ඉල්ලගත්ත දවසෙ ඉඳන් අද උදේ වෙනකන් තිබ්බ උද්‍යෝගෙ පොඩ්ඩක් අඩුවෙලා කියන එක සිතුම්යට තේරුණා.

"මොකද උඹ නිකන්...?"

හරියට ඒ වගේ ප්‍රශ්නයක් බලාපොරොත්තුවෙන් හිටියා වගේ ලවන් සිතුම්ය එක්ක හිනාවුණා.

"මට උඹට කියන්න දෙයක් තියනවා..."

"මොකද්ද...?"

"මම- මම අද විදුර්ට ඇත්ත කියන්න ට්‍රයි කරා."

"මොකක්...? ඉතින් මොකද වුණේ?"

"එයා ඒක විශ්වාස කරේ නෑ..."

"I'm not surprised...මට මුල ඉඳන් කියපන්."

සිතුම්ය සන්සුන් විදිහට කියද්දි ලවන් එයා විදුර්ට ඇත්ත කියන්න ගිය වෙලේ ඉඳන් වුණ හැමදේම කිව්වා. සිතුම්ය ඒ දේවල් අහන් හිටියෙ ගොඩක් අවධානෙන්.

"විදුර්...මම ඇත්ත ලෝකෙ දැකපු අනිත් ගොඩක් අයට වඩා එයා වෙනස්. සමහරවිට මට එයා ගැන ආදරේ හිතෙන්න ඇත්තෙත් ඒක වෙන්න ඇති. ෆික්ෂනල් වර්ල්ඩ් ඇත්ත කියලා කියවන මට පිස්සු කියලා හිතනවා වෙනුවට එයා හිතන්නෙ ෆික්ෂනල් ලෝකයක් හිතින් මවාගෙන ඉන්න එයාට පිස්සු කියලා."

"...."

"එයා හිතන්නෙ...මම මේ දේවල් කියන්නෙ එයාගෙ ඒ ෆැන්ටසි එකට සපෝට් කරන්න කියලා. ඕනවට වඩා මම එයාගෙ ෆැන්ටසි එකට සපෝට් කරොත්...එයා අතින් රියැලිටිය මඟෑරෙයි කියලා එයාට බයයිලු."

"කොහොමත් උඹට පිස්සු කියලා උඹෙ මූණට හිනාවෙන්නැතුව විදුර් එහෙම රිඇක්ශන් එකක් දීපු එක ගැන උඹ සතුටු වෙයන්..."

"මොකක්...ඇයි උඹ එහෙම කියන්නෙ?"

"ඉතින් යකෝ...අපෙ ලෝකෙ ගැන කිසිම දෙයක් නොදන්න කෙනෙක්ට 'ෆික්ෂනල් ලෝකයක් තියනවා. මම තමයි ඔයා කියවන පොතේ අසු පිට එන කුමාරයා' කිව්වට සාමාන්‍ය මිනිහෙක් විශ්වාස කරයිද...??"

සිතුම්ය ඒක අහපු විදිහට ලවන්ට හිනාගියා. මොනවා වුණත් එයා කියන්නෙ ඇත්ත.

"උඹට කියන්න මම එක පාරක් එකෙක්ගෙ මූණට කියලා තියනවා මම තමා ඔය පොතේ ඉන්න කොෆී ශොප් එකේ අයිතිකාරයා කියලා..."

"සිරාවට...?!"

"ම්ම්...මම ජර්මන් ගිය වතාවක හරිද? පොත ගත්තෙ අවුරුදු 19ක කොල්ලෙක්. මං දන්නෑ ඌ මොකට පොත ගත්තද කියලා. චැප්ටර්ස් දෙක තුනක් කියවලා පොත දමලා ගහලා හිටියා. මම අන්තිමට අපෙ ලෝකෙට ගියේ ඉන්න තිබ්බ අවුරුද්දම ඉඳලා."

"ඉතින්...?"

"දවසක් ඌයි මායි බාර් එක්කට ගියා...බොන්න එහෙම පටන් ගන්න කලින් කතාවක් ගිහින් මං උට කිව්වා උඹට කියන්න මචං මම තමා උඹ කියවන පොතේ ඉන්න කොෆි ශොප් එකේ අයිතිකාරයා කියලා. මූ බඩ අල්ලන් හිනාවෙලා අහනවා බොන්න පටන් ගන්නත් කලින්ම උඹට සූර්ද කියලා."

සිතුම්ය හිනාවෙවී කියද්දි ලවන්ට ආයෙම ඒ සිද්ධිය හිතේ ඇඳිලා හිනාගියා. ඇත්තටම ඉතින් මේ ලොකෙ කෙනෙක්ට එහෙම දෙයක් කිව්වම හම්බෙන්න පුලුවන් ළඟම රිඇක්ශන් එක ඕක. ඒ අතින් විදුර්ගෙ රිඇක්ශන් එක කොච්චර වෙනස්ද...ලවන්ට ඒ දේවල් මතක් වෙලා ආයෙම පපුව හිරිවැටිලා ගියේ විදුර් ගැන තවත් ආදරේ හිතිලා.

"ඉතින්...මොකද බං ඒකට කරන්නෙ? විදුර් කවදාවත් ඒක විශ්වාස කරන එකක් නැතිවුණොත්..."

"එයාටම ඒ දේ තේරුම් ගන්න දෙන්න..."

"ආහ්...ඒ කියන්නෙ? එයා තේරුම් ගනීද?"

"එයාට ටික ටික දැනෙන්න දෙන්න...විදුර් තේරුම් ගනී."

"මිතූ...එයා-එයත් එහෙමද?"

"ම්ම්...එයාමයි තේරුම් ගත්තෙ."

සිතුම්ය යන්තම් හිනාවෙලා බිම බලාගෙන කිව්වා. අවුරුදු ගාණක් ගිහිල්ලත් මිතූගෙ නම කියද්දි සිතුම්යගෙ ඇස් වල ඇතිවෙන ස්පාර්ක්ල් එක, මූණෙ ඇඳෙන ලස්සන හිනාව නැතිවෙන්නෙ නෑ. ලවන් ඒක හොඳටම දන්නවා.

"කොච්චර කල් ගියාද එයාට...?"

"මාස දෙකක් විතර..."

"එහෙමද...විදුර් දැන් පොත අරන් මාසයක් වගේනෙ."

"ම්ම්...අනික මිතූට ගිය කාලෙම විදුර්ට යයි කියලා අපිට කියන්න බෑනෙ."

සිතුම්ය ලවන් ළඟට ඇවිත් එයාගෙ උරහිසට තට්ටුවක් දාලා කිව්වා.

"ඕක ඔච්චර හිතන්න එපා බං...සමහර ප්‍රශ්න වලට උත්තර හොයන්න කාලෙට ඉඩ දෙන එක තමා හොඳම දේ."

"...."

"උඹලා දෙන්නා එකට ඉන්නම ඕන...උඹලා එකට දකින හැම වෙලාවකම මට හිතෙන්නෙ ඒක. ඒ නිසා...බයවෙන්න එපා. හැමදේම හරියයි."

සිතුම්ය කියද්දි ලවන්ගෙ මූණ මෙච්චර වෙලා තිබ්බට වඩා යන්තම් එළිය වැටුණා.

"තෑන්ක්න් සිතුම්ය...උඹ නැත්තම් මම දන්නෑ කොහොම මේවට උත්තර හොයන්නද කියලා."

"Anything for my little brother..."

සිතුම්ය හිනාවෙලා ලවන්ට සයිඩ් හග් එකක් දීලා ආයෙම අපාට්මන්ට් එක ඇතුළට ගියා. කොහොමත් හැඟීම් ප්‍රකාශ කරාට පස්සෙ එතන රැඳෙන එක සිතුම්යගෙ විදිහ නෙවෙයි.

සිතුම්ය ඇතුළට යනකන් එයා දිහා බලන් හිටපු ලවන් ආයෙම එයා ඉස්සරහ තියන වීව් එක පැත්තට හැරුණා. සිතුම්ය කියන්නෙ ඇත්ත. කන්ට්‍රෝල් කරන්න බැරි දේවල් ගැන ඕනවට වඩා හිතන්න ඕනෙ නෑ.

ලවන්ට දවසක් විදුර් කියපු දේ මතක් වුණා. දෙයක් හොඳටම විඳින්න නම්...ඒ දේට තියන කාලෙ ගැන හිතන්නැතුව ඒ මොහොත විඳින්න කියන එක. සමහරවිට ඇත්ත වෙන්න ඇති...

තමන්ටවත්, විදුර්ටවත් කන්ට්‍රෝල් කරන්න බැරි දේවල් විසඳන්න පුලුවන් කාලෙටම විතරයි. එතකන් විදුර් එක්ක ගත කරන හැම තප්පරයක්ම විඳින්න තිබ්බනම්...ලවන්ට ඒ හොඳටම ඇති.

*බීප් බීප්*

කල්පනා කර කර හිටපු ලවන් ගැස්සිලා ගියේ ෆෝන් එක රින්ග් වුණ සද්දෙට. එයා දකින්න ආසම නම ස්ක්‍රීන් එකේ වැටෙද්දි ලවන් හිනාවුණේ අවංකවමයි. ලොකු හුස්මක් පහළ දාපු ලවන් අනිත් හැම ප්‍රශ්නයක්ම අමතක කරන්න තමන්ටම පොරොන්දු වෙලා කෝල් එක ආන්ස්වර් කරා.

"විදුර්..."

---------------

එන්න වෙන්නෙ ලබන මාසෙ කිව්වෙ මට 09 වෙනිදා එක්සෑම් එකක් තියනවා පාඩම් කරන්න ඕනෙ නිසා. ඒත් පහුගිය දවස් දෙකේ පාඩම් කරන්න තරම් සනීපයක් තිබ්බෙ නැති නිසා මේක ලිව්වා. ආයෙනම් ඇත්තටම දැන්ම අප්ඩේට් එකක් ශුවර් නෑ.

එනිවේ මක්කැයි හිතෙන්නෙ...?

මේ ඒක නෙවෙයි ඇත්තටම මේක කියවන්නෙ එක්කනෙක් දෙන්නෙක් විතරද? 🥲 කතාව ලියන්නෙ කොච්චර ආසාවෙන් වුණත් වෙලාවකට හිතෙනවා මේකෙ අප්ඩේට් කරන්න ගන්න කාලෙ වැඩක් තියනවද කියලා 😐

Share This Chapter