Back
/ 35
Chapter 11

Part 11

සීමාවෙන් එහා

ඊයේ දවසම ගෙවුණෙ රිහර්සල් වලට. ඇත්තටම ඒ ඇරෙන්න වෙච්ච කිසිම දෙයක් මට මතක නෑ...උදේ කාලා 8 වෙද්දි සිටිහෝල් එකට ආවා, දවසම වැඩ කරා, මහ රෑ වෙලා ගෙදර ගියා. ඊයෙ ඉතින් ප්‍රැක්ටිස් විතරක් නෙවෙයිනෙ තිබ්බෙ. තව කීයක් දේවල් බලන්නද?

මගෙ අයිටම් එකට අමතරව මම හිටියෙ සවුන්ඩ් බැලන්සින් ටීම් එකේ. එහෙම හැමෝම තමන්ගෙ අයිටම් එකට අමතරව ඩෙකරේශන්, ට්‍රීට්ස්, මේක් අප් වගේ එක එක දේවල් වලට බෙදිලා හිටියා. සවුන්ඩ් බැලන්සින් කියන්නෙ ඉතින් කොන්සට් එක පටන් ගත්ත වෙලේ ඉඳන් මම එතන ඉන්න එපැයි. මොකද ඊයේ තමා පළවෙනි වතාවට කට්ටිය හරිහමන් විදිහට මයික් එහෙම අරන් සින්ග් කරේ.

ඒවගෙත් සෑහෙන්න තිබ්බා හදන්න. මොකද සින්ග් කරන අයගෙ විතරක් නෙවෙයි ඉන්ස්ටෘමන්ට් වල සවුන්සුත් ගාණට බැලන්ස් වෙන්න ඕන. උදේ ඉඳන් ඕවා විතරක්ද කරන්න තිබ්බෙ මට...නෑනෙ.

සැරින් සැරේ ලවන්ට කතා කරලා බැලුවා මම බෙහෙත් එහෙම බිව්වද අහන්න. ඊයෙනම් ඇත්තටම හොඳ වුණා එයාට. ඒත් ඊයෙත් කෝකටත් කියලා මම කිව්වා නාන්න එපා කියලා. ඒකට පොඩ්ඩක් නහයෙන් අඬ අඬ ඉඳලා අන්තිමට අද උදේ නාන්නම් කියලා අවසාන තීරණේට ආවා.

ඊයෙනම් මට එයාගෙ අපාට්මන්ට් එකට යන්න වෙලා තිබ්බෙ නෑ. ඒත් රෑ ගිහින් වීඩියෝ කෝල් එකක් ගද්දි එයා කිසි අවුලක් නැතුව කෝල් කරපු නිසා මගෙ හිතට හොඳයි. අද වෙද්දිනම් හොඳටම හොඳ වෙලා ඇති.

කොන්සට් එක පටන් ගන්න තියෙන්න හවස හයට. ඉතින් අපෙ බැච් එකම කතා වුණා කරන්න තියන ලොකු වැඩ ඉරිදා ඉවර කරලා සඳුදා කෙලින්ම ශෝ එකට එමු කියලා. ඇත්තනෙ...උදේ ඉඳන් නැහිලා කොහොමද ප්‍රොබෝධෙන් කොන්සට් එකක් කරන්නෙ. බලන්න එන මිනිස්සුන්ටත් එපා වෙයි. ඒ නිසා අපි හැමෝම ආවෙ හවස දෙකට විතර.

ආපු වෙලේ ඉඳන් ඒත් වැඩ තිබ්බා. ලවන්ව යන්තම් දැක්කා එච්චරයි. අපි ගෙවල් වලින් කාලා එහෙම ආපු නිසා මට මුලින් තිබ්බෙ සවුන්ඩ්ස් වැඩ ටික බලන්න තමා. මගෙ අයිටම් එක තියෙන්නෙ අන්තිම එකට දෙකක් කලින්. ඒ නිසා දැන්ම ලෑස්ති වෙන්න ඕනෙ නෑ.

කොහොමහරි හතර විතර වෙද්දි පෙර සූදානම ඉවර වුණා. කට්ටිය හෝ ගාලා ලෑස්ති වෙනවා...විශේෂෙන් ඩාන්සින් අයිටම්ස් ඉන්න අය. ටික ටික මිනිස්සු එහෙමත් හෝල් එකට එන්න පටන් අරන් තිබ්බෙ. මේකට පවුලෙ අයනම් එන්නෙ නෑ...ලෙක්චරර්ස්ලයි සීනියර් බැච් වල අයයි ආරාධිත අමුත්තොයි විතරයි.

පටන් ගන්න තව වෙලා තියන එකේ මට දැන්ම ලෑස්ති වෙන්නත් නැති එකේ මම කොල්ලො දෙතුන් දෙනෙක් එක්ක පැත්තකට වෙලා බිස්කට් එකක් කකා ජූස් එකක් බිබී හිටියා. එතකොටම මට එක්තරා පුද්ගලයෙක්ගෙන් කෝල් එකක් ආපු නිසා පොඩ්ඩක් නැගිටලා එහාට ගියා.

"ලවන්..."

"දැන් මොකද විදුර්...ඔක්කොම ලෑස්ති නේද?"

අනේ ඉතින්...ඔක්කොම ලෑස්ති කියලා දන්නෑ වගේ අහන හැටි. මේකෙ ඉන්චාජ්ලා විදිහට උදේ ඉඳන් හැමදේ ගැනම ඉන්ග්ලිශ් ලෙක්චරර්ස්ලා ටික දැනුවත් වුණා. බොරුවට මට කෝල් කරන්න ඕනවටනෙ ඉතින්...

"දැන් ඔයා දන්නෙම නැද්ද ඔක්කොම ලෑස්තිද කියලා...?"

මම විහිලුවට වගේ අහද්දි ලවන්ට යන්තම් හිනාගියා.

"මට අනිත් ඒවගෙන් වැඩක්යැ...මං ඇහුවෙ මගෙ රෝස මල රෙඩිද කියලා."

දැන් මෙයා අලුත් එකක් අල්ලගෙන...ඔහොම හැම තිස්සෙම 'මගෙ' කෑල්ල ඉස්සරහට දාලා රෝස මල කියන්න ගිහාම මමත් රෝස පාට වෙලා පපුව වේගෙන් ගැහෙන්න ගන්නවා. ඊයෙ කෝල් කරද්දිත් ඔහොම කිව්වා. ඊට පස්සෙත් අනම් මනම් කියලා විහිලු කරා රෝස පාටයි කියලා.

මුලින්ම කියපු දවසෙ ලවන් හිටියෙ මට හේත්තු වෙලා නිසා මූණ දැක්කෙ නෑනෙ...ඊයෙ මූණත් පේන්නම තිබ්බ නිසා වැඩේ ටිකක් අමාරු වුණා.

"මොකෝ ගොළු වුණේ...?"

"ම්-මුකුත් නැ..."

"If me calling you 'මගේ රෝස මල' is your biggest weakness, I will keep calling you that everyday just to see those pink cheeks..."

ලවන් සෙඩක්ටිව් වොයිස් එකකින් කියද්දි මට තවමත් මුකුත් කියාගන්න බැරුව බිම බලාගෙන හිටියා. අනේ මනුස්සයො...මම සින්ග් කරන්න ඕනෙ. මෙහෙම ස්පීච්ලස් කරන්න එපා...!

"ම්ම්...ඔයාට ඕන එකක්."

"කෝ දැන් රෝස පාට වෙලාද ඉන්නෙ...?"

"අහ අහ ඉන්නෙ...ඇවිත් බලාගන්නකො."

"දැන් එන්න විදිහක් නැති නිසා කෝල් එකක් ගත්තෙ...ඔයාගෙ අයිටම් එකට කලින් ඩ්‍රෙසින් රූම් එක ගාවට එන්නද?"

ලවන් අහද්දි මම පොඩ්ඩක් කල්පනා කරා. ගර්ල්ස්ලටයි බෝයිස්ලටයි ලෑස්ති වෙන්න දෙපැත්තක් වෙන් කරලා තිබ්බෙ. කොල්ලො කොහොමත් ලෑස්ති වෙන්න වැඩි වෙලා යන්නෑනෙ. මගෙ අයිටම් එකට පස්සෙ තියෙන්නෙ කපල් ඩාන්ස් එකයි ගෲප් සෝන්ග් එකයි. ඩාන්ස් එකේ අයනම් කලින්ම ලෑස්ති වෙනවා කිව්වා ඇයි ෆොටෝස් ගන්න එපැයි. තකහනියක් ඕවා ඇඳන් ෆොටෝස් ගන්න යන්න බෑනෙ.

ගෲප් සෝන්ග් එකට විශේෂ ඇඳුමක් තිබ්බෙ නෑ ශර්ට් එකයි ට්‍රවුසර් එකයි. කොල්ලො ටික ශුවර් ඔය ඇඳන් ඉන්න ශර්ට් එකම යට කරලා පර්ෆියුම් ටිකක් ගහගයි දන්නවනෙ උන්ගෙ හැටි. ඒ කියන්නෙ මම ලෑස්ති වෙන්න යන වෙලාවට කවුරුත් ඉන්න එකක් නෑ.

මෙහෙමයි ලවන්ට අපි දෙන්නව පේන්නැති කරලා හරි මොකක්හරි ශේප්මන්ට් එකක් දාන්න පුලුවන් තමා ඒත් අවදානමක් ගන්න ඕන්නෑනෙ. කවුරුහරි නිකන් හරි දැක්කොත් ලවන් එහෙම නොකර ඉන්න වෙලාවක...ඉවරයිනෙ ඉතින්.

"ම්ම්...ඒ වෙලාවට අවුලක් නැතිවෙයි...ඔයා එනවද?"

"එන්නම්..."

ලවන් හැමදාම ඔය වගේ විශේෂ දේකට කලින් මාව හම්බෙන්න එන විදිහට මම ගොඩක් කැමති. මාව ගොඩක් වටිනවා කියන එක එයා මට දැනෙන්න දෙනවා...මම ආදරෙයි එයා ඒ පොඩි ඩීටේල්ස් ගැන කෙයාර් කරන විදිහට. ලවන් ඒක කියද්දිත්...එයා තාම මාව හම්බෙන්න ඇවිත් නැතත් මට ගොඩක් ආදරේ දැනුණා.

අපි දෙන්නට ගොඩක් වෙලා කතා කරන්න හම්බුණේ නෑ. එයාටත් වැඩනෙ...තව විනාඩි දෙකක් විතර කතා කරලා මම කෝල් එක කට් කරලා ආයෙම හිටපු තැනට ගියා.

"අඩේ උඹෙ මූණ...මොකෝ කෑල්ලවත් කතා කරාද?"

"ඇහ්...?"

"සිරාවට මාත් හිතුවා...මොකෝ ඔය ජම්බු ගෙඩියක් වෙලා ඉන්නෙ?"

ඕකනෙ ඉතින් බැරි...මේ පාට වෙනස් කරන එක නැති කරගන්න විදිහක් නැද්ද දන්නෑ. එක්කො කමක් නෑ...ලවන් ආසයිනෙ මම එහෙම වෙනවට. ඔහෙ තිබුණාවෙ.

"කෑල්ලක්නම් නෙවේ එයා සම්පූර්ණ එකක්..."

මම ගාණක් නැතුව කියන ගමන් ආයෙම ඉඳගෙන ජූස් එක අතට ගද්දි අරුන් තුන්දෙනාටම හයියෙන් හිනාගියා.

"සම්පූර්ණද?? එහෙනම්...ට්ස්ක් ට්ස්ක්...එහෙම හොඳට ඇතිනෙහ්?

විරංග කිව්වෙ අත් දෙක රවුමට පපුව ඉස්සරහින් කරකන ගමන්. ඒකනම් මාත් දන්නෑ පුතේ...පේන්නනම් තියනවා අවුලක් නැතුව. ඔය බදාගද්දි ගෑවුනොත් ඇරෙන්න මාත් අල්ලලා බලලා නෑනෙ. අනික ඉතින් මගෙන් අහන්නෙ තෝ බලාගනින්. හවස ඉඳී ඉස්සරහම සීට් එකක ඉඳගෙන. නෑ එක්කො බලන්න එපා...ඒවා මම බලාගත්තම ඇති.

"නිශ්ශබ්දතාවයෙන් පෙනී යන්නේ ඒවා යහමින් ඇති බවයි...නෙහ් බං?"

මිහිඳු කියද්දි උන් ටික ආයෙම හිනාවුණා. මාත් කට කොනකින් හිනාවක් දාලා වෙන පැත්තක් බලන් හිටියා. ඔහොම එකක් හම්බුණොත් ඇති ඉතින් මුන්ටත්.

"ඒ සිරාවට අපි දැනන් හිටියෙ නෑනෙ උඹට කෙල්ලෙක් ඉන්නවා කියලා..."

මෙච්චර වෙලා සද්ද නැතුව හිටපු සසිඳු කිව්වා. මිහිඳුයි සසිඳුයි කියන්නෙ ට්වින් ඩබලක්...මාත් එක්ක ඕඩියෝ වැඩ බලන්න ඉන්නෙ.

"සිරාවට...උඹට කොච්චර කල් ඉඳන් කෙල්ලෙක් ඉන්නවද? පගයා අපි දන්නෙත් නෑ."

මේකනෙ ඉතින් කෙල්ලෙක් නෙවෙයිනෙ ප්‍රෙන්ස් ඉන්නෙ...කොහොමද ඉතින් මේවා තේරුම් කරන්නේ? එක අතකට උන්ට හිතෙන්නෙ මට ඉන්නෙ කෙල්ලෙක් කියන එක ගැනත් මට පොඩි සතුටක් හිතුණා. මගෙ අයිඩෙන්ටිටි එක ගැන ඉන්සෙකියුරිටි එක්කට නෙවෙයි. ඒ කියන්නෙ... ඉස්කෝලෙදි මාව කොන් වුණේ මගෙ මොකක්හරි දෙයක් එයාලට තේරුණ නිසානෙ. ඒත් මේ කොල්ලො ටික එහෙම කිසි වෙනස්කමක් නොහිතපු එක ගැන මට සතුටු හිතුණා.

එක්කො එයාලට ඒ ගැන ගාණක් නෑ...නැත්තම් තේරිලත් ඒ ගැන දන්නෙ නෑ වගේ ඉන්නවා ඇති. ඒ කොහොම වුණත් ඉස්කෝලෙදි මම ලබපු අත්දැකීම් වලට වඩා මේක සෑහෙන්න හොඳයි.

අනික ඉතින් එහෙම මාව දැක්ක පළියට ආශ්‍රය කරපු පළියට මම ගේ කියලා කියන්න බෑ...මොකෝ මම ඒක නළලෙ අලවන් ඉන්නවැයි. මගෙ ඇඟ මැස්කියුලින්, ෆෙමිනි ඔය දෙපැත්තටම තියන එකක්. අර බටසෙ ජිමින් ඉන්නෙ අන්න ඒ වගේ. මූණෙනම් ඉතින් රැවුලක් එහෙම වවලා නෑ...මම හැසිරෙන්නෙ වුණත් සාමාන්‍ය කොල්ලේක් වගේ තමා. මොකෝ බොටම් වුණා කියන්නෙ මම කෙල්ලෙක් වුණා කියන එක නෙවෙයිනෙ. හැසිරෙද්දි කතාකරද්දි වුණත් අනිත් කොල්ලො වගේ තමා මමත්.

කොහොම වුණත් මම දන්නෑ එක පාරට කෙනෙක්ට මගෙ සෙක්ශුවලිටි එක ගැන කියන්න පුලුවන්ද බැයිද කියලා. මොකද මගෙම උන් දෙන්නා වුණත් ඒක තේරුම් ගත්තා කිව්වෙ මගෙ පෙනුමෙන් නෙවෙයි...මගෙ කතාවෙන් කියලා කිව්වෙ.

ඉස්සර අපි ඇවිත් ෆිල්ම්ස් ගැන එහෙම කතා වෙද්දි මම සාමාන්‍ය කොල්ලෙක් වගේ ෆීමේල් ලීඩ් එක ගැන කියන්නැල්ලු. ඒත් උන් දෙන්නා සෙලිබ්‍රිටි ක්‍රශ් කොල්ලෙක් හොයාගෙන ඇවිත් ඒ  ගැන කියෙව්වොත් මාත් හරි උනන්දුවෙන් කතාවට සම්බන්ධ වෙනවලු. මටත් ඕවා ගාණක් නෑ ඒ කාලෙ...කොහොමහරි සිනෙලියි ටිනාශයි මං ගැන තේරුම් අරන් තියෙන්නෙ ඔන්න ඔහොම පොඩි පොඩි දේවල් වලින්.

"එහෙම කියන්න තරම් දෙයක් නෑ බං...ජස්ට් ටෝකින් ස්ටේජ් වගේ."

"හා ඕන එකක්...සෙට් වුණ දවසට පාටියක් දීපන් ඈ."

"ඒ සෙට් වුණ දවසටනෙ-"

"අඩෝ සසිඳුවා...වරෙන්කො පොඩි අවුලක් මෙතන!"

මම කියන්න ගිය එක නවත්තගත්තෙ තව අපෙ බැච් ඒකේම කොල්ලෙක් ඇවිත් සසිඳුට කතා කරපු නිසා. සසිඳු තමා සවුන්ඩ් බැලන්සින් ටීම් එකේ ලීඩර්. ඌට කතා කරන්න තරම් අවුලක් කියන්නෙ අපි ඔක්කොටම යන්න වෙයි. අපි හතර දෙනාම සිටිහෝල් එක පැත්තට ගිය නිසා මගෙ කෑල්ලගෙ කතාව එතනින් නැවතුනා.

පටන් ගත්ත වෙලේ ඉඳන් ශෝ එක අවුලක් නැතුව තිබ්බා. හැම අයිටම් එක්කටම චියර්ස් තිබ්බා මදි නොකියන්න. මේ චියර් කරන්නෙ අපෙම ලෙක්චරර්ස්ලා සීනියර්ස්ලා නේද කියලා මතක් වෙද්දි මට දැනුණෙ පුදුම ආඩම්බරයක්. මම දන්නවා මුලු බැච් එකටම ඒක දැනුණා කියලා.

අපි බැච් එකක් විදිහට එකතු වෙලා කරපු පළවෙනි වැඩේ මෙච්චර සාර්ථක වුණ එක ගැන අවංකවම සතුටුයි. රෝස මල් පාරක ආවෙ නෑ...පොඩි පොඩි රණ්ඩු වුණා, හිත් රිදීම් වුණා, අදහස් නොගැලපීම් ආවා, දවස් ගණන් කතා නොකර ඉන්න සිද්ධි පවා වුණා. ඒත් හැමෝම තමන්ගෙ පෞද්ගලික ප්‍රශ්න අමතක කරලා බැච් එක වෙනුවෙන් වුණ මහන්සියේ ප්‍රතිඵල අන්තිමට තියනවා.

අතරමැදදි පොඩි බ්‍රේක් එකක් තිබ්බා. හැමෝටම පොඩි පොඩි ට්‍රීට්ස් තිබ්බා ඒ වෙලාවෙ. දන්නවනෙ ඉතින්...මේවට එනවා සල්ලි වලින් කරන්න වැඩ නැති ශ්‍රී ලන්කන් බිල් ගේට්ස්ලගෙ පුතාලා දූලත්. ඒ දෙතුන්දෙනෙක්ගෙ සාදර අනුග්‍රහයෙන් තමා ඒ ට්‍රීට්ස් නම් දුන්නෙ. නැත්තම් මේ කාලෙ හැටියට දාස් ගාණකට කන්න බොන්න දෙනවා කියන්නෙ පිස්සු හැදෙයි.

අපෙ සවුන්ඩ් බැලන්සින් සෙට් එක මුල ඉඳන්ම හිටියෙ ස්ටේජ් එකේ කොනක. මුලු ඕඩියන්ස් එකම මෙතෙන්ට පේනවා. ඕඩියන්ස් එකම කිව්වට ඉස්සරහ ටික විතරයි...ලයිට්ස් ඕෆ් කරාම ඉතුරු ටික පේන්නෙ නෑ. ඒත් මට අදාළ පුද්ගලයා පේනවනෙ. ඒ මදැයි නෙහ්?

මේකෙ ඉන්චාජ්ලා නිසා ඉන්ග්ලිශ් ලෙක්චරර්ස්ලා ටික ආරාධිත අමුත්තොත් එක්කම ඉස්සරහ පෝළිම් දෙකේ හිටියෙ. ලවන් හිටියෙ දෙවනි පෝළිමේ මැදට වෙන්න. එයා අද මාරම ලස්සනයි...ලවන් ඇතුළට කලු ටර්ට්ල් නෙක් ටී ශර්ට් එකක් ඇඳලා ක්‍රීම් පාර ටර්ට්ල් නෙක් කෝට් එකයි ට්‍රවුසර් එකයි ඇඳලා කොණ්ඩෙ අකීකරු විදිහට පැත්තට හිටින්න හදලා තිබ්බෙ.

සිල් බිඳෙනවා ඉතින් බැලුවම. හිත පාලනය කරගනින් රවීෂයා...පොඩි එකා ඇහැරුණොත් එහෙම කොහොමද රෙද්දක් ඇඳන් ස්ටේජ් එකේ සින්ග් කරන්නේ??

මම කොහොමත් වැඩිය ලවන් දිහා බැලුවෙ නෑ...එහෙම හැම තප්පරේම බල බල ඉන්නත් බෑ මට මෙතන වගකීමක් තියනවනෙ. ඒත් මම හැරිලා බලපු දෙතුන්පාරකදි ලවනුත් මගෙ දිහා බලන් ඉන්නවා මම දැක්කා.

ඒ බැල්ම හරි ආදරණීයයි. ළඟ ඉඳන් එයා මගෙ දිහා බලනවට වඩා දුර ඉඳන් එහෙම බලන් ඉද්දි...මට කියන්න තේරෙන්නෑ. ඒක අමුතුම ඇබ්බැහියක්. ලවන් දවසක් කිව්වා වගේම...අච්චර ලොකු ඕඩියන්ස් එකක අනිත් හැමදේම බ්ලර් වෙලා එයාව විතරක් පේන විදිහෙ අමුතු හැඟීමක්. මම කොහොමත් මීට කලින් ආදරේ කියන ෆීලින් එක විඳලා තිබ්බෙ නෑ...දැන් මට ටික ටික ඒක දැනෙනවා. ඒ ආගන්තුක හැඟීම් ඔක්කොටම මම හුරු වෙනවා.

"මෙහ් උඹ පලයන් දැන්...අයිටම් එක ළඟයිනෙ."

විරංග කියද්දි මම කල්පනා ලෝකෙන් බක් ගාලා හරි සිහියට ආවා. ඒ වෙද්දි ටීම් එකේ අනිත් කට්ටියගෙම අයිටම් ඉවර වෙලා තිබ්බෙ. මම සසිඳු දිහා බැලුවෙ උගෙ අවසරේ ගන්න...ඌනෙ මෙතන ලීඩර්.

"ඔව් යමන්...තව පැයක්වත් නෑනෙ."

සසිඳු ඕකේ එක දෙද්දි මම එතන හිටපු උන් ටිකට පහක් දාලා නැගිටලා ආවා. විනාඩි හතලිස් පහක් වගේ තියනවා තව.

ඩ්‍රෙසින් රූම් පැත්තට එද්දි මම හිතුවා වගේම කවුරුත් හිටියෙ නෑ. හවස් වරුවෙනම් මෙතන සෑහෙන කලබලයක් තිබ්බෙ. මම ඉතින් ආතල් එකේ රූම් එකට ඇවිත් පාඩුවේ ලෑස්ති වුණා.

මට අඳින්න තිබුණෙ කලු ටයිට් ජීන් එකයි නිල් පාට වැලන්ටිනා රෙද්දෙන් මහපු දුහුල් ශර්ට් එකයි. ඒ පාටින්ම චොකර් එකක් තිබ්බා බෙල්ලට දාන්න. (DNA ජන්කුක්ගෙ ශර්ට් එක වගේ) පළවෙනි සෝන්ග් එකේදි කලු පාට ජැකට් එකක් තිබ්බා ඔය ඇඳුමටම. දෙවනි එක පටන් ගන්න කලින් ඒක අයින් කරන්න ඕනේ.

මම ලෑස්ති වෙලා අරුන් දෙන්නගෙන් ඉල්ලගත්ත අනම් මනම් ටිකකුත් උලාගත්තා. දෙයියනේ කියලා කෙල්ලො දෙන්නෙක් බෙසිටියො වුණ එකේ තියන විවිධාකාර වාසි අතර එකක් තමා ඕක. මම මස්කාරා එක ඇඳලා ඉවර වෙලා පොඩ්ඩක් හැඩ බලනවත් එක්කම දොරට තට්ටු කරනවා ඇහුණා.

"විදුර්...ඔයා ඉන්නවද?"

"ඔව් එන්න..."

මම කියද්දි දොර ඇරගෙන ලවන්ටත් කලින් ඇතුළට ආවෙ ලොකුම ලොකු රෝස මල් පොකුරක්...ඒකට ලවන්ගෙ මූණම වගේ සම්පූර්ණෙන් වැහිලා තිබුණා. අනේ මනුස්සයො මස්කාරා එක ගෑවා විතරයි අඬවන්නද යන්නෙ??

මේක පළවෙනි වතාව නෙවෙයි තමයි ඒත්...එයා මල් පොකුරක් දෙන හැම වෙලාවකම මට මහා ගොඩක් ආදරේ දැනුණා. මම ඇස් දෙකේ කඳුලු පුරවන් බලන් ඉද්දි ලවන් මගෙ ගාවටම ඇවිත් මල් පොකුර මගෙ අතට දුන්නා. ඒක අතට ගනිද්දිත් මම බලන් හිටියෙ ලවන්ගෙ ඇස් දෙක දිහා...වෙනදා වගේම ඒ අලු පාට ඇස් දෙකේ හැඟීම් පිරිලා තිබුණා.

"Wish you all the best Vidur...may you be able to rock the stage."

මම මල් පොකුරත් බදාගෙන කියන්න කිසි දෙයක් හිතාගන්න බැරුව ලවන්ගෙ මූණ දිහා බලන් ඉද්දි එයා ඉස්සරහට වෙලා මගෙ කම්මුලින් හාද්දක් තිබ්බා.

"Thanks...you do so much for me Lavan."

"This is just bear minimum for the one who won my heart..."

ලවන් මගෙ කම්මුල හිමින් පිරිමදින ගමන් කියද්දි මම යන්තම් හිනාවුණා. වෙනදා වගේම එයා ගෙනත් තිබ්බෙ ලා රෝස පාට මල් පොකුරක්. මම හෙමින් ඒ උඩින් ඇඟිලි තුඩු ගෙනියද්දි ලවන් හිනාවුණා.

"ඔයා දන්නවද ඔයාගෙ කම්මුල් ඔය මල් පොකුරෙ පාටම වෙනවා බලන්න මම කොච්චර ආසද කියලා..."

ලවන් කිව්වෙ මගෙන් පොඩ්ඩක් එහාට වෙලා සාක්කුවට අත් දෙක දාගෙන. මම මල් පොකුර එතනම මේසෙ උඩින් තියලා පොඩ්ඩක් එයාට ළං වෙලා අත් දෙකින්ම එයාගෙ උරහිස් අල්ලගත්තා.

"හැමදාම ඒ පාට මල් ගෙනත් දෙන්නකො ඉතින්...එතකොට බලාගන්න පුලුවන්."

මම කිව්වෙ විහිලුවට වගේ වුණත් ලවන්ගෙ මූණෙනම් පොඩ්ඩක්වත් විහිලු පෙනුමක් තිබ්බෙ නෑ.

"මොකද බැරි...හැමදාම ගෙනත් දෙන්නම්කො. මල් බොකේ නෙවෙයි මල් වත්තක්ම වවලා දෙන්නම් ලා රෝස පාට රෝස මල් විතරක්ම තියන..."

ලවන් එක හුස්මට කියන් යද්දි මම ඇස් දෙකයි කටයි දෙකම ලොකු කරගෙන එයා දිහා බලන් හිටියා.

"That sounds so hot and...fictional."

"Huh?!?"

"ඒක සාමාන්‍යයෙන් ෆික්ෂනල් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් කියන දෙයක් වගේ කියලා කිව්වෙ..."

මම ලැජ්ජාවෙන් වගේ කියද්දි ලවන් කට කොනකින් හිනාවෙලා මගෙ ඉන වටේ අත දාලා මාව එයාට හේත්තු කරගත්තා.

"ඉතින්...එහෙම කෙනෙකුට නෙවෙයිද ඔයා කැමති."

ලවන් ඔලුවත් ඇල කරලා මගෙ ඇස් දෙක දිහා කෙලින්ම බලලා අහද්දි මම ඒ බැල්ම දරාගන්න බැරුව බිම බලාගත්තා. මම ඔව් කියන්න යන්තම් ඔලුව වනලා තව ටිකක් එයා දිහාට බරවෙද්දි ලවන් අත් දෙකම මගෙ උරහිස වටින් දාලා මාව තද කරලා බදාගත්තා.

කොච්චර පෆෝම් කරලා තිබ්බත් මේ වගේ ලොකු ඕඩියන්ස් එකක සින්ග් කරද්දි පොඩි බයක් එනවනෙ. ලවන්ගෙ අත් දෙක අස්සට වෙලා ඉද්දි මට ඒ පොඩි චකිතයත් නැතිවෙලා මාව කාම් ඩවුන් වෙනවා මට දැනුණා.

"Don't think too much...ඔයා වෙනදා ලස්සනට සින්ග් කරනවා වගේම අදත් සින්ග් කරන්න."

ලවන් හිමීට මගෙ පිට දිගට අතගාන ගමන් කිව්වා. හරියට එයාට මගෙ ෆීලින්ග්ස් තේරෙනවා වගේ...ඒකට මුකුත් නොකියපු මම තව ටිකක් තද කරලා ලවන්ව බදාගද්දි එයා යන්තම් හිනාවෙනවා මට දැනුණා.

තව ටිකක් කාම් ඩවුන් වෙනකන් මම එහෙමම ඉද්දි ලවන් සැරින් සැරේ මගෙ පිට, අත් දෙක, කෙස් හිමින් පිරිමැද්දා. ඒ හැම ටච් එකකින්ම මගේ නර්වස් ගතිය නැත්තටම නැතිවෙලා ගියා.

මම නෝර්මල් වුණා කියලා තේරුණ නිසාද කොහෙද ටික වෙලාවකින් ලවන් හග් එක බ්‍රේක් කරලා ආයෙම ඉන වටින් එයාගෙ අත දාගත්තා.

"බලන්නකො...මෙච්චර කල් ඉඳලත් ඔයාගෙ පෆෝමන්ස් එක හරියට බලාගන්න බැරිවුණානෙ මට."

ඇත්ත...එයා අපි ප්‍රැක්ටිස් කරපු හැමදාම වගේ කැම්පස් එකේ හිටියා වුණත් හෝල් එකේ ඉන්න වුණේ අඩුවෙන්. එයාලටත් වැඩ තිබ්බනෙ. ඊයෙ ආවනම් බලන්න තිබ්බ ඒත් ඊයෙ එයාට සනීප නෑනෙ. එක අතකට ඒක හොඳයි හැබැයි...කිසි අගයක් නෑ නැත්තම්.

"ඉතින් අද බලාගන්න...අදනෙ විශේෂම දවස."

"ම්ම්..."

ලවන් මගෙ ඇස් දෙක දිහා බලාගෙන හිමින් මගෙ ඉන ගාවින් මහපට ඇඟිල්ලෙන් පිරිමදින ගමන් කිව්වා. ඒ දුහුල් ශර්ට් එක නිසා එයාගෙ ටච් එක මට ඕනවටත් වඩා හොඳට දැනෙනවා. ෆිසිකල් ටච් එකට වගේම එයාගෙ දරාගන්න බැරි බැල්මටත් මම ටික ටික නොසන්සුන් වෙනවා මට දැනුණා.

"ඔයා ලිප් ග්ලොස් එකක් ගෑවද...?"

මාව තවත් නොසන්සුන් කරන ගමන් ලවන් ඇහුවෙ හිමින් මගෙ ලිප්ස් යටින් එයාගෙ මහපට ඇඟිල්ල අරන් යන ගමන්.

"ඔව්...ඇයි?"

"Cause they're so...kissable."

ලවන් තවමත් මගෙ තොල් දිහා බලාගෙන සෙඩක්ටිව් විදිහට කිව්වා. මමත් එයාගෙන් එහාට වෙන්න ට්‍රයි කරේ නෑ. අපි දෙන්නා අතර කොච්චර ටෙන්ශන් එක ඇතිවෙන විදිහෙ දේවල් වුණත් එයා කවදාවත් ලිමිට් එකට එහා ගිහින් නෑ.

ලවන් එහෙම කියලා මගෙ ඇස් දෙක දිහා බලද්දි මමත් ඇස් ලොකු කරන් එයා දිහා බලන් හිටියා. මම ඇස් දෙකටත් පොඩි මේකප් ටිකක් දාලා තිබ්බ නිසා මගෙ බැල්ම වෙනදට වඩා වෙනස් විදිහට එයාට දැනෙනවා කියන්න මම දන්නවා.

"What's stopping you...?"

"The fact that you have to perform so you can't be ruined..."

ලවන් කට කොනකින් හිනාවෙලා කියද්දි මගෙ ඇඟම හිරිවැටිලා ගියා. මාසයක් විතර එකට ඉඳලත් අපි මෙහෙම දේවල් ඕපන්ලි කතා කරලා නෑ. ඒත් එයා අද මගෙ ඇස් දෙක දිහා බලාගෙනම එහෙම කියද්දි...අනික ඒ හිනාව...

මෙච්චර වෙලා ලොකුකමට එයා දිහාම බලාගෙන හිටියත් තවත් දරාගන්න බැරිවුණ තැන මම බිම බලාගත්තා. ඒත් ලවන් මට බිම බලන්න දුන්නෙ නෑ...මම ඔලුව නවනවත් එක්කම එයා ටක් ගාලා මගෙ නිකටින් අල්ලගෙන අපෙ ඇස් සමාන්තර කරා.

"මොකද මේ...ම්ම්?"

මම මුකුත් නෑ කියන්න ඔලුව වනද්දි ලවන් යන්තම් හිනාවුණා. මෙයා මෙහෙම හිටියට ඇතුළෙ අමුතු සතෙක් නිදාගෙන ඉන්නවා කියලා මම දන්නවා. ඒත් දැන් ඌව ඇහැරවගෙන බෑනෙ...මම සින්ග් කරන්න එපැයි.

මම ටික ටික එයාගෙ ටච් එකට ඇබ්බැහි වෙලා සිහියෙන් එහාට යනවා කියලා තේරුණ නිසාමද කොහෙද ලවන් ඉස්සරහට වෙලා මගෙ නළලට දිග කිස් එකක් දීලා ආයෙම මාව බදාගත්තා.

"Calm down Vidur...let's finish off your performance first."

ලවන්ගෙ සන්සුන් කටහඬටයි එයාගෙ හග් එකටයි මම ආයෙම ටික ටික සන්සුන් වුණා. මම හග් එක බ්‍රේක් කරලා ඉස්සිලා එයාට හාද්දක් දුන්නා.

"You look so handsome today..."

මම කියද්දි ලවන් අහිංසක විදිහට හිනාවෙලා බිම බලාගත්තා.

"Thanks..."

"අද ගොඩක් අය කියන්න ඇතිනේ මෙයා කොච්චර හැන්ඩ්සම්ද කියලා..."

"ගොඩක් අය කිව්වට වැඩක් නෑනෙ...මට ඕන කෙනා කිව්වෙ දැන්නෙ."

එයා කියද්දි මට හිනාගියා. මම හැන්ඩ්සම් කියනකන්ද මේ බලන් ඉඳලා තියෙන්නෙ. ඒ වගේ...මෙච්චර වෙලා නැතුව කම්මුල් දෙක රතු පාට වුණේ ඒකයි.

ලවන්ගෙ රතු කම්මුල් දෙක මිරිකලා චප්ප කරලා හපාගෙන යන්න හිතුණත් අමාරුවෙන් ඒක කන්ට්‍රෝල් කරගෙන මම වැදගත් විදිහට ආයෙම කම්මුලින් හාද්දක් තිබ්බා.

"ඔයා මේ වෙලාවෙ ආපු එක...it means alot to me Lavan."

මම කියපු එකට ලවන් සන්සුන් විදිහට හිනාවෙලා මගෙ අත් දෙක එයාගෙ අත් දෙකට මැදි කරගත්තා.

"Anything for you...හොඳට සින්ග් කරන්න හරිද? මම ඔයත් එක්ක ඉන්නවා."

"ම්ම්..."

මම ලවන් දිහාම බලාගෙන කියද්දි එයා මගෙ අත් දෙක උඩට අරන් ඇවිත් පිට අල්ලෙන් හාද්දක් තිබ්බා. ආයෙම ඇස් වලට කඳුලු පිරෙනවා දැනුණත් ඒක නැවතුනේ ලවන් මං ගාවටම ඇවිත් කම්මුලක් කප් කරපු නිසා.

"දැන් අඬන්න එපා...තව ටික වෙලාවයිනෙ ළමයො. කෝ හිනාවෙන්න...අන්න එහෙම...මදි- ආ අන්න එහෙම. හිනාවෙලා ඉන්න...හරිද"

මේ කරන කෝලම් වලට හිනා යනවනෙ ඉතින්. මම ඔව් කියන්න ඔලුව වනද්දි ලවන් අයෙම මගෙ නළලට හාද්දක් දුන්නා.

"මම දැන් යන්නම්...ඔයා දැන්ම එනවද?"

"මම තව විනාඩි දහයකින් වගේ එන්නම්..."

"ම්ම්...පරිස්සමින්."

ලවන් ආයෙම මගෙ නළලට, කම්මුලට, අතට වගේම තොල් අගිනුත් කිස් එකක් තියලා දොර ඇරන් එළියට ගිහාම මම කණ්ණාඩිය දිහා බැලුවා. ලවන් කිසි දෙයක් නොකරත් මට දැනෙන්නෙ මාව අවුල් වෙලා ගිහින් වගේ.

මූණෙ රෝස පාට කණ්ණාඩියේ ලයිට් එළියත් එක්ක මික්ස් වෙලා අමුතුම පාටකට පෙනුණා. මම කම්මුල් දෙක අල්ලන් පිස්සුවෙන් වගේ එක දිගට උඩ පැන්නෙ වෙච්ච දේ ප්‍රොසෙස් කරගන්න බැරුව.

එක පාරට මගෙ ඇස් දෙකට එයා දීපු රෝස මල් පොකුර අහුවෙද්දි මම පරිස්සමට ඒක අතට ගත්තා. ඒක තවමත් සුවඳයි.

"You keep reminding me why I fell for you..."

මම මල් පොකුර දිහා බලාගෙන හිමින් මිමිණුවා.

"I love you so much...Lavan."

මම මල් පොකුර තව ටිකක් මගෙ පපුවට තුරුල් කරගත්තා.

ටික වෙලාවකින් මම හිටියෙ ස්ටේජ් එකේ...මුලින්ම සින්ග් කරන්න තිබ්බෙ ගිටාර් එක ප්ලේ කරන ගමන්. මම ස්ටේජ් එක මැද තිබ්බ පුටුවෙ ඉඳගෙන ලොකු හුස්මක් ගන්නවත් එක්කම ස්පොට්ලයිට් එක මගෙ දිහාවට වැටුණා.

ඕඩියන්ස් එකෙන් බාගෙකට වඩා පේන්නෙ නෑ...ලයිට්ස් ඕෆ්නෙ. ඒත් ලවන්ව මට හොඳට පේනවා. මියුසික් පටන් ගන්න කලින් ලවන් මට තම්බ්ස් අප් එකක් දෙද්දි මම එයා එක්ක යන්තම් හිනාවුණා.

මම අනිත් ප්ලේයර්ස්ලටත් සයින් එක දීලා ගිටාර් එක ප්ලේ කරන්න ගද්දි සින්දුවේ මුල් හරියෙදි ඉබේම මගෙ ඇස් දෙක පියවුණා.

Heart beats fast

Colors and promises

How to be brave?

How can I love when I'm afraid to fall?

ඉතුරු ටික කියන්න කලින් මගෙ ඇස් දෙක ඇරියෙ කෙනෙක්ව හොයාගන්න...තප්පරයක් යන්නත් කලින් ඒ ආදරණීය ඇස් මට මුණ ගැහුණා.

But watching you stand alone

All of my doubt suddenly goes away somehow

මම ඒ ටික කියද්දි ලවන් හිනාවෙලා ඇස් දෙක පියාගත්තා. එයාටත් මේ හැඟීම් ඒ විදිහටම දැනෙනවා කියන්න මම දන්නවා.

One step closer

I have died every day waiting for you

Darling, don't be afraid

I have loved you for a thousand years

I'll love you for a thousand more

Thousand years?? අපිට එච්චර කාලයක් ගැන පොරොන්දු දෙන්න පුලුවන්ද...? ඒත් ආදරේදි ඒ කිසිම දෙයක් අදාළ නෑ. දෙන්නෙක් ආදරේ කරද්දි...ඒ දෙන්නා නැති කාලෙක වුණත් ඒ ආදරේ ජීවත් වේවි. මම විශ්වාස කරන්නෙ එහෙම.

And all along I believed I would find you

Time has brought your heart to me

I have loved you for a thousand years

I'll love you for a thousand more

මම කියන වචනයක් ගානෙම ලවන් මගෙ දිහාම බලාගෙන හිටියා. මම කොච්චර මේ සින්දුව කියලා තිබුණත්...හරියටම ඒක ෆීල් වුණේ අද. මට දැන් ආදරේ කරන්න කෙනෙක් ඉන්න එකම විතරක් නෙවෙයි...එයා ඉස්සරම ඉඳන් එයාගෙ ඇස් දෙක දිහාම බලන් ඒක සින්ග් කරද්දි, එයත් ආදරේ පිරුණු ඇස් දෙකකින් මගෙ දිහා බලන් ඉද්දි මම සින්ග් කරන වචනයක් ගානෙම මට ෆීල් වුණා.

One step closer

One step closer

I have died every day waiting for you

Darling, don't be afraid

I have loved you for a thousand years

I'll love you for a thousand more

And all along I believed I would find you

Time has brought your heart to me

I have loved you for a thousand years

I'll love you for a thousand more

මගෙ පළවෙනි සෝන්ග් එක ඉවර වෙනවත් එක්කම ක්‍රවුඩ් එකම හයියෙන් චියර් කරන්න ගත්තා. ඒත් මගෙ ඇස් නැවතිලා තිබ්බෙ ලවන් ගාවම විතරයි. එයා ලස්සනට හිනාවෙලා ක්ලැප් කරනවත් එක්කම ඇස් දෙක දිලිසෙනවදෝ කියලත් මට හිතුණා.

කොච්චර හංගන්න හැදුවත් මේ වගේ වෙලාවට එයා හැඟීම්බර වෙනවා...ලවන්ගෙ කඳුලු පිරුණු ඇස් දෙකෙන් මට ඒක කියන්න පුලුවන්.

ස්ටේජ් එකේ ලයිට්ස් ඕෆ් වෙනවත් එක්කම මම ඉක්මනට සයිඩ් එකට ගිහින් ජැකට් එක ගැලෙව්වා. ගිටාර් එකයි පුටුවයිත් එතන හිටපු කෙනෙකුට දීපු මම සින්දුවේ මියුසික් එක පටන් ගන්නවත් එක්කම ස්ටේජ් එකට ආවා.

පටන් ගද්දිම තියෙන්නෙ පොඩ්ඩක් නැටවෙන මියුසික් එකක් නිසා මම ගිටාරිස්ට් කෙනෙක් ගාවට ගිහින් පොඩ්ඩක් දන්න කියන ස්ටෙප්ස් ටිකක් දාද්දි එයත් මට මැච් වෙන ඇක්ශන් වලින්ම ගිටාර් එක ප්ලේ කරා. සින්දුව පටන් ගන්න යනවත් එක්කම මම ආයෙම ස්ටේජ් එක මැද්දට ආවා.

සරත් සඳේ රැයක මුදු සුවඳ දරා ගන්න

හිතවත් පෙම් කතාවක් සුළඟට මුමුණන්න

වරා මලින් මලට මල් වියන තනා ගන්න

පෙම්වත් භාවනාවක් මට කියලා දෙන්න

මම ලවන් දිහා බලලා ඇහැක් ගහද්දි මෙච්චර වෙලා ඇස් වල කඳුලු පුරවන් හිටපු එයා පුදුමෙන් වගේ ඇස් ලොකු කරලා මගෙ දිහා බැලුවා. එහෙම තමයි කොල්ලො ඉතින්...සින්දුවේ වයිබ් එකට මාත් වෙනස් වෙනවා. ඕවට පුරුදු වෙන්න වෙයි.

හැඟුම් විහඟුන් තුරුල් වෙද්දී

සිතුම් සියොතුන් ඉඟිල්ලේවී

ඔබේ දෙනුවන් මා හා දැල්වී

මාගේ දෙනුවන් පුරා විහිදේ

ඊළග මියුසික් බ්‍රේක් එකේදි ගිටාරිස්ට්ලා දෙන්නා මගෙ දෙපැත්තට ආවා. අපි ඒ ස්ටෙප් එක කලින්ම ප්ලෑන් කරලා තිබ්බෙ. එයාලා ප්ලේ කරන ගමන්ම මාත් එක්ක දෙපැත්තට පැද්දිලා පොඩි ඩාන්ස් ස්ටෙප් එකක්.

ඊළඟ වර්ස් එක පටන් ගද්දි ආයෙම ඒ දෙන්නා පිටිපස්සට ගියා.

ගිම්හානේ ගිනි දැල්ල ආවත් කමක් නෑ

අපට බාධා නොදී

උන්මාද මිහිදුමද නොයනා තැනක් නෑ

රැඳෙයි අප තුරුලේ

මම ඒ ටික ලවන් දිහාම බලාගෙන සින්ග් කරද්දි එයත් ලොකු විශ්වාසෙකින් මගෙ දිහා බලන් හිටියා. එයා කොහොමත් හැමදාම කියන්නෙ ඒ දේනෙ...මාත් එක්ක ඉන්න ඕනම රිස්ක් එකක් ගන්නවා කියන එක.

එයා විතරක් නෙවෙයි...මමත් ඒ දේ කරන්න ලෑස්ති කියන එක මට ලවන්ට දැනෙන්න දෙන්න ඕන.

සීතලේ උණුසුම ඇති මේ තරම්

දරාගන්න හිත හයිය නම්

දෑතේ ඉඩකඩ ඇති ඒ තරම්

අපගේම යහනක සිහින හේදාවකී

හෝ...

ස්ටේජ් එක මැද්දෙන් තියනවා පොඩි පඩිපෙළක්. ඊළඟ ටික කියන්න කලින් මම දුවලා ගිහින් ඒකෙ දෙවනි පඩියෙන් ඉඳගත්තා. ලවන්ව ගොඩක් ළඟට පේනවා මෙහෙම ඉද්දි.

හේමන්තයේ වැටෙන වැස්සෙන් කමක් නෑ

අපට අප සෙවනකී

ප්‍රේම හිම පියලි පහසේ නිමක් නෑ

අපට අප පමණකී

මම එච්චර ළඟින් ඉඳගෙන ලවන් දිහාම බලන් කියද්දි එයා පුරුදු විදිහටම හිනාවෙලා මගෙ දිහා බලන් හිටියා. මම අන්තිම පේළිය කියද්දි ලවන් යන්තම් ඔව් කියන්න ඔලුව වැනුවෙ හරියට ඒ ටිකේ තේරුම මට තහවුරු කරන්න වගේ.

සීතලේ උණුසුම ඇති මේ තරම්

දරාගන්න හිත හයිය නම්

දෑතේ ඉඩකඩ ඇති ඒ තරම්

අපගේම යහනක සිහින හේදාවකී

හෝ...

ඒ වර්ස් එක ඉවර වෙනවත් එක්කම මම ආයෙ නැගිටලා ස්ටේජ් එක මැද්දට ගියා. අන්තිම හරිය නිසා කොහොමත් අමුතු කික් එකක් ඇවිත් තිබ්බෙ.

සරත් සඳේ රැයක මුදු සුවඳ දරා ගන්න

හිතවත් පෙම් කතාවක් සුළඟට මුමුණන්න

වරා මලින් මලට මල් වියන තනා ගන්න

පෙම්වත් භාවනාවක් මට කියලා දෙන්න

හැඟුම් විහඟුන් තුරුල් වෙද්දී

සිතුම් සියොතුන් ඉඟිල්ලේවී

මම ඊළඟ ටික කියද්දි කෙලින්ම ලවන්ට අත දික් කරා. අවුලක් නෑ...ඕඩියන්ස් එකට අත දික් කරනවා වගේනෙ පේන්නෙ. නැතත් අවුලක් නෑ ඉතින් ලවන් මොකක්හරි කරන්නැතෑ. කොහොමත් එයාගෙ මූණෙ කලබලයක් තිබ්බෙ නෑ...මගෙ දිහා සින්දුවේ කියනවා වගේම ඇස් දෙක දල්වන් බලන් හිටියා විතරයි.

ඔබේ දෙනුවන් මා හා දැල්වී

මාගේ දෙනුවන් පුරා විහිදේ

හැඟුම් විහඟුන් තුරුල් වෙද්දී

සිතුම් සියොතුන් ඉඟිල්ලේවී

ඔබේ දෙනුවන් මා හා දැල්වී

මාගේ දෙනුවන් පුරා විහිදේ

මම අන්තිම ටික කිව්වෙ පපුවට අත තියන් ලවන් දිහා බලාගෙන. මම සින්දු වලින් කියපු හැම දෙයක්ම එයාට තේරුණා කියන එක ඒ ඇස් දෙක දිහා බැලුවම මට කියන්න පුලුවන්...ඒ ඇස් හැඟීම් වලින් පිරෙන්නෙ එහෙම වෙලාවට විතරයි.

සින්දුව ඉවර වෙනවත් එක්කම හිතාගන්නවත් බැරි තරම් හයියෙන් චියර්ස් තිබුණා. මමත් ඇත්තටම පොඩ්ඩක් ගැස්සුණා මුලින්. ටික වෙලාවකින් ආරාධිත අමුත්තො නැගිටපු නිසා අනිත් අයත් නැගිටලා ක්ලැප් කරා.

ස්ටෑන්ඩින් ඔවේශන් එකක්?? මට හිතාගන්න බෑ...හිටපු තැනම ඉඳන් පුදුමෙන් වගේ මම ඕඩියන්ස් එක දිහා බලන් හිටියා. සින්දුව ඉවර වුණ ගමන් නිසා මම තාම හිටියෙ හති දාන ගමන්. ඒත් මට චියර් කරන හැමෝටම හැම පැත්තටම හැරිලා ආචාර කරන්න මම අමතක කරේ නෑ.

දරාගන්න බැරි තරම් පුදුම සතුටක් එක්ක ආඩම්බරයක් මට දැනුණා. ඒ සතුට තවත් වැඩි වුණේ ලවන් මගෙ දිහා සතුටකින් වගේම ආඩම්බරේකින් මගෙ දිහා බලන් ඉද්දි.

චියර්ස් තව සෑහෙන වෙලාවක් තියෙද්දි මම ආයෙම ඔලුව නවලා ස්ටේජ් එකෙන් එළියට ආවා. ළඟ හිටපු කීප දෙනෙක්ම මාව බදාගෙන විශ් කරද්දි මම ඒ හැමෝටම තෑන්ක් කරලා පිම්මට ඩ්‍රෙසින් රූම් එකට දුවගෙන ආවා. මගෙ පපුව තාම ගැහෙනවා.

මට දැනුණෙ දරාගන්න බැරි තරම් පුදුම සතුටක්. මීට කලින් ඕන තරම් සින්ග් කරලා ඇති, ස්ටෑන්ටින් ඔවේශන් හම්බෙලත් ඇති. ඒත් අද මට ඒක වැඩියෙන් දැනුණා. ඒ කැම්පස් එක නිසාද...නැත්තම් ලවන් හිටපු නිසාද?? මම දන්නෑ...

කණ්ණාඩිය දිහා බලන් මම කල්පනා කර කර ඉද්දි ෆෝන් එකට නොටිෆි සවුන්ඩ් එකක් ආපු නිසා මම ෆෝන් එක අතට ගත්තා.

"විදුර්...පොඩ්ඩක් එළියට එන්න පුලුවන්ද?"

එළියට...?? ඒ කිව්වෙ කොහෙටද? රූම් එකෙන් එළියටද...හෝල් එකෙන් එළියටද? මම රූම් එකෙන් එළියට ගිහින් බලද්දි කවුරුත් හිටියෙ නෑ. ඩ්‍රෙසින් රූම් එක ගාවම හෝල් එකෙන් එළියට යන දොරක් තිබුණ නිසා මම ඒක ඇරන් එළියට ගියා.

රෑ වෙලා වුණත් ලයිට් දාලා නිසා වටපිටාව හොඳට පේනවා. මම සිටිහෝල් එකේ මිදුල හරියට ඇවිත් වටපිට බලද්දි- ඕහ්...ලවන් වැව රවුම ගාව. එයා වලාකුළු බැම්මට හේත්තු වෙලා මගෙ දිහා බලන් හිටියා.

මම ලවන්ව දැක්ක ගමන් එයා ගාවට දුවලා යනවත් එක්කම එයා ඉක්මනට මාව උස්සලා වටයක් කැරකුවා.

"Oh my God Vidur...you're amazing!! You got a standing ovation!!"

ලවන් මාව බිමින් තියලා මගෙ කම්මුල වේගෙන් කිස් කරන ගමන් කිව්වා. එයාගෙ හාදු වලට මට ඉබේම හිනායන්නවා. මම තවත් ලවන්ට ළං වෙලා එයා මගෙ මූණ පුරාම කිස් කරන එකට ඉඩ දීලා මම බලන් හිටියා. අපි දෙන්නම හිටියෙ ගොඩක් සතුටින්.

"පෆෝමන්ස් එක ලස්සනයි විදුර්...ඔයත් ගොඩක් ලස්සනයි. I'm so proud of you."

ලවන් කියද්දි මම එයාගෙ බෙල්ල වටේ අත දාලා තවත් ටිකක් ළංවුණා.

"Thank you for being there for me..."

"Once again...anything for you."

ලවන් දිලිසෙන ඇස් වලින් කියද්දි මම එයාගෙ කම්මුලින් හාද්දක් තිබ්බා. එයා මගෙ දිහා විනාඩියක් විතර බලන් ඉඳලා හිමින් මගෙ කම්මුල පිරිමදින්න ගත්තා.

"Thousand years...? You sure?"

ලවන් අහද්දි මට යන්තම් හිනාගියා. මාර ප්‍රශ්න තියෙන්නෙ.

"If it's with you...thousand years will feel like a blink of an eye."

මම විශ්වාසෙන් එයාගෙ ඇස් දෙක දිහා බලලා කියද්දි ලවන් හිනාවුණා. එයා සීරුවට ඇඟිල්ල මගෙ මූණ පුරා අරන් යද්දි මම ඇස් දෙක පියාගත්තා.

ලවන් එහෙම කරේ පුලුවන් තරම් හෙමින්...මට දැනෙන නොදැනෙන ගාණට. ඒකෙන් මගෙ හැඟීම් තව තවත් ඇවිස්සුණා. ලවන්ගෙ ඇඟිලි මගෙ තොල් වලට යටින් නවතිද්දි මම හෙමින් ඇස් ඇරලා එයා දිහා බැලුවා.

මම එයා දිහා බලන් හිටියා වගේම බර බැල්මකින් ලවන් මගෙ දිහා බලන් හිටියා. වෙනදා වගේම...අපෙ ඇස් අතර සංවාදෙට ඉඩ දීලා අපි දෙන්නා නිශ්ශබ්ද වුණා. ටික වෙලාවකින් මගෙ ඉන වටේ අත දාපු ලවන් මාව ටිකක් ළං කරගත්තා. මම එයාගෙ ඉන ගාවින් අත තියලා ජැකට් එක අල්ලගත්තා.

"Your lips are still shiny..."

"They're all yours..."

මම ලවන් දිහාම බලලා කියද්දි එක පාරට එයා ටිකක් ගැස්සුණත් ටිකකින් කට කොනින් හිනාවෙලා මගෙ කම්මුල් දෙකෙන්ම අල්ලගත්තා. අපි දෙන්නා මොහොතකටවත් අපෙ ඇස් මගෑරියෙ නෑ.

තප්පර ගාණකින්...ලවන්ගෙ හුස්ම මගෙ තොල්වල වදින තරමටම ළං වුණාට පස්සෙ මම එයාට අවසර දීලා ඇස් දෙක පියාගත්තා.

ඒ මොහොතෙම ලවන්ගෙ තොල් මගෙ තොල් උඩින් නතර වුණා. මුලින්ම ඒ මගෙ උඩු තොල උඩින් දැනුණ පොඩි පෙක් එකක් විතරක් වුණත් ඒ ආගන්තුක හැඟීමට මගෙ මුලු ඇඟම හිරිවැටිලා ගියා.

ලවන් හිමින් මගෙ උඩු තොල එයාගෙ තොල් අතරට මැදි කරගද්දි මම එයාගෙ ජැකට් එක තද කරලා අල්ලගත්තා. ඇඟට දැනෙන අමුතු හැඟීමත් එක්ක බඩේ සමනල්ලු පියාඹනවා වගේ දැනෙන්න ගද්දි මමත් කලබලයක් නැතුව ලවන්ගෙ තොල් මගෙ තොල් අතරට මැදි කරගත්තා.

කොච්චර වෙලාවක් ගියාද මම දන්නෙ නෑ...අපි දෙන්නගෙ තොල් මාරුවෙන් මාරුවට එහා මෙහා වෙද්දි මම තව ටිකක් එයාට තුරුල් වුණා. මගෙ ඇක්ශන් එකත් එක්ක කිස් එක බ්‍රේක් නොකරම හිනාවුණ ලවන් මගෙ ඉන දෙපැත්තෙන් අල්ලලගත්තා.

ලවන් මගෙ යටි තොල හිමින් එයාගෙ දත් අතරට ගද්දි මට පිටවුණ කෙඳිරියත් එක්ක මගෙ ඉනේ තිබ්බ එයාගෙ ග්‍රිප් එක තද වෙනවා මට දැනුණා. හෙමින් ගලාගෙන ආපු කිස් එක අයා අතින් ටිකක් අග්‍රෙසිව් වෙනවා මට දැනුණෙ ඒ වෙලාවෙ. ඒත් දරාගන්න බැරි තරම් ආවේගයක් නෙවෙයි...තාමත් එයාගෙ ටච් එක පවා සියුම්. ඒත් ලවන් කලින්ට වඩා ටිකක් කම්ෆටබ්ල් වුණා කියන එක මට දැනුණා.

සැරින් සැරේ එයාගෙ දත් වල විතරක් නෙවෙයි දිවේ ටච් එකත් මාරුවෙන් මාරුවට මගෙ තොල් වලට දැනෙන එකට මම හුරු වුණත් එක පාරට මම ගැස්සුනේ ලවන්ගෙ දිව මගෙ දත් වල වදිනවා දැනෙද්දි. ඒ පමාවට මම එයාට ඉඩ හදලා දුන්නෙ මගෙ තොල් පුලුවන් තරම් ඈත් කරන ගමන්.

මේ වෙනකන්ම ඇඟම පණ නැති වෙන ගාණට මම ලවන්ගෙ කිස් එකට ඇබ්බැහි වෙලා හිටියත් ඒ ෆීලින් එක දෙගුණ වුණේ එයාගෙ දිව මගෙ දිවත් එක්ක පැටලෙද්දි. ඒ දැනුණ ඇඟම හිරිවැටෙන හැඟීමට ඉබේම කෙඳිරියක් පිටවෙද්දි මම උරහිස වටේ අත දාලා තවත් ලවන්ගෙ ඇඟට හිරවුණා.

එක අතක් මගෙ ඉන වටේ තියෙද්දි අනිත් අතින් මගෙ බෙල්ල පිටිපස්සෙන් අල්ලගත්ත ලවන් දිගටම මාව කිස් කරා. අපි දෙන්නම හිටියෙ මත් වෙලා වගේ. එයාගෙ තොල්, දිව එකම රිදම් එකකට මාව පිස්සු වට්ටනවා.

ලවන් එයාගෙ අත් දෙකම හිමින් මගෙ ඉන දිගේ උඩට පහළට අරන් යද්දි මම එයාගෙ උරහිස වටේ පැටලිලා තිබ්බ මගෙ අත් දෙක එයාගෙ බෙල්ල දිගේ පහළට අරන් ආවා. මගෙ අත් දෙක ලවන්ගෙ උරහිස ගාවින් නවාතිද්දි අපි දෙන්නම කිස් එක බ්‍රේක් කරේ පොඩි විවේකයක් ගන්න.

ඒ වෙද්දි අපි දෙන්නම හිටියෙ හුස්ම ගන්නවත් බැරුව. අත් දෙකින්ම මගෙ කම්මුල් අල්ලගත්ත ලවන් හිමින් ඇස් ඇරලා මගෙ දිහා බලද්දි ඒ ඇස් තවත් මත් වෙනවා මම දැක්කා. මම හොඳටම අවුල් වෙලා ඇති...ලවන් කලින් කියපු විදිහටම.

"Oh God Vidur you're driving me crazy..."

මම හිතන්නත් කලින් ලවන් ආයෙම මගෙ තොල් උඩින් එයාගෙ තොල් තිබ්බා. කලින්ට වඩා ආවේගෙකින් වුණත් එයා තවමත් මං ගැන පරිස්සම් වෙනවා කියලා ඉන ගාවින් දැනුණෙ සොෆ්ට් ටච් වලින් මට තේරුණා.

කලින් උරහිස ගාවින් නැවතුණ මගෙ අත් මම එතනිනුත් පහළට අරන් එද්දි ලවන් කලබලෙන් වගේ මගෙ චොකර් එක ගලවලා අයින් කරා. ලවන් කිස් කරන එක නවත්තලා ටික වෙලාවක් මගෙ දිහා බලන් ඉද්දි මම මගෙ අත් ශර්ට් එකට උඩින් එයාගෙ නිප්ල්ස් ගාවින් නැවැත්තුවා.

මගෙ ඇඟිලි එයාගෙ නිප්ල්ස් උඩ හෙමින් එයාව අවුස්සද්දි කෙඳිරියක් පිට කරපු ලවන් මගෙ බෙල්ලට පහත් වුණා. මෙච්චර වෙලා දැනුණ හැඟීම මොන විදිහෙ එකක් වුණත්...ලවන්ගෙ තොල් මගෙ බෙල්ලෙ වදිද්දි ඒ හැඟීම දෙගුණ වෙලා මට දැනුණා.

මගෙ අත් වලට ලවන්ගෙ පපුව සැරින් සැරේ මැදිවෙද්දි, මගෙ ඇඟිලි එයාගෙ නිප්ල්ස් වටේ එහෙ මෙහෙ යද්දි ලවන්ගෙ තොල් තවත් පිස්සුවෙන් වගේ මගෙ බෙල්ල පුරාම යනවා මට දැනුණා.

සැරින් සැරේ එයාගෙ කෙඳිරුම් වලට මම පිස්සු වැටුණා වගේම මගෙ කෙඳිරුම් වලට එයත් තව තව මත් වුණා කියලා මට තේරුණේ මගෙ ඉනේ තිබ්බ ග්‍රිප් එක තව තව තද වෙද්දි.

මගෙ බෙල්ලෙ තෙත හාදු වදිනවත් එක්කම මගෙ ශර්ට් එකේ එක පැත්තක් උරහිසින් පහළට වැටෙනවා මට දැනුණා. මම ඒ කිසි දෙයක් නවත්තන්න හැදුවෙ නෑ. ලවන් කරන හැමදේටම මම තව තව ඇබ්බැහි වුණා.

මගෙ බෙල්ල ගාව ඉඳන් නිරාවරණය වුණ උරහිස පුරාම හාදු තියද්දි තවත් පිස්සු වැටුණ මම තවත් කෙඳිරුමක් එක්ක ලවන් ටක් කරලා තිබ්බ ශර්ට් එක උඩට කරලා ඒ ඇතුළෙන් අත දාගත්තෙ මමවත් කිසි දෙයක් ප්‍රොසෙස් කරන්න කලින්.

මීට කලින් දැනිලා නැති එයාගෙ බෙයා ස්කින් ටච් එක මට දැනෙද්දි මම තවමත් අර මත් ගතියෙන් මගෙ අත් දෙක එයාගෙ පපුව පුරාම අරන් ගියා. ලවන්ගෙ තොල් මගෙ බෙල්ලෙ වදින සමහර වෙලාවට මගෙ නියපොතු පාරවල් ලවන්ගෙ පපුවෙ නතර වුණා.

ආයෙම එයාගෙ තොල් මගෙ තොල් එක්ක පැටලෙද්දි මම කලින්ට වඩා එයාගෙ තොල් වල රිදම් එකට හුරුවෙලා හිටියා. මගෙ අත් දෙක එයාගෙ ශර්ට් එක ඇතුළෙ තියෙද්දිම මම තව ටිකක් ශර්ට් එක උස්සන්න හදනවත් එක්කම ලවන් කිස් එක බ්‍රේක් කරලා මගෙ කම්මුල් දෙකෙන් අල්ලගත්තා.

"Baby...look at me."

ලවන් කවදාවත් නැති නික්නේම් එකකින් කතා කරද්දි මට දැනුණෙ මාව තවත් මත් වෙනවා වගේ. ඒත් එයාගෙ සන්සුන් කටහඬට අවනත වුණ මම හෙමින් ඇස් ඇරලා එයා දිහා බැලුවා. අපි දෙන්නම හිටියෙ තවමත් හති දාන ගමන්.

ලවනුත් හිටියෙ හොඳටම අවුල් වෙලා...ස්ට්‍රීට් ලයිට් එළියෙන් මට එයාව තවත් සරාගී විදිහට පෙනුණා. මෙච්චර වෙලාවක් මේ තොල් අයිති වෙලා තිබ්බෙ මට නේද කියලා මතක් වෙද්දි මගෙ කට කොනකට අමුතු හිනාවක් ආවා.

මගෙ හිනාව දැකලා යන්තම් හිනාවුණා ලවන් ඉස්සරහට නැමිලා මගෙ තොල් උඩින් පොඩි පෙක් එකක් තිබ්බා.

"You're a miracle...I can't believe I'm this lucky."

ලවන් දිලිසෙන ඇස් වලින් මගෙ දිහා බලන් කියද්දි මම එයාගෙ ඉන වටේ අත දාලා එයාව තද කරලා බදාගත්තා. මෙච්චර වෙලා වගේ මත් වෙලා හිටපු අපි දෙන්නම ඒ හග් එකෙන් නිවෙනවා මට දැනුණා. ලවන් මගෙ උරහිස වටේ අත දාලා මාව අනිත් පැත්තට බදාගත්තා.

මම හිටියෙ වැව දිහාට මූණලා. මම ලවන්ව බදාගෙනම හිමින් ඇස් ඇරලා බලද්දි වැව දිහායින් එන සීතල හුළඟ මගෙ මූණෙ වදිනවා මට දැනුණා. කලින්ටත් වඩා සතුටකින් ලවන්ට තුරුල් වුණ මම ආයෙම ඇස් දෙක පියාගත්තා.

මගෙ පළවෙනි හාදුව...මම ආදරේ කරන කෙනාටම අයිති වුණ පළවෙනි හාදුව...හාදුව විතරක් නෙවෙයි ඒ මුලු මොහොතම කවදාවත් අමතක නොවන ලස්සන මතකයක් විදිහට මගෙ හිත කොනක තැන්පත් වුණා.

--------------------

ඕතරීට චිකන් පොක්ස් හැදිලා ඉන්නෙ 🥲 මේ චැප්ටරේ බාගයක් කලින් ලියලා තිබ්බ නිසා අද අමාරුවෙන් හරි කම්ප්ලීට් කරා.

ආයෙ ලබන මාසෙ මැදවත් වෙනකන් අප්ඩේට් කරන්න පුලුවන් වෙයි කියලා මං හිතන්නෑ... 😐 කියෝන අය ඉන්නවනම් සමාවෙන්ඩ හොඳේ. පෞද්ගලික කාරණා එනවනෙ.

එනිවේ මොකද හිතෙන්නෙ අපෙ විදුර් කොල්ලගෙ ෆස්ට් කිස් එක ගැන අවුලක් නැද්ද 😁

Share This Chapter