Back
/ 35
Chapter 10

Part 10

සීමාවෙන් එහා

සති දෙකක් ගෙවිලා ගියේ නොදැනිම. අපෙ කොන්සට් එක ලබන සතියෙ තියනවා. මේ පාර ක්‍රිස්මස් තියෙන්නෙ අඟහරුවාදා දවසකනෙ. සඳුදා අපෙ කොන්සට් එක. ඊට පස්සෙ ඒ සතියම නිවාඩු දීලා අලුත් අවුරුද්දෙ අපෙ ඇකඩමික් පටන් ගන්න තමා ප්ලෑන් වෙලා තිබ්බෙ.

ඊට පස්සෙ ඉතින් ලවන්ගෙ ක්ලාස් එකත් ආයෙ නෑ. අපිට ඉන්ග්ලිශ් කෝස් එක දිගටම තියනවා. ඒත් මීට පස්සෙ තියෙන්න අපි තෝරගන්න එක එක මේජර් වලට අදාළ ඉන්ග්ලිශ් කෝස් එකක්. ඒක කරන්නෙ අපි ෆලෝ කරපු කෝසස්ම කරපු ලෙක්චර්ස්ලා.

මීට පස්සෙ ඉතින් අපෙ බේසික් ඉන්ග්ලිශ් කෝස් එක නෑ, ලවන්ව ක්ලාස් එකේ දකින්න වෙන්නෙත් නෑ, අරුන් දෙන්නා හම්බවෙන්න වෙන්නෙත් නෑ නිතර. යන්තම් අයිටී කෝස් එක පුරුදු දවස් දෙකේම තියන නිසා මට ඒ දෙන්නා එහෙම හරි හම්බෙන්න පුලුවන්.

පළවෙනි අවුරුද්දෙ අපි අනිවාර්යෙන් මේන් සබ්ජෙක්ට් තුනක් කරන්න ඕන. දෙවනි අවුරුද්දෙදි එකක් අයින් කරන්න පුලුවන්. මම තෝරගත්තෙ ආට්, ලිට්‍රිචර්, ෆ්‍රෙන්ච්. ෆ්‍රෙන්ච් එක ලබන අවුරුද්දෙ හලලා දාන්න බැරියැ. එහෙම තමා මං හිතන් ඉන්නෙ දැනට.

මේ සති දෙකේම සෑහෙන්න මහන්සි වුණා. අපි මේ ඉන්න ටික දෙනා සති දෙක තුනක් ඇතුළත කොන්සට් එකක් ඕගනයිස් කරනවා කියන්නෙ ලේසි නෑ...කීයක් දේවල් බලන්නද. ඒ අස්සෙ ප්‍රැක්ටිස් කරන්නත් එපැයි.

මට හොඳයි...කෙල්ලො දෙන්නගෙ හොඳ පණ ගිහින් තිබ්බේ. උන් දෙන්නම ඩාන්සින් අයිටම්ස්නෙ. ඇඟ පත තලා දාලා වගේ කිය කිය ඉන්නවා. මටත් පොඩි අමාරුවක් නැතුවම නෙවේ...මොකද සාමාන්‍යයෙන් කැෆේ එකේ කියන්නෙ ස්ලෝ සින්දු වුණාට පොඩ්ඩක් හරි ස්පීඩ් එකක් කියන්න ගත්තොත් මටත් නැටවෙනවා.

පහුගිය සතිය තමා ඔක්කොටම හපන්...ප්‍රැක්ටිස් කරන්න තියන අන්තිම සතිය නිසා අපි ගොඩක් රෑ වෙනකන් කැම්පස් එකේ හිටියා. අයිටී තියන දවස් දෙකෙත් ඒක ඉවර වෙලා හිටියා. ඒ දවස් දෙකේ අප්පච්චි තමා එක්කන් යන්න ආවෙ.

ඒ දවස් වල මහන්සි වුණ හැටියට පික්මී දාන එකයි ඒ මනුස්සයට පාර කියන එකයිත් අමතර එනර්ජි යන වැඩක් විදිහට අම්මයි අප්පච්චියි සැලකුවෙ. ඇත්තටම ඒක ලොකු දෙයක්...කොච්චර වුණත් එහෙම වෙන වාහනේක ඉද්දි නිදාගෙන එන එක අවදානම්නෙ. ඒත් අප්පච්චි ආපු දවස් දෙකේ සීට් එකට වැටුණා විතරයි ගෙදර එනකන් නිදි. ගෙදරට මහ දුරක් නෑ තමා...ඒත් ඒ නින්දත් සැපයි.

ඔය සති දෙකෙන් පළවෙනි සතියෙ පොඩ්ඩක් හරි ඩිස්ට්‍රැක්ට් වෙන්න කියලා මම පොත කියවන්න ගත්තා. ඒත් යන්තම් චැප්ටර්ස් දෙකයි කියවගත්තේ...වැටිච්ච තැන නින්ද යනවා.

ඊට පස්සෙ සතියෙ සඳුදා සිනෙලියි ටිනාශයි දවල් වරුවෙ කැම්පස් එකේ හිටියෙ නෑ. ඩාන්සින් අයිටම්ස් වලට ඉන්න හැමෝම ඩිසයිඩ් කරලා තිබ්බා එක තැනකින් කොස්ටියුම්ස් හදන්න. ගාණ අඩුයිනෙ එතකොට. එදා දවල් වරුවෙ ඒ හැමෝම එතෙන්ට ගියා මෙශර්මන්ට්ස් දෙන්න.

එදා ඉතින් දවල් මම තනියෙන් කියලා දන්න නිසා පොතත් උස්සන් ගියා කියවන්න. මට හොඳට මතකයි හවස ගෙදර යන්න ලවන්ගෙ කාර් එකට නගිද්දි පොත මගෙ බෑග් එකේ තිබුණා කියලා. ඒත් ගෙදර ගිහින් බලද්දි පොත නෑ...

මං හිතුවෙ නැතිවුණාම තමයි කියලා. ගෙදර කොහෙවත් පොත තිබ්බෙ නෑ. ලවන්ට කාර් එකේ බලන්න කියලා කිව්වත් ඒ බූරුවා කිව්වා මම සිහිය නැතුව වෙන කොහෙහරි දාන්න ඇතිලු, කාර් එකේ නැල්ලු.

අන්තිමට කොහෙ තිබිලද හම්බුණේ...? වෙන කොහෙද ඒ උත්තමයගෙ කාර් එකේම තමා. මට තමා සිහිය නෑ යැයි යැයි ගෑවේ...කාටද දන්නෑ සිහිය නැත්තෙ දැන්. ඒක ගෙනත් දෙන්න කිව්වමත් පස් මහ බැලුම් බල බල ඉඳලා ඔන්න ඊයෙ තමා ගෙනත් දුන්නේ...ඊයෙ කියන්නෙ සිකුරාදා. සතියම පොත තිබ්බෙ ලවන්ගෙ ගෙදර...ඉතින් කොහෙ කියවන්නද.

කොහොමත් දැන් කියවන්න වෙලාවක් නෑ. තව දවස් දෙකයිනෙ කොන්සට් එකට. අද සෙනසුරාදා දවසෙත් ළමයි ප්‍රැක්ටිස් කරන්න දාගත්තා කැම්පස් එකේම. හෙට රිහර්සල් සිටිහෝල් එකේ...අනිද්දා ඒකෙම කොන්සට් එක.

මම කලින්ම කැෆේ එකට කෝල් කරලා කිව්වා අද එන්න වෙන්නෙ නෑ කියලා. කැම්පස් එකේ අපි එකතු වෙලා කරන පළවෙනි වැඩේට උපරිමේ කරන්න මම කොහොමත් කලින් ඉඳන් හිතාගෙන හිටියෙ...එක දවසක් කැෆේ ගියෙ නෑ කියලා මක් වෙනවද.

උදේ වරුවම ප්‍රැක්ටිස් කරලා අපි දවල්ට කාලා වැටිච්ච වැටිච්ච තැන්වල පතබෑවිලා හිටියා. අපි හිටියෙ මේන්හෝල් එකේ. එදා අපිට ප්‍රැක්ටිස් කරන්න ලේසි වෙන්නම පුටු එහෙම අයින් කරලා තිබ්බෙ. මම එහෙම්ම විනාඩි දහයක් විතර බිම ඇලවිලා ඉඳලා නැගිටිද්දි දැක්කෙ සිනෙලි අපෙ පැත්තට එනවා.

මේකි කොයි වෙලේද මෙතනින් ගියේ?? මීට විනාඩි ගාණකට කලින් කාලා අපි තුන්දෙනාම මෙතන ඇලවුණේ පොඩ්ඩක් රෙස්ට් කරන්න...ළඟ ඉන්න එකා නැගිටලා යනකම් දන්නැතිවෙන්න නින්දක් ගියාද මට?

සිනෙලි ටික ටික ළඟට එනකොට තමා දැක්කෙ...ඒකි ලොකු ස්ප්‍රයිට් බෝතලයක් උස්ස්න් එනවා. හම්මේ...වෙලාවෙ හැටියට අමෘතෙ දැක්කා වගේ.

සිනෙලි ළඟට එනකොටම මම සෝමාලියන්කාරයා වගේ අත දික් කරද්දි ටිනාශත් ඇලවිලා හිටපු තැනින් නැගිට්ටා.

"හම්මේ...සිනූ මගෙ දෙයියා!! දීපන් ඕක මෙහෙට."

ගෙනාපු එකී බොන්නත් කලින් ටිනාශා බෝතලේ ඇදලා ගත්තා.

"මේ උඹ කෝකටත් පොඩ්ඩක් බීපන් ඈ...උගුර ලෙප්ට් වුණොත් එහෙම අනිද්දට."

ටිනාශා මට ස්ප්‍රයිට් එක දෙද්දි සිනෙලි කිව්වා. කතාව ඇත්ත හැබැයි...මම යන්තම් තිබහට උගුරු දෙකක් බීලා බෝතලේ සිනෙලිට දුන්නා.

"ආයෙ දැන්ම ප්‍රැක්ටිස් පටන් ගන්න පාටක් නෑ වගේ...ඔක්කොම තැන් තැන් වල දපලා ඉන්න හැටි බලපන්කෝ."

"කමක් නෑ බං...මෙන්න මෙහෙම ඉමු ටිකක්."

මම අත් දෙක පිටිපස්සෙන් තියලා ඒ පැත්තට බර වෙලා ඉඳගන්න ගමන් කිව්වා.

"මේ විදූ...මම උඹෙන් අහන්න හිටියෙ."

ටිනාශා එහෙම කියලා අහන්න හිටපු එක අහන්නැතුව ආයෙම ස්ප්‍රයිට් බෝතලේ ඇදලා ගත්තා. ඉදකින් මේකි...කෑමක් බීමක් දැක්කොත් අනිත් ඔක්කොම අමතකයි.

"උඹ අර ආර්ට් කම්පිටිශන් එකට ඇප්ලයි කරන්නැද්ද??"

"ඒ මාත් ඕක දැක්කා...උඹ ඇප්ලයි කරහන් ඈ. ඒ තීම් එකත් ඉන්ට්‍රස්ටින් වගේ."

මේ ඩබල ඔය කියන්නෙ ඩ්‍රීම්ලෑන්ඩ් එකෙන් ඕගනයිස් කරන ආර්ට් කම්පිටිශන් එක ගැන වෙන්න ඕන. ඩ්‍රීම්ලෑන්ඩ් කියන්නෙ නුවර තියන යූත් අසෝසියේශන් එකක්. නුවර තරුණ කට්ටිය අතර ඕක මාරම ප්‍රසිද්ධයි. එයාලා එක එක චැරිටි ඉවෙන්ට්ස් ඕගනයිස් කරනවා, පාටීස් තියනවා, ට්‍රිප් යනවා, කොන්සට් ඕගනයිස් කරනවා, ඔය මම කිව්වා වගේ කම්පිටිශනුත් ඕගනයිස් කරනවා. නුවර අවුරුදු 16ට වැඩි 40ට අඩු වගේ කට්ටියට ඉතින් ඇත්තටම ඔය යූත් අසෝසියේශන් එක සෑහෙන්න වටින දේවල් කරලා තියනවා.

අපි තුන්දෙනාම ඕකෙ මෙම්බර්ස්ලනම් නෙවෙයි...ඒත් එහෙන් මෙහෙන් එයාලා ඕගනයිස් කරන කොන්සට් වලට හරි කම්පිටිශන් වලට එහෙම යනවා. අවුරුදු දෙකකට කලින් එයාලා ඕගනයිස් කරපු සිගින් කම්පිටිශන් එකේ අවුරුදු 18-21 ඒජ් ගැප් එකේ වින් කරේ මම. මේ පාර ආර්ට් කම්පිටිශන් එකක් ඕගනයිස් කරලා තියනවා එයාලා.

ඇත්තටම ඉතින් ආට් තමා මගෙ ඇඟේ තියන දේ...මගෙ ජීවිතෙන් කොටසක් වගේ ඒක. මම කැම්පස් එකේ වුණත් කරන්නෙ ආට් මේජර්නෙ. සිගින් ඇවිල්ලා මගෙ හොබී එක, ආට් කියන්නෙ මගෙ හැකියාව. අම්මා කියන්නෙ මගෙ ඒ ටැලන්ට් ඔක්කොම දෙයියො දීපු තෑගි කියලා.

ඒ මේකනෙ...අපෙ පවුලකවත් ඔය ෆීල්ඩ් එකෙන් ඉස්සරහට ගියපු අය නෑ. අප්පච්චි සයන්ස් වලින් ඉස්සරහට ගිහින් ෆිසික්ස් ෆීල්ඩ් එකේ PhD කරපු කෙනෙක්. අම්මත් කැම්පස් එකේ කෙමෙස්ට්‍රි ස්පෙශල් කරපු කෙනෙක්. අයියත් දැන් PhD කරන්නෙ ෆිසික්ස් වලින්. පවුලම සයන්ස්කාරයොනෙ. අපෙ අම්මගෙ අප්පච්චිගෙ දෙන්නගෙම පවුල් බැලුවත් එහෙමයි...ඔක්කොම සයන්ස් කරපු අය. අඩු ගානෙ හොබී එකකටවත් සින්දු කියන, චිත්‍ර අඳින අය ඉන්නවා කියලා මම හිතන්නෑ.

මටත් ඉතින් ඒ මොළේ පිහිටලා තියනවා. මම ශිෂ්‍යත්වෙන් නුවරින්ම පස්වෙනියා. ඕ ලෙවල් වලටත් ඒ නවයක් තිබ්බා. ඒ කාලෙ හැමදාම මැත්ස් වලට මට වැඩිම හෝ දෙවනියට වැඩිම ලකුණු තිබ්බා අනිවාර්යයෙන්. එක පාරක් මට මතකයි අමාරුම අමාරු මැත්ස් පේපර් එකකට ඔක්කොටම හැට ගණන් තියෙද්දි මටයි අපෙ පන්තියේ අනිත් මීටරේටයි විතරක් අසූ ගණන් තිබ්බා. ඒකට අසූ ගාණක් ආවා කියන්නෙම නිකන් මැත්ස් මැඩමුත් අපි දෙන්නා දිහා අයින්ස්ටයින් ගාණට දාලා බැලුවෙ.

ඒත් මොළේ තිබ්බ පළියට ඒ පැත්තෙන් ඉස්සරහට යන්න මට කිසිම ආසාවක් තිබ්බෙ නෑ. කවදාහරි ඩිග්‍රි එක, රස්සාව වුණත් මම කැමති ආට්, මියුසික් එක්ක කරගෙන යන්න තමා මට ඕන වුණේ. පවුලකවත් තිබ්බෙ නැති හැකියාවක් මගෙ වෙද්දි ඇත්තටම ඒවා අම්මා කියනවා වගේම දෙයියො දීපු තෑගි වගේනෙ. එච්චර හැකියාවක් තියාගෙනත්, මම මෙච්චර ආසා වෙලත් ඒ දේවල් වලින් ඉස්සරහට ගියෙ නැත්තම් මොකක්ද ඇති වැඩේ.

අනික අපෙ පවුලට මේ ඉන්න සයන්ස්කාරයො ඇති...අපෙ සීයගෙ ඉඳන් ඔක්කොම සයන්ස් කරලා ඒ සයිඩ් ජොබ් කරන අයනෙ. මම උඩුගම් බලා යන්න යන්නෙ හැම අතින්ම...හැම අතින්ම කිව්වෙ හැම අතින්ම යූ ක්නෝනෙ.

මම ඒ අතිනුත් ඇත්තටම වාසනාවන්තයි...මොකද මම ඒ ලෙවල් වලට ආට් සබ්ජෙක්ට්ස් කරනවා කියද්දි අපෙ පවුලෙන් කිසිම බලපෑමක් ආවෙ නෑ. මම ඒ ලෙවල් සබ්ජෙක්ට් තෝරන කාලෙ අයියත් කැම්පස් එකේ සයන්ස් ෆැකල්ටි. ඕන්නම් එයාලට කියන්න තිබ්බනෙ අපි ඔක්කොම කරපු සයන්ස්ම කරන්න කියලා. ඒත් මම කැමති ෆීල්ඩ් එකෙන් ඉස්සරහට යන්න එයාලා මට උපරිම නිදහස දුන්නා.

එච්චර මොළේ තිබිලා පේරා යන්න බැරිවුණේ කොහොමද අහන්න එපා ඉතින්...දන්නවනෙ ඔය එක එක කාලෙට. ඩාම් වෙනවා ඩූම් වෙනවා...අපිට ඒ ලෙවල් කාලෙනෙ කොවිඩ් ආවෙ. මම ස්ටඩීස් වලින් සෑහෙන්න ඈත් වුණා ඒ කාලෙ. ගෙදරටම වෙලා ඔහේ හිටියා විතරයි වැඩක් නොකර. සමහර දවස්වල සති ගණන් එක දිගට ෆිල්ම් බල බල සින්දු කිය කිය ඉන්නවා වැඩක් කරන්නෑ. ඒ ලෙවල් වලට මොළේ විතරක් තිබිලා බෑ මහන්සි වෙලා වැඩ කරන්න ඕන. මම එහෙම කරේ නෑ.

එක්සෑම් ලියලා ඇවිල්ලා මම සී තුනක් තමා බලාපොරොත්තු වුණේ කෙලින්ම...කමක් නෑ දෙවනි පාර කරනවා කියලා හිත හදන් හිටියේ. ඒත් කැම්පස් යන්න රිසල්ට් එකක් ආවනෙ කොහොමහරි. ඒ නිසා ආයෙ එක්සෑම් නොකර හයර් ස්ටඩීස් කරන්න හිතුවා.

දැන් කිය කිය හිටියෙ මොකක්ද ආට් කම්පිටිශන් එක ගැන නේ...ඕ කොහොමහරි ඩ්‍රීම්ලෑන්ඩ් යූත් අසෝසියේශන් එකෙන් අලුතෙන්ම ඕගනයිස් කරලා තියන වැඩේ තමා ඕක. මම ඉතින් එකෙන්ම ඇප්ලයි කරනවා...ආයෙ අහන්න දෙයක් නෑ ඕක.

"කවද්ද ඩෙඩ්ලයින් තියෙන්නෙ ජනවාරි මැද නේ...මම ඇප්ලයි කරන්න ඉන්නෙ."

"ඔව් ජනවාරි පහළව වගේ මතක..."

"ඒ උඹට මියුස් කෙනෙක් එහෙම ඕන්නම් මට කියපන් ඈ...මම එන්නම්."

සිනෙලි මගෙ දිහා බලලා අමුතු විදිහට හිනාවෙලා ඇහිපිල්ලම් දෙක තුනක් ගහද්දි මම කටත් ඇරගෙන ඒකි දිහා බලන් ඉඳලා උපකාරයක් බලාපොරොත්තුවෙන් ටිනාශා දිහා බැලුවා. ඒකිත් 'අනේ අනිච්චං' මූණකින් සිනෙලි දිහා බලන් ඉන්නවා.

"මේ බං...තීම් එක ගෝඩ්ස් ඇන්ඩ් ඒන්ජල්ස් මිසක් ක්ලවුන්ස් නෙවෙයි."

ටිනාශා සිනෙලිට කියද්දි ඒකිගෙ එළිය වැටිලා තිබ්බ මූණම නාළු වෙලා කට ඉරක් කරගත්තා. මමත් හිනා යන්න ආපු එක නවත්තගෙන බිම බලාගද්දි දඩාං ගාලා පාරක් වැදුණා මගෙ පිටට.

"උඹත් හිනාවෙනවා නේ විදුර්...තොපිට මාව පේන්නෙ ක්ලවුන් කෙනෙක් වගේද? උඹලට ස්ප්‍රයිට් ගෙනත් දුන්න මට ගහන්න ඕන."

සිනෙලි ගස්සලා අහක බලාගෙන කියද්දි ටිනාශයි මායි තව හයියෙන් හිනාවුණා.

"නෑ මේකයි බං ඉතින්...උඹෙ පෙනුන තීම් එකට ගැලපෙනවා. ඒත් උඹලා දෙන්නා දිහා බලාගෙන සීරියස් විදිහට අඳින්නෙ කොහොමද කියපන්කො. ක්ලවුන් කෙනෙක් ඇඳිලා තමා නවතින්නෙ."

"දැන් උඹ ඒක කිව්වෙ මටත් එක්කද...?"

ඒ ගමන මූණ නාළු කරගත්තෙ ටිනාශා. ඇත්තනෙ ඉතින්...මේ බොක්කෙ ෆිට් යාලුවො දිහා එක දිගට බලන් ඉන්නෙ කොහොමද කියපන්කො එහෙම. තප්පර දෙකක් බලන් හිටියත් බකස් ගාලා හිනායන්න එනවා.

"ඔව් ඉතින්...ඇයි උඹ වෙනම මලක්ද?"

"ඇද්ද අහගත්තා උඹ...ආවා මෙතන මාව විතරක් ක්ලවුන් කරලා උඹ හොඳ එකා වෙන්න."

"අනේ පලයන්...ඔය කිව්වට මූ උඹට වඩා මට කැමතියි."

මම තාම ඉඳගෙන හිටපු විදිහටම උන් දෙන්නගෙ සොඳුරු වලිය දිහා බලන් හිටියා. කොහොමත් මුන් දෙන්නට මාව බෙදාගන්න එසේ මෙසේ වලි නෙවෙයි තියෙන්නෙ වෙලාවකට.

"කොහොමත් ඉතින් මේකට අපි මොකටද නේ බං මියුස්ට...අච්චර ගෝඩ් ලුක් එකක් තියන බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉද්දි."

සිනෙලි ඇහැක් ගහලා කියද්දි ටිනාශත් මගෙ දිහා බලලා හිනාවුණා. ඒක තමයි- හෝව්ව්ව්ව් මොකක්ද කිව්වෙ?? බෝයිෆ්‍රෙන්ඩ්??

"පොඩ්ඩක් හිටපන්...බෝයිෆ්‍රෙන්ඩ්?? පිස්සුද උඹලට...එහෙම නෑ."

මම කියනවත් එක්කම උන් දෙන්නා තප්පර ගාණක් ඇහිපිල්ලම් ගහන්නෙවත් නැතුව මගෙ දිහා බලන් හිටියා. ඊට පස්සෙ දෙන්නම ඉස්සරහට නැමිලා වැලමිට කලව උඩින් තියාගෙන අත නිකටෙ ගහන් ඔලුවත් ඇළ කරගෙන මගෙ මූණට එබුණා. මේ මොන මඟුලක්ද??

"ආයෙ කියපන් බලන්න..."

"ඇයි ඉතින්...එහෙම එකක් නෑ."

මම ඒ සැරේ කිව්වෙ බිම බලාගෙන. ඇත්තටම නෑනෙ ඉතින්...හහ්.

"දැන් එතකොට ලවන් සර් උඹෙ බෝයිෆ්‍රෙන්ඩ් නෙවෙයි...?"

ටිනාශා ඒක ඇහුවෙ පුලුවන් තරම් හිමීට අපි දෙන්නට විතරක් ඇහෙන්න.

"නෑ බං...හරි- හරි මං කියන්නෙ අපි කපල් එකක් වගේ තමා...ගොඩක් වෙලාවට."

"ගොඩක් වෙලාවට කිව්වෙ...ඇයි එහෙම නැති වෙලාවලුත් තියනවද?"

"නෑ බං...මං කිව්වෙ මෙහෙමයි. අපි දෙන්නා කපල් එකක් වගේ ටෙක්ස්ක් කරනවා කෝල් කරනවා ඇවිදිනවා තමා...ඒත් ආස්ක් අවුට් කරලා නෑ තාම. We are just being comfortable with each other first."

"අනේ නිකන් ඉඳහන්...එහෙමත් ස්ටේජ් එකක් තියනවද?"

"නෑ ඇත්ත සිනූ හැබැයි...මාත් අර ශශිරංගත් එක්ක කතා කරන කාලෙ එහෙමනෙ. අපි දෙන්නා ඔෆීශියලි ආස්ක් අවුට් කරලා ගර්ල්ෆ්‍රෙන්ඩ් බෝයිෆ්‍රෙන්ඩ් වෙලා නෙවෙයිනෙ හිටියෙ. මුලදි අපි දෙන්නගෙම හිතේ කැමැත්තක් තිබ්බ නිසා අපි දෙන්නට දෙන්නා අඳුරගන්න කපල් එකක් විදිහට ටික කාලයක් හිටියා. ගැලපෙන්නෑ කියලා තේරුණ නිසා වෙන්වුණා. මොකද ඇත්තම කතාව...අපි යාලුවො විදිහට කොච්චර ෆිට් වුණත් සමහරවිට කපල් එකක් විදිහට නොගැලපෙන්න පුලුවන්. ඉතින් ඒ දේවල් අඳුරගන්න ටික කාලයක් එහෙම ඉන්ටර්මීඩියට් ස්ටේජ් එකක් තියන එක හොඳයි."

හම්මෙ ඇති යන්තම් මාව තේරුම් ගන්න පුලුවන් එකෙක් හිටියා. කොහොමත් ටිනාශත් ඔය සම්බන්ධව සෑහෙන පරිස්සම්. සිනෙලිගෙ හැටි ඉතින් දන්නවනෙ...ඒකිගෙ ලව් පලහිලව් ගැන මම කලින් කියලා තියනවනෙ. ඒ වගේ එක පාරට අනේ මම ඔයාට ආදරෙයි කියන්නැතුව ටික කාලයක් ආශ්‍රය කරානම් අර ඔටුලබ්බා කවුද කියන එක තේරුම් ගන්න තිබ්බා.

ඒත් සම්බන්ධයක් පටන් ගත්තට පස්සෙ අපිට ඒකට ඇඟිලි ගහන්න බෑනෙ...හොඳම යාලුවො වුණත් බවුන්ඩරි එකක් තියනවනෙ අපිට. ඒ නිසා ඕවා කවදාවත් අපි සිනෙලිගෙ මූණට කියලා නෑ. නිකන් කෙල්ලගෙ හිත රිද්දන්නෙ මොකටද?

"ම්ම් ඒකත් එහෙමද...?"

සිනෙලි එහෙම කියලා ටිකක් වෙලා උඩ බලන් කල්පනා කරන්න ගත්තා.

"එතකොට දැන් උඹට මොකෝ හිතෙන්නෙ...උඹලා දෙන්නා ගැලපෙනවා වගේද?"

සිනෙලි කිසි ගාණක් නැතුව මූණට එබිලා අහද්දි මම බිම බලාගත්තෙ වෙන මොකටවත් නෙවෙයි...ඔව් රෝස පාට හංගගන්න වෙන මොකටද.

"අඩෙ අප්පේ ටිනාශා බලපන්කො මේකගෙ හිනාව..."

"සිරාවට ඕයි...අවුරුදු දහයක් විතර එකට ඉන්නවා ඔහොම මනමාල හිනාවක් දැක්කමයි."

ටිනාශා දඩාස් ගාලා මගෙ පිටට පාරක් ගහලා කිව්වා. අඩේ එච්චර මනමාල හිනාවක් ගිහින්ද...හරි ඉතින් එහෙම තමා.

"ඒ කියන්නෙ ගැලපෙනවා නෙහ්..."

"ම්ම්...එහෙම තමා. අපි බලමුකො...හදිස්සියක් නෑනෙ."

මම හිනාවෙලා කියද්දි කෙල්ලො දෙන්නත් අවංකවම මාත් එක්ක හිනාවුණා. කොහොමත් මේ වගේ රටක මට ඇත්තටම ආදරේ කරන්න කොල්ලෙක් හොයාගන්න පුලුවන් වෙයිද කියන එක ගැන උන් දෙන්නා බයේ හිටියෙ. ඇයි ඉතින් ගොඩක් අපෙ කමියුනිටි එකේ අය බයයිනෙ කම් අවුට් කරන්න. එක්කො ඉන්නෙ ඒ බයටම ගෑනු අයව බැඳලා කොල්ලො එක්ක වටේ යන උන්. ඒත් මට ඒ කිසි දේකට මූණ දෙන්න වුණේ නැති එක ගැන උන් දෙන්නට සතුටුයි. ලවන් ගැන ඒ දෙන්න්නටත් විශ්වාසයක් තියනවා කියන එක මම දන්නවා.

"මෙහ් මට තව ප්‍රශ්නයක් තියනවා..."

සිනෙලි ඇහුවෙ ඇඟිලි දෙකත් එකට වද්ද වද්ද.

"ඒ කියන්නෙ...ඔයාලා දෙන්නා තාම ෆස්ට් කිස් එකවත් දීලා නැද්ද?"

සිනෙලි අහද්දි ටිනාශා ඔලුවෙ අත ගහගත්තා. ඈ යකෝ...ඔහොම මූණට අහනවද. ඒ කොහොම වුණත් ෆස්ට් කිස් එක ගැන අහද්දි මට ආයෙම අමුතු හිනාවක් යන්න ආවත් මම ඒක නවත්තගෙන ඔලුව වැනුවෙ නෑ කියන්න.

"අඩේ සිරාවට...ඒ ඔය දෙන්නා හෙන කියුට් අප්පා. බලන්න ඉතින් ඒ තියන ඉවසීම නෙහ්."

සිනෙලි එහෙම කියන ගමන් මගෙ උරහිසින් අත දාලා මාව බදාගත්තා. මේ මොකද යකෝ...කිස් එක දීලා නෑ කිව්වම කියුට් අනම් මනම් ගාන්නේ.

"දැන් උඹ මොකද ඔය විදූගෙ ඇඟේ නැගගෙන කරන්නේ...?"

"නෑ ඉතින්...මට වැඩියෙන් ආදරේ හිතුණා එහෙම කියද්දි. මම කොහොමත් විදුර්ටයි ල- මං කිව්වේ මේ විදුර්ගෙ- විදුර් කැමති කෙනා ඉන්නෙ...ඕ එයාටයි ආදරෙයි. ඒත් එයාලා ගැන මෙහෙම පොඩි පොඩි ඩීටේල්ස් දැනගද්දි තව ආදරේ හිතෙනවා."

මේකි ආදරේ ප්‍රකාශ කරන්න ගිහින් තව ටිකෙන් කැම්පස් එකම දැනගන්නවා මම කැමති කෙනා කවුද කියලා. නූලෙන් ශේප් වුණා වෙලාවට. පොඩ්ඩක් මොංගල් වගේ හැසිරුණාට මුන් දෙන්නා ඔය කියන්නෙ අවංකවමයි. මම සිනෙලිගෙ පිටට තට්ටුවක් දාද්දි එයා මගෙ කම්මුලට පොඩ්ඩක් කම්මුල තද කරලා එහාට වුණා.

"මෙහ් ඒක නෙවේ අද මොකෝ එයා ඇවිත් නැත්තෙ...?"

"සනීප නෑලු කිව්වෙ..."

"සිරාවට...?? ඒ මක් වෙලාද?"

"මේ ටිකේම මහ රෑ නෑවනෙ...සීතල අල්ලන්න ඇති."

මේ සතියම මහ රෑ වෙනකන් ප්‍රැක්ටිස් කරපු නිසා ලවනුත් හිටියා අපි එක්ක. ඒ නිසා මේ සතියම ගෙදර ගියෙත් රෑ වෙලා තමා. මම කිව්වා මහ රෑ වෙලා නාද්දි හෙම්බිරිස්සාවක් හැදෙයි කියලා. කොහෙද ඉතින් ලොකුකමනෙ...ඔයත් රෑට නේද විදුර් නාන්නෙ හැමදාම ඔයාට ලෙඩක් නෑනෙ හැයි හැයි ගගා හිටියා.

මම ඉතින් උපන්දා ඉඳන් ඉන්නෙ මෙහෙනෙ...නෑ උපන්දා නෙවෙයි අවුරුදු තුනේ විතර ඉඳන් ඉන්නෙ මෙහෙනෙ. එතකොට රෑ නෙවෙයි කීයට නෑවත් අවුලක් නෑ. ලවන් ආවෙ ළඟදි...එක පාරට ඉන්න තැන වෙනස් වෙලා ක්ලයිමෙට් එක වෙනස් වුණාම ඕන කෙනෙක්ට ඔහොම ඉක්මනට ලෙඩ හැදෙන්න බලනවා. පණ්ඩිතකමට ඔය එකක්වත් ඇහුවයැ...දැන් ඉන්නවා සුරුස් සුරුස් ගගා ඇද ඇද.

අපි ඔක්කොම වගේ තව විනාඩි දහයක් විතර රෙස්ට් කරලා ප්‍රැක්ටිස් පටන් ගන්න ගියා. හවස දෙක විතර වෙනකොට එක එක අයිටම්ස් ස්ටේජ් එකට ප්‍රැක්ටිස් කරන්න ගත්තා. ඇත්තම කතාව...කොන්සට් එක තියෙන්නෙ අනිද්දා වුණාට වැඩි හරියක් අයගෙ අයිටම්ස්නම් තාම හරියට රෙඩි නෑ. ඒකට වැරැද්දක් කියන්නත් බෑ ඉතින. ඉගෙනගන්නයි ඕගනයිස් කරන්නයි ඔක්කොම අතරෙනෙ ප්‍රැක්ටිස් කරේ.

සමහර ගෲප් සෝන්ග් වල එහෙම තාලෙට වැනෙන්නෙවත් නෑ කට්ටිය. ඉන්ග්ලිශ් ලෙක්චරර්ස්ලා ටික හරිම ඩිසපොයින්ටඩ් විදිහට බලන් හිටියෙ. එහෙම බැලුවම ඉතින් මට ප්‍රැක්ටිස් කරන්න දෙයක් තිබ්බෙම නෑ. මම ඔය සින්දු දෙක කියලා ඇති අනන්තවත්.

"විදුර්...ඔයා ප්‍රැක්ටිස් කරා ඇති ළමයො. ඔයාගෙ හදන්න දෙයක් නෑනෙ. අදට ඇති."

හවස තුන හමාර වෙන්නත් කලින් රජිත සර් මට කිව්වා. ඒ කියන්නෙ මට යන්න පුලුවන්ද දැන්...මොකෝ අද ඩෙකරේශන් අනම් මනම් එහෙමත් නෑනෙ. ඔන්න හෙටනම් තියෙයි ඒ වැඩ. කොහොමත් ලොකු ලොකු ඩෙකරේශන් වැඩ ටික අපි ඉවර කරලා තිබ්බෙ. ඒ නිසා අවුලක් නෑ. මම තව ටිකක් බලලා කෙල්ලො දෙන්නටත් කියලා හතර වෙන්න කලින් එතනින් ආවා.

ඕන්නම් කැෆේ එකට යන්නත් වෙලා තියනවා. ඒත් අදට ඕන්නෑ...මම ලෑස්ති වෙලා ආවෙත් නෑනෙ. අනික මේ එක්කනෙක් ඉන්නවනෙ අසනීප වෙලා. තාම රෑ වෙලත් නැති එකේ මම බයික් එක එතනින්ම උඩ පාරට හැරෙව්වෙ ලෙඩ්ඩු බලන්න යන්න.

වෙලාවට හැරෙන තැනම වගේ පළතුරු කඩයක් තිබ්බ නිසා එතනින් පළතුරු ටිකකුත් ගත්තා. මම ලවන්ගෙ අපාට්මන්ට් එක ගාවට ළං වෙද්දි දැක්කා එයා එළියෙ පුටුවකින් ඉඳගෙන වැව පැත්ත බලාගෙන ඉන්නවා. පව්...ලෙඩ පාට මූණෙන් පේනවා හොඳට.

බයික් එකේ සද්දෙ ඇහිලා පාර පැත්ත බලපු ලවන් මාව දැකලා පුදුමෙන් වගේ හිටපු තැනින් නැගිට්ටා. මම බයික් එක නවත්තලා හෙල්මට් එක ගලවනවත් එක්කම මගෙ ගාවට ආපු ලවන් එක්ක මම හිනාවුණා.

"විදුර්...ඔයාට ප්‍රැක්ටිස් නේද? මේ වෙලාවෙ කොහොමද ආවෙ?"

ලවන් එයාගෙ පුරුදු සන්සුන් කටහඬින් ඇහුවා. පුදුම වුණාට මොකද මම ආවට පස්සෙ ඇස් දෙකේ ඇඳුණ සතුට සැනසීම මම හොඳටම දැක්කා. ඇත්තටම ඒ වගේ අසනීප වුණ වෙලාවක ආදරේ කරන කෙනා ළඟ ඉන්නවා කියන්නෙ ඊට වඩා දෙයක් ඕනෙ නෑ. මමත් පහුගිය ටිකේ ඒක හොඳට අත් වින්ඳා. ලවන්ටත් ඒ විදිහටම දැනෙනවා ඇති.

"මගෙ ප්‍රැක්ටිස් කරන්න දෙයක් නෑ කියලා එළෙව්වා..."

"අනේ මේ..."

"නෑ ඇත්තටම...මං මේ නරක විදිහට කියනවා නෙවෙයි ඒත් ගොඩක් අයිටම්ස් තව සෑහෙන්න හැදෙන්න ඕන. ඒ නිසා රජිත සර් කිව්වා මගෙ ආයෙ හදන්න දෙයක් නෑනෙ ගෙදර යන්න කියලා."

"ම්ම්...ඉතින් ඔයාට මෙහෙ එන්න හිතුනද?"

ලවන් මගෙ අතින් අල්ලගෙන ඇහුවා.

"ඔව් ඉතින්.. මට තියනවනෙ කියන දේ අහන්නැතුව ලෙඩ හදාගත්ත මිනිස්සුන්ගෙ ලෙඩ බලන්න යන්න. මට තමා ඒ දවස් වල-"

"අනේ විදුර්...මගෙ ලෙඩ වැඩිවෙනවා අප්පා."

මගෙ කියවිල්ලට ලවන් හරිම අසරණ විදිහට කියද්දි මට හිනාගියා. එහෙම කොහොමද මට ඒ දවස් වල බැනපුවට පළිගන්න එපැයි.

"ආ...ඔයාට ගෙනාවෙ."

මම පළතුරු බෑග් එක ලවන්ගෙ අතට දෙද්දි එයා ආයෙම හිනාවුණා. හෙම්බිරිස්සාව නිසා වැඩිය සීතල ජාති එකක්වත් ගත්තෙ නෑ මං. සාමාන්‍ය ඒවා ටිකක් ගත්තෙ.

"තෑන්ක්ස්...අපි ඇතුළට යමු."

ලවන් මගෙ අතින් අල්ලගෙනම මාව ගේ ඇතුළට එක්කන් ආවා. උදේ ඉඳන් තේ බීපු කෝප්ප ටික තාම එහෙමම ස්ටූල් එක උඩ තියනවා. එයා සාමාන්‍යයෙන් මෙහෙම ඉන්න කෙනෙක් නෙවෙයි...ඇඟට අමාරු ඇති ඒකයි මෙහෙම.

"ඉඳගන්න විදුර්..."

"මේ ටික කීයෙ ඉඳන්ද මෙහෙම...ඉන්න මම හෝදලා එන්නම්."

"අනේ විදුර් ඔයා ඕවා කරන්න එපා...තියන්නකො-"

"අනේ මේ පැහෙන්නැතුව වාඩිවෙලා ඉන්න...මම දන්නවා ඔයා මෙහෙම ඉන්න කැමති නෑ කියලා."

මම එයාව ගණන් ගන්නැතුව කෝප්ප ටිකත් අරන් ලවන්ව පාස් කරලා යද්දි එයාට හිනාගියා. මම කුස්සියට ගිහින් කෝප්ප ටික සෝදන අතරෙ ලවනුත් මගෙ පිටිපස්සෙන්ම ඇවිත් පළතුරු ටික කූඩෙන් තිබ්බා.

"උදේම තේ බීපු එක සිතුම්ය හෝදලා ගියා...එච්චරම තමා. ඒක හෝදන එකත් මහන්සි වගේ විදුර්. මොනවහරි බොන්න ඕන වෙද්දි අලුත් කප් එකක් අරන් ඇවිත් මැෂින් එකෙන් කොෆී එක හදාගන්න එක විතරයි කරේ."

"උණ හැදුනම ඔහොම තමා ලවන්...පුලුවන් තරම් රෙස්ට් කරන්න කියලනෙ ඩොක්ටර්ස්ලත් කියන්නෙ. ඔයා කාලද ඉන්නෙ?"

"ම්ම්...ඒකත් අමතක වෙලා හිටියෙ. සිතුම්ය කෑම එකක් එවලා තිබ්බා දවල්ට."

අපි දෙන්නම සාලෙට ඇවිත් ඉඳගද්දි ලවන් කිව්වා. අපෙ අප්පේ...ඉඳගත්ත දුර. හිතාගෙන ඇති ලෙඩ පිට දාලා මගෙන් ඈතට වෙලා ඉන්න. මම තප්පර දෙකක් විතර රවාගෙන බලන් ඉඳලා ලවන් අස්සටම ගිහින් එයාගෙ අත බදාගත්තා.

"අනේ එපා විදුර්...ඔයාට බෝවෙයි-"

"අනේ මේ...බෝවෙන්න මේක වෛරස් උණක්ද? තවුසෙ මහ රෑ නාලා හදාගත්තා උණ මට බෝවෙන්නෑ."

"ඒ වුණාට...ඔයා සින්ග් කරන්නත් ඕනෙ විදුර්-"

"කිව්වනෙ දැන්...ඔය හෙම්බිරිස්සාව මට බෝවෙන්නෑ."

"ශුවර්ද...?"

ආයෙ ඉතින් ශුවර්ද අහන්නෙ...එයා විහින් හදාගත්ත උණක්නෙ මේක. අනික කොච්චර එපා කිව්වත් මට තේරෙනවා මම ළඟ ඉන්න එකට එයා කැමති කියලා.

"ඔව්...එන්නකො."

මම සෝෆා එකට හේත්තු වෙලා ලවන්ව ටිකක් ළං කරගද්දි එයා මාව බදාගෙන මගෙ පපුවෙන් ඔලුව තියාගත්තා. මමත් එයාගෙ උරහිස වටේ අත් දෙක දාලා එයාව ළං කරගත්තා. මම කලින් දවසක් කිව්වෙ සල්ලි වලින් ගත්තත් මම එයා මතම ඩිපෙන්ඩ් වෙන්න කැමති නෑ කියලා. ඉමෝශනලි වුණත් ඒ වගේ තමා...

මම අවුරුදු දෙක තුනක් බාල වුණා කියලා හැම වෙලේම මමම එයාට තුරුල් වෙලා සැනසෙන්න ඕනෙ නෑනෙ. එයාටත් ජීවිතේ දරාගන්න බැරි තැන් එනවා. හරියට මේ දැන් වගේ...අපි කවුද අකමැති අසනීපයක් වුණ වෙලාවට අපි ආදරේ කරන අපි ළඟම කෙනෙක්ගෙ අස්සට වෙලා ඉන්න.

ලවන් අසනීපෙන් ඉන්න මේ වෙලාවෙ මට හොඳටම තේරෙනවා එයා ඒ දේ බලාපොරොත්තු වෙනවා කියලා. ඉතින් මට ඕනෙ මට පුලුවන් හැම වෙලාවකම එයාට සැනසීමක් ගේන්න...හරියට පහුගිය ටිකේ මම අසනීප වෙලා ඉද්දි, වැඩ වැඩි වෙලා රෑ වෙනකන් වැඩ කරලා පිස්සුවෙන් වගේ ඉද්දි එයා මං ළඟ හිටියා වගේම, මාව තුරුල් කරන් මගෙ හැම ප්‍රශ්නයක්ම අමතක වෙනකන් මගෙ ඔලුව අතගගා හිටියා වගේම මටත් ඕන එයා එක්ක ඉන්න.

"ගොඩක් අමාරුද ලවන් තාම...බෙහෙත් බිව්වා නේද?"

"ඔව්...උදේ තිබ්බට වඩා ටිකක් අඩුයි දැන්."

"ඔයා හෙට රිහර්සල් වලට එන්නත් එපා කෝකටත්...අපි ඉන්නවනෙ වැඩ බලන්න."

"ම්ම්..."

"හැබැයි අනිද්දා වෙද්දි හොඳ කරගත්තෙ නැත්තම්නම් පුතේ ගොඩා...ක් රිදෙයි ඈ."

මම කියද්දි ලවන්ට යන්තම් හිනාගියා.

"අනිද්දා නෑවිත් කොහොමද...මගෙ රෝස මල සින්ග් කරනවා බලන්න එපැයි."

ලවන් යන්තම් මගෙ දිහාට හැරිලා මගෙ කම්මුලට තට්ටුවක් දාලා කියලා ආයෙම මගෙ පපුවෙන් ඔලුව තියාගත්තා.

රෝස මල?!? දෙයියනේ...රෝස පාට වුණ පළියට රෝස මල කිව්වම හරිද...මම කොහොමද එයා එහෙම කියද්දි දරාගන්නෙ?? අනික මගෙ රෝස මල කියලත් කිව්වා...මගෙ පපුව ගැහෙන වේගෙ වැඩිවුණේ මටත් නොදැනිම. මගෙ පපුවට ඔලුව තියන් හිටපු ලවන්ට ඒක දැනිලා ආයෙම හිනාගියා.

"ඔයා ආසද මම එහෙම කියනවට...?"

ලවන් ඇහුවෙ මගෙ දිහා බලන්නැතුව...ඒත් තව ටිකක් තදින් මාව බදාගන්න ගමන්.

"ම්ම්..."

පිස්සුවෙන් වගේ හරියට කතා කරගන්නවත් බැරුව හිටපු මම හිමින් උත්තර දුන්නා.

"You'll have to get used to it then..."

වෙලාවට ලවන් තාම මගෙ පපුවට හේත්තු වෙලා ඉන්නෙ...නැත්තම් මේ කියන ඒවට රෝස නෙවෙයි ශුවර් වෙන මොකක්හරි පාටක් වෙලා ඇත්තෙ.

මම එහෙමම ලවන්ගෙ ඔලුව අතගගා ඉද්දි එයාට නින්ද ගියා. ඒත් මහ වෙලාවක් නෙවෙයි...බෙහෙත් වලට නින්ද ගියා වුණත් ඇඟේ අමාරුවට ඇහැරෙනවද කොහෙද.

"ඔහ්...අනේ නින්ද ගියා. ඔයාට අමාරුද?"

"නෑ...ඔහොම ඉන්න ටිකක්."

මම තාම ලවන්ගෙ ඔලුව අතගාන ගමන් හිටියෙ. එයා ලොකු සැනසීමකින් වගේ හුස්මක් පිට කරලා ආයෙම මාව තද කරලා බදාගත්තා. දැන්නම් උණ බැහැලා වගේ ටිකක්. යන්තම් දාඩියත් දාලා තිබ්බෙ...උණ බහිනවා ඒ කියන්නෙ.

තව විනාඩි පහක් විතර එහෙමම හිටපු ලවන් මගෙ ගාවින් ටිකක් එහාට වුණා.

"ඔයාට අමාරුයි විදුර්...දැන් ඇති."

"එහෙම අවුලක් නෑ...මම තව ටිකක් ඔලුව අතගාන්නද-"

මම ඒක කියලා ඉවර කරන්නත් කලින්ම ලවන්ට එක දිගට කිබුහුම් පහ හයක්ම ගිහින් එයා නළල දෙපැත්තෙන් අත් දෙක තියාගත්තා. වෙලාවකට එහෙමයි...නිදාගෙන ඉන්නකම් හරි ඔලුව අතගානකම් හරි සනීපයි. ඒක ඉවර වුණ ගමන් ආයෙ කිබුහුම් යන්න ගන්නවා.

මම පොඩ්ඩක් ලවන්ට ළං වෙලා ආයෙම හිමීට එයාගෙ කෙස් අතරින් ඇඟිලි අරන් ගියා.

"ආයෙ කීයටද බෙහෙත් බොන්න තියෙන්නෙ...?"

"හයට...හය හමාරට වගේ."

"තව වෙලා තියනවනෙ...මම සුප් එකක් හදන්නද එතකන්?"

ප්‍රශ්නයක් විදිහට ඇහුවට මොකද මම ඒ වෙද්දිත් නැගිටලා හිටියෙ කුස්සියට යන්න. දවසම හරියට කාලත් නෑනෙ...ඇඟට පණ එයි සුප් එකක් හරි බිව්වොත්. ඒත් මං කුස්සියට යන්න හදනවත් එක්කම ලවන් මගෙ අත අල්ලගත්තා.

"විදුර් එපා...ඔයා ආවා මදිවට දැන් කීයක් කරාද-"

"කමක් නෑ...ඔයාට තනියෙන් කරගන්න බෑනෙ ලවන් කොහොමත්. මට පුලුවන්..."

"අනේ එපා විදුර් මම හදාගන්නම්...ඔයා ඉඳගෙන ඉන්නකො."

"ඔහොම හචින් ඇර ඇර එළවළු කපන්න ගිහින් අන්තිමට ඇඟිල්ලක්වත් ගහලා ගියොත් එහෙම...අන්තිමට ඒකටත් මම එපැයි සාත්තු කරන්න."

මම විහිලුවට වගේ කියද්දි ලවන්ටත් හිනාගියා. ඒත් එයා තාම ඉන්නෙ අවුල් මූණකින්.

"ඒ වුණාට මගෙ හිතට හරි නෑ...මම ඔයාගෙන් වැඩ ගන්නවා වගේනෙ. එහෙම කරදර කරන්න බෑ ඔයාට."

ලවන් කියද්දි මම එහෙමම එයා ගාවින් සෝෆා එකේ ඇන්ඳෙන් ඉඳගත්තා.

"ලවන්...මම අසනීප වෙලා ඉද්දි ඔයා මාව බලාගත්තා නේද? ඔයාට මාව කරදරයක් වගේ දැනුණද?"

මම අහද්දි ලවන් ඇස් දෙකත් ලොකු කරලා මගෙ දිහා බැලුවා. මම දන්නවා කරදරයක් නෙවෙයි කියලා...ඒක ඔය ඕවර්තින්කින් මොළේට තේරුම් කරවන්න හදන්නෙ මම.

"පිස්සුද...මට එහෙම දැනුණෙ නෑ."

"ඉතින් ඇයි එහෙනම් මට එහෙම දැනෙනවා කියලා හිතන්නෙ..."

මම සන්සුන්ව අහද්දි ලවන් බිම බලාගත්තා. මම එයාව පොඩ්ඩක් ළං කරගෙන මගෙ පපුවට හේත්තු කරගත්තා.

"ඒ වගේ මටත් ඔයාව බලාගන්න දෙන්න ලවන්...මට කිසිම කරදරයක් නෑ."

මම කියද්දි ලවන් මුකුත් කියන්නැතුව හිටියා. එයාගෙ අවුලක් නෑ දැන් මං හිතන්නෙ. මම හිමින් ලවන්ගෙ උරහිසින් අල්ලලා එහාට කරලා කුස්සියට ගියා. හැරිලා බලද්දි මෙන්න මෙයත් මගෙ පස්සෙන් ඇවිත්.

"මමත් උදව් කරන්නම්..."

ඇස් දෙක ඇරගෙන ඉන්නවත් බෑ අමාරුයි. උදව් කරන්න කතාව. කමක් නෑ එයාට පොඩි හරි ගිල්ටි ෆීලින් එකක් තියනවනම් ඒක නැතිවෙයිනෙ.

"ම්ම්...එහෙනම් එළවළු ටික මට ගෙනත් දෙන්නකො."

මම ශර්ට් එකේ අත් දෙකත් නමාගෙන ඒප්‍රන් එක ඇඳගන්න ගමන් කියද්දි ලවන් හිනාවෙලා ෆ්‍රිජ් එක ඇරලා එළවළු තෝරන්න ගත්තා. මම ලවන්ට සීතල වෙන වතුර අල්ලන වැඩ මුකුත්ම කරන්න දුන්නෙ නෑ. එයා ඔය එක එක ඒවා ළඟට ගෙනත් දෙනවා වගේ පොඩි පහේ වැඩ කරා.

සුප් එක හදන්න මට වැඩි වෙලා ගියෙ නෑ. හම්මේ ඒකෙ සුවඳට මටත් බොන්න හිතෙනවා. කොහොමත් අම්මා අයියටයි මටයි පොඩි කාලෙ ඉඳන් ඕවා පුරුදු කරලා තියෙන්නෙ. කොල්ලොනෙ කියලා අතට පයට හැමදේම කරලා දුන්නෙ නෑ.

ඇත්තම කතාව අප්පච්චි සීනියර් ලෙක්චරර් කෙනෙක් විදිහට, ඩීන් කෙනෙක් විදිහට බිසීනෙ. අප්පච්චිට වැඩිය එන්න වුණේ නෑ අම්මට ගෙදර වැඩ වලට උදව් කරන්න. අම්මා ටීචර් කෙනෙක් විදිහට සාපේක්ෂව නිදහස තියන නිසා එයා තමා ගෙදර වැඩ ගොඩක්ම කරේ.

ඉතින් පොඩි කාලෙ ඉඳන්ම අම්මා අපි දෙන්නව පොඩි පොඩි වැඩ වලට හවුල් කරගෙන ඒවා පුරුදු කරා. දැන් ඉතින් දෙයියනේ කියලා මෙහෙම දෙයක් කරගන්න විතරක් නෙවෙයි අම්මා අසනීප වුණ වෙලාවක වගේ එහෙම වේලක්ම උයලා කන්න, ගෙදර අනිත් හැමදේම කරන්න වුණත් අපි දෙන්නට පුලුවන්.

දැන්නම් අප්පච්චි ගෙදර නිසා අම්මට සෑහෙන්න උදව් කරනවා. වෙලාවකට උදේ නැගිටලා උයන්නෙත් අප්පච්චි. ඒ දෙන්නා ගෙදර වැඩ ගෑණු වැඩ පිරිමි වැඩ කියලා බෙදාගෙන නෑ. නිදහස තියන කෙනා ඒ වැඩේ කරනවා. ඉස්සරහ අප්පච්චි බිසී දවස් වල අම්මා වත්ත උදලු ගානවා වගේ 'පිරිමි වැඩ' එහෙමත් කරනවා. කපල් එකක් විදිහට තියන වැඩ ඒ ඒ විදිහට බෙදාගන්නවා මිසක් ඒ දෙන්නා කවදාවත් අරවා ඔයා කරන්න ඕන වැඩනෙ මේවා කරන්නෙ ගෑනුණෙ, පිරිමිනෙ කියලා ගහ මරාගෙන නෑ. ඉතින් අයියටයි මටයිත් පොඩි කාලෙ ඉඳන් තිබුණෙ ඒ මයින්ඩ්සෙට් එක.

එහෙම ගෑණු වැඩ පිරිමි වැඩ කියලා සමාජෙන් බෙදාගන්න ඉන්නවා කියලා මම දන්නෙත් ඉස්කෝලේ ගිහිල්ලත් අවුරුදු ගාණක් ගියාට පස්සෙ. මොකද අපෙ ගෙදර තිබ්බ කල්චර් එක නිදහස් කෙනා ඒ වැඩේ ඉවර කරන්න, පොඩි පොඩි වැඩනම් ඒවා ළමයි දෙන්නටත් දෙන්න...මේක හැමෝගෙම ගෙදරනම් හැමෝම අතින් ඒ ඒ වැඩ කොහොමහරි කෙරෙන්න ඕනෙ කියන එක.

අප්පච්චි අසනීප වුණ වෙලාවක, බිසී වෙලාවක අම්මා ගෙදරම අස් කරන හැටි, වොශ් රූම් සුද්ද කරන හැටි මම දැකලා තියනවා වගේම...අම්මා අසනීප වුණ වෙලාවට, බිසී වෙලාවට අප්පච්චි තුන් වේලම උයනවා, රෙදි හෝදනවා වගේ වැඩ කරනවා මම දැකලා තියනවා. අයියයි මමයි ඒවට උදව් කරලත් තියනවා.

ඉතින් එහෙම ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එකක හැදිච්ච මට ලවන්ට මෙහෙම දෙයක් කරනවා කියන්නෙ කොහෙත්ම කරදරයක් නෙවෙයි...ඒක මගෙ අතින් මේ වෙලාවෙ වෙන්න ඕන දෙයක්.

මම සුප් එක හදලා කුස්සිය අස් කරද්දිත් ලවන් මට උදව් කරා. අන්තිමට මමම එයාට සුප් එක පොවලා වෙලාවට බෙහෙතුත් දුන්නා. හය හමාර පහුවුණා විතරයි. තව වෙලා තියනවා...මම කැෆේ ගියානම් ගෙදර යන්නෙ මීටත් රෑ වෙලානෙ.

අනික බෙහෙත් බිව්වට පස්සෙ ලවන්ට තිබ්බට වඩා සෑහෙන්න අඩු වුණා. එයා පුරුදු විදිහට වැව පේන ග්ලාස් වෝල් එක ළඟ තියන සෝෆා එකෙන් ඉඳගද්දි මම එයාගෙ එහා පැත්තෙන් ඉඳගෙන උරහිසින් ඔලුව තියාගත්තා. ලවන් මගෙ වටේ අත දාලා එයාට තව ටිකක් ළං කරගත්තා.

"දැන් අඩුයි නේද...?"

"ඔව්...ඔයා ආපු නිසා ඉක්මනට අඩු වුණා වගේ."

ලවන් හිනාවෙලා කියද්දි මම යන්තම් එයාගෙ අත කෙනිත්තුවා. ඔව් ඉතින් එහෙම තමා මං වගේ සිරියාවන්ත කොල්ලෙක් ගෙදරට ආවම. අපි දෙන්නා එහෙමම තව විනාඩි ගාණක් හිටියා. නුවර ටවුන් එකම පෙනුණෙ නැතත් මේ පේන වීව් එක ලස්සනයි රෑ ලයිට් එළියත් එක්ක.

ඒ වීව් එකත් බල බල ස්ලෝ සින්දුවකුත් දාගෙන අපි දෙන්නා කියව කියව හිටියා. එයාටනම් කියවන්න බෑ අමාරුයි ටිකක්. මම තමා වැඩි හරියක් අද වෙච්ච දේවල් ගැන කිය කිය හිටියෙ.

"ලවන් උඹ කෑවද...මට කෝල් එකක්ව දෙන්න බැරිවුණානෙ බං බෙහෙත් මතක් කරන්න."

මමයි ලවනුයි දෙන්නම එක පාරට දොර දිහා බැලුවෙ ආපු සද්දෙට. ඔව් ඉතින් වෙන කවුද ලවන්ගෙ අතිජාත මිත්‍රයා තමා. මාව දැක්ක ගමන් සිතුම්ය ගැස්සුණා. බයික් එක මම අයිනට කරලනෙ නැවැත්තුවෙ...දකින්න නැතුව ඇති. මම ලවන්ගෙන් එහාට වුණෙත් නෑ. දන්නවනෙ අපි දෙන්නා ගැන. මම හිටපු විදිහටම සිතුම්ය එක්ක හිනාවුණා.

"ඔහ්...විදුර්. ඔයා ආවද? ගොඩක් වෙලාද ඇවිත්?"

සිතුම්ය සෝෆා එක දිහාට එන ගමන් අහද්දි මම ඔලුව වැනුවෙ නෑ කියන්න.

"එහෙනම් වෙලාවට කන්න බොන්න එහෙම දෙන්න ඇතිනෙ නේ..."

සිතුම්ය අහද්දි ලවන් හිනාවුණා. මේ විදුර් ඉන්නකම් එහෙම තමා...බෙහෙත්, කෑම වෙලාවට ළඟට.

"ම්ම් ඔව්...උඹ කාලද ආවෙ."

ලවන් මගෙ කෙස් හිමීට අතගාන ගමන් සිතුම්යගෙන් ඇහුවා.

"මම කෑම ගෙනාවා...වොශ් දාන් ඇවිත් කමු."

"ම්ම්..."

ලවන් සිතුම්යට ලාවට පහක් දාන ගමන් කිව්වා. සිතුම්ය යන්න ගිහිල්ලත් ටිකක් නැවතිලා අපි දෙන්නා දිහා බලන් හිටියා. මම දන්නෑ මට වැරදුණාද කියලා...ඒත් ඒ ඇස් වල වේදනාවක් මම දැක්කා.

සිතුම්ය ලවන්ගෙ පිටට තට්ටුවක් දාලා උඩ තට්ටුවට යනකන්ම මම එයා දිහා බලන් හිටියා. මට සිතුම්යව ඇත්තටම තේරුම් ගන්න බෑ...මට එයාව මුලින්ම හම්බුණ දවසෙ අත්දැකීම මට තවම අමතක නෑ. එදා මම ඇත්තටම එයාට කැමති වුණේ නෑ.

ඒත් ඊට පස්සෙ කිසිම දවසක එයා මට ඒ වගේ කතා කරේ නෑ. එදා කැෆේ එකට ආපු දවසෙ වුණත් සාමාන්‍ය විදිහට මාත් එක්ක කතා කරානෙ. දැන් වුණත්...සාමාන්‍ය විදිහට කතා කරා වුණාට ඒ ඇස්වල පොඩි හරි බයක් වේදනාවක් ගෑවිලා තියෙන්න ඇයි කියලා මට තේරෙන්නෑ.

"ලවන්..."

"ම්ම්..."

"සිතුම්ය...ඇයි එයා ඒ විදිහට බැලුවෙ? මං කියන්නෙ- ඔයාට තේරෙනවනෙ."

මම අහද්දි ලවන් ලොකු හුස්මක් පහළ දාලා මගෙ නළලින් හාද්දක් තිබ්බා.

"අපි දෙන්නා දකිද්දි එයාට එයාගෙ ආදරේ මතක් වෙනවා ඇති..."

ලවන් ඒක කියද්දි මම එක පාරට කෙලින් වෙලා ලවන්ගෙ මූණ පේන විදිහට ඉඳගත්තා. සිතුම්යට ආදරේ කරන්න කෙනෙක් හිටියද...මම දැනන් හිටියෙ නෑනෙ.

"ඒ කිව්වෙ...ඇයි එයාගෙ ආදරේට මොකද වුණේ??"

"එයාට එයාගෙ ආදරේ නැතිවුණා විදුර්..."

ලවන් ගොඩක් ලොකු වේදනාවකින් කියද්දි මට දැනුණෙ මගෙ පපුවම රිදෙන්න ගත්තා වගේ. කාට වුණත්...මම දන්න නොදන්න කාට වුණත් තමන් ආදරේ කරන කෙනා නැතිවෙන්න ඕනෙ නෑ. දෙන්නෙක් ආදරේ කරන්න ගන්නෙ ඒ දෙන්නට දෙන්නා ගැලපෙන නිසානෙ. සිතුම්යට එහෙම වුණා කියලා දැනගද්දි මට ඇත්තටම ඇතිවුණේ කියාගන්න බැරි දුකක්.

"ඇයි එයාලට මොකද වුණේ...?"

මම අහද්දි ලවන් අමුතු දුකකින් හිනාවෙලා මගෙ අතින් අල්ලගත්තා.

"මට තිබ්බ ප්‍රශ්න ඒ විදිහටම එයාටත් තිබ්බා විදුර්..."

මට එක පාරට දැනුණෙ මගෙ ඇඟ ඇතුළෙ විදුලියක් කෙටුවා වගේ. එයා එයාට තියන ප්‍රශ්න ගැන කිව්වත් මම හිතුවෙ නෑ ඒවා තමන් ආදරේ කරන කෙනා නැතිවෙන්න තරමෙ ප්‍රශ්න කියලා.

"ඔයා කියන්නෙ අපිටත් එහෙම වෙන්න පුලුවන් කියලද...?"

මම ඇස් දෙකත් ලොකු කරන් බයෙන් වගේ අහද්දි ලවන් මගෙ දිහා ටිකක් වෙලා බලන් ඉඳලා ආයෙම මාව එයාට හේත්තු කරගත්තා.

"අපිට එහෙම වෙන්නෙ නෑ විදුර්...මම ඔයාට කිව්වනෙ. මාව විශ්වාස කරන්න."

"ඒත්-"

"විදුර් මේ අහන්නකො..."

ලවන් සන්සුන්ව කිව්වෙ තවමත් මගෙ කෙස් පිරිමදින ගමන්.

"මම සිතුම්ය ගැන වැරැද්දක් කියනවා නෙවෙයි. ඕනම කෙනෙක් තමන්ගෙ ආදරේ වෙනුවෙන් ඕන දෙයක් කරනවා. ඒත්...ඒ දෙන්නා උත්තර හෙව්වෙ එයාලා දෙන්නට මිසක් තියන ප්‍රශ්න වලට නෙවෙයි."

"....."

"මට ඕන...ඒ ප්‍රශ්නෙට විසඳුමක් හොයන්න. කවදාහරි අපි දෙන්නට විතරක් නෙවෙයි...වෙන ඕනම දෙන්නෙකුට මෙහෙම ප්‍රශ්න ඇති නොවෙන්න මේ දේවල් වලට විසඳුමක් හොයන්න."

"ඔයා දවසක් යන්න ඕනෙ කියලා කිව්වෙ ඒකද...?"

මම තව ටිකක් ලවන්ට තුරුල් වෙලා ඇහුවෙ එයා එහෙම දෙයක් ගැන දවසක් කිව්වා මට හොඳටම මතක නිසා.

"ඔව්...මම ගිහින් ආපහු එනවා විදුර්. මම - මමත් දන්නෑ මේවා කොහෙන් පටන් ගන්නද කියලා ඒත්- මම අපි දෙන්නා වෙනුවෙන් ඕනම දෙයක් කරනවා."

"ඔයාට කරදරයක් වෙන්නෙ නෑ කියලා විශ්වාසද ලවන්...? ඔයා ඔය කියන විදිහට මට බයයි."

මම ආයෙම ලවන්ට මූණලා ඉඳගෙන අහද්දි එයා යන්තම් හිනාවෙලා මගෙ නහය මිරිකුවා.

"මුකුත් වෙන්නෑ...අනික- මේ තියන දේවල් තියන විදිහටම පිළිඅරන් හැමදාම ඔයා නැතුව ඉන්නවට වඩා ටික දවසක් ඔයා නැතුව ඉවසන්න මට පුලුවන්."

ලවන් කියන එක මට හරියටම නොතේරුනත්...එයා කියන එක මටත් ඒ විදිහටම දැනෙනවා. ලවන්ව හැමදාම නැතිකරගන්නවට වඩා ටික දවසක් එයා එනකන් බලන් ඉන්න එක මහලොකු දෙයක් නෙවෙයි.

මම කල්පනා කර කර ඉද්දි ලවන් මගෙ කන වැහෙන විදිහට කම්මුල ගාවින් අත තියලා හෙමින් ඇඟිල්ලෙන් මූණ පිරිමදින්න ගත්තා.

"මම ඔයා ගාවට ආයෙම එනවා විදුර්...මාව විශ්වාස කරන්න."

මට එයාව විශ්වාසයි...එයාගෙ ඇස් දෙක කවදාවත් මට බොරු කරලා නෑ. එයාගෙ ඇස් වල තියන විශ්වාසෙට මගෙ බයත් එහෙමම නැතිවෙලා ගියා. මම දන්නවා එයා ආපහු එනවා කියලා.

මම ලවන්ට ආයෙම හේත්තු වෙන්න යද්දි එයා මගෙ නළලට දිග හාද්දක් දුන්නා. අපි දෙන්නා තව ටික වෙලාවක් කතා කර කර හිටියා. ලවන් මට සිතුම්යගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් ගැන කිව්වා. මිතූ කියලා ඉන්දියන් ගර්ල් කෙනෙක්ලු. මේ ඩබල ලෝකෙ වටේම කරක් ගහලා වගේ...නැත්තම් සිතුම්ය කොහෙන් ඉන්දියන් ගර්ල් කෙනෙක් සෙට් කරගන්නද?

අපි තව ටිකක් වෙලා මිතූ ගැන කතා කර කර හිටියත් ඒක නැවැත්තුවෙ සිතුම්ය පහළට ආපු නිසා. එයා නාලා සුවඳ ගගහා ඇවිත් ඔරේන්ජ් ජූස් එකකුත් අරන් අපි ගාවින් ඉඳගත්තා.

"ලවන් උඹ රෑ බෙහෙත් ටික බොන්න ඕනෙ නේ...කාලා ඉමු."

සිතුම්ය කියන්නෙ ඇත්ත. දැන් රෑ අටටත් කිට්ටුයි. පැය දොළහෙන් දොළහට බොන්න තියන ටික තමා හය හමාරට දුන්නෙ. තව බෙහෙත් තියනවා රෑට බොන්න.

"ම්ම්...විදුර් කාලා යමු හොඳද?"

"අනේ බෑ...ඔයාලා දෙන්නා කන්න. මම ගෙදර යන්නම්."

"විදුර් පිස්සු නටන්නැතුව ඉඳගන්න...මෙච්චර වෙලා කීයක් වැඩ කරාද ඔයා?? කාලා යන්න."

අප්පේ එයාගෙ සැර...සිතුම්ය ඉස්සරහ තමා ඔක්කොම. මම නැගිට්ට එක එහෙම්ම ඉඳගත්තම සිතුම්යට යන්තම් හිනාගියා.

"මම විදුර් ඇවිත් කියලා දන්නෑනෙ...කෑම දෙකයි ගෙනාවෙ. ශේප් කරගන්න පුලුවන්නෙ?"

"අවුලක් නෑ...මට කොහොමත් වැඩිය කන්න බෑනෙ. අපි දෙන්නා එකක් කන්නම්."

ලවන් මගෙ දිහා බලලා අතක් අල්ලගෙන කිව්වා. කොහොමත් සෙම හැදුනම කන්න අමාරුයි තමා...සිතුම්ය නෙට්ෆ්ලික්ස් බල බල කන්න ඕනෙ කියලා එයාගෙ කෑම එකත් අරන් උඩට ගිය නිසා කෑම කාමරේ ඉතුරු වුණේ ලවනුයි මායි විතරයි. අන්තිමට මට තමා ඒ අලි බබාට කවන්න වුණේ.

සිතුම්ය ඉස්සරහ සැර දාලා දැන් එනවා මෙතන බබා වෙන්න. කමක් නෑ ගිය සතියෙ මම වැඩ නිසා පිස්සුවෙන් වගේ නොකා මේසෙ ඔලුව ගහන් ඉද්දි මට බත් එකම අනලා කැව්වනෙ...ඒ අනුකම්පාවට මම බත් ටික කැව්වා ඉතින්.

එදා අපි දෙන්නා ගියේ ලොකු රෙස්ටොරන්ට් එකකට. ප්‍රැක්ටිස් ඉවර වෙලා රෑ වෙලා ගියේ. මම කන්නැතුව හිටපු නිසා ලවන් අන්තිමට හැඳි ගෑරුප්පු පැත්තකින් තියලා අතින්ම අනලා මට කැව්වා. වෙලාවට ඉතින් අපි කරන ඒවා කාටවත් පේන්නැත්තෙ. නැත්තම් මොකාද කියන්නකො රෙස්ටොරන්ට් වල අතින් කන්නෙ? ඔව් ඉතින් කොහොමත් හැඳි වලින් කවන්න බෑනෙ...

මම ලවන්ට කවලා ඒ ගමන්ම මමත් කාලා පස්සෙ බෙහෙතුත් දීලා සුප් එකේ ඉතුරු වුණ ටිකත් රත් කරලා දුන්නා. අන්තිමට මම එන්න එද්දි රෑ නවයටත් කිට්ටුයි. කොහොමත් මම කැෆේ එකේ ඉඳන් ගෙදර යන්නෙ මීටත් රෑ වෙලානෙ.

සිතුම්යට යනවා කියන්න ගියත් එයාට කෑම කාලා එහෙම්ම නින්ද ගිය නිසා මම ලවන්ට කිව්වා කියන්න කියලා. බයික් එක ගාවට එනකන්ම ලවන් මගෙ අතත් අල්ලන් එක්කන් ආවා.

"පරිස්සමට යන්න...මට ගිහින් කෝල් එකක් ගන්න හොඳද."

ලවන් මගෙ බයිකර් ජැකට් එක හදන ගමන් කිව්වා.

"ම්ම්...ඔයත් පරිස්සමින් ඉන්න. එළියෙ ඉන්න එපා සීතල වැඩිනෙ."

මම කියද්දි ලවන් ඔලුව වනලා ඉස්සරහට නැවිලා මගෙ කම්මුලටයි නළලටයි කිස් එකක් දුන්නා. මමත් ඉස්සිලා එයාගෙ නළලට කිස් එකක් දෙද්දි මම රෑ එළියෙන් වුණත් හොඳටම දැක්කා එයාගෙ ලෙඩ පාට මූණ එළිය වෙන්වා. මම බයික් එකේ ඇවිත් වංගුවෙන් හැරෙනකන්ම ලවන් මගෙ දිහා බලන් ඉන්නවා මම දැක්කා.

-------------------

හායි 🙂 ජයග්‍රාහී පාට් ටෙන්.

මේ බඩ්ඩක් කියන්නද 🫢 මේ කතාව ටිකක් ස්ලෝ යන එකක්. ඒ නිසා ලවන් යන එක විදුර් මේවා දැනගන්න එක ගැන එච්චර හිතන්න එපා හොඳේ...ඒවා යතා කාලයේ තතා අයුරින් සිද්ධ වෙයි 😁

කොහොමහරි මේක හැපි එන්ඩ් එකක්. ඕතරීව විශ්වාස කරන්නකො හොඳේ...මට ගොඩක්ම ඕනෙ මේ දෙන්නගෙ ආදරේ බිල්ඩ් අප් වෙන විදිහ ස්ටෙප් බයි ස්ටෙප් පෙන්නන්න.

ඒක නෙවේ මේක කියවන් යන්න බෝරින් වගේද? 🥲

Share This Chapter