Back
/ 35
Chapter 20

Part 19

සීමාවෙන් එහා

දවස්, සති ගෙවිලා යන්නෙ නොදැනිම. අපෙ ඇකඩමික් පටන් අරන් දැන් මාස දෙකකටත් කිට්ටුයි. ලබන මාසෙ අන්තිම සතියෙ ෆස්ට් සෙමෙස්ටර් එක්සෑම් පටන් අරන් අප්‍රේල් මුල වෙනකන්ම තියන්න තමා ප්ලෑන් කරලා තියෙන්නෙ. ඊට පස්සෙ එහෙමම අවුරුදු නිවාඩුවයි සෙමෙස්ටර් බ්‍රේක් එකයි එකටම දෙයි. සති දෙකක විතර නිවාඩුවක් සෙට් වෙයි කියලා හිතන් ඉන්නවා.

ෆස්ට් ඉයර් ෆස්ට් සෙමෙස්ටර් කියලා නෑ...මේ මාස දෙකට පුදුම විදිහට වැඩ තිබුණෙ. ක්විසස්, මිඩ් එක්සෑම් විතරක් නෙවෙයි මම ආර්ට් කරන නිසා ආර්ට් ප්‍රැක්ටිකල් අසයිමන්ට් වලට පැය ගණන් වැය කරන්න වුණා.

මමනම් මුල ඉඳන්ම ඇකඩමික් වලට සෑහෙන්න මහන්සි වුණා. කෙනෙක්ට කියන්න පුලුවන් දැන් කැම්පස්නෙ, කොහොමත් ඩිග්‍රි එක දෙනවනෙ, අනික ආර්ට් සබ්ජෙට්නෙ, ඇයි ඔච්චර මහන්සි වෙන්නෙ කියලා. ඒත් ඔය කිසිම දෙයක් හිතලා මට ඇකඩමික් මිස් කරගන්න ඕන වුණේ නෑ. අනික කැම්පස් ගිය පළියට ඩිග්‍රි දෙන්නෙ නෑ, ආර්ට් සබ්ජෙක්ට් වුණ පළියට ඩිග්‍රි එක ලේසිත් නෑ.

ඇත්තටම එහෙම වැඩ නොකර එක්සෑම් ළං වෙනකන්ම ඉන්න අයත් හිටියා. කැම්පස් එකේ බහුතරේ එහෙම තමා. ඒත් මම එහෙම ඉන්නෙ නැතිවෙන්න හේතුවක් තිබුණා. ඒ ලෙවල්...ඒ කාලෙ මට පුලුවන්කම තිබිලත් හොඳම රිසල්ට් ගන්න මට ඒක කරගන්න බැරිවුණේ මම ස්ටඩීස් වලට අවධානෙ නොදුන්න නිසානෙ.

කැම්පස් එකෙත් ඒ මෝඩ වැඩේ කරගන්න මට ඕන වුණේ නෑ. ඩිග්‍රි එක දෙනවා තමා. මට ඕන වුණේ ඒක යන්තම් පාස් නොවී හොඳම විදිහට ෆස්ට් ක්ලාස් එකක් අරන් පාස් වෙන්න. මට තරඟෙ තිබ්බෙ වෙන කා එක්කවත් නෙවෙයි...මාත් එක්කමයි. මට තරඟෙ තිබ්බෙ ඒ ලෙවල් කාලෙ මාත් එක්ක.

ගවර්මන්ට් වුණත් ප්‍රයිවට් වුණත් ෆස්ට් ක්ලාස් එකක් ගන්න එක ලේසි නෑ...ඒත් මට ඕන වුණේ කොහොමහරි ඒ ටාගට් එකට යන්න. ඒකට ඉතින් ෆස්ට් ඉයර් ඉඳන්ම මහන්සි වෙන්න එපැයි.

ඔය මොන ටාගට් එක තිබුණත් මට බැලන්ස් වුණ ජීවිතයක් තිබුණා. මොකෝ මම පොතේම එල්ලිලා හිටියෙ නෑනෙ ෆස්ට් ක්ලාස් එකක් ගන්න ඕනෙ කියලා. ඒ වැඩත් කරා, සින්දුත් කිව්වා, ඇවිදින්න ගියා, ගෙදර පුලු පුලුවන් වැඩත් කරා, වෙන වෙන හොබීසුත් කරා, ආදරෙත් කරා...ඒ නිසා මගෙ මේ වයසෙ හැටියට මේ ජීවිතේ ගෙවන විදිහට මම ගොඩක් ආසයි.

ඇත්තටම ඒ හැමදේටම ලවන්ගෙන් හම්බුණ සපෝට් එක ගැන කියන්න වචන නෑ. මම මහන්සි වෙන, පොඩ්ඩක් හරි මානසිකව වැටෙන හැම වෙලාවකම එයා වචනෙකින් හරි ළඟින් හිටියා. සමහර වෙලාවට මම පාඩම් කරලා ඉවර වෙනකම් එයත් ඇහැරලා ඉඳලා මට සැරින් සැරේ කෝල් කරනවා මගෙ නිදිමත යන්න. ඒත් ෆෝන් එකේ එල්ලිලා ඉන්නෙ නෑ...විනාඩි පහෙන් විතර ෆෝන් එක තියනවා මට දිගටම පාඩම් කරන්න කියලා.

දවසක් මට එකම දවසෙ ක්විස් එකකුයි මිඩ් එකකුයි වැටුණා. ලෙක්චරර්ස්ලට කොච්චර කිව්වත් ඒ දෙක දවස් දෙකකට දාන්න කියලා එයාලා කැමති වුණේ නෑ. ෆස්ට් ඉයර් එකේම ඔහොම දෙයක් දරාගන්න බැරිද ඕවට පුරුදු වෙන්න කියලා ඒ දෙකම එක දවසෙ තියන්න තිබ්බා.

ක්විස් එකනම් ආර්ට් කෝස් එකක්. ඒ සබ්ජෙක්ට් එකනම් තියරි ප්‍රැක්ටිකල් දෙකම මට නතින්. ඒත් ඒ නිසාම ඒක හරියට කරගන්න ඕනෙ කියන එක ගැන හිතේ බයක් තිබ්බා. හවස ලිට්‍රිචර් මිඩ් එකක් තියෙන්න තිබ්බෙ. ටිකක් අමාරු කෝස් එකක්...ඔය නිසා මම ඊට කලින් දවසෙ හිටියෙ පිස්සුවෙන් වගේ.

එදා හවස ලෙක්චර්ස් ඉන්නෙත් නැතුව දෙක වෙද්දි ගෙදර ඇවිත් මම මුලින්ම ආර්ට් කෝස් එකට ඕන ඒවා බලාගත්තා. ඒක කොහොමත් ක්විස් එකක්නෙ. හවස හයට විතර ලිට්‍රිචර් බලාගන්න ගිහාම තමා මට පිස්සු වගේ දැනෙන්න ගත්තෙ. කාලෙ ඇතිවෙයිද, මේවා ඔක්කොම මතක හිටීද, අමාරු වෙයිද වගේ එක එක ඒවා හිතෙන්න ගද්දි පොතේ තියන අකුරුවත් මට හරියට පේන්නෙ නැතුව ගියා.

මම එවෙලෙම පොත දමලා ගහලා ගිහින් ලවන්ට කෝල් එකක් ගත්තෙ දුක කියන්න. මුල ඉඳන් තිබ්බ මෝටිවේශන් අතෑරලා දාලා ඔන්න ඔහේ එන එකක් ලියන්න මම හිත හදන් හිටියෙ. මිඩ් එකේ ලකුණු අඩු වුණත් කමක් නෑනෙ...එන්ඩ් එකෙන් ඒවා එකතු කරගන්න පුලුවන්නෙ. මම ඔන්න ඔය ටික ලවන්ට කියද්දි තමා එයාගෙත් ලිමිට් එක පැන්නෙ.

රෑ වෙලා කියලා බලන්නෙත් නැතුව ලවන් එවෙලෙම අපෙ ගෙදර ආවා. මුලින්ම ලවන් පාඩම් කරන්න අනම් මනම් මුකුත්ම කිව්වෙ නෑ...එයා මුලින්ම කරේ මාව කාම් ඩවුන් කරපු එක. පොඩ්ඩක් වෙලා ලවන්ට තුරුල් වෙලා ඉද්දි යකාගෙ කම්මල වෙලා තිබ්බ මගෙ ඔලුවත් හිමීට හරි තත්වෙට ආවා.

ඊට පස්සෙ මම පාඩම් කරලා ඉවර වෙනකන්ම ලවන් මාත් එක්ක හිටියා. මට අමාරු තැන් කියලා දුන්නා. මට අවුලක් දැනෙන්න දුන්නෙම නෑ...මට ඉමෝශනලි මහන්සි වගේ පෙනුණ හැම වෙලාවකම ලවන් මගෙ ඔලුව හිමීට අතගාලා නළලින් කිස් එකක් තියලා තවත් මාව මෝටිවේට් කරා.

අන්තිමට එයා ගියේ හොඳටම රෑ වෙලා මට අවුලක් නෑ කියලා තේරුණාට පස්සෙ. ඒ ගියෙත් එයාට පහුවදා ලෙක්චර්ස් වලට ලෑස්ති වෙන්න වැඩ වගයක් තිබ්බ නිසා. එහෙම වැඩත් තියාගෙන මං වෙනුවෙන්ම එයා ආවෙ. ලවන්ගෙ ආදරේ මට වැඩියෙන්ම දැනුණ දවසක් ඒක. ඒ වෙලාවෙ එයා ඇවිත් මං ළඟින් හිටියෙ නැත්තම් ඇත්තටම මිඩ් එකක් ලියන්න තියා පහුවදා කැම්පස් යන්න මානසිකත්වයක්වත් මට තිබ්බෙ නෑ. අන්තිමට මට තමා ඒ මිඩ් එකේ වැඩිම ලකුණු තිබ්බෙ. ඒකෙ ෆුල් ක්‍රෙඩිට් එක යන්න ඕනෙ ලවන්ට. මට මතකයි මම ඒ රිසල්ට් එක කිව්වම එයා හුඟක් සතුටින් මාව තද කරලා බදාගත්ත හැටි.

ඇකඩමික් වලට ඒ තරම් සපෝට් කරනවා වගේම බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් විදිහට අනිත් හැමදේටම එයා මට සපෝට් කරා. හැම සතියෙම මගෙ පෆෝමන්ස් බලන්න ආවා. ඒ එන හැම දවසකම රෝස පාට මල් පොකුර වැරදුණේ නෑ. අසනීපයක් හැදුණ වෙලාවක බලාගත්තා, නින්ද යනකන්ම ඔලුව අතගාන ගමන් මගෙ ළඟට වෙලා හිටියා. අපි හම්බෙලා මාස තුනක් වගේ වුණාට දැනටම මගෙ ජීවිතේට ලවන්ව නැතුවම බැරි තැනට ඇවිත් තිබුණා.

මම දන්නෑ එයා කවදාහරි ගිය දවසක මම කොහොම ඒක දරාගයිද කියලා. ඒත් කමක් නෑ...එයාට යන්නම වෙනවනම් වෙන කිසි දේකට ඒක නවත්තන්න බෑනෙ. එයා එයාගෙ පොරොන්දුව රකිනවා කියලා මට විශ්වාසයි. මම එහෙම දෙයක් මතක් වෙලා දුක හිතෙන හැම වෙලාවකම ලවන් මට දීපු නෙක්ලස් එක අතට අරන් ඒ දිහා බලන් ඉන්නවා.

ඒ ඉන්ෆිනිටි සයින් එක...ලවන් පොරොන්දු වුණේ අපි ඒ තරම් කාලයක් එකට ඉන්නවා කියලා. මට එයාව විශ්වාසයි. අපි දෙන්නගෙ ආදරේ ගැන මට විශ්වාසයි.

අදත් බ්‍රහස්පතින්දා නිසා මට එකොළහට ලෙක්චර්ස් ඉවරයි. ඒත් පුරුද්දට වගේ ට්වින් ඩබලත් එක්ක දවල්ට කාලා එක විතර වෙනකන්ම මම කැම්පස් එකේ ඉන්නවා. ඊට පස්සෙද...ඊට පස්සෙ හැම බ්‍රහස්පතින්දම හවස ලවන්ගෙ ගෙදර ගියපු එක තමා කරේ. මං ඉතින් හවස් වෙනකන් එයාට තුරුල් වෙලා ඉඳලා ගෙදර යනවා.

තුරුල් වෙලා ඉන්නව කිව්වට ඉතින් හැමදාම අර එදා වගේ තීන්ත නාගෙන එව්වා මෙව්වා කරන්න ගියෙ නෑ...ඉඳලා හිටලා එහෙම ඒවත් වුණා ඒත් වැඩි හරියක් ඉතින් වුණේ අපි දෙන්නා කතා කර කර හිටපු එක,මොනවා හරි කෑම ජාති අපිම හදන් කාපු එක, සින්දු කියපු එක, ඒ අත් අස්සෙ සනීපෙට තුරුල් වෙලා නිදාගෙන හිටපු එක තමා.

ගෙදර ගියත් ඔය ටිකම කරන්න පුලුවන් තමා...ඒත් ලවන් එක්ක ඉද්දි දැනෙන හැඟීම වෙනස්නෙ. ඒ ෆීලින් එක දැනෙන්න ආදරේ කරන්නම ඕන.

එදා පළවෙනි පාරට ටිනාශා අපිත් එක්ක ලන්ච් ගත්ත දවසට පස්සෙ ඉඳලා හිටලා සිනෙලියි ටිනාශයි දෙන්නම අපිත් එක්ක කන්න ආවා. හැමදාම නෙවෙයි ඉතින්...එයාලට ලෙක්චර්ස් තියන විදිහ සම්පූර්ණෙන් වෙනස්නෙ. ඒත් එයාලා ෆ්‍රී හිටියොත් එනවා, විශේෂෙන් ටිනාශා. මොකද සිනෙලිට දැනටම ගැන්ග් එකක් ඉන්නවනෙ.

ඒත් බ්‍රහස්පතින්දා ඒ ගැන්ග් එකට නැති සිනෙලිට විතරක් තියන ලෙක්චර් එකක් තියනවා. ඒ නිසා එදාට ඒකිත් අපිත් එක්ක කන්න සෙට් වෙනවා. ඒ නිසා අද එයි. මේ කාලෙට මම නිසාම එයාලා හතරදෙනත් හොඳ යාලුවො වුණා.

අපි පස්දෙනාම එක ගැන්ග් එකක් වුණා කියලා නෙවෙයි කියන්නෙ. කෙල්ලො දෙන්නගෙයි මගෙයි පොඩි ගැන්ග් එක එහෙම්ම තමා. අනික එහෙම කැම්පස් එක ඇතුළෙ සෙට් වෙන්න තරම් වෙලාවක් අපිට නෑනෙ...සිනෙලියි ටිනාශයි කරන්නෙ සම්පූර්ණෙන් වෙනස් ඩිග්‍රිනෙ. ඉඳලා හිටලා කන බොන වෙලාවට අපි සෙට් වුණා විතරයි. ඒකත් සතියට දෙපාරක් වගේ.

ඒ ටික කාලෙට හරි අපි ඔක්කොම එක වල්ලෙ පොල් කියලා අපිට තේරුණා. ඔව් ඉතින් මට සෙට් වෙන යාලුවො කියන්නෙ එකම ජාතියේ ට්‍රැක පැනපු උන් වෙන්න එපැයි. ඒ නිසා හම්බෙන ටික වෙලාවට හරි අපි පස්දෙනා සෑහෙන්න ෆිට් වුණා.

"ටිනාශා තාම නෑනෙ...වෙලා යනවා කිව්වද?"

සිනෙලි ඇහුවෙ වටපිට බලන ගමන්. මමයි සිනෙලියි ට්වින් ඩබලයි කන්න ඇවිත් කැෆටේරියා එකේ හිටියෙ. එකොළහ හමාරටත් කිට්ටුයි ටිනාශා තාම නෑ. අනේ බඩගිනි ගෑනියේ වරෙන්!!

"එහෙම කිව්වෙනම් නෑනේ...එක පාරට වැඩක් සෙට් වුණාද දන්නෑනෙ."

වෙන්න පුලුවන්...ඔය සොෆ්ට්වෙයාර් උන්ට එහෙම සඩ්න් බාල්දි වැටෙන්න තියන සම්භාවිතාව සීයට දාහයි.

"අනේ....අනේ සොරි වෙන්ඩ ඕනෙ හැමෝටම. අද පොප් ක්විස් එකක් දුන්නනෙ අන්තිම මොහොතේ. ඒක ඉවර වුණ ගමන් දුවගෙන ආවෙ- හම්මෙහ්හ්හ්!!"

අර මම කිව්වෙ. ඔහොම බාල්දිම තමා උන්ට තියෙන්නෙ. ටිනාශා හති දදා කියන ගමන්ම සසිඳු ළං කරලා දීපු පුටුවෙ ඉඳගත්තා. ඉඳගෙනත් විනාඩි දෙක තුනක් හතිදදා ඉඳලා ටිනාශා යතා තත්වෙට ආවට පස්සෙ තමා අපි කන්න පටන් ගත්තෙ.

අපි කාලා ඉවර වෙලත් ටිකක් වෙලා හිටියා. ටිනාශගෙ දොළහෙ ලෙක්චර් එක කැන්සල් වෙලා ආයෙ තියෙන්නෙ එකටලු. අනිත් උන් තුන්දෙනාටත් එකට. මට ලෙක්චර්ස් නැති වුණාට මගෙ එක්කනාට ලෙක්චර්ස් ඉවර වෙන්නෙ එකටනෙ. ඒ නිසා මාත් ඔහේ එතෙන්ටම වෙලා කියව කියව හිටියා.

මගෙ ෆෝන් එකේ නොටිෆි මැසේජ් එකක් ආවෙ ඒ වෙලාවෙ. මේල් එකක් ඇවිත් තිබ්බෙ. මම ඔය සබ් කරලා තියන එක එක ඒවගෙන් ගොඩක් වෙලාවට මේල්ස් විදිහට ඇඩ්ස් එනවා. විශේෂෙන් ග්‍රැමර්ලි එකෙන්. මේ මෙල් එකත් Congratulations!!! කියලා පටන් අරන් තිබ්බ විදිහට මන් හිතුවෙ එහෙම එකක් කියලා. ඒ නිසා මම ෆෝන් එක මේසෙ උඩින් තියලා ආයෙම කතාවට සෙට් වුණා.

ඒත්...පොඩ්ඩක් ඉන්න. ඒක ඇවිත් තිබුණෙ එහෙම සබ් කරලා තියන එකකින් නෙවෙයි. අනික මට හොඳටම විශ්වාසයි මම ඒ මේල් එකේ ඉතුරු ටික යන්තම් දැක්කා කියලා. මම ආයෙම ෆෝන් එක අරගෙන මේල් එක ඕපන් කරා.

Congratulations!! You have won!!

Dear Vidur,

We are delighted to inform you that you have won first place in the GoldenHands art competition 2024/25 organized by Dreamland Youth association, Kandy.

Your outstanding talent and creativity have truly impressed the panel of judges, and your artwork has been recognized as an exceptional masterpiece among numerous remarkable entries.

As the first-place winner, you will be honored with Rs.50,000 and award of excellence at the award ceremony, where your achievement will be celebrated. Further details about the event and your prize will be shared with you shortly.

We congratulate you once again on this well-deserved recognition and look forward to witnessing your continued artistic journey.

Warm regards,

Binara Sooriyarachchi

President

Dreamland Youth Association, Kandy

මම ඇස් පිල්ලම් ගහන්නෙත් නැතුව මේල් එක ඉවර වෙනකන්ම කියෙව්වා. මේ ඇත්තටම නේද...මම හීනයක් දකිනවා නෙවෙයිනෙ?? මම ආයෙත් මේල් එක උඩට ගිහින් කියෙව්වෙ මේක ඇත්තටම වෙන දෙයක් කියලා හරියටම ශුවර් කරගන්න.

මේක මට අමුතු අත්දැකීමක් නෙවෙයි තමයි...පළවෙනි වතාවත් නෙවෙයි. ඒත් මට මේ ආර්ට් කම්පිටිශන් එක, ඒක වින් කරපු එක වෙන හැමදාටම වඩා දැනුණා. ඒ ලවන් නිසාද??

මට ලවන්ව හම්බුණාට පස්සෙ පාටිසිපේට් වුණ පළවෙනි කම්පිටිශන් එකනෙ...ඇත්තම කතාව ඉතින් ඒ ආර්ට් එකම ලවන්නෙ. කම්පිටිශන් එක දිනුවෙ අපි දෙන්නම. අනිත් එක...මගෙ ආර්ට් එක ෆස්ට් ප්ලේස් ගත්තා කියන්නෙ ඒ තීම් එකට මගෙ සිලෙක්ශන් එක හරි. එක පාරට මගෙ කොල්ලගෙ ලස්සන මතක් වෙලා මට අමුතු ආඩම්බරේකුත් දැනෙන්න ගත්තා.

"මොකෝ විදුර්...?"

විනාඩි ගාණක්ම මගෙ සද්දයක් නැති නිසාද කොහෙද මට එහා පැත්තෙ හිටපු සිනෙලි තට්ටුවක් දාලා ඇහුවා. මූණ පිරෙන්නම හිනාවුණ මම සිනෙලිට ෆෝන් එක දුන්නෙ එයාටම බලාගන්න. සිනෙලි මේල් එක කියවද්දි ටිනාශත් ඒකට එබුණා.

"අඩෝ...ඒ විදුර්!! කන්ග්‍රැට්ස්!! අනදර් අවෝර්ඩ්!!"

සිනෙලි හිනාවෙලා ෆෝන් එක මේසෙ උඩින් තියලා මාව තදින් බදාගෙන කිව්වා. එයාලටත් ඉතින් මේවා අමුතු දේවල් නෙවේ තමා. ඒත් මම වින් කරන හැම පාරකම පළවෙනි පාර වගේ අවංකවම සතුටු වෙන එක උන් දෙන්නගෙ පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ.

"කන්ග්‍රැට්ස් විදූ...සෝ ප්‍රවුඩ් ඔෆ් යූ!!!"

ටිනාශා හිටපු තැනින් නැගිටලා ඇවිත් මාව බදාගෙන කිව්වා. මේසෙ උඩ තිබ්බ ෆෝන් එක අරන් බලපු ට්වින් ඩබලගෙ මූණෙත් හිනාවක් ඇඳෙනවා මම දැක්කා.

"අඩෝ නියමයිනෙ හු- මං කිව්වෙ විදුර්!! ගැම්මක් ඈ..."

මිහිඳු මට පහක් ගහලා කියද්දි සසිඳුත් මගෙ උරහිසට තඩිබාලා හෑන්ඩ්ශේක් කරා.

"ගැම්මක් කොල්ලො...උඹ සුපිරි වැඩ්ඩෙක්නෙ."

උන් දෙන්නා ඉතින් මම මෙහෙම කම්පිටිශන් එකක් වින් කරනවා දකින පළවෙනි වතාවනෙ. ඒ නිසා ඒ දෙන්නගෙ එක්සයිට්මන්ට් එක මට වැඩියෙනුත් එක්ක දැනුණා.

"තැන්ක්යූ තැන්ක්යූ...ඔක්කොටම තැන්ක්යූ."

මම අත් දෙක එකතු කරලා දෙපැත්තටම හැරිලා ඔලුව නමන ගමන් කිව්වා.

"තැන්ක්යූ නෙවෙයි පණේ...පාර්ටි දීපන්. යකූ පනස්දාහක්...පනස්දාහක්!!"

සිනෙලි ගෑනු මායම් ටිකක් දාලා කිව්වා. ඒකි එහෙම තමා මට කම්පිටිශන් එකක් දීලා කීයක්හරි හම්බුණාම. නැතත් මං උන් දෙන්නට මොනවහරි දෙනවා තමා එහෙම වෙලාවට...ඒ පුරුද්දට තමා ඔය කියන්නෙ. ඒකට ඉතින් තව ඩබලකුත් එකතු වුණානෙ මේ පාර. ඒ විතරද...තව විශේෂ එක්කනෙකුත් ඉන්නවනෙ. එයාට තමා වැඩියෙන්ම සලකන්න ඕනෙ...මගෙ ස්ට්‍රෝබෙරි ගෙඩිය.

"හරි හරි බං...දැන් අරන් දෙන්නද දැන්?"

මම නැගිටින්න යනවත් එක්කම මගෙ දෙපැත්තෙ හිටපු සිනෙලියි මිහිඳුයි දෙන්නම මාව ආයෙම දඩෝං ගාලා පුටුවෙ ඉන්ඳුවා.

"තෝ හදන්නෙ මේ කැන්ටිමේ තියන පරණ වෙච්ච මාලුපාන් ගෙඩියක් අරන් දීලා ශේප් වෙන්නද...ඒවා හඳේ ඈ."

"ඒක තමා මාත් බැලුවෙ...පීසාහට් වත් එක්කන් පලයන් හහ්."

නොදෝමකින් මල පෙරේතයෝ ටික. නෑ ඉතින් උන් කියන කතාවත් ඇත්ත...පනස්දාහක් හම්බුනාම මේ වගේ කැන්ටිමකින් කන්න අරන් දීලා හරියනවද? සලකන්නම් කස්ටියටම...මේ විදුර් රවීෂ එහෙමයි.

"අපෝ හා...සෝමාලියන්කාරයා වගේ තොපි."

"මේ ඒක නෙවේ...උඹෙ ආර්ට් එක පෙන්නපන්. අපි දැක්කෙ නෑනෙ."

සසිඳු කියද්දි මම ගැලරිය සර්ච් කරේ ඒක සබ්මිට් කරන්න කලින් ගත්ත ෆොටෝ එකක් හොයන්න. මම කෙල්ලො දෙන්නටනම් පෙන්නුවා කලින්ම. ඒක ඒ විදිහටම බලාගෙනද ඇන්ඳෙ කියලා පොඩ්ඩක් බයිටුත් වුණා පෙන්නන්න ගිහින්.  ඇයි යකෝ ඒ මගෙ බෝයිෆ්‍රෙන්ඩ්නෙ...කොහොම බලන් ඇන්ඳම මොකද හහ්.

"අඩේ සුපිරි ආර්ට් එකනෙ බොල...ෆස්ට් ප්ලේස් හම්බුණ එක අහන්න දෙයක් නෑ."

මිහිඳු කියපු එකට මම යන්තම් හිනාවුණා. එහෙම කම්ප්ලිමන්ට් කරද්දි මට අවංකවම සතුටුයි ඉතින්.

"සිරාවට...තීම් එක ගෝඩ්ස් ඇන්ඩ් ඒන්ජල්ස් නේ?"

"ම්ම්..."

"ඒ අයියෙ මෙහ්...මේ පොරව දැකලා හුරුයි වගේ නැද්ද උඹට?"

මගෙ ඇස් දෙක පොල් ගෙඩි සයිස් වුණේ මිහිඳු අහපු එකට. මම වෙනස් කරලනෙ අනේ ඇන්ඳෙ...එහෙම නෝට් වෙන්න ඇන්ඳෙ නෑනෙ. ඒ වුණාට හොයන්න පුලුවන්ද?

"ඒක තමා බං මාත් බැලුවෙ...පොඩි හුරු ගතියක් තියනවා. මේ අපි දන්න කවුරුහරිද විදුර්?"

"අ-අහ්? නෑ...මම- නිකන් හිතලා ඇන්ඳෙ. ඇයි උඹලට කාවහරි මතක් වෙනවද?"

"එහෙම එක පාරට මතක් වෙන්නෙනම් නෑ...ඒත් හුරුයි වගේ."

මම අසරණ වෙලා වගේ කෙල්ලො දෙන්නා දිහා බලද්දි උන් දෙන්නත් තුෂ්ණිම්භූත වෙලා වගේ මගෙ දිහා බලන් හිටියා. අනේ බේරලා දීපල්ලකෝ...උඹලට අපිට වඩා මේ වගේ සිටුවේශන් හැඬ්ල් කරලා පුරුදුයිනෙ. ට්වින් ඩබල ෆෝන් එකට එබිලා හිටපු නිසා උන් දෙන්නට අපෙ සයිලන්ට් කොන්වෝ එක ගාණක් ගියේ නෑ.

"ආ මේ- හරිනෙ...මෙයා අර චයිනීස් ඇක්ටර් වගේනෙ සිනූ...නේ?"

ටිනාශා සිනෙලි දිහා බලලා කියද්දි ඒකි වට්දපක් වගේ ටිනාශා දිහා බලන් හිටියා. අනේ තේරුම් ගනින් ගෑණියේ...

"ක-කවුරු...?"

"ඇයි බං අර...උඹයි මායි බැලුවෙ ගිය අවුරුද්දෙ. මට නම මතක් වෙන්නෑනෙ එයාගෙ."

ටිනාශා ඇස් දෙක ලොකු කරලා පුලුවන් තරම් සිනෙලිට හින්ට්ස් දෙන ගමන් කිව්වා.

"ඕහ්...අර ඇක්ටර් නේ? අඩේ මටත් නම මතක නෑනෙ."

සිනෙලි ඇඟිලි දෙකක් නළලෙ ගහන් නම මතක් කරනවා වගේ ඇක්ටින් පාරක් දුන්නා. හම්මේ ඇති යන්තම්.

"චයිනීස් නම් අපිට හුරු වෙන්න විදිහක් නෑ හැබැයි...අපි එයාලව දන්නෑනෙ."

සසිඳු ෆෝන් එක ආයෙම මට දෙන ගමන් කිව්වා.

"නෑ නෑ...එයා මේ- ගොඩක් ඉන්ස්ට්ටර් රීල්ස් වල එහෙම ඉන්නවා. ඒ කිව්වෙ මේ...මීම්ස් වල එහෙම."

"ඔහ්...එහෙමද?"

"ඔව් ඔව්...මට එහෙම එකක් කියලා මතක් වෙන්නෑ. උඹට මතකද සිනූ?"

"ඇහ්? නෑ බං මටත් එහෙම මතක් වෙන්නෑනෙ...හැබැයි එයාව දැකලා නැති වෙන්න විදිහක්නම් නෑ."

"ආ එහෙමද...එහෙනම් ඒක වෙන්න ඇති."

සද්දෙන් නොවුණත් මගෙන් ඉබේම හුස්මක් පිට වුණේ උන් දෙන්නා ඒක පිළිගත්ත එකට සැනසිල්ලක් දැනුණ නිසා.

"මෙහ්...එහෙනම් උඹෙ ගානෙ මෙගා පාටි එකක් දියන් පස්සෙ. උබ වින් කරපු එක සෙලිබ්‍රෙට් කරන්න අද අපි ගානෙ පොඩි මෙව්වා එකක්. මල්ලි...යමන්කො."

සසිඳු මිහිඳුවත් ඇදගෙන කැන්ටින් එක පැත්තට යනවා මම බලාගෙන හිටියා. උන් දෙන්නට එහෙම ගමනක් ගියත් ජෝඩු දාලා යන්න ඕන.

"හම්මේ යකෝ...මම හිතුවෙම උඹයි මස්සිනයි ඉවරයි කියලා."

සිනෙලි පුටුවට හේත්තු වෙලා පවන් ගහගන්න ගමන් කිව්වා.

"ඒ ලවන් කියලා පේනවද බං...මම පුලුවන් තරම් වෙනස් කරලා ඇන්ඳෙ."

"මෙහෙමයි ඉතින් උඹ අපිට පෙන්නන්න කලින්ම ඒ ලවන් සර් කියලා කියපු නිසා එක පාරට තේරුණා. සමහරවිට බොඩි ප්‍රපෝශන් එකත් එක්ක ඒ දෙන්නට හුරු ගතියක් දැනෙන්න ඇති."

"උඹ ඕක හිතන්න යන්න එපා විදූ...උන් දෙන්නා ඒක දිගට අහන්න ගියෙ නෑනෙ."

"ම්ම්..."

"මේ ඒක නෙවේ විදුර්...උඹ උන් දෙන්නා එක්ක සෑහෙන ෆිට්නෙ. ඕක උන් දෙන්නා දැනගන්න එක අවුල් වගේ උඹට හිතෙනවද? මොකද ඒ දෙන්නා එහෙම දෙයක් ජජ් කරන දෙන්නෙක් වගේ මට පේන්නෑ."

සිනෙලි අහද්දි මම ටිකක් වෙලා ඒකි දිහා බලන් ඉඳලා බිම බලාගත්තා.

"ප්‍රශ්නෙ මම කොල්ලෙක් එක්ක යාලු වුණ එක නෙවෙයි බං...උන් දෙන්නට ඒක මැජික් එකක් නෙවෙයි කියන්න මම දන්නවා.".

"...."

"ප්‍රශ්නෙ ලවන් මේ කැම්පස් එකේම ලෙක්චරර් කෙනෙක් වුණ එක. කවුරුත් පිළිගනීද මට ලවන්ට හිත ගියේ මම එයා ලෙක්චරර් කියලා දැනගන්නත් කලින් කියලා..."

"ම්ම්...උඹ කියන එකත් ඇත්ත."

"එහෙම රිලේශන්ශිප් එකක් ගැන කියද්දි, මම කිව්වෙ ස්ට්‍රේට් රිලේශන්ශිප් එකක් වුණත් එහෙම දෙයක් ගැන අහද්දි පොඩි අවුල් හැඟීමක් එන්න පුලුවන්නේ ඕන කෙනෙක්ට. ඒක ලවන්ටයි මටයි දෙන්නටම හොඳ නෑ..."

"එ කියන්නෙ...උඹ ඕක කියන්නෙම නැද්ද උන්ට?"

ටිනාශා අහද්දි මම යන්තම් හිනාවුණා.

"එහෙම නෙවෙයි බං...වෙලාවක් එයිනෙ. බලමු."

අපි තුන්දෙනාම කතාව නැවැත්තුවෙ අර ඩබල ලොකු එග් බන් පහකුයි ක්‍රීම් සෝඩයි උස්සන් ආපු නිසා.

"අඩේ උඹලා කෑමත් ගෙනාවද...?"

"උඹ අපි එක්ක ඉද්දි වින් කරපු පළවෙනි කම්පිටිශන් එකනෙ...සලකන්න එපැයි."

මිහිඳු කියද්දි මම හිනාවුණා. කොහොමත් උන් දෙන්නා හිත හොඳ ඩබල. ඒත් මගෙ රිලේශන්ශිප් එක ගැන කිව්වට පස්සෙ, මාව හැරුණත් මං ගැන හොඳටම දන්න අම්මයි අප්පච්චියිත් එක පාරට ඒ ගැන වැරදියට හිතුවනම්...මාව පොඩි කාලෙ ඉඳන් දන්න අයියත් අදටත් මාත් එක්ක ඒ ගැන හිත හොඳක් නැත්තම් මං කොහොමද මේ කොල්ලො දෙන්නා ඒ ගැන යන්තම් හරි වැරදියට නොහිතයි කියලා හිතන්නෙ.

මං ගැනනම් ඕන එකක්,ලෙක්චරර් කෙනෙක් විදිහට ඩීසන්ට් නමක් තියන් ඉන්න ලවන් ගැන කොහොමටවත් කැම්පස් එකේම ඉන්න ළමයි දෙන්නෙක් වැරදි විදිහට හිතන එකට මම කැමති නෑ. හැමදේටම හරි වෙලාවක් එයිනෙ. කොහොමත් ලවන් කියන විදිහෙන් මට තේරෙනවා එයා දිගටම මෙහෙ ලෙක්චරර් විදිහට ඉන්නෙ නෑ කියලා. ඒ කාලෙට මේවා කියන්න පුලුවන් වෙයි.

අපි කාලා බීලා අනිත් කට්ටිය ලෙක්චර්ස් වලට ගියාට පස්සෙ ඉතුරු වුණේ මම විතරයි. ලෙක්චර්ස් එකට වුණාට එයාලා දොළහයි හතලිස් පහට විතර ගියා. ඇත්තනෙ ඉතින්...ලෙක්චර්ස් පටන් ගන්නෙ එකටනම් එකට මෙතනින් ගිහින් හරියන්නෑනෙ.

හතරදෙනාම ගියාට පස්සෙ මම අප්පච්චිට කෝල් එකක් ගත්තා මම වින් කරා කියලා කියන්න. අප්පච්ච් නොසෑහෙන්න සතුටු වෙලා මට සුබ පැතුවා. කොහොමත් අප්පච්චිටත් ඕක අලුත් දෙයක් නෙවේනෙ. කබඩ් එකක් පුරවලා තියන ත්‍රොෆීස් සෙටිෆිකෙට්ස් මෙඩ්ල්ස් පළවෙනි එකේ ඉඳන් හැම එකක් ගානෙම මාත් එක්ක හිටපු තුන්දෙනාගෙන් එක්කනෙක්නෙ ඒ.

ඊට පස්සෙ මම අම්මට මැසේජ් එකක් තිබ්බා. අම්මා ඉස්කෝලෙ නිසා කෝල් කරේ නෑ වැඩද දන්නෑනෙ. අම්මා මේ ටිකේ පොඩ්ඩක් වැඩ කොහොමත් රිටයර්මන්ට් එක ළඟ නිසා. අප්පච්චියි අම්මයි සේම් බැච් වුණාට අම්මා අප්පච්චිට වඩා අවුරුදු දෙකක් බාලයි. ඉතින් අප්පච්චිට අවුරුදු දෙකකට පස්සෙ තමා අම්මා රිටයර් වෙන්නෙ.

ඒ වුණාට අම්මා වැඩක නෙවේ ඉඳලා තියෙන්නෙ. එවෙලෙම කෝල් කරලා සෑහෙන සතුටකින් ආදරේ හිතෙන වචන ගොඩක් කියලා මට සුබ පැතුවා. කොහොමත් දන්නවනෙ ඉතින්...තාත්තලා වගේ නෙවේනෙ අම්මලා ඉමෝශනල් වුණාම.

අද හවස ආවම කැවුම් ගෙඩි දෙක තුනක් හදලා අතපය තවමු කියලත් කිව්වා. ඒ අම්මගෙ හැටි...ඇකඩමික් පැත්තෙන් වුණත් වෙන මොන විදිහෙ වුණත් දිනුමක් හම්බුණොත් අයියගෙයි මගෙයි දෙන්නගෙම අතපය තවන්න අම්මා අමතක කරේ නෑ. ඒවා කොහොමත් ඒ කාලෙ ඉඳන් එන චාරිත්‍රනෙ.

මම ඒ දෙන්නට කෝල් කරලා එකට විතර වෙද්දි කැම්පස් එකෙන් එළියට ආවෙ ලවන්ව එළියෙදි හම්බෙන්න. අපි දෙන්නා බ්‍රහස්පතින්දා හවස හැමදාම හම්බෙන්නෙ ලවන්ගෙ ගෙදරට යන අතුරු පාරෙදි. ඊට පස්සෙ ඉතින් ගෙදරට යනකන්ම මම අතේ එල්ලීගෙන යනවා.

මම කැම්පස් එක පේන්නැති හරියෙන් අතුරුපාරෙ නැවතිලා ඉද්දි එයාගෙන් මැසේජ් එකක් ආවා දැන් එනවා කියලා. ඊට විනාඩි පහක් යන්නත් කලින් මම දැක්කා එයා පාරෙන් මතුවෙනවා.

ලවන් ළඟට එන්න එන්නම මගෙ එක්සයිට්මන්ට් එක වැඩි වෙලා නොදැනිම යන්තම් උඩ පනින්න ගත්තෙ ඇයි කියන්න මම දන්නෑ. මගෙ මූණ පිරෙන්නම හිනාවත් තියනවා කියන්න මම දන්නවා. එයාට මේක කියනකම් මට ඉවසිල්ලක් නෑ.

මම වෙනදට වඩා එක්සයිට් වෙලා ඉන්නවා කියලා තේරුණ නිසාමද කොහෙද නළලත් රැලි කරන් මං ගාවට ආවා. මුකුත් නොදැන වුණත් මම සතුටින් කියලා තේරිලා වගේ ලවන්ගෙ මූණෙත් පොඩි හිනාවක් තිබුණා.

"බබා...මොකෝ මේ අද?"

"අහන්නකො...ඔයාට කියනකන් ඉවසිල්ලක් නැතුව හිටියෙ. මම-"

මමම ඒක කියන්නැතුව ෆෝන් එක ඇදලා ගත්තෙ එයාටම ඒක කියවගන්න. ලවන් මගෙ දිහා බලලා යන්තම් හිනාවෙලා ෆෝන් එක අරන් මේල් එක කියවන්න ගත්තා. එයා කියවන වචනයක් ගානෙ ඇස් දෙක පුදුමෙන් වගේ ලොකුවෙලා ඒවා ටිකින් ටික එළිය වැටෙන හැටි මම බලාගෙන හිටියා.

ඒ ඇස් දෙක දිහා බලන් ඉද්දි මට ආයෙ ආයෙත් හිතුනෙ මම කොච්චර වාසනාවන්තද කියලා. මගෙ දේකදි එයා මේ තරම් සතුටු වෙන්න...එයා පුදුම සතුටකින් හිනාවකුත් එක්කම මගෙ දිහා බැලුවෙ මේල් එක අන්තිම වෙනකන්වත් කියවන්නෙ නැතුව.

"විදුර්...you're serious right?? ඔයා- ඇත්තටම වින් කරාද?"

මම ඔව් කියන්න ඔලුව වැනුවෙ වචනවත් හරියට කියාගන්න බැරුව. ලවන්ගෙ ඇස් දෙකේ තිබ්බ උද්‍යෝගෙ මාව ගොලු කරලා තිබුණා...කම්පිටිශන් එක වින් කරාට වඩා මට සතුටු මම ආදරේ කරන කෙනා ඒකට සතුටු වෙන විදිහ දැක්කම.

"Oh my god...!! විදුර් ඔයා- මට ගොඩක්...ගොඩක් සතුටුයි."

ලවන් ෆෝන් එක එයාගෙ සාක්කුවට දාගෙන එක පාර මාව උස්සලා වටයක් කැරකුවෙ සතුට දරාගන්න බැරුව.

"ඒයි...වැටෙයි මෝඩයො."

මම බොරුවට කෑගැහුවට මොකද මමත් හිටියෙ ගොඩක් සතුටෙන්. මම කෑගැහුවා කියලා ලවන් නැවැත්තුවෙ නෑ...මාව වඩාගෙන වට දෙක තුනක්ම කරකපු එයා ආයෙම මාව බිමින් තියපු ගමන් මගෙ තොල් අල්ලගෙන ඒවා කිස් කරන්න ගත්තා.

පාර මැද තමා...ඒත් කිසි අවුලක් නෑනෙ. ලවන් කිස් එක මැදදිම හිනාවෙනකොට මම එයාගෙ කර වටේ අත දාලා ඒ උද්‍යෝගෙන්ම කිස් එකට හවුල් වුණා. අන්තිමට ලවන් කිස් එක බ්‍රේක් කරලා මගෙ කම්මුල් දෙකම කප් කරලා අල්ලගද්දි අපි දෙන්නම හිටියෙ හුස්ම ගන්න බැරුව.

"විදුර්...මට ගොඩක් ආඩම්බරයි ඔයා ගැන. ගොඩක් සතුටුයි මගෙ මැණික."

"ඇයි ඔයා...ඒ ඔයානෙ ලවන්. වින් කරේ ඔයානෙ."

"මාව එච්චර ලස්සනට ඇන්ඳෙ ඔයානෙ මගෙ රෝස මල...ම්ම්."

එයා ඔය හැම නික්නේම් එකක්ම එක දිගට කියන් යන්නෙ ගොඩක් සතුටු හිතුනම. බොඳ වේගෙන එන මගෙ ඇස් දෙකෙන් මම ලවන් දිහා බලන් ඉද්දි එයා ආයෙම ඉස්සරහට නැමිලා මගෙ තොල් වලින් පෙක් එකක් තිබ්බා.

"ඔයාටනම් මේවා පුරුදු ඇති විදුර් ඒත්...ඔයාගෙ වික්ටරි එකක් මම මේ විදිහට දකින්නෙ පළවෙනි වතාවටනෙ. මට කියන්න බැරි තරම් සතුටුයි."

"ඒ නිසාම මටත් මේ වික්ටරි එක ගොඩක් ස්පෙශල්..."

මම එක අතකින් ලවන් මගෙ කම්මුලේ තියන් හිටපු අතක ඇඟිලි පටලන් කියද්දි එයා අපෙ පැටලුනු අත් දිහා බලන් හිටියා.

"අනිත් හැමදාටමත් වඩා...මේ ව්ක්ටරි එක මට ගොඩක්ම දැනුණා ලවන්. ඔයා මගෙ ජීවිතේම අලුත් කරනවා වගේ. මීට කලින් සිය පාරක් විඳපු අත්දැකීම් වුණත් ඔයා එක්ක ඉද්දි දැනෙන්නෙ හරි නැවුම් විදිහට. මං හරි ආසයි ඒ ෆීලින් එකට."

"අනේ මගෙ පැටියො...ඔහොම කියන්න එපා."

"ඇයි...?"

මම යන්තම් හිනාවෙලා අහද්දි ලවනුත් මගෙ දිහා බලලා හිනාවුණා.

"ආදරේ හිතෙනවනෙ..."

ලවන් කියද්දි මට එක පාරට හිනා ගිහින් ටිකක් ඉස්සරහට වෙද්දි එයා මාව ළං කරගෙන පපුවට හේත්තු කරගත්තා. මම ටිකක් වෙලා එයාගෙ පපුවෙ කම්මුලත් ගහන් එහෙමම හිටියා.

"මගෙ විදුර්..."

"ම්ම්...?"

"අපි සෙලිබ්‍රේට් කරන්න ඕනෙ නේද...?"

ලවන් අහපු විදිහට මම එයාගෙ පපුවෙන් නිකට තියන් එයා දිහා බලන් හිටියා.

"යමුද...මම සල්ලි හම්බුණාම අරුන් ටිකට අරන් දෙන්න ඉන්නෙ මොනවාහරි. අද ඔයාට- ඒයි!!! මේ මොකද? බිමින් තියන්න."

මම එක පාරට කෑගැහුවෙ ලවන් මම කතා කර කර ඉන්න අතරෙම මාව බ්‍රයිඩල් ස්ටයිල් එකට උස්සලා ගත්ත නිසා.

"දැන් මම කිව්වද ඔයාට අරන් දෙන්න කියලා...ම්ම්?"

"එහෙනම්-"

"අද ට්‍රීට් එක ඔයාගෙ බෝයිෆ්‍රෙන්ඩ් ගානෙ...එයාට දරාගන්න බැරි සතුට හින්දලු එයා එහෙම කරන්නෙ."

"එහෙමද... තව?"

මම ලවන්ගෙ කර වටේ අත දාලා කකුල් දෙකත් පද්ද පද්ද කිව්වා. ලවනුත් අමුතු විහිහට හිනාවෙලා මාවත් උස්සන්ම පාර දිගේ ඉස්සරහට ගියා

"තවද...එයා ගොඩක් ආඩම්බර වෙනවලු එයාගෙ බෝයිෆ්‍රෙන්ඩ් ගැන. තව...එයා ආසම මේන් මේ රෝස පාට කම්මුල් වලටලු."

ලවන් එහෙම කියලා නහයෙන් මගෙ කම්මුලට තට්ටුවක් දාලා එතන යන්තම් තොල් වලින් හපද්දිනම් මට ශුවර් මම තව ටිකක් රෝස පාට වෙන්න ඇති.

"එපාහ්...අනේ~"

මම ලවන්ව එහාට තල්ලු කරන ගමන් කිව්වෙ ලැජ්ජාවට. ලවන්ගෙ ගෙදර කිට්ටුවෙන හරියෙ පොඩි කන්දක් තියනවා පාරෙ. මම ඒ වෙලේ මාව බිමින් තියන්න කිව්වත් මේ මනුස්සයා මට බහින්න දුන්නෙ නෑ. මාවත් උස්සගෙනම අර කන්ද නැග්ගා. අද ස්පෙශල් ට්‍රීට්මන්ට්ලුනෙ...ඕන මඟුලක් කියලා මාත් කකුල් පද්ද පද්දම බෙල්ලෙ එල්ලිලා හිටියා. මටත් මොකෝ මමයැ හති දාන්නෙ.

ගෙදර ගියාට පස්සෙ අපි දෙන්නම වොශ් දාලා චේන්ජ් කරගත්තා. කොහොමත් දැන් මගෙ ඇඳුම් දෙක තුනක්ම මෙහෙත් තියනවා. මොකද මම බ්‍රහස්පතින්දා මහ රෑ වෙනකන්ම ඉන්නෙ ලවන් එක්කනෙ. අම්මලා මුකුත් කියන්නෙත් නෑ...එදාට විතරනෙ අපි දෙන්නා හරියට හම්බෙන්නෙ.

මොකද සෙනසුරාදා වුණත් එයා ආවට අපිට නිදහසේ හම්බෙන්න නෑ...මට එතන වගකීමක් තියනවනෙ. අපි දෙන්නටම නිවඩුවක් කියලා තියෙන්නෙ ඉරිදා විතරක් නිසා එදාට කොහෙවත් ඇවිදින්න යන්නෙත් නෑ. එක දවසක් හරි නිදහසේ ගෙදර ඉන්නත් එපැයි. ඒ නිසා බ්‍රහස්පතින්දා තමා අපෙ දවස. සමහර දවස්වලට මම ගෙදර යද්දි රෑ එකොළහත් පහුවෙලා. ලවන් මාව ඩ්‍රොප් කරනවා ඒ හැමදාම.

චේන්ජ් කරගෙන ෆ්‍රෙශ් පිටම අපි ආයෙ වාහනේට නැග්ගෙ කොහෙහරි යන්න...සෙලිබ්‍රේට් කරන්නත් එක්කම. එන්න කලින් පොඩි මේක් අවුට් සෙශන් එක්කුත් තිබ්බා ඉතින්...ඒකනම් වුණේ ලවන්ට මං ගැන සතුටයි ආඩම්බරෙයි වැඩි වෙලා.

"කොහෙද විදුර් ඔයාට යන්න ඕන...?"

ලවන් කාර් එක වැව රවුමෙන් පාරට දාන ගමාන් ඇහුවා.

"ම්ම්...අනේ මන්දා. මම දවල්ට කාලත් ඉන්නෙ. ඔයා කෑවද?"

"ඔව්...බඩගින්නකුත් නෑ. එහෙනම් කොෆී ශොප් එකකට යන්ද?"

"හා...සිතුම්ය වැඩ කරන එකට යමුද එහෙනම්? ඒක ලස්සනයි කියලා ඔයා කිව්වෙ."

"ම්ම්..."

ලවන් හිනාවෙලා මගෙ කම්මුලක් මිරිකලා කිව්වා. කොහොමත් සිතුම්ය ගොඩක් කල් ඉඳන් කිය කිය ඉන්නෙ අපිට එහෙ එන්න කියලා. ඒකෙ ගොඩක් කාම් වයිබ් එකක් තියෙන්නෙ කියලා ලවන් මට කියලා තියනවා.

ඒක තියෙන්නෙ පේරාදෙණිය පාරෙ. ශොප් එක තියෙන්නෙ පාර අයිනෙම වුණත් ඒක ඇතුළට ගිහාම මාර කාම්. බැල්කනි එකේ තමා ඉඳගන්න තියෙන්නෙ. මමයි ලවනුයි ආසම වයිබ් එකක්.

අපි ඇතුළට යනකොටම සිතුම්ය අපි දැකලා කට පිරෙන්න හිනාවක් එක්කම අපි දෙන්නා දිහාවට ආවා.

"අඩෙහ්...*$*-$@# සෑහෙන කාලෙක ඉඳන් මං මුට කියන්නෙ උඹවත් එක්කන් එන්න කියලා. අද මතක් වෙලා තියෙන්නෙ."

සිතුම්ය ලවන්ගෙ බඩට යන්තම් පාරක් ගහන ගමන් කියද්දි මම සිතුම්ය එක්ක හිනාවුණා.

"උඹ දන්නවද...විදුර් කම්පිටිශන් එක දිනලනෙ. මම මේ ආවෙ එයාට ට්‍රීට් එකක් දෙන්නත් එක්ක."

ලවන් මගෙ කරට අත දාලා මාව ළං කරගන්න ගමන් කියද්දි සිතුම්ය ඇස් දෙකත් ලොකු කරලා පුදුමෙන් වගේ මගෙ දිහා බැලුවා.

"අඩේ සිරාවට?!? පොඩි මස්සිනා වින් කරාද? මයි කන්ග්‍රැජුලේශන්ස් බ්‍රදර්!!"

සිතුම්ය මට හෑන්ඩ් ශේක් කරලා යන්තම් හග් එකක් දීලා කිව්වා. මම හග් එක බ්‍රේක් කරද්දි දැක්කා ලවන් ගොඩක් ආඩම්බරෙන් වගේ මගෙ දිහා බලන් ඉන්නවා. එයා එයාගෙ යාලුවට මං ගැන කියද්දිත් එයාගෙ කටහඬේ තිබ්බෙ පුදුම ආඩම්බරයක්. වෙනදා වගේම මට එයා ගැන ආදරේ වැඩිවෙන්න ලවන් හේතු හදලා දෙනවා...ලවන් ගැන තවත් ආදරේ හිතෙද්දි මම හිනාවෙලා බිම බලාගත්තා.

"එහෙනම් උඹලා දෙන්නා ඕඩර් එක දාලා ඉඳගෙන ඉඳපන්කො...මම ඉක්මනට ලෑස්ති කරන්නම්."

සිතුම්ය අපි දෙන්නට මෙනු එක දෙන ගමන් කිව්වා. ලවන් කොෆී දෙකයි කේක් කෑලි තොගේකුයි ඒකට හරියන්න සේවරි ප්ලේට්සුත් දෙක තුනක්ම ඕඩර් කරා. කොහෙට කන්නද මන්දා එච්චර. කමක් නෑ ඉතින්...කොහොමත් ලවනුයි මායි කොච්චර කෑම ඕඩර් කරත් අන්තිම වෙනකන් කාලා තමා එතනින් යන්නේ.

ඕඩර් කරාට පස්සෙ අප්පි දෙන්නට බැල්කනි එකට යන්න සිතුම්ය දොර ඇරලා දුන්නා. වෙලාවට එතන සෙනඟ හිටියෙත් නෑ. හිටියෙ තව කපල් එකක් විතරයි. ඒ දෙන්නා ඉඳගෙන හිටියෙ එක කෙළවරක නිසා අපි දෙන්නා අනිත් කෙළවරේ තිබ්බ මේසෙක ඉඳගත්තා. කාටවත් ඩිස්ටර්බ් නෑනෙ.

අපි දෙන්නා ඉඳගත්තට පස්සෙ ලවන් මගෙ එක අතකින් අල්ලගෙන මගෙ දිහා බලාගෙන හිටියා. එයාගෙ ඇස්වල තාමත් කලින් වගේම ලොකු සතුටක් තියනවා. අලු පාට ඇතුලෙ මේ තරම් හැඟීම් හංගන්න පුලුවන් කියලා මමත් තේරුම් ගත්තෙ ලවන්ට ආදරේ කරන්න ගත්තට පස්සෙ.

"ඔයා ඒකට ඔය තරම් සතුටු වෙනවද ලවන්...?"

"නැතුව...ඔයාට වචන වලින් මට ඒක කියාගන්නවත් තේරෙන්නෑ."

"...."

"මට- හැමදාම ඔයාගෙ එහා පැත්තෙ ඉඳන් ඔයාගෙ වික්ටරි හැම එකක්ම දකින්න ආසයි විදුර්...ඔයාව චියර් අප් කරන්න, ඔයා දින්නම ඔයා එක්කම ඒ හැඟීම විඳින්න. මම ගොඩක් ආසයි."

"ඉතින්...ඒ හැම වෙලාවකම මාත් එක්කම ඉන්න-කො."

අන්තිම ටික කියද්දි මගෙ කටහඬ යන්තම් වෙව්ලද්දි ලවන්ගෙත් ඇස් දෙකේ තිබ්බ එළිය අඩු වෙලා ගියා. එයා මට මෙච්චර කියලා තියෙද්දිත් මම ආයෙ ආයෙ එයාට ඔහොම හැමවෙලේම ඉන්න කියලා කියන්නෙ ඇයි කියන්න මම දන්නෙ නෑ. එහෙම කියන හැම පාරම ලවන්ගෙ මූණෙ තියන එළිය නැති වෙලා යනවා. ඒක දැන දැනත් ඇයි මං ඒකම කියන්නෙ?

"විදුර්..."

"ම්ම්...?"

ලවන් මගෙ එක අතක්  අල්ලගෙනම පොඩ්ඩක් ඉස්සරහට වෙලා මම ශර්ට් එක ඇතුළට දාන් හිටපු නෙක්ලස් එක එළියට ගත්තා. ඒක දැක්කම මගෙ මූණෙත් පොඩි හිනාවක් ඇඳුනා.

"මම ඔයා එක්කම ඉන්නවා විදුර්..."

ලවන් කිව්වෙ මගෙ නෙක්ලස් එක හිමීට ඇඟිලිතුඩු වලින් පිරිමදින ගමන්.

"මම දන්නවා ලවන්...just- I'm sorry-"

මම කියලා ඉවර කරන්නත් කලින් ලවන් මගෙ තොල් මැදින් දබර ඇඟිල්ල තිබ්බා.

"සොරි කියන්න ඕනෙ නෑ...ඔයාට හිතෙන හැමදේම ඕන වෙලාවක මා එක්ක කියන්න විදුර්. ඒත්-"

"...."

"මගෙ මැණිකට මාව විශ්වාසයි නේද...?"

"මට විශ්වාසයි..."

මම කියද්දි ලවන් ඉස්සරහට වෙලා ඉක්මනට මගෙ තොල් වලින් පෙක් එකක් තියලා එහාට වුණා. මම ආයෙම හිනාවෙද්දි තමා එයාගෙ මූණෙත් හිනාවක් ඇඳුනෙ.

ඊට පස්සෙ සිතුම්ය අපෙ කෑම තොගේ උස්සන් ආපු නිසා ඒ කතාව එහෙම්ම නැවතුනා. මෙච්චර පැණි රස කන්න පුලුවන්ද දෙයියනේ?? කමක් නෑ කොෆී එකෙනුයි සේවරි කෑම වලිනුයි බැලන්ස් කරගන්න බැරියැ.

තියන පැණිරස මදිවට සිතුම්ය එයා ගානෙ කියලා තව පොඩි කුකීස් වගයක් දීලා ගියා. කමක් නෑ...ඔය ඔක්කොම කාලා තමා කොහොමත් අපි දෙන්නා නැගිටින්නෙ.

අපි හිමීට කේකුත් කකා කොෆී බිබී කතා කර කර ඉද්දි දන්නෙම නැතුව ඉර බැහැගෙන යන වෙලාවත් ඇවිත්. අන්තිමට අපි එතනින් ආවෙ හවස හයට විතර. ආයෙම ආවෙ ලවන්ගෙ අපාට්මන්ට් එකට එන්න තමා. ගෙදර යන්න තව වෙලා තියනවා...හෙහෙ.

ආයෙම එද්දි ලවන් කෙලින් පාරෙ යන්නැතුව බහිරව කන්ද පාරෙන් උඩට දැම්මා. අනිත් පාරෙන් ළඟයිනෙ.. ඇයි මේ පාරෙන් දැම්මෙ? මම ඕක අහන්න ගිහිල්ලත් ආයෙ පාඩුවේ හිටියා. එයාට මොකක්හරි හේතුවක් ඇතිනෙ.

ලවන් කාර් එක සිල්වෙස්ටර් එක ගාවින් පහළට හැරෙන පාරට දාලා නවත්තද්දි මම එයා දිහා බැලුවා.

"ලවන්...ඇයි මෙතන?"

"ඔයා පොඩ්ඩක් ඔහොම ඉන්න...මම ඉක්මනට එන්නම්."

ලවන් සීට් බෙල්ට් එක ගලවලා කාර් එකේ දොර අරින්න හදන ගමන් කියද්දි මම එයාගෙ අතක මැණික් කටුව ගාවින් අල්ලගත්තා.

"කුඩයක් අරන් යන්න...වහිනවනෙ."

"මේක මේ පොද වැස්සක්නෙ අනේ...අවුලක් නෑ මම ඉක්මනට එනවා."

පොද වැස්සක්නම් තමා...ඒත් ඒකට සාමාන්‍ය මිනිස්සු තෙමුනොත්නෙ අවුලක් නැත්තෙ. මෙයා තෙමිලා ඊට පස්සෙ හචින් අරින්න තියාගත්තම මම එපැයි නැවතිලා සාත්තු කරන්න. එක්කො ඇත්තටම අද ඉන්නත් හිතෙනවා...ලවන් අද එක්ස්ට්‍රා ස්වීට් වෙලානෙ. එහෙම වෙලාවට තුරුල් වෙලා දොයියන්න තිබ්බනම් ශෝක්නෙ.

මම සීට් එකේ පොඩ්ඩක් ඉස්සරහට වෙලා ලවන් ගියපු ශොප් එක දිහා බැලුවා. ලාවට වැහැලා ශටර් එකේ යන්තම් වැටුණු වැහි බිංදු අස්සෙන් ශොප් එක ඇතුලෙ සෙල්ස් ගර්ල් කෙනෙක් එක්ක කතා කර කර ඉන්න ලවන්ව මට පේනවා.

ඒත් අනේ ශොප් එකේ අඳුරු ග්ලාසස් වලින් මට ඒක ඇතුලෙ තියෙන්නෙ මොනවද කියලවත් පේන්නෑනෙ...ලවන් කාර් එක නැවැත්තුවෙ ශොප් එකේ පැත්තකට වෙන්න නිසා මට ඒකෙ නම පේන්නෙත් නෑ. ඔන්න ඔහෙ ඕන එකක්...මම එයා එනකන් සීට් එකට හේත්තු වෙලා ඇස් පියාගෙන හිටියා.

විනාඩි පහකට විතර පස්සෙ මම ඇස් ඇරියෙ කාර් එකේ දොර ඇරිලා වැහෙන සද්දෙට. ඇස් අරිනවත් එක්කම මගෙ ඇස් ඉස්සරහ තිබ්බෙ...ඒ කියන්නෙ ලවන් ගියේ ෆ්ලවර් ශොප් එකකටද?? මගෙ ඇස් ඉස්සරහ තිබුණෙ ලා රෝස පාට මල් මැද්දෙන් තැනින් තැන රතු රෝස මල් රැඳුණු මල් පොකුරක්.

ඒ එක්කම මගෙ ඇස් වලට මුණ ගැහුණෙ ලස්සන හිනාවක් එක්ක මගෙ දිහා බලාගෙන මල් බොකේ එකත් අල්ලන් ඉන්න ලවන්ව.

"ලවන්..."

ඇහෙන නෑහෙන ගාණට මම කියද්දි ලවන් ඉස්සරහට වෙලා මගෙ බෙල්ල ගාවින් අත තියලා කම්මුලින් කිස් එකක් තිබ්බා.

"Once again...congratulations my baby. මේක ඔයා කම්පිටිශන් එක වින් කරාට."

ලවන් මගෙ අතින් මල් බොකේ එක තියද්දි මම පරිස්සමට ඒක අත් දෙකට අරගෙන ඒ දිහා බලන් හිටියා. ඒ තැනින් තැන රැඳුණු රතු රෝස මල් වගේම අතරින් පතර තිබුණ මම නමක් නොදන්න චූටි මල් දිගෙත් මම මගෙ ඇඟිලි අරන් ගියා.

ලවන් කොච්චර තෝට්ෆුල්ද...විශේෂ අවස්ථාවක මල් බොකේ එකත් විශේෂ කරන්න එයා හොඳට දන්නවා. එයා සාමාන්‍යයෙන් මට දෙන්නෙ ලා රෝස පාට මල් බොකේ එකක්නෙ. අදටත් මගෙ පෆෝමන්ස් බලන්න එද්දි එයාගෙ ඒ මල් බොකේ එක වරදින්නෙ නෑ.

ඒත් මොකක්මහරි විශේෂ හේතුවකට එයා මට දෙන මල් බොකේ එකත් විශේෂ වෙනවා. හරියට එයා මට මුලින්ම ආදරෙයි කියපු දවසෙ තනි රෝස මලක් දුන්නා වගේ...ඒත් නිකන්ම නෙවෙයි ඒකට ලස්සන තේරුමක් එක්ක. අදත් එයා දුන්නෙ පුරුදු රෝස මල් පොකුරට තව තව දේවල් එකතු වුණ වෙනස්ම මල් බොකේ එකක්.

ඔය හැම දෙයක්ම කල්පනා වෙද්දි මටත් හොරෙන් ඇහෙන් එළියට පැනපු කඳුලු බිංදුවක් රතු රෝස මල් පෙත්තක් උඩට වැටුණා.

"විදුර්...බබා මේ මොකද?"

ලවන් ඉක්මනින් ඉස්සරහට වෙලා මගෙ කම්මුලින් අල්ලගත්තා. මොකද ගොඩක් වෙලාවට ලවන් මට මෙහෙම දේවල් කරද්දි සතුටට මගෙ ඇස් වල කඳුලු පිරුණට මට ඇඬිලා නෑ. මගෙ කඳුලු දැක්ක ගමන් ලවන් කලබල වුණේ ඒකයි.

"ඇඬෙන විදිහෙ වැඩ කරලා මේ මොකද අහන්නෙ..."

මම ලවන්ගෙ උරහිසට පාරක් ගහලා කියද්දි ලවන් හිනාවුණා.

"සතුටු කඳුලු හින්දා අවුලක් නෑ...ඒත් අඬන්න එපා පැටියො. කෝ ඉතින්..."

ලවන් අත් දෙකින්ම මගෙ කඳුලු පිහදාන ගමන් කිව්වා. ඒ වුණාට ඉතින් ඇඬෙනවනෙ...ලවන් අද දවස විශේෂ කරන්න කරපු හැමදේම මතක් වෙද්දි ඇස් වලින් කඳුලු පනින්නෙ හිතාමතා නෙවෙයි.

කඳුලු පිරුණ ඇස් වලින්ම මම ලවන් දිහා බලලා හිනාවෙද්දි එයා මගෙ පැත්තට ඇවිත් හුඟක් උද්‍යෝගෙන් මගෙ තොල් කිස් කරන්න ගත්තා. කිස් එක අතරමත් වැටුණු කඳුලු බිංදු දෙක තුනක් ලවන්ගෙ කම්මුල් වල රැඳිලා අතුරුදහන් වෙලා යද්දි එයා තවත් කිස් එක ඩීප් කරා. විනාඩි ගාණක්ම එයාගෙ තොල් අතරෙ අතරමං වෙලා හිටපු මගෙ කඳුලු ඉබේම වේලිලා ගියාට පස්සෙ ලවන් කිස් එක බ්‍රේක් කරලා මගෙ දිහා බැලුවා.

"තාමත් ඔයා හුරුවෙලා නෑනෙ විදුර්...මම කොච්චර මල් බොකේ දීලා තියනවද? ඒත් තාම ඇස්වල කඳුලු පිරෙනවා."

ලවන් එයාගෙ නහය මගෙ නහයෙ වද්දන ගමන් කිව්වා.

"It's not just about flowers you know...it's about the moment, and your effort. මම කිසිම දවසක ඒවට හුරුවෙන එකක් නෑ ලවන්..."

මම කියද්දි ආයෙම හිනාවුණ ලවන් මගෙ තොල් වලින් පෙක් එකක් තිබ්බා.

"I only have you so...all my time, effort and everything else is for you. මේ දේවල් විතරක් නෙවෙයි ඔයාට තවත් මොනවාහරි ඕනනම් ඒ ඕනම ගිෆ්ට් එකක් ඔයාට දෙන්න මම ලෑස්තියි."

ලවන් කිව්වෙ යන්තම් මගෙ ඔලුව අතගාන ගමන්. වෙන කියන්නම දෙයක් නැතිවුණ තැන මම ඉස්සරහට වෙලා එයාගෙ කම්මුලින් හාද්දක් තිබ්බා.

"අපි යමුද...?"

ලවන් මගෙ කම්මුල් වලින් අල්ලලා අහද්දි මම ඔලුව වැනුවෙ ඔව් කියන්න. ආයෙම ටවුන් එක පැත්තට එනකන්ම මම මල් බොකේ එක පරිස්සමට මගෙ අත් අතර රඳවගෙන හිටියා. අපි එන්න ආවෙ වැව රවුම ගාවින් උඩට තියන පාරෙන්. අර වීව් පොයින්ට් එකට යන පාර තියෙන්නෙ අන්න ඒකෙන්. ඒ පැත්තෙනුත් ලවන්ගෙ අපාට්මන්ට් එකට ළඟයි.

අපි වීව් පොයින්ට් එක පාස් කරනවත් එක්කම වගේ මට කෝල් එකක් ආවා. මම ෆෝන් එක අරන් බලද්දි...චූටි මාමා. අනිවාර්යෙන් අම්මා කියන්න ඇති මම වින් කරා කියලා. ඇත්තටම මගෙ අම්මා අප්පච්ච් අයියා ඇරුණම, දැන් ලවනුත් ඇරුණම මගෙ ඒ වගේ දේකදි වැඩියෙන්ම සතුටු වෙන්නෙ චූටි මාමා. එයාගෙන් කෝල් එකක් වරදින්නෑ මම වින් කරපු හැම පාරම.

මට කෝල් එකක් කියලා දකිද්දි ලවන් කාර් එක පාර අයිනට කරලා නතර කරා. මම ෆෝන් එකේ ස්ක්‍රීන් එක ලවන් පැත්තට හරවලා කෝල් කරන කෙනා පෙන්නලා ඒක ආන්ස්වර් කරා.

"චූටි මාමෙ..."

"මද්දු...සුබ ආරංචියක් ආවා ටිකකට කලින්."

"ඔව් මාමෙ..."

මම යන්තම් හිනාවෙලා ලවන් දිහා බලන ගමන් කිව්වා. මාව ගෙදරට චූටි වෙලා මාමට මද්දු වෙන්න හේතුව මේකයි. මම කලින් කිව්වෙ අපෙ ලොකු අම්මලා ඉන්නෙ පිටරට කියලා. ඒ නිසා ඒ ළමයි නිතර මෙහෙ එවෙන්නෙ නෑ. මාමා එයාගෙ ළමයින්ට වගේ සලකන්නෙ එයාගෙ පොඩි අක්කලා දෙන්නගෙ, ඒ කියන්නෙ අම්මගෙයි පුංචිගෙයි ළමයින්ට.

ඔතනින් ලොකු පුතා තමා අපෙ අයියා. චූටි පුතා වෙන්නෙ පුංචිගෙ පුතා නිකින්. ඒකා තාම ඒ ලෙවල් පටන් ගත්තා විතරයි. ඉතින් ඌ මට වඩා බාල නිසා චූටි පුතා කියන්න එපැයි. ඒ නිසා මම තමා එයාගෙ මද්දු පුතා. මුලදි ඔය පුතා කෑල්ල කිව්වට පස්සෙ පස්සෙ ඒක හැලිලා අන්තිමට අපි තුන්දෙනා නිකන්ම ලොකූ, මද්දු, චූටි වුණා.

ගෙවල් වල කට්ටිය එකතු වුණාම හෙනට පැටලෙනවා ලොකු ඈයොන්ට...ඇයි ඉතින් චූටි කියලා කවුරුහරි කතා කරොත් පුරුද්දට මායි නිකිනුයි දෙන්නම දුවනවා. පස්සෙ ඉතින් ඕක ගාණක් නැතුව ගියා අපි හැමෝටම. ඊට අමතරව මාමට ඉන්න එකම දෝණියැන්දැ තමා පුංචිගෙ දූ නිකිනි. එයාට ඉතින් ලොකු, පොඩි කතා නෑ කෙලින්ම දෝණි විතරයි. ඉන්නෙ එකයිනෙ කොහොමත්.

"සුබ පැතුම් පුතේ...මාමට ගොඩක් සතුටුයි. නැන්දත් කිව්වා විශ් කරා කියන්න කියලා."

"තෑන්ක්ස් මාමෙ...මම නැන්දටත් තෑන්ක් කරා කියන්න.".

"ම්ම්...මම කියන්නම්කො. ඉතින් මොකෝ විස්තර මද්දු? උඹට ගන්නත් බැරිවුණානෙ ළඟදි."

"වරදක් නෑ මාමෙ...කැම්පස් වැඩ ටික කරන් ඉන්නවා. මාමට කොහොමද?"

"මාත් ඉතින් කැම්පස් වැඩ ටික කරන් ඉන්නවා..."

චූටි මාමා කියද්දි මට හිනාගියා. එයා කැම්පස් වැඩ කියන්නෙ ඉතින් එයාගෙ ලෙක්චරින් වැඩ වලට. එයා ඕපන් යුනිවසිටි එකේ කෙමෙස්ට්‍රි ලෙක්චරර් කෙනෙක්.

"උඹ ලඟදි මේ පැත්තෙ ආවෙවත් නෑනෙ...එනවකො කෑම වේලක්වත් හදලා දෙන්න. සමරන්නත් එක්කම."

"එන්න ඕනෙ මාමෙ...මම ඇත්තටම ළඟදිත් මතක් කරා එන්න ඕනෙ කියලා. අත්තම්මා බලන්න එන්නත් බැරිවුණා."

"ලබන සතියෙ ලෝන්ග් වීක් එන්ඩ් එකක් තියනවා...මොකෝ කියන්නෙ?"

චූටි මාමා කියද්දි මම ලවන්ගෙ කාර් එකේ තිබුණ පොකට් කැලැන්ඩර් එක අරන් බැලුවා. ඔව්මයි...ලබන සතියෙ සඳුදා පෝය.

"ඔව්මයි නේ...එදාටනම් බැරිවෙන එකක් නෑ. මම හරියටම කියන්නම්කො චූටි මාමෙ."

"හරි හරි.. උඹ එක්සෑම් එක්ක ආයෙ බිසී වෙන්න කලින් එනවනම් ඉතින් එදාට තමා."

මාමා කියන එකත් ඇත්ත. ලබන මාසෙ ඉඳන් එක්සෑම් වලට පාඩම් කරන්න එපැයි.

"ආවොත් මට චූටි නැන්දගෙ උඳු වළලු ඕනෙ හොඳේ..."

"හරි බං...එනවනම් උඳු වළලු නෙවෙයි ඉර හඳ හරි ගෙනත් තියන්න බැරියැ. වරෙන්කො ඉස්සරලා."

මාමා හිනාවෙන ගමන් කිව්වා. ඔව් ඉල්ලුවොත් ඒවත් ගෙනත් තියන්න බැරි නෑ...එහෙව් පොර. එයාටම කියලා ළමයිනුත් නෑනෙ කොහොමත්. ළමයින්ට දෙන්න තියන ඔක්කොම සැප දෙන්නෙ අපි හතරදෙනාට තමා.

මම තව විනාඩි පහක් විතර චූටි මාමා එක්ක කතා කරලා පටාර් ගාල හැරුණෙ ලවන් පැත්තට.

"මෙහ්...ලබන සතියෙ අත්තම්මා බලන්න ගියොත් එනවද මාත් එක්ක?"

"අ-ආ...?"

ලවන් තුෂ්ණිම්භූත වෙලා වගේ මගෙ දිහා බලන් ඇහුවා. ඇත්ත ඉතින්...ඔහොම බෝම්බ අතාරිනවා වගේ ගමන් යන එක ගැන අහනවද මිනිස්සුන්ගෙන්.

"ලබන සතියෙ ලෝන්ග් වීක් එන්ඩ්නෙ...චූටි මාමා කිව්වා ඇවිත් යන්න එන්න කියලා. අත්තම්මත් බලලා දවසක් ඉඳලම ආවැකි. යමුද?"

"යන එකනම් අවුලක් නෑ...මම කවුරු කියලද කියන්නෙ?"

"යාලුවෙක් කියමු අනේ...ඕවත් ප්‍රශ්නද?"

"යාලුවෙක් කියන්න තිබ්බා මම ඔයාගෙ කැම්පස් එකේ ලෙක්චරර් කෙනෙක් නොවුනනම්..."

හපොයි...එහෙමත් කේස් එකක් තියනවා නේද? අනිවාර්යෙන් විස්තර අහනවමනෙ. මාමත් ලෙක්චරර් කෙනෙක් නිසා අනිවාර්යෙන් ඔතන පොඩි කොස්සක් එනවා.

මාමා මං ගැන දන්නවා...ඒකෙ අවුලක් නෑ. මගෙ පවුලෙ තුන්දෙනා ඇරෙන්න මං ගැන දන්නෙ මාමයි නිකිනියි විතරයි. ඇත්තම කතාව මම මාමට ඔය ගැන කිව්වෙ අම්මලට කියන්නත් කලින්. එයා පොඩි කාලෙ ඉඳන් මගෙ යාලුවා වගේනෙ. අනික මාමා එහෙම දෙයක් ජජ් කරන්නෑ කියන එක හොඳටම තේරුණ නිසා තමා අම්මලට කියන්න්ත් කලින්ම චූටි මාමට කිව්වෙ.

නිකිනිටනම් මම කිව්වෙ නෑ ඒකිම තමා මගෙන් ඇහුවෙ එහෙමද කියලා. ඒකි ඔය කොලු කතා බලලා කියවලා එව්වා හොඳට තේරෙනවලු. අනේ මන්දා කෙල්ලො ඔව්වා කොහෙන් හොයාගන්නවද කියලා. යකෝ ගේ කොල්ලෙක් වෙච්ච මමවත් බලන්නෑ ඕවා.

කොහොමත් ඒකිගෙ අවුලක් නෑ...මොන අවුල්ද මම ඔව් කිව්ව ගමන් ඒකි සතුටින් උඩ පැනලා මාව බදාගත්තත් එක්ක. එහෙම කෙනෙක් පවුලෙ ඉන්න එකට සතුටුයිලු කියන්නෙ. අනේ මන්දා ඕවා.

කොහොමහරි ඉතින් මාමා ඔය ගැන දන්න එකම තමා ප්‍රශ්නෙ. මම කොල්ලෙක් එක්කන් එනවා කිව්ව ගමන් විස්තර අහයිනෙ. ඒත් අනේ ඒ ප්‍රශ්න එන්නෙ පස්සෙනෙ...දැන්ම ඕවා හිතන්නෙ මොකටද?

"චූටි මාමා අවුලක්නම් නෑ...අපි ඒක පස්සෙ හිතමුකො. කොහොමත් එයාට බොරු කියන්නන මට හිතෙන්නෙත් නෑ."

"ම්ම්..."

ලවන් ටිශූ එකක් අරගෙන වැස්සට බොඳ වුණු කාර් එකේ ග්ලාසස් පිහදාද්දි මම පොඩ්ඩක් එළිය බලන් හිටියා. දැන් රෑ හතටත් කිට්ටුයි. අපි හිටියෙ වීව් පොයින්ට් එක කිට්ටුව වාහනේ නවත්තලා. එතෙන්ට පේන වීව් එකම අපි හිටපු තැනටත් හොඳට පේනවා.

හොඳට කිව්වෙ හොඳටමත් නෙවෙයි...ග්ලාස් එක එළියෙ රැඳුණු වැහි බිංදු එක්ක ඈත ටවුන් එකේ පේන ලයිට්ස් බ්ලෙබ්ඩ් වෙලා ඒවා ඇතුළට පේන්නෙ අමුතුම හැඩේකට. මම ටිකක් වෙලා ඒ දිහා බලන් ඉඳලා ලවන් දිහා බැලුවා.

එක පාරට මට මගෙ ආට් එක මතක් වෙලා කට කොනකට හිනාවක් ආවා. 'ගෝඩ්ස් ඇන්ඩ් ඒන්ජල්ස්'...මගෙ කොල්ලා එහෙම තීම් එකක් වින් කරන්න තරම් හැන්ඩ්සම්. මම එයාගෙ මූණ පුරාම ඇස් ගෙනිහින් ආයෙම තප්පරේකට ග්ලාස් එක දිහා බැලුවා. මේ ග්ලාස් කලු පාටයිනෙ...ඔව්නෙ? නයිස්.

ලවන් කාර් එක ස්ටාට් කරන්න යනකොටම මම එයාගෙ අතින් අල්ලලා නැවැත්තුවා.

"ඇයි විදුර්..."

ලවන් අහද්දි මම මල් බොකේ එක පරිස්සම්න් සීට් එකේ කොනකින් තියලා එයා දිහාවල ළං වුණා.

"ඉස්සරලා කිව්වා නේද කැමති ඕනම ගිෆ්ට් එකක් ඉල්ලන්න කියලා..."

"ඒත්-"

ලවන් කියන්න ගිය එක නවත්තලා මගෙ දිහා ඇස් දෙකත් ලොකු කරලා බැලුවෙ මම මීන් කරන දේ තේරිලා වෙන්න ඕන. ඔව් ඉතින්...මගෙ ඇස් දෙකේ සෙඩක්ටිව් බැල්ම දැක්කම ඒක නොතේරෙන්න විදිහක් නෑ. මම ලවන්ගෙ ඇස් දෙක දිහාම බලන් ඉද්දි එයාගෙ කට කොනකට හිනාවක් ආවා.

"මොනවද මගෙ විදුර්ට ඕනෙ...?"

ලවන් ඇහුවෙ එයාගෙ ඇඟිලිතුඩු මගෙ නළල දිගේ පහළට අරන් එන ගමන් හැඟීම් ඇවිස්සෙන විදිහට. ලවන් ඒක අහන පමාවට මම සීට් එකට කකුලක් තියලා නැගිට්ටෙ පිටිපස්සෙ සීට් එකට යන්න.

"ඔය- විදුර් බලාගෙන...පුදුම හදිස්සියක්නෙ."

ලවන් කෑගැහුවෙ මම පිටිපස්සෙ සීට් එකට යන්න ගිහින් කාර් එකේ වහලෙ ඔලුව වද්දගෙන ඒ මදිවට තව ටිකෙන් කකුල පැටලිලා සීට් එක උඩටම පතබෑවෙන්න ගිය නිසා. ඒත් මම පිටිපස්සෙ සීට් එකට යනකන්ම ලවන් මගෙ ඉන දෙපැත්තෙන් අල්ලන් හිටපු නිසා යන්තම් නොවැටී බේරුණා.

මම සීට් එකෙන් ඉඳගෙන ලවන් දිහාවට අත දික් කරද්දි එයත් ජැකට් එක ගලවලා අයින් කරලා පිටිපස්සෙ සීට් එකට ආවා. ඒ එන්නත් කට්ටක් කන්න වුණා ඉතින්...එයා මටත් වඩා උසයිනෙ.

අපි දෙන්නගෙ මේ මල විකාර දැකලා එක පාරට අපිට හිනා ගියත් ඒ පමාවට අපෙ තොල් පැටලුනේ ටිකක් කලබලෙන්. එළියෙන් ඇහෙන වැස්ස, වාහනේ ඇතුලෙ ඒසී එකේ සීතල අපි දෙන්නගෙ හැඟීම් වලට තවත් උදව් කරා.

කිස් එක බ්‍රේක් නොකරම මම ලවන්ගෙ උකුල උඩට එද්දි එයා මගෙ ඉන දෙපැත්තෙන් තද කරලා අල්ලගත්තා. මගෙ ශර්ට් එකේ බොත්තම් පැන්නිලා දෙපැත්තට වෙද්දි ලවන්ගෙ ශර්ට් එකත් ගැලවිලා කොහේටදෝ වැටුණා. වටේ දැනෙන සීතල නැතිවෙලා යන්තම් අපි දෙන්නගෙ ඇඟ ගිනියම් වේගෙන එනකන්ම අපි කිස් එක නැවැත්තුවෙ නෑ.

"විදුර්...ඔහොම ඉන්න-"

ලවන් එක පාරට කිස් එක බ්‍රේක් කරලා මගෙ දිහා බැලුවෙ මම එයාගෙ ඩෙනිම් එකේ බට්න්ස් දෙකම පන්නද්දි. අපි දෙන්නම ඒ වෙද්දි හිටියෙ මත් වෙලා වගේ. අපි දෙන්නගෙ ටච් එක නැතුවම බැරි තරමට ඒ වෙලේ අපි ඇබ්බැහි වෙලා හිටියා.

"ඔයා මොකද්ද- ආහ්හ්."

මම එයාගෙ ඩෙනිම් එකෙන් ඇතුළට අත දාලා මගෙ එක අතක් ලවන්ගෙ කකුල් දෙක මැද්දෙන් තියද්දි එයා කෙඳිරුමක් එක්ක සීට් එකේ ඔලුව ගහගත්තා. මම එයාව ඒ විදිහට ඇල්ලුවෙ පළවෙනි වතාවට. එයාගෙ පණ ගහපු හැඟීම් මගෙ අතට ෆීල් වෙද්දි මමත් හිටියෙ ඉවසන්න පුලුවන් තත්වෙක නෙවෙයි.

"විදුර්...ම්හ්ම්."

මගෙ අත මම යන්තම් එහා මෙහා ගෙනියද්දි ලවන් කෙඳිරුවෙ එයාගෙ ඇස් උඩ අතට පියවෙද්දි. ඒ වෙද්දි මගෙ ශර්ට් එක ඇතුලෙන් තිබුණ එයාගෙ අතේ ග්‍රිප් එක තව තවත් තද වුණා.

"Can we...please."

මම ටිකක් ඉස්සරහට වෙලා ලවන්ගෙ කනට කෙඳිරුවෙ මගෙ ඉන එයාගෙ හැඟීම් උඩට තෙරපන ගමන්. මම අහද්දි මත් වුණ ඇස් වලින්ම කට කොනකින් හිනාවුණ ලවන් ආයෙම මාව වේගෙන් කිස් කරන්න ගත්තා.

ලවන්ගෙ අතින් මගෙ ඩෙනිම් එකේ බට්න්ස් පැන්නිලා පහළට වෙද්දි මම ආයෙම මගෙ ඉන එයාගෙ හාඩ් වුණ ෆීලින්ග්ස් වලට ළං කරා. ඩෙනිම් එකේ ඝනකම නැතිවෙලා අන්ඩවෙයා ෆැබ්‍රික් වලින් විතරක් වෙන්වුන අපෙ හැඟීම් එකට තෙරපෙද්දි මගෙ වගේම ලවන්ගෙනුත් ගැඹුරු කෙඳිරුමක් පිටවුණා.

ටච් එකට හුරු වෙනකන් තප්පර ගාණක් හිටපු මම හිමින් මගෙ හිප්ස් මූව් කරන්න ගද්දි ලවන් සීට් එකේ ඔලුව ගහගත්තෙ ලොකු හුස්මක් එක්ක. ආයෙම හුඟක් මත් වුණ ඇස් වලින් මගෙ දිහා බලපු ලවන් බෙල්ලෙන් අත තියලා මාව ඇදලා අරන් වේගෙන් කිස් කරා.

අපි දෙන්නම රිදම් එකකට හිප්ස් මූව් කරද්දි මගෙ ශර්ට් එකත් ගැලවිලා මගෙ ඇඟෙන් අයින් වුණා. සැරින් සැරේ ලවන්ගෙ තොල් මගෙ බෙල්ලෙන් වගේම නිප්ල්ස් වලිනුත් දැනෙද්දි මගෙ නියපොතු වලින් ලවන්ගෙ උරහිස පුරාම රටා හැදුණා.

විනාඩි ගාණක්ම අපෙ හැඟීම් එකට තෙරෙපෙද්දි දැනුණ ඇඟම හිරිවැටෙන ෆීලින් එකට මම ගොඩක් ඇබ්බැහි වෙලා හිටියා. ඒ වෙලාවම කාර් එක පිරිලා තිබුණෙ අපි දෙන්නගෙ කෙඳිරුම් වලින් විතරයි.

උපරිමේටම ආපු මගෙ හැඟීම් නිදහස් වුණාට පස්සෙ මම එහෙමම ඉස්සරහට වෙලා ලවන්ගෙ උරහිසේ ඔලුව ගහගත්තා.

මගෙ පිටෙන් අත තියලා අල්ලගෙන තව තප්පර ගාණක්ම එයාගෙ හිප්ස් එහා මෙහා කරපු ලවන් එයාගෙ හැඟීම් නිදහස් කරේ ගැඹුරු කෙඳිරුමක් එක්ක.

වේගෙන් හුස්ම ගන්න ගමන්ම ලවන් මාව තව ටිකක් ළං කරලා පපුවට හේත්තු කර්ගත්තා. වටේ සීතල දැනෙන්නෙවත් නැති තරමට අපි දෙන්නටම දාඩිය දාලා තිබ්බෙ.

අපෙ හුස්ම ටික ටික සන්සුන් වෙද්දි, මෙච්චර වෙලා ඇහුණෙ නැති වැහි සද්දෙ ආයෙම ඇහෙන්න ගද්දිත් මම එහෙමම ලවන්ට හේත්තු වෙලා හිටියා. එයා හිමින් මගෙ කෙස් අතරින් ඇඟිලි අරන් යන විදිහෙන් දැනුණ සනීපෙට යන්තම් මගෙ ඇස් පියවීගෙන ආවා.

"මං ආදරෙයි විදුර්..."

මගෙ නළලෙ පැත්තකින් තොල් තියන ගමන් ලවන් කියද්දි මම යන්තම් හිනාවුණා.

"මමත් ආදරෙයි..."

මම කිව්වෙ ලවන්ගෙ උරහිසට පොඩි කිස් එකක් දෙන ගමන්. ලවන් මගෙ ශර්ට් එක අරන් අන්දනවා මට ලාවට මතකයි. අමාරුවෙන් ආයෙම ඉස්සරහ සීට් එකට යනවත් යන්තම් මතකයි. ලවන් කාර් එක ස්ටාර්ට් කරද්දි එහෙමම එයාගෙ අතකට හේත්තු වෙලා ඇස් දෙක පියාගත්ත මම පැය ගාණකට පස්සෙ ලවන්ගෙ ඇඳේ එයාගෙ අත් දෙක අස්සෙ ඇහැරෙනකන්ම තද නින්දකට වැටුණා.

-------------

අප්ඩේට් ටිකක් පරක්කුයි තමා. හේතු කිහිපයක් තියනවා 🙂

එකක් මට අම්බානට වැඩ. ගෙදර ආපු ගමන් මේකෙ වචන දෙක තුනක් ලියලා නිදි. අනික මේකෙ විශේෂ දේකට තියෙන්නෙ විදුර් වින් කරපු එක විතරනෙ...ඒ නිසා චැපිය බෝරින් නැතුව ලියන්න ඕන නිසා ටිකක් කල් ගත්තා.

අනිත් ප්‍රධානම හේතුව...මගෙ කම්මැලිකම වෙන මොකද්ද 😐

කොහොමහරි ආවනෙ ඉතින්...ඊළඟ පාර අත්තම්මා බලන්න යන්න ලෑස්ති වෙලා ඉන්න හොඳේ 😁

Share This Chapter