Back
/ 35
Chapter 35

Part 32

සීමාවෙන් එහා

Lavan's pov

විදුර් මගෙ පපුවට තුරුල් වෙලා නිදාගද්දි මගෙ පපුවෙ ගැස්ම වැඩිවෙනවා...එයා හැමදාම කියනවා ඒ සද්දෙ අහගෙන නිදාගන්න එයා හරි ආසයි කියලා. මට ඒ ඇයි කියලා හිතාගන්න අමාරු නෑ...මගෙ හදවත ගැහෙන වාරයක් ගානෙ උතුරන්නෙ එයා වෙනුවෙන්ම පණ ගහපු ආදරේ. ඉතින් ඒ හඬ අහගෙන ඒ උණුහුමටම වෙලා නිදාගන්න එයා කොච්චර ආසා ඇද්ද.

විදුර්ට මගෙ තුරුලෙ සනීපෙට නින්ද ගිහින් හුස්ම වැටෙන වේගෙ සන්සුන් වුණාට පස්සෙ මගෙ පපුව ගැහෙන වේගෙත් ඉබේම සන්සුන් වෙනවා. ඒ ඇයි කියන්න මම දන්නෙ නෑ...ඒත් සනීපෙට නිදාගෙන ඉන්න මගෙ ආදරේ මගෙ පපුවට තුරුල් වෙලා රටාවකට හුස්ම ගද්දි මට මේ ලෝකෙ තියන අනිත් හැමදේම අමතක වෙනවා.

මට කියලා හිතන්න, කල්පනා කරන්න දේවල්නම් කීයක්ද?? මම මේ තුරුල් කරන් නිදාගෙන ඉන්නෙත් තහනම් දෙයක් කියලා මතක් වෙද්දි මගෙ පපුව බර වෙන්න ගන්නවා. මම ඒ කිසිම දෙයක් විදුර්ට කියලා එයාගෙ හිත රිද්දන්න කැමති නෑ. ඒත් එයාට නින්ද ගිහාම...සන්සුන්ව නිදාගෙන ඉන්න මගෙ මැණිකගෙ මූණ දිහා බලන් ඉද්දි මගෙ හිතේ තියන හැම ප්‍රශ්නයක්ම ඉබේම ඈතකට පාවෙලා යනවා.

එයා හරියට හිත නිවන මැජික් එකක් වගේ...විදුර් නිසා කොච්චර මගෙ හිත නිවුණද කියන්න එයාවත් දන්නෙ නැතුව ඇති. සමහර වෙලාවට එයාට නින්ද ගිහාම මම එයාගෙ මුණ දිහා ගොඩක් වෙලා බලන් ඉන්නවා. එයාට නොදැනෙන්න එයාගෙ නළලින්, කම්මුල් වලින්, තොල් වලින් හිමින් හාදු තවරද්දි ගිනි ගන්න මගෙ හිතම ටිකින් ටික නිවෙනවා මට දැනිලා තියනවා.

පළවෙනි වතාවෙ එයාව දකිද්දි ඇතිවුණ හැඟීම ආදරේකට පෙරළෙන්න වැඩි කල් ගියෙ නෑ...ඒ එයාගෙ පෙනුම වගේම හිත ඇතුළෙනුත් ගොඩක් ලස්සන කෙනෙක් නිසා.

විදුර් හරි ලස්සනයි...මම හැමදාම එයාට කිව්වෙ ඔයාට තියෙන්නෙ දෙවියො නිවීහැනහිල්ලෙ මවපු රූපයක් කියලා. ඒ ලස්සනටම කරුණාවන්තකමයි හුරතල්කමයි එකතු වුණාම...විදුර් කියන්නෙ මම දැකපු පර්ෆෙක්ට්ම කෙනා වුණේ මගෙ හිතටත් නොදැනිම.

මට විතරක් නෙවෙයි...එයාට හම්බුණ හැම කෙනෙක්ටම විදුර් සැලකුවෙ හරි කරුණාවන්තව. එයා අම්මට අප්පච්චිට අත්තම්මට ආඩම්බර වෙන්න පුලුවන් විදිහෙ පුතෙක්. පාරෙ ඉන්න අසරණයෙකුට, සතෙකුට වුණත් එයාගෙ හිතේ තිබ්බ අහිංසක හැඟීමෙ වෙනසක් වුණේ නෑ.

මාත් එක්ක ඉද්දි එයාගෙ තිබුණ හුරතලේට මම ගොඩක් ආසයි. මොකක්හරි කතාවක් කියලා හිනාවෙද්දි, මාත් එක්ක බොරුවට රණ්ඩු වෙද්දි මම එයා දිහා බලන් හිටියෙ ගොඩක් ආදරෙන්. මාව දැක්ක ගමන් රෝස පාට වෙන මූණයි ඒ හුරතල් හිනාවයි දැක්කම මට එක දිගට එයාව ඉඹගෙන ඉඹගෙන යන්න එන ආසාව සමහර වෙලාවට කන්ට්‍රෝල් කරන් හිටියෙ ගොඩක් අමාරුවෙන්.

ලස්සන, අහිංසකකම, හුරතල්කම වගේම තමයි එයාගෙ බුද්ධිමත්කමත්. මගෙ විදුර් ගොඩක් ස්මාට්...මගෙ හිත හදන්න එයා කියපු සමහර දේවල් අහන් ඉද්දි මටම හිතිලා තියනවා මේ අවුරුදු 21ක පොඩි කොල්ලෙක් කියන විදිහෙ වචනද කියලා.

මගෙ ඔලුව හිමින් අතගාන ගමන් එයා මාව සනසද්දි, අසනීප වුණ වෙලාවට පරිස්සමට මාව බලාගද්දි මගෙ හිත එයාට අවනත වුණේ පොඩි ළමයෙක් වගේ. මෙච්චර කල් මගෙ අම්මා තාත්තා ඉස්සරහවත් එළියට නොදාපු මගෙ වල්නරබල් සයිඩ් එක විදුර් ළඟදි විතරක් එළියට ආවෙ ඒකයි.

"බලනවකො තවුසෙගෙ ලෙඩ නිසා පොඩ්ඩක් වැස්සෙ තෙමිලා ආතල් එකක් ගන්නවත් නෑනෙ..."

මගෙ ඔලුව සනීපෙට අතගාන ගමන් විදුර් දවසක් කිව්වෙ මම අසනීපෙන් හිටපු වෙලාවක.

"ආතල්...වැස්සෙ තෙමෙද්දි මොන ආතල්ද?"

මම ඇහුවෙ පොඩ්ඩක් විදුර්ව අවුස්සලා එයාගෙ කියවිල්ල අහන් ඉන්නත් එක්ක.

"අනේ මේ...පොඩ්ඩක් වැස්සෙ නටලා, සින්දුවක් කියලා, කිස් එකක් දීලා අර හින්දි ෆිල්ම් එකක් වගේ කරන්න තිබ්බනම්. නිකමට හිතන්න...ආතල් නැද්ද?? කොච්චර රොමෑන්ටික්ද?"

"අපි මෙච්චර රොමෑන්ටික් ඒවා කරනවා මදිද ඔයාට..."

"තවුසෙ- යනවා යන්න. ලෙඩ වෙලා හචින් ඇර ඇරම ඉන්නවා...මෙච්චර රොමෑන්ටික් ඒවා කරනවා හැයි හැයි තමා. මං යනවා-"

එයාගෙ පපුවට හේත්තු වෙලා හිටපු මාවත් තල්ලු කරලා දාලා විදුර් නැගිටලා යන්න යද්දි මම ආයෙම එයාව හිටපු විදිහටම හේත්තු කරලා තදින් බදාගත්තා...නැගිටලා යන්න බැරිවෙන්නම.

මම හිනාවෙලා ආයෙම එයාගෙ පපුවට තුරුල් වෙද්දි විදුර් යන්තම් මගෙ නළලින් තොල් තියලා මාව තදින් බදාගත්තා. ඔයා මාත් එක්ක අපෙ ලෝකෙට ආවනම් ඕනෙ තරම් අපිට වැස්සෙ තෙමෙන්න පුලුවන් කියන්න මට නොහිතුනා නෙවෙයි...ඒත් දැනටම මගෙ අතින් තැලිලා තියන හිත තව බලාපොරොත්තු දීලා පාරවන්න මම කැමති වුණේ නෑ.

මේ නිතර හැදෙන සෙම ගතිය මට හැමදාම තියන දෙයක් නෙවෙයි...මම රියල් වර්ල්ඩ් එකට යද්දි සාමාන්‍ය මනුස්සයෙක් වගේ වෙන්න ලැබුණු දායාදෙ තමා ඉතින් ඕක. මෙහෙදි අපි ඒ වගේ ලෙඩ වෙන්නෙ නෑ. ලෙඩ වෙන්නෙ නැතුව නෙවෙයි...ඒත් නිතරම නෙවෙයි.

"ඔයා මාත් එක්ක යමුද දවසක...ඔයා කැමති තරම් වෙලාවක් අපි වැස්සෙ තෙමෙමු."

මගෙ විදුර්ට එහෙම කියන්න කියලා හිත බලකරද්දි ඒක අමාරුවෙන් හිර කරන් මම එයාට තුරුල් වුණා. විදුර්ගෙ ඇගිලි සනීපෙට මගෙ කෙස් අතරින් දැනෙනවා...එයාගෙ පපුවෙ ගැස්මත් හරි ආදරණීයයි.

ඒත්...වෙනදා මට නින්ද යනකන්ම දැනෙන එයාගෙ ඇඟිලි වල සනීපෙ මට එක පාරටම නොදැනී ගියා. හරියට...ඒ පහස මගෙන් ටිකින් ටික ඈත් වෙනවා වගේ. මෙච්චර වෙලා මම බරවෙලා හිටපු පපුවෙ ගැස්මත් මට ඇහෙන්නෙ නෑ.

විදුර්...මගෙ පණ. ඔයා දැන් මං ගාව හිටියනෙ...ඔයා මාත් එක්ක කතා කරානෙ. විදුර්ව බදාගෙන හිටපු මගෙ අත් දෙකටත් එක පාරට එයාව නොදැනී යද්දි මම කලබල වුණා. විදුර්ව මගෙ ඇස් මානෙ හොයාගන්න මම බයෙන් වගේ ඇස් ඇරලා බලද්දි...මම හරි. එයා මං ගාව හිටියෙ නෑ...

කොහොමටත් එයා මං ගාව නෑ...දැන් සති දෙකක් තිස්සෙ දකින නපුරු හීනෙ දැකලා මම ඇහැරුණා විතරයි. මගෙ විදුර් දැන් මගෙ ගාව නෑ...ඒත් ඒ තප්පර ගාණට හරි, හීනෙන් හරි විදුර් මගෙ ගාව ඉද්දි දැනෙන සනීපෙට මං ගොඩක් ආසයි.

මගෙ රූම් එකේ ග්ලාස් වෝල් එකෙන් පේන සන්සෙට් එක දිහා මම නිදාගෙනම ඔහේ බලාගෙන හිටියා. පැය කීයක් නිදාගත්තද කියන්නවත් මම දන්නෙ නෑ. කොහොමත් පහුගිය සති දෙකට...මගෙ විදුර් දාලා ඇවිත් ගෙවුණ සති දෙකට මගෙ ජීවිතේ ගෙවුණෙ මේ කාමරේ ඇතුළෙමයි.

එයා මගෙ ළඟ නෑ කියන එක පිළිගන්න තාම මගෙ හිත ලෑස්ති නෑ. මීට කලින් මගෙ රූම් එකේ ඉද්දි පේන සන්සෙට් වීව් එකට මම සෑහෙන්න ආසා වුණත්...දැන් ඒකෙත් මට ලස්සනක් පේන්නෙ නෑ. රෑ අහසෙත් මට ලස්සනක් පේන්නෙ නෑ...ඒ හැම වෙලාවකම විදුර්ව තුරුල් කරන් මම ඒ දිහා බලන් හිටපු හැටි මතක් වෙනවා.

දැන් මේ ඉන්න තත්වෙන් ටිකක් හරි ඈත් වෙන්න කොච්චර කල් යයිද...මගෙ විදුර් මම එනකන් බලාගෙන ඉන්නවා. මම මෙහෙම ඉඳලා බෑ...අපෙ ආදරේ වෙනුවෙන් ෆයිට් කරන්න ඕන. මට ආයෙම මගෙ ආදරේ ගාවට යන්න ඕන.

"ලවන්...මම ඇතුළට එනවා."

"එන්න..."

මම කවුද අහන්නැතුවම ඇතුළට එන්න කිව්වෙ මේ සති දෙකට මාව බලාගන්න වෙන කවුරුත් හිටියෙ නැති නිසා. සිතුම්ය මාව කොහොම දරාගන්නවද කියන්න මම දන්නෙ නෑ...අඩු ගානෙ කන්න, තේ එකක් බොන්නවත් මම කාමරෙන් එළියට නොයා ඉද්දි ඒ හැමදේමත් වුණේ එයා අතින්. එයා විදුර්ට වුණ පොරොන්දුව රකිනවා.

"මට හිතුනා උඹ ඇහැරලා ඇති කියලා...මේ කෝපි එක බීලා හිටපන්."

සිතුම්ය එයා ගෙනාපු කෝපි එකයි චොක්ලට් කේක් එකයි මගෙ ඇඳ ගාවින් තියන ගමන් කිව්වා. චොක්ලට් කේක්...මගෙ විදුර් ආසම ඒවට. ඒක දැක්කත් එක්කම මලානික වෙලා තිබ්බ මගෙ මූණෙ යන්තම් හිනාවක් ඇඳුනත් ඒක නැතිවුණේ සිතුම්ය මගෙ දිහා බලන් හිටපු විදිහට.

එයා මගෙ දිහා බලන් හිටියෙ හරි තියුණු බැල්මකින්. ඒ එක්කම මගෙ මූණෙ තිබුණ හිනාව අතුරුදහන් වෙද්දි සිතුම්ය ලොකු හුස්මක් පහළ දාලා කේක් එක මගෙ අතට දුන්නා.

"උඹ දැන් තව කොයි තරම් කාලයක් විදුර් මතක් වෙන ඒවා දිහා බල බල ඉන්නද යන්නෙ...?"

"මම දන්නෙ නෑ බං...මම- මම මොකද කරන්නෙ?? මට තේරෙන්නෙ නෑ."

මම බිම බලාගෙන කේක් කෑල්ලට ගෑරුප්පුවෙන් යන්තම් තට්ටු දදා කියද්දි සිතුම්ය මට ළං වෙලා ඔලුව අතගෑවා.

"මම උඹට වැරැද්දක් කියනවා නෙවෙයි බං...මට උඹෙ වේදනාව තේරෙනවා. මිතූ නැති දුක මට තාම දැනෙනවා...උඹට තේරෙනවනෙ."

"ම්ම්..."

"ආදරේ කරන කෙනා එක පාරට ඈත් වුණාම දැනෙන වේදනාව දරාගන්න බෑ...උඹ කොහොමත් ආපු ගමන් හිත හදාගන්න මේ වගේ කාලයක් තනිවෙලා ඉන්නවා කියලා මම දැනන් හිටියා."

"...."

"ඒත්...දැන් කල් ගත්තා ඇති නේද? උඹ මොකක්හරි ඇක්ෂන් එකක් ගන්න ඕන."

"ඔව්...මමත් ඒක හිතුවා. ආයෙම සාමාන්‍ය ජීවිතේට යන්න ඕන. ඊට පස්සෙ මගෙ හිතේ තියන හිස් ගතියත් නැතිවෙලා යයි. මට විදුර් වෙනුවෙන් කරන්න ඕන හැමදෙයක්ම මට එතකොට හිතාගන්න පුලුවන් වෙයි."

"ම්ම්...උඹ එහෙම හිතනවනම් හොඳයි. ශොප් එකට එන හැමෝම අහනවා උඹ කෝ කියලා."

සිතුම්ය යන්තම් හිනාවෙලා කියද්දි මම ඔලුව උස්සලා බැලුවා. අපෙ ශොප් එකට කොහොමත් නිතර එන්නෙ එකම කට්ටියක්නෙ...අනික මාස ගාණක් අපි හිටියෙත් නෑ. කාල්කින් ආයෙ ශොප් එක ඕපන් කරාමත් මාව පේන්න නැතිවෙද්දි එයාලට ඒක දැනෙන්න ඇති.

"අපි එළියට ගියා කියලා දන්නවනෙ...උඹ මොකද කිව්වෙ?"

"එළියට ගියා කියලා දන්නවා...ඒත් මම ඇවිත් උඹ විතරක් නැතිවෙන්න විදිහක් නෑනෙ. මම කිව්වා උඹට ටිකක් සනීප නෑ කියලා."

"ම්ම්...මම හෙට ඉඳන් එන්නම්."

මම කිව්වෙ ඉවරවුණ කේක් ප්ලේට් එක ස්ටූල් එක උඩින් තියලා කෝපි එක ගන්න ගමන්. සිතුම්යත් එයාගෙ කෝපි එක අරගෙන ආයෙම මගෙ දිහා බැලුවා.

"ඒක හොඳයි...හෙට- හෙට රියානත් එනවා කිව්වා."

"ඔහ්...එහෙමද? උඹ මේ ගැන කිව්වද?"

"තාම නෑ...උඹම කියපන්. උඹ කිව්වනෙ ඒ දෙන්නගෙන් උදව් ගන්න පුලුවන් තරමට විශ්වාසයි කියලා. ඉතින්...හෙට උඹ ආවොත් එයාලා දෙන්නටත් කියන්න පුලුවන්."

"ම්ම්..."

"උඹ හෙටම ඇවිත් වැඩ කරන්න ඕන නෑ...මම ඉන්නවනෙ. ඇවිත් ටිකක් අනිත් මිනිස්සු එක්ක කතා කරලා සාමාන්‍ය වෙයන්කො ඉස්සරලා. රියානලා එන්නෙ හවස."

කොහොමත් මේ ලෝකෙ මට උදව් කරන්නෙ කවුද කියලා විදුර් අහද්දිත් සිතුම්ය ඇරෙන්න මට මතක් වුණේ රියානවයි එස්රාවයි විතරයි. එස්රා කියන්නෙ රියානගෙ බෝයිෆ්‍රෙන්ඩ්. ඒ දෙන්නා ඉඳලා හිටලා අපෙ ශොප් එකට ඇවිත් යනවා. එහෙම ආපු දෙතුන් පාරක් තමා මම එයත් එක්ක කතා කරලා තියෙන්නෙත්.

කතා කරලා තියෙන්නෙත් අඩුවෙන් වුණාට අපි දෙන්නගෙ තියන විශේෂ බැඳීම ඊට වඩා පවර්ෆුල්. මම දවසක් විදුර්ට කිව්වා වගේම...පොතක් ඇතුළෙ ආදරේ කරන දෙන්නෙක් අතරෙ ඒ බැඳීම තියනවා.

ඒක පොත ඇතුළෙ තියනවා වගේ බැඳීමක් නෙවෙයි...මට කවදාවත් රියානා ගැන ඒ වගේ හැඟීමක් ඇතිවෙලා නෑ. මම දන්නවා රියානටත් එහෙමයි කියලා. මට කැමැත්තක්, ආදරයක් ඇතිවුණ එකම කෙනා මගෙ විදුර් විතරයි. ඒත් මේ ලෝකෙ අනිත් කවුරුත් එක්ක නැති විදිහෙ බැඳීමක් මට රියානා එක්ක ඉබේම ගොඩනැඟෙනවා.

මට රියානව විශ්වාස කරන්න පුලුවන් ඒකයි. එයා ගොඩක් ස්මාට් කෙනෙක්...මට හිතෙනවා එයාටත් පුලුවන් වෙයි මොනම විදිහකින් හරි මට උදව් කරන්න. එස්රා කියන්නෙ රියානා විශ්වාස කරන කෙනානෙ...මට එයා ගැනත් සැකයක් නෑ. එස්රගෙ මාස්ටර්නම් අපෙ මාස්ටර් නෙවෙයි. ඒ කොහොම වුණත් එයා හොඳ කෙනෙක් කියන්න මම දන්නවා. කොහොමත් අපෙ ලෝකෙ ඉන්නෙ එහෙම අයනෙ.

සිතුම්ය කිව්වා වගේම පහුවදා එයා මට ලොකු වැඩක් කරන්න දුන්නෙ නෑ...බුක්ෂොප් එකේ වැඩ අඩුවෙන සමහර වෙලාවට මම කොෆී ශොප් එකට ගිහින් එයාට උදව් කරනවා. ඒත් අද මම බුක්ෂොප් එකට වෙලාමයි හිටියෙ.

අපෙ ශොප් දෙකම තියෙන්නෙ එකම බිල්ඩින් එකේ දෙපැත්තක...දෙපැත්තක කිව්වට බිත්තියකින්වත් වෙන් කරලා නෑ. පොත් කියවන්න එන්නෙත් ගොඩක්ම කොෆී ශොප් එකට එන අයනෙ. එහෙම නැතුව පොත් ගන්න විතරක් එන අයට එන්න ශොප් එකේ පැත්තකින් වෙනම දොරක් හදලා තියනවා.

"ඒ එක්ක ෆ්ලවර් ශොප් එකක් එහෙම නැද්ද? නැත්තම් ආර්ට් ගැලරි එකක්?"

"ම්ම්...තාමනම් නෑ. ඔයා එහෙම හිතලා තියනවද?"

"ඔව්...අහන්නකො. මම කැමති මෙහෙම. කොෆී ශොප් එන අයට එතනම බුක්ෂොප් එකෙන් පොත් අරන් කියවන්න පුලුවන්. අරන් ගිහින් කියවලා ගෙනත් තියන්න පුලුවන්...නැත්තම් අරගෙනම යන්න පුලුවන්. ඒ එක්කම ෆ්ලවර් ශොප් එකක් නැත්තම් ආර්ට් ගැලරි එකක් තිබ්බොත් එයාලට පුලුවන් එයාලා කැමති විදිහෙ මල් නැත්තම් ආර්ට් එතනින් අරන් යන්න."

"ම්ම්...තව?"

"ගොඩක් වෙලාවට මල් නැත්තම් ආර්ට් ගෙනියන්නෙ කාටහරි දෙන්නනෙ. එතකොට ශොප් එකේ පොතක් තියලා තියනවා...අරන් යන අයට පුලුවන් අනොනිමස්ලි ඒකෙ එයාලා මල් අරන් යන්නෙ කාටද කියලයි හේතුවයි ලියලා යන්න. මට පුලුවන් හවස ශොප් එක වැහුවට පස්සෙ කොෆී එකක් බොන ගමන් ඒ හේතු ටික කියවන්න. ඒකෙ ගොඩක් ආදරණීය දේවල් තියේවි."

දවසක් මම විදුර් එක්ක කතා කරද්දි එයා කියපු දේවල් මතක් වෙලා පුරුදු විදිහටම මගෙ මූණෙ හිනාවක් ඇඳුනා. ඒ එක්කම මගෙ ඇස් ගියේ දැනට වැඩක් ගන්නෙ නැතුව වහලා දාලා තියන උඩ තට්ටුවට. කවදාහරි මගෙ විදුර් මාත් එක්ක ආවොත්...එයා එහෙම එන්න කැමති වුණොත්...එයාට පුලුවන් එයා ආසා දේවල් මේකෙම උඩ තට්ටුවේ කරන්න.

මගෙයි සිතුම්යගෙයි ශොප් එක තියෙන්නෙ අපෙ ගෙවල් දෙක මැදින්. කොහොමත් අපි ඉන්නෙ හරි නිස්කලංක පැත්තක. ටවුන් එක කිට්ටුවමත් නෙවෙයි...හැබැයි ගොඩක් ඈතත් නෙවෙයි. ගෙවල් තියෙන්නෙ එකකට එකක් ළඟිනුත් නෙවෙයි.. හැබැයි ගොඩක් ඈතිනුත් නෙවෙයි. අපෙ ලෝකෙ වුණත් කෙනෙක්ට ඉන්න පුලුවන් පර්ෆෙක්ට්ම පැත්තක තමයි මම ඉන්නෙ.

මගෙයි සිතුම්යගෙයි දෙන්නගෙම බැල්කනි වලට ගිහින් බලපුවාම පේන වීව් එක විස්තර කරන්නනම් මට වචන නෑ. මුලින්ම පේන්නෙ අපි දෙන්නටයි අපෙ ශොප් එකටයි අයිති වුණ වත්ත. ඕකෙ ඇපල් වගේ පළතුරු සෑහෙන්න තියනවා. වත්ත ඉවර වෙන තැනින්ම ඈතට යනකම් විහිදෙන කොළ පාට තැනිතලාව. ඒ තැනිතලාව ඉවර වෙන්නෙ බෑවුමකින්. ඒ බෑවුමෙන් එහා තියෙන්නෙ ටවුන් එක.

රෑට තමයි ටවුන් එක ලස්සනටම බැල්කනි එකට පේන්නෙ. ටවුන් එකෙන් එහා තියෙන්නෙ දිගට විහිදුණු කඳු. මගෙ රූම් එකට සන්සෙට් එක ලස්සනටම පේන්නෙ ඔන්න ඔය වීව් එකත් එක්ක.

මමයි සිතුම්යයි දෙන්නම වාසනාවන්තයි මේ වගේ ලස්සන තැනක ඉන්න ලැබෙන්න තරම්. අපි ආදරේ කරන කෙනා ළඟ හිටියනම් අපි දෙන්නගෙම ජීවිත මීට වඩා ලස්සන වෙනවා කියන්න මම දන්නවා. ඒත්...මම තවම බලාපොරොත්තු අතෑරගෙන නෑ.

"උඹට මොකද...අවුලක් නෑනෙ."

ඉඩ හම්බුණ වෙලාවක සිතුම්ය බුක්ෂොප් එක පැත්තට ඇවිත් මගෙන් ඇහුවා. පුරුදු විදිහටම එයා ඇවිත් තිබ්බෙ නිකන් නෙවෙයි...කෝපි කෝප්පෙකුත් එක්ක.

"නෑ...කලින්ම එන්න තිබුණා කියලා හිතුනා මට. හරි නිදහසක් දැනෙනවා."

"කමක් නෑ...උඹ සති දෙකක් හරි විවේකයක් ගත්ත එක හොඳයි."

"ම්ම්..."

"හවස් වෙන්න ළඟයි...සෙනඟ වැඩිවේවි. රියානත් එයි හවස පහ විතර වෙද්දි. උඹ ටිකකින් එහා පැත්තට වරෙන්."

"සිතුම්ය..."

"කියන්න..."

"විදුර්...එයා මාව මතක් කරනවා."

"මතක් කරනවා...? උඹ කොහොමද එහෙම කියන්නෙ?"

"මට ඒක දැනෙනවා..."

මම කියද්දි මට දැනුනා මගෙ ඇස් බොඳ වෙනවා. මම කොහොමද එහෙම කියන්නෙ?? මම දන්නෑ...ඒත් සමහර වෙලාවට මගෙ පපුව රිදෙන්න ගන්නවා. ඒ වෙලාවට මගෙ මතකෙට එන්නෙ විදුර්ව විතරයි.

මගෙ මැණික...ඔයා මාව මතක් කරනවද? ඔයා ඉන්නෙ දුකින්ද? ගොඩක් වෙලාවට මහ රෑට ඒ වේදනාව දැනෙද්දි මම එහෙම හිතලා තියනවා. අනිත් වෙලාවට එයාව බලාගන්න එයාගෙ අම්මා, අප්පච්චි, යාලුවො ඉන්නවා කියන්න මම දන්නවා. ඒත් රෑට එයාගෙ කාමරේ ඇතුළෙ තනිවුණාම...මගෙ විදුර්ට ගොඩක් මාව මතක් වෙනවා ඇති.

ඒත් ඇයි අද හැන්දෑ වරුවෙ...ඔයා අපි දෙන්නව මතක් වෙන තැනකට ගියාද? වැව රවුමට...එහෙම නැත්තම් මාළිගාවට? කැෆේ එකට? ඔයාට මේ වගේ වෙලාවට මාව ගොඩක් මතක් වුණේ ඒකද?? මම ඔයාට මේ වේදනාව වැඩිකල් දැනෙන්න දෙන්නෙ නෑ පණ...මම ඉක්මනට එනවා.

ටික ටික රෑ වෙද්දි මම බුක්ෂොප් එකේ එළියෙන් තියන එන්ට්‍රන්ස් එක වහලා කොෆි ශොප් එක පැත්තට ගියා. ඒ වෙලාවට බුක්ෂොප් එකට එන්නෙත් කොෆි ශොප් එකට එන අය විතරයි. හවස් වෙද්දි සෙනඟ වැඩි නිසා සාමාන්‍යයෙන් සිතුම්යට උදව් කරන්න පිරිමි ළමයි කීප දෙනෙක් එනවා.

මම යද්දි සිතුම්ය හිටියෙ කෙළවරේ ටේබල් එකක ඉඳගෙන හිටියා. එයා කිව්ව විදිහටම ඒ වෙද්දි රියානා එස්රා එක්ක ඇවිත් සිතුම්ය ගාවම වාඩි වෙලා හිටියෙ. ඒ දෙන්නා හිටියෙ මට පිටුපාලා නිසා එයාලට මුලින්ම මාව පෙනුනෙ නෑ. ඒත් මම ළංවෙද්දි සිතුම්ය මාත් එක්ක හිනාවුණ නිසා අනිත් දෙන්නත් හැරිලා මගෙ දිහා බැලුවා.

"ඕ මයි ගෝඩ් ලෙවින්...ඔයාව දැක්කෙ සෑහෙන කාලෙකින්."

මාව දැක්ක ගමන්ම රියානා මගෙ බෙල්ල වටේ අත දාලා ලයිට් හග් එකක් දෙන ගමන් කිව්වා. එස්රත් මගෙ අතට තට්ටුවක් දාලා බම්ප් එකක් දුන්නා. අපි දෙන්නනම් ඇත්තටම වැඩිය කතාබහ කරලා නෑ. ඒත් හොඳ කොල්ලෙක් කියලා දැක්කම කියන්න පුලුවන්.

"ඔයාලා සෑහෙන කාලයක් එහෙ හිටියනෙ...ඇයි රීඩර් එච්චර පොත් කියවන කෙනෙක් නෙවෙයිද?"

රියානා අහද්දි මගෙ මූණෙ මනමාල හිනාවක් ඇඳෙන්න ගියත් මම ඒක අමාරුවෙන් කන්ට්‍රෝල් කරන් බිම බලාගත්තා.

"මොකෝ නැත්තෙ...එයා සෑහෙන්න පොත් කියවන කෙනෙක්."

මම වෙනුවට උත්තර දුන්නෙ සිතුම්ය. එයාගෙ මූණෙත් අමුතු හිනාවක් තියනවා මම දැක්කා. අපි දෙන්නම පිස්සො දෙන්නෙක් වගේ තනියම හිනාවෙන නිසාද කොහෙද රියානයි එස්රයි දෙන්නම කුතුහලෙන් වගේ අපි දෙන්නා දිහා බලන් හිටියා.

"හරියට කියෙව්වනම් රීඩර් මාස දෙකෙන් පොත කියවනවා...කල් ගියේ මූ එයාට පොත කියවන්න දුන්නෙ නැති නිසා."

සිතුම්ය කියද්දිම මම එක පාරට ඔලුව උස්සලා එයා දිහා බැලුවා. හරි- එහෙම පොඩ්ඩක් වුණා තමා. මම මුලදි පුලුවන් තරම් විදුර්ව බිසී කරන්න බැලුවා තමා...මමම දවසක් එයාට නොදැනෙන්න පොත අරගෙන අපාට්මන්‍ට් එකේ තියාගෙනත් හිටියා කියවන්න බැරිවෙන්න. ඒත් ඊට පස්සෙ වුණ දේවල් තනිකරම අහම්බයක්නෙ.

අපි ගමේ ගියා, ට්‍රිප් ගියා, මගෙ වාසනාවකට වගේ විදුර්ට කියවන්න තව පොතක් හම්බුණා, ඊට පස්සෙ...එයා දැනගත්තා. එතනින් එහාට එයාමයි පොත කියවන එක කල් දැම්මෙ. අනික ඉතින් මේ දේවල් ඔහොම එක පාරට යාලුවො එක්ක කියනවද? ටිකින් ටික කියන්න එපැයි.

"ඒ කිව්වෙ...මට තේරුණේ නෑ."

රියානා කියද්දි මම යන්තම් එයත් එක්ක හිනාවුණා.

"අම්...හරි අපි ඒ ගැන පස්සෙ කතා කරමුකො. ඉතින් ඔයාලා මොකද කරන්නෙ මේ දවස් වල? කොහෙවත් ගියෙ එහෙම නැද්ද?"

"ගියා...අපි දෙන්නා මේ ළඟදි බ්‍රසිල් ගියා. සතියයි ඉන්න පුලුවන් වුණේ...සතියයි."

එස්රා හයියෙන් හිනාවෙලා කියද්දි සිතුම්යයි මායි දෙන්නම පුදුමෙන් වගේ එයාලා දිහා බැලුවා.

"සතියයි?? හැරෙන්නවත් මදිනෙ."

"ඔව් ලෙවින්...අපි ගිහින් සෙට්ල් වෙන්න හැදුවා විතරයි මෙන්න මෙයා පොත කියවලත් ඉවරයි."

රියානත් කිව්වෙ හිනාවෙන ගමන්. ඔව්...එහෙම රීඩර්ස්ලත් ඉන්නවා තමයි. වෙලාවට මට එහෙම අය තාම හම්බෙලා නෑ...අඩුම මාස තුනක්වත් ඉඳලා තමා මම ආවෙ.

"ඔය මං හිතන්නෙ මේ අවුරුද්දෙ මුල...ඊට පස්සෙ අපි ආයෙම බ්‍රසිල් වෙන පැත්තකට ගියා. කලින් හරියට ඇවිදින්නවත් වුණේ නෑනෙ. එහෙනම් මාස දෙකක් වගේ හිටියා."

"දැන් ඒ වගේ ලොකු රටවල බෝඩර් එක ස්ටේට්ස් වෙනුවට ඊට වඩා පොඩි කරන්න යනවලු නේද...?"

එස්රා ඇහුවෙ එයාගෙ කේක් එකෙන් ලොකු කෑල්ලක් කටේ ඔබාගන්න ගමන්. එහෙම කතාවක් මට දෙතුන් දෙනෙක්ම කියනවා ඇහුනා. ඇත්තටම ඒක හොඳයි...ඇමරිකාව වගේ ලොකු රටක ස්ටේට් එකක් වුණත් ලංකාව වගේ පොඩි රටකටත් වඩා ලොකුයිනෙ. ඉතින් බෝඩර්ස් විදිහට ස්ටේටස් තියන එක අපිට අවාසි. ඒවා ඩිවිශන් විදිහටවත් තියනවනම් අපිට ටිකක් වැඩිපුර ඒ රටවලට යන්න පුලුවන්.

ඒ දෙන්නගෙ ආගිය තොරතුරු කතා කරන්න පටන් අරන් අපෙ ලෝකෙ අලුත් නීති ගැනත් කතා කරන්න පටන් ගත්ත අපි පැයක් විතරම දන්නෙම නැතුව කියව කියව හිටියා. ඇත්තටම එහෙම සාමාන්‍යය කතාබහක් වෙන එක මටත් ලොකු සැනසීමක්. ඒක තේරුණ නිසාමද කොහෙද සිතුම්යත් සැහැල්ලුවෙන් හිටපු මගෙ දිහා බලලා දෙතුන් වතාවක්ම හිනාවුණා.

"ලෙවින්...වොරන් ඊයෙ කිව්වා ඔයාට දෙයක් කියන්න තියනවා කියලා. මොකක් ගැනද?"

රියානා ඔය ප්‍රශ්නෙ ඇහුවෙ අපි කෑම කාලා කෝපිත් බීලා සෑහෙන වෙලාවකට පස්සෙ. ඒ වෙලාවෙම වැඩ කරන බෝයි කෙනෙක් ඇවිත් පළතුරු ප්ලේට් එකක් අපි ගාවින් තියලා ගියේ අපෙ කතාව දැන්ම ඉවර වෙන එකක් නෙවෙයි කියලා තේරිලා වගේ.

රියානා ඒක අහද්දිම මම එයාගෙයි එස්රගෙයි ඇස් දෙක දිහා බැලුවෙ ටිකක් බයෙන් වගේ. මොකද මම කියන්න යන්නෙ සාමාන්‍යය දෙයක් නෙවෙයි...අපි හැමෝගෙම ජීවිත වලට පවා බලපෑම් කරන්න පුලුවන් දෙයක්. ඒ දෙන්නා මේක කොහොම බාරගයිද...මම ටිකක් පසුබෑමකින් වගේ සිතුම්ය දිහා බලද්දි එයා සන්සුන් හිනාවක් එක්ක ඔලුව වැනුවෙ හැමදේම හරි කියන්න වගේ. ඒකට යන්තම් හිනාවුණ මම ආයෙම රියානයි එස්රයි දිහාවට හැරුණෙ කොච්චර අවදානම් වුණත් හිතේ තියන දේ එයාලට කියන්න.

"මෙහෙමයි...කියන්න ගොඩක් දේවල් තියනවා. කියන්න පටන් ගන්න තැනුත් ඕන තරම් තියනවා. ඒත් මම සතුටු හිතෙන විදිහට පටන් ගන්නම්කො."

"...."

"I fell in love..."

මම කියනවත් එක්කම රියානගෙ ඇස් දෙක ගොඩක් සතුටින් එළිය වෙනවා මම දැක්කා. ඇස් දෙක වගේම එයාගෙ මූණත් අවංක උද්‍යෝගෙකින් පිරෙන්න ගියේ පොඩි කාලයක්. ඔව්...ඒ තමා අපෙ බැඳීමෙ තියන ලස්සන.

"ඕ ගෝඩ් ලෙවින් සීරි-"

රියානා එක පාරට කියන එක නැවැත්තුවෙ එයා සතුට වැඩිකමට කෑගැහුවා කියලා තේරුණාට පස්සෙ. පොඩ්ඩක් වටපිට බලලා හිනාවෙලා එයා ආයෙම කතා කරන්න ගත්තෙ හඬ බාල කරලා මගෙ අත් දෙකත් අල්ලගෙන.

"සීරියස්ලි?!? ඔයා ඔය ඇත්තමද කියන්නෙ...?"

"ම්ම්..."

"ඉතින් අපිටත් කියන්නකො විස්තර..."

එස්රා කිව්වෙ එයාගෙ ඇස් දෙකත් සතුටින් පිරෙද්දි. අපි දෙන්නා මහා ලිකුවට නොදන්නවා වුණත් රියානගෙ සතුටකදි සතුටු වෙන්න පුලුවන් ලස්සන හිතක් එස්රට තිබුණා.

"මම කියන්නම්...ඒත්- ඔයාලා මට පොරොන්දු වෙනවද මේක රහසක් විදිහට තියාගන්නවා කියලා?"

රියානගෙයි එස්රගෙයි දෙන්නගෙම ඇස් වල තිබුණ සතුට යන්තම් ප්‍රශ්නාර්තෙකට පෙරලුනේ ඒ වෙලාවෙ. මම ආදරේ කරන එක ඇයි රහසක් විදිහට තියාගන්නෙ?? ඒ දෙන්නගෙම ඇස් වල තිබුණෙ එහෙම හැඟීමක්.

"ඇයි ඔයා එහෙම කියන්නෙ ලෙවින්...?"

"My lover...is my reader. I'm in love with my reader."

මම පුලුවන් තරම් හෙමින් ඒ දෙන්නගෙ ඇස් දිහා බලලා කිව්වා. මම හිතුව විදිහටම...එයාලගෙ ඇස් වල තිබුණ සතුට ටිකින් ටික නැතිවුණා. රියානා මං දිහා බලන් හිටියෙ බයෙන්, එහෙමත් නැත්තම් පුදුමෙන් වගේ. එස්රත් මගෙ දිහා බලන් හිටියෙ විශ්වාස කරන්න බැරි විදිහෙ බැල්මකින්.

මම කොහොමත් මේ දේ බලාපොරොත්තු වුණා. ඒත් ඒ දේට ඇත්තටම මූණ දෙන එක හිතුවට වඩා අමාරුයි.

"ලෙවින්...ඔයා මොනවද කියන්නෙ?? ඔයා- ඔයා විහිලුවක් නෙවෙයි නේද මේ කරන්නෙ?"

"මම පුලුවන් තරම් උඹව ජජ් නොකර ඉන්න උත්සාහ කරනවා මචං...ඒත්- උඹ දන්නවා. උඹ හොඳටම දන්නවා."

"මම දන්නවා එස්රා...ඒත් මම එයාට ආදරෙයි. මම එයාට ගොඩක් ආදරෙයි. That's all I have to say."

රියානයි එස්රයි දෙන්නම පුදුමෙන්, බයෙන්, මං ගැන තියන අනුකම්පාවෙන්...ඔය හැම හැඟීමක්ම එකතු කරලා කතා කරද්දි මම මුකුත් නොකියා බිම බලාගෙන හිටියා. ඒ දෙන්නා ඊළඟට බැලුවෙ සිතුම්ය දිහා. හරියට එයාලා සිතුම්යවත් ජජ් කරනවා වගේ...එයාට වුණ දේ දැන දැනම ඇයි මේ දේ වෙන්න ඉඩ දුන්නෙ වගේ.

"වොරන්...ඔයා එයා ළඟ හිටියා. ඇයි මෙහෙම දෙයක් වෙන්න ඉඩ දුන්නෙ??"

රියානා තවමත් බයෙන් වගේ අහද්දි සිතුම්ය ලොකු හුස්මක් පහළ දැම්මා.

"මම වෝන් කරේ නැතුව නෙවෙයි රියානා...මම කිව්වා. ඒත්- ඒ වෙද්දිත් ඒ දෙන්නම ආදරේ කරන්න පටන් අරන් ඉවරයි. මම කොහොමද ඒ දිහා බල බලම ඒක නවත්තන්නෙ??"

"...."

"වෙන කවදාවත් නැති තරම් මගෙ එකා සතුටින් ඉද්දි...මූව දැක්ක ගමන් අර පොඩි එකාගෙ ඇස් දෙකේ ආදරේ උතුරද්දි මම මොකද කරන්නේ?? ආදරේ ලස්සන උපරිමේට වින්ඳ කෙනෙක් විදිහට මට එක හිතින් ඒක නවත්තන්න පුලුවන්ද??"

සිතුම්ය රියානයි එස්රයි දෙන්නම දිහා බලලා කියද්දි ඒ දෙන්නා මුකුත් නොකියා ඔහේ මගෙ දිහා බලන් හිටියා. මම ඒ දෙන්නට කිසි දෙයක් කියන්නෙ නෑ...මේ ගැන මුලින්ම දැනගත්ත ගමන් සිතුම්ය හැසිරුණෙත් ඔය විදිහටමනෙ. මේක ඒ තරම් දරුණු දෙයක්.

ඒ දෙන්නා කිසි දෙයක් නොකියද්දි, විනාඩි ගාණක් යනකම් අපි හතරදෙනා අතරම කිසි කතාවක් නොවෙද්දි මම මගෙ සුලැඟිල්ලෙ තිබ්බ මුද්ද හිමින් ඇඟිලි තුඩු වලින් එහා මෙහා කරන ගමන් ඒ දිහා බලාගෙන හිටියා. රියානගෙ සිනිඳු ඇඟිලි මට මගෙ සුලැඟිල්ලෙ රින්ග් එක ගාවින්ම දැනුනෙ ඒ වේලාවෙ.

මම ඔලුව උස්සලා බලද්දි රියානා බලාගෙන හිටියෙ මගෙ රින්ග් එක දිහා. ඒ එක්කම එයාගෙ බයවුණ මූණෙ ආයෙම යන්තම් හිනාවක් ඇඳෙනවා මම දැක්කා.

"මේක දුන්නෙ එයාද...?"

"ඔව්...මේ වගේම නෙක්ලස් එකක් විදුර් ගාවත් තියනවා. It's like a promise between us."

මම කියද්දි එස්රගෙ මූණෙත් පොඩි හිනාවක් ඇඳුනා.

"So...his name is Vidur?"

"Mm...yes."

විදුර් මතක් වෙද්දි ඉබේම ඇඳෙන ආදරණීය හිනාවත් එක්ක මම කිව්වා. ඒ වෙද්දි අපි හතරදෙනා අතරම තත්වෙ ටිකක් සාමාන්‍යය වෙලා තිබුණෙ. මෙතන ඉන්න තුන්දෙනාම ආදරණීය අය...ආදරේ කියන්නෙ මොකද්ද කියලා හොඳටම දන්න අය. සිතුම්ය මාව තේරුම් ගත්තා වගේම ඒ දෙන්නත් මාව තේරුම් ගන්නවා කියලා මම දන්නවා.

"ඉතින්...අපිට ඔයාලගෙ කතාව කියන්නකො ලෙවින්."

එතනින් එහාට විනාඩි ගාණක්...එහෙම නැත්තම් පැයක්...මම දන්නෙ නෑ. සෑහෙන තරම් වෙලාවක් මම අපි දෙන්නගෙ ආදර කතාව එයාලා එක්ක කිව්වා. මම විදුර්ව මුලින් දැක්ක තැන ඉඳන්, අපි මුලින්ම හම්බුණ දවසෙ ඉඳන්, මම මුලින්ම එයාට ආදරෙයි කිව්ව තැන ඉඳන් අපෙ කතාවෙ විශේෂ තැන් ඔක්කොම මම එයාලා එක්ක කිව්වා.

සමහර තැන්වල එයාලගෙ ඇසුත් ආදරණීය වෙනවා මම දැක්කා. සමහර දේවල් කියද්දි එයාලගෙ ඇස් වලත් කඳුලු පිරුණා. මම කතාව කියලා ඉවර වෙද්දිත් රියානගෙ ඇස් වල සතුටු කඳුලු පිරිලා තිබුණා.

"Oh my God...you're so in love."

ලස්සන හිනාවක් එක්ක රියානා මගෙ දිහා බලන් කියද්දි එස්රත් මගෙ අත තද කරලා ඇල්ලුවෙ ඒ කතාව අනුමත කරන්න වගේ.

"I am...I would do anything to be with him."

"I understand brother...මට උඹෙ හිතේ තියන හැමදේම තේරෙනවා. රියානා නැතුව ඉන්න මොහොතක් ගැනවත් මට හිතාගන්න බෑ...ඉතින් උඹ උඹෙ විදුර් වෙනුවෙන් මේ තරම් වද වෙන්නෙ ඇයි කියන එක ගැන මට හිතාගන්න අමාරු නෑ."

එස්රා කිව්වෙ රියානා දිහා බලන ගමන්. එයා දිහා ආදරෙන් බලපු රියානා ආයෙම මගෙ දිහාවට හැරුණා.

"අපි ඔයාට උදව් කරන්නම්...we'll find a way."

"Yeah...we're here for you."

මම ඇස් දෙකත් ලොකු කරලා පුදුමෙන් වගේ ඒ දෙන්නා දිහා බැලුවෙ මට ඇහුන දේ හරියටම හරිද කියලා කන්ෆර්ම් කරගන්න බැරුව. මම විතරක් නෙවෙයි සිතුම්යත් ඒ විදිහටම එයාලා දිහා බලන් හිටියා. අපිට හරියටම ඇහුනා...එයාලා කිව්වෙ උදව් කරන්නම් කියලා. ඒ දෙන්නගෙ මූණෙ තියන ලස්සන හිනාවම ඒ දේ කන්ෆර්ම් කරා.

ඒ දෙන්නව තද කරලා බදාගන්න තරම් සතුටක් දැනුනත් මුකුත් කියාගන්න බැරුව මම එයාලා දිහා බලන් හිටියා. විදුර්ට වගේම මටත් ලස්සන හිත් තියන යාලුවො ඉන්නවා. අපි දෙන්නම ඒ අතින් ගොඩක් වාසනාවන්තයි.

"ඔයා ළඟ මොකක්හරි ප්ලෑන් එකක් තියනවද ලෙවින්...? අයිඩියා එකක් හරි?"

"මෙහෙමයි...මට හිතෙන්නෙ ලයිබ්‍රරි වලින් පටන්ගන්න. මට හිතෙනවා මොනවහරි දෙයක් හොයාගන්න පුලුවන් කියලා."

"ඔහ්...සේම් අයිඩියා ලෙවින්. මම කියන්නෙ හැබැයි පබ්ලිශ් කරපු පොත් ගැන නෙවෙයි. I hope you know what I mean."

රියානා කියද්දි මගෙ මූණෙ පොඩි හිනාවක් ඇඳුනා. ඒ මගෙ හිතේ තිබ්බ දේ ඒ විදිහටම එයා කියපු නිසා. ඔව්...කොහොමත් ඔය වගේ දෙයක් තියන පොතක් පබ්ලිශ් කරන්න ඔතෝරිටි එකෙන් ඉඩ දෙන්නෙ නෑ. ඒක අපෙ ලෝකෙට ලොකු රිස්ක් එකක්. ලයිබ්‍රරි වලින් පටන් ගන්න ඕන කියන්නෙ ඒක නෙවෙයි.

"Of course I do...ඔයා කියන්නෙ- අර වර්ල්ඩ් වෝ එකේ ලෙටර් එක වගේනෙ?"

"Exactly..."

මමයි රියානයි මොනවද කතා කරන්නෙ කියලා අනිත් දෙන්නටත් තේරුණේ ඒ වෙලාවෙ. වර්ල්ඩ් වෝ ලෙටර් එක කියන්නෙ මෙහෙමයි...රියල් වර්ල්ඩ් එකේ වර්ල්ඩ් වෝ කාලෙට අපෙ ලෝකෙ කවුරුත් එහෙ ගියෙ නෑ. හරියටම කිව්වොත් එහෙම තමයි හැමෝම හිතන් හිටියෙ.

ඒත් මීට අවුරුදු කීපෙකට කලින් එක්කනෙක් ලයිබ්‍රරි එකක සාමාන්‍යය විදිහට පොත් තෝරද්දි එයාට පොතක් ඇතුළෙ තිබිලා ලෙටර් එකක් හම්බෙලා තියනවා. ඒක ලියලා තියෙන්නෙ සෙකන්ඩ් වර්ල්ඩ් වෝ කාලෙ රියල් වර්ල්ඩ් එකට ගියපු අපෙ ලෝකෙ කෙනෙක්.

ඒ කාලෙ අපෙ ලෝකෙ අය ඉඳලා තියෙන්නෙත් බයෙන්. ඒ වගේ කාලෙක කවුරුත් රියල් වර්ල්ඩ් යන්න හිතලවත් නෑ. හැබැයි හැමෝටම හොරෙන් කෙනෙක් ගිහින් තියනවා. අවුරුදු තිහක ඇමරිකන් කෙනෙක් තමා එහෙම ගිහින් තියෙන්නෙ. ඒ කාලෙම වගේ මෙයා එහෙම දෙයක් කරා කියලා ඔතෝරිටි එකෙන් දැනගත්තනම් ගොඩක් ප්‍රශ්න වෙන්න තිබුණා. එයා කරේ ඒ තරම් අවදානම් වැඩක්.

ඒ ගැන දන්න නිසාම එයා ඒක රහසක් විදිහට තියන් ඉඳලා. ඒත් පස්සෙ කාලෙක...එයා අවුරුදු දෙසීයට ඩීප් ස්ලීප් එකකට යන්න කලින් තීරණය කරලා තියනවා එයාගෙ ඒ අත්දැකීම ගැන ලියන්න. ලයිබ්‍රරි එකක පොතක් අස්සෙ ඒක තියලා තියෙන්නෙ කවදාහරි කවුරුමහරි ඒක හොයාගෙන එයාගෙ ත්‍රාසජනක කතාව කියවයි කියලා.

ඩීප් ස්ලීප් එකකට යන්න කලින් ඒ ගැන ප්‍රසිද්ධ කරලා නැත්තෙ එයාට ප්‍රශ්න වලට මූණ දෙන්න වෙයි කියලා බයට. ඒත් කවුරුමහරි එයාගෙ කතාව දැනගන්න ඕනෙ කියලා එයා හිතුවලු. මේ හැමදේම ඒ ලෙටර් එකේ තියනවා.

ඔය ලෙටර් එක හම්බුණ ගමන්ම ඔතෝරිටි එක ටිකක් කලබල වුණා. ඉස්සරහටත් එහෙම වුණොත්...ඒත් එයාලට කරන්න දෙයක් නෑ. මේ ලෝකෙ සම්බන්ධව ඔතෝරිටි එකට තියන එකම නීතිය තමා ඩීප් ස්ලීප් එකකට ගිය කෙනෙක්ව බලෙන් ඇහැරවන්න බෑ. ඉතින් එයා ආයෙ නැගිටිද්දි මේ දැන් ඉන්න ඔතෝරිටි එක ජීවත් වෙන එකක් නෑ. ඔය ප්‍රශ්නෙ ඔහොමම කාලයත් එක්ක මැකිලා යාවි.

ඉතින් වර්ල්ඩ් වෝ එකකදි හැමෝටම හොරෙන් රියල් වර්ල්ඩ් ගිහින් දරුණු දේවල් වලට මූණ දීලත් ආපහු ආපු වීරයෙක් ඉන්න එකේ...එයා එයාගේ කතාව අනිත් අයට කියන්න තරම් නිර්භීත වුණ එකේ...රියල් වර්ල්ඩ් කෙනෙකුට ආදරේ කරලා ඒ කතාව අනිත් අයට කියන්න තරම් නිර්භීත කෙනෙකුත් ඇති නේද??

"අපෙ ලෝකෙට දැන් අවුරුදු සිය ගාණක් ලෙවින්...රියල් වර්ල්ඩ් කෙනෙකුට ආදරේ කරපු එකම එක්කනෙක් හරි ඔය අතර ඉන්න ඕන."

"ඔයා එහෙම හිතනවද...?"

"අනිවාර්යෙන්...මට හිතෙනවා වර්ල්ඩ් වෝ ලෙටර් එක වගේ මේ පොත් අස්සෙ හැංගුන ආදර කතාවකුත් ඇති කියලා. අනාගතේ වෙනුවෙන් එහෙම කතාවක් හරි තියලා යන්න තරම් හිත හයිය කෙනෙක් අපෙ ලෝකෙ ඉන්න ඇති කියලා."

රියානා කිව්වෙ ලොකු විශ්වාසෙකින්. ඔව්...ඒක එහෙම වෙන්න ඕන. ඒක තමා හොඳම විදිහ. සමහරවිට එහෙම කතාවක් කියන්න තියන අය දැනටත් අපි අතර ඇති. ඒත් මේ වගේ අවදානම් දෙයක් එක එක්කනා එක්ක කියන එක එච්චර හොඳ දෙයක් නෙවෙයි. ඒ නිසා හොඳම දේ ලයිබ්‍රරි වලින් පටන් ගන්න එක තමයි.

"වැඩේ අමාරු වෙයි මචං...මොකද මේ ලෝකෙ කියලා ලයිබ්‍රරි කීයක්ද? ඒත් බයවෙන්න එපා. අපිත් උදව් කරන්නම්."

එස්රා කියද්දි සිතුම්යත් හිනවෙලා මගෙ පිටට තට්ටුවක් දැම්මා. ඒ වචනෙම මට හයියක්...මගෙ ජීවිතේ මෙයාලා ඉන්න එකම මට හයියක්.

"ඔව්...ඔයා ළඟම ලයිබ්‍රරි එකෙන් බලන්නකො. අපිත් පුලුවන් විදිහට බලන්නම්."

"ම්ම්...අපි ළඟදිම ජපෑන් යනවා. එහෙනුත් බලන්නම්කො."

"කොහෙ ජපෑන්ද...?"

මම අහද්දි අනිත් තුන්දෙනාටම හිනාගියා. මේ ලෝකෙදි ඉතින් ආවට ගියාට තැන් තැන් වල නම් කියන්න බෑ...හරියට ස්පෙසිෆයි කරන්න ඕන.

"අපෙ ලෝකෙ ජපෑන්...කොයි ලයිබ්‍රරි එකේ තියනවද කියන්න අපි දන්නෙ නෑනෙ."

රියානා සැහැල්ලුවෙන් හිනාවෙවී කිව්වා. ඒක ඇත්ත...එහෙම දෙයක් ඕනම තැනක තියෙන්න පුලුවන්.

"මේ...ඒ අතරෙ ඔයාලට පුලුවන්ද මට තව පොඩි උදව්වක් කරන්න?"

මම කියද්දි රියානා, එස්රා විතරක් නෙවෙයි සිතුම්යත් පුදුමෙන් වගේ මගෙ දිහා බැලුවා.

"මේ...ඔයාලට පුලුවන්ද මීට පස්සෙ මට ලවන් කියලා කතා කරන්න?"

****

මාස හතරක්...පහුගිය මාස හතරම මගෙ ජීවිතේ වැඩි හරියක් ගෙවුණෙ ලයිබ්‍රරි ඇතුළෙ. කොයි තරම් හෙව්වත්...අපි හතරදෙනාම හෙව්වත් මට වුවමනා දේ හම්බවුනේ නෑ. ඒ වගේ දෙයක් ලියලා තියන්න තරම් නිර්භීත වුණ කෙනෙක් නැද්ද? නැත්තම් ඇත්තට සීමාවෙන් එහා ආදරේ කරේ අපි දෙන්නා විතරද?

මම මගෙ බැල්කනි එකේ ඉඳන් රෑ අහස දිහා බලාගෙන ගොඩක් කල්පනා කරා. මෙතෙන්ට එන වාරයක් ගානෙ මට විදුර්ව මතක් වෙනවා.

"ඒත් අපිට ඒ ගැන කීයක් බලාපොරොත්තු තියනවද...ඉතින් මේ ගැනත් අපි එහෙමම බලාපොරොත්තු තියාගමු. ලස්සනට තරු පායපු රෑක...ඔයයි මමයි ඔයාගෙ බැල්කනි එකට වෙලා මේ වගේම දවසක රෑ අහස දිහා බලන් ඉමු. හොඳද? එදාටත් ඔයා මේ වගේම මාව බැක්හග් කරන් ඉන්න."

මගෙ විදුර්ගෙ අහිංසක බලාපොරොත්තුව මතක් වෙන වාරයක් ගානෙ මගෙ ඇස් වල කඳුලු පිරෙනවා. ඒ හීනෙ තව කොච්චර දුරද...නැත්තම් අපිට කවදාවත් ඒ හීනෙ හැබෑ කරගන්න බැයිද?

ඔයාව දාලා ඇවිත් මාස හතරක් මගෙ මැණික. මට පාලුයි...මේ මොහොතෙ මට ඔයාව තුරුල් කරගන්න තිබ්බනම් කියලා හිතුන වාර අනන්තයි. ඔයාටත් ඒ දේම දැනෙනවද...? ඔයා හොඳින්ද?

මම හිතනව හරිනම්...දැන් ඔයා සෙකන්ඩ් ඉයර් එක්සෑම් වලට ලෑස්ති වෙනවා ඇති. ඔයා ඒ දේවල් හොඳින් කරනවා නේද පණ...කලින් වගේ මට ඔයා ළඟ ඉන්න බැරිවුණත් ඔයා ඔයාගෙ ගමන යනවා නේද...මට පොරොන්දු වුණා වගේම?

වෙලාවකට මට හිතෙනවා ඔතෝරිටි එකට කියන්න...ඊට පස්සෙ එන ඕන දේකට මූණ දෙන්න. ඒත් මම ඔයාට පොරොන්දු වුණේ ආයෙ ඔයා ගාවට එනවා කියලා මිසක් ආදරේ වෙනුවෙන් මැරෙන්න හරි ෆයිට් කරනවා කියලා නෙවෙයි. ඔයාට මාව ඕනෙ...මම ආයෙ කවදාවත් ආවෙ නැතිවුණොත් ඔයාට ඒක දරාගන්න බෑ. ඔයාට ඒ වගේ දුකක් දෙන්න බෑ.

අපි තව ටිකක් ඉවසමු මැණික...ඔයාගෙ අහසෙ හඳ පායනකම් මගෙ චූටි තරුව පරිස්සමින් ඉන්න. මම ආදරෙයි...ඔයාගෙ ලවන් ඔයාට ගොඩක් ආදරෙයි.

-------

හම්මේ...ෆයිනලි ඒ චැප්‍ටර් එක ලියාගත්තා ඔන්න. ඇත්තටම මම මේක ලියන්න ගත්තෙ කලින් චැප්‍ටර් එක පබ්ලිශ් කරලා හරියටම දවසකට පස්සෙ. ඒත් ලවන්ගෙ pov එක ලියන්න හිතුවට වඩා අමාරු වුණා.

මම හිතනවා ඖලක් නැතුවැති කියලා. බෝරිං...එහෙම නැත්තම් cringe නෑ නේද 🥲 ආයෙම විදුර්ගෙ pov එකෙන් එන්නම්.

රියානා

එස්රා

Previous
Last

Share This Chapter