Back
/ 35
Chapter 5

Part 5

සීමාවෙන් එහා

Third person's pov

"Now he's thinkin' 'bout me every night, oh

Is it that sweet? I guess so

Say you can't sleep, baby, I know

That's that me espresso

Move it up, down, left, right, oh

Switch it up like Nintendo

Say you can't sleep, baby, I know

That's th-"

ආතල් එකේ සින්දුවකුත් කියාගෙන කබඩ් එකෙන් නෙස්කැෆේ බෝතලෙන් අරන් පිටිපස්ස හැරුණු ලවන් එක පාරට ඒක නවත්තගත්තෙ මනමාල හිනාවක් දාන් හිටපු සිතුම්ය දැකපු පාරට.

හැබැයි කලින් දවසක වගේ මූණෙ තිබ්බ හිනාව අතුරුදහන් කරගන්නනම් ලවන්ට ඕනෙ වුණේ නෑ. සින්දුව කියන එක නැවැත්තුවත් මූණෙ තිබ්බ ලස්සන හිනාව එහෙම්ම තියාගත්ත ලවන් දෙන්නගෙම කෝප්ප දෙක හෝදලා ගත්තෙ හවස් වරුවෙ සුපුරුදු නෙස්කැෆේ එක බොන්න.

"මූ බලහල්ලකො..."

සිතුම්ය ලවන්ට පාරකුත් ගහගෙන ගිහින් කිචන් කවුන්ටර් එක උඩින් ඉඳගත්තා.

"උඹ අද එනවද මාත් එක්ක යන්න...?"

"එන්න වෙනවනෙ...කීයටද එන්න කිව්වෙ?"

"හතට කලින් එන්න කියලා කිව්වෙ..."

"ම්ම්...කෝපි එක බීලා ලෑස්ති වෙන්නම්."

සිතුම්ය එහෙම කිව්වෙ ලවන් හදලා දීපු කෝපි එක අතට ගන්න ගමන්. ලවනුත් එයාගෙ කෝප්පෙත් අරගෙන සිතුම්යට එහා පැත්තෙන් කවුන්ටර් එකට හේත්තු වුණා.

සිතුම්ය දිගටම බලාගෙන හිටියෙ වෙන කවදාවත් නැති තරම් සතුටකින් ඉන්න එයාගෙ යාලුවා දිහා. ඒකට හේතුව එයා නොදන්නවා නෙවෙයි...විදුර් හම්බුණු දවසෙ ඉඳන්ම මීට කලින් කිසිම දවසක නොදැකපු උද්‍යෝගෙකින් ඉන්න ලවන් කෙනෙක් සිතුම්ය දැක්කා.

ඒත් අද...ඒ සතුට ඩබල් වෙලා වගේ. සමහරවිට විදුර් සින්ග් කරනවා බලන්න යන නිසා වෙන්නැති. සිතුම්ය අනුමාන කරේ එහෙම. ඊයේ රෑ ඒ දෙන්නා වැව රවුමෙ කතා කර කර ආවා කියන්නත් සිතුම්ය දන්නවා. සමහරවිට...ඒ වෙලාවෙ?

"ලවන්..."

සිතුම්ය ලවන් දිහා බලාගෙනම නිශ්ශබ්දතාවෙ බින්ඳා.

"ම්ම්...?"

කතා කරාට මොකද ලවන් ඉන්නෙනම් මේ ලෝකෙ නෙවෙයි. ග්ලාස් වෝල් එකෙන් එළිය බලාගෙන එයා නෙස්කැෆේ එක බොන්නෙ වෙනම මනෝ ලෝකෙක ඉඳන් කියලා සිතුම්යට හොඳට තේරුණා.

"ඕයි...!"

ටිකක් වෙනස් විදිහට කතා කරපු පාරනම් ලවන් ගැස්සිලා සිතුම්ය දිහා බැලුවා.

"ඔ-ඕ...?"

"මොකද උඹ නිකන්...අද සින්ග් කරනවා බලන්න යන නිසාද?"

සිතුම්ය අහපු එකට යන්තම් කම්මුල් රතු කරගත්ත ලවන් ආයෙම ග්ලාස් වෝල් එකෙන් එළිය බලාගත්තා.

"ඒකත් එකක්..."

"එකක් කිව්වෙ...තව හේතු තියනවද?"

"සිතුම්ය...උඹ එදා ඇහුවා මතකද මම විදුර්ට ආදරෙයිද කියලා."

ඊළඟට ලවන් කියන්න යන දේ අනුමාන කරපු සිතුම්යගෙ ඔලුව ඇතුළෙ අකුණක් කෙටුවා වගේ එයාට දැනුණත් ඒක නොපෙන්නා ඉන්න එයා ට්‍රයි කරා.

"ම්ම්...මට මතකයි."

සිතුම්ය කියද්දි ලවන් කෙලින්ම සිතුම්යගෙ ඇස් දිහා බැලුවා. ඒ ඇස් වල තිබ්බෙ අසීමිත විශ්වාසයක්.

"මට දැන් ඒකට දෙන්න උත්තරයක් තියනවා...මම- මම විදුර්ට ආදරෙයි සිතුම්ය."

මීට කලින් කිසිම දවසක නොතිබුණු විදිහෙ සතුටකින් ලවන් කියද්දි සිතුම්යගෙ මූණෙත් හිනාවක් ඇඳුණා.

ඒත් ඒ හිනාව ඇඳුණු මූණ තප්පරයක් ඇතුළත දුක, වේදනාව වගේ හැඟීම් වලින් වෙලාගන්නවා දැකපු ලවන්ට හිතුණෙ තමන් ඒ දේ නොකියා හිටියනම් කියලා. ඒත් ජීවිතේ පළවෙනි වතාවට දැනුණ මේ හැඟීම තමන්ගෙ හොඳම යාලුවට නොකියා ඉන්න පුලුවන්ද?

"සිතුම්ය...මට තේරෙනවා උඹ මුල ඉඳන් මට මේ ගැන කිව්වා කියලා ඒත්-"

"ලවන්...උඹලා දෙන්නා අතරෙ ඒ තරම් ලොකු බැඳීමක් ඇතිවෙනවනම් මට නෙවෙයි කාටවත් බෑ ඒක නවත්තන්න."

"...."

"ඒත්...උඹ ආදරේ කරන්වා දකිද්දි මගෙ පරණ තුවාල අලුත් වෙනවා බං. උඹ වගේම- මමත් එක පාරක්-"

සිතුම්ය කතා කරගෙන යද්දි ඉකි ගැහෙන්න ආපු නිසා ලවන් සිතුම්යට ළං වෙලා එයාගෙ අතකින් අල්ලගත්තා.

"උඹට මිතූ මතක් වුණාද..."

ඒ නම ඇහුණත් එක්කම වේදනාව අතරින් වුණත් සිතුම්යගෙ ඇස් දෙක තප්පරේකට සතුටින්, ආදරෙන් පිරෙනවා ලවන් හොඳටම දැක්කා.

"මට මිතූ මතක් නොවෙන වෙලාවක් නෑ බං..."

සිතුම්ය කිව්වෙ ලවන් දිහා නොබලා බිම බලාගෙන.

"මගෙ කෙල්ල මට කොච්චර ආදරේ කරාද...අපි දෙන්නා කොච්චර ආදරෙන්ද හිටියෙ."

"සිතුම්ය...අම් සොරි- මම ඒ ගැන මතක් කරාට-"

ලවන් කිව්වෙ සිතුම්යගෙ කඳුලු පිරිලා දිලිසෙන ඇස් දෙක දිහා බලාගෙන. තමන්ගෙ නොවන වැරැද්දකට සමාව ගන්න එයාගෙ හොඳම යාලුවා දිහා බලපු සිතුම්ය ලවන්ගෙ උරහිසට පොඩි තට්ටුවක් දැම්මෙ එයාගෙ වැරැද්දක් නෑ කියන්න.

"උඹ මතක් නොකරත් මට දවස ගාණෙ මගෙ මිතූව මතක් වෙනවා බං...ඒ හැමදාම ඒ මතකෙ කෙළවර වෙන්නෙ මොකෙන්ද කියලා උඹ දන්නවද?"

"...."

"මම ඒ තීරණේ නොගත්තනම් අදටත් මිතූ ඉන්නවා ලවන්...මම සීමාවෙන් එහා යන්න හිතුවෙ නැත්තම්...මගෙ මිතූ-"

"සිතුම්ය..."

අවුරුදු දහයක් තිස්සෙ තමන්ගෙ නැතිවුණ ආදරේ ගැන හිත හිත විඳවන තමන්ගෙ යාලුවා ආයෙමත් ඒ ගැන මතක් කරද්දි ලවන්ට වෙන කියන්න දෙයක් මතක් වුණේ නෑ. එදා සීමාවෙන් එහාට බය නැතුව යන්න තීරණය කරපු සිතුම්ය අද ආයෙ ආයෙත් තමන්ට සීමාව මතක් කරලා දෙන තරමට අසරණ වෙද්දි ලවන් මොනවා කියන්නද...?

"මිතූ මගෙ අතීතෙ ලවන්. මට එයාව නිතර මතක් වුණාට, අදටත් මං එදා වගේම එයාට ආදරේ කරාට...එයා මගෙ ජීවිතේ මකන්න බැරි මතකයක් තියලා ගිය එක පොඩි පරිච්ඡේදයක් විතරයි."

"...."

"ඒත් දැන් මගෙ ජීවිතේ ඉන්නෙ උඹනෙ බං... මට දැන් උඹ මේ ඉන්න විදිහ දකිද්දි මට බය හිතෙන එක සාධාරණයි නේද? ලවන් - විදුර් කියන කතාව තවත් එක සිතුම්ය - මිතූ කතාවක් විදිහට ඉවර වෙයි කියලා මට බයයි."

ඒ භයානක අතීතෙ සිතුම්ය ආයෙමත් මතක් කරලා දුන්නත් ලවන් හිටියෙ මීට කලින් එයා සිතුම්ය කියන දේවල් අහන් හිටියට වඩා අධිෂ්ඨානෙකින්. එයා විදුර්ට ආදරෙයි...හිත් දෙකක් ආදරෙන් බැඳුනම කිසිම සීමාවකට බෑ ඒ දෙන්නව වෙන් කරන්න. ලවන් තාමත් ඒ දේ විශ්වාස කරනවා.

ලවන්ගෙ ඇස් දෙක දිහා බලන් ඉඳලා එයා හිතන දේ අනුමාන කරපු සිතුම්ය යන්තම් හිනාවෙලා ලවන්ගෙ උරහිසින් අත තියාගත්තා.

"ලවන්...මම කැමති වෙන ඕනම යාලුවෙක් වගේ උඹෙ ආදරේ ගැන කියද්දි සීයට සීයක් සතුටු වෙන්න මට පුලුවන්නම්. ඒත්...මීට කලින් උඹ ඔය හිටපු තැනම හිටපු කෙනෙක් විදිහට මට ඒක කරන්න බෑ බං...ඒ බය හැමදාම මගෙ හිතේ හොල්මන් කරයි."

සිතුම්ය එහෙම කියන්නෙ අවංකවම කියලා ලවන් දන්නවා. ලවන් සිතුම්ය ළඟට ආවෙ දැන් අවුරුදු තුනකට කලින්...එදා ඉඳන් තමන්ට වඩා අවුරුදු ගාණක අත්දැකීම් තියන සිතුම්ය එයාව බලාගත්තෙ එයාගෙම සහෝදරයෙක් වගේ.

එච්චර ආදරෙන් බලාගෙන...තමන්ගෙ අතීත කතාවෙ හැමදේම පැහැදිලි කරලත් ලවනුත් සිතුම්ය කරපු වැරැද්දම කරයි කියලා එයා කීයටවත් හිතුවෙ නෑ.

ඒත්...ආදරේ වැරැද්දක් වෙන්නෙ කොහොමද? විදුර් ගැන මීට කලින් කවදාවත් නොදැනුණු අමුතු හැඟීමක් දැනෙන්න පටන් ගත්ත දවසෙ ඉඳන්ම ලවන් ලස්සන අනාගතයක් ගැන විශ්වාස කරා. දෙන්නටම එකට ඉන්න පුලුවන් අනාගතයක්...

විදුර් කියන දේවල් එක්ක...එයා හිතන විදිහ එක්ක ලවන්ගෙ හිතේ කොනක තියන ඒ ලස්සන අනාගතේ ගැන ආසාව දලු දාන්න ගත්තා. අතීතෙ සිද්ධ වුණු එක අමිහිරි කතාවක් නිසා අලුත් ආදර කතාවක් වැළලිලා යන්න ඕනෙ නෑ...ලවන් හිතුවෙ එහෙම.

තවමත් ලවන් දන්නෙත් නෑ එයාලගෙ සීමා එක්ක ඒ ලස්සන අනාගතේ හදාගන්නෙ කොහොමද කියලා. ඒත් විදුර් එක්ක, එයා එක්ක ඉන්න හැම වෙලාවකම දැනෙන පපුව හිරිවැටෙන හැඟීමත් එක්ක ලවන්ට විශ්වාසයි එයාට කවදාහරි දිනන්න පුලුවන් කියලා.

"උඹ මූණ දුන්න දේවල් එක්ක උඹට එහෙම හිතෙන එක ගැන මම වැරැද්දක් කියන්නෙ නෑ බං. ඒත්...මාව විශ්වාස කරපන්. විදුර්ටයි මටයි දෙන්නටම කිසිම දෙයක් වෙන්නෙ නෑ. විදුර්...එයත් මට ආදරේනම්, එයාටත් ඕනෙ මාත් එක්ක ඉන්නනම් මම ඒ දවස එනකම් මේක අතාරින්නෙ නෑ සිතුම්ය."

"...."

"කතා දෙකකට එකම අවසානයක් තියෙන්න විදිහක් නෑ..."

ලවන්ගෙ විශ්වාසෙන් පිරුණු ඇස් දෙක දිහා බලන් හිටපු සිතුම්ය යන්තම් හිනාවුණා. සමහරවිට...එයාට පුලුවන් වේවි. ආදරේට කරන්න බැරි දෙයක් නෑ. ඒක එයාගෙ ආදර කතාවට වලංගු නොවුණට සමහරවිට ලවන්ගෙ ආදර කතාවට පුලුවන් වෙයි හැමදේම වෙනස් කරන්න.

"උඹට ඔච්චර විශ්වාසනම්...මම ආයෙත් උඹව නවත්තන්න හදන්නෙ නෑ. මම උඹ එක්ක ඉන්නවා ඕන වෙලාවක."

සිතුම්ය ඒ දේ කියලා ඉවර වෙනවත් එක්කම ලවන් එයාව තද කරලා බදාගත්තා.

"මාව විශ්වාස කරපන්..."

හග් එක බ්‍රේක් කරපු ලවන් කියද්දි සිතුම්ය එක මොහොතකට හැම නරක දෙයක්ම අමතක කරලා සුබවාදී වෙන්න හිතුවා. ඔව්...කතා දෙකකට එකම අවසානයක් තියෙන්න විදිහක් නෑ.

"උඹට තව කොච්චර කල් තියනවද...?"

"මාස දෙකක්...තුනක්?"

ලවන් කිව්වෙ අවිනිශ්චිතව.

"එච්චරද?"

"එහෙම තමා එයා කිව්වෙ...මම දන්නෑ."

"උඹ කරන දෙයක් ඔය මාස දෙක තුනෙන් කරන්නද යන්නෙ?"

"ඔව්...මාස දෙක තුනෙන් බැරි වුණොත් ඊට පස්සෙ හරි මම කරනවා බං. දැන් අහන්න එපා කොහොමද කියලා. හැබැයි මම විදුර්ගේ,විදුර් මගේ...එච්චරයි. ඕක මෙන්න මෙහෙට දීලා ගිහින් ලෑස්ති වෙයන් දැන්."

කවදාවත් නැති විදිහෙ දඟකාරකමකින් කිව්ව ලවන් සිතුම්යගෙ බීලා ඉවරවුණු කෝප්පෙ උදුරගෙන එයාව මේසෙනුත් තල්ලු කරා.

"යකෝ...තව ටිකෙන් හොම්බ ඇනිලා මැරිලා යනවා. ඔච්චර දඟලන්නැතුව ඉඳපන්."

හැබැයි ලවන්නම් නෙවෙයි ඒවා කනකටවත් ගත්තේ. අද උදේ ඉඳන්ම තියන මනමාල හිනාවෙන්ම පාඩුවේ එයාගෙ වැඩක් කරගන්න ලවන් දිහා බලලා ආයෙත් අවංකවම හිනාවුණු සිතුම්ය එයාගෙ රූම් එකට ගියා.

************

Vidur's pov

ම්ම් ඔය ඉන්නෙ හැන්ඩියා වගේ...මම පොඩ්ඩක් කන්නාඩිය ඉස්සරහ කැරකිලා හැඩ බැලුවා. වෙනදත් සින්ග් කරන්න යද්දි හැඩවෙලා තමා යන්නෙ...අද ස්පෙසල්නෙ ඒත්.

මම කලු පාට රිප්ඩ් ජීන් එකට තද නිල් පාට දුහුල් ශර්ට් එකක් ඇඳලා ඒක යට කරලා තියන හැම සුවඳ ජාතියක්මත් හලාගත්තා. ඇත්තටම කියන්න...මම හරි ආසයි සුවඳට ඉන්න. කවුරුහරි 'ඔයා ළඟ සුවඳයිනෙ' කිව්වොත්...හම්මේ ඊට වඩා දෙයක් නෑ මට.

ඒ නිසා බොඩි ස්ප්‍රේ, බොඩි වොශ්, බොඩි ලෝශන්, ඩියෝඩ්‍රන්ට්, පර්ෆියුම්, හෑන්ඩ් ක්‍රීම්, ෆුට් ක්‍රීම්, හෙයා ස්ප්‍රේ එකී මෙකී නොකී හැම සුවඳ ගහන ජාතියක්ම මං ගාව තියනවා. වෙලාවකට මම දාඩිය නාගෙන ගෙදර ආවත් අම්මා කියනවා තාමත් ඔයා ළඟ උදේ වගේම සුවඳයිනෙ කියලා. අන්න එච්චරයි වෙන්න ඕනෙ මට.

මම ඇඳලා කරලා ගිටාර් එකත් අරගෙන සාලෙට ආවා. වෙනදනම් මම බයික් එකේ යන්නෙ...අද මගෙ ටිකිරි මොළේට පහළ වුණ වෙන අදහසක් තියනවා හැබැයි. ඒ නිසා මම අද පික්මී එකක කැෆේ එකට යන්න කියලා හිතාගත්තා.

ඒකා ඉන්නෙ ගඟෙනුත් එහා පැත්තෙ කියලා තව එන්න වෙලා යයි කිව්ව නිසා මම ඉඳගෙන ඉද්දි අම්මා එයාගෙ සුපුරුදු තේ එකත් හදාගෙන මං ගාවට ආවා.

"ඔක්කොම ලෑස්තිද චූටි පුතා? ගිටාර් එක, වොලට් එක, බයික් කී එක...ආ අර ඔයාගෙ පොකට් පර්ෆියුම් එක?"

අම්මා හැමදාම ඔය ටික අහනවා මගෙන් ගෙදරින් එළියට බහිද්දි. කොයි අම්මත් ඔහොම තමානෙ නේද?

"අම්මෙ මේ...ඔව් ඔක්කොම හරි හැබැයි මං බයික් එකේනම් නෙවෙයි යන්නෙ අද."

මම පුලුවන් තරම් නෝර්මලි කිව්වත් මේ සීඅයිඩී ඇස් වලින් ගැලවෙනවා බොරු ඉතින්.

"එහෙනම් කොහොමද යන්නෙ...?"

"පික්මී එකක් දැම්මා..."

මම ගාණකට නැතුව කියලා තේ එක බිබී හිටියත් මට දැනෙනවා තාමත් අර බැල්ම මගෙ දිහාට යොමුවෙලා තියෙන්නෙ කියලා.

"ඒ මොකෝ...ඇයි චූටි බයික් එකේ යන්නැත්තෙ ඔයා එන්නත් රෑ වෙනවනෙ."

ඒකනම් අම්මා ඇහුවෙ සිරාම වදවුණ කටහඬකින්. මුකුත් තේරිලා නෑ ඒ කියන්නෙ නේ...?

"බයික් එකේ තෙල් ඉවරයි අම්මෙ..."

"බොරු කියන්න එපා...අප්පච්චි අද දවලුත් යස අගේට නුවර ගිහින් ආවෙ."

හපොයි...අප්පච්චි නුවර ගිහින්ද කවුද දන්නෙ? ඔය කොරේ...මදැයි බොරුවක් කියන්න ගියා. මං අම්මා දිහා බලද්දි එයා වෙන පැත්තක් බලාගෙන කල්පනාවක්. එක පාරට අම්මා මොකක්හරි ඔලුවට ආවා වගේ ඇක්ශන් එකක් දාද්දිම මම බිම බලාගෙන තේ එක බොන්න ගත්තා.

"ඕහ්...දැන්නෙ තේරුණේ."

"මොනවද?"

දැන් ඉතින් කොච්චර රඟපෑවත් වැඩක් නෑ. මම බිම බලාගෙනම ඉද්දි අම්මා මනමාල හිනාවක් දාන් ඇවිත් මගෙ එහා පැත්තෙ පුටුවෙන් ඉඳගත්තා.

"බෑනා මගෙ කොල්ලට බොරු කියන්නත් පුරුදු කරලද දැන්මම...?"

"මොක- මොන බෑනෙක්ද අම්මෙ?? එහෙම නෑ මං ඇත්තටම හිතුවෙ තෙල් නෑ කියලා..."

"හ්ම් හ්ම්..."

අම්මා මාව ගාණකට ගන්නැතුව අර පුරුදු හිනාවෙන්ම මගෙ දිහා බලාගෙන පුටුවට හේත්තු වුණා.

"කමක් නෑ ඉතින්...ඔය කාලෙට ගෙදරට ඔහොම බොරු එකක් දෙකක් කියනවා."

අනේ ඇත්තට වයිස් ප්‍රින්සිපල් කෙනෙක් අම්මා වුණාම තියන අවාසි තමා මේවා...හදිසියකට බොරුවක් කියාගන්න බෑ. ඒකට ඉතින් මට දෙන්න උත්තරේකුත් නෑනෙ. මම යන්තම් හිනා යන්න ආපු එක නවත්තගෙන ඉවර වුණ කෝප්පෙ ස්ටූල් එක උඩින් තිබ්බා.

"අද එයා එනවද...?"

අම්මා ආයෙම පුටුවෙ ඉස්සරහට වෙලා සන්සුන් කටහඬකින් මගෙන් අහද්දි මං හිතන්නෑ ඒ වෙලාවෙ මගෙ ඇස් වලටවත් බොරු කරන්න පුලුවන් වුණා කියලා. මම අම්මා දිහා බලලා හිනාවෙලා ආයෙම බිම බලාගත්තා.

අම්මා නැගිටලා මං ගාවටම ඇවිත් මගෙ ඔලුව යන්තම් ඇවිස්සුවා. එතකොටම පික්මී එක ඇවිත් කියලා කෝල් එක ආපු නිසා මම යන්න නැගිට්ටා.

"පරිස්සමින් හොඳද...ගිහින් මට මැසේජ් එකක් දාන්න"

"මම ගිහින් එන්නම් අම්මෙ...අප්පච්චිටත් කියන්න මම ගියා කියලා."

මම අම්මට වැඳලා කිස් එකක් දීලා කිව්වා. අප්පච්චි නිදි, ආයෙ ඇහැරවන එක පව්නෙ අම්මටම කිව්වා ඒ නිසා අප්පච්චිට කියන්න කියලා.

පික්මී එක වේගෙන් ගියොත් විනාඩි විස්සක් විසි පහක් යයි ඕන්නම් කැෆේ එකට යන්න. යන ගමන් කල්පනාවක් දාන් හිටපු මට එක පාරට බලු හිනාවක් ගියා මගෙ පීනට් සයිස් මොළේට පහළ වුණ අනිත් ප්ලෑන් එක මතක් වෙලා.

මෙහෙමයි...ඊයේ රෑ ලවන් කෝල් කරද්දි පොඩි tmi එකක් හම්බුණා, හැබැයි මේ මනුස්සයගෙ පුදුම ලොකුකමක් තියෙන්නෙ.

"මෙහ් දැන් ඔයා මගෙ සින්දු ගැන හැම වෙලේම කියන්නෙ ඔයාට සින්දු කියන්න්න බැයිද...?"

"අහ්...බැරිමත් නෑ ඉතින්."

"බැරිමත් නෑ කිව්වෙ??"

"ඒ කිව්වෙ ඉතින්...සින්දු කියලා තියනවා. ඔයාට තරම් ලස්සනට කියන්න බෑ."

ඒ කියන්නෙ මෙයත් මේ සින්දු කියන්න පුලුවන්කම තියාගෙනද මාව වර්ණනා කරන්නෙ. එක අතකට බැරිවෙන්න විදිහකුත් නෑ...මෙච්චර මියුසික් ගැන ටේස්ට් එකක් තියනකොට මට හිතුණා නිකමට.

"කියලා තියනවා කිව්වෙ කොහෙද.. වොශ් රූම් එකේ විතරද නැත්තම් වෙන කොහෙහරිද?"

මම අහද්දි ලවන්ට හයියෙන් හිනාගියා. ඔව් ඉතින් අපි ඔක්කොම එක්තරා විදිහක වොශ් රූම් සින්ගර්ස්ලනෙ නැද්ද?

"නෑ ළමයො...ඔය පොඩි පොඩි ෆන්ක්ශන් වල වගේ-"

"ඒ කියන්නෙ ඔයාට සින්ග් කරන්න පුලුවන්නෙ ලවන්...ෆන්ක්ශන් වල සින්ග් කරනවද බාගෙට සින්ග් කරන්න පුලුවන් අය??"

"නෑ මම කිව්වෙ-"

"හෙට එන එකේ මාත් එක්ක සින්දුවක් කියමුකො-"

"අනේ මේ බෑ...!!"

යකෝ...සින්දුවක් කියමු කියලා කිව්වෙ ඒත් කෑගහන්නෙ නිකන් බැංකුවක් කඩමු කිව්වා වගේනේ.

"ඇයි ඒ බැරි...? ෆන්ක්ශන් වල සින්ග් කරන්න පුලුවන් මාත් එක්ක සින්දුවක් කියන්න බෑ නේ?"

"අනේ බෑ විදුර්...ඒක ඔයාගෙ මූමන්ට් එකනෙ-"

"ඉතින් මගෙ මූමන්ට් එක නිසා තමා කියන්නෙ ඒක ස්පෙශල් වෙන්න ඔයත් එන්න කියලා..."

"මම එනවනෙ ඉතින් කොහොමත්-"

"එහෙම නෙවෙයි සින්දුවක් කියන්න-"

"බෑ...!'

ඔන්න ඔය වාදෙ විනාඩි පහක් විතර කන්ටිනිවු වෙලා අන්තිමට මම පරාජෙ බාරගත්තා. හැබැයි මෙයා දන්නෑ මම පරාජෙ බාරගත්තෙ වෙන අදහසක් හිතේ තියාගෙන කියලා. ඉඳපන්කො අද...

කිව්වා වගේම විනාඩි විසි පහෙන් මම කැෆේ එක ළඟට ආවා. පික්මී එකට සල්ලිත් දීලා මම කෙලින්ම ඩ්‍රෙසින් රූම් එකට දිව්වා. තාම හයට විතර. සාමාන්‍යයෙන් මගෙ අයිටම් එක තියෙන්නෙ හතේ ඉඳන් අට හමාර, නවය වගේ වෙනකන්.

මගෙ පාප මිත්‍රයො දෙන්නා ඉන්නවා කිව්වා ඩ්‍රෙසින් රූම් එක ගාව. උන් දෙන්නත් ඉඳලා හිටලා එනවා මගෙ පෆෝමන්ස් බලන්න. සිනෙලි කටුගස්තොට පැත්තෙන් ඩ්‍රයිව් කරන් එන්නෙ ටිනාශවත් දාගෙනම. ඊට පස්සෙ යද්දිත් ටිනාශව ගෙදරින් හලාගෙන යනවා. සමහර දවස්වලට දෙන්නම අපෙ ගෙදර නවතින වෙලාවලුත් තියනවා. අපි ඉතින් බොක්කෙ ෆිට්නෙ...මම කොල්ලෙක් කියලා අපෙ ගෙදර නවතින එක ගැන එයාලගෙ ගෙවල් වලින් ප්‍රශ්නයක් නෑ. අපෙ ගෙදර කොහොමත් උන් දෙන්නට වෙන් වෙච්ච වෙනම කාමරේකුත් තියනවා.

අද ඩබල එන්න නෙවෙයි හිටියෙ...දෙන්නම ශෝ එකේ ඉන්නෙ ඩාන්සින් අයිටම්ස් වලට නිසා ප්‍රැක්ටිස් කරලා මහන්සි කියලා. ඒත් මටත් ඉතින් කට පුප පියන් ඉන්න බැරිකමට ලවන් එනවා කිව්වම මේන් මුන් දෙන්නත් ආවා. යකෝ මේක හරි මඟුලක් වුණානෙ...ලවන් එන එක මං හිතන්නෙ නිව්ස් වලට පෙන්නුවෙ නැති ටික විතරයි දැනට.

මම යද්දි මං දැක්කා දෙන්නා දොර ගාව ඉන්නවා. කොහොමත් කැෆේ එකේ අය දන්නවා ඒ දෙන්නා මගෙ යාලුවො කියලා. ඇතුළට එන්න ගේමක් නෑ ඒ නිසා.

"උඹලා ඇවිත් ගොඩක් වෙලාද...?"

මම රූම් එක ඇතුළට යන ගමන් අහද්දි උන් දෙන්නත් මගෙ පස්සෙන් ආවා.

"නෑ විනාඩි පහළවක් වගේ. අද සිනූ ඩ්‍රයිවර්ත් එක්ක ඇවිත් තියෙන්නෙ."

"ම්ම්..."

"කෝ ඉඳගනින්කො ඔහොම."

මම ගිටාර් එක පැත්තකින් තියලා කොණ්ඩෙ පොඩ්ඩක් හදාගත්තා විතරයි සිනෙලි මාව පුටුවට තල්ලු කරා.

"මොකද බං??"

"දඟලන්නැතුව හිටහන් පොඩ්ඩක් හැඩ කරන්න යන්නෙ..."

මේ මොන මඟුලක්ද?? සිනෙලි බෑග් එකෙන් එළියට ගන්න එක එක කුප්පි දිහා මම බලාගෙන හිටියා. යකෝ මම වෙනදත් සින්ග් කරනවා මම මේවා උලාගෙන ගිහින් නෑ.

"අනේ මේ තොපෙ ඔය එක එක මඟුල්නම් උලන්න එපා ඈ..."

"කට වහන් හිටපන්කො මස්සිනාට හික් ගෑවෙන්න හැඩ කරනකන්..."

ඒ පාර කිව්වෙ ටිනාශා. හික් ගෑවෙන්න...මම කිව්වයි කියලා හිතාගනින් උඹලා. කෙල්ලො දෙන්නෙක් නිසා ඉවසන්නෙ.

කොහොමත් උන් දෙන්නා එක්ක මට ගැලවීමක් තිබ්බෙ නෑ. ටිනාශා මාව බලහත්කාරෙන් අල්ලන් ඉද්දි සිනෙලි කරන මඟුලක් කරනකන් මම මූණත් අල්ලන් මොකාද එකා වගේ උඩ බලන් හිටියා.

"ආ...දැන් හරි. බලහන් කණ්ණාඩියෙන්."

සිනෙලි හෙන ලොකු වැඩක් කරා වගේ කියද්දි මම ඇස් ඇරලා කණ්ණාඩිය දිහා බැලුවා. මෙහෙමයි...බොරු කියන්න ඕන්නෑ ඉතින්. සිරාවට පොඩි ලුක් එකක් තිබ්බා වෙනදට වඩා. මාව දැකලා මටම මනමාල හිනාවක් යන්න ඇවිත් නවත්තගත්තත් කෙල්ලො දෙන්නටම ඒක දැකලා හිනාගියා.

"ලස්සනයි නෙහ්...ඒකනෙ කිව්වෙ පොඩ්ඩක් නහින්නැතුව ඉඳහන් කියලා."

ටිනාශා හෙන ආඩම්බරේකින් මගෙ දිහා බලන් ඉඳලා කිව්වා.

"ඒ උඹ ලස්සනයි බං...බලහන් ගේ වුණේ නැත්තම් උඹ මගේනෙ හහ්."

සිනෙලි අමුතු ඩ්‍රාමා එකක් දාලා බොරුවට ඒකිගෙ කඳුලු පිහගන්නවා වගේ රඟපෑවා. ඒකි කොහොමත් ඔහොම කතා කියන්නෙ අදක ඊයෙක ඉඳන් නෙවෙයි.

"ආ එච්චර ලේසියෙන් මම උඹට මූව දෙයි කියලද හිතන් ඉන්නෙ??"

ඔන්න පටන් ගත්තා.

"අනේ මං ස්ට්‍රේට් වෙලා තොපි දෙන්නවම මගෙ බිසෝවරු කරගන්නම් හරිනෙ එතකොට? දැන් නවත්තගනින්."

"අග බිසව කවුද ඒයි එතකොට?"

ඒකට මම හොඳ උත්තරයක් දෙන්න කට ඇරියත් එක පාරට මගෙ ෆෝන් එක රින්ග් වෙන්න ගත්ත නිසා මම ඒකට අවධානෙ දුන්නා. කවුද කියලා හිතාගන්න අමාරු නෑ ඉතින්.

"උඹයි මායි දෙන්නම උප බිසෝවරු තමා බං...අග්‍ර එකා ඔය කතා කරන්නෙ."

ටිනාශා කියපු එකට ඒකිට ටොක්කකුත් ඇනගෙන මම ෆෝන් එකත් අරන් එළියට ආවෙ මගෙ මනමාල හිනාව කෙල්ලො දෙන්නා දැක්කොත් එහෙම ආයෙ හෙන කාලෙකට ඕකට බයිට් වෙන්න වෙනවා කියලා දන්න නිසා.

"ලවන්...ඔයා ආවද?"

මම කතා කරන ගමන්ම බැල්කනි එකට ආවෙ පාකින් එකේ එයාව හොයාගන්න පුලුවන්ද බලන්න.

"ඔව්...ඔයා ඉන්නෙ කොයි ෆ්ලෝ එකේද?"

මම හිතුවා කොහොමත් ලවන්ට ඔය ප්‍රශ්නෙ එයි කියලා. අපෙ කැෆේ එක තියෙන්නෙ දෙවනි තට්ටුවේ...ඒත් පහළ තට්ටුවෙත් පොඩි රෙස්ටොරන්ට් එකක් තියනවා. බැලූ බැල්මට පේන්නෙ ඒකත් අපෙ කැෆේ එකේම කෑල්ලක් කියලා.

"ආ මට ඔයාව පේනවා ඔහොම ඉන්න මම එන්නම්."

"එපා එපා ඉන්න මම එන්-"

ලවන් කියලා ඉවර කරන්නත් කලින් මම කෝල් එක කට් කරලා අඩියට දෙකට පඩිපෙළ බැහැගෙන ගියා. මට මේ හදිස්සියනම් ඔක්කොටම වඩා එයාව පොඩ්ඩක් නිදහසේ හම්බෙන්න. කැෆේ එක ඇතුළෙ වගේ නෙවෙයි පාකින් එකේ සෙනඟ නෑනෙ.

"මම කිව්වනෙ ළමයො එන්නම් කි-"

ලවන් මාව දකිනකොටම කියන්න ගිය එකත් එක පාරට නවත්තගෙන කට ඇරගෙන බලාගෙන හිටියා. මේ මොකද මේ...? හෙනයක් ගැහුවා වගේ එක පාරට? ඕහ්...දැන්නෙ මතක් වුණේ. කෙල්ලො දෙන්නා දස්සයි...

මම ඒ කිසි දෙයක් මීටර් වුණේ නැති ගාණට එයා ගාවට ගිහින් හිටගත්තා. එතකොට තමා මමත් ලවන්ව හරියට දැක්කෙ. වෝහ්...එයා මාරම හැන්ඩ්සම්.

ලවන් හිටියෙ තද නිල් පාට ටර්ට්ල් නෙක් එකකට කලු ට්‍රවුසර් එකක් ඇඳලා කලු පාට දිග ජැකට් එකක් දාලා. දැන් තමා අර එංගලන්තෙන් බැහැපු පෙනුම හොඳටම තියෙන්නෙ. තව ටිකක් මෙහෙම එයා දිහා බලන් හිටියොත් වෙන ප්‍රශ්නයක් උද්ගත වෙන්න ඉඩ තියන නිසා මමම තාමත් කට ඇරන් ඉන්න ලවන්ව හරි සිහියට ගේන්න තීරණේ කරා.

"ලවන්..."

මම මගෙ අත ලාවට එයාගෙ උරහිසින් තියලා කතාකරද්දි එයා ගැස්සිලා වගේ ඇහිපිල්ලම් දෙක තුනක් ගැහුවා.

"මොකෝ...?"

"ම්-මුකුත් නෑ..."

ලවන් මගෙ ඇස් මඟෑරලා බිම බලාගද්දි මටත් ඉතින් දැනුණෙ මගෙ කකුල් පණ නැති වේගෙන එනවා වගේ. ගැම්ම අරන් හිටියට එයා එහෙම බලන් ඉද්දි මගෙ බඩේ සමනල්ලු පියාඹන්න ගන්නවා.

"You look so beautiful Vidur..."

ලවන් මගෙ ඇස් දෙක දිහා එක එල්ලෙ බලාගෙන කියද්දි මට මාව තවත් පණ නැති වේගෙන එනවා දැනුණා.

"T-thanks...so do you."

හරිම ඕක්වර්ඩ් විදිහට කියපු මම අහක බලාගත්තෙ ඒ බැල්ම මට දරාගන්න බැරිවුණ නිසා.

"Oh...since you're here-"

ලවන් එක පාරට මොකක්හරි මතක් වුණා වගේ කාර් එක පැත්තට හැරිලා වින්ඩෝ එකෙන් මොනවාහරි එළියට ගන්නවා මම දැක්කා.

"ඔය කම්මුල් දෙක දැක්කෙ නැත්තම් තව පොඩ්ඩෙන් අමතක වෙනවා."

එහෙම කියපු ලවන් මගෙ දිහාවට දික් කරේ...අනේ මට පිස්සු හදවන්නද යන්නෙ මනුස්සයෝ?? එයා මට දුන්නෙ මල් පොකුරක්...ලා රෝස පාට රෝස මල් මැද්දෙ තැනින් තැන ටිකක් තද රෝස පාට මල් වලින් පිරුණු මල් පොකුරක්.

අනේ...මට ඇඬෙන්න වගේ. මට කවදාවත් මීට කලින් මල් පොකුරක් හම්බෙලා නෑ. පළවෙනි වතාවට හම්බුණු මල් පොකුර මට මුලින්ම ආදරේ හිතුණ කෙනාගෙන්ම හම්බෙද්දි මගෙ පපුවට ඒක දරාගන්න බැරි තරම්ම බරට දැනුණා.

"අනේ ලවන්...ඇයි මේ?"

"මම ඔයා සින්ග් කරනවා බලන්න මුලින්ම ආවෙ අදනෙ විදුර්. අනික...ඊයෙ කිව්වා නේද ඔහොම මල් පොකුරක් හම්බෙනවට ඔයා ආසයි කියලා ම්ම්?"

අනේ එයාට ඒක මතක තිබිලද...? මං ගැන ඒ පොඩි දේත් මතක තියන් හිටිපු එක මට අනිත් හැමදේටම වඩා වටිනවා. මම කොහොමද ලවන් ඔයාට ඒක පැහැදිලි කරන්නෙ. මම දන්නෑ මම කොච්චර වෙලා එයා දිහා බලන් හිටියද කියලා. එයාට මගෙ ඇස් කියවන්න පුලුවන් වුණාද කියලා මම දන්නෙත් නෑ...ඒත් මට විශ්වාසයි ඒ ඇස් වල තියෙන්නෙ ආදරේම විතරයි. මම තෝරගත්තෙ හරිම කෙනා කියන එක මට ආයෙ ආයෙත් තේරුම් යන්න ඔයා මේ කරන පොඩි දේවල් හොඳටම ඇති.

"මම ඕක ගත්තෙ ඔයාගෙ ඔය රෝස පාට වෙන කම්මුල් වලට මැච් වෙන්න. ඒත් ඒවා දැන් රතු පාට වෙලානෙ...ඇයි මේ?"

ලවන් මම මල් පොකුර බදාගෙන හිටපු අත් දෙකෙන් එක අතක් එයාගෙ අත් දෙක මැද්දට අරගෙන ඇහුවා. මට කියන්නවත් දෙයක් මතක් වුණේ නෑ. ඇස් දෙකේ කඳුලු පිරීගෙන එද්දි මම එයාගෙ ඇස් මඟෑරලා බිම බලාගත්තා. මගෙ කඳුලු පිරුණු ඇස් දෙක දැක්ක නිසාමද කොහෙද ලවන් මට තව ටිකක් ළං වුණා.

"ශ්ශ්..විදුර්. අඬන්න එපා...කෝ මගෙ දිහා බලන්නකො."

ලවන් මගෙ අත අල්ලන් හිටපු එක අතක් අතෑරලා මගෙ නිකටින් යන්තම් ඉස්සුවා.

"කෝ...දැන් සින්ග් කරන්න ඕනෙ. අඬන්න එපා ළමයො."

ලවන් යන්තම් හිනාවෙලා ගොඩක් සන්සුන්ව කියද්දි මට දැනුණා මගෙ කඳුලු ටික ටික වේලෙනවා. ඒත් මගෙ හිතට දැනෙන හැඟීම, පපුව හිරිවැටෙන එකනම් පොඩ්ඩක්වත් අඩුවුණේ නෑ.

"ලවන්...ඔයා දන්නවද මෙහෙම පොඩි දේවල් වලට මම කොච්චර ආදරෙයිද කියලා?"

මම පුලුවන් උපරිමෙන් උත්සාහ කරලා වචන ගලපගෙන අහද්දි ලවන් හිනාවුණා.

"මම දන්නවා...එහෙම පොඩි දේවල් වලට ආදරේ අයට-"

ලවන් ඒ දේ සම්පූර්ණ නොකර දිගටම මගෙ දිහා බලාගෙන හිටියා. මම ඇස් දෙකත් ලොකු කරන් එයාගෙ ඇස් දෙක දිහා බලන් හිටියෙ ඉතිරි ටික කියනකම්.

"ලවන් අපි යන්න ඕනෙ- ඕහ්..."

එක පාරට ලවන්ගෙ පිටිපස්සෙන් ආපු සද්දෙට මම ගැස්සිලා ලවන්ගෙන් ටිකක් ඈත් වුණා. ලවනුත් අල්ලගෙන හිටපු මගෙ අත අතෑරලා පිටිපස්සට ගියා. සිතුම්ය?? මම දැනන් හිටියෙ නෑනෙ මෙයා එනවා කියලා...එක අතකට පුදුම වෙන්න දේකුත් නෑ ඒ දෙන්නා රූම්මේට්ලනෙ.

ඒත් එයා එක්ක පළවෙනිම දවසෙ තියන මතකත් එක්ක මම සිතුම්ය එක්ක යන්තම් හිනාවෙලා.

"සොරි මම- මම දැක්කෙ නෑ විදුර් ඉන්නවා."

"ප්‍රශ්නයක් නෑ සිතුම්ය...අපි උඩට යන්න ඕනෙනෙ කොහොමත් දැන්."

ලවන් කියද්දි සිතුම්ය ආයෙම වැරැද්දක් කරපු එකෙක් ගාණට මගෙ දිහා බලලා හිනාවුණා. මට ඒක හරි අමුතුයි...මේ සතියට මෙයා වෙනස් වුණාද? පළවෙනි දවසෙ නිකන් මට ගහන්න වගේ හිටියට අද මාර හොඳ වෙලා වගේනෙ.

"හායි විදුර්..."

"හහ්? ඕහ්- හායි..."

මම ගැස්සිලා ගියත් සාමාන්‍ය විදිහට අහන්න ට්‍රයි කරද්දි ලවන් ආයෙම අපි දෙන්නා දිහා බලලා හිනාවුණා.

"විදුර්...අපි යමු ඔයා ස්ටේජ් එකට යන්නත් ඕනෙනෙ."

ලවන් පුරුදු සන්සුන් විදිහටම කියද්දි මම දෙන්නත් එක්කම හිනාවෙලා ඒ දෙන්නව කැෆේ එකට එක්කන් ගියා. ඇතුළෙදි මම සිනෙලියි ටිනාශයිත් ඒ දෙන්නට මුණ ගැස්සුවා. මුලදිනම් ලවන් ටිකක් බයවුණා...ඒ දෙන්නත් අපෙ කැම්පස් එකේමනෙ. ඒත් මම ඒ දෙන්නා මගෙ කවුද කියන එක හරියටම පැහැදිලි කරාට පස්සෙ එයා නෝර්මල් වුණා.

මම ස්ටේජ් එකට යද්දි දැක්කා ලවනුයි සිතුම්යයි කෙළවරට වෙන්න ටේබල් එකක ඉඳගෙන ඉන්නවා. මගෙ උන් දෙන්නනම් පුරුදු විදිහටම මැද්දට වෙන්න ඉඳන් හිටියෙ.

මුලින් මම සින්දු තුනක් විතර පෆෝම් කරා. ඒ හැම එකටම ලවන් ආදරේ හිතෙන විදිහට බලාගෙන ඉඳලා ක්ලැප් කරනවා මම දැක්කා. ඒ ආදරේමද කියන්න මම දන්නැතුවැති ඒත්...සාමාන්‍යයෙන් හැඟීම් පේන්නෙ නැති ඒ ඇස් දෙක කියවගන්න බැරි හැඟීම් ගොඩකින් පිරිලා තියනවා දකිද්දි ඒ වෙනස තේරුම් ගන්න එක මට අමාරු නෑ...

හැබැයි ඉතින් ඊළඟටනම් ඔය හැඟීම් ඔක්කොම වෙනස් වෙනවා කියන්න මම දන්නවා.

"Ladies and gentlemen...today I have something special for you."

මම දඟකාර විදිහට කියලා ඇහැ කොනින් ලවන් දිහා බලද්දි මම හිතන්නෙ එයාටත් වෙන්න යන දේ තේරුණා. ඒත් මම ඒක නොදැක්ක ගාණට කතා කරගෙන ගියා.

"I have a special performance for you with a very good friend of mine...yesterday he promised he would perform with me today."

මම කියද්දි එතන හිටපු හැමෝම චියර් කරන්න ගත්තා. මම මීට කලිනුත් දෙතුන් පාරක් ඔහොම කරලා තියනවා ඉතින් යාලුවො කීපදෙනෙක් එක්ක. ඒ නිසා ක්‍රවුඩ් එකටනම් ඒක අලුත් දෙයක් නෙවෙයි. හැබැයි ඒක අලුත් දෙයක් වුණ කෙනෙක්නම් තාම ගල් ගිල්ලා වගේ මගෙ දිහා බලන් ඉන්නවා මට පේනවා.

අසරණ වෙලා වගේ ලවන් පුදුමෙන් මගෙ දිහා බලන් ඉද්දි මම ගාණක් නැතුව මේ සැරේනම් කෙලින්ම එයා දිහා බැලුවා. එතකොට ක්‍රවුඩ් එකෙත් එක්කනා දෙන්නා හැරිලා ලවන් දිහා බලනවා දැක්කා මම.

ලවන් බෑ කියන්න ශේප් එකේ ඔලුව වැනුවත් දැන්නම් පරක්කු වැඩි පුතේ...ෆන්ක්ශන් වල සින්ග් කරනවනම් මෙහෙ ඇවිත් සින්ග් කරපන් මං එක්කත්.

"Lavan...would you please join with me on the stage? Everyone give it up for Lavan Chathurya!!"

මම ලස්සනට හිනාවෙලා කියද්දි ලවන් රවාගෙන මගෙ දිහා බලන් හිටියා. මං හිතන්නෙ සිතුම්යත් මගෙ එවුන් දෙන්නා ජාතියේම පාප මිත්‍රයෙද කොහෙද මම ඒක කිව්වා විතරයි එයත් බලු හිනාවක් දාලා ලවන්ව පුටුවෙන් තල්ලු කරා.

දැන් ඉතින් ලවන් ඉන්නෙ නැගිටලත් නිසා ක්‍රවුඩ් එකේ චියර්ස් වැඩිවුණා. ගැලවිල්ලක් නෑ දැන්...

ලවන් මට රවාගෙනම ස්ටේජ් එකට නගිද්දි මම අහිංසක හිනාවකින් එයා දිහා බලන් හිටියා. එයා දැන් හිටියෙ ජැකට් එක ගලවලා නිසා අපි දෙන්නගෙ අවුට්ෆිට් එකත් ගාණට මැච් වුණා.

ක්‍රවුඩ් එකට බොරු හිනාවක් දීපු ලවන් ඒ හිනාවෙන්ම මං ගාවට ඇවිත් යන්තම් මගෙ දිහාට නැමුණා.

"පස්සෙ අල්ලගන්නම් හොඳේ මේකට..."

"ඒක පස්සෙ බැරියැ දැන් ඔයා කියන සින්දුව කියන්නකො..."

මම සුපුරුදු අහිංසක හිනාවෙන්ම කියද්දි එයාට වුණත් දිගටම රවාගෙන ඉන්න බෑනෙ. යන්තම් හිනාවෙලා මගෙ කනට කරලා සින්දුව කියපු ලවන් මයික් එකත් අරන් ගිහින් පුටුවෙන් වාඩි වුණා.

සින්දුවේ නම අහපු ගමන් මම ටිකක් වෙලා එයා දිහා බලාගෙන හිටියා. ඒක...මම ගොඩක් ආසා සින්දුවක්. එයා ඒකම තෝරගත්තෙ ඇයි කියන්න මම දන්නෙ නෑ ඒත් එයාගෙ හිතේ තියන ගොඩක් දේවල් ඒකෙන් කියන්න හදනවා කියන එක විතරක් මට තේරුණා.

ස්ටාෆ් එක ආයෙම මගෙ පුටුවයි ස්ටෑන්ඩ් මයික් එකයි ඇජෙස්ට් කරාට පස්සෙ මම ප්ලේ කරන්න පටන් ගත්තා. ලවන් මුල් ටික සින්ග් කරන්න පටන් ගන්නවත් එක්කම හැමෝම සයිලන්ට් වුණා. එයා සින්ග් කරේ ඇස් දෙක පියාගෙන. ඒ වොයිස් එක හරියට භාවනාවක් වගේ සන්සුන්...ප්ලේ කරන අතරෙම වුණත් මගෙ හිත ඒ කටහඬේ සන්සුන්කම අස්සෙ අතරමං වුණා.

You know I want you

It's not a secret I try to hide

I know you want me

So don't keep sayin' our hands are tied

You claim it's not in the cards

And fate is pullin' you miles away

And out of reach from me

ලවන් ඉතිරි ටික කියන්න කලින් ඇස් දෙක ඇරලා මගෙ දිහා බැලුවා. මම ඒ වෙද්දිත් හිටියෙ පිස්සුවෙන් වගේ. ඒ කටහඬ...ඒ වචන...

But you're here in my heart

So who can stop me if I decide

That you're my destiny?

ඒ ටික කියද්දි එයාගෙ ඇස් වල තිබුණු විශ්වාසෙ හොඳටම දැක්කා. එයාගෙ ඇස් වලම අතරමං වුණ මමත් අහම්බෙන් වගේ මයික් එක ගාවට වුණේ එයත් එක්කම සින්ග් කරන්න.

What if we rewrite the stars?

Say you were made to be mine

Nothing could keep us apart

You'd be the one I was meant to find

It's up to you, and it's up to me

No one can say what we get to be

So why don't we rewrite the stars?

Maybe the world could be ours

Tonight

අපි දෙන්නම ඒක කියද්දි මට දැනුණ හැඟීම විස්තර කරන්න මට තේරෙන්නෑ...ලවන් කීප වතාවක් මං එක්ක කතා කරද්දි එක පාරට මොකක්හරි දෙයක් ගැන හිතන්න ගත්තා කියලා මම දන්නවා.

එයා මේ වචන වලින් ඇඟෙව්වෙ ඒ මොන දේ වුණත් ඒ කිසිම දේකින් අපි දෙන්නට, අපෙ ආදරේට ඒ දේවල් බාධාවක් වෙන්නෙ නෑ කියන එකනම්...ලවන් මම ඒ හැම මොහොතකම ඔයා එක්ක ඉන්නවා.

ඉතිරි ටික කියන්න කලින් ලවන් මයික් එක අරන් නැගිටලා ටිකක් ඉස්සරහට ගියා. මේ වෙලේ එයාගෙ ඇස් දෙක තිබ්බෙ ක්‍රවුඩ් එක දිහාවට.

You think it's easy

You think I don't wanna run to you

But there are mountains

And there are doors that we can't walk through

I know you're wondering why because we're able to be

Just you and me within these walls

But when we go outside, you're gonna wake up and see

That it was hopeless after all

ලවන් ඒ ටික සින්ග් කරලා මගෙ දිහා හැරෙනවත් එක්කම මම ඇස් පියාගෙන ඉතිරි ටික සින්ග් කරා.

No one can rewrite the stars

How can you say you'll be mine?

Everything keeps us apart

And I'm not the one you were meant to find

It's not up to you

It's not up to me

When everyone tells us what we can be

How can we rewrite the stars?

Say that the world can be ours

Tonight

සමහරවිට මම ඒ කිව්වෙ, ඇහුවෙ මගෙ හිතේ තියන දේ වෙන්නත් පුලුවන්... අන්තිම ටික සින්ග් කරන්න කලින් මමත් ගිටාර් එක අයින් කරා. මගෙ බැකප් ප්ලේයර්ට ප්ලේ කරන් යන්න කියලා සිග්නල් එක දීපු මම ලවන් ගාවට ගිහින් එහා පැත්තෙන් හිටගත්තම ආයෙත් අපෙ ඇස් මුණ ගැහුණා.

All I want is to fly with you

All I want is to fall with you

So just give me all of you

It feels impossible

It's not impossible

Is it impossible?

Say that it's possible

ඉතිරි ටික කියන්න අපි දෙන්නම ක්‍රවුඩ් එක දිහාවට හැරුණා.

How do we rewrite the stars?

Say you were made to be mine?

Nothing can keep us apart

'Cause you are the one I was meant to find

It's up to you

And it's up to me

No one can say what we get to be

And why don't we rewrite the stars?

Changing the world to be ours

ලවන් අනිත් ලයින් එක සින්ග් කරන්න කලින් මගෙ අත අල්ලගත්තා. එක පාරට මම ගැස්සුණත් මේක පෆෝමන්ස් එකක්නෙ...ඒකෙ කිසිම අවුලක් නෑ. ලවන් ලොකු විශ්වාසෙකින් මගෙ ඇස් දෙක දිහා බලන් ඉද්දි මම ආයෙමත් ඒ අලු පාට ඇස් අතරෙ අතරමං වුණා.

You know I want you

It's not a secret I try to hide

But I can't have you

We're bound to break and my hands are tied

අන්තිම පේළි දෙක කියද්දි එයාගෙ ඇස් දෙක වේදනාවෙන් පිරුණත් ඒ අතරින්ම පෙනුණු විශ්වාසෙත් එක්ක මගෙ හිතත් ලොකු විශ්වාසෙකින් පිරුණා.

May be...we can rewrite the stars.

සින්දුව ඉවර වෙලත් එයාගෙ ඇස් අතරෙම රැඳෙන්න ගිය මම එක පාරට ගැස්සුනේ ක්‍රවුඩ් එකේ චියර්ස් වලට. ඇත්තටම ඒ හිටපු අය පෆෝමන්ස් එක සෑහෙන්න එන්ජෝයි කරා කියලා මට දැනුණා...ඒ සින්දුවත් එක්ක අපි අතරෙ හුවමාරු වුණු කිසිම දෙයක් එයාලා දන්නෙ නැති වුණත්.

චියර්ස් මැද්දෙන්ම ලවන් මාත් එක්ක හිනාවුණා. එයාගෙ මූණට දාඩියා දාලා දිලිසෙනවා. ඒවා ලයිට් එළියත් එක්ක රිදී පාටට දිලිසෙද්දි...ඒ ඇස් දෙකේ පාටත් එක්ක-

මම හිතන්න ගිය හැමදේම නවත්තලා හරි සිහියට ආවෙ ඉන්නෙ ස්ටේජ් එකේ කියලා මතක් වුණ නිසා. තවමත් එයා හිටියෙ මගෙ අත අල්ලගෙන. අපි දෙන්නා ඒ හිටපු විදිහටම ක්‍රවුඩ් එකට බෝ කරද්දිත් චියර්ස් නැවතිලා තිබ්බෙ නෑ.

මම ලවන්ට තෑන්ක් කරද්දිත්, ලවන් ආයෙම ක්‍රවුඩ් එකට ගිහින් ඉඳගද්දිත් මගෙ හිත එකම පිස්සුවක් වෙලා තිබ්බේ. ඒ මොහොත මම හිතන්නෑ මට කවදාවත් අමතක වෙයි කියලා. මම එයාට ආදරෙයි කියලා තේරුම් ගත්ත ඒ මොහොත හිතේ තැන්පත් වුණ තැනම මේ මතකෙත් ඉඩක් අරගත්තා.

තව සින්දු දෙක තුනකින් පස්සෙ මට අන්තිම සින්දුව කියන්න වෙලාව ආවම මම තෝරගත්තෙ මම අද කියන්න හිතාගෙන හිටපු එකක් නෙවෙයි. සමහරවිට...මේ මගෙ හිතේ තියන දේ වෙන්න පුලුවන්.

""Everyone...as my final song tonight I chose next song. Well...this is for someone, special someone."

මම කියද්දි ක්‍රවුඩ් එකේ චියර්ස් වෙනදටත් වඩා හයියෙන් මට ඇහුණා. මොකද මම කලින් කිව්වා වගේ...මෙතෙන්ට නිතර එන පිරිසක් ඉන්නවා. එයාලා මාව හොඳට දන්නවා. ඉතින් මම මීට කලින් කිසිම දවසක මෙහෙම දෙයක් කියලා නෑ. මගෙ ජීවිතේ සින්දුවක් ඩෙඩිකේට් කරන්න තරම් විශේෂ කෙනෙක් ඉන්නවා කියලා දැනගත්ත එක එයාලට අලුත් දෙයක් වුණා.

මම සින්දුව පටන් ගන්න කලින් ලවන් දිහා බලද්දි එයා ආයෙමත් අර ආදරේ හිතෙන බැල්මෙන් මගෙ දිහා බලාගෙන හිටියා. මගෙ හිතේ තියන විශ්වාසෙත් වැඩිවෙනවා එයා එහෙම බලන් ඉද්දි.

රෑ පානේ තරුවක් දිස් වෙන්නේ

නුබ කෝ කියා ඇසුවා එදා

මා ගාවිත් තනියයි වැලපෙන්නේ

කදුලින් සදා මල් දම් ගොතා

හිරි වැටුනු සද සේයා නිදි මරපූ රෑ මා හා

තනිවෙන්න හදවත් දැන් හිගයි

කෝරස් එක කියන්න කලින් ආයෙම මගෙ ඇස් ලවන්ගෙ ඇස් එක්ක සමාන්තර වුණා. මම දන්නවා...මට මේ දැනෙන හැඟීම ඒ විදිහටම ලවන්ටත් දැනෙනවා කියලා.

වැහිබිඳු වැටෙනවානම්

සුලගක් සැලෙනවානම්

මොහොතක් තනිවී

විදිමී ආදරේ

ලන්වී ඉන්නෙ මා නම්

රහසක් කියනවානම්

මොහොතක් තනිවී

සොයමී ආදරේ

මට ආයෙම ලවන්ගෙ ඇස් මඟෑරුනත් අන්තිම මොහොතෙ මම දැක්කා ලවන් බිම බලාගන්නවත් එක්කම සිතුම්ය එයාගෙ උරහිසට තට්ටු කරනවා. ලවන්...ඒ මම හිතන දේ නෙවෙයි නේද? ඔයාට මේ වචන කඳුලු වලින් දරාගන්න තරම් දෙයක්ද? ආයෙමත් මගෙ පපුව හිරිවැටෙනවා මට දැනුණා.

මනලෝල රංග සේනා

හදේ සියුම්ව දාරා

නැවතිලා නැවතිලා නේ

නුබ රහසෙ කියන ගීතා

සෙමින් ඇසෙන්නෙ මාත්‍රා

පැටලිලා පැටලිලා නේ

හිරි වැටුනු සද සේයා නිදි මරපූ රෑ මා හා

තනිවෙන්න හදවත් දැන් හිගයි

වැහිබිඳු වැටෙනවානම්

සුලගක් සැලෙනවානම්

මොහොතක් තනිවී

විදිමී ආදරේ

ලන්වී ඉන්නෙ මා නම්

රහසක් කියනවානම්

මොහොතක් තනිවී

සොයමී ආදරේ

මම අන්තිම ටිකත් කියලා ක්‍රවුඩ් එකට බෝ කරද්දි ආයෙම අපෙ ඇස් හම්බුණා. අපි දෙන්නගෙ ඇස් අතර වුණු කතාව, ඊයෙ වැව රවුමෙදි කිසිම වචනයක් නොකියා අපි දෙන්නා අතර ඇතිවුණු කතාව තරම්ම ලස්සනට මට ඒක දැනුණා. අපි දෙන්නගෙම හිතේ තියන දේවල් ගැන මට ආයෙ ආයෙත් විශ්වාසයක් ඇතිවුණා. ලවන්...ඔයත් මට ආදරෙයි නේද...?

ඉතිරි පැය බාගෙ ඇතුළත එදා දවසෙ මට තිබුණ වැඩ ඉවර වුණා. මම ස්ටේජ් එක අස් කරන්න උදව් වෙලා, ක්‍රවුඩ් එකේ කීපදෙනෙක් එක්ක කතා කරලා, සල්ලිත් අරන් කෙල්ලො දෙන්නවත් ගෙදරට පිටත් කරලා ෆෝන් එක බලද්දි ලවන්ගෙන් මැසේජ් එකක් ඇවිත් තිබ්බා එයා පාකින් එකට යනවා කියලා.

මමත් හැමදේම ඉවර කරලා ගිටාර් එකත් කරේ දාගෙන පාකින් එක පැත්තට ගියා. ඒ වෙලේ ලාවට පොද වැස්සක් පටන් අරන් තිබ්බෙ...මං ගාව කුඩයක්වත් තිබ්බෙ නෑ. හුළඟින් බේරෙන්න අත ඉස්සරහට ගත්ත මම ලවන් ගාවට දුවගෙන ගියා. එයා හිටියෙ කාර් එක ගාව. පින්නෙන් බේරෙන්න එයාටත් වුවමනාවක් නෑ වගේ.

ඒ වෙලාවෙ අපි දෙන්නගෙ ඇස් මුණ ගැහෙද්දි දැනුණ ෆීලින් එක අනිත් හැම වෙලාවටම වඩා විශේෂයි කියලා මට හිතුණා.

"ලස්සනයි..."

විනාඩි ගාණක්ම මගෙ දිහා බලන් හිටපු ලවන් කියද්දි මම හිනාවුණා.

"ඔයා...ගෙදර යන්නද?"

ලවන් ඇහුවෙ අවිනිශ්චිතව වගේ.

"ම්ම්...පික්මී එකක් දාගන්න ඕනෙ. ඔයා යන්නද?"

"ඒ මොකද පික්මී එකක්? බයික් එකේ නේද වෙනදා එන්නෙ?"

ලවන් අහද්දි මම ගොනා සේ හිනාවෙලා බිම බලාගත්තා. ලවන්ටත් ඒකට හිනා ගිහින් මගෙ අතින් අල්ලගත්තා. තේරුණා මං හිතන්නෙ.

"විදුර්..."

"ම්ම්..."

"ඔයාට පේනවද...වැහිබිඳු වැටෙනවා?"

ලවන් ඒක අහපු විදිහට මට යන්තම් හිනාගියත් මම ඔව් කියන්න ඔලුව වැනුවා.

"ආයෙ...මේ හුළගත්?"

"ම්ම්...ඔව්."

"ඉතින්...මොහොතක් තනිවෙන්න කැමතිද?"

-------------

හනේ.....ඇයි මට හැම චැප්ටර් එකක් අවසානෙම අවුල් කියලා හිතෙන්නෙ 😫😫

කොහොමහරි...දේවල් ටිකක් තියනවා කියන්න.

මගෙ පොඩි ගතියක් තියනවා රීඩර්ව වටේ යවන්න කැමති. Destiny, Moonlight, Miss You කියවලා තියනවනම් ඒක දන්නවනෙ 😁 අතරමඟ නැවතුනත් Light in the Darkness එකේ තියෙන්න තිබ්බෙත් එහෙම ප්ලොට් එකක්.

ඉතින් මේකටත් ඒ ගතිය පොඩ්ඩක් ඇවිත් තියෙන්නෙ. වටේ යැවෙනවා වැඩි වගේනම් කියන්න මම obvious hints ටිකක් දෙන්නම්.

මුකුත්ම තේරෙන්නැත්තම් කතාවෙ ටැග්ස් ටික බලන්න අනේ ඒ වැඩේ ලේසිනෙ 😮‍💨

ආහ් ආයෙ කතාව යන වේගෙ අඩුද වැඩිද කියලත් කියන්න 🙂

අනිත් එක මේ ලස්සන කවර් එක හදලා දුන්නෙ kaviandVantae තෑන්ක්ස් හොඳේ 🥹❤️ ආදරෙයි.

Share This Chapter