Back
/ 27
Chapter 1

💙මුල් දිනය

සුසුම්.

[ සෙනුලි pov]

අලුත් දවසක්,අලුත් උදෑසනක් වගේම අද මට ජීවිතේ විශේෂ දිනයක්. අවුරුදු 6 ක්ම ඉදපු ඉස්කෝලෙන් මාව නගරෙ ප්‍රසිද්ධ බාලිකා පාසලකට දාන්න මගේ දෙමව්පියො තීරණය කරා.

මම! සෙනුලි හසන්යා කරුණාරත්න.

අවුරුදු 13 ක් වෙච්ච මන් හැදුනෙ වැඩුණෙ නුවර. අම්මා තාත්තා අක්කා මගේ පවුලෙ අය වෙනකොට මන් තමා ගෙදර බාලයා වුණේ. පවුලෙ හුරතලා වගේම ගෙදර කොලු පැටියෙක් නැති එකේ අඩුව ගෙදර අයට මන් දැනෙන්න නොදුන්නා. මොකද අක්කා එක්ක බලද්දි මන් සම්පූර්ණයෙන් වෙනස් චරිතයක් වුණා. අක්කා මට වඩා අවුරුදු 3 ක් වැඩිමහල් වුණා වගේම එයා හරිම සන්සුන් ලැජ්ජාශීලි චරිතයක් වුණා. ඒ අතරින් මන් දගකාර කටකාර පොඩි කෙලි පැටියෙක් වුණා.අක්කා දැන් ඉගෙන ගන්නෙ මාව අලුතෙන් දාන්න යන ඉස්කෝලෙමයි. මන් කලින් ගියේ සාමාන්‍ය මිශ්‍ර පාසලකට වෙද්දි ඒ ඉස්කෝලෙ මන් හරි ප්‍රසිද්ධ චරිතයක් වුණා. මන් කා එක්කත් මිත්‍රශීලී වුණා වගේම අවංක හදවතක් තියන කෙනෙක් මන්.හුම්!

අම්මා තාත්තා එක්ක සමගියෙන් හිටිය අපි සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුලක් විදිහට සතුටෙන් හිටියා. තාත්තා හොදට ඉගෙනගත්ත හොද ඉංජිනේරුවරයෙක් වගේම අම්මා මගදි ගුරු වෘත්තිය අත ඇරියෙ මායි අක්කයි වෙනුවෙන් කියද්දි මටනම් එන්නෙ අම්මා ගැන ලොකු ආදරයක්. ආදරය එලියට පෙන්නන්න මන් අකමැති වුණත් පුලුවන් හැම වෙලාවෙම අම්මට තාත්තට උදව් වෙන එක මගේ පුරුද්දක්. අක්කනම් ඉතිම් ඉන්නෙම වාසියට තමා හ්අ!කමක් නෑ මගේ අක්කනෙ....

..............

"කෝ සෙනූ!....ටයි එක දාන්න එන්න"

උදේම නැගිට්ට මන් ඉක්මනට මූණත් හෝදන් ලෑස්ති වෙන්නෙ අද තමා අලුත් ඉස්කෝලෙට යන පලවෙනි දවස.අම්මානම් උදෙන්ම නැගිටලා කෑමත් හදල ඉවරයි. ඔය කතා කරන්නෙ ටයි එක දාන්න. මන් ටයි දාන්න දන්නෑ අනේ. කලින් ඉස්කෝලෙ ටයි තිබ්බෙ නෑනෙ. කොටු කරනෙ තිබ්බෙ.හුම්!

"එනවා අම්මා..."

"ආහ්...ඔය ඉන්නෙ හැඩට අලුත් uniform එකට. ඕකෙ කුණු ගාගන්නවා එහෙම නෙවේ"

"හා...හා...බඩගිනියි කවන්නකො "

"ඉන්න ඉන්න...දැන් පාඩම් කරලද ඉන්නෙ? Exam එකටමනෙ යන්නෙ දරුවො?"

මාව ඒ ඉස්කෝලෙට ගන්න දවසෙම වාර විභාගෙ වැටිලා තිබ්බෙ. මන් හිතන්නේ exam එකෙන් බාගයක් ගියාම තමා මට ලියන්න වෙන්නෙ. කමක් නෑ. පලවෙනි වාරෙනෙ තාම.කෝකටත් කියල මන් පාඩම් කර ගත්තා. මොකද ඉතින් ගියපු ගමන් නෝන්ඩි වෙන්න බෑනෙ. නම්බුව තියා ගන්න එපැයි.කලින් ඉස්කෝලෙ හැමදාම පළවෙනියා වුණ එක්කෙනාගෙ තත්වෙටත් හරි නෑ නැත්තන්.

"...පාඩම් නම් කරා..එකපාර එහෙ exam එකකට ලියද්දි කොහොම වෙයිද දන්නෑ "

"නෑනෑ..එහෙම අමාරු වෙන්නෑ...ඕක ලියලා දාන්න...කෝ කට අරින්න"

"කවී කෝ ඔයත් කට අරින්න"

ඔව් ඔව් ඔය ඉන්නෙ මල වදේ..අක්කා තමා. නම සහස්ම් කවින්දයා වුණාට ගෙදරට කවී...මන්නම් ඉතින් නම නෙවේනෙ කියන්නෙ. "ඒයි" කියල තමා කියන්නෙ....

අන්තිමට අන්තිමට කොහොමහරි කාලා කොණ්ඩෙත් පීරලා කාර් එකට නැග්ගෙ යන්න ලෑස්ති වෙලා. උදේම තාත්තත් office යන නිසා අපිවත් ඇරලවල තමා යන්නෙ.

ඉස්කෝලෙ ලගට ලං වෙද්දි බයක් නොදැනුණාමත් නෙවේ. අලුත් පරිසරයක්, අලුත් යාලුවො, අලුත් ගුරුවරු, මේ හැම දේටම එකපාර හුරුවෙන්න මට බැරිවෙයි.ඒත් මේක හොද අත්දැකීමක් කරන් ඒකට මුහුණදෙනවා කියල මන් යටි හිතින් හිතා ගෙන ඉස්කෝලෙට අඩිය තිබ්බා. මන් එක්ක තාත්තත් ආවෙ මාව භාර දීලා යන්න.

"ආහ්...මේ ලමයා වෙන්නැති අර අලුත් ලමයා"

ඉස්කෝලෙ කොරිඩෝවක් දිගේ ඇවිදන් ආවෙ ලොකු hall එකකට. දෙයියනේ මන් ඇවිත් තියෙන්නෙ පරක්කු වෙලානෙ. ලමයි මීක් සද්දයක් නෑ exam ලියනවා.මට දාඩියකුත් දැම්මා එවෙලෙනම්. තාත්තා මාව පහල office එකෙන්ම මාව භාරදීලා class teacher එක්කම මාව පන්තියට එව්වා.අක්කත් කලින්ම ගියේ වෙලා යන නිසා.එතන වැඩ ඉවර වෙද්දි ම ඉතින් පරක්කු නොවී තියෙයි ඈ.

"දුව..සෙනුලි නේද?"

"අහ්...ඔව් මැඩම්"

"අතන desk එකට යන්නකො. දැන් ටිකකට කලින් exam පටන් ගත්තෙ. මන් paper එක දෙන්නම්"

"හ්ආ...මැඩම්"

මන් ඉතින් ඔලුවත් වනලා කියපු desk එක පැත්තට ගියා. යකෝ ඒක hall එකේ මැදම දැම්මෙ මොන මගුලකටද. දැන් ඉතින් මැදින් පලයන්කො. ලැජ්ජාවෙ බෑ.

ඇයි අප්පා මේ ලමයි කන්න වගේ බලන්නෙ. පාඩුවෙ paper එක ලියපන්කො වද නොදී. ඇයි මන් මහරැජින ඈ. ඔච්චර බලන්න.

හීන් දාඩිය දදා වටේ ඉන්න එවුන්ටත් බැන බැන ම පුටුවෙන් ඉදගත්තෙ desk එක දිහා බලාගෙනමයි. වටේ බලන්න බෑ. ලැජ්ජයි.ලමයි මන් දිහා කන්න වගේ බලන් ඉන්නවනේ. හුම්!

"ආ පුතේ.."

එතන හිටපු මැඩම් මට paper එක දීලා හිනා වුණාම මමත් ඒක අරන් හිනා වෙලා desk එකට මූණ ඔබා ගත්තෙ ආයේ උඩ බලන්න හිතා ගෙනනම් නෙවේ. එහෙන්ම paper එක ලියන්න ගත්තට මොකද නින්දකුත් දැම්ම ඉතින්.

.

.

.

.

.

Paper එක ඉවර වෙලා දැන් ටිකක් වෙලා. Interval එකට ලමයි හරි හරියට කල්ලි ගැහිලා කතාව. ඔව් ඉතින්. ගෑනුණෙ. කයිය කිව්වොත් වෙන මොනවද?....

මන් නම් හිටියෙ ටිකක් අපහසුවෙන්. මන් අදුරන කවුරුත් නැති නිසා මන් වට පිට බැලුවෙ කවුරුහරි එක්ක කතා කරලා යාලු වෙන්න. මට පිටිපස්සෙන් හිටය ගෑණු ලමයනම් හොදයි වගේ...

"..හායි..."

මන් හිනා වුණාම එයත් මුකුත්ම නොකියා හිනා වුණා. ඇයි යකෝ හායි කිව්වම කට ඇද වෙනවද...

"මන්..සෙනුලි!..කොහොමද ඉතින්"

"ආහ්...මන් සේමිණී.."

ආහ්..ඔය කතා කරේ. මගේ guess එක හරි.මෙයා හොද ලමයෙක්.

"...හී....ඔයා තනියෙන්ද ඉන්නෙ.."

මදැයි ඉස්සෙල්ලම අහපු එක.

"ඉන්නවා ඉතින්..වැඩිය කතාකරන්නෑ හලෝ"

"...ම්...අපි එකට කමුද?"

"හා"

මන් එයාගෙ පැත්තට පුටුවත් හරවගෙන එයා එක්කම එකට කෑවා.මන් ඉතින් වට පිට බැලුවෙ තව කවුරුහරි එක්ක set වෙන්න.

එතකොටම කවුද තව ලමයෙක් මන් ගාවට ඇවිත් මා එක්ක කතා කරා.

"ඔයාගෙ නම මොකක්ද ඒ?"

"...අහ්...සෙනුලි"

"ඔයා කොහෙ ඉදන්ද ඒ ආවෙ?"

මොන මගුලක්ද ඒ ඇහුවෙ.එයාට මොකටද මන් කොහෙන් ආවත්.

"ගෙදර ඉදන් ආවෙ"

"අයියෝ...නෑ ඒ..කලින් ඉස්කෝලෙ?"

"අහ්....^@(#<#<*&%*&_"

ඒක කිව්වත් හරි එයාගෙ මූණ බෙරි වෙලා ගියා. ඇයි මට වෙනස්කම් කරන්නද දන්නෑ.හ්අ..එව්වා කොහෙද මාත් එක්ක.

"එහෙ ඔයා කීවෙනියද ඒ?"

හරි හරි දැන්නෙ මට තේරෙන්නෙ මේ මොකටද එන්න හදන්නෙ කියලා.

"පලවෙනියා "

කියපු ගමන් ඇසුත් උඩ ගියාද කොහෙද. මට ඉතින් හිනා. ආපු ගමන් අහන ඒවා යකෝ. ලේසි වෙන්නෑ පුතෝ...

"ආහ්..එහෙමද..මන් තමා මෙහේ පළවෙනියා හොදේ"

මගේ නලල ඉබේටම රැලි වුණේ ඒ කියපු කතාවට. ඉතිම් මට පාන්ද අහන්නත් හිතුනා. ඒත් ඉස්සෙල්ලම දවසෙ හතුරො ඇති කරගන්නෙ මොකටද කියල කට වහන් හිටිය ඉතින්.

.

.

.

.

.

.

ඉස්සෙල්ලම දවස නිසා විශේෂ මුකුත් නොවුණත් ගොඩක් යාලුවොනම් අදුරගන්න පුලුවන් වුණා.

ඒ වගේම කට්ටියගෙ ආකර්ෂණයත් මට නොඅඩුවම ලැබුණා.

......................................................................

Exam ඉවර වෙලා කට්ටිය දැන් සෙල්ලම් කරනවා. මාත් ඉතින් ඔය වගේ නිදහස් වැඩවලට පණ ඇරලා. එදා අවුරුදු උත්සවේට ලමයි අනම් මනම් පුරුදු වෙන ගමන් හිටියෙ. Exam තිබ්බ hall එකේ දැන් බොර්ඩ් ගහලා පන්ති වෙන් කරලා. මන් හිටියේ A පන්තියෙ. මන් ඉතින් සේමිණී එක්ක තමා වැඩිපුරම හිටියෙ. අනික් අයට හිනා වෙනවා විතරයි.

ඒ අතරේ කවුද ලමයෙක් ඇවිත් මට කතා කරා. එයා කලුයි. මට වඩා කොටයි. හැබැයි කැත නෑ.. ලස්සනයි...

එයා කිව්වෙනම් එයාගෙ නම හිරුෂි කියලා. එයාගෙ තව යාලුවො තුන් දෙනෙක් එයා එක්ක හිටියා. තව සේමිණී කිව්වා එයා තමා පන්තියෙ දෙවෙනියා කියලා.අනිත් යාලුවො ගැනනම් මන් ඇහුවෙ නෑ .ඉතින් වැඩක් නෑ කියල හිතුණ නිසා.මන් ඉතින් ඔය විස්තරත් අහ අහ සේමිණී එක්ක හොදට කයිය ගහන්න පුරුදු වුණා.

සේමිණී මාත් එක්ක හොදට fit වුණා. අපි එකට library එහෙම ගිහින් කාලා බීලා සතුටෙන් හිටියා. එයානම් පන්තියෙ වෙන කා එක්කවත් ලොකු කතාවක් නම් නෑ. මන්නම් ඉතින් අහු වෙන අහුවෙන එකා එක්ක කයිය ගහන්න යනවා..

.

.

.

.

.

.

.

"අඩෝ අද මාර වැඩක් වුණානේ"

මන් හැමදාම වගේ ඉස්කෝලෙට අදත් පරක්කුවෙලා ආවෙ.එනකොට පලවෙනි පීරියඩ් එකත් ඉවරයි. උදේට නැගිටිනව ඇරෙන්න වෙන ඕන එකක්...

පීරියඩ් එක ඉවර වුණා විතරයි හිරුෂි ඇවිත් මට කතා කරා.

"මොකද  වුණේ?"

"අද උදේ මැඩම් උගන්නද්දි මායි මහීෂයි washroom යන්න නැගිටිද්දී මහීෂගේ ගවුමෙන් බාගයක් ලේ...හයියෝ මන්දන්නෑ...ඒ මුලු පන්තිය මැද්දෙම..."

මේ වයසට ඉතින් ඔය වගේ seen හරියට හිතනවා ඉතින්...මහ ලොකු දෙයකුත් නෙවේ ඉතින්..පුදුම උණා වගේ රගපාමු.

"ආහ්...ඉතින් ඊට පස්සෙ?"

"මන් ඉතින් ඇදගෙන ගියා ගිහින් සබන් කෑල්ලකුත් අරන් දුන්නා..යකෝ ඒකිට ඒක ගාගන්නත්  බෑ එතන යකා නැටුවා"

මෙයා මේ කියන මහීෂෙක් ගැනනම් මන් දන්නෑ. හැබැයි කියපු කතාවටනම් හිනා නොගියමත් නෙවේ..

"කවුද හලො මහීෂා?"

මන් හිරුෂිගෙන් ඇහුවම එයා කෙනෙක්ව පෙන්නුවා. එයා ඉන්න desk පෝලිමේම ලමයි තුන් දෙනෙක් හිටියා. ඒකෙම වම් පැත්තෙ හිටිය කෙනාට ඇගිල්ල දික් කරලා පෙන්නුවෙ පාඩුවෙ වැඩක් කරන් ඉන්න කෙල්ලෙක්ව.

"අහ්..එයාද?"

"හ්ම්...මගේ යාලුවො තුන්දෙනා අදුන්වලා දෙන්නද...මැද ඉන්නෙ ලාවන්යා. අපි කියන්නෙ ලවණි කියලා. අනිත් කොට එකී ගීතා..."

යකාගෙ නම්නෙ මේවා. මට තනියම හිනා ඉතින්..

ඒ එක්කම මහීෂා නම් හිමීට අපේ පැත්ත හැරිලා ඇස් යටින් මන් දිහා බලනවා මන් දැක්කා. යකෝ තියන හොරකම. මූණට ඇවිත් කතා කරාම ඇගෙන් ඇටයක් යනවද මන් අහන්නේ..කෙල්ලනම් ලස්සනයි.හැබැයි ලොකු ලා.....ස්සනක්නම් නෑ..කොණ්ඩෙ දිගයි. සුදුයි. හැබැයි මන් තරම්නම් නෑ.උරහිස් දෙකත් අකුලන් ඉන්න විදිහ විතරක් හොරෙක් වගේ..හ්අ...

"ආහ්...මන් වෙලාවක කතා කරන්නම්කො "

මන් ඉතින් කට කොනින් හිනා වෙලා හිරුෂිට කිව්වම හිරුෂිත් හිනා වෙලා ඉන්න තැනට ගියා.

ඉස්කෝලෙ දේවල් පොඩ්ඩ පොඩ්ඩ දැන් මට හුරු විගෙන එනවා නිසා හිතට සහනයයි.

Wash එකක් දාගෙන අද ඉස්කෝලෙදි වුණ දේවල් මතක් කර කර තනියම හිනා වුණ මම නින්ද යනකනුත් දන්නෑ.

......................................................................

Hi...මේ කතාව ටිකක් වෙනස් විදිහෙ Gl එකක්.

Based on a true story....🙂

First
Next

Share This Chapter