Back
/ 27
Chapter 2

💙වෙන්වීම

සුසුම්.

අවුරුද්දකුත් ගෙවිලා ගියා.මන් දැන් 8 හරිද!

මේ කාලෙ වෙනකොට මට ගොඩක් යාලුවෝ හම්බුණා. එයාලත් මට දැන් හරි කැමතියි.අපි එකට සෙල්ලම් කරා. හිනා වුණා...හැබැයි එක්කනෙක් ඇරෙන්න.අර එදා පෙන්නපු මහීෂා කියන එකීනම් මහ ඔලුවෙන් ඉන්නෙ.මට අද වෙනතුරු කතා කරේ නෑනෙ.හැබැයි එයාගෙ අනිත් අයනම් හරි හොදයි.එයාලනම් කියන්නෙ එයා මට ඉරිසියයි කියලා. මන් හැමදාම අලුත් bag  අලුත් පර්ස් අනම් මනම් ගේන නිසා පන්තියෙ අය මට හරි හරියට පණ ඇරලා.හැබැයි මහීෂනම් ඒකට කැමති බවක් පෙනුණෙ නෑ.එයා හිටියේ හැමතිස්සෙම මට against එකට වගේ.යකෝ මන් මොන වරදක් කරාටද?

අලුත් වාරේ පටන් ගනිද්දිම හිතා ගන්න බැරි දෙයක් තමා වුණේ.

"හලෝ...අපි ඔයාලා ගාවට එන්නද?"

මායි සේමිණියි අපිට set වුණ තව කල්පනී කියන ලමයයි ගාවට ඇවිත් හිරුෂි තමා එහෙම ඇහුවෙ?

"..ආහ්...අපිට desk තුනයිනෙ තියෙන්නෙ"

"කමක් නෑ ඔයාලා අපේ එකට එන්න..මහීෂා දැන් අපේ එකේ නෙවේ"

ඇහ්...මේ මොකද මේ වෙන්නෙ?මහීෂා එයාලා එක්ක නෙවේ...ඇයි ඒ...

"ඇයි අනේ ඒ?"

"එයා හරි නරකයි අනේ...අපි එයාගෙන් ඈත් වුණා...එයා සිතුමිණීලා එක්ක ඉදි අපි ඉමු එකට"

"නරකයි කිව්වෙ?"

"එයා අපිව පාලනය කරන්න එනවා හලො...ලොක්කා කියල හිතන් ඉන්නෙ.අපිටනම් බෑ එයත් එක්ක ඉන්න.එපා වෙලා හිටියෙ"

පාලනය කරන්න එනවා...ඒත් එහෙම කියල කලින් ඉදන් හිටපු යාලුවව අත්රින්න පුලුවන්ද මෙයාලට...එතකොට එයා තනි වෙනවනේ...අනේ මේ...එයා ඉදියි...කට පියන් ඉන්නවා..

මටත් හිතෙන දේවල්...

"හා..කැමැත්තක්...අපි එන්නම්"

මන් එහෙම කිව්වට සේමිණීනම් ලොකු කැමැත්තක් නෑ වගේ..

කොහොමෙන් කොහොමහරි මන් හිරුෂිලා එක්ක පට්ට විදිහට set වුණා. එහෙමයි කියල සේමිණි මගහැරියෙ නෑ. ඉස්සර වගේම අපි එකට library යන්න අමතක කරේ නෑ.

මන් හිරුෂිලා එක්ක හිනා වෙවී පිස්සුනටද්දි මහීෂයි අර සිතුමිණි නම් කරේම මට ඔරවපු එක. යකෝ මන් මොනා කරාටද මට ඔරවන්නෙ...

මොකක්හරි විශේශ අවස්ථාවක මට විරාද්ධවම වැඩ කරන්න මහීෂයි සිතුමිණි යි අමතක කරේ නෑ.මට ඉතින් ඒකට දුක නොහිතුණාම නෙවේ.මටත් හිතා ගන්න බැරි මන් එයාලට කරපු වරද මොකක්ද කියලා.හිරුෂි නම් කියන්නෙම එයා මට ඉරිසියයි කියලා.

අනේ මන්ද මෙව්වා...මොනව වුණත් අද වෙනතුරු නම් මන් මහීෂට වචන දෙකක්වත් කතා කරල නෑ...හැබැයි ඇස්වලින්නම් ඕනතරම් සන්නිවේදනය කෙරෙනවා.මට තේරෙනවා එයා මා දිහා බලන බව.ඇස් කොනින් හොරෙන් බැලුවත් මට පේනව හරිත.....රවනවද මන්ද මොනව වුණත් ඒ බැල්ම මට තේරුම් ගන්න බෑ...ඒක හිස් බැල්ලමක්. රැවීමකුත් නෙවෙයි..

මායි හිරුෂියි ගීතා ලවණි කට්ටිය මේ වෙනකොට මුලු section එකේම ප්‍රසිද්ධ set එකක්.මොකද ඉතින් කොයි වෙලේ බැලුවත් හිනා වෙවී එක්කො කුචි කවාගන්නවා එක්කො බෙර ගහනවා...මැඩම්ලත් හැමතිස්සෙම බනිනවා. මදැයි ඉදල ඉදල ඉස්කෝලෙකට ඇවිල්ලා මගේ නම්බුවත් left.

ඒත් ඒ විදිහ හරි ජොලි.මටම හරියන set එකක් හම්බෙන්න ඉතින් පින තියෙන්න එපෑ. හිරුෂි වුණත් මාත් එක්ක set වෙන්න කලින් පාඩුවෙ ඉදපු කෙනෙක්.මන් තමා ඔක්කොමලා නරක් කරල තියෙන්නෙ බලන් ගියාම..හ්ආ..

එහෙම තමා මා එක්ක ඉන්නවනම් මගේ විදිහට ඉන්න වෙනවා!

අදත් සුපුරුදු විදිහට කොරිඩෝවෙ දිගේ marco polo කරකර අපි හිටියේ. තව එතන තියන පඩිපෙළ දිගේ රූටන්නත් අපි අමතක කරේ නෑ.

"අඩෝ ඒක මරු නේ...අදත් history period එක කට් කරමුකො බන්"

ඔන්න ඉතින් මගෝඩි අදහස් දෙන්න පටන් ගත්තා. ඔව් ඔව් මන් තමයි. History කිව්වොත් මට වමනෙ යනවා.ඒ මදිවට ඒ මැඩම්...අප්පෝ මහ වයසයි අප්පා. කම්මැලි එයා උගන්නද්දි. නින්දත් ගිහින් කෙල පෙරෙනකම් දන්නෑ.

දැන් දවස් දෙකක් විතර මායි හිරුෂියි ඕක කට් කරල canteen එකෙන් කනවා. අනික් එවුන් නම් එන්න කැමති නෑ. උන් ඉතින් බයයි. අහු වුණොත් කියලා.ඒත් මේ සෙනුලි ඕවට බය වෙනවද නෑනෙ නෑනෙ. මාත් ඉතින් හිරුෂිව ඇදන් යනවා.ඕකිත් ඉතින් මන් එක්ක මැරෙන්න වුණත් එයි. දැන් ඒ තරම් අපි set.අදත් ඒ වගේම තමා.

"මේ බන්...අර සිතුමිණි දන්නවද?"

"ඇයි?"

"ඒකියි අර නිමේෂයි මෙව්වා එකක් තියනවලු නේ බන්"

මොකක්! මෙව්වා එකක් කිව්වෙ.මන් ඒ කාලෙ ඔය දේවල් කිසි දෙයක් දැනන් හිටියෙ නෑ. බාලිකා පාසලකට යන මුල් වතාවනෙ. ඕවගැන අත්දැකීම් නෑ ඉතින් මට.

"ඒ කිව්වෙ?"

"ආරංචි වුණා බන්. නිමේෂා ඒකිගෙ ලේස් හිටන් ගැට ගහනවලු. කොහේ ගියත් එකටමලු."

යකෝ ඉතින් ඒකෙ වැරැද්ද මොකක්ද?මටනම් ඕවා ඇත්තම කිව්වොත් magic වගේ වුණා. බොරු කියන්න ඕන්නෑනෙ.මෙයාලා මේ කියන මෙව්වා එක මන් දන්නෑ.මන් ඒවා ගැන කිසිම දවසක අහලා තිබ්බෙත් නෑ.අනික ඒ දෙන්නා හොද යාලුවො කියලනම් දන්නවා.

"ඇයි බන් ඉතින් ඒකෙ වැරැද්ද මොකක්ද?"

"හරි හරි බන්...මන් දන්නෑ ඔව්වා..යමන් දැන් counselling මැඩම් එයි."

අපිට වෙනම උපදේශන peroid එකක් තිබ්බා.ලමයි නොමග යන එක මැඩ පවත්තන්නලු.....!මැඩම් එනවා මොනවද මොනවද කියනවා අපිත් ඉතින් අහන් ඉන්නවා. හැබැයි අනිත් පීරියඩ් වලට වඩා මේක ජොලි. මොකද ඉතින් ඕපදූපනෙ කියවන්නෙ.

"ලමයි ඔය සමහර ඉස්කෝලවල ගෑනු ලමයි ගෑනු ලමයි සම්බන්ද තියනවා හරිද"

ඔන්න ඉතින් මගේ කුතුහලේ තවත් වැඩි වෙනවා. මේ ගෑනුන්ට කියන්න වෙන මුකුත් ඇත්තෙම නැද්ද. මේ වගේ දේවල් කියල මොනවද බලාපොරොත්තු වෙන්නෙ?

Counselling මැඩම් කියපු දේවල් මන් ගෙදර ඇවිතුත් කල්පනා කරා. මොකද මට දැන් අමුත්තක් දැනෙන නිසා. මට ඕනෙ වුණා ඒ දේවල් ගැන හොයන්න. ඒත් කොහොමද. මට phone එකක්වත් තියන එකක් ඈ. ඕන්න ඔහේ ඉස්කෝලෙ ලමයින්ගෙන්වත් අහ ගන්නවා.

මන් හිරුෂිගෙන් දේවල් අහ ගත්තා. එයා කිව්වෙනම් එහෙම දේවල් මේ ඉස්කෝලෙත් තියනවා කියලා. ඒ වගේම එයා කියපු තව කටකතාවක් මගේ අවධානය හොදින්ම ලබා ගත්තා.

"මහීෂා ඕලෙවල් කරන අක්කා කෙනෙක්ගෙ පස්සෙන් යනව බන්."

"...ඈහ්...?"

"ඔව්. එයා ඒ අක්කා ඉස්කෝලෙන් යනකන් එහෙම බලන් ඉන්නවලු. උදේට එනකන් බලන් ඉන්නවලු"

මේ ඔක්කොම කට කතා. මන් ඇස් දෙකෙන් දැකපු දේවල් නෙවේ. ඒත් මන් කියලා මොනා කරන්නද. මට ඇත්තටම පුදුමාකාර විදිහට අමුත්තක් දැනෙන්න ගත්තෙ මේ අලුත් පණිවිඩ නිසා. ඔය කියන විදිහට මේ පන්තියෙ ඉන්නෙ මහ ඕපදූප ඔස්තාර්ල කියලනම් මට තේරුණා.ඒත් මට ඒවා විශ්වාස කරන්න ඕන වුණේ නෑ.

ඉස්කෝලෙ ඉවරවෙලා මායි හිරුෂියි bag එක අස් කරකර හිටියෙ. අපිට පිටි පස්ස පේලියෙ හිටියෙ මිහීෂලා.

"අනේ සෙනුලි...ඔය කුඩේ මාර ලස්සනයි ඒ"

ලවණි එකපාර කෑ ගැහුවෙ මගේ කුඩේ දැකලා. ඒක අපේ තාත්තා china ගිය වෙලේ ගෙනාපු ලස්සන කුඩයක්. ඇත්ත ඒක ලස්සනයි තමා.

මන් ලවණිට හිනා වෙලා එයාට කුඩේ දුන්න බලන්න.හැබැයි ඉතින් එක්කෙනෙක්නම් දාගෙන මට ඔරවනවා. මහීෂා මන් දිහා හොරෙන් බල බල මට ඔරවනවා. අනේ ඉතින් කවද ඉදන්නද ඔහොම මාත් ඉතින් හැගීම් විරහිත බැල්මක් දාලා නිකන් ඉන්නවා.

වෙනදා වගේම දින ටික ගෙවිලා ගියා. මායි හිරුෂියි පන්තියෙ හොදට ඉගෙනගත්ත. අපි දෙන්න අතරෙ ඉගෙනගන්න ලොකු තරගයක් තිබ්බා.

හැබැයි ලවණි ගීතානම් එහෙම උනන්දුවුණේ නෑ. අපි පුලුවන් විදිහට එයාලට උදව් කරනවා.

.

.

.

.

.

.

.

.

8 වසරේ අන්තිම වාරෙත් ඉවර වෙලා නිවාඩු දෙන දවස ආවා. මුලු පන්තියම එක එක කෑම ගෙනල්ලා පන්තිය මැද්දෙන් ලොකු මේසයක් හදලා ඒකෙ කෑම බීම ඔක්කොම තිබ්බා.මාත් ලොකු බීම එකක් ගෙනාවා ඉතින්.

මන් බීම එක තියලා හැරද්දිම මගේ ඇගේ කෙනෙක් හැප්පුණා. මන් හැරෙද්දි තමා දැක්කෙ ඒ මහීෂා කියලා.

"අහ්...s..orry..."

"...හ්ම්..."

එයා මගේ ඇස් දිහා බලල හ්ම් විතරයි කිව්වෙ. ඒත් ඒත් ඒ ඇස්...ඒවා හරි ලස්සනයි..මන් එයාව එච්චර ලගට දැක්ක පලවෙනි වතාව ඒක. මගේ පපුව හයියෙන් ගැහෙන්න ගත්තා.මට හිතා ගන්න බෑ ඇයි එහෙම වෙන්නෙ කියලා. හැබැයි මට තේරුණේ මොකක්හරි වෙනසක් තියනවා කියලා. සමහරවිට එයා මට කතා කරලම නැති නිසා වෙන්නැති.

එතනින් එහාට මහීෂ මාත් එක්ක කතා කරේම නෑ. හැබැයි ඇස්වලින්නම් තේරුණා මන් දිහා බලන බව.ඒත් ඕක මට දැන් පුරුද්දකට ගිහින්. ඒ නිසා ගානක් නෑ.

.

.

.

.

.

.

දැන් අපි 9 වසරේ. කාලය යනවා දැනෙන්නෙ නෑ.මොකද මට මටම ගැලපෙන යාලුවො set එකක් හම්බුන නිසා. මන් හරි සතුටෙන් හිටියා.පලවෙනි වාරෙ අපි trinco trip එක ගියා. අම්මෝ මාර විසයක් අප්පා.මන් හිතන්නෙ මන් එදා තරම් කෑ ගහලා නැතුව ඇති කවදාවත්.

ඒ මොනවා උනත් මැඩම්ලගෙන් බැනුම් අහපු එකනම් නොඅඩුව වුණා.

"මේ....ඔය පෙට්ටිය දෙනවකෝ මට මරු idea එකක් ආවා."

අපි හැමෝම හිටියේ හිස් පීරියඩ් එකක.ලමයි තම තමන්ගෙ කතාවල වැටිලා.මටත් ඉතින් ඉන්න බෑනෙ.කොහෙන්හරි මගෝඩි සිතක් පහල වෙනවමයි. ඔය දැන් ලෑස්තිය සේමිණීගෙ පැන්සල් පෙට්ටියෙ අර පැන්සල් උල් කරන ගැජ මැටික් එකෙන් කොල ගුලි ගහගන්න.

"ඒ අඩෝ ඒක මරු..හ්ආ..."

කොහෙන් ගියත් හිරුෂි නම් මගේ වැඩවලට එකෙන්ම කැමතියි. අම්මෝ ඉතින්...බොක්ක මගේ.

අපි පටන් ගත්ත කොල ගුලි සටන ටිකක් වෙලා යද්දි මුලු පන්තියටම අල්ලල ගියා. දැක්කනේ දැක්කනෙ මේ සෙනුලිම ඉන්නෝනෙ නග්ගල ගන්න.හුම්!

හැබැයි ඉතින් ඒ ආතල් එකේ සැරිසරන්න පුලුවන් වුණේ ටික වෙලාවයි. කොහෙන්දෝ ඉදන් සංසලා කඩා පාත් උනානෙ. ආ සංසලා කියන්නෙ වෙන කවුරුත් නෙවේ අනේ අපේ පන්තිභාර මැඩම්. නම නිසංසලා වුනාට අපි කියන්නෙ සංසලා කියල.

"හානේ! දෙයියනේ මේ මොකද මේ. මුලු පන්තියේම කොල ගුලි!......"

හුස්මත් තද කරන් බෙරිහන් දීගෙන සංසලා එනකොට මුලු පන්තියම මීක් සද්දයක් නැතුව වාඩි වුණා.

"කවුද මේ වැඩේ කරේ...?කවුද කියනවා මේක පටන් ගත්තෙ?"

හැමෝම ගොලු වෙලා. ඔව් ඉතින් මන් පටන් ගත්තට මොකද පන්තියම කැමැත්ත පල කරානෙ.

"කියන්නැද්ද දැන් ආහ්...principal ගාවට යනවද පන්තියම?"

ඈ යකෝ අපි මිනී මරන්න ඈ ගියේ..මේකට ඔච්චර කෑ ගහන්න ඕනද.

"මැ..ඩ..ම්...මේ...සෙනු..ලි..තමා"

හරිනෙ අමාරුව..හරිනේ ....යකෝ මේක මාර පාවා දීමක්නේ...මහනුවර යුගයෙවත් ඔච්චර පාවා දෙන්න නැතුව ඇති..

"ඔව්...මැඩම් මේ හිරුෂිත් හිටියා "

හරිනේ සැපද යකෝ ගෑනුනම් ඔහොම්මයි. මන් කිව්වෙ ඉතින් මාත් ගෑනියෙක් තමා...එහෙම කියලා ඉතින් අපිනම් ඔහොම පාවා දෙනවද මන් අහන්නේ...කටුසු නන්ගිලා හුම්!

"ආහ්...මට හිතුනා. ..හොර අල්ලනකොට...ඉදල ඉදල පටන් ගන්නවා මගුලක්...නැගිටිනව දෙන්නම....මරු ඩබලනෙ එකට set වෙලා ඉන්නෙ"

අපිත් ඉතින් හිමීට නැගිට්ටා..හයියෝ මුලු පන්තියම බලන් ඉන්නවා...චික්!

"එනවා මෙහෙ දෙන්නම...අහුලනවා මේ කොල ගුලි ටික"

සංසලා මිරිකුවා කන...ආයේ කනේ පලු නැති වෙන්නම. අම්ම අප්ප සිහි වුණා යකෝ. ඔහොමත් මිරිකනවද...ඒ අස්සෙන් කොල ගුලිත් අහුලපන්කො. මායි හිරුෂියි desk යට තිබ්බ කොල ගුලි එකින් එක ඇහිදින්න ගත්තා. මේන් ඒ අස්සෙන් අරකි මට හිනා වෙනවා. යකෝ කොහෙ ගියත් මූට ආතල්. ආයෙ මාත් ඉතින් හිනා වෙවී ම කොල ඇහින්දා...කොල ටික ඔක්කොම ඇහිදලා මගෙයි හිරුෂිගෙයි බෑග් එකට දාගත්තා. නැත්තන් ටිකකින් කියයි ඕවා දැන් කාපිය කියලා.

"මුන් දෙන්නවනම් එකට තියලා හරියන්නෑ...තව මොන මොන අඩව් අල්ලයි ද දන්නෑ.මේ හොදට ඉන්න ලමයිත් නරක් කරනවා"

හොදට ඉන්න ලමයි. කවුද දැන් හොදට ඉන්න ලමයි. දැක්කනෙ දැක්කනෙ.අපිටම තමා අරියාදුව. අච්චර අපිව පාවා දුන්න ලමයි හොදයි.අනේ ඉතිම් මන් කියන්නෑ සංසලාට.

පොඩි ලමයි වුණාම සෙල්ලම් කරල නටලා ඉන්න එපෑ. හැම තිස්සෙම පොත් බල බල ඉන්නවට වඩා මටනම් ඒක හොදයි.

"දම්මි! ඔතනින් නැගිටලා හිරුෂි ඉන්න තැනට යනවා. සෙනුලි නැගිටලා දම්මි ඉන්න තැනට යන්න"

හැපෝ...ඕක කරා කියලනම් ඉතින් මගෝඩි වැඩ නවතින්නෑ සංසලෝ...මේ සෙනුලි ඕවට සැලෙයිද. නෑනෙ නෑනෙ.හැබැයි ඉතින් හතර ගාතෙ දාගෙන සැපට පුටුවත් පද්ද පද්ද ඉන්න තිබ්බ මගේ තැන අහිමි වෙන එකටනම් දුකයි. ඔයා හොද නෑ සංසලා හරිද.ඇයි අප්පා!

ඒ මොනව හරි කමක් නෑ...ඒ තැන! මට එහා පැත්තෙන් හිටියෙ වෙන කවුරුත් නෙවේ...මහීෂා! දෙයියනේ මන් කොහොමද අප්පා ඒ මනුස්සයත් එක්ක ඉන්නෙ. මන් ගොලුවෙක් නෙවේනෙ කතා නොකර ඉන්න. ඇයි වදේ.දැන් ඉන්න එපැයි ඔරවන ඒවත් බලාගෙන.

"මොනවද ඔච්චර කල්පනාව...යනවා"

හරි හරි යනවා තමා.මන් තරහෙන් ම ගස්ස ගස්ස පොත් ටිකයි බෑග් එකයි අරන් මහීෂට එහා පැත්තෙන් වාඩි වුණා. හ්අ! මන් නෙවේ එයා දිහා බැලුවෙවත්. තියන ලොකුකමනේ මන් නැවෙයි..එයාට!

මුලු පීරියඩ් එකේම බෙල්ල හරවන් ඉදලා මට දැන් බෙල්ලත් රිදෙනවා. ඇයි ඉතින් මට එහා පැත්තෙ ඉන්න මනුස්සයගෙ මූණ පේන නිසා මන් හිටයෙම බෙල්ල හරවගෙන.හරි අමුතුයි අප්පා. මට හිතා ගන්න බෑ ඇයි කියලා. පන්තියෙ අනික් ලමයි එක්ක වගේ එයා එක්කත් හොදින් කතා කරන්න ඕන වුණාට මට එහෙම කරන්න හයියක් නෑ වගේ. ඒකට හේතුව මන් දන්නෑ.සමහරවිට එයා මට ඔරවන නිසා වෙන්නැති.

ඉන්ටවල් එකට එකට කරන්නවත් නැගිටින්න හිතුනෙ නෑ මට. මන් දන්නෑ ඇයි කියල.ඒත් මට හිතුනා එතන ඉදන්ම කන්න ඕන කියලා.කොහොමත් මට පිටිපස්සෙන්මනේ හිරුෂියා.

මන් හිමීට බත් එක දිග ඇරල කන්න පටන් ගද්දී එයත් කන්න ගත්තා.මන් එයා දිහා බැලුවට එයානම් කෑම එකට මූණ ඔබන් හිටියා.

"ඔයා...ට...ත්...ඕන..ද?"

හපොයි...!ඇහුව නේද.දැන් ඉතින් නෝන්ඩි වෙන්න ලෑස්ති වෙන්න.මන් දන්නෑ මට මොකට එහෙම අහන්න හිතුනද කියල.

එයා මන් දිහා බැලුවා. ඒ ඇස් වලින් ආයෙමත්.දෙයියනේ මට මොකද මොකද වෙනවා වගේ. ඇයි අප්පා මේ....වෙනදා ඔහොම උන්නෑනේ.

"හා..දෙන්න"

ඈ! මෙන්න වැඩක්...මට පුදුම හිතුනා.එයා ඒ කියන්නෙ මට අකමැති නෑ. හුම්! මන් මගේ හැන්දෙන් මගේ කෑම එකේ තිබ්බ එළවලු වලින් පොඩ්ඩ පොඩ්ඩ එයාට දුන්නා. එයා මුකුත් නොකියා බලන් ඉන්න එක විතරක් කරා.අඩුම මටත් ඕනද කියලවත් අහපන්කො. ඒත් නෑ...මහ ලොකුකම අප්පා.මාත් ඉතින් එයාට බෙදලා පාඩුවෙ කන්න ගත්තා.

.

.

.

.

.

ඉස්කෝලෙදි වෙච්ච දේවල්,මට මුල ඉදන්ම ගෙදරදි මැවෙන්න ගද්දි මන් හිතන්නෙ මට වැඩිපුරම මැවුණේ ඒ ඇස්. අනේ මට මොනවද අනේ මේ වෙන්නෙ. එයා ගැනම හිතන්න එයා ඔයාට මොනවද මේ කරල තියෙන්නෙ.සමහරවිට එයා එක්ක කතා කරල යාලු වුණාම ඕක හරි යයි.අපි තරහෙන් වගේ ඉන්න නිසා වෙන්නැති ඔය.

එක එක සිතිවිලි අස්සෙ ගෙදර වැඩත් කරල මන් නින්දට ගියා.

......................................................................

Share This Chapter