Back
/ 27
Chapter 3

🩵දැනීම

සුසුම්.

ඇත්තටම මන් වැඩිපුරම පිස්සු නටපු අවුරුද්දක් තමා ගිය අවුරුද්ද කිව්වොත් හරි. හිරුෂිලා එක්ක එකතු වෙලා pts වලට කේක් හැදුවා,පැල හිටෙව්වා. ඔය මොනවා කරත් බෙර ගහන්නැතුව ඉන්නම බෑනෙ. ඉස්කෝලෙ band එකත් පරාදයි අපි බෙර ගහද්දි. මැඩම්ලටත් දැන් මාවයි හිරුෂියි පේන්න බෑ දාංගලේ කියලා.

මොනවා උනත් මන් ඉගෙනීම නම් අත් ඇර ගත්තෙ නෑ. ගෙදර ගියපු ගමන් තරගෙට පාඩම් කරපු එක විතරමයි කරේ. ඒ දේවල් මතක් වෙද්දිත් ආඩම්බරයි.හැමදාම විභාගෙට ප්‍රශංසනීය ගන්න මායි හිරුෂියි අමතක කරේ නෑ.

.

.

.

කාලය ගෙවෙනවා දැනෙන්නෙ නෑ. අවුරුද්දක්ම ගිහින් දැන් අපි 10 වසරට පය තියනවා. මේ වසර තමා ඇත්තම කිව්වොත් මගේ ජීවිතේ හැරවුම් ලක්ෂය. ක්හ්ම් ක්හ්ම්!!! OL නිසා.හුම්!

"මේ සෙනුලි. අද කලින් යන්න ඕනනේ ඉක්මනට ලෑස්ති වෙන්න පුතේ. අද පන්ති බෙදන නිසා ඉක්මනට යන්න"

අම්මා උදේ පාන්දරම කෑ ගහන්න ගත්තෙ මන් අඩ නින්දෙන් එහෙට මෙහෙට වෙවී ඉන්නකොට. අද තමා අලුත් වාරේ පටන් ගන්න දවස. කලින් හැම අවුරුද්දකම එකට හිටපු යාලුවො මාරු කරල පන්ති බෙදනවා කිව්වා මේ 10 වසරට. මටනම් ලොකුවට අවුලක් තිබ්බෙ නෑ. හැබැයි මන් අවුරුදු ගානක් එකට හිටිය set එක නැති වෙයි කියන බය නම් ලාවට තිබ්බා.

කොහොමින් කොහොමහරි කාලා බීලා ඔක්කොම කරල වෙනදටත් කලියෙන් ඉස්කෝලෙට යාගන්න පුලුවන් වුණා. ඉස්කෝලෙට ගියපු ගමන් මන් කලින් අහ ගත්ත විදිහට 10 සෙක්ෂන් හොයා ගෙන ගියේ කටින් කෙල ගිල ගිල. මොනව වෙයිද මන්ද අප්පා.

මන් එතනට යනකොට එතන එකම යුද්ධයයි. ලමයි පොර කකා මොකක්ද notice එකක් බලනවා. මන් බෙල්ල උස්ස උස්ස බැලුවෙ මෙතන මොකක්ද වෙන්නෙ වගේ හැගීමකින්.

"අඩෝ good morning සෙනුලි!"

හම්මේ ඉතින්. උදෙන්ම දෙයියො දැක්ක වගේ හිරුෂියා කලින්ම ඇවිත්.

"Good morning! මොකක්ද බන් මේ වෙන්නෙ?"

"අහ් බන් මේ පන්ති බෙදල නම් list දාලා බන්. මන් බැලුවා. උඹයි මායි C එකේ ඒ. ගැම්මක්!"

ඒක කිව්වත් හරි මට එතන උඩ පැනලා කෑ ගහන්න හිතුණා. මන් ඒ සතුටට හිරුෂිව ලාවට බදා ගත්තා.

"අඩෝ...මරුනෙ. මන් හිතුවෙ අපිට වෙන් වෙන්න වෙයි කියල. උදේ ඉදන් අවුලෙන් හිටියෙ. දැන් හරි. හේහ්.."

"ඒකනෙ මාත් හිත හිත හිටියෙ තනියෙන් වැටුණොත් වත් ජීවත් වෙන්නෙ කොහොමද කියලා. හ්ආ හ්ආ.."

අපි කරටත් අත දාන් හිනා වෙවී අපිට අයිති පන්තියට යනකොට ඒකෙ ලමයි desk අල්ලන් වාඩි වෙලත් ඉවරයි. මුන් නිකන් පෙරහැර බලන්න ඉඩ අල්ලනවා වගේ කලින්ම ඇවිත් පුටු අල්ලගෙන. ඈ යකෝ දැන් අපි වහලෙද ඉන්නෙ.

"ඒ දැන් කොහෙද බන් අපි ඉන්නෙ. ඉඩ නෑනෙ බල්ලො!"

"ආහ්! ඔව් බන් මන් උදේම ආව නිසා තමා අතන දෙක හරි අල්ල ගත්තෙ. වරෙන් යන්න. නැත්තන් වහලෙ තමා ඉන්න වෙන්නෙ"

හිරාෂි මට වම් පැත්තෙ මැද තැනක් පෙන්නල කියද්දි මන් එහෙට හැරිල බැලුව. ඇත්තටම අපේ ඉස්කෝලෙ ලොකූ ඉඩක් නෑ. ටවුමෙ තියන නිසා ඉඩ ඇහිරිලා. ඒ නිසා පන්තිවලත් හිර වෙලා වගේ තමා හිටියෙ. දැන් අපිට ඉන්න වෙන්නෙ තනි පේලියක මැදට වෙලා.

අපි දෙන්නා එතනට ගිහින් වාඩි වුණා.දෙපැත්තෙ හිටියෙ නම් වැඩිය අදුනන්නැති කට්ටියක්. ඒ නිසා අපි දෙන්නා අපි දෙන්නගෙ කතා වල ගිලීගෙන හිටියා.

මන් පන්තිය වටේට ඇස් ගෙනිච්චෙ මේ පාර ඉන්න ලමයි කවුද බලන්න. එතකොටම මගේ ඇස් නැවතුනේ එකම එක්කෙනා ගාව. මන් බලාපොරොත්තු නොවුණ විදිහට ඒ ඇසුත් මන් දිහා බලන් හිටිය නිසා මන් ඉක්මනින් අහක බලා ගත්තෙ දැනුණ හැගීම වචනෙන් කියන්න බැරි කමට.මට වෙනදට වඩා වේගෙන් හදවත ගැහෙනවා වගේ දැනෙනවා.පොඩ්ඩක් දාඩියත් දාලා.මන් දන්නෑ මට මොනවා වෙනවද කියලා.

මන් ඉතින් හිමීට හිරුෂිට ඇනලා ඈහුවා

"ඒ ...බන්"

"ඇයි?"

"මේ...අර......මහීෂත් ..මේකෙනේ?"

"ම්ම්"

"ම්ම්"

දෙන්නම් ඔච්චරයි. මීක් සද්දයක් නෑ.මොකද මන් අහපු දේ මෙතනට අදාල නෑ තමා. ඒත් මන් දන්නෑ මොන හේතුවකට එහෙම ඇහුවද කියල. ඒක මට ඉබේටම සිද්ද වුණා.

මට ආපු හැම හැගීමක් ම හිර කරනා ලාවට යටි තොල හපා ගෙන බිම බලාගත්තා. මට මොකක්ද මේ වෙන්නෙ.හරිම අමුතුයි.මේ දේවල් මෙහෙම වෙන්න ඕන නෑ.මට හිතුනෙම එහෙම.

උදේම අලුතෙන් ආපු පන්තිභාර මැඩම් එයාව හදුන්වල දුන්න.එයා උගන්නන්නෙ සිංහල. හැබැයි එයාගෙ නම ඇහෙනකොටත් අපි එයාට නමක් පට බැදල ඉවරයි. නම වුනේනම් මොකක්ද මන්ද අන්තිම නම විතරයි මට නෝට් වුණේ.පියරපාන කියන නම හරිම අමුතුයි වගේම කවදාවත් අහලා නෑ. ඉතින් මායි හිරුෂියි හැමදාම වගේ එයාට කියන්න පියරෙ කියන නම හදාගත්තා.

පලවෙනි දවස නම් ශේප් එකේ ගෙවුනා. අවුරුද්ද පුරාවටම තියන වැඩයි කාල සටහන් පොත් ගැන අනම් මනම් තමා කිව්වෙ.

.

.

.

.

.

අලුත් වාරෙ පටන් අරන් සතියක් වගේ යනකොට පියරෙ පන්තියෙ ලමයින්ගෙ පිලිවෙලත් මාරු කරා. හරියටම register එකේ පිලිවෙලට. ඔන්න ඔය වෙලාවට තමා මට යකා නගින්නෙ. ආතල් එකේ ඉන්න තියන අවස්ථාව උදුරගන්න මේ පාසල් ගුරුවරුන්ට තියෙන්නෙ පූදුම උවමනාවක්. ඒ මදිවට මාව වැටුනෙ ඉස්සරහම ඩෙස් දෙකට. මාත් එක්ක තව ලමයෙක්නම් වැටුණා. එයා එක්ක සාම ගිවිසුම් ගහලා අන්තිමට මන් හිරුශිව එතනට ගෙන්න ගත්තා. මොනවා නැතත් මට බොක්ක නැතුව බෑනෙ. ගොන් වැඩක් හරි කරන්න ඉන්නෙ ඒකි විතරයි.

"මේ උඹ අර විචාරෙ පාඩම් කරාද? ක්ලාස් එකේ ඒක තනියම ලියවයි බන්"

"මන් බලා ගත්තා බන්."

"එල එල"

අපිට පිටිපස්සෙන් හිටියෙ කොහෙන් ගියත් පස්සෙන් වැටෙනවා වගේ මහීෂලා. පේලි මාරු වුණ නිසා උන් දැන් අපිට පිටි පස්සෙන්. මායි හිරුශියි ඩෙස් දෙකක නිසා අපි හැමදාම ඉස්සරහ බිත්තියට මූණූ ඔබාගෙන. බෝඩ් එක බලන්නෙත් බෙල්ල හරවල. මොන කරුම ගෙවනවද මන්ද මේ ඉස්කෝලෙ ඇවිත්.

හිරුශියි මායි හම්බෙන හැම free වෙලාවකම කයිය ගහනව ඇරෙන්න ලොකු දැගලිලි තාම පටන් අරන් නෑ.මොකද තාම ඉන්නෙ අලුත් මූණූ. ඒවට පුරුදු වෙන්න ටික කාලයක් ඕන.

ඔය වගේ වෙලාවක තමයි හිරුශිට අදහසක් මතක් වෙලා හොරෙන් හොරෙන් මට කතා කරන්න කනට පාත් වුණේ.

"මේ අහපන්කො. මන් දෙයක් යෝජනා කරන්නම්. හැබැයි උඹ තරහ ගන්න බෑ!"

මේ යකා මොනා කරන්න යනවද කියල හිතන් මන් ඇස් පොඩි කරන්න නලල රැලි කරල හිරුශි දිහා බැලුව.

"හ්ම්..කියපන්කො"

මටත් ඒක දැනගන්න ඕනකම නිසාම කන හද හද ඒ දේ අහන්න ලෑස්ති වුණා.

"මේ....අපි...මේ...."

"යකෝ තටමන්නැතුව කියපන්!"

"හරි හරි කෑනුගහ හිටපන් අනික් අයට ඇහෙයි "

"දැන් මොනවද ඇහෙන්නෙ. කියන දෙයක් කියපන් යකෝ ඉක්මනට"

"අපි මේ...මහීෂලත් එක්ක යාලු වෙමුද?"

"......................."

ඒ කියපු දේට දෙන්න උත්තරයක් මන් ගාව නෑ.ඇත්තටම ඒකට උත්තරයක් මට හිතා ගන්න බෑ. එකපාරට එහෙම දෙයක් හිතුනෙ ඇයි එයාට. අනික් එක යාලු වෙන්න මන් එයා එක්ක තරහ වෙලා හිටියෙත් නෑ. වෙන ප්‍රශ්නයක් වුණේ එයාලා එයාලා අතරෙනෙ. මන් මොකටද ඒවට තරහ ගන්නෙ. මහීෂා මට කැමති නෑ තමයි. එහෙම කියලා මන් එයා එක්ක තරහ වෙන්නවත් මන් එයාට වචන දෙක තුනකට වඩා කතා කරලත් නැතුව ඇති. ඉතින් මේ වගේ දේකදි මන් කොහොමද හැසිරෙන්න ඕන. මට හිතා ගන්න බෑ.අනිත් එක මහීශා දකින දකින ගානෙ මට හදවත් රෝග ලක්ෂණ එන්න ගන්න එක, දාඩිය දාන්න ගන්න එකේ හැමදේටම හේතුව මන් එයා එක්ක තරහ වුණ නිසාද.ඒකත් තමන්ගෙ යාලුවා තරහ නිසා ගත්ත තරහක්ද!

"ඒයි..මොන ලෝකෙද ඉන්නෙ?"

මෙච්චර වෙලා මන් ඉදල තියෙන්නෙ කල්පනා ලෝකෙක කියල දැනගත්තෙ හිරුශි මට වැලමිටෙන් පාරක් ගහද්දි. මන් ගැස්සිලා වේගෙන් ඇස් පිල්ලම් ගහල හිරුශි දිහා බැලුවා.

".....අහ්...ම්..මම"

"උඹට දැන් මන් කියපු දේ ඇහුනද?"

"ආහ්...ඔව්..."

"ඉතින්?"

"ඉතින් කියන්නෙ?"

"ඉතින් කියන්නෙ කිතුල්! මන් ඇහුවෙ උඹ ඒකට කැමතිද කියල"

"මන් දන්නෑ"

"මොනවද දන්නැත්තෙ ?"

"ඇහ්"

"උඹට පිස්සුද එක්කො හා කියපන් නැත්තන් එපා කියපන්"

"ඇයි එහෙම හිතුනෙ එක පාරටම"

"මෙහෙමයි බන්. දැන් අපි තරහ වෙලා අවුරුදු 2 ක් විතරනෙ. අනික ඒකි මගේ එක වසරෙ ඉදන් යාලුවා. මට හිතෙනවා මේ තරහ මරහ අයින් කරල ආයෙ ඉස්සර වගේ හිටියනම් හරි කියලා"

"ඒකත් එහෙමද?"

"හ්ම්...උඹ කැමති නැත්තම් කමක් නෑ"

"ඇයි? මන් අකමැති වෙන්නෙ. ඒක ඔයාලගේ ප්‍රශ්නයක්. ඔයාලම විසදගන්න මාව ගාවගන්න එපා. "

"එහෙම නෙවේ ඉතින්"

"දැන් ඒවා වැඩක් නෑ. දැන් මොකද්ද උඹ කරන්න යන්නෙ. ඕනෙනම් දැන් කතා කරල විසදගනින්. පිටිපස්සෙම ඉන්න එකේ."

මන් එහෙම කියල ගනන් ගන්නෙ නැතිව බල බල හිටපු පොතට මූණ ඔබාගත්තා.

"හ්ම්..අපි එහෙනම් chit එකක් යවමුද?"

"ඈහ්?"

ඒක ඇහුන ගමන් මන් ඇහිබැමක් උස්සල හිරුශි දිහා බැලුවෙ ඒ මොන විකාරයක්ද වගේ බැල්මකින්.

ඒ කියපු පමාවට හිරුෂි පොතකින් කොලයක් ඉරල ඒකෙ මොනවද ලියන්න ගත්තා. මාත් බෙල්ල දාලා බැලුවෙ මොනවද ලියන්නෙ කියල. ඒකෙ තිබ්බෙ "පරණ තරහ අමතක කරලා ආයේ යාලු වෙමුද.?"

මට ඒක දැක්ක ගමන් කට කොනින් හිනාවක් ආවත් ඒක හංගගත්තෙ හරුශි දකියි කියලා.

මන් ඇස් කොනින් වගේ දැක්කා හිරුෂි ඒක හිමීට පිටිපස්සට දෙනවා.

ඒක දීලා විනාඩියකින් විතර පිලිතුරක් ආවා.හිරුශි ඒක දිග ඇරල කියවද්දි මාත් හොරැහින් බැලුවා. ඒකෙ තිබ්බෙ "හරි. අපි ඒවා අමතක කරලා ඉස්සර වගේම ඉමු."

මට හිතුනෙම මේ දේවල් හරිම ප්‍රාථමිකයි වගේ. ඒත් මගේ කට කොනේ හිනාව ආවෙ මොකටද කියලා මන්වත් දන්නෑ.

කොහොම හරි මායි හිරුෂියි තීරණය කරා මහීශලාගෙ පෝලිමට යන්න. ඔය කිව්වට අර අතිජාත මිත්‍ර පරානෙට තමා කැසිල්ල තිබ්බෙ. හිරුෂිටනම් හරි සතුටුයි. මොකද ඉතින් එයාගෙ එක වසරෙ ඉදන් හිටිය යාලුවා යාලු උනාලුනෙ.හ්අ!

අපි ඉතින් මහීශලාගෙ පෝලිමට ආවත් මන් බිත්තිය අයිනටම ගියා. මට එහා පැත්තෙන් හිරුෂි එයාට එහා පැත්තෙන් මහීශා හිටියා. මන් මුකුත් නොකියා පාඩුවේ පොතක් බලන් හිටියෙ මට එයාලා එක්ක කතා කරන්න කියලා විශේෂ දෙයක් තිබ්බෙ නැති නිසා.හැබැයි හිරුශිටනම් දැන් මාවත් අමතක ගානට මහීශා එක්ක කයිය.ඒකි එයාට කැන්ටිමෙන් අඹත් අරන් දුන්න.ඇයි යකෝ මටනම් අරන් දෙයි ඕකි.මේවා අසාධාරණ වැඩ.

හැබැයි මා දිහා මහීශා හොරැහින් බලන බව මාත් හොරැහින් දැක්කා. මට පේනවා පුතෝ. බලමුකො බලමුකො!

......................................................................

Share This Chapter