Back
/ 43
Chapter 2

Chapter 02

🥀 සස්වාමිකයි ඈ 🥀 ( සඳ අහිමි අහසක් 🌙❤) Completed

❤️🌹 #සස්වාමිකයි_ඈ 🌹❤️

...........සඳ අහිමි අහසක්...........

🌃 දෙවන කොටස 🌙

................................................................

කම්මුල් පාර නිසා සිම්මි වුන්නෙත්  පෙරටත් වඩා වියරුවෙන්. තවත් රණ්ඩුව දුරදිග යන්න කලින් මමය එයට මැදිහත් වුණා.

" සිම්මි  ඇති....  නවත්තන්න ඕක... "

මම බලෙන්ම සිම්මිව  ඇදගෙන ගෙදර නොයෙන්න ඒ ප්‍රශ්නෙ තවත් දුර දිග යන්න තිබුණා.

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

වේගයෙන් අඩි තියමින් නිවසට පැමිණි මා ගල් ගැසුනාක් මෙන් නිවස ඉදිරිපිට නතර වුනෙ ඉබේටම. මගේ ඇස් ඉස්සරහ නතර කරලා තිබුණු රතුපාට සුඛෝපභෝගි බෙන්ස් රථය දුටු පමනින්ම මගේ හඳ ගැස්ම වේගවත් වුණා. ඇස් වලට ආයෙත් පාරක් කදුළු උනන්න ලොකු වෙලාවක් ගත වුනෙ නෑ.

" සිම්මි.... අර... අර කාර් එක..... "

බිදුණු ස්වරයන් එකතු කරගෙන මම අතින් රතු පැහැති මෝටර් රථය සිම්මිට පෙන්නුවෙ  මරණය අභියස වුන් මුවැත්තියක් තරමටම බය වෙලා.

ලොකු හුස්මක් ගත්ත සිම්මි මගේ අතින් තද කරලා අල්ලගත්තෙ ගෙට යමු කියන්න වගෙ.

"  අනේ මට බෑ සිම්මි.....

කියන්නකො...

එයා ඇවිත් ද........ "

මුහුණ පහතට නැඹුරු කරගත් ඇය හිස් හැගීමකින් හිස සෙලෙවුයෙ ඔව් කියන්න.

මට ඕන වුනෙ කෑගහලා අඩන්න.. මුලු ලෝකෙටම ඇහෙන්න කියන්න.

දෙවියනේ මට මේ වගේ ජීවිතයක් එපා..

ඒත් මට ඒකටවත් අයිතියක් නෑ කියන එක ඊළග තත්පරයෙම මට මතක් වුණා. හැම දෙයක්ම දරාගන්නව ඇරෙන්න තවත් කෙනෙක්ගෙ උවමනාවට හුස්ම ගන්නව ඇරෙන්න වෙනත් විසදුමක් මට ඉතුරු වෙලා තිබුනෙ නෑ.

" සිනුදි....! "

මම ඇස් උස්සලා බැලුවෙ නිවස දෙසින් ඇසුනු අම්මගෙ ආදරනීය හඬට. ඇය කට පුරා හිනා වෙලා හරි ආදරෙන් මට ගේ ඇතුලට එන්න කියලා කතා කරනවා.

ඇය මොන තරම් ආදරනීයද. නිසැකවම පිට ඉදන් බලන කෙනෙකුට එහෙම හිතේවි. ඒත් ඇත්තටම ඇය මෙ හිනා වෙන්නෙ මාත් එක්ක ද.. එහෙම නැත්නම්  සල්ලිත් එක්ක ද... ඇයට අම්මා කියන ගෞරව වචනයෙන් ඇමතීම මොන තරම් දුරට සාධාරණ දැයි මං කල්පනා කලේ ඇහිපිල්ලමක්වත් නොගසා ඇගේ සිනා මුසු මුහුණ දෙස බලාගෙන.

අම්මා අපිට හැමදාම මේ විදියට ආදරෙන් සලකනව නම් මොනතරම් දෙයක් ද කියලා මට හිතුනා... එත් ඒක නෙමෙයි ඇත්ත.. අම්මා මේ තරම් ආදරනීය වෙලා තියෙන්නෙ එයාගෙ හොදම ගැණුම්කරුවා ගේ ඇතුලෙ ඉන්න නිසා වෙන්න ඇති.

" සිනුදි ඉක්මනට ඇතුලට ගිහින් ලෑස්ති වෙනවා....

වීපි සර් ඇවිත් ඉන්නෙ.... "

මගේ කනට කරලා එහෙම කියන ගමන් ඇය මොන හේතුවකට දන්නෙ නෑ මගේ හිස අතගාන්නෙ. ලෝකෙට පේන්න ද එහෙමත් නැත්නම් මගේ හිත හදන්න ද.. අම්මගෙ මේ වෙස් මාරුවට හිනා වෙන්න ද අඬන්නද කියලා මට හිතාගන්න බෑ.

අම්මගෙ අත ගසලා දාපු මම ගෙට ගොඩ වුනෙ මං ගැනම උපන් තරහකින්. ඒත් විසිත්ත කාමරයට වෙලා මං එනකම් බලාගෙන වුන්න ඒ රාක්ෂ මුහුණ දුටු මොහොතෙ මට දැනුනෙ මහා අසරණකමක්.

" බේබි ඩෝල්.....!!

ඔයා අද හොදටම ලේට් බේබි ඩෝල්..."

සෝෆාවට හේත්තු වෙලා වුන්න ඔහු ඇවිත් මාව වැලදගද්දි ඒ මොහොතෙ දැනුන පිළිකුල මට විස්තර කරන්න බැරි තරම්. ඒ රාක්ෂයා මගේ ඇඟට අත තියපු පළවෙනි දවසෙ දැනුන පිළිකුල ඒ විදියටම තාමත් මට දැනෙනවා. ඒ රාක්ෂ අත් වලින් ගැලවිලා යන්න ඕනෙ වුනත් මට ඒකටත් අවසර නෑ.

" ඔයා අද නම් මාව ගොඩක් වෙලා රස්තියාදු කලා බේබි ඩෝල්....

මොකද වුනෙ...

මම ලංකාවෙ උන්නෙ නැති දවස් දෙක තුනට  ඔයා වෙන කාව හරි හොයාගත්ත ද.... "

ගල් ගැහිලා ඉන්න මගේ පිට දිගෙ ඇගිලි තුඩු යවමින් ඔහු මෙ අහන්නෙ මොන වගේ ප්‍රශ්නයක් ද.. එයා හොදටම දන්නවා මට ඕනෙ වුනත් මට ඒ වගේ දේකට නිදහස නෑ කියලා.

ඔහුගෙ බොහෝ ප්‍රශ්න වලට උත්තර නොදි ඉන්න එක මට පුරුද්දක් වෙලා තිබුණා. ඒකට හේතුව වුනෙත් ඔහුට තිබුණු භය. ඔහු අහන ප්‍රශ්න වලට ඔහු බලාපොරොත්තු වෙන උත්තරය වෙනුවට වෙනත් උත්තරයක් මගෙන් ලැබුනොත් ඒ ලැබෙන දඩුවම් ඊට වඩා වේදනාත්මකයි. ඉතිං ඔහු ඉදිරියෙ බොහෝ දුරට මා නිහඬයි.

මං සඳහටම ඔහුට බය වෙලා ජීවත් වෙනවටයි ඔහු කැමති. ඒ නිසාමයි මගේ වචන වලට වඩා මේ නිහඬ බවටත් ඔහු කැමති.

මං මුහුණ පහතට නැඹුරු කරගෙන ඔහේ හිටගෙන වුන්නෙ ජීවයක් ඇති කෙනෙකු ගානට නොවේ.

" මොකද මේ මගේ බේබි ඩෝල් බය වෙලා....

බය වෙන්න එපා.... මං දන්නවා ඔයාට එහෙම දෙයක් කරන්න බෑ කියලා....

මොකද මගේ බේබි ඩෝල්ට මම ජීවිත කාලෙටම ගෙවලා නෙ තියෙන්නෙ....

අමතක කරන්න එපා බේබි ඩෝල්.... තමුසෙට වෙන කෙනෙක් දිහා බලන්නවත් අයිතියක් නෑ..... "

උඩට කරලා බැදලා තිබුණු කෙස් වැටියෙන් අල්ලගත්ත ඔහු මාවත් ඇදගෙන ආවෙ මගේ කාමරයට. මේ කාමරය එයාට නුපුරුදු තැනක් නෙමේ. ඒ වගේම අවුරුද්දක් තිස්සෙ වීපි සර්ගෙ අනියම් පෙම්වතිය වෙලා ඉන්න මටත් මේ දේවල් නුපුරුදු දේවල් නෙමේ.

මාව ඇදගෙන ආව වේගෙන්ම ඇඳ මතට තල්ලු කල ඔහු කාමරයෙ දොර වහලා දැම්මෙ මගේ රෝම කූප පවා බියෙන් හඬා වැටෙද්දි.

" හැපි ඇනිවර්සරි බේබි ඩෝල්.... "

කලින්ම ගෙනවිත් පොත් මේසය මත තියල  තිබූ කේක් එකකුත් පිහියත් අරගෙන අඩියෙන් අඩිය ඔහු මට ලං වෙද්දි මං දෙයත් වැදගත්තෙ හඬමින්මයි.

" අනේ මට ඉන්න දෙන්න..... "

මගේ වේදනාත්මක හඬ හැමදාමත් වගේ ඔහුට ගෙන ආවේ සතුටක්. මම තව තවත් ඔහුට බය වෙන තරමට ඒ මුහුණ පුරා ඇදෙන අපහාසාත්මක  හිනාවට මම හැමදාමත් වෛර කලා. හෙටත් මං වෛර කරයි.. ඒත් කිසිම දෙයක් වෙනස් වෙන්නෙ නෑ.. හැමදාම සිද්ද වුනෙ සිද්ද වෙන්නෙත් ඔහුට ඔන දේ ඔහුට ඔනෙ විදියට.

" මගේ බේබි ඩෝල් කේක් වලට කැමති නැද්ද.... "

ඔහු එහෙම අහන්නෙ පිහි තුඩ මගේ  නිකටට තියලා ඔහු වෙත මගේ මුහුණ හරවගන්න ගමන්. තරඟයට වගේ කඩා හැලෙන කදුළු බිංදු නවත්තගන්න තරම් හිත ශක්තිමත් කරගන්න මට පුලුවන් වුනෙ නෑ.

" ඒත් මම මේ කේක් එක... ඔයාට විශේෂයෙන්ම... ආදරෙන්නෙ.. අරන් ආවේ බේබි ඩෝල්....

ඔයා දැන් මේ කේක් එකට කැමති නෑ කියලා මාව තරහගස්සන්න ද යන්නෙ...... "

ඔහුගෙ අත් මිටි මෙලවෙන හැටි ඒ නපුරු මූණ මට රවන හැටි ඔහු මොහොතින් මොහොත වියරු වැටෙන හැටි බලාගෙන ඉන්න බැරි තරම්. ඔහු වියරු වැටුනහොත් ඊළග මොහොත ගැන මම දන්නෙ අත්දැකීමෙන්ම. ඉතිං තවත් ඔහු දරුණු වෙන්න කලින් මට කරන්න තිබුනෙ එක දෙයක් විතරයි. ඒ ඔහුගෙ අණට කීකරු වෙන එක.

ඉක්මනින් කදුළු පිසලාගත් මම කේක් එකෙන් එක කෑල්ලක්  වෙන් කලෙ ඔහුව සන්සුන් කරන්න හිතාගෙන.

" හැ... හැපි...... ඈ.... ඇනිවර්සරි.... වීපි සර්...."

වෙවුලන දෑතින්ම කේක් කෑල්ලක් ඔහුගෙ මුවගට ලං කරද්දි ඔහුගෙ මුහුණ පුරා ඇදුනු ඒ සිනහව කියා පෑවේ ඔහුට ඕන වුනෙ එය බවයි.

" හැපි ඇනිවර්සරි බේබි ඩෝල්....

ඔයා මුරන්ඩු නොවි ඔය විදියට හැමදාම ඉන්නව නම් මම  ඔයාට කොච්චර ආදරේ ද.... "

මගේ දිග කෙස් අතරින් ඇගිලි තුඩු යවමින් ඔහු කතා කරද්දි මම වුන්නෙ ඊළග මොහොත ගැන බයෙන්.

" බේබි ඩෝල් අද ඔයා වැරදි දෙකක් කලා...

එක.. මාව ගොඩක් වෙලා රස්තියාදු කලා... දෙක... මගේ මූඩ් එක විනාස කලා...

වැරදි කලා නම් දඩුවමුත් තියෙන්න ඕන නේ.....

කන්න පටන්ගන්න.... "

" මොකක් ද..... "

" කේක් එක....

සම්පූර්ණයෙන්ම... තනියම...

කාලා ඉවර කරන්න ඕනෙ.... "

ඔහු කිවුවේ ස්තීරවම. විසිදෙනෙකුට වඩා පිරිසකට සෑහෙන තරමෙ කේක් එක දිහත් ඔහුගෙ මුහුණ දෙසත් මාරුවෙන් මාරුවට මං බැලුවෙ පොඩිම හරි අනුකම්පාවක් බලාපොරොත්තුවෙන්. ඒ ඇස් වල අනුකම්පාවක් ගෑවිලාවත් තිබුනෙ නෑ.

ඔහු කියන දේකට එකඟ වෙනවා ඇරෙන්න වෙනත් විසදුමකුත් නොමැති තැන මං කේක් කෑල්ලක් අතට ගත්තෙ අද විදින්න වුන දඩුවම වෙනත් දවස් වලට වඩා දරා ගන්න පහසු එකක් වුන නිසා.

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

මම කාර්යාලයට එද්දිත් අනිත් හැමෝම අලුත් චෙයාර්මන්ව පිළිගන්න ලෑස්ති වෙලා ඉවරයි. හිමාෂා සයුරි දෙන්නා මල් පොකුරකට බොරුවට රණ්ඩු කරගන්න අතරෙ දේමින්ද ඒ මල් පොකුර උදුරන් ඇවිත් මට දුන්නෙ මගේ කරට අත දාගන්න ගමන්.

" අලුත් බොස්ට මල් එක දෙන්නෙ සිනුදි... "

මං ඇස් ලොකු කරගෙන දේවින්ද දිහා බලන අතරෙ සහන් ද ඒ කතාවට හවුල් වුණා.

" ඒක නම් හොද තීරණයක් මචං....

අලුත් බොසා මුලින්ම  මේ වැදිරියො දෙන්නගෙ මූණු දැකලා ඔෆිස් එක දාලා ගියොත් එහෙම මල කෙලියක් වෙන්නෙ....

ඒ නිසා මේ වැඩේට සෙට් වෙන්නෙ අපේ සිනුදිවම තමයි.... "

සහන්ගෙ ඒ කතාවට සයුරි ගස්සගෙන යද්දි හිමාෂත් අපේ හිනාවට එකතු වුණා.

මම ජීවිතෙ සතුට කියලා දෙයක් විදිනව නම් ඒ කාර්යාලය ජිවිතයෙදි විතරයි. අලුත් ප්‍රධානියා ගැන හිතෙ පොඩි බයක් තිබුනෙත් ඒ නිසාමයි. කලින් චෙයාර්මන් සර් ගැන නම් වරදක් කියන්න නැතිම තරම්. ඒත් අලුත් සර් මොනවගේ කෙනෙක් වෙයි ද... එයා නිසා මගේ ජීවිතෙ සතුටින් ගෙවන්න තියෙන මේ හොරා කිහිපයත් මට අප්‍රසන්න එකක් වේදෝයි හිත තුළ පොඩි කුකුසක් නොවූවාම නොවේ.

" අලුත් සර් එනවා.... කට්ටිය ලෑස්ති වෙන්න.... "

පහළ මහලයෙ ඉදන් ඒ පණිවිඩය අරන් ආවේ තාරක. තාරකගෙ පෙර දැනුම් දීම නිසා අපි හැමෝම අලුත් බොස් ව පිළිගන්න ලෑස්ති වෙලා වුන්නා. විදුලි සෝපානය මහලින් මහල පසු කරමින් හතර වෙනි මහලට එන තුරු අපි හැමෝම වුන්නෙ නොයිවසිල්ලෙන්.

හතර වෙනි මහලෙ නතර වුන සෝපානයෙ දොර පියන් විවර වෙනවත් එක්කම මගේ දෑස් විසල් වුනෙ එහි සිටි ඒ රූපය නෙත ගැටිමෙන්.  කාර්යාලයේ ප්‍රධාන කළමනාකරුවන් කිහිප දෙනෙක් සමග ඔහු ඉදිරියට අඩි තියද්දි මම වුන්නෙ වෙනම සිහියක.

මගේ ඇස් වලට වරදින්න විදියක් නෑ  මේ ඔහුම තමයි. ඊයේ අයිෂා එක්ක පාර මැද නාටකයක් පෙන්නු ඔහුමයි. ඒකෙන් අදහස් වෙන්නෙ කාර්යාලයේ නව ප්‍රධානියා ඔහු කියන එක ද.. හිමාෂා මගේ අත කොනිත්තනකනුත් මම වුන්නෙ වෙනම සිහියක. මට මතක් වුනෙ ඊයේ ඔහු මා වෙතද හෙලු ඒ සීතල රැවිල්ල.

ක්ෂනිකව හිතට ආපු අදහසකින් මල් පොකුරෙන් මුහුණ යම් තරමකට ආවරණය කරගත් මම නව ප්‍රධානියාට මල් පොකුර පිරිනැමුවෙ බිම බලාගෙන මූණ හංගගෙන.

" මිස්ටර් ආගත් මේ ඔයාගෙ ටීම් එක....

හැමෝම අදුරගන්න... අද ඉදන් ඔයාලගෙ අලුත් බොස් වගේම   අපේ කම්පැනි එකේ අලුත් චෙයාර්මන් මිස්ටර් ආගත් ව.... "

ප්‍රධාන කළමනාකාරතුමා ඔහුව හදුන්වලා දුන්නෙ සතුටින්. මම මූණ බිමට හරවගෙනම වුන්නෙ ආගත් සර් මාව අදුරගනිවි කියන බයෙන්.

හිමාෂා ඇරෙන්න කාර්යාලයේ  වෙන කිසිම කෙනෙක් මගේ  ඇත්ත ජීවිතය ගැන දැනගෙන වුන්නෙ නෑ. ඒ ගැන කවුරුත් දැනගන්නවට මම කැමති වුනෙත් නෑ.

ආගත් සර් අපිට වචන දෙක තුනක් කතා කරලා එයාගෙ කාර්යාල කාමරයට ගියාට පස්සෙයි මම හුස්මක් ගත්තෙ. සර් මට කිසිම විශේෂයක් පෙන්නුවෙ නෑ කියන්නෙ මගේ ප්‍රශ්නෙ විසදිලා කියන එක..  මොකක්දෝ  වාසනාවකට සර් ට මාව මතක නෑ.

ඒත් ඒ ගැන මට වැඩි වෙලාවක් සතුටු වෙන්න වුනෙ නෑ. මගේ මේසය මත වූ කාර්යාල රැහැන් දුරකථනය නාද වුනෙ චෙයාර්මන් සර්ගෙ දුරකථන අංකයෙන්. ඇමතුම ලබා නොගෙනම මම ඉස්සිලා සර්ගෙ රූම් එක දිහා බැලුවෙ සර්ට වැරදිලාවත් ද කියලා හිතන ගමන්. ඒත් ඒ වෙද්දිත් ආගත් සර්ගෙ ඇස් තිබුනෙ මගේ ලග. වීදුරු  අතරින් පෙනෙන ඒ බැල්ම මට මතක් කලෙ ඊයේ දවස. ඒ තර්ජනාත්මක බැල්ම තවමත් ඒ මූණෙ සලකුණු වෙලා තිබුණා.

මේ ඇමතුම නොගෙන සිටියොත් තවත් ප්‍රශ්නයක් වෙන නිසා වගේම දැනටමත් කාර්යාල මිතුරන් මං දිහා බලන් වුන්නු වික්ෂිප්ත බැල්මත් නිසා වැඩිය මුකුත් හිතන්නෙ නැතුව මම ඇමතුමට සම්බන්ධ වුණා.

" තමුන්ට ඔෆිස් ලයින් එක ආන්ස්වර් කරන්න මෙච්චර වෙලා යනව ද.... "

මට කතා කරන්න අවස්ථාවක් නොදිම ආගත් සර් ආවේගශීලිව කතා කරන්නට වුණා.

" සො.. සොරි සර්.... ආයෙත් එහෙම වැරැද්දක් වෙන්නෙ නෑ.... "

" අකවුන්ට්ස් රෙකෝඩ් බුක් එක අරන් මගේ කැබින් එකට එන්න.... "

තවත් වචනයක්වත් කතා නොකර ඔහු ඇමතුම විසන්ධි කලා.

අලුත් බොස් කිවුවෙ මොනාද කියලා දැනගන්කම් අනිත් හැමෝම මගේ දිහා බලන් වුන්නෙ කන්න වගේ.

" සර් ට අකවුන්ට්ස් රෙකෝඩ් චෙක් කරන්න ඕන ලු.... "

එයාලට සෑහීමකට පත් වෙන්න පුලුවන් වගේ උත්තරයක් දිලා ඉක්මනින්ම මම රෙකෝඩ්ස් ටික අතට ගත්තෙ පරක්කු වුනොත් තවත් බැනුම් අහන්න වෙයි කියන බයට.

" එයා අද ඉදන්ම වැඩ පටන්ගන්න ද යන්නෙ.... "

" අලුත් චෙයාර්මන් එක්ක නම් ලේසි වෙන්නෙ නෑ වගේ.... "

කට්ටිය සර් ගැන එකේක දේවල් කියද්දි මම රෙකෝඩ්ස් ටිකත් අරන් සර්ගෙ කැබින් එක පැත්තට අඩි තිබ්බා.

................................................................

🌙 නැවත හමුවෙමු 🌙

................................................................

🌹 කතාව දිගටම ලියන්න ඔයාලගෙ ආදරණීය කමෙන්ට් එක තමයි  මාව ශක්තිමත් කරන්නෙ..

අමතක නොකර ලස්සන හෝ කැත ඔනේ අදහසක් කියලා යන්න මං ඒ හැම එකක්ම ආදරෙන් පිළිගන්නවා.. 🌹

💣 පෙර කොටස් කියවීමට සස්වාමිකයි ඈ  ඇල්බම් එකට යන්න

✒️ ශාන්‍යා ප්‍රනාන්දු ✒️

Share This Chapter