Back
/ 43
Chapter 5

Chapter 05

🥀 සස්වාමිකයි ඈ 🥀 ( සඳ අහිමි අහසක් 🌙❤) Completed

❤️🌹 #සස්වාමිකයි_ඈ 🌹❤️

...........සඳ අහිමි අහසක්...........

🌃  පස්වන කොටස 🌙

................................................................

" බේබි ඩෝල් මාව තරහගස්සන්නෙ නැතුව ඉක්මන් කරනවා.... "

මම සිම්මි දිහා බැලුවෙ පුදුම තරම්  අසරණව. ඇස් වල කදුළු පුරෝගෙන හැමදේම හොදින් වෙයි කියනව ඇරෙන්න වෙනත් මාර්ගයක් සිම්මිට තිබුනෙත් නෑ.

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

වැහි අදුරින් බර වුන අහස මාත් එක්කම අඬන්න ලෑස්ති වෙනව. ඒත් මට විශ්වාසයි අහසට බැරි වෙයි මම තරම් දරාගෙන ඉන්න. පොඩ්ඩ බැරි වෙද්දි කඩාගෙන හැලෙන වැස්සට වඩා මගේ කදුළු ඝනකම්.

සයුරු රළ වෙරළ සිපගන්න  හඬට වඩා මගේ දෙසවන් පිරිලා තිබුනෙ මත් වුන පිරිමින්ගෙ වියරු හිනා හඬින්.

මුහුදු වෙරළට යාබදව තිබූ සුඛෝපභෝගි අවන්හලෙ සිට වීපි සර්ගෙ ව්‍යාපාරික මිතුරන් සියල්ලෝම පාහේ මත් වී බලන් වුන්නෙ මගේ රැඟුම ආරම්භ වන තුරු. වටිනා ආභරණ ඇදුම් වලින් බෝනික්කෙක් තරම්ම සුන්දරව හැඬ වී සලෙලුන්ගෙ මත්දොල පිනවීමට තාලෙට අඩි තියන්න මට සිද්ද වුනා. පා සලඹ නගන ගෙජ්ජි හඬ මුලු අවන්හල පුරාම දෝංකාර දුන්නත් වේදනාවෙන් මගේ හිත කෑගහන හඬ නම් කිසිවෙකුට හෝ නෑසුන ගානයි. විචිත්‍රවත් වර්ණ සංකලනයෙන් නිම වූ ලෙහෙන්ගාව මාත් එක්කම සුළගෙ පාවෙලා  මගේ වටේ දැවටෙද්දි සලෙලුන්ට ප්‍රීති ඝෝෂා කරන්න තවත් හේතු නොතිබුණු තරම්.

ටයි කෝට් ඇදගත්ත නම්බුකාර පිරිමි කිසිම නම්බුවක් තත්වයක් නැති මගේ වටේ දැවටෙන්නෙ කාමතෘෂ්නාවේ පතුලටම කිමිදෙමින්. මනෝරම්‍ය රංඟනයටත් , ගෑණු ශරීරයටත් , අත ඇති මත් පැන් වීදුරුවටත් ඔවුන් කෙතරම් නම් ලොල් ද.

මා පැළදගෙන සිටි ආභරණ කෙතරම්  බරකින් යුතු වුනත් එය තව දුරටත් උසුලන්නට නොහැකි තරම් වුනත් මට රංඟනය නතර කිරීම තහනම් වුණා. වීපි සර්ගෙ අවසරයකින් තොරව මට රංගනය අවසන් කල නොහැකි.

පා සලඹට කැපිලා රිදුම් දෙන දෙපාත් ඉසිලිය නොහැකි තරම් වූ ඝනකම් ආභරණත් සිරුරට වේදනාකාරී වූ ඇදුමත් නිසා තව දුරටත් මේ දේවල් දරාගන්න මට ශක්තියක් තිබුනෙ නෑ. රංගනය අතරේම  මම අවන්හල පුරාම ඇස් යැවුවේ වීපි සර්ගෙ රූපය හොයාගන්න. විවිධ වයස් වල සලෙලුන් අතරින් මම ඔහුගෙ රූපය දුටුවේ නෑ.

ඉවසීමේ අන්තයෙදි මා බිමට ඇදගෙන වැටුනෙ තවත් තත්පරයක් හෝ දරාගෙන ඉන්න බැරි තැන.

" අම්මා.......!! "

දෙපා වල දැනෙන රිදුමත් එක්ක මට කෑගැහුනෙ ඉබේටම. ඒත් ඒ සැනින්ම මට මතක් වුණා.. අම්මා කවදාවත් මාව බෙරගන්න එන්නෙ නෑ.. එහෙම උවමනාවක් එයාට තිබුන නම් අම්මා කින නමට පුංචිම හරි ගෞරවයක් එයාගෙ හිතෙ තිබුන නම් එයා කවදාවත් මාව වීපි සර්ට විකුණන්නෙ නෑ...

ඉතිං මත් වෙලා මගේ වටේ දැවටුන සලෙලුන් සැවොම කලබල වුනෙ මා ගැන නොවේ. ඔවුන් කලබල වුනෙ මගේ ඇදවැටීමෙන් කඩාකප්පල් වුන ඌන්ගෙ රසවින්දනය ගැන. මා තව දුරටත් රංඟනයෙ නොයෙදෙන බව තේරුම්ගෙන ඒ මූණවල් මැලවෙනව මම බලාගෙන.

" ඒයී....

නැගිටිනවා... "

කොන්දට වැදුනු උල් සපත්තු පාර නිසා හිරකරගෙන වුන්න කදුළු එලියට පැන්නෙ අවසර ලැබුනාක් වගේ..

" නැගිටිනවා....

ආයෙත් නටනවා.... අපේ පාර්ටි එක තාම ඉවර නෑ.... "

තවත් කෙනෙක් මගේ අතකින් ඇද්දෙ මම තවත් නම් බෑ කියලා දෙයත් වැදගද්දි. ඒත් ඒ මිනිස්සු මට සැලකුවෙ සතෙක්ටත් අන්ත විදියට.

" අනේ මට ඉන්න දෙන්න...

මගේ කකුල් හොදටම රිදෙනවා.... "

මම කලෙ ඉල්ලීමක් නෙමේ.. මම මගේ ජීවිතය ඒ මිනිස්සුන්ගෙන් හිඟමන් යැද්දා. ඔව් මම ඒ තරමටම අසරණ වුණා.

මම අත් දෙකත් වැදගෙන මගේ ජීවිතය යදිද්දි මගේ මූණට ලං වුනෙ මැදිවිය පහු කරමින් වුන්න මනුස්සයෙක්.

" ඔයා ලස්සනයි.... "

මගේ මුහුණ පුරා දබරැගිල්ල අරන් ගිය ඔහුගෙ බැල්ම ඊළගට නතර වුනෙ මගේ ලැම මත.

ඒ මනුස්සයා  බැල්මෙන්ම මාව ගිලලා දැම්මා. මට මං ගැනම  මහ අප්‍රසන්න හැගීමක් දැනෙද්දි අත් දෙකෙන්ම මම මගේ ලැමැද වසාගත්තෙ මූණත් හංගගෙන.

" මිස්ටර් මහේල...

ඕක නම් එච්චර හොද දෙයක් නෙමේ.... "

ඒ මනුස්සයා ආයෙත් මගේ මූණට එබෙද්දි එතන වුන්න තවත් කෙනෙක් ඔහුව නතර කර ගත්තා.

" ඇයි මොකක්ද ප්‍රශ්නෙ.... "

" මෙයා කාගෙද කියලා දන්නව නේ...

වීපි බොස්ගෙ දේකට අත තියන එක එච්චර හොද දෙයක් නෙමේ මිස්ටර් මහේල... "

" වීපීට එන්න කියනවා...

බලමු ඌට මොනාද කරන්න පුලුවන් කියලා.... "

ගොදුරකට පනින කොටියෙක් වගේ කෑදරෙන් ඒ මනුස්සයා ආයෙත් මට ලං වෙද්දි මම දෙයත් වැදගත්තෙ පොඩිම හරි අනුකම්පාවක් බලාපොරොත්තුවෙන්. ඒ ඇස් වල තුබුණු කාම ගින්නට වගේම ඒ අපහාසාත්මක හිනාවට පුලුවන් වුණා මාව අළු කරලා දාන්න. මගේ ගැහැණු සිරුරට තිබුණු කෑදරකම, ආශාව ඒ හැම මූණකම ඕනාවටත් වැඩියෙන් ලියවිලා තිබුණා.

ඊළග මොහොතෙ නලලතින් පටන්ගත්ත ස්පර්ශය ඇස් , කම්මුල් , තොල් දිගෙ පහළට එද්දි  මගේ ඉකිබිදුමට වඩා වේගයෙන් රැස් වෙලා වුන්න අනිත් ඌන් ප්‍රීතී ඝෝෂා කරන්නට වුණා. උන්ට ඕනෙ මලක් පර වෙනව බලාගෙන සතුටු වෙන්න.

ඉතිං මට ඕන වුනෙ මැරෙන්න.. ඒ වෙලාවෙම මැරිලා යන්න. එ සලෙලුන්ගෙ  අත් වලින් පර නොවිම මැරිලා යන්න.

ඔහුගෙ අපිරිසිදු අත් ගෙල බැදි ආභරණ දිගෙ පල්ලම් බහිද්දි මම උන්නෙ ඉවසීමේ උපරිම සීමාවත් පැනල.

"  මගේ ලගින් අයින් වෙනවා..... "

මම මුලු අත් දෙකෙන්ම ඒ මිනිහව පිටුපසට තල්ලු කරලා දැම්මෙ ගතේ වීර්යයට වඩා හිතේ හයියෙන් කිවුවොත් හරි. අමාරුවෙන් වුණත් මම නැගිටගත්තෙ මේ යක්ෂයින්ගෙන් බේරිලා දුවන්න හිතාගෙන.

" තමුසෙ....

තොට කොහෙන්ද එච්චර හයියක්... "

මිස්ටර් මහේල යක්ෂාරූඩයෙන් මගේ ගෙල සිරකරන්න එද්දි අපි දෙන්නා අතරින් ඇවිත් හිටගත්තෙ වීපි සර්. සතුටු වෙන්න කාරණයක් නොවුනත් වීපි සර් ආව එක මට යම් තරමකට සහනයක් වුණා. වීපි සර් ඉස්සරහ මට අත තියන්න තරම් ධෛර්යක් මේ කවුරු ලගවත් නෑ කියන එක මට විශ්වාසයි. ඒ නිසාම මම තවත් වීපි සර්ගෙ පිටිපස්සට වුනෙ හැංගෙන්න වගේ.

" මිස්ටර් මහේල... මොකක්ද මෙතන වෙන්නෙ.... "

වීපි සර් ඇහුවෙ හරිම සාමාන්‍ය විදියට. ඒත් මට විශ්වාසයි වීපි සර් ගැන දන්න අය දැනටමත් ඇත්තෙ හොදටම බය වෙලා.

" මුකුත් නෑ වීපී..... මේ... මෙ කෙල්ල... නටන එක නැවැත්තුව නේ....

අපි එයාට ආයෙ නටන්න කිවුවා එච්චරයි...... "

මොහොතකට කලින් මං ලගදි සිංහයෙක් වගේ ගර්ජනා කල මිස්ටර් මහේලට වීපි සර් ඉස්සරහ වචන පැටලෙන්නත් පටන් අරන්. ඊළගට වීපි සර් මගේ අතින් ඇදලා එයාගෙ ඉස්සරහට ගත්තෙ මම නොසිතු මොහොතක.

" බේබි ඩෝල්.... ඇත්තද මෙයා කියන්නෙ.... ඔයා ඩාන්ස් කරන එක නැවැත්තුව ද... "

වීපි සර් පොඩි ළමයින්ගෙ ප්‍රශ්නයක් විසදනව වගේ එහෙම අහන්නෙ මම උත්තර නොදෙන බව හොදටම දැනගෙන. බිම බලාගෙන අඬනව ඇරෙන්න වෙනත් විසදුමක් මට පෙනුනෙ නෑ.

මගේ ඉකිබිදුම දිහා මොහොතක් බලාගෙන වුන්න වීපි සර් ඊළග මොහොතෙ මිස්ටර් මහේලගෙ ගෙල සිර කරගත්තේ ඔහුට හිතන්නවත් කාලයක් ඉතුරු නොකර.

" මිස්ටර් මහේල... තමුසෙට කොහෙන්ද හයියක් ආවේ මගේ දේකට අත තියන්න...

මගේ බේබි ඩෝල්ව අඬවන්න අයිතිය තියෙන්නෙ මට... එයා අඬන්න ඕනෙත් මම වෙනුවෙන් විතරයි....

එයාට රිද්දන්න පුලුවනුත් මට විතරයි....

තමුසෙට කවුද ඒකට අයිතියක් දුන්නෙ මිස්ටර් මහේල....

කතා කරනවා.... "

වීපි සර් කෑගැහුවේ පිස්සුවෙන් වගේ. තත්පරයෙන් තත්පරයෙ ඔහුගෙ ගෙල වීපි සර්ගෙ අතින් තව තවත් සිර වෙද්දි ඔහු දැගලුවේ මරන බියෙන්.

" වී..පි... වීපි...... "

ඔහු මරන බියෙන් දගලද්දි , කෑමොර දෙද්දි මේ තරම් වෙලා ඔහු වෙනුවෙන් ප්‍රීතී ඝෝෂා කල හැමෝමත් නිහඬයි. මොකද ඒ හැමෝම දන්නවා  වීපි සර්ට එරෙහි වෙන එකේ ප්‍රතිඵල. ඒ කවුරුත් අර මනුස්සයව බේරගන්න ඉදිරිපත් වෙන්නෙ නෑ.

මිස්ටර් මහේලට අනිවාර්යෙන්ම ඔහුගෙ මේ සල්ලාල ජීවිතය ගැන නොදන්න සුන්දර පවුලක් ඇති. අද ඔහු ගෙදර එනකම් ඒ පොඩි උන් බලාගෙන ඉන්නවත් ඇති. ඒ බිරිද ආහාර සුදානම් කරගෙන  තම ආදරනීය ස්වාමියා එන තුරු තවමත් නිදි නැතුව ඇති.

ඉතිං දෙවියනේ මං කොහොමද මම නිසා ඒ වගේ පවුලක් විනාශ වෙනකම් බලන් ඉන්නෙ... මට බෑ... මගේ පැත්තෙන් මිස්ටර් මහේල මැරෙන එක මොනතරම් සාධාරණ වුනත් ඒ අපරාදෙ වෙනකම් මට බලන් ඉන්න බෑ.

" වීපි සර් නවත්තන්න....

දෙයියන්ගෙ නාමෙන් ඔය මනුස්සයව අතාරින්න....

වීපි සර්..... "

මම වීපි සර්ගෙ අතේ එල්ලුනෙ අඬාගෙනමයි. මම දිහා රවලා බලපු වීපි සර් ඔහුගෙ ගෙලින් අත ගත්තෙ මුකුත්ම නොවුන ගානට. ඊළගට අත් දෙක පිහද ගත්ත වීපි සර් අමාරුවෙන් හුස්ම ගනිමින් වුන්න මිස්ටර් මහේලව වැලදගත්තෙ ලොකු හිනාවකින් මූණ පුරෝගෙන. ඔහුට පිටට තට්ටුවක් දාගෙනම වීපි සර් කතා කලෙ හරි සාමාන්‍ය විදියට.

" පාර්ටි එක ඉවරයි...

සෝ... තැන්ක්ස් ෆො කමින්ග්.... "

ඇවිල්ලා වුන්න හැමෝටම වගේ අතට අත දිලා සමු දුන්න වීපි සර් හැසිරුනේ මොහොතකට කලින් කිසිම දෙයක් සිද්ද නොවුන ගානට. මට වගේම එතන උන්න කාටවත් ඒ වෙනස තේරුම්ගන්න පුලුවන් වුනෙ නෑ. අන්තිමට මිස්ටර් මහේලටද වෙනසක් නොපෙන්නවාම ඔහු අතට අත දුන්නත් ඒ  අත අල්ලගන්න මිස්ටර් මහේල නම් ටිකක් අදිමදි කලා.

" පරිස්සමෙන් ඉන්න මිස්ටර් මහේල... මේ දවස් වල හිතන්නෙ නැති දේවල් ගොඩක් සිද්ද වෙනවා...

එහෙනම් අපි ඉක්මනින්ම ආයෙත් මුණගැහෙමු.... "

බලෙන්ම වගේ මිස්ටර් මහේලට අතට අත දුන්න වීපි සර් මාවත් ඇදගෙන එළියට ආවේ වේගයෙන්. පා සලඹට කැපුන කකුල් වලින් වේදනා දුන්නත් නිහඬවම  මමත් ඒ පිටිපස්සෙන් ඇදිලා ගියා. මාවත් ඇදගෙන ආව වීපි සර් නතර වුනෙ එළිමහනෙ තිබු පිහිනුම් තටාකය ඉදිරිපිට. මගේ අත අතෑරලා ක්ෂනිකවම මාවෙත හැරුන වීපි සර් ඊළගට මගේ ගෙල සිරකරගත්තෙ නොසිතු අයුරින්.

" ආ.....හ්.... "

ගෙල බැදි ආභරණ නිසා හුස්ම ගන්න එක මට තව තවත් අපහසු වුණා.

" තමුසෙ ඇයි නටන එක නැවැත්තුවේ.... "

" ම.... මගේ.... ක.. කකුල් කැපිලා....

ගොඩක්..... රිදෙනවා... වි.. විපි සර්..... "

" මට වැඩක් නෑ තමුසෙගෙ කකුල් වලින්... තමුසෙ ඇයි නටන එක නැවැත්තුවේ....

තමුසෙට කවුද අවසර දුන්නෙ නවත්තන්න....

කියනව බේබි ඩෝල්....

කතා කරනවා....

තමුසෙ නිසා අද මගේ මුලු පාර්ටි එකම විනාශ වුණා....

බේබි ඩෝල් දන්නව නේ වැරදි කලා නම් දඬුවමුත් තියෙනව කියලා...."

එහෙම කියලා ඊළග මොහොතෙම වීපි සර් මාව පිහිනුම් තටාකයට තල්ලු කලෙ මට මුකුත් හිතාගන්නවත් වෙලාවක් ඉතුරු නොකර.

" බේරගන්න.....!!  බේරගන්න.....!!! "

ඒ බර ඇදුම් ආභරණ එක්ක පීනන එක කරන්න බැරි බව මම දැනගෙන වුන්නා. මම කෙතරම් උඩට එන්න උත්සහ කලත් ඒ ආභරණ වල බරින් මාව ගිලෙන වේගය තවත් වැඩි කලා. මම බේරගන්න කියලා කෑගහන දිහා අන්තිම හුස්ම වෙනකම් ජීවිතෙ වෙනුවෙන් වතුර එක්ක පොර බදින දිහා බලාගෙන වීපි සර් මහ හයියෙන් හිනා වෙනව. වතුර පෙවෙන වාරයක් ගානෙම මට හිතුනෙ ඒ මගේ අවසන් තත්පරේ කියලා.

" තව හයියෙන් කෑගහනවා බේබි ඩෝල්.... තව හයියෙන්.... "

ඔව් මම කෑගැහුවා... මේ යක්ෂයො අතර දෙවියෙක් කෙසේ වෙතත් අඩුම තරමේ  එක මනුස්සයෙක් හරි ඉන්නව නම් ඇවිත් මාව බේරගනි කියන බලාපොරොත්තුවෙන් මං කෑගැහුවා. මට පුලුවන් උපරිම වීර්යයෙන් මං කෑගැහුවා.

" බේරගන්න.... බේරගන්න..... "

මගේ හඩේ වේගය ක්‍රම ක්‍රමයෙන් අඩු වෙද්දි හති වැටෙද්දි තවත් වතුර එක්ක පොර බදින්න බෑ කියලා තේරෙද්දි මම තීරණය කලා නිහඬ වෙන්න.. ඔව් මම තීරණය කලා අවසන් බලාපොරොත්තුවත් අතාරින්න. මට මැවිලා පෙනුනෙ මගේ සිම්මිගෙ මූණ. ඔයා සතුටින් ඉන්න ඕනෙ සිම්මි... අන්තිමට මම හිතුවෙ එච්චරයි.

අවසන් බලාපොරොත්තුවත් අතෑරලා වුන්න මොහොතක ඇස් පියවෙන්න තත්පරෙකට කලින් වීපි සර්ගෙ වියරු හිනාව අතරින් මම දැක්කෙ කවුරු හරි කෙනෙක් මේ පැත්තට දුවගෙන එනවා. "  බේරගන්න  " අන්තිම වතාවටත් මම එහෙම කිවුවා.. ඒත් මට විශ්වාසයි මගේ හඬ ඒ මොහොතෙ පිට නොවෙන්න ඇති.

" සිනුදි....

සිනුදි ඇස් අරින්න....  සිනුදි.... "

හීනෙන් වගේ මට ඇහුනෙ හරි හුරුපුරුදු හඬක්. ඒ හඬ නිසාම මට ඕන වුනා ඇස් අරින්න.. ඇස් ඇරලා ඒ කවුද කියලා බලන්න.. ඇහි පිල්ලම් වෙනදට වඩා බරයි. ඒත් මම ඉන්නෙ කාගෙ හරි අත් බාහුවකට වත්තම් වෙලා කියන එක මට තේරුණා.

සීතල ඇඟිලි තුඩු මගේ හිස කෙස් අතරින් යද්දි මට හිතුනා තවත් නිදාගන්න. ඇස් ඇරියොත් ඒ සුන්දර හැගීම මට විදගන්න බැරි වෙයි කියලා මට බය හිතුනා...

" සිනුදි ඇස් අරින්න සිනුදි.....

ඇම්බියුලන්ස් එකකට කෝල් කරන්න...

ඉක්මන් කරන්න.....  "

අන්තිමට මට යාන්තමින්‍ වගේ ඇහුනෙ ඒ වචන ටික විතරයි.

................................................................

🌙 නැවත හමුවෙමු 🌙

................................................................

🌹 කතාව දිගටම ලියන්න ඔයාලගෙ ආදරණීය කමෙන්ට් එක තමයි  මාව ශක්තිමත් කරන්නෙ..

අමතක නොකර ලස්සන හෝ කැත ඔනේ අදහසක් කියලා යන්න මං ඒ හැම එකක්ම ආදරෙන් පිළිගන්නවා.. 🌹

💣 පෙර කොටස් කියවීමට සස්වාමිකයි ඈ  ඇල්බම් එකට යන්න

✒️ ශාන්‍යා ප්‍රනාන්දු ✒️

Share This Chapter