Back
/ 43
Chapter 6

Chapter 06

🥀 සස්වාමිකයි ඈ 🥀 ( සඳ අහිමි අහසක් 🌙❤) Completed

❤️🌹 #සස්වාමිකයි_ඈ 🌹❤️

...........සඳ අහිමි අහසක්...........

🌃  හයවන කොටස 🌙

................................................................

" සිනුදි ඇස් අරින්න සිනුදි.....

ඇම්බියුලන්ස් එකකට කෝල් කරන්න...

ඉක්මන් කරන්න.....  "

අන්තිමට මට යාන්තමින්‍ වගේ ඇහුනෙ ඒ වචන ටික විතරයි.

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

ඇස් අරින්න හිතෙන්නෙ නැති තරම්ම සනීපයෙන් මගේ හිස අතගාමින් ඉන්නෙ කවුද කියලා බලන්න මට ඇස් අරින්නම ඕනෙ වුණා. සීතල තෙත ඇදුම් වෙනුවට ගතට දැනුනෙ උනුසුම් සැහැල්ලුවක්. අතට ගහල තිබුණු කැනියුලාවේ වේදනාව ඇරෙන්න වෙන අපහසුවක් මට තිබුනෙ නෑ.

මම හිමීට හිමීට ඇස් පියන් අරිද්දි හරි ආදරයෙන් මගේ හිස අතගාමින් වුන්න ඔහු කලබලයෙන්ම අත ගත්තෙ මම දකි කියල බයෙන් වගේ. බොද වෙලා පෙනුන ඒ රූපෙ ක්‍රමක් ක්‍රමයෙන් මගේ ඇස් ඉස්සරහ මැවෙද්දි මම පුදුම වුණා.

" ආගත් සර්.... ?? "

මගේ ඉස්සරහ අත් දෙකත් බැදගෙන මම ඇහැරෙන තුරු බලන් වුන්නෙ ඔහු. ඉතිං මම කලබල වුණා. ආගත් සර් කොහොමද මෙතන ඉන්නෙ. මට ඒ ගැන හරි මතකයක් තිබුනෙ නෑ.

" ඔහොම ඉන්න සිනුදි....

නැගිටින්න එපා..... "

ආගත් සර් සුපුරුදු උඩගු ස්වරයෙන් කතා කලත් අද ඒ ස්වරය ඇතුලෙ මොකක්දෝ ආදරනීය බවක් හැංගිලා තිබුණා.

ඔහු ඊළගට රෝහල් කාමරයෙ තිබුණු දුරකථනයෙන් ඇමතුමක් ලබා ගද්දි මම වට පිට බැලුවා. රෝහල් කාමරයෙ ස්භාවයෙන්ම  එය සුපිරි ගනයෙ පෞද්ගලික රෝහලක් බව තේරුම්ගන්න මට අපහසු වුනේ නෑ.

දුරකථන ඇමතුම අවසන් වී ඊළග විනාඩි කිහිපය තුළ වෛද්‍යවරයෙකු සමගින් හෙදියක් ද රෝහල් කාමරය තුළට ඇතුලු වුනෙ සුන්දර හිනාවකින් මූණ පුරෝගෙන.

" ඔයාට කොහොමද....

මොකක් හරි අපහසුතාවයක් තියෙනව ද...."

ලිපිගොනුවක් පෙරලමින් වෛද්‍යවරයා එසේ අසන විට මා හොදින් කියන්න හිස සෙලෙව්වා.

" ප්‍රශ්නයක් නෑ මිස්ටර් ආගත් එයා හොදින්....

සේලයින් එක ඉවර වුණාම ගෙදර යන්න පුලුවන්.... "

මාව පරීක්ෂා කල වෛද්‍යවරයා සියල්ල පැහැදිලි කල අවසානයෙ දි ආගත් සර් ඔහුට අතට අත දුන්නෙ ස්තූති කරමින්.

" තැන්ක් යු ඩොක්ටර්..... "

වෛද්‍යවරයත් හෙදියත් පිටව ගිය පසු ආගත් සර් ආයෙත් මගේ ලග තිබුණු සෝෆාවට බර වුනෙ මට රවාගෙනමයි.

" සර් ද මාව බේරගත්තෙ.... "

සෑහෙන වෙලාවක් එයා මට රවාගෙනම බලන් වුන්නෙ හරියට මම හිතාමතාම මැරෙන්න ගියා වගේ. ඉතිං  ඒ නපුරු මූණ මඟහරින්න වගේම අපි අතර තිබුණු නිහඬ බව බිදින්නත් මට ලොකු උවමනාවක් තිබුනා..

ආගත් සර් තරහ ගනි දෝ බයෙන් බයෙන් වුනත් මං ඒ වගේ ප්‍රශ්නයක් ඇහුවෙ තවත් ඒ බැල්ම දරාගෙන ඉන්න බැරි තැන.

" ඔව් මම තමයි බේරගත්තෙ....

මොකද මම කැමති නෑ...

ඊළග සතියෙ මම ඇග්‍රිමන්ට් සයින් කරන්න ඉන්න හොටෙල් එකේ පූල් එකට වැටිලා... කොහෙවත් යන කෙල්ලෙක් මැරිලා කියලා  නිව්ස් එකක් යනවට.... "

ආගත් සර්ගෙ  ඒ වචන වලට හිත ගොඩක් නොරිදුනා කිවොත් බොරු. ඒ තරම් දිග පැහැදිලි කිරීමක් නොමැතිව හිත සැනසෙන වචන දෙක තුනකින් ඒ පිළිතුර නිම වුනා  නම් කොච්චර දෙයක් ද..

" තමුන්ට මැරෙන්න වෙන විදියක් තිබුනෙම නැද්ද සිනුදි.... "

ආගත් සර් අහන්නෙ පුදුම තරම් නපුරුකමක් මූණට ඇදගෙන.

" මම මැරෙන්න හැදුවේ නෑ....

මගේ ජීවිතෙ මොන තරම් දේවල් වුනත් මට තාමත් මැරෙන්න තරම් හයියක් නෑ....

මම මැරෙනව නම් මැරෙන්නෙ අද නෙමේ සර්......

මීට ගොඩක් කාලෙකට කලින්....

මට මැරෙන්න ඕන වුනෙ නෑ දෙවියනේ.... මට මැරෙන්න ඕන වුනෙ නෑ.... "

ආගත් සර්ගෙ වචන හිත ගොඩක් රිදෙව්වා. ඉතිං මම ඇඩුවා. අත් දෙකෙන් මූණ වහගෙනම මම ඇඩුවා.

ඇයි මේ ලොකෙ කාටවත් මාව තේරුම්ගන්න බැරි.. ඇයි මගේ ජිවිතේට එන හැමෝම මාව රිද්දන්නම උත්සහ කරන්නෙ.. ඇයි හැම තැනදිම මම විතරක් වැරදි වෙන්නෙ.. මට තාමත් තේරුම්ගන්න බෑ ඇයි මට එහෙම වෙන්නෙ කියලා. සමහර විට පෙර ආත්ම වල කරපු පව් වෙන්න ඇති.. මම හිත හදාගන්නෙ ඒ විදියට.

" ඒ කියන්නෙ කවුරු හරි ඔයාව... පූල් එකට තල්ලු කලා ද.... "

මගේ හැඩුම නතර වුනෙ ඉබේටම. ආගත් සර් නොසිතු මොහොතක අහපු ඒ ප්‍රශ්නෙට නම් මගේ හුස්මත් හිර වෙලා වගේ. මට මැවිලා පෙනුනෙ වීපි සර් මාව හිතාමතාම පිහිනුම් තටාකයට තල්ලු කල සිද්දිය. වීපි සර්ගෙ මුහුණ මැවෙන වාරයක් වාරයක් පාසාම මගේ ඇඟේ හිරිගඩු පිපෙන්නෙ මටත් නොදැනිම.

මම කොහොමද වීපි සර්ව පාවලා දෙන්නෙ.. නෑ ඒ දේ නම් මට කොහොමටවත් කරන්න බෑ.. මම එහෙම දෙයක් කලොත් වීපි සර් අපි හැමෝගෙන්ම පළිගනි. වීපි සර්ට කිසිම සම්බන්ධයක් නැති ආගත් සර් පවා මේ ප්‍රශ්නෙට මැදි වේවි.

ඉතිං වීපි සර් ගැන ඇත්ත හෙලි කිරීම කොහොමටවත්ම නුවනට හුරු කරුණක් නොවන බව මම තේරුම්ගත්තා.

" කියන්න  සිනුදි....

කවුරු හරි ඔයාව පූල් එකට තල්ලු කලා ද...... "

ආගත් සර් ආයෙත් තරමක් විපරමින් ඇහුවෙ මම උත්තරයක් නොදුන්න තැන.

" න්... නෑ.....  ම.... මාව වැටුනා....

මම හිතුවේ... මට පීනන්න පුලුවන් වෙයි කියලා.... ඒත්... ඒත් බැරි වුණා...

ඒකයි උදව් ඉල්ලලා කෑගැහුවේ.... "

වචන පැටලවි පැටලවි මම බොරුවක් ගොතාගත්තෙ ඉක්මනින්.

සන්සුන්ව මගේ කතාව අහගෙන වුන්නත් ආගත් සර්ගෙ මූණෙ ඇදිලා මැකිලා ගියෙ අපහාසාත්මක හිනාවක්. පොඩි ළමයෙක් බොරු කියද්දි ඇත්ත දැන දැනම වැඩිහිටියො ඒ කියපු බොරුව පිළිගන්නව වගේ ආගත් මගේ කතාව අහගෙන වුන්නා. ඒත් එයා ඒ කතාව පිළිගත්ත ද නැද්ද කියල නම් මට විශ්වාස නෑ.

ආගත් සර් තවත් මොනවදෝ කියන්න කට හදනවත් එක්කම ඔහුගෙ දුරකථනය නාද වෙන්න පටන්ගත්තා. දුරකථන ඇමතුම කාගෙන් වුනත් අනෙක් පසින් ලැබුන තොරතුරට ආගත් සර් තරමක් කලබල වුණා. ඇමතුම විසන්ධි කරල ඔහු කෝට් එක අතට ගත්තෙ යන්න සූදානම් වෙන්න වගේ.

" මට දැන් යන්න වෙනවා සිනුදි...

පරිස්සමෙන් ඉන්න...

හොදටම හොද වෙනකම් ඔෆිස් එන්න එපා...

මොකද මම කැමති නෑ... ඔයා අසනීපෙන් වැඩ කරලා කම්පැනි එකේ අකවුන්ට්ස් වරද්දනවට...

තේරුනා නේ..... "

මට මුකුත් කියන්නවත් වෙලාව නොදිම ආගත් සර් රෝහල් කාමරයෙන් පිට වුනෙ කලබලයෙ. මට හිතුනෙම ඔහු කාව හරි මඟහරින්න උත්සහ කරනව කියලා.

හිතුව වගේම මට වැඩි වෙලාවක් රෝහල් කාමරයෙ තනිවම ඉන්න ලැබුනෙ නෑ..

ඔහු පිටතට ගොස් විනාඩි කිහිපයකින්ම කලබලයෙ රෝහල් කාමරයට ඇතුලු වුනෙ මම බලාපොරොත්තු නොවුන රුවක්.

" අම්මා....! "

දොර අභියස සිටගෙන වුන්න අම්මව දුටු පමණින්ම මට කියවුනෙ ඉබේටම.

" දෙවියනේ සිනුදි....

මගේ දුවේ ඔයා හොදින් ද....

කරදරයක් නෑ නේ.... "

ඇස් වල කදුළු පුරෝගෙනම දුවගෙන ආව අම්මා මාව තුරුලු කරගත්තෙ සැනසුම් සුසුමක් හෙලමින්. ඇත්තටම අම්මා මං ගැන දුක් වෙනව ද... එහෙමත් නැත්නම් මොහොතකට කලින් මාව පරීක්ෂා කිරීමට පැමිණි හෙදියට පේන්නට ඇය ඕනාවටත් වඩා රඟපානව ද.

" වාසනාවකට ඔයා හොදින්....

මම හොදටම බය වුණා...

සිනුදි ඔයාට කරදරයක් වුණා නම් වීපි සර්ට මං මොනව කියන්නද... "

අම්මා හුස්මක් හෙලුවෙ එහෙම කියමින්. මගේ ඇස් වලට කදුළු පිරුනෙ ඉබේටම. අම්මා දුක් වෙන්නෙ මම ගැන නෙමේ සල්ලි ගැන. මම මැරුනොත් වීපි සර් එයාට ඉතුරු මුදල නොගෙවාවියි බයෙනුයි එයා කලබල වෙලා තියෙන්නෙ.

හෙදිය රෝහල් කාමරයෙන් පිට වන තුරු මම වුන්නෙ ලොකු ඉවසීමකින්.

" හොද වෙලාවට මූණෙ එක සීරීමක්වත් නෑ....

සිනුදි ඔයාගෙ මූණ මොන තරම් වටිනවද කියලා දන්නව ද....

වගකීමෙන් වැඩ කරන්න සිනුදි....

වීපි සර්ට ඔයාව එපා වුනොත්... අපිට මොකද වෙන්නෙ.... "

අම්මා ඔහේ කියවන් යද්දි මම උන්නෙ ඉවසීමේ අන්තයටම ඇවිත්.

" ඕක නවත්තන්න අම්මා....

ඔයාගෙ වීපි සර් නිසා තමයි මම අද හොස්පිට්ල් එකේ ඉන්නෙ....

ඇයි ඔයාට මේවා පේන්නෙ නැත්තෙ අම්මේ...

ඒ මිනිහා මාව මරන්න හැදුවා.....

මං මැරෙනකම් ඒ මිනිහා හිනා වෙවි බලාගෙන වුන්නා.......

මට තේරෙන්නෙ නෑ ඔයා මොන ජාතියෙ අම්මා කෙනෙක් ද කියලා.... ශිට් "

මම විදපු ඒ වේදනාව විස්තර කරද්දි අම්මගෙ මූණෙ මං වෙනුවෙන් පුංචිම හරි අනුකම්පාවක් , දුකක් ඇදිලා තිබුනෙ නෑ.. එයා මම වෙනුවෙන් දුක් වෙන්න ඕනෙ නෑ.. අනිත් හැම අම්මා කෙනෙක්ම කරන දේවල් මම එයාගෙන් බලාපොරොත්තු වෙන්නෙත් නෑ... ඒත් අඩුම තරමෙ තවත් ගැහැණියක් විදියට එයාට තිබුණා මාව විශ්වාස කරන්න.

මම කියන දේ විශ්වාස කරන්න එයා ලෑස්ති නෑ කියලා තේරුම්ගද්දි ජීවිතෙ පළවෙනි වතාවට මම මටම ශාප කලා.. ඇයි මාව ඉපැද්දුවෙ අම්මේ... මාව මරලා දාන්නෙ නැතුව මේ ලෝකෙට උපද්දවපු එක ගැන ජීවිතෙ පළවෙනි වතාවට මම ශාප කලා.

" කට....

ඔයා ලගකදි ඉදන් කියවනව හොදටම වැඩි සිනුදි.....

වීපි සර් කවදාවත් ඔයාව මරන්නෙ නෑ....

ඔයාට මැරෙන්න දෙන්නෙත් නෑ....

කොහෙද ඉදන් ආව කොල්ලෙක් තමයි මැද්දට පැනලා සේරම අවුල් කරලා තියෙන්නෙ...

වීපි සර් ඉන්නෙ හොදටම තරහින්...

ඔයාට නම් බේරෙන්න වෙන්නෙ නෑ සිනුදි....

මෝඩ වැඩ කරනවට හොදම වැඩේ...  "

අම්මගෙ වචන වල පුදුම වෙන්නවත් තරහ ගන්න තරම්වත් දෙයක් නෑ.. එයා හැමදාම කතා කලෙ ඒ විදියට. සැරින් සැරෙට හිත පෑරුනත් මට ඒ දේවල් දැන් පුරුදුයි..

" ඔව්.. කොහොමත් එයා මාව මරන එකක් නෑ.....

මොකද මාව මැරුවොත් එයාට සෙල්ලම් කරන්න බෝනික්කෙක් නැතුව යනව නේ....... "

ජනේලයෙන් පිටත බලාගෙන මම කිවුවේ නොරිස්සුමෙන්.

................................................................

🌙 නැවත හමුවෙමු 🌙

................................................................

🌹 කතාව දිගටම ලියන්න ඔයාලගෙ ආදරණීය කමෙන්ට් එක තමයි  මාව ශක්තිමත් කරන්නෙ..

අමතක නොකර ලස්සන හෝ කැත ඔනේ අදහසක් කියලා යන්න මං ඒ හැම එකක්ම ආදරෙන් පිළිගන්නවා.. 🌹

💣 පෙර කොටස් කියවීමට සස්වාමිකයි ඈ  ඇල්බම් එකට යන්න

✒️ ශාන්‍යා ප්‍රනාන්දු ✒️

Share This Chapter