Back
/ 25
Chapter 2

01 වන පරිච්ඡේදය 👁

උමතු ඇස්💓👁 (COMPLETED)✅

"රූ..."

"කියන්න නෙතුශ්...."

"ඒ ටිකට මම නෙතුශ් උනාද...ඈ බං..."

"හිතලා කීවේ නෑ...ඒක නෙවෙයි ඇයි කතාකරේ..."

"මේ මේකයි උබට අපේ අම්මා කතා කරොත් මම උබ එක්ක ඉන්නෙ කියහන් හරිද....උබ හොද එකානේ..."

"ඇයි උබ මේ පාර කොහෙද යන්න හදන්නෙ....මාවත් බිල්ලට දීලා...."

"පොඩි ගමනක්...."

"හ්ම්...."

එයා තව වචනයක්වත් කියන්න කලින් මම කරේ කෝල් එක කට් කරපු එක....එයා හැමදාම ඔහොමයි...යන තැනක් කියන්නෙත් නෑ හැබැයි පාවලා දෙන්නෙ මාව....හ්ම්....මේක හිතට හරි වේදනාවක්...මම අදටත් අහන්නෙ ඇයි දෙවියෝ මේ තරම් අසාධාරණ....උරුම නැත්තන් ඇයි මට එතන නවතින්න පාර පෙන්නුවේ.......එයාට ලස්සන ආදයක් තියෙනවා....මම දකින හැමදාකම ඒ ඇස් ආදරෙන් පිරිලා තිබුණා....හැබැයි මම වෙනුවෙන් නෙවෙයි....එයාගෙ රොබරෝසියා මල වෙනුවෙන්.....එයා ආදරේට කතා කරන්නෙ එහෙම.....හැබැයි මට නෙවෙයි එයාගෙ එයාට......මට පස්සෙ උනත් එයාට හම්බවුන එයාගෙ ආදරේ...එයාගෙ රොබරෝසියා මල...ඇත්තටම එයා හරි ලස්සන ගෑණු ලමෙක්....නෑ මම ආදරේ කරන්නෙ කෙල්ලෙක්ට නෙවෙයි....මම ආදරේ කරන එයා ආදරේ කරන්නෙ කෙල්ලෙක්ට....ඒ එයා...මට දැන් කතා කරේ එයා.....මීට සතියකට කලින් මගේ භාෂාවෙන් තුශ්.....හැබැයි දැන් නෙතුශ්....තුශ් කියන නම දැන් අයිති එයාගෙ රොබරෝසියා මලට....මීට සතියකට කලින් එයාගෙ හිත සදහටම වෙන කෙනෙක් ලග නතරවුනා....මම බලන් ඉද්දිම......එයාගෙ විදිහට මම එයාගෙ හොදම යාළුවා...එහෙමත් නැත්තන් සහෝදරයා....හැබැයි මට එයා යාලුකමට එහා ගිය ආදරේට මෙහා නැවතුන හරි අමාරු බැදීමක්.....ඉතින් ඒ එයා නෙතුශ් දෙව්සිතු..... රුහාන් මනුධරගෙ උමතු ඇස්....

මට කියන්න තියෙන්නෙ,

එදා ඔය ඇස් දිහා නොබලම බිම බලාගෙන යන්න තිබුණා....

මාස 6කට පෙර

"චූටි බේබි..."

"කියන්න නැන්දා...."

"අනේ චූටි බේබි මම හැමදාම කියනවා නොවැ මට කමලා කියන්නෙයි කියලා...ඔය හැටි ගරු නාම මොකටැයි මට...."

"මට ඉන්නෙ ඔයයි පාලයි විතරනෙ නැන්දා...ඒ නිසා මෙහෙම හොදයි...."

"නැන්දා ආවේ...."

"චූටි බේබි අද ඉස්කෝලෙ යන්නෙ නැතෙයි..."

"යන්න ඕනෙ...."

"ආන්න අරහෙ පාල බෙරිහන් දෙනවා..."

"ඒ මොකටද...."

"චූටි බේබි තාම නිදිය කියලා..."

"ම්ම්...මම ලෑස්තිවෙලා එන්නම්...."

"එහෙනම් මේ කිරි එක බීලම ලෑස්ති උනානම්..."

කවදාවත් වරදින්නෙ නැති කිරි වීදුරුව අදත් මගෙ මේසෙ උඩ තනි මැකුවා....උදේට හැමදාම නැගිටින මම දිහා හිනාවෙලා බලන් ඉන්න මගෙ අම්මයි තාත්තයි....අදත් ඒ විදිහමයි..

"Good morning අම්මා....Good morning තාත්තා....."

ආපිට උත්තරයක් නැතත් ඒ වචන ටික කවදාවත් මම වරද්දන්නෙ නෑ....එයාලා කොහෙ හරි ඉදන් අහන් ඉන්නවා ඇති කියන බොලද සිතුවිල්ල නහරයක් නහරයක් පාසාම මගෙ ඇගේ උඩු දුවලා තිබුණා.....

මටත් ප්‍රශ්නයක්...එයාලට මොකද උනේ?..

හරියටම මීට අවුරුද්දකට කලින්....අමු අමුවේ මරා දැමුන ව්‍යාපාරික යුවලක්....ඒක හරි අමානුෂික ඝාතනයක්....හේතු විරහිතයි...විශේෂම කාරණය නම් ඒ ලෝකෙම පිලිගත් කම්පැනියක තනි අයිතිකාරයෝ...ලෝකෙට සල්ලි ආකර දෙකක්...

එහෙමයි මුලු ලෝකයක්ම එදා ඒ දිහා බැලුවෙ....එහෙමයි එදා news වලට කීවේ...දවස් ගානක් රටේ විතරක් නෙවෙයි ලෝකෙම ප්‍රධාන මාතෘකාවක්....ඉතින් ඔව් ඒ මගෙ අම්මයි තාත්තයි....හැමදේම මගෙ නමට ලියලා ඒ දෙන්නා එහෙම යන්න ගියෙ ඒ ගැන දැනගෙනද කියලත් මට හිතුනා....

රුහාන් මනුධර....අවුරුදු 19යි....ලෝකෙම පිලිගත් කම්පැනි එකක තනි අයිතිකාරයෙක්...කිසිම අරමුණක් නැති ජීවිතයක්....වචනෙ පරිසමාප්ත අර්ථයෙන්ම ඒ මම....පුදුමයි නේද?....

දැනට බාප්පා යටතේ තිබුණත් තව අවුරුදු දෙකකින් ඒ හැම බරක්ම මගෙ කරපිට...හ්ම්...ජීවිතේ හැටි ඔහොමයි..හිත හදාගන්න ලේසිම වචන ටික...

පීනන්න තරම් සල්ලි තිබ්බත් කෝ සැනසීමක්....හිත හිතම අතට දැණුනු රස්නෙට අදත් මම කරේ හීනියට හිනාවුණ එක...වීදුරු කෝප්පයක්...දවසක් අත් වැරැද්දකින් මගෙ අතින් ඒක වැටුනා....හැබැයි කැඩුනෙ අල්ලගන්න තැන....එහෙම තැනක වටිනාකමක් නෑ....ඔයාලට අනුව ඒක එහෙමනෙ....හැබැයි එතන තමයි නියම අරුත තියෙන්නෙ...අණ්ඩක් නැති කෝප්පයක්.....උණු උණුම තේ එකක්....මගෙ අත පිච්චෙන්න තරම් රස්නෙයි....මට ඕක පුරුදුයි....මොකද මමත් ඒ වගේ....ඉතින් ඒකයි..මට අනුව නියම අරුත මේ බිදුණු කෝප්පෙ....පිටට නොපෙනෙන මගෙ පපුවත් ගිනි ගහන තරම් රස්නෙයි....

හිතන්න දේවල් නම් එමටයි....ඒත් කෝ ඒකට වෙලාවක්....ඉගෙන ගන්න ආසාවක් නැතත් මම ඒක කරන්න ඕනෙ....මොකද මේ ඒ දෙන්නගෙ හීනේ...මම A/L පාස් වෙන එක...ඔව් ඒ මගෙ අම්මගෙයි තාත්තගෙයි හීනේ....

මම අකමැතිම ඇදුම සුදු ඇදුම....අහන්න එපා ඇයි කියලා....කියන්න තරම් හේතුවක් මම ලගත් නෑ....හැමදාම වගේ අදත් මන්දගාමී...මම තමයි...වෙන කවුද?....

"පාල මාමේ...."

"සුදු බේබි...."

කමලට චූටි බේබි......පාලට සුදු බේබි....හැබැයි මම ආසයි...

"අද හවස එන්න ඕනෙ නෑ...."

"අර මොකද හදිස්සියේම...."

"හේතුවක් නෑ....හැබැයි මම තනියම එන්නම්...."

"අනේ මන්ද බේබිගෙත් වැඩ නම්..."

හැමදාම දෙස් තියනවා...එයා ඔහොමමයි....තරහකට නෙවෙයි ආදරේ වැඩිකමට....ඒ උනාට අද මගෙ හිතට තනිවෙන්න ඕනෙ වෙලා.....හිතක් වෙනස් කරන්න තනිකමට පුලුවන්ද?....සමහරවිට...

"මම ගිහින් එන්නම් නැන්දෙ..."

"තුරුණුවන්ගෙ සරණයි මගෙ බේබිට..."

දවසම සුභයි ඔය ආශිර්වාදෙට.........

කාර් එකේ උපරිම වේගෙ හැටයි....පාල කවදත් ඔහොමයි....එයා බයයි....වේගෙට නෙවෙයි...මට කරදරයක් වෙනවට...

"අපි ආවා සුදු බේබි...."

"මට නින්ද ගියා පාල...."

"මම නොදන්නවද බේබි ගැන..."

එයාට පුරුදුයි...වෙන මුකුත් නෙවෙයි මගෙ නින්ද....එන අතරමග මම කරන එකම වැඩේ ඕක.....ඉතින් නුපුරුදු වෙන්න බෑ.....

දාස්ගානක් මැද තනියෙන්...මම කැමති නෑ...වැඩි කතාබහට...හිතුවා හරි මට යාලුවෝ නෑ.....ආයෙම කියන්නම්....

මට මේවා පුරුදුයි....

"අල්ලපන් හුත්තො....."

"උබට ඕක තනියෙන් කරගන්න බැරිද..."

"අඩෝ රුහාන්..."

පන්තිය අද හරි කලබලයි....කටවල් හරි සද්දෙයි...අතරින් පතර හුරු නමුත් නොගැලපෙන වචන...කවදත් මෙයාලා ඔහොමයි....කොල්ලොනෙ....

ඒත් ඇයි මට කතාකරේ?.....

"කියන්න...."

"උබේ එහා පැත්තට ඩෙස්ක් එකක් දැම්මා හරිද....අද අලුත් එකෙක් එනවලු ඒකයි...."

"අවුලක් නෑ...."

කමක් නෑ....පුරුදු වෙමු....තව කෙනෙක් එක්ක කතා කරන්න.....ගොඩක් කල් තනියම හිටපු මට ඒක අමාරු වැඩක්....උත්සාහය වැදගත්...මම හරිනෙ....

අද මගෙ තනියට අලුත් ඩෙස්ක් එකක්....හැබැයි තවම හිස්...තව ටිකකින් තනිය මැකෙයි.....නෑ මගෙ නෙවෙයි...ඩෙස්ක් එකේ.....

"ලමයි...."

සුපුනි මිස්....ඔය එයාගෙ කටහඬ....උදේට කොහොමත් වරදින්නෙ නෑ....ඒ නිසා බලන්න දෙයක් නෑ....

"අද අපේ පන්තියට අලුත් යාළුවෙක් ඉන්නවා....ඔයාව මෙයාලට අදුන්වලා දෙන්න බලන්න...."

"මම නෙතුශ්....නෙතුශ් දෙව්සිතු...."

ලමයි ලමයි මේක short story එකක් හරිද...උපරිම කොටස් 25යි....chapter එකක් උනත් ගොඩක් දිගට ලියන්න බලාපොරොත්තුවක් නෑ....

හොදයිද?..

හැමෝම පරිස්සමින් ඉන්න..ආදරෙයි❤❤

@Diyana_45 🖊mention a user

Share This Chapter