Back
/ 25
Chapter 3

02 වන පරිච්ඡේදය 👁

උමතු ඇස්💓👁 (COMPLETED)✅

"මම නෙතුශ්....නෙතුශ් දෙව්සිතු...."

ලස්සන නමක්....මම අහලම නෑ....මගෙ නමත් හරි අමුතුයි ඒත් මේ නම සිත් ඇදගන්නා සුලුයි...මම කවද්ද බොරු කීවේ.....ඒක හරි ගැඹුරු කටහඬක්.....අමුතු ගාම්භීර බවක් ගැබ්වුණු හරි ගැඹුරු කටහඬක්....

මම හිතන්නෙ එයා කතාකරන්න අකමැතියි...කටින් පිටවුණේ වචන කීයද මෙන්න මගෙ එහා පැත්තෙ....තවම හැඩරුව කියන්න මම දන්නෙත් නෑ....මොකද මම එහා දිහා බැලුවෙ නෑ....කවදත් ඔය මගෙ හැටියක්...නොදන්න මිනිස්සුන්ට තප්පරේක තරම් බැල්මක්වත් නෑ.....වෙලාව අපරාදේ...

"Good morning ලමයි....අද අලුත් පාඩමක්..."

ඔය ආවේ....වෙන කවුරුත් නෙවෙයි chemistry මිස්....එලෙවල් පාඩම් මොන තරම් දිගද...ඔයාලා දන්නවා ඇති.....හැබැයි මෙයාට ඒ හැමදෙයක්ම හරිම කෙටි....දවස් දෙකට එක පාඩමයි....කමක් නෑ අදත් කාලය නාස්ති කිරීමක්...මම කැමති නෑ ඉස්කෝලෙ එන්න...ඒත් වෙන කරන්න දෙයක් නෑ....මට මේවා පුරුදුයි....

දැන් පීරියඩ් දෙකක්ම ඉදගෙන ඉන්න ඕනෙ...මට කරන්න අමාරුම වැඩවලින් එකක්...එකතැන ඉන්න එක මරනවා හා සමානයි...කාට නැතත් මට එහෙමයි....

"Excuse me..."

උරහිසට දැනුනෙ පොඩි ලමෙක් තට්ටු කරා හා සමාන හැගීමක් වෙද්දි මගෙ ඇසුත් හැරවුනේ ඒ දිහාවට.....මේ පලවෙනි වතාව....මම කෙනෙක් දිහා මේ තරම් උනන්දුවෙන් බලපු...

එකටම යාවුන ඇහිබැමි....ගානට වැවුණ තද කලු පාට කොණ්ඩෙ....කලුත් නැති දුඹුරුත් නැති මහ අමුතු පාටක්...ඔව් ඒ එයාගෙ ඇස්...ටිකකට කලින් පිරවුන ලගම අසුනෙ අලුත් අයිතිකාරයා....කතා කරේ එයා වෙද්දි මගෙ ඇස් මටත් නොකියම එක තැනක නතරවෙලා තිබුණා....කලින් කීවත් වගේ එයාගෙ ඇස් මාව එකතැන හිරකරා....ඒවා...

"උමතුවක්...."

"මොකක්ද...."

"හිතන්න එපා..ඇයි කතාකරේ..."

එයාට කියන්න බෑ...කොහොමටවත් බෑ...එයාගෙ ඇස් උමතුවක් කියන්නද...ඒක නිකන් විකාරයක් වගේ නැද්ද?...අදම දැක්ක මනුස්සයෙක් ගැන එහෙම හිතන එක...මට අනුව නම් ඒක විකාරයක්.....හිතන්න ඕනෙ නෑ....

ඇයි මට කතාකරේ?.....

එයාගෙන් ආපිට උත්තරයක් නෑ....ඒකත් මටම තමයි අහන්න වෙන්නෙ....කවදා කරපු දේවල්ද...

"මොකක් හරි උවමනාවක්ද...."

"ඕහ් නෑ නෑ ....."

උවමනාවක් නෙවෙයිනම් කතාකරේ...ඔලුව විකාරයි....

"එහෙනම්....."

එතනින් එහාට වචන බරගානක් මගෙ කටින් එලියට පැන්නා....හරි පුදුමයි....

"ලගම ඉන්නෙ ඔයා නිසා අදුරගන්න එක හොදයිනෙ...."

"ආ ඔව් නේද...."

"ඉතින් මම නෙතුශ්....එතකොට ඔයා..."

"මම රුහාන්....රුහාන් මනුධර..."

"ලස්සන නමක්..."

"Thank you..."

"මම ඔයාට රූ කියන්නම්....ඒක ලේසියි...."

"කැමති විදිහක්...."

කවදාවත් කවුරුත් කතා නොකරපු නමක්...එයා ඒක කියන්නම්ලු....කමක් නෑ මම ආසයි....වෙනසකට...

ඉස්කෝලෙ ඉවර වෙනකන්ම එයා කටර් වගේ මාත් එක්ක කියෙව්වා...මම අහන් හිටියා...මම උවමනාවෙන් දෙයක් අහගෙන හිටපු පලවෙනි පාර....බලන් ගියාම හැමදේම මම කරපු පලවෙනි පාර....එහෙමනෙ...හිතන්න එපා ඒ මගෙ හැටි....

.

.

.

.

.

.

.

මහ උසට නැගුනු කලුපාට ලොකු ගේට්ටුව...පාසලේ අභිමානය හරි අපූරුවට තනි මැකුවා...ගේට්ටුවේ....පන නැති දේවල්වලටත් තනි මකන්න අය ඉන්නවා...ඒත් කෝ මට?.....

"රූ...."

ඔය එයා...තුශ්...මට කෙටි නමක් හදාගත්ත එයාට මම දාපු කෙටි නම...දවසක් ඇතුලත එච්චර යාලුකමක්...මට නුපුරුදු උනාට එයාට පුරුදු ඇති....ඒ නිසා මමත් පුරුදු වෙන්නම්....

"කියන්න තුශ්...."

"අමතක කරන්නෙ එහෙම නෑ...."

"මොකක්ද...."

"ඒ ටිකට උබට අමතකයි..."

මම කීවේ එයා කටර් එකක්....කවදාවත් කවුරුත් නොකියපු වචන ගානක් මේ පැය ටිකට වචන කරපු එයා ඇත්තටම කටර් එකක්.....

"මතක් කරලා දෙන්න ඉතින්...."

"මගෙ nmb එකට msg එකක් දාන්න..."

"ආ ඒක...හරි හරි මම දාන්නම්..."

එතකොට මම හිතන්නෙ තුන්වෙනි පීරියඩ් එක.....තුශ් මගෙ පොත ඇදලා ගත්තෙ මම ඒ ගැන හිතන්නත් කලින්....ඒකත් ලිය ලිය හිටපු පොතම....වෙන මොකටවත් නෙවෙයි එයාගෙ nmb එක ලියන්න...දැන් ඔය ආයෙම මතක් කරනවා....හ්ම්ම්ම්....

විනාඩි පහකට වඩා කියවපු එයා යන්න ගියා වෙද්දි මමත් හැරුණෙ මගෙ සුපුරුදු ගමන් මග දිහාවට....

අද පාල එන එකක් නෑ...මම එන්න එපා කියන දවසට වැරදිලාවත් එයා එන්නෙ නෑ....ඒ දෙන්නා දන්නවා...මම හිතට සහනයක් ඕනෙ හැමදාකම කරන්නෙ මේක කියලා....විහිලුවක් වගේ නැද්ද.....හිත නිදහස් කරගන්න තනියම පාරක ඇවිදින එක...ඔයාලට එහෙම ඇති ඒත් මට එහෙම නෑ....

Phone එක අතේ නැති එකම වෙලාව....ඒ මේ වෙලාව...ඉතින් කාර් එකේ යනවට වඩා මෙහෙම යන එක සැනසීමයි....තව විනාඩි ගානක් හරි මට ඉතුරුයි....ඇයි බැලුවද phone එක.....ඔයාලට කුතුහලේ....මම හරිනෙ....රෑට දැනගන්න ලැබෙයි....එතකන් ඉවසන්න....

වැරදිලාවත් පයින් යන දවසට මම බස් දිහා බලන්නෙ නෑ.....ගෙදරට යනකන්ම පයින්...කකුල් වලට වේදනාව දැනුනත් හිතට සහනයක් නිසා ඉවසනවා....හ්ම්....මම හරි අමුතුයි වගේ නැද්ද?.......

"මුරුක්කු සීයක්...."

"මේ අපේ පුංචි මහත්තයනෙ....අදත් පයින්ද..."

"ම්ම්ම්....පුංචි මහත්තයා කියන්න එපා..."

"ඒත්....."

"ඒකට කමක් නෑ මාමේ.....".

අදත් ඒ මූණ හරි අහිංසක හිනාවකින් පිරිලා...ඔය හිනාවට හිතම පිරෙනවා....මේ මම පයින් යන දවසට නොවරදවාම එන කඩේ...මහලොකු දේවල් ගන්න නෙවෙයි...මුරුක්කු සීයක් ගන්න....යන මගට සැරට හැපෙන මුරුක්කුවක් කියන්නෙම කල්පනාවට උත්තේජකයක්......

ඉගෙනගන්න වයසක ලමෙක්ට තියෙන ප්‍රශ්නවලින් සීයට එකක්වත් මට තිබුණෙ නෑ....ඒ දෙන්නා මගෙ ලග ඉන්න කාලේ....ඔයාලා දන්නවා...මම කියන්නෙ කවුරු ගැනද කියලා ඔයාලා දන්නවා...ඒ නිසා ආයෙම මට කියන්න බෑ...යන මගටත් කදුලු හලන්න,හිත රිද්දගන්න....ඇත්තටම මට හයියක් නෑ....

මම ආයෙ කියනවා රෑට උත්තර ලැබෙයි....බලන් ඉන්න....

උපරිම පැයයි....මම හිටියෙ ගෙදර ලග....

"අපෙ අප්පේ චූටි බේබි...."

"නැන්දෙ...."

හැමදාම මම එන මග තනි රකින්නෙ කමලා නැන්දා....මොන තරම් කීවත් නැන්දා කියන්න එපා කියලා මම දන්නවා....ඔය වචනෙට වයසක ඒ හිත නොසෑහෙන්න පිරෙනවා....

"මේ බලන්නකො මූණත් එක්ක රතුවෙලා...චූටි බේබි හරි පණ්ඩිතයි නොවැ.....මොන තරම් කරදර අස්සෙද බේබි මේ මුරණ්ඩුකම් කරන්නෙ...."

"ආයේ නෑ හොදද....කෝ යමුකො අනේ මට බඩගිනි...."

"මාත් සාගින්දරෙන් හිටියෙ....චූටි බේබි එනකන් කන්නවත් පිරියක් නෑ මයෙ හිතටත්..."

"යමු එහෙනම්...අද මම කවන්නම්....."

මම එනකන් කන්න හොර කරන එක කමලා නැන්දා දැන් පුරුද්දට අරන්.....කප්පරකට දෙස් තිබ්බත් කමලා නැන්දා මට හරි ආදරෙයි...එයා බයයි...මම තනියම එනවට......නොකීවට මම දන්නවා....මගෙ ජීවිතෙත් අවධානම්....දේපල කන්දක් ඉහ උඩ පටවන් ඉන්න මට කරදර නැත්තන් එතනයි හිතන්න ඕනෙ.....හැබැයි අද වෙනකන් හිරීමක තරම් දෙයක්වත් වෙලා නෑ...ඒ කවදා වෙනකන්ද මම දන්නෙත් නෑ....

"චූටි බේබි ගෙට එන්නෙ නෑ..."

"නැන්දා යමු මම එන්නම්...."

මම නැවතිලත් බැලුවෙ ගේ දිහා වෙද්දි මටත් නොදැනිම මගෙ ඔලුව බරවෙලා තිබුණා...මොන තරම් සතුටින් පිරිලා තිබුණ තැනක්ද....අද නිකන්ම හිස් සොහොනක් වෙලා.....සල්ලි තිබ්බත් සැනසීමක් නෑ...සතුටක් නෑ.....මගෙ ජීවිතෙත් තනිකරම කටු ගොඩක්.....

නොහිතා ඉමු.....විනාඩි ගානකට හරි සැනසීමයි....

නැන්දට කවන්න උන්නු මම කරේ නැන්දට කියලා කවාගත්ත එක....රසයි...අම්මා කවන....නෑ වැරදුනා අම්මා කවපු බත් කට තරම්ම රසයි.....

"චූටි බේබි...."

"කියන්න නැන්දා...."

"මම රෑට උයලා යන්නෙ....මගෙ බේබි කනවා නේද..."

"කන්නම්....."

මට නුපුරුදු නෑ....පාල විතරක් නෙවෙයි නැන්දත් හවසට ගෙදර යනවා වෙද්දි හැමදාම මට උනේ තනිවෙන්න...ඒකත් මහ විශාල ගෙයක් ඇතුලෙ.....

දැන් වෙලාව දහයයි......හැමදාම වගේ අදත් දහය වෙනකන් පාඩම් කරපු මම ඇදට වැටුණෙ සුපුරුදු කෝල් එක පරක්කු වෙන්න හේතුත් ගලපන ගමන්......

බාප්පා is calling........

විනාඩි දහයක් පරක්කුයි....පුදුමයි...

ආන්ස්වර් නොකලොත් මට නිදාගන්න දෙන එකකුත් නෑ....

"මනුධර!......."

"බාප්පෙ......."

"තමුන්ට අදත් තියෙන්නෙ ඊයෙ දුන්න උත්තේමයි...එහෙමනෙ...."

"ඔව්....."

"ලගදිම මම උබව මට්ටු කරන්නම්...."

හැමදාම ඔය වචන ටික....හරියට නිකන් මන්තරයක් වගේ....

මතකද මම කීවා රෑට උත්තර ලැබෙයි....

බාප්පා....මගෙ අම්මගෙ නංගිගෙ හස්බන්ඩ්...බොහොම ලග නෑකමක්....එයාලා ලගට නොගත්තත් මගෙ අයිතිය දැන් තියෙන්නෙ එයාලට....නීතියෙනුත් ඒක එහෙමයි.....මට ආදරේකට නෙවෙයි...මගෙ දේපලවලට තියන තණ්හාවට....කම්පැනි එක එයා බලාගත්තට තව අවුරුදු දෙකකින් ඔය හැමදෙයක්ම මට....හැමදේම මගෙ නමට වෙද්දි එහෙම නොවී බෑ.....

ඔයාලා හිතන්න ඉගෙනගන්න වයසෙ ලමෙක් enagdge වෙන්න....ඒක පිලිගන්න පුලුවන්ද?...

බැහැ...එහෙමනෙ....ඒත් බාප්පට ඕන කරේම ඒක......ටියා....ඒ බාප්පගෙ දුව....එයත් මගෙ වයසෙ.....බාප්පට ඕනෙ එක්සෑම් එකට කලින් අපි දෙන්නව enagdge කරවන්න.....වෙන මුකුත් නෙවෙයි දේපල තණ්හාව....කෙල්ලො ගැන මට කිසිම හැගීමක් නෑ...මම දන්නෙ නෑ ඇයි කියන්න හැබැයි ඒක එහෙමයි....

"හොදින් බැරිනම් නරකින් හරි...."

පිහි තුඩකින් අනිනවා හා සමාන ආවේගයක් ඒ වචනවල තිබුණා වෙද්දි මම කරේ කෝල් එක කට් කරපු එක....කීයටවත් එයාට ඕන විදිහට මම වැඩ කරන්නෙ නෑ....

අපි බලමු....එයාට මොනවද කරන්න පුලුවන් කියලා....

දැන් දැනගත්තද?.......phone එක නැති තැන මට නිදහසක් දැනෙන්න හේතුව....

ප්‍රශ්න කන්දත් හිතේ හිරකරන් නිදාගත්ත මට එක දෙයක් අමතක වෙලා තිබුණා........

"උබට මම එච්චර කියලත් අමතක උනාද?...ඈ යකෝ....."

කතාව හොදද ලමයි...🤧

මම පුලුවන් හැමදාම update දෙන්නම් හරිද...මම ආයෙම එනකන් පරිස්සමින් ඉන්න ඕන💝....

ආදරෙයි💋❤

@Diyana_45 🖊mention a user

Share This Chapter