Back
/ 25
Chapter 4

03 වන පරිච්ඡේදය 👁

උමතු ඇස්💓👁 (COMPLETED)✅

අදත් සුපුරුදු නොරිස්සුම් ගතිය....ඉස්කෝලෙට අඩිය තියන හැමදාකම ඔහොමයි....වෙන කවුරුත් නෙවෙයි මම....සමහරු කියනවා එයාලගෙ ප්‍රශ්න කන්දක් තරම් උසලු...ඒත් නැත්තන් මහ මුහුද වගේ පතුලක් නොපෙනෙන තරම් ගැඹුරුයිලු....මම අහන්නෙම...එතකොට මං....ඔය දෙකම එකතු කරත් සහසිතකයි...මනින්ම බෑ මගෙ ප්‍රශ්න...සමහරවිට මේ මගෙ ඉරණම...පොඩි වයසට උහුලන තරම් දුක් දන්නෙ මමයි මගෙ හිතයි වෙනකොට හැමදාම කකියන්නෙ මගෙ පපුව....

ආයෙම ඔලුව ඇතුලෙ යුද්ධයක්....බාප්පගෙ වචන පපුව ඇදුම්කන තරම් බරපතලයි...මට ඕවා හිතන්න ඕනෙ නෑ...ඇත්තටම මහන්සියි....මට නෙවෙයි මගෙ පපුවට...හ්ම්...කමක් නෑ ඉවසමු...

"උබට මම එච්චර කියලත් අමතක උනාද?...ඈ යකෝ....."

"දෙයියනේ තුශ්...මම බයවුනා...."

බොරු කියන්න ඕනෙ නෑ...ඇත්තටම මගෙ හිත ගැස්සුනා....යන තැනම රැකගෙන හිටපු තුශ් කරේ මාව නවත්තගත්ත එක...අමතක උනාද අහපු හේතුව තාමත් මතක් නොවුන තැන මම කරේ ඒ මූණ දිහාවට මගෙ ඇස් අරන් ගිය එක...විශ්වාස කරන්න....ඊයෙට වඩා මම අද හිරවුනා...එයාගෙ ඇස් ලග දෙවනි වතාවටත් මම අද හිරවුනා...

කලුත් නැති දුඹුරුත් නැති මහ අමුතු පාටක්...මම කීවා...මම කවදාවත් බොරු කියන්නෙ නෑ...ඉතින් ඇත්තම කියන්නම්...ඊයෙ කීවටත් වඩා වැඩියෙන්ම....වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම තුශ් කියන්නෙ ලස්සනට සමාන පදයක්...පෙනුම අතිනුත් ඒක එහෙමම තමයි...හැමදේටම වඩා ඒ ඇස්....මම අද මේ දැනුත් කියනවා...එයාගෙ ඇස් මට......

"උමතුවක්...."

"මොකක්ද රූ....."

"මුකුත් නෑ හිතන්න එපා......මොකක්ද මට අමතක උනා කීවේ....."

හැමදාමත් මම කියන දේ කාටවත් තේරුනේ නෑ....නෑ නෙවෙයි කවුරුත් ඒකට උත්සාහ කරේ නෑ...ආපිට මගෙන්ම ප්‍රශ්න කරන එක....ඒක මට දැන් පුරුදුයි....මටත් ඕනෙ නෑ.. එයාට මේ දේවල් කියන්න....මගෙ හිත මටත් අපහැදිලි කොට එයාට පැහැදිලි වෙයිද....හ්ම්..

"මගෙ nmb එක...."

"අනේ තුශ් ඇත්තටම සොරි....ඊයෙ මගෙ හිත කලබලයි ඉතින් අමතක වෙන්න ඇති...."

මම එයාට ඇත්තම කීවා....මේ තරම් වෙලා මට අමතක උන හේතුව එයාම මතක් කරලා දුන්නා වෙද්දි ප්‍රශ්න කන්දකට යටවුණු මට ඇත්තටම ඒක අමතක වෙලා ගිහින් තිබුණා....

"ඒකට කමක් නෑ....අද මට ඔයාගෙ nmb එක දෙන්න...මම කතා කරන්නම්...."

"හරි....."

කතාවට රුසියෙක්....කවදාවත් වැඩි දෙයක් පිටට නොදෙන මාවත් එක තප්පරෙන් වෙනස් කරන්න....ඇත්තටම එයා හරි දක්ෂයි....

කීවත් වගේ කිසිම පලුද්දක් නැති හිස් පිටුවක මගෙ nmb එක හරි ලස්සනට තනි මැකුවා...ඒ එයාගෙ පොත....වෙන කාගෙද තුශ්ගෙ මිසක්...

"Thank you...."

"ඕක මොකක්ද...."

මම මෙහෙම දෙයක් දැකපු පලවෙනි වතාව...පොතේ පිටිපස්සෙ පිටුව වෙනුවට ඉස්සරහම පිටුවක මෙහෙම දෙයක් ලියාගන්න...ඇත්තටම තුශ් කියන්නෙ වෙනස් කෙනෙක්....මම කියන්නෙ මොනවා ගැනද?.....ඔයාලා ඒක දන්නවා....

ඉස්කෝලෙ වෙලාවට මම ආස නෑ....කියන්න තරම් විශේෂ දෙයක් මේ වෙනකන් වෙලා නෑ...කවදාවත්....ඔයාලා හැමෝටම ඉස්කෝලෙ කියන්නෙම ලස්සන තැනක්....නිදහස් තැනක්...මම හරිනෙ....හැබැයි මට මේ වෙනකන්....නැහැ අද වෙනකන්..කවදාවත් මම ඉස්කෝලෙට ආස කරේ නෑ....මම කීවනෙ හේතුවක් කියන්න මම දන්නෙත් නෑ....

හැබැයි අදින් පස්සෙ ඒක වෙනස් වෙයි...මොකද කෙනෙක් දැනටමත් ඒ දේ වෙනස් කරන ගමන් හිටියා....

"ලස්සනයි....."

හේතුවක් නැතත් අද bio මිස් ඇවිත් නෑ...එයා හැමදාම ඔහොමයි...හිතන්න ඕනෙ නෑ...

හැබැයි තුශ්.....මේ වෙනකන් කටර් එක වගේ කියපු එයාට නින්ද ගිහින් තිබුණා....ඔව් මම කලින් කීවේ ඒ එයා.....ඇත්තටම ලස්සනයි...

කවදාවත් නැතුව අද මගෙ අතට පැන්සලක් හිරවෙලා....ඔයාලට නොකීවට චිත්‍ර කියන්නෙම මගෙ ආත්මය වගේ....හිතට නිදහසක් ඕන උන හැමදාකම පැන්සල් තුඩක් කොලයක් උඩ රටා මැව්වා...හරි ලස්සනට....

හැබැයි අද වෙනස්.....

හිතට නිදහසක් ඕනෙ උනේ ප්‍රශ්න වෙනුවෙන් නොවුන නිසා අද පොඩ්ඩක් මම කලබලයි....හැබැයි අදත් හරි ලස්සනට....ඒත් පරිස්සමට මගෙ අත් එහා මෙහා ගියා...තුශ් වෙනුවෙන්...නිදන් ඉන්න ඒ රුව bio පොතේ කොල උඩ ජීවමාන උනේ කවදාවත් නැතුව මගෙ ඇස් තෙත් වෙද්දි....

තුශ්ගෙ,

තාලෙකට හුස්ම උඩ පහල යන සද්දෙත් මගෙ පපුවට සැනසීමක් වෙද්දි, නිකමට මටත් හිතුනා.....දැනුනත් නොදැනුනා වගේ ඉන්න හදන මේ හැගීම මොකක් වෙන්න පුළුවන්ද.....උත්තර තියෙනවද?...මගෙ පපුවෙන්ම මම ඇහුවා....

'ඇහුවත් නෑහුන ගානට ඉන්න හදන්න එපා...ඇයි....කවුරුත් ලග සැනසීමක් නොවුන පපුව හුස්මක සද්දෙටත් අද සැනසීමක් ඉල්ලනවා....ඉතින් ඒ ඇයි....මම අහන්නෙ ඊයෙම මුණගැහුණ මනුස්සයෙක්ව මේ තරම් දැනෙන්න....ඒක වෙන්න පුළුවන්ද?....'

මම පොරොන්දුව වෙනවා...ඉක්මනින් හේතුවක් හොයාගන්නවා....

"රූ....."

"කියන්න...."

"මැඩම් කෙනෙක් ආවද...."

"නැහැ..."

"ඇයි මෙච්චර සද්දෙ...."

"කවදත් ඔහොම තමයි තුශ්.....ඔයා තාම අලුත්..."

"මාව ගැස්සිලා ගියා...."

"හිතන්න එපා නිදාගන්න...."

නොහිතපු වෙලාවක පෙරලුනේ ඩෙස්ක් එකක් වෙද්දි නින්දෙන්ම එයා මුමුණනවා....පොඩි සද්දෙටත් ගැස්සෙන පාටයි....එයාගෙ හිත...යාන්තමට මම එයාගෙ උරහිසට තට්ටු කරේ ලාවට ඒ ඇස් ආයෙම පියවෙනවා දැනුන නිසයි....මගෙ නින්දත් නොවටින මමම අද එයාගෙ නින්දට ලෝබකම් කරේ ඇයි?...කීවනෙ ඉක්මනින් හොයාගන්නම්.....

ඉස්කෝලෙ ඉවර උන ඉක්මන,

"පරිස්සමින් යන්න තුශ්....."

"එහෙම නෙවෙයි...."

"එහෙනම්....."

"පරිස්සමින් ගිහින් එන්න කියන්න....හොදම යාලුවෝ ආයෙම හමුනොවෙන්න වෙන් වෙන්න නරකයි රූ....."

කියපු දේ නොතේරුනත් මම එයා කියපු දේ ආපිට කීවේ හරි ඉක්මනට....

"පරිස්සමින් ගිහින් එන්න...."

"ඔයත්....."

එයා කලින් කියපු දෙයින් එක දෙයක් මගෙ හිතට වද දෙන්න අරන්....එයා හැරිලා ආපිට ගිය තප්පරෙන් හිතට දැනුන...මොහොතකින් වදයක් කියලා දැනුන වචනෙ....හොදම යාලුවෝ....

ඒ වචනෙට මගෙ පපුව බරවුණේ එක විනාඩියට....ආයෙම මම කියනවා...

ඉක්මනින් හොයාගන්නම්....

"චූටි බේබි....."

"මාමේ...."

"පොඩි මහත්තයා ඇවිත්...."

"බේබි...."

"කමක් නෑ මාමේ...."

බාප්පා...ඔය ඇවිත් ඉන්නෙ බාප්පා....මේ තුන්වෙනි වතාව එයා මාව හොයන් ගෙදරට ආව...දෙවතාවක් මග ඇරපු එයාව මම ආයෙ මග අරින්නද?.......

ඇත්තටම මට ඒක කරන්න බෑ....මොකද මේ දේවල් විසඳගන්න ඕනෙ....

අද කවදටත් වඩා පාල ඉක්මන්....හිතන්න දෙයක් නෑ....බාප්පගෙ තර්ජනවලට පාල උනත් යටයි....හ්ම්....ගිහින්ම බලමු...

"මනුධර!....."

"කියන්න...."

අනවශ්‍ය මිනිසුන්ට මම කවදත් ගරුකරන්නෙ නෑ...ඒ මගේ විදිහ.....

"තමුන්...එනවා යන්න මාත් එක්ක...."

ඔය යන්නෙ ගබඩා කාමරේට....මට ඔතන නුපුරුදු නෑ....මේ ටික කාලෙට වේදනා කන්දක්ම දියකරේ මම ඔතන....

ඉතින් අදත් එහෙම දවසක්.....

"තමුන් තවමත් ඒ තීරණේමයි....එහෙමනෙ..."

"ඔව්....."

Engagement එක....ඔව් ඔය අහන්නෙ ඒක ගැන...ගත්ත තීරණයක් වෙනස් කරන කෙනෙක් නෙවෙයි මම....මාරුවත් මම මංමයි..

"හරි එහෙනම්....තීරණේ ඒකනම් ගලවපන් කමිසෙ..."

තීරණේ වෙනසක් නෑ....ඒ නිසා මම කරේ සුදු කමිසෙ ගලවලා අයින් කරපු එක.....

ඔතනින් එහාට බාප්පා වචනවලින් නෙවෙයි...එයා කතා කරන්නෙ යකඩ පටියකින්...එයාගෙ තීරණේකට එකග නොවුන හැමදාකම එයා කරන්නෙ ඕක....පිටට නොපෙනෙන තරම් කැලැල් මගෙ පිට පුරාවට යවන එක....හ්ම්....

මැරෙන්න තරම් වේදනාවක් ඒක...පිට පිට පනස්පාරක් යකඩ පටියක් පිටට වදිද්දි....මම හිතන්නෙ නෑ ඔයාලට ඒ ගැන පුංචිම දැනීමක්වත් ඇති කියලා....මම හරිනෙ....

වචනෙයකින් තියා කෙදිරුමකින්වත් පරාජය පිළිනොගත්ත මට හැමදාම උනේ මේ කාමරේ ඇතුලෙ තනි වෙන්න....එයාගෙ තරහා නැති වෙනකන්ම මගෙන් පලිගන්න බාප්පා එලියට ගිහිනුත් කරන්නෙ මාව නොමරා මරන එක...

මම දන්නවා....හැමදාම වගේ කමලා නැන්දා අදත් කදුලු හලනවා ඇති....පාල මාමා කරන්න දෙයක් නැතිකමට අඩනවා ඇති....මෙහෙම දාකට ඒ දෙන්නගෙම පුරුද්ද ඒක....එයාලා ගෙදර යනකන් බාප්පා කරන්නෙ මේ කාමරේ තනි රකින එක....වෙන මොකක් නිසාවත් නෙවෙයි....

මගෙ උදව්වට කවුරුහරි එයි කියන බය....

මතක් වෙනකොට පපුව ගැලවිලා යන්න තරම් වේදනයි.....කරන්න දෙයක් නෑ....

නැගිටගන්න පුලුවන් වෙනකන් හැමදාම වගේ අදත් මම කරේ එකතැන ගුලිවුණ එක....

එක දෙයක් මට අද මතකයි....ඊයෙ අමතක උන ඒත් අද මතක් උන ඒ කෝල් එක...

ඔව් ඒ උබ තුශ්...

සමාවෙයන්.....මම අසරණයි...අද විතරක් නෙවෙයි හැමදාකම.....

________________________

කතාව හොදද ලමයි?....

මම එහෙනම් යනවා...පරිස්සමින් ඉන්නෝ..ආදරෙයි 😚❤❤

@Diyana_45 🖊mention a user

Share This Chapter