Back
/ 25
Chapter 5

04 වන පරිච්ඡේදය 👁

උමතු ඇස්💓👁 (COMPLETED)✅

දැන් වෙලාව කීයට ඇතිද...මේ වගේ දවසට ඔය වගේ හැගීම් මට නුපුරුදු නෑ....ඉර එලිය වැටෙනකන්....නෑ සමහරදාට ඊටත් වඩා..මම කරන්නෙම වේදනාව උහුලන එක....

හැමදාම තනිය මකන රේඩියෝ එකේ සද්දෙ දැන් නැවතිලා ගිහින්.....වෙනදට ගේම දෙවනත් වෙන්න ඇහෙන බණ පද අද කලින්ම නතර වෙලා....කමලා නැන්දයි පාල මාමයි ගිහින් ඇති....ඒකයි ඔය....එයාලා යන වෙලාවට කවදත් ගෙදර නිශ්ශබ්දයි....අදත් තනියම..සාගරයක් තරම් විශාල ගෙයක් ඇතුලෙ තනිවෙන එක....ඇත්තටම කියන්න තේරෙන්නෙ නෑ මට....

සතුට කියන්නෙ මොකක්ද?.....ඇත්තටම මට දැන් ඔය නමේ තේරුමවත් මතක නෑ....හිනායනවා නේද....පොඩි දේටත් හිත සතුටු කරගන්න ඔයාලට හිනායන එක....හ්ම්...ඒක සාධාරණයි.....

මෙහෙම ඉදලා බෑ.....කවදාවත් නැතුව මගෙ හිත අද එහෙම කියද්දි....සත්තයි මටත් පුදුම හිතුනා....මෙහෙම දාකට කවද්ද මම එලියට ගියෙ....

අමාරුවෙන් උනත් කාමරේට එද්දිම මගෙ phone එකට කෝල් එකක්.....ඔය එයා වෙන්න ඇති....ඔව් තුශ් තමයි....ටිකකට කලින් සතුට කියන නමටත් හිනාවුණු මට සතුටු හිතුනෙ ඇයි කියන්න මටත් තේරුමක් නැති වෙද්දි මම කරේ අමාරුවෙන් phone එක අතට ගත්ත එක...

නෑ ඒ තුශ් නෙවෙයි....ඒ එයා....අදත් ගුටි කන්න හේතුව....ඔව් ඒ ටියා...තියෙන තරම් මායම් දානවා මාව අල්ලගන්න....තාත්තගෙම දුව උන එකේ පුදුමෙකුත් නෑ...ආන්ස්වර් නොකලොත් ආයෙම ගුටිකන්න වෙයි....ඇත්තටම තවත් හයියක් නෑ මට....තවමත් ඉස්කොලෙ ගිය ඇදුම් පිටින් ඉන්න මට පිටට දැනෙන්නෙ පුදුම තරම් තෙත ගතියක්....වෙන මොනවත් නෙවෙයි ඔය ලේ.....ඒකයි මම කීවේ....හයියක් නෑ මට තවත්....

ඉතින් ආන්ස්වර් කරමු.......

"හෙලෝ....."

"හෙලෝ මනු....."

ඔය නමට මම ආස නෑ....කාලයක් වැඩිපුරම ආදරේ කරපු නම....මගෙ තාත්තා මට කතා කරේම ඔය නමින් වෙද්දි මම අහන්න ආස කරේම මනු කියන නම.....ටියා ඔය නමින් කතාකරපු දා ඉදන් මම ලෝකෙ අකමැතිම නම....හ්ම්.....මම ආයෙම කියනවා.....

මට මේ දේවල් පුරුදුයි.....

"කියන්න......"

"හෙට වැඩක්ද...."

"ඇයි....."

"මාත් එක්ක ටිකක් එලියට යමු....."

"එන්න වෙන එකක් නෑ...."

කෙටියෙන් උත්තර....ජීවිතේ මට තියන තවත් එක සැනසීමක්....

මම නොයෙන බව දැනගෙනමයි ටියා ඔය අහන්නෙ....ඒ එයාගෙ හැටි....මට වද දෙන්න...එයා ඒකට උපරිම දක්ෂයි...

"තව කොච්චර කල් මාව මග අරින්නද හිතන් ඉන්නෙ...."

"ජීවිත කාලෙම...."

"මනු!...."

"මගෙ නම මනුධර...."

"මම තම........"

එයා තව වචනයක්වත් කතා කරන්න කලින් මම කලේ කෝල් එක කට් කරපු එක....හැමදාම මේ දේවල් ඉවසන් ඉන්න ඕනෙද....ඒ දෙන්නා මාව තනි කරපු දා ඉදන් මම උන්නෙ බාගෙට මැරිලා ගිහින්....

මට දැන් හරි මහන්සියි....

මේසෙ උඩ තිබුණ පේපර් කටර් එකට ඇස් යන පමාව විතරයි....හිතට දැනුනෙ මහ වරදකාරී හැගීමක්....හිත අස්සට කඩන් වැදුණු ඒ ඇස් මගෙ ඇස් විනාඩි ගානකට පියවලා දැම්මෙ හරි ඉක්මනට....දැනුන පලවෙනි වතාව...මැරෙන්න හිතුන තප්පරෙත් ජීවත් වෙන්න හේතුවක් තියෙනවා කියලා.....ඔව් මට දැනුන පලවෙනි වතාව.....වෙන කවුරුත් නෙවෙයි ඒ උබ......

තුශ්....

දැකපු දා ඉදන් උමතු කරවන උන්මන්තක ඇස්...හේතුවක් නොදැනම හේතුවක් හදලා දීලා......වේදනා කන්දක් ඉහගහන් ජීවත් වෙන්න.....වෙන කාටවත් නෙවෙයි මට...

මම ආයෙම කියනවා...කවදාවත් නොදැනුන උබ ගැන විතරක් දැනෙන මේ අමුතු හැගීම....ඉක්මනින් හොයාගන්නම්....

හේතුත් එක්කම.....

උන්නු විදිහෙන්ම මම කරේ බිම ගුලිවුණු එක...කප්පරක් දුක් මගෙ හිතත් ඉවසන්නෙ අමාරුවෙන් වෙන කොට කදුලු කම්මුල් දිගේ පල්ලන් බැස්සෙ හොරාවට.....කදුලුත් බයයි...ඈතින් මම දිහා බලන් ඉන්න ඒ දෙන්නට රිද්දන්න....

හිතුවා හරි ඒ මගෙ අම්මයි තාත්තයි....කවදත් කාමරේ තනි රැක්ක මමම අරන් දුන්න ඒ දෙන්නගෙ පින්තූර....අතොරක් නැතුවම රිදුම් දෙන මගෙ පපුව...

ඉතින් මම ඔයාලට දෙයක් කියන්නද?.....

"කවදාවත් පතන්න එපා...ඕනවට වඩා සැප ජීවිතයක්....

මැරෙන මොහොතෙත් ප්‍රාර්ථනා කරපන් සැනසීමක්.....

එතනයි තියෙන්නෙ නියම සැප.....

ඔයාලා කාටවත් ලැබෙන්න නරකයි මට වගේ ජීවිතයක්....

මැරි මැරී ඉපදෙන එක ලේසි නෑ.....

පුලුවන්නම් මාවත් අරන් පලයන්....

මේ නරකාදියෙන් දුර ඈතකට....

සත්තයි....

මම මේ දැන් උනත් එනවා....."

හ්ම්....

මගෙම වචන පපුවට පිහි තුඩකින් අනිනවටත් වඩා රිදුම් දෙද්දි මම තවත් ගුලිවුණේ සීතල ටයිල් පොලොවකට.....හිත සනසන්න කෙනෙක් නෑ මට....මොන තරම් අමාරු උනත් අල්ලන් හිටපන් කියන්න කෙනෙක් නෑ මට...අඩුම බඩගිනිද අහන්නවත්....ඇත්තටම කෙනෙක් නෑ මට....

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

අමාරු වැඩිකමට පියවුණු ඇස් ආයෙම ඇරුණෙ phone එකේ සද්දෙට වෙද්දි නිකමට මට හිතුනා තුශ් මේ පාරවත් ඒ උබ වෙන්න ඇති කියලා....ඇයි මම උබවම බලාපොරොත්තු වෙන්නෙ....මම මගෙන්ම ඒ ප්‍රශ්නෙ මොන තරම් අහනවද?....

මට ඒකට උත්තරයක් නෑ....

මම කරේ ලාවට ඇරුණු මගෙ ඇස් අස්සෙන් ඒ

ඇස් හොයපු එක.....දැනට මම මෙහෙම කියන්නම්.....

ඒ තුශ්ගෙ ඇස්...මගේ විදිහට උමතු ඇස්....

නමක් නැති නොදන්න කෝල් එකක්.....මට කුතුහලේ....මට මෙහෙම කෝල් නොයෙන තරම්.....ඉතින් ආන්ස්වර් කරමු.....

"හෙලෝ....."

"රූ...."

මම කීවේ ඒ එයා....ඇහුණෙ එයාගෙ කටහඬ වෙද්දි හිතේ වේදනාවත් හේදිලා ගිහින්....ඔව් මගෙ තමයි......

"තුශ්......"

"අදුර ගත්තා නේද...."

"මට මෙහෙම කෝල් එන්නෙ නෑ තුශ්....ඉතින් අදුර ගන්නෙ නැතුව කොහොමද...."

මම එයාට ඇත්තම කීවා....මේ දවස් දෙකට එයා ලග මට නිදහසක් දැනෙන්න පටන් අරන්....යාලුවෙක් ලැබුණ පලවෙනි වතාව නිසාද?...අනේ මම දන්නෙ නෑ....

මම කියපු දේට ආපිට ලැබුණ උත්තරේට....

විශ්වාස කරන්න මගෙ මුලු හිතම පිරුණා....

"අද ඉදන් හැම රෑකම අමතක කරන්න එපා...මම ඉන්නවා කතාකරන්න...."

"තුශ්....."

අහන්න හිතුනත් ඇයි ඔය කියලා....මම කරේම වචන ගිලගත්ත එක.....වචනෙකින් හරි ලැබෙන උබේ ඔය සැනසීම....සත්තයි මට මහ මෙරක් තරම් වටිනවා තුශ්.....

"ඔයා මගෙ හොදම යාළුවා රූ....."

ආයෙම අර වචනෙ.....මොකක් හරි හේතුවකට...මගෙ හිත පිළිනොගන්න අකමැතිම වචනෙ....කමක් නෑ....එයාගෙ කැමැත්ත ඒකනම් මටත් ඕනෙ දෙයක්...කවද්ද මට ඕන දෙයක් උනේ....හ්ම්......

මමත් නොදැනුවත්වම පපුව ඇතුලෙ පන ගහන හැගීම් ගොන්නකට තදින් අගුලු දාගත්තෙ කරන්න දෙයක් නැතිකමටමයි......

එතනින් එහාට කවදාවත් නොකියපු තරම් වචන කන්දරාවක්.....

"කාලාද රූ....."

බොරු කියන්න බෑ මට.....ඉතින්,

"තාම නෑ තුශ්...."

"යකෝ...බලපන් වෙලාව කන්නෙ නැද්ද..."

"කන්න ඕනෙ....."

දන්නවනම් මගෙ පපුව ගැහෙන්නෙත් වේදනාවට කියලා....කවදාවත් උබ ඔහොම කියන එකක් නෑ.....වේදනාව ඉස්සරහා කෑමත් තහනම් වචනයක් උනා.....කාට නැතත් මට...

"මම හෙට එන්නෙ නෑ රූ....."

"ඇයි....."

"ක්ලාස්....."

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

විනාඩි ගානකට හරි සැනසීමක් උනා ඒ කටහඬ....

වචනෙන් නොකීවට හිතින් හරි මුමුණන්නම්...

'උබට පිං තුශ්....'

"මම තියන්නම් බං...."

'රූ' කියන නම අස්සට 'බං' කියන ඔය නම ගැලපෙන්නෙ නෑ කියන්න මටත් නොහිතුනා නෙවෙයි....හේතු නැතුව කවදත් දෙයක් නොකියන මම අදත් නිහඬ උනා මිසක්.....

හැබැයි මම.....'තුශ්' කියන උබේ නම අස්සට කවදාවත් 'බං' කියන නම එකතු කරන එකක් නෑ....මම හැමවෙලේම කියනවා වගේ දැනුත් කියනවා....

ඉක්මනින් හොයාගන්නම්.....එතකන් ඉවසපන්....

'වෙන කාටවත් නෙවෙයි මගෙ පපුවටයි කීවේ...දැනටත් ගැහෙන තාලෙන් පිට පැනපු මගෙම පපුවටයි මම කීවේ.....හේතු දැනගත්ත දාට ඔය තාලෙටත් එහා ගිහින් ගැහියන්...ඉතින් එතකන් ඉවපන්..."

එයා තියන්නම් කියපු නිසාම.....

"හරි තුශ්....."

"රූ....."

ආයෙම ඒ නම.....මම ආසයි....

"කියන්න......"

"පරිස්සමින්....."

"ඔයත්.....පරිස්සමින්...."

මමත් හෙට ඉස්කෝලෙ යන්නෙ නෑ.....

_________________________________

අද කතාව නම් හොදද දන්නෙ නෑ ලමයි...බොහොම අමාරුවෙන් ලීවේ..ඔලුව උස්සගන්න බෑ උණ ගැනිලා ඉන්නෙ....ඊයෙ රෑ පණ්ඩිතකමට අයිස් කාපු එකේ විපාක තමයි මේ.....හනේ මට බෑ දෙයියනේ 😫😫😪🤧

මම ගිහින් එන්නම්....පරිස්සමින් ඉන්න...මම ඔයාලා හැමෝටම ගොඩක් ගොඩක් ආදරෙයි 😚❤❤❤

@Diyana_45 🖊mention a user

Share This Chapter