Back
/ 25
Chapter 6

05 වන පරිච්ඡේදය 👁

උමතු ඇස්💓👁 (COMPLETED)✅

"ම්හ්ම්....."

"මගෙ දෙයියනේ චූටි බේබි.....අනේ මට සමාවෙන්න රත්තරනේ මම...මම හිතලා මගෙ බේබිව නොබලා හිටියා නෙවෙයි....මට වෙන කරන්න දෙයක් තිබුණෙ නෑ බේබි....මට...මට.."

"ඒ..ඒකට කමක් නෑ නැන්දෙ...."

දැනුයි මම දන්නෙ....වෙන මුකුත් නෙවෙයි උදේ වෙලා කියලා...රෑ තිස්සෙ නින්දක් නොවුනත් වෙලාව කීයද කියන්න මට ගානක් ගියෙ නෑ...තිබුණ අමාරුවට සීතල ටයිල් පොලව උඩ ගුලිවෙලා හිටපු මම ලාවට වගේ ඇස් ඇරියෙ කමලා නැන්දගෙ කටහඬට....වෙනදට චූටි බේබි මේ කිරි එක බීලා හිටියනම් කියන එයාම අද නොසෑහෙන්න අඩනවා....මටවත් එයාටවත් මේ දේවල් නුපුරුදු නෑ...ම්හ්...තප්පර ගානකට මට මම ගැනම අනුකම්පාවක් දැනුනා....ඇත්තටම තමන් මේ ලෝකෙ තනිවෙලා කියන හැගීම පපුවට දරාගන්න හරි අමාරුයි...

වෙනදට කිරි කෝප්පෙ වරද්දන්නෙ නැති කමලා නැන්දට අද ඒකත් අමතකවෙලා ගිහින් තිබුණා...ඒ වෙනුවට උණුම උණු වතුර බේසමක් එක්ක බෙහෙත් ටියුබ් එකක් මගෙ මේසෙ උඩ තනි රැක්කා...

ජීවිතේ පලවෙනි වතාවට මම අද ඒ දෙන්නා දහා නොබලා ඉන්න තීරණය කරා....ඔව් ඒ මගෙ අම්මයි තාත්තයි....මෙහෙම දවසට කවදාවත් කාමරේට නොයෙන මම වැරදිලා උනත් ඊයෙ රෑ කාමරේට ආවා....

තාමත් හේතුවක් නොදන්න පපුවම අවුලවන මොකක්දෝ හැගීමක්....මට බලකලේම මෙතනින් නැගිටලා පලයන් කියලා වෙද්දි එන මගට ඒ දෙන්නව මට අමතකවෙලා ගිහින් තිබුණා....

ඉතින් සමාවෙන්න...අදට විතරක්....හෙටත් උදේට වෙනද වගේම හිනාවෙන්නම්....හැබැයි අද බෑ....මොකද මට හයියක් නෑ....

"චූටි බේබි....මේ බැනියම ගැලෙව්වනම්...."

මට හරියට දේවල් අමතක වෙනවා....දැන් පැය කීයක්ද...තාමත් ලේ තැවරුණු ඇදුම් මගෙ ඇගම වහගෙන...කමලා නැන්දගෙ කීමට මම කරේ wash room එක ඇතුලට අඩිය ඉක්මන් කරපු එක....

පොඩි ශෝටක් විතරක් ඇද ගත්ත මම එලියට ආවේ වැදුණ පාරවල්වල සැරට මුලු ඇගම ඇදුම් කද්දි....කමක් නෑ....ඇගට වඩා පපුව වේදනා දෙන මට ඕකත් වේදනාවක්ද....

පැයක්.....නෑ සමහරවිට ඊටත් වඩා මගෙ පිට පුරාවට බෙහෙත් තවරපු කමලා නැන්දා එලියට ගියෙ ආයෙම මම තනි වෙද්දි....

හැමදාම වගේ අදත් කියන්න තියෙන්නෙ මට මේවා පුරුදුයි කියලා විතරමයි....

ගෙදර ඉන්න දාට මගෙ තනිය මැකුවෙම පැන්සල් තුඩක් වෙද්දි අදත් මම කරේ මේසෙන් ඉදගත්ත එක....

චිත්‍ර පොත.....මට හිටපු එකම යාලුවා....මගෙ පහුගිය ජීවිත කාලෙටම....පිටු ගණන් මගෙ දුක උහුලපු එකම කෙනා....ඔව් ඒ මගෙ චිත්‍ර පොත විතරමයි.....පිටුවෙන් පිටුවට බිදුණු මගේ හිතේ අඳෝනාව විතරක්ම දකිද්දි...සමරදාට එතනත් සැනසීමක් නැති ගානයි.....

අද මම මොනවද අදින්නෙ?......

රිදුණු හිතට සැනසීමක් හොයන්නද?.....

' ඔය කියන සැනසීම තව ගොඩක් දුරද දන්නෙ නෑ....ආසයි මටත් ගිහින් බලන්න....කෙලවරටම නැතත් ලගකට හරි...දන්නවද පාර?.....මම නොදන්න නිසයි අහන්නෙ....දන්නවනම් විතරක් මගෙ පපුවටත් හිමින් සැරේ තට්ටුවක් දාන්න....මම නැතත් එයා ඒක හොයාගනීවි.....'

ජීවිතේ පලවෙනි වතාවට චිත්‍ර පොතක් උඩ වචන බරගානක්......නෑ ඒවා නිකන්ම වචන නෙවෙයි....ඒ මගෙ හිත....මම කීවා....චිත්‍ර පොත....ඒ තමයි මගෙ හොදම යාළුවා....නොදන්න දෙයක් නෑ....මගෙ පපුව අගලක් නෑරම හුස්මගත්තෙ මේ පොත ඇතුලෙ.....

.

.

.

.

.

.

.

දවස් ගානකින් අතට හිරවුන පැන්සල...කොහෙන්දෝ කඩන් පැනපු ඒ ඇස් දෙක.....හිතපු නැති විදිහට හිස් කොලයක් උඩ ජීවමාන වෙද්දි දෙවනි වතාවටත් මගෙ ඇස් අද තෙත් වෙලා ගියා....

ටිකකට කලින් සැනසීමක් හොයපු මට....ලගකට උනත් ගිහින් එන්න පෙරුම් පුරපු මට....නිමක් නොපෙනෙන ඇස් දෙකක් හරි ලස්සනට පාර පෙන්නලා දුන්නා....ලගකට නෙවෙයි කෙලවරටම ඇවිදන් යන්න...

ඔව් ඒ ඇස්....ඒවා තුශ්ගෙ උමතු ඇස්....

හැමදාකම මගේ නමින් වැටෙන අත්සන වෙනුවට අද මම එයාගෙ නම අකුරු කරා...හැබැයි වෙනම විදිහකට....

දැනගන්න ආසද?......අහන්න දෙයක් නෑ....මම දන්නවා....ඔයාලා කැමති....ඉතින් මම කියන්න..

තුශ් කියන නම ලගින්ම වරහන් ඇතුලෙ...හරි පරිස්සමට රුහාන්ගෙ උමතු ඇස් කියන වචන තුන ලියවිලා තිබුණා....

අයිතිතක් නැතුවම අයිතියක් ඉල්ලුවා හා සමාන හැගීමක් හිත ඇතුලට කඩා පනිද්දි මම කරේ පොත් රාක්කෙ ලගින් හිටගත්ත එක...

සාමාන්‍යයෙන් මම පොත් කියවන්නෙ නෑ...ඉගෙනගන්න දේකින් පිට පොතක් කවදාවත් මම කියවලා නෑ....පුදුමයි වගේ නැද්ද....ඒත් මම එහෙමයි....ඒත් අද....මට ඕනෙ උනේ මාවම හොයාගන්න....පොතක් ඇතුලෙන් මාව හොයන එක...ඒක ටිකක් විකාරයි වගේ නැද්ද...හිතන්න එපා....මොකද මේ මම.....කවදත් ඔයාලට වඩා වෙනස්....ඉතින් හොයමු....

සිතුවිලි නිධානය....

අම්මගෙ පොතක්....එයා නිතරම කියෙව්ව පොත....මමත් පරිස්සම් කරපු එකම පොත...කවදාවත් දූවිල්ලක් වැදෙන්න නොදී පරිස්සම් කරපු එකම පොත....

මට මතකයි...දවසක් අම්මා කීවා.....

"දවසක් එයි ඔය පපුව ඔයාටත් හොරෙන් ගැහෙන්න ගන්න....සමහරවිට තවත් කෙනෙක් වෙනුවෙන්ම...හැබැයි ලාවට ඔයාටත් ඉගියක් දෙයි...උත්තර ඕනෙ උනත් අම්මා එදාට ලග නැතිවුනොත්.....මතක ඇතුව මේ පොත කියවන්න....එයා චූටි පුතාට අනිවාරෙන් උත්තර හොයලා දේවි....."

නොතේරෙන කමට මම ආපිට ඇහුවෙ එක දෙයයි....

"තව කෙනෙක් වෙනුවෙන්ම කීවේ මොකක්ද අම්මා...."

"දැම්ම නෙවෙයි....දැනෙන දවසට හොයාගන්න..."

"හහ්...."

කවදාවත් එතනින් එහාට දෙයක් අම්මා මට කියලා තිබුණෙ නෑ.....

හැබැයි අම්මා කියපු ඒ ගැස්ම....මම හිතන්නෙ මට ඒක දැනුනා.....ඕනවටත් වැඩිය ඉගි දුන්න ඒ ගැස්ම මේ දැනුත් මගෙ පපුව ආක්‍රමණය කරලා.....අම්මා කියපු වචන....

තවත් කෙනෙක් වෙනුවෙන්ම.....

මම හිතන්නෙ ඒ තුශ්....සත්තයි...ඒ ඇස් ඔලුවට එන හැමදාම මගෙ පපුව ගැස්මෙන් පිට පනිනවා....මම කීවා....

මම ඉක්මනින් ඒ හැගීම හොයාගන්නම්....හේතුත් එක්කම...

ඉතින් මේ ඒකට වෙලාව....

පොතත් අරන් බැල්කනියට ගිය මගෙ ඇස් නැවතුනෙ අහසෙ එක වලාකුලක් ලග....ලස්සනයි....අනිත් හැම වලාකුලකටම වඩා.....

"අම්මා ඔයා අහගෙන නේද ඉන්නෙ....ඔයා කියපු හැගීම ඕනවටත් වඩා ඔයාගෙ චූටි පුතාට දැනෙන්න පටන් අරන්.....මම මාව හොයාගන්නද මගෙ අම්මා....ඒ ඇස් මට සැනසීමයි....අම්මා දන්නවද....ඒවා උමතුවක් වගේ....මගෙ පපුවට ටොන් ගණන් සැනසීම වාත්තු කරන ඒ ඇස් මට කියන කතාව මම හොයාගත්තට කමක් නෑ නේද මගෙ අම්මා...."

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

පුටුව වෙනුවට ටයිල් පොලව උඩම ඉදගෙන පිටුවෙන් පිටුව පෙරලුවේ හරි පරිස්සමට....

හවස් වෙනකන් පිටු බරගානක් කියවන්න ඇති...උත්තරයක් පේන මානෙකවත් නැති වෙද්දි ආයෙම පපුව බරවෙලා ගිහින්....

තව එක පාරක් මම මගෙ පපුවෙන්ම උත්තරයක් ඉල්ලුවා....

"අද ඊයෙක දැකපු මනුස්සයෙක් මේ තරම් සැනසීමක් වෙන්නෙ කොහොමද බං...තප්පරෙන් මාව එකතැන හිරකරන්න තරම් කාන්දම් බලයක් කොහෙන්ද ඒ ඇස් අස්සට....මට කියපන්.....දැනුනත් නොදැනුනා වගේ ඉන්න හදන ඔය හැගීම මොකක්ද කියලා විතරක් මට කියපන්....."

හැමදාමත් වගේ ආපිට ලැබුණෙ මම දන්නෙ නෑ කියන උත්තරේ වෙද්දි....කවදාවත් නැති අසරණකමක් මට දැනෙන්න ගත්තා....

තාමත් පොතේ පිටු හුලගට එහෙ මෙහෙ යන්න හදනවා....ඔය අස්සෙන් දැක්ක තද කලු පාට අකුරු පේලියක් මගෙ පපුවට ටොන් ගානක අකුණු කන්දරාවක් එකපාරම අත ඇරලා දැම්මෙ.....කදුලු කැට කම්මුල දිගේ මටත් නොකියම පල්ලම් බහිද්දි.....

"ගැහෙන පපුවට අරුතක් එක් කල උබ...මටත් නොකියම ඒ ගැස්ම පාලනයට ගත්ත උබ...දැක්කත් සැනසීමක් උන උබේ ඔය ඇස්.....පරක්කු උනත් හොයාගන්න...දැනෙන මේ අමුතු විදිහෙ හැගීම....අදයි මම දැනගත්තෙ...දන්නවද?...ඒ තමයි 'ආදරය'...ඉතින් ලියලා තියන්නම්...මගෙ වස්තුව වෙනුවෙන්ම....ආදරෙයි මම උබට...මගෙ පනටත් වැඩියෙන්ම....."

"තුශ්...."

කියවපු තප්පරෙන් පිට පැන්නෙ තුශ්ගෙ නම වෙද්දි මටත් කලින් මගෙ පපුව පිරිලා ගිහින් තිබුණා....

හීනෙකින්වත් ප්‍රාර්ථනා නොකරපු හැගීමක් හිතට දැනෙද්දි මගෙ පපුව දැනටමත් ඒ හැගීමට අගුලු ඇරලා දීලා තිබුණා...

දවස් දෙකකට උනත් දැනුන ඒ හැගීම ආදරය කියලා හිත පිලිගනිද්දි ආයෙම පපුව රිදෙන්න ගත්තෙ එයා එහෙම නැතුව ඇති කියලා හිතුන නිසා....

ආදරයට සීමා මායිම් කොහෙන්ද?....

පොරොන්දු වෙනවා උබට මම....පුලුවන් තරම් දැනෙන්න දෙන්නම් මගෙ හදවත....උබට දැනුනොත් කියපන් ඒ තප්පරේම....රකිනවා පපුව අස්සටම දාගෙන.....

නොදැනුනොත් මගෙ පපුව....තනියම හරි පරිස්සම් කරනවා ඔය ඇස් දෙක...කදුලක් නොවැටෙන තැනටම....

.

.

.

.

.

.

.

.

.

.

.

.

තුශ්.....නෑ මගෙ තුශ්....දැනුන මොහොතෙ ඉදන් ඒ හැගීම බලන් හිටියෙම මම එයාගෙ කටහඬ අහන්න....හැමදාම රෑට ගන්නවයි කියපු කෝල් එක වෙනුවෙන් මම මේ බලන් ඉන්නෙ කීයෙ ඉදන්ද.....ඇත්තටම මතක නෑ මට....

අන්තිමේදි එයාගෙන් ආව කෝල් එකට කවදටත් වඩා මම සතුටු වෙද්දි මම කරේ විනාඩියක්වත් නොයිද ආන්ස්වර් කරපු එක...

"රූ......"

"තුශ්....."

"Phone එක අතේමයි නේද..."

ඔන්න නෝක්කාඩු කියනවා...ආසයි ඔය වෙලාවට ඒ මූණ පොඩ්ඩක් බලාගන්න....

"නැහැ...මම බලන් හිටියා...."

"ඇයි..."

"කෝල් එක එනකන්..."

"සිරාවට උබ මම ගන්නකන්ද බලන් හිටියෙ..."

"ඔව්...."

එයා දගකාරයි....කතාබහ...හැසිරීම...මේ හැමදෙයක්ම....හැබැයි මම ආසයි...

"ඒක නෙවෙයි අහපන්කො..."

"කියන්න..."

"උබට කෙල්ලෙක් ඉන්නවද...."

"නෑ....ඇයි...."

කෙල්ලො කොහෙන්ද මට....හිත ගියෙ උබට කියලා කියන්න හිතුනත් මම මාව පාලනය කරගත්තා...

"නිකන්....."

"ඔයාට...."

"මොන පිස්සුද බං..."

"ම්ම්ම්...."

ඒ වචනෙටත් මට සතුටක් දැනුනා වෙද්දි එයා කරේ හෙට මම එනකන් බලන් ඉන්නවා කියලා කෝල් එක කට් කරපු එක...

________________________

මේක short story එකක් නිසා තමයි ඔය කොටස ඉක්මනින් ලීවේ....

ආයෙම එනකන් පරිස්සමින් ඉන්න ඕන හරිද...ආදරෙයි 😚❤❤

@Diyana_45 🖊mention a user

Share This Chapter