Back
/ 25
Chapter 7

06 වන පරිච්ඡේදය 👁

උමතු ඇස්💓👁 (COMPLETED)✅

"බේබි....."

මම උන්නෙ ඉස්කෝලෙ යන ගමන්....ජනේලෙන් පේන ඈත අහස දිහා බලන් හිටපු මම හරි සිහියට ආවේ පාල මාමගේ කටහඬින් වෙද්දි මටත් කතා නොකර ඉන්න බැරිවුණා....

"කියන්න මාමේ....."

"බේබි අද හරි වෙනස්....."

එයා කියනවා අද මම හරි වෙනස්ලු....සමහරවිට වෙන්න පුලුවන්..නෑ සමහරවිට නෙවෙයි...ඒක එහෙම තමයි..ඇත්තටම මම අද හරි වෙනස්....

උත්තර නොදී බෑ....

"වෙන්න පුලුවන්....."

"ඔහොම ඉන්නකොට බේබි හරි ලස්සනයි..."

"ඇයි...."

"නිකනුත් බේබි අද හිනාවෙනවා....කමලා දැක්කනම් සතුටටම මොනවා හරි කරගෙන..."

මම කරේ මාමා දිහා බලලා හිනාවුණ එක...මට එයාට දෙන්න උත්තරයක් නෑ...

මගෙ හිත පිරිලා ගිහින්....වෙනදට වේදනාවට අඩන මගෙ පපුවම...අද සතුටට හිනාවෙන්න පටන් අරන්...ආදරය... නිකන්ම අකුරු හතරක් කියලා හිතපු මමම අද ඒ ඇතුලෙ නිවෙන්න පටන් අරන්....

තුශ්.....නොහිතපු වෙලාවක මගෙ ජීවිතේට ආපු ලස්සනම මනුස්සයෙක්....ලැබුණත් නොලැබුණත් මම ආදරෙයි....ඉතින් හිනාවෙන්න තවත් හේතු ඕනෙමද...

මේ පලවෙනි වතාව....මම ආසාවෙන් ඉස්කෝලෙට ආව...හිතුවෙ නෑ කවදාවත් මටත් මෙහෙම දවසක් එයි කියන එක...හීනෙකින්වත් නෑ...

දහස් වතාවක් ණයගැතියි මම....කිසිම අරමුණක් නොතිබුණ මගෙ ජීවිතේට අරමුණක් එකතු කරාට....

මට නිදිමතයි....

ඊයෙ රෑම නින්දක් තිබුණෙ නෑ....තප්පරෙන් තප්පරේට හිත අස්සට කඩන් පනින ඒ ඇස්...ඇත්තමයි මට මගෙ නින්දත් නැති කරලා තිබුණා....මම ආයෙ ආයෙම කල්පනා කරා.....

පිරිමි ඇස් දෙකක් ලග නතරවුන එක...ඒක ඇත්තටම හරිද?......

ලැබුණෙ එක උත්තරයයි....

ආදරයට කොහෙවත් නෑ සීමාවක්...දැනුනොත් කෙනෙක් අන්න එතනයි නියම ආදරය...ඉතින් මොකටද ගැහැණු පිරිමි බේදයක්....තමන් ආදරෙයිනම් හිතන්න නරකයි....එතනින් පිට කිසිම දෙයක්...

අදත් වෙනදා වගේමයි....මුලු පන්තියම හරිම කලබයි...මම කරේ මගෙ ඩෙස්ක් එකෙන් ගිහින් ඉදගත්ත එක...මට වැඩක් නෑ ඔය විකාර....මම කවද්ද මෙයාලත් එක්ක කතා කරේ...

තාම වෙලාව හතටත් නෑ...මම කවදත් ඔහොමයි....වෙලාවටත් කලින් ඉස්කෝලෙ...මම කරේ දොර දිහා බලන් කල්පනා කරපු එක...එයා එන්න තව පැය බාගයක්වත් යයි....එයා ඔහොම තමයි...හැමදාම එන්නෙ බෙල් එක ගහන්න ඔන්න මෙන්න තියලා....හරි දඩබ්බරයි....හැබැයි මම ආසයි....

"ආහ්...."

කල්පනා කර කර හිටපු මගෙ අත ගිහින් වැදුණෙ ඩෙස්ක් එක ලග තිබුණු ඇණේක...ඇත්තටම මට රිදුනා...හිතුවෙ නැති වෙලාවක උන දෙයක් නිසාද මන්ද මගෙ අත සෑහෙන්න කැපිලා ගිහින් තිබුණා....රිදුනත් මට ගානක් නෑ....උහුලන්න බැරි තරම් දුක් විදපු මට මේක ලොකු දෙයක් නෙවෙයි...

මම කරේ ලේ ගලන මගෙම අත දිහා බලන් හිටපු එක....ලේ....මගෙ ජීවිතේම කොටසක්...

ඉතින් පිහදගන්න ඕනෙ කියලවත් මට ගානක් ගියෙ නෑ.....

ඒත්,

"තමුසෙගෙ අත කැපිලා....."

"අහ්....."

"පිස්සුද ඕයි ලේ දිහා බලන් කල්පනා කරන්නෙ...පිහදගන්නවා...."

පුදුමයි....තුශ් එනකන් බලන් හිටපු මම ආවෙ ලගට තුශ් නෙවෙයි වෙන කෙනෙක්....

"අඩෝ ගයියා උබ මොකද ඔතන කරන්නෙ...වරෙන් යන්න කැන්ටිමට..."

"උබලා පලයන් මම එන්නම්..."

ඔව් ගයියා...එයා තමයි science section එකේම චණ්ඩියා...හැමෝම එයාට බයයි..හැබැයි මම කවදාවත් එයාගෙ ඇත්ත නම දැනන් හිටියෙ නෑ...මට දැනගන්න ඕන කරෙත් නෑ....

ඒ එයා....මම ලගට ඇවිත් මගෙ අත දිහා බලන් කතාකරේ එයා....මම ඒකයි කීවේ...පුදුමයි..මේ තරම් කාලයක් එයා මාවවත් මම එයාවවත් ගනන් ගත්තෙ නෑ...ඒත් දැන්....

ඇයි මේ...

මම කරේ එයා කලින් අහපු ප්‍රශ්නෙට උත්තර දීපු එක...පරක්කු ඇති....ඒත් මට වැඩක් නෑ...කාගෙන්වත් නෙවෙයි මෙයාගෙන්....

"ගානක් නෑ...."

මම එහෙම කියපු පාර එයා කරේ මගෙ එහා පැත්තෙන් වාඩිවුණ එක...

ඔය එයාගෙ තැන...මගෙ තුශ්ගෙ තැන....

කෑගහලා කියන්න හිතුනත් මම අහක බලාගත්තා....මම කැමති නෑ...වැඩි කතාබහට...විශේෂයෙන්ම මේ වගේ අය එක්ක....

'මෙයා ගැන මම දන්න දේවල් ටිකක් ඔයාලට කියන්නම්....'ගයියා' කොලඹ ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයෙක්ගෙ පුතෙක්....මෙයාගෙ තාත්තා කවදාවත් සාධාරණව හම්බ කරපු මනුස්සයෙක් නෙවෙයි...හැබැයි කාටවත් කරදරයක් නෑලු...ඒකට මෙයා...මේකා තනිකරම කුඩු කාරයෙක් වගේ...ඇස් දෙක රතුම රතුයි....කෙල්ලො කීයක් නම් විනාශ කරලා ඇතිද...සල්ලි බලෙන් හැමදේම යට ගහනවා....'

ඉතින් එහෙම මනුස්සයෙක් එක්ක මම කතාකරන්න ඕනෙද...ඇත්තටම මට බෑ...

ඒත් එයා කියපු දේවල් එක්ක මටත් කතා නොකර ඉන්න බැරිවුණා....

"තමුසෙගෙ ඇයි ඔච්චර ලොකුකම...."

උබට ඒකෙන් වැඩක් නෑ කියන්න හිතිලත් මම ඒ වචන ආපිට ගිලගත්තා....විහින් ප්‍රශ්න මට ඕනෙ නෑ....

"එහෙම එකක් නෑ...."

"අර අලුත් එකත් එක්ක ඔච්චර තියෙන යාලුකම මොකක්ද...."

"විශේෂයක් නෑ....."

එයාට මොකටද තුශ් ගැන දේවල්....එයා මට කවුරු උනත් මෙයාට ඒක වැඩක් නෑ....හ්ම්...

කලබල නොවී උත්තර දෙමු....

"තමුසෙ ආඩම්බරයි...."

"පේන හැටි...."

"මාව ගනන් නොගන්න මිනිස්සුන්ට තමයි මම ආසම...."

"අහ්...."

"පරිස්සම් වෙයන්....."

මම දන්නෙ නෑ....එයා මොකක්ද ඒ කීවේ...මම මොනවගෙන් පරිස්සම් වෙන්නද...එක පාරටම කඩන් පැනලා මගෙ ඔලුව අවුල් කරා....අවුරුදු ගානක් අපි දෙන්නා එකම ක්ලාස් එකේ....ඒ අවුරුදු ගානටම මාත් එක්ක කතා කරපු පලවෙනි පාර....ඔව් ඒ අද....

කමක් නෑ...හිතන්න නරකයි....තියන ප්‍රශ්න මදිවටද තවත් ප්‍රශ්න...

ඒත් එක්කම ඇතුලට ආවේ තුශ්....

"දෙයියනේ තුශ්......තමුසෙ උඩ බලන්ද මිනිහො යන්නෙ...."

"වෙන්නත් පුලුවන්...."

"උබට මම....."

"රූ එපා....."

වෙනද බෙල් එක ගහන කිට්ටුව එන එයා අද කලින්ම ඇවිත් තිබුණා....ඒ එක්කම පන්තියෙන් එලියට ගිය ගයියා කරේ තුශ්ගෙ ඇගේ හැප්පුන එක....නොවැටී බේරුනේ දශම ගානෙන්....කවදාවත් තරහ නොගන්න මට අද තරහා ගියා....ඔව් ඒ එයා එක්ක....වෙන කවුරුත් නෙවෙයි ගයියා එක්ක....දැක්කත් බය හිතෙන කෙනෙක්....ඒත් මම කරේ හිතේ ආවේගට කෑගහපු එක....හැබැයි තුශ් මාව නැවැත්තුවා....

ඒ විනාඩියට මට තේරුනේ එක දෙයයි....කාගෙවත් කීමක් නාහන මම අද එයාගෙ වචනෙටත් නිවිලා ගියා.....එතනින් එහා මම තව එක වචනයක්වත් කීවේ නෑ...

හැබැයි,

"කවුරුත් මීට කලින් මට සද්ද දාලා නෑ...."

"ඉතින්...."

"තමුසෙ වෙනස් නේහ්...."

ආයෙම ඒ කටහඬ.....හරි අමුතුයි...ඒත් ඇයි..මට බෑ මහන්සි වෙන්න....වෙන මොකටවත් නෙවෙයි උත්තර හොයන්න....

මම මුකුත් කීවේ නෑ.....මෙහෙම මනුස්සයෙක් වෙනුවෙන් නාස්ති කරන වචනත් ආපරාදේ...

ඒත් නැවතීමක් නෑ....

"ඕයි අලුත් එකා...."

"මොකද...."

"තමුසෙට මොකක්ද මූත් එක්ක තියන සම්බන්ධෙ...."

මගෙ හිත ගැස්සුනා....එයා මොනවා කියයිද කියන හැගීම මගෙ මුලු හිතම වහගත්තා..

ගයියා ඇයි මෙච්චර ප්‍රශ්න කරන්නෙ කියලවත් මට හිතන්න ඕනෙ උනේ නෑ....

මම බලන් හිටියා....තුශ්ගෙ ඇස් දිහා මම බලන් හිටියා....එයා මොන විදිහෙ උත්තරයක් දුන්නත් මම ඒ ඇස් කියන කතාව අහන්න බලන් හිටියා...

"මේ මගෙ හොදම යාළුවා....ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද ඒ ගැන....."

අනේ නෑ....ඒ ඇස්වල කිසිම බොරුවක් නෑ...එතනින් එහාට ඒ හිත ඇතුලෙ මම ගැන කිසිම හැගීමක් නෑ කියන්න ඒ ඇස් ඕනවටත් වැඩිය මට තේරුම් කරලා දුන්නා.....

ආපිට අනිත් කෙනා මොනවද කීවේ...ඇත්තටම මට ඇහුනෙ නෑ....

මගෙ පපුව ආදරේ කියන හැගීමට ගැහෙන්න පටන්ගත්තා විතරයි....පොරොන්දු වෙනවා තනියම හරි ආදරේ කරනවා....දැනුනොත් දැනිද්දෙන්....නොදැනුනොත්.............................

"අපි යමු රූ......"

_____________________________________

මම යනෝ...පරිස්සමින් ඉන්න...ආදරෙයි 😚❤

හනේ මට නිදිමතයි බොලව්නේ😫😫

@Diyana_45 🖊mention a user

Share This Chapter