Back
/ 25
Chapter 8

07 වන පරිච්ඡේදය 👁

උමතු ඇස්💓👁 (COMPLETED)✅

"Good morning...."

"Good morning....."

"උබ අද එනවනෙ...."

"ඔව් ඉතින් එන්න වෙනවනෙ..."

"මම ගේට් එක ලග ඉන්නම් ඈ..."

"නෑ කමක් නෑ උබ ඇතුලට පලයන් මම එන්නම්...ගේට් එක ලග ඉදන් ඉස්කෝලෙ ඇතුලට එන්න බැරිකමක් මට නෑනේ..."

"අනේ රූ මේ උබ මගෙන් මුකුත් අහගන්න එපා තනියම එන්න ඇවිත් මතකනෙ එදා...කුකුලත් අතෙන් අරන් ඉස්කොලෙ එනවා කීවට අහන්නෙත් නෑ...බලපන් උබ නිසා මගෙ නින්දටනෙ කෙලවෙන්නෙ..."

"මම ඔයාට එන්න කීවද තුශ්..."

"නෑවිත් කොහොමද...."

"ඇයි...."

"නොදන්නවා වගේ අහන්න එපා රූ...."

"තුශ්...."

එයා තියලා....හැමදාමත් වගේ අදත් එයා කරේ මම කියලා ඉවර කරන්න කලින් කෝල් එක කට් කරපු එක....එයා හරි දක්ෂයි...මොනවා නැතත් මගෙ ප්‍රශ්න මග අරින්න...

තුශ්ව මට හම්බෙලා දැනට මාස හයකටත් කිට්ටුයි....මට හිතාගන්න බෑ...ඒ තරම් ඉක්මනට කොහොමද කාලෙ ගියෙ....එක අතකට හිතන්න දේකුත් නෑ....ඉපදුන දා ඉදන් දින සති ගෙනෙන්නෙ හිතාගන්න බැරි තරම් ඉක්මනකට වෙද්දි මාස හය කියන්නෙ ලොකු දෙයක් නෙවෙයි....එහෙමනෙ...

ඔයාලට කියන්න ගොඩක් දේවල් තියනවා....ඒත් මට තේරෙන්නෙ නෑ...මම කොහෙන්ද පටන්ගන්න ඕනෙ....හ්ම්....හැමදාම කියන පුරුදුයි කියන වචනෙ වෙනුවට අද මට කියන්න තියෙන්නෙ...

මට මේ දේවල් පුරුදු නෑ....

මට රිදෙනවා.....සීමාවක් නැති තරම් මගෙ පපුව රිදෙනවා....

තුශ්,

එයා නිසා මම අඩපු නැති දවසක් නෑ...මතකද එයා දවසක් මට පොරොන්දුවක් උනා....

"අදින් පස්සෙ මම ඉන්නවා ඔයාට කතා කරන්න....හැමදාම රෑට මම කෝල් එකක් ගන්නම්...."

අමතක වෙන්න විදිහක් නෑ....මම හරිනෙ..ඔයාලට මතකයි...හ්ම්...ඔයාලට වගේම එයාටත් ඒක මතක තිබුණා....මුණගැහුණු දා ඉදන් මේ වෙනකන් එක දවසක්වත් එයාට මාව මගඇරුනෙ නෑ....හැමදාම එයා මට කතා කරා...මූණට මුණගැහුණු දාකට උනත් එහෙම නොවුණු දාකට උනත් එයා මට කතාකරා....

හැබැයි ඒ හැමදාකම....හැම තප්පරේකම මගෙ පපුව පිච්චිලා ගියා....

මොකද,හැමදාම අවසානෙට....

"Good night බං මම තියනවා....."

කියපු එයාම.....

"උබ මගෙ හොදම යාළුවා රූ....."

කියන්නත් අමතක කරේ නෑ....ඉතින් දන්නවද?..

ඒ හැම තප්පරේකම මගෙ පපුව පිච්චුනා...මගෙ ඇස්වලට කදුලු පිරුණා....එයා කෝල් එක කට් කරලා ගිය හැමදාකම මම නොසෑහෙන්න කදුලු හැලුවා....කාත් කවුරුත් නැති ගෙයක් ඇතුලෙ තනියම....හැබැයි හැමෝටම හොරෙන්....හ්ම්....මම ආයෙම කියනවා....

ජීවිතේ හැටි ඔහොමයි....

ඔයාලා ආසද තුශ් ගැන දැනගන්න....ඉන්න මම කියන්නම්...

"එයාගෙ සම්පුර්ණ නම නෙතුශ් දෙව්සිතු....ඔයාලා දන්නවත් ඇති...එයා හැමදාම මට එයාගෙ චූටි නංගි ගැන කියනවා...ඔව් එයාට ඉන්නෙ නංගි කෙනෙක්..අවුරුදු අටක පොඩි නංගි කෙනෙක්...එයා මාත් එක්ක හරි එකතුයි...පහුගිය මාස ගානට මම එහෙ නොගියපු දවසක් නැතුව ඇති...අපි දෙන්නා එකට පාඩම් කරා....සිංදු කීවා...පිස්සු නැටුවා...ආ දන්නවද දෙයක්?..මම චිත්‍ර අදිනවා කියලා දැනගත්ත දා ඉදන් එයාටත් චිත්‍රයක් ඕනෙ උනා...එදත් මම ඇන්දෙ එයාගෙ ඇස්...එයා දන්නවනම් මගෙ චිත්‍ර පොතේ පිටුවක් පිටුවක් ගානටම තනි රැක්කෙ එයා කියන්න....නෑ එපා...එක අතකට එයා ඒක දැනගත්තත් වැඩක් වෙන එකක් නෑ...මොකද මම මේ මාස ගානට එයාට නොසෑහෙන්න මාව දැනෙන්න දුන්නා....හැබැයි එයාට තේරුනේ නෑ...ඉතින් තවත් තේරුම් කරලා වැඩක් තියේද....

එයාගෙ අම්මයි තාත්තයි හරි හොදයි....දෙන්නම වැඩ කරේ බැංකුවක...තුශ්ට සෑහෙන්න ආදරෙයි....සමහරදාට හිත රිදුනත් මම හරි ආසාවෙන් ඒ පවුල දිහා බලන් හිටියා...මට නැතත් එයාට ලස්සන පවුලක් තියෙනවා....ඉතින් මට තවත් සතුටක් ඕනෙද..."

හ්ම්.....

කියන්න කියලා මට තියෙන්නෙ ඔච්චරයි...

මේ ටික කාලෙට එයා මගෙ ප්‍රශ්න හැමදෙයක්ම දැනගත්තා...ඇත්තම කීවොත් නොදන්න දෙයක් නෑ....

බාප්පා ගැන....ටියා ගැන...ඒ හැමදෙයක්ම එයා දැන් දන්නවා.....

ඒ හැමදාකම එයා මට කීවා....

"හිතට දරාගන්න අමාරුම තැනක් ආවොත් මට කියපන් රූ.....උබව එහා කොනට හරි ගිහින් හංගන් පරිස්සම් කරන්නම්...."

හැබැයි එදත් අන්තිමට....

"උබ මගෙ හොදම යාළුවා රූ....."

කියලා නොකියා ඉන්න එයාට අමතක උනා....

ඒ ඇස් අස්සෙන් කවදාවත් යාළුකමට එහා ගිය හැගීමක් මම දැක්කෙ නෑ.....

හැබැයි සමහර දවස් තිබ්බා...

හේතුවක් නොදන්නවා උනාට එයා මගෙන් එයාගෙ ඇස් හැංගුවා....

වෙනසකට තිබුණෙ ඒ හැමදාකම මම උන්නෙ උඩට මුකුත් නොඇද උන එක විතරයි....හැබැයි මම දන්නෙ නෑ....එහෙම දාකට මොකට මගෙන් ඒ ඇස් හැංගෙන්න තැන් හෙව්වද කියලා....මම කෙලින් බලන හැම තප්පරේම ඒ ඇස් මගෙන් පිට පැන්නා...

.

.

.

.

.

.

.

.

.

.

.

මේ මාස හයට මම එයා එක්ක නොගිය තැනක් නෑ....මම හැමදාම තනියම ඇවිදන් යන පාර එදා ඉදන් එයාටත් ඉඩ හදලා දුන්නා...රුපියල් සීයට කන මුරුක්කු ගොට්ට රුපියල් දෙසීයක් උනා...මට විතරක් පුංචි මහත්තයා කියපු කඩේ අන්කල් එයාටත් පුංචි මහත්තයා කියන්න පුරුදු උනා....වෙනදට තනියම කල්පනා කරන මම එයා කතා කරනවා අහන් ඉන්න ඇබ්බැහි උනා....

දන්නවද?....

එයා කටර් එකක් වගේ....තප්පරේකට හරි අවධානෙ බිදුණොත් කප්පරකට මට දෙස් තියනවා....

ඉතින් එදා ඉදන් මම ආසම වැඩේ...

කටර් එක වගේ කියවන එයා දිහා ඇහිපිල්ලමක්වත් නොගහා බලන් ඉන්න එක උනා....

වෙලාවකට එයා අහනවා...

"මම ඔච්චර ලස්සනයිද බං...."

කියලා....ඒ වෙලාවට මම කරේම මුකුත් නොකියා හිනාවුණ එක....එයා එහෙම අහන හැමදාකම මම කරේ දාහක් හැගීම් පපුවෙ හිරකරන් තනියම හූල්ලපු එක....

ඉතින් දන්නවද?...

'වෙලාවකට මම හිනාවකින් හැංගුවේම

ජීවිතේ තියෙන දරාගන්නම බැරි හැගීම්..'

තව පොඩි දෙයක් කියන්න ඕනෙ....

ඒ තමයි ගයියා....

මම කෙලින්ම කියන්නම්....එයාගෙ හිතේ මම ගැන හැගීමක් තියෙනවා...මම දන්නෙ කොහොමද බැලුවද....හ්ම්....එයා කියපු නිසා...මේ මාස හයට ඌ මගෙ පස්සෙන් නොආපු දවසක් නැතුව ඇති....හැමදාමත් පන්තියට එන මගම මාව නවත්තගන්න එයා මට කියන්නෙ...

"මම උබට කැමති රුහාන්....."

කියලා වෙද්දි මම කරේම නෑහුන ගානට එයාව මගඇරපු එක....මට බෑ....කීයටවත් මට වෙන කෙනෙක් ගැන හිතන්න බෑ....මගෙ පපුව ගැහෙන්නෙම තුශ්ගෙ නමට වෙද්දි වෙන එක පිරිමියෙක්වත් මට ඕනෙ උනේ නෑ....

හැබැයි මම එක්ක බලපුවාම ගයියා හිටියෙ අඩි ගානක් ඉස්සරහින්....

ආදරෙයි කියන වචනෙ අස්සෙත් අන්තෙටම අසරණ උන මම නොසෑහෙන්න විදවද්දි ගයියා ඒක කියලත් ඉවරයි...ලැබෙන්න හරි නොලැබෙන්න හරි ඌ ඒක කරා....

ඒත් මම,

තව මොන තරම් කල් තනියම විදවන්නද...එයා මට අයිති නැත්තන්.....

"හොද සිහියට වරෙන් රූ හොද සිහියට වරෙන්...දෙයියනේ රූ...ඔය ඇස් ඇරලා මගෙ දිහා බලපන්කො රූ....උබට මේ හුත්තා එක්ක එනකොට මාව මතක් උනේ නැද්ද රූ....ආ කතා කරපන් උබට උබේ තුශ්ව මතක් උනේ නැද්ද....අනිකා උබ....තව එකපාරක් හරි මගෙ කොල්ලා දිහා බැලුවොත් මම උබව මරනවා...මරන එක මරනවා..."

"අහ්....මගෙ ඔලුව...."

"චූටි බේබි....චූටි බේබි...."

"නැන්දා...."

"මොකද උනේ චූටි බේබි...."

"මුකුත් නෑ නැන්දා...."

"අද ඉස්කෝලෙ යනවද බේබි...."

"ඔව්..."

"එහෙනම් මේක බීලම ලෑස්ති උනානම්...මම පාලට කියන්නද බේබි...."

"කියන්න....."

කිරි වීදුරුවත් මගෙ අතට දීපු නැන්දා එලියට ගියෙ මගෙ ඔලුව ආයෙම කැක්කුම අල්ලද්දි...හිටපු ගමන් ඔලුවට එන ඒ වචන මාව නොමරා මරනවා...

ඒ එදා තුශ් කියපු වචන.....හරියටම මීට සතියකට කලින්...

FLASHBACK

'මම හිටියෙ ඉස්කෝලෙ cadet room එකේ...මම ගියෙ කොස්සක් හොයන් එන්න...කොල්ලොම ඉන්න නිසාද මන්ද අපේ පන්තිවල කොස්සක් තියා කොස්සක හෙවනැල්ලක්වත් හොයාගන්න නෑ....තියනවනම් තියන එකම තැන cadet room එක විතරක්ම උන නිසා මම කරේ අඩියට දෙකට ඒ දිහාවට අඩිය තියපු එක....එතකොට වෙලාව හයයි හතලිස් පහයි...ඉස්කෝලෙ ඇතුලෙ බලු බල්ලෙක්වත් හොයාගන්න නෑ...මම කවදත් ඔහොමයි...වෙලාවටත් කලින් ඉස්කෝලෙ....මම ආසයි....වෙන මොකටවත් නෙවෙයි ඒ වෙලාවට ඉස්කෝලෙ තියන නිස්කලංක ගතියට....හ්ම්...ඉතින් එදත් එහෙම දවසක්....

මම හිටියෙ cadet room එක ඇතුලට වෙලා කොස්සක් හොයන ගමන්...හැමතැනම හෙව්වත් මට කොස්සක් හම්බුනේ නෑ...ඉතින් මම හැදුවෙ එලියට යන්න...හැබැයි...

"රුහාන්...."

"ඔයා...."

ඒ හිටියෙ වෙන කවුරුත් නෙවෙයි ගයියා...යන තැනම මගෙ පාර හරස් කරන් හිටියෙ එයා...

මම හැදුවෙ එයාවත් පැත්තකට කරලා එතනින් යන්න...ඒත්...

"තමුසෙ කොහෙ යන්නද..."

"මට යන්න දෙනවා..."

එයා කරේ එලියට යන්න හදපු මාව ආයෙම ඇතුලට තල්ලු කරපු එක...ඒ තල්ලු කරපු පාර මම නැවතුනේ බිත්තියේ වැදිලා...ඒ වැදුන පාරෙ සැරටද මන්ද මට දැනුනෙ පුදුම තරම් කලන්තෙ ගතියක්....

"ඇයි උබ මට මෙහෙම කරන්නෙ...මම මෙච්චරත් උබේ පස්සෙන් එද්දි ඇයි මාව ගණන් නොගන්නෙ...."

"මට වැඩක් නැති නිසා...."

"තමුසෙ මට මෙහෙම කරන්නෙ ඌ නිසාද රුහාන්...."

"ක..කවුද...."

"නෙතුශ්...."

"උබට පිස්සුද...."

"පිස්සු...ඔව් මට පිස්සු....උබ හිතන්නෙ මට ඇස් පේන්නෙ නෑ කියලද...ආ...උබ හිතන්නෙ මට ඇස් පේන්නෙ නෑ කියලද....ඌ ලගදි උබ හරි වෙනස් බං..."

"පිස්සු කතා නොකර අහකට පලයන්..."

"මට බෑ රුහාන්...මට බෑ...උබව දැක්කාම මට ඉවසන්න බෑ බං...."

එහෙම කියපු ගයියා කරේ මාව ඇදලා අරන් බිත්තියට තදකරගත්ත එක...මගෙ ඔලුව කැරකෙනවා....ඇත්තටම මට කලන්තෙ වගේ...මම හිටියෙ එලොවයි මෙලොවයි අතර..ගයියා මොනවා කරන්න හැදුවා උනත් ඒ එක්කම ඇතුලට ආවේ තුශ්...

පිලිගන්න එයා එදා පිස්සෙක් වගේ...මම දන්නෙ නෑ එයා මොකක් නිසා එදා එහෙම දෙයක් කීවද කියලා...

හැබැයි එයා කීවා,

"හොද සිහියට වරෙන් රූ හොද සිහියට වරෙන්...දෙයියනේ රූ...ඔය ඇස් ඇරලා මගෙ දිහා බලපන්කො රූ....උබට මේ හුත්තා එක්ක එනකොට මාව මතක් උනේ නැද්ද රූ....ආ කතා කරපන් උබට උබේ තුශ්ව මතක් උනේ නැද්ද....අනිකා උබ....තව එකපාරක් හරි මගෙ කොල්ලා දිහා බැලුවොත් මම උබව මරනවා...මරන එක මරනවා..."

FLASHBACK END

ඒකයි මම කීවේ...ඒ වචන මතක් වෙන ගානෙම මගෙ ඔලුව රිදෙන්න ගන්නවා....

මම දන්නෙ නෑ....ඇයි එදා එයා එහෙම දෙයක් කීවේ...

හැබැයි මම එක දෙයක් දන්නවා...

මගෙ ඇස් අස්සෙ එයාට තියන ආදරේ ගයියා අදුරගත්තත් තුශ්ට බැරිවුණා....

අහසත් උසට පන ගහපු මගෙ ආදරේ මගෙ තුශ්ට අදුරගන්න බැරිවුණා....හ්ම්....

කමක් නෑ මම ඉවසන්නම්....මොකද මම පොරොන්දු උනා....

නොදැනුනොත් මගෙ පපුව තනියම හරි රකිනවා උබේ ඔය ඇස් දෙක....ජීවිත කාලෙටම...කදුලක් නොවැටෙන තැනටම...

"අඩෝ රූ......."

"කියන්න....."

"මම අද බස් එකේදි පට්ට ලස්සන කෙල්ලෙක් දැක්කනෙ....."

_______________________________________

"ආදරෙ කියලා හිත

පිලිගන්නට

නුඹ තනිකර මගෙ

වෙන්නම ඕනෙද?"

🥺❤

(රූගෙන් තුශ්ට )

මම යනවා...බායි බායි...ආයෙම එනකන් පරිස්සමින් ඉන්න ඕන..ආදරෙයි 😚❤❤

@Diyana_45 🖊mention a user

Share This Chapter