Back
/ 25
Chapter 9

08 වන පරිච්ඡේදය 👁

උමතු ඇස්💓👁 (COMPLETED)✅

"මාමේ...."

"අපෙ අප්පේ බේබි මම හොදටම බයවුනා...මොකෝ මේ ගිය පයින්ම ආපහු ආවෙ...."

"අද හවස....."

"මට එන්න එපා කියලනෙ ඔය කියන්න හදන්නෙ...."

"ඔව්...."

"හරි හරි මම එන්නෙ නෑ...අනේ මන්ද බේබි බේබිගෙ ඔය මුරණ්ඩුකම් නම් මෙදා කපේට නැතිවෙන එකක් නෑ..."

"මම පරිස්සමට එන්නම්...."

"ම්ම්ම්...."

ඉස්කොලෙ ලගට ගිහිනුත් මම ආයෙම දුවන් ආවෙ පාල මාමා හොයාගෙන....හිතේ පොඩි ගැස්මක් නොතිබුණාම නෙවෙයි....වෙන මුකුත් නිසා නෙවෙයි මාමා ගිහින් ඇති කියලා හිතුන නිසා...මට අමතක උනා....මම හිතන් උන්නෙ අදත් තුශ් එක්ක තනියම ඇවිදන් යන්න...ජීවිතේ එහෙම හරි එයත් එක්ක එකට ඇවිදන් යන්න...සත්තයි මම ආස කරා....ඇත්තටම ඒක මහ විකාරයක් වගේ නැද්ද...ඒත් මම ඒ පුංචි දේටත් ලෝබකම් කරා....

නොසෑහෙන්න.....

ඉතින් මට මාමාට එන්න එපා කියන්න අමතක උනා....ගේට්ටුව ලගට ගිහිනුත් ආපිට මාමව හොයන් දීවේ ඒකයි...

කියන්න ඕන දේ කීවත් හරි එයා කරේ  හැමදාම වගේ අදත් මට නෝක්කාඩු කියපු එක...මම කීවා....එයා බනින්නෙ තරහකට නෙවෙයි...මට කරදරයක් වෙයි කියන බයට..

හැබැයි මම කැමතියි....

ඇයි?.....

කාත් කවුරුත් නැති මට මෙහෙමයි කියලා හරි ආදරයක් දුන්නෙ ඒ දෙන්නා විතරක්ම නිසා...

හ්ම්...

මම දැන් යන්න ඕනෙ...දැනටමත් තුශ් ඇවිත් ඇති...එයා කීවා...මම එනකන් බලන් ඉන්නවා කියලා එයා කීවා....ඒ ඇස් උදේම බලන්න මම මොන තරම් ආසයිද.....

ඇත්තටම මට බෑ...ඒ හැගීම මෙහෙමයි කියලා විස්තර කරන්න....

මම ගේට් එක ලගට ගිහින් හැමතැනම බැලුවත් එයා හිටියේ නෑ වෙද්දි මම කරේ එයා එනකන් මග බලන් ඉන්න තීරණය කරපු එක....දන්නවද?..මම අද වෙනදටත් වඩා කලින්...ඇයිද නොදන්නවා උනාට මගෙ හිත කීවෙම කලින් පලයන් කියලා වෙද්දි මම අද වෙන කවදටත් වඩා ඉක්මන් වෙලා තිබුණා..

හිතත් වෙලාවකට මහ වදයක්...කිසිම තේරුමක් නැති දේවල් කරන්න උසිගන්නනවා...මට නෙවෙයි...මගෙ මොලේට...එයත් ඒවා අහන නිසාද මන්ද මමත් ඉබේටම යටත් වෙනවා...ඒ නැත්තන් මේ තරම් උදෙන් ඉස්කෝලෙට එයිද....කාත් කවුරුත් නොයෙන බව දැන දැනම....ඇත්තටම කවුරුත් නෑ....ඉදලා හිටලා ඇතුලට යන එක්කෙනෙක් දෙන්නෙක් ඇරෙන්න වෙන කවුරුත්ම නෑ....

අහ්....ඔයාලා බැලුවද කෝ ශිෂ්‍ය නායකයො කියලා....එයාලා වැඩ පටන්ගන්නෙ හතට විතර....ඒ නිසා හිතන්න එපා....

මොකද දැන් වෙලාව හයයි හතලිහයි...පුදුමයි නේද....

ඒත් මතක තියාගන්න...මේ මම...කවදත් ඔයාලට වඩා වෙනස්....

තුශ් එනකන් පාර බලන් හිටිය මගෙ ඇස් අදත් නතර උනේ අහසෙ තිබුණ හරි ලස්සන වලාකුළක් ලග....

වලාකුළු,තරු.......

මම ආසම ඔයාලට....

ඉතින්,දන්නවද ඒ ඇයි කියන්න....ඉන්න මම කියන්නම්...

'වලාකුල.....උබටයි මම මේ කියන්නෙ...උබත් හරියට මේ මම වගේමයි...කප්පරක් දුක තද කරන් ලෝකෙට පේන්න හිනාවෙනවා...ඉතින් මට කියනවද....දරාගන්නම බැරි තැන්වලත් දරාගන්න බැරිවුණ උබ,වැස්ස දාට සාගරයක් තරම් කදුලු හැලුවා....මම ආයෙම අහනවා...ඉතින් මට කියනවද?..ඒ තරම් හරි උබ දරාගත්ත හැටි....මටත් පුලුවනි උබෙන් ඉගෙනගන්න....අනේ මටත් හරි මහන්සියි බං...ඒකයි මම කීවේ....

උබත් හරියට මම වගේ....ඉතින් අදින් පස්සෙ බෙදාගන්නද මගෙ දුක....වෙන කා එක්කවත් නෙවෙයි උබත් එක්ක....'

හ්ම්....

දැන් ඔයාලා අහයි ඇයි උබ තරුවලට ආදරේ කියලා....

උත්තර දෙන්න ඕනෙද....මම ඔයාලට උත්තර දෙන්න ඕනෙද.....

මගෙ පපුව පිච්චෙනවා....උත්තර මතක් වෙන ගානෙම මගෙ පපුව පිච්චෙනවා....කමක් නෑ...මම කියන්නම්....

පිච්චෙන මගෙ පපුවට තවත් පිච්චෙන්න බැරිකමක් නෑ....

'ඔයාලා අහලා තියෙනවද....ඔයාලා දැකලා තියෙනවද....කවියො හරි ලස්සනට තරු ගැන කතා ලීවා...මමත් දවසක් කියෙව්වා...තරු ගොන්නක් මැද හද විතරක්ම බලාපොරොත්තු උන පුංචි තරුවක් ගැන...හද ලගින්ම පායන එයා හදෙන්ම එලිය අරන් මුලු ලෝකෙටම පේන්න හිනාවුණාලු...

හරි ලස්සන පුංචි තරුවක්....රෑ අහසට විතරක්ම කැප උනේ ඇයි....

මම ඒ තරුව අස්සෙන් දැක්කෙම මගෙ තුශ්ව...අදටත් මම නොදන්න හේතුව...ඒ ඇයි...ඒ පුංචි තරුව තුශ්ගෙ ඇස් වගේම මට පෙනුනෙ...ඉතින් ඇයි ඒ...

දිලිසෙන ඒ ඇස් තරු කැට වගේ ලස්සන වෙද්දි මට එහෙම හිතුන එකේ වරදකුත් නෑ....

ඒත්...

හදට කැප තරුවක් ඉරටත් වඩා පිච්චෙන මම ලගින් පායයිද....ඒකත් දවල් අහසක.....

හැබැයි දන්නවද....නොපෙනුනාට දවල් අහසෙත් තරු පෑයුවා.....

දැන් දන්නවද මගෙ පපුව පිච්චෙන්න හේතුව...'

හ්ම්....අන්තිම වතාවට මම කියන්නම්.....

ඉතින් වලාකුළ,උබට පුලුවන්ද?...

දවල් අහසෙත් මගෙන් වහන් වෙලා පායන ඒ තරුව උබ ලගින් පරිස්සමට හංගගන්න...

මගෙ දුක අහන උබ ඌ එක්ක ලස්සනට හිනා වෙයන්....අහිතක් නෑ සත්තයි....

ආයෙම කියනවා.....හදට අයිති ඌව පරිස්සම් කරපන් මේ මම වෙනුවෙන්....දවසක ආවොත් මගෙ ලගට.....

දවල් අහසක උනත්.....රකිනවා මගෙ පන වගේම....

මම ආයෙම කියනවා....

ජීවිතේ හැටි ඔහොමයි....

"රුහාන්....."

"ඔයා...."

"මට ටිකක් කතා කරන්න ඕනෙ...."

"කියන්න...."

තුශ් එන මග පාර බලන් හිටපු මට අදත් හම්බුනේ ගයියව....කොහෙන් කොහොම ආවද මම දන්නෙත් නෑ....එයා කියනවා ටිකක් කතා කරන්න ඕනෙලු....ඉතින් මම බෑ කියන්නද....

මට එහෙම කරන්න බෑ....

දන්නවද?....

ආදරේ කරන මනුස්සයා වචනයක් කතා කරත් ඇති කප්පරකට හිත සතුටු කරගන්න....මම මෙයාට අකමැති උනත් එයාගෙ හිතට සතුටක් දැනෙනවනම් මම කතා කරන්නම්...

මම තරම් වෙන කිසිම කෙනෙක් විදවන්න නරකයි....

ආදරේ නිසා.....

මම මෙතනින් එහාට එයාව අහන් හිටියට කමක් නැද්ද.....හරි පුංචි වෙලාවකට...

හ්ම්....කැමතිනම් ඔයාලත් අහන් ඉන්න....

ගයියා කරේ හරි තදේට මගෙ අත් දෙක අල්ලගත්ත එක....කමක් නෑ....පොරොන්දු වෙනවා....

මගේ නොවන උබට....

මේ තමයි අන්තිම වතාව....

"ඇයි රුහාන් මට මෙහෙම කරන්නෙ...."

"කොහොමද....."

"ඇයි මාව නොදැනුන ගානට හැසිරෙන්නෙ..."

"කියන දේ තේරුම් ගන්න ගවිදු...."

ආහ්...කියන්න අමතක උනා....ඒ එයාගෙ නම..ගවිදු...මම දන්නෙත් තුශ් කියපු නිසා...කලින් සිද්ධිය මතක් වෙන ගානෙම තුශ් කරන්නෙ ඔය නම කිය කිය මට බනින එක...

දන්නවද?....

ඒ වෙලාවට තුශ්ගෙ ඇස් ගිනි ගහන තරම් රස්නෙයි....එයාට ගවිදුගෙ හෙවනැල්ලක් වැටුනත් ඇති මාව මරන් කන්න...

ඒ වචන ඒ තරම් සැරයි.....

මම දන්නෙ නෑ....ඇයි එයා එහෙම හැසිරෙන්නෙ....

සමහරදාට එයා කියනවා....

"හැබැයි උබ ආයෙ අරූ එක්ක ඉන්නවා මම මගෙ ඇස් දෙකට හරි දැක්කොත් මම උබවත් මරලා ඌවත් මරනවා රූ...."

ඒ වෙලාවට මම අහන්නෙම...

"ඇයි ඔය තරම් කේන්ති ගන්නෙ..."

කියලා වෙද්දි....එයා කියන්නෙම....

"උබට කවුරුත් ඕනෙ නෑ...."

කියලා විතරමයි....මම අහන්නෙ ඇයි...ඒ තරම් ඇස් රතු කරන් මට බනින්න තරම් මම කරපු වැරැද්ද මොකක්ද.....

මට තේරෙන්නෙ නෑ....වෙන කවුරුවත් නෙවෙයි තුශ්ව....

"තමුසෙ ඔය අරූ ගැනද කල්පනා කරන්නෙ..."

"කවුරු...."

"නෙතුශ්...."

"පි.....පිස්සුද...."

"උබ හිතනවනම් මම උබව ඌට අයිති වෙන්න දෙයි කියලා...හහ්....එහෙනම් උබ තවම දන්නෙ නෑ මේ ගයියා කියන්නෙ කවුද කියලා...."

"ග....ගවිදු....."

"උබ එකක් මතක තියාගනින් රුහාන් උබට බෑ උබේ ඔය ඇස් මගෙන් හංගන්න...."

"මාව අතඅරිනවා ගවිදු...."

"මට බෑ....."

"කීවම අහපන් යකෝ මේක ඉස්කෝලයක්...."

හිතුවට වඩා කතාව දුර දිග ඇදෙද්දි මටත් කරගන්න දෙයක් නැතිවුණා....ගවිදු පිස්සෙක් වගේ මගෙ අත් දෙක අල්ලන් කියවන්න ගත්තෙ අපි ඉන්නෙ ඉස්කෝලෙ කියලවත් ගානක් නැතුව වෙද්දි මගෙ හිතත් ගැස්සිලා එයා කියපු කතාවට....

මම උබව ඌට අයිති වෙන්න දෙන්නෙ නෑ...

එයා කීවේ එහෙම....එයා දන්නවා...මම එදත් කීවා....මගෙ හිතේ තුශ් ගැන අදහස් තියෙනවා කියන්න ගයියා දන්නවා....

ඒත් ඇයි....ඇයි මගෙ තුශ්ට ඒක නොතේරුනේ...

"රූ!......ගවිදු!....."

"තුශ්...."

ඇස් දෙකත් රතු කරගෙන අපි ඉන්න තැනට ආවෙ වෙන කවුරුත් නෙවෙයි තුශ්....එයා බලන් හිටියෙ අපි දෙන්නගෙ අත් දිහා....ඔව් මට ඒක හොදටම විශ්වාසයි....

එයාගෙ ගිනි ගහන ඇස් එක එල්ලෙම තිබුණෙ එකට පැටලුණු මගෙයි ගයියගෙයි අත් ලග....

මට එතනින් එහාට හිතන්නවත් වෙලාවක් තිබුණෙ නෑ....

මොකද.....

"තමුසෙට මම එදත් කීවා මුගෙන් ඇතිවෙලා හිටපන් කියලා....."

"මේක උබට අදාල දෙයක් නෙවෙයි නෙතුශ්...."

"මේක කොහොමද යකෝ මට අදාල නොවෙන්නෙ මේ ඉන්නෙ මගෙ...."

"මගෙ....ඉතින්...."

"ම..මගෙ හොදම යාළුවා...."

එහෙම කියපු තුශ් කරේ මාවත් ඇදන් එතනින් යන්න ගියපු එක...

ජීවිතේ පලවෙනි වතාවට අද එයාගෙ කටහඬ වෙවුලුවා....මම එයාගෙ හොදම යාළුවා කියපු ඒ තප්පරේ...ඔව් එයාගෙ කටහඬ වෙවුලුවා....

ඒත් ඇයි?....

මම දන්නෙ නෑ....

සමහරවිට කලබලේට වෙන්න ඇති....

හ්ම්...හිතන්න නරකයි....

ටික දුරක් මාව ඇදගෙන ගිය එයා නැවතුනා...ඒ නැවතිලත් මගෙ දිහා බලපු එයාගෙ ඇස්වල තිබ්බෙ පුදුම තරම් කේන්තියක්.....

"ඌ තමුසෙගෙ අත් දෙක ඇල්ලුවේ බලෙන්ද...."

"නෑ...."

"ඒ කියන්නෙ තමුසෙ උට අල්ලන්න දුන්නා..."

"ඒක එච්චර දෙයක් නෙවෙයි තුශ්..."

"හහ්....ඒක එච්චර දෙයක් නෙවෙයි...එතකොට ඒක එච්චර දෙයක් නෙවෙයි...එහෙමද දැන් උබ ඔය කියන්නෙ..."

"ඇයි මේ කේන්ති අරන්...."

"මුකුත් නෑ....උබට හොදයිනම් මට මොකටද..."

"එයා මට කැමති එක ඇත්ත ඒත්...."

"උබ උට කැමතිද...."

"මම..."

"නෑ මට මේක කියපන්කො...."

"මොකක්ද....."

"උබ කෙල්ලන්ට කැමතිද...."

"නෑ...."

"වරෙන් යන්න...."

"අහ්...."

"වරෙන් පන්තියට යන්න....."

කේන්තියෙන් අහපු එයාම අන්තිමට ගානක් නොවුණ ගානට එතනින් යද්දි සත්තයි මගෙ පපුව පිච්චුනා....එයා ඇයි ඒ තරම් කේන්ති ගත්තෙ....එයා දන්නවා....

කැමති එයාටයි කියලා නොදන්නවා උනාට මම කෙල්ලන්ට කැමති නෑ කියන්න එයා දන්නවා...

මම කීවනෙ....

මේ මාස හයට එයා මම ගැන නොදන්න දෙයක් නෑ....

එයා කොහොමද දන්නෙ බැලුවද....

ටියා නිසා....

මුලදි තුශ් මට ටියා ගැන කියලා බනින්න ගත්තා.....ඉවසන්නම බැරි තැන මම දවසක් කීවා....

"මම කෙල්ලන්ට කැමති නෑ තුශ්...."

කියලා....හේතුවක් නොදන්නවා උනාට එදයින් පස්සෙ කවදාවත් එයා මට ටියා ගැන මතක් කරේ නෑ....

ඒකට දැන්...කටේ තියෙන්නෙම ගවිදු....මෙයා ඌ එක්ක මොන තරහක් පිරිමහනවද දන්නෙ නෑ....

මම ආයෙම කියනවා....මට තුශ්ව තේරෙන්නෙ නෑ...

සමහර වෙලාවට.....

.

.

.

.

.

.

.

.

.

.

"රූ...."

"කියන්න...."

"මම අද බස් එකේදි පට්ට ලස්සන කෙල්ලෙක් දැක්කනෙ...."

"ඉතින්...."

"ඉතින් කියන්නෙ ඒකි මාත් එක්ක හොදට හිනාවුණා..."

"මට මොකක්ද කියන්නෙ...."

"මම try කරලා බලන්නද...."

"ඒ මොකටද...."

"මොකටද අහන්නෙ ඉතින් ඒකිව සෙට් කරගන්න...මම කියලත් තව කොච්චර කල් තනියම ඉන්නද....උබට නම් ඉතින් උකුලු මුකුලු පාන්න එවුන් ඉන්නවනෙ...."

"තු....තුශ්...."

සත්තයි මගෙ පපුවත් එකතැන හිරවුණා...හෙන ගහන්නා වගේ රූ මම පට්ට ලස්සන කෙල්ලෙක් දැක්කා කියද්දි මම හීනෙන්වත් හිතුවෙ නෑ තුශ් ඒ කෙල්ලව ඕනෙ කියයි කියලා....හැබැයි එයා අමතක කරේ නෑ...

හැමදාම වගේ අන්තිමට මටත් නෝක්කාඩුවක් කියන්න....

දන්නවද....

එයා ඒ කීවේ ගවිදු ගැන...හ්ම්...කමක් නෑ...

හිතන්න නරකයි...

ඒත්,

ඒ කෙල්ල...තුශ් එයාට කැමතියිද...මම කොහොමද ඒ ගැන නොහිතා ඉන්නෙ...

මට එයාගෙන් අහන්න ඕනෙ....ඉතින්,

"උබ දැන් මොකක්ද මට කරන්න කියන්නෙ..."

"මම ඒ කෙල්ලව දාගන්නවා..."

"හහ්..."

"ම්ම්ම්..."

එතනින් එහාට එක වචනයක්වත් කතාකරේ නෑ...මමවත් එයාවත්...

මගෙ පපුව පැලෙන්න තරම් කැක්කුමයි...ලගට ගන්නත් කලින් අත්හරින්න උනොත් ප්‍රේමය..

තේරේවි එදාට ඒ වේදනාව....

දැනෙන්න එපා කිසිම කෙනෙකුට ඒ වේදනාව...

අදත් ඒ දවස් වගේමයි....හේතුව මොකක් නමුත් තුශ් අදත් මගෙන් ඒ ඇස් හැංගුවා...

'ඉතින්...කමක් නෑ බං....අහසක් උසට වේදනා විදින මට දුරින් ඉදන් ආදරේ කරන්න බැරි කමක් නෑ...."

අඩන්න ඕනෙ...මට කෑගහලා අඩන්න ඕනෙ...හැබැයි තුශ් ඉස්සරහ නෙවෙයි....

මොකද මට පුලුවන්,

හිතට දැනුන දරුණුම වේදනාව උනත්

දැනුනෙ නැති ගානට

බොරු හිනාවකින් ඒ වේදනාව හංගගන්න...

ඉතින්,

අදත් අන්තිමේදි ගිනි ගහන හැගීම් කන්දක් යට ගහන් මම හිනාවුණා...

හරි ලස්සනට.....

______________________

"ආදරෙයි" කීවත් නුඹ කියාවි...

උබ මගේ හොදම යාළුවා බව....

ඉතින් අවැසිද අයිතියක්....

ආලකම් පාන්නට...

ආයෙත් කියන්නද....

මන් හරි ආදරෙයි උබට....💗

(රූ ගෙන් තුශ්ට)

(By cho_chea_jun   🖊)

_________________________________________

මම යනවා බායි බායි....ආයෙම එනකන් පරිස්සමින් ඉන්න ඕන හරිද..ආදරෙයි 😚❤❤

@Diyana_45 🖊mention a user

Share This Chapter