Back
/ 25
Chapter 10

09 වන පරිච්ඡේදය 👁

උමතු ඇස්💓👁 (COMPLETED)✅

"අද ඉස්කෝලෙ යන්නෙ නැද්ද චූටි බේබි...."

"අද යන්න බෑ නැන්දා...."

"අර මොකද බේබි...වෙනදට පුදුම ආසාවකින් නොවැ ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙන්නෙ..මම දැන් දවස් දෙකක් තිස්සෙ බලාගෙන...මගෙ බේබිට මොකක් හරි ප්‍රශ්නයක්ද...."

"එහෙම මුකුත් නෑ නැන්දා..."

"බේබි දන්නවද දෙයක්..."

"මොකක්ද...."

"බේබි පොඩි කාලෙ ඉදන් ඉස්කෝලෙ යන්න හරි හොරයි...අපේ ලොකු මහත්තයා මේං මෙච්චරක් විතර ලොකු වේවැලක් අරන් ඉස්සරහ හැමදාම බේබි පස්සෙ පන්නනවා...බේබිට කියන්න බේබි ඒ වෙලාවට අඩනවා වෙනුවට කරන්නෙ මහ සද්දෙන් හිනා වෙන එක....ලොකු මහත්තයා හැමදාම බේබිගෙ ඔය හිනාවට අහුවෙනවා....ඒ උනාට පහුගිය කාලෙ බේබි හරි ආසාවෙන් ඉස්කෝලෙ ගියා....දැන් ආයෙ මොකෑ මගෙ බේබි ඉස්කෝලෙ යන්න අදිමදි කරන්නෙ..."

"විශේෂයක් නෑ....නැන්දා..."

"කියන්න බේබි..."

"බනින්නෙ නැත්තන් ඔය උකුලෙන් ඔලුව පොඩ්ඩක් තියාගන්නද...."

"අනේ දරුවෝ ඕක අහන්නත් දෙයක්ද...කෝ එන්න මගෙ ලගට...."

දරුවෝ....

ජීවතේ මම අහන්න ආසම වචනයක්....ඔය වචනෙට මගෙ මුලු හිතම පිරෙනවා...මට හරි මහන්සි....ඇත්තටම දරාගන්න බැරි තරමට මට දැන් මහන්සි....

අහන්නෙ නැද්ද ඒ ඇයි කියලා....

හ්ම්....අහන්න එපා...අහගෙන ඉන්න....

මතකද එදා තුශ් කෙල්ලෙක් ගැන කීවා...හ්ම්...මම හිතුවෙ නෑ තුශ් ඇත්තටම ඒ කෙල්ල පස්සෙන් යයි කියලා...ඒත් ඒක එහෙම උනා....මීට දවස් දෙකකට කලින් මම ඒ කෙල්ලව දාගන්නවා කියපු එයා ඇත්තටම ඒ කෙල්ල එක්ක කතා කරන්න පටන්ගත්තා...තාම තුශ් එක්ක කිසිම සම්බන්ධයක් ඒ කෙල්ලට නෑ....

හැබැයි මම දන්නවා....

ලගදිම ඒ දේත් වෙයි...

තුශ් පහුගිය දවස් දෙකේම ඒ කෙල්ල බලන්න එයාගෙ ඉස්කෝලෙ ලගට ගියා....තනියම නෙවෙයි....මමත් එක්කගෙන...දන්නවද...

ඒ හැමදාකම එයා අමතක කරේ නෑ....වෙන මුකුත් නෙවෙයි මට ඇනුම් පද කියන්න...

මම එයා ලගින් ඉන්න තප්පරයක් තප්පරයක් ගානෙම එයා කීවේ,

"උබට නම් අත් අල්ලන් උකුලු මුකුලු පාන්න එවුන් ඉන්නවනෙ රූ.....ඉතින් මට හිටියම මොකද...."

කියලා වෙද්දි....හැමදාම වගේ මගෙ පපුව වේදනා කන්දක් යටගහන් හිනාවුණා....හැබැයි මගෙ ඒ හිනාවත් තුශ්ට විහිලුවක් උනා...

දරාගන්න බැරිම තැන පිට දාපු මගෙ හිනාවට තුශ් කීවෙම...

"උබ උට කැමති නිසානෙ ඔය හිනාවෙන්නෙ..."

කියලා වෙද්දි...මම ආපිට කීවේ එක දෙයයි...

"ඔයා හිතනවා වගේ දෙයක් මෙතන නෑ තුශ්..."

ඉතින් එච්චරයි....හැමදාම ඒ කතාව එතනින් නැවතුනා...මගෙ පපුව අවුලවලා ඒ කතාව එතනින්ම නැවතිලා ගියා...

දන්නවද?....

මේ දවස් දෙකට මගෙ පපුව උහුලපු දුක් එමටයි...මටත් පුදුමයි...

ඉතින් අහන්නද දෙයක්....මටත් හොරාවට ගැහෙන මගෙම පපුවෙන්....

උබ කොහොමද බං ඔච්චර දරාගත්තෙ....

ලැබුණෙ නම් හරි අමුතු විදිහෙ උත්තරක්...

"දන්නවද,දරා ගන්න බැරිම තැන්වලත් දරාගත්තම පපුවත් කැපවෙනවලු.....වේදනාවට..."

හරි පුදුමයි නේද....වෙන මුකුත් නෙවෙයි මගෙ දරාගැනීම....හ්ම්....මටත් පුදුමයි....හැබැයි උරුම මේකනම් මම කියලා වෙන මොනවා කරන්නද...

මම ආයෙ කියනවා....

මට මේවා පුරුදුයි....

අහ්...ඔයාලා දැනගන්න ආසද එයා ගැන...වෙන කවුරුත් ගැන නෙවෙයි තුශ්ගෙ රොබරෝසියා මල ගැන....ඒ තමයි තුශ් එයාට ආදරේට කියන නම...එයාගෙ හිත නැවතුන තැන...මට අයිති නැති මගෙ පුංචි තරුව මගෙන් හොරකම් කරපු එයාගෙ රොබරෝසියා මල....

'එයාගෙ නම සනුලි...මම මොකටද බොරු කියන්නෙ....ඉතින් ඇත්තම කියන්නම්...එයා හරි ලස්සනයි....පුදුමයක් නෑ මගෙ තුශ් එතන නැවතුන එක...පහුගිය දවස් දෙකට මාත් එක්ක වචන දහයක් තරම් වත් කතා නොකරපු තුශ් එයා එක්ක හරි හරියට කියෙව්වා....හිනාවුණා...එයා දන්නවනම්...ඒ හිනාවෙන් මම නිවුණු තරම්....එයා දන්නවනම්...ඒ කතා බහෙන් මම ඇවිලුණු තරම්....'

ඉතින් උබ දන්නවද මගෙ තුශ්....

මගෙ හිත කියෙව්වා නම් උබ උබේ රූට කවදාවත් ඔහොම කරන එකක් නෑ...

ඒත් මගෙ අවාසනාව...

මගෙ පපුව ගැහෙන සද්දෙ උබට ඇහුනෙ නෑ...උබේ නමට ගැහෙන උබේ රූගෙ පපුව උබට දැනුනෙ නෑ.....

ඒකට කමක් නෑ....මොකද කවියොත් කවි ලීවා...

"බලා දුර හිද කතා නොකරම සුසුම් පපුවක් හිර කිරීමය...."

ඉතින් පොරොන්දු වෙන්නද....

ලැබුණොත් උබේ රොබරෝසියා මල උබට...අත් හරින්නම් මගෙ අත්වලින් උබව....හැබැයි මතක තියාගනින්....

අද වගේම හෙටත්...හෙට වගේම මතුවටත්...මේ රූගෙ පපුව උබට විතරමයි...

අතින් අතහැරියත් කොහොමද හිතින්  අතහැරගන්නෙ?...

උමතුවක් උන උබේ ඔය උන්මන්තක ඇස්....

වෙලාවක් ලැබුණොත් මටත් කියලා දෙනවද...

උබ නැතුව හුස්ම අල්ලන හැටි සංසාරේ පුරාවටම....මොකද මම දන්නෙ නෑ තුශ්...

මට නොලැබුණ උබව හදටත් නොදී අමාවකට පුජා කරන්න...

ඇත්තටම මම දන්නෙ නෑ....මේක මහ වේදනාවක්....නොලැබෙන හිතකට ලංවෙන්න එපා කවදාවත්....විදවීමක් මිස සැනසීමක් නෑ කවදාවත්....

තව එක දෙයක් තියෙනවා....මම මේ දේ කියන්නම ඕනෙ...

මම ආයෙම කියනවා...අහන් ඉන්න...

පහුගිය දවස් දෙකට තුශ් කොහොමද ඒ තරම් ඒ කෙල්ලට ලංවුණේ...

අන්න එතනයි මට තියෙන ප්‍රශ්නෙ....

මොකද මම කවදාවත් ඒ දෙන්නගෙ කතාබහේ ආගන්තුක බවක් දැක්කෙ නෑ...ඒක හරි හුරුපුරුදු කතාබහක්....හරියට අවුරුදු ගානක ඉදන් දන්නවා වගේ කතාබහක්...

මම අහන්නෙ කොහොමද?...

දවස් දෙකක් විතරක්ම දැකපු කෙනෙක් ඒ තරම් සමීප වෙන්නෙ...මම දන්නෙ නෑ...මට තේරෙන්නෙත් නෑ....

හැබැයි දන්නවද?...

තුශ් එයා එක්ක කතා කරන හැමපාරම මම දිහාටත් ඇස් හැරෙව්වා....

මම දැක්කා...

මහ ගොඩක් ආදරේ පුරවන් හිටිය ඒ ඇස් අස්සෙ මොකක්දෝ ලොකු පසුතැවීමක් තිබුණා...මම එයා දිහා බලපු තප්පරෙන් ඒ ඇස් මගෙන් පිට පැන්නා....මම කීව සමහර දවස්වල වගේම...

දන්නවද...

තුශ්ගෙ ඇස් මේ දවස් දෙකටත් දුර ඈත පාරවල් හොයන් දීවා....ඇයි ඒ?...මම අහන්නෙ ඇයි තුශ්....ඇයි උබ මගෙ ලගදි ඔය ඇස් මගෙන් හංගන්නෙ....

හේතුවක් නැති ප්‍රශ්නෙක මම සදහටම හිරවුණා....

ඉතින් මට හිතුනෙම එක දෙයයි....

හොරැහින් උනත් බලපු ඒ තප්පරේ ආදරේ තිබුණෙම උබේ රොබරෝසියා මල වෙනුවෙන්...මම හරිනෙ?...

එතකොට පසුතැවීම....ඔය ඇස්වල ඒ පසුතැවීම කා වෙනුවෙන්ද තුශ්....

අහංකාර ඔය උන්මන්තක ඇස්වලට පසුතැවීම එකතු කරගන්න එපා තුශ්...දන්නවද...මම සිත්තරෙක්නම් උබයි මගෙ සිතුවම...උබේ ඔය උන්මන්තක ඇසුයි මගෙ සිතුවම....පොරොන්දු වෙනවා...මින් මත්තට උතුරලා යන තරම් ආදරයක් කාවද්දන්නම්....උබේ ඔය ඇස් අස්සට...හැබැයි පසුතැවීම....මට ඒක කරන්න බෑ තුශ්...ආදරේට දිලිසෙන උබේ ඔය ඇස්වලට පසුතැවීම කියන්නෙම විෂක්...

ඉතින් අවසර දෙනවද?....

දුරින් ඉදන් හරි සිත්තරෙක් වෙන්න...උබ වෙනුවෙන්ම....

ලැබුණොත් ඒකිට උතුරන දීපන් ආදරේ...මටත් ඇහැකිනෙ උතුර ආදරෙන් බිදක් හරි රහ බලන්න...උබටත් හොරෙන්ම....

"බේබි....."

"නැ....නැන්දා...."

"මගෙන් හංගන්න එපා බේබි...."

"නැන්දෙ..."

"දන්නවද බේබි පියවිලා තියෙන ඔය ඇස් වලට කදුලු උනලා කියන්න මට හොදට තේරෙනවා....ප්‍රශ්නෙ මොකක් උනත් කමක් නෑ මගෙ බේබි හිත නිවෙනකන් හරි අඩන්න...හිතේ හිරකරන් විදවන්න එපා රත්තරන්..."

ඒ වචන....රිදෙන හිතට අංශු මාත්‍රයක් තරම් හරි සැනසීමයි...ඉතින් තවත් හිරකරන් ඉන්න මට බෑ....තාමත් ඒ අත් මගෙ ඔලුවෙ එහා මෙහා යනවා....හිතට නැතත් ගතට හරි සනීපයි....

ඉතින් දන්නවද...

වැවකට උනත් දරන්න පුලුවන් සීමාවක් තියෙනවා....ඕනවට වැඩිය පිරුණු දාට වැවටත් බෑ දරාගන්න....ඉතින් පුංචි මගෙ හිත කොහොම නම් දරාගන්නද...මට හයියක් නෑ...

මම ඇඩුවා....වයසක ඒ හිතත් රිදෙන්න ඇති...මම දන්නවා...ඔය පපුවට දරාගන්න අමාරුයි....පුංචි බේබිට සමාව දෙනවද.

දරන්නම බැරි තැන ඔය උකුල උඩ කදුලු හැලුවට විතරක්....ඔයාගෙ පුංචි බේබිට සමාව දෙනවද....

තව දෙයක්....

ලේ කිරි නොකරත් කමක් නෑ....උබ මාව බලාගත්තා....ඉතින්....

ජාති ජාතිත් උබට පිං මගෙ නැන්දෙ...මටවත් දරන්න බැරි කදුලු පුංචි වෙලාවකට හරි ඉහිලුව උබේ ඔය හිතට ජාති ජාතිත් පිං...

එයා ගියා.....පැය ගානක් මගෙ කදුලු උහුලපු නැන්දත් අන්තිමට යන්න ගියා..හැමදාම වගේ අදත් මම තනිවුණා....තනිකමක් නොවුණු මහ අදුරු ආගාධයක් ඒක...තනිකමත් සැපැක් මේ අදුරත් එක්ක බැලුවම.....මොකද මම හූල්ලන්නෙ තනි වෙන්න බැරුව...

ඉතින් තේරුනාද....

මම ආයෙම කියනවා....

තනිකමත් සැපක් මේ අදුරු අගාධෙත් එක්ක බලපුමාව....හිතන්නවත් එපා....ඒ හැගීම විදින්න හිතන්නවත් එපා....

හ්ම්...

මට කොහෙන්වත් නෑ සැනසීමක්....බාප්පා හැමදාම මට තර්ජනය කරනවා...

සත්තයි....

මම ඉවසන්නෙ තව ටික කාලයයි...දවසක අතහරිනවා මම ජීවිතේම....මතක තියාගන්න...

ඒ තමයි දරාගැනීමෙත් අන්තිම කෙලවර....

.

.

.

.

.

.

.

.

.

.

මම හිටියෙ ඇද උඩ...දැන් වෙලාව රෑ දහයත් පහුවෙලා....වෙනදා එන කෝල් එක අද තාමත් නෑ....ඔව් තුශ් තමයි...කවදාවත් නොවරදින ඒ කෝල් එක අද නෑ...

එයාට මාව සදහටම අත්හැරිලද?...

සමහරවිට....

ඒ එක්කම වගේ මගෙ phone එකට ආවෙ msg එකක්...

ඒ එයා....ඔව් ඒ මගෙ තුශ්....

"මට නිදිමතයි රූ මම නිදාගන්නවා...."

"අද නාවට කමක් නෑ හෙට ඉස්කෝලෙ එන්න..."

"අහ්...මට කියන්න අමතක උනා...ගවිදු අද හැමතැනම උබව හෙව්වා...මගෙනුත් ඇහුවා..මම දන්නෙ නෑ කීවා..."

"ඌ අද හෙන අවුලෙන් හිටියෙ..."

"අද උබ නාවෙත් ඌ නිසාද රූ...."

"මම යන්නම්...."

"Good night..."

වෙනදට එන කෝල් එක වෙනුවට අද ආවේ msg කන්දක් වෙද්දි අදත් අඩුවක් නොකරම ඇනුම් පදයක් ඒ අස්සට එකතුවෙලා තිබුණා...

විදවන මට තවත් විදවන්න හේතු හදන්න එපා තුශ්....උබට නැතත් මට පව් පිරෙයි...

අහම්බෙන් උනත් හිත කීවෙම අහස දිහා බලපන් කියලා වෙද්දි හරි ලස්සන පුංචි තරුවක් ඈතින් පායලා තිබුණා....හරියට මම උබට අයිති නෑ කියන්න වගේ...ඒක ඒ තරම් දුරයි....

ඉතින් කියන්නද පද පෙලක්....

මේ මගෙ ආසම සිංදුව...

තරහා නැතුව අහගෙන හිටපන්....උබට නැතත් මට ඒක සැනසීමක්...

'රන් මුදුවක සිරවී තැවෙනා ලදුනේ.....

දුක් කන්දක පාමුල තනිවී හැඩුවේ...

අප දෙතැනක ලතැවෙන ජීවිත කතරේ...

නුබ කෙදිනද මා ලග සැනසී ඉන්නෙ....'

එතනින් එහාට කියන්න මට හයියක් නෑ තුශ්....ඒත් කමක් නෑ....සැනසෙන්න ඕනෙ උනොත් දෙපාරක් නොහිතා වරෙන් මගෙ ලගට...කප්පරකට සැනසීම වාත්තු කරන්නම් ඔය හිතට....

හරි ලස්සනට....ඒ වගේම හරි පරිස්සමට...

____________________________

ඉහික්...ඉහික්...මට ජුකයි ඒයිලා...කමක් නෑ තව සූට්ටක් ඉවසන් ඉමු😫💓...

මම යනවා බායි බායි...පරිස්සමින් ඉන්න මගෙ පැටව්නෙ...මම ආදරෙයි 😚💓💓

@Diyana_45 🖊mention a user

Share This Chapter