Back
/ 25
Chapter 11

10 වන පරිච්ඡේදය 👁

උමතු ඇස්💓👁 (COMPLETED)✅

"අසනීපයක්ද...."

"නෑ...."

"එහෙනම් ඔය ඔලුව තියන් ඉන්නෙ...පීරියඩ් හතරම ඔහොමනෙ...ඇත්ත කියන්න තුශ් ඔයාට සනීප නැද්ද...."

"එහෙම මුකුත් නෑ රූ මගෙ ඔලුව ටිකක් රිදෙනවා..."

"පැනඩෝල් දෙකක් දෙන්නද...."

"ඕනෙ නෑ මෙහෙම ටිකක් හිටියම හරියයි...ඔයා note එක ලියාගන්නකො..."

ඊයෙ ඉස්කෝලෙ නාවත් මම අද ඉස්කෝලෙ ආවෙ තුශ් ඊයෙ කියපු නිසා වෙද්දි එයා කරේ මුලු වෙලාවෙම ඩෙස්ක් එකට ඔලුව ගහන් නිදාගත්ත එක....අද දවසටම වචන කීයද මාත් එක්ක කතාකරේ....මේ දැනුත් කතාකරේ ඕනවට එපාවට...

එයාගෙ බොරු....මම බලාගෙන උදේ එයා සනුලි එකක් හරි හරියට හිනාවුණා....

ඉතින් ඒ ආපු ගමන් කොහොමද ඔලුවෙ කැක්කුමක් හැදෙන්නෙ....සමහරවිට සනුලි නැති නිසාද දන්නෙ නෑ.....

දන්නවද?....

තුශ් අද කවදටත් වඩා මගෙ හිත රිද්දුවා....එයා අද සනුලිගෙ අතක් හරි පරිස්සමට අල්ලගත්තා....

මම අහන්නෙ ඇයි තුශ්....ඇයි උබට බැරිවුණේ මම නැති තැන උබේ ආදරේ ඒකිට පෙන්නන්න...උබ දන්නවද මගෙ තුශ්....

මමත් ප්‍රාර්ථනා කරා....උබේ ඔය අතින් අල්ලන් ආත්ම ගානක් එකට ඇවිදන් යන්න...මම දන්න ලස්සන රහස් උබේ කනට මුමුණන්න...හරි පරිස්සමට උබව බලාගන්න....

අහසත් උසට පොදි ගහපු හීන කන්දක් ඇස් ඉස්සරහම කඩන් වැටෙද්දි.....හිතම පුරවලා ආදරේ කරපු මනුස්සයා වෙන හිතක් ලග සැනසීම හොයද්දි.....

ඉතින් දන්නවද....පපුවට දරාගන්නම බැරි ඒ හැගීම,

ඒ උබ මගේ නෙවෙයි කියන හැගීම....

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

මම එන්න බෑමයි කියද්දි එයා කරේ බලෙන්ම මාව සනුලි බලන්න එක්කන් ගිය එක...

නිකමට වගේ මගෙ හිත අද හිමීට මිමිණුවා...

මූණම පුරවන උබේ ඔය හිනාව මවාපෑමක්ද කියලත්...

මොකද,

මම අදත් දැක්කා....

එදා දැක්කා වගේම....

ආදරේ අස්සෙන් නොවුනත් හිනාව අස්සෙත් දලු දාපු ඒ පසුතැවීම...එදාටත් වඩා වැඩියෙන්ම

මොකක්ද තුශ්.....මට කියපන් මොකක්ද ඒ....මොකක්ද ඔය ඇස් අස්සෙන් මම දැකපු ඒ පසුතැවීම....

ඉවසන්නම බැරි තැන මම තුශ්ගෙන් ඇහුවා....

"උබේ හිත සනුලිට ඇත්තටම ආදරෙයිද..."

කියලා....

එතකොට එයා කීවා....

"ඇත්තටම ආදරේ කියලා දෙයක් මේ ලෝකෙ නෑ රූ ඒක හිතලුවක්...."

කියලා....ඒ වචන දරන්නම බැරි තැන මම එයා එක්ක වාදකරා....

"එහෙනම් ඇයි සනුලිම..."

"මොලේ කීවා ඒකිට ලව් කරපන් කියලා...ඉතින් try කරලා බලනවා...."

"ආදරේදි මොලෙන් තීරණ ගන්න නරකයි...."

"වෙන්න පුලුවන්....."

"අහ්....."

"ඇයි දැන් උබ කීවේ...."

"මොකක්ද....."

"ආදරේදි මොලෙන් තීරණ ගන්න නරකයි කියලා...."

"ඉතින්...."

"ඉතින් ඒක ඇත්ත තමයි...."

"එහෙනම් ඇයි ඔය....ඔයා ඔයාගෙම හිත රවට්ට ගන්නවද තුශ්...."

"හිත කියන දේ අහන්න තරම් මම බොලද නෑ රූ...ඌ කියන දේ ඇහුවොත් කවදාවත් සැනසීමක් නැති වෙයි...මම බයයි....හිතට තියන එකම සැනසීම බොලද වෙලා නැති කරගන්න මම බයයි...."

"මොකක්ද ඔය කියන සැනසීම...."

"අයිති නැති දෙයක්...."

"මොකක් කීවා...."

"ම්ම්....මට ඊරිසියයි....මට ලෝබයි...මට දුකයි....මට කේන්තියි...කොටින්ම කීවොත් මරන්න තරම් මට කේන්තියි...."

"තේරෙන්නෙ නෑ...."

"මම දන්නවා..."

"හහ්...."

"උබට තේරෙන්නෙ නෑ කියලා මම දන්නවා..."

"විකාර...."

"ම්ම්ම්....."

"මම දෙයක් අහන්නද...."

"අහන්න....."

"ඇයි උබ සනුලිව තෝරගත්තෙ....."

"රිද්දන්නද රිද්දගන්නද කියලා මම දන්නෙත් නෑ...."

"හහ්...."

"හිතන්න එපා...මොකද උබට මේ දේවල් තේරුම්ගන්න බෑ..."

"ආ ඔය එන්නෙ කියනකොටම...."

"කවුද...."

"වෙන කවුද ඉතින් උබේ මිනිහා මිසක්...."

"තුශ්!......"

හැමදාම වගේ අදත් කතාව නතර උනේ ගවිදුගෙන් වෙද්දි ඌත් කරේ මට ඇහැක් ගහලා එතනින් යන්න ගියපු එක...තුශ් ඒක දැක්කා....

තුශ්ගෙ හිතේ මම ගැන හැගීමක් නැතත් එයා ඒක දැක්ක තප්පරෙන් මගෙ හිත ගැස්සිලා ගියා..

ඒත් තුශ්,

"මමත් සනුලිව අද හෙටම දාගන්නවා හුත්ත..."

කියලා විනාඩියක්වත් නොයිද එතනින් යන්න ගියා....

මාව තනිකරලා මගෙ තුශ් යන්න ගියා...

ඇයි ඒ?..

සනුලි නිසාද?....

හ්ම්....වෙන්න ඇති....

උදේ අල්ලගත්තත් ඒ අත සම්බන්ධයක් තිබ්බෙ නෑ ඒ දෙන්නා අතර....ඒත් අදින් පස්සෙ....හෙටටත් ඒක ඒ විදිහටම වෙයිද...

මම දන්නෙ නෑ....

මට තේරෙන්නෙ නෑ....

මම දන්න එකම දේ මට මැරෙන්න තරම් වේදනයි කියන එක විතරයි....

කෑගහලා කියන්න පුලුවන් උනානම් මම කියනවා....

උබ අයිති මලකට නෙවෙයි මේ මටය කියලා...

ඉතින් දන්නවද?....

"මිනිස්සු ආදරේ කරන්න හරියටම ඉගෙන ගන්නෙ දැනුණ තැන අහිමි වුණ පලවෙනි තප්පරේ ඉදන්!"

හරියට මේ මම වගේම....

අදින් පස්සෙ මොන දේ මොන විදිහට උනත් මම උබට ආදරේ කරයි....

පන්ටත් වඩා....

මොකද,

මගෙ ආදරේ උබටම මිසක් දෙන්න වෙන කවුරුත් ඇත්තෙම නෑ මට.....හ්ම්....මම ආයෙම කියනවා...

ජීවිතේ හැටි ඔහොමයි....

.

.

.

.

.

.

.

.

.

.

.

.

මම කරේ පියවිලා තියන ඒ ඇස් දිහා බලන් ඔහේ වචන අමුණපු එක....හැබැයි පිටට නෑහෙන්න....

මට ලෝබයි....ඒ ලස්සන වෙන කෙනෙක්ට විදින්න දෙන්න...ඇත්තටම මට ලෝබයි...

කමක් නෑ...මම හිත හදාගන්නම්....

උබේ සතුට....උබේ සැනසීම....

වෙනුවෙන්ම....

.

.

.

.

.

.

.

.

.

.

.

.

"රුහාන්....."

"රුහාන්....."

"අහ්....ඕඕ කියන්න...."

"වැඩිපුර පෑනක් තියනවනම් දීපන්කො...මට නෙවෙයි අර ගයියා අහන්නෙ..."

"ඉන්න..."

ඒ කතාකරේ අපේ පන්තියේම වෙන කොල්ලෙක්....ටිකක් ඉස්සරහට වෙන්න ඉදගෙන හිටපු ගවිදුව පෙන්නලා පෑනක් ඉල්ලුවා කියද්දි හිත හදාගෙන නොදී ඉන්න මටත් බැරිවුණා....ඉතින් මම කරේ මම ලග තිබුණු අමතර පෑන අර කොල්ලගෙ අතට දීලා අහක බලාගත්ත එක....

"Thank you අහ්...."

"ම්ම්ම්....."

ආයෙම මම තුශ් දිහාවට ඇස් අරන් ගියෙ මොහොතකට උනත් හිත පිට පැනපු වරදට මටම දොස් කියන ගමන්....

මට සැනසීමයි....

නොලැබෙන බව දැන දැනම හිතින් විදගන්න තියන මේ තප්පරත් මට සැනසීමයි....

වේදනාවක් තමයි....ඒත්,

ආදරේ හැටි එහෙමයි....

අහන්නද ප්‍රශ්නයක්....

ආදරේ කරන්න....පරිස්සම් කරන්න....මට කියනවද....එහෙව් හැගීම් ඇතුලෙ සදහටම තනිවෙන්න...

ඕනෙමද අයිතියක්....

මට අනුවනම් නෑ....හ්ම්....ඉතින් මම සැනසෙන්නම්....නිදන් ඉන්න උබේ ඔය රූපෙ නිසාම....

ඒත් ඉන්න....

එයා ඇහැරිලද....ඔව් එයා ඇහැරිලා....ඒ ඇහි පිහාටු හරි හරියට එහා මෙහා යනවා...හේතුවක් නොදන්නවා උනාට එයාගෙ අත් හරි තදේට මිට මෙලවිලා ගිහින්...

ඒත් ඇයි?...

හිටි හැටියෙම වෙනස් වෙන්නෙ ඇයි....අනේ මට කියපන්කො තුශ්....මටවත් තේරුම්ගන්න බැරි උබේ ඔය හැසිරීම මොකක්ද දෙයියනේ...

ආ තුශ්....එක තප්පරේකට මට කියපන්...

මට රිද්දන උබම.....ඒකියි උබේ රොබරෝසියා මල කියන උබම....ආපිට ඔය තරම් මා එක්ක කේන්ති ගන්න හේතුව....

මටත් කියපන් තුශ්....

මම දන්නවා....ඔය කේන්තිය ගවිදු නිසා...එයා මගෙන් පෑනක් ඉල්ලපු නිසයි ඔය කේන්තිය...මේ ටික කාලෙට එයා මාත් එක්ක කේන්තිගන්න එකම හේතුව....

ඔව් ඒ ගවිදු....

ඒත් මම නොදන්න එකම දේ....

ඒ ඇයි කියන එක විතරයි....

හ්ම්....නොහිතා ඉමු.....

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

"රුහාන්....."

"මැඩම්....."

"හොද දරුවා වගේ ලැබ් එකට ගිහින් මගෙ බෑග් එක අරන් එනවද....ආ එන ගමන් ලැබ් එකත් ලොක් කරගෙනම එන්න...."

"හරි මිස්....."

"තව කවුරුහරි එක්කන් යන්න..."

"මම යන්නම් මිස්...."

'දැන් ඉස්කෝලේ ඇරෙන්න ඔන්න මෙන්න...ඕනෙනම් විනාඩි දහයක් විතර ඇති...බයෝ මිස්ගෙ පීරියඩ් එකේ අන්තිම හරිය....මම හිටියෙ කල්පනා කර කර...වෙනදට මාව තනි කරලා නිකමටවත් එලියට නොයන තුශ් අද තනියමම wash room එකට ගියා....මම එන්න ඇහුවත් එයා කීවේ එපා කියලා වෙද්දි මම කරේ ඔහේ කල්පනා කරපු එක....එතකොට තමයි මිස් මට ලැබ් එකට ගිහින් එයාගෙ බෑග් එක අරන් එන්න කීවේ....මිස්ගෙ වචන අහක දාන්න බැරිකමටම මම කරේ නැගිටලා ගිහින් යතුර අතට ගත්ත එක්ක....මිස් තනියම යන්න එපා කීවට මට තනියක් නෑ...ඒත් ඊට කලින් ගවිදු ඉස්සර උන නිසා එයා එක්ක යනවා ඇරෙන්න මටත් වෙන කරන්න දෙයක් තිබුණෙ නෑ....මම ඉතින් කරේ එයා එක්කම ලැබ් එක දිහාවට යන්න අඩිය තියපු එක....'

දැනගන්න ආසද ලැබ් එක ගැන....

ඉන්න....

'අපේ ඉස්කෝලෙ ලැබ් එක තිබුණෙ wash room කිට්ටුව....මම ලැබ් එකට ආස නෑ...හැම තැනම මහ අමුතුයි...අමුතුයි කියන්නෙ අනේ මන්ද....හැම වර්ගෙකම වගේ සතෙක් ලැබ් එක ඇතුලෙ හිටියා....වෙනසකට තිබුණෙ ජීවත්වෙලා ඉන්නවා වෙනුවට උන් හැම එකාම මැරිලා හිටපු එක විතරයි....තව පොඩි ලමයි දෙන්නෙක්ගෙ කලල දෙකක් තිබුණා....මේ ලෝකෙ එලිය දකින්නත් කලින් ඡීවිතෙන් සමුගත්ත හරි අහිංසක ජීවිත දෙකක්....මම ඔය දේවල්වලට ආස නෑ....ලැබ් එකට යනවයි කියලා කලින් කීවොත් මම එදාට ඉස්කෝලෙ නොයෙන්න පුරුදු වෙලා හිටියා....යන තැනම fomalin ගොඩක් අස්සෙ ගිල්ලලා තිබුණෙ මිනිස් මොලයක් වෙද්දි අහම්බෙන් උනත් ලැබ් එක ඇතුලට ගිය හැමදාකම මගෙ ඔලුව පැලෙන්න තරම් කැක්කුම ඇල්ලුවා......මෝචරියක් ඇතුලට යනවා හා සමාන හැගීමක් හිතට දැනෙද්දි මමත් අදත් හිත හදාගත්තා....වෙන මුකුත් නෙවෙයි ලැබ් එක ඇතුලට යන්න....'

ඇතුලට යන්න දොර අරිනවත් එක්කම වගේ උනේනම් උනේ මම හීනෙන්වත් නොහිතපු දෙයක්....

"තමුසෙ මොනවද කරන්න හදන්නෙ...."

"හැමදාම මගෙන් පැනලා යන්න හදන්න එපා රුහාන්...."

"අතඇරපන් බං කවුරුහරි ආවොත් අපි දෙන්නටම හොද නෑ...."

"මේක අස්සට මොකක්වත් එන්නෙ නෑ...."

ගවිදු කරේ ඇතුලට යනවත් එක්කම වගේ මාව ඇදලා අරන් එතන තිබුණ පුටුවක් දිහාවට තල්ලු කරපු එක....ඒ පාරෙ සැරට මන්ද මම නැවතුනේ පුටුවෙ ඉන්දවිලා....මගෙ අත් දෙකත් ගවිදු අල්ලගෙන....

කවුරුහරි එයි මාව අතඇරපන් කීවත් ගවිදු කීවේ මේක අස්සට මොකක්වත් එන්නෙ නෑ කියලා වෙද්දි මටත් කරගන්න දෙයක් නැතිවුණා....

ඇත්ත....ගොඩක් ලමයි කැමති නෑ....ලැබ් එකට....

"උබට පිස්සුද ගවිදු....නැගිටපන් යකෝ මට යන්න...."

"මට බෑ රුහාන් මට බෑ...මට උබව දැක්කම ඉවසන්න බෑ.....එකපාරක්...එකම එකපාරක් මට ඕන දේ දීපන් රුහාන්...එතනින් පස්සෙ උබට මාව නැතුවම බැරි වෙයි...."

"මො...මොනවද...මොනවද උබට මගෙන් ඕනෙ...."

"උබව...."

"අහ්...."

"එක පැයකට මගෙ වෙයන් රුහාන් එතනින් එහා හැමදාම උබ මාව ඉල්ලයි...හැමදාම...."

"පිස්සුද යකෝ....හොද සිසියෙන්ද උබ ඔය කතා කරන්නෙ....."

"උබව දැක දැක කොහොමද බං හොද සිහියෙන් ඉන්නෙ...මාත් එක්ක යමන්කො රුහාන්....අද උනත් කමක් නෑ....අනේ මාත් එක්ක යමන්කො රුහාන්....මම මේ මාස හයට නොසෑහෙන්න ඉවසුවා..."

මාව නිකන් වෙවුලනවා වගේ...ගවිදු කරේ මගෙ උකුල උඩින් වාඩිවෙලා පිස්සෙක් වගේ කියවන්න ගත්ත එක....

මම හිතුවා මූ මට ඇත්තටම ආදරේ ඇති කියලා....

ඒත් මට වැරදුනා...මේ ඉන්නෙ කෙල්ලන්ගෙ ජීවත කීයක්නම් විනාශ කරපු නරුමයෙක්ද...මෙයාට මගෙන් ඕනෙත් ඒ දේ...

එහෙන් හැමදාමත් වගේ අදත් ඔලුව කැක්කුම අල්ලලා...එහෙන් ගවිදු...මම මොන තරම් දැගලුවත් ඒ අත් ගලවගන්න මට බැරිවුණා...

හැබැයි,

"රූ....."

"තු...තුශ්...."

එයා...එයා කොහෙන්ද මෙතන...ගවිදු තාමත් මම ලග...තුශ් දොර ලග ඉදන් හිතාගන්න බැරි බැල්මකින් අපි දෙන්නා දිහා බලන් රූ කීවේ හරි වෙවුලන කටහඬකින්....කොහෙන්දෝ ආපු හයියකට මම කරේ ගවිදුව තල්ලු කරලා දාපු එක....

හැබැයි ඒ වෙනකොටත් එයා එතනින් ගිහින්...දවසෙ කීවෙනි වතාවටද මන්ද තුශ් ආයෙම මාව තනිකරලා දාලා ගිහින්...

වේදනාවටත් වඩා තරහා උඩු දුවද්දි මම කරේ එතනින් එලියට එන්න අඩිය තියපු එක...

හැබැයි,

"උබ කවද්ද ඌව අතඅරින්නෙ...."

"කවදාවත් නෑ...."

එන තැනම මාව නවත්තගත්ත ගවිදු එහෙම ඇහුවෙ මම ආයෙම ඌව තල්ලු කරලා දාලා එතනින් එලියට එද්දි....

මට සිහියක් තිබුණෙ නෑ....අඩුම ඇයි මම ලැබ් එකට ගියෙ කියන්නවත් මට සිහියක් තිබුණෙ නෑ....මම කරේ පිස්සෙක් වගේ පන්තියට දුවපු එක....

හැබැයි මම පරක්කුයි...

ඉස්කෝලෙ අවසාන බෙල් එක ගහලා තාම ගියෙ විනාඩි පහයි....ඒ එනකොටත් තුශ් පන්තියෙන් ගිහින්....මගෙ තුශ් ආයෙම මාව දාලා ගිහින්....

කමක් නෑ....

මගෙයි වැරැද්ද....

ඉතින් දන්නවද?...

"අඩාගන්නවත් කදුලක් නැතිවෙන තරමට මිනිස්සු අසරණ වෙන්න නරකයි...."

හරියට මට දැන් මේ උනා වගේම....

________________________________________

මම යනෝ....පරිස්සමින් ඉන්න හරිදෝ..ආදරෙයි 😚💓💓

@Diyana_45 🖊mention a user

Share This Chapter