Back
/ 25
Chapter 12

11 වන පරිච්ඡේදය 👁

උමතු ඇස්💓👁 (COMPLETED)✅

"ඉතින් නුබ තව දුර ගියෝතින්....

මාව අමතක නොවෙන්න....

හිත හැදෙන්නට දුක නිවෙන්නට...

මටත් කවියක් ලියන්න....."

තමන්ට කවුරුත් නෑ කියලා හිතෙන තප්පරේ....තමන් මේ ලෝකෙ සදහටම තනිවෙලා කියලා හිතෙන තප්පරේ....උරුම නැති හිතක් තදින් අල්ලගෙන කියලා දැනෙන තප්පරේ...

ඉතින් උබට පුලුවන්ද මගෙ තුශ්.....

තවත් මගෙන් දුර යන්න කලින් එකම එක වතාවක් මේ හිත සනසන්න.....එකම එක වතාවකට විතරක්....

දන්නවද?....

අද කවදටත් වඩා මගෙ හිත රිදෙන්න පටන් අරන්....මට මැරෙන්න තරම් වේදනයි....දරන්න බැරි තරම් කේන්තියි....

මාත් එක්කම....

මට තිබුණා ඉස්සර වෙන්න....මට තිබුණා උබට මේ ගැන කියන්න....

මට තිබුණා තුශ්....මට තිබුණා....

මට කියපන්....

මම ඉස්සර උනානම් උබ මගෙ ලගින් නවතිනවද මගෙ තුශ්.....හ්ම්...හොදම යාලුවා උන මාව උබ කවද්ද ආදරයක් හැටියට දැක්කෙ...එක අතකට මේක මගෙ නොලැබීම....

තවත් විදිහකට ගත්තොත් සනුලිගෙ ලැබීම...

මම ආයෙම කියනවා....ඉතින් මගෙ පන....උබට පුලුවන්ද?....

හිත හැදෙන්නට දුක නිවෙන්නට...

මටත් කවියක් ලියන්න....."

.

.

.

.

.

.

.

.

.

.

.

වෙලාව රෑ එකොලහයි හතලිස් හතයි....උබ මගෙ නින්දත් උදුරගෙන නේද මගෙ රත්තරන්...

අහිතක් නෑ නේද....

දැනෙන ආදරේට රත්තරන් කියලා මිමිණුවට..පොරොන්දු වෙනවා,ඒකිට නෑහෙන්න....ඒකිට නොදැනෙන්න....මුමුණන්නම් හිතින්ම....කප්පරක් උසට පන ගහපු ඒ ආදරේ.. උබ වෙනුවෙන්ම....

මට ඔයාලට කියන්න දේවල් එමටයි....මම දන්නෙ නෑ...මට තේරෙන්නෙත් නෑ....මම කොහෙන්ද පටන්ගන්නෙ....ගවිදුගෙන්ද...තුශ්ගෙන්ද....

එහෙමත් නැත්තන් සනුලිගෙන්ද....

හැමදේම එකකට එකක් සම්බන්ධයි....ඉතින් මට පුලුවන් විදිහට මම කියන්නම්..

' තුශ්.....එයා දැන් මගෙ නෙවෙයි....එයා දැන් සනුලිගෙ...හරියටම මීට දවස් හයකට කලින් එයා සදහටම සනුලි ලගින් නවතින්න තීරණය කරලා තිබුණා....හ්ම්...

ඒ එදා...ගවිදු මාව තප්පර ගානකට උනත් එයා ලග හිරකරගත්ත ඒ දවස....ඉතින් ඔව් ඒ එදාමයි....තුශ් එයාගෙ හිත හරි ලස්සනට සනුලි වෙනුවෙන් ඇරලා දීලා තිබුණා....කවදාවත් මම වෙනුවෙන් නෑරුන ඒ පපුව සනුලි වෙනුවෙන්ම අගුලු ඇරලා දීලා  තිබුණා....මට කමක් නෑ තුශ්...මට කමක් නෑ...මොකද ඒ උබේ සතුට....ඒ උබේ සැනසීම...

ඒත් ඇයි තුශ් මට නොකීවේ...ඇයි උබ මට ඒ ගැන නොකීවේ....

දන්නවද?....

එදත් පාල මාමට එන්න එපා කියලයි මම ගෙදරින් ආවේ....නිකමට මට එදා හිතුනා....උබ එක්ක කලින්ට වඩා වැඩ් දුරක් ඇවිදන් යන්න...කටර් වගේ කියවන උබ දිහා වරු ගනන් බලන් ඉන්න....උබ නොදන්නවා උනාට මම නොසෑහෙන්න බලාපොරොත්තු පොදි බැන්දා.....

ඒත්,

ඒ හැමදේම මගෙ හිතට විතරක්ම සීමාවුණා...

ගවිදු එක්ක දැක්ක මාව තනිකරලා ගිය එයා එදාම සනුලි ලග නතරවෙලා තිබුණා...

හැබැයි මටත් නොකියම....

මම දැක්කා....මම දැක්කා තුශ්....උබ ඒකි එක්ක හරි ලස්සනට හිනාවෙලා ගත්ත ඒ 4to එක whatsap status එකේ තනි රැකපු ලස්සන....

ඉතින් මම අහන්නෙ වචනෙන් නොකියා එහෙම විතරක් දැනෙන්න දුන්නෙ ඇයි මගෙ හිතට.....

ඔයාලා දන්නවද....

ඒ 4to එක යටින් හරි ලස්සනට mine කියලා අකුරු හතරක් එක්ක හාට් එකක් වැටිලා තිබුණා.....

උබ හැමදාම කියනවා මම උබගෙ හොදම යාළුවලු....එහෙනම් ඇයි...ඇයි මට නොකීවේ...'

හ්ම්.....කමක් නෑ.....හිතන්න නරකයි....

පපුව ගලවන් යන්න තරම් වේදනාවක් දැනුනත් මම එදා හරි ලස්සනට හිනාවුණා...

මට නැතත් උබ උබේ සතුට හොයාගත්තා...මට නැතත් උබ උබේ සැනසීම හොයාගත්තා....

මමත් සුභ පැතුවා...හැබැයි මටත් සමාවෙයන්..

වචනෙන් නොකියා msg එකකින් විතරක්ම ඒ දේ උබට කීවට....

උබ නොදන්න මගෙ පපුව,

උට බැරිවුණා....

උබේ සතුටට හැගීම් වචන කරන්න...

ඉතින් ඒකයි....

වචනවලට කලින් මගෙ ඇගිලි ඉස්සර උනේ...හ්ම්....මේක මහ වේදනාවක්....

මටත් කියන්න තියෙන්නෙ,

"මට දුකයි....මට වේදනයි....මට ඊරිසියයි...මට ලෝබයි.....මට කේන්තියි...උබ කීවා වගේම....මරන්න තරම් මට කේන්තිය..."

ඒත් මම ඉවසන්නම්....

උබ වෙනුවෙන්ම...

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

අහසට ඇස් යැව්වෙ අහසත් අද තනිවෙලා නිසා....හරියට මම වගේම...

' හඳනම් ඔය තියෙන්නෙ....මට උබ ගැනත් කේන්තියි....උබට තිබුණෙ නැද්ද ඌව පරිස්සම් කරගන්න....හැමදාම ඌ පායන්නෙ උබ ලගින් වෙද්දි ඇයි උබත් උට යන්න දුන්නෙ....

උබට ඌව එපානම් මට කියන්න තිබුණා...එහෙනම් මම ඌව පරිස්සම් ඇති තැනක හංගගන්නවා....ඒ ඇස්වලට නොගැටෙන්නම....'

මුලු අහසම මුස්පේන්තුයි....තරු.....

පුංචි පුංචි තරු හැමතැනම....

ඒත් කො?....

වෙනදට හද ලගින්ම පායන ඒ පුංචි තරුව...අද කෝ.....

දන්නවද?.....

එයා සදහටම හඳ අත්හැරලා....ඒකත් මලක් වෙනුවෙන්....මට නම් කේන්තියි...

ඒත් මම දන්නවා....

මට කරන්න දෙයක් නෑ....

ඉතින් මම ආයෙම කියනවා....

"මට මේ දේවල් පුරුදුයි..."

.

.

.

.

.

.

.

.

.

.

"හෙලෝ රූ...මොකක් හරි හදිස්සියක්ද.."

"නෑ...."

"එහෙනම්...."

"මට දැන් කෝල් එකක්වත් ගන්න බැරිද තුශ්...."

"මම එහෙම කීවද රූ....."

"ඇයි මාව මගඅරින්නෙ.....සනුලි නිසාද...."

"මම උබව මගඇරියෙ නෑ රූ...."

"වෙනදට අමතක නොකර ගන්න කෝල් එකට මොකද උනේ තුශ්...මේ දවස් හයට උබට මාව අමතක උනාද...."

"එහෙම එකක් නෑ....."

"උබ වෙනස්වෙලා...."

"වෙන්න පුලුවන්...."

"අහ්....."

"නොලැබෙන දේවල් පස්සෙ යන්න මට බෑ රූ..."

"ඒ කීවේ....මට තේරුනේ නෑ...."

"කවදාවත් තේරුම්ගන්න එපා...."

"මොනවද තුශ් ඔයා ඔය කියවන්නෙ...."

"මුකුත් නෑ...හදිස්සියකට නෙවයිනම් ගත්තෙ මම තියන්නද රූ සනුලි එක්ක සරසවියට යන්න ඕනෙ.."

"තුශ්....."

"ම්ම්ම්...."

"මම තාමත් උබේ හොදම යාළුවද තුශ්...."

"හැමදාටම...."

හ්ම්......

වෙනදට කනට ඇහෙන ඒ වචන....කන් ඇතුලෙ දෝංකාර දෙන ඒ වචන...ඉතින් දන්නවද ?....

අද ඒ වචන,

කඩාගෙන ගිහින් තිබුණෙ මගෙ පපුව ඇතුලට....

' අද නිවාඩු දවසක්....ඊයෙ මම නිදාගද්දි පාන්දර දෙකත් පහුවෙලා....ඒත් දැන් වෙලාව හතටත් නෑ....මම කවදත් ඔහොම තමයි...සාමාන්‍ය ජීවිතෙන් ගොඩක් ඈතයි...සමහර වෙලාවට ඒ මගෙ හැටි....

සමහර වෙලාවට ඒ මගෙ පුරුද්ද...තවත් සමහර වෙලාවට ඒ මගෙ පව්කාරකම....අනේ මන්ද....මට තේරෙන්නෙ නෑ....

මාවම...

මට හිතුනා අද ටිකක් එලියට යන්න....වෙන කා එක්කවත් නෙවෙයි තුශ් එක්ක....ඒකයි උදෙන්ම කෝල් කරේ...හැබැයි එයා....'

හ්ම්.....මට ආයෙ ආයෙම ඔය දේවල් කියන්න බෑ....මගෙ පපුව කකියනවා....ඒ කටින් සනුලි කියන නම ඇහෙන වාරයක් ගානෙම මගෙ පපුව කකියනවා...

ඒ නිසා ඒ ගැන කතා නොකර ඉමු....

ආස උනත් අද වගේ නිදහස් දවසක එයා එක්ක ඇවිදින්න....එයා මම වෙනුවට වෙන කෙනෙක්ව තෝරගෙන තිබුණා.....

එයා ඔය හැමදේටම පාවලා දෙන්නෙ මාව...වෙන කාටවත් නෙවෙයි අම්මට....ඇත්තටම මම දන්නෙ නෑ....එයා කොහෙද යන්නෙ...මොනවටද යන්නෙ...ඇත්තටම මම දන්නෙ නෑ....එයා කියනවා මම අහනවා...

සමහරදාට එයා කියනවා....

"රූ....අපේ අම්මා ඇහුවොත් මම ඉන්නෙ උබත් එක්ක කියපන් ඈ...."

කියලා....

ඒ වෙලාවට මම අහනවා...

"උබ කොහෙද යන්නෙ....."

කියලා.....

එතනින් එහාට හැමදාම එකම දේ....

"පොඩි ගමනක්...."

"සනුලි එක්කද....."

"හ්ම්....."

"පරිස්සමට ගිහින් වරෙන්...."

"හරි....."

"මම තියන්නම්...."

"රූ...."

"කියන්න...."

"ගවිදු උබේ nmb එක හොයලා තිබ්බා...මට කීවේ ක්ලාස් එකේ කොල්ලෙක්...."

"එහෙමද...මම දන්නෙ නෑ...."

"එදා උබලා දෙන්නා හිටපු විදිහට උබ ඒක විතරක් නොදැන ඉන්නෙ කොහොමද...."

"තුශ් මම කි........"

"මම තියනවා සනුලි බලන් ඇති...."

එයා හැමදාම කතාව නතරකරේ ඔහොම....ඇනුම් පද දාහක් අස්සෙන් හැමදාමත් වගේ හිත් රිදවීමක්....

හැබැයි එක දෙයක් කියන්නම ඕනෙ....

' එදා දැකපු 4to එකෙන් පස්සෙ අද වෙනකන් මම ඒ දෙන්නගෙ වෙන කිසිම 4to එකක් දැකලා නෑ.....ඇරත් ඔය එක දවසකවත් නැන්දා මට කතා කරලා තුශ් ගැන ඇහුවෙ නෑ...'

එක අතකට මගෙ හිතට හරි සැනසීමයි...උබ ඒකි එක්ක නොදකින තාක්කල්.....

.

.

.

.

.

.

.

ඒත් කොහොමද මම හිත හදාගන්න ඕනෙ...

මම දන්නෙ නෑ...මට තේරෙන්නෙ නෑ...

දන්නවද?...

මම හරි පුදුමාකාර මනුස්සයෙක්....අයිතියක් ගැන නොහිතා ආදරේ කරන්න හැමෝටම බෑ...ඒක පුදුම තරම් වේදනාවක්...ඉතින් ඔයාලම කියන්න...

මම හරි පුදුමාකාර මනුස්සයෙක් නෙවෙයිද...

ඒකපාර්ශ්වික ආදරේ....ඔයාලා අහලා තියෙනවද....

කවියො හරි ලස්සනට ඒ ගැන කවි ගෙතුවා...හැබැයි හරි ලස්සන හැගීමක් විදිහට...

ඔය කියන ලස්සනෙන් දශමයක්වත් නෑ ඒ ඇතුලෙ...

තමන්ගෙ ආදරේ වෙන කෙනෙක් ලග සැනසෙන තප්පර විදින්න උනොත් තේරෙයි හැමෝටම....

නොමැරිත් නොමැරෙන ඒ හැගීම මොන වගේද කියන එක....හැබැයි,

හිතින්වත් ප්‍රාර්ථනා කරන්න එපා එහෙම දවසක්....

මොකද,

මම තරම් විදවන්න නරකයි වෙන කවුරුත්...

"ඔබ පෙරදා ආදරෙන්....

මා ලගින් උන් හැටි....

එහි සැමරුම් රූ තමයි ජීවිතේ....

මතකද හැන්දෑවේ අපි දෙන්නා....

මන්දාරම් මදුරේ....

දවසක් දා මල් වැස්සේ තෙමුනා...."

අන්තිපාරට මම ඉල්ලන්නද දෙයක්.....මැරෙන්න මොහොතකට හරි කලින් මුමුණන්න ඔය පද පේලිය....මටත් දෙනවද උබේ ඔය ආදරය....කමක් නෑ....එක දවසකට උනත් මම තරහා නෑ....පොරොන්දු වෙනවා...

ලස්සන මතකයක් විදිහට....මිහිදන් කරගන්නම් හදවත පතුලෙම....

ලැබුණොත් උබේ ඔය ආදරය.....

_________________________________________

ඉවසන්නම් රත්තරනේ....හේ හේ 😁😁

තව සූට්ටක් ඉවසලා ඉන්න...මම මේ සේරම චකබ්ලාස් කරලා දාන්නම්...😉

එහෙනම් මම යනෝ...බායි බායි...පරිස්සමින් ඉන්න...ආදරෙයි 😚💓💓

@Diyana_45 🖊mention a user

Share This Chapter