Back
/ 25
Chapter 13

12 වන පරිච්ඡේදය 👁

උමතු ඇස්💓👁 (COMPLETED)✅

"රූ....."

"ඔයා ඇයි ඔහොම..."

"කොහොමද...."

"අද හරි ලස්සනයි....හරියට නිකන් කුමාරයෙක් වගේ...."

"මම?...."

"ඔව්....ඒත් ඉන්න....තුශ්...."

"ම්ම්ම්..."

"ඇයි...ඇයි මගෙන් මූණ හංගන්නෙ..."

"එ...එහෙම...එහෙම මුකුත් නෑ...."

මම හිටියෙ මටවත් හිතාගන්න බැරි තැනක...එතන හරි ලස්සනයි....එහෙම තැන් මේ ලෝකෙ තියෙනවද....මම දන්නෙ නෑ...හැබැයි මම හිටියෙ එහෙම තැනක...

හැමතැනම පුංචි පුංචි එලි....පුදුම තරම් ලස්සනයි....

දන්නවද....

ඒ තමයි කණාමැදිරි එලි....

ඒත් කොහෙද මේ....

ඒ ගැන හිතන්න තරම් කාලයක් මට ඉතුරු උනේ නෑ....මොකද මගෙ ලගට ආවේ එයා...ඔව් ඒ මගෙ තුශ්....

මගෙ ලගට ඇවිත් හරි පරිස්සමට මගෙ ඔලුව අතගාලා රූ කයපු එයා ඈත යන කණාමැදිරි රංචු දිහාවට ඇස් අරන් ගියෙ මගෙ ඇස් එයා ලගින් නතර වෙද්දි....

එයා ලස්සනයි....මට වචන නෑ...ඇත්තටම එයා ගැන කියන්න මට වචන නෑ....හරියට කුමාරයෙක් වගේ...

අහලා තියෙනවද නින්දෙනුත් හීනවලට එන ලස්සන සුරදූතයෝ ගැන....

මගෙ තුශ්....එයා අද ඇත්තටම සුරදූතයෙක් වගේ...

' සුදු පාටම ඇදලා ඇයි ඔය....මගෙ හිත හොරකන් කරන් යන්නද උබ ඔය ආවේ...ආයෙ මොනවට හොරකන් කරන්නද....උබ හොරෙක් උනේ මම ලගට අඩිය තියපු පලවෙනි තප්පරේමයි....'

මගෙ වස්තුව....

කොහෙන්ද ඔය ලස්සන.... දිව්‍යලෝකෙට යන මග පාර වැරදුනාවත්ද....නැත්තන් එයා වෙනුවෙන්ම මෙහෙට ආවද.....

දන්නවද....

මම එයාට කීවා....අයිතියක් නැතත් හිත කීවෙම හැගීම් වචන කරපන් කියලා වෙද්දි මම කීවා....

"අද හරි ලස්සනයි....හරියට නිකන් කුමාරයෙක් වගේ...."

කියලා....

හැබැයි එයා....එයාගෙ ඇස් තාමත් කණාමැදිරි එලි ලගින් නතර වෙලා තිබුණා....ඉදහිට වචනයක් දෙකක් මුමුණපු එයා අදත් මගෙන් මූණ හැංගුවා....

ඉන්න,....

එයා....එයා අඩනවා....මගෙ තුශ් අඩනවා....

"උබ ඔය අඩනවද තුශ්...."

"මාව තේරුම්ගත්ත පලවෙනි වතාව...."

"හහ්....."

"මගෙ කදුලු....උබ ඒවා දැක්කා..."

"ඒත් ඇයි...."

"එයා...එයා...එයා මාව දාලා ගියා රූ...."

"කවුද...."

"සනුලි...."

"මො...මොකක්....ඒත් ඇ...."

"ශ්ශ්ශ්....ටිකකට ඔය උරහිස මට දීපන්කො රූ..."

"ම්ම්...."

ඇයි...ඇයි එහෙම කරේ....මගෙ අහිංසකයව පරිස්සම් කරන්න නෙවෙයිද ලගට ගත්තෙ..ඇයි...ඇයි සනුලි...ඇයි මගෙ තුශ්ට එහෙම කරේ....

"මට...මට එයාව ඕනෙ රූ..මට එයාව ඕනෙ...මම ඒ කෙල්ලට පන ඇරලා ආදරෙයි දෙයියනේ...."

"උබ ඔහොම අඩද්දි රිදෙන්නෙ මට තුශ්..."

අනේ ඉකිගහනවා....මගෙ වස්තුව ඉකිගහනවා...

එපා....අනේ ඔහොම ඉකිගහන්න එපා...මට වේදනයි තුශ්....මගෙ පපුවට වේදනයි....

මම කීවා....මම කීවා නේද....හඳටත් අයිති නැති තරුවක් අමාවකට කැප නෑ කියලා...දැන දැනත් ඇයි ඒ මග යන්න පාර පෙන්නුවේ...රිද්දන්නද....මගෙ අහිංසකයට රිද්දන්නද....

කවද්ද මම මේ තරම් දරුණු උනේ....මට බලන්න බෑ....එයාගෙ කදුලු මට බලන්න බෑ...ආආආ මගෙ ඔලුව...මගෙ...මගෙ ඔලුව පැලෙන්න වගේ....

"මට...මට එයාව ඕනෙ රූ..මට එයාව ඕනෙ...මම ඒ කෙල්ලට පන ඇරලා ආදරෙයි දෙයියනේ...."

"මම ඒ කෙල්ලට පන ඇරලා ආදරෙයි දෙයියනේ...."

"මම ඒ කෙල්ලට පන ඇරලා ආදරෙයි දෙයියනේ...."

"මම ඒ කෙල්ලට පන ඇරලා ආදරෙයි දෙයියනේ...."

නෑ...නෑ...ඔහොම කියන්න එපා...ඔහොම කියන්න එපා....එයාව ඕනෙ නෑ කියන්න...එයාට ආදරේ නෑ කියන්න....අනේ අඩන්න එපා....අඩන්න එපා දෙයියනේ.. අඩන්න එපා....අනේ...අනේ මගෙ ඔලුව...එපා...මට..මට..මට උබේ කදුලු බලන්න බෑ....ඒකි වෙනුවෙන් හලන කදුලු කොහොමටවත් බලන්න බෑ.....මට...මට බෑ...මගෙ...මගෙ ඔලුව පැලෙන්න වගේ....

"මම ඒ කෙල්ලට පන ඇරලා ආදරෙයි දෙයියනේ...."

"නෑ...නෑ...නෑ..."

"චූටි බේබි....චූටි බේබි...."

"නැ...නැන්දා..."

"මගෙ බේබි හීනයක් දැක්කද...."

"හී....හීනයක්...."

"ඔව්....මම එනකොට බේබි නින්දෙන් හොදටෝම අඩනවා...."

"අහ්....නෑ...නෑ...."

"ඒකට කමක් නෑ බේබි...."

"අද ඉස්කෝලෙ යනවද...."

"ඔව් නැන්දා....මම ලෑස්තිවෙලා එන්නම්..."

"හරි බේබි...."

ඒක හීනයක්ද....මම ඒ දැක්කෙ හීනයක්ද....ඒත් ඇයි....ඇයි මම එහෙම දෙයක් දැක්කෙ....

උබ හීනෙනුත් මට රිද්දන්න පටන්ගත්තද තුශ්...හ්ම්...කමක් නෑ.....මේවා මගෙ කරුම....උබ මොනවා කරන්නද....

' හීනෙන් උනත් දැකපු කදුලු වලට මගෙ පපුව කෑලි කෑලිවලට කැඩිලා ගිහින් තිබුණා...හීනෙනුත් උබ ඉල්ලන්නෙ ඒකිව වෙනකොට අසරණ මම මොනවා කරන්නද බං...උබලා දෙන්නා දිහා බලන් හූල්ලන්නද...ඒත් නැත්තන් උබ සතුටින් කියලා සතුටු වෙන්නද....මට තේරෙන්නෙ නෑ තුශ්...මට තේරෙන්නෙ නෑ....මම තව මොන තරම් කාලයක් විදවන්නද....එක විනාඩියකට අහපන්කො මගෙ හිත....ඌ උබට කියලා දෙයි...හිත ඇතුලෙ පොදි ගහපු අවුන්සයක් තරම් ආදරෙත් උබට විතරක්ම උන වග....

ඔයාලා දන්නවද....එයා සනුලි ලගින් නවතින්න කලින් මම මොන තරම් දේවල් එයා වෙනුවෙන් කරාද....සමහරදාට ඒ ඇස් දිහා වරු ගනන් මම බලන් ඉන්නවා....ඇහිපිල්ලමක්වත් නොගහා....එයා ඒ වෙලාවට ඇස් හීනි කරලා මගෙ දිහා බලලා අහනවා....

"ඇයි බං...."

කියලා.....

ඉතින් ඒ හැමදාකම මම අහනවා....

"දැනෙන්නෙ නැද්ද තුශ්...."

කියලා.....

එයා කවදත් දුන්නෙ එකම උත්තරේ....

"උබට විකාර...."

ඉතින් ඔයාලා තාමත් කියනවද මම එයාට මාව දැනෙන්න දුන්නෙ නෑ කියලා...

මොන බොරුද....

එයා මාව තේරුම්ගත්තෙ නෑ....

එයා හැමදාකම කරේ මගෙන් ඒ ඇස් හංගගත්ත එක.....

හ්ම්....කමක් නෑ.....

දැන් මට කෝකත් එකයි.....

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

"අහ්....."

"රුහාන්...රුහාන්...උබට අවුලක් නෑනේ...."

"මට..මට කලන්තෙ වගේ..."

"කෝ යමන් පන්තියට...."

"නෑ කමක් නෑ මට තනියම යන්න පුලුවන්..."

"බය වෙන්න එපා ලෙඩ ගානේ ඉන්න උබට කරදර කරන්න තරම් මම සතෙක් නෙවෙයි..."

"සුදුමැලි වෙලා...."

"හහ්...."

"උබ සුදුමැලි වෙලා...."

මම තව එක වචනයක්වත් කීවේ නෑ...ගේට්ටුවෙන් ඇතුලට යනවත් එක්කම කොහෙදෝ තිබ්බ කලන්තයක් ඇගට කඩන් පැන්නෙ හිතාගන්න බැරි ඉක්මනකට....වැටෙන්න ගියත් නොවැටී බේරුනේ අනූ නවයෙන්....ඒකත් ගවිදු නිසා...

ඔව් ඇහුනා හරි...ගවිදු තමයි....

කොහෙදෝ ඉදන් ආව ගවිදු කරේ වැටෙන්න නොදී මාව ඒ පපුවට වාරු කරගත්ත එක...

ඇත්තටම මට පනක් නෑ....හිටගෙන ඉන්න තරම්වත් මට පනක් නෑ....

උදේ දැක්කෙ හීනයක් උනත් තුශ්ගෙ කදුලු මාව අවුරුදු ගානකින් වයස්ගත කරලා තිබුණා...මම පිස්සෙක් නොවී පිස්සෙක් වෙලා....දවස් ගානකින් හරි හමන් කෑමක් නොවැටුන ඇගත් ලෙඩවෙන්න පටන් අරන්...

මට කියනවද?...

ඒක මගෙ මෝඩකමද....එහෙමත් නැත්තන් මගෙ පව්කාරකමද....

අනේ මම දන්නෙ නෑ බං....

දැන දැනම අදත් මම කෑම ප්‍රතික්ෂේප කරා....ඔව් මම උදේටවත් නොකයි මේ ඉස්කෝලෙට අඩිය තිබ්බෙ....

බඩගින්න මොන තරම් දරුණු උනත් හිතේ ගින්න ඊට වඩා ශක්තිමත් උනා....ඒකත් මගෙම හරහට....

බලන් ගියාම හැමෝම එකයි....

මාව රිද්දනවා.....කොටින්ම කීවොත් මාව නොමරා මරනවා....

"උබට ඔහොම යන්න පුලුවන්ද රුහාන්..."

"අවුලක් නෑ...."

"කෝ වරෙන් මම උබව අල්ලගන්න...."

"ඇයි?...."

ඔව් මම තමයි....මාව අල්ලගන්න හදපු ගවිදුගෙන් මම ඇයි කියලා ඇහුවා වෙද්දි එයා කරේ පුදුම උන බැල්මකින් මම දිහා බලපු එක...

ඒ බලලත්....

"මොකක්ද...."

"මගෙ පස්සෙන්ම එන්නෙ...."

"දන්නෙ නෑ...."

"හහ්...."

"මම දන්නෙ නෑ ඉතින්...."

එයාගෙන් අහලා වැඩක් නෑ....කවදාවත් හරි උත්තරයක් නෑ....හ්ම්....

මටත් එයා එක්ක වාදකරන්න බෑ....මට හරි මහන්සියි....

අදනම්...

හිතට වගේම ඇගටත් මහන්සියි....

"වරෙන් යන්න...."

"මම එක්කන් යන්නම්....උබ එන්න ඕනෙ නෑ මූව අල්ලන්න...."

"තුශ්...."

"තුශ් තමයි...."

"මම...."

"උබටත් මූ නැතුව ඉන්නම බෑ නේද...."

"එහෙ....."

"වරෙන් යන්න....."

එයා...එයා කොහෙන්ද මෙතනට...

ගවිදු මට ලං උනත් ඇති එයා මගෙ ලග...හරියට නිකන් හෙවනැල්ල වගේ...කොහොමද එහෙම වෙන්නෙ....මට තේරෙන්නෙ නෑ....

ගවිදුට වාරුවෙලා හිටපු මම ඊලග තප්පරේ හිටියෙ තුශ් ලග....

මේ තමයි පලවෙනි වතාව....මම එයාගෙ පපුවට වාරුවුණ....

දෙයියනේ මගෙ පපුව....

' උබ ඔය මැරතන් දුවනවද බං....ඔච්චර හයියෙන් ගැහෙන්න එපා....තුශ්ට ඇහුනොත්...උබත් දැන් මට කීකරු නෑ....'

පපුව ගැහෙන්න ගත්තෙ කවදාවත් නැති තරම් වේගෙන් වෙද්දි මටත් කරගන්න දෙයක් නැති උනා....

ඒත්....ඒත් ඉන්න,

මට දැනුන දේ හරිද....

නෑ ඒක වෙන්න බෑ....

තුශ්ගෙ පපුව....

දන්නවද ඒ පපුවෙ ගැස්ම මගෙ පපුවෙ ගැස්මට දෙවනි නෑ....ඒත් ඇයි...හොදම යාලුවා වෙනුවෙන් ඒ තරම් ගැස්මක් කොහෙන්ද ඔය පපුව අස්සට....

දන්නවද?....

හීනෙන්වත් අහන්න නොහිතපු ප්‍රශ්නෙකට මම එයාගෙන් උත්තර ඉල්ලුවා....

සමහරවිට.....

ඒ පපුවෙ ගැස්ම මගෙ පපුවට දැනුන නිසා වෙන්න ඇති....

"කවද්ද තුශ් ඔය හිතේ තියෙන දේවල් මට කියන්න හිතන් ඉන්නෙ...."

"මම දන්නෙ නෑ...."

' ඉතින් දන්නවද....එයාවත් මමවත් නොදන්න ප්‍රශ්නයක් ඇතුලෙ අපි දෙන්නම තනිවුණා...'

මම දන්නෙ නෑ....

උත්තර ලැබෙයිද....නොලැබෙයිද.....

මම දන්නෙ නෑ....

අපි තනිවුණේ සදහටමද....තාවකාලිකවද....

හැබැයි ඒ ඇස් ගැස්සුනා....වෙනදට මගෙන් දුර ඈතට පැනලා යන්න දගලන ඒ ඇස් අද මම ලග ගැස්සුනා....

තප්පර ගානකට මගෙ ඇස් අස්සෙ මොනවද හොයපු ඒ උන්මත්තක ඇස් ආයෙම අහක බලාගත්තා....

හිතුනොත්....උත්තර දීපන්....ඔය ඇස් ගැස්සුන හේතුව.....

හැබැයි අදත් මම දැක්කා,

එයා ඇතුලෙ හැංගුන ලොකු කේන්තියක්......

පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත....

දෙනවා මං නොමිලෙම ලියා...

මගෙ පාලු ජීවිතයේ...

තනියට තනිකම රැදුනේ...

ඔය නුහුරු නෙතු බැල්මේ හුරු හිතවත්කම තිබුණේ....❤

ආදරෙයි, පනටත් වැඩියෙන්ම....

(රූ ගෙන් තුශ්ට )

(ඒ දෙන්නට ගැලපෙනම සිංදුව🥺❤..නේද ලමයි..)

"ඒ හුත්තිගෙන් වැඩක් නෑ යකෝ....මට ඒකිගෙන් වැඩක් නෑ....."

👆හෙට කොටසට ඉගියක්.....

_____________________________________

හෙටින් පස්සෙ සනුලි නෑ....වගකීමෙන් කියන්නෙ නෑ කීවොත් නෑ නෑමයි😁..

මම යනෝ බායි බායි...පරිස්සමින් ඉන්න ආදරෙයි 😚❤❤❤❤

ආආ කතාව හොදද ලමයි?....🙃

@Diyana_45 🖊mention a user

Share This Chapter