Back
/ 25
Chapter 14

13 වන පරිච්ඡේදය 👁

උමතු ඇස්💓👁 (COMPLETED)✅

(අඩන්න ඔට්ටු නෑ හරිද 😭😭)

මට අද හරි මහන්සියි....

මම කීවනෙ...හිතට විතරක් නෙවෙයි මගෙ ඇගටත් අද නොසෑහෙන්න මහන්සියි...

"පුංචි මහත්තයා මොකෝ අද මේ තනියම...."

"විශේෂයක් නෑ මාමා...."

"අදත් මුරුක්කු සීයක්ද...."

"නැහැ....."

"එහෙනම්...."

"මට අයිස් පැකට් එකක් දෙන්නකො...."

මුරුක්කු.....කාලෙකට කලින් රසට හැපෙන මුරුක්කුවක් කියන්නෙම අධිමාත්‍රාවක්...කාට නැතත් මට...

මම තනියම මේ පාර පුරා ඇවිදන් ගිය කාලෙට වඩා මතක ගොඩක් තුශ් මට එකතු කරලා දුන්නා...

ඇයි මම අද වෙනස් දෙයක් තෝරගත්තෙ කියලා බැලුවද....

හ්ම්....

ඔයාලා දන්නවද....

මම කන්න ආසම මුරුක්කු කියලා දැනගත්ත දා ඉදන් තුශ්ගෙ ආසම කෑම ඒක උනා....මම දන්නෙ නෑ ඒ ඇයි කියන්න....හැබැයි ඒක තමයි ඇත්ත...

ගනන් කරගන්න බැරි තරම් අපි එකට ඇවිදන් යන්න ඇති....

' ඔය හිටියට එයා හරි පෙරේතයි...සමහරදාට මගෙ පංගුවත් කන්නෙ එයා....අනේ කමක් නෑ...උබට නොදී මම වෙන කාට දෙන්නද...කාලා කාලා ඇති උන දාට...

"අම්මෝ රූ මගෙ බඩ...."

කියලා පාර මැද්දෙම බඩ අතගානවා....ඔය කොල්ලා හැමදාම ඔහොමයි....මම ආසයි රූ මම ආසයි කිය කිය ඕනවටත් වඩා කනවා....ඒ වෙලාවට ඒ මූණ රතු වෙනවා...මට උබ ගැන ලෝබ හිතෙන්නෙම ඔය තප්පරේ...'

හැබැයි අද....

අද උබ කෝ මගෙ තුශ්.....

වෙනදට එකට ඇවිදන් යන පාරේ ආයෙම වතාවක් උබේ රූ තනිවෙලා....පේනවා නේද...පේනවා නේද තුශ්....

අද මම කෑමකටත් වෛර කරන්න පටන් අරන්....

ඉස්සර අහස දිහා බලන් කටර් එක වගේ කියවන උබ අද මාව තනිකරලම දාලා....අනේ මම තරහා නෑ බං....පපුවත් ගැහෙන්නෙ උබේ නමට වෙද්දි කොහොම නම් උබ එක්ක තරහා ගන්නද....

උදේ මාව වාරු කරගත්ත ඒ පපුවම මට දෙස් තියන්න පටන් අරන්....

හ්ම්....

එයා....එයා කියනවා එයාගෙ හිතට හරි නෑලු...ඉවසන්නම බැරි තැන මම එයාගෙන් ඇහුවා....

"ඇයි ඔහොම කියන්නෙ කියලා...."

දන්නවද එයා දීපු උත්තරේ....මගෙ පපුව කෑලි කෑලි කරලා දාපු ඒ උත්තරේ දැනගන්න ඕනෙද...

ඉන්න මම කියන්නම්.....

"උබ මගෙ ඇස් මානෙට එන හැමදාම මගෙ හිත අවුල් යනවා...."

මමද....මමද ඒ හිතේ අවුලට හේතුව....අහන්න දෙයක් නෑ....මොකද එයා කීවේ එහෙම...

එතනින් එහාට මම කීවේ මොනවද...ඇත්තටම මට සිහියක් නෑ....

මට අහන්න හිතුනා....

හිත රිද්දන්නෙ ඇයි ඔහොම කියලා...

ඒත් කෝ අයිතියක්....අනේ මම දන්නෙ නෑ බං උබ නැතුව හුස්ම අල්ලන්න...

ඇත්තටම මට තේරෙන්නෙ නෑ තුශ්....

එයා අද වචන දහයක්වත් මා එක්ක කතා කරන්න නැතුව ඇති....

හැබැයි එයා අමතක කරේ නෑ....

හැමදාම වගේ අදත් ඇනුම්පදයක් කියන්න....

ඔව් ඔයාලා හිතුවා හරි....ඒකට එකම හේතුව...

ගවිදු....

' මට ඌ එක්කත් කේන්තියි...අකමැති කියලා දැන දැනත් ඇයි මගෙ පස්සෙන් එන්නෙ...පන්තියේ කවුරු හිටියත් ගවිදුගෙ ඇස් තියෙන්නෙම මම ලග...වෙලාවෙන් වෙලාවට බොරු හේතු හොයන් කතාවට පැටලෙනවා...මම එයාව ගනන් නොගන්න දාට කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතුව මගෙ ලගට එනවා....ඒ ඇවිත් ඇයි උබ මාව මග අරින්නෙ අහනවා.....මගෙම කරුමෙද නොදන්නවා උනාට ඒ වෙලාවට මට වචනත් නැති වෙනවා...මොකද ඒ හැම තප්පරේම මගෙ ලගින් තුශ් හිටියා....ගවිදු මට ලංවෙන හැම වතාවකම තුශ්ගෙ අත මිටි මෙලවුනා...ඒ දකින මටත් ආපිට ගවිදුට කියන්න වචන නැතිවුණා....හේතුවක් නොදැනම...'

අදත් කියලා වෙනසක් නෑ....ගවිදු කරේ දවසම මගෙ දිහා බලන් හිටපු එක...

මට මතකයි තුශ් කීවා...

"අර පොන්නයා උබව ඇස් වලිනුත් කනවා...."

කියලා...මගෙත් මෝඩකමට මම කීවා...

"කමක් නෑ තුශ්...."

කියලා...

එක අතකට ඒක මගෙ මෝඩකම කියන්නත් බෑ....මොකද ඇත්තටම මට කමක් නෑ...ඔය බැල්මකට පුලුවන්ද මට කරදරයක් කරන්න...කොහොමටත් බෑ....හැබැයි තුශ්...

එයා එතනින් එහාට එක වචනයක්වත් කතාකරේ නෑ...

කීවනම් කීවේ...

"උබ මගෙ ඇස් මානෙට එන හැමදාම මගෙ හිත අවුල් යනවා...."

කියලා විතරයි....මම හිතන්නෙ මම කලින් ඔයාලට ඒ ගැන කීවා....

කවදටත් වඩා මම අද හිත රිද්දගත්තා....

රිදි රිදිත් අහස උසට ආදරේ කරන එකම මිනිහා මම වෙන්න ඇති...

මගෙ වස්තුව දන්නවද....

අදත් මාව මගඇරලා ඒකි එක්ක යන්න ගියාට උබේ රූ උබට පනටත් වඩා ආදරෙයි...

මේ හිතේ තියන ආදරෙන් අන්තිම බිංදුවත් මගෙ වස්තුව වෙනුවෙන්මයි.....

නොකීවට මම දන්නවා...අදත් උබ යන්න ඇත්තෙ ඒකි බලන්න....කමක් නෑ බං...මට කමක් නෑ....මොකද,

ඒ තමයි උබේ සතුට....

.

.

.

.

.

.

.

තව දෙයක්,

ඉතින් දන්නවද?...

හිතට දරන්නම බැරි වචනයක් මම කියන්න පුරුදු උනා...

සමාවෙන්න...කලින් ඒ ගැන කියන්න තරම් මානසිකත්වයක් මට තිබුණෙ නෑ.....ඒ නිසා දැන් කියන්නම්...හරියටම මීට දවස් දෙකකට කලින්...

"රූ..."

"කියන්න නෙතුශ්...."

"ඒ ටිකට මම නෙතුශ් උනාද...ඈ බං..."

"හිතලා කීවේ නෑ...ඒක නෙවෙයි ඇයි කතාකරේ..."

"මේ මේකයි උබට අපේ අම්මා කතා කරොත් මම උබ එක්ක ඉන්නෙ කියහන් හරිද....උබ හොද එකානේ..."

"ඇයි උබ මේ පාර කොහෙද යන්න හදන්නෙ....මාවත් බිල්ලට දීලා...."

"පොඩි ගමනක්...."

"හ්ම්...."

ඉතින් දැනගත්තද පපුවට බර ඒ වචනෙ...තුශ් වෙනුවට නෙතුශ්....

එදත් මාව පාවලා දීලා එයා කොහෙදෝ යන්න ගියා....සමහරවිට,

සනුලි එක්ක වෙන්න ඇති....

මම එදත් කීවා....

ඔය එක දවසක්වත් නැන්දා මට කතාකරේ නෑ...එයා ගිය තැනක් මම දන්නෙත් නෑ...අඩුම කොහෙවත් ගියා කියන්න ඉගියක්වත් නෑ....

හ්ම්....ඒකෙන් වැඩක් නෑ.....

මම ආයෙම කියනවා....

ඉදලා හිටලා තුශ් කියන නම පිට පැන්නත් සමහර වෙලාවට ඕනකමින්ම මම එයාට නමින් කතා කරා....

මොකද දවසක් එයා මට කීවා...

"දන්නවද රූ එයත් ඔයා වගේ...මට කතා කරන්නෙම තුශ් කියලා...."

මම ආදරේ කරපු නම වෙන කෙනෙක් මගෙන් උදුරගෙන තිබුණා...මම හිත හදාගත්තා...

මට අයිති නැති මගෙ ආදරේට හිතින් විතරක් ඒ නම මුමුණන්න....

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

"චූටි බේබි...."

"කියන්න නැන්දා..."

"මම අද ටිකක් කලින් ගියාට කමක් නෑ නේද..."

"ඕක අහන්නත් දෙයක්ද..."

"මම උයලා තියෙන්නෙ..."

"හරි..."

"මගෙ බේබි පරිස්සමින් ඉන්න හරිද..."

"නැන්දත්..."

හ්ම්....වෙනදටත් වඩා කලින්ම මම අද තනිවෙලා...වෙන කොහෙවත් නෙවෙයි මගෙම ගේ ඇතුලෙ...පාල මාමාත් අද කලින් ගිහින්....හේතුවක් නම් මම දන්නෙත් නෑ....කමලා නැන්දට නම් සනීප මදි...සමහරවිට ඒ නිසා වෙන්න ඇති....

ඉතින් මොනවා කරන්නද...

ඉවසනවා මිසක්....

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

වෙලාව හවස හයටත් කිට්ටුයි....තුශ් ගියාද දන්නෙත් නෑ....ඉස්සර නම් ගිය ගමන්...

"රූ මම ගෙදර ගියා...ඔයා පරිස්සමට ආවා නේද...."

කියලා අහනවා....දැන් ඒකත් නෑ...

සමහර වෙලාවට මට හිතෙනවා...

මම දැන් උබේ හොදම යාළුවත් නෙවෙයිද කියලා....

කමක් නෑ....

මම ආයෙම කියනවා...

ජීවතේ හැටි ඔහොමයි.....

මම හිටියෙ සාලෙ...පුටුවක් වෙනුවට අදත් මගෙ බර දරාගත්තෙ සීතල ටයිල් පොලව...ඔව් මම හිටියෙ බිම ඉදගෙන....

හිස් මනුස්සයෙක් ගානයි....වෙන කවුරුත් නෙවෙයි...

මම

තනියට කියලා මගෙ ලගින් හිටියෙම මගෙ phone එක...කවදාවත් නැතුව අද මගෙ අත්වලට කිටි කිටියෙම තදවෙලා ගිහින්...

ඔව් phone එක තමයි...

එකපාරම vibrate උනේ අතේ තිබුණ phone එක වෙද්දි මගෙ ඇසුත් ගියෙ lock screen එකට...

ඒ එයා....මගෙ තුශ්....අනේ එයා msg එකක් දාලා...ඒකත් 4to එකක්...

හිතේ ගැස්මට අද බයකුත් කාන්දු වෙලා...ඒ මොකක් වෙන්න ඇතිද...නොදැන උනත් මගෙ ඇගිලි හරි හරියට වෙවුලුවා....

තප්පරයි දෙකයි...

"නෑ....නෑ....ඒක...ඒක වෙන්න බෑ...කොහොමද තුශ්....කොහොමද හිත හදන් මේ වගේ දෙයක් මට එව්වෙ...."

මම කෑගැහුවා....කාත් කවුරුත් නැති ගෙයක් ඇතුලෙ තනියම...දරන්න බැරිම තැන මම මහ හයියෙන් බෙරිහන් දුන්නා...

ඒක..ඒක 4to එකක්...ඔව් ඒක ඒ දෙන්නගෙ 4to එකක්....

සනුලි හරි ලස්සනට ඒ නලල උඩින් එයාගෙ තොල් තදකරලා තිබුණා...අනේ ඒ ඇස් පියවිලා ගිහින්...

"ඒක ලස්සනයිද රූ...."

කියලා යටින් හරි ලස්සන අකුරින් type වෙලා තිබුණා...

හරි අපූරුවට පියවිලා තිබුණු ඒ ඇස් මගෙ පපුව පසාරු කරලා දැම්මා....

' අනේ මට දරන්න බෑ දෙයියනේ....උබ ඇයි මට ඔය තරම් රිද්දන්නෙ...ඒ 4to එක...උබට ඒකිගෙ ආදරේ දැනුනද මගෙ තුශ්...ඒකද ඔය ඇස් පියවිලා ගියෙ....මට බලන්න බෑ දෙයියනේ...මට බලන්න බෑ....කොහොමද රත්තරන් මම ඔය දිහා බලන්නෙ...උබ නොදන්නවා උනාට උබනෙ මගෙ පන...එහෙව් උබ ඒකි ලග....අනේ ඇයි මට මේ තරම් දුක් දෙන්නෙ....ඒකි ලගදි විතරක් ආදරේ පෙන්නපන්...ඇයි මගෙ ඇස් මානෙට එන්නෙ....මේ පේනවද...මේ පේනවද තුශ්...උබේ රූ...ඌ අඩනවා...උබට පේනවද...ආ මගෙ තුශ් උබට පේනවද...උගෙ පපුව බිදිලා ගිහින්....හුස්මගන්න අමාරු තරමටම....

මාව වෙවුලනවා...තාමත් lock screen එකේ පේන ඒ 4to එක...මම දන්නෙ නෑ...මම හිටියෙ සිහියත් අවසිහියත් අතර...'

කොහෙන්දෝ කඩන් පැනපු හැගීමකට මම කරේ තුශ්ට කෝල් එකක් ගත්ත එක...

මට සිහියක් තිබුණෙ නෑ....

හැබැයි....එයා ආන්ස්වර් කරා....

ඉතින් තවත් හිතේ හිරකරන් ඉන්නද....කොහොමටවත් බෑ...මොකද මම දෙයක් තීරණේ කරා....

කියන්නම්....හැබැයි තව ටිකකින්...

අන්තිම වතාවට මට එයාට කතා කරන්න ඕනෙ....ඒ නිසා පොඩ්ඩක් ඉවසන්න...

"කියන්න රූ...."

ඒ කටහඬ ඇහෙන පමාව විතරයි...මම ඇඩුවෙ පිස්සෙක් වගේ....ඇත්තටම මම පිස්සෙක්...එයා නිසා...එයාට තියන ආදරේ නිසා...

පිස්සෙක් උනු උන්මත්තක පිස්සෙක්....

මම කියෙව්වා...හිතේ දුක නැතිවෙන්නෙ නෑ කියලා දැන දැනත් මම කියෙව්වා....එයා මට ලැබෙන්නෙ නෑ කියලා දැන දැනත් මම නොසෑහෙන්න කියෙව්වා....

පපුව ඇතුලෙ පොදි ගහපු අංශුවක් තරම් ආදරෙත් මම වචන කරා....

මට තවත් දරන්න බෑ....මට හයියක් නෑ....

ඉතින්,

"රූ....රූ....උබ ඔය අඩනවද රූ....මොකද උනේ ආ...ඇයි ඔය ඉකිගහන්නෙ..."

"තු...තුශ්...එක තප්පරේකටවත් දැනුනෙ නැද්ද මගෙ මේ පපුව...."

"අහ්....රූ....මො...මොනවද උබ ඔය කියවන්නෙ..."

"ඇයි...ඇයි තුශ් මට ඔහොම රිද්දන්නෙ...ඇයි..."

"රූ...."

කතා කරන්න තියා නැගිටලා ඉන්නවත් මට පනක් තිබුණෙ නෑ....ඔලුවට ආවෙ ඒ නලලට ලැබුණ හාදුව විතරක්ම වෙද්දි මම පිස්සෙක් වගේ කියවන්න පටන්ගත්තා...

"එක තප්පරේකටවත් මාව දනුනෙ නැද්ද තුශ්...ඒකි ලග ඔය හිත නතර කරගත්ත ඒ තප්පරේ උබට උබේ රූව මතක් උනේම නැද්ද...හැමදාම ඔය ඇස් ලගින් නතරවුණ මගෙ ඇස් දෙක උබ දැක්කෙ නැද්ද තුශ්...ඒකද...ඒකද මට ඔය තරම් රිද්දන්නෙ...ආ...මට කියපන්කො තුශ්...අනේ කතා කරපන්කො...මට...මට තවත් හයියක් නෑ...ඇත්තටම මට මේ දේවල් හිත අස්සෙ හිරකරන් ඉදලා ඇති වෙලා...."

එයා එක වචනයක්වත් කීවේ නෑ...අඩුම ඇයි ඔය කියලවත් ඇහුවෙ නෑ...මගෙ හිත තවත් රිදෙන්න අරන්....මම කරේ ආයෙ ආයෙම කෑගහපු එක....

"උබ දන්නවද තුශ් මට..මට කවුරුත් හිටියෙ නෑ....හැබැයි එදා...එදා...උබ දැක්ක පලවෙනි දවසෙම මම උබ ලග නතරවෙලා තිබුණා...ඇයි බං...ඇයි මම උබ දිහා බැලුවෙ...උබේ ඔය ඇස් මාව පිස්සු වට්ටලා...මේ පේනවද තුශ්....මේ බලපන් මාව වෙවුලනවා...මම නොසෑහෙන්න ඉවසුවා....පපුව පිච්චෙන තරම් රිදුනත් මම ඉවසුවා.....හිතේ කොනකවත් නැති ගවිදුව ඇදන් උබ මට දෙස් තිබ්බා...ඒත් කමක් නෑ මම ඉවසුවා....මගෙ හිත ඇතුලෙ ආදරයක් විතරක්ම උඩු දුවද්දි මම උබට හැමදාම හොදම යාළුවා විතරක් උනා...ඒත් කමක් නෑ මම ඉවසුවා....උබ ගැන අහසත් උසට බලාපොරොත්තු මගෙ හිතේ ගොඩ ගැහෙද්දි උබ ඒ හැමදේම කඩලා දැම්මා....උබ දන්නවද තුශ් ඒත් උබේ රූ ඉවසුවා....උබ ඒකි ලග හිත නවත්ත ගත්ත දා මම අන්තෙටම කඩන් වැටුණා....මම ඒත් ඉවසුවා බං...ඒ උබේ සතුට....අනේ මගෙ වස්තුව සතුටින් නේද කියලා මගෙ පපුව රිදි රිදිත් උහුලන් හිටියා...දුරින් ඉදන් හරි ආදරේ කරන්න මම මටම පොරොන්දු උනා...ඒත් අද....අනේ මට තවත් ඉවසන්න බෑ තුශ්.......දන්නවද තුශ්...තමන් තනිවෙලා කියන හැගීම ඇග පුරාම උඩු දුවපු දාට ඒ මනුස්සයා හැමදේම අතඅරින්න හිත හදාගන්නවලු....උබේ හොදම යාළුවත් හැමදේම අත ඇරියට කමක් නැද්ද තුශ්....මට...මට...තවත් ඉවසන්න බෑ තුශ්...ඇත්තටම මට හයියක් නෑ...."

මම ඇඩුවා....මම කෑගහලා ඇඩුවා...මෙච්චර දවස් මගෙ හිතට විතරක් සීමාවුණු ඒ ආදරේ මම අද වචන කරා....

ඉතින් මම කියන්නද?...

මම කලින් ගත්ත තීරණේ...

මතකද දවසක් මම කීවා...

දවසක මම මේ හැමදේම අත්හරිනවා...හැබැයි මතක තියාගන්න...

ඒ තමයි ඉවසීමෙත් අන්තිම කෙලවර...

සමාවෙනවද.....හැමදේම අත්හරින්න හිත හදාගත්තට විතරක්....

ඒත් එයා....මම කියපු හැමදේම අහගෙන හිටපු එයා කීවේ එක දෙයයි....

"දෙයියන්ගෙ නාමෙට මම එනකන් ඉවසපන් රූ....මම එන්නම් රූ...මම මේ දැන්ම උබ ලගට එන්නම්...."

ඉතින් ඒ තමයි එයාගෙ වචන...ඒ වචන වලට හිත තව පොඩ්ඩක් හුස්ම ඇයදුවා....හැබැයි ඒ තප්පරෙන් මතකෙට ආවේ සනුලි වෙද්දි ආයෙම ඉහිලුම් නැතුව ගියා....

"සනුලි....."

"ඒ හුත්තිගෙන් වැඩක් නෑ යකෝ....මට ඒකිගෙන් වැඩක් නෑ....."

"මම උබට වදින්නම් රූ...එක විනාඩි දහයක් ඉවසපන්...."

එච්චරයි....එයා කීවෙම එච්චරයි....සනුලිට හරි ආවේගෙන් බැනපු එයාගෙ කටහඬ ඊලග තප්පරේ නොසෑහෙන්න වෙවුලුවා....

මගෙ අතින් කෝල් එක කට් උනේ ඔලුව පැලෙන්න තරම් කැක්කුම අල්ලද්දි....මගෙ ඇස් පියවෙනවා....මට වේදනයි....මට මැරෙන්න තරම් වේදනයි....අදින් පස්සෙ මට යාලුකමත් නැතිවෙයි...

සමහරවිට....

ඒත් එයා එනවා කීවා....එයා මගෙ ලගට එනවා කීවා....මගෙ තුශ්...උබ එනවද...මම...මම..බලන් ඉන්නම්.....

අනේ මට අමාරුයි බං....මගෙ ඇගට කිසි පනක් නෑ....මට කලන්තෙ වගේ....පුලුවන්නම් මගෙ ඇස් පියවෙන්න කලින් වරෙන් මගෙ ලගට...උබේ රූ බලන් ඉන්නවා....

හිතේ වේදනාවට ඇගත් දුර්වල වෙලා...අඩුම ඇයි එයා සනුලිට බැන්නෙ කියලා හිතන්නවත් මට ඕනෙ උනේ නෑ...

ඔය උණුහුමට ගුලිවෙන්න ඇත්නම්...සත්තයි මට සැනසීමක් ලැබෙයි....

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

උපරිම විනාඩි පහලවක් යන්න ඇති....මම හිටියෙ සීතල ටයිල් පොලව උඩ...මට පුලුවන් තරම් තදේට ගුලිවෙලා....සීතලට නොවුනත් මාව වෙවුලනවා....ආයෙම කියනවා මට කලන්තෙ වගේ...

හැමදේම අත්හරින්න හිත හදාගත්තත් එයා කීවේ ඉවසපන් රූ කියලා වෙද්දි මම කරේ එයා එනකන් බලන් හිටපු එක...

"රූ....."

ඒ එයා...එයා ඇවිත්....මගෙ තුශ් එයා ඇවිත්...

රූ....

ඒ වචනෙ අද හරි බරයි...කවදාවත් නැති තරම් ඒ වචනෙ අද බරයි....

ඒත් ඇයි....

කොහෙ හිතන්නද....එයා කරේ අඩියට දෙකට මගෙ ලගට ඇවිත් මාව ඒ පපුවට තුරුලු කරගත්ත එක....

සනීපයි....හිතුවා වගේම සනීපයි....

' ඒත් ඉන්න...එයා අඩනවා...දෙයියනේ...ඒ ඇස් රතුවෙලා....අනේ ඇයි වස්තු මේ අඩන්නෙ...උබ මොනවා කරන්නද....මමනෙ යන මග පාර වරද්ද ගත්තෙ....මමනෙ අයිති නැති හිතකට ආදරේ කරේ...එහෙව් එකේ උබ මොකට අඩනවද...'

මම කරේ බැරි බැරි ගානෙම එයාගෙ කදුලු පිහදාපු එක...

"අඩන්න එපා තුශ්....මම මටම පොරොන්දු උනානේ..."

"මොනවද රූ....මොනවද උබ පොරොන්දු උනේ..."

අනේ ඒකා ඉකිගහනවා....

"උබේ ඔය ඇස් පරිස්සම් කරනවා කියලා...කදුලක් නොවැටෙන තැනටම...."

"අ...අනේහ් රූ...."

"ඇයි මේ..."

එයාගෙ අත් කිටි කිටියෙ මට තදවෙලා....කවදාවත් උබ ඔහොම අඩනවා මම දැකලා නෑ...අඩුම එදා හීනෙදිවත්...

අනේ ඇයි ඔය.....

"මට සමාවෙයන් රූ...."

ඒ වචන පිට පනින තප්පරේ මම හිටියෙ සිහියෙත් අන්තිම කෙලවර....කලන්තෙ ගතිය උපරිමයි....

ඒත් දැන්ම ඇස් පියාගන්න මට බෑ...

අහන්න දේවල් එමටයි....

"ඇයි...."

"හිතට දැනිලත් උබට දැනෙන්න නොදුන්නට..."

"අහ්...."

"ම..මම ආදරෙයි රූ...මම ආදරෙයි....මම උබට නොසෑහෙන්න ආදරෙයි..."

ඉකියෙන්ම ඇහුනෙ ඒ වචන ටික වෙනකොට දැනටමත් ඒ තොල් මගෙ නලල උඩින් තදවෙලා තිබුණා....

ආපිට දෙයක් කියන්න කලින්ම මගෙ ඇස් මටම විරුද්ධ උනා....ඒ තුරුලෙම මගෙ සිහිය මගෙන් ඈතට පැනලා ගියෙ ආයෙම ඇස් ඇරපු ගමන් වචන කරන්න පොදි ගහපු හැගීම් ගොන්නකුත් එක්කමයි....

___________________________________

දෙයියනේ මගෙ පපුව😭😭😭

වැඩි දුර විස්තර ඊලග කොටසට....එහෙනම් මම ගියා ඈ....පරිස්සමින් ඉන්න ආදරෙයි 😚❤❤❤

Good night 😴🌙⭐

@Diyana_45 🖊mention a user

Share This Chapter