Back
/ 25
Chapter 15

14 වන පරිච්ඡේදය 👁

උමතු ඇස්💓👁 (COMPLETED)✅

මගෙ වටේට පුදුම තරම් කලුවරයි....ඔලුව පැලෙන්න තරම් කැක්කුම අල්ලද්දි මම ඇස් වහගෙනම කල්පනා කරා....

ඇයි මේ තරම් කලුවර....මගෙ ඇස් පියවිලද...ඒත් නැත්තන් අදුරු ආගාධයක්ද....මට ඕවගෙ තේරුමක් නෑ....මට හිතන්න ඕනෙත් නෑ....ඒත් නොහිතත් බෑ...

හිත අස්සෙ දාහයක් හැගීම් එක පාර තෙරපෙද්දි හිතට ආවේ ඒ කටහඬ විතරමයි....

මගෙ තුශ්....එයා ආවා නේද....එයා...එයා මට ආදරෙයි කීවද....

ඒත් නැත්තන් මම හීනයක් දැක්කද....පියවිලා තිබුණත් මගෙ ඇස් අස්සට කදුලු උනලා කියන්න මට තේරුනා.....

"ම...මම ආදරෙයි රූ....මම ආදරෙයි...මම උබට නොසෑහෙන්න ආදරෙයි...."

ආයෙ ආයෙම ඒ වචන විතරක්ම හිත අස්සෙ දෝංකාර දෙද්දි සත්තයි මට ඉහුලුම් නැතුව ගියා....උබ ඇත්තටම මට ආදරෙයි කීවද තුශ්...උබ ඇත්තටම උබේ රූට ආදරෙයි කීවද....

අනේ ඒක හීනයක් නම්....මට කියපන්කො....ඒක හීනයක්නම් මම මොනවා කියලා කරන්නද....එයා නිසාම රැකගත්ත ජීවිතේ ආයෙම අතහරින්න හිත හදාගන්නද..

මට තේරෙන්නෙ නෑනෙ....උබේ රූට මේ මුකුත් තේරෙන්නෙ නෑනෙ මගෙ තුශ්....

මම බයවුණා....ඇස් ඇරලා බලන්න මගෙ හිත නොසෑහෙන්න බයවුණා....

ඇස් ඇරියොත්...ඒක හීනයක් උනොත්...

මම දන්නවා..

මම තවත් ඉවසන්න බැරි වේවි....

ඇස් අරින්න හිත බයවුණත් නහයට හුරුපුරුදු සුවදක් ලගින්ම වගේ දැනුනෙ හරි සනීපෙට...හිතම පිරිලා ගියා වගේ...මම හිතන්නෙ මම ඔය සුවද අදුරනවා...

ඕඩිකොලොන් සුවද

පොඩි එවුන් ලගින් විතරද දැනෙන්න පුලුවන් එහෙම සුවදක්....මොන බොරුද...ඔය මගෙ තුශ්ගෙ සුවද...මට අදුරගන්න බැරිකමක් නෑ...

පොඩි එකෙක් කීවට වරදකුත් නෑ....

දන්නවද....

මම එහෙ යන දාට එයා මාව ඕඩිකොලොන් වලින් නාවනවා....පොඩි එකෙක් වගේමයි...සෙන්ට් සුවදට ආස දාහයක් අතරෙ ඕඩිකොලොන් සුවදට ආස කරපු එකම කෙනා මගෙ තුශ් විතරක්ම උනා...කාට නැතත් මට...දවසක් දා තුශ් මට කීවා....

"කෝ මෙහාට වරෙන්කො රූ.....උබ ලගත් ඕඩිකොලොන් සුවද එන්න ගාමුකො මේකෙන් ටිකක්...."

කියලා....අනේ මට ලෝබ හිතුනා බං...සත්තයි මගෙ පපුව කෑගහලා කීවා....

' කටර් එක වගේ කියවන ඒ කට එක තප්පරේකට වහන්න එක හාදුවක් තවරපන් ඔය රෝස තොල් අගින් කියලා '

හිත කීවත් කෝ අයිතියක්.....උබ දන්නෙ නෑ මගෙ තුශ්....සෙන්ට් සුවද වෙනුවට ඕඩිකොලොන් සුවදට මගෙ හිතත් වහ වැටිලා ගියා.....

තොල් අගින් හාදුවක් තවරපන් කියලා හිත කෑගැහුවත් මම ඒ දොර හරි තදින් අගුලු දාගත්තා....

උබ මගෙ ලගින් දැවටෙන හැම තප්පරේම....

ඉතින් ඔය උබද මගෙ තුශ්.....සුවදේ බැරුවා රත්තරන්....අනේ මම ආසම සුවද උබේ ඔය සුවද වෙනකොට මට උබව අදුරගන්න බැරිකමක් නෑ.....

එයා මගෙ ලග ඇතියි කියන හැගීම හිත අස්සට කඩන් වදින පමාවට මගෙ ඇස් ඇරිලා ගියා.....

"ම්හ්ම්...."

මගෙ ඇගට හරි අමාරුයි....ඒකමයි කෙදිරියක් පිටවුණේ....

හැබැයි ඉන්න,

අනේ....

' උබ ඔහොම ඇයි මගෙ තුශ්....උබට රිදෙනවා ඇතිනෙ බං....'

මේ තරම් ලොකු ඇදක් තියෙද්දි අනේ ඒකා ටයිල් පොලොව උඩ ගුලිවෙලා නිදි....ඒ මූණ සුදුමැලි වෙලා ගිහින්....කදුලු වලටමද මන්ද කම්මුල් පෙගිලා ගිහින්...දකිද්දිත් හිතට දුකයි දෙයියනේ.....ගැහි ගැහිම ටයිල් පොලොව උඩ ගුලිවෙලා නිදන් ඉන්න එයාව දැක්ක මම අඩියට දෙකට එයා ලග....

ඇගේ පතේ වේදනාව කොහෙන් ගියාද නෑ...

එයා ලගට ගිය මම කරේ හරි පරිස්සමට ඒ කෙස් අස්සෙන් මගෙ ඇගිලි අරන් ගිය එක....

එකපාරම දැනුන ස්පර්ශය නිසාද මන්ද හරි අමාරුවෙන් වගේ එයත් ඇස් දෙක ඇරියා....

තප්පර එකයි...දෙකයි....තු.......

"මගෙ දෙයියනේ රූ....අනේ උබ ඇස් ඇරියද...අනේ මම බයවුණානෙ...මම නොසෑහෙන්න බයවුණා...මම..මම හිතුවෙ මට උබව නැතිවුණා කියලා....."

මම දැනුයි දැක්කෙ....මේක hospital එකක්....මේක private hospital එකක්....හරි ලස්සන කාමරයක්....තුශ්ගෙ සිහියෙන් හිටපු මට ඒකවත් ගානක් නොගිය හැටි....පුදුමයි නේද....

හිතන්න එපා....

ආදරේ අන්ධයි කියනවනෙ....මටත් උනේ ඒකම තමයි....

හැබැයි එයා....මම ලගට ගිහින් විනාඩියක් ගියෙ නෑ.....තුශ් කරේ මාව හරි තදේට එයාට තුරුලු කරන් ඉකිගහපු එක..

ඔහොම ඉකිගහන්න එපා දෙයියනේ.....උබ නොදන්නවා උනාට කකියන්නෙ මගෙ පපුව...

"තුශ්....කෝ මෙහෙ බලන්නකො...ඔය ඉතින් මට මුකුත් උනේ නෑනේ....අඩන්න එපානෙ තුශ්...."

මම කරේ මගෙ අත් දෙකෙන්ම එයාගෙ කදුලු පිහද පිහද කියවන්න පටන්ගත්ත එක...

ඔයාලා දන්නවද?....

තමන් පන වගේ ආදරේ කරන කෙනාගෙ ඇහෙන් වැටෙන කදුලක් කියන්නෙම වේදනාවක්.....පපුව ගැලවිලා යන්න තරම් ඒ වේදනාව දරුණුයි...

ඉතින් මට කියලත් වෙනසක් වෙන්න බෑ....එහෙමනෙ...

මමත් කරේ තුශ්ව ආපිට බදාගෙන ඉකිගහන්න පටන්ගත්ත එක....

"ඔයා ඇයි අඩන්නෙ රූ....මම නෙවෙයිද අඩන්න ඕනෙ...ආ රූ මම නෙවෙයිද අඩන්න ඕනෙ...හරිනම් මට අඩන්නවත් අයිතියක් නෑ...මට..මට..."

"ශ්ශ්ශ්...."

මම කරේ ඒ කටට ඇගිල්ලක් තියලා අඩන්න එපා කියපු එක....එයා නම් ඒ දේ කනකටවත් ගත්ත පාටක් නෑ....එයා ගැස්සෙනවා....අඩලා වැඩි කමටද මන්ද එයාව වෙවුලනවා....

අනේ ඇති දෙයියනේ....මගෙ ඔලුව පැලෙන්න වගේ....එදා හීනෙන් දැකපු කදුලු මට අර තරම් රිද්දුවා නම් අද උබ මගෙ ඇස් පනාපිටම අඩද්දි මම කොහොමද බං ඉවසන්නෙ....

මම පොරොන්දු උනා....මම මටම පොරොන්දු උනා....

එහෙව් එකේ ඔය ඇස් වලට කදුලු වද්දගන්න නරකයි තුශ්....හිනාවට දිලිසෙන මූණට කදුලු කියන්නෙම විෂක්....

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

විනාඩි ගානක් යනකන් එයාවත් මමවත් වචනයක්වත් කතාකරේ නෑ...

ඒත් මට තවත් එහෙම ඉන්න බෑ...මට දැනගන්න ඕනෙ....එයා මට ආදරෙයි කියපු ඒ තප්පරේ...ඒක ඇත්තක්ද....

මට තවත් ඉවසන්න බෑ....

ඉතින් මම එයාගෙන් අහන්නද....

මට කියන්න....ඒකෙ වැරැද්දක් නෑ නේද...වැරැද්දක් තිබුණත් මට තවත් ඉවසන්න බෑ....ඇත්තටම මට හයියක් නෑ....

මම විදපු දුක් ඇති නැද්ද දෙයියනේ...

මම හිත හදාගත්තා.....

ඇහුන ඒ වචන හීනයක් නම් මම උබව අතින් විතරක් අත්හරින්නම්....හැබැයි ඇත්තක් නම්....

සත්තයි මගෙ රත්තරන්...

කල්ප ගානකට මදි නොකියන්න ආදරේ කරන්න.....

මොකද,

උබ නොදන්න උබේ තුශ් උබට හරි ආදරෙයි...හුස්ම නවතින තප්පරෙන් එහාටත්....

ඉතින්,

"තුශ්...."

"රූ....."

"මට කියනවද....මට....මට.."

අහන්න හැදුවත් හිත අස්සට කඩන් පැනපු බය මට වචනත් පටලලා...

ඒත් එයා....

"උබ ඔය අහන්න හදන්නෙ මම උබට ආදරෙයි කීවේ ඇත්තටමද කියලනම් ඔව්....මම උබට නොසෑහෙන්න ආදරෙයි....මේ තුශ් රූට පනටත් වඩා ආදරෙයි...."

හිතලුවක් නොවන ඒ වචන ඇත්තටම කන් වලට ඇදෙද්දි මටත් කලින් මගෙ කදුලු ඉස්සර වෙලා තිබුණා.....කලින්ටත් වඩාම....

ඒත් මම ඒ දේවල් පිළිගන්නෙ කොහොමද....සනුලියි එයාගෙ පන කියපු එයාම පනටත් වඩා මම උබට ආදරෙයි රූ කියනවා....මට කියපන්...මට කියපන් තුශ් මම කොහොමද උබේ ඔය වචන විශ්වාස කරන්නෙ...

සතුටක් අස්සද දුකක් එකතු වෙන්න නරකයි...කිසිම හිතකට එහෙම වෙන්න නරකයි....ඒ හැගීම....ඒක ඇත්තටම දරන්න අමාරුයි....

හරියට මට වගේම....

එතනින් එහාට එයා කියපු දේවල්....මම එයාගෙන් අහපු දේවල්....

මට ඉවසන්න බැරිම තැන මම ඇඩුවා....

ඉතින් ඔයාලටයි මම මේ කියන්නෙ....පුලුවන් නම් අහගෙන ඉන්න....

හැබැයි පරිස්සමට....

ඒ වචන දරන්නම බැරි තැන මම එයාගෙන් ප්‍රශ්න කරා...

"මම කොහොමද තුශ් විශ්වාස කරන්නෙ....කොහොමද මම ඔය වචන විශ්වාස කරන්නෙ....."

"උබ මගෙ ඇස් දිහා එක තප්පරයක්වත් කෙලින් බැලුවෙ නෑ රූ....."

අහපු දේට හාත්පසින්ම වෙනස් දෙයක් එයාගෙ කටින් පිට පනිද්දි මට හිතාගන්න බැරිවුණා....

මම කවද්ද ඒ ඇස් දිහා නොබලා හිටියෙ...වරු ගනන් බලන් හිටිය ඒ ඇස් කවද්ද මට මගහැරුනේ....

මට තේරෙන්නෙ නෑනෙ තුශ්....අනේ මට තේරෙන්නෙ නෑනේ...

"මම කවද්ද තුශ් ඔය ඇස් දිහා නොබලා හිටියෙ..."

"හැමදාම බලන් හිටියා...."

"හහ්...."

එයා මාව පටලවනවා....

"ඔයා මගෙ ඇස් දිහා හැමදාම බලන් හිටියා...හැබැයි කවදාවත් උබ මේ ඇස් දිහා කෙලින් බැලුවෙ නෑ....මගෙ ඇස් කියපු කතාව උබ තේරුම්ගත්තෙ නෑ රූ...."

ඒවා මගෙනෙ...ඒ ඇස්...මාව උමතු කරපු උන්මන්තක ඇස්....

ඇත්ත...මම ඒ ඇස් දිහා බලපු කවදාකවත් කෙලින් බලලා නෑ....

මතකද මම කීවා.....මම වරු ගනන් ඒ ඇස් දිහා බලන් හිටියා කියලා....දන්නවද...ඒ හැමදාකම මම ඒ ඇස් දිහා බැලුවෙ පැත්තෙන්...

ඉතින් එයා කීවා හරි....

උමතු කරත් ඔය ඇස් මේ මාව කවදාකවත් මම කෙලින් බැලුවෙ නෑ....

උමතුවක් කීව ඒ උමතු ඇස් දිහා....

මම බැලුවා....මේ දැන්....මම ඒ ඇස් දිහා කෙලින් බැලුවා....දෙයියනේ...

ඒක..ඒක වෙන්න පුලුවන්ද...

ඒ ඇස්වල ආදරේ උතුරනවා...අනේ ඒකගෙ ඇස්වල ආදරේ උතුරනවා....කදුලු අස්සෙනුත් දිලිසෙන ඒ ඇස්වල දෝරෙ යන තරම් ආදරයක්....

ඉතින් දන්නවද?...

ඇස්වලට බෑලු ආදරේ හංගන්න

ඇත්ත,

මට මගහැරුනෙම එතන....

විදපු දුක් ඉහටත් උස වෙද්දි ජීවිතේ පලවෙනි වතාවට හද මගෙ පපුවත් හිනාවුණා...

ඒ තප්පරෙන් ආයෙම හිත කඩන් වැටුණෙ සනුලිව මතක්වෙලා වෙද්දි මම ඒ අත් කිටි කිටියෙ මට තදකරගත්තා...

මට බෑ....මට උබව ඒකිට දෙන්න බෑනෙ...අනේ තුශ්....

බයකට නොවුනත් අද මගෙ හිත ඊරිසියාව කියන වචනෙට නොපෑහෙන ගැහෙන්න අරන් තිබුණා.....

එයාට ඒ වෙනස තේරිලා....මගෙ තුශ්ට ඒ වෙනස තේරිලා...

"ඇයි මේ....මම ආදරෙයි කියපු නිසාද..."

"ස..සනුලි....."

මම වචන අමුනලා සනුලි කියද්දි මම දැක්කා ඒ අත් මිටි මෙලවෙනවා....

හැබැයි එයා....

"මුලින්ම මට සමාවෙයන්....."

"තු......"

"අද මම කතා කරන්නම්.....උබ උබේ හිතේ තියන දේ මට කීවා....දැන් මම කියන්නම්...අහගෙන ඉන්නවද...."

මම කරේ ඔව් කියන්න ඔලුව වනපු එක විතරයි....

එතනින් එහාට එයා කීව දේවල්.....මට කියන්න තේරෙන්නෙ නෑ....ඒ නිසා අහගෙන ඉන්න...

"උබ දන්නවද රූ.....මම ඕලෙවල් වලින් උබේ ඉස්කෝලෙට ආවේ පුදුම සතුටකින්...අලුත් ඉස්කෝලයක්....අලුත් යාලුවො...මම ආස කරේම ඒ දේවල්වලට....පලවෙනි දවසෙ අහම්බෙන් උනත් ඉදගන්න ලැබුණෙ මහ පුදුම ආඩම්බරකාරයෙක් ලග....නිකමට බැලුවෙ නෑ මගෙ දිහා...මට පුරුදු නෑ රූ.....හැමදාම කටර් එක වගේ කියවන මට කතා නොකර ඉදලා පුරුදු නෑ....අනේ ඉතින් මොකට ලැජ්ජා වෙනවද කියලා ආඩම්බරකාර උබත් එක්ක කතාවට පැටලුනේ ඒකමයි....එදයින් පස්සෙ උබ මගෙ හොදම යාළුවා උනා....හැබැයි ඒ හරි පුංචි කාලෙකට විතරයි මගෙ රූ....හරි පුංචි කාලෙකට විතරයි....අනේහ් රූ....."

"තුශ්....."

"මට කියන්න දෙන්න රූ....."

අඩන එයාව මට වාරු කරගත්තෙ හරි තදේට...

"ගවිදු උබ පස්සෙන් එන්න පටන්ගත්ත දා ඉදන් මට කේන්ති ගියා....මට ඉරිසියා හිතුනා...කොටින්ම කීවොත් මට ඌව මරන්න තරම් කේන්තියක් දැනුනා....එදයි මම තේරුම්ගත්තෙ....එදයි රූ මම තේරුම්ගත්තෙ මට උබව ඕනෙ යාලුවෙක් විදිහට නෙවෙයි කියලා....උබ දන්නවද ඒ වෙනකොටත් මම උබට ආදරේ කරන්න පටන් අරන් තිබුණා...."

"එහෙම වෙලත් මාව දැනුනෙ නැද්ද තුශ්...මම මොන තරම් උබට මාව දැනෙන්න දුන්නද..."

"ඇත්ත....මගෙත් වැරැද්ද....මම උබට ආදරෙයි කියලා දැනගත්ත දා ඉදන් මම කරේ උබව මග ඇරපු එක....ඉතින් මම කොහොම නම් උබව තේරුම්ගන්නද රූ....මතකද මම කීවා හිත කියන දේ අහලා මට තියන එකම සැනසීමත් නැති කරගන්න මට බෑ කියලා....ඒ උබ රූ...ඒ උබ....මට තිබුණ එකම සැනසීම උබ වෙද්දි ආදරේ ඉස්සරහට දාලා යාලුකමත් නැති කරගන්න මම නොසෑහෙන්න බයවුණා....මට කරකියා ගන්න දෙයක් නැති උනා....ගවිදු..ඌ සැරෙන් සැරේට උබව අතපත ගානවා...ඒ දැක දැක ඉවසපු තරම් දන්නෙ මමයි මගේ හිතයි විතරයි....මට ඕන කරේ උබව මගෙන් ඈත් කරන්න...මොකද මම දැනන් හිටියා උබ මගෙ ඇස් මානෙට එන හැමදාම මම හිතින් කඩන් වැටෙනවා කියලා....උබ ලග මොන තරම් නම් මම ඉවසුවාද රූ....සමහරදාට උබව පෙරලගෙන ඉබින්න තරම් මගෙ හිත පිට යනවා....මම කලින් කාටවත් ආදරේ කරලා නෑ...ඒත් මට හැගීම් පාලනය කරගන්නත් බෑ...විශේෂෙන් උබ ලග....උබට මගෙන් කරදරයක් වෙයි කියන බයට මම හැදුවෙ උබව මගෙන් ඈත් කරන්න....උබ ආදරෙයි කියලා නොදැනෙම.....සනුලි....ඒකි මගෙ කලින් ඉස්කෝලෙ හොදම යාළුවා....රිද්දුවට සමාවෙයන් රූ...උබව මගෙන් ඈත් කරන්න මට වෙන දෙයක් කල්පනා උනේ නෑ....ඒකයි...ඒකයි මම ඒ වගේ බොරුවක් කරේ....ගවිදු එක්ක උබව දැක්ක තප්පරේ මාව අන්තෙටම කඩන් වැටුණා.....හිතට ආව කේන්තියට....උබව ඈත් කරන්න තිබ්බ උවමනාවට....අනේ මම උබට නොසෑහෙන්න රිද්දලා රූ....මම උබට නොසෑහෙන්න රිද්දලා....මට..මට සමාවෙයන් රූ....උබේ තුශ්ට සමාවෙ....."

"ශ්ශ්ශ්.....ආයෙ මොකටද සමාවක්....උබ මගෙ පනනෙ බං....වරෙන්කො මගෙ ලගට...."

"උබට මා එක්ක කේන්ති නැද්ද රූ....ඒකි මගෙ යාලුවා උනත් ඒ 4to එක....ඒක වැරදියි....මට...මට...."

"දැන් උන දේ උනා....උබත් වැරදියි උබව තේරුම් නොගත්ත මමත් වැරදියි....දැන් හොද එකා වගේ වරෙන්කො මගෙ ලගට...."

ආයෙ මොකටද සමාවක්.....ආදරෙයි කියලා පිලිගත්ත එකම මදිද....විදපු වේදනා නිවෙන්නම උබේ රූ අද සතුටින් වෙනකොට තවත් මොකට අඩනවද....

මම කරේ එයාව හරි පරිස්සමට මගෙ ලගට ඇදලා අරන් පපුවට තුරුලු කරගත්ත එක....

"සැනසීමයි රූ....."

"හැමදාම මගෙ පපුව අස්සට ඔහොම ගුලිවෙයන්කො තුශ්....."

"මම ආසයි...."

"මමත්...."

"දන්නවද රූ...."

"මොකක්ද...."

පපුව අස්සට වෙලාම එයා කියවනවා...මටත් කලින් විදපු දුක් අමතක වෙලාම ගිහින්...

"මම උබට ගොඩක් ආදරෙයි...."

"දැන්නම් ඕනවටත් වඩා ඔය ඇස් මට ඒක කියනවා....."

"ඉතින් කමක් නැද්ද...."

"මොකක්ද...."

"සදහටම උබ ලගින් නතර උනාට...."

"මොනවා අහනවද.....දැකපු දා ඉදන් මම උබට පන ඇරලා....මගෙ පපුවට කන් තියපන්කො තුශ්.."

අනේ මේකා ඇත්තටම මගෙ පපුවට කන තියාගෙන....පපුවත් පිරිලා ගියා....

"ඇහෙනවද මගෙ වස්තුවට...."

"ඕනවටත් වඩා....."

"එහෙනම් පරිස්සමට අහගන්න..."

"මොකක්ද...."

"දැකපු දා ඉදන් මාව පිස්සු වට්ටපු මේ උන්මන්තක ඇස්වලට උබේ මේ රූ පනටත් වඩා ආදරෙයි....සදහටම....මගෙ පපුව මගෙ වස්තුව වෙනුවෙන්මයි...."

"අනේහ්....අනේහ් මම ආදරෙයි රූ...."

හරි පුදුමයි නේද....

හදටත් අයිති නැති තරුවක් ඉර ලගින් පායපු ලස්සනක් කීවලු....

අදින් පටන්ගන්න මේ තප්පලවල ආදරේ විතරක්ම ලියවේවි.....පොරොන්දු වෙනවා...

ඒ උබේ නමින්ම විතරක් වග....

ආදරේට ආදරේ කරන මිනිස්සු හම්බුනාම ජීවිතේ හරි ලස්සනයි....

මතක තියාගන්න....

තමන්ව වැඩිපුරම මගහරින ඇස්...

ඒ තමයි...

ආදරේ මහ ගොඩක් පුරවගත්ත මායාකාරී ඇස්....

හරියට රූට විතරක් අයිති තුශ්ගෙ උන්මන්තක ඇස් වගේ....

ඉතින් කියන්නද රහසක්,

මගහැරගන්න එපා පසුතැවෙන්න වෙයි...

(ඔයාලා හැමෝටම හරි ලස්සන හිත් මුනගැහෙන්න ඕනෙ...)

❤

____________________________

ගවිදුට පරිප්පු නැති හොටෙල් එකකින් කෑමක් සෙට් කරමු නේද😂😁

මම යනෝ...බායි බායි....පරිස්සමින් ඉන්න ආදරෙයි 😚❤❤❤

Good night 😴🌙⭐

@Diyana_45 🖊mention a user

Share This Chapter