Back
/ 25
Chapter 16

15 වන පරිච්ඡේදය

උමතු ඇස්💓👁 (COMPLETED)✅

"රූ....."

"ම්හ්ම්...."

"නිදිද...."

"ම්හ්ම්...."

"ඉස්කෝලෙ එනවා නේද..."

"ඔව්...."

"එහෙනම් නැගිටින්න...."

"තව චුට්ටයි...."

"කෝ එහෙනම් වීඩියෝ ඔන් කරන්න...."

"අනේ...."

එයා ඔහොමමයි....මම දවස් දෙකක් හොස්පිට්ල් හිටියා....හිතට සහනයක් ලැබුණත් මගෙ ඇග ගොඩක් දුර්වල වෙලා ගිහින් තිබුණා....තුශ්ගෙත් මුරණ්ඩුකම...මම මොන තරම් කීවද ගෙදර යමුයි කියලා...ඒ හැමවෙලේම තුශ් කීවේ එක දෙයයි...

"උබව දැන් අයිති මට රූ...ඒ නිසා කියන දේ අහපන්...."

ඔව් ඔය තුශ් තමයි...මම ගෙදර යන්න ඕනෙ කියලා මොන තරම් කරදර කරා උනත් එයා කීවේම ඔය වචන ටික විතරක් වෙද්දි මමත් නිකන්ම එයාට අවනත උනා...

සමහරවිට ආදරේ වැඩි කමට වෙන්න ඇති...

ඒ නැතුව මම කවද්ද කාටවත් අවනත උනේ...

එහෙමනෙ...

හ්ම්.....මේ දවස් දෙකට මට තේරුනේම එක දෙයයි...

ඒ මම තමයි මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම ආදරවන්තයා කියන එක...

' හොස්පිට්ල් හිටිය දවස් දෙකට තුශ් එක තප්පරේකටවත් මගෙන් ඈතට ගියෙ නෑ...එයාගෙ අම්මයි තාත්තයිත් නිතරම මාව බලලා යන්න ආවා....ඒ දෙන්නා මට හරි ආදරෙයි....ඔයාලා දන්නෙ නෑනෙ තුශ්ගෙ නංගි...අනේ පොඩි එකී හැමවෙලේම මගෙ ඔලුව අතගානවා....අයියට ඉක්මනට හොද වෙයි කියනවා....ඇත්තටම මට ඉහිලුම් නෑ ඔය වගේ වචන...හ්ම්.....

තුශ්ගෙන් මට අහන්න හිතුනා...

කොහෙද වස්තු මේ තරම් කල් ඔය ආදරේ හැංගුවේ කියලා....නිමක් නෑ ඒ ආදරේ...

දවස් දෙකකට උනත් කල්ප ගානකට හරියන්න එයා මට ආදරේ දුන්නා...

ඇදෙන් බිමට එක අඩියක් තියන්න දුන්නෙ නෑ...

"කෝ මෙහෙ වරෙන් රූ.මට උබව බරක් නෙවෙයි..."

කියලා පොඩි එකෙක් ගානට මාව වඩාගන්නවා....wash room එකට යන හැම පාරම එයා කරේ මාව වඩාගෙන ගිය එක...ඒ තරම් අමාරුවක් නොතිබුණත් තුශ් කරේම ඔය වගේ වැඩ...

මටත් කමක් නෑ....

මොකද මම ආසයි....

ඒ එක රැයක්වත් මට නින්දක් තිබුණෙ නෑ...ගෙදරින් පිට නිසා වෙන්න ඇති...ඒත් මම ඇස් පියන් ඉන්න අමතක කරෙත් නෑ...

මොකද තුශ්,

මම නිදි නෑ කියලා දකින විනාඩියත් ඇති ඒ ඇස් පසුතැවෙන්න...

"නින්ද යන්නෙ නැද්ද...."

"නෑනෙ...."

"උබ ඔහොම ඉද්දි මම කොහොමද රූ හිත හදන් නිදාගන්නෙ..."

ඒකයි...ඒකමයි මම බොරුවට උනත් නිදි වගේ හැසිරුණේ....නැත්තන් ඒ ඇස් නොසෑහෙන්න මහන්සි වෙනවා....

මට බෑ....

වරු ගනන් මම මත්තෙම නැහෙන ඒ ඇස් තවත් මහන්සි කරවන්න....

ඇත්තටම මට ඒක කරන්න බෑ....

දවස් දෙකකට උනත් ඒ ඇස් නොසෑහෙන්න කදුලු හැලුවා....

"මම උබට දුන්න වේදනාවට මට සමාවෙයන් රූ...මම...මම පොරොන්දු වෙනවා...මම උබට පොරොන්දු වෙනවා රූ....මින් මත්තට ඔය හිත පිරෙන්නම ආදරේ කරන්නම්...."

ඒ වචන පිට පනින හැම තප්පරේම ඒ ඇස් නොසෑහෙන්න කදුලු හැලුවා....

මම මොන තරම් නම් අඩන්න එපා කීවද...මම මොන තරම් නම් ඔය හිතට දොස් කියන එක නවත්තපන් කීවද...

ඒත් එයා ඇහුවෙ නෑ....මගෙ පපුව අස්සට ගුලිවෙලා පුංචි එකෙක් වගේ ඉකිගැහුවා....

"ඇයි සද්දයක් නැත්තෙ...."

"කල්පනා කරා...."

මට අමතක උනා....එයා ගැන හිතන්න ගිහින් මට එයාවම අමතක වෙලා ගිහින් තිබුණා....මේ තරම් වෙලා මම කැම් එක ඔන් කරනකන් බලන් හිටපු එයාව මට අමතක උනා....

හැබැයි මම ඇත්තම කීවා....

මම කල්පනා කරා....

එයා ගැන..

ඒ උනාට තවත් කල්පනා කරොත් මට මෙතන විසුමක් වෙන්නෙ නෑ....

ඔන්න ආයෙම කන් කෙදිරි ගානවා.....හිමීට මුමුණන ඔය කටහඬ අහන්න මම හරි ලෝබයි....

හිතම පිරෙනවා....

"මම ගැනද...."

"උබ ඇර මට වෙන කවුද තුශ් ඉන්නෙ...."

"මම හිටියම ඇති....."

ඔන්න කේන්ති ගිහින්....කැම් එක ඔන් කරන්න කීවද කියලවත් මතක නැති ගානයි...

"මොකද කේන්ති ගිහින්...."

"මම හයයි කාලට ගෙදරින් එනවා...."

"ඉතින්...."

"ඔයා හය හමාරට එන්න...."

"ඇයි...."

කවදාවත් නැතුව මාව පරක්කු කරන්න හදන්නෙ ඇයිද දන්නෙ නෑ....

"අරූ ලගට උබව යවන්න මට බෑ..."

"ඒකද මේ...."

"මතක තියාගනින් රූ....මේ තුශ් එදා ඉවසුවට අදින් පස්සෙ කවදාවත් ඉවසන එකක් නෑ....උබ මගේ නම් මගෙ විතරයි,වෙන එකෙකුගෙ බැල්මක්වත් එපා...."

"හරි නපුරුයි....."

"මට කේන්ති රූ....ඌ එදත් ලැබ් එකේදි උබව අතපත ගෑවා...මට ඌව මරන්න තරම් කේන්ති...."

"ආයෙ එහෙම වෙන එකක් නෑ..."

"වෙන්න දෙන්නෙත් නෑ...."

"මම තියන්නම් රූ....කියපු වෙලාවට මිසක් ගෙදරින් එක අඩියක් එලියට තියන්නෙ නෑ..."

තිබ්බා....හරි ආවේගෙන් කියවන් ගියපු එයා කෝල් එක කට් කරේ මගෙ කට කොනේ හරි හීනියට හිනාවක් මතුවෙද්දි...

එයා හරි ඊරිසියයි....

ඔය නෝක්කාඩු කීවේ ගවිදුට....දැන් දන්නවද පහුගිය කාලේ පුරාවටම එයා ගවිදු එක්ක කේන්ති ගත්ත හේතුව....

එදා නොතේරුන අද ඕනවටත් වඩා තේරෙන ඒ හැගීම....

ඒ තමයි මගෙ තුශ්ගෙ ආදරේ....

' මගෙ ඊරිසියාකාරයා.....ඇස් අස්සෙන් ආදරේ උතුරද්දි හරි හීනියට ඊරිසියාවක් ඇදිලා මැකිලා ගියා....මායාකාරී ඒ උන්මන්තක ඇස් හරි පරිස්සමට මාව විද දරාගත්තා....මම වෙනුවෙන්ම....පරක්කු උනත් ලගට ගන්න...දැන් තමයි මට තේරෙන්නෙ..

පමාවී එන වසන්තය හරි ලස්සනයි...හරියට මගෙ තුශ් වගේම....

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

"පරිස්සමින් ගිහින් එන්න බේබි...."

"හරි මාමා...."

"අද හරි ලස්සනයි..."

"ඇයි...."

"බේබි සතුටින් නිසයි කීවේ...."

"හිතන්න එපා...."

මම කරේ පාල මාමා දිහාවට හරි ලස්සන හිනාවක් පාකරලා යවපු එක....

නොකීවට මම දන්නවා...

මගෙ සතුට ඔය හිතට මහමෙරක් තරම්...

හිනාවට හේතුවක් ගෙනාවෙම මගෙ වස්තුව වෙනකොට මම කරේ අඩියට දෙකට ගේට් එක ලගට ගිය එක...

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

ගේට් එක ලගට යනකොටම මම දැක්කෙ එයාව...මගෙ තුශ්....

අද හරි ලස්සනයි....ඒක මොකක්දෝ මහ අමුතු ලස්සනක්....

හරියට එදා හීනෙන් දැක්කා වගේමයි....uniform එක සුදු නිසාද...ඒත් නැත්තන් ආදරෙයි කීවට පස්සෙ මෙහෙම දකින පලවෙනි වතාව නිසාද...

මම දන්නෙ නෑ...මට තේරෙන්නෙත් නෑ...

හැබැයි එයා....

ඇත්තටම අද දේව දූතයෙක් වගේ...

මගෙ ඇස් එක තප්පරයක්වත් එයාගෙන් පිට ගියෙ නෑ....මායාවක් වගේ...

' කොහොමද මාව ඔය තරමට වශී කරගත්තෙ...මායාකාරයෙක්ද....ආදරෙයි කියනවටත් වඩා මම උබට පන ඇරලා කීවොත් දැනේවි ඔය හිතට මේ හිතේ ගැස්මත් උබේ නමට වග....අනේ ඔහොම බලන්න එපා බං...සත්තයි මට වාවන්නෙ නෑ..

දන්නවද...

මගෙන් හැංගුන ඒ ඇස්...ඒවා අද මම ලගින්ම නතරවෙලා....ඒකයි මම කියන්නෙ...

බලන්න එපා ඔහොම මගෙ දිහා....පපුව ගැහෙනවා හරි සද්දෙට...

ඇහෙන්න දෙන්න පුලුවන් උනාට දැනෙන්න දෙන්නෙ කොහොමද මම....

මොකද මේක ඉස්කෝලෙ මගෙ ඒ තුශ්....

උබ මා එක්ක තනිවෙන තප්පරවල බලපන් ඇති තරම් මගෙ දිහා...

එතකොට ඇහැකිනෙ මටත්....ඉවසන්නම බැරිවෙන තැන හරි පරිස්සමට හාදුවක් තවරන්න....ඔය රෝස තොල් අගින්ම...'

"පින්න මලක් වගේ..."

ඒ එයා...මගෙ තුශ්....එයාව සුර දූතයෙක් වගේ දැක්ක මගෙ දිහා බලන්ම එයා වචන අමුණනනවා....

'පින්න මල'

මට තේරුනේ නෑනේ...

"හහ්...."

නොතේරුන නිසයි මම ප්‍රශ්න කරේ...

හැබැයි එයා...

"මගෙ රූ අද පින්න මලක් වගේ..."

අනේ....ආදරේ උතුරන ඇස්වලින් මාවද ඔය වර්ණනා කරන්නෙ...

ලෝබයි රත්තරන්....

පෙරුම් පුරපු ආදරේ ඔහොම දැනෙන්න දෙද්දි...අනේ ඇත්තටම මට ලෝබයි රත්තරන්...ඉස්කෝලෙ නොවෙන්න මම උබව වාරු කරන්....

වෙන කොහෙටද මගෙ පපුවට මිසක්....

එතනින් එහාට වචන බරගානක්.....

"මොකද ඔය...."

"මට ලෝබයි තුශ්...."

"අර බලන්න අහස...."

"ඇයි....."

"පේනවද ලා එලියක්...."

"කොහෙද...."

එයා කරේ ඈත අහසට අත දික්කරලා මොනවදෝ දෙයක් මට පෙන්නපු එක.....

මොකක්ද ඒ.....

"ඔහෙ නෙවෙයි රූ...මගෙ අත කෙලින් බලන්න...අන්න අතන...අර පේනවද..."

"තු....තුශ්....ඒක...."

"ඒක තරුවක් රූ...."

දෙයියනේ ඔව්මයි....තාමත් හීනියට දිස්නෙ ගහන හරි ලස්සන පුංච් තරුවක්....ඒක කොහෙන්ද එතනට....ඒකත් මේ ඉර එලිය වැටෙන්න දගලන වෙලාවක...

පුදුමයි....

ඒත් තුශ්.....එයා ඇයි මට ඒක පෙන්නුවේ...

"ඇයි මට ඒක පෙන්නන්න හිතුවෙ...."

"මම දැකලා තියනවා...."

"මොනවද...."

"දවල්ට....රෑට....වෙනසක් නෑ උබ හූල්ලනවා..."

"හහ්....."

මොනවා කියනවද මන්ද....මට තේරෙන්නෙ නෑ...මෙයා මාව අතරමන් කරනවා....

"අහස දිහා බලන් හූල්ලන තප්පර මම දැක්කෙ නෑ කියලා හිතුවද....උබේ ඇස් අහසට යන හැමදාකම මගෙ ඇස් නැවතුනේ උබ ලග රූ....පුදුමයි නේද...ඈත් කරන්න බලන් උබට රිද්දපු මමම එහෙම කරා කීවම....ඒත් මම එහෙම කරා රූ...."

එයා...එයා ඒක දැකලද....රෑට අහස පුරාවට තරු හොයන මගෙ ඇස්....දවල් දවසට දුක් උනේම තරු එලි මැකිලා යන නිසා වෙද්දි ඉබේම උනත් මට හීල්ලුනා....සමහරදාට රෑ අහසෙත් තරු නෑ....ඉතින් හූල්ලනවා ඇරෙන්න මොනවා කරන්නද....අයිති නෑයි හිතපු උබත් මට තරුවක්ම උන කොට මම හූල්ලන්නෙ නැතුව වෙන මොනවා කරන්නද...

ඒත් එයා ඒක දැකලද...

පපුවට සැනසීමක් එක්ක දුකකුත් රිංග ගත්තෙ හරි හෙමීට....හැබැයි මම වචනයක්වත් කීවේ නෑ....එයා කියන දේ අහගෙන හිටියා මිසක්...

"මහ රෑට අහසෙ පායන තරු උබේ ඔය ඇස් හරි ලස්සනට පාට කරා....දන්නවද රූ...තරු නැති රෑට උබේ මූණ මැලවිලා යනවා....දවල්ට තරු නැති නිසාද රූ ඒ තප්පරවලත් උබේ ඔය ඇස් බරවෙලා ගියෙ....නොකීවට උබ හෙව්වෙ මාව කියන්න මට තේරෙන්නෙ දැන්....උබ බයවුනාද...."

"ඇයි...."

"රෑට හද කිට්ටුව පායන තරු දවල්ට ඉර ලගින් නොපායන එකට.....උබ බයවුනාද මගෙ රූ....උබ බයවුනාද...."

"අ...අනේහ් තුශ්....උබ මගෙ හිත කියෙව්වද..."

මගෙ හිත කියෙව්වා වගේ හැගීම් වචන කරපු එයා හරි ලස්සට මාත් එක්ක හිනාවුණා....

කොහොමද....කොහොමද එයා එහෙම දෙයක් කීවේ...

ආදරේ ඒ තරම් බලගතුද මගෙ තුශ්....උබ නම් මායාකාරයෙක්.....

මගෙ හිත කියවපු හරි අපූරු මායාකාරයෙක්....

එයාගෙ ඇස් තාමත් අහස පුරාවට දුවනවා...හරියට අර බලපන් රූ කියන්න වගේ...

"ආදරේ කරන්නෙ හදවතින් නම් මට උබව නොතේරෙන්න බෑනෙ මගෙ රූ...එදා නොතේරුනත් දැන් මට තේරෙනවා....."

"මොනවද...."

"උබේ හිත..."

"හහ්...."

"මුකුත් නෑ....හැබැයි මතක තියාගන්න දවල් අහසෙත් තරු පායනවා....මුලු ලෝකෙන්ම වසන් වෙලා....හරියට මගෙ පින්න මල ලග මම හැංගෙනවා වගේ...."

"ආදරේ හිතෙනවා තුශ්...."

"මටත්....."

කොහොමද ඔය හැටි  වචන ගැලපෙන්නෙ...

ඒකත් මම වෙනුවෙන්ම...

අනේ මම ආදරෙයි....

පනටත් වඩාම....

විදපු දුක් නිවෙන්නම හිත සනසාවී....

මහ මෙරක් තරම් ආදරය කරාවී...

ඉතින් රූ...

කියන්නද මම දෙයක්...

උබ හරි වාසනාවන්තයි❤....

කාටත් වඩාම...

___________________________________

මම යනෝ බායි බායි...පරිස්සමින් ඉන්න ආදරෙයි 😚❤❤❤

අනිත් කතා දෙක හෙට දෙනෝ හරිද😁

Good night 😴🌙⭐

@Diyana_45 🖊mention a user

Share This Chapter