Back
/ 25
Chapter 17

16 වන පරිච්ඡේදය 👁

උමතු ඇස්💓👁 (COMPLETED)✅

"ඇයි තවත් හොරෙන් බලන්නෙ...."

"නැ...නැහැ...."

"නැත්තෙ කොහෙද ඔයා බැලුවෙ හොරාට තමයි...."

"පුරුද්දට බැලුනා ඉතින්...."

"ඉස්සරත් මගෙ දිහා ඔහොම බලන් ඉන්නවද රූ...."

"ඕනෙ තරම් වෙලා....ඔය ඇස් ඔහොම පියවුණ හැමදාකම මම බලන් හිටියා....උබට නොදැනෙන්නම...."

"රිදෙනවා රූ...."

"ඇයි...."

"සමහරදාට මමත් දැක්කා..."

"මොනවද...."

"උබේ ඇස් හොරාට මගෙ ලගින් එහෙ මෙහෙ යනවා...."

"වෙන්න පුලුවන්...."

"හහ්...."

"කාලයක් මම නොසෑහෙන්න දැනෙන්න දුන්නා...මගෙ හිත ඔය හිතට...."

"දැනුනෙ නෑ නෙවෙයි රූ....මම උත්සාහ කරේ නෑ...හැම තප්පරේම අහක බලපු මට කොහොම නම් දැනෙන්නද...."

"ඕවා පරණ කතා....දැන් තුශ් මේ රූගෙනෙ..."

"සදහටම...."

"පොරොන්දු වෙනවද...."

"නැහැ...."

"ඇ...ඇයි...."

"පොරොන්දු කැඩෙනවා රූ....එහෙව් වචන ලග උබවත් මමවත් හිරවෙන්න නරකයි...මට පුලුවන් පොරොන්දුවෙනුත් එහා ගිහින් උබට ආදරේ කරන්න...උබව බලාගන්න...ආදරේ කරද්දි පොරොන්දු කියන වචනෙට සීමාවෙන්න නරකයි....රූ දන්නවද දෙයක්...."

"මොනවද...."

"උබ මට මැණිකක්...මෙච්චරයි කියලා මිල කරන්න බැරි තරම් වටින මැණික....පොරොන්දු කියන අකුරු හතර වෙනුවට විශ්වාසය කියන අකුරු පහ හිතට ගනින් මගෙ රූ....දැන් දැනෙනවද...මගෙ රූට දැන් දැනෙනවද...මේ තුශ් සදහටම මගෙ රූගෙ කියලා...."

"දැනෙනවා....ඕනවටත් වඩා දැනෙනවා..."

එයා හරි පුදුමාකාර මනුස්සයෙක්...මම 'පොරොන්දු' කියන වචනෙ ලග හැමදාකම නතර වෙද්දි මගෙ තුශ් ඒ වචනෙ වචනයක් විතරක්ම කරා....

ඇත්ත...

පොරොන්දු කැඩෙනවා....

මොකද මමත් පොරොන්දුවක් කැඩුවා.....

මතකද මම පොරොන්දු උනා...

තුශ්ගෙ ඇස් කදුලක් නොවැටෙන තැනටම පරිස්සම් කරනවා කියලා....ඒත් මට බැරිවුණා....ඒ ඇස් මේ දවස් දෙකට උහුලන්න බැරි තරම් කදුලු හලද්දි මම පොරොන්දු පිට පොරොන්දු උන හැමදෙයක්ම කැඩිලා බිදිලා ගියා...

ඉතින් එයා හරි....

මගෙ අත ඒ පපුව උඩින් නතර කරන්...පොරොන්දු කියන අකුරු හතර වෙනුවට විශ්වාසය කියන අකුරු පහ හිතට ගනින් මගෙ රූ කියලා....

"දැන් දැනෙනවද....මගෙ රූට දැන් දැනෙනවද...මේ තුශ් සදහටම මගෙ රූගෙ කියලා..."

අහද්දි සත්තයි මගෙ පපුවත් පිරිලා ගියා...එයාගෙ පපුව ගැහෙන තාලෙත් මට සැනසුමක් ගේද්දි ඊයෙට වඩා ආදරයක් හරි හිමීට මගෙ හිත අස්සට රිංගගත්තා....

' දවසින් දවස මාව වශීකරගන්න කොහෙන්ද ඔය තරම් මායම් ගොඩක්...හිනාවෙන ඔය ලස්සන මූණට ආදරේ කියන්නෙම බෙහෙතක්...හරි ලස්සනයි...

මගෙ තුශ්...

ඇත්තටම හරි ලස්සනයි....මම වෙනුවෙන් ලියවුණ ඒ ආදරේ...මාව උමතු කරවන ඒ උන්මන්තක ඇස්....

මට අහන්න හිතුනා...

උබට බැරි උනාද මීට කලින් මාව හොයාගන්න කියලා...

ඒත් එපා....

පහුවෙලා උනත් දෙන ආදරේ මහ මෙරක් තරම් උස වෙද්දි කෝ මට එහෙම අහන්න අයිතියක්...

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

පීරියඩ් හතරක් ගෙවිලා ගිය ඉක්මනක් කීවලු...වෙන කවදටත් වැඩිය අද වෙලාවත් ඉක්මන් උනා....තුශ් මගෙ ලග නිසාද මන්ද මට වෙලාව ගානක් ගියෙත් නෑ....

ආදරෙන් හිත පිරුණාම වෙන මොනවා තිබුණත් වැඩක් නෑ....

කාට නැතත් මට එහෙමයි....

අද එයත් කෑම ගෙනත් නෑ....ඉතින් එයා කරේ මාවත් ඇදන් කැන්ටින් එකට ආව එක...

"මොනවද ඕනෙ...."

"ඔයා ගන්න දෙයක් මටත් ගන්න..."

"ඉන්න...."

"තුශ්....."

"කියන්න...."

"මේ සල්ලි...."

"මගෙ යකා අවුස්සන්න එපා රූ....මම එනකන් ගිහින් එලියෙන් ඉන්නවා..."

"අනේ....මමත් මෙතන ඉන්නම්කො...."

"නැහැ ඕනෙ නෑ...."

"ඇයි...."

"හැම එකාම ඇගේ වද්දගන්නද ඕනෙ....කීවම අහලා යන්න රූ...."

"මහ නපුරෙක්...."

"මගෙ දේවල්වලට...."

ඇත්තටම එයා හරි නපුරුයි....කලින් හිටපු තුශ් දැන් හොයාගන්නවත් නෑ....මගෙ ලගින් මැස්සෙක් ගියත් ඊරිසියයි....

හැබැයි මම ආසයි....

"මගෙ දේවල්වලට...."

ඔය වචනෙ මොන තරම් නම් බරද....ලැබෙයිද නොලැබෙයිද නොදැන හූල්ලපු මම අද වචනෙකටත් ලෝබකම් කරන්න අරන්...

දන්නවද....

ඔය වචන ඇතුලෙ තිබුණෙම ආදරේ....

' කවුරුහරි ඇහුවොත්....කොහොමද දැනෙන්නෙ ඔය ආදරේ කියලා....ඇත්තටම මට කියන්න වචන නෑ.....කොහොමද හැගීමක් වචනවලින් විස්තර කරන්නෙ....හිතුනද පොඩි දෙයක්....

කාලයක් මම හැගීම් වචන කරා....එහෙමනෙ..

ඔයාලට මතක නම් ඒ හැමදාකම මම කරේ උහුලන්න බැරි තරම් දුක් කන්දක් වචන කරපු එක....ඒ ඇතුලෙ තිබුණ නොලැබුණ ආදරයක් වචන කරපු එක..

ඒත් දැන්....

මේ දැනෙන්න විද ගන්න බැරි තරම් ලෝබ හිතෙන හැගීමක්....

ඔව් ඒ ආදරේ...හැබැයි මතක තියාගන්න,ඒ මගෙ තුශ්ගෙ ආදරය....

එහෙව් ලස්සන හැගීමක් වචනෙන් විස්තර කරන්න....

අනේ ඇත්තටම මට ඒක කරන්න බෑ....

සමහරු කියනවා,

ලෝකෙ ලස්සනම හැගීම තමන් හිත පුරවලා ආදරේ කරන කෙනා තමන්ටත් ඒ වගේම ආදරේ කරන එකලු.....

නැහැ ඒක වැරදියි....

ඇයි මම එහෙම කීවේ බැලුවද....

මොකද මට කවදාවත් බැරි වේවි....

මගෙ තුශ් තරම් ආදරේ කරන්න....

මගෙ පුංචිම දේකට උනත් මහ මෙරක් තරම් ආදරේ කරන්න තුශ් පුරුදු වෙලා හිටියා....

දවස් තුනකට එහෙම වෙන්න පුලුවන්ද?...

ඇයි බැරි....මගෙ තුශ් ඒක හරි ලස්සනට කරලා පෙන්නුවා....

.

.

.

.

.

එදා හොස්පිට්ල් එකේදි එයා මගෙන් මගෙ phone එක ඉල්ලුවා....අනේ නෑ....සැකේකට නෙවෙයි....එයාට ඕන කරේ මගෙ 4to බලන්න...

Phone එක අතට ගත්ත වෙලාවෙ ඉදන් එයා කරේ කටර් එක වගේ කියවපු එක...

"මේ බලන්නකො රූ...."

"ඇයි...."

"හරි හුරතල්....මේ ඔයාමද..."

"නැතුව අනේ...."

"අනේ මම මේක මගෙ phone එකට යවාගන්නද...."

"ඔය පොඩි කාලේ 4to මොනවා කරන්නද තුශ්..."

"නොදැකපු ඒ කාලේ මම මෙහෙම හරි දකින්න ඕනෙ නැද්ද රූ....බලපන්කො ඒකෙ ලස්සන...පුංචි හිම බෝලයක් වගේ...මට ලෝබයි බං....මම මේක පරිස්සමට මම ලගින්ම තියාගන්නවා..."

"ඔය වගේ පොඩි දේකට ඔය තරම් ආදරේ කරන්නෙ කොහොමද තුශ්...."

"ආදරේ කියන්නෙ මොකක්ද රූ...."

"තේරුනේ නෑ...."

"හරි මට මේක කියන්නකො ඔයා ආදරේ විදිහට දකින්නෙ මොකක්ද...."

"මට උබව ලැබුණ එක....මගේ විදිහට ආදරේ කියන්නෙම උබට මගෙ තුශ්...."

ඒ කතාව අහපු එයා මාත් එක්ක එදා හරි ලස්සනට හිනාවුණා....හැබැයි ආයෙම කතා කරන්න අමතක කරෙත් නෑ....

"උබ දන්නවද රූ....සමහරදාට උබත් මගෙ නින්ද හොරකම් කරා....ඒ රැයවල් මම ගෙව්වෙ හරි අමාරුවෙන් රූ....ඇස් පියාගෙන තප්පරයක් යන්න නෑ උබ මා එක්ක හිනා වෙනවා....අනේ ඔහොම කරන්න එපා කියලා මම නින්දෙන්ම මුමුණනවා....ඉවසන්න බැරිම උන දාක නිදි පෙත්තක් බඩට දාගත්තෙ කාටත් හොරාවට....බලන් යද්දි මම මාවත් රවට්ටලා උබවත් රිද්දලා.....නොදැනිම මටත් රිද්දගෙන...නේද මගෙ රූ...."

"නිදි පෙති බීවා....මොකක්ද උබ ඒ කීවේ...."

"බනින්න එපා...."

"බනින්න නෙවෙයි වටින්නෙ හම ගහන්න..."

"ඉතින් තිබුණෙ නැද්ද මට කලින් ඉස්සර වෙන්න..."

"නවත්තන්න තුශ්....ඔයා හරි මුරණ්ඩුයි..."

"උබ වගේ..."

"හිනාවෙන්න එපා...."

"නැහැ නැහැ....කෝ මට ඕක දෙන්න..."

"දැන් ඇති නැද්ද...."

"ඇති වෙන්න තිබුණා උබ ඒ දවස්වලත් හුරතල් නොවෙන්න....කෝ ඕක දෙන්නකො රූ....ලෝබ හිතෙන තප්පර උදුරගන්න නරකයි..."

"මටද ඔය රවන්නෙ..."

"මම රැව්වෙ නෑ...."

"ම්ම්...."

එදයි මම තේරුම්ගත්තෙ....

තුශ් තරම් ආදරේ කරන්න....ඇත්තටම මට බෑ....

.

.

.

.

.

.

.

.

.

.

.

.

මම හිටියෙ කැන්ටින් එකෙන් එලියෙ....තුශ්ගෙම ලෝකෙ තනිවෙලා හිටපු මම හරි සිහියට ආවේ නලලට දැනුන සීතලක් නිසා වෙද්දි මම කරේ ඒ තප්පරේම ඒ දිහාවට ඇස් අරන් ගිය එක...

ආයෙම,

"පිස්සු හැදිලද...."

"තමුසෙට සනීප නැද්ද...."

ඉතින් ඕක මුලින්ම අහන්න බැරිවුණාද....හේතු හොය හොය අතපත ගාන්න එනවා...ඇත්තටම හිසරදයක්....

වෙන කවුද ගවිදු මිසක්....

කොහෙන් මතුවුණාද....කවුද දන්නෙ....

"ඇයි පහුගිය දවස් දෙකේ ඉස්කෝලෙ නාවේ..."

"ඒකෙන් තමුසෙට වැඩක් නෑනේ..."

"අහංකාරකම...."

".............."

"මොකද කට වැහුනද....."

"වැඩකට නැත්තන් ඇයි මම කතා කරන්නෙ...ඇත්තටම මගෙ වචනත් අපරාදේ..."

"රුහාන්....රුහාන්....රුහාන්...."

"ඇයි...."

"උබ ඔය මගෙ ඉවසීම චෙක් කරනවද...."

"මට වෙන වැඩ නෑ කියලා හිතුවද...."

"මම ආසම උබේ ඔය ගතියට..."

"හහ්...."

"මම ලගදි මුරණ්ඩුකම් කරන්න එපා රුහාන්....

මගෙ ඉවසීම මටම පාලනයක් නෑ...."

ඔය වචන....ඇත්තටම මට හරි පිළිකුල්....තුශ්ගෙන් එහා වෙන බැල්මක්වත් නොපතපු මටම ඇයි මෙහෙම වෙන්නෙ....

ඇයි උබට බැරි මගෙ පස්සෙන් නෑවිත් ඉන්න...ඔය ඕනෙ තරම් කොල්ලො ඉන්නෙ...ඉතින් ඇයි මමම...

මට තේරෙන්නෙ නෑ...මම දන්නෙත් නෑ....

හැබැයි මම එක දෙයක් දන්නවා....ඒ තමයි මගෙ කිසිම ප්‍රශ්නෙකට ගවිදුගෙන් හරි උත්තරයක් නෑ කියන එක...

මම ඇහුවොත්...

"ඇයි මගෙ පස්සෙන් එන්නෙ...."

කියලා....එයා කියයි...

"මම දන්නෙ නෑ...."

කියලා...

ඉතින් එකම දේ අහලා වැඩක් වෙයිද....කොහෙත්ම නෑ...

ඒ එක්කම වගේ ගවිදුගෙ අතක් මගෙ උරහිසක් උඩ නතරවුණේ පපුවට බර වචන ගොන්නකුත් එක්මයි....

"මට නැත්තන් උටත් නෑ තමයි රුහාන්...."

ඒ වචන කොච්චර මගෙ පපුව ගැස්සුවද කීවොත් තුශ්ගෙ හිනාව ඇදිලා මැකිලා ගියෙ හරි ඉක්මනට...

හැබැයි එතකොටම වගේ....

"හිතන්නවත් එපා...."

"තුශ්...."

"නෙතුශ්...."

"උබ තාම මම ගැන හරියට දන්නෙ නෑ ගවිදු....මූව අල්ලපු ඔය අත් පරිස්සම් කරගනින් මොකද,මම ඒ තරම් හොද මිනිහෙක් නෙවෙයි....විශේෂයෙන් මගෙ දේවල් ලගදි....තව දෙයක්...."

"මොකක්ද...."

"මට නැත්තන් උටත් නෑ නෙවෙයි...මගෙන් පිට වෙන එකෙකුටවත් නෑ....අන්න ඒක මතක තියාගනින්...."

"නෙතුශ්!......"

"පරිස්සමින්....මතකනෙ,මම ඒ තරම් හොද මිනිහෙක් නෙවෙයි....මම ආයෙම කියනවා,මරන්න තරම් මට කේන්ති...."

"දෙයියනේ තුශ්...."

"උබත් කට වහගෙන වරෙන් රූ...ඔහ් වැරදුනා...මගෙ රූ...."

එයා...එයා කොහොමද එහෙම....කිසිම හදිස්සියක් නැතුව හරි තදේට ගවිදු එක්ක කතාවට පැටලුන එයාම මගෙ රූ කියලා මාවත් ඇදන් එතනින් එන්න ආවේ අරූ බයවෙලා වගේ අපි දිහා බලන් ඉද්දි....

ඇත්තටම ඒ බය සාධාරණයි...

මොකද,

තුශ්ගෙ වචන....ඇත්තටම හරි දරුණුයි....

සත්තයි,

මරන්න තරම් කේන්තියක් ඒක....

මට එක දෙයක් හොදටම විශ්වාසයි....

උගෙ 'පින්න මල' මම නම්,මම ඌ ලග නොසෑහෙන්න පරිස්සම්...

හැමදාටම...හැම තප්පරේකම....

උගෙ ආදරේ....ඒක මට අද ඕනවටත් වඩා දැනුනා....

______________________

මම යනෝ බායි බායි....පරිස්සමින් ඉන්න ආදරෙයි 😚❤❤❤

Good night 😴🌙⭐

@Diyana_45 🖊mention a user

Share This Chapter