Back
/ 25
Chapter 18

17 වන පරිච්ඡේදය 👁

උමතු ඇස්💓👁 (COMPLETED)✅

අලුත් දවසක් අලුත් ආරම්භයක්....කවදාවත් නොවුන තරම් ලොකු සැනසීමක්...

පැය කට්ට හත ලගින් නතරවුණා විතරයි....ඉතින් අද නිවාඩු දවසක්...වෙනදට ඔය වගේ දවසක් කියන්නෙම තනිකමක්....ගෙවාගන්න බැරි තරම් ලොකු පාලුවක්...

හ්ම්....

මට තමයි....

ඒත් අද....

ජීවිතේ මම ලබන ලොකුම සතුටක්....ඔයාලා බැලුවද ඒ ඇයි කියලා...

ඉන්න මම කියන්නම්....

' මතකද දවසක් මම තුශ් එක්ක එලියට යන්න හැදුවා....හැබැයි ඒ එයා මට අයිති නැති කාලේ...එයා එදා සනුලි ගැන කියද්දි මගෙ පපුව ගැලවිලා යන්න තරම් ඇදුම් දුන්නා...ඔයාලට මතක ඇති...අමතක වෙන්න විදිහක් නෑනේ....

ඒත් ඊයෙ රෑ තුශ් කතා කරපු වෙලේ එයා මගෙන් ඇහුවා...

"අපි හෙට එලියට යමුද...."

කියලා...අනේ ඒ වචන....මම ඔය වචන අහන්න මොන තරම් පෙරුම් පිරුවද....

දැනුනත් හිතට සහනයක් කොහොමද මම අමතක කරන්නෙ ඒ අතීතේ....ආදරේකට නොවුනත් ඒ අත් කාලයක් එකට පැටලුනා...හැගීමක් නොවුනත් ඒ තොල් මගෙ තුශ්ගෙ නලල උඩ හරි ලස්සනට රටා මැව්වා...

ඊරිසියයි....ඔව් ඇත්තටම මට ඊරිසියයි...ඊරිසියාවත් එක්කම හිත අස්සට කඩන් පැන්නෙ දුකක් වෙනකොට බර හුස්මක් පිට පැන්නෙ ඉබේටමයි....

කදුලු කැට දෙක තුනකුත් හරි හොරාවට කම්මුල් දිගේ පල්ලම් බැස්සා....

"හ්ම්....."

ඒත් එයා....

"රූ....පපුවට බර හුස්ම අල්ලන්නෙ ඇයි ඔය...."

මගෙ හුස්මක වෙනසත් අදුරගත් එයාට මම බොරු කියන්නද....

ඇත්තටම මට බෑ....

ඉතින් මම ඇත්තම කියන්නම්...

"මට ඊරිසියයි...."

"ඇයි...."

"උබ එක්ක එලියට යන්න....අනේ මම මොන තරම් හීන මැව්වද තුශ්....ආසාවෙන් උන්න හැමදාකම සනුලිව ඇදලා ගත්තෙ ඇයි බං...මට...මට ඊරිසියයි තුශ්....උබේ රූට නොසෑහෙන්න ඊරිසියයි...."

නොදැන උනත් ඉකි දෙක තුනක් හරි හිමීට මගෙත් කන වැටුණෙ පපුවට ටොන් ගානක දුකක් වාත්තු කරලමයි....

මගෙ තුශ්....අනේ ඒකා ඉකිගහනවා....

'ආයෙම ඇයි වස්තු....ආයෙම ඇයි ඔය අඩන්නෙ...මම උබේ ඔය හිත රිද්දුවාවත්ද....

වචනයක්වත් කියපන් මගෙ තුශ්....මුකුත් නොකියා ඉන්නෙ ඇයි ඔය....රිදෙනවනෙ...උබේ රූට නොසෑහෙන්න රිදෙනවනෙ...'

කියන්න හිතුනත් එහෙම,කෝ මගෙ වචන...මටත් කලින්ම උන් ගොලුවෙලා ගිහින්නෙ...

ඒත් තුශ්,

"රිද්දන්න එපානෙ රූ....ඔය වචනවලින් මට රිද්දන්න එපානෙ....අමතක කරන්න දීපන්කො බං....නොදැන කරපු වැරදි හිතේ තියන් විදවන්නෙ ඇයි දෙයියනේ....මේ අහපන්කො රූ....අනේ මේ අහපන්කො රත්තරන්...."

'රත්තරන්...'

කදුලු අස්සෙත් ආදරේ මුමුණකොට කොහොම නම් ආපිට දෙයක් කියන්නද....

'රිද්දන්න එපානෙ රූ...'

කිය කිය ඉකිගහද්දි තවත් ඔය මතක ඕනෙ නෑ කියන්න හැදුවත් එයා කීවේ අහපන්කො රත්තරන් කියලා වෙද්දි අනේ මගෙ ඇසුත් කදුලු හැලුවා....

ආදරෙයි නේද....උබ මට නොසෑහෙන්න ආදරෙයි නේද....දැනෙනවා...ඔය වචන...ඔය ඉකි....අනේ ඕවා මම වෙනුවෙන් නේද...

ඉතින් කියපන් වස්තු...මට පුලුවනි අහන් ඉන්න....

"මම උබට පපුව පුරවලම ආදරේ කරන්නම්...උබ වෙනුවෙන් නොමැරි උනත් මැරෙන්නම්...අනේ ඔය වචන අමතක කරපන්...මම උබට ඉන්නවනෙ රූ...මම උබට ඉන්නවනෙ....ලගට ගත්ත තප්පර විනාශ වෙන්න දෙන්න නරකයි රූ....ඉතින් කියපන්...මා එක්ක තරහා නෑ නේද...ආ...කියපන්කො රූ...මා එක්ක තරහා නෑ නේද...මම...මම ආදරෙයි රූ....මේ තුශ් උබට නොසෑහෙන්න ආදරෙයි...."

"ආදරේ ලස්සනයි....ඊරිසියාව පිට පැන්නම තවත් ලස්සනයි...ඒ නිසා අඩන්න එපා හරිද...උබේ කදුලු දරන්න හයියක් මට නෑ තුශ්....උබ මගේ නිසානේ ඊරිසයා හිතුනෙ...කෝ ඔය කදුලු පිහදගන්න..."

"හරි නරකයි...."

"මමද...."

"නැතුව...."

"ම්ම්...මම නරකයි තමයි...හැබැයි උබට විතරයි..."

"ලග නැති උනත් ඇයි මට ලෝබ හිතෙන්නෙ..."

"ආදරේ හැටි එහෙම තමයි තුශ්....."

"ලස්සන හැගීමක්..."

"දන්නවා.....තුශ්...."

"ඇයි...."

"සමාවෙන්න....ආයෙ කවදාවත් ඔය ඇස් අඩවන්නෙ නෑ....පොරොන්දු වෙන්නෙ නෑ...හැබැයි විශ්වාස කරන්න...."

"කමක් නෑ රූ.....ඒක නෙවෙයි හෙට එනවා නේද...."

"නෑවිත් කොහොමද...."

"උදේ අපේ ගෙදරට එන්න...."

"හරි...."

ඉතින් දැනගත්තද...

මගෙ සතුටට...මගෙ සැනසීමට එකම හේතුව...

ඔව් ඒ මගෙ තුශ්....

මම අද එයා එක්ක එලියට යනවා...මේ පලවෙනි වතාව....ඉස්කෝලෙන් පිට එයා එක්ක ඇවිදින්න යන....එයා කීවේ කෙලින්ම එයාලගෙ ගෙදරට එන්න කියලා වෙද්දි මමත් කරේ තප්පරේට දෙකට ලෑස්ති උන එක...

මොකද,

වටිනම තප්පර නාස්ති කරගන්න නරකයි...කොයිම වෙලාවකවත්...

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

"හෙලෝ තුශ්...."

"ඕඕ..."

"කොහෙද අනේ ඉන්නෙ මම දැන් කීයෙ ඉදන්ද දොර ලග හිටන් ඉන්නෙ....බලනවා මම කෝල් කීයක් ගත්තද ඇයි ආන්ස්වර් නොකරෙ..."

"සොරි සොරි අනේ මම wash දාන්න ගියා..."

"ඇවිත් මේ දොර අරින්නකො...."

"දොර ලොක් කරලා නෑ බං...."

"හහ්...."

"පිටි මුට්ටෙ තිබ්බා වගේ හිටන් නොයිද ඕක ඇරලා බලන්න තිබුණා නේද...."

"අනේ මේ..."

දැක්කද කියපු කතාව....වෙලාවකට තුශ් මහ නරකයි....පිටි මුට්ටෙ කියපු ලස්සන විතරක්...එයා ඔහොම තමයි...සමහරදාට රටේ ලෝකෙ නැති නම් කියනවා...

මම අහපුවාම...

"ඇයි ඔය..."

කියලා....එයා කියන්නෙම...

"ආදරේටනෙ රූ....ඔය බලන්නකො ඉතින් ඒ ටිකට මූණත් රතු කරන්..."

කියලා වෙද්දි මගෙත් හිත නිවෙන්නෙ තප්පරේට....

මහ පුදුම කෝලමක් ඒක....

ඒ උනාට මම ආසයි....

හ්ම්....දැන් ඒකෙන් වැඩක් නෑ...මම ඇතුලට යන්න ඕනෙ....විනාඩි දහයක් තිස්සෙ මම හිටගෙන...වෙන කොහෙද ඉතින් තුශ්ලගෙ ගෙදර ඉස්සරහ මිසක්...

' අද එයාලගෙ අම්මලා කොහෙද යනවා කීවා...කොහෙද කින්ද මන්ද...අනේ මම ඕවා අහන්න ගියෙ නෑ....තුශ්ටයි මටයිත් එන්න කියලා බලකරාට අපි දෙන්නම බෑ කීවා වෙද්දි අපි දෙන්නවම ගෙදර තියලා එයාලා යන්න ගිහින් තිබුණා...මම නම් තුශ්ට කීවා අපි දෙන්නත් යමු කියලා...කොහෙද ඉතින් මෙයාගෙත් පණ්ඩිතකමනෙ...ගත් කටටම..

"උබවත් මමවත් කොහෙවත් යන්නෙ නෑ...අනේ එදාට මගෙ ලගින් හිටපන්කො රූ..."

කීවා වෙද්දි මටත් කරකියා ගන්න දෙයක් නැති උනා...ඇත්තටම හිත යටින් මමත් නොසෑහෙන්න සතුටු උනා....

ආදරේ කරන කෙනා ලග ගෙවෙන ආදරණීයම හෝරා....

ඉතින් කවුද අකමැති වෙන්නෙ....'

.

.

.

.

.

විනාඩි පහක් යන්න නෑ මම හිටියෙ එයාගෙ කාමරේ ලග...මට නුපුරුදු තැනක් නොවුනත් අද අමුතු ලැජ්ජාවක් මගෙ මුලු හිතම වහගෙන තිබුණා....

ඇයි ඒ?...

අනේ මම දන්නෙ නෑ...

සමහරවිට එයා මට ආදරෙයි කියපු ඒ දවසින් පස්සෙ මෙහෙම ආපු පලවෙනි වතාව නිසා වෙන්න ඇති...

' හිතත් වෙලාවකට මහ වදයක්...මොකට ඔච්චර වෙස් මාරු කරනවද මන්ද...විකාර...වෙලාවකට ඌවත් නොදන්න හේතුවලට නොසෑහෙන්න රිද්දගන්නවා....තවත් වෙලාවකට ඇස් වලටත් අඩපන් කියලා බල කරනවා....ඒකට දැන්...කොහෙ තිබුණ ලැජ්ජාවක්ද ඔය එලියට දාන්න හදන්නෙ...

අනේ කවුද දන්නෙ....

හිතන්න නරකයි....'

මම කරේ මගෙම ඔලුව දෙපැත්තට ගසන් කාමරේ දොර ඇරපු එක...

"තු....තුශ්...."

සත්තයි මගෙ හුස්මත් හිරවුණා....මගෙ අත කෙලින්ම නතරවෙලා තිබුණෙ මගෙම පපුව උඩ වෙද්දි මගෙ ඇස්වලටත් නිවනක් නැතුව ගියා....

' මගෙ දෙයියනේ කොහෙන්ද ඔය තරම් ලස්සනයක්....පිටට නොපෙනුන ඔය පපුව ඔය තරම්ම ලස්සන උනේ කොහොමද මගෙ තුශ්...'

දන්නවද...

එයා හිටියෙ ශෝටක් විතරක් ඇදගෙන...උඩට කිසිම දෙයක් නෑ....අපි මොන තරම් කල් එකට හිටියද...ඒත් මේ තමයි පලවෙනි වතාව...මම එයාව මෙහෙම දැක්ක...

පුදුමයි නේද...

මාස ගානක් හොදම යාළුවෝ වෙලත් මේ තරම් දෙයක්වත් නොදැක හිටියා කීවම...ඉතින් ඇත්ත ඒකනම් මට විතරක් නෙවෙයි, ඔයාලටත් ඒක පිලිගන්නම වෙනවා....

හැබැයි තුශ්....එයා ඕන තරම් මාව ඔහොම දැකලා ඇති...මතකද මම කීවා....

ඒ හැමදාකම තුශ් මගෙන් ඒ ඇස් හැංගුවා කියලා....

ඉතින් මමත් කරේ ඒ දේමයි..

වරු ගනන් බලන් ඉන්න පුලුවන් ඒ පපුවෙන් මගෙ ඇස් පිට පැන්නෙ මටත් හොරාවට...අයිතිය මගෙ...ඇත්ත...

ඒත් මට නුපුරුදු ඔය හැගීම කොහොම නම් විදගන්නද...

ගැහෙන මගෙ පපුව උඩින් තාමත් මගෙ අත නතර වෙලා....

හරි ඉක්මන් ගැස්මක් ඒක....පපුවත් ගැලවිලා යයිද මන්ද...

' උබටත් දරන්න අමාරු ඔය හැගීම මම කියලා කොහොම නම් විදගන්නද....ලස්සනයි...ඇත්තටම උබ ලස්සනයි...මට ඕනෙ නෑ වචන ගලපන්න...මොකද උබ හැම අතින්ම ලස්සනයි...

කවදාවත් මම ඔයාලට තුශ් ගැන කියලා නැතුව ඇති....

අද මම කියන්න....තප්පරයක් ඉන්න...

ඇස් දෙක පියාගන්නකන්....නැත්තන් මටත් නොදැනිම මම පිට යාවි....ස්ථීරයි...

එයාට තිබුණෙ හරි ඝණකම් ඇහි බැමි දෙකක්...නපුරුකමටද මන්ද ඒවත් හරි අපූරුවට එකටම යාවෙලා ගිහින් තිබුණා...බලන්නත් ලෝබයි...

දන්නවද..හිනාවෙනකොට වල ගැහෙන කම්මුල් දෙකක් වෙනුවට එක කම්මුලක් විතරක් වලගැහුනෙ හරි ලස්සනකට...කුමාරවරුත් පරාදයි එයාගෙ ඔය හිනාවට....හිනාව අස්සෙන් පිටට පේන ඒ නල දත....වචනෙ පරිසමාප්ත අර්ථයෙන් තුශ් කියන්නෙම වශියක්....කවදාවත්ම ගැලවෙන්න බැරි විදිහට මාව කොටු කරගත්ත නිමක් නොපෙනෙන වශියක්....

එයා මට වඩා උසයි....ගොඩක්ම නැතත් එයා උසයි...

ඔයිට වඩා විස්තර කරන්න බෑ මට...එයා අයිති මට නම් මොකටද ඔය හැටි විස්තර...

ඒ රූපය හිත අස්සට කඩන් ගියෙ නොහිතුව ඉක්මනකට වෙද්දි මට දැනුනා මගෙ ඇස් වැහිලත් හිනාව අයදිනවා....

නෑ...ඇත්තටම මම හිනාවුණා....දේව රූපයක් හිතේ ඇදෙද්දි හීනියට උනත් හිනාවුණ මම වැරදිද....

මම හිතන්නෙ නෑ....

.

.

.

"රාමුවකට ගන්න දෙනවදෝ ඔය හිනාව..."

"හහ්...."

ඇස් වහන් හිටිය මගෙ කම්මුලක් උඩින් දැනටමත් ඒ අත් නතර වෙලා ගිහින්...

ඒ වෙලත් එයා කියපු ඒ වචන....ඇයි ඒ...නෑ මම අහන්නෙ ඇයි එයා එහෙම දෙයක් කීවේ...නොතේරුන් කමට ආපිට ඇහුවත්, එතනින් එහාට උනේම මම නොහිතපු කතා බහක්...

හැබැයි ආදරණීයයි....

පුදුම තරම් ආදරණීයයි...

මම ඒ ගැන නොකියා ඉන්නම්...මොකද, කියනවට වඩා අහලා දැනගන්න එක තදින්ම හිතට දැනේවි...

මට වගේම ඔයාලටත්....ඉතින් අහගන්න...

"ඒක සිංදුවක්..."

"ඒක ඇයි මෙතනට..."

"ඉතින් මම වෙන මොනවනම් කියලා කියන්නද රූ...."

"ඇයි...."

"ඇස් වහන් හිනාවුණේ ලැජ්ජා හිතුන නිසා නෙවෙයිද..."

මම කරේ වචනවලින් උත්තර දෙනවා වෙනුවට ඔලුව විතරක් හොලවලා ඔව් කියපු එක වෙද්දි එයා කරේ මගෙ අතින් අල්ලන් එයාගෙම මේසෙ කිට්ටුවට ගිය එක...

ඇයි කියලා බැලුවද....ඉවසන් බලන් ඉන්න...

"උබේ ඔය හිනාව පපුවටත් හරි බරයි රූ...කන තිබ්බොත් දැනේවි උබටත්...එහෙව් හිනාවක් සදහටම මතක තියාගන්න රාමුවකට ගත්තත් මට මදිවෙයි....ඒත් උත්සාහ කරන්නම්...හිතේ ඇදගන්නත් පුලුවනි..හැබැයි ඒත් මට මදිනම්...."

"ඔච්චර හිතන්න එපා තුශ්....හිනාවක් රාමුවකට ගන්න...ඒක කොහොම කරන්නද..."

"කෝ ඇස් වහගන්න රූ...."

"ආයෙම...."

"ඔව්.....ඔය ඉතින්...අනේ වහගන්නකො රූ...."

පපුවට බර වචන ගොන්නක් එක පිට එක අත ඇරපු එයා ආයෙම මට ඇස් වහගන්නලු...

ඔච්චර ආදරේ කරන්න එපා කියන්න හිතුනත් මගෙ හිතත් දුවන්නෙම ඒ ආදරේ පස්සෙන් වෙද්දි අදත් මම නිහඬ උනා...

.

.

.

.

එයා කියපු නිසා ආයෙම වතාවක් මගෙ ඇස් පියවිලා ගියෙ ඒ තප්පරේම මගෙ අත් උඩින් මොනවම හරි දෙයක් තදවෙද්දි....

මොනවද ඒ...

"ඇස් ඇරලා බලන්න...."

"තු...තුශ්...ඒක...අනේ ඒක ලස්සනයිනෙ තුශ්...මේකද...මේකද ඔය නොකියා කියන්න හැදුවෙ..."

"ලස්සන දේ කවදත් ලස්සනයි...මින් මත්තට ඔය හිනාව මගෙ හිත වගේම මගේ මේ කාමරෙත් ලස්සන කරාවී...."

ඒක හරි ලස්සන පින්තූරයක්....වෙන කාගෙද මගෙ මිසක්...

"රාමුවකට ගන්න දෙනවදෝ ඔය හිනාව..."

ඒවා නිකන්ම නිකන් වචන නෙවෙයි....

මොකද,මගෙ තුශ් හරි පරිස්සමට මගෙ හිනාව රාමුවකට අරගෙන තිබුණා....

දවසක් අහම්බෙන් වැදුණ හරි චාම් පින්තූරක්...එයා ඒක frame කරගෙන...

'කොහොමද ඔය තරම්ම මට ආදරේ කරන්නෙ..'හිතට සීමා නොකර අහන්නම ඕනෙ....

ඉතින්,

"ඇයි...ඇයි මට ඔය තරම් ආදරේ කරන්නෙ..."

"ආදරේ කරද්දි හේතු අහන්න නරකයි...මම ආදරෙයි...මම උබට පනටත් වඩා ආදරෙයි...ඉතින් ඔච්චර හිතන්න ඕනෙ නෑනේ රූ...."

"උබ ඔය අඩනවද...."

"කවදාවත් හිතුවෙ නෑ...."

"මොනවද...."

"තනිවුණ මගෙ හිතට දරාගන්න බැරි තරම් ආදරේ කරයි කියලා..."

"අනේ රූ...."

_______________________________________

හෙට පොඩ්ඩක් විශේෂයි හරිද...මේ නවත්තපු තැනින්ම තමයි පටන් ගන්නෙ 😁

දැනට මම යනෝ....බායි බායි...පරිස්සමින් ඉන්න..ආදරෙයි 😚❤❤❤

Good night 😴🌙⭐

@Diyana_45 🖊mention a user

Share This Chapter